අමු කුරහන්????

                 ඉරිදා දිවයිනේ කැමැත්තෙන් කියවන එකම කොළමවන මඤ්ඤං කොළමේ,බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන අරක්කු බොන මොඩ් ගොවියෙක් ගැන සඳහන් විය.මොඩ් ගොවියා කවුද යන්න පසෙක දමා සිද්ධිය ගැන කල්පනාවක් ගැහුවෙමි.කරුනු තුනක් ඔලුවට ටොකු අනින්න පටන් ගත්තේය.
1)බුද්ධ රූපයක් බෙල්ලේ එල්ල ගැනීම
2)ඩෝප් එක දැමීම
3)බෙල්ලේ එල්ල ගෙන ඩෝප් එක දැමීම
                       සම්ප්‍රදායික කතෝලිකයින්,ක්‍රිස්තියානුවන් කුරුසිය හෝ යේසුන් බෙල්ලේ එල්ලගත්තේ අනාදිමත් කාලයක සිටය.එය ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂනයක් විය.අපේ ආච්චි උපතින් කතෝලික බැවින් අතේ කුරිසියක් පච්ච කොටා තිබුනි.පසුව ඇය බෞද්ධාගමික විය.ජීවත්ව සිටියානම් දැන් සියක් වසරට ආසන්නය.
                 බෞද්ධයින් ආගමික සංඛේත ආභරණ ලෙස පැළඳීමක් සිදුවුවායැයි මම නොදනිමි.නමුත් දශකයක දෙකක සිට ධර්ම චක්‍රය බෙල්ලේ එල්ලගැනීම නම් දක්නට ලැබුනි.එයද ආගමික ගැම්මකට වඩා ප්‍රදර්ශනාත්මක ගැම්මක් යැයි සිතුනේ කමිසෙටත් උඩින් එය එල්ලි එල්ලී තිබුන නිසාය.බුද්ධ රූප බෙල්ලේ එල්ල ගත්ත කොල්ලෙක් නම් මම තාම දැක නැත.අර කොළමේ හැටියටනම් එහෙම අයත් ඉන්නවාය.
ඩෝප් වෙලා පොලිසිවල ලගින හාමුදුරුවරු ඉන්න රටේ බුද්ධ රූපයක් පච්ච කොටා ගත්ත එකාට රටට ඇතුල්වීම තහනම් කතාව වෙනම දෙයකි.සැබෑ බෞද්ධයාට එම දර්ශනය අධ්‍යාත්මික සැනසිල්ලක් සහ මාර්ගෝපදේශයක් පමනක් මිස ප්‍රදර්ශන භාන්ඩයක් නොවන බව මගේ පෞද්ගලික වැටහීමයි.
             දෙවනුව, ඩෝප් වීම හෙවත් අරක්කු බීම ගැන නම් යමක් ලිවීමට අකමැත්තක් හිතෙන්නේ මමත් කැමති කැමති වේලාවට තිතට මත නිසාය.කාටවත් වනයක් නොවී,බිබිලක් නොවී අරක්කු ටිකක් බොන එක අවුලක් කියා මටනම් හිතෙන්නේ නැත.(සෞඛ්‍ය සහ ආගමික අමාත්‍යාංශ කලබල විය යුතු නැත.)
                   තෙවනුව.අර කොළමෙන් මතුවෙන්නේ හෝ මතු කරන්නට උත්සාහ කරන්නේ බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන,අරක්කු වීදුරුවක් අතේ තියාගෙන සිටීම සම්බන්ධවය.මෙවන් මාතෘකා එලියට එන්නේ මේ ප්‍රදර්ශනාත්මක මැටි බෞද්ධයින් නිසාය.මුන්ට බොන්නත් ඕනය,ආස දෙයක් කන්නත් ඕනය,ගම් කබර පචත් කෙලිනවාය,ගෙදරට හොරෙන් කොටුත් පනිනවාය ඒ මදිවට මම තරම් බෞද්ධයෙක් නැතැයි පෙන්නීමට බුද්ධ රූපත් බෙල්ලේ එල්ලගෙනය.තුන හතරක් එක පාර කරන්නට බැරිය.ආතල් එකක් ගන්න ඕනනම් එල්ලගෙන ඉන්න බුද්ධරූපේ වැහෙන්න බොත්තම් ටිකවත් දාගන්න මතක තබා ගත යුතුය.නැත්තම් හෙට අනිද්දා සාරඥාණ උන්නැහේ මිසයිල් ගහන්න පටන් ගන්නවාය.එතකොට අහක ඉන්න අපිටවත් අහිංසක ආතල් එකක් ගන්න බාධාය.මේවා අමු කුරහන් වැඩය!!!
            මොඩ් ගොවි කතා මැද තව වැඩක් සිදුවිනි.පහුගියදාක යාලුවෙකුට කෝල් කරනවිට ඌ ශූර ගොවියා ෆයිනල් බලනවාය.අදහස හොඳ වුනත් පැහැදිලි මදි නිසා මම ඕක බලන්නේ නැත.සී.අයි.සී. පොහොර තියා සහණ පොහොර ටිකවත් නැති ගොවියාට මේවා මාකටින් මීහරක් වලවල්ය.නිකමට මෙන් කවුද ශූර ගොවියා යැයි ඇහුවෙමි.ශූර ගොවියා ගයාන් වික්‍රමතිලක බවත් දෙවැනියා නිල්මිනි තෙන්නකෝන් බවත් පැවසිය.මම දන්න ගයාන් කෙනෙක් නැති වුනත් නිල්මිනි නම් නිලියක් බව දනිමි.කතන්දරේ තේරුනේ පසුවය.තේරෙයි හැබැයි කල්යයි කියන්නේ මේවටය.
           ඇත්තටම ශූර ගොවියා ප්‍රසන්න තිලකරත්න නම් දක්ෂ ගොවි මහතෙකි.අපි ඔහුව අගයමු.ගොවියා මාකට් විය යුතු තැන මාකට් වෙන්නෙත් වෙන එවුන්ය.
                         නිකමට හිතන්න.මේවා නම් අමුම අමු කුරහන්ය.!!!!!!!!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

42 Responses to අමු කුරහන්????

  1. Maathalan says:

    ඕක මමත් බල බල හිටියා. පස්සෙ මේ වෙස නළු නිලියෝ ටිකක් දා ගත්තදා ඉඳලා බලන්නේ නෑ. අර මොඩ් ගොවියත් ඌට එහා එකෙක් නෑ කියලා හිතාගෙන ඉන්න ජැකසන් වගේම ගොනෙක් තමයි. සල්ලි එනකොට උන්ගෙ ගැමි කම නැතිවෙලා මාන්නේ ඔළුවට ගහනවා.

    ධර්ම චක්කරේ දාගෙන බිව්වට අවුලක් නෑ. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ මද පමනට ගත්තට අවුලක් නෑ කියලා. අනික දැන් සිවුරත් දාගෙන බොන එකේ.. කිසිම අප්සට් එකක් නෑ..

  2. //ගොවියා මාකට් විය යුතු තැන මාකට් වෙන්නෙත් වෙන එවුන්ය// හැම තැනම වෙන්නේ ඕකම නේද aru.
    අපිනං ඉතිං හිනියට දෙකක් දාගන්නවා ජොලියක් ගියාම.

    • arugeadaviya says:

      අපේ රටේ නම් හැම තැනම වෙන්නේ ඕක.අපේ උරුමයද කොහෙද.නලීන් මගේ කලින් පෝස්ට් එකේ හිරු පත්තරේ ගැන කමෙන්ට් එකට මම පොඩි රිප්ලයි එකක් දැම්මා.මොනවා හරි මතකද බලන්න.

  3. “මේවා නම් අමුම අමු කුරහන්ය.!!!!!!!! ” ඇත්ත

  4. Anonymous says:

    අමුම අමු කුරහන්….අනිවාර්යයෙන්ම…

  5. කළු සහ සුදු says:

    අමුම අමු කුරහන්ය…ඇත්තය…

  6. Black Puma says:

    අමු කුරහන් වලට අමුම අමු කුරහන් ගොඩක් අමුයිද? අනේ මන්දා මට අමු කැවිලා වගේ

    • arugeadaviya says:

      පූමෝ……..මුලු සමාජයම අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් අමු කාලා ඉන්නේ.සමහරු ඒක පිලිගන්නේ නැහැ.
      අමු නැති ලොවක හමුවෙමු.

  7. Chandana says:

    ඔය එක එක සුකුරුත්තන් බෙල්ලෙ එල්ල ගන්නෙ නම් ෂෝ එකට තමයි.. මට මතකයි අපි එක්ක හිටිය එක පොරක් පොල් කටු වලින් ලස්සනට හදපු කුරුසෙකුයි, ධර්ම චක්‍රයකුයි මාරු කර කර එල්ලගෙන ඉන්නව. ඌ නොකරන මගුලක් නෑ.

    අර තරඟෙ නම් බැලුවෙ නෑ මං…

    //ගම් කබර පචත් කෙලිනවාය// මට ද කිව්වෙ.. 😀 😀 😀

  8. Kenji @ Japan says:

    මේවට මොනව හරි ලියන්න ගියොත් කුනු හබ්බ තමා ලියැවෙන්නෙ අරූ.

    • මොනවද කෙන්ජි කුණුහරුප කියන්නේ, මහින්ද චින්තනයෙන් කුණුහරුප කියන නම වෙනස් කළා අර වල අලි වන අලි කළා වගේ. දැන් කියන්නේ කුණුහරුප නෙවෙයි “විෂම වදන්”

      • Kenji @ Japan says:

        හෙහ්..එහෙමද?චන්ද්‍රසේන කාරය තමා අලි නම වෙනස් කොලේ.
        එහෙනම් අද ඉදල විෂම වදන් කියමු මලේ.

    • arugeadaviya says:

      කෙන්ජි…….උඹ උඹේම වු බ්ලොගක් පටන්ගන්නේ කවදාද?සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන බව දැක්කා.

      • Kenji @ Japan says:

        ලිපි ලියනවට වඩා දවසකට වැඩිපුරම කොමන්ට් දාපු එකාගෙ ගීනස් රෙකෝඩ් එක තියන්න හදන්නෙ.
        මගේ හිතවත් සහෝදර/සහෝදරියන් ලියන ලිපි වලට මම දවසකට දමන කොමන්ට් ටික එකතු කරල බැලුවොත් ඒකත් ලිපියක් වගේ තමයි අරූ.
        බලමු මචං,මටම කියල ලියන ඉට්ටයිල් එකක් ලැබුන ගමන් ලියමු.
        ලිපියක් ලියන්න යම් කිසි උරුවක් තියෙන්න එපැය.
        ස්තුතියි ඔබට.!

    • arugeadaviya says:

      කෙන්ජියෝ මචන් ලිපි ලියන්න උරුවක් එන්නේ නැහැ.ලියනකොට ලියනකොට ඒක නිකම්ම හැදෙනවා.

  9. Kandyan says:

    බුදුහාමුදුරවන්ගේ රූපයක් පච්ච කොටාගන්නේ නැතිව සිද්ධාර්ථ රූපයක් කොටාගත්තට ආගමන විගමන කස්ටියගෙන් අවුලක් නැත්ද කියලා හොයලා බලන්න ඕන.

    • arugeadaviya says:

      ඕකේ ඉන්න මහ එකා සිද්ධාර්ථ දන්නේ නැහැ.අර ෆිල්ම් එකේ ඉන්න හින්දි නලුවාද කියලා අහයි.

  10. වසන්ත දුක්ගන්නාරාළ දෙවැනි ජැක්සන්ය, ඌත් මැරිලාය. මේක තනිකරම නාථ දෙවියන් අපහසුතාවයට ලක් කිරීමට කල වැඩසටහනකි. වකුගඩු රෝගයට හේතු වූ කෘෂිරසායන කාරයෝ නාථ දෙවියන්ට එරෙහිව කල කුමන්ත්‍රණයකි.

  11. arugeadaviya says:

    මේ යකාට දුකා කීම අපේ දුකාට අගෞරවයකි.මුට අපි පුකා කියමු.අරයා වැල පුකා.මෙයා වරකා පුකා.වැල වෙන්න වැඩිකල් යන්නේ නැහැ.අරයාගේ කපන්න ඕන අං ය.වරක පුකාගේ කැපිය යුතු වල්ගයය.

  12. රාජ් says:

    කාරණා කිහිපයක් තියේ.
    බුද්ධ රූපෙ දාගෙන, එලියට පේන්න දාගෙන ගල් ෂොට්එක අතේ තියාගෙන ඉඳීම නං ඕනෑවට වඩා වැඩියි. ඒවට රිදෙන්න වැදුනට අපිට කොරන්න දෙයක් නෑ. හැබැයි ධර්ම චක්කරේ කියන්නෙ නං ජ්‍යාමිතික වස්තුවක්.

    සූරගොයියය් නිල්මිණියි ගැන මෙහෙම හිතන්න බැරිද? සූරගොයිය උනත් මාකට් කරන්න නිල්මිණී වගේ කෙනෙක් නොහිටිය නං පුළුවන්ද?

    • arugeadaviya says:

      බුද්ධ රූප එල්ලගෙන බොන සහ බුද්ධ චීවරය පෙරෝගෙන බොන අයටත් රිදෙන්න නෙමේ වැටෙන්න ගැහුවත් වරදක් නැත.ඒ ගැන කිසිම විවාදයක් නැත.මම සඳහන් කරන්නේ ප්‍රදර්ශනේට මම නියම බෞද්ධයා යැයි කියමින් කරන ගොන් පාට් වලටය.
      ගයාන්ලාගෙන් නිල්මිනිලාගේන් මාකට් වෙන ගොවීන්ට, ඒ නියමිත මාකට් එක දිගටම තියෙයිද කියන එක නම් ගැටලුවකි.ඒ නිසා තමයි මම ලිව්වේ අදහස හොඳයි හැබැයි පැහැදිලි මදියි කියලා.
      ස්තුතියි රාජ් උඹේ සිතිවිල්ලට.මම නිතරම කියන ලෙස” මා වැරදි විය හැක”.

  13. ලිපියෙන් මතු කරලා තියෙන අදහස් ගැන ගැටුමක් නෑ. නමුත් ඔය සිදුවීමට සම්බන්ද මොඩ් ගොවියා ප්‍රකාශයක් කරලා තිබුණා නේද අදාළ පින්තූරය කොම්පීතර ජිල්මාට් එකක් කියලා… ඒක එහෙම නම් අපි මේ මොඩ් ගොයියට පලු පැලෙන්න අරින එක හරි නෑ වගේ නේද?

    • arugeadaviya says:

      චින්තක……මට පෞද්ගලිකව මොඩ් ගොවියාට පහර ගැසීමට උවමනාවක් තිබුනේ නැහැ.ඔය වගේ කස්ටිය තව බිහිවෙන්න පුලුවන් නිසා තමයි එහෙම ලිව්වේ.අනිත් එක මේ දහයක් පහලොවක් ගොඩවෙන ගොබ්බ බ්ලොග් එකකින් මට ඒ වැඩේ නවත්වන්නත් බැහැ. මම කියන්න හදපු දේ නිවැරදිව තේරුම් අර ගැනීම සම්බන්ධව මම උඹට හිස නමා ගරු කරනවා.අර ජිල්මාට් ප්‍රකාශය කොහෙද තියෙන්නේ?එක කාලෙකදී සෝමේ සහෝදරයාත් ඔය ජිල්මාට් කතාවක් කිව්වානේ.

  14. ඒ සීන් එක පින්තූරසාප්පු වැඩක්. හැබැයි ඒ ගායකයා බුදුරුව තියෙන ටීෂර්ට් එකක් ඇදගෙන ප්‍රසංගයක සිංදු නම් කියලා තියෙනවා.

    ඔය සංඛේත පැලදීම නම් මටත් එච්චර අල්ලන්නේ නැහැ.

  15. පොස්ට් දාන මරේ මරූ
    ඒ දෙන රිප්ලයිත් මරූ
    අරූ නොකර මාව මරූ
    ලින්ක් දෙන්න නොකර බොරූ

    අරූ මේ අඩවියට ලිනක් එකක් දාගන්න හැටි කියහන්කෝ බං

    • arugeadaviya says:

      මචං ඉවාන්…….මට මේ බ්ලොග් එක හදලා දුන්නේ මගේ මල්ලි මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා.මම මේකෙ ඇතුලේ ලියලා පබ්ලිශ් කරන්න විතරයි දන්නේ.ෆොටෝ එකක්වත් දාන්න දන්නේ නැහැ.බ්ලොග් ලිස්ට් එකක් දාගන්න දන්නේ නැහැ.උඹ කියන ඔය ලින්ක් එක කියන එක ගැනත් මට අදහසක් නැහැ.සමහර බ්ලොග් වල මාව එල්ලලා තියෙනවා.මම හිතාගෙන ඉන්නේ කාව හරි අල්ලගෙන මේ වැඩ ටික කරගන්න.දේශකයා මාව එල්ලලා තියෙන බව දැක්කා.උත්තරය දිගයි සමාවෙයන්.

  16. deshakaya says:

    කුරහං සාටකේ බෙල්ලේ ඉල්ලං ඉන්න රටක ඕවා මොනවද මෙයා…(අරූ)

  17. arugeadaviya says:

    අපිට නම් එල්ලන් ඉන්න වෙන්නේ පල්ලෙහා තියෙන දෙක විතරයි නේද බං?

  18. Altair says:

    අමු කුරහන් ඔහොම තමා,කැපුවට වේලන්නත් බෑ කුණු වෙන්න බලනවා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s