ස්වප්න මෝචනය

මේ ලියන්නේ තාත්තා දයා ගැන නොව කුරුණෑගල දයා ගැනය.දයාසිරි ජයසේකර ගියත් එකය,හිටියත් ඒ ටිකමය.දයාගේ ආගමන විගමන තුලින් වයඹුන්ට ඇතිවිය හැකි සමාජීය ප්‍රවර්ධනයක් ඇත්තේම නැත.ඔවුන්ගේ කෘෂි-ධීවර ගැටලු,කැසිකිලි-වැසිකිලි ගැටලු,විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ගැටලු,පාර ප්‍රශ්න සහ මාර ප්‍රශ්න තියා ඔවුන්ගේ ලිංගික-සමලිංගික ගැටලු වලටවත් විසඳුම් නොවන්නේ මේවා ප්‍රතිපත්තිමය අරුත් මත සිදුවන යාම් සහ ඊම් නොවන බැවින්ය.
දයා ගියා වුනොත් විය හැකි ප්‍රධාන සිදුවීම් තුනක් ඇත.
1)සජිත්ගේ පිල ප්‍රභල වීම
2)දයා තව කසාදයක් කරගැනීම(මනූශ වගේ)
3)ලොක්කාගේ චූ එක චූන්වී පඬුවස්නුවරට එයාර්පෝට් එකක් සහ කල්පිටියට හාබර් එකක් සෑදීම
දයාසිරි සම්බන්ධ මෙතරම් ප්‍රවෘත්ති පලවන්නේ,පත්තර කාරයින් සහ ටීවි කඩ කාරයින් වයඹ ජනතාවට වඩා දයාසිරිට ආදරය නිසාය.
එබැවින් මේවා කණට කොහොම වුනත් ඇඟිල්ලටවත් චූන් නැති ස්වපන මෝචන පමනි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

20 Responses to ස්වප්න මෝචනය

  1. maathalan says:

    දයාසිරි විතරක් යනවනම් අවුලක් නෑ. ඌත් එක්ක තව සෙට් එකක් ගියොත් තමයි කේස් එක. සජිත්ට නම් සෙට් එකක් නෑ. සජිත් කරේ නැගීගෙන ආපු උන් ටික පාගලා දාපු එකයි. මට දුක උනුත් මෝඩයෝ උන එකට. ප්‍රේමදාස මහතතයා රජ වෙන්නේ, මහින්ද මහත්තයා වගේම කට්ටක් කාගෙන ඇවිල්ලා. පුතාට ආපු ගමන් රජකම ඕනා.. එහෙම කරන්න තිබුනා තාත්තා මහින්ද නම්..

    • arugeadaviya says:

      ඇත්ත මචං ..සජිත් කියපු දේ අහලා කස්ටියක් කොර වුනා වගේම,අනුන් කියන සමහරක් දේ අහලා ,අපි සමහරක් කොච්චර කොර වෙලා ඇතිද?හැම එකක්ම ඒහී පස්සිකෝ තමයි.
      .

      හරිද මන්දා?

  2. DDT says:

    අර තුන්වෙනි එක නම් මරු.

    දැන් නම් මේකට පනින එක සියදිවි නසා ගැනීමක්. ඒ යකා විහින් දේශපාලන හරකෙක් වෙන්න හදනවා.

  3. ඇත්තෙන්ම ඔබ හරි මේවා ස්වප්න මෝචන තමයි. හැබැයි මේ ස්වප්න මෝචන ලොක්කගේ ආයුෂ වැඩි කරනවා විතරක් නෙමෙයි ජහ-මනයා ගේ චූන් එක ද සාදනවා. දයා සොරිම තමයි.

    • arugeadaviya says:

      සොරි වෙන්නෙ අපි අපිටම තමයි සුසන්ත.මොකද දයාලට බොන්නේ නැතුව වෙරි.

  4. SilentSahan says:

    දයා ගියා කියන්නේ ඒ පිල තවත් බලසම්පන්න වෙනවා කියන එක..පාර්ලිමන්ට් එකේ හිටපු දක්ෂ කථිකයෙක් (වර්තමාන දේශපාලන චරිත අතර ) . අන්තිමට විපක්ෂේ බලුම බලු වෙලා යාවි..කිසිදිනක ඒකාධිපතිත්වයෙන් මිදෙන්න බැරි වේවි..

    මේවට හිනා වෙලා හරියන්නේ නැහැ.. හැළිය රත් වෙන වේගේ දරන්න බැරි වේවි ඉස්සරහට…

    • arugeadaviya says:

      උඹට පුලුවන්ද මිනිස්සු කකුලුවො වෙන එක නවත්තන්න?උඹට පුලුවන් බුදුන් දේශනා කොට වදාල සේ”ඒව පස්සව”කියන එක විතරයි නේද?මම දන්නේ නැහැ.අරූට,මුට නොව ARU හිතෙන්නේ මෙහමය.

  5. Kenji @ Japan says:

    මේ සේරටම උත්තර 23න සෑ තමයි හොදම සෑ කියල 24 ර උදේ කිව්වැකි.

  6. ඉතා හොඳ උපහාසාත්මක කෙටි සටහනක්…. ඒත් ARU ඔබ කියන අංක එක නම් වෙන්නේ නෑ. ඒ කියන්නේ සජිත් ප්‍රබලවෙන්නේ නෑ.හැදුණොත් දවසක රනිල්ගේම ආශිර්වාදයත් එක්ක රුවන් විජේවර්ධන තමා.

  7. arugeadaviya says:

    නලීන්.. හරියටම හරි.උඹ මට වඩා නිවැරදියි.

  8. Black Puma says:

    අනේ එහෙම හරි කමක් නෑ අපිටත් සති අන්තේ ගෙදර එද්දී ප්ලේන් එකකින් ගේ ගාව බහින්න පුළුවන් උණොත්

    • arugeadaviya says:

      පූමා……බය වෙන්න එපා.සති අන්තේ ගෙදර යන්න ඕන නැහැ.ගෙදර උඹේ ලඟට ගෙනත් දෙනවා.ඒකට තමයි මේ චන්දය අපිට දිනලා දෙන්න කියන්නෙ.

  9. දේශපාලනයේ පිල් මාරුවිම තමයි මේ රටේ මිනිසුන්ගේ නොදැනුවත්කමට වැඩිවෙන්න හේතුවෙලා තියෙන්නේ ඔය සියළුදනාම ඇවිත් ඉන්නේ තමන්ට තැනක් හදාගන්න. වෙලාන ආවාම පනිනවා.

    • arugeadaviya says:

      දයා මාස්ටර්……තැන්ක් යු පැමිනීමට.වෙලාව ආපුවහම මුන් පනිනවා නෙමේ..පියාඹනවා.

  10. Alchemiya says:

    උන් පනිනවා – රිලවු වගේ ගහෙන් ගහට….
    ඔය පනින එවුන් එකෙක්වත් ගහේ ගෙඩි නැති දවසට ගහේ ඉන්නෙ නෑ…
    එල් ටී ටී ඊ එක ආණ්ඩු කරලා උඹලට ඇමතිකමක් දෙන්නම් කිවවොත්, ඔය දේශප්‍රේමී සෙට් එකම පනිනවා.. සිකුරුයි…
    ඕකයි යථාර්තය…
    ඔය එකෙක්වත් අපට ආදරේට ඔතැනට එන්නෙ නෑ… එන්න හිතන එකත් ඔතන සිද්ධ වෙන දෙයින් විකෘති වෙනවා.
    බුදුහාමුදුරුවො හරි යේසුස් වහන්සෙ හරි ලංකාවෙ (අනිත් රටවලත් වැඩි වෙනසක් නෑ) දේශපාලනයට ආවොත් corrupt වෙලා නවතින විදියේ system එකක් තමයි මෙතැන තියෙන්නෙ….
    මේ විෂම චක්‍රයෙන් ගැලවීමක් නෑ… තියෙනවා නම් ලොකුම තැනකින් ආදර්ශයක් එක්ක ලොකු වෙනසක් වෙන්න ඕන.. ඒ වෙනස කිසිම පක්‍ෂයක පේන තෙක් මානයෙ නෑ,..
    උඹේ බ්ලොග් එක කාලීන අවශ්‍යතාවයක්…. දිගටම ලියපං (හෘදයංගම බව නිසයි එහෙම ඇමතුවෙ)

    • arugeadaviya says:

      උඹ කියන අකුරු දෙකට මම ආදරෙයි.පොලිසියෙන් එහෙම කිව්වොත් නම් ටිකක් අවුල්.නෑ……නෑ……ඒත් ආදරෙයි.තරහ කරගෙන බෑනේ.
      සිස්ටම් එක වෙනස් කලා කියලාවත් ගොඩගන්න බැරි තරමටම පනුවො ගහල මගේ හිතේ.පනුවො කන්නත් ,පනුවො හැදිලා.

  11. ඔන්න දයා නයා වෙන්නේ මෙතනදීය. ඌ නයා පෙන්නා මාරුවෙයිය, ඒත් ඌ ඉවරය. මේ ලනුව ගිල්ලෙව්වේ යූ. එන්.පී. එකේ හිටපු වයසක ඩයල් ටිකය. ගාමිණී ලොකුගේ, පී.දයාරත්න, අස්වර්, විජේපාල මෙන්ඩිස්, වගේ අයය. උන බැලුවේ මැරෙන්න යන එකේ විපක්ෂේ ඉඳං මැරෙන්නේ නැතුව ඇමතිකමේම මැරෙන්නය. ඉතිං ලනුව කෑ අනිත් තරුණ හරක් ටිකත් නාගත්තේය. මොකද නාමල් කුමාරයා ඉන්නකං කිසි කෙනෙකුට නිල් පාටියේ ඔලුව උස්සන්න ලැබෙන්නේ නැති නිසාය.
    ප්‍රේමදාස මහත්තයා මැරුණු වෙලේ අපේ අප්පච්චි කීවේ මෙහෙමය (ඒක වුනේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කර සතියක් වගේ කාලයක් තුලය)
    “ඔන්න පුතේ ඇතුලත්මුදලි මහත්තයා ඉඳලා ප්‍රේමදාස මහත්තයා මරුනානම් උඹලට රටක කියාදෙයක් ඉතුරුවෙන්න තිබුනා, දැන් ඉතිං මොනවා වෙයිද කියන්න බෑ ” කියාය. මෙහෙම පිංගුත්තර වැඩ වෙන හැම වෙලාවකම මට ඒ කතාව මතක් වෙනවාය. ඒ මොකද කියන්න මමවත් දන්නේ නැතිය.

  12. arugeadaviya says:

    නාමල්,මේමල්,ඒමල් ආදී වශයෙන් කොපමනක් නෑදෑ හැත්ත බුරුත්තක් ඕක ඇතුලේ ඉන්නවාද?ඉවාන්ට මතකද නේපාලයෙ මීට අවුරුදු කීපයකට පෙර පාලක රජ සෙට් එක ඇතුලේ කචල් එකකට වෙඩි තියාගත්තා උන් උන්ම.එකම පවුලේ අය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s