අවුල් වන්නට පෙර (5)…….අතර මැද කතාවක්….

  1971 සිට 1973 දක්වා වූ කාලය තුල රටේත්, අපේ ගෙදරත් නොයෙකුත් විපර්යාසයන් සිදුවෙමින් පැවතුනි.1972 ව්‍යවස්ථා සංශෝධණයද ඒ අතර විය.

  තාත්තාගේ අදහස නම් 71 විප්ලවය යනු, කිසිවිටෙක හෝ සිදුනොවිය යුතු , ඒ සඳහා අනිවාර්ය විය යුතු දේශපාලණික හෝ ආර්ථිකමය පරිසරයක් ගොඩ නැගී නොතිබු අවධියක, අඩු වයසෙන් බිහිකිරීමට හැදු දරුවකුගේ අවාසනාවන්ත මරණයක් බවය. මේ තත්වය මැඩ පැවත්වීම සඳහා සිරිමාවෝ බන්ඩාරනායක රජය විසින් සාර්ථක මෙහෙයුමක් දියත් කරන් ලද බවත්, පාලකයින්ගේ ක්‍රමවත් ප්‍රතිචාර නිසා ජීවිත විනාශයන් අවම කර ගැනීමට හැකිවූ බවත් වැඩිහිටියන්ගේ මතය විය.

  බොහෝ JVP නායකයින් රජයේ අත් අඩංගුවට පත් වූ අතර ඉන් සමහරක් පාපොච්ඡාරණය කරමින් වැරදි පිලිගත්හ.ඒ හඬපට නිතර දෙවේලේ ගුවන් විදුලිය තුලින් ප්‍රචාරය විය. පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන්, ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහගේ හඬ යාන්තමට මතකය. මතකයට හේතුව විය හැක්කේ එකල අපි නිතර දෙවේලේ ගුවන් විදුලියට සවන් දීමට පුරුදු වී සිටි බැවින් විය යුතුය. මගේ මතකය නිවැරදි නම්, සමන් අතාවුදහෙට්ටි සහ පරාක්‍රම පෙරේරාගේ හඬින් යුතු ගුවන් විදුලි නාටකයක් ඒ දිනවල ප්‍රචාරය විය. ඒ ඔවුන් ගුවන් විදුලියට එකතු වූ මුල් අවධියේ ප්‍රචාරය වූ “ජිල් ජෝනා සහ වැන්ද බෝනා” යැයිද කියා මට හරියටම මතක නැත.දන්නා කෙනෙක් සිටී නම් නිවැරදි කරන්න.

      ගංගොඩවිල විජේරාමේ පිහිටි විද්‍යෝදය විශ්ව විද්‍යාලය අල්ලාගත් JVP සාමාජිකයින්ගේ පුනරුත්ථාපණ කඳවුර විය. මේවා වධකාගාර නොව, නිසැකවම ඔවුන්ගේ තාවකාලික නැවතුම් පලවල් විය. අප කුඩා කල සරුංගල් ඇරීමටත්, රවුම් ගැසීමටත් විශ්ව විද්‍යාලය පැත්තෙන් එගොඩවත්ත හරහා බොරලැස්ගමුව පැත්තට ඇවිදින්නට පුරුදුවී සිටිය උන්ය. මේ ගමනේ මා සිත් ගත් තැනක් වූයේ විශ්ව විද්‍යාලය අවට පරිසරයය. ඒ අන් කිසිවක් සඳහා නොව , පාරට පෙනෙන්නට ඔවුන් ඇඳ තිබූ සටහන්, සටන් පාඨ සහ සිතුවම් දැක බලා ගැනීමට තිබු පෙරැත්තය නිසාමය. කුඩා කල සිටම මට මේ දේශපාළන කැක්කුම හිත තුල පැල්පදියම් වී තිබී ඇත.අපේ තාත්තා 1965 සිට පැවත්වූ සියලුම මැතිවරණවල ප්‍රථිපල ( සෑම ආසණයකම )පත්තර වලින් කපා විශාල චිත්‍ර පොත්වල අලවා සුරක්ෂිතව තබා තිබුණි. ඔහුගේ ලොකු පුතා වූ මම ඉන් ඔබ්බට ගොස් මතක ඇති කාලයේ පැවත් වූ සෑම මැතිවරණ සටහනක්ම සියළුම විස්තර සහිතව අතින්ම ලියා ලොකු CR පොත් දහයක ,පහලොවක එකතු කර තබන ලදී. වරෙක ගෙදර අයද, ඉන් පසු අරකීද, ඊටත් පසු අපේ දියණියද මේ ගැන ඇති තරම් මට ඔච්චම් කර ඇත. වරෙක විමලසිරි ද මැල් නම් වූ සමසමාජ නායකයා ඒ සටහන් ඔවුන්ගේ පුස්තකාලයේ තබන්නැයි කීවේ තොරතුරු එකතු කිරීමට, යූනියන් පෙදෙසේ සමසමාජ කාර්යාලයේදි ඔහු හමුවූ විටකදීය.

       1972 මැයි මස 22 දින අපේ රට ජනරජයක් බවට ව්‍යවස්ථාපිත උසස්වීමක් ලැබූහ.මේ දිනය බොහෝ දෙනෙකුට අද අමතකය.මේ උත්සවය පැවැත්වූයේ  නවරඟහළේ විය යුතුය. කොල්වින් ආර් ද සිල්වා, ඇන්.ඇම්. පෙරේරා වැනි බුද්ධිමතුන් මේ සඳහා දායක වී යැයි තාත්තා මට කියා දුණි.එදා පටන් CEYLON තිබු හැම තැනකටම SRI LANKA ආදේශ විය. මෙය SHRI LANKA විය යුතු යැයිද බොහෝ කලකට පසු අදහස් මතු විය. ඒ ගැන කතා කල යුතු නැත. ඒවා පුස් කතාය.ඔය කවර නමින් හැඳින්වූවත් රටට වෙන්න ඕන අවාසි සිදුවූවා මිස වාසි නම් බොහෝ හිඟය.

         මේ වනවිට අපගේ නිවසේ ස්වරූපය පවා වෙනස් වන්නට පටන් ගෙන තිබුණි. විශාල නිවස මැද බිත්තියකින් දෙකට බෙදා කොටසක් කුළියට දෙන්නට විය. එහි වාසය සඳහා කොටුව ගුනසේන පොත් සාප්පුවේ සේවය කල බලදාස අංකල් නම් තාත්තාගේ වයසේ පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ පැමිණියහ. ඉතාමත්ම කාරුණික යුවලක් වූ ඔවුනට දරුවන් නොසිටී අතර ඔවුන් හා ගත් ඡායාරූපයක් තවමත් මා සතුව ඇත. මේ වනවිට අපේ පවුලේ දරුවන් ගණන පහක් වී තිබුණි. හතරවැණියා ලෙස මල්ලියෙක්ද, පස්වැණියා ලෙස අප පවුලේ සියල්ලන්ගේම සුරතලියවන නංගීද විය. ඇය ගැන මා අහිංසකාවිය නමින් කවි යැයි හිතනා කවි පෙලක්ද මගේ බ්ලොගයේ සටහන් කර ඇත. කුඩාකල කිසිවිටෙකත් ඇයගේ මානසික දුර්වලතාවය නොපෙණෙනු අතර කෙමෙන් කෙමෙන් එම ලකුනු පහල වන්නට විය. ඒ කෙසේ වෙතත් ඇය අපගේ පුංචි සුරංගණාවිය ලෙසම අදත් අප අතරම සිටී.

     තාත්තාට ලැබුනු රැකියා මාරුවත් සමගම ඔහු අවිස්සාවේල්ල පලාතට ගොස් පදිංචිවිය යුතු යැයි තීරණය කර ඇත. නමුත් මා රාජකීය විදුහලට තේරී තිබු බැවින්, පවුලේ අය දෙල්කඳ නැවතී සිටීමටත්, ඔහු පමනක් එම ප්‍රදේශයට යෑමටත් තීරණය විය. තාත්තාට ඔහුගේ උපන් බිම වන හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ සීයාගේ ගෙදර සිට රැකියාව කිරීමට අවකාශ තිබුනත්, ඉහල තල්දූව, තැඹිලියාන නම් අවිස්සාවේල්ලට නුදුරු ග්‍රාමයක කුළී පදනමට නිවසක තනියම පදිංචි විය. ආර්ථික තත්වය තවත් දෙදරීමකට ලක්විය. මව් පාර්ශවයේ සීයාගෙ මරණයෙන් පසු ආච්චීට ලැබුණු විශ්‍රාම වැටුප අපේ ගෙදරට මහත් දායාදයක් බඳුවිය.ආචිචී නොවන්නට විශාල ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත.

        තාත්තා පදිංචියට ගිය ඉහල තල්දූව ප්‍රදේශය ඉතා මනරම්, දැකුම්කළු ප්‍රදේශයක් විය. අවිස්සාවේල්ලේ සිට දෙහිඕවිට මාර්ගයේ සීතාවක ගඟ, තල්දූව නගරය පසුකර යනවිට තැඹිළියාන නම් මෙම සුන්දර ගම්මානය මුණගැසේ. මෙහි එකළ බොහෝ තැඹිළි ගස් දක්නට ලැබුණි. තාත්තා කුළියට ගත් නිවස පිහිටියේ 32 වැනි සැතපුම් කණුව ඉදිරිපිට කුඩා ඇල සහ කුඩා පාළමට යාබදවය. එය සොල්දර නිවසක් විය. අත්තනායක නම්වූ ඔහුගේ මිතුරකුගේ නිවසක්වූ එහි හොල්මන්, අවතාර ඇති බවටද කටකතා තිබුණි. අපේ තාත්තා එවැනි දේ සතයකට මායිම් නොකරණ මහා දඩබ්බරයෙක් විය. යහළු මිත්‍ර ආශ්‍රයට දැඩි ගිජුවූ ඔහුගේ අත දිග හැර වියදම් කිරීමේ කළාව අප පවුලට මහත් අවාසි සහ කරදර ඇති කරන්නක් විය. නමුත් පවුලේ අන් අය කවර මතයක් දැරුවත් මම අදටත් ඔහුට දොස් නොපවරමි. එක එක අයගේ ජීවන ශෛලීන් වෙණස්ය. ඔවුන්ම ඒ වැරදි තේරුම් ගෙන නිසි මාර්ගයකට වෙණස් කර ගන්නවා හැර, තවකෙකුට ඒවා වෙණස් කල නොහැක. කෙණෙකුගේ පෞද්ගලිකත්වයට පමණට වඩා අතපෙවීම සුදුසු දෙයක් නොවේ. පමණට වඩා නොව, කිසිසේත්ම අතපෙවීම නොකල යුතු බව මගේ අදහසය. පෙන්වා දීම වෙනත් දෙයකි. 

     මමද ඉතා දැඩි ලෙස යහළු මිතුරු ඇසුරට ප්‍රිය කල මිනිහෙක්ය. නමුත් මූළිකත්වය දිය යුත්තේ මාගේ පවුලටය, අන් සියල්ලක්ම ඉන් පසුවය යන්න මම අත්දැකීම් තුලින්ම හඳුණාගතිමි.

      ශාන්ත ජෝන් විදුහලෙන් මා හට නොයෙකුත් තෑගී භෝග ලැබුණු අතර, ඉන් වඩාත් සිත්ගත් ත්‍යාගය වූයේ රූප රාජිණියක ලෙස පෙනී සිට පළමුවැණියා වී ලැබුණු ඡායාරූපය සහ පැසසුම්ය. තවමත් ඒය මා සතුව ඇත. පළමුවෙන්ම මා රාජකීය විදුහලට පැමිණියේ තාත්තා සමග යැයි මම ලීවෙමි. එයින් පසු වැඩිහිටියකු සමග පාසැල් ගිය එකම සහ අවසාණ දිණය එය විය. මහරගම සිට ගමන් ඇරඹූ පාසැල් බසයෙන් පාසැල් යෑමට පුරුදුවිය. මෙය අප පාසලටත් තර්ස්ටන් විදුහලටත් පොදු තට්ටු දෙකේ බසයක් විය. මෙයින් ටික කලකට පසුව සිට විවාහවන තෙක් ජීවිතයේ බොහෝ දේවල්වලට මා මුහුණ දුන්නේ තනිවමය. එය සමහරුන් විශ්වාස නොකරණු ඇත.

         මා සමග නවවැණි පංතිය දක්වා එකට ඉගෙණගත් සිසුන් කංඩායම අධ්‍යාපණයේ අති දක්ෂයන් විය. අප විසින් දැක්වූ දස්කම් අතරින් ඉහලින්ම කැපී පෙණුනේ හත්වැණි වසරේ ශිෂ්‍යත්ව විභාගයයි. එය ශ්‍රීලංකා අධ්‍යාපණ ඉතිහාසයේ වාර්තාවක්ද විය හැක. අප තිස්පස් දෙනාට අමතරව වෙනත් හේතු මත තවත් හය හත් දෙනකු පංතියට ඇතුල්විය. අප තිස්පස් දෙනාම හත වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත්ව තිබුණෝය. කිසිම පාසැලක එකම පංතියේ සිසුන් තිස්පස් දෙනෙක් දිවයිනේ තරඟ විභාගයකින් සමත්වීම ඉන් පසු කිසිම දිනක මා අසා නැත. ඔබ දන්නවානම් සඳහන් කිරීම වටී. අප පංතිය භාර ගුරුවරයා වූයේ ඉලේපෙරුම ආරච්චි නම්වූ ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඉතා කුඩා සිරුරක් හිමි වැදගත් උතුම් ගුරු පියාණන්ය. ඔහු අද ජීවතුන් අතර නැත. මේ සිසුන් තිස්පස් දෙනා අතරද කිහිප විටක්ම, මාසික පරීක්ෂණ, වාර විභාග වැනි අවස්ථාවන්හීදි මමද පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තැන්වලට පැමිණ දස්කම් දක්වා ඇත.***********නැවත හමුවෙමු***********

ප.ලි……මම දැන් ෆිටේ ෆිට්ය. නොසිතුවාටත් වඩා ඉක්මණින් සාමාන්‍ය තත්වයට පත්විය. VARICOSE VEINS ඉවත් කිරීමේ ශල්‍යකර්මයට මීට වසර තිහකට උඩදීත් මා මුහුණදී ඇත. එකල තිබූ වෛද්‍ය පහසුකම් තුල මෙවැනි ශල්‍යකර්මයකින් පසු පාදය, තැනින් තැන කපා කෙටූ, ලේ ගලන මස් කඩයක ස්වරූපයක් ඉසිලිය. දැන් වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු මට්ටමක පවතී. අඟලක් පමණ කුඩා ප්‍රමාණයක් කපා දමා ඒ තුලින් ඇතුල් කරණ ලේසර් මගින් මෙය සිදුකරයි. මෙය දැන් කුඩා කැපුම් සිදුරකට සහ දවසකට දෙකකට සීමාවූ වේදණාවකට පමනක් අයිති වැඩක් වී හමාරය. සිහි නැතිකරණා විටනම් මට මොහිදීන් බෙග් මහතාට සිදුවූ දෙය සිහිපත් විය. ඔහුව නැවත සිහි ගැන්වීමට පුළුවන් වූවා නම් තවමත් ගී ගයණු ඇත. මට නම් මගේ ගීතය ගයා අවසන් කිරීමට හැකිවී ඇත.

 

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

77 Responses to අවුල් වන්නට පෙර (5)…….අතර මැද කතාවක්….

  1. Ravi says:

    අපූරුයි අරූ…අර ගුවන් විදුලි නාට්‍යය නම් ලන්දේසි දූපත…ජිල් ජෝන් සහ වැන්ද බෝනට හිටියෙ පරාක්‍රම පෙරේරා සහ කරුණාතිලක හඳුවල…මතකද ඒකෙ වැන්ද බෝන කියනව ” නෝ පොබොම්” කියල. 🙂

    අඩේ අරූ, සාමාන්‍යයෙන් වෙන්නෙ ලියනකොට මූර්ධජ ණ යන්න නොලියවෙන එක…උඹ කරන්නෙ හැම තැනටම ඒක ” ණ ” දාන එක..හෙහ්, හෙහ්, ඒකත් නරකම නෑ.

    • arugeadaviya says:

      රවී මචෝ ඔය ණ යන්න දැමෙන්නේ බයටම.ලොකු අකුරක් දාලා වැරදෙන එක හොඳයි කියලා හිතෙනවා පොඩි අකුරක් දාලා වැරදෙනවට වැඩිය.හා..හා..රවී ඔය ණ යනු භාවිතාවේ රීතිය මොකක්ද? පාවිච්චි කරන්නේ මොන තැන්වලද?

      මම හිතුවා ජිල්ජෝන් කතාව උඹ ෂුවර් එකටම හරි ගස්සයි කියලා. ස්තූතියි වැඩේට. ලන්දේසි දූපත………. උඹ දාපු ගමන් මතක් උනා. ඕක උදේ වරුවක නේද බං ගියේ?

      • Ravi says:

        මචං ..හෙන්රියා කියපු එක හරි..නිකං නයන්න දාපං හැම තැනටම.

        දැං Loan කියන එක සිංහලෙන් ලියන්නෙ ණය කියල. ඒත් ” නයක් ගත්තා ” එහෙම ලිව්වත් ඒ හැටි අවුලක් නෑ. මම මේ එහෙම හරිය කියල කියනව එහෙම නෙවෙයි හොඳද? 🙂 ඒත් දේශපාලනික වෙනුවට දේශපාලණික කියල ලිව්වම මට නම් ටිකක් විතර අවුල් වගේ. ඒ නිසා හෙන්රියගෙ උපදේසෙ හරි කියලයි මට හිතෙන්නෙ. ඔය න, ණ ල ළ යෙදෙන තැන් ගැන හොඳ ලිපියක් ලියල හිබ්බ මට මතකයි ඩී. එෆ්. කාරියකරවන මහත්තය. ඉඳපන් හොයල බලන්නං..

        ලන්දේසි දූපත හඬ නළුව ප්‍රචාරය උනේ මචං 76/77 කාලෙ. මට සහතිකයි. ඒ කාලෙම ගියා මතකද තව මරු එකක්..”හන්දියේ ගෙදර” අර රංහොටී, මිස්ටර් ඩයස්, මිසිස් ඩූලිට්ල් එහෙම හිටියෙ. තව අපූරු නාට්‍ය කීයක් තිබ්බද බං? වෙලාවක මතක් කරගෙන ලියන්ට ඕන ඒ ගැන මොනව හරි ..වචන දහයක් , දොළහක්වත් 🙂

      • @රවී…..හන්දියේ ගෙදර මර්සි, ගැමුණු එහෙම නේද හිටියේ.ඇත්තටම තව ගොඩාක් තිබුනා නේන්නම්. ලියපන්කෝ ඒ සම්බන්ධව මොකක් හරි.

    • ගිය සතියේ සමන්ගේ පොත් කොළඹදී දොරට වැඩියා. මටත් ඒකට යන්න හැකි වුණා. බොහොර රසවත් හැන්දෑවරුවක් ගෙවිලා ගියේ. ලන්දේසි දූපත සමන්ගේ සහ හදුවලගේ හවුල් රචනයක්. එහි සමන්ද හඬ කැව්වා. මාර අතීතයකට ඔබ අපට රැගෙන ගියා අරූ. සමනුත් රාජකීයයෙක් නේද අරූ.

      • ///නිවැරදිවම විස්තරය අවශ්‍යනම් මං සමන්ගේ අංකය මේල් කරන්නම් ඔබට. මට දැන් කතා කරන්න විදියක් නෑ මේ වෙලාවේ.///
        නලීන්…..මම කකාට දාපු රිප්ලයි එක බලන්න.
        මම සමන්ගේ පොත් දොරට වැඩුම ටීවී එකේ දැක්කා.

  2. Kenji @ Japan says:

    කියවන්ට පෙර අහන්නෙ දැන් බොට සුවෙයිය.

    • දැන් ෆිට් කෙන්ජියෝ!!!!

      • අසනීපෙන් උන්නද?

      • සජාන්……..අපි ඔක්කොම අසනීප කාරයෝ. හිටපු ගමන් සනීප වෙනවා. සනීප වෙච්ච ගමන් මොකක් හරි දෙයක් කරගෙන, ආපහු අසනීප වෙනවා. ලෝකයම ලෙඩ වාට්ටුවක්. තේරුම් ගනින් මම කියන්න හදන දේ. වරෙන්, කියවපන්. මම හරි ආසයි කියවන්න.

  3. අරූ,

    පොඩ්ඩක් අවුල් වගේ කාල වකවානු ලන්දේසි දුපත සම්බන්ධයෙන්.
    මං හිතන්නේ ඒ නාට්‍යය ගියේ 1977 හෝ ඉන් පසු. ඔබ කියන විදියට ඒක 1971-72 කාලේ ගියා නම් මං ඒක අහලා මතක තියෙන්න විදියක් නෑ. මං වැරදි වෙන්න පුළුවනි.

    අතාවුදහෙට්ටිත් රාජකීය විද්‍යාලයේ නේද? ඔහු සිටියේ ඔබට පෙරද පසුද?

    • කකා……..අදහසට ස්තූතියි. මට හිතෙන්නෙම 1973 ඉස්සෙල්ල කියලමයි.මොකද 1977දී මට අවුරුදු 15යි. මම ඕක ඇහුවේ ගොඩක් පුංචි කාලේ කියලා මතකයි. කකාට වැරදුනාද කියලා මට හිතෙනවා.නැත්නම් නැවත විකාශයක් ගියාද දන්නේ නැහැ 1977න් පස්සේ.
      අතාවුදහෙට්ටි අපේ ඉස්කෝලේ. අපිට වඩා ගොඩක් සීනියර්.ලන්දේසී දූපතේ හඬ කැව්වේ කරුනාතිලක හඳුවල කියලා රවී කියනවා.මම හිතන්නේ රවී හරි කියලා.

      • අපි අතරේ සමානකමුත් අසමානකමුත් තියෙන්න ඕනැනේ. ප්‍රධාන අසමානකම තමයි මට දේශපාලනය කවදත් අප්‍රිය වීම.

        උඹේ නංගිගේ කවිපෙලත් එක්ක දාලා තිබ්බේ දකුණු ඉන්දියානු ගෑණු ළමයෙකුගේ ෆෝටෝ එකක් නිසාත්, උඹේ බ්ලොග් නම අරූ නිසා ඒක අරුනාචලම් කියන ද්‍රවිඩ නමේ කෙටි කිරීමක් වෙන්න පුලුවන් නිසාත් මට මුලින් හිතුනේ උඹ සිංහල මීඩියම් ඉගෙනගත්ත ද්‍රවිඩ ජාතිකයෙක් කියලා. මම වැරදියි නේද?
        මචං, නිකං නයන්න දාපං බං.

        @කකා: අර දවසක් කාටද කිව්වා නේද ඔය සිංහල ටෙක්ස්ට් එක අලවලා හරි වැරදි (න ණ ල ළ හෙම) බලන්න පුලුවන් සයිට් එකක් ගැන. අන්න ඒක මොකක්ද?

      • @ henry
        මචං මගේ මුල් නම සිංහල. වාසගම පරංගි. කොහේ හරි කලවමක් ගිහිල්ලද දන්නේ නැහැ. සාධුලා ගහයිද දන්නේ නැහැ වාසගම පරංගි කියලා.

      • නිවැරදිවම විස්තරය අවශ්‍යනම් මං සමන්ගේ අංකය මේල් කරන්නම් ඔබට. මට දැන් කතා කරන්න විදියක් නෑ මේ වෙලාවේ.

      • ස්තුතියි කකා. අන්න ඒක තමයි.

        අරූ. ඔන්න ඔය කකා දීපු ලින්ක් එකෙන් ඔය වැඩේ කරගන්න පුලුවන්. නමුත් ඒක කම්මැලි වැඩක් නම් ඔන්න ඔහේ නිකං නයන්න, ලයන්න දාපං. ඔන්නං අර නලියා චුට්ටක් උඩ පනී. 😀

      • Anonymous says:

        ///නිවැරදිවම විස්තරය අවශ්‍යනම් මං සමන්ගේ අංකය මේල් කරන්නම් ඔබට. මට දැන් කතා කරන්න විදියක් නෑ මේ වෙලාවේ.///
        නලීන්…..මම කකාට දාපු රිප්ලයි එක බලන්න.

      • 77 දි පහළොවයි…….. මං ඉපදිලත් නැහැනෙ…

    • @ henry blogwalker
      මං බොහෝ විට මේ සුබස සේවාව භාවිතා කරනවා. බොහෝ දුරට විශ්චාසදායකයි. නමුත් හිටි ගමන් දන්නා වචනවලට මහාප්‍රාණ අකුරු දානවා!
      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      • ලන්දේසි දුපත

        ලිව්වේ සමන් සහ හඳුවල

        ලොකු චරිත
        රොන්ජන් – සමන් අතාවුද
        ජිල්ජෝන් – හඳුවල
        වැන්දබෝනා – පරාක්‍රම

        මට හරියට නම් මතක නැති වුනත් කමල් දේශප්‍රිය, අශෝක අතාවුදහෙට්ටි, පේෂලා මෙන්ඩිස්, ගීතා කාන්ති, රත්නා ලලනී වගේ අය ඉන්න ඇති!

        සමන් අතාවුදහෙට්ටි ලියපු පොතක් මා ගාව තියෙනවා. ඒකේ ආයේ බලන්න ඕනෑ.

      • මාතලන්, රවී, කකා ,හෙන් රි.!!!!!!!!!!

        ලන්දේසි දූපත………මම මේ සම්බන්ධව ගුවන් විදුලියට අති මහත් සේවයක් ඉටුකල ජ්‍යේෂ්ඨ මාධ්‍ය වරයෙක් වන අශෝක තිලකරත්න මහතාගෙන් දුරකතනයෙන් විමසුවා. ඒ කටහඬ නම් ඒ වගේම තාම මධුරයි. ගාම්භීරයි.මගේ ප්‍රශ්ණයට පිලිතුර සමන් ආතාවුදහෙට්ටි මහතාගෙන් ස්ථිර කර මට මෙසේ කීවා.

        විකාශය……..1974 සිට 1980

        පිටපත් රචණය……මුල් මාස හතර සමන් ආතවුදහෙට්ටි මහතා. පසුව කරුණාතිලක හඳුවල මහතා සමග එක්වී.

        බලපල්ලා අවුරුදු හයක් මේ නාට්‍ය විකාශය වෙලා තියෙනවා.

      • තිස්ස says:

        ලන්දේසි දූපත —– ටික කාලයක් ගියාට පස්සේ ඔය නාට්‍යයට එකතු වුණා අලුත් චරිතයක්. ඒ තමයි “සිරිනා කැලෑගොඩ”. එයා කාර්මිකයෙක්. එයා එන්නේ මොකද්ද යන්ත්‍රයක් අලුත්වැඩියා කරන්න. එයාගේ නම ගම ආදිය ජිල්ජෝන් සින්දුවක ආකාරයෙන් කියන්නේ මෙහෙමයි:

        සිරිනා කැළෑගොඩ…. පාගොඩ….. නුගේගොඩ

  4. කියවා රසවිඳිමි ,මේ පිලිබඳ සංවාදයකට පැටලෙන්නට මේ ගැන මගේ අත්දැකීම් නැති වීම ගැන දුක් වෙමි. සුන්දර ,කර්කශ,සංවේදී , ත්‍රාසජනක, ….මෙකී නොකී හැම මානුෂීය හැගීමක්ම කැටිවුණු මේ කතාන්දරය අසා සිටිමි. ස්තුතියි අරූ

  5. maathalan says:

    ඔය තියෙන්නේ අපූරුවට. ඉක්මනටම සනීප උන එක ගැන බොහෝම සතුටුයි. සල්ලි තියෙනවනම් දැන් ලෙඩත් ලෙඩ නෙමෙයි. කතා කියනවා වගේ “ලන්දේසී දූපත” ගියපු කාලේ මට හොඳට මතකයි. ඒ කියන්නේ 72 ට ඉස්සෙල්ලා වෙන්න බෑ. එහමනම් අපි අහලා තියෙන්නේ නැවත විකාෂයක්.

    ඉස්සර අතාඋදහෙට්ටිලට අපි කිව්වේ අතාහුත්ති කියලා. උඹලයි පන්තිය මාර පන්තියක් නේ. කොහොමත් ඉතින් ඕකේ ඉන්න තරමක් ඉන්නේ බ්‍රයිටෝ නේ. පිස්සු කෙලල අජ්ජාපනේ කඩා ගත්තොත් ඇර. ප්‍රයිමරි එකේ ඉඳන් එන උන් අතර නම් නම්බර් වන් මැට්ටෝත් ඉන්නවා.

    ජෙප්පො පළවෙනි කැරැල්ලෙන් පාඩමක් ඉගෙන නොගෙන, දෙවන කැරැල්ලකටත් ගිය එක තරම් මෝඩ කමක් තවත් නෑ. විමල් වීරවංශ පොතේ කිව්වා වගේ. ජෙප්පො සිරි ලංකා පාටියට රිංග ගත්තා නම්. අද සමහර විට ජෙප්පො සෑහෙන තත්වෙක ඉන්නවා විතරක් නෙමෙයි උන්ට බලය ලබා ගන්නත් තිබුනා. ඒ අතින් නම් අනිත් උන් අම්බ මෝඩයෝ. උන් සිරි ලංකා එකෙන් ඉල්ලපු වෙලාවේ වැඩිම මනාප ගත්තෙ උන්. ඊසී පිට සිරි ලංකා එක ග්‍රහනය කර ගන්න තිබුනා… ඒකයි මහින්ද මහත්තයා ඕකුන්ට් එච්චර මනාප නැත්තේ…

    • maathalan says:

      ඔය ලන්දේසී දූපත ගියපු කාලේ තමයි, කරවල වාඩි වලට ළමයි උස්සගෙන ගියපු කාලේ..

    • ////ජෙප්පො පළවෙනි කැරැල්ලෙන් පාඩමක් ඉගෙන නොගෙන, දෙවන කැරැල්ලකටත් ගිය එක තරම් මෝඩ කමක් තවත් නෑ//// එකගයි.

      කොහොමත් ඒ කාලේ නිදහස් පක්ෂේ බලය දියාරු වෙලා තිබ්බේ. ඒත් ජෙවිපෙට තමන්ගේ අනන්‍යතාවය ශ්‍රී.ල.නි.පය ඇතුලේ ගොඩනගා ගන්න බැරි උනා. ඒ පිබිදීම මහින්ඳ මහත්තය තමන් වෙත හරවගත්තා ශුක්ෂම ලෙස. පෙරටුගාමියෝ පස්සේ චෝදනාකලෙත් ඔය කාරනාවට.මට හිතෙන්නේ ජවිපෙ සන්ධාන ගත නොවී හිටියනම් අද ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය වන්නට තිබුනා. එහෙනම් දියාරු වෙන්නේ එජාපය. විමල් හිතපු දේත් අද කරගන්න බැරි වෙලා තියෙනවනේ. එයත් ශ්‍රී.ල.නි.පයට අවශෝෂණය වෙලා ගිහින් ඉවරයි. සන්දානෙන් පැන්නොත් කුජීත වෙනවා

      • maathalan says:

        ඒ උනාට ඌ පක්ෂ නායකයෙක්.. ඌ ඉන්න තත්වෙට ඕන ආන්ඩුවක ඌට තැනක් තියෙනවා… ඌ හමයි ජේ වී පී එකේ හිටපු හොඳම මොළ කාරයා.. ඒත් උපාධියක්වත් නෑ….

      • @මොරා…….ජවිපේ කරපු ලොකුම වැරැද්ද කියලා මට හිතෙන්නේ සංධාණගත වීම. පරිවාස ආන්ඩුව පවා වැරදී තීරණයක් කියලා මට පසුව හිතුනා. අවසානයේ යුඇන්පිය සමගත් මැතිවරන වේදිකාවේ එකට හිඳගත් ජවිපෙට, දැන් සටන් විරෝධතාවලදී පමනක් පංති විෂමතාවය මතක් වෙලා. එදා ඡන්ද සටනෙදි යුඇන්පිය හොඳයි. දැන් අරගලයේදි නරකයි.කොහෙද හිරවෙලා ඉන්නේ?

      • @ මාතලන් විමල්ට තියෙන්නේ කපටි(ජිල්මාට්) මොළය.හරියටම කියනවනම් marketing මොළයක්.විමල්ලටවත් චම්පිකලටවත් ඒ තිබ්බ චන්ද පදනම තාම තියෙනවා කියල හිතන්න අමාරුයි. අර කරවල වාඩි සීන් එක ඒ දවස්වල ඇත්තටම වුනාද ? ඔය වගේ කතා ලියවිච්ච පොත් දෙක තුනක්ම කියවල තියෙනවා. 🙂

        @ අරු ඔබ කිව්වත් වගේ ඒ කාලේ ඔයවගේ තීරණ පස්සේ ජවිපෙට අවාසිදායක ලෙස බලපෑව ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ අනන්‍යතාවය රැකගන්න එක හරි වටිනවා (මිනිස්සුන්ට උනත් එහෙමයි) මීට කලිනුත් වමේ පක්ෂ දියවුනේ බහුජන ප්‍රගතශීලී පක්ෂ එක්ක ගහපු සන්ධාන නිසා.ජවිපෙ බහුජන බලවේගයි සමාජවාදී බලවේගයි දෙකම එකවර නඩත්තු කරන්න ගිහින් තමයි ඔය හිරවෙලා ඉන්නේ.

    • @මාතලන්…….රාජකීය බ්ලොගාලා තව ඉන්නවාද?මට එකෙක් හම්බ්වුනා Pinch Point.ලියන කෙනා.අපේ පංතියේ හිටපු එවුන් නම් හෙන බ්‍රයිටෝ තමයි මචං.ඔය සමන්ලාගේ කාලෙම හිටියා කීර්ති බංඩාර කියලා තවත් කලාවට දක්ෂයෙක්. අපිට වඩා සීනියර්.

      • @ මාතලන්……විමලයගේ එදා මොලේ තිබුනේ කටේ.දැන් තියෙන්නේ පුකේ.ක්‍රමයෙන් පහලට ගලායන ගතියක් තමයි පේන්නේ.

      • maathalan says:

        අපොයි ගොඩක් ඉන්නවා.. ඔය ඩී පී ගේ කඩලෙගෙ පෝස්ට් වල කොමෙන්ට් දාලා තියෙන්නේ.. “ටැබූත්” අපේ එකෙක්.. ගූගල් සර්ච් එකේ ඉන්ගිරිසියෙන් “කඩලෙ + මාතලන්” කියලා ගැහුවම මගේ පොස්ට් එක එනවා…

  6. රාජ් says:

    71 කැරැල්ල ඉතිහාසයේ එක සංධිස්ථානයක්. වැරදුනු තැන් බොහොමයි. නමුත් ඒක ඊට පසු ලංකාවෙ හැඩය වෙනස් කිරීමට බලපෑව නේද?

    අවසක් අම්ම කියනව මම අහගෙන, කැරලිකරුවන් පාපොච්චාරණය කරන විට ගුවන්විදුලියෙ එ්ක කියන්නෙ මැතිවරණ ප්‍රතිපල කියනව වගේලු. “මෙන්න තවත් ත්‍රස්තවාදියෙක්……” විදියට.

    ෆිට් වීම ගැන බොහොම සතුටුයි.

    • රාජ්…අපේ රටේ දකුණේ දේශපාලන හැඩතලය වෙනස්වුනු විශේෂ තැනක් හැටියට තමයි 71 ගැන මම හිතන්නේ. එදා තරුනයින් ඒ ගැන සැලකිලිමත් නොවුනාට පස්සේ පස්සේ ඒ ගැන කතිකාව වර්ධණය වුනා. ඒකනේ තුන්වැනි බලවේගය දක්වා විශාල වුනේ. වැරදි බොහොමයයි.ඒක ඔවුන්ට පිලිගන්න වෙනවා.71 පස්සේ හැම දේශපාලන පක්ෂයකටම තරුන ප්‍රශ්ණ, තරුණ ආකල්ප යන ජවිපෙ විසින් ඔසවා තැබූ මාතෘකාවලින් පිට පැන වැඩ කිරීමට නොහැකි උනා. පාලකයින් ඒවා කතාවට සීමා කිරීම වෙනම දෙයක්.නමුත් 71 තුලින් මතු කල මාතෘකා ,දකුණු ආසියාවේ අන් රටවලට වඩා අපේ රටේ අවධානයට යොමු උනා කියලා මම හිතනවා.උඹලා මොකද කියන්නේ?

  7. Mayya says:

    බොහොම රසබර අතීතයක් අරූට තියෙනවා….මට පැහැදිලිවම කියන්න පුලුවන් ඔය කාලේ මම මං තාත්තගේ දණිස්සෙවත් නොහිටිය බව..:)

    • මයියෝ…..ගොඩවෙලා යන්න වරෙන්. උඹලාට මතක ඇති කාලය එනකොට අදහස් එකතු කරපන්.

  8. Kenji @ Japan says:

    බැලුවම අපි දෙන්නගෙ වයස කිලෝමීටර් 1ක් වගේ පොඩි දුරක්නෙ..
    මට නම් ඔය විප්ලව කාරයන්ගෙ මගුල් ගැන වගේ වගක් නැහැ.
    හැබැයි සීනි රාත්තල ශත 72 කේ ඉදල තවත් භාණ්ඩය වල මිල වැඩි වීමට හේතුව සහ ලංකාවට මේ දැන් තියෙන වින්නැහිය ඔය කැරැල්ල නිසා තමා උනේ කියල මගේ පියතුමා කස්ටිය එක්ක කියනව ඇහිල තියෙනව.
    ඕවල ඇත්ත නැත්ත ඒ දවස්වල හොයන්න ගියේ නැහැ.
    මොකද මන්ද……
    මගෙ ඒ දවස්වල ඔළුවට ගහල තිබුන 16 +..ර මාන්දමද මන්ද…..?

    • maathalan says:

      උඹට පොඩි කාළේ ඉඳන් ආම වාතේ තීලා තියෙනවා…. මොකෝ මටත් තිබුනා ඒ ලෙඩේ…

      • Kenji @ Japan says:

        හෙහ්..හෙහ්… ඒකද ඒ ලෙඩේට කියන නම?
        Thanks ලොක්ක.!

    • කෙන්ජි කිලෝමීටර් එකක් කියන්නේ දුරක්ද බං නේද?ශත 72 සීනි වගේම හාල් පොත්,සමුපකාර කාඩ් එක,රතු සීනි, බූමිතෙල් චීත්ත,පාන් පෝලිම්, හාල් පොලු, කුකුලන්ට ලක්ස්ප්‍රේ, තානායම් වල පත්වීම් වගේ ඒවත් තිබුනා.ලියපන්කො ඒ ගැනත්.** මාන්දම සැප රෝගයක්නේ බන්.

  9. deshakaya says:

    රහ ගලන අතීතයක්.. මේක මේ විදියට එළියට දාන එකත් ලොකු දෙයක් අරූ..

  10. 71 කෙසේ වෙතත් කිසිම දවසක අපේ මිනිස්සු විප්ලවයකට ලෑස්තිවෙලා හිටියේ නෑ තරුණ පිරිස් ඇරෙන්න.අපේ මිනිස්සු ලැබෙන දේ සතුටින් බාර අරගෙන ජීවත් වෙන්න පුරුදු උන අහිංසක මිනිස්සු ජාතියක්.කැරලි කරුවන්ටත් ගොඩක් අවස්ථාවල වැරදුනේ එතන.( LTTE එක මෙතරම් දිගුකාලීනව සාර්ථක වන්නට හේතුව ජාතික විමුක්ති අරගලයක් ලෙස දමිළ ප්‍රජාව තුල මුල් බැසගැනීම.)ප්‍රශ්නේ තියෙන්නේ ඒ හොඳ ගතිය කපටි දේශපාලකයෝ අයුතු ලෙස භාවිතා කිරීම.
    72 දී උන සිදුවීම් අතර ශ්‍රී ලංකාව පුර්ණ නිදහස ගැනීමට අමතරව මැතිනිය කරන්න හදපු ඇතැම් සමාජ ප්‍රතිසංස්කරන එච්චර සාර්ථක උනේ නැහැ. මට පෙනෙන දෙය නම් නිදහසෙන් පසු කිසිම රජයකටවත් කැරලිකාර කන්ඩායමකටවත් ලංකාවට අනන්‍ය සමාජ ආර්ථික දේශපාලන මොඩල් එකක් හදාගන්න බැරි උනා. අදටත් අපි අසාර්ථක ඒකයි.
    *** ලෝකේ අසතුටෙන්ම ජීවත්වන මිනිස්සු ඉන්න රටක්ලුනේ අපි 🙂

    බොහොම සතුටුයි සුව වුනාට.. මේ හැරෙන තැපෑලෙන් තව පොස්ට් එකකුත් දාල තියෙන්නේ…! ! ! 🙂

    • raigam says:

      මචං, ඔය කැරළි වලින් තියා, කඩේ තියන තළ කැරලි වලින් වත් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඒවායින් වැඩක් නැහැ, ඔය ලන්දේසි දූපත ඇද්දා වැඩියි. ඕක ගියේ සිකුරාදා හවස් ජාමයේ නේද? මට මතක හැටියට පරාක්‍රම හඬ දුන්න වැන්දබෝනා තමයි, ඇත්තටම ලොක්ක. එය අවසානය දක්වා රහසක් වුනා අහපු හැමටම.

      • @ රයිගම්……තළ කැරලි කිව්වාම ජිනදාස, සිරිල් මතක් උනා. මචං ජිල්ජෝනලගේ යුගය ගැන පොඩි පරස්පරයක් ආපු නිසා මේ ගැන හොයලා බැලුවා. කකාට දාපු රිප්ලයි එක බලපන්. අපිට අමතක උනාට අවුරුදු හයක් මේක ඇදගෙන ගිහිල්ලා තියෙනවා.ඒ කියන්නේ රයිගම් හයේ පංතියේ කොලුවා ඒ ලෙවල් කරනකම් වගේනේ නේද?

    • හරියටම හරි මොරා.

  11. helapayaa says:

    ලන්දේසි දූපත අපි ඒ කාලෙ ආසාවෙන් නොවරදවම අහපු කතාවක් නොවැ…අරූ අපිව ඒ රසවත් අතීතයට ආපහු ගෙනයනව ඔබේ පෝස්ටුවෙන්,ඉක්මන් සුවය ලැබීම ගැන හරිම සතුටුයි.

    • අනේ ඔව් හැලප්ස්….මොනවා නැති උනත් රේඩියෝවට සෙට් වෙනවනේ. අර රවී මතක් කලාවගේ තව ගොඩාක් තිබුණා. ඒ වගේම හොඳ සංගීත වැඩසටහන්, ප්‍රශ්ණ විචාරාත්මක වැඩ සටහන් මතකයි. ලමයින්ට දැනුත් ඕන පදම් වැඩසටහන් නම් තියෙනවා හැබැයි හොද ඒවා තමයි නැත්තේ. මතක් වුනත් හැලපයක් අස්සේ ඔතලා දාපන්.

  12. මම එවකට කොච්චර පුංචි එකෙක් වුනත් ලන්දේසි දූපත හොඳට මතකයි.(මම ’69 ඩයල් එකක්) 🙂

    ඕකෙ තිබුණ එක කොටසක, ජිල් ජෝනයි – වැන්දබෝනයි බිත්තර බදින්න ගිහින් වෙච්ච අකරතැබ්බයක්…

    “බිත්තරනම් නෑ පෙනෙන්නේ
    පිච්චෙන ගඳමයි දැනෙන්නේ..//
    එදා බැදපු බිත්තර
    මෙදා අඟුරු බිත්තර
    මතක් වුනත් හිතට දුක දැනේ….”

    ලුණු – ගොරක… ලුණු….(ඔව් ඒක ආවෙත් ලන්දේසි දූපතෙන්) …:D

    • සුමිත් මචෝ උඹත් එච්චරම තරුණ එකෙක් නෙමෙයි එහෙනම්. ඔය ලුණු- ගොරක-ලුණු නැගලා ගියා ඒ කාලේ. අපි ඒ කාලේ ඕවා කිය කිය සෙල්ලම් කරා.දිගටම කියවපන්.

  13. http://manogeloka.blogspot.com/ says:

    මුල් කොටස් ටික මග ඇරිලානේ.
    එවාත් බලාගෙනම වාර්තා කරන්නම්.

  14. //තාත්තාගේ අදහස නම් 71 විප්ලවය යනු, කිසිවිටෙක හෝ සිදුනොවිය යුතු , ඒ සඳහා අනිවාර්ය විය යුතු දේශපාලණික හෝ ආර්ථිකමය පරිසරයක් ගොඩ නැගී නොතිබු අවධියක, අඩු වයසෙන් බිහිකිරීමට හැදු දරුවකුගේ අවාසනාවන්ත මරණයක් බව//
    මේ හැඳින්වීම හරිම ලස්සනයි.මම කීපදෙනෙකුගෙන් අහගත්තු කතාන්දර කීපයක් තියෙනවා ඔය කැ‍රැල්ල ගැන.පරණ චිත්‍රපටියක් වගේ.
    මේක ඇත්තටම,අතීතයේ සැබෑවටම සිටි මිනිසුන් ඒගැන කරන ආවර්ජනයක්……..සමහර වෙලාවට කියවන්නවත් බැරි කමෙන්ට් ලියන අයටත්,බොරු පුරාජේරු ලියන අයටත් මේක හොඳ ආදර්ශයක් වේවි.

    • ඒන්ජල්……බොහොම ස්තූතියි. මට වඩා ඔබේ බ්ලොගය තුලින් ලොකු මෙහෙවරක් කරනවා.ඒ වැඩේ හරිම ඉහලයි.

  15. මාර අතීතයක්නේ අරූ… මම නං ඔය කියන කාලේ කලින් ආත්මේ ඉන්ට ඇත්තේ.. හෙහ්..

    • චින්තක……උඹලගේ ආත්මේ ඒවා තව ඉස්සරහට. ගලා ගලා යයි- ටිකක් වෙලා යයි කිව්වලු. උඹද කොල්ලෝ CSK?

  16. Manoj Fernando says:

    බොහොම ලස්සනයි අරූ.
    (අරූ කියන්නත් මොකක්ද වාගේ.අපේ තාත්තාලාගේ සම වයසේ වාගේ අංකල්ලාට….:D )
    මගහැරුණ ටිකත් කියවන් අවා.ස්වයං චරිත ප්‍රදාන කියවන්න ආස කැටගරියක්.

  17. මගේ නිවාඩු කාලයේ බ්ලොග් නොකියවීම මත කොයි තරම් නම් වටිනා බ්ලොග් මිස් වේඅද කියලා තේරුනේ මේකේ එකම එක සටහනක් කියෙව්වම.
    බලාගෙන ගියාම නාකි සෙට් එකම මේකෙනේ දැන්.
    ඔන්න මාත් අත උස්සලා ඉන්නේ කවුරුවත් කියන්න කලින් හරි? :ඪ්
    අයියෝ මේ කියන කතාව අපි දන්නේ නෑ නේ. ඇහුවා නම් මට අමතක වෙලා තියෙන්න බෑ. මට මතකයි මුවන් පැලැස්ස හරි මොකක් හරි නම් අහනවා අපි පොඩි කාලේ. අපි අහනවාටත් වඩා කලේ අනිත් අය අහන හින්දා සද්ද නොකර හොඳ ළමයි වෙලා හිටි එක වෙන්න ඕනේ.

    • නාකි සෙට් එකම මෙතන කිව්වාම හිනාත් ගියා බං. ඉස්සරනම් නාට්ටි අහනකොට සද්ද බද්ද තහනම් තමයි. දැන්නම් ටීවී නාට්ටි බලනකොට ගිරියෙන් කෑගැහුවත් කමක් නැහැ. ඔහේ බලන් ඉන්න විතරයිනේ තියෙන්නේ.

      බූරු බබෝ උඹමද IL MONDO?

  18. ඔබතුමාට දැන් සනීපද….

    • අනේද කියන්නේ දරුවෝ දවසින් දෙකෙන් වැඩේ ගොඩ. ගෙදරින් හුරතල් වෙන්න ඕන නිසා තාමත් අමාරුයි කියලා ඇඳන්ගත වෙලා ඉන්නවා.

  19. ඔබේ අඩවිය පුරාම ඇවිද්දා. නියමයි. ඇත්තට ම ලස්සනයි. ඔබ නිර්මාණශීලී චින්තනයක් අකුරැ කරන බව නම් මනාව පේනවා. ඔබේ නිර්මාණ ජීවිතයට සුභ පතනවා. ඉදිරියටත් එන්නම්.

    කුරැටු ගෑ ගී පවුරේ අපි

  20. ඉතිහාස කතාවකයි……අතීත කතාවකයි වෙනස මොකක්ද?
    ඉතිහාස කතාවකට නිශ්චිත සාදක ඕනෙ… ඒත් අතීත කතාවකට එහෙම නැහැ… හැගීම්, දැනීම්, මතකයන් එක් කරන්න පුලුවන්… නිදහස්… එහෙමද?
    මේ කතන්දර ඔක්කොම බලද්දි හිතුණ දෙයක්….

    සුවපත්ව නැවත ලියන්නට වීම සතුටක්…. නිතර කමෙන්ට්ස් නොදැම්මත් මේ ලිපිමාලාව බොහොම කැමැත්තෙන් බලනවා මම……

    • ////ඉතිහාස කතාවකයි……අතීත කතාවකයි වෙනස මොකක්ද?
      ඉතිහාස කතාවකට නිශ්චිත සාදක ඕනෙ… ඒත් අතීත කතාවකට එහෙම නැහැ… හැගීම්, දැනීම්, මතකයන් එක් කරන්න පුලුවන්… නිදහස්… එහෙමද?
      මේ කතන්දර ඔක්කොම බලද්දි හිතුණ දෙයක්….////

      මාත් හිතන් ඉන්නේ එහෙමයි තරු…….ස්වයංචරිතාපදාන ලියනකොට මොකක් හරි ලේඛණ රීතියක් තියෙනවාද? දන්නේ නැති නිසා අහන්නේ.

  21. තිස්ස says:

    රාජකීය/තර්ස්ටන් ඩබල් ඩෙකර් පාසල් බසයේ අංකය මතකද? —- 23 ශ්‍රී 2177

    • නියමයිනේ. මට මතකයක් නැහැ. තිස්සත් ආදී රාජකීයයෙක් බව දැන් තේරෙනවා. මට වඩා බාලයිද?

      • තිස්ස says:

        ඔව්, බාල යි.

        ඔය බස් එකේ මාටින් නම් වූ ශ්‍රවණාබාධිත කොන්දොස්තරවරයෙක් හිටියා මතක ද? ඔහු එකක් පැළඳ ගෙන ඉන්නවා සමහර විට. ඒ කාලේ ඩබල් ඩෙකර්වල කොන්දොස්තරවරු දෙදෙනෙක් ඉන්නවා. මේ බස් එකේ හිටපු අනිත් කොන්දොස්තර නිතරම කොට කලිසමක් ඇඳගෙන යි හිටියේ. මාටින් කොන්දොස්තර අඳින්නේ සුදු සරමත්, ඒ කාලේ කොන්දොස්තර නිල ඇඳුම වන කාකි කෝට් එකත්. හැබැයි මේ කොන්දොස්තරවරු දෙන්න තරහ යි. ඒත් එකට රාජකාරි කරන්න යි වෙලා තිබුණේ. ඒ නිසා මාටින් නිතරම උඩ තට්ටුවට වෙලා ඉන්නවා.

      • තිස්ස says:

        සමාවන්න —-> “ඔහු hearing aid එකක් පැළඳ ගෙන ඉන්නවා සමහර විට”

      • දෙන්නට දෙන්නා කතා නොකරන ඩබල මට දැන් යාන්තම් මතකයි. කොට කලිසම් කෙනා බොකුටු කොන්ඩේ උඩට පීරාගෙන හිටි බවත් මතකයි.

      • තිස්ස says:

        කොට කලිසම් කොන්දොස්තර උඩට තමයි කොණ්ඩේ පීරුවේ… හැබැයි කොණ්ඩේ බොකුටු නම් නැහැ. එයාගේ අතේ තිබුනේ ලී පටියේ රඳවපු ටිකට්. මාටින් අතේ තිබුණේ ඇලුමිනියම් වලින් හදපු රොටරි ටිකට් මැෂින් එකක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s