අවුල් වන්නට පෙර මෙයද ලියා තැබිය යුතුයැයි සිතුවෙමි.මා ජීවත්වෙන පලාතේ මගේ යහලුවන් අතර මම මචංය.උන්ගේ දරුවන්ද එම වයසේ අයද අරූව අමතන්නේ මචං අන්කල් නමින්ය.අරකී නම් මචං ඇන්ටීය.නමට වඩා අපව අඳුරන්නේ එලෙසය.නුදුරේදී මචං සීයා කියා අමතන බවද නොඅනුමානය.ඒ නිසා මට මචං යැයි ඇමතීමේ අවුලක් නැත.අරකී නොසිටියානම් මා වල දැමු තැනක සලකුනක්වත් හොයාගැනීමට නොහැකි වේ යැයි කියන්නේ මගේ දෙමව්පියන් සහ පවුලේ අයත් මා පිලිබඳ හොඳින්ම දන්නා මගේ අනිකුත් මචංස්ලාත්ය.එය සහසුද්ධයෙන්ම ඇත්ත බව ඇයට ගෞරවයක් ලෙස ලියා තබමි.මට මේ බ්ලොග අටවා දුන්නේ මගේ බාලම මල්ලීය.ඔහුද “මට හිතෙන හැටි” නමින් බ්ලොගක් අතීතයේ සිට ලියාගෙන ආවත් මෑතකදී සිට අප්ඩේට් කර නැත.අරූගේ අඩවියේ හෙඩිමේ ඇති සංඛේතය වන්නේ අරූ,අරකී සහ අපේ දෝණියැන්දෑ බව ඔහු මට පැවසීය.මගේ කතාව ලියා තැබිය යුතු යැයි නිතරම පවසන ඔහුටද ගරු කරමින් මගේ කතාව පටන් ගන්නෙමි.
******************************************************
මීට වසර පනහකටත් පමන පෙර මා ඉපදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ,ගංගොඩවිල දෙල්කඳ ඉරිදා පොලට මුහුණලා ඇති නිවසකය.උපත කාසල් රෝහලේ වුවත් මගේ මුල් ගෙය ඔතනය.ගංගොඩවිල මවගේ උපන් ගමය.තාත්තා පහත්ගම,හංවැල්ලය.මා ඉපදෙන දිනයේත්,තාත්තා ඔහුගේ ගමේ නාට්‍යයක වීදිය බංඩාරගේ චරිතය නිරූපණය කරමින් සිටි බව පරණ උදවිය කියති.ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,සමාගමක් කාලයේ පටන්ම ආරම්භක සේවකයෙකි.ගමේ සමාජ වැඩ කටයුතුවලදී උරදී කරදී ඇති පදමට වියදම් කරපු මිනිසෙක් බව අසා ඇත.අම්මා ගෙදර වැඩ කටයුතුවලට සීමාවිය.
ගංගොඩවිල නම් එවකට ඉතා මනරම්,සුන්දර ගම් ප්‍රදේශයකි.ජීවත්වීමට ඉතාමතම යෝග්‍යයවු පිහිටීම අතින් අර්ධ නාගරීකවුද සුන්දර තැනිතලාවකි.කොළඹ සිට එනවිට ගංගොඩවිල හයිලෙවල් පාරට වම්පසින් ඈතට වන්නට තිබුනේ කොළඹ සිට ඕපනායක දක්වා ගමන් ගත් පුංචි කෝච්චියේ රේල් පාරය.මේ දෙකටම මැදිව උඩහමුල්ල දෙසට ගමන්ගත් පරණ පාර විය.රේල් පාරට ඔබ්බෙන් තිබුනේ සුන්දර වෙල්යායය.කුඩා දිය පාරවල්,ඒදඬු.හබරල යායත් මට අද මෙන් මතකය.හයිලෙවල් පාරට දකුණු පසින් වනාත පාර මැද්දෙන් යනවිට ඉතා සොඳුරු ගම්බිම් සහ වෙල්යාය පිහිටා තිබුනේය.
ගංගොඩවිල ග්‍රාමය වටා පිහිටා තිබූ සුවිශේෂ ස්ථානවන්නේ පැඟිරිවත්ත,දෙල්කඳ හංදිය,රත්තනපිටිය හරහා ගලා බසිනා ඇල,ජපුර විශ්ව විද්‍යාලය,ශ්‍රී විජයාරාම රජමහ විහාරය සහ අපේ සරුංගල් චාරිකාවන්හී තවත් ගමන් කෙලවරක්වු නාවින්න ආයුර්වේද පරිශ්‍රයය.අද කාගෙත් කතාබහට ලක්වන අපේ ගේ ඉදිරිපිට විශාල බිම්කඩක පිහිටි ඉරිදාපොල,එවකට ගමේ සැමට විවෘතවූ නිලනොලත් ක්‍රීඩාපිටිය විය.සඳුදා සිට සෙනසුරාදා දක්වාම ක්‍රිකට් ගහන,ජිල්බෝල ගහන,සරුංගල් අරින ගමේ තරුනයිනුත් කොලු කුරුට්ටනුත්,සෙනසුරාදා රාත්‍රියේ සිට අවටින් පැමිනෙන වෙළඳුන්ට මේ බිම් කඩ බාරදෙන්නේ තදබල අකැමැත්තෙන්වුවද,ඉරිදා දවසද ඇඟිලි ගනිමින් බලාසිටිනා දවසකි.පොල දවස එතරම්ම දැකුම්කළුය.
මේ භූමිය සහ අවට ඉඩකඩම් සමහරක් අයිතිව තිබුනේ රජ්ජුරුවෝ නමින් හඳුන්වන ගම්වාසි ධනවත් ව්‍යාපාරිකයකුටය.ඉරිදාපොලට පැමිනෙන වෙලෙන්ඳන් සහ වෙලෙන්ඳියන්ගෙන් ලබාගන්නා සොච්චම් මුදලකින් ඔහු ඒ දිනවල සෑහීමකට පත්විය.එය ඔහුට ව්‍යාපාරයකට වඩා පොල අයිතිකාරයා යන ගරුනාමය රැකගැනීමට පවත්වා ගෙනගිය පොදු කටයුත්තක් බව මට හිතේ.
අවට ගම්වාසීන්ද සොඳුරු මිනිසුන් විය.හයිලෙවල් පාරට මුහුණලා තිබු නවීන පන්නයේ ගෙවල් කිහිපයක් හැරෙන්නට අන් බොහොමයක් ගෙවල් සිංහල උළු ඇහිරූ 60-70 දශකයේ ගෘහ නිර්මාණයන්ට අනුරූපවු ඒවාය.අපේ ගෙයි දොරකඩ සරුවට වැඩුනු දෙහි ගසක් සහ රත්මල් ගසක්ද විය.එක් පසකින්වූ ලොකු අම්මලාගේ ගෙදර විශේෂිත රතු පැහැයකින් ගෙඩි හටගන්නා අඹ ගසක්ද පිටුපසින් විශාල කිතුල් ගසක්ද විය.මෙම කිතුල් ගස පසු කාලයකදී කපා දැමු පසු නැෂනල් මුදලාලිගේ ගෝලයකු සමග ඔහුගේ අලියා පැමින රැගෙන යනවා අදත් මතකය.මෙම ඉඩම දැන් ජපන් ලංකා හෝ ටොයොටා ලංකා සමාගම සතුව ඇතිබව සිතමි.අනිත් පසින් දුල්ලාවතී නැන්දාලාගේ නිවස ඉදිරිපිට ගමම සුවඳ කෙරූ සේපාලිකා ගසක්ද,විශාල සමන් පිච්ච වැලක්ද,ගේ පිටුපසින් විශාල කොස් ගස්ද ජම්බු,ලාවුළු,වෙරළු වැනි පලතුරු ගස්ද වීය.නැන්දා මල් කැඩීමට පෙර සමන්පිච්ච සහ සේපාලිකා මල්වලට අත තැබීම අන් අයට තහනම් විය.ගම්මු එය දැන සිටියහ.මගේ කුඩාකල ලඟම මිතුරන්වූ ජෝරිස් එදිරිසිංහ පවුලේ තිබු මහා දෙල් ගස අවට මිනිසුන්ගේ බතට නොමිලේම සම්මාදම් විය.අප නිවසට ඉදිරියෙන් හයිලෙවල් පාරේ එහා පැත්තේ ගෙඩි හටගන්නා කොස් ගසක්ද හතර පස් දෙනෙකුට බදන්න බැරි විශාල මාර ගසක්ද විය.මේවා මෙලෙස ලියා තැබුවේ එකල සුන්දර ගම් පියසක්වු ගංගොඩවිලට දැන් සිදුවී ඇති සංතෑන්සිය වටහාගන්නටය.
මිල්ටන් මල්ලවාරච්චි,වික්ටර් රත්නායක,රූපා ඉන්දුමති වැනි අයද සිබිල් වෙත්තසිංහ, ජෙනිටා සමරවීර,රෙක්ස් කොඩිප්පිලි වැනි ප්‍රවීනයන්ද එකල අප අවට ගම් වාසීන්ය.ප්‍රියා සූර්යසේන,රෝසි සේනානායක වැන්නවුන්ද පසුකාලීනව ගම් වැසියන් වූහ.අමරදේවයන්,ෆ්‍රෙඩී සිල්වා ඉරිදා පොලේ විශේෂ පාරිභෝගිකයෝය.ප්‍රවීන රාජ්‍ය පරිපාලකයෙකුවු කේ.එච්.ජේ.විජේදාසයන්ගේ මහ ගෙදර අප නිවසට ඉදිරිපසින්ය.නවරත්න ගමගේ නම් අති දක්ෂ සංගීතවේදියාද,සුසිල් ප්‍රේම්ජයන්ත නම් ප්‍රභල ඇමතිවරයාද මට වඩා වසරක් දෙකක් වැඩිමල් වුවද කොට කලිසම් ඇඳ ඉරිදාපොලේ ක්‍රිකට් ගහනවා අද වගේ මතකය.අපෙන් වියෝවු විශාරද ගුනදාස කපුගේයන් ඔහුගේ පලමු ගීතය”දෑස නිලුපුල් තෙමා”මුලින්ම වේදිකාවක ගායනා කලේ අපේ ගෙවල් ආසන්නයේ පොල් කොට වේදීකාවක් උඩ බවත් මතකය.
මේ හා සම්බන්ධ තොරතුරු හෝ අවට වත්මන් තතු දන්නේනම් මා හා කමෙන්ටුවකින් හෝ එක්වෙන මෙන් ඉල්ලමි.
*****************නැවත හමුවෙමු***************************
මේක ගොඩක් වටින සටහනක් වේවි.ඔය කියන ප්‍රදේශය ගැන මටනම් තියෙන්නේ වසර 04ක වගේ කාලයක් තුළ ලැබුණු අත්දැකීමක්. ඒ නිසා මම කියවන්න විතරක් හිතාගෙන ඉන්නේ…..
ස්තූතියි ඒන්ජල් ..ආපහු හම්බවෙමු.
අරූ මට වඩා වැඩිමහල් වුවත් ඔබේ හෘද්‍යාංගම ඇමතුමට බොහෝ ආශා ඇත්තෙමි. මම ද නුගේගොඩ ඔය සියල්ල දන්නා කෙනෙකි. නමුත් මගේ පදිංචිය වත්තල ය, දැන් නුගේගොඩ වුවත්. මගේ ගම ගැන මෙවන් ලිපියක් මම ලියා ඇත. මාතර අපේ පාරම්පාරික ගමයි. නමුත් අපි ඔක්කොම එකම රෑනෙ කුරුල්ලොම බව නම් පැහැදිලිය.
මචෝ..උඹ ගම ගැන ලියපු පෝස්ට් එකේ ලින්ක් එක එවපං
නියමයි..!!ඔය තියන්නෙ ගෙඩි පිටින් බඩු.
දෝනිව ගෙදර එක්කන් ආපු ගමන් ගොඩ වුනේ.
පස්සේ ආයේ එන්නම්.
දැන් ඒ ගෙදර තිබුන ඉඩමෙ කාර් සේල් එකක් නේද?
කෙන්ජි මේ ඔක්කොම මතකේ තියන ඒවා ලියන්නේ.ඉස්සර එක කාර් සේල් එකක් වුනා.දැන් මොකක් තියනවාද දන්නේ නැහැ.
අරූ……… අදට ගැළපෙන්නේ මේ වගේ දේවල් තමයි.අද කාලයේ අයට වගේම අපි වගේ වයසක පොරවල් වලටත් මේවා සදානුස්මරණීය සටහන් වනවා නොඅනුමානයි. අර නම් අතර තවත් කීපයක් අඩුයි. එකක් විතරක් කියන්නම් සිනමාවේ නැටුම් අධ්‍යක්ෂ රෝලන් පෙරේරා.. එකක් පමණයි. මටත් තාම මතකයි නුගේගොඩ ස්ටේෂන් එකට ඉහළින් තියන සනත් නන්දසිරි මහතාගේ නිවෙසට ගිය දා වෙච්ච සිද්ධියක්. ඒ කොහොම වුණත් මඩ ටොන් එකක් ආවත් මේ අතිතය අනිවා ලියන්න. තරහා අවසර වියරණ දොස් නම් අපමණයි.
නලීන් බොහොම ස්තූතියි…වැදගත්ම දේ පලමුව ලියන්නම්.භාෂා දැණුම අන්තිමයි.හරි හමන් විදිහට ඉගෙනගත්ත නැති අඩුපාඩුව කවදාවත් පුරවන්න බැහැ.මම ඒක හැමවිටම ලමයින්ටත් කියනවා.ඉතාම ඉහලින් ඔබව අගය කරමි.
රෝලන්ඩ් පෙරෙරා දෙල්කඳ කිට්ටුවමයි.මට අමතක උනා එහෙම් පිටින්ම.සනත් මහත්තයලාගේ ගෙදරදී වුන වැඩේ ලියන්න පුලුවන් නම් ලියන්න.නැවතත් ලියන්නේ ඔබේ උපදෙස් හිසනමා පිලිගනිමි.ඔබ ගිය උත්සවය සාර්ථකද?
වියරණ මගුලක් කියල පළමු ලිපියෙන්ම ඒ මනුස්සයව අප්සට් කරවන්න එපා බොල.
පොත ලියන කාලෙට දෙන්න එක්ක කන් සාක්කුවෙ දාගෙන නිවැරදි කරන්න බැරිය.
රෝලන්ඩ් හිටියෙ ජම්බුගස්මුල්ල පාරේ ගොන් බන්දුලාගේ ගෙවල් වලට එහා නේද?
ඒ අවට තමයි හිටියේ.අපි තරුන කාලේදී හවසට දකිනවා පුබුදු එකේ හංදියේ ගෝල්ඩන් ඇරෝස් එකේ එහෙම.අපිත් ඒව්වාගේමනේ හිටියේ.
ෂා මරුනේ ! ඔය තියෙන්නෙ. එකම ප්‍රශ්නෙ ටිකක් වැඩිපුර ලිව්වනම් හොඳයි, කියවන්න ගන්නකොටම ඉවරයි.
ලේසි නෑනේ, ජනාධිපති ලේකම්ල ඉස්සරහ ගෙදර, කැබිනට් ඇමතිවරු එක්ක බෝල සෙල්ලම් කරපු පොරවල්, ඈ ….. 🙂
තව චූට්ටක් වැඩි කරමු නේද?
ඔය ලොකු ලොකු හාදයින්ටනම් අපිව දැන් අමතක ඇති.හැබැයි නවරත්න ගමගේ එහෙම දැක්කොත් අඩුම ගානේ කතාවත් කරයි.නවා නිහතමානී මනුස්සයෙක්.නවාගේ ඥාතී සහෝදරයින්වත් අතුරුදහන් කලා අසූනවයේ.
කොමෙන්ටුවේ තිබුන ලින්ක් එක දිගේ ආවේ… මම නම් ඉතින් ඔය පළාත ගැන දන්නේ නැහැ ඕන්…. හැමදාම එන්නම් .. ජය වේ!!
චින්තක….සොමියට වරෙන් පුතා අගුලු දාලා නැහැ දොරේ
ඒක නෙවි අරූ, ඔය මට හිතෙන හැටි බ්ලොග් එක මොකක්ද, මීට කලින් මම දැනගෙන හිටියෙ හෙන්රි අයියගෙයි , itnishantha ගෙයි මට හිතෙන හැටි බ්ලොග් දෙක ගැන විතරයි. දැන් නිකමට සර්ච් කරල බැලුවහම තව කීපයක්ම තියෙනවා. ඔයා කියපු ඒ බ්ලොග් එක මේකද,
http://matahithenahati.wordpress.com/
අන්න ඕක තමයි DDT
රසවත් විස්තරයක්. මාත් කොහොමත් ඔහොම කතා කියවන්න ආස එකා නෙ..
නිකම් ෂේප් එකේ කියවගෙන පලයන්.දන්නවාද මගේ ඒරියල් එක
වැඩිය නම් දන්නෙ නෑ. දෙල්කඳ හන්දියෙ, මගෙ ඥාති සහෝදරයෙක් වැඩ කරපු තැනක මං දවස් කීපයක් නැවතිලා හිටිය ටික කාලෙකට ඉස්සර.. දැන් ඒකෙ නම මතක නෑ හරියටම.. ඒක ‘ඉන්ග්‍රෙවර්ස්’ කියල නමේ අගට තියන වැඩපලක්. ප්ලාස්ටික් උපකරණ හදන්න ඕන කරන බ්ලොක් හදන එක තමයි එතැන කලේ..
@චන්දන………මට ඔය එන්ග්‍රේවර්ස් කතන්දරේ මතකයි.ඉස්සරම තිබුනේ නැහැ.මම ආපහු තරුණ කාලේ දෙල්කඳට එනකොට තිබුනා.තව ප්‍රසිද්ධ පට්ටල්[ලේත් වර්ක්
]වැඩපලවල් තුන හතරක්ම තිබුනා.
රෙක්ස් අයියලගෙ ගෙදර නම් නිතරම වගේ යැවුන.කොහෙ හරි දුර ෂූටින් යනවනම් අපි කොල්ලො කට්ටිය එක්ක යන්න ආසයි.ඇයි වාහනේට නැග්ග වෙලේ ඉදල බෝතල් කඩා ගෙනනේ.
ජෙනිටගේ අම්ම මා එක්ක හරි ෆිට්.දෙල්කද පැත්තතට ආවොත් ඒ ගෙදරට ගොඩ වැදිලමයි යන්නෙ.මොකද ජෙනිට ගෙ බෝල මුණ තියෙන නංගියෙකුත් හිටිය ඉතින් ඒ නංගිය ව දැක්කම,වෙල් තුනක් බත් නොකා ඉදල කෑව වගේ වෙන නිසා.
මුළු පවුලම ජෙම්ස්ටෝන් වුනායින් පස්සෙ මුන ගැහුනෙ නැහැ.
මචං කෙන්ජි…රෙක්ස්ගේ දුවයි අරකියි මායි ඔබරෝයි එකේ එකට වැඩකලේ.රොශාන්ති හරිම හොඳ කෙල්ල.මගේ යාලුවෙක් එක්ක යාලුවෙලා හිටියේ.පස්සේ මගේ වෙන යාලුවෙක්ව බැන්දා.ජෙනිටාලගේ ලෑලි සොල්දර ගේ ගාවින් පොඩි කාලේ නිතරම පාස් වෙනවා උන්ව බලන්න.නංගිත් හොඳට මතකයි.ජෙම්ස්ටෝන් උනාට පස්සේ දෙල්කඳින් ගියා.
ජෙනිටා සමරවීර ගැන මුල්ම වතාවට ඇහුවේ මෙතනින්.මාර ලස්සනයිනේ.ස්තුතියි අරු අය්යේ.
මොකක්ද මේ ජෙම්ස්ටෝන් කතන්දරේ?
@නිකං……ජෙනිටාව බැන්දේ නිමල් හෝ රංජිත් පතිරන කියන කෝටිපති මැණික්කාරයෝ ඉස්සර.ඒකයි කෙන්ජි ඔය ජෙම්ස්ටෝන් කියන්නේ.ඕකා ජෙනිටා ගැන මට වඩා දන්නවා වගේ.
මා ඉපදෙන්නට පෙර මගේ දෙමව්පියන් පදිංචිව ඉඳලා තියෙන්නේ විජේරාම හන්දියේ. ඒ කාලේ මගේ පියා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.
තිස්ස අබේසේකර ගේ අයාලේ ගිය සිතක සටහන් පොතේත් නුගේගොඩ අවට ප්‍රදේශය ගැන විස්තරාත්මකව සදහන් වෙනවා.
ඔබේ මේ සටහන් ඉතා රසවත් වෙන බවට මට විශ්වාසයි!
(මේ බ්ලොගේට කමෙන්ට් කිරීම හරිම අමාරුයි. මා හිතන්නේ මා මෑතක දැමූ කමෙන්ට් පළවී නෑ!)
//මේ බ්ලොගේට කමෙන්ට් කිරීම හරිම අමාරුයි. මා හිතන්නේ මා මෑතක දැමූ කමෙන්ට් පළවී නෑ!//
බොටත් හීනිවට වාගේ දැනෙනවාද කොමන්ට් පල නොවීමේ වේදනාව. අයියෝ සල්ලි………..
අනේ මේ කකාගේ කොමන්ට් ටික පල කරන්නකෝ aru. උබට වටින්නේ නෑ බං අපේ කෝමන්ට් කිසිම හිරිකිතක් නැතිව වාරණය කරන කකාගේ, කොමන්ට් වාරණය කරන්න. හා නැද්ද මං අහන්නේ.
@@KA …………..උඹ කලබල නොවී හිටහන් කොල්ලෝ මං බලන්නම්.
kaවෝ
මං මෙතන කමෙන්ට් එකක් දැම්මේ මේ කතාව ගැන මගේ අදහස කියන්නයි.
ඔබ මගේ බ්ලොගයට මොන කමෙන්ට් දැම්මාද මා දන්නේ නෑ. ඒවා දාන්න ඇත්තේ ka කියා නම් වෙන්න බෑ.
මා මේ දක්වා වාරණය කර ඇත්තේ කමෙන්ටු අතලොස්සක් පමණයි. ඇත්තටම පසුගිය සතියතුල ඒ ගණන දහයකටත් අඩුයි. ඒ සියල්ල අපහාසාත්මක ඒවා.
නැවත කමනේටුවක් දාන විට එහි යටින් ka කියා ලියන්. එවිට මට අඳුණා ගත හැකි වේවි.
@කකා……….බොහොම ස්තූතියි.කකාගේ කමෙන්ට්ස් පමනක් මීට පෙරත් ස්පැම් එකේ තිබිලා ගත්තා.ඒ ගැන මීට පෙර පෝස්ට් එකේ මම කකාට රිප්ලයි එකක් දැම්මා.කොහොමද හදන්නේ ඒක?
කකා ඉස්සර විජේරාම පැත්ත හරිම නිස්කලංකයි.තාත්තා දන්නවා ඇති හොඳට.
මෙයට හේතුව මං හොයා ගත්තා!
වර්ඩ්ප්‍රෙස්වල කමෙන්ට් කරද්දී ජී-අවතාර් සඳහා වෙනම ලොග් විය යුතුයි. පසුගිය දිනවල මා බ්ලොග් කියවූවේ වැඩට යන එන ගමන් මොබයිල් එකෙන්. ඒ දැමූ කමෙන්ට්ස් තමයි ස්පෑම් වී තියෙන්නේ. අද උදේ කමෙන්ට් කෙරුවේ ලැප්ටොප් එකකින්, නිවරදි ජීඅවතාරය සමග.
බ්ලොගර්වලට මේ ප්‍රශ්නය නෑ. මොකද මං ඊ-මේලස් සහ මගේ බ්ලොග සඳහා සැම විටම ලොගින් වී ඉන්නා නිසා.
අරූ, උබේ පලාත ගැන උබට වඩා දෙයක් කියන‍්න මම දන්නේ නෑ මචං. සොරි තමා. මම මේ හිටියට ලාබාල ටිං ටිං.
මචං Kaවෝ උඹ රවුමක් ගහලා යන්න එනවා නේද?ඒක හොඳයි.යන එන ගමන් කාට හරි ටොක්කක් ඇනගෙනම තමයි යන්නේ නේද?
මන් ගංගොඩවිල ගැන අහලා විතරයි තියෙන්නේ ,,මාත් කියවන්නෙක් විදියට ඉන්නම් ,,මේ වගේ දිගටම ලියන්න අයියේ,,ඒක වටිනවා @කෙන්ජිජේ add එක දැකලා ආවේ
ඔමායා මොකක්ද කෙන්ජිගේ ඇඩ් එක කියලා කිව්වේ?ඔයාගේ බ්ලොග් එක මම මුල ඉඳලම කියවනවා.අර බලු කක්කා මුල්ම පෝස්ට් එකට මම කමෙන්ට් එකකුත් දැම්මා වගේ මතකයි.
මෑණි වරුන්ට රෙදි වනන්න කියල හැම දරුවන්ගෙම පෝස්ට් වලට ඇඩ් එකක් දැම්ම ඔබේ ලිපිය කියවන්න කියල.
ඒකයි මේ නොදැරිවී කියල තියෙන්නෙ.
නියමයි අරූ! තවත් ඩිංගක් දික් කලත් වරදක් නෑ.
උඹේ මල්ලි දාපු සංකේත නියමයි බං. ඔය පළාත ගැන වැඩි විස්තරයක් දන්නෙ නැතත් රසයට බාධාවක් නැහැ. මට මතක් උනේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ “අපේ ගම”. වැඩි මහන්සියක් යෙදුවෙ නැතත් නලින් කිව්ව විදියට වියරණ ගැන පොඩියක් හිතල ලියපං. නිවැරදි භාෂාව උඹේ ලිපි මාලවට වැඩි අගයක් එකතු කරාවි. ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගත්ත.
කතාව සංවේදී වෙන්න යනවා වගේ ඉවෙන් වගේ දැනෙනවා,
අතීත මතකයේ සුවඳ දැනෙනවා රූපයේ සිරි අසිරිය නොමැරූ
නෙතගට කඳුලක් ඉබේ නැගෙනවා සිහිවන විටදී ගම සොඳුරූ
මතකය පමණයි ඉතිරිව ඇත්තේ ගම එහි නෑ අප කතා කෙරූ
කියන්න කියන්න අහන්න මා එමි ඔබ දිවි මග හිත මිතුරු අරූ
මේක වැරදි තැන වැටුනේ, රාජ් ගෙන් අහන්න ගියේ මේකාගේ මේක බ්ලොග් රෝල්ට දාගන්නේ කොහොමෙයි, ෆලෝ කරන්න බැරි නිසා මට දාගන්න විදිහක් නැතුව ඉන්නේ,
ස්තූතියි රාජ්…..නලීන් හරි.ඒ උනාට වියරණ මොන හත්තිලව්වක්වත් දන්නේ නැහැ.හරියට ලියවෙනවානම් ඒකත් වෙන්නේ ඔය පොතක් පත්තරයක් කියවලා දැණගත් දේකින් තමයි.සිංහල භාෂාව නිවැරදිව ඉගෙනගෙන නැහැනේ.හරි කණගාටුයි ඒ ගැන.ඉදිරියෙදි සාකාච්ඡා කරමු.
තව පොඩ්ඩක් දිග් කරන්න කියලා DDTත් යෝජනා කරා
ඔන්න මමත් හොයාගෙන ආවා. අපේ බ්ලොග් මගපෙන්වන්නා නොහොත් කෙන්ජි අයියාගේ මගපෙන්වීමෙන්. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා ඔය කියන හරියේ. මිනිහගේ නම කොඩිකාර නොදන්නා විදියක් නෑ. මිනිහත් ඔය කියන විස්තර ටික මට කියලා තියෙනවා. ඉස්සර වැටවල් තාප්පා මොනවත් තිබ්බේ නෑ කිව්වා වගේ මතකයි ජුබ්ලි කණුවට යනකං.
මේ වගේ කතා ඉතා වැදගත් වෙනවා, අර නලින් කිව්වා වගේ අපිටත්, අලුත් පරම්පරාවටත් ඉතිහාසය ගැන පාඩමක් වගෙයි මේවා. මොකද මෑත ඉතිහාසය ලේඛනගත වෙලා නෑනේ. වියරණ ගැන එතරම් වද වෙන්න එපා. අවශ්‍ය පණිවිඩය සන්නිවේදනය වෙනවා නම් එච්චරයි. මෙතන ලියන කිසි කෙනෙකුට කිසිම දෙයක් ලැබෙන්නේ නෑනේ. හැබැයි මග නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යාම තමයි වැදගත්.
එහෙනම් අරූ කවුද කියලා අපි පස්සෙම දැන ගමු.
ස්තූතියි සුධීක…..කොඩිකාර නම තියෙන අය ගංගොඩවිල සහ අවට ඉන්නවා.ඒ අය පරණ ගමේ අය වෙන්න ඕන.අපි නැවත හමුවෙමු.
තමන්ගේ අතීතය පිළිබඳව මෙවැනි කාලීන සටහන් තැබීම අතිශයින් වැදගත්. අනාගතය වනවිට එහි ඓතිහාසික වටිනාකම වැඩිවෙනවා.
මා ඔබේ අඩවිය කියවන්නට පටන්ගත්තේ මේ මෑතක සිටයි. තිස්ස අබේසේකර විසින් සහ සුනිල් ආරියරත්න, තිලකරත්න කුරුවිටබණ්ඩාර දෙසොහොඋරන්, නන්දා මාලනී වනිය් නුගේගොඩ සහ ගංගොඩවිල ගැන ලියා ඇති තොරතුරු සෑහෙන්න කියවා තිබෙනවා.
මම ඔය පරදේශය දැන හඳුනාගත්තේ 1968 වර්ෂයේදී මගේ ලොකු අක්කා විවාහවී පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වු නිසයි. මම ලොකු අක්කාගේ ගෙදර තිබුණු බයිසිකලයකින් ඔලුව හැරුණු අතේ රස්තියාදු ගහන නිසා ගංගොඩවිල අහුමුලු ගානේ සැරිසරා තියනවා.
ඔබේ කතාව හැකිතරම් සවිස්තරව ලියන්න. කියවන්න බොහෝ දේ එහි ඇතුළත් බව පෙනෙනවා.
පරදේශය යන්න යතුරු ලියන දෝෂයකි. එය ප්‍රදේශය වියයුතුයි.
විචාරක ….මගේ වියරණ දෝෂ අප්‍රමාණයි.මම දාපු රිප්ලයි එක පහලින් වැටුනේ.හෙමින් බලන්න.
කතාව සංවේදී වෙන්න යනවා වගේ ඉවෙන් වගේ දැනෙනවා,
අතීත මතකයේ සුවඳ දැනෙනවා රූපයේ සිරි අසිරිය නොමැරූ
නෙතගට කඳුලක් ඉබේ නැගෙනවා සිහිවන විටදී ගම සොඳුරූ
මතකය පමණයි ඉතිරිව ඇත්තේ ගම එහි නෑ අප කතා කෙරූ
කියන්න කියන්න අහන්න මා එමි ඔබ දිවි මග හිත මිතුරු අරූ
ඉවාන් උඹ හොඳ කවියෙක්නේ බං.මේ උඹ මට කවියෙන් දාපු දෙවෙනි කමෙන්ට් එක.උඹ ශාස්ත්‍ර කියන්නෙත් ඉවෙන්ද?
මෙන්න අර:
අනේ
පනේ
තනේ
වැනේ
අච්චුවේ කවියක්.
අරූ
මෙ රූ
සරූ
මරූ!
අනේ ඔය මොකක් වැනුනත්, ඔව දිහා බල බලා ඉන්න අපිට කාලයක් නෑනේ.
මේකා
මොකා
කකා
දුකා
@කකා……
😀
Ka & Kaka
hek, hek,
මේකා
මොකා
කකා
paකා
විචාරක….ඉස්සෙල්ලාම වියරණ දෝෂවලට සමාවෙයන්.ස්තූතියි අදහසට.මටත් හරි සතුටුයි ගම පලාතේ රස්තියාදුවක්වත් ගහන්න ඇවිල්ලා තියෙන බව ඇහුවම.සුනිල්,තිලක් දෙසොහොයුරන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෝ.මමත් කුඩාම කාලේ එහි ඉගෙනගත්තා.
මේ තරම් වැඩිහිටි වටිනා කියන මනුස්සයෙක් නේද..මේ අපිට කියලා ARU කියලා කියවන්නේ..වැඩිහිටි කිව්වට නාකි කිව්වේ නැහැ හොඳේ..එත්..ඔයා හරිම හිතවත් මනුස්සයෙක් බව දැනෙනවා…මම කොලොම්පුරය ගැන නොදන්නා…ගඟෙන් එහා පැත්තේ සිට ආව කෙනෙක් බැවින්..පෝස්ටුව රස විඳීමෙන් පමණක් නවතිනවා…
බ්ලැක්&වයිට්….මමත් ඔයාගේ පෝස්ට් රසවිඳිනවා.ඔබත් ඔබගේ පවුලේ අයත් සොඳුරු මිනිසුන් විය යුතු යැයි ඒවා කියවීමේදී මට නිතරම හිතෙනවා.තවත් කෙනෙකුගේ ජීවිතය රස විඳින්නට උදව්කරණ අයට තමන්ගේ ජීවිතය ඉහලින්ම රස විඳින්න පුලුවන්බව මම අත්දැකීමෙන්ම දන්නවා.
සමාවෙනය් මචං මෙච්ච්රදවස් එන්න බරු උනාට. දැන් ඉතින් පොස්ට් ටික ඔක්කොම කියවන්න ඕන. උඹ හෙන්රියාගේ අය්යා කියලා දැනගත්තේ දැන්.
අනේ අයිලාශ්…පොඩි වැරදීමක් තියෙනවා.මම කියන”මට හිතෙන හැටි”වර්ඩ් ප්‍රෙස් බ්ලොගක්.ඒකේ ලින්ක් එක DDT උඩ දාලා තියෙනවා.හෙන්.රි ලියන එක සම්බන්ධව නෙමේ මම කිව්වේ.හෙන්.රි සමාව භජනය කලමැණ.
බණ ටෝකිං. මට උඹ වගේ සහෝදරයෙක් හිටියානම් මම ආඩම්බර වෙනවා.
ඒ නෙවෙයි. මොකක්ද යකෝ මේ අවුල් වෙන්නට පෙර කියලා මාතෘකාවක් දාගෙන තියෙන්නේ. උඹ ඇල්සයිමර් වත් හදාගන්න බලාපොරොත්තු වෙනවද?
පැපිලියානේ පිරිවන ළඟ තිබුණු බෝ ගහ 120 පාර පළල් කරන කොට කැපුවා අරූ අය්යාට මතකද?
මිනිස්සු අන්තිමට බෝ කොටයට වැන්දා මතකයි
ඒක තමා ඔය ඒරියා එක ගැන තියන මුල්ම මතකය
පස්සේ කලෙකනම් සුබද්‍රරාමයේ පන්තියකට ගියා
පංතිය ඉවර වෙන්නේ නුගේගොඩ සුපර් මාර්කට් බිල්ඩිමේ තිබුනු record bar එකේ ( MSK වගේ මතකය උඩ තට්ටුවක තිබුනේ ) 🙂
නිකං ……ඔය බෝ ගහ කපන කාලේ මම දෙල්කඳ පැත්තෙන් චුත වෙලාද කොහෙද හිටියේ.යාන්තම් මතකයක් තියෙනවා ඒ කොටේ උඩ සිවුරකින් වහලා මිනිස්සු වැන්ද බවට.මෑතකදීනම් පිරිවෙනේ සුදුහදුන් ගහක් කපන් ගියා කියලත් ඇහුනා.
ඒකාලේ සුභද්‍රාරාමේ අසල ඔය” ඇත්තමයි හසන්ත”[JRP]මහත්තයා හිටියා.පිරිවෙනට පිටිපස්සේ රබර්වත්ත,.කෝච්චි පාර සුන්දර මතකයන්.ඔය නුගේගොඩ සුපර් මාකට් එකත් මතක ගුහාවක්
අරූ, අර කවුද කියන්න වගේ කොමෙන්ටු ආගිය අතක් නැතුව යනවා. ඒක මේ වර්ඩ් ප්‍රෙස් අයියලාගේ ජන්ම ගතියක්. බලමු මේක පලවෙවිද කියා.
මා ආසාවෙන් කියවූවා. තමන්ගේ දේශපාලනය ඔබන්නේ නැතුව මෙහෙම ලියන විට කියවන්නාට අවස්ථාව ලැබෙනවා, එයාගේ දේශපාලනයත් එක්ක කතාව කියවන්න. ඉතුරු ටිකත් රසවත් වේ සිතමි.
රයිගම්……..ඇත්තටම මට ඕන වුනේ මගේ මතකය සහ අත්දැකීම් එක තැනකට කොටු කරලා දාන්න.එතකොට ඒවා ගැන මතකය නිතරම ඔලුවට නො එන නිසා.මේ වර්ඩ්ප්‍රෙස් කියන්නේ එච්චර හොඳ සිස්ටම් එකක් නෙමේද?
ප.ලි.
මේ පෝස්ට් එකට පෙර මෙයට පිවිසීමක් ලෙස මා ලියු පෝස්ට් එක ඔබ කියවන්නට ඇතැයි මම සිතමි.ස්තූතියි.
ඔය කට්ටිය කියනවා යූසර් ප්රෙන්ඩ්ලි නැහැ කියල. මා නම් ගණන් ගන්නේ නැහැ. කොමෙන්ටු දාන කොට පොඩි අවුල් තිබුනට, මා බලාපොරොත්තු වෙන කාර්යයට හොඳටම ඇති. 🙂
ජීවිතයේ ඉමිහිරිම කටුක තැන් රසවිදගන්නට මීට වඩා තවත් දේ ඕනෑද..! ඒ නිසා මේ සටහන “කටු සටහනක්” විදියට අරගෙන මෙ හැම වචනයකම හැංගිලා තියෙන සුන්දර මතකාවර්ජනයන් එළිපෙහෙලි කරදෙන ලෙස අරු`ගෙන් ඉල්ලා සිටිමි.
හිතවත්කම …..මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් සහ සිද්ධීන් උඹේ පරපුරේ කටු කන තරුනයින්ට වැදගත් වියහැක.අරු සහ අරකීගේ කටු කෑමේ අවසන් අදියර හමාර වෙන්නේ ලබන වසරේ දියණියගේ උසස් අධ්‍යාපණ කටයුතු අවසන් වීමෙන් පසුවය.
අතිත මිහිරි සුවදක් දෑනෙනව
දමිත්….දැනි..දැනී..දැනී..දැනෙනවා……
දමිත්……උඹ දන්නවාද ටයිටස් තොටවත්ත මහත්තයා එයාගේ පුතාට දමිත් කියලා නම දැම්මේ කොහොමද කියලා?ලමයා හම්බවුනාම ටයිටස් මහත්තයට පනිවිඩේ ආවාලු.
දුරකතනයෙන්…….ටයි ..වයිෆ්ට බබෙක් හම්බවෙලා.නමක් දෙන්න
ටයි මහත්තයා….දුවෙක්ද?පුතෙක්ද?
දුර………පුතෙක්
ටයි……OH………DAMN IT!!!!!!!!!!
දුරකථනය විසන්ධිවිය.කොල්ලා දමිත් විය.අරකී ටයි මහත්තයාගේ ඥාතී නිසා කතාව ඇත්තය.
ඒක නම් අපූරුයි අරූ, එතකොට ටයි මාමා අරූලගෙ ඥාතියෙක්ද. අපේ ළමා කාලෙ එතුමගෙ වැඩසටහන් අපි කොච්චර ආසාවෙන් නැරඹුවද. අද තියෙන තාක්‍ෂණය ටයි මාමාලගෙ කාලෙත් තිබුනනම් තව කොච්චර දේවල් කරයිද.
@DDT……..අරූට වඩා අරකිගේ ඥාතීන්.ටයි මහත්තයලා නිර්ව්‍යාජ මිනිස්සු.පුතා ගැන මම කතා නොකර ඉන්නම්.මේ ලිපි පෙල තුල මගේ ඇතුලේ සිටිනා දේශපාලන සත්වයා අවදි නොකර සිටීමට මම වග බලා ගන්නෙමි.එය එසේම වේදැයි මම නොදනිමි.උඹලා ප්‍රතිචාර දැක්වීමනම් මට මල් පැනිය.
ඔබේ සටහනේ හැම වචනයකම ගැමි සුවඳ වෑහෙනවා අරූ,අර කතන්දර කියා තියෙන්නා සේ තිස්ස අබේසේකරයන්ගෙ අයාලේ ගිය සිතක සටහන් කෘතිය නිතැතින්ම මතකයට එනවා.
ඔය පළාත ගැන එතරම්ම අත්දැකීම් නැතත් ඔබේ කතාව රසවිඳින්නට එය බාධාවක් නොවෙයි.
වියරණ දොස් සහ අක්ෂර වින්‍යාස දොස් මගහරවා ගන්න.
මිස්ට හැලප්ස්…..මගේ සිංහල භාෂා ඥාණය ගැන මට තියෙන්නේ පුදුම කනගාටුවක්.හදාගන්න බැරිවුනු විශාල අඩුපාඩුවක්.නිසිලෙස අධ්‍යාපණයේ නොයෙදුනු වරද.මචං බොහොම ස්තූතියි සෙනෙහෙබර අදහස් වලට
අප්පොච්චියෝ නෝනා මහත්තය ටයි මහත්තයගෙ ඥාතියෝද?මම බැනුම් අහල ඇති නැවකට.ලොකේෂන් වලදී ලගම තියෙන බාර් එක ඕපන් කල ගමන් අශෝක වීදුරුවක් කපල ගල් ෂොට් එක දාල තමයි බනින්න පටන් ගන්නෙ.රත්තරන් මනුස්සය.
දෙල්කද තවත් ප්‍රධාන චරිතයක් “සායි බබා” ඇන්ටික් බඩු විකින්නෙ.
මචං මම බුවාව දන්නවා.උඹට මතකද ඇන්ටික් කඩේ මුදලාලි ජස්ටින්.ඔය උඩ තට්ටුවේ කාමරයක් අරන් හිටියා අපේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.ඒ ගැන මට ලියන්න දේවල් තියෙනවා.පස්සේ ලියන්නම්.
මචං මම බුවාව දන්නවා.උඹට මතකද ඇන්ටික් කඩේ මුදලාලි ජස්ටින්.ඔය උඩ තට්ටුවේ කාමරයක් අරන් හිටියා අපේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.ඒ ගැන මට ලියන්න දේවල් තියෙනවා.පස්සේ ලියන්නම්.
මුලින්ම කියවන්න එන්න ප්‍රමාද වුනාට සමාවෙයන් අයියේ.වැඩ ගොඩකට පැටලිල ඉන්නෙ මේ ටිකේ. මගේ පොස්ට් එකට කොමෙන්ට් කල උන්ට රිප්ලයි එකක්වත් දෙන්න බැරිවුණා. කෙන්ජියා හෙම පලු යවනවා ඇති.
මේ වගේ පෝස්ට් ලියවෙනව නම් නොවරදවාම ඇවිත් කියවනවා. නමුත් කණගාටුවට වගේ දැන් ඒ වගේ රසවත් පෝස්ට් කියවන්න් ලැබෙනවා නම් බොහෝම අඩුයි. ඔබේ මේ සටහන එහෙම කලාතුරකින් කියවන්නට ලැබෙන වර්ගයේ රසවත් සටහනක්. ස්තූතියි.
උඹේ වැඩ ටික කරගනිං.නිකම් ඉන්න වෙලාවක කියවපං.
අඩෝ….ව්ව්ව්…. RR මලය මම දන්නව බං කාලය ඇවෑමෙන් සොයාගන්න අමාරු බව.
හොඳ අතීත ආවර්ජනයක්, ලිපියේ වචන දෝෂ 98-99% වාගේ පරික්ෂා කරගන්න මෙන්න මේ ලින්ක් එක භාවිත කරන්න.
http://subasa.ambitiouslemon.com/spellerweb.py
නමුත්, මෙම අඩවිය අපගේ පරිගණකයේ IP ආදිය ලබා ගන්නේද/නොගන්නේ ද යන්න තහවුරුවක් නැහැ.
එබැවින්, දේශපාලනික ලිපි ලියනුයේනම් සහ ආණ්ඩු විරෝධීනම් ඒ ගැනත් අවබෝධයක් තිබිය යුතුය. නැතිනම්, පරිගණකයේ IP වෙනස්කර හෝ Tor වැනි internet browser යොදාගන්න. tor බවුසරය ආරක්ෂිතයි කියා මා අසා තිබෙනනවා.
බොහොම ස්තූතියි නිර්මලා…..මම උත්සාහයක් ගන්නම් ඒ සම්බන්ධව.ඔබට ස්තූතියි ඒ ගැන.
ලස්සන මතක සටහන් පෙළක් වෙයි වගේ. old is gold කියනවනේ
බින්දි ස්තූතියි කියවනවාට.ආපහු එන්න.
නියමයි අරූස්…අපූරු ආරම්භයක්….
පැඟිරිවත්තෙ මට බොහොම සුළු සම්බන්ධයක් තියනව මගෙ ඉතාම කිට්ටු මිතුරෙක් ඒ පැත්තෙං කසාදයක් කරගත්ත නිසා.ඒත් මේ බොහොම මෑතක….
ටයි මහත්තයෙගෙ ඤාතීන් වෙනව මෙහෙ මාත් එක්ක වැඩකරන යාලුවෙක්ගෙ බිරින්දෑත්… 🙂
දිගටම ලියන්න …මගේ සුබ පැතුම්!!!
රවී….මම උත්සාහකරනවා දිගටම ලියන්න.සිංහල වැරදිනම් එමට ඇති.දිගටම බලන්න.
හරිම රසවත්..මැවිලා පේන විදියට ලියලා තියනවා. මමනම් ඉතින් දන්නේ නවීකරණය වෙච්ච දෙල්කද ගැන විතරයි.
ඔව් සයුරී…නවීකරණය වෙච්ච දෙල්කඳ නම් මිනිස් වාසයට වඩා ව්‍යාපාරික වැඩවලට තමයි හොඳ.
2004 ඉදන් 2009 දක්වා අවුරුදු පහක් මම හිටියෙ මද්දුමගේවත්ත ස්කීම් එකේ බෝඩිමක…. ඉතින් මේ විස්තර කරන පරිසරය හුරුපුරුදුයි… ඉරිදා දෙල්කද පොලට ගිහින් තමයි උයන පිහන කළමනා ගත්තෙ… ඒ කාලෙත් හරි සුන්දරයි…
තරූ ඔය මද්දුමගේ වත්ත ස්කීම් එක හදන්න ඉස්සෙල්ලා ඕකට කිව්වේ තලයරත්න වත්ත කියලා. මුලු ඉඩමම එයාගේ.තලයරත්නලාගේ මහ ගේ තමයි පාර අයිනේ විශාල ගේ.සුදු පරවියෝ කියල ෆිල්ම් එකක් ඔය ගෙදර ෂූට් කලා ඒ කාලේ මට මතකයි. ඔයා ජපුරේ ගියාද?
අපේ ගමේ මනුස්සයෙක්නේ…. මමත් ඊට කිට්ටුව තමා හැබැයි ඔබ කතාකරන යුගයට ගොඩක් පස්සේ යුගයක
මොරා….අකැමත්තක් නැත්නම් කියපන් කොයි හරියෙද කියලා.ආසයි දැණගන්න.
මිරිහාන කිට්ටුව.. අපේ අම්මගේ මතකේ තියෙනවා ඒ කාළේ ඒ පැත්තේ රසබර කතා. ඔය ඇල්මන් පීරිස් ස්ටැන්ලි තිලකරත්න වගේ උදවිය ගැන. කොහෙද ඒවා පිළිවෙලකට ගලපගෙන කියන්නේ නැහැ නේ. වෙලාවක අහගන්න ඕන..
අරූ ලස්සන මතකය අවදි කිරිමක්. කරුමේ තමා අවශ්‍ය වෙලාවේ සාකච්ඡාවට ඉන්න බැරි වෙච්චි එක. .ජය වේවා..
දේශක මචං ගනන් ගන්න එපා.මමත් ගොඩාක් වෙලාවට පරක්කුයි.එතකොට කඩේ වහලා යතුරු දානවා.ජීවිතේ ඔහොම තමයි.
බොහොම වටින ලිපියක් අනිවාර්යෙන්ම අරූ.අදයි කියවන්න ගත්තේ.මාත් හරි කැමතියි මේ වගේ පැරණි රසාංග කියවන්න.:)
ස්තූතියි….තනි තරුව!!!
මමයි මනූයි කසාද බැඳලා මුලින්ම පදිංචි උනේ පැඟිරිවත්තෙ කුලී ගෙදරක උඩ තට්ටුවේ අරූ… ඒ නිසා මේ කියල තියෙන තැන් ටිකක් දන්නවා… ප්‍රියා සූරියසේන නම් මං ඒ කාලෙ නැවතිලා හිටපු ඤාව් අංකල්ගෙ යාළුවෙක්… වර්තමාන තතු නම් දන්නෙ නෑ අරූ…
මං දන්නා අවසාන කාලෙ ඒ පැත්ත යකඩ ගොඩ වලින්ම වැහිලා යන්න පටන් ගත්තා මතකයි… විජේරාම හන්දියේ ගිහාන් රෙස්ටොරන්ට් එක අමතක නොවෙනම තැනක්… එතකොට කීර්ති පැස්කුවල් දෙවෙනි කසාදෙ බඳින්න කලින් හිටියෙ ඔය පැත්තෙ… මී හරකා ලින්ටන් සේමගේත් රට යන්න කලින් කැම්පස් එකට පල්ලෙහා හිටියෙ… කොත්තු ගන්න ඇවිත් නිතර හමුවෙලා කතා බස් කරනවා ඒ කාලෙ… තව ඔය කීර්ති පැස්කුවල්ගෙ ස්ටුඩියෝ එකට ඉස්සරහ ගෙදර හිටියා දැනුත් ඉන්නවා නළුවෙක්, මට නම මතක් වෙන්නෙ නෑනෙ… වයසක කෙනෙක්… තවමත් රඟපානවා… ගමේ පරණ එක්කෙනෙක්… මොරිස් දහනායක හිටියෙත් උඩහමුල්ල අවට නේද… ඒ කාලෙ රන්ජන් රාමනායකත් නැවතිලා හිටියා ඒ කිට්ටුව… උඩහමුල්ල උනාම තව ගොඩක් ඉන්නවනෙ… ලූෂන් බුලත්සිංහල, කපුගේ, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි…
මියුරු…සමාවෙන්න. වටිනා තොරතුරු රාශියක් සහිත මේ කමෙන්ටුව අදයි දැක්කේ. /////දැනුත් ඉන්නවා නළුවෙක්, මට නම මතක් වෙන්නෙ නෑනෙ… වයසක කෙනෙක්//////මේ බුද්ධි වික්‍රම ගැනද කියන්නේ.
මොකද ලියන්නේ නැත්තේ?
අතරින් පතර එකක් දෙක කියවල තිබ්බට අරූගෙ අඩවියට නිදහසේ ගොඩ වැදුනෙ අද තමයි.. අවුල් වෙන්න කලින් අන්තිමට ලියපු කෑල්ල (48 ද කොහෙද නෙ ) කියෙව්වට පස්සේ හිතුන මුල ඉඳල කියවන්න ඕනි කියල හිතුන. පහලට එන ගමන් මැද්දෙන් අර 77 මැතිවරණ විස්තරේ විතරක් කියෙව්ව මාත් මැතිවරණ පිස්සෙක් නිසා. ඊට පස්සේ ඕං 1කේ ඉඳල කියෝනව කොමෙන්ටුත් එක්ක. අන්තිම එකත් කියෝල ආයේ කොමෙන්ටුවක් දාන්නම්. ජය ශ්‍රී!
නොනැවතී ඉදිරියට ගමනේ යා 😀