අවුල් වන්නට පෙර (10)……වනාත පාරේ ගෙවල් පේලිය.

           මීට දින තුන හතරකට පෙර BBC යේ Panorama වැඩසටහන තුලින් Malala Yousuf Saif දැරිවිය ගැන වාර්තාමය වැඩසටහනක් නැරඹුවෙමි. ඇය ලොවට හඬගා කියන්නේ , ම්ලේච්ඡ තලිබාන් ත්‍රස්ථවාදීන් විසින් පාකිස්තානයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපණය සඳහා පනවා ඇති තහංචියයි. මේ එඩිතර දියණිය මේ කාරණාව සම්බන්ධව ඇති ජීවමාණ සංඛේතයයි. ඇයට වයස පහලොවක්වූ ගිය වසරේ මෙවන් දිනයක තලිබාන් වෙඩි ප්‍රහාරයකින් ඇය තම ජීවිතය ගලවාගත්තේ එංගලන්තයට ස්තූතිවන්නටය. පාකිස්තානයේ සිට එංගලන්තයට ගෙන්වාගත් ඇයගේ මියයමින් තිබු සිරුරට ජීවය ලබාදුන්නේ බරපතල සැත්කම් කිහිපයකින් පසුවය.ඇය දැන් බර්මිංහැම් නුවර අධ්‍යාපණය ලබමින් සිටී.  ඇය කල එකම වරද ගැහැණු දරුවන්ට ඉගෙණීමේ නිදහස ලබාදෙන ලෙස ඉල්ලා Anonymous Blog එකක් ලිවීමත්, ඒ සඳහා පෙනී සිටීමත්ය. මැයට උපහාරයක් ලෙස මහ රැජිණ හමුවී සාකච්ඡා කිරීමට ආරාධණා ලැබුණු අතර, ඇය අද  අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සමගද වයිට් හවුස් හී සාකච්ඡවකට සහභාගි විය. ඒ අතරතුර ම්ලෙච්ඡ ත්‍රස්තයින් විසින් නැවත මරණ වරෙන්තුවක් නිකුත් කර ඇත. මේ සටහන මා ලියා තැබුවේ ලෝකවාසී සියළු දියණියන් වෙනුවෙන් ඒ දියණියට උපහාරයක් වශයෙන් සහ අධ්‍යාපණයේ වටිනාකම සඳහන් කිරීමටත්ය.

    මගේ අධ්‍යාපණ ගමන් මගද නොයෙකුත් බාධක දුෂ්කරතා මැද දිවගිය ගමනක්ය. ලොකුඅම්මාගේ පැමිණීම සහ අනෙකුත් කටයුතු සමථයකට පත්වූ පසුදින අම්මාත් මමත් නැවත දෙල්කඳ නැන්දාගේ ගෙදරට පැමිණියේ වරදට සමාවගෙන නැවත පාසල් යාම පටන් ගැනීමටය. මා අතින් වරදක් සිදුවී ඇති බැවින් නැවත එහි යාම තදබල තිගැස්මක් හා කුතුහලයක් දනවන්නක් විය. කෙසේ නමුත් අප එහි පැමිණි පසු දක්නට ලැබුනේ තත්වය එතරම් හොඳ නැති බවය. මා එක්වරම කාමරයට ගිය විට දක්නට ලැබුණේ මගේ සියළුම පොත්පත්, ඇඳුම් කැඩුම් ආදීන් මනාව සූට්කේස් තුල අසුරා ඇති බවය. මේ බව නොදත් අම්මා, නැන්දාට සියළු කාරණා පහදා දී, මටද සමාව ගන්නා ලෙස කියා සිටියත් වැඩේ හරිගිය නැත්තේ ගෙදර සියල්ලෝම මා නැවත එහි රඳවා ගැණීමට අකැමත්ත පලකර සිටි නිසාය. ඔවුන් නිවැරදිය. සත්තකින්ම මම වැරදිය.

   ඇතිවූ තත්වය ගැන එතරම් වැටහීමක් නැති මට, මෙතැනින් පිටවීම නම් මහා අස්වැසිල්ලක් විය. නමුත් අම්මා පසුවූයේ වේදනාත්මක සිතුවිලි සමුදායක් සමග බව මට තේරුනේ ඇයගේ දෙනෙත් කඳුළින් බරව තිබූ නිසාය. අපි අපේ සූට්කෙස්ද රැගෙන මහපාරට පිවිසුනෙමු. මේ හැන්දා වරුවය. අපි අතරමංවූවා දෝ යැයි හැඟීමක් මටද ඇතිවිය. මෙවන් තත්වයක් ඇතිවේ යැයි අම්මා කිසිවිටෙකත් නොසිතන්නට ඇත. ඒ ප්‍රදේශයේ අවට අපගේ ඇති හැකි නෑදෑයින් කොපමන සිටියත් අම්මා තීරණයක් ගෙන ඇති බව මට වැටහිනි. ඇය අසල ඇති සිල්ලර කඩයකට ගොස් සීනි, පිටි, බිස්කට්.තුනපහ මල්ලක් මිලදී ගෙන මාවත් කැටුව ඒ අසල ඇති වනාත පාර දිගේ ඇවිද ගියේ මම්මා නමින් හඳුන්වන අපේ ආච්චිගේ යෙහෙළියකගේ නිවස දෙසටය.

          මම්මාගේ නිවස පිහිටියේ වනාත පාරේ කුඩා පාසල පසුකර පේන මානයේ ඇති ගෙවල් පේලියේය. මෙය කොළඹ නාගරීක ගෙවල් පේලියක් මෙන් අක්‍රමවත් නොවීය. ඉඩම් හිමියා විසින් සාමාන්‍ය පහසුකම් සහිත ස්ථීර ගෙවල් අටක් හෝ දහයක් මෙහි නිමවා කුලියට දී තිබුනි. මම්මා යනු අපේ ආච්චීගේ වයසේ ගැහැණියකි. ඇය ඉතා කාරුනික බව මම බොහෝ කලකට පෙර සිට මම දණිමි. ඇය ආච්චීගෙන් මුදල් ගණුදෙණු කරගන්නා බව දැක තිබුණි. ඇයත් .අපේ අම්මා වයසේ ඇයගේ අවිවාහක දියණියත්, මගේ වයසේම ගාමිණි නම් ඔවුන්ගේ ඥාති පුත්‍රයාත් එම නිවසේ විය. මොවුන්ටද හරි හමන් ආදායම් මාර්ගයක් නොවුනත් මම්මාට යම්කිසි විශ්‍රාම වැටුපක් ලැබුනි.

    අද සිට සතියක් දෙකක් යනතුරු මගේ තාවකාලික නවාතැන් පොල මෙතැන විය. මිළදී ගත් සියල්ල මම්මාටත් කුසුමාටත් බාරදුන් අම්මා බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී යන්නට පිටත් විය. මට අදටත් අමතක නොවන සිදුවීම නම්,ඇය තමන් සන්තකේ තිබූ සියළුම මුදල් වලින් බඩු මුට්ටු ගත්තා මිස, නැවත ගෙදර බලා යන්නට බස් ගාස්තු තබාගෙන ඇත්තේ අඩුවෙන්ය. අපේ අම්මාගේ ඔළුව යකාගේ කම්මල මෙන්  තිබුනා විය යුතුය. දැනුත් ඒ මුහුණ මට මැවී පෙනේ. නැන්දලාගේ ගෙදරින් පිටවූ පසු සිට ඇය ගත කරේ යම්කිසි අවිනිශ්චිත ස්වභාවයකින්ය. මෙය තේරුම් ගත් මම්මා නොමසුරුව ඇයට යම්කිසි මුදලක්දී, නැවත ඇයගේ කුඩා පසුම්බිය හැර මගේ අතටද කීයක්ද දුන්නේ ඔන්න අම්මාටයි පුතාටයි දෙන්නටම දුන්නා යැයි පවසමිනි. මේ සිද්ධිය මට කවදාවත් අමතක වන්නේ නැත. අම්මා පිටත්ව ගියාය.

    මගේ වයසේම කොළුවෙක් වූ ගාමිණි ඉගෙණගැනීමට තියා කිසිම වැඩකට උනන්දුවක් ඇති එකෙක් නොවීය. මට මම්මලාගේ ගෙදර කිසිම කරදරයක් නැතිමුත් මගේ සෙල්ලම් ලෝකයේ එකම සාමාජිකයා ගාමිණිම පමනක් විය. මොහුට පාඩම් කියා දීමද මට පැවරුණු අතර, පොතක් අතට ගෙන පාඩම් කරමු යැයි කිවු සැණින් එක් අතක ඇඟිල්ලක් කටේ ගසා වේගයෙන් ඉරීමටත්, අනිත් අතින් කළිසම අස්සට අත දමා ජුන්ඩා පිරිමදිමින් මෝඩ පහේ සිනහාවක් දමා විකටයෙකුසේ හැසිරීම මොහුගේ පුරුද්දක් විය. බොහෝ අපල උපද්‍රව ඇතැයි කියා කළු නූලක එල්ලූ රන් පැහැති සුරයක්ද මොහුගේ ගෙලේ විය. මූට නම් ඉගෙණගැනීමට කිසිම උවමනාවක් නැත. උදය වරුවේම කාලගෝට්ටියකි. ලඟම තිබූ පාසලට පිටත්කිරීමට මොවුන් නොගන්නා උත්සාහයක් නැත. ගාමිණීගේ අවසාන තුරුම්පුව බෙල්ලේ පලඳා ඇති සුරය කඩා ගලවා දැමීමය. මම්මාටද කුසුමාටද මෙය තරම් බිය ගෙන දෙන්නක් තව නොවීය.සුරය ගලවා තැබීම ගාමිණිගේ ජීවිතයටද හානි ගෙනදෙන්නක් බව කවුරුන් හෝ මොවුන් රවටා ඇත. ඌ පාසල් ගියේ ඌට හිතුන දිනක කැමති වෙලාවටය.

    වනාත පාරේ ගෙවල් පේලියේ සති දෙකේ තාවකාලික නැවතුම්පලට දැන් මාස තුන හතරක් ගෙවී ගොස් අවසන්ය. මගේ පාසල් ගමනද නොකඩවා කෙරීගෙන යයි. පාසල් පයිප්පයේ වතුරත් පංතියේ එවුන්ගේ කෑම බෙදා ගැණීමත් නිසා, දවල් ගෙදර එනකම් මම ෆිට්ය. අපගේ ආච්චීගේ විශ්‍රාම වැටුප ඇය මියයන තෙක්ම ලබාගත්තේ නුගේගොඩ ප්‍රධාණ තැපැල් කාර්යාලයෙන්ය. කිසිම විටකත් එම කටයුත්ත අවිස්සාවේල්ලට හෝ අන් තැනකට මාරු කර ගැණීමට ඇය විරුද්ධ විය. ඇය එතරම්ම නුගේගොඩට ඇල්මක් දැක්විය. එය ඇයගේ මාසික චාරිකාව විය. මහනුවර කටුගස්තොට පලාතේ කෙනෙක් වුවත්, සීයාගේ ගම්බිම්වූ නුගේගොඩට ඇය මහත් රුචියක් දැක්විය. පැන්ෂන් එක ගැණීමට නුගේගොඩට එන්නේ මිතුරු ඇසුරටත් සතුටු සාමීචියටත්ය. ඉහල තල්දූව ඇයට එතරම් ගෝචර නොවීය. මාසිකව යෙදෙන මේ ගමනේදී ඇය ඉන්ද්‍රක්කා හෝ අම්මා සමග පැමිණේ. මට අවශ්‍ය සියළුම දේද, බස් සීසන් එකද, මම්මාට මුදල්ද බඩු මුට්ටුද ලබාදෙන ඇය පිටත්වෙන්නේ හැඬූ කඳුළෙනි. නුගේගොඩ හුලං ගේ කඩෙන් පෑනක් පැන්සලක් වරදින්නේ නැත. 

     දෙමව්පියන්ට මා නවතා තැබීම සඳහා තවත් තැනක් සොයා ගැණීමට නොහැකිවීම නිසාත්, දරුවන් හයදෙනෙක් සමග පවුලක්, ගෙවල් කුළීත් සමගම නඩත්තු කිරීමත් ලෙහෙසි පහසු නොවන බවත් මම්මාගේ සහ ආච්චීගේ කතාබහින් මම වටහාගෙන සිටියෙමි. තාත්තා දැන් අවිස්සාවේල්ලේ පැත්තේ දේශපාලන වැඩය. බොනී ජයසූරිය අවිස්සවේල්ලේ මන්ත්‍රීය. වාසුදේව, චන්ද්‍රා කුමාරගේ තාත්තාගේ දේශපාලන සගයින්ය. ආච්චී කියන හැටියට නම් දේශපාලනය, මිතුරු ඇසුර හැර වෙන කිසිම දෙයක් ගැන තාත්තාගේ උනන්දුවක් නැති ගානය. මම්මා සහ කුසුමාගේ ඇවටිල්ල වුයේද මා එහි නැවතී සිටීම ගාමිණිගේ යහපතටද සුදුසු බවය. මගෙන් ගාමිණීට සිදුවුනු යහපතක් නැත. ඌ ගාමිණීම විය. කුණුහරුපයෙන් කෑගසීම නම් මදකට සීමා විය. බොහෝ කාලයකට පසුව මට මොහු හමුවිය. ප්ලේන්ටියක් සිගරට් එකක් සප්පායම් වෙන ගමන් සුරය ගැන ඇහුවෙමි. මේ තියෙන්නේ ඉලව් යෝණිය කියා සුරය ඇද පෙන්විය. කටක් ඇරියොත් කුණුහරුපය. වැඩ කරන්නේ හාබර් එකේ සහායක්යෙක් ලෙස බව පැවසීය. අස්සට අත නොදැම්මත් කළිසමට උඩින් ජුන්ඩා පිරිමදිමින් සිටියේය. ඒක උගේ සංසාර පුරුද්ද විය යුතුය. මම ඌට කැමතිය. උගෙන් කාටවත් කරදරයක් නැත.

මේ අතරතුර දවසක් අපේ තාත්තාගේ තාත්තා(හංවැල්ලේ සීයා) ඔහුගේ විශ්‍රාම වැටුප් ලිපි ගණුදෙණුවකට නුගේගොඩට පැමිණ, මා බැලීමට මගේ පළමු නවාතැනවූ නැන්දාගේ නිවසට පැමිණ ඇත. මා එහි දැන් නොමැති නිසා, සිටිනා තැන සොයාගෙන මම්මාගේ නිවසට පැමිණියේය. දැඩිසේ කෝපයටත් කම්පාවටත් පත්ව සිටි සීයා, අපේ තාත්තාටත් අම්මාටත් නොසෑහෙන්න දොස් පැවරීය. මේ සියළුම දේට වගකිවයුත්තේ තාත්තාගේ නාස්තිකාර හැසිරීම් රටාව බවත්, අම්මා තාත්තාව හුරතල් කරනවා මිසක් ඔහුව යහමගට නොගන්නා බවත් පැවසීය. අම්මාට කලහැකි දෙයක් නොතිබුණි. සීයාට ඔහුගේ එකම පුත්‍රයා ගැන ඇත්තේ තදබල කේන්තියකි. ඒ කේන්තියට සාධාරණ හේතු රාශියකි. මේ කතාබහේ අවසාණ ප්‍රතිඵලය වූයේ උන්ට ළමයා ගැන උනන්දුවක්, තැකීමක් නැත්නම් කාගේවත් තැන්වල නැවතී සිටීමට අනවශ්‍ය බවත් ,මට හංවැල්ලේ සිට පාසල් යාමට සුදානම් වෙන්නට සිදුවන බවත්ය. සීයාගේ ලෝකයේද ලොකුම වීරයා මම විය. සීයාගේ ගම් පලාතේ පහේ සහ හතේ ශිෂ්‍යත්ව දෙකම සමත් එකම කොළුවා මම විය. ඊටත් වඩා සීයාට ආඩම්බරය ඒ හතර ගම් මායීම්වලින් රාජකීය විදුහලට යන කොළුවන් දෙදෙනාගෙන් එකෙක් මම වීමය. අනිකා පහත්ගම “අබේසිංහ වලව්වේ” ලොකු පුතාය. සෙස්ස පස්සට…..

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

111 Responses to අවුල් වන්නට පෙර (10)……වනාත පාරේ ගෙවල් පේලිය.

  1. silentsahan says:

    අරූ ,

    මලාලා ගැන පමණක් දැනට කියන්නම්. මමත් ඔය කියන වැඩසටහන් ටික බැලුවා. ඊට අමතරව ප්‍රවෘත්ති එකමුතු මගින් ලැබුණු සියලු වීඩියෝ පට නැරඹුවා. ඔබ දුටුවාද ජනපති ඔබාමා හමුවූ විට ඇය පැවසු දෙය ?

    ” ඔබේ රජය විසින් පකිස්ථානය වෙත එල්ල කරන ප්‍රහාරයන් නිසා අප ඉමහත් කැළඹීමට පත්ව සිටි ” ඒ ළමයට තේරෙන්නේ නැහැ පකිස්ථානයට පහර දීමක් නොව ; සිදු වන්නේ තලෙයිබාන් ඉලක්කයන්ට පහර දීමක් බව.

    නිකන් කටවාචාල තමන් කරන්නේ මොකක්ද කියලා නොදන්නා පොඩි එකෙක් වටා බලය ගොඩනැගීම භයානයි තලෙයිබාන් කරණයටත් වඩා. අනිත් දෑ ගැන සටහන් කිරීමට පසුව එන්නම්.

    • සහන්…..උඹ කියන දේශපාලන අර්ථ දැක්වීම සම්බන්ධව මට යම්කිසි වැටහීමක් තියෙනවා. නමුත් මම මේ සිද්ධිය තුලින් ව්‍යංගයෙන් ඉස්මතු කරන්න හැදුවේ වයස අවුරුදු පහලොවක වගේ ළමයෙක් සහ මම වගේ (මටත් මගේ කතාවේ මේ වෙනකොට වයස 14ක් වගේ)කෙනෙක්ට මුහුණ දෙන්නට වෙන සිදුවීම වල තියෙන බරපතල වෙනස හඳුන්වාදීමයි. සමහර රාජ්‍යයන් තුල ඔවුන්ගේම පෞද්ගලික ඇජෙන්ඩාස් තියෙන බව රහසක් නෙමේ. මලාලා සතු විශේෂිත එඩිතර කමක් මම දකිනවා.
      ඔය වයසෙදි , විශේෂයෙන් ගෑණු දරුවෙක්ව බල්ලෙක් හැපුවොත් ආපහු බල්ලෙක් දකින දකින පාරට අඬනවා. මේ කතාව ඊට වඩා වෙනස් නේද සහන්?

      • silentsahan says:

        මෙතන දේශපාලනය ගැන දීර්ග කතාවක් පටන් ගන්න මම කැමති නැහැ.නමුත් මලාලා වැනි අය පිළිල ලෝක මට්ටමින්.මා ඇගේ සියලු කතා බහට සවන් දුන් නිසයි මෙහෙම කියන්නේ. ( පැයක පමණ මුළු හඬ පටයම අප ආයතනයට ලැබුනා දැන් පැය කීපයකට පෙර ) . නිකන් මනෝ විකාර කියවන හිස් ළමයෙක්. එක රැයෙන් ලෝකයේ සියලු අකටයුතුකම් නිම කිරීමට වැඩපිළිවෙලක් ඇය සතුයි යැයි නං දොඩවන දෙබස් පමණයි එහි තිබෙන්නේ…

        ඒ සියල්ල නරඹන විට ” මැය නම් හැබෑම එකියකැයි ” සිතේ.. එහෙත් ඒ ඇගේ අනුවණකම බව තේරුම්ගත හැක්කේ පිටත සිට ප්‍රශ්නය දෙස බලන්නෙක්ට පමණි. තලෙයිබාන් වරුන්ටත් අභියෝග කරනවා , ඇමරිකානුවන්ටත් අභියෝග කරනවා.

        තව වසර කීපයකට වඩා ඔය දරුවා ජීවත් වෙන්නේ නැහැ…! ඇය වටා බලය ගොඩනැඟුණු කලක මීට වඩා ව්‍යසනයක් විය හැකිය. ඊට පෙර ඇය දිවි නිමා කරාවි. තලේබාන් දඩ බල්ලන් දැනටමත් ඉලක්කය වෙත ළඟා වෙමිනුයි ඇත්තේ ..!

        ___________________________________________________________

        සෙස්ස එනතෙක් බලා ඉඳිමි…

    • kathandarakaraya says:

      සහන් ඔබ ඉන්නා ප්‍රදේශයට ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තොත් ඔබ ඉතාමත් සතුටින් මිදුලේ වැලි කෙලියේ යෙදෙමින් ඉඳීවී නේද?

      • silentsahan says:

        කකා ,

        අන්න ඒක තමයි මෙතන ගැටලුව කකා. ඇයි ඇමෙරිකානුවන් ඩ්‍රෝන් යානා මගින් ප්‍රහාර එල්ල කරන්නේ …? මොකක්ද හේතුව …? ඇඟිල්ල දෙස බලන්නේ ඇයි සඳ දෙස නොබලා …? තලෙයිබාන් සංවිධානය විනාශ කල යුතුයි. ත්‍රස්‌තවාදය තුරන් කිරීමේදී සියලු දෙනා සතුටු කල නොහැකියි. තලෙයිබාන් ත්‍රස්‌තවාදය තව තවත් පැතිරුණහොත් මීටත් වඩා අසීරු වේවි එය මැඩලන්න … කෙහෙල් මොට වඳ පීදීගෙන එන විටම විනාශ කල යුතුයි. එය සියලු දේ සඳහා පොදුයි කකා යුධමය වාතාවරණයක් තිබෙද්දී. කරුණාකර එය තේරුම්ගන්න. ( එහෙම නැතුව මෙතන ඇත්තේ දරු සෙනෙහස ගැන ගැටළුවක් නෙවේ. )

      • ETHAKOTA API PUKA ELIYE DAGENA, JOKA IRAGENA, CHOO. PADA,JEE, DAGENA THAMI WELI KELIYE YEDENNE.

    • kathandarakaraya says:

      /* තව වසර කීපයකට වඩා ඔය දරුවා ජීවත් වෙන්නේ නැහැ…! */

      ඇයව මරා දැමුවහොත් ඔබත් වඳ කෙහෙල් මොට වැනි තර්කයක් ගෙන්නනටද මේ අර අඳින්නේ?

      • silentsahan says:

        කකා ,

        එවැනි තීරණයක් ගතහොත් එය ගන්නේ තලෙයිබාන් සංදානය විසිනි. අමතක කරන්න එපා මලාලා කියන්නෙත් තලේබාන් වරුන්ගේම බීජයක් බව. වැරැද්දකට ඇත්තේ පොල් ගසේ දෙල් හට ගැනීමක් සිදුව තිබීමයි….

        දැන් ඔවුන් සැරසෙන්නේ දෙල් පැලය විනාශ කිරීමටයි. මීළඟ මාස කීපය තුළදී අනිවාර්යයෙන්ම ඇය දෙවන වෙඩි ප්‍රහාරයට ලක් වේවි…ඉන්පසු මලාලෙක් නැත. . .

        ( සහන් ව මේවට වැරදි කරුවෙක් කරගන්න එපා . මා කර ඇත්තේ සිදුවන්නට යන දෑ පැවසීම පමණි. )

    • ඇය නිවැරදියි. ඇමරිකාවට තියෙන අමාරුව මොකක්ද පාකිස්තානේ ගැන? සිරියාවේ ලිබියාවේ ඔවුන් සහය දෙන්නේ කාටද?
      සහන් ඔබේ අදහසට එකගවිය නොහැකියි මිත්‍රයා.
      ඒ පොඩි එකා ඇමරිකාවට වැඩක් නැහැ තමයි එකයි නොබෙල් සාම ත්‍යාගය වෙනතක යන්නේ මේ මොහොතේ රසායනික අවි වැළැක්වීමේ සංවිධානය ප්‍රොමොටේ කරන එක දේශපාලනිකව වඩා වාසියි..

      • silentsahan says:

        මොරබ්බා ,

        කකා සහ මා අතර වන සංවාදය දෙස නොබලන්න. ඔහුත් මාත් කතා කරන්නේ වෙනත් දෙයක් ..එම සංවාදයට මැදිහත් නොවන්න.. අවශ්‍යනම් වෙනම ඔබ සමග මලාලා ගැන කතා කරන්නම්.ඒත් මෙතන නෙවේ…

    • රාජ් says:

      සහන්,
      ඇමරිකන් ප්‍රහාර වලින් මියයන්නේ තලේබාන් අන්තවාදීන් විතරයි කියලද හිතන්නෙ?
      මලාලා ගැන තේරුම්ගන්න නං මුලට යන්න වෙනව. ඇය බීබීසී බ්ලොග් අඩවියකින් අධ්‍යාපනය ගැන කතා කල කෙල්ලක්. නමුත් ඇයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඇය විශේෂිත තැනැත්තියක් බවට පත්වුනා. ඊට වැඩි යමක් මෙතන නෑ. මේ “විශේෂ” බව නිසා ලෝක නායකයන් සමඟ කතාබහ කිරීමට ඇයට හැකිවුනා. එච්චරයි.
      //තව වසර කීපයකට වඩා ඔය දරුවා ජීවත් වෙන්නේ නැහැ…! //
      කොහොමද හරියටම කියන්නෙ? උඹට අනාගතය දකින්න පුළුවන්ද?

      • silentsahan says:

        රාජ් ,

        \\\\ඇමරිකන් ප්‍රහාර වලින් මියයන්නේ තලේබාන් අන්තවාදීන් විතරයි කියලද හිතන්නෙ?\\\\\

        මේ ප්‍රශ්නේ ලංකාවෙත් උනා මතකයි නේද රාජ් ? දීර්ග කාලීන යහපත ගැන සැලකුවොත් කරන්න වෙන්නේ මොකක්ද ….? ( මම දෙන උත්තරේ රාජ් දන්නවනේ එකෙන්ම .. ඒ නිසා අපි සද්ද නොකර ඉමු.. )

        \\\\නමුත් ඇයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඇය විශේෂිත තැනැත්තියක් බවට පත්වුනා. ඊට වැඩි යමක් මෙතන නෑ. මේ “විශේෂ” බව නිසා ලෝක නායකයන් සමඟ කතාබහ කිරීමට ඇයට හැකිවුනා. එච්චරයි.\\\\

        අන්න රයිට්… දැන් මේ කෙල්ල නිකන් රඟන්නේ ලෝකෙට සාමය උදා කරදෙන ආව සාම දූතියක් වගේ… අනේ මට නම් මේවා විකාර…

        \\\කොහොමද හරියටම කියන්නෙ? උඹට අනාගතය දකින්න පුළුවන්ද?\\\

        එහෙම අද්භූත බලයකින් නෙවේ කිව්වේ.. තලෙයිබාන් කාරයෝ තමන්ට විරුද්ධ වෙන ඕනෙම දෙයක් විනාශ කරනවා.. සෙබළු 20 , 30 ක් වත් ආරක්ෂාවට නැතුව කොහොමද මේ ළමයා බේරෙන්නේ …?

        ( මේ වගේ දේවල් කතා කරන්න ගියාම මිනිස්සු බලන්නේ හරියට මම මේවට වැරදි කාරයා වගේ.. )

    • Mayya says:

      අරුණ වෙනදාවගේම හොදට ලියලා..ස්තූතියි…

      සහන්, කකා, රාජ් ගේ සංවාදෙට පනින්න හිතුනා…

      මට පේන විදිහට මෙතැන තියෙන්නේ තෙල් යුද්ධයක් වගේම කුරුස යුද්ධයක්…..තෙල් යුද්දේ තෙල් තියෙන මැදපෙරදිගම කරන ගමන් කුරුස යුද්දේ ඇෆ්ගනිස්ථානයේ කරනවා. ඒත් තෙල් යුද්ධෙ ඇත්ත එකක්….කුරුස යුද්දේ බොරුවට කරන එකක්

      ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයට හැම තිස්සෙම පෙන්වන්න ඕනේ තමන් අනිත් පාර්ශවයට වඩා ශිෂ්ඨ බව හා සාධාරනය වෙනුවෙන් පෙනී හිටින බව….සීඑන් එන් බි බී සී වලින් අගතියට පත් වෙන අයෙකුගේ කථාවක් හැගීම්බර විදියට ඉදිරිපත් කරනවා…ඒ මගින් ඒගෝල්ලෝ තමන්ගේ පැවැත්මට වියදම් කරන බදු ගෙවන රටවැසියාට මෙන්ම ලෝකයාට පෙන්නුම් කරන්නේ තමන් ශිෂ්ඨත්වය හා සාධාරනය වෙනුවෙන් යුද්ධ කරන බව…

      ඒත් ඇත්ත කථාව තෙල්, ….ඒ අස්සේ ආයුධ වෙලදාම

      ඇමරිකන් කාරයෝ යටින් මුස්ලිම් ආගමික් අන්ත්වාදෙට එන්න ඉඩ දීලා ඒක ප්‍රචන්ඩත්වයට වර්ධනය උන්නාම එලිපිට නෙලලා දානවා…..අන්තිමේදී ආයුධ ටික විකුණ ගන්න ගමං තෙල් ටිකත් තමන්ගේ අතට ගන්නවා….

      තලෙයිබාන කාරයා වගේම ඇමෙරිකන් කාරයත් දෙගොල්ලොම මෙතැනදි වැරදියි…..

      මලාලා දැරිවිය ඒතැන පාවිච්චි කරන මාර්කටිං එකක් විතරයි…….ඇත්තටම සාමාන්‍ය මිනිස්සු තලෙයිබාන කාරයෝ හිනදා වගේම ඇමරිකන් බෝම්බ හින්දත් විදවනවා…..

      ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. – ඒක විෂම චක්‍රයක්

      • තෑන්ක්ස් මයියා….සහන් උඹේ කමෙන්ට් එක දකියි කියා මම හිතනවා. මලාලා මාකට් වීම තුලින්ම මම අපේක්ෂා කරන දේ සිද්ධවෙනවා. ඒ තමයි අධ්‍යාපන විලංගුව සංවාධයට යොමුවීම. මම ඒක අගේ කොට සලකනවා.

      • silentsahan says:

        මම දැක්කා අරූ..මිස්ටර් මයියා කියන දේ සමග එකඟයි මම.. අර විබාගේ 7 නෙවේ 8 …

      • සහන්…..මේ විභාගය තිබුනේ හත්වැනි ”ශ්‍රේණියේදි”…….පසු කාලයකදී අට ”වසර” යනුවෙන් හඳුන්වන්න ඇති.

      • silentsahan says:

        අන්න හරි.. 7 ශ්‍රේණිය , 8 වසර… තාමත් දහම් පාසල් පොත් තියෙන්නේ ඔය ක්‍රමේට… හැබැයි අපේ සීයලාගේ කාලේ නම් ඕකේ නම ” ප්‍රාරම්භ ” විබාගේ… ඒකෙන් පාස් උන අයට ගුරු පත් වීම් පවා ලැබුණා ….

      • ඇයි මේ විභාගේ තිබුනු අවුරුද්ද ගැන අරූට උගන්නන්න හදන්නේ. විභාගෙට හිටියේ අරූ ද නැතිනම් මූ ද? 😉

        මට සිහිවුනේ මා ලිවූ සරසවි උයනෙන් කෝච්චියට නැග්ග කතාවයි.

        අරූ ගේ ජීවිත කතන්දරය මේ දක්වා කියවූ මට කිව හැක්කේ මෙයයි.

        1. මේ කියන පහේ පන්තියේ විභාගය ශිෂ්‍ය්ත්ව විභාගයක් නොව හයවෙනි ශ්‍රේනියට ජනප්‍රිය පාසලකට යෑම සඳහා වූ තරග විභාගයකි. අරූ නුගේගොඩ පාසලේ සිට රාජකීය විද්‍යාලය වෙත ගියේ එය සමත් වීම නිසාය.

        2. රාජකීය විද්‍යාලයේ දී අරූ පෙනී සිටියේ ශිෂ්‍යත්ව විභාගයටයි. ඒ හත්වැන්නේ දී ය. එනම් වසර හය හමාරක් පමණ පාසල් ගිය පසුවය. මෙය කොටස් දෙකකින් යුතු වූ විභාගයකි. අරූ ගේ පන්තියේ සිටි සියළු සිසුහූ ඒ හත්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූහ.

        ඒ මා මෙතෙක් කියවා ඇති අරූ ලියූ දේ ඇසුරෙනි.

        මා මෙය ලියන්නේ ඉදිරි කොටස්වල දී අරූ තමන් නමවෙනි ශ්‍රේනියේ දී ජාතික අ.පො.ස. ලියා දහවෙනි වසරේදී උසස් පෙළ ඉගෙනුම ඇරඹූ බව ලියන විට එකොලොස්වෙනි වසර අවසානයේ සාමාන්‍ය පෙළ විභාගය ලියූ බාලයෝ තම වලිග තව තවත් පාගා ගැනීමට ඉඩ ඇති නිසාය.

      • මගේ සීයා ද ගුරුවරයෙකි.

        ප්‍රාරම්භය සමත් වූ විට ගුරු පත්වීම නොලැබේ. ඒ සඳහා තවත් දෙවසරකට පසුව පැවැත්වෙන අවසානය සමත් විය යුතුය.

        ඒ වෙනවිට 18 පැනලාය. ඊට කලින් රජ‍යේ රැකියා ලැබේද?

        අරූ මේ කියන හත්වැන්නේ ශිෂ්‍යත්වය සමත් වෙන කාලයේ ඔහුගේ වයස දොළහක් පමණය. මෙය සීයා ගේ විභාගය හා සම කිරීම මෝඩ විහිළුවකි.

      • silentsahan says:

        මගේ මිත්තණියන් 1880 දී පමණ උපත ලැබූවන්ය. නමින් සහන් වන මගේ පෙළපත් විස්තර 1600 සිට පරම්පරාවෙන් පරම්පරාවට පැමිණේ. එවකට ” ප්‍රාරම්භය ” සමත් වූ විට පාසලේම ඉගැන්වීම කළ හැකි සේ පුහුණුවක් සහ අවස්ථාවක් ලබා දේ. ගෙවීමක්ද කෙරේ . ( මේ පාසල් රාජකීය විද්‍යාලය සේ සැළකීමෙන් වළකින්න. පොල් අතු මඩුවක් වැනි දෙයකි.) . මගේ පියාගේ කාලයට එන විට ” ප්‍රාරම්භයට ” එතරම් වටිනාකමක් ගත නොහැකිව තිබී ඇත. ( ඒ කිව්වේ ගුරු පත් වීම් ගන්න බැහැ 8 පාස් වීමෙන් පමණක් )

        කතන්දර ඉහත දක්වා ඇත්තේ මගේ පියාගේ කාලවකවානුව ගැනයි. කරුණාකර පටල ගන්ඩ නං එපා. මින් ඉදිරියටද අරූ විසින් ” මම 10 වසරේදී උසස් පෙළ කරා ” වගේ කතාවක් කිව්වොත් අනිවාර්යයෙන්ම මගේ දෑස් උඩට එසවෙනු ඇති.මන්ද එවකට තිබුණේ “ජේෂ්ඨයය” . අරූ විසින් “” මම 11 වසරේදී ජේෂ්ඨය කරා “” යනුවෙන් පැවසුවාට මගේ දෑස් උඩ නොයනු ඇත. කතන්දර මගේ පෙළපත ලංකාවේ ඉන්න දීර්ඝම පෙළපතක්.අපි ආවේ 1600.

        පාඨකයිනි.,

        කෙස් බාගෙට පැහුණු ඕස්ට්‍රේලියානුවාට වඩා සුන්දර තරුණ ප්‍රංශුවාගේ වචනය විශ්වාස කරන්න පාඨකයිනි.

      • silentsahan says:

        තවත් දෙයක් අරූගේ වයස ඔහු මා හා පැවසූවා .ඒ අනුව ඔහු ජේෂ්ඨයට මුහුණ නොදුන් අයෙකි. ජේෂ්ඨයට මුහුණ දුන් අයෙක් මේ වන විට අවම වශයෙන් 68 ඉක්මවා සිටිය යුතුයි. මගේ පියා එවන් අයෙකි.අරූ මගේ බාලම පුංචිගේ වයසට සමීප කෙනෙක්.

      • /////දවසක් දා
        කැටපත ඉදිරියට ගොසින්
        ඇදි සළු පිළි උණා දමා
        හෙළුවැල්ලෙන් බලා උ‍නිමි.
        ඈත අතීතයේ දිනකදී
        අන්ධකාර ගුහාවකදී
        වැද්දෙකු තව වැද්දෙකු හට
        හුණ ගැසුණා මෙන් විය.

        මම මගේ ම පිළිබිඹුවට
        නිකමට විරිත්තුවෙමි.
        එවිට ඔවූහු දුනු ඊ ගෙන
        සටනට සැරසුණාහ.
        මම සිනාසුනෙමි.
        දුනු ඊ ඉවත දමා
        එවිට ඔවූහු මිතුරු වූහ.

        – මහගමසේකර -///////////

        කුරුටු ගෑ ගීපවුර බ්ලොගයේ තිබී පැහැර ගෙන එන ලදී….අරූ

      • silentsahan says:

        අරූ ,

        මේ කවියෙන් කියවෙන්නේ වළියට සැරසුණු වැද්දෙක් ගැන නේද ? අනිත් මිනිහත් වැද්දෙක් කියලා වැරදි වැටහීමක් ඇති කරගත් වැද්දෙක් ගැන නේද ? 😀

  2. හිරු says:

    අදත් හුලංගේ කඩේට ගිහින් අවේ… කෙන්ට් පේපර් වගයක් ගන්න… හි හි…. තාමත් ඒක හුලංගේ කඩේම තමයි… නැති ජාතියක් නෑ…

    වයසක අයට වෙනස්වීම කියන එක දරා ගන්න ගොඩක්ම අමාරුයි… අපේ කොට්ටාවේ මහ ගේ හෙට අනිද්දට මැද්දෙන්ම කැඩිලා යනවා පරට අහුවෙලා.. ලොකු ආච්චි තාමත් කැමති නෑ වෙන තැනකටම යන්න.. මේකෙ කුස්සිය විතරක් ඉතුරු උනත් මං මෙතන්ට වෙලා ඉන්නවා කියලා.. වටුම මැද්දෙ ඉඳලා බස් වල දුමටම ලෙඩ වෙන්න වෙයි කිව්වම නං ඔන්න දැං යන්න ලෑස්ති වෙලා… හි හි…

    අරෑ… අධ්‍යාපනය කියන්නෙ මහ බරපතල කේස් එකක් උනාට ඒකට මහප්‍රාණ ඕන් නෑ… ඒක නිකම්ම “අධ්‍යාපනය” විතරයි… ”ඉගන” ”ගැනීම” කියන්නෙත් මහම වදයක් උනාට ඒකටත් මුර්ධජ කෑලි ඕන් නෑ… … හි හි

    • /////අරෑ… අධ්‍යාපනය කියන්නෙ මහ බරපතල කේස් එකක් උනාට ඒකට මහප්‍රාණ ඕන් නෑ… ඒක නිකම්ම “අධ්‍යාපනය” විතරයි… ”ඉගන” ”ගැනීම” කියන්නෙත් මහම වදයක් උනාට ඒකටත් මුර්ධජ කෑලි ඕන් නෑ… … හි හි////
      හිරූ…….මේකනම් බොහොම හොඳ ඉගැන්වීමේ ක්‍රමයක්. උගන්වන්න යන්න තිබුනනේ….මට දැන් අධ්‍යාපනය ගැන හිතනකොටම හිරූව මතක්වෙනවා. බොහෝම ස්තූතියි.

      වයසක අය බොහෝම කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕන. පොඩි දෙයින් පවා මානසික ව්‍යාකූලතාවයන්ට ගොඳුරු වෙනවා. ඔය වෙනස්වීම් එක්ක අපේ ආච්චිට එහෙම උනා. පරිස්සමින්. ගුඩ් ලක්………….

      • හිරු says:

        ඒකටත් මුර්ධජ කෑලි ඕන් නෑ… … හි හි////
        ඒ ගමන අරූත් හී හී කියන්න ගත්තද. ඕක ඔයාලට අයිති නෑ. ඒක මගේ අන්‍යතාවයක් හොදේ. හී.. හී..

    • හිරු says:

      මං එන්න කලින්ම ඔය මගේ රිප්ලයි එකත් වැටිලා තියෙන්නෙ… හි හි

      • silentsahan says:

        ඔව්මයි හිරූලා දෙන්නෙක් මේ ඉන්නේ… කව්ද හරි එක්කෙනා …? මා දැනුවත් කරන්න …

      • හිරූ/සහන්………මමත් මේක අහන්න හිටියේ. එක පාරකුත් මේ විදිහටම හිරූ කියලා තිබුනා.මේ බ්ලොගේම.

        ///මං එන්න කලින්ම ඔය මගේ රිප්ලයි එකත් වැටිලා තියෙන්නෙ… හි හි//////

  3. දෙල්කඳ නැන්දා අරූව එළවීවමට තරම් සිදුකල වරද මොකද්ද?නැත්නම් ඊර්ෂ්‍යාවට පොඩි වැරද්දක් දඩමීමා කරගෙන ඔබව ප්‍රතික්ෂේප කලාද?

    දුලාගේ අඩවියේ දුලා..

    • Kenji @ Japan says:

      වරායෙ ගල කඩන්න කොන්ත්‍රාත්තුව ගත්ත හින්දද මෙච්චර කල් නොදැක්කෙ දුලා “මුදලාලි”

    • දුලා මෙච්චර කල් පේන්න නොහිටිය නිසා කියවන්න නොලැබෙන්න ඇති. කියවලා බලන්න. වෙලාවක් නැත්නම් ගනන් ගන්න එපා… මම එහෙන් කාටවත් නොකියම යන්න ගියා.

    • කා(Ka) says:

      දූලාගේ අඩවියේ බූලා…………………… කාලෙකට පස්සේ ආයෙත් ඇවිල්ලා.

  4. මටත් දුලා ගෙ ගැටළුවම ආවා. ඔබෙන් සිදු වුන වරද?

  5. Kenji @ Japan says:

    අරූ…තොප අපට දුක පමණක් මෙනෙහි කර දීමටම පැමිණි එකෙක්ද….?
    සැපතක් නොදුටු වෙම්හිද…ඉදගෙන….?

  6. මචං මේ ලඟදි රයිගමයා කිව්ව විදියට ජුන්ඩා අතගාන්න ජානයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.

    • 😀 පොඩිකාලේ ගොඩක් උන්ගේ ඔය පුරුද්ද තියෙනවා

    • ඩූඩ්…..රයිගම් ආපුවහම අපිට උත්තරයක් දෙයිද? මොරා කිව්වා වගේ පොඩි උන්ට නම් ඔය පුරුද්ද තියෙනවා. ගාමිණියට නම් තාමත් තියෙනවාද දන්නේ නැහැ. අවුරුදු 20 කින් වත් දැක්කේ නැහැ.

      • Kenji @ Japan says:

        ලොකු වෙලත් මට තාමත් තියෙනව එල කෑල්ලක් දුටුවම 🙂 :).

  7. damith says:

    අරුවගෙ සියා තමයි බඩ්ඩ.එයාට පොඩිකාලෙ ඉදල හරියට හදාගන්න බැරි එයාගෙ පුතාව අම්ම කොහොමද කසාද බැදල හදන්නේ

    • Damn it…..ඔය ප්‍රශ්ණේ අපේ සමාජයේ හරියට දකින්න පුළුවන්. රට වටේ කරක් ගහපු ලෝකෝත්තරයෝ කසාද බැන්දාම උන්ව හදාගන්න එක අර අහිංසක ගෑණිට බාර දෙනවා. දෙමව්පියන් හැම තිස්සෙම බලන්නේ තමන්ගේ එකා නිවැරදියි කියලා. අඩු වැඩි වශයෙන් ගොඩාක් අයට තියෙනවා බන්.

      • damith says:

        මෙන්න මට බනිනො ඔ ඔ ඔ.මෙ මම අර “වේල්ලෙ තොරතුරු තක්ෂනෙ” කතාව දන්නෙ නැ නෙ (dam IT ).

      • මේ තියෙන්නේ මම උඹට මීට කාලයකට පෙර දීපු රිප්ලයි එකක්!!!!!!!!

        /////දමිත්….දැනි..දැනී..දැනී..දැනෙනවා……
        දමිත්……උඹ දන්නවාද ටයිටස් තොටවත්ත මහත්තයා එයාගේ පුතාට දමිත් කියලා නම දැම්මේ කොහොමද කියලා?ලමයා හම්බවුනාම ටයිටස් මහත්තයට පනිවිඩේ ආවාලු.
        දුරකතනයෙන්…….ටයි ..වයිෆ්ට බබෙක් හම්බවෙලා.නමක් දෙන්න

        ටයි මහත්තයා….දුවෙක්ද?පුතෙක්ද?

        දුර………පුතෙක්

        ටයි……OH………DAMN IT!!!!!!!!!!

        දුරකථනය විසන්ධිවිය.කොල්ලා දමිත් විය.අරකී ටයි මහත්තයාගේ ඥාතී නිසා කතාව ඇත්තය./////

  8. හොඳම හරිය එද්දී සෙස්ස පස්සටලු… දැන් ඉතින් සුමානයක් හිටහන්කෝ… 😀 😀

    • බලහන් මොරා මම මේ කොටස දාන්න හිටියෙ ඊයේ. හදිසියේම ලයිට් ගියා. පැය හතරක් විතර ගියා වැඩේ හරියන්න. අපි මේ පලාතට ඇවිත් අවුරුදු 10-15ක් වෙනවා. මෙහෙම විදුලිය විසංධිවීමක් වෙච්ච තුන්වෙනි වතාව මම දැණුවත්ව. ඇයි බං අපේ රටවලත් මෙහෙම ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැත්තේ?

  9. raigam says:

    මා මිත්‍ර සහන් මලාලගේ බොළඳ කම කියන්න උපුටා දක්වපු කෑල්ලෙන් මට නම් පෙන්නේ, ඇයගේ පරිනතකමයි. ලෝකේ ඉන්න අප කවුරුත් ජනපති ඔබාමාගෙන් අහන්න ඕනේ “ඔබලාගේ ප්‍රහාර නිසා, අප කැළඹීමට පත්ව සිටිනවා කියලයි!

    • silentsahan says:

      රයිගම් මගේ මිත්‍රයා මේ තියෙන්නේ අප ආයතන විසින් ඇය සමග පැවැත්වූ සම්මුක සාකච්ඡාව.අඩුම තරමේ මේ වැඩසටහන ඉංග්‍රීසි බසින් වත් ප්‍රචාරය කලේ නැහැ. ටෙරෙස්ට්‍රියල් විතරයි ට්‍රාන්ස්මිට් කරෙත් ප්‍රංශය සහ ජර්මනිය පුරා.. මම මේ දැන් mcs එකෙන් ගත්තේ හොයලා සමහර ෂොට් කීපයක් ඇයගේ වෙඩි වැදුන තැන් හොඳින් පේන විදිහට… මට මේ වැඩසටහන පොදුවේ එවන්න විදිහක් නැහැ..ඕනේ නම් පුද්ගලිකව මේල් කරන්නම් වීඩියෝව… මම මේ වැඩසටහන කරද්දී දැකපු දෙයක් තමයි ඇය , ඇගේ පියා
      සහ ඔවුන්ගේ කණ්ඩායම කරන්නට මාන බලන්නේ වෙනම දෙයක්.. ඔවුන් කල කී සියල්ල පුද්ගලිකව මගේ දෙනෙතින් දැකපු නිසයි මම මෙහෙම කතා කරන්නේ… මොවුන් සියලු දෙනාම තලේබාන්වරුන්… නැතුව අහිංසක දුවෙකුයි , අගතියට පත් පියෙකුයි නෙවේ…මේ රූප බැලුවට පස්සේ කියන්න..මොකද මම ඒවා අයින් කරන්න ඕනේ… පුද්ගලිකව මගේ උවමනාවට mcs එකෙන් ගත්ත රූප රාමු මේ.. බාහිර පාවිච්චියට අවසර නැහැ ආයතනයේ රූප රාමු… තව දේවල් කීපයක් ඇති … පුද්ගලිකව ලැබීමට සලස්වන්නම් ……..

      • silentsahan says:

        @ අරූ

        මොඩරේෂන් වැටිලා කමෙන්ට් කීපයක් ඇති වීඩියෝ රූප ටිකක් එක්ක..අන්න ඒක ඇප්රූව් කරන්න පොඩ්ඩක්….

      • Kenji @ Japan says:

        මොකුත් අප්ෂට් එකක් එහෙම නැහැ නොවෙද සහන් මල්ලියා…

      • silentsahan says:

        තිබ්බත් ගන්න බැහැනේ වයස 16 ට අඩු නිසා..( ගන්න පුළුවන් ප්‍රචාරය කරන්න බැහැ )

      • සහන්……ඔබ කියන විදිහට මලාලා තලිබාන් නම්……
        1) ඇයව තලිබාන් එවුන්ම ඝාතනය කරන්න වෙර දැරුවේ ඇයි?
        2) මාරාන්තික තුවාල සහිතව එංගලන්තයට ගෙන්ව ගත්තේ ඇයි?
        3) මලාලාගේ පියා පාකිස්තාන තානාපති සේවයට අනුයුක්ත කරේ ඇයි?
        4) වෛද්‍ය පහසුකම්, ගුවන් පහසුකම් ආදීන් සපයමින් තලිබාන් ඔත්තුකරුවන් රැකබලා ගැනීමට තරම් බටහිර ඔත්තු සේවාවන් බිඳ වැටිලාද?
        5) ඔබ මෙසේ පවසන වයිට් හවුස් එකටත් ,බකින්හැම් පැලස් එකටත් වද්දගන්නේ වැරදිලාද?
        6)ඒංගලන්තයේ සිටින අන්තවාදීන් විසින් හෝ ඇයව ඝාතනය කලහොත් ඔබ එය සාධරනීකරනය කරනවාද?
        7) ඔබ එවා ඇති පින්තූර මගින් තලෙබාන් සම්බන්ධය යා කරන්නේ කෙසේද?
        8) මේ කියන්නේ ආර්. ප්‍රේමදාස….බාබුව තියාගෙන හිටියා වගේ කතාවක්ද?

      • silentsahan says:

        @ අරූ

        මේ ප්‍රතිචාරය කොහේට යාවි දැයි නොදනිමි …මෙය අදාළ අරූගේ ප්‍රශ්න 8 ටයි…

        01. මා පැවසූයේ ඇයද තලෙයිබාන් මානසිකත්වයෙන්ම පසු වන්නියක මිස අහිංසක එකියක නොවන බවයි. ඇයට වෙඩි තැබීමට හේතු උනේ ඇයි …? ඇය වටා පවතින සමාජ ක්‍රමයට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක වීම නොවේද …? තමාට අවශ්‍ය දෑ කෙසේ හෝ ලබාගත යුතුයි යන මතයේ ඇය සිටින්නේ. ඉගෙනීමට අවස්ථාවක් ඉල්ලීමද මේ සත්‍ය හේතුව ? . ඇය ජීවත් වන ගම්මානයේ ඊට වඩා ගැටළු නැද්ද ? මේවා නිකන් තිරපිටපත් අරූ. තිරෙන් එළියේ එකක්, පිටුපසින් තවත් එකක්.

        02. මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ …? හැම දේටම දේශපාලනික හේතුවක් තියෙනවා. ( නොබෙල් එක මිස් උනාට පස්සේ වෙන දේ බලන්න .. කීයෙන් කීයද ඉතුරු වෙන්නේ කියලා බලන්න ඇයට )

        03. ඉහත දෙවන පිළිතුරමයි .. දේශපාලනික අතකොළුවක් …

        04. ඇය තලෙයිබාන් ඔත්තුකාරිණියක් නෙවේ. මා එසේ පවසා නැත.. මා පවසා ඇත්තේ ඇයද තලෙයිබාන් මානසිකත්වයකින් පෙලෙන්ණියක් බවයි. ” තලෙයිබාන් කරුවෙක් ” සහ තලේබාන් මානසිකත්වය ” යන වචන වල අර්ථය ඔබ දන්නවා යයි සිතමි.

        05. ඉහත දෙවන සහ තෙවන පිළිතුරමයි. වයිට් හවුසයට ආරාධනා ලැබූ පමණින් ඇයව ඇමෙරිකානු රජය විසින් පිළිගන්නවා යයි සිතීම නිෂ්ඵලයි.

        06. නැහැ. නමුත් ඇය තේරුම්ගත යුතුයි ඇය නටනා නාඩගමේ බරපතල කම.. ( එසේම ලබ්බට තිබ්බ අතමයි පුහුලට තියන්නෙත් ඔය කෙල්ල වටා ගොඩනැගෙන පිරිස. ඒ පිරිස නැවැත්විය යුතුයි. )

        07. “මම මේ දැන් mcs එකෙන් ගත්තේ හොයලා සමහර ෂොට් කීපයක් ඇයගේ වෙඩි වැදුන තැන් හොඳින් පේන විදිහට… ” මා ඒවා ඒවා ඇත්තේ ඇයට වෙඩි වැදුණු තැන් පෙන්වීමට පමණයි. ඇයගේ හඬ පටය අසූ විට නම් ඇය දරන අදහස තේරුම්ගත හැකියි.

        08. උපමාව දනිමි. උපමේය ගැන සඳහන් කරන්න..

      • සහන්….

        1) ගමේ තියෙන සියළුම ප්‍රශ්ණ ගැන විරෝධතා ඉදිරිපත් කිරීම ඇයගේ රාජකාරිය නෙමේ. ඇය ඉල්ලා සිටියේ ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කර දෙන්න කියා. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒ වෙනුවෙන් පෙනිසිටීම තලෙබාන් මානසිකත්වයද? උතුරේ දැරිවියක් මූලික මිනිස් අයිතිවාසිකමක් වෙනුවෙන් පෙනී සිටියහොත් ඔබ එය කොටි මානසිකත්වය යැයි නම් කරනවාද?ගුරුවරියක් දණගැස්සවීමේදි එය හෙලාදැකීමත්….ඉගෙනීමට ඇති අයිතිය ඉල්ලීම තලෙබාන් වන්නෙත් මොන මිණුම් දණ්ඩෙන්ද?

        5) මම එසේ සිතන්නේ නැත.

        8)නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ වැඩක් එංගලන්තය කරන්නේද යන්නය.

      • silentsahan says:

        01. අරූ අන්තිමට කතාව යන්නේ ” අනේ මේ දරුවා ඉගෙන ගන්න පොතක් ඉල්ලුවා කියලනේ මයේ අප්පේ ඕකුන් වෙඩි තියලා තියෙන්නේ.අමන හැත්ත “ කියලා තමයි… පිටින් පේන්නේ එකක්…යටින් තියෙන්නේ එකක්.. මම නම් දැක්කේ නැහැ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් හඬ නගන දරුවෙක්.. මම දැක්කේ වංචනික අරමුණකින් පෙළ ගැසිමින් ඉන්නා කණ්ඩායමක් විතරයි.. වැඩේ තියෙන්නේ වයස 16 ක පළිහක් ඔවුන් සතු වීමයි.. ( මීට වඩා මේ ගැන මම කතා කරන්නේ නැහැ )

        08. ඔය ප්‍රශ්නේ එච්චර දුර දිග යන එකක් නැහැ.. අදින් මාස කීපයක් ගිය තැන මලාලෙක් උන්නාදැයි ඔබටත් මටත් මතක නැතිව යන තැනට කරුණු කාරණා සිදුවේවි.( ඔයිට වඩා කීදෙනෙක් නැටුවද අරූ මේ රඟහලේ )

      • මේ සංවාදයට මැදිහත් උනාට කමක් නැද්ද දන්නේ නෑ 😮
        මට පෙන්නේ මේක ද්විතීක කාරනාවක් විදිහට ප්‍රශ්නෙන් පස්සේ උද්ගතවෙච්ච තත්ත්වය තමන්ගේ ආත්මාර්ථය පිණිස තාත්තා ඇතුළු පව්ලේ උදවිය එක්ක යොදාගන්නවා වෙන්න පුළුවන් කොහොම නමුත් ඇය මුලින් කල ක්‍රියාකාරකම් මත තමයි ඇය ගැන තාමත් ලෝකය බලන්නේ නොබෙල් ත්‍යාගය නම් තනිකර බොරුවක්නේ අර වීඩියෝ එක පුළුවන් නම් මටත් එවන්න සහන්.

      • ///මට පෙන්නේ මේක ද්විතීක කාරනාවක් විදිහට ප්‍රශ්නෙන් පස්සේ උද්ගතවෙච්ච තත්ත්වය තමන්ගේ ආත්මාර්ථය පිණිස තාත්තා ඇතුළු පව්ලේ උදවිය එක්ක යොදාගන්නවා වෙන්න පුළුවන් //////

        @ මොරා…….ඔව්. එහෙම වෙන්න පුළුවන්. සමහර විට අනිකුත් රාජ්‍යයන් සහ ආයතන පවා. හැබැයි ඒ තුලින් …..ඇය මුල සිටම අනිකාගේ ඇස් යොමු කරවපු කාරණාව හයිලයිට් වෙනවා. මම ඉහළින් තබන්නේ ඒ මූළික මිනිස් අයිතිය වෙනුවෙන් නගන හඬයි.

    • මාධ්‍ය සංදර්ශන පැවැත්වෙන්නේ හා ඒවා ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ පමණක් නොව….. මොන හේතුවක් නිසා හෝ ප්‍රසිද්ද වෙන ඕනම කෙනෙක් වටා ඔවුන්ව මෙහෙයවන රැල්ලක් ඇතිවීම හරිම ස්වාභාවිකය…… මලාලා පටන් ගත තැන කෙසේ වෙතත් අද ඇයත් එකම මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වී ඇත (මෙහෙ පත්තර වලින් එය මොනවට පැහැදිලි වෙයි ) මම සහන සමග 100%ක් එකගයි සහොදරයා …..

      • රාළේ…..උඹ සහන් සමග සියයට සියයක් එකඟවෙන්නේ…..අධ්‍යාපන අයිතිය ලබාදෙන්න කියන ඉල්ලීම තලෙබාන් මානසිකත්වය කියන එකටද?

      • silentsahan says:

        එකෙන්ම රාළේ… මාධ්‍ය සන්ධර්ශනයක් විතරයි මේ… කට්ටිය එක එක්කෙනාගේ ආතල් එක ගන්නවා සැපටම …

      • මම සහන එක්ක එකග වෙන්නේ මේකත් එක ජවනිකාවක් විතරක් නිසා ඇත්තටම ඇෆ්ගනිස්ථාන්වල අද තත්වයේ හැටියට ස්ත්‍රීන්ට අධ්‍යාපන නොදහසට වඩා කලින් ඉල්ලන්න ඕන දේවල් වල කොච්චර ලොකු පෝලිමක් තියෙනවද

      • @ රාළේ….අපි එහෙනම් මලාලට කියමු…ඇෆ්ගන් ගැහැණුන්ට කරුණාවන්ත පිරිමි ලබා ගැනීම පළවෙනියෙන් ඉල්ලන්න කියලා…..රාළේ වෙලා තියෙනවානම්KHALED HOSSEINI ගේ THOUSAND SPLENDID SUNS පොත කියවපන්. ඇෆ්ගන් ගැහැණියගේ ඛේදවාචකය හොඳින්ම ලියනවා. අධ්‍යාපනය ඉන් මූලිකයි.රාළේ…(.මලාලා පකිස්තාන් වුවත් ඇයගේ ඉල්ලීම බොහොමයක් ඉස්ලාමීය රටවල් වලට අදාලයි).

  10. helapaya says:

    අරූ,කොච්චර ලොකු උනත් ජුන්ඩා කියන නම වෙනස් වෙන්නේ නැත්තෙ ඇයි බං.අර බෝධිදාසයගේ එකා අඟල් එකොළහක් දිගයි ඌත් ජුන්ඩෙක්ද.

    • අනේ මන්දා බං..බෝධිගේ එකා නම් පත ජුන්ඩෙක් නේ බං. අපිත් එක්ක ඔබරෝයි එකේ වැඩ කලා එකෙක් මෝලා කියලා. ජුන්ඩා මෝල් ගහක් වගේ හින්දා තමයි මෝලා කියන්නේ. ඔය අවයවයට ජුන්ඩා කියන්නේ තියෙන අසීමිත ආදරයට වෙන්න ඇති නේද හැලපේ.

    • අයියෝ මේ නාකි පොරවල් කතාවෙන ඒවා විලිලජ්ජාවේ පන යනවා

  11. Ravi says:

    සෙස්ස පස්සට..මුලින්ම ඔය වදන් යෙදුවෙ මට මතක විදිහට චින්තන ජයසේන මහත්මයා…

    • හරියටම හරි රවී……ඕක චින්තන චින්තනයක් තමයි. ආශ්‍රය කරන්නත් ලැබුනා ටික කාලයක්. මට මතක හැටියට විජය මහජන පක්ෂේ හදපු කාලේ “ඇස” කියන පත්තරේ කරන්න මුල් උනා වගේ. මල්ලී…කිත්සිරි මෙවන් ජයසේනත් දක්ෂයා මචෝ.

      • Kenji @ Japan says:

        කිත්සිරිය හිටියෙ මහරගම ඉදල යද්දී බොරලැස්ගමුව හන්දියට මෙහා පාරට යාබද ගෙදරක නේද?
        ඒක ෂෝට් ෆිල්ම් එහෙකුත් කොලා.
        පස්සෙ කැටයම් ශිල්පද මොනවාද කලා.

      • කෙන්ජි…..ඒ පැත්තේ තමයි හිටියේ. මට නුගේගොඩ පුබුදු එකේදි තමයි හම්බවෙන්නේ. ඌ ඇඩ්වටයිසින් මොනවා හරි කරා මතකයි. හඳයා එකේ ඇක්ටින් මතකයිනේ නේද? මචං ඔය ෆිල්ම් එකේ නියම cast එකක් හිටියේ. සියල්ලෝම වැඩ්ඩෝ.

    • Kenji @ Japan says:

      හදය මගේ ඇස් පනාපිට නෙ රුගාත වුනේ මචං.
      බොරැල්ලෙ ඉදල ටයි මහත්තය හැමදාම උදේට හදය කරද්දී අපි කීප දෙනෙක් එක්ක යන්න වාහනේට නගිද්දී චුටිම බබා වගේ.
      සවස් වෙද්දී නම් බබාගෙ අනිත් එකා.
      නමුත් හැමදෙයක් මතක තියෙන රත්තරං සරල මනුස්සය.
      ගාමිණි F එක්ක තියද්දි ,
      ටයි/ජෝ මහත්තයල,විජේ/ජෝති අයියල සරල රත්තරං මිනිස්සු.

  12. කා(Ka) says:

    කොහොමත් අරූ, අරුං ඔය කෙල්ලට වැඩිකල් ජීවවත් වෙන්න දෙන්නේ නැති වෙයි. ඒරෙටත් අලුෙගා්සුෙවා් ඉන්නවාෙන්. පස්සේ ඒන්ඥං. අද පට්ට බිසී.
    පට්ට කියන්ෙන් පට්ට.

    • කා(Ka) says:

      අෙප් රෙටත් ෙබාග දාන අලුෙගා්සුෙවා්ත් ඉන්නවා. කවුරු කවුරුත් පරිස්සෙමන්.

    • Kaවෝ……මටත් එහෙම හිතුනා. එංගලන්තයේදීම මොකක් හරි වෙන්න පුළුවන්. මෙහෙත් අන්තවාදීන් බොහෝමයි.

  13. සිරා says:

    අපේ සහන් කොලුවගෙ විවාදය තමයි මට නැගලාම ගියේ…මලාලා…කට හින්දම නහීද මන්දා…

  14. ඔන්න මමත් ගොඩ උනා බන්, බස් එකට සල්ලි මදි වෙලා ආපහු යන්න බැරිව ලත වෙච්ච අම්ම ගැනමයි මට කල්පනා වෙන්නේ

    • තිලකේ……අපි ඒ ගෙදරට එන්නෙත් මහා විශාල උදව්වක් ඉල්ලගෙන. ඒ මදිවට බස් සල්ලි අවුල. ඒකයි මචං මම කිව්වේ මට ඒ සිද්ධිය සහ අපේ අම්මාගේ මුහුණ ඒ වෙලාවේ කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා.

  15. අරූගේ ලස්සන මතකය අපිවත් ලස්සන අතීතයකට අරන් යනවා.
    අරූගේ නැන්දා අරූව ගෙදරින් යවන එකත් අහන්න දෙයක්ද ඔහොම හිතුවක්කාර කමට ගියාම .

    • සහන් මිත්‍රයා සමගින් මෙහිදී එකග නොවෙමි.

      • silentsahan says:

        මලාලා ට වෙඩි තැබීම හරි කියලා මම කියන්නේ නැහැ.. හැබැයි ඒ දරුවා සහ වටපිටාවේ ඉන්න පිරිස නටන්නේ වෙන නාඩගමක්… මනෝජ් දන්නවද මහත්මා ගාන්ධිගේ අවිහිංසා වාදය ගැන …?

        ” මම මැරෙනවා . මම මැරෙනවා . මම උපවාස කරනවා . අරක ඕනේ . මේක ඕනේ. නැත්නම් මම මැරෙනවා ” ඔන්න ඔහොමයි ඒ අවිහිංසාවාදය …එතන ඇති අවිහිංසාවක් නැහැ… තියෙන්නේ කපටි කම…

        ඕවා කතා කරන්න ගියොත් අපියි නරක මිනිස්සු වෙන්නේ මනෝජ්… ඒ නිසා තව ඕනේ නැහැ…….

      • එක තමයි සහන් මම කියන්නෙත්,කිසිම විටකදී ඒ දරුවාට වෙඩි තැබීම අනුමත කරන්නේ නැහැ.ඒ වගේම ඒ දරුවා කතා කලේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්,අධ්‍යාපනය කියන්නේ අයිතිවාසිකමක් ඒ වෙනුවෙන් ඒ දරුවා කරපු ක්‍රියාකාරකම් පමණයි මට වැදගත් වෙන්නේ මිත්‍රයා.

    • @මනෝ…..ඒකනේ බං කියන්නේ. ඔය ඒ දවස්වල කරවල වාඩි කතාත් තිබුනා.

  16. රාජ් says:

    පොදුවේ පිරිමි ගත්තම තාත්ත වගේ තමයි. මට මතකයි දවසක් මයිය ලියල තිබුන මෙහෙම,
    “ගෙදරට ගේන්නේ කුමන වර්ගයක තේ කොල දැයි තීරණය කිරීම වගේ සරළ ප්‍රශ්න වලට තීරණය ගන්නෙ නෝන, මම හිතන්නෙ තේ අපනයනය කිරීම ආර්ථිකයට බලපාන්නේ කොහොමද වගේ ගැඹුරු ප්‍රශ්න”

  17. අරූ,

    මුල්ම ටිකේ හරි ලස්සනට ඒක සම්බන්ධ කරලා තිබුණා. අනික මේ කතාව කියවන්න ආසයි. ඔබ ලියන විලාශය ප්‍රයජනකයි. කතාවත් හරිම සංවේදීයි………………………

    • කුරුටු ළමයිනේ…….ඔය පොඩ්ඩක් හැන්දෑවට සප්පායම් වෙවී ලියනවා දන්නේ නැද්ද? ඔළුවට උඩින් සප්පායම් නොවී, එකේ ඉලක්කම 11 වගේ පේනකොට නවත්තනවා. මෙහේ බෝතල්වල, බියර්වල Drink Responsibly කියලා ගහලා තියෙනවා.ඕකුන්ගේ වචන දෙකට මම ගරු කරනවා.Drink දැක්කම බොනවා. Responsibly දැක්කම නවත්තනවා.

      • Ravi says:

        Drink Responsibly කියල කියන්නෙ එහෙම එකක් නෙවෙයි බොල..

        දැං බීල වැඩි උනාම මොකද වෙන්නෙ? මම මේ උඹ ගැන කියනව එහෙම නෙවෙයි. ජෙනරලි වෙන දේ මම කියන්නෙ..බීල වැඩිඋනාම කා එක්ක හරි වලියක් දාගෙන ඌට ගහල උගෙ දත් දෙකක් කඩනව..එහෙම නැත්තං කාර් එක පාරෙ යන බයිසිකල් කාරයෙක්ගෙ හප්පල උගෙ කකුලක් කඩනව.

        ඔය සීන්ස් දෙකේම උඹට වන්දි ගෙවන්න වෙනව. ඒ කියන්නෙ Responsibility එක ගන්න වෙනව. ආන්න……Drink Responsibly කියල කියන්නෙ අන්න ඒ Responsibility එක ගන්න වෙන ලෙවල් එකට එනකල් බීපං කියන එක. නැතුව මේ උඹ හිතාන ඉන්න බයිලයක් එහෙම නෙවෙයි..තේරුණෙයි අරූස්?

        P.S – A notice prominently displayed in a tavern ” Liquor kills slowly “ Some one has written underneath in bold letters ” So what? Who is in a hurry? “

      • තේරුනා….තේරුනා…රවියෝ..
        ඔය කියන්නේ ප්‍රමාදය මොකක්ද එකකට හේතුවයි කියලා. අදම වැඩේ පටන්ගන්නවා. I am in a hurry to drink responsibly!!!!!!!

  18. ගාමිණී ගැන කියලා තියෙන ටික කියෙව්වමනම් හිනාවෙලා බඩයනවා…….! ඌ මාර බුලට් එකක් නේ

    • ඔව් බන් පවුලූශා….ඕකා මාර වැඩ කරන්නේ. මම ඒවා ලිව්වේ නැහැ. ජුන්ඩා බිත්තියේ අතුල්ල අතුල්ල මහ හයියෙන් හිනාවෙනවා. එක දවසක් ගලක් ගැටගහපු නූලක් ජුන්ඩාගේ එල්ලගෙන මට කියනවා ගල පද්දන්නලු. එදා මූ මම්මාගෙන් අම්බානක කෑවා.

      • හිකිස් ඕයි ..අනේ අරූ අර මාතලන් වාගේ 13+ කියලා හෙඩිමක් දාලා ගාමිණී ගැන පොස්ටුවක් ලියමුකො , අනිවා නැගලා යයි

  19. නැවත පැමිණෙනවිට ඔබ 10 වෙනි කොටසටත් ඇවිත්.
    //පහේ සහ හතේ ශිෂ්‍යත්ව //
    හතේ ශිෂ්‍යත්වයක් තිබුණාද? ඔබ මේ කියන්නේ ඇතුලත්වීමේ විභාගයටද?

  20. නැවත පැමිණෙනවිට ඔබ 10 වෙනි කොටසටත් ඇවිත්.
    //පහේ සහ හතේ ශිෂ්‍යත්ව //
    හතේ ශිෂ්‍යත්වයක් තිබුණාද? ඔබ මේ කියන්නේ ඇතුලත්වීමේ විභාගයටද?

    • ඔව් නිර්මලා…ඒ කාලේ හතේ ශිෂ්‍යත්වයක් තිබුනා. ඒකෙන් පාස් වෙන අඩු ආදායම් ඇති පවුල්වල ළමයින්ට යම්කිසි මුදලකුත් ගෙව්වා. ඒ කාලේ නම් පහේ එකට වඩා හතේ ශිෂ්‍යත්වය තමයි ගොඩාක් ප්‍රසිද්ධ.

      • silentsahan says:

        8 කැලෑසියේ විබාගේ බොලන්. මහ ඒජන්ත එක්ක උනත් හරි හරියට වැඩපල කරන්නට ඇහැකි ඕක පාස් කරගත්තම ….

  21. අහම්බෙන් මේ පැත්තට ආවේ . ගොඩක් ආසාවෙන් කියෙව්වා. වැදගත් ලිපියක් වගේම අනෙත් අන්තර්ගතයත් ඉතාමත් ඉහලයි. සුබ පතනවා හදවතින්ම අරූට( අයියෝ… මේ නම කියන්න මොකක්ද වගේ :D)

    • බොහොම ස්තූතියි හර්ෂනී….මේ ලිපි පෙල ලියන්නේ මට අමතක වෙන්න ඉස්සෙල්ලා ලියලා තියන්න ඕන කියලා හිතුන නිසා. සමහර තැන් සමහර අයට වැදගත්වෙයි කියලා හිතනවා.

      සමහරු සමහරක්ට කතා කරන විදිහට අරූ කියන එක මොකක්ද?

  22. Chinthaka Supun says:

    ඉලව් යෝණිය // ඒකත් නරකම නෑ……………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s