අමුතු මිනිස්සු

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශයවන අමුතු මිනිස්සු ටෙලිනාට්‍යය ගැන යමක් ලියන්නට හිතුනේ එය අමුතු නිර්මානයක් නිසාය.තවමත් මෙය ප්‍රචාරය වෙමින් පවතින නිසා මෙගාද බඩීද කියා නොදනිමි.කොටස් කිහිපයක් නැරඹීමෙන් පසු යමක් ලිවිය යුතුමයි සිතුනි.
බඩකඩිත්තු මෙගා උන්මාදයෙන් අන්දමන්දවී සිටින ප්‍රේක්ශකයින් එයින් ගලවාගන්නට මේ නිර්මානයට පමනක් හැකිදැයි නොදනිමි.පලමුවෙන්ම කිවයුත්තේ මෙය රූපවාහිනිය ඉදිරිපිටම සිටම නැරඹිය යුතු නාට්‍යයක් මිස කුස්සියේ සිට ඇසිය යුතු එකක් නොවන බවය.හුදෙකලාව රුචිකරන මානව නම් තරුනයා(රොශාන් රවින්ද්‍ර කේන්ද්‍රීය කොටගත් සමාජ වටපිටාව හරහ ගොඩනැගී ඇති කතා පුවතකි.
රොශාන් රවින්ද්‍ර මානවගේ චරිතයට ඉතා ප්‍රභල මැදිහත්වීමක් කර ඇති බව පෙනේ.ගංගු රොශානා,හේමසිරි ලියනගෙ.බුද්ධික ජයරත්න දක්ෂ රංගනයක නිරත වේ.විමල් කුමාර ද කොස්තා නැවතත් ඔහුගේ අති විශිෂ්ඨ රංග කාර්ය්‍යට පිවිස ඇත.සංගීතයේ සියුම් නාද රටා නිර්මානයට අත්වැලක්ය.
රන්මිනිතැන්න හී ආකෘතියන් වල කෘතීම ගතිය දැනේ.සතිඅන්තයේ පමනක් ප්‍රචාරය වනවානම් තව දුරටත් ගෝචරය කලගත හැක.කෙසේ වුවත් තවමත් කොටස් කීපයක් පමනක් ප්‍රචාරය වී ඇති බැවින් වෙනත් යමක් ලිවිය යුතු නැත.ලිව්වේ ලියන්නට සිතුනුම නිසාය.හැකිනම් මුල සිටම බලන්න.
අවුරුදු තුනකට පස්සේ ලියපු පලවෙනි පෝස්ට් එක.දිරිමත්කල මාතලන් ඇතුලු සියලු බ්ලොග් සත්වයින්ට ස්තුතියි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

12 Responses to අමුතු මිනිස්සු

  1. maathalan says:

    පින්තූරෙකුත් එල්ලුව නම් තමයි වටින්නේ.. පොලිටිකල් එකක් ලියපන්. ස්වයංවාරණයකුත් එක්ක. දන්නවනේ තත්වේ ගැන. කලින් ලියලා තියෙන පෝස්ට් පට්ට. ඒ වගේ එකක් ලියපු ගමන්, සින්ඩියෙනුයි, බ්ලොග් එකෙනුයි දෙකෙන්ම සප් එක දෙන්නම්, මේක ටෙස්ටින් විදියට සැලකුවනම් හරි..

    ජයවේවා..

  2. පරණ බ්ලොග් එකක් අදමයි දැක්කේ . නිවාඩු පාඩුවේ දවසක බලන්නං

  3. arugeadaviya says:

    පින්තූර එල්ලන්න දන්නේ නම් නැහැ.පරන පෝස්ට්වල එල්ලුවේ මල්ලි කෙනෙක්.හෙමින් ඉගෙනගන්න ඕන.

    • Chandana says:

      මුලින්ම පින්තූරය දාන්න ඕන තැන මවුස් එක ක්ලික් කරන්න.
      ඊ ලඟට බ්ලොග් ලියන තැන ඇති Add media කියල එකක්. එතනින් ගියාම එනව select file කියල. ඒක ක්ලික් කලාම ඔබගෙ කම්පියුටර් එකේ තියන ෆයිල් ටික පෙන්වනවා. ඒ ෆයිල් open කරල අවශ්‍ය පින්තූරය තෝරලා open කරල insert in to post කියන තැන ක්ලික් කරන්න.

      එහෙම නැත්නම් ඔය උඩින් කිව්ව add media වල වම් පැත්තෙ තියනව insert from url කියල එකක්. අන්තර්ජාලයෙන් අවශ්‍ය කරන පින්තූරය හොයල ඒ පින්තූරය උඩ මවුස් රයිට් ක්ලික් කරල, copy image location තෝරන්න. ඊට පස්සෙ කලින් සඳහන් කල insert from url කියල තියන තැනදි මවුස් right click කරල paste කරන්න. ඊට පස්සෙ insert in to post දෙන්න. හැබැයි එක දෙයක්, මේ දෙවෙනි ක්‍රමයට දුන්නම ඔබගෙ පෝස්ට් එකේ පින්තූරය සින්ඩි වල පෙන්වන්නෙ නෑ.

      තව එතන තියන Align වලින් පින්තූරය එන්න ඕන වමට ද, දකුනටද, මැදට ද.. එහෙම තෝරන්නත් පුළුවන්.
      වර්ඩ් ප්‍රෙස් වල වැඩි අත්දැකීම් නෑ මට. ආසාවට අත්හදා බලන්න බ්ලොග් එකක් කරනව. ඒකෙන් බලලයි ඔය පුංචි විස්තරය කිව්වෙ. උත්සාහ කරල බලන්න, හරි යයි.

      • arugeadaviya says:

        බොහොම ස්තුතියි.මම ට්‍රයි එකක් දෙන්නම්.මම ටෙක්නොලොජි මැට්ටෙක්.ගෙදර බලුප් මාරු කරන්නෙත් වයිෆ්.සත්තයි,සහතිකයි.

  4. Chandana says:

    මාතලන් ගෙ බ්ලොග් එකේ තිබුනු ලින්ක් එක ඔස්සේ ආවෙ මේ පැත්තට. නැවත දිගටම ලියන්න. පැරණි පෝස්ට් කිහිපයකුත් කියෙව්ව.. ඔබ වැනි අත්දැකීම් බහුල අයට ලිවීම තුලින් බොහෝ දේ මතු කරන්නට, සාකච්ඡාවට බඳුන් කරන්නට හැකියි කියල හිතුන.

    • arugeadaviya says:

      ඔව් චන්දන.ආපහු මොනවා හරි ලියන්න හිතෙනවා.චන්දනගේ සටහන් ලස්සනයි.නිදහසේ ආපහු ඇවිත් කියවන්න හිතාගත්තා.

  5. Black Puma says:

    ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ. එකේ පාඩුවකුත් තිබ්බේ නෑ. දැන් ඒක පුරුදු වෙලා හොද එකක් උණත් බලන්න හිතෙන්නේ නෑ.

    • arugeadaviya says:

      කලු පූමා–ටෙලි නොබලාම ඉන්නමත් එපා.හරිහමන් එකක් එන්නේ කලාතුරකින්.මාත් බලන්නේ ඉන්ටනෙට් එකේ.ඒ ලෙවල් ඉවරයි කියන එක පුලුවන් නම් බලන්න මුල සිට.සාර්ථක භාන්ඩයක්.නටු නැති මල් කියලා එකක් ඉවර උනා මීට පෙර.ඒකත් එල.ඒකේ පලිඟු කියන චරිතය රඟපාන කෙනා කවුද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් මටත් දන්වන්න.කලුපූමා–මේවා ඔක්කොම ජාතික රූපවාහිනි එකේ.

  6. ///රොශාන් රවින්ද්‍ර මානවගේ චරිතයට ඉතා ප්‍රභල මැදිහත්වීමක් කර ඇති බව පෙනේ.///
    මම දැකපු සුපිරි දක්ෂයෙක් රොෂාන්.මේකෙත් ඔහු හරි අපුරු ගුප්ත චරිතයක් ඉදිරිපත් කරනවා.මිනිස්සු වැඩිපුරම බය මොකටද දන්නවද අරු මිනිස්සු වැඩිපුරම බය ඇත්තට. මානව කියන්නේ ඇත්තට බය නැති චරිතයක් ඒක ගුප්තයි කිව්වට.
    කොනක ඉඳන් බලන්න ඕන ඔබේ බ්ලොග් ලිපි ඔක්කොම…. ඔබ නියම රසවතෙක් බව පැහැදිලියි…

    • arugeadaviya says:

      මොරා……මිනිස්සු ඇත්තට හරිම බයයි. ඒ නිසා ඇත්ත දකින අයව නිහඬ කරන්න බලනවා. නැත්නම් දැක්කා නොදැක්කා වගේ ඉන්නවා.

      රොශාන් කරනවා මනෝගේ “තාත්තේ අපි ආවා” ටෙලියේ හොඳ චරිතයක්. නාට්ටිය ගැන නම් එච්චර කියන්න දෙයක් නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s