වැව් ඉස්මත්තේ නැගණිය දීග ගිහින්ය.මම ඇයට සුභාසිරි පතමි.මගේනැගණියගේ කථා වස්තුව ඊට හාත්පසින්ම වෙනස්ය.මට කවි ලියන්නට බැරිය.ඒත් මීට අවුරුදු තුනකට පෙර ලියු අඹ ගහයටද එල්ලා තිබූ මේ මා හඬවන ඇගේ ගීතය නැවත පලකිරීමට හිතුනේ වැව් ඉස්මත්තේ “අම්මා කෙනෙකු මෙන්”කියවීමෙන් පසුවය.
දකින්නේ අවට
අතිනත් බැඳ
තුරුල් වු
පෙම්වතුන්ගේ
පෙම් රැඟුම් නම්…..
පෙනෙන්නේ දසත
පොඩිවුන් හොවාගත්
ලබැඳි
පියවරුන්
මව්වරුන් නම්…..
පතන්නේ නුඹත්
ඇහැකි නම්
එවන් වු
පෙම් කවක් හෝ
ඉන් ඇබිත්තක්…..
හඬන්නේ මසිත
කෙලෙසදැයි
නුඹ නොදන්නේ
නංගියේ ….පොඩි වැඩිය
ඔබ එය නොදත්තත්……..
(ජීවිතයේ 41 වැනි කලට ලංවෙන මන්දමානසික නංගීගෙන් ලොකු අයියා අයදින සමාව.)
Aru
හුගක් සංවේදි උනාම දත් කට කට ගාලා වදිනවා..
ඔව් දේශා…මේක හරියට හිතට දැණෙන ප්‍රශ්ණයක්.අම්මාත් හරියට දුක් වෙනවා.මානසික දුබලතාවයක් තිබුනත් අනිත් අයට වගේ පිරිමහගන්න ශාරීරික අවශ්‍යතාවයන් ඇතිනේ නේද?එයාට බඳින්න ඕන කියනවා.
කවුද බං කියන්නේ උබට කවි ලියන්න බෑ කියලා.මේ ලියලා තියෙන්නේ යස අපූරුවට.
එහෙම නම් කමක් නැහැ.
මේ තියෙන්නේ සුපිරි කවි.. කොහොමත් උඹගේ කවි මල් මසුරන්. මට ඊටත් වඩා සතුටුයි, කවි පෙන්නන්න බෑ කියපු “හිරු” ලියපු කවිය ගැන..
මේ තියෙන්නේ සුපිරි කවි.. කොහොමත් උඹගේ කවි මල් මසුරන්. මට ඊටත් වඩා සතුටුයි, කවි පෙන්නන්න බෑ කියපු “හිරු” ලියපු කවිය ගැන..
ඔව් බං හිරු හොඳ රැඩිකල් කිවිඳියක් වගේ.
අරු අයියේ මේ කතාව නම් හුගක් වදිනවා. ඒ අය භාරව ඉන්න අය විදින දුක් ගින්න දන්නේ එයාලම තමයි. වෙන කාටවත් ඒක ගැන හිතා ගන්නවත් බෑ.
පූමා කොල්ලෝ….ඔව් කතාව ඇත්ත.ලඟින්ම ඉන්න අම්මා තමයි එයාගේ හැම සිතුවීල්ලකම දන්නේ.නංගිට රහට උයන්න පුලුවන්.ගෙදර හැම වැඩක්ම පුලුවන්.හැබැයි එයා මනසින් තවම පොඩි ලමයෙක් වගේ.
කොමෙන්ට් නොකරමි. ඇඬේන්න ආ විට කතාකරගත නොහැකි බැවිනි.
ස්තූතියි ඉවාන්.කඳුල ශෙයාර් කරගන්න පුලුවන් එක හොඳ ගතියක්.
නිර්මාණ කරුවෙක් කියන්නේ තමන්ගේ හිතට දැනෙන දෙයක් අනිත් අයගේ හිතට තමන්ගේ වගේ දැනෙන්න නිර්මාණය කරන්න පුළුවන් කෙනෙකුට.මම හදිස්සි වෙන්නෙ නෑ ඔයා එහෙමයි කියලා කියන්න.කොහොම උනත් මේකනම් හරිම ලස්සනයි.
ස්තූතියි ඒන්ජල්.පෞද්ගලික අත්දැකීම් තමයි වඩාත් නිර්මාණශීලිව එලියට එන්නේ කියන එකයි මගේ හැඟීම.මම හිතට එන දේවල් ලියන සාමාන්‍ය බුවෙක්
ලස්සන කවියකින් සංවේදී අදහසක්….
අපි අනිත් අයට වඩා වෙනස් ජාතියක් උනාට වෙනස් අයට අපි සලකන්නෙම වෙනස් විදිහට…….
ඔව් සඳුනිමා…..කරන්න බැරි දේවල් හිතලා වැඩක් නැහැ.ඒ උනාට මම එදත් හිතුවා,අදත් හිතනවා..මගේ ආත්මය ඇයට ලැබිලා මම ඇය උනා නම් කියලා.
ලස්සන කවියක් නෙ.. සංවේදී කතාවක් කියවෙන කවියක්..
චන්දන මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.ඕනම පවුලක වැඩිමහල් ලමයට තමයිලු ගෙදර ප්‍රශ්ණ සංවේදීවම දැනෙන්නේ.ඒ හින්දමද මන්දා මේක මට හැම තිස්සෙම හිතෙන්නේ.
කතා විතරක් නෙමේ හොද කවි කාරයෙකුත් නේ බැලුවම.
සිතට තදින් දැනෙනවා.
සිතිවිල්ලක්ද?
අන්තිමට කියල තිබෙන දෙය අපහැදිලියි.
මචං කෙන්ජියෝ මේක මගේ දෙවැනි නංගි ගැන ලියවුනේ.එයාට සියුම් මානසික අවුලක් තියෙනවා උපතින්ම.එයාව පුංචි කාලේ ඉඳන්ම දොස්තරලාට පෙන්නුවා.ඒවා කිසි දෙයක් හරි ගියේ නැහැ.ඒ වගේ අයව තියාගන ප්‍රතිකර්ම කරන තැන් වලටත් අරන් ගියා.ඒ තැන් වලින් කිව්වේ මෙයාට තියෙන්නේ සුලු ආබාධයක්,ඒ වගේ තැන්වල තිබ්බොත් එතන ඉන්න අයගේ behaviour pattern එකට පුරුදු වෙයි.ඒ නිසා අරන් යන්න කියලා.දැන් කාලයක ඉඳන් කසාද බඳින එක ගැන,එයාටත් ලමයෙක් හිටියානම් හොඳයි එහෙම කියලා කියනවා.අම්මාත් එක්ක රංඩු වෙනවා බන්දලා දෙන්න කියලා.සොරි කෙන්ජියො මම දිගට ලිව්වා.
අනේ බං අරූ, මම මුලින් හිතුවේ නිර්මාණයක් පමණයි කියලා. හරිම කණගාටුයි. මගේ නැන්දගේ පුතෙකුත් ඉන්නවා ඔය වගේ.
ඔව් මචං මේ වගේ අය තවත් ඉන්නවා.මට නංගි ගැන පුංචි කාලේ ඉඳලාම හොඳ මතකයක් තියෙන නිසා මම හිතනවා හරියට.නංගි කියන්නේ එයාගේ හොඳම යාලුවා තමයි මගේ වයිෆ් කියලා.ඒක මට හරි සහනයක්.
අරු…එහෙම කතාකරන එක හරි මදිද කියල හිතෙනවා. අයියෙ දුක හිතෙන සිදුවීමක්. මමත් ඔබේ තැන හිටියනම් ඇත්තටම කරන්න කියන්න දෙයක් තේරෙන්නෙ නැහැ. තමන්ගෙ නංගී දීග දීල එක අයිය කෙනෙක් සතුටු වෙනොට තව අයිය කෙනෙක් දුක් වෙනවා තමන්ගෙ නංගී ගැන හිතල. ඕනම කාන්තාවක් කැමතියි අම්ම කෙනෙක් හොද බිරිදක් වෙන්න ඒ වගේම හොද ගෘහණියක් වෙන්න. ඒ නොතිත් ආශාවයි ඔයාගෙ නංගිගෙ හිතෙත් තියෙන්නෙ. මගෙත් පුංචි අම්ම කෙනෙක් හිටිය ඔය වගේ. නමුත් ඇයව විවාහ කරල දුන්නට පස්සෙ හොදින් විවාහ ජීවිතේ ගත කරනවා වෙන අයටත් වඩා. සමහර දොස්තරලට හොද කරන්න බැරි මානසික ලෙඩ රෝග තමන්ගෙ සමීපතමයන්ට හොද කරන්න පුළුවන්. ඇතැම්විට විවාහයත් එක්ක ඔය තියෙන්නා වූ මානසික තත්ත්වය මගහැරී යන්න ඉඩතියෙනවා. උත්සාහ කරන්න. ඇයගේ හොදම යාළුවා ඔබව වේවි. එවිට ඔබට ලොකු සතුටක් දැනේවී. ස්තූතියි ඔබට
ස්තූතියි වැව් ඔබේ අදහස් වලට
ඇඩෙනවා හෆ්ෆා …..
ගනන් ගන්න එපා ඇනෝ.
ඔයාගෙ නංගි ගැන මට හුඟාක් දුකයි.. එයාටත් අනිත් අය වගේ සාමන්ය ජීවිතයක් ගෙවන්න ආස ඇති. ඒකයි ඔය බඳින්න ඕන කියනවා ඇත්තේ
ඔව් රෙහානි.අනිත් නංගිලා මල්ලිලා ලමයි ලපටි එක්ක එනකොට එයාට එහෙම හිතෙනවා ඇති.
Hello
Hello..Hello
Mama mahinda silva northolt waling
Yes I know you my friend.
අවංකව කිව්වොත් දුක කට කපල එකයි.
ස්තූතියි පොඩි ශාන් මේ පැත්තේ ආවාට
ඇත්ත අත්දැකීමක් බව දැණුනම කදුළුත් ආවා…. ඒ නංගි වාසනාවන්තයි ඔබ වැනි අයිය කෙනෙක්, ඔබේ බිරිද වැනි නෑනා කෙනෙක් ලබන්න…. තමන්ගේ දූ දරුවන්, තමන්ගේම පවුලක් කියන හැගීම නිසා දුකක් ඇති නොවෙන්න තවත් ඇයට ළං වෙන්න….
ස්තූතියි තරු…..ඇය මගේ ජීවිතයයි.මගේ පමනක් නොවේ තරු.අපේ පවුලේ හැමෝම වඩාත්ම ආදරය කරන්නේ ඇයටය.අපේ දරු දැරියන් පවා.අප කවුරුත් විවාහවීමට පෙර පවා ඒ සම්බන්ධ එකඟවීම් තිබුනා.
ඇත්තටම එහෙමයි සැබෑ මිනිස්සු වැඩ කරන්නේ… කණගාටුව වැඩි දෙනෙක් සමාජයේ ඔබේ පවුලේ අය වගේ නොවන එකයි….
සිරා සිද්දියක් බං. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ගියා ටික වෙලාවකට
ඩ්‍රැකී ජීවිතය කියන්නේ හැමදේකම සංකලණයක්නේ.දුක,සැප ආදී වශයෙන්.උඹට ස්තූතියි.
හ්ම්ම් ,ලස්සන අදහසක් අයියේ
දන්නේ නැතුව ඇනෝ විදියට ගියේ
දිගටම ලියන්න පුතා
ඇස් කෙවෙනි තෙත් වෙන සංවේදී ගෙත්තමක්. අද ඇවිත් කොමෙන්ටු ටික කියෙවුවාම තමයි අත්දැකීමෙන් ලියාපු කවියක් බව දැනගත්තෙ. මගෙත් යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඉන්නව ඒ වගේ, පුංචි ළමයින්ට හරිම ආදරේ කෙනෙක්.
බොහොම ස්තූතියි බස්සී…..එහෙම අයට හොඳින් ආදරය කරන්න ඕන.
කවි කියන්නේ වචන බවට පත් උන හදවතේ හැගීම්.හිතේ තියෙන හැගීම අපිටත් දැනෙන තරමට ලස්සනට ලියවිලා තියෙනවා.
කනගාටුයි ඔබේ නැගණිය ගැන.ඇයගේ හැගීම් තේරුම්ගත්ත ඔබ වැනි සොහොයුරන් ලැබු ඇය වාසනාවන්තයි …..