අවුල් වන්නට පෙර (4)….චේ ගුවේරා

    සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. හැත්තෑවේ මැතිවරණ ජයග්‍රහණයෙන් ටික කලකට ගෙදර මිදුලේ මල් පෝච්චීවල මල් වෙනුවට කපා ඉතිරිවෙන ලීක්ස් මොටෙයියනුත්, දෙහි ගස යට තක්කලි , මිරිස් පැළ ඉන්ද වෙන්නේත් මේ කාළයේය. මල් පැළයකටවත් වතුර බිඳක් නොදැමූ තාත්තාගේ අතින් මේ සියල්ලක්ම ඉතා උවමනාවෙන්ම සිදුවිය. මේ රජයේ වගා සංග්‍රාමයයි. තමන් විසින් මහත් උනන්දුවෙන් කැපවී පත්කර ගන්නා ලද රජයේ ආයාචනාවට තාත්තාද ඇතුළුව බොහෝ දෙනෙක් කැපවු වගයි. ඒ ප්‍රාර්ථනා දළුලා වැඩෙන තුරු සාත්තු සප්පායම් කිරීම ඔවුන්ගේ අභිලාශය වූවා විය හැක. සිතුදේ නොමවේ නොසිතුදේම වෙය කියන්නට වෙන්නේ මින් පසුවය.

   70න් පසු රටේ දේශපාලණ වාතාවරණයද අපේ ගෙදර ආර්ථික වටපිටාවද ඉතා සීඝ්‍ර වෙනසකට බඳුන්වන බව මට වැටහෙන්නට පටන් ගැනිනි. තාත්තාගේ මිතුරන් ගෙදර භෝජන සංග්‍රහ සඳහා පැමිනීම කෙමෙන් කෙමෙන් අඩුවන්නට පටන් ගති. සීයාගේ අභාවයෙන් පසු තාත්තාට ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීම අපහසු වන්නට ඇත. මුදල් පරිපාලණය ඔහුට නුහුරු දෙයක් වෙන්නට ඇත. ඔහුගේ මාසික වේතනය සහමුලින්ම වියදම් කරේ යහළු මිත්‍ර ඇසුරට බවත්, ගෙදර වියදම් සියල්ලක්ම සීයා සිදුකල බවත් පසුකාළයකදී අම්මා මට කියා ඇත. මූල්‍ය කළමනාකරණය අවුල්වූ විට සියළුම දේ කඩා වැටෙනු ඇත. සමාජ, සංස්කෘතික, දේශපලණ ඇතුළු සියළුම කරුනු කාරණා බැඳී ඇත්තේ මුදල් නැමැති යදමින් මිස අන් කවර සාධකයකින්ද යන්න පහදා දිය හැක්කේ මා වැනි කුහුඹුවකු නොව ආර්ථික විද්වතකු පමණි. මූල්‍ය පරිපාලණය බිඳ වැටීම සියළුම පරිහානියන්ගේ මූලය බව මම හිතමි. අද සමාජය අත්දකින්නේ එය විය යුතුය.

   මේ වනවිට තාත්තාගේ ගමේ යහළුවන් දෙදෙනෙකු අපේ ගෙදරට අළුත් ආගන්තුකයින් විය. මොවුන් දෙදෙනාම හංවැල්ලේ පදිංචිව සිටි දක්ෂ ගුරුවරුන් දෙදෙනෙක් විය. විමලසේන සහ සුගතපාල නම්වූ මොවුන් හා දුරස්ථ ඥාති සම්බන්ධයක්ද තිබී ඇත. කෙමෙන් කෙමෙන් පසු මේ දෙදෙනා අප නිවසේ රාත්‍රිය ගත කිරීමටත් පුරුදුවිය. තාත්තාගේ පරණ මිතුරන් මෙන් නොව අඩිපුඩි ගැසීමක් නොවූ අතර ඉස්තෝප්පුවේ අඳුරේම ඉතා සෙමින් කතාබහේ යෙදෙනා මොවුන් මට පාඩම්ද කියාදුනි. අපේ තාත්තගේ අඩිපුඩි ගැසීමටද අප්‍රසාදය පල කෙරුනි. රැකියාව අහවරවී ගෙදර පැමිණ අඩියක් ගැසීමට පුරුදුවී සිටි තාත්තා මේ නිසාම දැන් දැන් පිටින්ම සප්පායම්වී ගෙදර එන්නට පුරුදුවී තිබුනි.

   මේ වනවිට මා පුවත් පතකින්ද දුටු “චේ ගුවේරා නම් කල්ලියක්” ගැනද කතාබහක් විය. මා මේ ගැන අම්මාගෙන් විමසා ඇත්තේ “චේ ගුවේරා පල්ලිය” පිහිටා ඇත්තේ කොහේද කියා බවද අම්මා තවමත් සිනහාවෙමින් පවසයි.

   ඒ කෙසේ වුවද තාත්තා ගෙදර නොසිටී එක් හැන්දෑවක පැමිණි පොලීසිය, සුගතපාල සහ විමලසේන දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලදී. දිනකට පසුව තාත්තාවද කුදලාගෙන ගියේය. මගේ ජීවිතයේ මා පළමුවෙන්ම දුටු ජවිපේ සාමාජිකයින් දෙදෙනා මොවුන්ය. තාත්තා මේ දේවල් හොඳින්ම දැණ සිටියා විය යුතුය. ඔහු කොතරම් ශ්‍රිලනිපයට ලෙන්ගතු පුද්ගලයෙක් වුවද වාමාංශික අදහස් ඉතා ජවයකින් එලියට පනින්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් තුලදීය. යහළුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකිරීමට සුදානම් තාත්තා මේ දෙදෙනාගේ ක්‍රියාකලාපයන්ට එරෙහි නොවූවා පමනක් නොවා ඔවුනට සැඟවී සිටීමට ස්ථානයක් ලෙස අප නිවස යොදා ගැනීමට ඉඩ සලසා තිබුනේ එලෙසය. තාත්තා කිසිම දේශපාලණ සම්බන්ධතාවයක් ඔහුගේ වාසියට යොදාගත් මිනිසෙකු නොවේ යැයි කියන්නේ ඔහුට ගෞරවයක් පිනිසය. කෙසේ හෝ හංවැල්ලේ සීයාගේ මැදිහත් වීමෙන් තාතාව නිදහස් කර ගැනීමට හැකි වුවද අවිස්සාවේල්ලට රැකියා මාරුවක් ලැබුනේ මේ නිසා යැයි මට සිතේ. හංවැල්ලේ සීයා යනු තාත්තාගේ පියාය.

    නුගේගොඩ සිට තුම්මුල්ලේ පාසලට 1973දී පළමු වරට මා පැමිනියේ තාත්තා සමගය. කවුරුත් දන්නා පරිදි රාජකීය විද්‍යාලය යනු නුගේගොඩ ශාන්ත් ජෝන් විදුහලට වඩා අති විශාල පාසලක්ය. පළමු දිනයේ, රටේ නන් දෙසින් පැමිණි අප තිස්පස් දෙනා සහ දෙමව්පියන් පිළිගැනීමට රාජකීය විදුහලේ නවරඟහලේ පුංචි පහේ උත්සවයක් සංවිධාණය කර තිබුණි. රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය හැඳින්වූයේ රාජකීය කණිෂ්ඨ විද්‍යාලය (ROYAL JUNIOR SCHOOL–RJS)…නමිනි. මෙහි විදුහල්පති වූයේ සුගතපාල මහත්මයාය.රාජකීය විද්‍යාලයේ විදුහල්පති වූයේ එල්.ඩී.එච්.පීරිස් මහතාය. මොවුන් ඉතාම වැදගත්වූත් ගාම්භීර මිනිසුන් විය.පීරිස් මහතා පදිංචිව සිටියේ පාසල අසලම කොල්ලුපිටිය පැත්තට වෙන්න ඔවුන්ගේමවූ ඉතා විශාල නිවසකය.

   විදුහල්පති කාමරයේ සිට පරිපාලණ රාජකාරීන් මෙහෙයවනවා මිස සිසුන් හා ගුරුවරුන් පසුපස හඹායාම් දක්නට නොලැබුනි. ඒ සඳහා සුදුසු පුද්ගලයින් අංශ ප්‍රධාණීන් ලෙස පත්කර තිබුණි. මොවුන් කර්නල්, බ්‍රිගේඩියර් විදුහල්පතිවරුන් නොවූහ. එදා ආනන්දයේ විදුහල්පතිව සිටි කර්නල් රාජපක්ෂ වැනි විදුහල්පති පියවරුන් අසලකවත් තැබිය නොහැකි උදවිය අද කර්නල් විදුහල්පතිලාවී සිටිනා බව ආනන්දයේ ආදී සිසුන් සාක්කී දරනවා ඇත. එදා රාජකීය විදුහලේ සිට ගමේ පංසලේ බණ මඩුවේ පැවත්වූ පාසැලක විදුහල්පතිවරයෙක්වත් අද සමහරක් විදුහල්පති වරුන් තරම් අමනයෝ නොවූහ. ඔවුන් අදීන,බුද්ධිමත් දක්ෂ පරිපාලකයෝ බව කියන්නේ අති මහත් ගෞරවයෙනි.

    රාජකීය විදුහලේ භූමිය, එහි ගොඩනැගිලි, ගුරුවරුන්, සේවකයින් සහ එහි තිබූ පහසුකම් ගත් කල එය වෙනම රාජධාණියක් යැයි කියන්නේ අතිශයොක්තියකින් නොවේ. නවරඟහලට අමතරව පිහිනුම් තටාකය, ශිෂ්‍ය නේවාසිකාගාරය, කිරිහල, කුඩා කෞතුකාගාරය, හෙදියන් දෙදෙනකුගෙන් සමන්විතවූ සෞඛ්‍ය මධ්‍යාස්ථානය, විශාල පුස්තකාලය ආදී එකී නොකී දෑ බොහෝය. එහි සිටි ගුරුවරුන්ට අමතරව සුවිශේෂි පුද්ගලයින් බොහෝය. ඉන් මා වඩාත් සිත්ගත් පුද්ගලයින් වූයේ කඩලේ සහ ඩැණී අයියාය. තව අය බොහෝය. කඩලේ පිලිබඳව මාතලන් විසින් රසවත් පෝස්ටුවක් කලකට ඉහතදී ලියා තබා ඇත.

        පාසලට පැමිනි අප තිස්පස්දෙනා ඇතුලත් කලේ 6G පංතියටය. සියල්ලන්ම රටේ නන්දෙසින් පැමිණි අය වූහ. අම්පාරේ සිට පැමිණි ශාන්ති කුමාර්, එවකටත් අති දක්ෂ නැටුම් ගුරුවරියක්වූ රැජිණි ශෙල්වනායගම්ගේ බාල සොහොයුරාය. හයවැනි පන්තියේ සිට නවවැනි පංතිය දක්වා එකම කංඩායමක් ලෙස ඉගෙණුමේ යෙදීමට අපට අවස්ථාවක් ලැබිණි. ඒ කංඩායමේ සිටියවුන් පැමිණීමේ ලේඛණයේ සඳහන්වූ පරිදිම මුල සිට අගට තවමත් මතකය. අපේ පළමු පංතිභාර ගුරුවරයා වූයේ ලින්ටන් ගුරු මහතාය. ඇත් දළ පාටින් යුත් ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු විවාහයෙන් පසුව යුරෝපීය ඇඳුමට මාරුවිය. අදත් මේ ශ්‍රේෂ්ඨ උත්තමයා ජීවතුන් අතර සිටී. මා මේ බව දැණගත්තේ 6G-9G රාජකීය කංඩායම යනුවෙන් හඳුන්වන කංඩායම විසින් සංවිධාණය කල උත්සවයකදීය.මම මුහුණු පිටුවෙන් ඉවත්වූ පසු මේවා දැණගන්නේ ඊමේල් මාර්ගයෙන්ය. අදට ඇතිය.

*******************************නැවත හමුවෙමු.*************************************

      

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

99 Responses to අවුල් වන්නට පෙර (4)….චේ ගුවේරා

  1. kathandarakaraya says:

    රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු ගැන මා අසා තියෙනවා.

    එක් අයෙක් කටා නමින් හැදින්වුණු අයෙක්. ඔහු ගැන ලිව්වේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා.

    අනෙක් ගුරුවරයා බස් නානා. ඔහු ගැන මට කිව්වේ දුමන්ද නමින් මගේ කතන්දර වල හැඳින්වෙන මිතුරා.

    • maathalan says:

      කටයා ගැන මමත් ලිව්වා මාතලන්.. ඔහේට මතක නැතෙයි.. ඔහේ මාත් එක්ක කොක්කකුත් දාගත්තේ… මෙන්න ලින්ක් එක… බස් නානාත් රත්තරන් ගුරුවරයෙක්..

      http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html

      • maathalan says:

        ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි කතාවෙත් කටයා ඉන්නවා…

        // Taboo SubjectsJune 5, 2010 at 5:49 AM

        ශ්‍යාම් සෙල්වදොරෙයිගේ Funny Boy නවකතාවේ The Black Tie ලෙස හඳුවනු ලබන “වික්ටෝරියා විද්‍යාලයේ” ප්‍රධානාචාර්ය වරයාගේ චරිතය නිර්මාණය වී ඇත්තේ ඔහුගේ චරිතය ආශ්‍රයෙනි.

        තවත් කිව හැකි කථා රාශියක් ඇති මුත් නිහඬ වෙමි.

        – Taboo //

      • arugeadaviya says:

        දැන්නේ බං මේක දැක්කේ.කටයා මහත්තයා ගැන නියමෙට ලියලා තියෙන්නේ.මම කකාට රිප්ලයි එකේ දැම්මේ කටයා රත්තරන් කියලා.සමහරවිට ඊටත් වඩා වටිනවා.මම ඉස්කෝලේ අවටම කාලයක් නේවාසිකවම හිටිය නිසා මම ඒවා දැකලා තියෙනවා.පස්සේ ලියන්නම්.අමතක දේවල් මතක් කරපන්.වැරදී තියනවන් පෙන්නපං.

      • arugeadaviya says:

        මාතලන්….ටැබූ ලියපු එකේ ලින්ක් එකයි,තව ඒවා තියෙනවානම් එවපන්.ශ්‍යාම් තුම්මුල්ලේද?

    • kathandarakaraya says:

      /* මගේ නං පැතුම මාතලං, ඔබතලං, ඌතලං නොව කිසිදා කිසිම සිසුවෙකුට නොතලං කියාය. */

    • arugeadaviya says:

      කකා……කටයා කියන්නේ හිටපු නියෝජ්‍ය විදුහල්පති.විශේෂිත චරිතයක්.කටයා කියන්නේ නිතරම “කට් යුර් හෙයාර්” කියන එක කෙටිවෙලා ආපු එකක්.මමත් ගුටි කාලා තියෙනවා.වැරද්දක් කරලා අහූනොතින් නම් හොදි ඕන නැහැ.ඒ වගේම හිත උනුවෙන රත්තරන් මහත්තයෙක්.(වචණයේ පරිසමාප්තාර්ථයෙන්ම )මට පෞද්ගලික වෙච්ච සිදුවීම් කීපයක් පසුවට මම ලියන්නම්.ඒ දේවල් කාටවත් පේන්න කරපු මනුස්සයෙක් නෙමේ.ඒකයි මම කිව්වේ රත්තරන් කියලා.
      බස් නානාත් රොම්බ වසයි. හොස්ටල් එක භාරව හිටියේ.ෆුට්බෝල් හෝ රග්බි මාස්ටර් ඉන් චාජ් වෙලා හිටියා. ඉස්කෝලේන් පිටදී කොල්ලෝ එක්ක හෙන ෆිට්.හොඳ මිනිස්සු කකා.

      ප.ලි…….කකා කියපු වැඩේ කරා.

      • Sachin Jayanetti says:

        අරූ පොඩ්ඩක් පටලවගෙන කියල මට හිතෙන්නේ. හොස්ටල් එකේ වෝඩ්න් වුනේ ‘හරා’ එච්. නානායක්කාර. එච් අකුරින් ආවේ හරිස්චන්ද්‍ර නිසා ‘හරා’ වුනා. දැන් හරා ඉන්නේ එන්ගලන්තේ. කකා කිව්වේ බස් නානා ගැන.මම අර්නස්ට් අමරසේකර සහ එච්. නානායක්කාර යන දෙන්නගේම කාලේ හොස්ටල් හිටියා.අනික 73 දී විදුහල්පති වුනේ වැලිකල මහත්තයා. ඒ අවුරුද්ද අන්තිමට වගේ ඩී.ජේ.එන්. සෙනෙවිරත්න මහත්තයා ආවත් හිටියේ මාස තුනක් විතර සුලු කාලයක්. ඊට පස්සේ තමයි පීරිස් මහත්තයා ආවේ.මම 1972දී හතේ නවෝදය ශිෂ්‍යත්වෙන් රෝයල් ආවේ. එතකොට අරූ ආවා කියන පහේ ශිෂ්යත්වය තිබුනේ නැහැ. මම මේ උත්සාහ කරන්නේ අරූ මම දන්න කියන කෙනෙක්ද කියල හොයා ගන්න.

      • සචින්….අපි දන්නවාත් ඇති සමහරවිට…මම NCGE සෙකන්ඩ් බැච් එකේ..වැරදි හැදුවට ස්තූතියි. මම කොලෙජ් එකේ 12 NBS4 එකේ හිටියේ. ඉයුස්ටස් මයා තමයි සෙක්ශනල් හෙඩ් හිටියේ..හොස්ටල් හිටිය ධම්මික අගලවත්ත, ගුණරත්න මගේ පංතියේ හිටියේ.

  2. maathalan says:

    කැරැල්ල ගැන ලිව්වා මදි කියලයි මට හිතෙන්නේ.. කතාව පටන් ගත්ත ආකාරයට ඒකට දීලා තියෙන තැන මදි…

    • kathandarakaraya says:

      අරු හයේ පන්තියට ගියේ 1973 දී නම් 1971 දී ඔහු ගේ වයස අවුරුදු නමයක් නේද? මාතලන්ට අවුරුදු හයයි.

      ඉතිං කොහොමද කැරුල්ල ගැන ලියන්නේ?

      ඒ ගැන අවබෝධයකින් යුතුව ලියන්න හැකි අයෙක් සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නවා මන්දා? අඩු වශයෙන් 1955 ඉපදුණු අයෙක් වෙන්න ඕනෑ නේද?

    • අජිත් පැරකුම් මට හිතෙන විදියට මාතලන් හා සම වයසේ. පොරටත් හැත්තෑ එකේදී ඔන්නම් අවුරුදු හයක් විතර වෙන්න ඇති.

    • arugeadaviya says:

      @මාතලන්……
      මචං මට 71 සහ 73 අතර අප්‍රේල් කැරැල්ල සම්බන්ධව ලියන්නට ඇත්තේ මා දුටු දේ සහ ඇසු දේ පමණයි.ඒ සියල්ලක්ම යටත්වීම්, පාපොච්ඡාරණ සහ පුණරුත්ථාපණයට සම්බන්ධ යම් තොරතුරු පමණයි. ඒවා ලිවිය යුතුය. ඔබ හරි. මම ලියමි.

      • maathalan says:

        ඒ ගැන ලියවුන දේ බොහෝමයි. ඒත් උඹටත් මතක ටික ලියලා තියන්න එපාය…

    • arugeadaviya says:

      @ සහන්
      ලොකු තාත්තා ජීවතුන් අතර නැතිවීම සම්බන්ධව මගේ කනගාටුව.මම සිදුවීම් ටික ලියන්නම්.උඹලා සාකච්ඡා කරපල්ලා.

  3. රාජ් says:

    කැරැල්ල ගැන ඉස්සරහට ලියන්න වෙනව.

    • arugeadaviya says:

      මචං රාජ්……ලියන්නට වෙන්නේ මා දුටු දේවල්ය. මම ඒ ගැන ලියන්නම්. උඹලා පොත්පත් වලින් කියවපු ඒවා එකතු කරපන්. එතකොට මම ලියනවට වඩා ඒ අදහස් එක්කම සාකච්ඡා කරන්න පුළුවන්.71 කියන්නේ හරි හෝ වැරදි ලාංකීය දේශපාලණ ඉතිහාසයේ සංධිස්ථාණයක්.ඒ තුලින් මතුවූ පුද්ගල චරිතයන් අපේ සිවිල් සමාජයට නොයෙක් අයුරින් දායකවෙලා තියෙනවා.සමහරු පුස්සෝ. සමහරු පිස්සෝ.ඒ දෙකම නොවුනු විශාල කොටසක් හිටියා. ඉන්නවා.ඔවුන්ගෙන් බොහෝ අය 89 මෙන් නොව සාපේක්ෂව ඉහළ දැණුමක් ඇති, සමාජ වටිනාකම් සහිත පුද්ගලයින් බව මගේ පෞද්ගලික අදහසයි.

      ඉතින් රාජ් මගේ පෝස්ටුව පැත්තකට දාලා වරෙන් පල්ලෙහාට.අපි මෙතන ඉඳන් සාකච්ඡා කරමු.උඹට මේ සම්බන්ධව වටිනා අදහස් ඇති.තව අය එකතු වෙයි.

      මේක ගුණේ අයියාගෙ බජව් දාන කාමරේ.සෝඩායි බයිටුයි අරන් වරෙන්.බෝතල් මගේ ගානේ.

    • arugeadaviya says:

      @ කෙන්ජි……..උඹ මොකද සද්දේ වහලා? උඹ නැතුව ගතියක් නැහැ. උඹ දැන් Kaවා එක්ක සෙට් නේද?ඌ හොඳයි බන්.වරෙන් සෙට් වෙන්න.

      • Kenji @ Japan says:

        හෙහ්.. සද්දේ වහල?සමකය වටේ ගිහිල්ල කියවල එන්නකො ඩාලින්.

    • උඩ එකේ වැරදි ලින්ක් එකක් වැටුනේ සමාවෙන්න ,

      අරූ එදා සමාජවාදය සහ රැඩිකල් ජීවන විලාශය අවන්කවම මිනිසුන්තුළ තිබුවක් එත් අද වන විට ඒ සියල්ල මෝස්‌තර පමණයි. චේ, ලෙනින්, බොබ්මාලේ වැන්නවුන් අද ජීවත් වන්නේ පච්ච තුල, පෙන්ඩන්ට් තුල පමණයි. .මේ ගැන හොඳම විග්‍රහය තමයි චින්තක ගීතදේව කියන මේ සිංදුව අහලා බලන්න. “මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ”

      • ඉවාන්.., මේ රටේ මිනිස්සු හරි ආසයි රැල්ලට එන ඒවා කරන්න. හැමෝම කරන ඒවා හැමෝම කරන විදිහට කරන්න.සැබෑවටම චේ, බොබ් මාලේ කියන්නේ හොදට විකිනුන දෙන්නෙක්. බොබ් මාලේ කිසිම සාක්ෂරතාවයක් නැති දැනුමක් නැති ජීවිතාවබෝධයක් නැති වහල්ලු වගේ ජීවත් වෙච්ච කළු ජාතිකයන්ට සංගීතය තුලින් ජීවිතය කියල දුන්න සුන්දර මිනිහෙක්. අද ගංජා ගහන උන් හිතනනවා මාලේ කියන්නේ ගංජා වල සංඛේතයක් කියල, චේ කියන්නේ මිනීමරුව්ක් කියල. කිසිම දෙයක් සොයල බලලා විමසලා බලල තීරණ ගන්න බැරි බැටළු රැලක් වගේ මුල් එකා දුවන දිහාවට ඔක්කොම දුවනවා.
        ලින්කුවට ස්තුතියි

      • arugeadaviya says:

        @පවුලූශා……. මම මේ සින්දුව අහලා තිබුනා. චින්තක, අජිත් ඇතුළු ඒ සෙට් එකේ ස්ටයිල් එකට මම පුදුම ආසයි කාලයකට පෙර ඉඳන්.මම ඒ ජීවණ ක්‍රමයටත් හරිම කැමතියි.අහන්න එපා ඇයි කියලා.උන් ඇත්ත ඇති සැටියෙන්ම කියනවා.
        රාජ්ගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එක බලලා වැඩේට සෙට් වෙයං.

      • අනිවා..මොරබ්බා ඔබ හරියටම හරි,

      • කා(Ka) says:

        @ඉවාන් පවූ
        ඔයත් අර ගූගල් ප්‍රොෆයිල් පින්තූරයට රූපයක් කොටාගෙන තියෙන්නේ තියෙනවා නේද. මට පේන විදිහද මන්දා.
        @අරූ
        මට මතකයි වසර කීපයකට පෙර, හරක් ලොරියක් පෝලෝසියේ පප්පලා අල්ලලා තිබුනා. ලොරියේ ඉස්සරාහ ගහල තිබ්බේ බුදු සරණයි කියලා.

      • @කා(Ka)
        පේන විදිහ නෙවෙයි එහෙම තමයි. ඒක තමයි මම කිව්වේ ” චේ, ලෙනින්, බොබ්මාලේ වැන්නවුන් අද ජීවත් වන්නේ පච්ච තුල, පෙන්ඩන්ට් තුල පමණයි” කියලා . මමත් මේ සමාජයේ ඉන්න මෙලෝ හසරක් හරියට තේරෙන්නේ නැති ගොබ්බයෙක් තමයි. පොරවල් කියලා හිතාගෙන හිටියට ගොඩක් අය එහෙමයි.

  4. /////චේ ගුවේරා නම් කල්ලිය///
    මේ “චේ ගුවේරා කාරයෝ” කියන්නේ මහා අමුතු යෙදුමක්. අදටත් මේක ගොඩක් සාර්ථක උප්පරවැට්ටියක් මිනිස්සුන්ගේ හිත්වල භීතිකාවක් වපුරන්න. ඔවුන් නොදන්නා දෙයක් ගැන ඔය වගේ යෙදුම් දාලා භීතිකාව වපුරවනවා. චේ ගුවේරා කියන්නේ සුන්දර මිනිසෙක් කියන එක අදටත් සමාජේ බහුතරය අදුනගෙන නැහැ….
    මේ මුල්ම කොමෙන්ටුව අනිකවත් කියවලම යන්න ඕන. රහට ලියල තියෙනවා අරු .

    • ඉස්සර දෙවැනි ලෝක යුද්ධ කාලේ කාපිරි සෙබළු ගැන කට්ටියව බය කරලා තිබ්බ වගේ. ගෑනු ගෙවල් අස්සටම වෙලා හිටියලු වැරදිලාවත් මුලිච්චි උනොත් කියලා. මිනීමස් කන නිසා කටට ඉබ්බා දාල තියෙන දන්වැල් වලින් ගැට ගහල දක්කාගෙන යන කාපිරි සෙබළු ගැන මොනා හිතෙන්න ඇද්ද ඒ කාලේ…

      • //”මේ “චේ ගුවේරා කාරයෝ” කියන්නේ මහා අමුතු යෙදුමක්. අදටත් මේක ගොඩක් සාර්ථක උප්පරවැට්ටියක් මිනිස්සුන්ගේ හිත්වල භීතිකාවක් වපුරන්න”//
        ඔව් මිනිස්සු හිතාගෙන ඉන්නේ චේ කියන්නේ අපරාධ කාරයෙක් ,මිනීමරුවෙක්, මංකොල්ලකාරයෙක් වගේ කියලා.

      • කා(Ka) says:

        @මොරබ්බා
        //කල්ලිය// කියන එක අපේ ගම්වල පප්පලා පප්පිලාට පිල්ලියක් වගේයි පෙනෙන්නේ. පිල්ලිය කීවාට ඔය රතුපස්වල බිලිගන්න සාටක පිල්ලිය අපේ පප්පලා පප්පිලාට පෙනෙන්නේ නෑ ආයෝබෝවන්. ඉස්සර චේ ගුවේරා කියලා අපේ ගැමි පප්පලාට කියවන්න අමාරුයි. ඒ නිසා උන්දැලා චේ ගුරාලා කියලා හදාගෙන තියෙනවා. මොනවා උනත් කමන්නෑ. මෙතන්ට අක්කා මලෝ ටී ම්එක ඒකීය පුද්ගලයායි, බ්‍රැටිස්ටායි එක්ක කඩා පත්උනෝත් හුඟදෙනෙක් එකෙන්ම මෝඩ වම්මු වෙනවා සුවර්.

    • arugeadaviya says:

      අඩෝ මොරා උඹ කියපන්..කවදාද අපේ අය කිසිම සිදුවීමක හෝ කිසියම් පෙලගැස්මක නිවැරදි තැනින් ඇල්ලුවේ කියලා.හැමදාම වැරදි තැනින් අල්ලලා, වැරදි බෙහෙත දීලා පස්ස උඩ දාගෙන නටනවා.එදා වුනෙත් ඒකයි.අද වෙන්නෙත් ඒකයි

  5. හිරු says:

    ඔයිට පස්සේ කාලේ ගැන කතා නං අහලා තියෙනවා තාත්ත කියනව.. ඇත්තටම මටත් තාමත් චේ තුවේරා කියන නම ඇහෙනකොට එන්නෙ මහ අමුතු හැඟීමක්… හරියට අර අලුගෝලුවා කියන නම ඇහුනම දැනෙන හැඟීම වගේ… ( අනිත් එක ඔය නම හැමතිස්සෙම ත්‍රීවීල් වල පිටිපස්සෙ ගහල තියෙන නිසා.. හි හි)

    • චේ තුවේරා නොවෙයි චේ ගුවේරා!
      http://kathandara.blogspot.com/2012/04/guerilla-dining-in-colombo.html

    • arugeadaviya says:

      ඉතින් හිරු…අපි හැම තිස්සෙම අල්ලගන්නේ වැරදි තැනින් නිසාම තමයි චේලා, මාලේලා විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්, යේසුස් වහන්සේ, නබී නායක තුමා ගැන වුනත් මේ වෙනකොට කතාව අප්පිරිය වෙන්නේ.මම බොබ් මාලේගෙ කසාද බිරිඳ රීටා මාලේ ලියපු පොතක් කියෙව්වා.මට බොබ්ගේ පෞද්ගලික චර්යාවන් ගැන කලකීරීමක් සහ රීටා ගැන අනුකම්පාවක් ඇතිවුනා.පුලුවන්නම් කියවන්න.මට බොබ් මාලේගේ සංගීතය ගැන කිසිම අවුලක් නැහැ.
      හිරු….අපි පුදුම විදිහට අනුකරණය කරන්න ඇබ්බැහි වෙච්ච කොටසක්.ඊලඟ පරම්පරාව මීට වඩා ගොබ්බ වෙයි. මේවා ගැන මීට වඩා හිතන්න වෙයි.”රස්තියාදුකාරයගේ” බ්ලොගේ සමහරක් සබ්ජෙක්ට් ගැන මම මගේ ස්වාධීන අදහස් කියලා තියෙනවා.කියවිය යුතු බ්ලොග් එකක් යැයි මම හිතනවා.

      එන්න අරූගේ කාමරේට.සෝඩා නැතත් බයිට් ඇත.හා හා හහහා!!!!!!!!!

      • හිරු says:

        ඔව් මට පොඩි වැරැදීමක් කකා. චේ තුවේරා නෙමේ චේ ගුවේරා. ඇත්තටම මමත් හරි ලකී අරූ. මම මොනවා ලියුවත් එතන්ට කවුරුහරි කඩාපාත් වෙලා නිවැරැදි කරනවානේ. හි හි.

    • හිරු says:

      මං එන්න කලින්ම එක්කෙනෙක් ඇවිල්ල වැරැද්ද පිළිඅරන් තියෙන්නෙ… ටයිපිං මිස් එකක් කකා…

      • හිරු says:

        මම එන්න පරක්කු උනා අරු, කකා. ආයේත් එක්කෙනෙක් ඇවිත් වරද බාරගෙන තියෙන්නේ. හි. හි. අපිටත් ටයිපිං මිස්ටේක් වෙනවා කකා.

  6. raigam says:

    දැන් හරි අරූ. ඔහොම ලියන්න.
    මුල්‍ය පරිපාලනය කඩා වැටීම ගැන පටන් අරගත්තු තැන කියල තියන කතාව හරි ඇත්ත. සාමාන්‍ය පවුල් ඇතුලේ විතරක් නොවේ, රටම කන රජ පවුල් ඇතුලෙත් තියෙන්නේ, ඔය නොහැකියාවද?

    • arugeadaviya says:

      //සාමාන්‍ය පවුල් ඇතුලේ විතරක් නොවේ, රටම කන රජ පවුල් ඇතුලෙත් තියෙන්නේ, ඔය නොහැකියාවද?//

    • arugeadaviya says:

      ///සාමාන්‍ය පවුල් ඇතුලේ විතරක් නොවේ, රටම කන රජ පවුල් ඇතුලෙත් තියෙන්නේ, ඔය නොහැකියාවද?///
      ඔව් රයිගම්…….ගෙදර ප්‍රශ්ණ ඔක්කොම අමතක කරලා, අනිත් හැම දෙයක්ම කරන්න මුදල් සහ කාලය වෙන් කරන්න පුලුවන් නම් ඒක නොහැකියාවම තමයි.තියෙන දේපළ, භෞතික සම්පත් එකින් එක කඩා වැටෙන හැටි,ඒතුලින් සාමාජිකයින්ගේ අධ්‍යපණය, සෞඛ්‍යය,සදාචාරය බිඳ වැටෙන හැටි ඉස්සහරට මගේ කතාව තුලින් රයිගම් අඳුර ගනීවී.

      රයිගම්….රිප්ලයි එකක් කලින් වැටුනා වැරදීමකින්.

  7. Kenji @ Japan says:

    >>මූල්‍ය කළමනාකරණය අවුල්වූ විට සියළුම දේ කඩා වැටෙනු ඇත. සමාජ, සංස්කෘතික, දේශපලණ ඇතුළු සියළුම කරුනු කාරණා බැඳී ඇත්තේ මුදල් නැමැති යදමින් මිස අන් කවර සාධකයකින්ද යන්න පහදා දිය හැක්කේ මා වැනි කුහුඹුවකු නොව ආර්ථික විද්වතකු පමණි. මූල්‍ය පරිපාලණය බිඳ වැටීම සියළුම පරිහානියන්ගේ මූලය බව මම හිතමි. අද සමාජය අත්දකින්නේ එය විය යුතුය.<<
    නියම වචන ටික.
    ඔස්තාර්ලා කියන කට්ටිය ලස්සනට ඔය දෙන්නෙ.

    • arugeadaviya says:

      මචං..මචං..මචං…උඹට තියෙන සමාජ අවබෝධය සහ එය තමන්ට රිසි පරිදි හසුරුවා ගැනීමට තියෙන හැකියාව ගැන මම දැනගන්නේ උඹත් මම මෙන් මේ සමාජය තුල ඇති තරම් පිනුම් ගසා තිබිය යුතු නිසා විය යුතුය.උඹට ඇති හැකියාව සහ අවබෝධය පොත් පත් තුලින් පමනක් ලබාගත හැකි අවබෝධයක් නොවන බව මම තේරුම් ගෙන ඇත.
      මම මොන බ්ලොග කියෙව්වත් ඉස්සෙල්ලම බලන්නේ කෙන්ජිගේ කමෙන්ට් එකක් තියෙනවද කියලා.එතකොට සැහල්ලුවෙන් වැඩේට බැස්ස හැකි.උඹව මටනම් ට්‍රේඩ් මාක් එකකි.මමත් පොඩි ඩ්‍රින්ක් එකක ඉන්නේ.ඔලුව බුරුල් වෙලා යන්න එලකිරි කමෙන්ට් එකක් දාපං!!!!

      • Kenji @ Japan says:

        හෙහ්.. සද්දේ වහල?සමකය වටේ ගිහිල්ල කියවල එන්නකො ඩාලින්.

    • arugeadaviya says:

      ගියා මචං …කියලා වැඩක් නැහැ.වෙරළු මල් සුවඳම තමයි.දැණී දැණී දැණී දැණෙනවා……………

      • කා(Ka) says:

        උඔටත් ඒ මල් සුවඳ දැනෙනවාද අරූ. කාලයක් බ්ලොග් පැත්තේ ඔය කියන කුයිල ආවේ නෑ. වරාය චීනෙට දීල, රතුපස්වල මිනරල් වෝටර් වලින් ෆොන්ටෙරෝසි කිරි එකක් බීලා, පිල්ලේ ගියායින් පස්සේ ආයේ පප්පා ගමට ඇවිල්ලා. ආපු හැටියම අක්කිලා, නංගිලා, නැන්දිලා, ආච්චිලා, පප්පිලා ගාවට සුරුස්ගාල රිංගුවා.

      • arugeadaviya says:

        @Kaවෝ……උඹටත් නරක නැද්ද බ්ලොගක් ලියන්න පටන් ගත්තොත්?

      • කා(Ka) says:

        ආයේ අළුතින් ලීවත්, නොලීවත් මම රිංගන හැම බොගක්ම මගේම වගේ තමා.
        -කා(Ka)

      • arugeadaviya says:

        @ Ka ඒක තමයි බං පහසුම වැඩේ!!!!!!!!!!

  8. 71 කැරැල්ලේදී මම ඉපදිලත් නෑ. හැබැයි 89දි ඔය ආකාරේම දේවල් මමත් අත්වින්දා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි කියලා අපේ තාත්තවත් කාකි කෝට් කාරයෝ කුදලන් ගියා. එතකොට මට අවුරුදු 5යි. නංගි ඉපදුනා විතරයි. එක රැයෙන් අම්මයි, නංගියි මමයි ආච්චිගේ ගෙදරට වැටුනා. අපේ වාසනාවකට 90දි ආයෙම තාත්තව එලියට ගන්න පුළුවන් උනා.

    ඒ කාලේදී අම්මා ගොඩක් දුක් වින්දා. අපිවත් ඔක්කේ ගහන බස් වල නැගගෙන බුස්සේ, මාතලේ, කොග්ගල කෑම්ප් ගානේ ගියා. මාව ඉස්කෝලෙට (පානදුර සෙන්ට් ජෝන්ස්) දාන්න උදවු කලේ ප්‍රේමලාල් කියලා තාත්තගේ යාළුවෙක්. මම උදේට වාද්දුවේ පොලිසියට ගිහින් තාත්තට බත් එක දීලා, වැඳලා තමයි ඉස්කෝලේ ගියේ.

    අපේ තාත්තා දේශපාලනේ නිසා තියෙන දේ නැතිකරගත්ත ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක්. අදටත් අපිට කියලා අපේම ගෙයක් නෑ. පහ වසරේදී මම ශිෂ්‍යත්වෙන් නාලන්දෙට ගියා. අද මෙතන මෙහෙම ඉන්න ලැබුනේ ඒ පරම්පරාව කරපු කැප කිරීම් නිසයි.

    ප.ලි: මම තාත්තා වගේම නෙවෙයි. තාත්තා නිසා අම්මා ගොඩක් දුක් වින්ද නිසා මම දේශපාලනය ගැන, පක්ෂ ගැන හිතන්නේ නෑ. එකම අරමුණ පුළුවන් නම් මේ ජරා රටෙන් වෙන රටකට පැනගන්න එකයි.

    • arugeadaviya says:

      ඇත්තමයි සඳුනිමා 89-90 සම්බන්ධව ඉතාම අමිහිරි පෞද්ගලික සිදුවීම් රාශියක් තියෙනවා.ඒවා ඉදිරියෙදි මම ලියන්නම්.උඹේ කතාවට ගොඩක් සමීප දේවල් රාශියක් මටත් තියෙනවා.
      මගේ කතාව තුල තරුණ දෙමව්පියන්ට අහුලගන්න දේවල් ඉදිරියේදි ලැබෙයි.හැකි විටක කියවන්න.ඒ තුල තිබිය හැකි වඩාත් සුදුසු දේ නිවැරදිව වටහාගන්න බලන්න
      //.ප.ලි: මම තාත්තා වගේම නෙවෙයි. තාත්තා නිසා අම්මා ගොඩක් දුක් වින්ද නිසා මම දේශපාලනය ගැන, පක්ෂ ගැන හිතන්නේ නෑ. එකම අරමුණ පුළුවන් නම් මේ ජරා රටෙන් වෙන රටකට පැනගන්න එකයි//

      මෙතැන” දේශපාලනය ගැන”යන වචණ දෙක හැරෙන්න අන් සියල්ලම මටත් අදාලයි.

      .

  9. deshakaya says:

    තුන බලල එන්නං

  10. DDT says:

    සුබපැතුම් අරූ, අද හුඟක් පිළිවෙලයි. (පුළු පුළුවන් වෙලාවට http://subasa.ambitiouslemon.com/spellerweb.py ත් උත්සාහ කරන්න. අපි හැමෝමටම ඉතිං එකම ජාතියෙ ලෙඩ තමයි තියෙන්නෙ :))

    මාතලන් කියන්නැහෙ කැරැල්ල ගැන ඔබේ අත්දැකීම් තව ටිකක් ලිව්ව නම් හොඳයි කියල මටත් හිතුනා.

    ශ්‍යාම් සෙල්වදොරෙයිගේ පොතේ සිංහල පරිවර්තනය මම කියෙව්වෙ. ඒකෙ මම හුඟක්ම කැමති කළු ටයි පටියගෙන් ගේම ඉල්ලපු වික්ටෝරියා ඇකඩමියෙ සිදුවීම් ටිකට, හැමෝටම පාසල් කාලෙදි ඔය වගේ අත්දැකීම් ලැබෙනවා.

    • DDT says:

      //මාතලන්….ටැබූ ලියපු එකේ ලින්ක් එකයි,තව ඒවා තියෙනවානම් එවපන්//

      ටැබූ ලියපුව ටිකක් මෙතන තියෙනව.

      http://web.archive.org/web/20101117164823/http://taboosubjects.wordpress.com/2009/02/

      දැන් කෙනෙක් ඒ ලිපි නැවත පළකරනවා වෙන බ්ලොග් එකක් පටන් අරන්.

      http://taboosubjects-mirrored.blogspot.com/2013/01/taboo-subjects-revisited.html

      ටැබූ ලියපු කාලෙ මම සේව් කරගතිපු ලිපි ටිකක් මගේ ළඟත් තිබෙනවා. 2011 පෙබරවාරි පමණ පමණවනතුරු ඔහු ලිව්වා. හුඟක් අයට හොයා ගන්න බැරි වෙලා තිබුනෙ 2011 ජනවාරි පෙබරවාරි අන්තිම දවස්ටිකේ ලියපු ලිපි, ඉල්ලපු සමහරුන්ට මම මගේ ළඟ තිබුණු ලිපි යැව්වා.

    • arugeadaviya says:

      මගේ අඳුරන මල්ලි කෙනෙක් එනවා මාව බලන්න හෙට.එයා බ්ලොග් ලියන්නේ නැහැ.කම්පියුටර් වැඩ දන්නවා.ඇවිත් කියලා දෙන්නම් කිව්වා.අද ටිකක් පිලිවෙලයි තමා.උඹට වේවැලක් අරන් දෙන්නද?

      • DDT says:

        හික්ස්… වේවැල් මොටද අරූ. ඔයා කියන දෙයක් අහන හොඳ ළමයෙක්නේ. අනික ඔයා වගේ අත්දැකීම් තියෙන ඇසීපිරූ තැන් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් එක්ක බැලුවම මේ මම මොකෙක්ද.

    • arugeadaviya says:

      යකෝ ඩබල්ඩිටී.. ජේජ්ජ පුරවැසියා කියන්නේ නාකියා කියන එකමනේ බං.එහෙම වරෙං.මම කැමතියි උඹලගේ තරුණ ජවයට. කෙන්ජියා කියයිද දන්නැහැ අරූ සමයා කියලා.

  11. DDT says:

    //මාතලන්….ටැබූ ලියපු එකේ ලින්ක් එකයි,තව ඒවා තියෙනවානම් එවපන්//

    ටැබූ ලියපුව ටිකක් මෙතන තියෙනව.

    http://web.archive.org/web/20101117164823/http://taboosubjects.wordpress.com/2009/02/

    දැන් කෙනෙක් ඒ ලිපි නැවත පළකරනවා වෙන බ්ලොග් එකක් පටන් අරන්.

    http://taboosubjects-mirrored.blogspot.com/2013/01/taboo-subjects-revisited.html

    ටැබූ ලියපු කාලෙ මම සේව් කරගතිපු ලිපි ටිකක් මගේ ළඟත් තිබෙනවා. 2011 පෙබරවාරි පමණ පමණවනතුරු ඔහු ලිව්වා. හුඟක් අයට හොයා ගන්න බැරි වෙලා තිබුනෙ 2011 ජනවාරි පෙබරවාරි අන්තිම දවස්ටිකේ ලියපු ලිපි, ඉල්ලපු සමහරුන්ට මම මගේ ළඟ තිබුණු ලිපි යැව්වා.

  12. DDT says:

    //මාතලන්….ටැබූ ලියපු එකේ ලින්ක් එකයි,තව ඒවා තියෙනවානම් එවපන්//

    ටැබූ ලියපුව ටිකක් මෙතන තියෙනව.

    http://web.archive.org/web/20101117164823/http://taboosubjects.wordpress.com/2009/02/

  13. silent sahan says:

    මේ පෝස්ට් එක පුදුම විදිහේ පිළිවෙලයි අරූ.. අකුරු ටිකේ සිට කතාවේ අර්ථය දක්වා ගාණට මිම්මට තියෙනවා.. ඉතාම සාවදානව අකුරෙන් අකුර , සිදු වීමෙන් සිදු වීම ගලපලා ලියපු බව තේරෙනවා.. දිගටම මේ ලිපි පෙළ ලියන්න… ආසාවෙන් බලනවා…

    ++++++++++++++++++++

  14. arugeadaviya says:

    දැන් හරි නේද ඩබල්ඩීටි?ස්තූතියි!!!!

    • DDT says:

      ඔව් අරූ, දෙපාරක් දාලා හරි ගියේ නැති නිසා මම කමෙන්ට් එකේ බාගයක් දැම්මා. ඒක තමා ඔය.

    • DDT says:

      අෆොයි ! දෙන දෙයියො පැන පැන දෙනව වගේ මෙතන දැන් ගොඩයිනේ. එකක් තියෙද්දි අනිත් කමෙන්ට් ඩිලීට් කරන්න අරූ.

      • arugeadaviya says:

        @ ඩබල් ඩිටි…..කොහොමද ඩිලීට් කරන්නේ? මෙලෝ දෙයක් දන්නේ නැහැ. සමාවෙයං.

  15. Gold fish says:

    දැන් ඉතිං අවුල් වෙන්නේ නෑනේ… 🙂

  16. Ravi says:

    71 කැරැල්ල ගැන මගෙත් තියනව මිහිරි සහ අමිහිරි අත්දැකීම් කිහිපයක්ම….බලාගෙන යනකොට උඹයි මායි එක වයසෙ…මමත් 73 හයේ පන්තියෙ හිටියෙ…..

    • arugeadaviya says:

      ඔන්න බලහං රවී..මම එකනේ උඹෙන් ඇහුවේ මට විජිතයා වෙන්න බැරිද කියලා. එහෙම උනා නම් පළවෙනි එක මගෙන් අනිත් ටික විමලයගෙනුයි සමරයාගෙනුයි තමයි!!!!!!!!

      • කා(Ka) says:

        බලහන්කෝ අරූ, මෙතන දැන් හුඟක් ඉන්නේ වයසක පප්පලා නොවැ. ඒක හොදා කැත නැතුව පප්පා කියලා කථා කරන්න පුළුවන්.

      • arugeadaviya says:

        @Kaවෝ….ඇයි උඹට අප්සට්ද? පොඩි සයිස් පාවිච්චියක් නෑ මේ දවස්වල බං?

  17. කෙතරම් පොඩි ලෝකයක්ද කියලා හිතෙනවා. මම ඉස්කොලේ ගියේ ඔයිට කාලෙකට පස්සේ. එතකොට ධර්මිශ්ට සමාජයක් ඇති වෙලා…. අනු හයේ ශිෂ්්‍යත්වයෙන් මම යන කොට, සියඹලා ගස් දෙකේ ඉස්කොලේ,ලින්ටන් සර් හත වසර අංශ ප්‍රධානී

    • arugeadaviya says:

      ඇත්ත තමයි ජාලිය කොච්චර පොඩි ලෝකයක්ද. ලින්ටන් සර්ගෙන්, අමරදාස සර්ගෙන් ඉගෙනගත්ත අයව එකතුකරොත් ,ගෝල්ෆේස් එකත් ඉඩමදි වෙයි ඒ ටික දාන්න. වෙලාතියෙනවා නම් තව මොනවා හරි එකතු කරන්න.

  18. මේ සිදුවීම් උනේ 89 නේද? එතකොට මට අවුරුද්දයි.කිසිම දෙයක් කතා වෙනවා වත් මට මතක නෑ නොවැ.

    හැබැයි පසුකාලීනව ඔය දේවල් පත්තරවලින් එහෙම කියෙව්ව.දියතේ එහෙම දිගින් දිගට ඔය විස්තර ගියානේ

    • arugeadaviya says:

      සිඟිති දියණිය රෙහානි වෙතටයි…
      ඔබ සුවෙන් පසුවෙනවා යැයි සිතමි.අපි නම් සුවෙමු.හා..හ..හා

      රෙහානි අපි මේකෙන් කතා කරන්නේ 1971 සම්බන්ධවයි. තාත්තාට එහෙම මතක ඇති.89 සිද්ධීන් මීට වඩා කටුකයි.අපේ දියණිය රෙහානිගේ වයසේ.

  19. ඔන්න මචං දැන් තමයි කොටස් ටික ඔක්කොම කියවලා ආවේ. ඔන්න උඹ මගේ බ්ලොග් රෝල් දෙකක එල්ලුවා. ඔහොම යං ඔහොම යං.

    • arugeadaviya says:

      බොහොම ස්තූතියි හෙන් රි!!ඔහොම යං නේද?

      ප.ලි……..හෙන් රි පොඩි උපදේශයක් ඕනවෙලා තියෙනවා මගේ හිතවතෙකුට.මෙහේ දහම් පාසලකට ගුරු අත් පොතක් වගේ දෙයක් කොහොමද කරගන්නේ කියලා.විෂය සම්බන්ධව නෙමේ.කොහොමද පවත්වාගෙන යා යුතු කියලා.මේ අය ගුරුවරු නෙමේ.ස්වෙච්ඡා සේවයක්.උපදෙසක් ගන්න පුලුවන්ද?ඊ මේල් එකකින් සම්බන්ධ උනාට වරදක් නැද්ද?

      • අනේ මචං. මම කොහොමද ඒක කරන්නේ? මම ඉන්නේ මෝල්ඩිව්ස් වල. බුද්ධාගමත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. උඹ අහපං අයිලාස්ගෙන්. එතකොට සරත් ලංකාප්‍රියගෙන්. අන්න බෝගස් වගේ උන්.

      • arugeadaviya says:

        ස්තූතියි හෙන් රි……මම තේරුම් ගත්තා.

  20. 1971 දි ජ.වී.පෙ. කෑගල්ලේ ප්‍රබල සාමාජිකයෙක්මි. එකල කෑගල්ලේ සිටි, පසුව දිවයිනේ සුපතළ ජ.වී.පෙ. නායක නායිකාවන් සියලුදෙනා ඇසුරු කලෙමි. මගේ පන්ති මිතුරන් 11 දෙනෙකු හමුදාවෙන් මැරුම්කෑහ. මම බේරුනේ, කැරැල්ල ඇරඹීමට දින කීපයක් තිබියදී, එවකට මා නේවාසිකව සිටි, මගේම පන්තිභාර ගුරුතුමාගේ නිවස වෙත, එතුමාගේ හදිසි දැනුම්දීමකින් පැමිණි මගේ පියා, මගේ කනපලා, ගෙදර ඇදගෙන ගිය නිසාය. රාත්‍රී කාලවල මා සොයා අප නිවසට කඩාපැන්න පොලීසියෙන් මා බේරාගත්තේ, අක්කෙකුගේ ගවුමක් අන්දා දෙවෙනි අක්කා සහ බාලම අක්කා සමග, එක පැදුරේ නිදිකරවා මා ගැහැණු ළමයකු ලෙස වෙස්ගන්වා තැබීමෙනි. 1988 – 89 කාලයේදී මම එකදු ජ.වී.පෙ. සාමාජිකයකු මරා නොදමුවෙමි. එහෙත් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය වෙත බාරදුනිමි. අවි ආයුධ ද සෑහෙන ප්‍රමාණයක් අත්අඩංගුවට ගතිමි.

    • arugeadaviya says:

      විචාරක………ඇත්තටම ඔබ වැනි නිළධාරීන් 89 දී බොහෝ තරුණයින්ව දංගෙඩියෙන් බේරා නීතිමය ක්‍රියා තුලට ගොනුකල බවට බොහෝ සාක්ෂි ඇත.සිදුවිය යුතුව තිබුනේද එයමය. 1971දී ජීවිත හානි අවම වීමට හේතුව එවකට පාළකයින්ගේ බුද්ධිමත් දේශපාලනික හැසිරීම විය යුතු යැයි මම පෞද්ගලිකව හිතමි. 89 යුගයට සාපේක්ෂව බැලූ විට 71දී හමුදාව තුල පැසුණු,බුද්ධිමත් නිළධාරීන් සිටිබව මගේ තාත්තාගේ අදහසයි.

    • කා(Ka) says:

      අරූ ඔයා දැකලා තියෙනවාද පාවාදීමේ ගණයේ සුපිරි මිනිසුන්.
      කතාවකට කියනවා ජේසු අල්ලා දුන්නේ එකට හිටිය අනුගාමිකයෙක් කියලා. ඒ උනත් ඒ පප්පා ජෙසුව මරව්වේ නෑ. මැරුවේ වෙනම පප්ප ටීම් එකක්.
      අපෙත් ඔය අතරින් පතර ඉන්නවා පොඩිකාලේ මාක්ස් ඔළුවේ. ලොකු වෙනකොට තන්හාව ඔළුවේ. වයසට යනකොට ගූ උළුවේ. රැකියාවේ හැටි කියලා ඇඟ බේරා ගන්න අයත් ඉන්නවා.
      නොකියා කියන දෙයක් විචාරය කොරන්නේ මෙහෙමයි ආයුබෝවන්.
      //මගේ පන්ති මිතුරන් 11 දෙනෙකු හමුදාවෙන් මැරුම්කෑහ// – ඉතිරි උන්ටික මම 89 අල්ලලා දුන්නා. දැන් මගේ පංතියේ ජීවත්වන එකම පප්පා මමයි.
      71 ට වැඩිය 89 ආර්ථිකය රහ උන අයට රහමෙර උගුරේ ගෑවෙනකොට ඒ කාලේ පප්පා ගමේ එකට හදාගෙන බීපු වෙද පප්පාගේ අරිෂ්ඨේ අමතක වෙනවා. පප්පා ගමේ පාවා දෙන පප්පලා-පප්පිලා ගොඩයි. කා(Ka) ට බොරු පුරාජේරු අල්ලන්නේ නෑ නොවැ. කා(Ka) උන්ව විචාරය කොරනවා.

      • Anonymous says:

        +++++++++

      • Anonymous says:

        +++++++++++++

      • ඔබේ හීනමානයට වහා පිළියම් යෙදිය යුතුයි. ඔබ වැනි අය මට සෑහෙන්න හමුවී තියනවා. ඔබවැනි ‘සියල්ල දත්’ ලා වෙත අනුකම්පාකර මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු මිස වෙනත් විසඳූමක් නැත. 71 දීත් 88 දීත් ජවිපෙ කලේ තරුණයන් නොමග යැවීම පමණයි. අදටත් තම න්‍යාය මේ රටේ බහුතරයකගේ පිළිගැනීමට ලක්කිරීමට ජවිපෙට නොහැකිවී ඇත්තේ ඒ නිසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අනුවර්තනය වන්නට සිදුවුනේ ඒ නිසයි. ඔබ ජවිපෙ පන්ති 5 කර නැති බව පෙනෙනවා. මොකද ඔවැනි අවලාද සහ විහිලු කරන්නේ පරාජිත මානසිකත්වයේ ඉන්න යයි. බ්‍රිතාන්‍ය, ඇමරිකානු, රුසියානු, චීන, දේශපාලන අච්චු අපට හරියන්නේ නැති බව අවබෝධවන්නට නම් ඔබේ ඔය තරුණ මදය සිඳී ගොස් මොලය තුල දේශපාලන පරිනතභාවය ඇතිවිය යුතුයි. ඒ සඳහා ඔබම වෙහෙසවී අධ්‍යයන කටයුතු කරනු විනා අරයා මෙයා අල්ලාගෙන බෑඟිලරි නොගෑ යුතුය. එවිට ඔබ පුස්සෙකු බව ලෝකයාම දැනගැනී.

      • කා(Ka) says:

        //71 දීත් 88 දීත් ජවිපෙ කලේ //
        දැන් මෙතන ජේවීපි රෙද්දක් ගැන කතා කියනවා. මම කථා කළේ සුපිරි ගණයේ මිනි මරුවෙක් සහ පාවා දෙන්නෙක් ගැන. හැබෑටම දා කොටීන්ටත් අදහස්, උපක්‍රම, මැප්, දෙන්න අපේ සුපිරි ගණයේ මිනිස්සු කී දෙනෙක් ඉන්න ඇති ද.? වෙලාවට ෆොන්සේකා මහත්තයා උන්ව ෆැන්සොන් යැව්වේ. නැත්නම් තාම යුද්ධ කොරනවා. හැබෑද මේජර් යකන්දාවල විකාරදගේ යාළුවෙක් කියන්නේ. බලමුකෝ එකෙත් හැටි.
        //පන්ති 5 කර නැති/
        අනේ මට කියා දීහංකෝ ඔය පන්ති පහේ කොහේවත් තියෙනවාද පාවාදීමේ වැදගත්කම.
        //විහිලු කරන්නේ පරාජිත මානසිකත්වයේ ඉන්න යයි.//
        දිනුවා කියන්නේ මිනිස්සු මරලා පට්ටම් ගත්තාහමද බං.
        //දේශපාලන අච්චු අපට හරියන්නේ. හැබෑටම මිනිස්සු මරලා සතුටු වෙන එවුනුත් මේ රටේ ඉන්නවා නොවැ.//
        අනේ අපිට කියහංකො මොකක්දෑ දැන් පාවිච්චි කොරන අච්චුව. එතකොට බේත් දෙන්න ලෙසියි. හැබෑටම කියහංකෝ පප්පේ දැන් උගුරේ රහ මෙර ගෑවෙන ඒ අච්චුව මොකක්ද කියලා. ආ…………. සුභ අනාගතේ මොඩලයද? මම හිතුවේ මහින්ද සිංචනය කියලා.
        //මොලය තුල දේශපාලන පරිනතභාවය //
        හැබෑටම, දැන් ඔය දේශපාලනය කොරන්නේයි, උන්ගේ ලෙව කන්න යන්නෙයි පරිණත භාවය හින්දද. තූ විතරක් මෙහෙමත් පරිණත කමක්. දේශපාලන පරිනතකම කියන්නේ ගූ කන එකයි, ගූ වැඩ කොරන එකයි කියලා අදනේ පප්පේ දන්නේ. හැමදාම මිනිස්සුන්ටම කෙලවනවා. එදා රටේ මිනිස්සු මරලා, අර කෝටීන්ට මැප් දුන්න කියන ටීම් එකේ මොළවල් හොඳ පරිණත කමක් තියෙන්න ඇති නේද ආයුබෝවන්.
        //අරයා මෙයා අල්ලාගෙන// ඔය අමන, බලු, කුපාඩි, අදම කෙරුවාවල් කොරන අය අහු උනාම උන්ව පට්ට ගහන එක මගේ ලෙඩක් ආයුබෝවන්.
        //එවිට ඔබ පුස්සෙකු // මා පුස්සෙකු වන්නේ විවේචනය සිදුකරන එකෙකුට සහ උන්ව අදහන නපුස්සකයන්ට පමණි. හැමෝම අධම අය වෙන්න බෑ ආයුබෝවන්.
        හැබෑටම මම අහන්න හිටියේ.
        හමුදාවේ ඉද්දි නිදන් කීයක් අරගන්න සපෝට් කළාද?
        වැලිවේරිය පෙරලූ නැව්ම් පසට මොකද උනේ අප්පා?
        ෆෙන්සේකටත් පරිණත මොළයක් නැතුව ඇති නේද? එකනේ ඡන්දේ ඉල්ලලා හිරේ ගියේ.
        (අරූ මචෝ මගේ කොමන්ට් මොඩනේට් කොලාට වැඩක් නෑ. මම දන්නවා දාන විදිහ)

    • arugeadaviya says:

      මචං ඇනෝ……උඹට බොහොම ස්තූතියි මේක එව්වට. ඕක තමයි ඇත්ත.අපේ මිණිස්සුන්ට සුව කරන්න බැරි ලෙඩක් තියෙනවා ඇනෝ මාන්නය කියලා. අපි ඉන්න පලාතෙත් එහෙමයි.ජයලාල් රෝහන ඉතාමත් සුන්දර ,ප්‍රතිපත්ති ගරුක මණුස්සයෙකි.එවැනි අය අල්පය.ඔහු ශිෂ්‍යත්ව විභාග හා සම්බන්ධව දක්වන අදහස් මගේ කතාවේදී ඔබට කියවිය හැක.ජයලාල් CYCLE PLAY නමින් නාට්‍ය වැඩ මුලුවක් පවත්වන බව මම දැක්කා.ඔය ගොඩාක් අයියලාට ඒකට සම්බන්ධවුනානම් ජීවිත අවබෝධයක් ලබා ගත හැකි බව මගේ අදහසයි.

  21. Bindi says:

    අපේ ආතා චේ ගුවේරා කාරයෝ ගැන කියනවා මතකයි. කැරැල්ලෙන් පසු ඉපදුන නිසා පසු කලෙක එකට එක කියද්දී අම්ම මට කිවේ ”මැරිච්ච චේ ගුවේරා කාරයෙක් ඉපදිලා ” කියලයි. ඒ වගේම දුක් කරදර නම් සම සිතින් විඳින්නට හැකි ගතියක් මගේ තිබෙන්නේ ඒ කාලයේ ඉපදුන නිසා කියාත් අම්මාගේ මතයයි .
    70 දශකයේ අල බතල හිටවූ හැටිත් මතකයි..77 මැතිවරණ ප්‍රතිපල අසන්නට රේඩියෝ ඇති ගෙවල් වල සෙනග පිරුන හැටිද මතකයි.

    • බින්දි…..දුක් කරදර සම සිතින් දරන්න පුලුවන්වීමම ජීවිතයේ ජයග්‍රහණයක්. ඒ අයගේ දූ දරුවන් පවා හරි සමාජශීලි, හිතවත් ගති පැවතුම් පෙන්නනවා ලෝකේ කොහේ හිටියත්. පුලුවන් වෙලාවට මගේ කතාව කියවන්න.

      මට මතකයි බින්දි……..සමහරු බබාලාව නිදිකරනවා….චේගුරා කාරයෝ එනවා කියලා බය කරලා. කොහෙද….පොඩි එවුන් බය නැහැ චේගුරාට. උන්ට හිතිච්ච වෙලාවට උන් නිදන්නේ.

  22. සුනිල විලක් says:

    මමද පළි ?…..
    මම කරපු කෙහෙල්මලක් නෑ ඕයි…..
    දුම් නැවෙන්.. A ක්ලාස් රූම් එකක, සැපත් උනේ කොලොම් තොටට…
    ටේල් කෝට්, ටොප් හැට්…..පොහ්..Aristocratic status …….රාජකීය පිළිගැනීම්……හමුදා සැලියුට්….
    ඒ විතරද ? locals ලගෙ යටහත් පහත් කම….
    එහෙට වඩා පුංචි ආඩම්බර කමක් නොදැනුනා නොවේ…
    ඒත්, මගෙ ජවනිකාවට අරූ පිටපත ලියල තිබ්බෙ….මම එන්නත් කලින්…….
    වෙන කවුද Labour secretary of state for the colonies..මිසක් ….
    මට තිබ්බෙ amendment ටිකකට දාතම දාල යටින් අත්සන් කොරන්ට……අහ්, මෙහේ හාමුලට බර ඉංග්‍රීසියෙන් පොල් ටෝක් ටිකක් දෙන්න…..
    ඒත් නුවර Queens එකේදී මම සෝල්බරීට කිව්වා…Universal Sufferage…..මුන්ට මේක බර වැඩියි,,,,තේරෙන එකක් නැහැ කියල..
    මෑන්ට එදා ටිකක් වැඩි උන,,,හැබැයි මෙහෙම දෙයක් කිව්ව..
    තව අවුරුදු 10-15 කින් විතර මෙව්‍ව දාල යන එකේ,,අපි මොකටද බාල්දි පෙරලන්නෙ,,, අනික HMට උඩින් ගිහින් හිර ගෙවල් වල තපින්නද ……
    ඒකත් ඇත්ත……

    Democracy….?
    මුන් මේකට ***න් හිනාවෙන්නෙ

    Majority ? අම්මගෙ රෙද්ද තමයි….
    බහුතරය වැඩක් නෑ යකෝ…..සොත්ති උපාලි වගෙ අහිංසක, තණ පිඩැලි අල්ලල ජීවත් වෙච්ච මිනිහෙක්ට ඕන විදියට තිබ්බම ඇති …….
    ඒක නෙවෙයි…
    තුම්මුල්ලෙ මලයයි,,,බැද්දගානේ මලයයි මට බැනල එවල තිබුන…..
    උන්ට අපාගත වෙන්න උනේ මම හින්දලු…..
    ප්‍රජතන්තරේ අස්සේ ජිල්මාට් දාළලු උන්ට එහෙ යන්න උනේ,,,,,
    මේක ගෙනාපු මමද පළි ?
    අඩුම තරමේ චන්ද ඩියුටි ඉවර වෙලා චෙක් එක සාක්කුවේ දාගන්නකොට වත් මාව මතක් වෙනවද ? උඹලට ජොබ් ගෙනාවෙ අපි කියල….
    චන්ද නැති කාලෙක වත්,,,,දේශප්‍රිය මහත්තයො,,, පිරිත් ටිකක් කියල දානයක් දෙන්ට….
    කතන්දරේ මොකක් උනත්,
    මම ඒ අතරේ කුහක සතුටක් ලබනව…..
    ඔය වෙස්ට්මිනිස්ටරේ අපි කොලාට…
    මේ වැදී රංචුවට මහත්තුරු වෙන්ට
    තව අවුරුදු 200ක් වත් යාවි…..
    හැබැයි…
    වැරදිලා හරි…
    අපි මේක උඹලට පුරුදු කරලා නොතිබුණා නම්……
    හමුදා කුමන්ත්‍රණ අම්බානක…
    කැරළි ?…හෙහ් හෙහ්…එහෙනං තල කැරලි ගානට…..
    මිනී ඔළු දාස් ගනං තියෙන සමූහ මිනි වලවල්……
    රටට කියන්න ඕන නම උඹලම දා ගනිල්ලා…..

    මීට
    එලොව සිට තැවෙන….
    ඩොනමෝර්…..

    තැන නොතැන නොබලා මෙවන් පොස්ටුවක් දැමීම ගැන කනගාටුව….)

  23. තිස්ස says:

    1973 වෙන කොට රාජකීය කණිෂ්ඨ විද්‍යාලයයේ විදුහල්පති ධුරය හෙබවූයේ ලිපියේ කියා ඇති පරිදි සුගතපාල මහතා නොව, එච්. පී. ජයවර්ධන මහතා යි.

    • H.S. Perera 1933 – 1947
      A.F. De Saa Banadaranaike 1947 – 1958
      H.D. Sugathapala 1958 – 1970
      H.P. Jayawardena 1970 – 1975
      E.S. Wijesuriya 1975 – 1977
      Mrs H.G. Nanayakkara 1977
      ඔව් තිස්ස. මම ඒක ලිපියේ වෙනස් කරන්න ගියේ නැහැ. මොකද කමෙන්ට් එකකින් ඒ බව කෙනෙක් කියා තිබුන නිසා. හෙක්ටර් පීරිස් ජයවර්ධන නේද සම්පූර්ණ නම. ඔබට ස්තූතියි!! මෙතුමාගේ සහ අනිත් අයගේ පින්තූර මේ වෙබ් සයිට් එකේ තියෙනවා.

      Mr.H.P.Jayawardena

      • තිස්ස says:

        ලින්ක් එකට ස්තුති යි.

        ඊ. එස්. විජේසූරිය මහත්මාට අවාසනාවන්ත ලෙස යම් දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා නැඟී පාසලෙන් සමු ගන්නට වුණා. ඒ චෝදනා විභාග කළ පරීක්ෂකයන් ඔහුගේ නිල නිවසේ ඉන්වෙන්ටරියක් ගන්නවා මා දුටුවා. විජේසූරිය මහතාත් ඉතා අසරණ ලෙස එතැන සිටියා.

        විජේසූරිය මහතා පාසලේ “බුෂ් ෂර්ට්” තහනම් කළා. ඔහු කිව්වේ සිසුන් කමිසය කලිසමට යට කළ යුතු බව යි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s