ප්‍රශ්ණ ඇතිවන්නේ සහ ඒ ප්‍රශ්ණවලින් විඳවන්නේ අහිංසක ජනතාවය.විරුද්ධ පක්ෂවලට සහ එහි නායකයින්ටනම් මේවා පුහු විරෝධ හෝ සටන් පාඨ පමනක් විය හැක.නැත්නම් මැතිවරණ ඉලක්කයන් විය හැක.වැලිවේරියේ මිනිස් ඝාතනයන් හා අන් සියලුම සිදුවීම් එක් තැන්කර ගත්තත් අද ආන්ඩුව සිද්ධ කරමින් යන්නේ තමන්ගේ මතයට එහායින් තවත් කිසිම දෙයක් සිදුවිය නොහැකිය යන ස්ථාවරයේ සිටය.මෙයට මුහුණ දීමට සහ විරෝධය පෑමට එක් පෙරමුණකට ගොනුවනවා හැර වෙනත් විකල්පයක් නැති බව ජනතා මතයයි.
ප්‍රධාණ විපක්ෂය වශයෙන් UNP සමහර වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලින් කර හැරියා සේම JVP අද පවතින මර්ධනයට විරෝධය පෑම සඳහා 14 වැනිදා පැවති කටයුතු වලින්ද කර හැරියා යැයි මගේ මතයයි.දැන් අවශ්‍යව ඇත්තේ පාට හෝ පක්ෂ නොව එක්වී සටන් කිරීම කෙසේ වෙතත් එක්වී මුහුණ දීමය.ඔසවාගෙන යන කොඩියේ පාට හෝ ලකුණ ජනතාවට වැදගත් නැත.JVPතේරුම් ගත යුත්තේ ඒ සත්‍යයය.සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට එක වේදිකාවේ සිට එකට මොරදුන් JVP නායකයින්ට අද පවතින්නේ ඊට වඩා දරුණු දේශපාලණ වටපිටාවක් යන්න වටහා ගැනීමට බැරිනම් එය විහිලුවකි.
14 වැනිදා විරෝධතා ව්‍යාපාරය තුල JVP නොසිටියේ හැමෝටම පෙර තමන් යන න්‍යාය ඉස්මතු කරගෙන නම් JVP නිතරම කරගන්නා පරිදිම මෙතනත් කෙලවගත්තේය.මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවූ JVP අන්තිමට පක්ෂයත් පාක්ෂිකයාත් අතරමං කර දැමීය.ඒ සඳහා වෙනම තර්කයක් JVP සතුය.එය මෙතනට අදාල නොවේ.තව දුරටත් තම පාක්ෂිකයන් ගොනාට නොඅන්දවා හරි තැන හරි වැඩේ කිරීමට ඔවුන් යොමු කල යුතුය.මේවාට කෙස් පැලෙන තර්ක වැඩක් නැත.
රූපවාහිනි චැනල්වල වාද විවාද කරගන්නා තරමටම ප්‍රායෝගික තලයේද වැඩ සිද්ධවිය යුතුය.ආයතනවලට පත්වෙන ඔලුගෙඩි ගැන විශ්වාසයක් තබන්නේ නැතැයි කියන JVPය කලයුත්තේ සටන් ක්‍රියාමාර්ගවලට එක්වීම හැර අන් කවරක්ද?මේවා නිවැරදි කරගෙන ජනතාවට සාධරණයක් ඉටුකරගන්නට සුදානම් නැත්නම් ඒ පක්ෂවලින්,පාටවලින්,කොඩිවලින් සිදුකර ගන්නට හැකිවන්නේ අහිංසක මිනිස්සුන්ගේ මලගෙවල් වල ශෝකය ප්‍රකාශකරන්නන් පමනක් වන්නටය.
මහින්ද රාජපක්ෂගේ ඉඩි අමින් ස්වරූපය හඳුනාගත්තාට පමනක් සෑහෙන්නේ නැති බව ඔය ලොක්කෝ දැනගත යුතුය.14 වැනිදා සටනට විපක්ෂයේ අනිකුත් පක්ෂ සමග ඒකාබද්ධ වීමට ජවිපෙට හීනමානයක් තිබුනා නම් කලයුතුව තිබුනේ කොලඹින් පිට හෝ ආන්ඩුවටත්,හෙංචයින්ටත් ඇඟට දැනෙන විරෝධයක් සංවිධාණය කිරීමය.ඉතාලියේ පෝස්ටර් ගහපු බවනම් ආරංචිය.අපිට හැර අන් අයට සටන් බැරිය,අපි පමනක්ම සටන් කරන්නෝය යන යල් පැනගිය මනස්ගාත වලින් ජනතාවට වැඩක් නැත.
මේ සියලු ක්‍රියාමර්ග පලාත්සභා ඡන්දයෙන් පසු නැවත දියවී වාශ්පවී යන බවනම් මිනිස්සු අත්දැකීමෙන්ම දනී.කොල,රතු නොව කලු පාටින් හෝ සටන් එක්තැන් කලයුතු බව මගේ අදහසයි.අශ්වයා ගිය පසු වහලා වැඩක් නැත්තේ ඉස්තාලය බව ඔය කොයි අයියාත් දනී.ජවිපේ නායකයින් මොන න්‍යාය ඉදිරියට දැම්මත් ජවිපෙ පාක්ෂිකයන් මෙය තේරුම් ගත යුතුව ඇත.
මම නම් හිතන්නේ යූ ඇන් පීය ජේ වී පී එක කෙසේ හෝ එකතු කර ගත යුතු බවයි. ඔවුන්ගේ හඬ එජාපයේ හඬට වඩා බොහෝ ශක්තිමත්ය. කෙසේ හෝ මොවුන් එකතු නොවන තාක් කල්, ජනතාවට අබ සරණමය…
සැරයක් එකතුවෙලත් බැරිවුණානෙ රජාට කෙළින්න
ඒ කාළේ ලොක්කා ස්ට්‍රෝංග්.. මම දුන්නෙත් ලොක්කට.. දැන් ත්මයි නියම කාළේ. ෆොනී වැඩක් නෑ.. ෆොනී එලියට දාලා තියෙන්නේ නිකං ෆනී වෙන්න…
උන්ගේ හඬ ප්‍රභලයි,සංවිධාන ශක්තියත් ඉහලයි.ජනතාව ගැන හිතනවානම් කන්ද මගේ ලඟට එනකම් ඉන්නේ නැතුව මම කන්ද ලඟට ගියානම් හොඳයි කියලා මට හිතෙන්නේ.ඡන්දේ අත ලඟ හින්දා ගොඩ අඩු වැඩි කරගැනීමේ ප්‍රශ්ණයක් ඇත්තේ.
ටිකිරි මොලේට දැනෙන විදියට කියනවනම් ….
jvp ඉන්න මහ උන් විජේවීරව තව තවත් ආදර්ශයට ගත්තනම් හොඳයි නෙහ් ?
හා හා හොඳයි. ටින්කිරි මොලේ.
වයලීනුවෝ……..1971සහ1989 හරිද වැරදිද කියලා එක එක විග්රහ තියනවනේ.මම න්‍යායවාදියෙක් නෙමේ.හැබැයි විජේවීරට ජනතාව ගොනු කර ගැනීමේ හැකියාවක් තිබුනා ප්‍රේමදාසටත් වඩා ඉහලින්.ඒ මම දැක්ක හැටි.
අද මේ වන විට එහෙම පක්ෂයක් තිබේද. අහෝ මේ අපි මහත් බලාපොරොත්තු තබා සිටි පක්ෂය නේද? 2005 පස්සෙ කෙලව ගත්ත කෙලවා ගැනිල්ල නම් කියලා වැඩක් නැහැ. අද පක්ෂෙ කියන්නෙ. අනුර, ටිල්වින්, විජිත සුනිල්, සෝමවංශ, වෙන කෙනෙක් ඉන්නව ද, බිමල් පාවා මන්දගාමී නේද? අහෝ 60000 ක් ජීවිත………
මටත් සහතිකෙන්ම ඔය කණස්සල්ල තියෙනවා.මටත් විවේචණ තියෙනවා ඔය ගැන.අපි දන්න කියන එදිනෙදා දේශපාලණය කතාකරන මිනිස්සු අදටත් කියන්නේ ජේවිපි කාරයො ටිකක් දියවන්නාවේ ඉන්න ඕනෙමයි කියල.
නමුත්, අප දකින දේ මිනිසුන් දකිනවාද?
කොපමණ රතුපස්වල ගැන මාධ්‍ය වාර්තා වෙන්න ඇතිද?
Futa ගැන කොපමණ වාර්තා පල වූවාද?
හලාවත් ධීවර, කටුනායක උද්ඝොෂණය ගැන තෙකරම් වාර්තා පුවත්පත්වලම පළවූවාද?
නමුත්, ගම් මට්ටමේ ජනතාව දැනුවත් නෑ. මේවා ගැන දන්නේ නැහැ. බොහෝ දෙනෙක් තවම සූදානම් සුබ අනාගතයක් දකින්න. එබැවින්, අප කෙසේ කීවත් මෙවරද ජනතාව සූනාදම් වී සිටින්නේ සුබ අනාගත සිහිනය දකින්න බලාපොරොත්තුව ඊට එරෙහිවන පක්ෂ විපක්ෂ සියල්ලට පාඩම් උගන්වන්නය. නමුත්, සැබෑවටම පාඩමක් ඉගෙන ගන්නේ ජනතාවමය. නමුත් ඔහුන් බුද්ධිමත් ඡන්ද දායකයින්ලු…. ඔවුන් පමණක් නොව ක්රමයේ වෙනසක් දකින්න සිතන/ක්‍රියාකරන අපිත් ඔවුන් සමඟ විඳවයි. එය UNP සහ JVP පක්ෂවලටත් අදාළයි. කාලීන අවශ්‍යතාව මත සිතා අප හැකි පමණ මෙකී පක්ෂ උද්දීපනය කරමු. ජනතාව වශයෙන් එය අපේ යුතුකමකි. බොදෛනෙක් විකිණෙද්දී නොවිකිණුනු විපක්ෂවල ඉතිරි පිරිස රටට වාසනාවක් වීමට ඉඩ හොහෝය. එබැවින් ඉතිරි පිරිස දුර්වල කිරීමේ කාර්ය අපට කැප නොවේ. ඒ අහවලුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට අපද අනියමින් සහය කැවීමකි.
උද්ඝෝෂණයකට පාරට බසින්නෑ කියා විපක්ෂවලට බැන්නද, එකී පක්ෂ උද්ඝෝෂණයකට මිනිසුන් සොයා ගනුයේ මහත් අසීරුතාවයෙනි. නමුත්, විපක්ෂවලට බනින බොහෝ දෙනෙක් අවම වශයෙන් උද්ඝෝෂණයක් අසලකින්වත් යන්න කැමැති අය නෙවෙති. මන්ද, කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ තමාට වදී කියා. ඔවුන් බලා සිටිනුයේ තව කෙනෙකුන් යමක් දිනාගෙන මල්වට්ටිය දෝතින් පුදනකන්. කිසියම් පක්ෂයක් හෙට දිනුවොත් රතිඤ්ඤා දමා තමාද සහය දුන් බව පෙන්වන කුහක මිනිසුන් අපමණය. එබැවන් අරූ පක්ෂවලට විතරක් ඇඟිල්ල දික් කිරීම වැරැදියි. බුද්ධිමත් කියා තමා විසින් සිතාගෙන සිටින ජනතාව/ඡන්ද දායකයින් පිරිසක්ද අපට සිටිනවා.
මේ සැරේනම් මේ පක්ෂ දෙකම පුක බිම ඇන ගන්නවා.. අනාගතේදිවත් බලමු නොනේ. ඔහේලයි පැත්තේ නේද යම යුද්දේ තියෙන්නේ…
වයඹ යුද්ධය කියලා වැඩක් නැහැ.
අනුරාධපුරේ බර්ටිගේ ගෙදර බල්ලා ඉල්ලුවත් ඡන්දය දෙනවා කියනවා හා සමානයි,
සාලින්දගේ, ජොනීගේ ගෙදර බල්ලා ඉල්ලුවත් ඡන්ද දෙන අය ඉන්නවා. මේ ඡන්දෙදී සාලින්දගේ නෝනා “අභීත දියණී” කියලායි පෝස්ටර් ගසාගෙන තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කොරියානු කාන්තාවක් ඡන්දය ඉල්ලීම. ලින්ක් එක මෙන්න :
අවම වශයෙන් මිනිහෙකුට කතා කරන්න හෝ දන්නේ නැති ගැහැණීයක්. ඉතින් වයඹ බහුතරයකගේත් බුද්ධීය තේරුම් ගන්න මීට වඩා නිදර්ශන අවශ්‍යද?
හරි නිර්මලා…විකිනෙන්නෙ නැති අයට අපි ගරු කරමු.හරියට කතා කරොත් උන්ට විකිනෙන්න කිසිම අයිතියකුත් නැහැ.පක්ෂ උද්ධීපනය කරපු එක හැමදාම වෙනවනේ.පාක්ෂිකයාට මොකද වෙලා තියෙන්නේ?කලකිරීම විතරක් ඉතිරිවෙලා.ඔන්න ඔය නිසානේ සටන් උද්ඝෝශණ වලට මිනිස්සු ගන්න බැරි ඔයා කියපු විදිහට.ඒක නායකයින්ගේ වගකීම.ඒකටනේ පක්ෂ සම්මේලනද අරවද මේවද තියලා නායකයො පත්කරන්නේ.මෙහෙම යන්න ගියොත් නායකයින්ට විතරක් බෝඩ් උස්සන් යන්න වෙයි.අන්න ඒ නිසා තමයි මම හිතන්නේ හරි තැනදි හරි වේලාවේදි තම පාක්ෂිකයා එකතුකරලීම නායකයින් සතු වගකීමක් කියලා.
මම නම් හිතන්නේ සුභ අනාගත සිහිනය මිනිස්සු හිත්වලින් ඈත් කරන් ගොඩක් කල්.හැබැයි මිනිස්සුන්ට බයක් සැකයක් තියෙනවා විපක්ෂයේ ඉලක්ක සහ හැසිරීම් නිසා ඔවුන් සමග එකතුවන්න. සුභ අනාගතයකට වඩා සුභ අනාගැනිල්ලක් වෙයිද කියලා.අන්න ඒනිසා තමයි විකිනෙන්නෙ නැති එවුන් හෝ විකිනෙන එවුන් ගැන හිතනවාට වඩා තම පාක්ෂිකයා දැනුවත් කිරීමට නායකයින් වග බලාගත යුත්තේ.
හැමෝම ලඟ තියෙන්නෙ මුලින්ම තමුන්ගෙ න්යායපත්රය. අරූ හිතනවද පහුගිය කාලෙ ජේවීපීයට සිදුවුන දේවල් දිහා බැලුවම එහෙම වීම අසාධාරණයි කියල?
ජෙවිපියටත් තියා යූන්පියටත් නෙවෙයි ගොන් බූරුවෝ. තොපි වගේ ජනතාවට මෙහෙම වෙච්ච එක සාධාරණයි. උඔ ඔය කියන න්‍යාය පත්‍රය හොඳටම තියෙන්නේ උන්ගාව.
@ ka
රාජ් කියන්න උත්සාහ කරපු දේ නැවත කියවලා බලපන්.ඌ වරදක් නෙමේ කියන්නේ.
රාජ්…….සහතික ඇත්ත.ඔය හැමෝම වැඩ කරන්නේ න්‍යාය පත්රයකට නේ.ඕකේ ෆයිනල් ටාගට් එක බලයනේ.ජේවීපි එකට තරම් පෙරමුනු හදන්න ගිහිල්ලා වෙච්ච අත්දැකීම් වෙන කිසිම පක්ෂෙකට වෙලත් නැතුව ඇති.මේ ගොඩක් ඒවා බලය ලබාගැනීම සඳහාවු පෙරමුනුනේ.(විදුලි බිල් සටන මොහොතකට අමතක කරමු.)දැන් ඇති වෙන්න ඕන මෲග මර්ධනයට විරුද්ධ එකතුවක්නේ.මේ පලාත් සභා ඡන්දේත් ඒකට ඒ එකතුවට බාධාවක්.මොකද මේ හැමෝටම උඹ කිව්වා වගේ බලය ලබාගැනීම සඳහා තියෙන න්‍යාය පත්‍රය බලවත් රතුපස්වලටත්,වෙඩි කාපු එවුන්ගේ ජීවිතවලටත් වඩා.
යකෝ බලේ ලබා ගන්න නැතිව අහවල් ඉටි ගෙඩියකටද දේශපාලනය කරන්නේ. දේශපාලන පක්ෂ තීන්දු තීරණ ගන්නේ බලය ලබා ගන්න. මේකටද මේ අහවල් න්‍යාය පත්‍රය කියන්නේ. මහින්දයා වෙඩි තිය තියා ළමයි හුරතල් කරන ගමන් එන්නෙත්, එජාපෙ ජවිපෙ උද්ගෝෂණ, කැන්වසින් කරගෙන එන්නෙත් ඒකටයි. ඒක නෙවේ බං. මෙතන වැදගත් බලය ලබා ගන්නේ මොකටද කියන එකයි. ඒ උනාට හුඟක් ජනතාව බලය දෙන්නේ අර පක්ෂ දෙකටත් වඩා පටු න්‍යාය පත්රයකට.
පුතාට ජොබ්, දුවට ජොබ්, තාත්තිගෙ බිස්නස්, චූටි පුතා ඉස්කෝලෙ දාන්න, පියදාසගේ කුඩු බිසිනස්, සෝමඅක්කගේ අහවල් වෙළඳාමට, ජෝසප්ගේ කැසිනෝවට, මොහොමඩ්ගේ ලී බිස්නස් එකට, සැම්සන්ගේ හොර රට රස්සා පැටවීමට, කැකුලිගේ නිළි විසේටයි, සිල්වාගේ බඩු විසේටයි, ධනපාලගේ හොරකම් වසා ගන්නයි, ධර්මසිරිගේ මැරකම් වසා ගන්නයි, නානසාරගේ බලු බලය රැකගන්නයි, චූන් චෑං ගේ චීන ගණු දෙනුවලටයි, මොකුත් බැරි සිරිදාස අරක්කු කාලටයි බත් පැකට්ටුවටයි. තුක් නොදකින්.
උන් එකා දෙකා හවසට සෙට් උනාම මෙන්න මෙහෙම කියනවා.
ජීවිතේ මල් – මහින්දයා ඉන්නකල්.
උඔලා එකෙක්වත් මට උත්තර දුන්නේ නැතුවට කමන්නෑ. දේශපාලනය දේශපාලනික කෝණයෙන් බලපල්ලා.
@රාජ්….
මම උඹට රිප්ලයි එකක් දැම්මා.පොඩ්ඩක් බලපන් වැරදි තැනද දන්නේ නැහැ
මම කියපු දේ අරූට තේරුනා.
ඇත්ත! මේක මොන යකා එක්ක හරි එකතුවිය යුතු වෙලාවක් උනත් එහෙම නොවෙන්නෙ ඔවුන්ගේ න්යායපත්ර නිසා කියලත්, මීට කලින් මේ වගේ එකතු වීම් රටේ ඡන්දදාසල දැක්ක විදියේ අවුල නිසාත් මේ දේ සිදුවෙන්නෙ නෑ.
ka
බූරු පුතේ උඹට සරළ සිංහලෙන් කියන යමක් තේරුම්ගන්න බැරි ලෙඩේ තියනව. උඹට ඕන නං බලපං උඹ උඩින් කිව්ව ටික ඒ විදියටම මම මීට දවසකට කලින් මම දුකාගෙ අඩවියෙදි කිව්ව 🙂
මෙන්න ලින්කුව
අරූ , මොකටද අපි JVP, UNP උන්ට චන්දෙ දෙන්නේ..? බලපන් උඹලට මුල මතක නෑ. අද රටේ ජනතාව දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට යනකන් නිදහසේ ඉන්නවා (ඔය ඉඳලා හිටලා හත අටක් වෙඩි කාලා මැරුණට, සුදු වැන් වල ගියාට, ඇක්සිඩන්ට් වෙලා මලාට) , අපිට අධිවේගී මාර්ග තියෙනවා(චීනෙට ආදායම යන),වරායවල් තියෙනවා (නැව් එන්නේ නැති), ගුවන්තොටුපොළවල් තියෙනවා (ප්ලේන් එන්නේ නැති), ක්‍රිකට් පිට්ටනි තියනවා (මැච් ගහනකොට ලයිට් නැති).
මොනා නැතත් දේශප්‍රේමී ජනාධිපති කෙනෙක් ඉන්නවා,,රටට ආදරය කරන ඇමති මන්ඩලයක් ඉන්නවා, ඒ ඇමතිලාට මරු පුත්තු ටිකක් ඉන්නවා, පොඩි එකෙක් දෙකට නැවුනත් ඔබන්න බලාගත්තු අරක කෙලින් කරගත්තු ප්‍රාදේශීය දේශපාලකයෝ ඉන්නවා,
වතුර ඉල්ලුවාම වෙඩි තියන ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවා, ඇමරිකාවටත් බය නැති නිවාස ඇමති කෙනෙක් ඉන්නවා, ටීචර් ලා දැනගස්සපුවම චන්දෙ ඉල්ලන බෑනලා ඉන්නවා. විපක්ෂ නායක ගල් කපනවා කියලා ආණ්ඩුවට යන සටන්කාමී විපක්ෂ දේශපාලකයෝ ඉන්නවා, ඇයි ඕයි ලෝකේ හොඳම අගමැති ඉන්නවා, වරෙන්තු පිට ප්‍රෙස් කොන්ෆරන්ස් තියන මීඩියා ලොක්කෝ ඉන්නවා………….මට බෑ ඕයි මෙහි ලියන්න ….
ඉතින් මොනවයින්ද අඩු, “මේ කේතුමතී පුරයයි………”
ඇත්ත බං..වැටකට හේත්තු උනත් රෑ කෑමට එලවලු මල්ලක් කඩන් යන්න පුලුවන් රටේ අපි මොකටද කෑගහන්නේ
අනේ බලන්ඩ අක්කේ මේ මෝඩ සමාජවාදී වම්මු ලියන කතා. ගාලු කොටු බැම්ම උඩ වළ බැහැ බැහැ හිටපු මුන් දැන් පොරවල් වෙලා. අපි දෙන්නා නම් එහෙම නෙවෙයි නේද අක්කේ?
අඩෝ පවුලූෂා වැඩිය කතා දාන්න එන්න එපා. උඹට ෆ්රෙඩ්රික් බැස්ටියාට්වයි, ඒකීය පුද්ගලයාවයි දාලා ගස්සනවා. බැරිම උනෝත් අපේ රටේ පදිංචිය තියෙන තොපේ රටේ ආරක්ෂක ලේකම් දම්මලා ගස්සනවා. තොපි දැන ගනියවු තොපේ රටේ ආරක්ෂක ලේකම් අපේ රටේ එකෙක් කියලා.
අප්පට බොල, පලයන් බං බොරු නොක්කියා, අපේ ආර්කස්ක ලේකම් තමා රටට් වැඩිම ආදරේ ,මිනිහට ඇමෙරිකාව පෙන්නන්න බෑ, අධිරාජ්‍යවාදයට අන්තිම විරුද්ධයි.
පවුලූෂෘ මම කා, තො මගෙන් නොකා ඉන්නවද. මම උබට එක පාරකුත් කීවා. මේ පාර නම් බල්ලෝ දම්මලා ගස්සන්නේ. මොනුන්ද?
බල්ලෝ දම්මලා ගස්සන්නේ.
කෙන්ජි අංකල් ගහපන් මූට.
@..KA.
KAඅවශ්‍ය තැනක් තියනවාද කොයි දිශාවටද සාකච්ඡාව වෙන්න ඕන කියලා.උඹේ භාෂා ස්ටයිල් එකේ නම් කිසි අප්සට් එකක් නැහැ.අපි ට්‍රයි කරමු මම කියන්න උත්සාහ කරපුදේ හරිද වැරදිද කියලා පහදගන්න.අපි විශාරදයෝ නෙමේ නේ.මමත් කැමතියි KA..ලා වගේ අයත් මේකේ ඉන්නවා නම්.ඕන නම් තිත්ත කුණුහරපෙන් බැනපං මට.මම ප්‍රොෆයිල් නරඹන කෙනෙක්වත්,ඒවා බලලා කමෙන්ට් දාන කෙනෙක්වත් නෙමේ මචෝ.
මොකක්ද බං මේ වෙන්නේ…?
ආන්න දැක්කද අරූ පව්ලීෂා කියන දේ.
මේ මොකක්ද වෙන්නේ කියන එක නොදැන, ඒකා යකා වගේ දේශපාලන න්‍යාය තකා ජොකා ගහන හැටි.
පොඩ්ඩක් බලපල්ලා මචංලා.
පක්ෂ දෙක එකතු වුනා කියලා වැඩක් තියෙනවද නෑ…………
එකතු වුනා කියලා අපේ පප්පලා ඡන්දය දෙයි මේන් කියලා.
ඡන්දයකට මිනිස්සු ටිකක් හරි කුලප්පු වෙන්නේ (කුලප්පු කියන වචනය ගත්තේ නිකම්ම නොවේලු) ජනාධීපතිවරණය දී. අන්න එතකොටයි පක්ෂ එකතු වෙන ඒවා වෙන්න ඕන. නැතිනම් වෙන්නේ එකතු වෙලා තමන්ගේ පක්ෂවලට ඡන්දය දෙන පප්පලා ටිකත් නැති කරගන්න. මේ පක්ෂ දෙකේ කොට (කොට කියන්නේත් නිකම්ම නොවේනේ) තමන්ගේ අනාගතේ ගැන හිතන්නේ නැතිව අද ගැන හිතුවෝත් අමුවට කෙලවගන්න එක නම් ෂුවර්. රනිල්වයි, සෝමෙවයි අපේ එක එක පප්පලාට මෝඩයි කියලා පෙනුනට උන් මෝඩ නෑ. ඔන්න මෙතන පවූලූෂට තරහ වෙන්න දෙයක් නැතුලූ ආයුබෝවන්.
හොඳා එහෙනම් මේකා ගියා. මට අට පට්ටමට නෙට් එකේ විඩියෝ ක්ලිප් ටිකක් හොයා ගෙන ජොකා කතා ටිකක් හදා ගන්න තියනවා.
@කා……..අටපට්ටම ඉවර උනාම වරෙන්
මම නම් හිතන්නෙ අද ලංකාවෙ යමක් කල හැකි,දැනුම් සම්භාරයක් තිබෙන එකම නායකය රනිල්.
අලුතින් නායකයෝ ඇවිල්ල මේ කුණු වෙච්ච රට ගොඩ නගන්න බැහැ.
හසල දැනුමක් ඇති නායකයෙක් එක්ක එකතු වීමට දැන් කාලය ඇවිල්ල තියෙන්නෙ.
සෝමේ &පගර ටිලා හලලා අනිත් කටකාර මල්ලිලා රනිල් ලොක්ක එක්ක ගේම පටන් ගත්තනම් බඩු ෂුවර්.
14 වෙනිදා විරෝධයට දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න යනවා කියනවානේ උසාවි නියෝග කඩකරාට.උසාවි නියෝග කඩකිරීම සුධර්මන්ට අදාල නැද්ද දන්නේ නැහැ.ඔය ප්‍රධාන පක්ෂ දෙකින් මෙපිට වෙන බලවේගයකට රටේ පාලනය ගන්න පුලුවන් බවක් පේන්නේ නැහැ. ඡන්ද ගැන හිතන්න ඉස්සෙල්ලා මේ පාලකයින්ගේ අසම්මජ්ජාති වැඩපිලිවෙලට මුහුනදෙන්න පුලුවන් එකතුවක් තියෙන්න එපැයි.
JVP ය අමාරුවෙන් ගෝල් එක ලඟටම බෝලේ ගෙනල්ල මහින්ද ට ගෝල් එක ගහන්න දීල අනික් ටීම් එකට පැන්න කියලයි මට හිතෙන්නේ.
(ජනාධිපතිවරණයෙන් පසු හැසිරීම ගැන, මේ ආසන්න ම සිද්ධිය ගැන නොවේ)
ඇත්තටම ජයශ්‍රී, නොවියයුතු සහ නොකලයුතු දේවල් තිබුනා කියලා මටත් හිතෙනවා.මම දේශපාලණ විද්‍යාව හදාරපු මිනිහෙක් නොවේ.මට පෙනෙන දේවල් සහ ලබපු අත්දැකීම් තමයි මේ කුරුටු ගාන්නේ.ස්තුතියි අදහසට
මාත් ඉන්නෝ…
ඉන්න බව පේනවෝ!!!!!!!!!!!!!!
දේශකයෝ උබලා වගේ පොස්ටු නොකියවන අයට, හොඳට කියවන්න හුරුකරන්න මාත් ඉන්නවා.
ප්‍රබල විපක්ෂයක් තාමත් නෑ අරූ!
මහ රජා ශක්තිමත්! මේ සැරෙත් බුලත් කොලේම තමා.
ඡන්දේ නම් දුලා බුලත් තියා පුවක් දිනුවත් මිනිස්සුන්ට ඇති සෙතක් නැහැ.ප්‍රශ්ණේ තියෙන්නේ මේ දිනපතා දාන කස්තිරම් නේ.