ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල………..

                        ජැක්සන් ඇන්තනීට පනාපුත්‍ර යැයි කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යැයි දනිමි.නදීක ගුරුගේ ජැක්සන් අමතන්නේ පනා සහෝදරයා යයි කියාද අසා ඇත.කලකදී ඉඳන්,ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් අහගෙන ඉන්න අප්පිරිය නම් වලින් මොහු අමතන බවත් දන්නෙමි.සමහර නම් මර්වින් සිල්වාටවත් අහගෙන ඉන්න තරම් කැතය.
                               පනාපුත්‍ර කියන එක ටිකක් සාරිපුත්‍ර,මේඝපුත්‍ර,දේවපුත්‍ර වගේ වැදගත් කොටසට වැටෙන නිසා මමනම් කියන්න කැමති කොස්පුතා කියලාය.අර්ථයටත් හානියක් නැත.මොනවා උනත් අර්ථගරුක විය යුතුය.අපේ ගෙවල් ගාව ඉන්න කිත්සිරිට “ත”යන්න වෙනුවට කියවෙන්නේ “ක”යන්නය.උගෙ නම ඇහුවාමත් කියන්නේ කික්සිරි කියලාය.ඌ කොස්පුතාට කියන්නේ කොස්පුකා කියලාය.ඒ කලකට පෙරය.දැන් කොස් වැල වෙලා නිසා වැලපුකාය.මොකෙන් ඇමතුවත් ඒ ජැක්සන් ඇන්තනීය.
                             ජැක්සන් දක්ෂය.ඒ ගැන වාද විවාද නැත.ඇත්තට ඇත්ත කීමත් බොරුවට බොරුව කීමත් හරි මිනිස්සුන්ගේ හැටිය.දැන්නම් බොරුවට කියන්නේත් ඇත්ත කියලාය.ඒ හරි මිනිසුන් නැති නිසාය.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කිරීමෙන් පසු,ඔහු නොයෙලින් හොන්ටර් සමග දක්ෂ ලෙස මෙහයවමින් සිටි ආයුබෝවන් රූපවාහිනි වැඩසටහන මෙහෙයවීම ජැක්සන්ට බාරවිය.ඔහු එවිට යම් තරමක් දුරට ජනප්‍රියය.ඔහු එය මැනවින් ඉටු කරන ලදි.ප්‍රේමකීර්තිගේ දේහය කලාභවන තුල තැන්පත් කර තිබු දිනයක,නොමෑඩ්ස් ක්‍රීඩාංගනය තුල තිබූ බියර් බොන තැනකදී එයට වඩාත් සුදුසු ජැක්සන් බව කීප දෙනක් කථිකා කරමින් සිටි බව මතකය.ජැක්සන්ද එතැන සිටියේය.සුගතපාල ද සිල්වා,අමරබන්දු රූපසිංහ,ලූෂන් බුලත්සිංහල,සමන් ආතවුද ආදීන් කථිකා කරුවෝ බවත් යාන්තමට මතකය.මෙය කිසි සේත්ම නිල කථිකාවක් නොවීය.{අමරබන්ධු රූපසිංහ අති දක්ෂ උතුම් මිනිසා ගැන වෙනමම ලිවිය යුතුය.}එම යෝජනාව ජැක්සන්ට මහත් ගෞරවයක් විය.ඔහුට ඒ මොහොතේ ඇතිවු ආඩම්බරය ,නිර්ව්‍යාජ සිනහාවකින් වසාගත් සැටි මට දැන් මෙන් මතකය.
                          දැන් ඒ ජැක්සන් මියගොස්ය.නැත්නම් මැරි මැරී උපදිනවා විය යුතුය.මැරි මැරී උපදිනවා යැයි කිව්වේ ,මේ දවස් වල වැලපුකා ජැක්සන් ඇන්තනීගේ මතක විත්ති පත්තරවලට ලියන නිසාය.ඔව්.එවා මිහිරිය,කටුකය.නමුත් දැන් ඉන්නේ ජැක්සන් නොවන නිසා කියවන අයට ඒවා අපුලය.වැලපුකා උපන්දිනයට වැඩිහිටි නිවසකට දානයක් දුන්නේ යැයි ඡායාරූප සහිතව මාධ්‍යතුල දුටිමි.ඒවා හොඳ වැඩය.ලැජ්ජා නැතිව ප්‍රසිද්ධ කර ගැනීම නොදොකින්ය.
                        මේ සියලු දේ කරන්නේ ජැක්සන් නමැති මිනිසා නැවත උපද්දවීමටය.වැලපුකා දැන් ප්‍රමාදය.එය නැවත ගොඩනැගීමට නොහැකිය.වැලපුකාගේ උපන්දිනයට ඇස්වහ කටවහ යන්නට දෙහි කැපු බවක් මාධ්‍යහි පලවිය.බෙලි කපන එවුන් සමග යහන් ගතවී දෙහි කැපුවාට පලක් නැත.කපා ගතයුතුව ඇත්තේ හොඳට වැඩුනු අං දෙකය!!!!!!!!!!!!!!!!.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

62 Responses to ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල………..

  1. Kenji @ Japan says:

    කටු ගෙයි කඩු වලින් බඩ උඩ තියල පුහුල් කපපු එව්වන්ට,ජනතාව කපන දෙහි වලින් කවදාවත් බේරෙන්න බැහැ.

  2. Black Puma says:

    මේ අපේ ජැක්සන් ඇන්තනී මද?

  3. maathalan says:

    මේකට කියන්නේ මෝහය සහ මානය කියලා. ජැකා බුද්ධාගමේ නොවන නිසා මේවා තෙරෙන්නෙ නෑ. ඒත් විකටර් රත්නායකගේ සින්දුවවත් ඇහුවා නම් අඩු ගානේ. දෙහි කපලා හරියන්නේ නෑ. අනික නිහතමානී උනත් දැන් ටූ ලේට්. ජැකා කියන්නේ ගූ ගොඩක්. මහින්දටත් වඩා අප්‍රියයි..

  4. කතාවට සියයට දෙසීයක් එකඟය. අරූ කවුද යන්න ගැන දැන් නම් දැඩි කුකුසක් ඇති විය. ඔන්න සමන්ගේ අලුත්ම පොත දොරට වඩිනවා මැලේසියාවේ දි ලබන 3වැනිදා. හමුවෙමුද එහේදි.

    • හල්දුම්මුල්ලේ ඉඳලා ක්වාලාලම්පූර් වලට බස් තියෙනවැයි නලීන්?සමන්ට සුභ පතන්න.අපේ ඉස්කෝලේ.

    • හල්දුම්මුල්ලේ සිරිල් සෙනවිරත්නව දන්නවැයි.

      • නලීන්…මම බොරුවට කිව්වේ හල්දුම්මල කියලා.මම දෙල්කඳ,නුගේගොඩ

      • දෙල්කඳ ,මාත් සැහෙන්න කාලයක් හිටිය පැත්තක්,අරෑ දැක්කොත් මාව අඳුරනවා වෙන්න පුළුවන්

      • arugeadaviya says:

        ඉරිදා පොල ඉස්සරහා තමයි මුල් ගෙවල් තිබුනේ

      • කොහොමින් හරි අරූ කියන්නේ කවුද කියල පොඩි ඉඟියක් හදාගත්තා.. (මම අරුට පරම්පරාවක් විතර බාලයි. නමුත් මම ඔය දෙල්කඳ, නුගේගොඩ, පැඟිරිවත්ත පැත්ත ගැන විස්තර දන්නවා..)

      • ඔව් බං මම 50 පැනපු එකෙක්.

  5. ජැකා පනා පුත්‍ර කුඹු පැණියා කියන වග වාසගම පාවිච්චියට ගත්තේ තමන් විහින්මයි. එකම කලිසම හැමදාම අදින සිංහල ස්පෙෂල් කරපු ජැකා නම් මැරිල තමයි. කමල්, ජයන්ත, ජැකා, ශ්‍රියන්ත කියන්නෙ එකම බජාර් එකේ හිටි හොදම මිතුරෝ කියන්නෙ උන් ඔක්කොම මැරිලම ගියානෙ. ජයන්ත මුණ ගැහෙනවා ඉඳ හිට. ඌට අපිට මුහුණ දෙන්න බැරි මොකක්දෝ හිතේ තියනවා කියල දැනෙනවා. හෙන, අත්, අකාල සන්ධ්‍යා කළ ජයන්ත, කමල්, පලිගු මැණිකේ කළ ජැකා , ශ්‍රියන්ත ඇත්තටම අද කෝ?

    • Kenji @ Japan says:

      ඇයි සාගරයක් මැද ට ඇවිල්ල හන්තානෙ අපි එක්ක සුස්තිය වටේ යවල ගහපු කට්ටිය කෝ?.
      ඔය සෙට් එක එකටම හිටියෙ.

      • කෙන්ජි…….මට උදේම ඩෝප්ද කොහෙද?ඒ මදිවට උඹ සූස්තියකුත් ඔතලා නේ.රිප්ලයි හැම තැනම දානවා.මම නානවා.

    • ඔව් සුසන්ත ..ඉස්සර අපි හරියට ඔය අත් කන්ඩායමේ නාට්ටි පස්සේ ගියා.නාට්ටි තාමත් හොඳයි.මිනිස්සු වෙනස් වුනා.ඒ අතින් මනෝලා මල් මසුරං නේද?

    • ඔව් සුසන්ත..අපි ඉස්සර හරියට ඔය අත් කංඩායම පස්සේ ගියා.නාට්ටි නම් තාමත් හොඳයි.හැබැයි මිනිස්සු වෙනස් වෙලා.ඒ අතින් මනෝලා මල් මසුරං නේද?

    • ඔව් සුසන්ත…අපි ඉස්සර හරියට ඔය අත් කංඩායම පස්සේ ගියා.නාට්ටි තාමත් හොඳයි.මිනිස්සු වෙනස් උනා.ඒ අතින් මනෝලා මල් මසුරං නේද?

      • Maathalan says:

        මම හිතුවේ ඩෝප් මරගාතේ කොමෙන්ට් දාන්නේ කෙන්ජිය විතරයි කියලා. බැරුවම අරූත් මූට හපන්…

      • මාතලන්…..කන බොන එවුන්ට අරූ,මූ කියලා පල් ටෝක් දෙන්න එපා ඩෝ.

    • සුසන්ත….තරහ නැතුව පොඩ්ඩක් යටින් බලන්න.මට වැරදුනා.

  6. raigam says:

    මේක සනාතන ප්‍රශ්නයක් නේද Aru? මෙහෙම ඉහල නගින සියලු දෙනාම “පාර්ට් ටයිම් මානව හිතවාදීන්/සමාජ වාදීන්” වන්නේ මක් නිසාද කියන එක ගැනයි මා කියන්නේ. අපත් මේ පහල ඉන්න නිසාද, එහෙම ප්‍රශ්නයක් පවා අහන්නේ? අපත් (ඉහල යන්නට වරම් ලැබුනොත්) එහෙම වේවිද? නොවේවිද ?

    • මේ අදහසට බොහොම එකඟයි රයිගම්. අද රට ඩොලර්වලට රට පාවාදෙනවා කියන සෙට් එකම කාලෙක එකටම හිටිය අපේ බොක්කවල්. උන්ට බනින කොට මට හිතෙන්නේත් ඕකම තමා. මාත් එහෙම ගියානං කියන තැනින්.

      • අයි නලින් අයියා ,ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ (විමලසිරි ගම්ලත්), සුනිල මාධව ප්‍රේමතිලක එකට එක පතේ කාපු අය නේද? අද සුනිල් කොහෙද අනිත් අය කොහෙද?

      • arugeadaviya says:

        ඉවාන් පවුලූෂා……ඩලස් ගැන ලැජ්ජයි
        විමල් ගැන හිරිකිතයි
        සුනිල් ගැන දුකයි

    • සමාජවාදය,මානවවාදය වගේ දෙයක් බොරුවට හරි තවරා ගත්තාම ,සමාජයේ ඇතුලේ මංපොර වෙනවා.මංපොර කියලා සමාජගත වුනාම මහ පොරවල් ලඟට කිට්ටුවෙන්න ලේසියි.අපිත් එහෙම වෙයිද කියන එකත් ප්‍රශ්නයක්.හැබැයි මේක පුද්ගලානුබද්ධ කාරනාවක් නිසා ඔව්ද, නැහැද කියලා කියන්න බැහැ.බඩගිනි වුනාට තණකොල නොකන සිංහයොත් ඉන්නවනේ.

    • හිරු හදපු හැටි මතක් වුණා aru…..

      • arugeadaviya says:

        මම එතකොට හිටියේ ඕමානයේ.මමත්,මහින්ද කියලා මගේ මිත්‍රයෙකුත් මූලිකවෙලා හිරු පායවන්න මුදල් එකතු කරා,එක එකාගේ බැනුම් අහගෙන.මහින්ද නිවාඩුවට ලංකාවට ගිය ගමන් කරපු මුල්ම වැඩේ තමයි ඒ මුදල් රද්දොලුවේ හිටපු කැලුම් කියලා කෙනෙකුට බාරදීලා මට කෝල් කරපු එක.එදා මහින්දට තිබුනේ හරියට තමන්ගේ ලමයට අකුරු කියවපු දවසේ තාත්තා කෙනෙකුට ඇතිවෙන ආස්වාදයක් වගේ හැඟීමක්.ඇඬෙනවා දොරේ මතක් වෙනකොටත්.නලීන් මගේ මතකය අලුත් කරනවා.
        විනී හෙට්ටිගොඩ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.

      • හිරු හදන්න අපි සල්ලි දුන්නෙ,බූස්සෙ දි ලෝකගෝල හදලා -පොල් කටු හැඳි හදලා විකුණලා.

        තව….. අත් අඩංගුවේ හිටිය රුහුණ කැම්පස් එකේ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය සංගමයෙන් එවලා තිබුණ මේස“ පුටු සෙට් එකත් “හිරු“ කාර්යාලයට යැව්වා.

      • හුටා යකෝ මම වැරදි එකක් මතක් කරලා දුන්නද මන්දා, ඇත්තටම උඹලා සී.අයි.ඩී. එහෙම නෙවෙයිනේ.

      • arugeadaviya says:

        සුමිත්…..පුටු සෙට් එකේ කතාව මට මතකයි.ඒ ගැන ෆොටෝ එකක් සහිතව පත්තරේත් තිබුනා.සමහර දේවල් ගැන කලකිරිලා ඉන්නේ.මම උඹේ බ්ලොගට ගියා.ලියපන්කෝ ආපහු.මමත් අවුරුදු තුනකට පස්සේ ලියන්න ගත්තේ.මාතලන් තමයි දහිරිය දුන්නේ.

  7. DDT says:

    ජැක්සන් ඇන්තනී කියල අපි හඳුනගෙන හිටපු රංගන ශිල්පියා ගැන නම් මම හුඟක් කැමැත්තෙන් හිටියා. විශේෂයෙන් ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවාගෙ (ජැකාගෙම වචන) නිර්මාණවල ඔහුගෙ රඟපෑම්. තම තමන්ගෙ ක්‍ෂේත්‍රයන්වල හොඳ අනාගතයක් තිබුනු හැමෝම සුබ අනාගතයක් බලන් ගිහින් වැටුනු වලේ ඔහුත් අද කරවටක් එරිලා. කොහොමට හිටපු මිනිස්සුද. තමන් රෙදි නැතිව කඩේ යන පුද්ගලයට, මේ රටේ අති බහුතරයකගෙ පූජනීයත්වයට පත් බුදු හාමුදුරුවොන්ගෙ ඥාතීත්වයක් මවා පෙන්නන්න තරම් ඔහු ලැජ්ජානැති මිනිහෙක් උනා. කලාකරුවෙක්, නිර්මාණකරුවෙක් විදියට රසිකයොන්ගෙන්, ප්‍රේක්‍ෂකයොන්ගෙන් ලැබිය යුතු දේ අහිමි කරන් අද ඔහු වෙනත් දේවල් ළඟාකරගෙන තිබෙනවා. කලියුගය තමා …..

    • උඹ කියන ඔය කාරනා කරුනු හිතේ තියාගෙන ඉන්න අමාරු නිසාමයි ඕක ලිව්වේ.

  8. //”මේ සියලු දේ කරන්නේ ජැක්සන් නමැති මිනිසා නැවත උපද්දවීමටය”// නැහැ අරූ මේ සියලු දේ කරන්නේ ජැක්සන් නමැති මිනිසා මියගොස් නැති බව පෙන්වීමටය. එය හුදෙක් රඟපෑමක් පමණි. නැවත කවදාවත් ජැක්සන් උපදින්නේ නැත. එසේ ඉපදීමට ඔහුට උවමනාවක්ද නැත. අම්මලා තාත්තලා සමග, අනාථ දරුවන් සමග හා ආබාධිත රණවිරුවන් සමග උපන්දිනය ගත කිරීම අද ජනප්‍රිය තරු වලට ඉහල ඉල්ලුමක් ඇති කරවන වෙළඳ උපක්‍රමයකි.

  9. Duminy Du says:

    අයියෝ සල්ලි කියලා නෙවෙයි අයියෝ ජැක්සන් කියල තමයි කියන්න වෙන්නෙ !!!!!!!

    • බලය,මුදල් මිනිස්සුන්ව පිස්සෝ කරනවා.මුදල් නැතිවුනාමත් පිස්සෝ වෙනවා.

  10. ජැක් අයියා තාම ඉන්නවා ජැක් ගහ ගහ. ස්වර්ණවාහිනියෙන් මිනිහව මෝහනය කරල අතෑරල දැම්මා. පව් අප්පා.. කුනු කෑවත් දස්ස වැලපුත්තරයෙක්…

  11. Anonymous says:

    මේ අරූ කොහොමැයි බං මේක අපේ බ්ලොග් රෝලේ එල්ලා ගන්නේ…

    • මචං ඇනෝ…..මම මෙලෝ දෙයක් දන්නේ නැහැ.වෙසක් කූඩු හදතෑකි.අලවලා රැලිත් දැම්ම හැකි.බලුප් දාලා එල්ලන්න දන්නේ නැහැ.දුව නිවාඩුවට ආවාම කරලා දෙන්නම් කිව්වා.එතකම් ඔහොම කියවපං.මට බ්ලොග් මචංලා කීප දෙනෙක් වැඩේ කරන හැටි කියලා දුන්නා.ඕවා කරන්න ගිහිල්ලා මම අනාගනියිද කියන බයට දුව එනකම් ඉන්නවා.

      • මාගේ බ්ලොග් රෝලටනම් අවුලක් නතිව ඇඩ් වුනා ,අලමු අළුත් පොස්ට් එකක් දැම්මාම අප්ඩේට් වේයිද කියලා…

  12. දුකා says:

    ඉස්සර මම රෝහණ වීරසිංහගේ ගීත අහනකොට දැනුනේ භාවනාවක් වගේ හැඟීමක්. වසන්තිගේ ජැකාගේ අපූරු රංගන හැකියාවන් රසවින්දේ බොක්කෙන්ම.

    කලාකාරයෝ කියන්නෙත් පෘතග්ජන මනුස්සයෝම තමා ඒත් අපේ විස්වාසයක් තියෙනවා ඒ අයගේ සංවේදෙ කලාකාමී කම ඇතිවෙන්නේ පිරිසිදු හදවතක් තියෙන නිසා කියලා. එතනදී අපිට අර පෘතග්ජන කතාව අමතක වෙලා ඒ අය මානුෂිකත්වය සංවේදී අපූරු මිනිසුන්කොටසක් කියලා ගෞරවයක් ඇතිවෙනවා.

    කලාකාරයෝ සමාජයේ අපි හැමෝගෙම මානුෂික පැත්තේ නියෝජනයක් කියලා අපි හිතනවා.

    ඒත් උන් අපිට වඩා ජරා ගති තියෙන ආත්මාර්ථකාමී, අවස්ථාවදී තිරිසන් රැලක් කියලා ඇස් පනාපිට ඔප්පු උනාම උන්ගේ නිර්මාණයක් දිහා බලන්න නොහිතෙන තරම් වෛරයක් ඇතිවෙනවා. සමහර විට ඒක අපිට අපි ගැනම ඇතිවෙන වෛරයක් වෙන්න පුලුවන් – මේ වගේ කාලකන්නි අපේ මානුශිකත්වය නියෝජනය කරපු පිරිසක් කියලා අපි රැවටුනානේ කියලා දැනෙන තරහවක් ඒක.

    • දුකා….ඔබේ පැමිනීම ගෞරවයකි.(ඔබ පමනක් නොව පැමිනෙන සියල්ලම ගෞරවයකි.)ඇත්තටම මගෙන් පිටවුනේ අපි රැවටුනා නේද කියන එකේ තරහවයි.තව තවත් කස්ටිය අපිව රවට්ටයි.අපි රැවටෙයි.ඒ අපි උන්ට වඩා සුන්දර මිනිසුන් නිසා විය හැකියි.

  13. nirmala says:

    ජැක්සන් පමණක් නොව, ආණ්ඩුවට කඩේ යන තවත් බොහෝ කළා වේදීන් ඈවර වී අවසන් ය.

  14. මෙතෙන්ට ආවේ cult ගේ මෙන්න මේ ලිපිය හරහා. ඇත්තටම අපි ආදරේ කරපු ජැක්සන් කියන කලාකරුවා දැන් මැරිලා. දැන් ඒ වෙනුවට ඉන්නේ වෙනමම මිනිහෙක්. තමන්ගේ අව්‍යාජ සරල මුල වහගෙන ඊට උඩින් විප්‍රකාර තීන්ත ගාගෙන විහින් විහිළුවක් වන මිනිහෙක්. හරිම කම්පනාත්මකයි.

    • කොටින්ම කියනවානම් මිනිස්සුන්ව හිනස්සවන්න බැරි Clown කෙනෙක් වෙලා ඉවරයි.

  15. Anonymous says:

    ජැක්සන්ගේ දේශපාලන මැදිහත්වීම් අමතක කොට ඔහුගේ රංගන හැකියාවන් ගැනයි මම නං කතා කරන්නෙ. ඔය ආකාරයට ජැක්සන් විවේචනය කරන්නට ඔබට අයිතියක් තියෙනව. ඒ ඔබ අනුයන දේශපාලනය අනුව.
    ඒත් ජැක්සන්ව අනුමත කරන අය පිටිසර ලම්වල තාමත් ඉන්නව.
    අපිට ඕනෙ විදිහට හැමෝම දේශපාලන මැදිහත්වීම් කරන්නෙ නෑ නේද?
    කලාකාරයො ගත්තත් ඉතිහාසය පුරා කී දෙනෙක නම් පාලක මතවාද වෙනුවෙන් පෙනී හිටින්න ඇද්ද?
    තාමත් ජැක්සන්ට ආදරය කරන මිනිස්සු බොහොමයි.

    • නොකී කතා says:

      ඇනෝ විදිහට publish වුණා. ලිව්වෙ මම.

    • ///////////කලාකාරයො ගත්තත් ඉතිහාසය පුරා කී දෙනෙක නම් පාලක මතවාද වෙනුවෙන් පෙනී හිටින්න ඇද්ද?/////////////////

      අපොයි ඔව්. ඒක අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ හැම තැනකම වුනා සහ වෙනවා. ඉදිරියටත් එය එසේමයි. මම කලා රසිකයෙක් හැටියට දැන් දැන් මේ කාගෙත් කලාකෘතිය කියන කොටස පමනක් අතට අරන්, අන් සියල්ල අමතක කර දමා රස විඳීමට පුරුදුවෙලා ඉන්නවා. නමුත් පෘතග්ජන මිනිස්සු හැටියට අපි ඒ අයට ගරු කිරීමේ පුරුද්දේදී නිරායාසයෙන්ම “ඔහු/ ඇය”පිලිබඳත් සිත විමසා බලනවා. ඒක නරක පුරුද්දක් බව මට තේරෙනවා. මේක 2013 මුල් භාගයේ ලියපු එකක්.

      ස්තූතියි නොකී කතා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s