හමුදා ටින්කිරි!!!!!!!!!!!!!!!

           ටැබූ 2009 දී ලියු සටහනක් නැවත පලවී ඇත.එය කියවීමෙන් පසු මෙය ලියා දැමීමට හිතුවෙමි.එදා යුද්ධය අවසානවීමත් සමගම ජනතාව වීදි බැස ධජ ලෙලවා තමන්ගේ සතුට ප්‍රකාශ කලෝය.හමුදා සෙබලුන් රටේ ආරක්ෂකයින්ය,දිවි හිමියෙන් රට සුරැකින්නේය යන අදහසින් ජන මනස කුල්මත්වී තිබුනේය.එය සැබෑවකි,එහි කිසිම වරදක් නැත. ජෙනරල් සරත් ෆොන්සේකා දේශපාලනයට තල්ලුවී ගිය විටත්,ඔහුට පාලකයින් විසින් අනිසි චෝදනා,බලපෑම්,නිගරු කිරීම් සිදුකරනා විට ජනවිඥාණය තව තවත් හමුදා සොල්දාදුවා දෙසට යොමුවිය.හමුදා සොල්දාදුවා විරුවෙක්ය යන තැන සිට හමුදා සොල්දාදුවා අසාධාරනයකට ගොදුරුවෙන පුද්ගලයෙක්ය යන තැනට දක්වා මිනිසුන් හිතන්නට පුරුදු වුනි.අසාධරණයට ලක්වන අන් සියලුම පුරවැසියන් ගැන වගේ වගක් නැතිවිය.ජවිපෙ, බාහු .සිට යුඇන්පිය දක්වාත් මහජනතාවගේ සිට පාලකයා දක්වාත් එය එසේම විය.නමුත් පාලකයි නම් එය එසේ සිදුවීම ගැන සතුටුවිය.

                                                         හමුදා සොල්දාදුවා එහෙමත් නැත්නම් හමුදාවට තිබු ගෞරවය සහ අනුකම්පාව සූක්ෂම ලෙස තම පාලනයේ පැවැත්ම සඳහා නින්දිත ලෙස භාවිතා කිරීමට පාලකයා කපටිවිය.දක්ෂ විය.එය කිසිම විටෙක කිසිම පාලකයෙකුට කර ගත නොහැකිවූ මනා කලමනාකාරිත්වයෙන් යුතු සැලැස්මක් විය.සරත් ෆොන්සේකා ඔවුන්ගේ බල දේශපාලනයට බාධාවක් වීමම නිසා ෆොන්සේකාගේ අනුගාමිකයන් හැර අනික් සියලුම හමුදාවේ උසස් නිලධාරින් තානාපති කප්පම්,සභාපති කප්පම්,ආදී එකි මෙකි නොකී සියලුම උප්පරවැට්ටි යොදා අන්ධ භක්තිකයින් බවට පත්කර ගත්තේ,හමුදා නිල ඇඳුම දවසකටත් ඇඳපු එකෙක්වත් නොකරන විදිහටය.ඒ කප්පම් ගැන නම් ලිවිය යුතු දේ බොහෝය,ඒවා වෙනම්ම ලිවීම වටි.

                                        සරත් ෆොන්සේකා එතැනින් පසු නාමික පුද්ගලයෙක්ම පමනක් විය.මෙහිදී පාලකයින් ගත් වඩාත්ම කල්පනාකාරී තීන්දුව ලෙස මම දකින්නේ ඔහුගේ නිළයන් සහ පට්ටම් අහෝසි කිරීමයි.එතැන් පටන් ඔහු හමුදාවෙන් මෙන්ම හමුදා මානසිකත්වයෙන්ද ක්‍රම ක්‍රමයෙන් ගැලවී ගියේය.හමුදා සෙබලාද ඒ ආකාරයෙන්ම ඔහුගෙන් ඉවත් වුනේය. මේ පාලක රෙජීමය ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කර ගැනීමට ගත් ප්‍රබල සහ අමානුශික තීන්දුවක් බව මගේ විශ්වාසයයි.

                                 එතැනින් පසු ක්‍රම ක්‍රමයෙන් සිදුවූ සිදුවීම් මා ලියනවාට වඩා ඔබ සිතනවානම් වඩාත් සුදුසුය.සෙබලුන් කානු සුද්ධ කරනවාද,තක්කලි කිරනවාද යන්න තීරනය කල යුත්තේ හමුදා අධිකාරියය.එය අපිට අයිති රාජකාරියක් නොවේ.අති බිහිසුනු යුද්ධයකින් පසු ඉතිරිවන සොල්දාදුවාට සිදුවන්නේ තවත් යුද්ධයක් පටන් ගන්නා තෙක් ශාරීරික අභ්‍යාසවල යෙදීම සහ අනිකුත් වැඩ රාජකාරී වල යෙදී සිටීම විය යුතුය.එය හමුදාවේ පිලිවෙත දැයි මම නොදන්නෙමි.මම දකින්නේ මෙහි දේශපාලන සංදර්භයයි.
                        අභිමානවත් සොල්දාදුවාගේ සිට පාලකයාගේ ඕනෑම වැඩක් කරගත හැකි සොල්දාදුවා නැමති තැනට ඔවුන් පත්කලේ යම්කිසි අරමුණක් සහිතවය.සොල්දාදුවා නිකම්ම නිකම් පොලිස් කාරයකුගේ තත්වයට ඇද දැමීය.(පොලිසියට අගෞරවයක් නොවේ.)ඊයේ රතුපස්වල දැක්කේ ඔය ටිකය.හෙට වෙනත් පස්වලත් ඔය ටිකම අනිවාර්යයෙන් බලාගත හැකිය.වෙඩි තැබුවේ සොල්දාදුවා නොව උගේ මහ එකාටත් උඩින් උඩින් ඉන්න මහයකාය.මේ නව හමුදාපති තුමාගේ අලුත්ම නොවන ප්‍රථම අවවාදයයි.පරස්සම් වෙයව්.පුක හෝදන්න වතුර අපි දෙනකම් හිටපියව්.
                         මේ වනවිට රැඟුම්හල් පාලනය,අවන්හල් පාලනය,ඇතුලු එකි,මෙකි නොකී සියලුම පාලන සහ පරිපාලන කටයුතු හමුදාව අතට පත් කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ මහජනයා මීජනයා බවට පත් කර තබා ගැනීම හැර අන් කවරෙක්ද?හමුදා අවන් හලකට ගොස් ලුනු වැඩි කෑමකට ලුනු වැඩියි කිව්වොත් හෝ හොද්දේ මැස්සෙක් යයි කීවොත් පුකට පිස්තෝලය තැබීමට පවා බැරි නැත.මහ සමයම බලා නෙලුම් පොකුනේ පුටුවක හුජ්ජ ගියොත් වෙඩි කන්නට බැරි නැත.වතුර ඉල්ලපු එකාට මෙහෙම නම් හුජ්ජ කරන එකාට කොහොම වෙන්න බැරිද?මේ රට ඒ තරමින්ම හමුදාකරණයකට ලක් කරමින් සිටී.ඒ තුල අප කරන සියලුම දේ වැරදිය.උන් කරන සියලුම දේ නිවැරදිය.
                     එදා යුද්ධයේ අවසන මහා ජනී ජනයා කිරිබත් කැව්වේ ඒ වීර සෙබලාටය. නමුත් පාලකයින් කිරිබත් කවා ඉඟුරු තේ පෙව්වේ සොල්දාදුවාට නොව හමුදා පාලනයකට උචිත ක්‍රම වේදයන්ටය.ඒ දවස් වල මේ සම්බන්ධව අදහස් පල කරනවිට සමහරුන් ඇසුවේ,ඇයි මොකද හමුදාවට කියලා අහවල් මාර්ගයේ ඇරගන්න ඕනද කියලාය.රෙන්න තියෙන පුක නන්න කරගන්නේ මොකටද කිය අයින් වුනෙමි.
                                     නිහඬව සිතන්න!හඬ නගා නොකියන්න!ඔබ අතුරුදන් විය හැකිය!!!!!!!!

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

27 Responses to හමුදා ටින්කිරි!!!!!!!!!!!!!!!

  1. kathandarakaraya says:

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

  2. අරූ මෙහෙමයි මම නම් මුල සිටම මේක සැක කෙරුවා. මොකද මට 88/89 අමතක කරන්න බැහැ. එහෙත් හමුදා සෙබලා පිළිබඳ යම් හැඟීමක් මටත් තිබ්බා. දැන් මගේ සැකේ හරි. කැලේ විතරයි මාරු වුනේ සතා සතාමයි. අවස්ථාවක් විතරයි ඕනෙ.

    • arugeadaviya says:

      සුසන්ත…….අනුකම්පා කරන්න බැරි හේතු රාශියක් මගේ හිත ඇතුලේත් කකියනවා.ඒවා තවත් තුවාල කරන එක තමයි මේ කරන්නේ.

  3. maathalan says:

    හමුදාවට නම් මගේ කිසිම ගරු කිරීමක් නෑ. ලයිසන් තියෙන මිනීමරුවෝ. පොඩ්ඩක් ඇප්‍රිෂේට් කලේ නිදහසේ ජීවත් වෙන්න දුන්නෙ නැති කාළකන්නි ත්‍රස්තවාදීන් ඉවත් කල නිසා පමණයි. ඒත් එදා කිරිබත් කාපු උන් ගැන නම් මට දුක හිතුනා. මොකෝ උන්ට ඒ වෙනකොටත් 88-89 අමතක වෙලා තිබුනා. එතන උනේ එතුවක් කල් නිසියාකාරයෙන් ඉටු නොකල තම රැකියාව නිසියාකාරව ඉටුකිරීම පමණයි.

    අද ලේ දන් දීපූ ජනතාවගේ ලේ රහ විඳිනවා. තුවක්කුව තිබුනට මොලේ නැති රොබෝවරු. මිනිසුන් කුපිත කරලා වෙඩි තියලා මරලා දාන රෝබෝ වරු. නිරායුධ මිනිසුන්ට වෙඩි තියලද මුන් වීරයෝ වෙන්නේ. අර ඉඩී අමීන් සෝ එක ආයෙත් පෙන්නුවනම් හරි. මම ප්‍රභාකරන්ගේ පොඩි එකා මරපු එක ගැන කතාකලාම. මාව මරාගෙන කන්න හැදුවා. එතන ඉස්මතු කලේ මනුස්සකම පමණයි. අද අපේ පොඩි එකා මරණවා..

    • arugeadaviya says:

      මිනිස්සුන්ව අන්තිම කැත විදිහට අසරණ කරලා.මේවා අවසන් වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න අමාරුයි

      • මම හමුදාව සාධාරණීකරණය කරන්න කතාකරනවා නෙවෙයි මාතලන්, යුද්ධය නිසා හමුදාව ප්‍රමිතියෙන් බාල වුනා. බාල තෙල් වගේ. තමන්ට දරන්න බැරි තනතුරු වලට පුද්ගලයන් පත්වුනා. හමුදාව කිව්වම ජාත්‍යන්තරව හිතන්න. සොල්දාදුවා තුල තියනවා adaptability හෙවත් ක්ෂණිකව අනුවර්තනය වීමේ හැකියාව. අපේ හමුදාව හමුදාවක් කරන්න අවශ්‍ය නිවැරදි නායකත්වය පමණයි. සිංහයෙක් අණ දෙන ඔටු හමුදාවකින් පුළුවන්, ඔටුවෙක් අණ දෙන සිංහ හමුදාවක් පරද්දන්න. අපි තවමත් පරක්කු වැඩි නැහැ. සොල්දාදුවාගේ හිතේ ඇතුල දන්නේ අපි වගේ පරණ ආමි කාරයෝ විතරයි.

    • මේ හැම දේකටම මුල නිවැරදි නායකත්වයක් නැතිකමම තමයි.

  4. Kenji @ Japan says:

    මුන් දන්නව කොයි මොහොතක හරි අරාබි වසන්තය වගේ ජනතා විරෝධයක් එනව කියල.
    පිරිසිදු වතුර පොදක් ඉල්ලපු ජනතාවට ඔහොම සලකන්නෙ වෙන ඒවට ආවත් මෙහෙමයි දෙන්නෙ කියල පෙන්නන්න.
    මේව සේරම කරන්නෙ ගොබ්බ ගෝඨය.

    • arugeadaviya says:

      පොලිස් ගායකයා කියනවා උන් හිටියානම් ඔහොම වෙන්නේ නෑලු.අර අසරණයාගෙ ආදාහණ කටයුතු “හිතාගන්න බැරි” විදිහට කරන්න කියලා මහ තැන උපදෙස් දුන්නාලු.මටනම් හිතාගන්න පුලුවන් “හිතාගන්න බැරි” විදිහ.

    • කෙන්ජි අයියේ කතාව සහතික ඇත්ත. හැබැයි ගොබ්බ ගෝඨා විතරක් නෙවෙයි, රජ පක්ෂ සමාගමම.

  5. deshakaya says:

    මේකට හොදම උත්තරේ දෙන්න ඉන්නේ අපේ විචාරක් මහත්තයා .තමා. සෙබලා හරියට බැටරි දාපු රොබෝ කෙනෙක් වගේයි.. විධාන වලට කටයුතු කරන..

    • arugeadaviya says:

      විජිත හේරත් කියනවා වෙඩි තියපු අයට නීතිය බලාගනිලු අනාගතයේදී.නීතිය බලන්න ඕන වෙඩි තියපු එකාගේ ඇඟිල්ල දිහා නෙමේ,වෙඩි තියන්න කියපු එකාගේ ඔලුව දිහා.අරූ වෙඩි තිබ්බේ නැත්නම් මහ එකා ඌට වෙඩි තියනවා.රූකාන්තලාගේ කේස් එකේ එහෙම කරපන් කියලා අණ දීපු එවුන් කෝ?

  6. මචං මිනිස්සු තම මුලුක අවශ්‍යතා වෙනුවෙන් කතා කරන නැතුව වෙන් මොන වෙනුවෙන් කතා කරන්නද…….අධ්‍යාපනය,ජලය,අහාර,සාමය වෙනුවෙන් සටන් නොකර, වෙන් මොනා වෙනුවෙන් වත් කතා කරලා මොකටද…….ප්‍රශ්නයක් සාධාරණී කරනනය කරලා වැඩක් නැහැ, අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රශ්නය විසදීම……

    “මෙතනත් මම මාතලන්ගේ පොස්ට් ඒකෙ දැමු කමෙන්ට් එක දමමි”

    අප තවමත් තුන් වන පන්තියේ දුප්පත් රටක් බව……ශ්‍රී ලංකා රජය නැවත ලොවට කියා අවසනය….

    අප නායකත්ව පුහුණුවට එක වරක් හමුදා පුහුණු පාසැලකට යැවූ විට එහි ප්‍රදාන පාලකයා වරයා කිවේ…..

    “අපිට උබල වගේ ඉගෙන ගත්තු උන් වැඩක් නැහැ. අපිට ඕනේ අණක් දුන්න ගමන් හරිද වැරදිද කියල බලන් නැතිව ඒ අණ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්තු නැති උන්….උබලට මොනහරි අණක් දුන්නම උබල හිතනවා ඒ නිසා ඉගෙන ගත්ත උන්ගෙන් හමුදවකට වැඩක් නැහැ”

    ඒ බව රතුපස්වල ප්‍රහාරයෙන් මොනවට පැහැදිලි විය. මේ වන්නි මානුෂිය මෙහෙයුමේදී ලොව විශලතම මානුෂිය මෙහෙයුම දියත් කල වීර හමුදා සෙබලුද……

    නලින්ද සංජිව කියන විදිහට තම හදවතකට එකගව තම රැකියාව කිරීමට නොහැකි ඕනෑම මනුස්සයෙකු මහම කාලකන්නියෙකි. ඒ බව උද්ගෝෂණයක් අවසාන බොහෝ විට හමුදා, පොලිස්, කැරලි මර්දන අදින් හොදට දැකිය හැකිය. ඔවුන්ට අවශ්‍ය මිනිස්සුන්ට පහ දීම නොව තම දරු පවුල රැක ගනු වස් පඩියක් වෙනුවෙන් තම ඉහල නිලදරියගේ අණ ක්‍රියාත්මක කිරීමටයි. මේවා හමුදා සෙබළුන්ට වඩා නිලදාරීන්ගේ තක තීරු පාලනයේ නිර්දය පාලනයයි….2/3 දීලා ආණ්ඩු පත් කලේ ජනතව නිසා ගොන්නු කවූරුත් නොව ජනතාවය….

    flying fish අපට රුප රාමුවල දැකීමට අවශ්‍ය නැත මින්ස්සු ඒක සජීවීව රතුපස්වලදී ඉතා හොදට නරබන ලදී…….සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද…..

    ආපස්සට හිතන්න එපා එහෙම උනොත් අපිට ආයේ අවංක හමුදා සෙබලෙක් වෙනුවෙන් අසුනක් වත් දීමට නොසිතෙවී……

    වතුර වෙනුවන් හඩ නගන රටක…..ආශ්චර්යමත් පාලනය……දුකයි……

    • arugeadaviya says:

      මචං රස්තා……….. අපි කැමති වුනත් අකැමති වුනත් පාලකයාගේ කැමතිම තුරුම්පුව වන මර්දණය එදත් පාවිච්චි කරා,අදත් පාවිච්චි කරනවා,හෙටත් එහෙමයි.මේ කුරිරත්වයට විරුද්ධව මිනිස්සු එදත් ,අදත්.හෙටත් හඬ නැගුවා සහ හඬ නගාවි.මේ යන විදිහට අන්තර්ජාතික අත පෙවීමකින් එහා වෙන විසඳුමක් නැහැ අපි කැමති වුනත් නැතත්.තත්වය ඉතාමත්ම ශෝකණීයයි.

  7. මටත් මෙතන දාන තියෙන්නේ මම නාදියාගේ බ්ලොගේ දාපු කොමෙන්ටුවමයි., මුන්ට වෙඩි තියන්නමයි ඕනේ, සංවර්ධන දර්ශකේ “වීයාග්‍රා ගහපු …යිය” වගේ නගිනකොට එනවා මෙතන වතුර හිඟන්න.

  8. “නිහඬව සිතන්න! හඬ නගා නොකියන්න! ඔබ අතුරුදන් විය හැකිය!!!!!!!!”

    මුළු පොස්ටුවත් හරි ඔබේ මේ වචන ටිකත් හරි.

    මේ වචන ටික මතුවෙන්න කලින් මොනතරම් කාලයක් හිතේ පැහෙන්න ඇද්ද කියල හිතන ගමන්ම මෙන්න මේ ටිකත් කොටන්නම්. අපි කවුරු කොහොම කිව්වත් අපේ හෘදය සාක්ෂියට අනුව ආමිකාරයා යනු කුලී මිනීමරුවෙක්. නමුත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි අපට පාලනය කළ නොහැකි මිනීමරුවන් වෙනුවට පාලනය කළ හැකි (අඩුම ගානෙ එහෙම පාලනය කළ හැකියැයි හිතන) මිනීමරුවන් පිරිසක් තෝරාගන්නවා. නමුත් මේ සියල්ල මැද සැබෑ ලෙසම ත්‍රස්තවාදය පරාජය කිරීමට හේතු වුණේ වෙන මොනම දේකටත් වඩා “සොල්දාදුවා” කියන මිනිහා දෙවියෙක් ලෙස ජනතාවගේ හිතේ ඇඳපු චිත්‍රය. බස් එකේදී බඩදරු අම්මා නැගිටලා සීට් එක දෙන්නේ, එදා රෑට පරන්තන් වලදී තවත් බඩදරු අම්ම කෙනෙක්ට වෙඩි තියන්න වුණත් සූදානම් මනුස්සයෙක්ට බව අපේ මිනිස්සු තේරුම් ගත්තේ නැහැ.

    “මිනීමරු ආමිකාරයා”, දේශප්‍රේමී “රණවිරුවා” කළේ ආණ්ඩුව. නමුත් ඒ කබල්ලෑව ඇතුළේ සැඟවිලා තියෙන කුණු ගඳ ගහන සැරව පිරිච්චි තුවාලේ ජනතාව දකින්න කළින් සුද්ද කළයුතුව තිබ්බා. ලෝකේ ත්‍රස්තවායට එරෙහිව සටන් කරපු, කරන, ඕනෑම රටක එවන් පශ්චාත් යුධ මානසික පිළිසකර කිරීමේ සැලසුමක් තියෙනවා. අපි මේ ගෙවන්නේ එහෙම නොකර ඉඳීමේ පාපය.

    අවසාන වශයෙන් කියනන් තියෙන්නේ, “වතුරෙන් පටන්ගත් රාජපක්ෂ ආණ්ඩුවේ දේශප්‍රේමය, වතුරෙන්ම අවසන් විය.”

    • දකුණේ විමල්,චම්පක,වාසු උතුරේ ටී.එන්.ඒ.කටක් ඇරපු බවක් නම් දැක්කේ නැහැ.උතුරට නම් එක මරණයක් දැනෙන්නෙවත් නැතුව ඇති.උන්ගේ දහස් ගනන් මරනකොට අපිට වගක් නැතුව හිටිය එකේ

  9. “අණ” ලැබුනට අනින්නම ඕන ද….? හරකෙක් වුනත් අනින්නෙ කලාතුරකින් අන ලැබුනට උන් අනින්නෙ ම නෑ, ඔළුව වනලා බය කරනවා විතරයි.

  10. nirmala says:

    අර ඉගිලෙන මාළුවෝ චිත්‍රපටියෙන් චිත්ත ධෛර්ය නැතිවෙනවා කියුවේ මේ හමුදාවේද?

  11. බැස්සොතින් පාරට
    ආයෙමත්
    හුස්ම ගන්නට පවා
    ඇති අයිතිය
    ඇහිරුණ විටදී…
    නගමින් ජන හඬ
    සමග ජන රැලි
    එරෙහිව බාධක පවුරු
    වැට කඩුලුවලට…
    යන්නට වෙන බවට
    පරලොව විසුමට
    දුන් “පෙර අනතුරු ඇඟවීමද”
    මීළඟ ජීවිතය
    බිලි ගන්නට පෙර.

  12. Mayya says:

    බොහොම ස්තූතියි මේ පෝස්ට් එකට….

    සබෑ ජනතා ප්‍රශ්ණයක් ඇදි ඇදී යන්නට ඉඩ හැර එය උච්ච ස්ථනයයක්ට පත්වෙලා මිනිස්සු පාරට බහින කම් ඉදලා , කැරලි මැර්ධන හමුදාවක් වෙනුවට යුධ හමුදාවක් දාලා ජනතා උද්ගෝශනයක් මැඩ පවත්පු කාලකණ්නි ඉන්න රටක රටවැසියෙක් ලෙස මා ඉන්නේ ඉතා කලකිරීමෙන්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s