අවුල් වන්නට පෙර (11)…කරදර පොදිබැඳ…………

මගේ මතකය නිවැරදි නම් මේ 1974 හී අවසාන භාගය විය යුතුය. රාජකීය විදුහලට යෑමට පටන් අරන් කෙටි කාලයක් තුලදී මගේ තුන්වැනි නවාතැන් පොල වෙත යෑමට සිදුව තිබේ. හංවැල්ලේ සීයා තාත්තා හමුවීමට ගොස් මට ඔහුගේ නිවසේ සිට පාසැල් යාමට සුදානම් වෙන ලෙස දන්වා ඇත. දින තුනකට හෝ හතරකට පසු පාසල් නිවාඩුව ඇරඹීමත් සමගම අම්මා පැමිණ මගේ අඩුම කුඩුමද රැගෙන ගෙදර බලා පිටත්වුනි. මම්මාටද, කුසුමාටද මෙය හැඬුම් ගෙනදෙන කාරණාවක් වූවත් කලහැකි අන් දෙයක් නොමැත. වඩාත් කළහකාරී හැසිරීමක් දැක්වූයේ මා මිත්‍ර ගාමිණීය. ඔහුට සිටී එකම මිතුරා ඔහුගෙන් වෙන්ව පිටත් වෙන්නට සූදානම්ය. මම්මාටද, කුසුමාටද වැඳ සමුගෙන යන්නට පෙර මම්මා ඇයගේ පසුම්බියෙන් ඇද සුළු මුදලක් මා අත තබා හඬමින් මගේ හිස පිරිමැදීය. මා මේ නිවසට පැමිණි දිනයේත් ඇය මට මෙවන්ම මුදලක් අත තැබූ බව මතකය.

අපගේ ගෙදර ආර්ථික තත්වය වඩාත් ගැටළුකාරී ස්ථානයකට ලඟාවී ඇති බව හොඳින් පෙනේ. තාත්තාගේ වැටුපෙන් කොතරම් මුදලක් ගෙදර වියදමට සම්මාදම් වෙනවා දැයි කිව නොහැක. ඔහු හොඳටම ණයවී ඇති බවත්, ලැබෙන පඩියෙන් ණය සහ පොලී ගෙවනවා හැරෙන්නට ගෙදර වියදමට දීමට ඉතිරියක් නැත. සුදු කලිසමට හා කමිසයට පුරුදුවී සිටි ඔහු දැන් වැඩට අඳින්නේත් අතට අහුවෙන ඕනෑම කලිසමක් සහ කමිසයක් බව පෙනේ. සපත්තු දෙක නම් මල්ලීලා පොලිෂ් කරන බව දැක්කෙමි. විශ්වාසනීය ආදායම් මාර්ගය වූයේ ආච්චීගේ පෙන්ෂන් එක පමණය. කාර්ය්‍යාලයේ වැඩ අවසන්වී තාත්තා ගෙදර එන්නේත් වෙනදාට වඩා පරක්කුවී, මද පමනට සප්පායම් වී වුවත්, ඔහු එනතෙක් අම්මා බත්පත අතට ගන්නේවත් නැත. මේ ආදරය කොතෙක් දැයි කිවහොත් අපේ පවුලේ බඩපිස්සා හෙවත් හත්වැන්නා වූ මල්ලීද, මව්කුස දරා ඉන්නා බව කීවේ ඉන්ද්‍රක්කාය. මේ ප්‍රශ්ණ කරදර කොපමන තිබුනත් අම්මා හෝ තාත්තා මේ වනතෙක් නෑදෑයින්ගෙන් උදව් පදව් ඉල්ලා තිබුනේම නැත.

අප පවුලේ දරුවන් හයදෙනාද, දෙමව්පියෝ සහ ආච්චීද, අපිත් සමග එකටම ජීවත්වූ ඉන්ද්‍රක්කා, ටේච්චි, රොමානිස් හාමි සමග සියල්ල දොලහකි. ලොකු අම්මා සහ දියණියද අප සමගය. රක්ෂණ සංස්ථාවේ සේවය අහිමි කරගත්, පවුල් ජීවිතයද ව්‍යාකූල කරගත් කිසිම රක්ෂණයක් නැතිව අතරමංවූ ධර්මපාල අංකල් නම් තාත්තාගේ යාළුවෙක්ද, ඔය අල්ල පණල්ලේ කඩාපාත් වුනි. මොහු සුරා පාණයෙන් තොර මුත් රේස් සූදුවට පුරුදු වූවෙකි. අඩුවකට තිබුනේ එච්චරය(ආච්චී කිව්වේ එහෙමය.). දැන් සියල්ලෝම පහලොස් දෙනෙකි. අද කාලයේ නම් මෙවැනි පවුලක් නඩත්තු කරන්නට නම් මධ්‍යම ප්‍රමාණයේ කුඩු මුදලාලි කෙනෙක්වත් විය යුතු බව නිකමට මෙන් අතීතය ආවර්ජණය කරන විට හිතට දැණේ.

ලොකු මල්ලී සහ ලොකු නංගීද පාසල් යන්නේ අවිස්සාවේල්ලේ පිහිටි පාසලකටය. පවුලේ හතරවෙනියා වූ මල්ලීද පාසල් යාමට පටන් ගත්තා පමණි. දැන් අනිත් වියදම්වලට අමතරව මොවුන්ගේ බස් ගාස්තුද එක්වී ඇත. ගෙදර තිබූ රත්තරන් බඩු සියල්ලම උගස් කර අවසන් බවත් තවත් ඉතිරිව ඇත්තේ, ආච්චී විසින් කිසිසේත්ම කාටවත් නොදී රැක බලාගත් පරම්පරාවෙන් පැවතෙනා වටිනා මාලයක්ය. මේ සියල්ලක්ම ගැන මට කලහැකි දෙයක් නොතිබුණත් මම මේවා ගැන විමසිලිමත් විමි. මට ගෙදර අය ගැන බොහෝ දුකය. මම බොහෝ කලකට පසු මේ සියල්ල උඩු යටිකුරු කිරීමට සමත්විය.

මේ කාලයේදී සෑම පවුලක සාමාජිකයෙකුටම හාල් පොතක් සහ මුළු පවුලටම සමුපකාර කාඩ් පතක් කියා වටිනා සහණාධාරයක් රජය විසින් සපයාදී තිබුනි. මෙම හාල්පොත නොයෙකුත් හැල හැප්පීම්වලට ලක්වී 1977දී ඇහටවත් නොදැකපු ඇට රාත්තල් අටක් බවට, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා පරිවර්තනය කලේය. මේවා තුල නොයෙකුත් දේශපාලන කතා ඇතිමුත්, ඒවා අවුස්සන්නට ගියහොත් මතකය අවුල් විය හැක.

සමුපකාර කාඩ් එක කෙසේ වෙතත් හාල්පොත නම් දුප්පත් මිණිස්සුන්ට මහත් අස්වැසිල්ලක් විය. සමුපකාර කාඩ් එක අවතක්සේරු කරා එහෙම නොවේ. හාල්පොතෙන් නොමිලේ සහල් ලබාගැනීමට හැකිවූවා පමනක් නොව, හදිස්සියකට උගස්කර මුදල්ද ලබාගත හැකි මාර්ගයකි. හාල්පොත උගස් තැබීම අවනම්බුවක් ලෙස සමාජය සැලකීය. නමුත් ඊට වඩා අසික්කිත වැඩ ඉහල සමාජයේ අනන්තවත් සිදුවිය. මේවා උගස් ගන්නේ ගමේ සිල්ලර කඩේ මුදලාලි හෝ ගමේ පොලියට දෙන කාන්තාවන්ය. 1970-1977 කාලය තුල රට තුල නොයෙකුත් විපර්යාසයන් සිදුවිය. මේව ජනතාවට ඔරොත්තු නොදෙන තරම් විය. හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම්, රතු සීනි, භූමිතෙල් චීත්ත මුල් තැනගත් මාතෘකා විය. අඟහරුවාදා සහ සිකුරාදා බත් ඉවීමේ තහනමත්,ෆීලික්ස් ඩයස්ගේ කුකුලන්ට ලක්ස්ප්‍රේ කැවීමත් මහත් ආන්දෝලණයකට තුඩු දුන් සිදුවීම්ය. මට මේවා ගැන යම්කිසි මතකයක් ඇතත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නොහැක. සීනි හිඟය දැඩිව බලපෑ අතර හකුරු නිෂ්පාදනය සීඝ්‍රයෙන් ඉහල ගියේය. ලාවුළු වලින් පවා, තේ බීමට සුදුසු හකුරු වර්ගයක් නිපදවා වෙලඳ පොලේ අලෙවියට තිබුන බව මතකය.අල්ලට සීනි ගෙන තේ බිව්වේ ඔය කාලයේය.

කාලය ගෙවී යන අතරම අපේ ගෙදරද එක දෙක තුන වශයෙන් හාල්පොත් සිල්ලර කඩයට උගස්වුණි. උගස් තබන්නා විසින් නැවත බේරාගන්නා තුරු නොමිලයේ ලැබෙන සහල් සිල්ලර මුදලාලීට සමුපකාරයෙන් ලබාගත හැක. ඔවුන් එම හාල්ම තම කඩයේදීම වැඩිමිලට විකුනාගණී. අපටද සිදුවූයේ ඒ අවාසනාවන්ත තත්වයට මුහුණ දීමටය. මාසය මැදදී උගස් තබනා හාල්පොත් බේරා ගන්නට වෙන්නේ ආච්චිගේ විශ්‍රාම වැටුප ලැබෙන මාසේ අන්තිමටමය. එතකන් සිල්ලර කඩෙන් වැඩි මුදලට මිලදී ගත යුතුය. මෙය නොබිඳිය හැකි චක්‍රයක් මෙනි. මෙයින් ගැලවීමට ලෙහෙසිවූයේ නැත. හාල්පොත උගස් තැබීම බොහෝ දුප්පත් පවුල්වල සාමාණ්‍ය චර්යාවක් විය.

මෙය කොතරම් බරපතල තත්වයක් වූවා දැයි කිවහොත්, මාස දෙක තුනකට වතාවක් ග්‍රාමසේවක මහත්වරුන්ට ගෙයින් ගෙට ගොස්, හාල්පොත් ගෘහමූලික සන්තකයේ තිබෙනවාදැයි පරීක්ෂාකිරීමට රජයෙන් නියෝගයක් ලබාදී තිබූ බවද මතකය. අන්සතු හාල්පොත් තමන් භාරයේ තබාගැනීම වරදක් ලෙස හැඳින්වීය. මේ පරීක්ෂාව සිදුවන දවස් කිට්ටුවෙන විට සිල්ලර මුදලාලිගෙන් හෝ පොලී ගෙදරින් මේවා තාවකාලිකව තමන් සතුකර ගැණීමට මිණිසුන් පුරුදුව සිටියහ. පසු කාලයකදී හාල් පොත ඉවත් කර දමන ලදි. හාල් පොත් උගස් කෙරූ ගෙදර අරූත්, හාල් සහණාධාරය කැපූ ජේ.ආර්. ජයවර්ධනගේ ගෙදර මුණුබුරා අම්‍රිත් නිවුන් සොහොයුරනුත් එකම පාසලේ, එකම ශ්‍රේණියේ භාශා දෙකකින් එකම විෂයන් හැදෑරූ විවේක කාලයේ මිතුරන්ද වීම දෛවයේ සරදමක් මිස වෙන අහවල් දෙයක් දැයි විටෙක සිතේ.

මේ අතර තුර නොයෙකුත් සිදුවීම් රාශියක් මැද ලොකුඅම්මාගේ සහකරු නොයෙක් අවස්ථාවන්හීදි ඇය හමුවීමට පැමිනියත් ගෙදරට ගැනීමට අවසර නැතිබව ආච්චී තරයේම දන්වා සිටියාය. අම්මාද තාත්තාද මෙය ආච්චීට පැහැදිලි කර දීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. ඔහු පැමිණෙන විට දියණියට කිරිපිටි ආදියත්, අනිකුත් ළමයින්ට රසකැවිලිද ගෙනවිත් ඒවා නිවස අසලදීම ලොකුඅම්මාට බාරදී යන්නට යන්නේය. කුඩා කාලයේදී ඕවා නොතේරුනත් දැන්නම් හිතෙන්නේ ඒ මොන කරුමයක්දැයි කියාය. එකෙක් සමග ජීවිතය ගෙවන්නට බැරිව තව එකෙක් සමග දීග ගියත් එකව ඉන්නට වරම් නැත. ඇල්පින් බාප්පාට හරිහමන් රස්සාවක් තිබුනේ නැත.ඔහුට අකුරු ශාස්ත්‍රයත් බැරිය. ඉන් ටික දොහකට පසු ඔහුට කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ පොල් වත්තක මුරකරු සහ එහි වැඩ කටයුතු බලාගන්නෙකු ලෙස රැකියාවක් ලැබුණි. එහි මැටි ගැසූ කුඩා පොල් අතු පැලක් සහ අවම පහසුකම් සහිත වටපිටාවක් ඇති බව මම දැණගත්තේ තාත්තාද, මමද, අම්මාද ලොකුඅම්මා සමග ඇයගේ දෙවැනි ගමනට කැන්දාගෙන ගිය දවසේය. ඇල්පින් බාප්පා ඔහුට හැකි පමණින් අපට සංග්‍රහ කලේය. තාත්තාට හුරු මචං භාශාවෙන්ම  ඇල්පින් බාප්පා සමග කයියට වැටුනු තාත්තා මදක් සප්පායම් වී තිබුනේ අළුත් මස්සිනා සමගය. දෛවයේ හැටි ඔහොමය. රාජ බිසවක් සේ සිටි ලොකු අම්මා අද කටු මැටි පැල්පතකය. ඕවා එතරම් ගනන් ගතයුතු දේවල් නොවේ යැයි කියු තාත්තා, උන් තුන්දෙනා සතුටින් ඉන්නවා නම් කාටවත් ඇති රුදාව මොකක්දැයි කියා ආච්චීටද දොස් පැවරීය. අදටත් ඔවුන් දියණිය සහ මුණුබුරන් සමග මහා සැප සම්පත් නැති වුවත් අප මෙන්ම සතුටින් ජීවත් වෙති. එය අප පවුලේ සියල්ලන්ටම අස්වැසිල්ලකි.

දැන් අපගේ ගෙදර පහලොස් දෙනාගෙන් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇත. තවකෙක් පිටත්ව ගියේ අපූරු විදිහකටය. ඔහු නම් තාත්තාගේ යාළුවා ධර්මපාල අංකල්ය.

මේ දුක් කරදර දිහා තව දුරටත් බලා සිටීමට නොහැකිවූ තැන, ආච්චිගේ වටිනා මාලය උගස් කිරීමට ඇය තීරණය කලාය. තම පරපුරෙන් පැවත එන එකක් නිසාත්, එය ගමේ තැනකට උගස් කරනවාට වඩා අවිස්සාවේල්ලට හෝ නුගේගොඩට ගොස් ගණුදෙණුවක් කර ගැණීමට ඇයට අවශ්‍යවිය. ගෙදරම කෙනෙක් ලෙස අපිත් සමගම සිටි ධර්මපාල අංකල් මේ සඳහා ඉදිරිපත් විය. තාත්තාට මේ වැඩය පැවරුවහොත් ඔහු අවශ්‍ය මුදලටත් වඩා මුදලක් ලබා ගනීවී යැයි සිතු ආච්චී ධර්මපාල අංකල්ට කීවේ මෙය උගස් තබා අවශ්‍ය මුදල් ප්‍රමාණයද, හොඳ දුම්කොලයක්ද රැගෙන එන ලෙසය. මේ වනවිට ආච්චී, සැර දුම්කොල සමග බුලත් හැපීමට පුරුදුවී සිටයාය. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ කාලයේ සිටම නින්දට පෙර බීමට පුරුදුවී සිටි බ්‍රැන්ඩි වීදුරුවට මුදල් යෙදවීමට නොහැකි නිසාය. සීයා සිටින කාලයේ සිටම වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් නිතර ඇය සතු විය. බෝතලය විවෘත කර එයට කරාබුනැටි තුන හතරක් ඇතුල්කරනා ආච්චි මාසයක් පමණ මෙය පාවිච්චි කරයි.ඊලඟ බෝතලය ගන්නේ අනිත් පැන්ශන් එකටය. බඩේ කැක්කුමට අපටද හැන්දක් පොවයි. වැඩිපුර හුරතල් වුනොත් හැඳි දෙකක්ම ගන්නත් පුළුවන්ය. සමහර වේලාවට තාත්තා, ආච්චීට හොරෙන් මදිපාඩුවට මේකෙන්ද දෙකක් හලාගන්න බව අම්මාද දණී. දැන් ඇයගේ එම අවශ්‍යතාවයද අප නිසාම අමතක කර ඇත. මට ඇය පිලිබඳ ඇත්තේ අති මහත් ගෞරවයකි.

දුම්කොලයද රැගෙන පැමිණෙන්නම් යැයි කියු ධර්මපාල අංකල්ව අපි ආපහු දැක්කේ අවුරුදු හතරකට හෝ පහකට පසුවය. ඔහු ආච්චීව බලන්නට පැමිණියේ ගංගොඩවිලටය. මාලයත් නැත. දුම්කොලත් නැත. ඔහු නැවතත් ගංගොඩවිල ගෙදර ඉස්තෝප්පුවේ තව අවුරුදු ගානක් අප සමගම ජීවත් විය. ඔය අපේ තාත්තාගේ එක යහළුවෙක්ය. තව අයද බොහෝය. නැවත ලියන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

129 Responses to අවුල් වන්නට පෙර (11)…කරදර පොදිබැඳ…………

  1. Kenji @ Japan says:

    >> අද කාලයේ නම් මෙවැනි පවුලක් නඩත්තු කරන්නට නම් මධ්‍යම ප්‍රමාණයේ කුඩු මුදලාලි කෙනෙක්වත් විය යුතු බව නිකමට මෙන් අතීතය ආවර්ජණය කරන විට හිතට දැණේ.<<
    පිස්ෂු පීකුදු…

    • ඇත්තමයි කෙන්ජි….පහලොස් දෙනෙකුට තේ දෙන්න ගියත් පිස්සු හැදෙනවානේ බන් මේ කාලේ. පිස්සු පීකුදු නෙමේ බන් පිස්සු බාබත්. දන්නවනේ ඒ කතාව.

  2. අරූ කාලෙක ඉදල අඳුනනව උණාට අද තමයි බ්ලොග් එක කියවල බැලුවේ.නවකතාවක ස්වරූපයෙන් ලියපු ඔබේ මේ ස්වයං ලිඛිත චරිතාපදානය හරිම රසවත්.
    මම බ්ලොග් රෝලටත් දාගත්තා.

    • ස්තූතියි ජයශ්‍රී……ඔව් මමත් ජයශ්‍රී ලියන එව්වා කියවනවා. මම බ්ලොග් රොල් එකක් මේන්ටෙන් නොකරාට මාතලන්ගේ සින්ඩියෙ ඔක්කොම වගේ බ්ලොග්ස් කියවනවා.

  3. Kenji @ Japan says:

    අරූව මට වචන නැහැ බං යමක් ලියන්න.
    මට නම් තේරුම් නැහැ උඹ ලියන ලස්සන.

    • morabba says:

      ඒක නම් ඇත්ත….+++++++++++++++

    • @කෙන්ජි & මොරා……මචෝ එක එක්කෙනා ලියන විදියනේ නේද? මගේ ඒවා උඹලාට රස වගේම මටත් උඹලා ලියන විදි රසයි. පාන් පරිප්පුත් එක්කත් හොඳයි….ජෑම් එක්කත් හොඳයිනේ……

    • Chinthaka Supun says:

      +1

  4. Ravi says:

    මචං කියලා වැඩක් නෑ බං…අර ලෙමන් පෆ් ඇඩ් එහෙක තියනව වගෙ ” අති විශිෂ්ටයි සර්…”

    අරූ…..මේ හැටි මේ තියෙන බ්ලොග්ස් කියවද්දි ” යකෝ මටත් මෙහෙම ලියන්ට පුලුවන්නං” කියල පොඩි ඊරිසියාවකුත් මිස්ර වෙච්ච Admiration එකක් මයෙ හිතේ ඇතිවෙලා තියෙන්නෙ දෑතේ ඇඟිලි ගානටත් අඩු වියුණු සංඛ්‍යාවක් ගැනයි.උඹේ මේ ලිවිල්ල මචං ඇහැ පියාගෙන ඒ ගොඩට දැම්මෑකි.

    / ඒ අන් කිසිවක් නිසා නොව, ඒ කාලයේ සිටම නින්දට පෙර බීමට පුරුදුවී සිටි බ්‍රැන්ඩි වීදුරුවට මුදල් යෙදවීමට නොහැකි නිසාය. සීයා සිටින කාලයේ සිටම වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් නිතර ඇය සතු විය /

    අපෙ අත්තම්මා රෑට කාල ඇඳට ගිහිල්ල සුරුට්ටුවක් බිව්ව.ඒ උන්දෑ එක පාරක් අවුරුදු විස්සෙ විසිපහේ වගෙ සිරීපාදෙ ගිහිල්ල හීතලක් හැදිල ඔය යාපනේ කළු සුරුට්ටුවක් බීල තමයි හීතල ඇරිල තියෙන්නෙ.

    ඒ පුරුද්දට එදා ඉඳල මියයන්ට කිට්ටුවෙනකල්ම දවසට එකක් නින්දට පෙර සුරුට්ටුවක් බිව්ව. අම්ම ඉස්පිරිතාලෙ වැඩ කල නිසා අපේ ගෙදර පරණ සේලයින් බට තිබ්බ ඕන හැටිය.අපි පොඩි එවුං උන්දැට කියනව සේලයින් බටේ එක කොනකට සුරුට්ටුවෙ දුම් පිඹින්ටෙයි කියල .බටේ දිගේ ඇවිල්ල අනික් කෙලවරෙං දුම් මතුවෙන එක අපිට මාර ආතල් වැඩක්

    ” සුට්ටි පුතා රස්සාවක් කරල මට මොනවද ඉස් ඉස්සෙල්ලාම පඩියෙං ගේන්නෙ? “ කියල උන්දැ ඇහුවම මගෙ අනිවාර්ය උත්තරේ ” අත්තම්මට මම ගෙනත් දෙනව ලංකාවෙ තියන ලොකුම සුරුට්ටු පෙට්ටිය “ .මම රස්සාවක් කරනව බලන්ට උන්දැ ජීවත් උනාට ඒ වෙනකොට පපුවෙ හතියක් හින්ද සුරුට්ටු බීම නං නවත්තල…

    • බොහෝත් බොහෝත් ෂුක්‍රියා……
      ෂුක්‍රාන් ජසීලාන්….

      රවී ආච්චි බිව්වෙම හැනපියර් කියන බ්‍රැන්ඩිය. සීයා පුරුදු කරලා තියෙන්නේ ඕක. හිටපු ගමන් තාත්තා ඉස්සර ගල් ෂොට් එකක් දාලා දෙනවා. රස අප්සෙට් කියලා බොන්න ඉස්සෙල්ලා කළු සුරුට්ටුවක් ගෙනත් දෙන්න කියනවා කටේ රහ යවාගන්න. බොහෝම සුන්දර චරිත මචෝ…..ඒ කාලේ සමහරක් ආච්චිලා සුරුට්ටු බිව්වා.
      එම්.එස්.ප්‍රනාන්දුලාගේ ගෙදර ගිහිල්ලා තියෙනවා මම ඒ කාලේ. එම් එස්ගේ ආච්චි කළු සුරුට්ටුවක් ගහගෙන තමයි උන්නේ.

      • Ravi says:

        ඇත්තම ඇත්ත මචං ..ඔවුහු වනාහී බොහෝ සේ සුන්දර මිනිසුන් සහ ගැහැණුන් වූහ. ඔවුන් හා කුඩාකල ලබැඳිව ඇසුරු කිරීමට පමණ භාග්‍යවත් වූ අප අද මේ සියළු දුක් කරදර උපේක්ෂා සහගත විඳ දරාගන්නා පන්නරය උදෙසා ඔවුනට දහස් වර තුති පිදිය යුතුමය.

        හෙහ්, හැනපියර් ..මාත් ගෙදර ගිහාම බොන්නෙම හැනපියර්..සික්…ආච්චි එක්ක අසෝක වීදුරුව එකට හප්පලා හැනපියර් ෂොට් එකක් දාගන්ට වාසනාවක් නැතුව ගියා නෙව..:(

        අපෙ අත්තම්ම මචං හැබැයි ඔය සුරුට්ටු වැඩේ බොහොම රහසිගතව කලේ. පවුලෙ කිට්ටුම ඥාතීන් ඇරෙන්න වෙන කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔය සුරුට්ටු කේස් එක. අත්තම්ම ඒ වැඩේ ප්‍රසිද්ධ වෙනවට දැඩි අකමැත්තක් දැක්කුව.

        මම ඕක දන්න නිසා කරන්නෙ ගෙදරට කවුරු හරි පිට කට්ටියක් ඇවිල්ල ඉන්නකොට.” අත්තම්මෙ අර සුරුට්ටු පෙට්ටිය……” කියල මොකක් හරි කියල සුරුට්ටු කතාව එලියට දාන එක. අත්තම්ම ඉතිං මොකක් හරි බොරුවක් කියල ඒක වහල දානව. මා දිහා රවාගෙන..ඊට පස්සෙ දවස් ගානක් මා එක්ක කතා කරන්නෙ නෑ..” සුට්ටි පුතා එන්ට එපා මා එක්ක කතා කරන්ට… මම තරහයි…” මම ඉතිං බොහොම අමාරුවෙන් යාප්පුවෙලා බටර් එහෙම ඇඟ පුරා ගාල ආයෙම යාලු වෙනව..” අනේ අත්තම්මේ… ආයම එහෙම කරන්නෙ නෑ හොඳද? ..ඔන්න දැං තරහ නැත්තං හිනාවෙනවලු”

        ෂිහ්, එව්ව මතක් වෙනකොටත් ඇහැකොණට කඳුලක් උනන්නෙ නොදැනීම 😦

      • අපි කවදාහරි දවසක සෙට්වෙමු ෆුල් ආතල් එකකට.

      • මේ වයසක ඈයෝ සෙට් වෙන කාලෙක අපිත් ජීවත් වුනොත් හූමිටි තියන්න හරි අපිත් එන්නද? ඕක මේ එන්ගලන්තේ පැත්තේ, ඩුබායි පැත්තේ වුනාටත් කමක් නෑ. ඊට කලින් කියුබන් සුරුට්ටු පෙට්ටියක් හොයාගන්න ඕනේ හැබැයි. ( බ්‍රැන්ඩි එකක් නම් හොයාගන්න බැරියැ බොලාලාට දෙන්න) අපි සුමානයක් විතර කලින් නිදාගෙනම එන්නම්. මොකද මේ කතා කියවද්දි මට ඉර හඳ වගේ විශ්වාශයි රවියයි අරුයි නිදාගන්නේ නෑ කියලා.

      • Kenji @ Japan says:

        රවියි,අරූයි,හැලපෙයි පරණ කතා අපිට දෙන “රජ තුන් කට්ටුව”ට දිර්ගායුෂ ලැබේවා…!!
        පිට රට වල ඉන්න අපි හැමෝටම නිවාඩු කාලෙක කොහෙ හරි හැමෝටම පහසු රටක,සිංහල බ්ලොග් ලෝකයේ දිදුලන දැනට ලංකාවෙ පදිංචි තරු/තරුච්චියො ටිකක් ආරාධිත අමුත්තො විදියට ගෙනල්ල පිස්සුවක් නටමු දවස් තුන හතරක්.
        කොහොමත් එන අවුරුද්ද අවසානයෙන් පස්සෙ තමයි මේ වැඩේට අපි බහිනව නම් බහින්න වෙන්නෙ.

      • කා(Ka) says:

        එතකොට කෙනජියේ අර අනිත් පිට කසා ගැනීමේ රජු තුන් කට්ටුවට මොකදෑ උනෙ.
        පිට කසවපු එකාට විභාග උණ හැදිලා, වෙදපප්පා ආගිය අතකි නෑ, සූර පප්පා අතුරුදහන්, කෑ-කෝ පප්පා විතරක් තවමත් තැන තැන කෑ මොර දෙනවා.

    • මෝල්ලන්තේ ආච්චිලත් ඉන්නවා බං සුරුට්‍ටු විතරක් නෙවෙයි, අර ගඩුගුඩාවද මොකක්ද කියන වතුර පුරවපු භාජනේකුත් තියෙන ගැජට් එක මිදුලේ තියාගෙන උරන. මම ඔය එකක ෆෝටෝ එකක් ගන්න කුරුමානං ඇල්ලුවා තාම බැරිවුනා.

      • Kenji @ Japan says:

        හෙන්රි ඔබ කියන්නෙ ෂිෂා ගැන නේ.
        පාසල් යන කෙල්ලො කොල්ලොත් සමහර රටවල රෙස්ටුරන්ට් වල ප්‍රසිද්ධියෙ උරන්නෙ.
        වැඩිපුර මුස්ලිම් රටවල.

      • මචං ඔය ෂීශා එකක් මගේ ගාව තිබුනා ඕමාන්වල ඉන්දැද්දී…අපේ පාටිවලදී ඕක දල්වලා තියනවා පැත්තකින්. උඹලා දන්නවනේ ඕකට එක එක ෆ්ලේවර්ස් වලින් උරන ඒවා දාන්න පුළුවන් බව. තණමල්විල වලටත් ඉතාම සුදුසුයි.

        මෝල්ලන්තේ ගෑණුන්ව ෆොටෝ ගන්න දෙනවාද ඩූඩ්?

    • කා(Ka) says:

      එතකොට කෙනජියේ අර අනිත් පිට කසා ගැනීමේ රජු තුන් කට්ටුවට මොකදෑ උනෙ.
      පිට කසවපු එකාට විභාග උණ හැදිලා, වෙදපප්පා ආගිය අතකි නෑ, සූර පප්පාට රනිල් ෆෝබියාව වැලැදිලා අතුරුදහන්, කෑ-කෝ පප්පා විතරක් තවමත් තැන තැන කෑ මොර දෙනවා. ඔය රනිල් ෆෝබියාව කියන එක මහා ලොකු ලෙඩක්ද බං.

      • Kenji @ Japan says:

        තුන් කට්ටුවේ දෙදෙනකුගේ කාර්‍ය බහුලතාවය නිසා කෙටි නිහැඩියාවක් තිබුනද,අප තිදෙනාගේ පිට කසා ගැනීම් නිතිපතා සිදුවේ.
        ඒ දෙදෙනා නැවත ඔබ හමුවට එනතෙක් මා ඔබ සමග නොසැලී සිටිමි කා(Ka) මචං.

  5. morabba says:

    ඔය බ්‍රැන්ඩි ඉස්සර හැම ගෙදරකම අත් බෙහෙතක් විදිහට තිබිලා තියෙනවා වගේ අපේ අම්මලත් ඉස්සර බොනවලු බඩේ කැක්කුමට.
    මගේ නම් හිතට ඇල්ලුවේ JR ගේ මුනුපුරා එක්ක ඉස්කොලේ එකට හිටපු කතාව. මොන මොන සමාජ තල වලින් ආවත් ඉස්කොලේ අපි හැමොම එකට ඉන්නවනේ එක පතේ කාගෙන.
    ගති… අරු හැමදාමත් වගේ ලස්සනට පෙළගස්සලා මතක මංපෙත…..

    • ඒක නේන්නම් මොරා….ඒ සුන්දරත්වය ලොකු වෙනකොට මිණිස්සුන්ගෙන් නැතිවෙලා යනවා. ලෝකේ හැටි.සමහර වෙලාවට මිණිස්සුන්ගේ වෙනස්වීම් දැක්කාම දුක හිතෙනවා. ඕවාට බෙහෙත් නැහැ.

      JRගේ මුණුබුරන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත්තේ. තව දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත්ත නීවුන්නු ඩබලක් හිටියා. කුමාරසූරියර් කියලා ප්‍රභල ඇමති කෙනෙක් හිටියා ඒ කාලේ.එයාගේ පුත්තු. උන්නම් කොහේ ගියාද දන්නේ නැහැ. අම් රිත්ව නම් බොහෝ කාලයකට පස්සේ යාලදි හම්බවුනා. ඔය දැන් ඉන්න සමහරක් හොරුත් සමහරක් හොඳ අයත් මාත් එක්ක හිටියා. පස්සේ ලියන්නම්.

      • Ravi says:

        චෙල්ලයියා කුමාරසූරියර්..තැපැල් සහ විදුලි සංදේශ ඇමති

        2007 විතර මම වැඩකරපු කම්පනි එකේ වැඩකට මම දවස් කීපයක් ගියා මචං මිරිස්සෙ. එහෙ තියනව ජේ.ආර්. ලගෙ බංගලාවක්. දවසක් වෙරළෙ අපි කතාකරකර හිටිය ඒ පැත්තෙ දෙතුන් දෙනෙක් එක්ක. උස මනුස්සයෙක් එතනිං ගියා පයිප්පෙකුත් ලෝඩ් කරගෙන. ” ඔය ජේ . ආර්. ජනාධිපතිතුමාගෙ මුණුබුරා. අර බංගලාවෙ මේ ටිකේ ඇවිල්ල ඉන්නව.” අපි එක්ක කතා කරමින් හිටපු එක මනුස්සයෙක් මා එක්ක කිව්ව. සමහරවිට උඹේ යාලුව අම්රිත් වෙන්න ඇති.ජේ. ආර්. ට මුණුබුරෝ තුන් දෙනෙක් ද කොහෙද හිටිය වගෙ මට මතකයි.

      • හරියටම හරි රවී…. චෙල්ලයියා තමයි..SLFP.ප්‍රභලයෙක්.සුදුම සුදුයි

        මචං ඔය අම් රිත් WILD LIFE සහ DIVING විශාරදයෙක්. කතාබහ වැඩිය නැහැ. හැබැයි හරිම කූල් එවුන්. ඉස්කෝලෙදිත් එහෙමයි. රටේ ජනාධිපතිගේ මුණුබුරාලා කියලා හිතන්නවත් බැහැ. මගේ මස්සිනා යාල BROWN SAFARI එකේ මැනේජර් වෙලා හිටියා. අම් රිත් යාල ගිහින් මාස ගනන් ඉන්නවා කැලේ. අනිත් එක ඔය මුහුදු තීරයේ එක් තැනක තියෙනවා බොහෝම ආදී කාලයේ මුහුදුබත් වුන නැවක්.මුන් ඕකේ කිමිදිලා නැව ගැන නොයෙකුත් දේවල් සෙව්ව බව මස්සිනා මට කිව්වා. මස්සිනා ගාවත් ඕකෙන් හම්බ වෙච්ච පොඩි පොඩි භාන්ඩ තියෙනවා. මට හරියට විස්තර මතක නැහැ. මිරිස්සේ කතාව ඕකට සම්බන්ධ ඇති.

  6. හැමදාම වගේ අදත් ඇවිදිල්ල රස වින්දා…ස්තූතියි….

  7. helapayaa says:

    ඔන්න අරූ අදත් හොඳටම රසවින්දා,අනේ මන්ද මචං පහළොස් දෙනෙකුට කන්න උයනව කියන එකත් ලේසි පාසු ව්‍යායාමයක් නෙවෙයි නේද.

    • මචං උයන්න නම් ඉන්ද්‍රක්කා, ටේච්චි එහෙම කට්ටිය හිටියා. ඕක බෙදන එක තමයි නියම ගේම. මේසෙට බෙදන්නේ නැහැ. හිතුමතේට බෙදාගත්තොත් අන්තිමට කන අය බඩගින්නේ. මචං පිඟන් ටික වටේට තියලා කුස්සියේ බංකුවේ ඉඳගෙන අපේ අම්මා තමයි ඕක නියමට දන්නේ. තාත්තටයි, මටයි තමයි පොඩ්ඩක් හරි වැඩි සැලකිලි.

    • helapayaa says:

      නාස්තිකාරයෙක් වගකීමක් නැති මිනිහෙක් කියල කවුරු කොහොම කිව්වත් උඹලගෙ තාත්තා පුදුම සුන්දර මනුස්සයෙක් මචං,මම නං එහෙමයි දකින්නෙ.

  8. රක්ෂනේ වැඩ කරපු එකාම මාලෙට කෙලපු එකත් දෛවයේ සරදමක් කියලා උඹට හිතෙන්නේ නැද්ද අරූ?

    ඒකාව ආයිම ගෙදරට වැද්ද ගන්න උඹලෑ දෙමව්පියන් ලඟ තිබ්බේ, සමාව දීමේ දේව ගතියද නැතිනම් සිංහලයන්ට තියෙනවයි කියන අතීතය අමතක වීමේ රෝගයද කියලා හිතාගන්න බෑ.

    • ඩූඩ් ….රක්ෂණේ කතාව නම් ටොප් බන්.

      ධර්මපාල අංකල් ආපහු එක්කන් ආවේත් අපේ තාත්තා තමයි ඉන්න තැනක් නැතුව රේස් දාන මඩුවක ඉඳලා. එක කාලෙක රේස් නැත්නම් ඔය ඕලොන් කියන එක තහනම් කරලා තිබුනේ..මම ඒක පස්සේ කියන්නම්. අපේ ගෙදර හැමදාම ,ගිය දේ ගියා කියන මානසිකත්වය තමයි තිබුනේ. ආච්චී කොච්චර විරුද්ධ උනත් තාත්තායි, මමයි.සහෝදරයෝ සහෝදරියෝ තමයි කිව්වේ ඉන්න කියන්න කියලා.වැඩේ බලපන් ඩූඩ් මගේ ජීවිතේ එක් වෙනස්වීමක් වෙන්න මෙයා පුදුම උදව්වක් කරා. ඒක මම ලියන්නම්. මම ඒක අදටත් අගය කරන්වා.

  9. මේ කතා කියවන්න ආව වුනාට අන්තිමට හිත රිදෝගෙන යන්න වෙනවානේ.
    අපිට මේක කියවලා එහෙම දුකක් දැනෙනවා නම් ඔබ විඳපු ඒ ජීවිතය කොහොම කටුක ඇතිද?

    අපි ඉපදෙන කාලේ රටේ ලොකු කෑම හිඟයක් තිබුන කතාවකුත් අපේ අප්පච්චි පරිප්පු වගේ කෑම ගන්න මුදලාලිලට හෝ නිළදාරින්ට අල්ලස් දීපු බවත් අහලා තියෙනවා. ඒක හින්දාමද කොහෙද අපේ ගෙදර එක්කෙනෙක්වත් පරිප්පු කන්නේ නෑ. ( කනවා වෙන කන්න දෙයක් නැතිනම්) ගම්වල ජීවත් වුන ඉඩ කඩම් වල බවබෝග වලින් ජීවත් වෙන්න අපිට පුළුවන්කමක් තිබුනට නගරවාසින් කොහොම ජීවත් වෙන්නද? පහලොවක් කීවම පොඩි ගාණක්යැ? මට මේ තනියෙන් කන්නත් සෑහෙන අමාරුකොට.

    • බූරු බබා…..හිත රිදෝගන්න එපා. හිත හදාගන්න. අපිට දැන් උනත් මොකක් හරි ප්‍රශ්ණයකදී අපේ අතීතය මතක් කරනවා. එතකොට දැන් තියෙන්නේ ප්‍රශ්ණද කියලා හිතෙනවා.

      ඔයා දන්නවාද මගේ යාළුවෙක් ඉන්නවා මෙහේ ඌ සිරා වෙජිටේරියන් අවුරුදු 25ක් තිස්සේ ඉඳන්. හැම වේලකටම පරිප්පු ඕන. ඒකත් පොඩ්ඩක් එහෙම නොවේ. ලංකාවේ නම් ඕනතරම් එලවළු තියෙනවා. මෙව්වාගේ ඉතින් දන්නවනේ. මේ ලඟදී ඩොක්ටර් කියලා මුගේ ප්‍රෝටීන් වැඩියි කියලා පරිප්පු කන එක නවත්තන්න කියලා. ඔන්න බැණ බැණ ඉන්නවා කන්නත් තිබුනේ එච්චරයි, එකටත් කෙලියා පිස්සු දොස්තරලා කිය කිය.

      • බූරු බබා….ප්‍රෝටින් වැඩිවෙලා මූට හැදිලා තියෙන්නේ GOUT එකක්. රෙඩ් වයින් වලටත් එනවලු. මෙයා හැබැයි වයින් වීදුරුවක්වත් බොන්නේ නැහැ.

  10. soosthi says:

    සෑර්, මම කොමෙන්ට් නොකලට මේක මගෙ ප්‍රියතම බ්ලොග් එකක්.
    ජීවිකාව අමරුයි, වෙලාව මඳ කොම තමා.
    සෑර්ලා සෙට් වෙන වෙලාවක අපිටත් කියන්ඩ, අපි බජාර් කාරයෝ උනාට මනුස්සකම තියෙනවා බොස්.

    • >>අපි බජාර් කාරයෝ උනාට මනුස්සකම තියෙනවා බොස්.<<
      සූස්ති ගහන උන් බජාර් එකේ උන් ලඟ මනුස්සකම තියෙනවයි කියලා මම ඉගෙනගත්තේ කොටහේනේ උගන්නන කාලේ සූස්ති ගුණේ.
      මේක මැද්දට පැන්නට සමාවෙයං. මට උඹ කිව්ව කතාවට සද්ද නොකර ඉන්න බැරුව ගියා. 😀

    • රාජ් says:

      සූස්ති
      හෙහ් හෙහ් හෙහ්….. උඹ තාම ඉන්නව නේද?

    • Ravi says:

      Henry,

      / සූස්ති ගහන උන් බජාර් එකේ උන් ලඟ මනුස්සකම තියෙනවයි කියලා මම ඉගෙනගත්තේ කොටහේනේ උගන්නන කාලේ /

      ඒ කියන්නෙ උඹ සූස්තියක් ගැහැව්වෙ ඉස්සෙල්ලාම කොටහේනෙදි කියන එකද? මචං මම සූස්ති ගහන එවුං කියන්නෙ නියම මනුස්සයො කියල ඉගෙන ගත්තෙ අවුරුදු දාසයෙ විතර. මොකද එහෙම නෙවෙයි නං මමත් මනුස්සයෙක් වෙන්ට බෑනෙ.

      • රවී………..ඉඳලා හිටලා අගනගරයට ගියාම ටිකක් අරන් එනවා. මගේ යාළු ඩොකෙක් ඉන්නවා….ඌ එනවානම් ගේනවා. හීනියට පොඩි ජොයින්ට් එකක් නරක නැහැ වයින් වීදුරුවක් දෙකක් එක්ක.අනික හැම දේටම හොඳයිනේ.

    • මචං ගුනේ….පේපර් එක හුලඟේ ගියා බං. දැන් මොකේද ඔතාගන්නේ?

      මම උඹේ බ්ලොග් එක කියවනවා. මම ආසම උඹ කමෙන්ට වලට රිප්ලයි දාන ස්ටයිල් එකට. ඒක මචෝ සූස්තියක් ගැහුවට වඩා හිතට වදිනවා.

    • silentsahan says:

      සූස්ති ගුණේද නිකන් ගුණේද ඩෝ?

  11. Dinesh Umagiliya says:

    මේ පැත්තට ඇවිත් යන්න ඕන කියලා හිත හිත හිටියත් ඔන්න අද තමයි හරියට වෙලාවක් හම්බුනේ.. හෙමීට අනිත් කොටස් ටිකත් කියවලා බලන්නම්..

  12. raigam says:

    කොහොමත් අරූ, දුම්කොලේ වගේම තමයි ඇට අටත්. කිසිදා ලැබුනේ නම් නැහැ. සාමාන්‍ය චන්දෙ දාන අප සේරම ධර්මපාල අංකල් වගේ තමයි. රක්ෂණෙ වැඩ කලත්, තමන්ට කිසිම රක්ෂණයක් නැහැ. ඒ වගේම තමයි ඔය පරමාධිපත්‍යය අතේ තියන චන්ද දායකය.:)

    • සහතික ඇත්ත මචං…..මගේ මුළු ලිපියම ඉතාම කෙටියෙන් සහ නිවැරදිව විග්‍රහ කරලා.

  13. මේ කතාව කියවා දුක් නොවන සිතක් තෙත් නොවන දෙනෙතක් වේද?

    • ඔව් කකා …මීටත් අමාරු ගමනක් තමයි ඇදගෙන ආවේ. අන්තිමට සියල්ල සතුටින් හමාර වෙනවා. බොහොම ස්තූතියි කකා….

      • නමුත් ඒ දුක්වීම මෝඩ ආතල් ගැනීමක් ලෙස සිතන අසංවේදී (නො)මිනිසුන් ද මෙලොව සිටිති.

      • silentsahan says:

        අයිසේ කතන්දර නිකන් බල්ලෙක් වෙන්න එපා හරිද …? මන් තමුසේට වෙලාවක කියල දෙන්නම් …මෙතන තමුසේ වගේ බල්ලෙක් එක්ක කතා කරන්න මට බැහැ … අපි පස්සේ හම්බෙමු ….

      • කරුණාකර අපි මේ අනවශ්‍ය පෞද්ගලික මත ගැටුම් නවත්වමු. මොනවා අයිති කරගන්නද හිත් කේන්ති කරගන්නේ? කවුද වැරදි කියලා හිතන්න ඉස්සෙල්ලා තමන් හරිද කියලා හිතන්න ඕන කවුරුත්.

        There are no judges in this blog world. You are the judge! You are the court!!

      • ඔබට නීරෝගී සුවය පතමි.

    • silentsahan says:

      අපි පස්සේ හම්බෙමු කකා ….

      • අයි විෂ් යූ ෆාස්ට් රික්වරි. ගෙට් වෙල් සූන්.

      • Anonymous says:

        සීතල යුද්ධයකට පෙර නිමිති. හ හ හහ් හහ් හා………………..

      • Anonymous says:

        බලමු අපි කවා සහ විචාරකතුමා වගේ වෙයිද කියලා. හ හ හහ් හහ් හා………………..

      • silentsahan says:

        මට නම් නීරෝගී වෙන්න දෙයක් නැහැ .. කතන්දරට තමයි බෙහෙත් ටිකක් දෙන්න වෙන්නේ..රෝගය නම් හඳුනාගෙන ඉන්නේ …

  14. තිසර says:

    අරූගේ කතාව ගැන තැන් තැන් වල කියවන්නට ලැබුණා. ඒ නිසාම ඇවිත් එබිල බලලා ගිය අවස්ථා තිබුණා. සමහර බ්ලොග් අනිත් වැඩ අස්සෙ කියවන්න බැහැ… එහෙම කලාම එකෙ නියම රසය විඳගන්න බැහැ… මේ කොටස කියෙව්වා… හරිම සංවේදීයි….

    මුල ඉඳලා කියවන්න ආයෙ එන්න ඕනේ….

    • /////ජීවිතය රඟහලකි. අපි එහි රඟන නළු-නිළියෝ වෙමු – විලියම් ෂේක්ස්පියර්///////

      තිසරගේ රඟහලේ බෝඩ් එක තමයි උස්සන් ආවේ. මේක තමයි ඇත්ත තිසර. ඕක ගොඩාක් අය යටි අරුතෙන් තේරුම් ගන්නවා අඩුයි. ඒක තමයි සමාජයේ නිතරම අනවශ්‍ය ඝට්ඨන.

      මම මීට පෙරත් උඹේ බ්ලොග කියවලා තියෙනවා. ෂුවර් කියලද බලන්න ආපහු ගිහින් එන ගමන් තමයි බෝඩ් එක උස්සන් ආවේ.

  15. උදේම ආවා අරූගේ අඩවිය වටේට රවුමක් යන්න
    කියවල බලලා හිතට ආපුදේ බෑනේ නොකියා යන්න
    මේවගේ සුන්දර දිවියක් ගතකල මිනිහා කවුද කියන්න
    අම්මප මට දොළදුකක්‌ තියෙනවා අරූගේ මූණ බලන්න

    • පව්ලූශා……මගෙත් හිතේ බ්ලොගාලාගේ මුහුණු ගැන එක එක චිත්‍ර මවාගෙන ඉන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා නන්දු කියලා. මම හිතන්නේ උඹ ඒ වගේ කියලා. හම්බවෙච්ච දවසක තමයි හරිද වැරදිද බලන්න වෙන්නේ

    • මටත් ඉවාන්

  16. Chinthaka Supun says:

    ධර්මපාල අංකල් තමා අංකල් නෙහ්…….. වෙනද වගේම ඉතිං ටොපේ ටොප්..
    මේ අර බ්‍රැන්ඩි බෝතලේ වර්ගෙ ලියන්ට අමතක වෙලා වගේ මයේ හිතේ….. 😀

    • ධර්මපාල අංකල් තමයි මෑන් කියන්නේ…පුදුම බුවාලා බං. තව කෙනෙක් හිටියා රණසිංහ අන්කල් කියලා. තාත්තා උස්සන් ඇවිල්ලා අපේ ගෙදරම ප්ලග් උනා. ඔළුව දණිස්සට පාත් වෙන්න බොනවා. හැබැයි හරි අහිංසකයි. බැඳලත් නැහැ. පස්සේ ලියන්නම් විස්තර.

  17. sandu......... says:

    lassanata liyala thiyanawa…………
    mamath puruduwenna ona brandy bonna……..

  18. රාජ් says:

    හප්පේ කටවල් 15ක් පුරවනව කියන්නෙ ලේසිපාසු වැඩක්ද? අරූ නං අන්තිමයි. අරූ කිව්වෙ මාල හොරා!

    • මම බයවුනා අන්තිමයි කිව්වේ අරූටද කියලා. උඹ කියලා තියෙන්නේ අරූටනේ.

      මචං එච්චර හිටිය ගෙදර දැන් ඉන්නේ හතර දෙනයි. මතක් වෙනකොටත් පුදුම හිතෙනවා බං එච්චර හිටියාද කියලා.

  19. damith says:

    පොඩිකාලෙ විදපු දුක් උබ රසවිදින විදිය මාර ලස්සනයි අරු.
    උබල සෙට් වෙනකොට අපිටත් කියල ඉදපල්ල හරිය
    ජෙ ආර් ගෙ බන්ගලාව දැන් අයිති ලොඩ්ස්ටර් එක අයිති පින්ජෙර්ස් කියල සුද්දට

    • Ravi says:

      දමිත්,

      / ජෙ ආර් ගෙ බන්ගලාව දැන් අයිති ලොඩ්ස්ටර් එක අයිති පින්ජෙර්ස් කියල සුද්දට /

      අඩේ හරිනෙ..මම අර කලින් කිව්වෙ අපේ කම්පනි එකේ වැඩක් ගැන. ඒ එතනම එහා පැත්තෙ ඔය කියන සුද්දට ගෙයක් හදන්න. ගෙයක් කිව්වට ඒක ඇවිල්ල මාළිගාවක්. හරි මනුස්සය තමයි ලෝඩ්ස්ටාර් එකේ අයිති කාරය. නම ඇවිල්ල Koenraad Pringiers . ජර්මන් කාරයෙක් මට මතක විදිහට. එහෙනං ඒ මාලිගාව හැදිල්ල පැත්තක දාල මිනිහ ජේ.ආර්. ගෙ ගේ ගන්ට ඇති. 🙂

      • damith says:

        එක හැදුවෙ පුතාට.රවි එතෙන්ට ආවද.ඔක හදන කාලෙ එක සැරයක් ලොකු ග්ලාස් එකක ක්ලෙම් එකක් ෆොටො වගයක් ගහන්න මම ඔතෙන්ට ගියා.

    • Damn It……..දැන් ඇත්තටම රස විඳින්න පුළුවන් ඒ අතීතය…..මොකද දැන් අපි හැමෝටම ෂේප් එකේ ජීවිතය ගැටගහගන්න පුළුවන් මාර්ගවලට වැටිලා තියෙන නිසා.

  20. හාල් පොත උගසට තැබූ නිවසක දරුවෙකුත් සහනාධාර කප්පාදු කල නිවසේ දරුවෙකුත් එකම පාසලක ඉගෙන ගැනීම ඇත්තටම දෛවයේ සරදමක්ම තමා.
    අරූ අර අන්තිමට කියපු කතාවෙන් මගෙත් මතකයක් අලුත් උනා. මීට අවුරුදු 12කට විතර කලින් අපෙ අක්කා බැදපු මස්සිනා මෑන්ගෙ අම්මා රට ඉදන් ඇවිත් ආපහු රට යත්දි ‘අන්නාසි’ කන්න ආසයි කියලා රට යත්දි ගෙනියන්න අන්නාසි ගේනන සල්ලි දීලා අපෙ පුංචිගෙ පුතාව යැවුවා. මෑන්ටත් එතකොට 25ක් විතර ඇති. කොහොම හරි අන්නාසි කෙසේ වෙතත් මෑන් ගෙදර ආවෙත් අර මනුස්සයා රට ගිහින් මාසෙකට විතර පස්සෙ. (මෑන් කලිනුත් ඔහොම හිටපු ගමන් අතුරුදන් වෙන පොරක් නිසා ගෙදරටත් මෑන් ගැන ඒ තරම් අවුලක් නැති නිසාම හොදයි.) 🙂

    • ඔය වගේ අන්නාසි බුවාලා ඉන්නවා බං. මම එකපාරක් නිවාඩු ඇවිත් ආපහු යන දවසේ ගෙදරින් යන්න ඉස්සෙල්ලා හිතේ දුකට දෙකක් දාගන්න හිතුවා. එකෙකුට කිව්වා බාගයක් අරන් වරෙන් කියලා. මේ සුනඛයාව ඇහැට දැක්කේ නැහැ ඊලඟ අවුරුද්ද වෙනකම්.

      • මං අඳුණන පොරක් බිරිඳත් එක්ක සංචාරයක් යන්න සිතා ඔහුගේ කාර්ය බහුලත්වය නිසාම පාස්පෝට් රිනිව් කරන්න ගෝලයෙකුට දීලා.

        ගෝලයා පැනලා නොගියත්, මගේ හිතවතාව ගොනාට අන්දලා සංචාරයේ දින ලංවෙන තුරුම. අන්තිමේ දී සල්ලිත් නෑ, පාස්පෝටුත් නැ.

      • කකා………මේ හා සිදුවීමක් උනා මට පළවෙනි පාර රට යන්න ගිහිල්ලා. තව පොඩ්ඩෙන් ජොබ් එකත් නැතිවෙනවා.

  21. කා(Ka) says:

    මචං අරූ, හාල් පොත් කාලේ පොරකට මචං කියන්නේ කෙහොමදෑ කියල මම කල්පනා කොලේ.
    අවුලක් නෑ, මේ බොග සමාජය නොවෑ.
    අරූ, ඔය හාල් පොත් කාලේ මාර පෝලිං නේද තිබුණේ. මැතිණිගේ සමහර වැඩ නිසා දුප්පත් මිනිසුන්ට බොහෝ සහන ලැබුණා. අර අක්කර 50 කට වැඩිය ඉඩම් තියා ගන්න බැරි කතන්දරයකුත් තිබුණා නේද? අක්කර 300~400 ක් විතර තිබුණු වලව් පංතියේ පොරක්, උගේ ඉඩම් ටික දූලා පුතාලට 50 ගානේ විතර බෙදලා දාලා දාල ඉතිරිය දුප්පත් මිනිසුන්ට පදිංචියට දුන්නා. ඌට මාර නම්බු නාම මිනිසුන්ගෙන් ලැබුනේ. මැතිණිට වැඩිය ඌට මිනිස්සු නම්බුව දුන්නා. ඒත් ඉතින් මේකා කැමැතතේන් දුන්නු ඉඩමක් නම් නෑ. මොකෙකුගෙන් හරි තව මොනවාහරි ගන්නවා ඇරෙන්න. දන්නවානේ තව වලව් පොරක් හිටියා ඒ කාළේ. කෙල්ලෙක් කොටහළු වෙනවා පෙන්නන්න බෑ.
    අපේ අප්පොච්චා ඒ කාලේ ගිරාම සෙවක ජොබත් කොරලා තියෙනවා. හිටියනම් හාල් පොත ගැන අහගන්න තිබුණා. පස්සේ අප්පොච්චා ඉස්කෝලේ උගැන්නුවා. හැබැයි අප්පච්චිට අපිට උගන්වන්න බැරි උනා. 71 හමුදාවෙන් බේරිලා ඉතිරි උන පංතියේ සැට් එකටම කෙලවාපු අලුගෝසු ගණයේ විකාරද ජිල්මාට් පප්පලාට වගයකට ගොදුරු උනා.

    • Ka….උඹලාගේ අප්පච්චි ගැන කනගාටුයි. තාත්තෙක් පවුලට නැති උනාම තියෙන පාඩුව මට තේරෙනවා.

      ඒ කාලේනම් පෝලිම් එපා උනා බං. පාන් පෝලිම් වල ඉඳලම *කාපාන් උනා. ඒ ක්‍රමය මිණිස්සුන්ට දරා ගන්නම බැරිනිසානේ බං 77 විපරියාසේ උනේ. අද මහරජාලා උඩ පැන පැන අනින්නෙත් ඒ අං තට්ටුවෙන්මනේ. එකයි හිතට දුක. පරණ අය නම් කියන්නේ මැතිනිගේ කාලේ දුක් වින්දේ මිණිස්සු විතරයි ඇමතියෝ සැප වින්දා කියලා. දැන් දුක් විඳින්නේ ඇමතියෝ….ජනතාව නම් ෆුල් සැපේ!!!!!!!

      කවුද බං කොටහළු හාමු?

      • Kenji @ Japan says:

        අත්තනගලු කුමාරය වෙන්න ඇති.
        අම්ම අගමැති කාලේ මීගමුවෙ බ්‍රවුන්ස් බීච් හෝටලය එයාගෙ නවාතැන වෙලා තිබුනලු.

    • morabba says:

      ඒක තමා කා අලුගෝසුවෝ දඩයම් කරන්නේ. මටත් කනගා‍ටුයි. පාවාදෙන්න නම් කප් ගහපු උන් ඉන්නේ මෙහේ.

    • Kenji @ Japan says:

      කා(Ka) මා බොක්කේ මිතුර,
      කලකන්නියන් අතින් ඔබගේ පියතුමා මියගිය බව ඇසූ විට මාගේ හදවත කම්පාවිය.
      ඔබ පියාට නිවන් සුව අත්වේවායි පතමි…!

  22. deshakaya says:

    අපුරු මතකයන් ඇවිස්සීමක්.. උඹලගේ තාත්තා සෑහෙන්න විනෝදකාමි කෙනෙක් නේද???

    • ඔව් බං දන්න කාලේ ඉඳලම විනෝදේ හොඳම එක. වල කොතනද එයා එතන. දැන්නම් ඉතින් පූසා වගේ ඉන්නවා.

  23. silentsahan says:

    අරූට පුළුවන් වෙලාවක මේක කියවලා බලන්න…

    http://obeth-mageth-addakeem.blogspot.com/2013/05/upali-mazda-1968.html මේ විස්තර අන්තර්ජාලගත වෙලා බව මගේ පියා දන්නේ නැහැ.. දන්නවනම් මට කුණුහරුපෙන් බණිනවා …

    හැමදාම වගේ රසවින්දා ..ඒත් කමෙන්ට් එක දැම්මේ පරක්කු කරලා…දැක්කනේ කලින් පෝස්ට් එකේ මගේ එක කමෙන්ට් එකෙන් වෙච්ච දේ…

    • සහන් ගියපාර කමෙන්ට් එක උඩින්ම දාපු නිසා හොඳ සංවාදයක් ඇති උනා. මම නම් ඒකට කැමතියි.
      මම ඔබේ ඒ පෝස්ට් එක කියෙව්වා. නොදන්නා තොරතුරු රාශියක් දැණගත්තා. මම එතන සටහනක් දැම්මා.

      • silentsahan says:

        අරූ ඔබ දැමු කමෙන්ටුව මා දුටුවා. එයට පිළිතුරු මෙහිම දම්මන්නම් මොකද එහි කමෙන්ට් 200 ඉක්මවා ඇති බැවින් ඔබේ කමෙන්ටුව සැඟවී ඇත.ඔබේ මතකයන්ද ඒ හා බැඳී ඇති නිසා මා ඒ පෝස්ටුව දැමු කාලේ ඔබ සිටියා නම් කියා සිතුණා.

        දැන් නම් ඉතින් වෙන්න ඕනේ සේරම ටික වෙලා ඉවරයි. කතා කරලා වැඩක් නැහැ.. ආයේ එහෙම කාලයක් එන්නේ නැහැ.. මතකයන් විතරයි.. මගේ පියාණන්ට මේ වෙනස දරන්නම බැහැ …

        පහල රෙහානි කියපු දේටත් කියන්න දෙයක් තියේ..මේ ගමන්ම කියන්නම්..ඉස්සර අපේ සීයලා ළමයි හැදුවේ හතර මහා නිධානෙ පහල වෙලා නෙවේනේ.. දැන් ඉන්න කෙල්ලන්ට එකෙක් වදාගන්නත් බැහැ ..ඒකටත් දහ අතේ වඳින්න ඕනේ..

        ” පැටියෝ අපි එක්කෙනෙක් ගේමුකෝ ”

        ” පැටියෝ අපි තව එක්කෙනෙක් ගේමුකෝ ”

        ” අනේ බබා පුංචි දුවෙක් ”

        ” ඔයා වගේම පුංචි හුරතල් බෝලයක් ගේමුකෝ ”

        ” අනේ කෙල්ලෙක් නැති පවුලකින් වැඩක් නැහැ බබා ”

        ” පවුලේ බාලයා වෙන්න ඕනේ දුවෙක් ”

        ” අපිට කොල්ලෙක් ඉන්නවනේ. දැන් දූ පැට්ටෙක් තමයි අඩු ”

        මේ වගේ කීපාරක් කියන්න වෙනවද අරූ ……… 😦

  24. අපේ ගමේ එකම එක ගෙදරක ඉන්නවා පව්ලේ දරුවන් 13 දෙනෙක් ඉන්න…ඒ අම්මා හරිම නිරෝගියි..,ඒ වගේම තාමත් ඇඟේ හයිය තියනවා..

    දැන් නම් පව්ලකට දෙන්නෙක් හදාගන්නෙත් අමාරුවෙන්…නැත්තන් කන්න බොන්න දෙන්න බැරුව තාත්තට වහ බොන්නනේ වෙන්නේ 😀

  25. ඒක තමයි රෙහානි…..මමත් දන්න පවුල් කීපයක් ඉන්නවා 10+ ළමයි. අපේ අම්මත් තුනුරුවන් සරණින් ෆිට් එකේ ඉන්නවා. මගේ වයිෆ් එක්ක වැඩ කරනවා සුද්දියෙක් ළමයි 10යි. මෙහේ එහෙම කේස් ඇත්තෙම නැති තරම්. හැම ළමයෙකුටම රජයෙන් මාසිකව මුදලක් ගෙවන නිසා කෑම බීම නවාතැන් ප්‍රශ්ණ නැහැ. ඒත් ගොඩාක් පවුල්වල එකයි, දෙකයි.

    අපිටත් ඉන්නේ එක්කෙනයි. එයාට පොඩි කාලේ කවන්න ගියාම මාර කරදරයක්. මම පිඟන් විසිකරලා තියෙනවා. අපේ අම්මයි, වයිෆුයි බණිනවා මට තව කොහෙද ළමයි දෙතුන් දෙනෙක් හිටියානම් කියලා. මටත් පුදුමයි අපි හත්දෙනෙක්ව උස් මහත් කරපු එක ගැන. අනිත් එක අපි ඔක්කොම හෙන උස මහත සෙට් එකක්.

  26. සිරා says:

    //දැන් සියල්ලෝම පහලොස් දෙනෙකි. අද කාලයේ නම් මෙවැනි පවුලක් නඩත්තු කරන්නට නම් මධ්‍යම ප්‍රමාණයේ කුඩු මුදලාලි කෙනෙක්වත් විය යුතු බව නිකමට මෙන් අතීතය ආවර්ජණය කරන විට හිතට දැණේ.//

    මෙතැන නම් නියමයි

    ඔය කියන ධර්මපාල ගොයියට හැබෑටම තාත්තා දෙකක් දුන්නෙ නැද්ද?

    • අනේ නැහැ සිරා…..අපේ තාත්තා යුක්තිය අයුක්තියේදී පපුව ඉස්සරහට දාලා පෙනි හිටියට අනිත් අවුල් වලදී නිතරම වලි ශේප් කරන්නෙක්. අනිත් එක ධර්මපාල කියන්නේ ගැහුවත් හිනාවෙන වර්ගයේ ධර්ම බුවෙක්. මිනිහගේ පවුලේ ප්‍රශ්ණ වලටත් තාත්තාව තමයි අරන් යන්නේ.

  27. හිරු says:

    මම පරක්කු වැඩි උනා අරූ එන්න.
    ඉස්සර වගේ දැන් හාල් පොලු නෑ. දැන් තියෙන්නේ බැටන් පොලු. හි.. හි..

    • ඇත්තටම හිරු අපේ රටේ දේශපාලකයෝ හැමදාම ජනතාවට දුන්නේ පොලු තමයි. මෙහෙම ගිහිල්ලා දවසක ජනතාවත් බලු නොවී පොලු අතට ගනියි. ඒක තව ගොඩාක් ඈතයි.

      • හිරු says:

        මදෑ… මං නැති උනාට ඔය මගේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ… හා හා.. කමක් නෑ… ඕනෙ එකක් ඔන්නොහෙ… දාපු දවසෙම පෝස්ට් එක කියෙව්වට එදා කමෙන්ට් දාන්න හම්බුනෙ නෑ… දැං උඩ ඉඳන් කමෙන්ට් ටික කියෝගෙන එද්දි පෝස්ට් එක මතක නෑ…. හි හි…

      • කවුද හිරූ ඔයා නැතිවෙලාවට කමෙන්ට්ස් දාන්නේ…..මිස්ටර් හිරූද……මමා හිරූද?

    • හිරු says:

      ඉන්නකෝ අරූ……………. ඔය හිරූ කවුද කියලා මම කියන්නම්කෝ. දැනටනම්, ඉවාන් තමා සැක.

  28. Black Puma says:

    පව් අප්පා, හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේනේ. ආච්චිට උනේ

    • ඒක තමයි පූමා….අවංක උනාම අන්දවන්න පුළුවන් සම්භාවිතාව වැඩියි. හැබැයි දිගින් දිගටම ඇන්දවෙනවා නම් ඒක ගොන්කම.

  29. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

  30. ලෝකේ තියෙන ඔක්කොම කරදර වෙන්නේ මටනේ කියල හිතෙන වෙලාවට කියවන්න නියමම කතාවක් මේක…. ඔයාගේ ලියවිල්ලනම් කියල වැඩක් නෑ ටික වෙලාවකට හරි අපිත් එතන හිටිය කියල වගේ තමයි දැනුනේ

    • රාළේ……මට මොනවද වෙලා තියෙන්නේ කියලා හිතෙනවා…උඹ ලියන රට රැකියා ගේම් දැක්කම. අහිංසක මිනිස්සුන්ව කොච්චර රවට්ටනවාද? ඒ අතින් ධර්මපාල අංකල්ලාගේ ගේම් පොඩි දේවල් කියලා හිතෙනවා බං. හැබැයි එක දෙයක් තියෙනවා….අපි කොච්චර වෛර කරත් කේන්ති ගත්තත් වැඩක් නැහැ. වෙන්න ඕන ක්‍රමවත් වැඩ පිලිවෙලක් හදන්න කියලා බලකරන එක…..ඔමායගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් එවලා තියෙනවා විදේශ සේවා එකෙන්..මට අධෝ මුඛයෙන් හිනා ගියා. අපි නොදන්න විදේශ සේවා. උන්ගේ කවුරු හරි බ්ලොග් කියවන බව නම් තේරුනා. රජයේ ආයතනයක් බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දාපු පලවෙනි අවස්තාව වෙන්න ඇති.

  31. Ravi says:

    දමිත්,

    / එක හැදුවෙ පුතාට.රවි එතෙන්ට ආවද.ඔක හදන කාලෙ එක සැරයක් ලොකු ග්ලාස් එකක ක්ලෙම් එකක් ෆොටො වගයක් ගහන්න මම ඔතෙන්ට ගියා. /

    අපි …..අපි කිව්වෙ මම ඒ දවස්වල වැඩකරපු ඉඳිකිරීම සමාගම ඔය මාලිගාවට ටෙන්ඩර් කලා. ටෙන්ඩර් කරද්දි සයිට් විසිට් එහෙකට මම ආවෙ.ඒ දවස්වල කඳුගැටයක් උඩ කණාටු පොල් ගස් හත අටක් විතරයි තිබුණෙ.කොහොම හරි අපිට ඒ කොන්ත්‍රාත් එක හම්බ උනේ නෑ. දමිත් එතකොට ඒ වැඩේ කරපු කන්ට්‍රෑක්ටර් ගාව වැඩ කලාද?

    ඕකෙ තිබ්බ හෙණ දාර සයිස් Glass Panels වගයක්..මට මතකයි 🙂

  32. Anonymous says:

    ලියල තියෙන්නේ ඔබේම ජීවිතේද මම දන්නේ නෑ හරියටම. මම කියවූයේ අද නිසා. ඒත් නවකතාවක පිටුවක් කියෙව්වා වගේ දැනුනා. ඇත්තෙන්ම හදවතටම දැනෙන විදියට ලියලා.
    අර මාලේ අරන් ගියපු කෙනාව ආයෙත් පිලිඅරන් ඔහුත් එක්ක සම්ඟියෙන් ඉන්න තරම් නිවුන මිත්‍රශීලි හිත් අදනම් නැතිවෙයි.
    ඔබේ ලිවිල්ල නම් හරිම අපූරුයි.. සුබ පතන්වා වගේම නැවත ලියන්න කියලා ඉල්ලනවා.

  33. ලියල තියෙන්නේ ඔබේම ජීවිතේද මම දන්නේ නෑ හරියටම. මම කියවූයේ අද නිසා. ඒත් නවකතාවක පිටුවක් කියෙව්වා වගේ දැනුනා. ඇත්තෙන්ම හදවතටම දැනෙන විදියට ලියලා.
    අර මාලේ අරන් ගියපු කෙනාව ආයෙත් පිලිඅරන් ඔහුත් එක්ක සම්ඟියෙන් ඉන්න තරම් නිවුන මිත්‍රශීලි හිත් අදනම් නැතිවෙයි.
    ඔබේ ලිවිල්ල නම් හරිම අපූරුයි.. සුබ පතන්වා වගේම නැවත ලියන්න කියලා ඉල්ලනවා.

    • මේ සහතිකෙන්ම මගේ ජීවිත කතාව. මතකේ තියන හැම දෙයක්ම. මේ බ්ලොග් එකට කමෙන්ට්ස් දාන්න අපහසුද? මම නම් ළමයෝ ඔය ටෙක්නිකල් දන්නේ නැහැ. ඔය ප්‍රශ්ණේ මුලින් කකාටත් තිබිලා මොකක්ද අවටාර් ලොග් වෙන කතාවක් කිව්වා. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ.ඔබ මේ ගැන වෙන තැනක අහලා තිබුනා මම දැක්කා.ස්තූතියි.

  34. සරත් විජේසූරිය මහත්තයා ලියන කතා වලට ගොඩක් සමාන කමක් තියෙනවා වගේ මේ කතා වලත්..

    පසුව ලියමි: වැඩ අස්සේ එන්නේ අරූ අයියේ. නිතර එන්න වෙන්නේ නැති එකට සමාවෙන්න ඕනේ….විවේකේ අඩුයි.

    • අඩෝ කොල්ලෝ…..වැඩ අතපසු කරගන්න එපා…..ලෙඩ දාගන්න එපා…..මහාචාර්ය්‍ය තුමාට අපහාස කරන්න එපා.

  35. maathalan says:

    මචෝ මේ කතන්දරේ කිසිම අඩු පාසුවක් නැතුව දිගටම ලියපන්… මම මෙතෙක් බ්ලොග් ළෝකේ දැකපු සාර්ථකම ලිවිල්ල.. මේ වගේ එකෙක් නොලියා සිටිය නම් ඒක මහා ජාතික අපරාදයක්… කතන්දරේ ලිව්වයින් පස්සේ.. ඔය නමින්ම පොතක් විදියට එලි දක්වපන්.. නලියලා උනත් ඉන්නවනේ සප් එකට… මචෝ මිනිහෙක්ගේ ඇඟ හිරි වැටෙන්න ලියන්න බෑ හැම එකාටම…

    එක්සලන්ට්… වෙන කියන්න දෙයක් නෑ… මග ඇරිච්චත් කියෙව්වා…

  36. මචං මාතා…..පහුගිය ටිකේ උඹ නොහිටිය එක තදින්ම දැණුනා. උඹ දීපු තල්ලුව නිසා තමයි මට අවුරුදු තුනකට පස්සේ වුනත් ආපහු ලියන්න හිතුනේ. මේ කතාවේ හංගන්න මුකුත් නැහැ. හොඳ නරක දෙකම ඇති. කාලෙකට පස්සේ උඹේ අළුත්ම පෝස්ට් එක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ලැප ගොඩ ගන්නම බැරිද?

  37. ඔයාගේ කතා මන් ආසයි කියවන්න ,, අපේ අම්මත් ඉස්සර වෙච්ච දේවල් කියද්දී කියලා තියෙනවා සීනි නැති නිසා කෙසෙල් ගෙඩි එක්කත් තේ බීවලු.. ආච්චි පව් නේද ? tv එකේ දෙකයි පනහේ මෙගා එකක් බලනවට වඩා ඔයාගේ ලිපි කියෝලා හිතෙන චිත්‍රපටියක් බැලුවැකි

    • ඔයා දන්නවාද ඔමායා….සමහරක් මිනිස්සු කළටි කුරුම්බා හප හපා කහට බිව්වා…..

      මට බයයි ළමයා මේකත් දෙකයි පනහේ මෙගා එකක් වෙයිද කියලා.

  38. මේ පෝස්ට් ටික ඔක්කොම මිස් උනා සති දෙකක් විතර බ්ලොග් කියවන්න එන්න බැරිවෙලා . එහෙමම මේක කියවන එක නවත්තලා තිබ්බේ ඔක්කොම එක පාර කියවන්න . 12 තාම බැලුවේ නෑ . මේ වෙනකන් ටික කියවලා බැලුවා . මේක ටිකක් මාටින් වික්‍රමසිංහගේ ” උපන්දා සිට ” වගේ . 🙂

    නරකද පොතකට මේ ටික දැම්මනම් ???
    අත්විඳින්න බැරි උනාට මමත් කැමති ඔය කාලෙට .

    • වයලීන් පුතා උඹ ෆිට් එකේ ඉන්නවා නේද? අපේ බාලම මල්ලී (මේ කොටසේ හැටියට නම් තාම මව් කුසේ)පොඩ්ඩක් මාධ්‍ය බුවාලා ආශ්‍රය කරනවා. මිනිහත් කිව්වා දිගටම ලියන්න කියලා..මොනවා හරි කරන්න ඕනේ කියලා කියනවා.

      සින්දුවාගේ ඡන්දේ වැඩේ මම දන්න දන්න අයටත් කිව්වා. උන් කරාද නැද්ද දන්නේ නැහැ.

      • අහ්හ්හ් ෆිට් ෆිට් .
        මේ දැන් තව පැයකින් විතර ප්‍රසන්ටේෂන් පටන්ගන්නවා කියලා පේජ් එකේ තියෙනවා . හික් හික් මමත් මේ ටච් එකේ ඉන්නේ උන්ට මොකක් වෙලාද දන්නේ නැති නිසා .
        එල එල
        බොහොම ටැංකියු !!!!

  39. අපුරුයි අරූ ….
    ලස්සන නවකතාවක් වගේ ,,,
    හිමින්සැරේ ඉතිරි ටිකත් කියවල ඉන්නම්…

  40. මට උඹේ පොස්ටුව කියවන්න විවේකයක් හම්බුනේ අද තමයි. මේක ශෝක රසය තැවරිච්ච ආනන්දනීය ලියවිල්ලක්. මමත් පාන් පෝලිම් වල හිටිය ඉස්කෝලේ යන්නත් ඉස්සෙල්ලා . හාල් පොතත් හොඳට මතකයි. ඔය කියන බඩ ගින්නත් මතකයි. ඒ හැම මතකයක්ම අවුස්සගෙන රස වින්දා උඹේ ඉස්තරම් ලියවිල්ල .

    • මචං බොහොම ස්තූතියි. මගේ සිංහල වැරදි නම් බොහොමයක් තියෙනවා. ආපහු සිංහල ඉගෙනගන්න කාලයක් නැහැ බං.

  41. තරූ says:

    පුදුම කතාවක්.. අද ලස්සනට ලියන මේ කතාව එදා කොයි තරම් දුෂ්කර ක්‍රියාවක් වෙන්න ඇතිද? අරූගේ අම්මා දේවතාවියක් වෙන්නෙ ඇයි කියන කාරණය හරිම පැහැදිලියි…

    • අපේ අම්මා රත්තරන් කඳක්….මගේ වයිෆ් තමයි එයාගේ හොඳම යාළුවා….මම නොදන්න රහස් ඒ දෙන්නා කතා කරන්නේ. මිනිස්සු හිතන්නේ මම බෑණා කියලා. තාමත් දවස් දෙකකට සැරයක් වත් අපි අම්මාට කතා කරනවා. ලබන අවුරුද්දේ දුවගේ උපාධියෙන් පස්සේ මම දිගටම අම්මා ගාව ඉන්න එනවා.

  42. Miyuru says:

    හාල් පොත වගේම මුද්දර කාඩ් එකක් කියල එකකුත් තිබුණා නේද…? ඔය භූමිතෙල් ගඳ චීත්ත මටත් හොඳට මතකයි… විස්තර කියන්න නම් දැනුමක් නෑ… දැකල තියෙනව විතරයි…
    අරූගෙ දෙමාපියො නම් හරිම අපූරු ජෝඩුවක්… පාළොස් දෙනෙක් ගෙදර තියාගෙන කන්න බොන්න දුන්නා කියන්නෙ…. මමත් දන්න ඔය වගේ තැනක් තිබුණා… ඒ ගෙදර හිටපු පරපෝෂිතයො ටික නම් ගෙදර සීයා පැන්සොං ගන්න කොට නිකම් කන්න ලැබෙන්නෙ නැති හින්දා හෙමීට මාරුවෙලා ගියා… අද සීයටයි ආච්චිටයි සලකන්න ඉන්නෙ එක දුවෙක් විතරයි….
    අර තරම් ආච්චි ආදරේ කරපු මාලෙට කරපු දේත් එක්ක ආයෙම ඒ මිනිහව ගෙදරට වද්ද ගත්තා කියන්නෙ… ආච්චි මොකද කළේ මාලෙ නැති උනාම…?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s