යටත් බ්ලොග්කරණය…නව යටත් බ්ලොග්කරණය නොහොත් වරෙව් මහතුනේ කුණු කය වලඳන්න!!!

යටත් විජිතකරණය සහ නව යටත් විජිතකරණය යනු කුමක්දැයි බොහෝ දෙනා දන්නා කරුණක් බව මම සිතමි. මේ ලිපිය සමහරුන්ගේ සිත රිදීමකට භාජනය විය හැකි මුත් මම එය මෙසේම ලියා තබන්නේයයි සිතා ගතිමි. පළමුව මේ ගීතයට සවන් දෙන්න.

පද රචනය…පූර්ණ ජයශ්‍රී
ගායනය…..ප්‍රදීපා ධර්මදාස
සංගීතය….රෝහණ වීරසිංහ

කණට කොහොඹ මිරිකුවත් මම ඇත්ත ලියන්නට පසුබට නොවෙ

Posted in Uncategorized | 51 Comments

ගෝනියේ සියඹලා තිබුණෙම නැද්ද?

නෙළුම් යායේ නෙළුම් තිබුනෙම නැද්ද කියා අහනවාට වඩා, සියඹලා ගැන ඇහුවේ, හොද්දට සියඹලා නැතීවුණොත් අප්සට් නිසාමය. නැත්නම් අහන්නේ නෙළුම් පිපුනේම නැද්ද කියා විය යුතුය. යාන්තමින් හෝ වෙලාවක් තියෙන්නේ බොග දාන එවුන් දිහා බලන් ඉන්නවා මිස, බොග දැමීමට නොවේ. බොග නොදැමීමත් මාරාන්තිකය. බොග නොදමන පුකක් මොකටද කියාත් සිතේ. නමුත් කාලය බොග දැමීමටවත් ඉඩ නොදේ.

ඒ මක්ක වුණත්, පහුගිය ටිකේ නෙළුම් යාය නිසාම බොග දාපු හැම බොගක්ම කියෙව්වෙමි. ඒ හැම බොගකම ගඳ සහ සුවඳ අඩු වැඩි වශයෙන් දැක්ක නිසා, අරූටත් බොග චාජ් විය. නෙළුම් යායත් බොග දැමීමට උත්තේජනයක් වීම සතුටකි.

කියවන්නට හැකිවූ සමහරක් පෝස්ට් ඉතාම සාධනීය කරුණු මතුකර තිබුණේ constructive මනසකින් යැයි හිතමි. එය එසේ ලිවිය යුතුමය. සමහරක් කාරණා නම් තමන්ගේ පෞද්ගලික උවමනා යටපත් වීම නිසාම ලියවුණා දැයි සිතේ. ඒ මනුෂ්‍ය ස්වභාවයයි. එසේ ලිවීමත් ඉතා වැදගත් යැයි මම සිතමි. පුරවැසි මාධ්‍යකරනය යනු එයම බව මම නැවතත් පසක් කර ගන්නෙමි. බ්ලොග්ස් යනු කාගේවත් උවමනාවට ලියවෙන භාවිතාවක් නොවන බව අපි දන්නා නිසා, ඒ භාවිතාව කෙසේ විය යුතුදැයි නැවත ලිවිය යුතු නොවේ. ඒ ගැන අවශ්‍ය නම් බ්ලොග් ඔස්තාර්ලාට ලියා තැබිය හැක. මම නම් අලුත රෙන්න නැත්නම් බොග දාන්න පටන් ගත්ත එකෙක් නිසා පරවේණි උරුමකම් නැත. බොගට ලයිසන් හෝ ඔප්පු තිරප්පු නැති බව හිතා ගැනීම වටී. ඒ නිසාම ලංකා නිව්ස් වෙබ් ප්‍රමුඛ ලෝටස් යාය හෙළා දැකීම සිදුකළ යුතු නොවේ. ඔවුන්ව දිරිමත් කරන්න. ඒ බොග දාන එවුන්ට සහ බොග දැමීමට බලන් ඉන්න එවුන්ට අත්වැලක් වීම නියත නිසාවෙනි.

වැරදීම් ඇති බව කිව යුතු නොවේ. ඒවා නිවැරදි කිරීම සහ වැරදි පෙන්වාදීම අගය කිරීම සංවිධායකයින් සතුය. අජියා ඒ සිදුකරමින් යන බව ඉතාමත්ම පැහැදිලිය. නමුත් අජියා, චමින්ද ඇතුළු ඒ කංඩායම අවතක්සේරුවට ලක්කිරීම දරාගත නොහැක්කේ, ඔවුන් දැරු ඒ වෙහෙස මා පෞද්ගලිකවම දුටු බැවිනි. විනිශ්චයන් සම්බන්ධව ගැටලු ඇත. ඒවා නිවැරදි වීම ඉදිරියේ සිදුවේ යැයි අපේක්ෂා කරමි. අජියාට වැරදුණේ සංවිධාන අපහසුතා මිස, චේතනාවේ වැරැද්දක් නිසා නොවන බව ලියා තැබිය යුතුය. උන්ගේ කංඩායම කාපු කට්ට මම දන්නෙමි.

කමියා ලියා තිබුණා සේ නොව, අරූ මේ වෙනුවෙන් කල දායකත්වය ඉතාම, ඉතාම, ඉතාම අල්පය. මම ඒ ගැන මගේ පශ්චත්තාපය නෙළුම් යායට, නිර්ව්‍යාජව ඉදිරිපත් කරන්නෙමි. උඹලා සොඳුරු මිනිසුන්ය. උඹලා මා වැනි අලසයින් නොවන බවත් දන්නෙමි. ලියන්නට බොහෝ දේ ඇත. වෙලාව රුදුරුය. නමුත් එක දෙයක් අවසාන වශයෙන් ලියමි. අලවත්තගේ පල රහිත දේශනාව, බොගටත් වඩා ගඳය. අල කුණුවුණාම එන්නෙත් ඔය ගඳය. අලවත්තලා ලියන දෙයක් ලියාගෙන පාඩුවේ හිටියාට වරදක් නැත. බොග දාන හෙවත් රෙන මිනිසුන්ට රෙන්න කියාදීම හෙවත් බොග දැමීමට උපදෙස් මයික් කටා අර්ථයෙන් පැවසීම අවැසි නොවේ. අපි ලියන්නේ මුදලට නොව, කැමැත්තටය. කටින් බොග දැමීමයි, සයිබරයේ බොග දැමීමයි එකක් නොව දෙකකි.

බොග් දාන එවුන්ගේ පුක් පළල් වේවා!! ඒ දෙන්නට නොව, රෙන්නට හෙවත් බොග දැමීමට බවත් මතක තිබේවා!!!

Posted in Uncategorized | 94 Comments

නිහඬ විප්ලවය සහ නිහඬවු මා……….

ආදරනීය මිතුරනි.
නිහඬ විප්ලවයක ප්‍රතිපල ආදරයෙන් දකින්නෙමි. විප්ලවයව නිහඬ යැයි කියනා නිසාම, මමද කටහඬ අවදි කරේ බ්ලොග් තුල නොව, එංගලන්තයේ සිට දුරකතනයෙනි. මම බොහෝ දේ කතා කලෙමි. මම සතුටුවන්නේ මා රට වෙනුවෙන් දැක්වූ දායකත්වයටය. කිසිදු පෞදගලික බලාපොරොත්තු මා සතු නොවීය. ඒ කාගේවත් පිට පැට නොවීම මා සතුය. ඉදිරිය තීරනාත්මකය!!! නමුත් මා නිදහස් මිනිසෙක් බව හැඟේ.

අට ඉවරය! හෙට අප වෙනුවෙන්ය!! හෙට අප වෙනුවෙන් කියන්නේ, මේ අට වෙනිදා නිදහස් කල අහිංසක රට වැසියා ගැනය. තව දුරටත් ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේ කෙසේද කියා, පෙරදා ලෙසින්ම බලා සිටින්නෙමි. අවස්තාවාදි මඩ ගොහොරුව තුල දඟලන මඩකරියන්ද, වැලි අස්සේ සැඟවෙන වැලි ගොව්වන්ගෙන්ද, ඔළුවේ ගූ ඇති ඉස්සන්ගේද බේරී සිටීම හැර, නිදහස් මතකයකින් හැසිරීම ලෙහෙසි පහසු නොවන බව මම වටහා ගත්තේ , නිදහස් යැයි කියනා බ්ලොග් ලෝකය තුලින්මය. ඒ මගේ ඇති පටු ආකල්පය නිසා යැයි කිසිවෙකු කිව හැක. නමුත් එය නිවැරදි නොවන නිසා මම නිහඬ වුනෙමි. මම බ්ලොග් ලෝකයට වඩා වෙනස් ආකරයකින් ඒ වෙනුවෙන් දායක වුනෙමි. මේ නිහඬ විප්ලවයට, ඉතා නිහඬව දායක වීමට ලැබීම මගේ පරම්පරාවේ මෙහෙවර ලෙස මම දකිමි.

මෙවන් ගමනකට ඉඩ පාදාදුන් සමස්ථ ජනතාවට මම සුබ පතන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ කෲර ඒකාධිපතියට විරුද්ධව හඬ නැගීම වෙනුවෙන්ම පමනි!!!නැවතත් මගේ ප්‍රණාමය!!

රාජකාරී කටයුතු නිසාවෙන් දැනට නිහඬ වෙනුමුත්, අදහස් තුලින් කිවයුතු වන්නේ, රට මොකාට ගියමුත්, ජනතා බලය, එක එකාගේ අතට පැවරීමට, අප සුදානම් නොවිය යුතුය බවය. මේ මෑතකදි පටන්ගත් හුටස්පර අළුත් රස්සාවෙන් පොඩි නිදහසක් ලැබුනු දවසක, මම අවුල් නොවී ඔබ හමුවන්නෙමි!!!!!

අවස්තාවාදයට තිත තබමු…..හැබෑ මිනිසා හඳුණාගමු…ඒ වෙනුවෙන් මඩකරි හිස් සහ බඩපිරි කුස් සහිත, නිවටයින්ගෙන් තොර ලෝකයක් සහ නිර්ව්‍යාජ බ්ලොග් ලෝකයකට සුභාසිරි!!!!!!!!!!

Posted in Uncategorized | 34 Comments

මඤ්ඤං සමාජවාදය

ලියන්නට තියා අදහසක්වත් දමන්නේ නැති යැයි හිතන මොහොතක, නිහඬව සිටීම වරදක් යැයි සිතු නිසා මේ සටහන ලියමි. පැහැදිලිවම මේ ඇතිවී තිබින්නේ ද්වන්ධ සටනකි. මේ සටන 1948 සිට මේ දක්වා පැවතුනු බව රහසක් නොවේ. මේ මැතිවරන ක්‍රියාකලාපය තුල (1948 සිට ) පෙනෙන්නට ඇත්තේ පක්ෂය සහ පක්ෂ නායකයා මූලික කරගත් මැතිවරන ව්‍යාපාර බව, මැතිවරන ඉතිහාසය දන්නෝ දණී.

වාමාංශික මූල බීජයන් සහිත පරිසරයක හැදි වැඩුණු මා වැන්නන්, වඩාත් ලිබරල් මානසික සිතුවිලි තුල යම් යම් අදහස් පලකරන්නේ, කන්නාඩි දෑසින් නොවන බවවත් හිතා ගත හැකිනම්, අප සියල්ලටම , නිවැරදි සංවාදයකට ගොඩ විය හැක. කන්නාඩි වෙනුවට, ඈත බලන උපකරන වඩාත් වැදගත් බව මම පෞද්ගලිකව හිතමි.

සමාජවාදය මඤ්ඤං යැයි හිතන්නට වැඩ සැලසුවේ කවුරුන්ද…..මෙය නිරන්තරයෙන් හිතට වද දෙන ගැටලුවකි. එදා යුරෝපයේ අධ්‍යාපනය ලත් උගත්, බුද්ධිමත් ලාංකික වාමංශික නායකයින් , ‘උපාධියත්’ සමග කොළඹට රැගෙන ආවේ, ලන්ඩනයේ එදා වඩාත් පහසුවෙන් ශිෂ්‍ය ප්‍රජාව වැලඳගත් මාක්ස්වාදි අදහස් සහිත චින්තනයන්ය. ඒ ඒදා තිබු පරිසරය සහ දේශපාලන වටපිටාවය. එය වැරදියයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් 1948න් පසු ඒ හා බැඳුනු සමාජවාදි චින්තනයන්ගේ, අතුරුපල , 2015 බැලට් පේපර් එක දිහා බැලූවිට , සමාජවාදය ගොඩ නගන්නට, බොක්කෙන් සහ බොක්කට යටින් ඇති අරමුදල් ගැන හිතන ,මඤ්ඤං වාමංශිකයන්ගේ කෙරුවාවල් දෙස නිරීක්ෂනය කෙරුවීට පැහැදිලිවේ. මම සමාජවාදය පිලුකුල් කරන්නෙක් නොවේ. නමත් සමාජවාදය ගැන ලියන්නට පෙර, ඒකාධිපතිත්වය එක් පොරෝ පහරඉන් කපා දැමිය යුතු යැයි සිතන කුඩා මිනිසෙකි.

මේ වනවිට එක්සත් සමාජවාදි පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරියත්, පෙරටුගාමින් වෙනුවෙන් දුමින්ද නාගමුවත්, නව සමසමාජ පක්ෂය වෙනුවෙන් සුන්දරම් මහේන්ද්‍රනුත්, සමාජවාදි සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධනත් නාමයෝජනා බාරදි අවසන්ය. තවත් නාමික සමාජවාදින් ඔය තුල ඇති යැයි සිතමි. මේ දියාරු සමාජවාදය තවදුරටත් පවත්වාගත හැක්කේ කෙලෙසෙද? නොයෙකුත් න්‍යායික මත ගැටුම් තුලින් පොදු වමක් ගොඩ නගා ගැනීමට බැරි මෙවන් මිනිසුන්, හුදු පොතේ ගුරු අවස්ථාවාදි ප්‍රචාරක සටන් ගෙනයමින් පවති. එකෙක් පොදු වමේ අපේක්ෂකයා යැයි කියනාවිට, තවකෙක් තව න්‍යායික කාරනයක් මත ඔහු පොදු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. රටක හෝ සමාජයක පොදු යැයි කිවහැක්කේ, එක් නිශ්චිත කාරනයකට ගොනු වීම තුල පමනි. මා දකිනා ‘පොදු’ අරමුන වන්නේ, ඒකාධිපතිත්වය සහ රජ මානසිකත්වය පැරදවීම යන අරමුණ මිස අන් කිසිවක් නොවේ. පරාජය කල යුත්තේ සහ බිය නොවිය යුත්තේ ඒ අරමුන වෙනුවෙනි.

ලියන්නට සහ කියන්නට බොහෝ දේ ඇත. අද දවසේ ප්‍රවෘත්ති තුලින්, හෙට දවසේ බ්ලොග් ලියනවානම්, එය වාර්තාකරනයක් මිස, බ්ලොග් ලිවීමක් යැයි මම නොසිතමි. මගේ අදහස වැරදි විය හැක. නමුත් බ්ලොග්කරුවා, වාර්තාකරුවකු නොවිය යුතු බව, මගේ අදහසයි. අප මතු කරග යුතු වන්නේ, තම තමන්ගේ මතයන්, නිවැරදි ස්ථානයන් තුලට ගොනු කර , එකතුකර, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඉඩ සලසා ගැනීම හැර, මා නිවැරදියි, නුඹ වැරදියි යන පටු චේතනාවන්හී කොටස් කාරයන් වීම නොවන බව, ආධුනික බ්ලොග් කරුවෙක් ලෙස මම හිතන්නෙමි. ආධුනිකවූ පමනින් , මගේ මතය ඉදිරිපත් කිරීමට මම කිසිවිටෙක පසුබට නොවන්නෙමි.

පටන් ගත් ලෙසම අවසන් කල යුතු නිසා, නැවතත් කිවයුතුව ඇත්තේ, මූලික අවශ්‍යතාවය පිලිබඳවය. ඒ නම් නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදයක, මූලික අවශ්‍යතාවයවූ නිදහසේ හුස්ම ගැනීමය. ඒ හුස්ම යනු, යුද්ධය අවසන් කිරීම පමනක් නොවේ. හුස්ම ගැනීම පමනක්, ජීවිතය යැයි සලකන්නේ,වායු ගෝලයේ ඉතිරිව ඇත්තේ ඔක්සිජන් පමනක් ඉතුරුව ඇතැයි හිතන අවස්ථාවාදි මිනිසුන් පමනය. කාබන්ඩයොක්සයිඩ් යනු හුස්ම ගන්නා මිනිසුන් නැවතත් පිට කරනා ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් වායුවක් බව මතක තබා ගත යුතුවේ. ලියන්නට ගත්තේ මඤ්ඤං සමාජවාදය ගැනය. අවසන් කරන්නේ මඤ්ඤං ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. ඒකාධිපතිත්වය තුල දිවිහිමියෙන් හෝ පලමුව ගොඩා නගා ගත හැක්කේ , ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අගයන් මිස, සමාජවාදයේ උස් අරමුනු නොවන බව මගේ ලපටි මතයයි. මේ වියරු පාලකයින්ගේ අඥාන මානසිකත්වයට අභියෝග කරමු. ඒ අන් කිසිවක් නිසා නොව, මඤ්ඤං නොවන මහජනයාගේ අයිතිය එය නිසා බැවින්ය.

අකුරු දෝෂ බොහොමයි. ගණන් ගන්න එපා. හකුරු වගේ තමයි, රස වැඩි අපි වගේ අකුරු නොදත් උදවිය, පොකුරු පිටින් ලියන්න එකතු වෙනකොට. අකුරුත් හකුරු වෙනවා. ඒ තමයි පුරවැසියා අකුරු ලියන දවස!!!!

Posted in Uncategorized | 43 Comments

කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

කොස්සෝ යැයි අපි ඒ කාලේ කිව්වේ පොලිසියේ මහත්තුරුන්ටය. ඉන් පසු කොච්චියෝ කියාද කීවෙමු. පිච්චියක් නැති එවුන් කොච්චියෙක්වූ පසු කක්කුස්සි පෝච්චියක් සහ කවිච්චියක් සහිත නිවසක හිමිකාරයෙක් වූයේ ඒ කාලයේය. දැන් කාලයේ නම් පිච්චීයක් නැති හිච්චි කොච්චියෝ නිච්චියක් නැතිව බොග දාන්නෙත් හිච්චි ටොයිලට් පෝච්චීයේම බව හිච්චි කොච්චියෙකුගේ, කොච්චි කටක් ඇති බච්චි දුවෙක් මට දුරකතනයෙන් පැවසීය. මහ කොච්චියෝ නම් රෙන්නේ මහ වස්සෝ සෙට් එක පිස්සෝ වෙලා රෙද්ද අස්සෙන් පස්ස උස්සන වෙලාවට,වස්සෝ රැලක් වූ ජහමනයාගේ මැස්ස උඩය. මැස්ස උඩ රිව්වත්, වැස්ස ඇවිත් සෙස්ස කරයි කියා ලිස්ස යන්නේ පිස්සෝම පමණය. අපි කොස්සෝ වෙමුද? පිස්සෝ වෙමුද…..

පිස්සෝ යන වචනය මගේ භාවිත වචන තුළ නැතිවුණත්, මහ වස්සෝ ගැන ලියනවිට පිස්සෝ වචනයෙන් ලිස්සා යෑමට සිත් පිත් ඇති නොවේ. පිස්සා යයි සාමන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන්නේ, මානසික අසමතුලිත තාවයක් ඇති මිනිසුන්ටය. මමද ඒ කොටසට අයිති වෙන්නේ , හැබෑ මිනිසුන් සියල්ලෝම යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන බව, දන්නා අය කියන නිසාවෙනි. ඒ අපි නොදන්නා සේ සඟවා ගත් සත්‍යයක්ය. මම බ්ලොග් ලියන්නේත්, ඔබ මා කියවන්නේත් ඒ සත්‍යය නිසාමය. දැන් රට පාලනය කරන්නේ පිස්සෝ රැළක් බව, මා වැනි පිස්සෙකුටත් වැටහේ නම්, අප කල යුත්තේ බිස්ස වනසන පිස්සා ගෙන් මිදීම යැයි මම හිතමි. කිරි මිදෙන්නේ හම්බන්තොට විතරක් නොවන බව පිස්සෙක් වන මම සෙස්සන්ට කියමි. කිරි , කැකිරි වෙන බව +රි කන රිලවුද වහ වහා වටහා ගත යුතුවේ.

ඉස්සෝ පුදුම සත්ව කොටසකි. කන්න කැමති වුණත්, ඕකා රෙන්නේ ඔළුවේ බව , කන්න දන්න එවුනුත් දැණගන්නේ ඔළුව කාපු දවසටය. ඉස්සාත් තවත් පිස්සෙක් මෙන්ම කොස්සෙක්ද වේ. කොස්සා ඕක දැනගන්නේ පැන්ෂන් ගිහින් යුනිෆෝම් ගැලවී සෙස්සන්ගේ බයිට් එක වෙන දවසටය. ඉස්සන් වැවේ මුහුදේ මෙන්ම, කන්නට දුන්නොත් ෆාම් එකෙත් ජනනය කර ගත හැකි බව පිස්සන් වන අපි දන්නෙමු. ඉස්සා ඔළුවේ බොග තියාගෙන සෙස්සන්ට ප්‍රණීත බයිට් එකක් වෙන්නේ, උයන්න දන්න එකා ඔළුව ඩස්ට් බින් එකට දමා, කඳ සමග නැට්ටද ගිලින්නට දෙන නිසා බව, ඉස්සාත් නොදණි.. අපි සියල්ලෝම ඉස්සෝ යැයි ලියා තැබිය යුතුය. පිස්සෙක් වෙනවාට වඩා ඉස්සෙක් වීම තුළ ඇති රසය දන්නේ පිස්සන් සේ ඉස්සන් බුදින අපි අපමය.

ඔළුව නැතිදාට හෙළුව පෙන්නන්නෙත් අප වැනි පිස්සන් මිස කටට වඩින ඉස්සන් නොවන බව ලියා තබන්නෙමි!!

බස්සන්, වස්සන් සහ සුදුස්සන් ගැන පසුව ලියමි!

සෙස්ස පස්සට…..!!!ඔය වචන දෙක භාවිතයට යෙදුවේ චින්තන මහින්ද නොව ප්‍රවීණ මාධ්‍යවේදියෙක්වූ චින්තන ජයසේනයන් බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තබමි.

Posted in Uncategorized | 52 Comments

ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

ඌව පළාත් සභාව නැවත රැස්වීම ලබන ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. ඒ සීතල කාලය එළඹෙන නිසා යැයිද කියයි. ඒ අස්සෙන් ඇහෙන්නේ උතුරුමැද පළාත් සභාවද නැවත රැස්වීම කල් දැමීමට ඇති සුදානමක්ය. එසේ වෙනවා නම් වෙන්නේ ඒ පැත්තට ගිරිස්මය නිසාදැයි නොදනිමි. බස්නාහිර කල් දැම්මත් පුදුම විය යුතු නැත. එහෙම නම් කොළඹට උණ යැයි කියනු ඇත. කොළඹට උණ නම්, දකුණට මී උණ හැදෙයිද කියා ෂුවර් නැත. සබරගමුවට ගංවතුර ගලයි කියා කිව්වත් පුදුම නොවෙමි. සීතලට, රස්නෙට පළාත් පරිපාලන ආයතන වසා දමා රෙදි පොරවගෙන නිදාගන්නා පාලකයින් ඉන්නේ අපේ රටේ පමණක් දැයි නොදනිමි. පළාත් සභා රූකඩයින්ට කවදාවත් නටන්න වුණේ නටවන එකාගේ පදයටය. වයඹ දයාසිරිලාත් කවදාවත් නැති මෛත්‍රී පාලනයක් ගැන දොඩවයි. නැගෙනහිර තව දුරටත් ඔහොම තියෙන එක හොඳය. නැත්නම් මේ වාචාල දේශපාලුවෝ සහ ජඩ මාධ්‍යද රාජපක්ෂ රෙජීමයට, ග්ලෝබල් ටැමිල් ෆෝරම් වෙළෙන්දෝ මෙන් ලෙවකන්නට ලොලිපොප්ස් සපයනු නොඅනුමානය.

මේ නාය යෑම වළක්වන්නට වැටි බඳින්නට තිබුණේ මීට කලකට පෙරදී මිස දැන් නොවේ. මේ ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණේම නැත. නමුත් රාජපක්ෂට කොන්දක් ඇතැයි කියනා කොටසක් තවමත් ඉන්නා බව කිව යුතු නොවේ. මෛත්‍රී ජම්ප් එකෙන් පසු, ඒ කොන්ද, පෙන්දක් වී ඇති බව පෙනෙන්නේ පසුගිය සිදුවීම් හරහාය. මේ පළාත් සභා කල්දැමීමත් කොන්දේ අඩුවක් මිස අන් කවරක්ද? කල් දම දමා පල් වෙනවාට වඩා, සත්‍යයට මුහුණ දිය යුතුව තිබේ. අතීසාරයට අමුඩ හදාගන්න අලුතෙන් ෆැක්ටරි අරින්න වෙන එකනම් බොරු නොවේ. හිරුනිකාලා, ජීවන්ලා හරහා මතුවෙන්නේ රෝග ලක්ෂණ උත්සන්න වීමය.තැපැල් උප ඇමති සනත් ජයසූරිය කියන්නේ, මාතර පෝස්ට් ඔෆිස් එකට අවශය බඩු ලැයිස්තුව ලිඛිතව දුන්නත් අවුරුද්දකට පසුත් ලැබී නැති බවක්ය. තැපැල් කන්තෝරුවකට අවශ්‍ය බඩු ලිස්ට් එකක් පාස් කරගන්න බැරි තැපැල් උප ඇමතිලා අවුරුද්දක් ලියුම් බෙදුවාද කියා අහන්න වෙන්නේ වෛරයට නොව ලැජ්ජවටය. මේ ගහන්නේ තැපැල් ඇමති ජීවන්ටද කියා නොදනිමි. නමුත් වදිනේ රාජපක්ෂටය. එන්නේ කවුද, ඉන්නේ කවුද යන්නට වඩා වැදගත් වන්නේ, ඉදිරියට යෑමය. එය හෙමින් වුවත් ස්ථිර වශයෙන්ම සිදුවිය යුත්තකි. බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ පියා රෙජී ලොක්කා ජීවත්ව සිටියා නම් ප්‍රසන්නලා, නිශාන්තලා ගෙට වද්දගන්නේ නැති බව කියන්නේ, මිනුවන්ගොඩ පරණ රණතුංගලා ගැන දන්නා උදවියය. රෙජීලා ශ්‍රීලංකා එක වෙනුවෙන් සියල්ල නැති කරගත් මිනිසුන්ය. යුඇන්පි මර්දනය රසට වළඳපු මිනිසුන්ය. ඒ අතීතයයි. ප්‍රසන්නලා අද රසයි කියා හපන්නේ රාජපක්ෂ මස් කටු වීම දුකකි. ඊටත් වඩා ලැජ්ජාවකි. රෙජීලා ශ්‍රීලනිපය වෙනුවෙන් නැතිකරගත්තේ තම දේපලය. ප්‍රසන්නලා රෙජීමය වෙනුවෙන් නැති කරගන්නේ තම අධ්‍යාත්මය වීම මියගිය රෙජීට ඔරොත්තු නොදෙනු ඇත.

මොකා රජ වුවත් මේ සියලු ආබාධයන්ට විසඳුම් නොලැබේ. නමුත් අවිචාරවත් වාචාල සමාජයකට වඩා, විචාරාත්මක සමාජයකට යම්තරකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය විවර විය යුතුවේ. ඒ වගකීම ඇත්තේ ජනතාව අතය. නිවැරදි තීරණය ගත යුත්තේ මහජනතාවය. එහාට මෙහාට වෙන මස්කඳන් තුළින් චූන් වීම හෝ හඬා වැටීම අපට අදාළ නැත.

Posted in Uncategorized | 52 Comments

අවුලට පොඩි අවුලක්…තදින් උන

මේ දිනවල දේශපාලන උනුසුම තදින්ම දැණෙන නිසා, ලියන්නට සිතාගෙන සිටි අමරබන්ධුගේ මිතුරන් හා මට ගතකිරීමට ලැබුණු සන්ධ්‍යාවන් හා තවත් තොරතුරු සඳහන් ලිපිය අවසන් කරගන්නට නොහැකිය. බ්ලොග් මාධ්‍ය තුලත් අනිකුත් මාධ්‍යන්හීත් බොහෝ දේශපාලන කතිකාවන් සිදුවන නිසා, නිරන්තර දේශපාලන කුතුහලයකින් පසුවන මා වැන්නෙකුට සිත නිදහසේ එවන් ලිපියක් ලියා ගැනීමට නොහැකිය.තදින්ම උන වැලඳී ඇත. පැරසිටමොල් සාත්තුව මදි බව පෙනේ. මේ උනුසුම මදක් පහව ගිය පසු අප නැවත හමුවෙමු. ස්තූතියි!!

Posted in Uncategorized | 72 Comments