අවුල් වන්නට පෙර (16)….බැඳුනු නැති සමුළුව…

මේ යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ මතවාදී හැල හැප්පීම් රාශියක් විය. ඒවා ඒ ඒ වශයෙන් ගෙන විග්‍රහ කිරීමට මට මතකයක් නැත. ජාතික දේශපාලනය තුලද පවතින ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටෙමින් පවතින කාලයයි. ඩඩ්ලි සේනානායක මහතාගේ මිය යෑමෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායකවීත් බොහෝ කල්ය. ඇමරිකානු සහ රුසියානු බල කඳවුරු වලින් බැහැරවූ නොබැඳි ජාතින්ගේ සමුළුවේ පස්වැනි සැසිවාරය පවත්වන්නට තීරනය වී තිබුනේ සිරිමාවෝ බංඩාරනායක අගමැතිනියගේ සභාපතිත්වයෙන් කොළඹදීය.

මේ සමුළුවට සුදානම්වීම සඳහා කොළඹ නගරය යම්කිසි ප්‍රතිසංස්කරණයකට ලක්විය. අද මෙන් කැරකෙන්නේ නැති රූංපෙති සවි නොකෙරුවාට එදාත් යම්කිසි දුරකට නගරාලංකාර වැඩ කටයුතු සිදුවී ඇත. කැළණි පාලම පසුකර නුවර පාර දෙසට යනවිට ඇති මහා සද්දන්ත කොන්ක්‍රීට් පවුර එදා නිමකර තිබුනේ මොන හේතුවකට දැයි නොදන්නා මුත්, සමහරුන් කියන්නේ කටුනායක සිට පැමිනෙන රාජ්‍ය නායකයින්ට, අවට විසූ පැල්පත්වාසීන් නොපෙනෙන්නට සැදු ආවරනයක් බවය, ඇත්ත නැත්ත නොදනිමි. පසු කාලයක ඉතා දර්ශනීය පෝස්ටර් ඇලවීමටනම් එය මහඟු උපකාරකයක් විය.

මේ සමුළුවට සුදානම් වීම සඳහා නගරවාසී යාචකයින් අල්ලා පිටපලාත්වලට පැටවීමත්, සමහරක් ප්‍රදේශවල පැල්පත් කඩා බිඳ දැමීම නිසා නගරය හැර යන්නට සිදුවූ බවත් අසා ඇත්තෙමි. මේ කිනම් සමුළුවක් හෝ ලංකාවේ පවත්වන ඕනෑම අවස්ථාවක පළමුවෙන්ම පීඩාවට පත්වන ජන කොට්ඨාශයක් වේ නම්, ඒ කොළඹ නගරය සහ අවට පදිංචි අන්ත අසරණ දුගී ජනතාවමය. ඉන්පසු හැම පාලකයාටම ඔවුන් අමතකය. ඒ දිනවල තාප්ප පුරා කළු අකුරින් ඇඳ තිබු විරෝධතා පාඨයන් දෙකක් තවමත් මට මතකය.

කර්නල් ගඩාෆි—–පැල්පත් කඩාපි
ඉඩි අමින් උගන්ඩාවේ—අපෙ මැතිනිට **න්නාවේ

මොවුන් දෙදෙනාම නොබැඳි සමුළුවට සහභාගිවූ බව මතකය.

1976 අගෝස්තු මාසයේ 16-19 දක්වා බංඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නොබැඳි සමුළුව පවත්වා ඇත. මෙය ශ්‍රීලංකාවේ පැවැත්වූ පළමු ජාත්‍යන්තර සමුළුව යැයි මම විශ්වාස කරමි. මට ඒ පිලිබඳ එතරම් දැනුමක් නැත. මේ රාජ්‍ය සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 86ක් සහභාගීවි ඇත. මාෂල් ටිටෝ, ඉන්දිරා ගාන්ධි, අන්වර් සදාත්, ෆිදෙල් කැස්ත්‍රෝ, මුවම්මර් ගඩාෆි, කෙනෙත් කවුන්ඩා, යසර් අර්ෆත්, අලි භූතෝ මට මතක නම් කිහිපයක්ය. මා දන්නා තරමින් මේ සමුළුවට සහභාගීවූ රාජ්‍ය නායකයින්ගෙන් බොහෝමයක් ලෝක දේශපාලන භූමිකාව තුල ඉතාම පෙරලිකාර චරිතයන්ය. ඒ බොහෝමයක් නම් අදටත් අමරණීයය. සිරිමාවෝ බංඩාරනායක චරිතය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුල කැපී පෙනෙන නායිකාවක් විය. අද ඉන්නා දේශපාළුවන් මේ චරිත අධ්‍යයනය කිරීම වටී. ඒ තරම් සාර්ථකව සමුළුව සංවිධානය කිරීමට එවකට සිටි අති දක්ෂ රාජ්‍ය නිලධාරීන් දක්වා ඇති උනන්දුව සහ පරිනතභාවය අද ඉන්නා සමහරක් නපුංසක උසස් නිලධාරීන්ට අත්පොත් විය හැක. ඒ දක්ෂ නිලදරුවන්ගේ නම් ලැයිස්තුවක් මා සතුව ඇතත් ඒවා ලියන්නට ගියොත් ලිපිය මාගලක් වෙනවාය. අවම පහසුකම් යටතේ පවා ඔවුන් පෙන්වා ඇත්තේ පරිපාලන නිපුනත්වය හැර අන් කුමක්ද?

මේ සමුළුව සම්බන්ධව කෙටි වාර්තා වැඩසටහනක් http://www.youtube.com/watch?v=kxJoN7oHFxc මේ තුලින් නැරඹිය හැක. මෙහි කථනය අමරබන්ධු රූපසිංහ නම් ඒ අති දක්ෂ ගුවන් විදුලි මාධ්‍යවේදියාගේය. ඉන් වසර හත අටකට පසුව ඔහු හා සමග ඉතා ලබැඳි ඇසුරකට පත්වීමට තරම් මා වාසනාවන්තයෙක් විය. ඒ ගැන මම පසුව ලියන්නෙමි. මේ සමුළුව සඳහා පාසැල් සිසුන් වශයෙන් අප දැක්වූ දායකත්වය කෙබඳු දැයි මට මෙලෝ මතකයක් නැත. නමුත් අරකී නම් කියන්නේ ඔවුනට කුඩා කිරි පැකට්ටුවක් සහ් ජාතික කොඩියක් අතටදී පාර අයිනේ සිට රාජ්‍ය නායක රථ පෙළපාලියට කොඩි වනන්නට රැගෙන ගිය බවය.

මේ සියළු උත්සව කටයුතුවලින් මාස කිහිපයකට පසුව රටපුරා කැළඹිලි ස්වභාවයක් ඇතිවූ බවත් මතකය. ඒ ශ්‍රීලංකාවේ සිදුවූ පළමු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතනය වූ පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනයත සමගය. ඒ 1976 අගභාගයේ යැයි යාන්තම් මතකය.

මම තවමත් සිටින්නේ දෙහිවල ආච්චී සමගය. මා ඔබට කලින් කීවාසේ මා නිතර ගැවසෙන්නේ සත්තුවත්ත හා ඒ අවටය. සත්තුවත්ත ඉදිරිපිට බොහෝ ජංගම වෙළඳුන් ගැවසුනු ස්ථානයකි. අඹ, අන්නාසි, ටොෆි, කඩල වෙළඳුන්ට වඩා මින් ප්‍රධාන තැනක් ගත්තේ සිප්පි කටු මාල, මදටිය ඇට මාල වැනි අරුමෝසම් භාන්ඩ වෙළෙන්දන්ය. මොවුන්ගේ බඩ වියත රැකුනේ විදේශීය සංචාරකයින්ට පිහිට වෙන්නය. කුඩා, තරුණ, මහළු මේ සියළු වෙළෙන්දන් සහ වෙළෙන්දියන් දෙහිවල අවට ප්‍රදේශවාසීන්ය. ඉන් සමහරක් පදිංචිව සිටියේ සත්තුවත්ත අසල මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිට එකල තිබූ කුඩා පැල්පත් නිවාස කිහිපයකය. අනිත් අය පැමිණියේ වෙරළ පැත්තෙන්ය.

වරක් එක් ත්‍රාසජනක සිදුවීමක් විය. මේ වෙළෙන්දන්ට සත්තුවත්ත භූමිය තුලට ඇතුල්වී වෙළදාම කරන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි. ඒ දන්නා හඳුනන නිලධාරියෙක් හොරෙන් අවසර දුන්නොත් පමණි. වරක් මෙලෙස ඇතුලේ මාල වෙළඳාම් කරමින් සිටි කොළුවෙකු වර්ශාවෙන් බේරීමට යකඩ කූරු වලින් වට කර තිබූ කූඩුවක් යටට මුවාවී ඇත. එලිමහන් ප්‍රදේශයේ යකඩ කූරුවලින් වටකර වහලය ගසා තිබූ මේ ශක්තිමත් සිංහ කූඩුව ඔබට මතක දැයි මම නොදණිමි. යකඩ කූරු අසලටම ගොස් වැස්සෙන් නොතෙමෙන්නට සිටි මේ කොළුවාට සිංහයාගේ තදබල හස්ත ප්‍රහාරයකට ගොඳුරු වන්නට සිදුවිය. නොදැනෙන්නට යකඩ කූරු දෙකක් අතරින් අත දැමු සිංහයා මොහුගේ මුහුණෙන් එක් පැත්තක් සූරා ඇද දමා තිබුනි. කම්මුල පැත්තෙන් පමනක් මස් ගොබයක් එලියට ඇද දමා තිබුනත් ඇස් දෙක බේරීම පූරුවේ වාසනාවකි. ඉන් කාලයකට පසුවත් ඒ දරුණු කැළල් සමග ඔහු සුපුරුදු වෙළඳාමේ යෙදී සිටිනු දැක ඇත්තෙමි.

මට දෙහිවල ආච්චීගේ ගෙදරි යන්නට සිදුවූයේ අපේ ආච්චී මා බැලීමට පැමිණි දිනෙක මට ඇති දුෂ්කරතා පැවසීමෙන් පසු ඇය තම නැඟනිය වූ මැටිල්ඩා ආච්චීට දැක්වූ ප්‍රතිචාරයන් සමගය. මේ සිදුවීමට පෙර දින කෙසෙල් ඇවරියක ප්‍රශ්නයක්ද ඇතිවිය. මේ බව නම් මම අපේ ආච්චීට නොකියා සිටීමට ප්‍රවේශම් විය.දෙහිවල ආච්චීගේ මුණුබුරෙක්, කතෝලික පියතුමෙක් වීමේ අභිලාශයෙන් අධ්‍යාපන සහ පුහුණු කටයුතු කලේ කොහුවල සෙමනේරියේය. මෙය ඉතා සුන්දර නිස්කලංක විශාල ස්ථානයකි. මම කෙසෙල් ඇවරියේ සිද්ධියට පෙරද මැටිල්ඩා ආච්චී සමග මෙහි ගොස් ඇත. වත්තෙන් කපාගත් ඉදුණු පූවාලු කෙසෙල් ඇවරියක් මා අත තැබු ආච්චී මෙය රැගෙන ගොස් තම මුණුබුරාවූ රූපස්ට භාරදෙන ලෙස මට දැන්විය. මා ඇයගෙන් නිවසේ සිට කොහුවල දක්වා යෑමට බස් ගාස්තු විමසූ විට ඇය පැවසූවේ මට පයින් යන ලෙසය. කළුබෝවිල හරහා කොහුවලට ඇවිදගෙන යෑම එතරම්ම මහා දුරක් නොවූවත් මට මෙය හිතට රිදුම් දෙන්නක් විය.එම ගෙදර මෙහෙකරුවූ විමලසේන අත මෙය නොයවා මා පයින් යවන්නේ ඇයි දැයි මට වැටහෙන්නේ නැත.

දුකත්, කේන්තියත්, බඩගින්නත් නිසාම නිවසේ සිට ඇවිද යන අතරතුර මම කෙසෙල් ඇවරිය රස විඳින්නට පටන් ගත්තෙමි. කාටවත් ඕක නොදැණේවී යැයි සිතා ඇවරිය අස්සෙන් වූ ගෙඩියක් දෙකක් කඩා පටන්ගත් මේ සෙල්ලම, සෙමනේරිය අසලට ලංවෙන විට ඇවරි භාගයක් වෙන තරමට අඩුවී තිබුනි. මෙය දැන් ගිහින් දෙන්නට බැරි තරමටම අංජ බජල්ය. දෙවරක් නොසිතා, සෙමනේරියට යන ගමන අමතක කර දමා ආපසු හැරුනු මම කොහුවල කුඩා තැපැල් කන්තෝරුව අසල සිටි යාචකයාට ඉතිරි කෙසෙල් ගෙඩි ටික පූජා කර හෙමින් හෙමින් ගෙදර පැමිණියේය. මැටිල්ඩා ආච්චී දුන් තේ කෝප්පයද බී රෑටත් කෑම කා නිදාගත් මම මගේ හතරවෙනි නවාතැනින් පිටත්ව යන්නේ අපේ ආච්චී පහුවදා පැමිණිය නිසාය. මා කල මගෝඩි වැඩේ නිසා හිතේ ඇත්වූ බය සහ පශ්චත්තාපය මදකට හෝ නැතිව ගියේ, ආච්චීත් ඉන්ද්‍රක්කාත් සමග නොගේගොඩ බලා යන බස් රථයට ගොඩ වූවාටත් පසුවය. ඉන්පසු මට මැටිල්ඩා ආච්චී නැවත හමුවන්නේ මගේ පාසැල් කාලයත් නිමාවී රැකියාවක් කිරීමට පටන් ගත්තාටත් පසුවය.

ජයතිස්ස කුමාරගේ ලියු අසම්මත විචාරය ග්‍රන්ථයේ පෙරවදනේ ඔහු මෙසේ කියා ඇත.

“ජීවිතය ක්‍රමයෙන් වයස්ගත වන විට නිමා කිරීමට හෙටක් නැත. ඇත්තේ මෙනෙහි කිරීමට අතීතයක් පමණි. කෙනෙකු තම අතීතය සතුටින් මෙනෙහි කරන අතර, තවත් කෙනෙකුට අතීතය දෙස හැරී බැලීම පවා වේදනාවකි. තම අතීතය දෙස පිරුණු සිතකින් බලනවුන් තම සිතට එකඟව ජීවත්ව ඇත. ඔවුන්ට සිතද එකඟය. පිරුණු ජීවිතයක් ඔවුන් සතුය. කම්පාවෙන් අතීතය දෙස බලන අයට ජීවිතය හරයක් නොමැති දෙයක් ලෙස පෙනෙන අතර තමන් ජීවිතයට ණය ගැති බව දැනෙන්නේ හුදෙකලාවූ සුසුම්ද තැවීම ද සමගය”

මේ කියමන ඉතා වටිනේය. මෙය මට බොහෝ දුරට සමීපය…ඔබටත් එසේ විය හැක…පහතින් ඇති ගීතය ඔබ සියල්ලක්ම අසා ඇති බව නිසැකය. නමුත් මේ අයුරින් අසා තිබේදැයි බලන්න.

http://kirula.org/api.html

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

84 Responses to අවුල් වන්නට පෙර (16)….බැඳුනු නැති සමුළුව…

  1. 1976 සමුළුව ඉතාමත් සිත්ගන්නා අයුරින් උබ විස්තර කරලා තිබෙනවා. මම දෙකේ පංතියේ හිටියේ ඒ අවුරැද්දේ. මට යාන්තං මතකයි ඒ ගැන ලිපි පත්තර වල යනවා. ඉතිං මමත් ඒ අතීතයට ගියා. මම නම් දන්න විඳිහට ඒ පෑලියගොඩ හංදියේ තියෙන කොනක්‍රීට් බැම්ම ඒ කාලයේ හදන්නට පටන් අරං නවත්වපු කටුනායක කොලඹ අධිවේගී මාර්ගයේ පලමක කොටසක්. ඒක අළුතින් හදපු පාරට යොඳාගනියි කියලයි මම හිතුවේ.
    ඒක නෙමේ මචං මම ආසාවෙන් මේ
    කථාව කියව ගෙන යනකොට එකපාරටම උබ දෙහිවල ආච්චිත් එක්ක ජීවත් උන කථාවකට ආවා. මට හිතා ගන්න බෑ ඇයි උබ ඒ කථාවත් සමුළුව ගැන කථාවත් එක්කම දැම්මේ කියලා. ඒ කෙසේ වෙතත් ඒ කථාවත් මම රස
    වින්දා. උබට ජය!! නැවත එන්නම්…

    • පෑලියගොඩ තියෙන්නේ හදන්න ගිය එක්ස්ප්‍රස් පාරක කොටසක් තමයි. ඒ හා සමාන එකක් වබවාසල හරියේත් තියෙනවා (rail overpass).

      • කකා……වනවාසල රේල් පාර මාරුවෙන්න ගිහින් දුම් රියට හසුවී……අදත් මේ කථාවේ ලියවුනු ඉන්ද්‍රක්කා මියගියා. දුක්බර සිද්ධියක්. මම පසුව ලියන්නම්.

        රේල් ඕවර්පාස් එකක් කියන්නේ මොකක්ද?

    • චන්දන………..පෝස්ටර් බෝඩ් එක ගැන කකාත් උඹ කියපු එක අනුමත කරනවා. මිනිස්සු ඉතින් එක එක කථා හදාගන්නවානේ බං.

      මම මගේ කතාව ලියා ගෙන යනකොට අහුවෙච්ච අතුරු කතාවක් තමයි සමුළුව.ඉතින් ලියන්නම හිතුනා. ඒ ගැන නම් ලියන්න තව විස්තර තියෙනවා. එතකොට මගේ කතාව තව දිග් වෙනවා. ඉක්මනට ඉක්මනට ලියලා ඉවරකරන්න ට්‍රයි කරන නිසා මම ගොඩාක් ඒවා අත හරිනවා.

      • අරූ, ඔයා නොවැදගත් කියලා අත් හරින කතා බොහොමයක් අපිට ගොඩක් වැදගත් විය හැකියි. මොකද ඒ කාලේ සමාජ වටපිටාව ගැන ඔයාලා වගේ අයගෙන් මෙහෙම රසවත්ව අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒ නිසා කතාවෙ ඔයා යමක් අත් හැරලා ලියන වනම් දෙපාරක් නෙමේ තුන් පාරක්ම හිතලා අත් හරින්න (එකක එක්කෙනෙක්ටවත් නොවැදගත්නම් පමණක්). එක් අයෙක්ට හරි වැදගත් නම් ඒකත් ලියන්න කියලා ඉල්ලනවා.

      • මට තව දෙන්නෙක් තුන් දෙනෙක් කීවා පෞද්ගලිකවම ප්‍රියා කියපු කතාවම. අපේ මල්ලි ඇහුවා ඇයි මේ කඩාගෙන බිඳගෙන යන්නේ කියලා. ඉක්මනට ඉක්මනට ලියලා ඉවර කරන්න බැලුවේ. ඒත් වැදගත්ම දේවල් මිස් කරන්න නරකයි තමයි.

  2. //අද මෙන් කැරකෙන්නේ නැති රූංපෙති සවි නොකෙරුවාට //

    කැරකෙයිද අනේ බෙයාරින්ග් දෙක අල්ලා ගහලා තියන යකඩ ෆේරේම් එකේ බරේ හැටියට , කිරිබත්ගොඩ ටවුමේ තියන එකම රූං පෙත්තක්වත් කැරකෙනවා මම දැක්කේ නැ . එය බර ඇරගන කැරකෙන්ඩ ඉතින් අපේ රටේ වෙරළක් අද්දර හරි . වැහි කුණාටුවක් හරි තියන තැනක් වෙන්ඩ ඕන ,

    1976 මම ඉපදෙන්ඩ මවු කුසක් හොය හොයා ඉහල තල්දුව ආකාසේ කැරකෙනවා

    • අටම්……හෙට අනිද්දා රූංපෙති ටික පාංපෙති ගානට පරණ යකඩ සේල් වලට යයි නේද බං. ඇමති සෙට් එකට එක එක දුන්නානම් කරකව කරකව ඉන්න,,,බඩවල් බස්සව ගන්න තිබුනා.

      /////1976 මම ඉපදෙන්ඩ මවු කුසක් හොය හොයා ඉහල තල්දුව ආකාසේ කැරකෙනවා/////
      හොඳ වෙලාවට අපි හත්දෙනා හොඳටම ඇති කියලා තාත්තලා තීරනය කරලා තියෙන්නේ. නැත්නම් බොටත් පරිප්පු කන්න වෙනවා.

      • Ravi says:

        / හොඳ වෙලාවට අපි හත්දෙනා හොඳටම ඇති කියලා තාත්තලා තීරනය කරලා තියෙන්නේ. නැත්නම් බොටත් පරිප්පු කන්න වෙනවා. /

        අරූ, නියම කතාව…. දාපං පහක්…හෙහ්, හෙහ්,

        ඔහොම අවකාසෙ සැරිසරන එවුන්ට කියන්නෙ බං ගන්ධබ්බයො කියල…අපෙ බාප්පොච්චියෙක් හිටිය උන්දැ කියනව කෙම්මුර දවස් වලට පොරට ගන්දබ්බයො පාවෙනව පේනවයි කියල..

        ” මේ ***** *** පාවෙල ඇවිල්ල බත් එකට හිටං පාත් වෙලා වහනව. සික් බත් ඩිංගවත් එක විදිහකට කන්ට නැති හැටියක්..මුංගෙ ****** මට…”‘

        හෙහ්, හෙහ්, ඕං ඔහොම හද්ද කුණු හබ්බ කියල බයින්නෙ..

  3. 1976 මම ඉපදෙන්ඩ තැනක් හොය හොයා ඉහල තල්දුව ආකාසේ කැර කෙනවා

    දැනට මම මේ බ්ලොග් එකට කමෙන්ට් තිහකට වඩා දාලා තියනවා . හැබැයි එව්වා කෙහේ යනවද දන්නේ නැ . අද දවසට මේ දාන හතරවෙනි එක

    • ආ බුකියට ලොග් වෙලා දැම්ම එක පබ්ලිෂ් උනා. අයියෝ වදන්තද කක්කි ගොඩ

      • මට මේ කම්පියුටර් ජිල්මාට් දන්නේ නැහැ. අටමෝ මම බුකියෙන් අයින්වෙලා ගොඩක් කල්. උඹ කොහොමද මේක බුකියෙන් බලන්නේ? මට තේරෙන්නේ නැහැ බන් උඹලගේ බයිලා.

      • රාජ් says:

        මගේ කමෙන්ටු කිහිපයකටත් ඔය ඉරණම අත්උනා. යන තැනක් නෑ කිව්වට ඔය කමෙන්ටු පබ්ලිෂ් වෙන්නෙවත් ස්පෑම් වෙන්නෙවත් නෑ මම හිතන්නෙ. ඔතන තියෙන්නෙ ලොග් වීමේ අවුලක්. වර්ඩ්ප්‍රෙස් වල රෙජිස්ටර් වෙන්න කියල වෙලාවකට එනව. තවත් වෙලාවකට නම මේල් ගහල ලේසියෙන්ම කමෙන්ට් කරන්නත් පුළුවන්. හැබැයි බුකියෙන් නං කමෙන්ට් කලොත් නැති වෙන්නෙ නෑ. මගේ නම වෙනස් නිසා මම බලන්නෙ මේ විදියටම ‍දාන්න.

      • @රාජ්……ඇයි එහෙමවෙන්නේ කියලා කියන්න මට දැණුමක් නැහැ. හැබැයි කකා මීට බොහොම කලින් කිව්වා ග්‍රැවටාර්ද මොකක්ද එකෙකින් ලොග් වෙන්න ඕන කතාවක්

      • අම්මට හුඩු අටමෝ බොට තියෙන වදන්තද ඇරියස් එක මෙච්චරටම පරණයි එහෙනම් ඈ 😀

        බලහංකො ඉතින් එකෙත් හැටි !!!

    • මෙච්චර කාලයක් නම් ස්පෑම් එකේ තිබුනේ නැහැ. අද දෙකක් තිබිලා මම රිලීස් කලා.

      • මට වර්ඩ්පේස් වලට කමෙන්ට් කරනකොට ඔහොම සීන් එකක් තියනවා කමෙන්ට් යන තැනක් හොයා ගන්න බෑ ,

    • silentsahan says:

      මම මේ නිදහසේ ආවේ කමෙන්ට් කියවන්න..දැන් බලද්දී මගේ එකත් නැහැ … 😀

      • හා….හා…….සහන්ගෙන් මට කමෙන්ට් එකකට වඩා අවශ්‍ය හොඳ පොලිටිකල් පෝස්ට් එකක්.

  4. Black Puma says:

    මොකක්ද අර කතාවක් තියනවා නේද කිරි හට්ටියයි,, කෙහෙල් ඇවරියයි අරන් ගිය ඇබිත්තයාගේ. ඒ වගේ වැඩක් නේ අරු අයියා කරලා තියෙන්නේ

    • පූමා……ඔන්න පල්ලෙහා මයියා කතාව ලියලා තියෙනවා. ඒක නියම පූවාලු ඇවරිය බං. ආච්චී සල්ලි දුන්නා නම් බනිස් ගෙඩි දෙකකුත් ගන්න තිබුනා.

  5. හාමුදුරු කෙනෙක් ඇබිත්ත කොළුවා අතේ අල්ලපු ගමේ හාමුදුරුවන්නට මීකිරි හටිටියයි කෙසෙල් ඇවරියයි යවනවා…කොළුවට කියනවා පුර හදයි , අඩ සදයි කියන එකට උත්තරේ අහගෙන වරෙන් කියලා….. ඇබිත්තයා හිතා ගත්තේ ප්‍රශ්නේට උත්තරේ අහගත්තම ඇති කියලා මගදි කිරි හටිට්යයෙන් භාගයයී කෙසෙල් ඇවරියායි ඉවර කරනවා….උත්තරේ හිතා ගන්න පුළුවන්නේ ,,,,,,,,

    • ඔය කතාව ඉස්සර බබාච්චි කියනවා. මයියා ලියපුවාමයි මට මතක් උනේ. ඇබිත්ත එක්ස්පීරියන්ස් ටිකකුත් තියෙනවා. කතාව ඒ හරියට ලංවෙමින් පවතිනවා.

      • cjy says:

        දන්න ඒවා ලියපල්ලා. නයක හාමුදුරුෙවා් කිව්ෙව් පු සදයි , ෙසෙළාස්වකයි (ෙකෙහල් ෙගඩි 16)
        අනිත් හාමුදුරුෙවා කිව්වාලු අඩ සදයි අටවකයි කියලා

    • @CJY……..උඹේ කතාව රවියාගේ කතාවටත් වඩා සම්පූර්ණයි වගේ. ස්තූතියි.

  6. damith says:

    උබත් අන්දරෙගෙ වැඩනෙ බොලෙ කරන්නෙ.හැබැයි එකෙන්ම කල වැඩෙ මරු.
    සමුලුවට ආපු ඉඩි අමින් ගැන සැහෙන කතා තියෙනව නේද

    • ඉඩි අමින් ගැන නම් කතා රාශීයයි. ෆිල්ම්ස් ගොඩායි..Last King Of Scotland ෆිල්ම් එකබැලුවාද? සත්‍ය තොරතුරු පදනම් කරගෙන හැදූ ප්‍රබන්ධයක්. මේකේ ඉඩි අමින්ට රඟපෑ Forest Whitaker ට ඔස්කාර් සම්මානය හම්බ උනා. ඉඩි අමින් නම් මීට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා සෞදියේදිම මලා.

      • damith says:

        මම කිවුවෙ අරු අමින් ලන්කාවට ඇවිත් කරපුව ගැන

      • @ Damn it….ඉඩි අමින් ලංකාවට ආපුවහම වෙච්ච දේවල් ගැන උඹ දන්නවානම් ලියපන් කෝ මොනවා හරි. මට නම් මතක නැහැ, රවී, හැලපේ,මාතා, ඩූඩ් දන්නවා ඇති ශුවර් එකටම.

    • රාජ් says:

      මං හිතන්නෙ ඔය අර “ඔකමාන පොල්කමදෝන” කතාව වෙන්ටෑති?

  7. නොබැඳි සමුළු නායිකාව
    අපේ මාර දූතිකාව.

    • අන්න කකා තව එකක් මතක් කරලා.

    • කාවා says:

      කරුණාකරලා කකා, ක්ලාස් එකේ චිට් එකක් ගැන කතාව පල කරහන්. එකේ, අපහාස කිසිවක් නෑ. කෙන්ජි කැමති තාලයේ කොමන්ටුවක් ඒක. බොලාගේ පෝස්ටුවේ හරයටම ගැලපෙනවා.
      අනිත් අයගේ කොමන්ට් භක්ෂණය කොරන්නෙත් ඔහොම තමා.
      මතකද, කලින් බොලා මට කියලා තියෙනවා කොමන්ට් වාරණය කරන්නේ නෑ කියලා. ඕනනම් කොමන්ටුව අරූගේම අඩවියේ ඇති.

  8. අරු ජිවිත කතාව ලියාගෙන එන විට, හරියටම නොබැදි ජාතීන්ගේ සමුළුව ගැන කතා කරන්නේ නියමම කලෙක තමයි

    • රාළේ……..ඔය කිසිම සමුළුවකින් රටක් හැටියට අප ලබපු ප්‍රතිලාභ ගැන නම් සමුළු වලින් පස්සේ කතා කරනවා අඩුයි. ලැබෙනවා…ලැබෙනවා…කියන්නේ සමුළුවට ඉස්සෙල්ලා…පස්සේ මුකුත් නැහැ.

      නොබැඳි සමුළුවෙන් පස්සේ නම් අපිට යම්කිසි ගෞරවයක් ලැබිලා තියෙනවා කියලා කියනවා. චොගම් එකෙන් පස්සේ නම් අපි අන්තිම සවුත්තු වෙනවා. දැනටමත් මෙහෙ යන නිව්ස් හරි නැහැ.

    • රාජ් says:

      අපි රවුමක යනකොට පහුවෙච්ච දේවල් ආයෙ කාලෙකදි මුනගැහෙනව කියල කියනවනෙ. ඒවගේ තමයි මේකත්.

  9. අරූ ඔය කියන්නෙ පෑලියගොඩ තිබ්බ ‘ලංකාවෙ ලොකුම ප්‍රදර්ශණ පුවරුව’ විදියටත් හදුන්වපු කොන්ක්‍රීට් එක නේද?. මං අහලා තිබුනා ඒක එතන ගුවන් පාලමක්ද හයිවේ එකක්ද මන්දා හදන්න හදපු එකක් කියලා (මං හරියටම දන් නෑ)
    කොහොම උනත් ඒක තිබ්බ තැනට හරි කෙලින් පාරෙන් අනික් පැත්තෙ දැනට අවුරුදු දෙක තුනකට කලින් හදන්න අරන් වැඩ නවත්තපු බිල්ඩින් එකක් තිබ්බා තට්ටු තුනක විතර. මේ පාර සමුළුවට කැතට පේන නිසා ඒකනම් කැඩුනා දවස් දෙකෙන්. දැන් එතන එහෙම එකක් තිබ්බද පේන්නෙත් නෑ.
    අර හිගන්නො ගැන කියනවානම් ආමර් වීදීයෙ මං වැඩ කරන හරියෙ හැම සිකුරාදාම වැඩිපුර හිගන්නො ඉන්නවා ඒත් පෙරේදා කට්ටිය අඩුයි. මේ පාරත් කට්ටියව උස්සන් ගියාද? නැත්නම් බයටම හැංගුනාද? දන්නෑ.

    අර කෙසෙල් කැනට කරපු වැඩේ නම් මරු. දුකයි කේන්තියයි එක්ක ඒ වයසෙ කොල්ලෙක් ඔහොම දෙයක් නොකලා නම් තමා පුදුමෙ.

    • ප්‍රියා…..ඒ කොන්ක්‍රීට් පවුර ගැන චන්දනයි, කකායි විස්තරයක් කියලා තියෙනවා…. ඉස්සරනම් ඔය යාචකයින්ව බලෙන් තමයි දාගෙන යන්නේ. දැන් ඒ මිනිස්සු මොලේ කල්පනා කරලා හැංඟිලා ඉඳලා සමුළු ඉවර උනාම එලියට එනවා ඇති. රිදීගම කඳවුර ගැන ලිපියක ලින්ක් එකක් රයිගම්ගේ කමෙන්ට් එකේ තියෙනවා. මම අහලා තියෙනවා ඔය අරන් යන යාචකයෝ බොහෝ අය කඳවුරු ඇතුලෙම මැරිලා යනවා කියලා.

  10. raigam says:

    අරූ, එදාත් කොළඹ හිඟන්නන් ටික එකතු කරලා කඳවුරකට යැවුවා නේද? අර ඕස්ට්‍රේලියාවට එන බෝට්ටු මිනිසුන් වගේ. එම කඳවුර තාමත් ක්‍රියාත්මකයි කියා ඊයේ පෙරේද පත්තර වල තිබුනා. (http://www.mawbima.lk/56-38193-news-detail.html)
    ටිටෝ, ඉඩි අමීන් හා ගඩාපි කියන්නේ නියම සෙට් එක. මේ අයියලාගේ නොබැඳි බව කෙසේ වෙතත් එක්කෝ පරණ සෝවියට් දේශයට හෝ ඇමරිකා එක්සත් ජනපදයට යටින් බැඳී හිටියේ. ඔය දෙගොල්ලෝ තමයි ලෝකේ බොහොමයක් ඒකාධිපතියන් එදත් සුරතල් කෙරුවේ.

    • මචං රයිගම්……..මේ ලින්ක් එකේ ලිපියේ හැටියට රිදීගම කඳවුර ඇරලා තියෙන්නේ 1975 දී. එදා 1976 සමුළුවට ඉස්සෙල්ලා යාචකයෝ ටික පටවන්නම හදපු තැනක් වගේ. ගණිකාවන් සඳහා වෙන්කරපු ගංගොඩවිල තියෙන ආයතනය ඊටත් පෙර ඉඳන්ම් තිබුනා. රිදීගම හදන්න ඇත්තේ ඕකටම තමා.

      ඒ සෙට් එකේ බොහෝමයක් අය ඇමරිකාවට වඩා පරණ සෝවියට් දේශයත් එක්ක සබඳකම් පැවැත්වූවා කියලා තේරෙනවා ලිස්ට් එක බලපුවාම.

      • raigam says:

        ඔව් මචං විවුර්ත කලේ 1975 වුනාට, හවුස් ෆුල් වුනේ ඔය සමුළුවට සුදානම් වෙන කාලේදී.
        ඔය ලිස්ට් එකෙන් එහා තව කට්ටිය හිටියා. එයාල බැඳිලා හිටපු නිසා, ඔය සමුළු ගානේ නිකම් හක්කලන් කරන්න ආවේ නැහැ බං. 🙂 සෝවියට් කාරයන් කොහොමත් ඒකාධිපතියන් නිසා උන් තව පොඩි ඒකාධිපතියන් සුරතල් කරපු එකේ ලොජික් එකක් තියනවා. අර ලෝකෙට ප්‍රජාතන්ත්‍රවදේ බෙදනවය කියන අයියල ඒ දෙයම කරපු එක තමයි වැඩේ නේද?

      • ඔව් බං රයිගම්, ඔය දෙගොල්ලම කරේ තම බල කඳවුරු පෝෂණය කරපු එක තමයි.

        ////සෝවියට් කාරයන් කොහොමත් ඒකාධිපතියන් නිසා උන් තව පොඩි ඒකාධිපතියන් සුරතල් කරපු එකේ ලොජික් එකක් තියනවා. ///////

        වෙලා තියෙනවා නම් මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.

    • raigam says:

      මේකයි මචං වැඩේ. මේකට පොස්ට් එකක් ලියන්න වෙනවා හරිනම්. අද මා ගෙදර. ඔය 1917 විප්ලවයෙන් පසු ගෙනාපු පාලන ක්‍රමයේ ඒකකය වුනේ සෝවියට් සභානේ. එංගලන්තේ ආසන ක්‍රමය වගේ. බලය කියන දෙය නිර්ධන පංතියට තියා ගන්න තමයි මේ ක්‍රමය ස්ථාපිත කෙරුවේ. මෙය ටිකක් ප්‍රජාතන්ත්‍රවාදී වුනත්, එහිදීත් ධනපතීන් කියන පිරිස කැපුවා. එතනම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එක කමක් නැහැ කියමුකෝ (මෙය ටිකක් දිගට පැහැදිලි කරන්න ඕනේ. අද වෙලාවක් නැහැ බං). හැබැයි අන්තිමට ඔය ක්‍රමය තවත් වල් ගැහුනා. එතැන අර නිර්ධනීන් කියන වැඩකරන/නොකරන පංතියේ කැමැත්ත වත් අන්තිමට නියෝජිතයන් තෝරා ගැනීමට බලපෑවේ නැහැ. කොටින්ම නිකම් පක්ෂයේ සෙප්පඩ විජ්ජාවක් බවට පත් වුනා. 1950 ගණන් වෙනකොට සමාජවාදී පන්තිය කියන, මේ ලෝකේ හැකියාවක්, නිර්මානාත්මක බවක් හෝ සමාජයේ අවශ්‍යතා මොනවාද කියල තේරුම් ගන්න බැරි පිරිසක් හැදිලා, පැලපදියම් වෙලා ඉවරයි. පක්ෂයේ ඉහල හා පහල සියලු නිලතල දරපු මේ පිරිස හිටියේ ප්‍රභාකරන් වගේ බංකරයක. ඔවුන් දැක්කේ බංකරයේ බිත්ති විතරයි. එහි අන්තිම ප්‍රතිපලය තමා අසු ගණන් වල අග සෝවියට් දේශයේ අප දුටුවේ. එය ඒකාධිපති ක්‍රමයක්. අප අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති ක්‍රමයයන්. ඔය ලෝකේ හැම තැනම තියෙන්නේ!

  11. Ravi says:

    අරූ,

    වීරසූරිය ඝාතනයට මචං අපිත් පංති වර්ජනය කලා. එතකොට නමයෙ පංතියෙ..මේ ලෝකෙ දෙයක් දැනගෙන නෙවෙයි කවුද ඇවිල්ල කිව්ව අපි ඔක්කොම පාරට බැහැල කෑගැහුව.” මණ්ඩපයා අපට එපා….”.

    ඒ කාලෙ වෙනම පේරාදෙණිය, කොළඹ, කියල විශ්ව විද්‍යාල තිබ්බෙ නෑ..ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය… වන් ඇන්ඩ් ඔන්ලි….. කොළඹ මණ්ඩපය, පේරාදෙණිය මණ්ඩපය විද්‍යෝදය මණ්ඩපය, විද්‍යාලංකාර මණ්ඩපය සහ යාපනය මණ්ඩපය….මණ්ඩප පහයි….දැන් ඉන්න උප කුලපති වෙනුවට හිටියෙ මණ්ඩපාධිපති…මණ්ඩපයා කිව්වෙ උන්දැට. ඒ කාලෙ පේරාදෙණියෙ මණ්ඩපයගෙ නම විතානගේ

    අපෙ ඉස්කෝලෙ පල්ලෙහා තිබ්බ පාරට මූණ දාල හෙණ තාප්පයක්. ඕකෙ කලු තීන්තෙං අපේ එකෙක් ලිව්ව විතාණගේ භංග වේවා කියල…අන්න මචං උඹේ ජාතියෙ පොරක්..හෙහ්, හෙහ්, …..හැමතැනම මහප්පරාණ දාන එකෙක්. මම කිව්ව යකෝ විතානගේ කියල ලියන්නෙ මූර්ධජ නෙවෙයි නිකං නයන්න කියල…කොහෙද එතකොට ඌ ලියල බැහැලත් ඉවරයි…හෙහ්, හෙහ්, එදා හවසම අපිටම සිද්ද උණා ආයෙම පාරක් කොහු ඉදල් අරගෙන ඒ ලියපුව ඔක්කොම මකන්න. අපේ ප්‍රින්සිපල් හෙණ වසයි. උදේ එතුමා හිටියෙ නෑ ඉස්කොලෙ…

    පාරෙං එහාපැත්තෙ කෙල්ලොංගෙ ඉස්කෝලෙ..පංච මහා විළි ලැජ්ජාවයි බොල…හෙහ්, හෙහ්..

    නොබැඳි සමුළුවට ආව චීනෙ අගමැතිත්…. චෞ එන් ලායි….ඒ සමුළුවට ගෙනාපු පර්ජෝ 404 සමුලුවෙන් පස්සෙ ගවර්න්මට් ස්ටෝස් දාල වික්ක. රජයේ සේවකයන්ට ප්‍රමුඛත්වය දුන්න. අපේ මාම කෙනෙකුත් ගත්ත ඒකක්.

    නොබැඳි සමුළුවට ගැහැව්ව මුද්දර දෙකක්..දෙකේම හිටියෙ මැතිණි..පෝලිමෙ පැයක් විතර ඉඳල මම මුල්දින කවරෙ ගත්තෙ…..

    දිනමිණ පත්තර කඩමාල්ල ඒ කාලෙත් අද වගේම තමයි…නොබැඳි රටවල්වල ජනගහණය එකතු කලාම ලෝක ජනගණයෙන් තුනෙන් දෙකක් වෙනවයි කියල ගණං හදල මැතිණිගෙ නායකත්වය ලෝකෙං තුනෙං දෙකක් එකහෙලාම පිළිගන්නවද මොකක්ද කියල බහුබූත කතුවැකියක් දාල තිබ්බ ඒකෙ. ඒකෙං වෙච්ච එකම සෙතේ මැතිණිට තුනෙං දෙකේ නායිකාව කියල නමක් වැටිච්චි එක…

    අර ඇබිත්ත කතාව මෙහෙමයි මචං..හාමුදුරුවො දන්නව ඇබිත්තයගෙ තරම..කිරිහට්ටියයි කෝලි කුට්ටු ඇවරියයි දීල ඇරිය අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවන්ට…කෙහෙල් ඇවරියෙ ගෙඩි අටයි…මෙහෙම කිව්වෙ

    ” කොල්ලො මේ කෙහෙල් ඇවරියයි කිරි හට්ටියයි දීල හාමුදුරුවන්ට කියාපං පුන්සඳයි අටවකයි කියල මම කිව්වය කියල. ඒ කරල ඒ හාමුදුරුවො කියන එක මට ඇවිල්ල කියාපං..”

    ඇබිත්තය මොකද කලේ…මගදි කිරි හට්ටියෙං බාගෙකුයි කෙහෙල් ගෙඩි දෙහෙකුයි කනව..ඒකරල ඉතුරුව ගිහිල්ල දීල අර පණිවිඩෙත් කියනව. ඒ පන්සලේ හාමුදුරුවො කියනව

    ” ආ. එහෙමද කොල්ලො? උත්තරයක් අහං එන්ටය කියල කිව්වද?….එහෙනං ලොකු හාමුදුරුවන්ට ගිහිල්ල කියාපං අඩ හඳයි හය වකයි කියල…”‘

    • රවී…..ඈස් යූශුඅල් උඹේ කමෙන්ට් එකෙන් පෝස්ට් එක ආපහු ට්‍රැක් එකට වැටෙනවා.ස්තූතියි.

      වීරසූරිය ඝාතනයට තියා කිසිම දේකට අපේ ඉස්කෝලේ එවුන් පාරට ගන්න අමාරුයි. ඔන්න ඔය ගතිය නිසාමයි ඉස්සර තර්ස්ටන් එකෙනුයි කැම්පස් එකේ එවුන්ගෙනුයි අම්බානක කන්නේ. උඹට මතකද පෙම්බ්‍රෝක් කියලා ඉස්කෝලයක් තිබුනා ෆ්ලවර් රෝඩ් එක පටන්ගන්න තැනම. උනුත් ගහනවා අපේ එවුන්ට. මට එච්චර ආබාධ නැහැ මම පස්සේ පස්සේ වල බහින එකා නිසා. මමයි මහේෂ් පද්මපෙරුම කියලා එකෙකුයි , තනිරූල් පිටු දෙකක මොකක්ද ලියලා ජූනියර් ස්කූල් එකේ තාප්පේ ඇලෙව්වා මතකයි. ඔන්න අපේ විරෝධතාවේ. වීරසූරිය වෙනුවෙන් හිටපු ඌවත් මමවත් කැම්පස් නම් ගියේ නැහැ. ඌ දැන් ඩුබායිවල ඉන්න බව ආරංචියි.

      උඹේ පැහැදිලි කිරීම හරි. ඒවා ඔක්කොම මණ්ඩප තමයි. ජයවර්ධන ආන්ඩුව යටතේ තමයි විවි බවට පත්වුනේ .මම හරිද මන්දා.

      ////අන්න මචං උඹේ ජාතියෙ පොරක්..හෙහ්, හෙහ්, …..හැමතැනම මහප්පරාණ දාන එකෙක්. //////

      නියම ටෝක් එක රවී. ඌයි මායි එකට හිටියා නම් තනිකර මහප්‍රාණයෙන්ම ලියන්න තිබුනා. හම්බවුනොත් මම මතක් කරා කියපං. මචං ඔය කාලේ හිටියේ ආනන්දේ රාජපක්ෂ සහ නාලන්දේ සුගුනදාස මහත්වරු නේද?

      චෞ එන් ලායි ගැන වයිෆුත් ඇහුවා ඇයි ලිව්වේ නැත්තේ කියලා. ඒ ඇස් දෙකට එයා ආසයිලු. මචෝ චෞ එන් ලායි ආවා. ඒ ආවේ සමුළුව නිරීක්ෂනයට නේද? වියට්නාමය නොබැඳි රටක්. කවුද ආවේ හෝ චි මින්ග්ද? උඹට මතක තියෙනවා නම් ආපු අය ගැන නම් ටිකක් දාපන්කෝ. දන්නේ නැති අයට වැදගත් වෙයි.

      ඇබිත්ත කතාව උඹ ලියලා තියෙනවා සම්පූර්ණයි.

      ලේඛවුස් එක ගැන කණගාටුයි. කොහොම තිබුන ආයතනයක්ද? මේ ලිපිය කියවපන්.
      http://sinhala.lankanewsweb.com/features/10427-2013-11-14-13-22-59

    • රවී….CJY.ගේ කමෙන්ට් එක කියවපං.

      • Ravi says:

        අරූ,

        මචං මම වීරසූරිය ඝාතනය කාලෙ ඉගෙන ගත්තෙ කෑගල්ලෙ. එඩා ( එඩ්වඩ් ජයකොඩි ) එහෙම අපෙ ආදි ශිෂ්‍යයො..හරි මචං ඒ කාලෙ සුලෝහිත දෙකේ ප්‍රින්සිපල්ලා දෙන්න සුගුණදාස අතුකෝරළ මහතා සහ කර්නල් ජී.ඩබ්. රාජපක්ෂ යන දෙපළ තමයි. සුගුණදාස මහත්මය විශ්‍රාම ගිහිල්ල ජාතික පුස්තකාල සේවා මණ්ඩලේ සභාපති වෙලත් හිටිය.

        කිරිහට්ටිය සහ කෙහෙල් ඇවරිය ගැන CJY කියපු කතාව තමයි හරිම කතාව.මටත් කිව්වමයි හරියටම මතකයට ආවෙ… 🙂

  12. Kandyan says:

    76 සමුළුව තාම මතකයේ තියෙනවා.. රේඩියෝ එක වටේ ඉඳගෙන ගෙදර ඔක්කොම අහගෙන හිටියා විස්තරේ… ඒ මැවිච්ච් චිත්ත රූප පහුකාලයකදී ෆිල්ම් හෝල් එකේ රාජ්‍ය චිත්‍රපට අංශයෙන් පෙන්නපු ෆිල්ම් එකේ රූප එක්ක හොඳට ගැලපුනා. මං හිතන්නේ ඒ අමරබන්දු රූපසිංහ, සිරිල් රාජපක්ෂ, ඒවගේම ප්‍රේමකීර්ති, කරු, ලලිත් එස් මෛත්‍රීපාල….වැනි නිවේදකයන්ගේ දක්ෂතාවය වෙන්නැති…. . මේ සමුළුවෙන් ලැබිච්චි දේවලුත් තිබුනා… පාදුක්කේ චන්ද්‍රිකා මධ්‍යථානය, සම්මන්ත්‍රණ ශාලාව, ඇයි තව 504 කාර් 200-300 ක් 🙂

    • කැන්ඩියන්…..උඹේ වටිනා කමෙන්ට් එකට රිප්ලයි එක යටින් වැටුනේ..සමාවෙයන්….ඒ ලින්ක් එකේ ගිහිල්ලා අහපන්, වටිනා සයිට් එකක්.

  13. helapayaa says:

    කවුරු මොනව කිව්වත් මැතිණිය පවත්තපු නොබැඳි සමුළුව ඉතාම සාර්ථකව පැවැත්වුවා මට මතක හැටියට,දැන් සමුළු සංවිධාන කරන අය ඒ කාලෙ අය කරපු දේවල් ආදර්ශයට ගත්ත නං ලෝකෙ ඉස්සරහ සවුත්තු වෙන එකවත් නතරවෙයි අඩුගානේ.
    ඔය සමුළුවට හදපු සමිට් ප්ලැට් තාමත් ප්‍රයෝජනයට ගන්නවනේ.

    • @ හැලපේ…..උඹේ කතාව සහතික ඇත්ත. සංවිධානය සහ මාධ්‍ය හැසිරවීම වඩාත් වැදගත්. දැන් ඉන්න අයට බොහොමයක් දේ ඉගෙනගන්න තියෙනවා අ යන්නේ ඉඳන්. මේ සමුළුව ගැන අමරබංධු මයා මට පසුකාලයකදී බොහෝ දේ කිව්වා. දැන් දැන් නැතිවේගෙන යන්නේ බුද්ධිමත් පරිපාලකයන්….හිටියත් තැනක් නැහැ. සජින් වාස්ට තියෙන සුදුසු කම් මොනවාද විදේශ සේවයේ. ලැජ්ජයි.

  14. කැන්ඩියන්…..මේ කමෙන්ට් එක ගොඩාක් දේවල් මතක් කරවනවා….මීපේ චන්ද්‍රිකා මධ්‍යස්ථානය නම් මේ සමුළුව නිසාමයි ලැබුනේ. මීපේ ඉඳන් ඉස්කෝලේ ආපු යාළුවෙක් හිටියා. ඌට මීපේ නිසා පේමී කියලා කතා කලේ ඉස්කෝලෙන් යනකම්ම.
    BMICH එක මීට බොහොම කලින් ඉඳන් තිබුනා නේද? 72 කාලේ වගේ. ජාවත්තේ සමිට් ෆ්ලැට්ස් හැදුවේ පිට රටින් එන මාධ්‍යවේදීන්ට ඉන්න කියලා කියනවා. ඒක ඇත්ත. තව බොහෝ දේ ඇති අපි නොදන්න.

    එදා සිටි මාධ්‍යවේදින් ගැන කියන්න ලියන්න ගියොත් පිටු පිරෙන්න ලියන්න පුළුවන්. මේ දැන් ඉන්න ගිරව් ගැන මට තියෙන්නේ කේන්තියක්. ඇයි නිසි පුහුණුවක් නොදෙන්නේ?

    කැන්ඩියන් ඒ අය අතුරින් අශෝක තිලකරත්න මහත්මයා තවමත් ඉන්නවා. පරණ අයගේ හඬ අහන්න ඕන නම්, අශෝක තිලකරත්න මයා පවත්වාගෙන යන මේ ඉතාම වටිනා සයිට් එකට යන්න,
    http://voicearchive.hpage.co.in/radio_13023151.html

    • Kandyan says:

      අරු…උඹ හරි..BMICH එක හැදුවේ 1973දි..සමිට් එක නිසා තව පහසුකම් වැඩිඋනා කියලයි මට හිතෙන්නේ…සම්ට් ෆ්ලැට්ස් හැදුනේ නම් ඒකටම තමා.. යූ ටියුබ් එක හාරද්දී සමිට් එකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් හම්බ උනා… අශෝක තිලකරත්න මයාගේ සයිට් එකට පාර පෙන්නුවාට බොහොම පිං! මීපේ සැටලයිට් ස්ටේෂන් එකට 1980 ඉඳන් 90 විතර වෙනකං නිතර ගියා යාළුවෝ සෙට් එකක්ම ඒකේ වැඩ කරපු නිසා උන් එක්ක වල බහින්ට.

      http://www.magnumphotos.com/Catalogue/Abbas/1976/SRI-LANKA-Colombo-Non-Aligned-Summit-1976-NN145566.html

  15. Dinesh Umagiliya says:

    මේ සමුළුව ගැන දන්නවා වුනාට ඒ සමුළුව ගැන දැනන් හිටියේ නැහැනේ වැඩි දෙයක්.. මේකත් එක්ක ඒකත් ටිකක් දැන ගත්තා..

    • දිනේශ්…….නොබැඳි සමුළුව ගැන ගොඩාක් දේවල් ඒ කාලේ සාකච්ඡාවට ලක්වුනා. ඒ බොහෝමයක් නායකයින් ඒ කාලේ තමයි කරළියට ආවේ. මගේ මතය හැටියට නම් පොදු රාජ්‍ය මණ්ඩලයත්, නොබැඳි ජාතින්ගේ සංවිධානයත් මේ වෙනකොට නිකම්ම නිකම් නාමික සංවිධාන විතරයි.

  16. Anonymous says:

    මට අදත් ලිපිය කියවද්දී පොයින්ට් වුනේ ඔබ පාසල් යද්දී ගත කරපු ජීවිතය ගැන.
    අපේ රවීගේ කොමන්ට් එකත් ලිපිය තවත් රසවත් වුනා.
    දිග වැඩියි කියල නොලිය ඉන්න එපා මචං අපිට වඩා බාල එව්වෝ ගොඩක් ආසයි ඉස්සර විස්තර දැනගන්න.

    • කෙන්ජි……..මගේ ඉස්කෝලේ කාලේ කටුකත්වය සහ මගේ නොසැලකිල්ල පාසල් කාලය ඉවරවෙනකම්ම තිබුනා…ඒ මතකයන් දැන් නම් හරිම ෆිට් එකක් දෙන්නේ මතක් කරනකොට. ඒවා ඒ විදිහටම වෙච්ච එක හොඳයි. මම යලි යලිත් ජීවත් වෙනවා.

      මතක තියෙන දේවල් ලියනවා කෙන්ජි. මම හිතනවා බොහෝමයක් තරුනයෝ මේක කියවනවා කියලා.

  17. Kenji @ Japan says:

    අයි යකෝ මම දාපු කොමන්ට් එක ඇනෝ විදියට වැටිලා.

    • ඒ උඹ කියලා මම දන්නවා ඒකේ තියන අදහස් වලින්. විශේෂයෙන් ඉස්කෝලේ යන කාලේ කට්ට සම්බන්ධව අදහසේ.

  18. අර සටන් පාඨ රික නම් ලොල් සහගතයි. හික් හික් හික්.

    • ඕවා ගොඩක් ලියලා තිබුනේ තාප්පවල…රීඩ් ඇවනියු එක පැත්තෙන්, තර්ස්ටන් තාප්පයට යාබද කොළඹ විශ්ව විද්‍යාලයේ බිල්ඩිමේ බිත්තිය සටන් පාඨවලට හරි ප්‍රසිද්ධයි ඒ කාලේ.

  19. දැන් චෝගම් ආව අයත් තව අවුරුදු තිහකින් විතර මේ වගේ කතා ලියයි කියලා හිතුනා. ඒ කාලේට මහින්ද අන්කල්ට බනින්න වචනවත් ඩික්ශනරි එකකවත් තියෙයිද දන්නේ නෑ.
    අරූගේ කතා අස්සේ ආගිය කතා එක්ක වල්මත් වෙන එකක් දැන් එක්තරා උවමනාවක් වගෙ වෙලා.

    • //////රාජ් says:
      November 19, 2013 at 10:07 am (Edit)
      අපි රවුමක යනකොට පහුවෙච්ච දේවල් ආයෙ කාලෙකදි මුනගැහෙනව කියල කියනවනෙ. ඒවගේ තමයි මේකත්.////////

      රංගී…….ඔය තියෙන්නේ රාජ් දීපු කමෙන්ට් එකක්….තව කාලයකදි අපි සමහරවිට චොගම් එක සහ එහි සංවිධානය හොඳයි කියයිද දන්නේ නැහැ ඒ කාලයේ වෙන දේවල් එක්ක බලලා….ඒ වෙනකොට ඔය වගේ සමුළු ස්කයිප් හෝ වෙන සැටලයිට් තාක්ෂනයක් එක්ක සිද්ධවෙයි මිනිස් සහභාගීත්වයකින් තොරව..මට එහෙම හිතෙනවා. මිනිස්සු ආවා කියලා ඇති වැඩකුත් නැහැනේ…වියදමත් අඩුයි..රූංපෙති ඕන වෙන්නෙත් නැහැ.

  20. කාවා says:

    දිපි පිදූ, සියලු වීරසේකර ඇතුළු සියලු සිසුන් සහ අනෙකුත් විරුවන්න මාගේත් ආචාරය! සාතිශය සංවේතය!!

    ඒ වින්නැහිය කළ සහ මගේ පංතියේ මං විතරයි කියා පංතියේ අනිත් සියල්ල මරවාලූ අලුගෝසු ගණයේ සියලු විකාරද පප්පලා බංගවේවා!!!

    • කාවෝ…..වීරසූරියට පස්සේ තව කොච්චර ශිෂ්‍ය ඝාතන සිද්ධවුනාද නේද? හෙටත් වෙයි. මට 1989 චීනයේ ටියන්න්මෙන් චතුරශ්‍රයේ ඝාතනයන් මතක්වුනා. මර්ධණය…මර්ධණය…මර්ධණය…

  21. අරූගේ සමුළුවේ විස්තරෙත් හරියටම චෝගම් එකටම සෙට් වුනා. එක නිසා දෙක සංසන්දනය වුනේ ඉබේටම
    “කැරකෙන්නේ නැති රූංපෙති සවි නොකෙරුවාට එදාත් යම්කිසි දුරකට නගරාලංකාර වැඩ කටයුතු සිදුවී ඇත. ”
    අරූ ඔළුව අතගාලාම ටොක්ක ඇනලා නේද?

    • ඇත්තටම පවුලූශා….කොයි රටේත් කොයි සමුළුවක් පවත්වන්න ගියත් ඔය වගේ දේවල් කරනවා..ඒවා සමහරක් දැකලා තියෙනවා..නමුත් කිසිම එක්වුන්ටබිලිටි එකක් නැති මේ වගේ වැඩනම් වෙන්නේ මා උපන් මගේ දේශයේම විතරක් වෙන්න ඇති.

  22. රාජ් says:

    කෙටිකරන්න එපා බං. ඔහොම ඇදගෙන යමං. උඹයි හැලපෙයයි ලියන වගේ කතා වෙන කවුරුවත් ලියන්නෙ නෑ නෙව.
    පොඩි එකාගෙ කෙසෙල්ගෙඩි කෑම නං නියමයි. අන්තිම උපුටනය දැක්කම මට මෙහෙම අහන්න හිතුන,
    අරූ ඒ කාලෙ ගැන දැන් උඹට මොකද හිතෙන්නෙ?

    • මචං රාජ මම කෙන්ජියාට දීපු උත්තරයම මෙතනට ගෙනල්ලා අතාරින්නම්..උඹ මම උනානම් මොකද හිතන්නේ කියපං.

      //////කෙන්ජි……..මගේ ඉස්කෝලේ කාලේ කටුකත්වය සහ මගේ නොසැලකිල්ල පාසල් කාලය ඉවරවෙනකම්ම තිබුනා…ඒ මතකයන් දැන් නම් හරිම ෆිට් එකක් දෙන්නේ මතක් කරනකොට. ඒවා ඒ විදිහටම වෙච්ච එක හොඳයි. මම යලි යලිත් ජීවත් වෙනවා.////////

  23. සිරා says:

    අර උඩ තියෙන වීඩියෝ එකේ බලන්න ඉන්දිරා ගාන්ධි මැතිනිය කොච්චර ලෙංගතු කමෙන්ද අපේ නායිකාව විසින් පිළිගන්නෙ…අද ඇයි ඒ වගේ ශක්තිමත් සබදතාවක් අපට නැති වෙලා තියෙන්නෙ…මම අහලා තියෙන විදියට මීගමුව කොළඹ මාර්ගය කාපට් කලෙත් ඔය වැඩසටහන උදෙසාමලු.

    • සිරා……ගාන්ධි-බංඩාරනායක පවුල් දෙකේ ෆ්‍රෙන්ඩ්ශිප් එකට වඩා පැහැදිලි ප්‍රතිපත්තිමය අවබෝධයක් තිබුනා කියලා තමයි මම හිතන්නේ. රටවල අතර ඒ අන්‍යෝන්‍ය බැඳීම ඇතිකරන්න තමයි විදේශ සේවයක් කියලා එකක් තියෙන්නේ. ඒ සඳහා විදේශ සේවයට අනුයුක්ත වෙච්ච තානාපතිවරු හිටියා. ඒ අය Career Diplomats ලා.දේශපාලන පත්වීම් නෙමේ. අද ඉන්නේ මොක්කුද? මේවා වෙනස් වෙන්න ගත්තේ හමීඩ් විදේශ ඇමති වෙලා ඉන්න කාලේ. දැන් විදේශ සේවයෙන් තානාපති කාර්ය්‍යාලවලට යවන්නේ ඉතාම අතලොස්සයි.

      මේ හැම දෙයක්ම එක් තැන් කරන්න නිවැරදි විදේශ ප්‍රතිප්ත්තියක් රටකට තියෙන්න ඕන.

  24. adenawa aru..mage sinhla nathi waela.google laeda daenwa.amaruwaen ban maekth kotannae.
    😦

    • මනෝ…….ගූග්ල් බූග්ල් ගොඩදාගන්න අමාරුයිද? මෙව්වා කරදර දෙනකොට හරි වණේ නේද? හෙමින් සැරේ උඹේ වැඩ ටික කරගනිං.

  25. 1976 නොබැඳි සමුළුව …මගේ දෙමාපියන් මා කුඩා කළ මට වැඩියෙන්ම කියා දුන් දේශපාලන තොරතුර වන්නට ඇති. හේතූව මා උපත ලබුවේ එදින වීමයි…අද තවත් බොහෝ දේ දැන ගත්තා.බොහොම ස්තුතියි…

    • සුබෝධා…….සතුටුයි ඔබ පැමිණ මගේ කතාව කියවීම ගැන. ඔබ මගේ පවුලේ පුංචිම මල්ලීටත් වඩා බාලයි. නොබැඳි සමුළුව දවසේම ඉපදීම නිසා ඔයාට මේක අමතක නොවෙන දවසක් වෙන්න ඇති. මේ ගැන වීඩියෝ දකින කොට ඒ කාලේ කොච්චර සරළද කියලා හිතෙනවා

  26. අපි වගේ අයට මේ දේවල් දකින්න වෙන්නේ රසවත්ව කියවන්න වෙන්නේ මේ වගේ තැනකින් තමයි , ඔයාගේ ලිපි මට හරිම රසවත් ඒ වගේම මගේ ලිපි ලියද්දි මං ඔයාව අනුගමනය කරනවා , ස්තුති මෙහෙම ලියන එකට

    • හලෝ ඔමායා……මමත් ඔමාගේ හීන කියවනවා. ඔබ කරුණු එකතු කිරීම සහ ඒවා ක්‍රමිකව ගොනුකර ලිපි ලිවීමට දක්ෂ ළමයෙක් බව මම දන්නවා. මම ඔබගේ ලිපිවලට මුල් අවධියේ සිටම කමෙන්ට් කර තිබෙනවා. මගෙන් මොනවා ගත්තාත් කමක් නැහැ න,ණ,ල,ළ නම් ගන්න එපා. සෑහෙන්න වැරදි තියෙනවා. කට්ටිය හදන්න බැලුවා. බැරි තැන අත හැරලා දාලා තියෙන්නේ.

  27. මමත් මේ පැත්තේ ආවා…දැන් නිවි සැනසිල්ලේ ලිපි ටික කියවලා එන්නම් සුබ වේවා!

    • ශානු……….හෙමින් සැරේ නිවී සැනසිල්ලෙම කියවන්න. ගොඩාක් වෙලාත් යනවනේ..සමහර දේවල් ඔයාලට වැදගත් වෙයි. Good Luck!!!

  28. Tharu says:

    මේ අතීත කතා හරිම රසවත්…
    අතීතයේ සිදු වුණ දේවල්ම ඊට වඩා දරුණු විදියට වර්තමානේ සිද්ධ වෙනවනද මන්ද? කවුරුවත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නැහැ වගේ…

    • තරු……අපි අතීතය කියවනවා පමණයි…..එයින් ඉගෙනගන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ සමාජය ගතිගුණ අතින් පස්සට යනවා වගේ තේරෙන්නේ.

  29. Miyuru says:

    මට මතකයි ඒ කාලෙ පත්තරවල තිබුණා දඩි බිඩි ඉඩි අමීන් කියලා එයාගෙ චරිතාපදානය ලියලා… ලේ හිටන් බිව්වා කියනවනෙ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s