EYE ONE(එකැස්) නොහොත් I ONE(මම අංක එක]ගෙ මාධ්‍ය අතීසාරය දැන්නම් අප්‍රියය.අති දුඟඳය.EYE ONEබලන්නෙත්,EYE ONE ට පෙනෙන්නෙත් එක ඇසකින් පමනක් බව අප දන්නේ, එදා වයෝවෘද්ධ සිරිමාවෝ අගමැතිනියට,තමන්ගේ මාධ්‍ය මුගුර භාවිතා කර බිමදමා පහරදී,චන්ද්‍රිකාට පුටුව සෙට් කරපු කාලේ සිටමය.රාජ්‍ය බලය තුලට එහෙම රිංගු EYE ONEපසුව චන්ද්‍රිකාව චෞර රැජිනක් ලෙස පෙනිනි.ඒ එක ඇසකින් පමනක් බලා ලියන නිසා වියයුතුය.ඒ මැඩම්ට කෙලවුනු පසුවය.මහින්ද මහත්තයාට එක ඇසක් ගැසු EYE ONE ඒ පැත්තේ කැරකුනේ බඩට යමක් දාගන්න බව ඕනම පොඩි එකෙක් දැනගෙන සිටියේය.දැන් එයා රාවය තුලින් ලියන්නේ ආන්ඩුවේ පුන්‍යකර්මයෙන් පසුව කරන පාපකර්මය ගැනය.[පසුගිය රාවය කතුවැකිය]
මේ මොහොතේ සිදුවෙමින් පවතින දේ ගැන අපටනම් කිසිම විචිකිච්චාවක් තිබුනේම නැත.ඒ අපි ඇස් දෙකෙන්ම බලන නිසාත්, පෙනෙන නිසාත් වියයුතුය.එක ඇසකින් බලන I ONEමම එක කියලාම සිතන්නේය.මට උඩින්කවුරුත් නැත, මම එකමය.මේ රෝගය EYE ONEරෝගයට වඩා බරපතලය.මේකට බෙහෙත් නැත.ඇසේ රෝගයට නම් අයිවන්ට හරක් වෙදෙක් ගාවට ගොස් බෙහෙත් තුන්ඩුවක් ලියගත හැක.
EYE ONE උනත් I ONE උනත් මෙයා කවුදැයි ,එයා හැරෙන්න අනිත් හැමෝම දනි.මෙතුවක් කල පාපකර්මවලින් මිදෙන්න දැන්වත් පුන්‍යකර්මයක් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.එහෙම බැරිනම් බොරු නොකොර හිඟාකෑම පිනිස වසා සිටින අනිත් ඇසත් ඇර ලෝකය දෙස බලන ලෙස බලකරමු.
Aru
හරි කතාවක්නෙ අරූ කියන්නෙ… වහල තියෙන ඇහැ ඇරල බැලුවොත් මොනවද පේන්නෙ කියල දන්නවනෙ… පේන හින්ද තමයි ඒක වහගෙන ඉන්නෙ…