ප්‍රමිථි පුත්තු සහ ඇමති පුත්තු!

ඊයේ පෙරේදා මාතලේ දිස්ත්‍රික්ක්යේ මැතිවරන රැස්වීමක් ඇමතු අපේ ආචාර්ය තුමා ඇදගෙන නෑවා පමනක් නොව බාල්දියත් ඔලුවේ හිර කර ගත්තේය.හරිහමන් ඔලුවක් නැති නිසා බාල්දිය තුවාල නොකොට ගලවා ගෙන ඇත.වටින්නේ බාල්දිය නිසාය.
                      මාතලේ ඇමති පුතා ප්‍රමිත බංඩාර තෙන්නකෝන්ය.අපි ඔය හාදයා ගැන වැඩිපුර නරක කතා අසා නැත.කියවා නැත.නැතිවෙන්නත් බැරිය.මොනවා උනත් ප්‍රමිත ගැන කතා කරන්න ගිය ආචාර්ය තුමා කිව්වේ හැම දෙයකටම ප්‍රමිථියක් ඇති බවත්,තමාටත් ප්‍රමිථියක් ඇති පුතෙකුගේ උවමනාවක් ඇති බවය.ඉන්න එකාට ප්‍රමිතියක් නැද්දැයි ඇහුවේ අරූගේ ගෑණී අරකිය.ඉන්න එකාගේ ප්‍රමිථිය දන්නේ උගේ මහ එකා මිස,ආචාර්ය තුමා නොවේ කියා කියන්න හිතුනත්,නොකිය හිටියේ ටික්කෙටම දන්නැති නිසාය.ආචාර්ය තුමී හමුවු විට අසා දැනගත හැක.
                         අප්පා මොකා උනත්, ඉන්න එකා කරපු දේවල් ගැනනම් දුටුගැමුණුගේ ඉතිහාස පොතටත් වඩා දිගට ලිවිය හැකිමුත් අර ගුටි කාපු නොකාපු මේජරයා අප්සෙට් වන නිසා නොලියමි.ඉන්න එකා ප්‍රමිථියකට හදාගන්නැතුව අලුතෙන් ලමයි හදන්න කතාකරන්නේ පහනක් උනත් නිවෙන්න ලංවෙනකොට වැඩි ආලෝකයක් දී නිවී යන නිසා වියයුතුය.
                         අපිට ඉන්න ඇමති පුත්තු සෙට් එක දුටුවිටනම් ප්‍රමිථියකට ඉන්න එකෙක්වත් ඇද්දැයි අහන්න වෙන්නේ මාධ්‍ය ඇමතිගෙන්ම පමනය.එයා අපිට වඩා ආචාර ධර්ම දන්න නිසාය.මෙහෙම පුත්තු ඉන්න රටේ මුන් කථා කරන්නේ සරසවි සිසුන්ගේ විනය ගැනය.දුක ඒ ගැනය.
                  මොන කතා ලිව්වත් මේ ජන්දෙන් පසුවත් තව ඇමති පුත්තු බාන් බාන් පිටින් මේ පලාත් සභා හරක් මඩුවලට දක්කන එක නවත්වන්න බැරිය.ඉදිරි පරම්පරවේ අනාගත සැලසුම් කරුවන් වන්නේ මෙලෝ රහක් නැති මේ අපතයන් සෙට් එකය.
                      මුන්නේශ්වරම් පැත්තේත් ජන්ද වැඩ නිසා කෝවිල පැත්තෙත් ගිහින් එන්න.එලුවෝ,කුකුලෝ සෙට් එකක් හලෝ කියන්න බලන් ඉන්නවාලු.ජන්ද කරන්න ගියේ ප්‍රමිත පුතා වෙනුවෙනි.කතා කරේ ප්‍රමිථි පුතෙක් හදන්නය.ආචාර්ය තුමා රජගෙදර කවටයා බව රටම දනී.දැන් දැන් ලොවම දනී.

ප.ලි.–ප්‍රමිත කියන වචනයෙ තේරුම කුමක්ද?සිංහල දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්න ප්ලීස්.!!!!!!!!!!!!!!!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

20 Responses to ප්‍රමිථි පුත්තු සහ ඇමති පුත්තු!

  1. මල් හතයි බොලං. මේව ලියල නයිට් ක්ලබ් පැත්තට එහෙම යන්නෙපා. එවගේ තැනකදී මාට්ටු වෙන්න පුළුවන්.
    ප්‍රමිත = STANDARD

    • arugeadaviya says:

      නලින්.STANDARD. කියන්නේ ප්‍රමිථිය නේ.ප්‍රමිත කියන්නේත් ඒකමද?

      • මේ පද ද්විත්වය සමානරුත් ගෙන දේ……

        උදා…
        STANDARD HOUR
        ප්‍රමිත පැය ; ප්‍රමිත හෝරාව
        COST ,STANDARD
        ප්‍රමිත පිරිවැය
        GOODS ,STANDARD
        ප්‍රමිත භාණ්ඩ
        STANDARD CAPACITY USAGE RATIO
        ප්‍රමිත ධාරිතා භාවිත අනුපාතය

    • arugeadaviya says:

      නලීන් …මම යන නයිට් ක්ලබ් එක හෙවත් රංජීගේ පොට් එකට ඔවුන් තියා පොලෝසියෙන් වත් පනින්නෙ නැත.

    • අපේ පන්තියෙත් හිටියා ප්‍රමිතා කියලා කෙල්ලෙක්

      • arugeadaviya says:

        ඒ ප්‍රමිතාට දැන් හැටක් විතර ඇති නේද රෙහානි.
        නැවත වඩිනු මැණ රෙහෙනාණි………

  2. maathalan says:

    මේ දරුවෝ විනය තකා වැඩ කිරීමට බොහෝ මනාපය.. දරුවෝ එසේ වන්නේ අප්පලාද ඒ වැඩේට කපි ගහපු උන් නිසාය.

  3. Kenji @ Japan says:

    කොහොමත් විස්සයි විස්ස පහු වෙනකොට කුමාරයට සෙට් වෙන පරපුරක් ඉන්න එපෑය.

  4. Black Puma says:

    අනේ වාසනාවන්

  5. ප්‍රමිත කියන්නෙ ප්‍රශස්ත කියන එක නේද? මම නම් බසෙහි සුරුවෙක් නෙමෙයි.

  6. arugeadaviya says:

    ස්තූතියි…ANY MORE BETS?

  7. DDT says:

    ඔය යකා කට ඇරියොත් බාල්දි පෙරලන් රටම ගඳ ගස්සන එකනේ වැඩේ. මම හිතන්නෙ ඔහොම එවුන් රැස්වීම්වල කතාකරන්න යවන්නෙ වේලි වේලි රැස්වීම්වල හරක් කතා අහන් ඉන්න එවුන්ට පොඩි ආතල් එකක් දෙන්න වෙන්න ඕන.

    • arugeadaviya says:

      ඒකනේ ලොක්කා රට යනකොට මුන්දැව කැන්දැන් යන්නේ.නැතුව රාජ්‍ය නායකයින්ට ගස් බඳින හැටි කියලා දෙන්නද?

  8. nirmala says:

    දැන් එතුමත් රජ වාසල කවටහෙත් උනාද? කවුද කියන්නේ, අන්දරේ මැරිලා නෑ එහෙනම්.

  9. මේ අමන ,අජූව, අලුගුත්තේරු, අවලං, අපතයෙකුට අන්දරේ කියා අන්දරේට අපහාස කිරීම නොකළ යුතු බවනම් හැඟෙයි.
    (මේ බ්ලොග් එක ෆලෝ කරන්න පුලුවන්ද? පුලුවන්නම් කොහොමද ? නොදන්නා නිසා කියාදෙනවද? නැත්තම් මට මේ ලිපි බලන්න වෙන්නේ පරක්කු වෙලාය)

  10. arugeadaviya says:

    ඉවාන්….අමන,අජූව,අලුගුත්තෙරු,අවලං…..ලස්සන වචන හතරක්…..පටන්ගන්නේ අ යන්නෙන්…මුන් ගැන හිතනකොට මතක් කරන්න වෙන්නෙත් අ යන්නෙන්ම තමයි.
    (මට ටිකක් ලියන්නයි,කියවන්නයි විතරයි පුලුවන්,ඒ ඇරෙන්න අනිත් ටෙක්නිකල් වැඩ බැහැ.දන්න කෙනෙක්ගෙන් අහලා ෆලෝ කරන්න.මාත් කැමතියි ලියන ඒවා කාට කාටත් කියවන්න ලැබෙනවානම්,)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s