ශාන්ත ජෝන් විදුහලේ මා සමග එකම පංතියේ සිටි යහළුවන් කීප දෙනෙක් තවමත් මතකය.උදයානන්ද පෙරේරා,ශිරාජ් පෙරේරා,ගාමිණි ඇල්විටිගල ,ෆොන්සේකා[නුගේගොඩ සමරකෝන් ස්ටුඩියෝ අසල තිබු බේක් හවුස් ආයතනයේ පුතෙක්]පොන්නයියා,නන්ද[එවකට පුවත් පත් මගින් පවා විශාල සාකච්ඡවකට ලක්වූ ගිනි පෑගීම සම්බන්ධව කපුමහත්වරුන්ගේ පාර්ශවයට නායකත්වය දුන් මුතුකුඩ කපු මහත්තයාගේ පුතා]පෝලියෝ රෝගය නිසා එක් පාදයක් ඉතා සිහින්ව තිබු මිත්‍රයෙක් ඉන් සමහරක්ය.මේ නම් සඳහන් කලේ ඔවුන් ගැන දන්නා කෙනෙක් ඇතොත් කමෙන්ට් කිරීම පිනිසය.පොන්නයියා යනු නුගේගොඩ හන්දියේ සපත්තු සහ කුඩ අලුත්වැඩියා කල අහිංසක දෙමල මනුස්සයකුගේ පුතෙක්ය.පාසල නිමවු සැනින් පොන්නයියා කෙලින්ම දුවගෙන යන්නේ තාත්තා සපත්තු හදන තැන කුඩය යටටය.තාත්තා කෙනෙකුගේ සෙනෙහස කොපමනදැයි කියා නිමකල නොහැක.1983න් පසු නුගේගොඩ සහ ඒ අවට පදිංචිව සිටි අහිංසක දෙමල ජාතිකයින්ට සිදුවූයේ කුමක් දැයි දන්නේ දුටුගැමුණු පරපුරේ යැයි කියාගන්නා අපේ සිංහලේ මහා අප්පුච්චලා පමණි.ලැජ්ජය.හිරිකිතය.කකුල සිහින් මිත්‍රයා බොහෝ කාලයකට පසුව අන්ත දුක්ඛිත ජීවිතයක් ගතකරනවා නුගේගොඩ හංදියේදීම මා දැක ඇත. පාසැල නිමවී ගෙදර යාමට මා වඩාත්ම කැමැත්තක් දැක්වූයේ පයින්මය.ඉන්ද්‍රක්කාවත් කැමති කරගන්නා මම එසේ ඇවිදගෙන යන්නේ පාරේ වැටී ඇති බස් ටිකට් එකතු කර ගැනීමටය.ජිල්බෝල ගැසීමේදී මේවා හුවමාරු භාණ්ඩ විය.නුගේගොඩ සිට දෙල්කඳ දක්වා පයින් යෑමේදී එදා හමුවූ විශේෂ ස්ථාන කිහිපයක් සඳහන් කිරීම වටී.උඩරට ටී හවුස්,දොස්තර බර්නාඩ් සොයිසාගේ ක්ලිනික් එක,යමුනා මෝටර්ස්,හතේ කණුව මස් කඩේ.බෝ ගහ,ගම්සභා හන්දිය,ලැවීනියා සිනමාහල ඉන් සමහරකි. පාසැල් යාමත්,සරුංගල් ඇරීමත්,ජිල්බෝල ගැසීමටත් අමතරව තවත් එක රාජකාරියක් මටත් ගෙදර අයටත් පැවරී තිබුනා මතකය.ඒ 1970 මහා ඡන්දය ලංව තිබූ කාලය නිසා නිල්පාට කොඩි සහ රැළි කැපීමත්,විශාල අත ලකුණක් නිල් පාටින් පාට කිරීමත්ය.තාත්තා මේවා දේවකාරියක් සේ සැලකූ දේවල්ය.එකල පැවතියේ ආසණ ක්‍රමයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමය.කෝට්ටේ ආසණය ඡන්ද ව්‍යාපාරය තුල ඉතා වැදගත් මැතිවරණ කොට්ඨාශයක් විය.ඒ කාලයේ දේශපාලණ පක්ෂ හැට කෝටියක් නොතිබුන අතර අප ප්‍රදේශයේ ශ්‍රිලනිප නියෝජණය කලේ පසුව කථානායකවරයෙක්වූ ස්ටැන්ලි තිලකරත්න මහතාය.යුඇන්පී ප්‍රභලයා වූයේ ජිනදාස නියතපාල මහතාය.කොමියුනිස්ට් පක්ෂයේ වැඩ කටයුතු භාරව සිටියේ කේ.පී.සිරිවර්ධන මහතාය.මොවුන් සියල්ලන්ම අවට ප්‍රදේශවාසීන්ය.වැදගත් හා නිහතමාණී මිනිසුන් විය. ස්ටැන්ලි තිලකරත්න මහතා ඔහුව හඳුන්වාගනු ලැබුවේ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති මිනිහා කියාය.ගැහැණුන්ට හරි හිනාය.ඔහු ඉතා මිටිය.ජිනදාස නියතපාල මහතා සද්දන්ත පුරුෂයෙකි.ඒ කථා කෙසේ වෙතත් මැතිවරණයෙන් ස්ටැන්ලි තිලකරත්න මහතා ඉහලින් ජයගත්තේය.මමද ඒ සඳහා දායක වූවෙක්මි.කොඩි සැරසිලිවලට අමතරව අපේ ගේ ඉදිරිපිට මොහුව පිලිගන්නා අවස්ථාවලදී බුලත් අත දීම මට පැවරුණු තවත් රාජකාරියක්ය.ඔහු නිවසට ඇතුල්වු පසු ඉස්කෝලේ වැඩ ගැන අසන සරළ ප්‍රශ්ණ කිහිපයකට උත්තර බැඳීමටත් සිදුවිය.තාත්තා සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ පියා කරුණාපාල අයියා තද ශ්‍රීලංකා කාරයින්ය.පොඩිබාසුන්නහේ යන ධනවතාත් සෝමා තලගල යන අය තද යුඇන්පී කාරයින්ය.මේ හැම දෙනාම හොඳ මිතුරන්ය. මා හුරුබුහුටි ලමයෙක් නිසාත් ඉගෙණීමට දක්ෂ නිසාත් අවට අන් අය අතරින් කැපී පෙනෙන්නෙක් විය.පාසැල් නිමවීමෙන් පසු අපට ඇති තරම් සෙල්ලම් කරන්නට ඉඩකඩ බොහෝ තිබුනි.අප නිවසට යාබදව විශාල ලී මඩුවක් විය.මඩුවක් නොව එය ලී කොටන්.බාල්ක,පරාල,රීප්ප ඇතුළු සියළුම දැව විකුනන විශාල වෙළඳ භූමියකි.කොල්ලන් කැමතිවූයේ ටින් පෙරලීම,රිම් පැදීම වැනි ක්‍රීඩාවන් වූවත් අවට සිටි අක්කලාගේ උවමනාව මත හැංගිමුත්තම් සෙල්ලමට හැන්දෑ වරුවම වෙන්විය.ඒ අවට මට වඩා වැඩිමහල් අක්කලා රාශියක් වූහ.අද මෙන් කලිසම්,කොට කලිසම් නොව,ගවුම් අඳින්නට ඔවුන් පුරුදුවී සිටියෝය.කොල්ලන්ගේ ගෙදර ඇඳුම සරම විය.මම නිතරම කොට කලිසම් ඇන්දත් සිංහල අවුරුද්දට සරමක් ලැබෙන නිසා සරමත් හොඳට පුරුදුය.ඔය හැංගිමුත්තම් කෙලියේදී බොහොමයක් අක්කලා හැංගෙන්නට තෝරාගන්නේ මාවමය.ලී මඩුවේ අඳුරු අහුමුළුවල දෙදෙනා දෙදෙනා පමනක් හැංගීමට අක්කලා වග බලා ගතී.ඇටෙන් පොත්තෙන් පනින වයසේ මම වැනි එකෙකුට,ඒ වයසේදී දකින්නට නොලැබෙනදේ දකින්නටත්, ස්පර්ශ කිරීමට නොලැබෙන දේ ස්පර්ශ කිරීමට ලැබුනේත් ඔය අක්කලාටත්,හැංගිමුත්තම් කෙලියටත්,විශාල ලී මඩුවටත් පින්සිද්ධ වෙන්නටය.මේ අක්කලා දැන් වියපත්ය.සමහරුන්ගේ දරුවන්ටත් දරුවන්ය. අරකීනම් කියන්නේ අරූ තව මොනවා ලියයිද දන්නේ නැහැ කියාය.මා තුල රහස් නැත.තිබෙනවානම් තිබෙන්නේ තව කවුරුන් හෝ තව කාටවත් කියන්නට එපා යැයි කියු දේවල් පමණි.මා එවැනි දේ අරකීටවත් නොකියන්නට වග බලා ගනී.විවෘතවීම තුලින් ජීවිතයට සිදුවිය හැකි අවාසි බොහෝය.නමුත් මේවා සුන්දර මතකයන්ය.මිහිර රස විඳිය හැක. අධ්‍යාපණයෙන් පමනක් නොව අරවගේ අංශයන්ගෙන්ද දැන් මා තරමක් දුරට සන්නද්ධය.නමුත් සිදුවීම් සිද්ධවන්නේ අප නොසිතූ පරදිය. අද මෙන් නොව එදා ජනප්‍රිය පාසල් සඳහා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය අති ධාවනකාරී නොවීය.එයද වාර අවසාණ විභාගයක් වැනි විය.මමද එහි කොටස්කරුවෙක් වුනෙමි.ප්‍රතිඵල පැමිනීමෙන් පසු දක්නට ලැබුනේ දිවයිනේ හොඳම ශිෂ්‍යයින් තිස්පස් දෙනා අතරින් එකෙකු වී කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගන්නා ගොන්නේ මමද සිටිනා බවය.ඊට වඩා අඩුවෙන් ලකුණු ලැබූ ලමයින් ආනන්ද විද්‍යාලයටත් අන් පාසල්වලටත් ඇතුල් කරගන්නා ලදී.අප පාසලින් රාජකීය විදුහලට සමත්වූයේ අනුර ගුණසේකර නම් අවටම පදිංචිවී සිටි මිතුරෙකි.ගාමිණි ඇල්විටිගල ආනනදයට ඇතුල්වූවා මතකය.මෙතැනින් පසු මගේ ජීවිතයේ බොහොදේ ඉතා විශාල වෙනසකට භාජනය විය.තාත්තා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාවට මාරුවිය.දෙමව්පියන්ගෙන් වෙන්වී ජීවත්වීම ඉතාම අමිහිරිය.වේදණාකාරීය.එය එසේ නොකල යුතුය.අපි නැවත හමුවෙමු.
- අරූට, මූට කාටවත් නොව, Aruට හිතෙන දේවල්..
-
අලුතෙන්..!
Aru කලින් ලියපුවා..
- July 2021
- April 2021
- March 2021
- January 2021
- December 2020
- November 2020
- October 2020
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
- November 2018
- October 2018
- September 2018
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- April 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- October 2010
- September 2010
Categories
Meta
Blogroll
හැංගි මුත්තන් කෙලිය නම්, ගොඩක් ආසාවෙන් කරන්න ඇති නේද? වාක්‍යයක් අවසානයේ තිතට පසු ස්පේස් බාර් එකත් ඔබන්න අරූ. එතකොට තවත් පැහැදිලියි. මාත් මගේ පළමු සටහන් වල වැරදි ඉඳල හිටලා තාමත් හදනවා. 🙂
රයිගම් පළමුවෙන් ස්තුතියි ඇඩ්වයිස් එකට.තාමත් ආසයි කවුරුහරි එක්කන් ගිහින් හංග ගන්නවානම්.හාහ්හා
ඔව් අරූ, නැවතීමේ තිතටත්, කමාවටත් පසුව ස්පේස් එකක් තියන්න ඕන. මම හිතන්නෙ ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. අනෙක මේ ජේද පටන් ගැනීමෙදි ඇයි අච්චර ඉඩ තියන්නෙ, හැම ජේදයක්ම එකම ප්‍රමාණෙට ම චුට්ටක් ඉඩ තිබ්බම ඇති, නැත්නම් එය අවශ්‍යම නෑ, එන්ටර් කරල ජේදත් අනෙක්ව වගේම වම් කෙළවරේ ඉඳන්ම පටන් ගන්න. වර්ඩ්වලදි ලිපියක් වගේ ටයිප් කරද්දි මම නම් කරන්නෙ කී බෝඩ් එකේ ටැබ් කී එක එක පාරක් ඔබන එක, ඩිෆෝල්ට් අඟල් බාගයකට තමයි ඒක සෙට් කරල තියෙන්නෙ.
ජේද දෙකක් අතර මැද ලයින් එකක ස්පේස් එකක් තිබ්බ නම් තව කියවීම පහසුවේවි.
ඡේදය මැද සිට පටන් ගැනීම නම් DDT, මගේ සිත් ගත් දෙයක්. 🙂
@මට තේරුම් ගියා.අන්න එහෙම මොනවා මොනවා හරි කියලා දීපං.වයසක මිනිහනේ.
මෙච්චර දවසක් මේල් එකේ ආපු එක කියෙව්ව මිසක් කමෙන්ට් නොකර හිටියෙ අපේ මහත්තයවත් අල්ලන් මේකට හොඳ දිග කමෙන්ට් එකක් දාන්න… කොහෙද… පහ වසරට වෙනකම් සෙන් ජෝන්ස් ගියා උනාට අනේ මේ මට මගේ ඉතිහාසෙවත් මතක නැති එකේ ගමේ ඉතිහාසේ මතක තියෙයිද කියලා ඔන්න ගියෙ… මේ කියන අයව අපේ නැන්දම්ම නං දන්නවා ඇති.. මොකද එයාලා නං නුගේගොඩ, කිරුලපොන හරියෙ තමයි පදිංචිය… පස්සෙ ඇවිත් කමෙන්ට් එකක් දාන්නං.. මෙතන්ට වෙලා බයිනවා අදත් කම්පියුටරේ එල්ලිලා ඉන්නව කියල… හි හි
හිරු…..මම ඔබට ගරු කරමි.ඒ මන්ද යත් ඔබ ස්වාධීනව ඔබගේ අදහස් පලකිරීමත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමත් නිසාමය.මම එය අනේක වාරයක් ඔබගේ කමෙන්ට්ස් තුලින් දැක ඇත.බ්ලොග් ලෝකය තුල තමා දරන අදහස නිර්භයව ප්‍රකාශ කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටිනා අය අතරින් මාතලන්ව මම ඉහලින් අගය කරමි.මේ දිනවල කකා තුලින් සාකච්ඡාවෙන දෙයකදී මතුවුන අතුරු ප්‍රශ්ණයකදී මම එය මැනවින් වටහා ගත්තෙමි.රාමචන්ද්‍රගේ මතයන් කොයි කාට අකැමැති වුවද ඔහු ඒ වෙනුවෙන් කරුණු දක්වයි.පෙනී සිටියි.එය අගය කලයුතු දෙයක් ලෙස මම සලකමි.කෙනෙක් දරනා මතය හෝ අදහස වෙනස්වෙන්නේ හෝ නිවැරදි කරගන්නේ අන් මතයන් නිවරදි ලෙස ග්‍රහණය කරගත් පසුවය.
මගේ බයිලා වලින් පලක් නැත.ඔබගේ සහකරුවා නම් සුන්දර මිනිසෙක් යැයි මට සිතේ.ස්වාධීන මත දරනා ගැහැණුන් හා වෙසෙනා සහ එය ඉවසනා පිරිමින් සිටින්නේනම් ඒ අතලොස්සකි.ඔහු ඒ අතරින් එකෙක් විය හැක.
//”ස්වාධීන මත දරනා ගැහැණුන් හා වෙසෙනා සහ එය ඉවසනා පිරිමින් සිටින්නේනම් ඒ අතලොස්සකි.ඔහු ඒ අතරින් එකෙක් විය හැක”// .අන්තිම චේදේ කියවලා හිනායන්නත ආවා අරූ
/ හිරු…..මම ඔබට ගරු කරමි.ඒ මන්ද යත් ඔබ ස්වාධීනව ඔබගේ අදහස් පලකිරීමත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමත් නිසාමය” /
” අක්ක දන්නවද බොහොමයක් පිරිමි කැමතියි ස්වාධීන අදහස් තියෙන සාම්ප්‍රදායික නොවන ගැහැණුන්ට ආදරේ කරන්න……ඒ තමන්ගෙ පෙම්වතිය කැපීපෙනෙන සුවිශේෂී කෙනෙක්ය කියන මාන්නය හින්ද….ඒත් කසාද බැන්දම ඒ ගතිය කොහෙන් ගියාද කියල නැතිවෙනව.තමන්ගෙ භාර්යාව අර කලින් පෙම්වතිය කාලෙ වගෙ ස්වාධීනව ඉන්නව දකින්ට පොදුවේ බොහොමයක් පිරිමි කැමති නෑ…….මමත් අන්න ඒ පොදු පිරිමි ගොඩටයි වැටෙන්නෙ……”
මේ මම කාලෙකට ඉස්සෙල්ල ලිව්ව කතාවක කොටසක්…මගෙම අත්දැකීමක් ඇත්තම කිව්වොත්… 🙂
ඔයාලා මට ගරු කරන්න ඕන නෑ. මම ඒතරං දෙයක් කියුවේ නැනේ. බලන්නකෝ අරූ, සමහරඅයට කෙල්ලෙක් මොකක් හරි ලියපුවාම ඒකට කොමන්ට් දාන්න මාර උනක් තියෙන්නේ. හි හි
@ඉවාන්…..මොකද උඹට හිනායන්න හේතුව.වහාම කියපං.
@රවී…..සම්පූර්ණ ඇත්ත රවී.මමත් බැඳලා කාලයක් යනකම් සියළු මත,අදහස් දරාගෙන හිටියා. පස්සේ හෙමින් හෙමින් විරෝධතා ඉදිරිපත් කලා.කාලයක් කිසිම මතයකට,අදහසකට ඇහුම්කන් නොදෙන සයිස් එකටම ආවා.දැන් දැන් වයසටත් යන නිසා ආපහු මුලටම ගිහින්.අරකී නම් කියන්නේ පිරිමි හරිම ආත්මාර්ථකාමීයි කියලා.
@හිරු…..ඔව්..ඔව්..මුන්ව නලියනවා කෙලී කමෙන්ට් දැක්කම.විශේෂයෙන් ඔය ඉවාන් කොලුවා.
හික් හික් හික් …… හිනාව නවත්ත ගත්තම හේතුව කියන්නං, හික් හික් හික් ……අහිංසක මට මඩ ගහන්න එපා අරූ ..!
සැප්තැම්බර් පළවෙනිදා ඔය කට්ටිය මෙහෙම එකක් කතා වෙන අස්සෙ මං කම්පියුටරේ ගලෝලා ඇඳ යටටම තල්ලු කරලා දැම්මා අපේ මහත්තයගෙන් බැනුම් අහල… ඒ අස්සේ තව හිරු කෙනෙක් ඇවිල්ලා මං වෙනුවට අදහස් දක්වන්න.. අනේ හොඳයි… හි හි…
හැමතිස්සෙම කම්පියුටරේ එල්ලිලා ඉන්නවා කියලා මට පලු යන්න බැනපු එක්කෙනා අද උදේම “ හා හා.. ඇති ඔය වලිය… ඔන්න ඕක හයිකරගන්න ” කියල ගියා… කියපු පරක්කුවට මාත් හයිකරගත්තා… හි හි
හා අනිත් එක…
//ස්වාධීන මත දරනා ගැහැණුන් හා වෙසෙනා සහ එය ඉවසනා පිරිමින් සිටින්නේනම් ඒ අතලොස්සකි.///
ඉවසන්න එපැයි අරූ.. ආත්ම ගාණක් පතාගෙන ඇවිත්, අවුරුදු ගාණක් ලවු කරලා දැන් බැඳගෙන ඉන්න එකේ ඔතාගෙනම යන්න තියෙන උරුමෙනෙ… හි හි….
ලබන ආත්මේත් මේකම ඔතාගෙන ඉන්න වෙයිද දන්නේ නැහැ.
එකනේ ඕයි මට හිනා ගියේ
එකල ගමේ දී කළ හැංගිමුත්තං අද වාගේම මතකය. ඔබගේ ජිවිත කතාවත් මගේ කතාවත් අතර වෙනසක් නොමැති තරම්ය. ගමේ ඉස්කෝලේ සිට මටද කොළඹට එන්නට හැකි විය. බෝඩිමේ හිට් ඒ මුල් මාස තුන දිවියේ එපාම කරපු කාලය විය.
නලියෝ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.උඹටනම් එක බෝඩිමක් වෙන්න ඇතිනේ.මම අවුරුදු හතයි–බෝඩිම් එකොලහයි.විශ්වාස කරපං.ඉදිරියෙදි කියවපන්.
අක්කල එක්ක හැංගි මුත්තං කෙලිය එක මට තාම රසවත්.
හැංගිලා දෙන්න එකට මිරිකිල ඉන්න ගමන්,
අක්ක:මට ඔයාගෙ එක පෙන්නන්න.
මම:බැහැ මට ලැජ්ජයි.ඔයාගෙ එක ඉස්සෙල්ල පෙන්නුවොත් මමත් පෙන්නනව.
අක්ක:මෙන්නෝ..(ගවුම උස්සා ජංගිය පෙන්වා පහත දමයි)
මම:ඒ ජන්ගියනේ..මම කිව්වෙ ඒක ඇතුලෙ තියෙන එක.
අක්ක:ඔයාගෙ එක ඉස්සෙල්ල පෙන්නන්න.
මම:ඔයාම ජංගිය ඇදල එබිල බලන්න.(අක්කා චීත්ත ජංගිය ඇද එබී බලා)
අක්ක:අයියෝ මල්ල,මොනවද මේ වෙරළු ගෙඩිය මැද ජම්බු ගැට දෙකක් දෙපැත්තෙ.
මගේ නම් තියෙන්නෙ හොදට ඉදිලා වැටිච්ච ගොරක බෑ දෙකක් මැද්දෙන් මදේ චුට්ටක් එලියට පැන්න හමටම ඇලුන දෙයක් නෙ.
ෂිකේ … ෂිකේ … කෙන්ජි අයියා, මේ නාකි ඉලන්දාරි කොරපුව, ඇයි යකෝ … දැන් හැදෙන එවුන් තව හොඳයිනේ. විනීතයි – සුවිනීතයි. 🙂
ඇයි බොලේ අක්ක කෙනෙක්ගෙන් වෙච්ච දෙයක්නෙ මම කිව්වෙ.
මල්ලට කිචි වගේනම් මම මකල දානව :).
අයියෝ……….
@ KENJI මචං කෙන්ජියෝ කටට ප්ලාස්ටර් දාලා වැඩක් නැහැ. උඹ අතින්නේ කොටන්නේ නේද?
අහිංසක මල්ලි පැට්ටෙක් සහ වල් අක්කියෙක්.. ( අපි චීන්නු ) 😦
අතීත මතක හරිම මිහිරියි අරූ…ඔබ සමගම අපිත් ඒ අතීතයට ඇදී යනවා.
අද නම් වැරදි ගොඩක් අඩුයි…පෝස්ටුව ටිකක් ඉඩ ඇතුව ලියන්න,කියවන්න ලේසියි
හැලප්ස්……..පොඩ්ඩ පොඩ්ඩ වැරදි අඩුවෙයි කියලා හිතනවා. අදත් ටිකක් ඉගෙනගත්තා. අතීතය තරම් රසවත් දෙයක් කොහෙන්ද බං?
ඒ කාලෙත් දේශපාලනය සුන්දර ම නැති උනත් අදට වඩා දහස් ගුණයක් හොඳයි වගේ, අඩුතරමෙ මිනිස්සු මිනිස්සු විදියට හැසිරිලා, දැන් හොස්ස ළඟින් මැස්ස යනකොට වෙඩි තියනවා.
ඔය හැංගිමුත්තන් කේස් එකක් සුගතපාල ද සිල්වා ‘අමුතු ඉලන්දාරියා‘ නමින් පරිවර්තනය කරපු ශ්‍යාම් සෙල්වදුරායිගෙ පොතෙත් තියෙනවා, හැබැයි අක්කෙකි මල්ලෙකි නෙවි, යාළුවො දෙන්නෙක් !
ඔව් DDT…1977න් පස්සේ තමයි ගොඩාක් දේවල් වෙනස් උනේ.අපේ තාත්තලගේ කාලේ පක්ෂ දෙකක කියලා නැහැ. එකට කන්නේ බොන්නේ.ඡන්දේ ප්‍රතිඵල අහනවනේ එකට වාඩිවෙලා පවුල් පිටින්.
හ්ම්ම්ම්ම්……
මට ගිය ආත්මේ ඒවා තමා මතක් කරන්න වෙන්නේ . හඃ හඃ හඃ හඃ . අපි ඇවිල්ලා 89 වෙඩි කාලා මැරිලා , 90 ඔහේ ඉඳලා 91 ආයේ ආපු උන් නෙව , හඃ හඃ හඃ
සෝමදාස ඇල්විටිගල කියන චරිතයනම් මට හරිම ලඟයි . මෙහෙ සංගීත අද්යාපන අද්යක්ෂක උන්නැහේ කියන්නේ මම අල්විටිගලගේ දෙවෙනි ආත්මේ කියලා . හිහ් හිහ් හිහ්….
හැංගිමුත්තම් නම් දන්නවා ….
ඈ බං වයලෝ, 91 ???????
යකෝ බටු ඇට දෙකක් උස නැති උනාට මුගේ සද්දෙ, මම හිතුවෙ පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස ඇති කියල බොට. (එහෙම කිව්වට උඹ වයලින් ප්ලේකරන වීඩියෝව මම දැක්කනේ :))
ඔව් ඇයි අවුල්ද මහත්තයා ??? :p :p :p
බටු ඇට ???
හඃ හඃ හඃ මේ පුංචි රටේ කොතනකදීහෝ මතු කවදාහෝ අපි හම්බෙන්නේ නැතැයි .
එදාට බලාගම්මු උස හරිය :p :p :p
ඉහිහිහිහිහ් එල එල එල . අපි දෙන්න ඉතිං ෆිට්නේ…………..
වයලීනුවෝ මචෝ…තෝ අපේ දුවටත් වඩා බාලයි උඹ අනූඑකේ නම්. හැබැයි උඹ සැබෑ දක්ෂයෙක් බව පේනවා. උඹේ ඔය වයලින් වැඩ බලන්නේ කොහොමද? මම ඉස්සර ඔය කළණිලා, තිස්සසිරිලා එක්ක බොන්න එහෙම සෙට් වෙලා තියෙනවා. හරි රසවත්.
ආ ටැංකියු ටැංකියු……..!
හුටා . එහෙමද ?
හොඳයි හොඳයි .මමත් මේ මාමා කෙනෙක් කියලා හොයාගත්තේ පොස්ට් එකක තිබ්බනේ අවුරුදු 50ට කලින් මතකයක් ගැන කියලා . ඒකයි .
ඔන්න ඔය උඩ ලින්ක් එකේ ඕගන් ගහන්නේ සිංදුවා මහතා . වයලින් ගහන්නේ කවුද මන්දා…
ඕවයෙත් ඉන්නේ වයලීනෝ කියන මහා උත්තමයා තමා .
වයලීනුවෝ….හරිම දක්ෂ ඩබලක්නේ උඹලා දෙන්නා. මම දැන් කාලෙකට ඉස්සෙල්ලා ජාතික රූපවාහිණියේ රෑ රූ රශ්මි වැඩසටහනේ දැක්කා තවත් අති දක්ෂ වයලීනුවෙක් රුවන් වීරසේකර කියලා.උඹ දන්නවා ඇති.
මාමා ? කවුද යකෝ මාමා. හුහ්ඃ !
මමත් හොයල ලින්ක් එක දාන්ටෝන කියල හිතන් හිටියෙ, ඔය දාලා තියෙන්නෙ.
වයලිනෝ නියමයිනේ අපේ සුබ පැතුම් දෙන්නටම
ආ ඔව් ඔව් දන්නවා මෑන්ස්ව
ටැංකියු ටැංකියු !! 🙂
හැමෝටම .
ddt ත් අයියා කිය කිය හිටියට මාමෙක් වගේ තමා . පට්ටම නාකි පාට මූණක් තියෙන්නේ .
අලුත් ෆොටෝ එකක් දාපු එක හොඳයි මූණ බලාගන්නත් එක්ක .
ඵල ඵල, පැහැදිලි ඉරිසියාව.
ඕක ඔය වයසට එන හිතේ අමාරුවක් ddt සීයේ . ගණන් ගන්නෙපා …….!
හැංගිමුත්ත හැන්ගියෝ කියලා ගිහින් හැංගුනා
අතන මෙතන අතත් වැදිලා මදකිපුනා වගේ වුනා
කෙන්ජි අයියා කියපු දේට ලජ්ජාවෙන් රතුවුණා
ඒ වුනාට අපිටත් බොල ඔය වගේ දේවල් වුනා
අරූ කතාව කියවන්න හරිම ආසයි . චේද පොඩි කරලා වෙන්කරලා ලියමු. මහත්වරුන්ගේ දේශපාලනය අද බල්ලට ගිහිං . නෑ සොරි බල්ලෝ දේශපාලනේට ඇවිත්
මොනවා මොනවා හරි කියලා දීපං. දේශපාලණේ නම් කක්කා නේද බං? මුන් කවදා හැදෙයිද? මුන් නම් නැහැදුනත් කමක් නැහැ. අහිංසක මිනිස්සු?
අපේ බාප්පා නම් ගෙදර බකට් පවා කොල පාටටයි දැම්මේ!
අපේ ගෙට ගෙවල් දෙක තුනකට එහායින් නැන්දාලගේ ගෙදර තමයි නියතපාල මහත්තයාව පිලිගන්නේ.සද්ධන්ත අලි.පිලිගන්න කොට තියන්නෙත් ලංකා ලයිම් බීම බෝතලේ.මට මතකයි නැන්දා ඇවිත් අපේ තාත්තාට කියනවා පුලුවන්නම් නිල් පාට බීම බෝතලයක් හොයාගෙන එන්න කියලා ස්ටැන්ලිව පිලිගන්න.
ටයිටල් එකේ ඔය දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියන කෑලි අතහැරලා, ඒ වෙනුවට ඒ කොටසට ගැලපෙන පරිදි සබ් ටයිටල් එකක් දාන්න. නැතිනම් අළුතෙන්ම කෙනෙක් කියවන්න එන්න ටිකක් පැකිලෙන්නට ඉඩ තියෙනවා.
කකා… සත්තයි.මම ඒ ගැන හිතුවා.කවුරු හරි අත්දැකීම් තියෙන කෙනෙක් කියනකම් හිටියේ ස්තූතියි.
කකා කියපු එක මමත් අනුමත කරමි.
ඒ අතරෙ පිංතුර කෑල්ලකුත් තිබුනොත් කොහොමද මාතලන්ගෙ එකේ වගෙ.
ONE KENJI Vs THOUSAND ANOS උඹ ලේසියෙන් අරින්නේ නැහැ නේද කෙන්ජි.
//උඹ ලේසියෙන් අරින්නේ නැහැ නේද කෙන්ජි//
බුඃහහාහාහා ……
මම හිතුවෙ ඒකෙ අනිත් පැත්ත කියල. බලන්ටෙපෑයැ පරිවාර සේනාව.
පස්සෙ ඇවිත් හෙමිහිට කියවන්නම්
වෙලා තියෙන විටක කියවලා බලන්න.
පෝස්ටුව නං ඊයෙයි කියෙව්වෙ. ඒක ඇතුලෙවත් කමෙන්ටු ගැන වත් මට කියන්න දෙයක් නෑ බං. 🙂
උඹ දන්න කවුරුහරි මගේ කතාවේ ඇතුලේ ඉඳියි.මම ගොඩාක් පලාත්වල චාටර් වෙලා තියෙනවා.
අර හැංගි මුත්තෝ සෙල්ලම බොහෝම පරෙස්සමෙන් කිරීමේ ලිංගික අජ්ජාපනයක් ඒ කාලේ උන්න හැම කෙල්ලටම තිබුනා.. ඒක ඉස්කෝලෙක උගන්නපු දෙයක් නෙමෙයි. සමාජයෙන්ම ඔවුන් ඒ දැණුමෙන් සන්නද්ධව උන්නා.. ඒ නිසා ඇබෝෂන් කරන්න තරම් තහනම් ප්‍රේමය දුර දිග ගියේ නෑ. සෙල්මුවා වැඩ කටයුතු වලින් හැමෝම සෑහීමට පත් උනා. පති දම් නියමාකාරයෙන් රැක ගත්තා. ඊයේ මගුල් ගෙදරක ගියා.. අනේ සත්තරන් අක්කලා කීප දෙනෙක් හම්බ උනා.. ඒ කාලේ මතක් කරාම. පුදුම සුන්දරයි කියලා තමයි එයාලත් කියන්නේ.. අපිට නම් ලී මඩුවක් තිබුනේ නෑ. පැත්ත පලාතේ අයටම පොදු දෙවියන්වහන්සේගේ ආශීර්වාඩ්ජය ලද පුංචි කඩොලානක් තිබුනා.. ඒ ගස් නම් මේ තහනම් ප්‍රේමයේ හා පුංචි උන්ගේ අල්ලන සෙල්ලම් හැංගි මුත්තන් හොඳින් රස විදින්න ඇති. අද කඩොලානත් නෑ.. ඒ සුන්දර ප්‍රේම ජවනිකාත් නෑ.. ළෝකේ දියුණුයිලු. මාර දැණුවත් සමාජයක්ලු.. ඒත් ගබ්සා මධ්‍යස්ථාන වැහි වැහලා.. අල්ලන සෙල්ලමක් වත් හරියට කර ගන්න දන්නේ නෑ..
ඊළඟ එක මටත් සම්බන්ධ නිසා රහ වැඩියෙන් දැනෙයි…
මචං ඔය මාරදැණුවත් සමාජයේ තමයි මේ මෝඩ චූන් සියල්ලක්ම වෙන්නේ.
මමත් ඊලඟ එකේ තුම්මුල්ලට පනින්න හිටියේ.එහෙම පැන්නොත් ඇහැට දැක්ක 71 මග හැරෙනවා.71 එක කියන්නෙත් එක් සංධිස්ථානයක් නේද බං?
ඔව් සමාජය පස්සට ගෙනියපු යුගයක්…
ඕව ගනන් ගන්න එපා අරූ. මාතලං නොහොත් සූර පප්පා එක් එක වෙලාවට එක එක දෙවල් කියනවා. මට වගේම පොරටත් පිස්සු. ටිකක් නෙමේ ඕයි, වේලාවකට සෑහෙන්න පිස්සු. මේ දවස්වල වෙද පප්පාගෙන් කසායත් නෑනේ. ඒත් මම කැමතියි. මිනිහ රියල් මෑන්.
http://maathalan.blogspot.com/2013/07/noori-estate-provincial-council-police.html?showComment=1375070236961#c5180634123978746112
ඒ කියපු කතාවෙන් මේ කියපු කතාව වෙනස් වෙන්නේ නෑ කිසි සේත්ම. එතන කතා කරලා තියෙන්නේ ඡන්ද ක්‍රමය ගැන මිසක්, මැතිනිගෙ පාළනයවත්, ජෙප්පන් ගැනවත් නෙමෙයි…
@ Kaවෝ……
ඔබ එනවා කියා
පැල්පතට වෙලා
මම හිටියා ප්‍රියේ
ඔබ කොහිද ගියේ………….
පරක්කු වෙලා නේද ආවේ?
බොරු මොකටද හැම කොල්ලෙක්ම වගේ ඉස්සෙල්ලම තමන්ගේ කුතුහලය පිරිමහ ගන්නේ අක්කා කෙනෙක්ගේ උදව්වෙන් .. ඒ කාලේ වෙච්චි දේවල් කිව්වොත් ඇඳුමක් ඇඳන් පාරක බැහැලා යන්න බැහැ..
( මම නැති කාලෙට පෝස්ට් 6 7 ක් වැටිලා නේද .ඒ ටිකත් හෙමීට බලන්නම් අරූ.. මගේ බ්ලොග් රෝල පිරිලා නිසා ඔබේ අඩවිය ඇතුළත් කිරීමට නොහැකිව ඉන්නේ.. මේ ආවේ රයිගම් මණ්ඩිය පැත්තේ ඉඳලා )
අනේ සහන් බොහොම ස්තූතියි.මම කාලෙකට පස්සේ ලියපු පළමු පෝස්ට් එකෙන්ම සහන් මට සහයෝගයක් දුන්නා.
////විවෘතවීම තුලින් ජීවිතයට සිදුවිය හැකි අවාසි බොහෝය////
අවාසියක් නම් නැහැ විවෘතවීමන් හදවත ගොඩක් නිදහස් වෙනවා ගොඩක් මිනිස්සු විවෘත නොවී හිත ගලක් කරගෙන චරිතයක් මවාගෙන ජීවත් වෙනවා.
අක්කලාගේ සීන් නම් මොනවට කියනවද? අපිවත් ලග තියාගෙන ඉස්සර කතා කරන එව්වා ආයේ කියල වැඩක් නැ. ඒ කරලා “අනේ මල්ලියෝ කාටවත් කියනවා එහෙම නෙමෙයි” කියල දහ අතේ පොරොන්දු කරගෙන තමා යවන්නේ. ඒවා අදටත් රාජකීය රහස්. වෙලාවකට බ්ලොගේ ලියලා ලෝකෙටම කියන්නත් හිතෙනවා ආයෙ රෙදි ගලෝල යන්න අම්ම්මපා….
පාළු පිට්ටනියක ඉදල මහ රෑක දෙසාබාන කතාවක් වගේ බයෙන් කියවන්න උනා නෙව… අමුතු රහක් තියෙනවා මේකේ අරූගේ අනිත් ලිපි වලට වඩා
පලයන් දේශකයෝ උඹේ ඒවා මීට වඩා බොහෝ රහයි.
මොරා….විවෘතවීම තුල තියෙන ලොකුම අවාසිය තමයි, සමහරක් ඒකෙන් අයුතු ප්‍රයෝජණ ගන්න ට්‍රයි කරන එක.
හප්පච්චියේ! මාත් කොලා නේන්නං ඔය හැංගිමුත්තං සෙල්ලම. උඹ කියනකල් ඒවා කාලයේ වැලි තලාවෙන් වැහිලා තිබ්බේ… 😀
මචං ඔය ගොඩක් සෙල්ලම්වල අත්පොත ඔය හැංගිමුත්තම තමයි. කොහෙද අපේ ලමයිට දැන් ඒවා නැහැනේ.
කොළ පාට ඉටිකොළ පරණ වෙනකොට ගැහෙන පාට!දැන් නියතපාල පැටව් ඒ පාට.
ඇන්ටික් නිසා වෙන්න ඇති හරි උසයි.
ඔය කොයි පාටත් පරණ වෙනකොට අමුතු අමුතු පාටවල් ගන්නවා. ජීවමාන සාක්කි තියනවානේ.
1969, 1970, 1971 කාලේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විදුහල්පතිගේ නම ඔබ දන්නවා ද? ඒ කාලේ එම විදුහලේ හිටපු ගුරුවර ගුරුවරියන්ගේ නම් ඔබට මතක ද?
විදුහල්පති…ජී.බී.බන්නහැක මහත්මයා. එයා තමයි වාරියපොල සුමංගල සෙන්ට්‍රල් එකේ පළවෙනි ප්‍රින්සිපල්. මගේ පළවෙනි පන්තියේ සහ දෙකේ හිටියේ මොරායස් මෙනෙවිය. තුනේ පන්තියේ ෆොන්සේකා මහත්මිය. හතර සහ පහ හිටියේ කරුණාරත්න කියලා ජාතික ඇඳුම අඳින බුලත් හපන කරුණාවන්ත ගුරුවරයෙක්. සෝමපාල කියලා සර් කෙනෙක් හිටියා නහයට යටින් පොඩි ආබාධයක් තිබුන,
තිස්ස ….බන්නහැක මයා හිටියේ මහරගම බෝධිය ඉස්සරහ JMC එක අයිනෙන් පොඩ්ඩක් ඇතුලට ගේක. පස්සේ කාලෙක මාත් එක්ක රෝයල් ආපු කෙනෙක් එහේ නැවතිලා ඉස්කෝලේ ආවා. ජයන්ත හේරත් දැන් දොස්තර කෙනෙක්.
තොරතුරුවලට ස්තුතියි, අරු අයියා. ශාන්ත ජෝන් විද්‍යාලයයට අවුරුදු 100 ක් පිරෙනවා එන අවුරුද්දේ (2015). ඒ පාසලේ තිබුණු පරණ ගොඩනැඟිලි කඩලා අලංකාර නැති අලුත් ගොඩනැඟිලි හදලා… අපරාදේ 😦 පරණ ඒවා පිළිසකර කරලා තියෙන්න ඇරියා නම් තමයි හොඳ.
ලැවීනියා හෝල් එක අපි උ.පෙ. කාලේ වෙනකොට බොහොම ජරාජීර්ණ වෙලා, ඉස්සර සුභද්‍රාරාමයේ ක්ලාස් කට් කරපු දවසකට කරන්නම දෙයක් නැති උනොතින් ඕකට රිංගල අර ඉස්සරහම පේළි ටිකෙන් එහෙකට වෙලා ෆිල්ම් බලන එක මගේ පුරුද්දක් උනා … ගොඩක් වෙලාවට ෆිල්ම් බලපු කට්ටියට වැඩ වැඩියෙන් තනියව හිටියේ මකුණෝ තමයි 😀
හැබැයි මේ ෆිල්ම් ගොඩක් ඒවා ගතයුත්තක් ඇති දේ නෙමෙයි, මේකෙ වැඩිපුරම දිව්වේ වැඩිහිටියන්ට පමණයි කියන ***සම්භවය*** ෆිල්ම් ඒ දවස් වෙනකොට.
පස්සේ මේක කාලයක් වහල දාල තිබිල බිමටම සමතලා කරලා දැම්ම 🙂