දයා සහ නයා

අපේ තාත්තා නම් අපූරු පුද්ගලයෙකි.සුන්දරවූ මිනිසුන් අතර සුන්දරතමයෙකි.හිත හොඳකම හිසටත් උඩින්ය.ප්‍රමානික උගතෙකි.සෙරෙප්පු හොරකමකටවත් පන්සලකට ගොස් ඇද්දැයි නොදනිමි.බත් පත, සරම පවා දන් දෙන්නේ කාටත් නොදැනමය.පෝය දවසටවත් අඩියක් නොගහා හිටිය බව නොදනිමි.මෙය ඔහුට අගෞරවයක් නොවේ.පාර තොටේ අතරමං බලු,බළල් පැටව් කුදලගෙන එන්නේ අම්මාගේද අපගේද නොමද ගෞරවයට පාත්‍ර වෙමිනි. ඒ බැනුම් ගැන නම් වගේ වගක් නැත.දැන් අවුරුදු අසූවකි.මීට අවුරුදු දහයකට පමන පෙර සිට අඩි ගැසීමෙන් හා  දුම් බීමෙන් වැලකී සිටින බව ඔහුට ගෞරවයක් ලෙස දන්වා සිටිමි.වැලකී සිටින්නේ අසනීප තත්වයක් නිසා  නොවේ.
අම්මාගේ නම දයාවතී ය.තාත්තා දයාරත්නය.තාත්තා අම්මාට ආදරයට කතා කරන්නේ දයා කියලාය.මල පැන්නවිට කියන්නේ”දයා මාව නයා”කරගන්න එපා කියාය.මල ඩබල් වූ විට,දයා සහ නයා මැදට උඹ වචනයද ආදේශවේ.
ආදරයට දයා වෙන්නෙත් කේන්තියට නයා වෙන්නෙත් හරි අපූරුවට නේද?වචන දෙකද එලිසමය.ලියාගන්න ඕන උනේ ඔය ටිකය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

19 Responses to දයා සහ නයා

  1. nirmala says:

    අරු ඇද්ද නයි කතාව…. ලස්සනයි….

  2. එහෙව් සුන්දර මිනිසුන් දැන් නැත. එහෙව් කාලයක් ද නොවේ මේ. අපි දැන් වඳ පීඳුණු කෙසේ ගස් ගානය. එක එකාට හෝයියා කියමින් මෙහෙම ගියොත් අපේ දරුවන්ට යන එන මං නම් නැතිවන බව සිකුරුය.

  3. Kenji @ Japan says:

    අරු ට 70යි කියලද නයෙක් ඇරියෙ.

  4. Chandana says:

    ලස්සන කතාව.. 🙂

  5. Black Puma says:

    හෙහෙ ගෙදර දයා ව ඉතිරෙනවා වගේ, දෙන්නම දයා ලානේ

  6. arugeadaviya says:

    නයා පුප්පන වෙලාවලුත් තියෙනවා ඕනතරම්.

  7. maathalan says:

    සේම් හියර්… දෙන්නා මාර ලවින්ග්.. නියම සීන් එක කියන්නේ.. තාත්තගේ කන ඇහෙනවා අඩුයි.. ඒකට තමයි දැන් වලි යන්නේ.. තාත්තා නම් කියන්නේ ඒ කාළේ ඉඳන් ඇහුනේ නැත්නම් හොඳයි කියලා.. අපේ දයාට 86 යි….

    • arugeadaviya says:

      තාත්තගේ නියම ටෝක් එක. දෙන්නටම දීර්ඝායුශ පතමි.අපේ තාත්තා දයාගේත් කණ් ඇසීම දැන් අඩුය.ආරංචිය හැටියට නම් කණ් ඇසීම අඩුවන්නේ අම්මා දයා බනින වෙලාවට විතරයි කියලාය.

  8. ලතා මං ඔයාව පතාගෙන ආවේ ඔතාගෙන යන්න හිතාගෙන.

    බලන්න ලතා පුතා කියන කතා , කැලේ ඉන්න ලොකුම සතා ඇතාලු ලතා .. වගේ තාලයක්

  9. කළු සහ සුදු says:

    අපේ දයා ල දෙන්නත් ඉස්ස‍ර ඔහොමයි..දැන් ඉන්නේ එක්කෙනයි…
    සුන්දර ආදරය…ක් /

    • අහන්නත් ආසයි.දෙන්නා එක්කෙනා වුනාම ඉන්න එක්කෙනා කොහොම ඒ දේවල් ස්මරණය කරනවා ඇද්ද?අපිටත් ඔය දේවල්වලට කොහොම මුහුණ දෙන්න වෙයිද?ලෝක ස්වභාවය.බුද්ධ දර්ශණය කොච්චර නිරවුල්ද නේද.මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඉස්සෙල්ලාම නැතිවෙන කෙනා මම වෙන්න කියලා.ආත්මාර්ථකාමියි නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s