පෙරටුගාමි කුකුල් කොටුවට නරි පනී

කොහොල්ලැ ආතල් එක නියමෙටම ගන්න ගිය විමලගේ ඩිපාචර් එකෙන් පස්සෙ ජේවිපි එකට මුහුන දීමට සිදුවු සෙකන්ඩ් ඇටෑක් එක පෙරටුගාමි කුකුල් පැටවුන්ගේ ඩිපාචර් එකය.ෆයිට්,කිඩ්නැප්,ලව්,සෙක්ස් අනං මනං හැමදේකටම පස්සෙ දිමුතු මෙහෙ දමා මහ කුකුලා හෙවත් පොර කුකුලා, කුමාර් ඩිපාචර් විය.
මේ සියලුම භෞතික වෙනස්වීම් මැද, කුකුල් පැටවුන් තව දුරටත් භූ තලයෙ හෝ වා තලයෙ පහුරු ගාමින් සිටියද කිසියම් හෝ ඉදිරි දැක්මක්,සැලැස්මක් බලාසිටින අපට නම් දක්නට නොලැබේ.පහුරු ගෑවත් පනුවෙක්,ගැඩවිලෙක් තියා වී ඇටයක්වත් ඇති නැති ගානය.වා තලයේ පහුරු ගෑවාට කෑම ලැබෙන්නෙ නැත.භූ තලය පහුරු ගෑ යුතුය.සිසු සටන් තුල ඉස්මතුවීම් දක්නට ලැබුනද, දැන් දැන් සිසු කුකුල් නායකයා උසාවි බිම තුල පවා තනිවී ඇති සෙයක් පෙනේ.එය එසේ සිදු නොවිය යුතුය.ඔහු තනි නොකල යුතුය.කුකුල් පැටවුන් පමනක් නොව ,නරි හැර අනිත් සතුන්ද එය දැන ගත යුතුය.
අහන්න,දකින්න ලැබෙන විදියට නම් පෙරටුගාමි කුකුල් කොටුවට දැන් නරි පැනලාය.සමහර මහ කුකුලන් එංගලන්තයේය.අනිත් පැටව් ගැන දන්න අය ඉන්නවානම් මේකට එකතු කරන්න.ඉලෙක්ෂන් වලට වඩා ගොඩක් වැදගත් වැඩ මේ කස්ටියට තියෙන බව පත්තරේ තිබුනි.ඒකනම් ඇත්තටම ඇත්තය.හැබැයි මොනවාද කියා දැක්කෙනම් නැත.
මොනවා වුනත් තනි වුනෙ,නන්න වුනේ ඈස් යූෂුවල් යට තට්ටුව හෙවත් කුකුල් පැටවුන්වය.උඩින් උඩින් පෙත්තප්පුලා ටික කොහොම හරි කොහෙට හරි ඉගිල්ලෙයි.උන්ට නම් රිම් එකෙන් ගියත් ජීවිතේ ෆුල් ටෑන්ක්ය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

21 Responses to පෙරටුගාමි කුකුල් කොටුවට නරි පනී

  1. maathalan says:

    සෝඩා බෝතල් පොලිටික්ස්. කොහොමත් ඒකේ හිටියේ සුපිරි පොන්න සෙට් එකක්. එකෙකුටවත් හරියට කතා කර ගන්නවත් බෑ. කැම්පස් වල ගේම් ගහන්න ගියා. ඒකටත් කෙළ උනා. පස්සෙන් ගියපු ගොන් කාඩර්වරු ගැන නම් පට්ට දුකයි..

    • arugeadaviya says:

      මම මුලින් හිතුවා මුන් අරුන්ට වැඩිය ටිකක් හරි වගේ කියලා.බලාගෙන ගියාම මුන් අරුන්ට වඩා පටලවගෙන.මොන බයිලා කිව්වත් මේවා ප්‍රතිපත්තිමය වෙන්වීම් නොවේ.

  2. nirmala says:

    මට සිතෙන්නේ ආඩි 7 දෙනාගේ කැඳ හැළියේ කතාව පරිදි කිසිම කෙනෙක් එක මතයක නැති බවයි.

  3. රාජ් says:

    වෙල්කම් බැක්!

  4. Kenji @ Japan says:

    මෙච්චර කල් මේ කතා ලියල මොකද හංගන් හිටියෙ ඔබ.
    ඉඩ ලැබෙන විදියට පරන ඒවත් නැවත දමන්න අපේ කට්ටියට කියවන්න.
    පරන කීපයක් කියවල හිනා වෙලා පනගියා.

  5. අරුණ නියමයි නැවත ලියන්න. ඔය කුමා කියන්නෙ හැටියට රජිතම් ගුණරත්නම්ගේ මල්ලි. අයියගේ අහලක තියන්න බැහැ. සෝමවංශ හිටියට මෙයා තමයි ජෙප්පො එක්ක ගේම ගැහැව්වෙ. නමුත් අවසානෙ දි කෙළ විය. ඒත් එක්කම බොහොම කැපකිරීම කළ නඩයකටම බඩු පැකට් වෙලා දැන් තියන්නෙ. අපරාදේ වටින කියන උන් දෙතුන් දෙනෙකුත් හිටියා.

    • arugeadaviya says:

      ඔව්..සුභසිංහලා වගේ අය අපරාදේ.රංජිත් ගුනරත්නම් වගේ අවංක, නිර්භීත අය නැවත ලැබෙන එකක් නැහැ.

  6. Kenji @ Japan says:

    ගොඩක් අය පෙරල පෙරල බලන්න කම්මැලියෝ නිසා මම කියන්නෙ ඔබ ලියපු පරන ලිපි නැවත පල කරන්න කියල.

  7. Gayani says:

    අපේම වැරදි තමයි.

  8. කාට උනත් තමන්ගේ කියලා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ… JVP එකෙන් කඩාගෙන ගීය එකෙක්ටවත් කිසිම ප්‍රතිපත්තියක් නෑ කියලා අද හොඳටම ඔප්පු වෙලා තියෙනවා…

    එක අතකට JVP එක, අන්තරය, සමාජවාදී ශිෂ්‍ය සංගමය කියන්නේ හොඳ දේශපාලන ජොබ් එකක් හොයාගන්න පුළුවන් ට්‍රේනින් සෙන්ටර් එකක් වගේ. කටිටිය එතනින් පන්නරය අරන් වෙන තැනකට පනිනවා. කුරුටුගාමි සෙට් එක කලෙත් ඕකමනේ…

    • arugeadaviya says:

      කැලණියේ මීවස්සා චන්ද්‍රිකාට කලා වගේ නේද?අනු හතරේ ඕකා චන්ද්‍රිකාට දන ගහලා වැදලා නූතන විහාරමහාදේවී කියලා කිව්වනෙ.

  9. DDT says:

    නැවත ලියන්න ගත්ත එක හොඳයි. මම මුලින්ම දැක්කෙ මාතලන්ගෙ බ්ලොග් එකේදි.

    සැරට ලියන අය බොහොම හිඟයි මේ කාලෙ. ඔක්කොමල ශක්තිමත් කොරන්න ගිහිල්ලා.

    • arugeadaviya says:

      සැර වැඩිවුනාම පොල්කිරි දානවනේ.එතකොට DDT මිරිසටත් නැහැ,කිරටත් නැහැ.

  10. අඩේ මාර තැනක්නේ. මාතලංගේ පාරේ තමා ආවේ.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    • arugeadaviya says:

      තහංචි තුලින් පන්නරය ලබන්න.
      ඔයාගේ සෙංකෝලයට මම ඇවිත් තියෙනවා.හොඳයි එතැන. කොමෙන්ට්ස් දැම්මා.

  11. ලියවිල්ල රසවත්.. ඔක්කොම කියවන්ට නං වෙලාව මදි.. ආයෙ එන්නං..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s