අවුල් වන්නට පෙර…….2 කොටස

                                  මා සතුව තිබු විශාල ප්‍රමාණයක් මතක සටහන් කාවුන්ටත් පුස්වලටත් මාගේ නොසැලකිල්ලටත් හසුවී විනාශවී ගොස්ය.ඒ අතර මාගේ පලමු පංතියේ සිට පාසැල් ප්‍රගථි වාර්ථා පොත්ද විය.මෑතක් වනතුරුත් ඒවා සුරක්ෂිතව ත්බු නමුත් දැන් ඒවා ගැන සිතීමෙන් පලක් නැත.එංගලන්තයේ චාල්ස් කුමරුගේ අත් අකුරින් මාහට දුන් සටහන්ද ඒ අතර විය.ඔහුගෙන් ලැබූ තෑගි සහ ඡායාරූප නම් තවමත් මා සතුව ඇත.යමක් අහිමිවීමට තිබේනම් එය වැලක්විය නොහැක.ඒ දෛවයයි.කොම්බු දෙකකින් පටන්ගන්නා බොහොමයක් වචන අධ්‍යාථ්මය හා බැඳුනු ඒවා යැයි වරක් කවුදෝ මට පැවසීය.දෛවය,වෛරය,මෛත්‍රිය,කෛරාටික කම ඉන් සමහරකි.මීට වඩා වෙනස් වචනද තිබිය හැක.

                                                           මා කුඩා කල සිට අප නිවැසියන් වූයේ දෙමව්පියන් හැරුනුවිට ආච්චී,සීයා[මව් පාර්ශවයේ]මගේ තුන් හැවිරිදි මල්ලි සහ ඔහුටත් බාල නංගීත්ය.සීයා කොලොන්නාවේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ලොකු බාස්ය.ඩෝරා මශියා මොරායස් නම්වු ආච්චී උපතින් කතෝලික වුවත් පසුව බුදුදහම වැලඳගත් කෙනෙක් විය.ඇයගේ දකුණු අතේ උඩ අත්ල ආශ්‍රිතව කුරුසයක් පච්ච කොටා තිබුනි.ඇය ගැන ලිවීමට බොහෝ දේ ඇත.ඇයගෙන් මා ලද ආදරය කිසිලෙසකින් වත් දෙවනි කොට සැලකිය නොහැක.1993 දී මිය යනතෙක්ම අපට සියලු රැකවරණ සලසමින් අප සමගම ජීවත් වුවාය.අදටත් මම ඇය මෙණෙහිකර ඇයට ස්තූතිකර නින්දට පිවිසෙන්නෙමි.සීයා ගැන මතකය කෙටිය.මා පාසල් යාම ආරම්භකර වසරකටත් අඩු කාලයක් තුලදී ඔහු අප අතරින් වෙන්වී ගියේය.ආච්චී සහ සීයාගේ දරුවන් අතරින් අම්මා තුන්වැන්නා විය.ඒ වනවිටත් ලොකු අම්මාට දරුවන් නොසිටී නිසාත් ලොකු මාමා මියගොස් සහ පොඩි මාමා කලුතර ප්‍රදේශයේ ඥාතීන් සමග ජීවත්වු නිසාත් සීයා සහ ආච්චීගේ ලෝකයේ ලොකුම වීරයා මා විය.  

                                                 අපට හිමි නිවස විශාල නිසාත් එතරම් ආර්ථික ගැටලු නොවු බැවිනුත් අපේ ගෙදර නිතරම සෙනග ගැවසෙන ස්ථානයක් විය.එකල අප පවුලේ උදවියට අමතරව එහි ස්ථිර පදිංචිකරුවෝ වුයේ ටේච්චී,පොඩි අයියා සහ ඉන්ද්‍රක්කාය.මේ අය ගැනත් සටහනක් කලයුත්තේ ඔවුන්ද දුකේදීත් සැපේදීත් අප අතරේම එකටම ජීවත්වු නිසාමය.ටේච්චීගේ නම ටේලින් නෝනාය.ඇය අපගේ පිය පාර්ශවයේ උදවිය සමග කුඩාකල සිටම හැදී වැඩී ඇති අනාථ කාන්තාවක්ය.තාත්තාගේ විවාහයෙන් පසුව තාත්තාට දැක්වු ආදරය නිසාම හංවැල්ලේ සිට ගංගොඩවිලට අප සමගම ජීවත්වීමට පැමින ඇත.මා කලින් කීවාසේ ඇය කාත් කවුරුවත් නැති ගැහැණියක්ය.මානසික වශයෙන්ද එතරම් නිරෝගී නොවීය.ඉතාමත් මිටි,කුඩා සිරුරක් හිමි ඇයගේ මුහුණ ඉතා ප්‍රියමනාපය.ඇයද අප ආච්චී හා සම වයසේ වු නිසා ටේලින් ආච්චී වෙනුවට අප ඇය ඇමතුවේ ටේච්චී කියාය.ඊට ඉහතදී ඇයගේ මානසික තත්වය එතරම්ම අවුල් සහගත නොවු නිසා අපගේ වැඩිමහල් උදවිය දන්නා කියන කෙනෙකුට විවාහ කරදී ඇත.ඔහුට දාව දරුවකු ගැබ්ගත් පසු ඇයව තනිකර දමා මොහු පලාගොස් ඇත.ඒ උපන් දියණිය ඉන්ද්‍රක්කා විය.අපට වඩා ගොඩාක් වැඩිමල් නිසාත් අප සමගම එකට හැදී වැඩුන නිසාත් අප ඉන්ද්‍රක්කා නමින් ඇය ඇමතීය. ඇය මා පාසැල් යාමට පෙර ඇයගේ අධ්‍යාපණ කටයුතු අවසන් කොට තිබුනි.පොඩි අයියා යනු කුඩා කාලයේදී මග දමා ගොස් සිටියදී හමුවී අප මව් පාර්ශවයේ අය විසින් හදාවඩා ගන්නා ලද මෝඩ පහේ නමුත් හරිම ආඩම්බරකාර රොමානිස් හාමිය.අපේ දෙමව්පියන්ට වඩා ඔහු වැඩිමහල් නිසා පොඩි අයියා නමින් ඇමතීය.මිය යන තෙක්ම අපටත් ඔහු පොඩිඅයියාම විය.තාත්තාගේ ලැබෙන මුදල් සහ අරක්කු නිසා ඔහුට අපේ තාත්තා හැර වෙන ලෝකයක් නොවීය.තාත්තාගේ රැස්පොට් එක කරටගත් පොඩි අයියා අපේ අම්මාටත්, තාත්තාගේ කන්තෝරුවේ යාලුවන්ටත් පවා බැණ අඬ ගසන අවස්ථා මට මතකය. නමුත් කවුරුත් මොහු සමග උරණ වන්නේ නැත.කාටත් හොරෙන් ගංජා බොන බවත් තාත්තා එය දැණසිටි බවත් පසු කාලයකදී අම්මා මට කියා ඇත.                                                                                                                                                                                    නිතරම හැන්දෑවේ සිට රාත්‍රීය වන තෙක් ගෙදර විශාල ඉස්තෝප්පුවේ ගැවසෙන පුද්ගලයින් වුයේ තාත්තාගේ කන්තෝරුවේ වෘත්තීය සමිති සගයන්,ගමේ යහලුවන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසනයේ සමහර ක්‍රියාකාරීන්ය.ඔවුන් අඩි පුඩි ගසමින් දේශපාලණ කතා බහේ යෙදුනි.බාලා තම්පෝ,වාසුදේව,චන්ද්‍රා කුමාරගේ,ස්ටැන්ලි තිලකරත්න වැනි අයද ගොඩ වැදුනු අවස්ථා ඇත.සීයා මියගිය පසු මේ ක්‍රියාවලිය වඩාත් වර්ධණය වුයේ තාත්තා ගෙදර ගෘහමූලිකයා වීම නිසා විය යුතුය.අපේ තාත්තා ඉගෙනුම ලබා ඇත්තේ කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ සහ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා ඇති මොහු ඉංග්‍රීසියෙන් කථා කරනවා මම අසා ඇත්තේ ඉතාමත්ම අඩුවෙනි.අවශ්‍යම අවස්ථාවකදී හැර ඉංග්‍රීසි භාවිතාවක් නොතිබු තරම්ය.අම්මා සහ ලොකු අම්මා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදී සිසුවියන්ය.මාමා කලුතර සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත.                                                                                                                 මා ප්‍රථමයෙන්ම ගල්ලෑලක් ගල්කූරක් අතට ගත්තේ,ගංගොඩවිල වනාත පාරේ තුන්වැනි පටුමග අසල අම්බලන්දූව ටීචර්ලාගේ ගෙදරින්ය.ඉතාම කුඩා දරුවන්ට අත්පොත් තැබූ, ඇයගේ ඉස්තෝප්පුවේ පවත්වාගෙන ගිය එම කුඩා මොන්ටිසෝරියේ අවට ලමුන් පස් හය දෙනෙක් පමනක්විය.තම්බාපු කඩල,තම්බපු වෙරලු හෝ කොස් ඇට වැනි කුමක් හෝ අපිට ලබාදුනි.මට වඩාත් සැලකිලි ලැබුනේ එකල වඩාත්ම සුරුබුහුටි සහ කීකරුම දරුවා මා නිසා විය යුතුය.මෙතුමියට උපාලි සහ ලාල් අම්බලන්දූව නම් තරුණ පුතුන් දෙදෙනෙක් විය.ඔවුන් දෙදෙනාම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් විය.                                                            මම ප්‍රාථමික අධ්‍යාපණය ලැබුවේ එවකට ශාන්ත යොහාන්ගේ පාසල නම්වූ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ය.එවකටත් මෙම පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ තිබු කීර්තිමත් පාසැලක් විය.මෙහි ඉගැණුම ලැබූ විශිෂ්ඨ ආදී ශිෂ්‍යයෙක් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමාය.ඔහුගේ වැඩිමහල් සොහොයුරු තිලකරත්න කුරුවිටබංඩාර,අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි අය මගේ වැඩිහිටි ඥාති සොයුරන්ගේ පංතිවල ඉගෙනුම ලද බව මම දනිමි.තවත් අය බොහෝය.මගේ පාසල නුගේගොඩ හයිලෙවල් පාරේ පිරවුම්හලට යාබදව මෙට්‍රෝ සිනමාහලට පිවිසෙන මාර්ගය ඉදිරිපිට පිහිටා ඇත.එකල පාසලට පිවිසීමට පෙර දක්නට ලැබුනු මනරම් දර්ශන දෙකකි.එකක් නම් අඹ,අන්නාසි විකුනන පුංචි කරත්තයය.එය සිහින් සිරුරක් හෙබි ප්‍රියමනාප මනුස්සයෙක් සතුවිය.පාසලේ ලොකු ලමයින් ඔහුගේ මිතුරන් මෙන් විය.අනික් දර්ශණය නම් කාලවර්ණ,තරබාරු,චීත්ත  රෙද්දක් සහ හැට්ටයක් හැඳි අච්චාරු ආච්චීය.ඇයගේ අඩුම කුඩුම සියල්ලක්ම මහ පොලොව මත එලූ ඉටි රෙද්දක් මත ප්‍රදර්ශණය විය.ඇය හා වටා සිටියේ පාසලේ කුඩා දරුවන් රැගෙන යාමට පැමිනෙන වැඩිහිටි කාන්තාවෝය.                                                                                                                                            අප පාසලේ එවකට විදුහල්පති වූයේ ප්‍රතාපවත් චරිතයක්වූ ජී.බී.බන්නැහක මහතාය.සුදෝ සුදු කලිසමත්,කෝට් එකත් හැඳ උපැස් යුවලක් පැලඳූ බන්නැහක මහතා හීන්දෑරී පුද්ගලයෙකි.පතෝලයා යන අන්වර්ථ නාමයෙන් මොහු හැඳින්වු වැඩිහිටි ශිෂ්‍යයින්ට දැඩි දඬුවම් වලට ලක්වන්නට සිදුවිය.මාගේ වැඩිමල් ඥාති සොහොයුරෙක්ගේ නොමනා හැසිරීම නිසා පාසලෙන් ඉවත් කරන ලදි.මොහු අත වේවැලක් තිබූ අතර ඉතාමත් මැනවින් පාසැල පාලනය කරනා බවට වැඩිහිටියන්ගේ කතා බහට ලක්විය.ඒ සම්බන්ධව මට වඩා දන්නා අය බොහෝය.මට ශාන්ත ජෝන් විදුහලේ අකුරු කිරීමට ලැබුනේ පස් වසරක් පමනී.                                                                                                                                                                   

               මා මුල් දිනයේ පාසලට පැමිනියේ අම්මා සමගය.දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා ගමනට ටිකට් එකහමාරක් ශත අටක් පමනක් විය.අම්මාට ශත පහක් සහ භාගයක්වූ මට ශත තුනක් වශයෙනි.එකල තිබුනේ ලංගම බස් පමනි.එදා මගේ පලමු පාසල් ගමනට ලබාදුන් ඒ ප්‍රවේශ පත්‍රයන් දෙක මෑතක් වනතුරුත් මා සුරැකිව තබාගත් මුත් නොසැලකිල්ල නිසාමදෝ ඒවා අතුරුදහන් වී ඇත.ඉන් පසුව ඉන්ද්‍රක්කා සමගත් පසුව මා තනිවමත් පාසල් ගමනේ යෙදුනේය.ඉන්ද්‍රක්කා ඇතුලු වැඩිහිටි කාන්තාවන් රේන්ද ගොතමින්ද,පොත්පත් කියවමින්ද,අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ද ඉටි රෙදි එලා වාඩිලා සිටියේ තරබාරු අච්චාරු ආච්චී අසලය.ඒ කුඩා දරුවන් වන අපගේ පාසල නිමවන තෙක් සිට ගෙදර රැගෙන යාමටය.මාගේ මුල්ම පංතිභාර ගුරුවරිය වුයේ මොරායස් නම්වු ඉතා කාරුනික,සිහින් සිරුරක් ඇති තරුණ කාන්තාවකි.අම්මා විසින් මොරායස් ගුරුතුමියට මා බාරදුන් අවස්තාවේ සිට ගොඩක් සිදුවීම් අදටත් චිත්‍රයක් සේ මැවී මැවී පෙනේ.ඇය යටතේ අවුරුදු දෙකක්ද ඉන් පසුව කරුනාරත්න සහ ෆොන්සේකා යන මහත්ම මහත්මීන් යටතේද පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබීය.කරුනාරත්න මහතා ජාතික ඇඳුමෙන් සැරසී හිටි කහට දත් දෙපෙල පෙන්වා නිතරම සිනහා මුවින් සිටි පුද්ගලයෙකි.ෆොන්සේකා මහත්මිය ඉතාමත්ම සැර පරුෂය.සමහරක් ගුරුවරුන් පවා ඇයට බියක් දැක්වූ බව මතකය.

ප.ලි………මේ සියල්ලක්ම සටහන් කරන්නේ මතකයෙන්ම පමනක් බැවින් සමහරක් දින වකවානු ඉතාමත්ම නිවැරදි නොවීමට ඉඩ ඇත.

*********************නැවත හමුවෙමු***************************************

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

51 Responses to අවුල් වන්නට පෙර…….2 කොටස

  1. maathalan says:

    කලින් පෝස්ට් එකයි, කොමෙන්ට්ස් ඔක්කොමයි කියෙව්වා. කකා කියනවා වගේ මට එක පාරටම මතක් උනේ තිස්ස අබේසේකර. උන්නැහේ පුදුම ලස්සන ටෙලියක් හැදුවා ඔය පලාත ගැන. මම නම් හිතන්නේ මේක රස ගුලාවක් වෙයි. මමත් ඉඳ හිටලා පරණ මතකයන් ලිව්වට, මෙච්චර ලස්සනට ලියන්න බෑ. මටත් වෙලාවකට හිතෙනවා, අපි කළාව ඉගෙන ගත්තනම් කොච්චර වටිනවද කියලා….

    • arugeadaviya says:

      මචං මාතලන් උඹ කොහෙද මෙච්චර දවස් හිටියේ.කැලේ ගිහින් පරක්කු වෙච්ච නිසා ටිකක් බයකුත් දැනුනා.මාත් අද තමයි දවස් තුනකට පස්සේ ගෙදර ආවේ.උඹේ සින්ඩියෙන් සපෝට් එකක් දීපු සෙංකෝලය ලිව්ව කෙනාත් සෑහෙන්න කලකින් දැක්කේ නැහැ.

      • maathalan says:

        ඌ ඉස්සෙල්ලම කිව්වා පොලීසියේ කියලා..
        ඊට පස්සෙ කිව්වා තවම ඉගෙන ගන්නවා, තාත්තා කොම්පියුටරේ බලන්න දෙන්නේ නෑ කියලා..
        හරියට නිකං ගඳ නැති පඩ වගේ… සද්දේ විතරයි…

      • kathandarakaraya says:

        කලාව ඉගෙනීම කියලා මාතලන් අදහස් කෙරුවේ ඉස්කොලේ උසස් පෙළට කලා විෂයයන්ඉගෙන ගැනීමද?

        ඒ කලා විෂයයන් කියන්නේ සිංහල, තර්ක, භූගෝලය, ඉතිහාසය වගේ ඒවා නේද? ඉන් වැදගත් වෙන්නේ සිංහල විතරයි මාතලන්ගේ තර්කයට.

        වැදගත් වෙන්නේ පොත් කියවීමයි. සම්භාව්‍ය කෘති. ලෝක සාහිත්‍යය. භාෂාව හැසිරවීමේ හැකියාව දියුණු වෙන්නේ එවිටයි.

    • මාතලන් කලාව අපි කාගෙන්ද ඉගෙන ගන්නේ ,කවුද කලාව දන්නේ, මම ජාතික රූපවාහිනියේ ආධුනික හඬකැවීම් ශිල්පියෙකු ලෙස එක්වී සිටියා සරසවි අවධියේදී, එකල හඬ කැවීම අංශය පාලනය වුනේ අතුල රන්සිරිලාල් මහතා යටතේ ටයිටස් තොටවත්තයන්ගේ අධීක්ෂණයෙන්, එතුමන්ගෙන් බැනුම් ඇසු වාර අනන්තයි, පසු කාලීනව එතුමා ඉවත් වූ පසු ටෙලි නළු නිලියන් පිරිසක් එහි අරක් ගත්තා,
      එකපාරක් මමත් දායක වුන කාටුන් එකක හඬ කවීමකදී ප්‍රසිද්ධ ටෙලි නළුවෙක් කියනවා ” මේක මේ රුසියානු නවකතාවකින් හදපු කාටුන් එකක්” කියලා.
      මොකක්ද දන්නවද ඒ කියපු රුසියන් නවකතාව “ෂර්ලොක් හෝම්ස්’ …………….. මරු නේ.

      • DDT says:

        මරු නේන්නම් ඉවාන්, ඔන්න අපේ කලාකාරයො. අද කාලෙ හයේ පන්තියෙ පොඩි එවුනුත් දන්නව ෂර්ලොක් හෝම්ස් ගැන. එතන ටයි මාමා එහෙම හිටිය නම් මොනවගේ උත්තරයක් දෙයිද.

      • arugeadaviya says:

        @ඉවාන් &DDT..ටයි මහත්තයා හිටියානම් මොකුත් කියන එකක් නැහැ.රූපවාහිනියෙන් ඉල්ලා අස්වෙලා ගිහින් කෝච්චියකට බෙල්ල තියයි.

      • @ DDT & අරූ
        ටයි මහත්තයා එක දවසක් මම “කවුද” කියනවා ඇහිලා බැන්නා පැය බාගයක්… හරි වචනේ “කවුද” නෙවෙයිලු “කවුරුද” කියන එකලු. එහෙම තැනක හිටපු මිනිස්සු නැතිවුනාම විකටයෝ අරක් ගන්නවා ඒ තැන්වල. ඔය ආව ටෙලි නළුවොන්ගෙන් යම් දැකීමක් තියෙන මනුස්සයෙකුට එතන හිටියේ “උදේනි අල්විස්” විතරයි. අනික් එවුන් නිකම්ම ගොම්පස් .
        ටයි මහත්තයා හිටියනං කරගන්න දේ හිතාගන්න බෑ….!

      • මම ඔය කතාව මේ ලඟදි “හරින්ද්‍ර ජයලාල්” ට කිව්වා.(ස්වර්ණවාහිනියේ හිටපු) මිනිහා කියනවා. මචං දැන් අපිට නම් ඕව හැමදාම දකින කුකුලගේ කරමල වගේ වෙලා කියලා

  2. Chandana says:

    හරිම රසවත් විස්තරයක් අරූ.. ආයෙ වෙන කියන්න දෙයක් නෑ. අනෙක් කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    • ka says:

      දැන් එහෙනම් ගිහින් හොඳ පුතා වගේ නිදියගනිං.

    • arugeadaviya says:

      චන්දනගේ ටෙස්ටරේ කියෙව්වාට පස්සේ මුකුත් කියවන්න දුන්නේ නැහැ අපිට.ලඟදිම එකක් ලියනවාද?

  3. Kenji @ Japan says:

    හ්ම්..ඔය තියෙන්නෙ එලටම.ලියන ලිවිල්ල කදිමයි.හැමෝටම ඔය විදියට ලියන්න බැහැ.ආශාවෙන් කියවන්න හැකි ලෙසටම ලියනව.

    • arugeadaviya says:

      අනේ මන්දා බං ලියනවා.වැරදි නම් සෑහෙන්න ඇති.

      • Kenji @ Japan says:

        මචං,නාවල කොස්වත්තෙ ඉදල බැස්ස තරමක් වල බැස්සෙ ඔය පැත්තෙ 75%යි,අනිත් 25% හ බම්බ.
        ඔබේ ඩයල් එක මට මුන නොගහැවී තියෙන්න බැහැ.

      • arugeadaviya says:

        මචං මම බම්බලපිටියේ කාමරයක් අරන් හිටියා අවුරුදු 2ක් විතර.රස ඉතිරෙනවා.

      • කෙන්ජයියේ දැන්නම් වල බහින්න එතන “මචං නාwala” කියලා මචං ගෘප් එකේ රෙස්ටුරන්ට් එකක් තියනවා.

  4. රාජ් says:

    තවත් එකක්, “මෛථූනය”.

    • ka says:

      උබ මචං මේ දවස්වල රෑට රෑට මෛථූන සවාරි යනවා කියලා ආරංචියි. හැබැවක්ද ඒ.

    • arugeadaviya says:

      හරියටම හරි රාජ්..මෛථුනය සමග තියෙන අධ්‍යාත්මික බැඳීම හරිම ප්‍රභලයි.කවුරු මොනවා කිව්වත් ඕක තමයි විවාහ ජීවිතේ සාර්ථකත්වයට බලපාන ඉහලම සාධකය.දික්කසාද,අඩ දබර,අවසානයේ මිනිමැරුම් දක්වා යන්නේත් මෛථූනය නිවැරදිව වටහා නොගැනීම කියලයි මම හිතන්නේ.

  5. ka says:

    අවුල් අවුල් බං මගේ උළුවත් මේ දවස්වල හොඳටම අවුල්. මගේ අවුල ලියුවොත්නම් එකෙක්වත් බලන්නේ නැති වෙයි.

    • arugeadaviya says:

      Kaවෝ…ගනන් ගන්න එපා.අවුල් ලිහාගන්න පුලුවන් හෙමින් හෙමින්.කලබල උනොත් තවත් අවුල්.අත්දුටුවයි.ප්‍රත්‍යක්ශයි.

  6. පනම් අටට පාසල් ගියේ නැගලා බසයේ
    සිප් කිරි පෙව්වා ගුරුවරු හොවලා ඇකයේ
    වාසුදේව එදා හිටියේ දෙස් පාලනයේ
    අද උන්නැහැ අතකොලුවකි රාජපක්ෂයේ

    අඹ අන්නාසි ගස්ලබූ හා පලතුරු කොත්තූ
    ආච්චි අච්චාරු අරන් එයි සුවඳ එතු
    ඉන්ද්‍රක්කා අපි එන තුරු රේන්දය ගෙතූ
    මතකය ගෙන අරූ ඒවි වේවා ජයතූ

    • Kenji @ Japan says:

      ඉවාන් මල්ලියා;
      මම අනිත් පාර බොට කියන්නෙ නැහැ නෙලනව මිසක්ක.
      ඊලග ලිපිය කවියෙන් හරිය.

      • කෙන්ජෝ මම අහිංසකයි එපා බනින්න
        පොඩි එකානේ අනෙ අයියේ එපා නෙලන්න
        ඊළඟ එක කවියෙන දෙනකන් මම ඔන්න
        සකුරා මල් හැඩ බල බල පොඩ්ඩක් ඉන්න.

    • arugeadaviya says:

      @..ඉවාන්

      කිසිදා කිසි තැනක හෝ කරලා පට්ට බොරු
      මොකටද බීලා මීවිත රන් කඳින් පෙරු
      ගසමින් පහර දැක්කෝතින් නීල හොරු
      හෙමින් හෙමින් ගමනේ යමු සමග අරු
      උඹ කවියෙන්ම උත්තර දෙන හින්දා මටත් හිතුනා.

  7. DDT says:

    අරූගෙ මතක පොත සෙමින් සෙමින් දිග හැරෙන්නෙ. ඔබේ ගෙදර පරිසරය හරිම අපූරුයිනේ. අරූ මේ විස්තර කරන්නෙ හැටේ දශකයෙ අග විතර වෙන්න ඇති නේද.

    අර බන්නැහක නම මම මේ ඇහුවමයි. ඒ නමින් වෙනත් අයත් ඔය පළාතෙ ඒ කාලෙ හිටියද ඔබ දන්න.

    • arugeadaviya says:

      මේ 1968 වගේ කාලයේ.බන්නැහක මහත්තයා කුරුණැගල පැත්තේ කෙනෙක් මම හිතන්නේ.මට හම්බවුනා මොහුගේ ඥාති පුත්‍රයෙක් මගේ දෙවෙනි පාසලේදි.එයා කුරුණැගල පලාතේ.අපේ පැත්තේ ඒ නමින් කවුරුත් හිටියේ නැහැ.

      • maathalan says:

        බන්නැහක පවුලක් කැළණියෙත් උන්නා. මම හිතන්නේ එකෙක් නම් ඩොක්ටර් කෙනෙක්, අනිකත් ඒ වගේම ඇති. පට්ට බ්‍රයිටෝ.. දෙන්නම ආනන්දේ.. කකා දන්නවා ඇති. එකෙක් නම් රංජිත් බන්නැහක වගේ මතක…

  8. ඔන්න කලින් පොස්ටුවයි… මේකයි දෙකම කියෙව්වා.. ගොඩක් ලොකු අතීතයක්. අපූරුවට ලියල තියෙනවා..

  9. Ravi says:

    අරූ….

    මචං බොහොම ආසාවෙන් කියෙව්වා. කරුණු දෙකක් කිව්වට අමනාප වෙන එකක් නැහැනෙ නේද?…අනේ බං ඡේද නම් දිග වැඩියි. ටිකක් කෙටි කරාපං.

    අනික වචනවල අකුරු යෙදෙන විදිහ…

    ප්‍රගථි වාර්ථා = ප්‍රගති වාර්තා,

    අධ්‍යාථ්මය = අධ්‍යාත්මය

    කෛරාටික කිව්වම පොඩි කතාවක් මතක් උනා.

    කෛරාටික යන වචනය යොදා වාක්‍යයක් තනන්න.

    මේ ඇවිල්ල වාර විභාගෙට ආපු එක ප්‍රශ්නයක්. මෙන්න එක උත්තරයක්……

    මාමා මස් කයි රා ටික බොයි.

    • arugeadaviya says:

      අනේ රවී මචෝ..ජීවීතේට අමනාප වෙන්නේ නැහැ වැරැද්දක් පෙන්නන හෝ හරි ගස්සන කෙනෙක් එක්ක.දකින හැම විටම කියලා දෙන්න.මට මගේ සිංහල දැණුම ගැන තියෙන්නේ වස ලැජ්ජාවක්.ඒ බව මම නලීන්ට, විචාරකට,හැලප්ස්ට,රාජ්ට වගේ උදවියට කමෙන්ට්ස් තුලින් කියලා තියෙනවා.උඹට නැවතත් ස්තූතියි.

      • maathalan says:

        ලියලා පබිලිස් කොරන්න ඉස්සර මෙන්න මෙතනට දාලා හෝදලා ගන්න. නැත්නම් මේ පන්ඩිතයන්ගෙන් මළ වදේ…

        http://subasa.ambitiouslemon.com/spellerweb.py

      • arugeadaviya says:

        Thanak you MAATHALAN

      • මාතලන් සහෝට නොසෑහෙන්න කෘතඥ වෙනවා සිංහල Spell Checker එකේ ලින්ක් එක දැම්මට. මෙහෙම එකක් හොයා හොයා හිටියේ මෙච්චර කල්.

        ඒ වගේම මෙහෙම දේවල් හිතන්න/හදන්න කාලය වැය කරපු Developers ලාටත් මගේ සැලියුට් එක !

  10. හරිම සන්තෝසයි.මේකෙ ඉන්න ගොඩාක් මහත්වරුන් කලාව ගැන ගොඩක් කතා කරනවා.හැම තැනම කමෙන්ට් දාන්න නොගියට මම ගොඩාක් බ්ලොග් කියවනවා.බ්ලොග් එකක් කරන්නත් කලා හැකියාවක් තියෙන්න ඕනි. ඒ කියන්නෙ මේ හැමෝම කලාකරුවෝ……..සිංදුවක් නොකීවට,ලංකාවම නම නොදැනගත්තට………..

    • arugeadaviya says:

      ඇත්තටම ඒන්ජල් මගේ අවුල් වන්නට පෙර ලියන්නේම කියවන අයට පොඩි පනිවිඩයක් දෙන්න.දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් නොකිරීම ඒ අතරින් විශේෂයි.කියවගෙන යනකොට ඒවා ඔබ දකීවී.තව ජීවිතේට අවශ්‍යනම් පමනක් එකතු කරගන්න දේවල් තියේවී.නොකල යුතු දේ බොහෝයි.අපි මැරෙනකම්ම ඉගෙනගන්න මිනිස්සුනේ.මගේ විශ්ව විද්‍යාලය මේ සමාජයයි.හැකිනම් දිගටම කියවන්න

  11. jaliya1 says:

    අරූ ( එහෙම ආමන්ත්රනය කලාට මොකක්ද මොකක්ද වගේ) . මමත් උපන්දා සිට ජීවත් වුනේ ඔය නුදුරේ. නුගේ කින් ගොඩ උන ගමන් ගම :). ඔබ තරම් ඈත විස්තර නොදතත් , නුගේගොඩ හන්දියේ පොල් අතු කරත්ත මට මතකයි. මා අඩවියේ ඔබෙ සටහන දිගේ ඔබේ අඩවියට ආ මා , මේ සතියේ ඔබේ සටහන් වැඩි හරියක් කියෙව්වා.
    සමහරක් මා හිනා ගැස්සුවා , තවත් සමහරක් මා සසල කලා. ඔක්කොම රස වින්දා. දිගටම එන්නම්

    • arugeadaviya says:

      ජාලිය…බොහොම සතුටුයි හොයාගෙන පැමිනීම සම්බන්ධව.ගමේම වීම තවත් සතුටුයි.පොල් අතු කරත්ත වගේම ඉස්සර තිබුනා පොල් ගෙඩි කරත්ත.උඹ නුගේගොඩ කොයි හරියෙද?මම උඩින් ඒන්ජල්ට දාලා තියෙන කමෙන්ට් එක පුලුවන්නම් කියවන්න.අන්ධ බින්දුව උඹද?ඒන්ජල්ගේ පිටුවට යන්න ඒක හරිම මිහිරියි.
      අරූ කියන්න අකැමතිනම් මූ කියපං.

      • Jaliya1 says:

        එක එක තැන් වල කුලී ගෙවල් වල හිටපු අපේ දෙමාපියෝ , අසූව දශකයේ මුල පාගොඩ පැත්තේ ගෙයක් හදා ගත්තා .
        මම ලියන්නේ pinchpoint (ඒ කියන්නේ කොනිති පාර නැත්නම් හමුවීමේ ලක්ෂය නේද?)

  12. මම මේ හතරවෙනි කොටසේ ඉදන් ආපස්සට කියෝගෙන එන්නේ. එකෙත් පොඩි ගතියක් තියෙනවා…
    ඉස්සර පව්ලක් වටේ ඔය කියපු විදිහේ ගොඩක් චාරිත බැඳිලා හිටිය. ඒ අයට ගොඩක් හොඳ රැකවරනෙකුත් ලැබුනා. එත් දැන් හැමෝම තනියම ජීවත් වෙන්න පටන් අරං….

    • deshakaya says:

      හැක් හැක්. මාත් මේ ඒකම නේ බං කරන්නේ..

    • arugeadaviya says:

      මොරා….විවෘතවීම තුල තියෙන ලොකුම අවාසිය තමයි, සමහරක් ඒකෙන් අයුතු ප්‍රයෝජණ ගන්න ට්‍රයි කරන එක.

    • arugeadaviya says:

      උඩින් තියෙන රිප්ලයි එක වැරදීමක්.
      මොරා අන්න ඕක තමයි වර්තමාන සමාජේ දරුණුම ඛේදවාචකය.

  13. නැගලා යනවා මචං කතාව. මේ කතාවේ තියෙන රසවත් කමට මම ඔය කියන භාෂා දෝශ දැක්කෙත් නෑ බං.

    • arugeadaviya says:

      මචං හෙන් රි…..මම උඹේ පළවෙනි පච්චෙට කමෙන්ට් එකක් දැම්මා අන්තිමට. උඹ ඒ කතාව අහලා තියෙනවාද? මිස් උනානම් හෙමින් බලපන්.

  14. Neil Nanayakkara says:

    very good writing…. interesting to read.

  15. Anonymous says:

    කමෙනට් කියවන් එනකොට,පෝස්ට් එකට දාන්න හිතපු කමෙන්ට් එක වාෂ්ප වෙනවා.

    ./මෛථුනය සමග තියෙන අධ්‍යාත්මික බැඳීම හරිම ප්‍රභලයි.කවුරු මොනවා කිව්වත් ඕක තමයි විවාහ ජීවිතේ සාර්ථකත්වයට බලපාන ඉහලම සාධකය./

    මේ නිසානේ ගොන්කරත්ත පාර්ලිමේන්තුවේ වහල යට පාක් කරන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s