නහය පිසදා හොටු සීරුව පමණින් හෙම්බිරිස්සාව නොහොත් සෙම්ප්‍රතිශ්‍යාව සුව වන්නේ නැත. රෝග ලක්ෂණයට බෙහෙත් නොකළහොත් නිව්මෝනියාවෙන් අවසන් ගමන් යා හැකි බව කිව යුතු නොවේ. වඩාත් නිවැරදි වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යැයි මට සිතේ. අගමැති මොකා වුණත්, ඉවත් කළයුත්තේ ජනාධිපති නම්වු වෛරසය මිසක් හොටුපිහිදන ලේන්සු නොවේ. පාර්ලිමේන්තුවේ හොටු හූරණ අයියලා කල විය යුතුවන්නේ, හැකි ඉක්මනින් දෝෂාභියෝගයකින් හෝ විසිවෙනි සංශෝධනයට සහයෝගය පළකිරීමෙන් හෝ මේ හොටු ගැලීම සහ හොටු පිහිදමින්,නාහෙන් හඬනා ක්‍රමය ඉවත් කිරීමය. නැත්නම් වෙන්නේ තව වටයකින් නිව්මෝනියා රෝගීන්ගෙ දුක් අඳෝනාවන්ට රාජ්‍ය නම්වූ අසරණයා ගොඳුරුවීම පමණි. එසේ නොවෙන තාක් ඉන් ලාභ ලබන්නේ, ලේන්සු විකුණන්නන්, ටිසු පැකට් වෙළෙන්දන් සහ හොර දොස්තරලා පමණක් බව මෙසේ ලියාතබන්නෙමි.