අවුල් වන්නට පෙර (7)….ඉහළ තල්දූව

         කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය.

      මගේ ජීවිතේ මහා කුනාටුවක පෙර නිමිති පහලවන බැව් මට දැනගන්නට පටන් ගන්නේ ගෙදර තුල ඇතිවූ කතාබස් තුලින්මය. තාත්තා දැන් පදිංචිවී සිටින්නේ ඉහළ තල්දූවේය. රැකියාව අවිස්සාවේල්ල නගරයේය. රාජකීය විදුහලේ ඉගෙණීම ආරම්භකර ටික කාලයක් ගතවන විට පවුලේ සියල්ලන්ම ඉහල තල්දූවට සංක්‍රමණය විය යුතු යැයි තාත්තාගේ අදහසවී ඇත. ඒ පලාතේ සිට කොළඹ පාසැල් ඒම පහසු කටයුත්තක් නොවන නිසා මා කොහේ හෝ නැවතිය යුතුය. මෙය ආච්චීටනම් ඉවසුම් නොදෙන වැඩක් බව දැනගතිමි. කෙසේ හෝ එක් පාසැල් නිවාඩු කාලයකදී ගෙවල් කුලියටදී ඉහල තල්දූවට යෑමට සියල්ලන්ටම සිදුවිය. මේ වනවිට අප පවුලේ හතරවැනියා වූ මල්ලීට පැපොල රෝගය වැලඳුණි. එයින් පසු පස්වැනියා වූ මුලින් කියු අහිංසකාවියටද රෝගය බෝවී තිබුනි.

   අන් අයටද රෝගය බෝවීම වැලැක්වීම සඳහා ඔවුන්ගෙන් වෙන්කර තැබුවද, නංගී රෝගාතුරවීම මට බොහෝ රිදුම් දෙන්නක් විය.මම  එදාත් අදත් හෙටටත් ඇයට බෙහෙවින්ම ආදරය කරන්නෙමි. මට කාටත් හොරෙන් ඇය හුරතල් කිරීමටත්, වඩා ගැනීමටත් අවශ්‍ය විය. එය එලෙසින්ම සිදුවිය. මටද පැපොල රෝගය වැලඳුණි. මේ නිසා ගෙවල් හැරයාම තව කාලයකට දිග් ගැසුනි. අසනීප තත්වයන් මත මෙය කල්දැමුවා මිස, කෙසේ හෝ අප යායුතු බව ඒකාන්තය.

          ඊලඟ පාසැල් නිවාඩුවේ ලොරි දෙකකින් බඩු පටවාගත් අප ඉහල තල්දූවේ පදිංචියට යාමට පිටත්වුනි. මෙය අප සියලු දෙනාගේම ජීවිතවලට තාත්තා විසින් බලෙන් පැටවූ අභාග්‍යයක් යැයි මම සිතමි. මෙයට ක්‍රියාවෙන් විරෝධය පෑවේ ගෙදර හුරතලයට හැදුනු බළල් පැටවා පමණි. යන්නට සුදානම්වී වැඩ කටයුතු අහවර වූ එක් සැණින් මූ අතුරුදහන් විය. කොහේ ගියා දැයි දන්නේ ඌම පමණි. පිටත්වීමට මොහොතකට පෙර පවා, නෑදෑයින් සහ අසල්වැසියන්ගෙන් තාත්තාට ලැබුනේ සුභ පැතුම් නොව දෝස්මුරයන්ය.  ඔවුන් අපගේ පවුලේ අයට මහත් ලෙන්ගතුවූ නිසාමය. මගේ සම වයසේ කුඩා මිතුරෙකු ලොරියට ගලකින් ගැසූ බවද මතකය. මට අවශ්‍යවූයේ බඩු පැටවූ ලොරියේ පිටුපස ගමන් කිරීමටය. අම්මාගේ බලවත් අකැමැත්තෙන් වුවද ඒ අවශ්‍යතාවය ඉටුවූ අතර අප ඉහල තල්දූවේ පදිංචියට පිටමන් විය. කවදාවත් කේන්ති ගොස් සිටුනු දැක නොමැති ආච්චී පෙන්වූ සැර පරුෂ ස්වභාවය අදටත් මතකය. එය සාධාරණය. මේ අතහැර යන්නේ ඔවුන් උපන්, හදුනු  වැඩුනු ගෙවල් දොරවල් සහ ගම්බිම්ය. මේ නම් සිදුවන්නේ වෙන කිසිම දෙයක් නොව තාත්තාගේ තවත් තකතීරු වැඩ පිලිවෙලක එක් අංගයක් බව පසුව වටහා ගතිමි. ටික කාලයකට පසුව අම්මාගේ මල්ලීද සමග එක්වී මෙතරම් වටිනා දේපල කුණුකොල්ලට විකුණා අහවර කරේය. තාත්තාගේ මව් පාර්ශවයෙන් හිමිව තිබු වැල්ලවත්තේ පාමංකඩ ඉතා සුවිසල් නිවසකටද එම ආනිසංසයම සිදුකල බව මේ නාස්තිකාර පුත්‍රයාගේ තාත්තා මට කියා ඇත. ඔවුන් ගැන මම පසුව ලියමි. මොනවා සිදුවූවත් අපේ තාත්තා ඉතා අවංක, සුන්දර මනුස්සයෙක් බව නම් නොකියා සිටිය නොහැක.

       අප පදිංචියට ගිය ඉහල තල්දූව නිවස පිහිටියේ මහපාරට යාබදව තරමක් උස් බිම් කඩකය. ඉදිරියෙන් වෙල් යායද, ටික දුරක් ඇවිද ගිය විට පිටුපසින් සීතාවක ගඟද, එක් අතකින් මහ පාරට යටින් ගලා යන කුඩා ඇලද, අනික් පසින් කඩ දෙක තුනකින් සමන්විත කඩමංඩියද විය. අර්ධ නාගරීක ජීවිතයකට හුරුවී සිටි අපට මෙය නැවුම් අත්දැකීමක් විය. පාසල් නිවාඩු කාලය නිසාත්, ඉක්මනින්ම මිතුරු ඇසුරට එක්වීමේ සහජ දක්ෂතාවයත් නිසා මට සම වයසේ මිතුරන්ගෙන් ඒ ප්‍රදේශයේද හිඟයක් නොවීය. ඔවුන්ගේ මුහුණු මතකයේ ඇතිමුත් නමින් මතකය ඇත්තේ, අප අසලම නිවසක වාසය කල ඇලෝසියස් නම් ලංගමයේ සේවය කල බස් කොන්දොස්තර මහතාගේ පුත් ලාල් පමණය.

       සොල්දර තට්ටුවක්, කාමර තුනක් සහ විශාල කුස්සියකින් සමන්විත මේ නිවස ප්‍රමාණයෙන් අපේ මුල් නිවස හා සමාණය. නමුත් මේ කිසිවක් කාටවත් සතුටක් ගෙන නොදුන්නේ පැමිණි මොහොතේ සිට ආච්චී දැක්වූ ප්‍රතිචාර නිසාමය. ඇය වාඩිගත් තැනම වාඩිවී සිටියේ ඇයගේ රණ් ආභරණ බහා තිබූ කුඩා පෙට්ටියද ලංකර ගෙන තදබල කෝපයෙනි. තාත්තාගේ ගංගොඩවිල යහළුවන් බඩු පටවා ගැනීමට උදව් වුවා සේම මෙහෙන් බඩු බාගැනීමට තාත්තාගේ අවට යහළුවන් කංඩායමක්ද පැමින සිටී. ඔවුන් ගොවිතැන් බතක් කරන, කුලී වැඩක් කර මුදලක් සොයාගන්නා ග්‍රාමීය මිනිසුන්ය. අපේ තාත්තාගේ මිතුරු ඇසුරේ සීමා මායිම් නොවීය. ආච්චී පැවසුයේ එක් දෙයක් විතරමය. ඔය ලෑස්ති කරගෙන ඉන්නේ තවත් බේබද්දෝ රැලක් යන වග පමණි. එය ඔවුනට නෑසුනා විය හැක. නමුත් ඇය නිවැරදිය.

   ඉහල තල්දූවට පැමිනෙන ගමනේදී තාත්තා අවිස්සාවේල්ලෙන් බැස්සේ තවත් අඩුම කුඩුම මිලදී ගැනීමට විය යුතුය. ඒ උදව්වට පැමිණි යහළුවන්ට සංග්‍රාහ කිරීමට බව පෙනේ. නැවත ඔහු පැමිණෙන තෙක් උදව්වට පැමිණි අයත් අසල්වැසීයෝත් අපට මහත් ඇළුම් කලේ අපේ අම්මාගේ නිවුනු ගති පැවතුම් නිසාත්, අප කොළඹ උදවිය නිසාත් බව හිතමි. කෙසේ නමුත් ගම්වල අය ආගන්තුක සංග්‍රහයට බොහෝ උනන්දු අය බව කවුරුත් දන්නා කරුණකි. එක් කාමරයක් අගුළු දමා තිබු නිසා එය ඇරගැනීමට අම්මාට යතුරක් නොතිබූ නිසා ඉදිරිපත් වූයේ තාත්තාගේ අලුත් යහළුවෙක්ය. ඒ කාමරයට යතුරක් ඔහු සතුව තිබුණි. දොර ඇරුනු සැනින් මා දුටුවේ පැත්තකට කර තිබූ හිස් බෝතල් සහ සිගරට් කොට සහිත භාජනත් සමගින් පිරි ඩෙඟා මඩුවකි. ආච්චී දැක්කොත් කෑගසාවි යැයි කියා අම්මා ඉක්මණින් එය අගුළු දැමුවේ තාත්තාටම අස්කරන්නට ඉඩහරිමින්මය.

        ඉහල තල්දූව හෙවත් තැඹිලියාන මනරම් ග්‍රාමයකි. කඩ මංඩිය සමන්විත වූයේ කුඩා තේ කඩ දෙකකින් සහ එක පුටුවක් සහිත බාබර් සාප්පුවෙන්ය. බස් නවත්තන්නෙත් ඔතනමය. හුලං විස්කෝතු, විස්කිරිඤ්ඤා,සව්බොරවා පිරවු විශාල වීදුරු බෝතල්ද,එල්ලූ කෙසෙල් කැණ්ද, හැලප, වන්ඩු ආප්ප තිබූ සෝකේස්ද, අඟුරු දැමූ තේ බොයිලේරුවද කඩ දෙකේම දක්නට ලැබුන පොදු දසුන්ය. ඒ කඩ දෙක මැදින් ඇති කුඩා පටු වැලි පාරේ ඇතුලට යනවිට තැනින් තැන පිහිටා තිබූ ගෙවල් කීපයකට පසු හමුවන්නේ ඒ සුන්දර සීතාවක ගංගාවයි. ගමේ මිනිසුන් නෑමට ,රෙදි සෝදා ගැනීමට භාවිතා කලේ සීතාවක ගඟය.

     ගඟේ රෙදි සේදීම අම්මාටත්, ඉන්ද්‍රක්කාටත් හුරු නැති නිසාත්, තාත්තාගේ සුදු කමිස කලිසම් බොර පැහැ ගැන්වෙන නිසාත් එම රෙදි පමනක් ටික දුරක් යනවිට හමුවන හේනේ මාමා සහ රෙදි නැන්දාගේ ගෙදරට ගෙන යා යුතුය. මම මේ ගමනට ඉතා කැමතිය. මගදී හමුවන එක් පංසලක් ඇත. එවකටත් මේ පංසල සමග ගම්මුන්ගේ එතරම් ඇසුරක් තිබී නැත. බංඩාරණායක මහතා ඝාතණ නඩුවේ වැරදිකරුවෙක්වූ තල්දූවේ සෝමාරාම නම් පැවිද්දා වාසය කර ඇත්තේ මෙහි යැයි පැවසේ. අපේ අම්මාද බොහෝ විට කැමති දෙයක් නම් අසල්වැසි ඇසුරය. ඇය ඉතාමත්ම ප්‍රිය මනාප ගැහැණියක්ම නිසා කවුරුත් ඇයගේ පැමිණීම අපේක්ෂා කරයි. රෙදි නැන්දාගේ නිවස අසල ඉතාමත්ම දැකුම්කළුය. ගෙට එහායින් ඇති වතුර පීල්ල, අප වැනි නගරයෙන් පැමිනිවුන්ට නම් මැජික් එකක්ම විය. සෝද වේලා ගෙනගිය සමහරක් රෙදි මැද දීමට ගතවන කාලය මගේ ප්‍රියතම කාලය විය. රෙදි නැන්දා ඒ සඳහා පමනටත් වඩා කාලයක් මිඩංගු කරන්නේ, තේ බිබී අම්මා සමග දොඩමළුවී කාලය ගත කිරීමටත්, මට ඇති පදම් සෙල්ලම් කිරීමට කාලය ලබා දිය යුතු බැවින්දෝ යැයි අදටත් මම සිතමි. 

     පාසැල් නිවාඩු කාලය නිසාත්, මගේ සහෝදර සහෝදරියන් මට වඩා කුඩා වූවන් නිසාත් මට අලුත් යාළුවෝ සමග මාළු ඇල්ලීම, ගඩා ගෙඩි කැඩීම, ගස් බඩ ගෑම හැර අන් කිසිම රාජකාරියක් නොවීය. මට මේ දේවල් එතරම් නුහුරු වූවත් මගේ මිතුරන් ප්‍රවීණයන් නිසාත් පසු කාලයකදී මගේ ප්‍රියතම විනෝදාංශය මසුන් ඇල්ලීම විය. කුඩා දිය පාරවල් දෙපැත්තෙන් අහුරා දැමීම, වලවල් ඉසීම, බිලී පිත්ත, කුඩා දැල් එලීම වැනිදේ ඉගෙනගන්නට ලැබුනේ ඒ සොඳුරු මිතුරු ඇසුරේය.

     මේ කාලය තුලදී සතියකට වරක් හෝ දෙවරක් පමණ තාත්තා සමග ඔහුගේ රාජකාරී ස්ථානයට ගොස් කාලය කා දැමීමටත් මට සිදුවිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අවිස්සාවේල්ලේ ශාඛාව පිහිටියේ නගරයට නුදුරින්ම රත්නපුර පාරට මායිම්ව විශාල නිවසක් බඳු ගොඩනැගිල්ලකය. එයට වම් පසින් කුඩා ඇල පාරක්ද ගලා බසී. සේවක සේවිකාවන් දහ දොලොස් දෙනෙකු පමණක් සේවය කල මේ ස්ථානයේ, රාජකීය විදුහලේ සහ මගේ ඉගෙනුම් කටයුතු සම්බන්ධ ප්‍රශ්ණ වලට උත්තර දිදී සිටිනවා හැර කරන්නට යමක් තිබුනේ නම්, ඒ ඔවුන්ගේ හුරතලයට බඳුන් වීමත්, නිතර දෙවේලේ ලැබෙන කඩචෝරු සප්පායම් වීමත්ය. වැඩ අහවර වෙන්නට පැය දෙක තුනකට පමන පෙර සිට මේ මිතුරන් එකා දෙකා තුන්දෙනා බැගින් විටින් විට නගරය දෙසට ගොස් පැමිනෙන්නේ කුමන රාජකාරියකට දැයි පසුව මම තේරුම් ගතිමි. මේ හැම කංඩායම් ගමනකම තාත්තා අනිවාර්‍ය සාමාජිකයෙක් විය. මම ඔහුගේ කාර්යල මිතුරියන් හා තනිවිමි. 

      පාසල් නිවාඩුව ඉවර වෙන්නට ආසන්නය. තීරණය කර තිබූ පරිදි ,නැවත පාසල් යාම සඳහා ගංගොඩවිල නැන්දා කෙනෙකුගේ ගෙදර නැවතී සිටිය යුතුය. මෙය මට ඉතාමත්ම රිඳුම් දෙන කාරණයක් විය. මෙවැනි වයසකදී දෙමව්පියන්ගෙන් ඈත්ව ජීවත්වීම මට ඉතාමත්ම අපහසු කාර්යයක් විය. මෙය කියවන තරුණ දෙමව්පියන් සහ දෙමව්පියන් වීමට සිටිනා අය නම් වටහාගත යුතු එක් විශේෂිත කරුණක් විය යුත්තේ, තම දරුවන් මෙවන් වයස් වලදී ඔබෙන් ඈත්කර නොතබා ගැනීමය. කුමන රජ සම්පත් ලැබුනත්, කවර රාජකීය අධ්‍යාපනයක් ලැබුවත් දරුවන්ට දෙමව්පිය ඇසුරේ වැඩීම තරම් අන් දෙයක් ලොව නැත. එය එසේ නොකිරීමට ඔබ වග බලා ගත යුතුය.

        මගේ පාසල් කාලය තුල මා ලැබූ සුන්දර අත්දැකීම්වලට වඩා අසුන්දර දෑ බොහෝය. මගේ පංතියේ මිතුරන්ද බොහෝ දෙනෙක් මව්පිය ඇසුරෙන් මිදී, කොහේ හෝ නැවතී පාසල් ගිය බව සැබෑය. නමුත් මෙය මට වාවා ගත නොහැකි දෙයක් විය. කුඩා කල සිටම මා සංවේදී දරුවෙක් වී යැයි මම සිතමි. මෙතැන් පටන් මගේ පාසල් ජීවිතය රුවල් බිඳී ගිය නෞකාවක් වගේ යැයි කියන්නේ අතිශයෝක්තියකින් නොවේ. බොහෝ දේ කීමට ඇත. දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ. මට කවුරුන්වත් විත්තිකරුවන් කිරීමට උවමනා නැත. මම මේ කතාවේ කොටස් කරුවෙක් පමනි. මම පසුව ලියන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

75 Responses to අවුල් වන්නට පෙර (7)….ඉහළ තල්දූව

  1. silentsahan says:

    ඉස්සර සිංහල පොත් වල කෙටි කතා වලින් උපුටා ගත් කොටස් පාඩම් ලෙස තිබුණේ ; අන්න ඒවා මතක් උනා මට අරූ.. නිස්කලංකව කියවන් යන්න ඇහැකි…හරි සුන්දර මනෝ ලෝකයක් මැවෙනවා පෝස්ට් එකත් එක්ක… චේද වෙන් කිරීම , එකින් එක ගැලෙපීමෙන් යුතුව තියෙනවා.. ඒකත් එක හේතුවක් පෝස්ට් එක ලස්සන වෙන්න…

    ඊළඟ එකත් එනකම් බලන් ඉන්නවා… ( RSS FEED එක ශෝර්ට් කරන්න අය්යේ.. )

    • silentsahan says:

      \\\\දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ. \\\

      පොඩ්ඩක් වත් නැහැ.. මම මේ කියන දේ සනාථ කරලා ඕනේ තරම් කමෙන්ට් වැටේවි…

      • silentsahan says:

        \\\\පොඩ්ඩක් වත් නැහැ.. මම මේ කියන දේ සනාථ කරලා ඕනේ තරම් කමෙන්ට් වැටේවි…\\\

        බොරුද මම කිව්වේ ..

      • සහන් මම මාතලන්ගේ පෝස්ට් එකට දාපු දිග කමෙන්ට් එක කියවන්න.

      • silentsahan says:

        මාතලන්ගේ මොන පොස්ට් එකටද අය්යේ ..? රනිල් ෆෝබියා එකද …? ඔයා දාපු කමෙන්ට් එක කියෙව්වා විතරයි මේ දැන්…

      • ඔව්… ඒක තමයි.

    • ඕගොල්ලෝ තමයි සහන් ඡේද වෙන් කිරිලි, වාක්‍ය ඈත් කිරීම් කියලා දුන්නේ බොහොම ස්තූතියි. අමතක කරන්න බැහැ DDT ව. කාලෙකින් දැක්කේ නැහැ. චන්දන දැක්කෙත් නැහැ. RSS FEED කියන්නේ කෑම ජාතියක්ද? බීම ජාතියක්ද? මම ඕවා දන්නේ නැහැ බන්.

  2. හිරු says:

    නීරස කොහෙද හලෝ….. කියවගෙන යනකොට ඉවර වෙනවා තේරෙන්නෙ නෑ…

    //තම දරුවන් මෙවන් වයස් වලදී ඔබෙන් ඈත්කර නොතබා ගැනීමය. //
    ඔය කියපු කතාව අම්මලා දරුවෝ මෙහෙ දාලා පිටරටවල ඉන්න තාත්තලටත් පොදුයි අරූ… ජීවත් වෙන්න සල්ලි ඕනෙ තමයි… හැබැයි ඒක දැනෙන්නේ ලොකු අයට.. පොඩි අයට දැනෙන්නෙ ආදරය, සෙනෙහස සහ රැකවරණය විතරයි… ඒක අවශ්‍ය වයසෙදි ලැබුණෙ නැති උනාම කොච්චර සල්ලි හොයලා කන්න බොන්න දුන්නත් දෙමවුපියන්ගේ මහාලොකු වටිනාකමක් එයාලට දැනෙන්නෙ නෑ…

    • හිරුගේ කතාව ඇත්ත. මම දන්න සිද්ධි ඕනතරම් තියෙනවා. මිනිස්සුන්ට ඉහට උඩින් ආර්ථික ප්‍රශ්ණ. ඒ නිසාම පවුල් ප්‍රශ්ණත් ඇතිකරගන්නවා. දරුවන්ට සැප දෙන්න ඔවුන්ව තනි කරලා රට යනවා. ඒ දෙන්න බලාපොරොත්තු වෙන සැප ,මහා දුකක් වෙලා දෙපාර්ශවය්ටම වද දෙනවා. මම ගොඩාක් දුරට නොයෙකුත් සමාජ ස්ථරවල පදම්වෙලා තියෙන නිසා මට මේක හොඳට දැනෙනවා. ගොඩක් අයට පෙනෙනවා.

      • Kandyan says:

        හ්ම්ම්…ඇත්ත…අපිත් ඒ බෝට්ටුවේ ….. අපි දෙන්නා විඳවන විඳවිල්ල අපි විතරයි දන්නේ… ලඟදීම පැටව් කූඩුවට එයි!

    • කැන්ඩියන්……උඹලාට ජයෙන් ජයම වේවා!!!!

  3. මගේ නම් අදහස මුලින් කොයිතරම් දුකක් දැණුනද, හැමදේම වෙන්නේ හොඳටය කියායි. අඩු වශයෙන් මගේ අත්දැකීම එයයි.

    මේ කොටසේ මා කැමතිම කොටස තමයි අර කොලුවෙක් ලොරියකට ගලකින් ගැසීමේ සිද්ධිය.

    අරූට වඩා කුඩා කාලයක මාත් මේ ආකාරයේ ගෙවල් මාරු කීරීමකට මැදි වුණා. ඒ ගැන මා ලියු කතාව මගේ බ්ලොගේ තියෙනවා – ප්ලාස්ටික් කිඹුලා නමින්

    • කා(Ka) says:

      ඔබට මාගේ නමින් මාතලං අඩවියේ බැන වැදී තිබුණු බව මාතලං සඳහන් කරයි. මා එය දැක්කේ නැත. නමුත්, මා එවැනි තත්වයකට පත්ව ද නැත.

      • @KA ………….මොකක්ද බං මේ අවුල? මේ ප්‍රොෆයිල් සහ ඇනෝ විෂය ගැන දන්න කෙනෙක් මේ අවුල විසඳන්න මැදිහත් වුනොත් නරකද? KA නැමති ප්‍රොෆයිල් එකෙන් පමනක් අදහස් දැක්වීම ප්‍රමානවත් මදිද? විවේචනය කර ගැනීමේ කිසිම වරදක් නැත. අදහස් තුලින් හෝ හිත් අමනාප කර ගැනීම වලක්වගමු. මගේ පෝස්ට් එකට උඩින් හරි උඹේ අදහස් දාන්න ඕන්නම් දාපන්. මම කියවලා පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා වටහාගෙන මගේ වැඩේ මම කර ගෙන යනවා. දෙයියන්ගේ නාමෙට තරහ මරහ ඇති කරගන්න එපා.

    • ඇත්ත කකා…….ඒ දුකම තමයි පස්සේ කාලෙකදී සතුට උපද්දවන පන්නරය. ඒක මටනම් ආඩම්බර අතීතයක් වගේ දැනෙනවා.

      ලොරියට ගලින් ගැසු ආනන්ද ජෝරිස් එදිරිසිංහ නම් ඒ මිත්‍රයා වසර කීපයකට ඉහත මියගියා. ඔහු දක්ෂ වඩු කාර්මිකයෙක්.

    • කා(Ka) says:

      අරූ, මිනී මරා කාලකන්ණි සතුටක් අදටත් විඳින එකෙක් ඇත.
      මගේ පංතියේ මං විතරයි.
      ඌ කලින් ෆැන්ෂන් ගිය නිසා, ෆොන්සේකාට යුද්ධ කරන්න ඉතා පහසු විය.

  4. Ravi says:

    මරු බං..කියල වැඩක් නෑ..අති උත්කුරුස්ටයි…මටත් ලියන්ට හිතෙනව බං මයෙ කතාව..හැබැයි සැරිං සැරේ මයෙ කතාවෙ ගොඩක් කෑලි දැං කියලයි තියෙන්නෙ 🙂

    තල්දූවෙ මචං තිබ්බ නේද රග්බි ග්‍රවුන්ඩ් එකක්. ඒ කාලෙ ප්‍රසිද්ධ රග්බි ටීම් එකක් තිබ්බ කැළණිවැළි ආර්.එෆ්. සී. කියල. ඔය අහල පහල වතුවල එස්.ඩී.ල පී.ඩී.ල ට්ඝමයි සෙල්ලං කලේ. අපෙ මාමගෙ යාලුවෙක් ඔය ටීම් එකට සෙල්ලං කල නිසා මම තරඟ කීපයක් බලන්නත් ගියා.

    තල්දූවේ සෝමාරාම ගොයිය එල්ලල මරන්ට කලින් ක්‍රිස්තියානි ආගමට ගියා…මනුස්සය ක්‍රිස්තියානි කරල තියෙන්නෙ ෆාදර් මැතිව් පීරිස්. අර හැත්තෑ නමයෙ විතර සුප්‍රසිද්ධ ද්විත්ව මිනී මැරුමෙ පළවෙනි විත්තිකාරය.

    • රවී…….උඹේ කතාව ලියපන්. රසවත් තොරතුරු බොහොමයක් ඇතිනේ…….මචං ඔය KV එකේ රගර් ගැහුවේ පෙරියදොරේලා, සින්නදොරේලා තමයි. තල්දූවේ, සීතාවක කොල්ලන්ට තැනක් තිබුනේ නැහැ. තැනක් තිබුනේ නැහැට වඩා රගර් තියා ක්‍රිකට් ගහන ඉස්කෝලවත් ඒ අවට තිබුනේ නැහැ. පස්සේ තමයි දියුනු වෙන්න ඇත්තේ.

      මම හිතන විදිහට ලංකාවටම අලිරේස් හඳුන්වලා දුන්නේ තල්දූවෙන්.ඒ රේස් තිබ්බේ KVRFC ග්‍රවුන්ඩ් එකේද මන්දා.

      මැතිව් පීරිස් සිද්ධිය සම්බන්ධව චන්ද්‍රන් රත්නම් ඉංග්‍රීසි ෆිල්ම් එකක් හදනවා. ALSTON KOCH තමයි මැතිව් පීරිස්ගේ චරිතය කරන්නේ. උඹට මතකද ව? කුඩා කාලයේම ඕස්ට්‍රේලියාවට ගිය දක්ෂ ගායකයෙක්. මට බොහෝ කාලයකට පෙර කිහිප විටක් හම්බවෙලා තියෙනවා. JACQUALINE FERNANDEZ තමයි ඩැල් රින් ඉන්ග්‍රම්.

      • මට ඇල්ස්ටන්ව හම්බ වෙලා තියෙනවා. පොරගේ ගෲප් එක ඩාක් ටෑන්.
        මෙන්න මගේ ඔලුවට ඉස්සෙල්ලම එන ඇල්ස්ටන්ගෙ සින්දුව Disco Lady

        She’s the first on the floor – always asking for more
        She bumps slow …the band -looking out for …man

        The Disco lady loves to dance
        The disco lady loves romance
        She knows the tune she
        She…
        She loves the band
        She loves the blues

        එහෙන් මෙහෙන් තමයි මතක ඔය වගේ

      • dayal bathee says:

        හිර කාරයෙක් ලෙස ඉන්නකොට මැතිව් පීරිස්ව මට හමු වී තිබෙනවා.

      • @ හෙන් රි….. බොහොම ඉස්සර ඇල්ස්ටන් ලංකාවට ආවාම ඔබරෝයි Supper Club එකේ තමයි perform කරන්නේ.අපි වැඩ කරන එවුන් නිසා අපිත් එක්ක මාර ෆිට්.

  5. අද ඔබ ලියන මේ අපූරු සටහනෙන් එදා පාසල් සිසුවෙකුව උන් ඔබේ හද ගැස්ම මැනවින් විද්‍ය මාන වේ අරූ. ඒ තරම්ම හදවතට දැනෙන ලෙස මෙය ඔබ ලියා ඇති අයුරු අපූරුය. එපමණක් ද නොව එදා ඔබේ පවුලේ තත්ත්වයන්ද අව්‍යජව සටහන් කර ඇති අයුරුද කදිමය.

    • ඒක ඇත්ත හරිම අව්‍යාජව ඒ හැගීම අපටත් දැනෙන්න ලියල තියෙනවා

    • නලීන් & මොරා……..මගේ කතාවේ සඳහන් සියලුම දේවල් මට මතක තියෙන සම්පූර්න ඇත්ත. උඹලා මාව උස්සලා තියන්න එපා දඩාස් ගාලා බිම වැටුනොත් ලෙඩේ.

  6. maathalan says:

    යකෝ මෙහෙම ලියන්න පුළුවන් කියන්නේ, උඹ සැබෑම ලියන මහත්තයෙක්. මම හිතන්නේ මේ සමාජය මෙතරම් පිරිහෙන්න ඔය පවුලේ බැඳීම් නැති හේතුව ගොඩාක් හේතු වෙලා තියෙනවා.. අද ඉන්න දරුවන් එක්ක කතා කලත්, ඔවුන්ට දෙමාපියන් සමග තියෙන්නේ වෛරයක්. හොස්ටල් එකේ උන්න කොල්ලෝ වින්ද දුක මම හොඳට දැකලා තියෙනවා. උන් මාර පොරවල් උනත්. උන් අදත් ගෙදරින් ඈතයි. උන්ගේ මහ ගෙවල් වලට ගියාම උන්ගේ දෙමව්පියෝ අපිත් එක්ක උන්ට බනිනවා, සලකන්නේ නෑ කියලා. ඉතින් මම කියන්නේ, අම්මේ ඔහේලත් ඒ කාලේ ඒ දරුවන්ට සැලකුවේ නෑ නේ කියන එකයි. උන්ගේ හිත් වල ඒ වෛරය තියෙනවා. ඊට පස්සෙ උන් දරුවන් එක්කත් වෛරයක් තියෙනවා. සමාජය පිරිහෙන්නේ ඒකයි..

    මටත් කරන්න තියෙන්නේ අරූ කරපු ඉල්ලීමම තමයි…

    ලොකු පඩු හම්බ වෙන රස්සවල් දාල මෙහේ ඇවිත් සාමන්‍ය විදියට ජීවත් වෙන්නේ දරුවා නිසාමයි…

    • Kenji @ Japan says:

      ඇත්තටම මාතලන්ටත් ස්තුතිවන්ත වෙනව මෙවන් සොදුරු සොයුරෙකු අපට හදුන්වා දීම ගැන.

    • මාතලන්……..මට පුලුවන් උනා දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් එක්ක තියෙන බැඳීම අංශු මාත්‍රයක්වත් අඩු නොකර ගමන යන්න. ඒකට මගේ වයිෆ් ගෙන් අති විශාල සපෝට් එකක් ලැබුනා. මිනිස්සු හිතන්නේ අරූ බැණා අරකි දුව කියලා. නංගිලා මල්ලිලාගේ යාලුවන්ට අරකි තමයි ගෙදර ලොකු අක්කා. අරූ මස්සිනා වෙලා.

      මටත් හම්බවෙලා තියෙන සමහර දෙමව්පියන් කියනවා…….උන් ලොකු උනා….අපි පොඩි උනා කියලා….ඒ කියන්නේ ඒ අයගේම ලමයින් ගැන…මේ සමාජය දුවන දිවිල්ලේ හැටියට මෙව්වා වෙනස් කරන්න පුලුවන් වෙයිද?

  7. මේ ලිවීම අපූරුයි.
    පොතක් කියෙව්වා වගේ….

  8. ////කෙනෙකුගේ ජීවිතය වෙනස්වන්නට ගතවන්නේ කුඩා කාලයකි. කුඩා සිදුවීමකි. එය කෙසේ සිදුවෙනවා දැයි සිතාගැනීමටත් අපහසුය./////
    මල් හතයි මේ කතාව නම් ඒක හරියටම දැනෙන්නේ ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී .

    ****මේක නීරසයි කියලනම් කියන්න එපා අරු මඩොල් දූව ගම්පෙරළිය කියෙව්වා වගේ හැගීමක් දැනෙන්නේ.

    ///කුමන රජ සම්පත් ලැබුනත්, කවර රාජකීය අධ්‍යාපනයක් ලැබුවත් දරුවන්ට දෙමව්පිය ඇසුරේ වැඩීම තරම් අන් දෙයක් ලොව නැත///
    මගේ ජීවිතයටත් මේ කතාව ගොඩක් සම්බන්ධයි මමත් මේ වේදනාව අත්විඳලා තියෙනවා ටිකක් වෙනස් විදිහකට. ඒකම ජීවිතයේ ලොකු පෙරලියක් වෙන්න පුළුවන්.ඇත්තටම අද අපේ ජීවිතය කියන්නේ කාලෙකට කලින් අපි විඳපු අත්දැකීම් වල පිලිබිබුවක් වගේ කියලත් හිතෙනවා.

    ගොඩක් රසවින්දා අරූ ඔබේ ලිපිය…..

    • මොරා…….සහතිකෙන්ම අපේ අත්දැකීම්ම තමයි ජීවිතේ කැඩපත. මොකක් හරි ප්‍රශ්ණයක් මතුවුනාම…..ආර්ථික ප්‍රශ්ණයක් වගේ දෙයක්…..උඹේ අතීතයට කිමිදියන්…..එතකොට උඹට පෙනෙයි මේක ප්‍රශ්ණයක්ද කියලා… අතීතය අමතක වෙච්ච අයට නම් එහෙම හිතන්න බැරිවෙයි.

  9. Kenji @ Japan says:

    මොන වස්ත්‍රයක් කියනවද මන්ද?කොහෙද අරූ වො නීරසයක්?
    ඔබගේ කතාව වගේම ලොකුම ලොකු පණිවිඩයකුත් ගෙනල්ල තියෙනව අද ලිපියෙන්.
    ඇත්ත කියන්න අරූ,අන්තිම ටික ලියන එද්දී තෙවැනි ෂොට් එකත් තොල ගා අහවරයි නේද?

    • කෙන්ජි….උඹේ ආදරණීය සපෝට් එක හරි වැදගත්. උඹ මුල ඉඳලම මම ලියන බයිලා කියවනවා.

      උඹට කියන්න කෙන්ජියෝ අන්තිම ටික ලියනකොට තුන්වෙනි ෂොට් එක තොලේ නෙමේ බඩේ..

  10. නීරස නෑ අරූ කොහෙත්ම ..මේක බොහොම අපුරු ලිවිල්ලක්.
    අනික අරූ මතකය.හරියට හැලපයියගේ මතකය වගේ අමතක නොවෙන එකක් ..:)

    • මනෝ ලියන දේවල් මමත් කියවනවා.දිගටම ලියන්න මනෝගේ ලෝකය.

      මතකය කියන එක හැමදාම තියෙන්නෙත් නැහැනේ බං. ඒකයි අවුල් වෙන්නට පෙර කියලාම දැම්මේ. අවුල් වුනාට පස්සේ ලිව්වොත් ලියවෙන්නේ බොරු හෝ බාගෙට බොරු. හැලපයාටත් රවීටත් හොඳ මතකයක් තියෙනවා. උනුත් මං වගේ වයසක බුවාලද දන්නේ නැහැ.

  11. helapaya says:

    නීරස නොවෙයි අරූ බොහොම රසවත්,හරියට නවකතාවක් කියවනව වගේ ඊටත් වඩා රසයි.කොහොමත් සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත්ය කියනවනෙ

    • මචං හැලප්ස්….මාව බය කරන්න එපා වර්ණනා කරලා..සත්‍යය ලියන එක කොහොමත් ලේසියිනේ නේද ප්‍රබන්ධයකට වෙන්න ඕන මහන්සියත් එක්ක බැලුවාම.

  12. රස බොරුවට වඩා නීරස ඇත්ත රසයි ලොක්කා …. එක මේ සිංහල බ්ලොග් බලන කියන හැමෝම දන්නා දෙයක් දෙයක් දිගටම ලියන්න අපි එනවා බලන්න

    • ස්තූතියි රාළේ……දවස් දෙක තුනකින් බ්ලොග් කියවිල්ල එහෙ මෙහෙ උනා. හම්බවෙමු උඹේ බ්ලොගෙන්.

  13. මේ පාර උඹ භාෂා විශාරදයෙක් වගෙ ලියලා තියෙන්නේ. මොකක්ද රහස? අර සුබස අහවල් එක පාවිච්චි කලාවත්ද?

    ළමයි දාලා නොයන ගෲප් එකට අපිත් ඉන්නවා. ඒ කතා වෙනම පස්සේ කියන්නම්. නැතිනම් අගේ අඩු වෙනවා. 😀

    • මචං බලපන් ගුරුතුමෙක් ගෙන් හොඳක් අහගන්න තියන එකම කොච්චර වටිනවාද කියලා. මම සුබස පාවිච්චි කරේම නැහැ. මට බයයි ලියපු එව්වත් ඩිලීට් වෙයිද කියලා එහේ මෙහේ සක්මණ් කරන්න ගිහිල්ලා. උඹලා කියපු දේවල් අහලා තමයි ටික ටික හැදෙන්නේ. සතෙන් සතේ.

      ළමයි එක්ක නම් යුනිවසිටි යනකන්වත් ඉන්න පුලුවන් නම් හොඳයි. යුනිවසිටි පටන් ගත්තට පස්සේ නම් අපි උන්ට වාතේ වෙන්න හොඳ නැහැ.

  14. Anonymous says:

    Aru…ada dawal…mage lunch time ekedi mama kala ekama de..me blog eke postu haki taram kiyawana ekay….aththtama me taram dawas kiyawannata bari wuna hungak de thibuna…
    Oba attatama sanwedi manussayek….kiyawanna..kiyawannatama me thula jeewath wenawa wage danena godak then thibuna

    • අනේ ඇනෝ පුලුවන් වෙලාවට කියවපන්. අසාමාණ්‍ය විදිහට මිනිස්සු ජීවත්වෙන ලෝකයක අපි උඹලා වගේ සාමාණ්‍ය එව්වන්ගේ කතාවලත් මොකක් හරි අරුතක් ඇති කියලා හිතුනා.

      • කළු සහ සුදු says:

        haloo..aru…මේ ඇනෝ විදියට කොමෙන්ටුව වැටුනේ මගෙන්..black න් white ගෙන්..මගේ tab එක කළු සහ සුදු කියලා ලියන්නෙම නැහැ නේ…..සොරි හොඳේ…

      • අනේ ඔව්නේ බ්ලැක් & වයිට්, මම පස්සේ දැක්කේ ඒ ඔයා තුමී කියලා. ඇත්තටම කළු සහ සුදු කියනවාට වඩා මට සහෝදරාත්මක, හෘදයාංගම බවක් දැනෙනවා බ්ලැක් & වයිට් කිව්වාම. ඉවාන්ට මම පවුලූශා කියලා අමතන්නේත් ඒකමයි. ලන්ච්ටයිම් එකේ කෑම කාලා රෙස්ට් කරන්න. අපේ බයිලා කියවන්නේ නැතුව.

  15. රාජ් says:

    නියමයි අරූ. නීරසයි කියල හිතන්න එපා බං. ඒක කියවන අපිටත් නිග්‍රහයක්.
    ගෙවල් මාරුකිරීමේ අත්දැකීම් මට නං නෑ. ඒ වගේම අපේ තාත්තල නං දිවිය ලෝකෙන් ගෙයක් දෙනව කිව්වත් කවදාවත් ගම අත්හැරල යන එකක් නෑ. හැබැයි අලුත් තැන විස්තර කියෙව්වම, ඒ කාලෙ උඹේ වයසෙ කෙනෙකුට අසංතෝෂ වෙන්න කාරණාවල් එහේ නෑ. හිටිය තැනට වැඩිය හොඳයි කියලයි හිතෙන්නෙ. ගඟක් එහෙමත් තියෙන්නෙ 🙂

  16. ඇත්තමයි රාජ් නියම පලාත. දැන් කොහොමද දන්නේ නැහැ. අසංතෝෂයනම් බන් පවුලෙන් වෙන් වෙලා ඉන්න වෙච්ච එක. උඹලගේ මව්පියන් වගේ තමයි අපේ ආච්චිත්. මහ ගෙදරින් ආවාට පස්සේ කිසිම සංතෝෂයකින් නෙමේ හිටියේ.

  17. මුලින්ම කියවුවේ මේ කොටස ඉතිරි ඒවත් කියවන්න ඕනේ,, දිගටම ලියන්න,, හැබැයි ඒ අලුතෙන් ගිය ගමනම් ගොඩක් ලස්සන ඇති නේද,,මට මැවිලා පෙවුනා සමහර ඒවා,,

    • ඔමා……ස්තූතියි. ඔයාගේ බ්ලොග් එකත් ලස්සනට කරගෙන යනවා. සුභ පැතුම්. ඔව්…ඒ ගම ලස්සනයි තමයි.

  18. මතක් වුනේ ඉස්සර සිංහල පොතක් තිබුණු පාඩමක්. දිගටම එක හුස්මට කියෙව්වා, අගෙයි කරූ. කොහොමත් ගෙවල් මාරු කර යාම හරිම අමුතු හැගීමක් ජනිත කරවන දෙයක්. එක වචනයෙන් විස්තර කරන්න් බෑ ඒ එන හැගීම් . විශේෂයෙන් පොඩි කාලේදී.

    • පවුලූශා……..ඉතින් තව සෑහෙන්න කාලයක් යයි නේද උඹට මතක තියෙන යුගයට මගේ කතාව එනකොට?

  19. raigam says:

    අරූ දැන් පෙනෙනවා ලිවීමේ වෙනස. 🙂

    • අනේ රයිගම් බොහොම ස්තූතියි. සැබෑ වෙනසක්…….සුභ අනාගතයක්…….බ්ලොගට වසන්තයක්…..අරූට උදානයක් වගේ ද?

  20. මේක කියවලා අහවරක් වුනාම මමත් අර උඹල තාත්තා එක්ක විඩෙන් විඩේ ටව්මට ගිහින් ආපු එකෙක් වගේ උනා බන්. උඹ , උඹලා තාත්තා වගේම කතාවත් සුන්දරයි.

    • තිලකේ……. ඔය අපේ තාත්තලාගේ කාලේ ගොඩාක් උදවිය හරි හොඳ මිනිස්සු. වැරදුනේ වගකීම් නිවැරදිව පෙලගස්ස නැති එක නිසා. ඔය කවුරු කොච්චර කිව්වත් පොතේ හැටියට මොන යකාටද බන් ජීවත් වෙන්න පුලුවන්.

  21. dayal bathee says:

    ඔබේ කතාවේ චරිත අතර මටත් එකක් හොයා ගන්න පුලුවන්. මගේ ළමා කාලයටත් ඉතාම ලෙංගතු සම්බන්ධයක් ඔබේ කතාවේ තිබෙනවා. ඉතින් වෙනත් මාතෘකාගැන ලියන ගමන්ම මෙයත් නොනවත්වා ලියාගෙන යන්න. කථාව හා බස හෘද්‍යාංගමයි.

    • දයල් බොහොමම ස්තූතියි. ඇත්තටම දයල් මම ගිය පාරේ ඇවිදගෙන ගිය අය බොහෝමයක් ඇති. මට යන්න උනේ දණගාගෙන. දිගටම කියවන්න.මම දයල්ගේ බ්ලොග් එකට කැමතියි.

  22. Kandyan says:

    ගෙවල් අතෑරලා ගිය එක්ස්පීරියන්ස් එකක් නෑ.. ඒ උනාට ලඟපාත යාළුවෝ ගෙවල් තෑරලා යනකොට දැනිච්ච පාළුව, සාංකාව අදත් හිතේ මුල්ලක තියනවා… අවුරුදු 32 කට ඉස්සර එහෙම කැලිෆොර්නියාවට ගිය යාළුවෙක් ගැන තවමත් හොයනවා… ඉන්ටර්නෙට් එක පීරනවා ….ම්හු…තාම හොයාගන්න බැරිඋනා 🙂

    • මම ඔය කියන යාලුවෝ මට අවුරුදු 25-30 ඇතුලත හම්බවෙලා නැහැ. බොහෝ අය කිසිම සම්බන්ධයක් නැහැ……..මතකය විතරක් ඉතිරිවෙලා…………
      ඔහොම තමයි බං ජීවිතේ.

  23. Duminy du says:

    //දැනටද නීරස මේ කතාව තවත් නීරස කිරීම සුදුසු නොවේ //

    ඒත් මේ වගෙ රසවත් කතාවක් අවසන් කිරීමද සුදුසු නොවේ. [ මට මේ කතාවේ නීරස තැන හොයලාදෙනවද? මට එතන හොයාගන්න් බෑනෙ ]

    • Duminy du…..මමනම් කැමති ටෙස්ට් මැචස් බලන්න. මම 20-20 බලන්නෙම නැහැ. මගේ කතාවත් ටෙස්ට් මැච් එකක් වගේ යයි එහෙනම්.

  24. කොහෙද අරූ මේ කතාවේ නීරස.. එක හුස්මට කියවගෙන යන්නනේ තියෙන්නෙ..

  25. ka(Ka) says:

    Aru macho,
    Mathalange adaviyata Ma samaga pu(Ka) th avith,
    Menna Original Ka dapu comment Time.

    2:01 AM
    2:06 AM
    2:09 AM
    2:15 AM (Korale mahaththayage (2:15 AM Time) Replay coment aka Pu(Ka) ge) Thani Comantuwa Mage.

    Hora, Boru ne,
    pora tok ne,
    Paksha, Pata Ne,
    Sudu ada gaththa mahaththurunta gelaveemakuth ne………….
    -ka(Ka)

    • ka(Ka) says:

      Mathalange (රනිල් ෆෝබියාව – Ranil Phobia ) post ake, ada mama Sinhala comment damme netha.
      mage comment adata awasan.
      a hera anith comment pukage bawa salakanna.

      http://maathalan.blogspot.com/2013/09/ranil-phobia.html

      Mage comment makana mathalanta mage snvegaya……………………..

      Mage comment makavanna, pu(Ka) comment dana vikarada pappe. thoge oya vede nisa dennam Ubata magen gelavimak ne. Thopi 89 th kale okamai.
      Kisima deshapalanayak nethi, Mage thathawa maravapu ami buvek tho. thopi mage thatha marala pati thada karaganiyau.
      padi ganiyau,
      passe thopi gedara avith kiva aka veradimak kiyale.
      thopita varadinava. apita kelavenava.
      Rathu Paswalath thopita veradimakne une.
      thopi vage gilmat pappala me ratata henayak.

      Mama Baninne thotai. anith ami ake unta neme.

    • ka(Ka) says:

      ok,
      Dennamko atti helenna.

  26. නියම කතාව. එක හුස්මට කියගෙන ගියහැකි.

  27. Miyuru says:

    අරූගෙ බෝඩිම් ජීවිතේ ගැන මේ කොටස කියවනකොට මට අපේ අම්මව මතක් වුණා… අපේ අම්මත් ඒ දවස්වල තිබුණු හතේ ශිෂ්‍යත්වෙන් සමත් උනාට පස්සෙ ඉගෙන ගෙන තිබුණෙ ගෑණු ඉස්කෝලෙක හොස්ටල් එකේ නැවතිලා… මම පහේ ශිෂ්‍යත්වෙ ඉහළින් සමත් වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න උපරිම සුදුසුකම් ලබා තිබුණත් අම්මා කිව්වෙ අම්මා ලබපු අත්දැකීම් නිසා තමුන්ගෙ දරුවෙක් කවදාවත් එහෙම බෝඩිම් කරලා ඉස්කෝලෙ නොයවන්න ඒ කාලෙම හිතා ගත්තු බවයි… ඒ නිසා මට යන්න උනේ ගෙදර ඉඳලම යා හැකි පාසැලකට… අරූ මෙහෙම කිව්වම මටත් හිතෙනවා අම්මගෙන් අහන්න පවුලෙ එකම ගෑණු දරුව විදියට පොඩි කාලෙම ඈත් වෙලා යද්දි මොනවද හිතුනෙ කියල…

    ඔය මැතිව් පීරිස්නුත් අපේ ලොකු සීයා දන්න කෙනෙක් අරූ… බලාගෙන ගියාම සීයා හිටියා නම් මට කොච්චර විස්තර දැනගන්න තිබුණද…? මැතිව් පීරිස්ගෙ දුව දෙවෙනි මනමාලිට ඉන්න වෙඩිං ෆොටෝ එකක් තවමත් අපේ මහ ගෙදර තියෙනවා… එයා හරිම ලස්සනයි…

  28. Anonymous says:

    ‍නොදන්නා ඉගිහාසයක් !
    මට හංවැල්ල ,අවිස්‍සා‍වේල්ල ගැන අරූ කියන කා‍ලේ ඉතිහාසය දැනගන්න ‍ලොකු වුවමනාවක් ඇතිවුණා.‍
    උත්තරටික ‍මෙතන ති‍යෙනවා.ඔය අතීත බලපෑම් වර්ථමානයත් එක්ක අපුරුවට ගැල‍පෙනවා.

  29. මම වැඩිපුර කරක් ගැහුවේ හෝමාගම, ගොඩගම හරියේ …

    නමුත් ඉස්සර වක්පොලු ගහල රෑ දෙගොඩහරි ජාමෙට ඉක්මනට ගෙදර යන්න කියල අවිස්සාවේල්ල බස් වල නැග්ගහම වදින හුළං පාරත් එක්ක කිහිප විඩක්ම අවිස්සාවේල්ලට ගිහින් තියනව

    ආපහු අපු හැටි නම් අහන්න එපා 😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s