අවුල් වන්නට පෙර..(18)…138-මහරගම…

මගේ පස්වෙනි නවාතැන් පොල වූයේ, දුරස්ථ ඥාති සම්බන්ධතාවයක්ද ඇති අම්මාගේ යෙහෙළියක්දවූ එකල මහරගම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියකගේ ගෙදරය. මහරගම බෙල්ලන්විල පාරේ ඩිපෝව අසලම පිහිටි මෙම නිවසේදි ජීවිතයේ පළමු වරට මටම කියා කාමරයක්ද ලැබිනි. කිසිම අඩුපාඩුවක්ද නැත. පාසැල් යාමට පෙර ඇරැව්වල පාරට හැරෙන තැනම ඇති නිවසින් උදයට එළකිරි බෝතලයක් රැගෙන ඒම පමණක් මට පැවරුනු කාර්ය්‍ය විය. මේ එළකිරි විකුනු නිවස පසුකාලයකදී ජ.වි.පෙ. මහරගම ආසනයේ ප්‍රධාණ කාර්ය්‍යලය විය.

මහරගම හංදිය ඒ කාලයේදී එතරම් දියුනු නගරයක් නොවීය. පමුනුව පාරේ කෑලි රෙදි ව්‍යාපාරය ඇතිවුනේ ඉන් බොහෝ කාලයකට පසුවය. හයිලෙවල් පාරේ කඩ කිහිපයක් හැර අනිත් ස්ථාන ග්‍රාමීය ස්වරූපයක් ඉසිලිය. වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානය වූයේ හයිලෙවල් පාරේ බස් නැවතුම අසල බෝධියත් ඒ කුඩා ක්‍රිඩාංගනයත්ය. එම බෝධිය අසලම කුඩා බුද්ධ රූපයක්ද විය. බුවනෙකබාහු විද්‍යාලයද ඒ අසලම විය. මානසික ආබාධයකින් පෙලුනු ගැහැණියක් අමු නිරුවතින් ඔය බුද්ධ රූපය බදාගෙන කෙරූ අපූරු සිදුවීමක් අවට මිනිසුන් එකතුවී නැවත්වු සැටිත්, මට ඕන විදිහට **ගන්න මුන් ඉඩ දෙන්නේ නැතැයි කියමින් ඇය කෑගසු සැටිත් මට අද මෙන් මතකය. ඇයගේ මානසික තත්වය අවබෝධ කරගත් අය මෙන්ම එම ගැහැණියටත් වඩා මානසික ආබාධයන් ඇතැයි සිතිය හැකි එවුන් ඇයට පහර දීමෙන් සහ අඩම්තේට්ටම් කෙරූ අයුරු බලා සිටීමට පවා අපහසු විය. උන් නම් නියම බෞද්ධයෝය. අදත් මෙවන් කාඩ්බෝඩ් බෞද්ධයින් දැකීමට ලැබීම අප කල පූරුවේ පවකි.

මහරගම නගරයේ කොයි මොහොතේත් ඇත්තේ තද කලබලයකි. අදටත් එය එසේම දැයි මම නොදනිමි. අනුෂා, නැෂනල් සිනමාහල් කරා ඇදීඑන මිනිසුන්ගෙන්ද, හැන්දාවරුවේ නගරසභා පිට්ටනියේ දේශපාලන රැස්වීමක් නම් එතැන ගොඩ ගැසෙන අයගෙන්ද, හෝමාගම, දෙහිවල ආදී නොයෙකුත් දෙසට ඇදෙන බස් සඳහා නැවතී සිටින මගීන්ගෙන්ද අඩුවක් නැත. මම පළමු වතාවට ජේ.ආර්.ජයවර්ධනයන් දැක්කේ මහරගම පැවතී දේශපාලන රැස්වීමකදීය. 1973දී ඩඩ්ලි සේනානායකයන්ද මියයන්නට පෙර එතැනම පැවති රැස්වීමක ඇමතුවා මතකය. ඒ තාත්තා සමග රැස්වීම බලන්නට ආ දිනයකය. 1948 සිට අප රට පාලනය කල රාජ්‍ය නායකයින් අතුරින් මම දැක නැත්තේ D.S.සේනානයක, SWRD බංඩාරනායක සහ සර් ජෝන් කොතලාවල පමණි. ආචාර්ය්‍ය ඩබ්ලිව්.දහනායක දුටුවේ ඔහු දේශපාලනයට සමුදුන් පසු කාලයකදී ගාල්ල ටවුමේදිය. අන් සියල්ලන් ගැනම මතකය පැහැදිලිය.

එහි සිට පාසල් යන කාලය අතරතුර අපේ ගෙදර උදවියට තවත් අකරතැබ්බයකට මුහුන දීමට සිදුවී ඇත. ඔවුන් සියල්ලන්ම නිවසද වසා දමා හංවැල්ලේ නෑදෑ ගමන් ගොස් තිබුනේ දින දෙකකටය. පසුදා නිවසට ඇතුළු වනවිට එහි දොර කඩා තිබූ බවත් ඉතිරිව තිබූ වටිනා අල්මාරි දෙකක් ,මේසයක් සහ තවත් සුළු සුළු භාන්ඩ කිහිපයක්ද හොරු රැගෙන ගොස්ය. මේ නම් හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුනාට දෙවෙනි නැති වැඩකි. මේවා ආච්චිගේ දෙමව්පියන්ගෙන් සිට පැවතෙන පෞරාණික ගෘහභාණ්ඩය. දැන් ඉතිරිව ඇත්තේ පැදුරු කොට්ට, ඇඳුම් පැළදුම් සහ උයන පිහන ආම්පන්න පමනක් යැයි කීවොත් නිවැරදිය. මේ සොරකම සිදුවී ඇත්තේ ගෙවල් අයිතිගෙදර පොඩි පුතා වූ පර්සි නම් රස්තියාදුකාරයා දැණුවත්ව, අපේ ඉන්ද්‍රක්කාට මනමාලකම් පෑ විජේපාල සහ ඔහුගේ මිතුරන්ගේ සහභාගිත්වයෙන්ය. පොලිසියෙන් සිදුවූ හොරු ඇල්ලීමක් නැත. පාඩුව අපිටමය. ආච්චී සහ අම්මා තීරනය කර තිබුනේ ඉහල තල්දූවේ පදිංචිවී සිටීම තව දුරටත් නිශ්ඵල ක්‍රියාවක් බවත්, වෙනත් සුදුසු ස්ථානයක් සොයා ගත යුතු බවත්ය.

ජීවිතය අප නොසිතූ ලෙස එක් එක් දිශාවන්ට ගලාගෙන යයි. එක් සොඳුරු බිම් කඩක නවතින පාටක් පෙනෙන්නටවත් නැති සැටිය. වැරදි කවුරුද, වරද කොතනද යැයි සෙවීමට කාලයක් නැත. ඉන් ලැබෙන ක්ෂනික ප්‍රතිපලයක් නැත. ගමන යා යුතුමය. අපගේ ලොකු අම්මා ඇයගේ දික්කසාදයෙන් පසු දැන් ජීවත්වෙන්නේ කුලියාපිටියේ උඩුබද්දාව පලාතේය. නමුත් ඇය සතුව දෙල්කඳ ගංගොඩවිල නිවසක් ඇත. ඒ අප සතුව තිබු නිවසට යාබදවය. එහි සම අයිතියක් ලොකු අම්මාගේ පළමු විවාහයේ මහප්පාට සතුව තිබු මුත්, ඔහු එහි සම්පූර්ණ අයිතියම ලොකු අම්මාට පවරාදුනි. ඔහු ඉතාමත්ම නිහඬ මහත්මා ගතිගුණ ඇත්තෙක් බව කියා ඇත. ඒ නිහඬ බවම ලොකු අම්මාගේ ජීවිතයට නොතේරෙන ගුප්ත සාංකාවක් ඇතිකරන්නට ඇත. ඒ ගැන කතා කිරීම දැනට අදාල නැත.

මෙම නිවස කුලියට ගෙන තිබුනේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමටය. එවකට එම පක්ෂයේ කෝට්ටේ ප්‍රධානියා වූයේ පසුව දේශපාලන මංඩල සාමාජිකයෙක්දවූ කේ.පි.සිරිවර්ධන හෙවත් සිරිවර්ධන අයියාය. නගරසභා, පලාත්සභා මිස පාර්ලිමේන්තු වරම් නොලැබූ ඔහුට 1989 කාලයේදි ප්‍රා සංවිධානය හා සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ලවිය. ඒවා කොතරම් නිවැරදි දැයි නොදනිමි. නිවසේ කොටසක කාර්යාලය පවත්වාගෙන ගිය අතර, එහි නිතර ගැවසෙන සාමාජිකයින් තාත්තාගේ පැරනි මිතුරන් විය. ලොකු අම්මා සහ ඇල්පින් බාප්පාද නිවසේ අනිත් කොටසට පැමිණ පදිංචි වීමට තීරණය කෙරුනු අතර, ඇල්පින් බාප්පා රැකියාව කරන්නේ කුලියාපිටිය පලාතේ නිසා ලොකු අම්මාගේ සහ දියණියගේ තනි නොතනියට ආච්චීත් රොමානිස් හාමිත් පැමිනෙනව නම් හොඳ යැයි කතාවක්ද විය.

අම්මලා පහත්ගම සීයලාගේ නිවසට ඈතින් හයිලෙවල් පාරට වෙන්නට ඉතාම කුඩා නිවසක් කුලියට ගෙන පැමිණියෝය. මේ නිවස කොතරම් කුඩාද කිවහොත් පවුලේ සියල්ලන්ම නිදාගන්නේ එකම කොටසේය. මම මෙහි එක් දිනක්වත් ගතකර නැත්තේ අම්මලා එහි පදිංචිව සිටියේ සුළු කාලයක් නිසාය. ඒ කාලය තරම් දුක්බර කාලයක් තිබුනා දැයි කියා මට මතක් නොවේ. ඇඳුම් පැළදුම් එක් එක් තැන්වල ගොඩ ගසාගෙනය. අල්මාරි සොරුන් රැගෙන ගොසිනි. පාරෙන් මෙහා පැත්තේ ඇති පල්ලමේ නිසා පොඩි ගංවතුරටත් යටවෙන එක නවත්තන්නට බැරිය. අඩුම කුඩුම සී සී කඩය. අම්මා තාත්තාගේ මහ ගෙදරට ගොස් උදව්වක් ගන්නට කැමති නැත. හොඳ වේලාවට අපේ ආච්චීටත් රොමානිස් හාමි නොහොත් පොඩි අයියාටත් ඒ දුක දැරීමට සිදුවූයේ නැත්තේ ලොකු අම්මා දෙල්කඳ පදිංචියට පැමිණි නිසාය.

පාසැල් යන වයසේවූ මල්ලිලා දෙදෙනාගෙන් එක් අයකු හංවැල්ල රාජසිංහ විදුහලටත්, අනිකා පන්නිපිටියේ ධර්මපාල විදුහලටත් ඇතුලත් විය. ලොකු නංගී පහත්ගම රෝමානු කතෝලික කන්‍යාරාමයටත් පාසැල් ගියාය. අපේ පවුලේ හුරතලී නොහොත් සුළු මානසික ආබාධයකින් පෙලෙන නංගී ගමේම තිබු කුඩා පාසලවු මලියදේවයට ඇතුල් කෙරූ නමුත් ඇයට ඉගෙනගැනීමේ හැකියාවක් නොතිබුනි. එහි තිබුනේ පංති පහකි. ඉන් තුනක් මහ පන්සලේ ඉඩමේත් ඉතිරි දෙක පොඩි පන්සලට ආසන්නයේත්ය. උදයට පාසැල් යන ඇය විවේක කාලයේදි ලැබෙන බිස්කට් තුනත් රැගෙන ගෙදර එයි. ඒ අවට විසූ මැම්බර් මහත්තයාගේ පවුලේද මෙවැනි ගැහැණු දරුවෙක් විය. දෙදෙනාම සම වයසේද විය. මේ දෙදෙනා ගැන එම කුඩා පාසැලේ මුල් ගුරුතුමාද අන් අයද හොඳටම දන්නා අතරම ඒ නිදහසද ඔවුන්ට ලබාදී තිබුනි. මෙය දිගු කාලයක් සිදු නොවුනි. අපේ නංගීව නාරාහේන්පිට චිත්‍රා ලේන් හී පැවති මෙවන් ළමුන් සඳහා වූ පාසැලට ඇතුලත් කරන ලදි. එහි පාලකයින් සහ ගුරුවරුන් පවසා ඇත්තේ, එතැන සිටි දරුවන් සමග එකට සිටියහොත්, ඒ ළමුන්ගේ ආභාශය හා ඌරුව ලබා අපේ නංගී තවතවත් මානසික ව්‍යාකූල තාවයන්ට පත්විය හැකි බවත්, එය එතරම් සුදුසු නොවන බවත්ය. ඉන් ඉවත්වූ පසු ඇය වෙන කිසිම පාසලකට ගියේත් නැත. වෙනත් අධ්‍යාපනයක් ලැබුවේද නැත. එකල අද තරම් පහසුකම් නොවීය. අපට වත්කමක්ද නැතිවිය.

ලොකු අම්මාත්, කුඩා දියණියත්, ආච්චීත්, “පොඩි අයියාත්” දැන් දෙල්කඳ අපට හුරු අපට පුරුදු අපේ වට පිටාවේය. ආච්චී අපේ අම්මාවත් අප පවුලේ අන් අයත් එහි දමා දෙල්කඳට පැමිණ ඇත්තේ තදබල අකැමත්තෙන්ය. ඇයට අපේ පවුලෙන් තොර ලෝකයක් නොවීය. පොඩි අයියා නම් පැමිණ ඇත්තේ කැමෙත්තෙන්ය. ඒ ඔහුගේ නොයෙකුත් වැඩ කටයුතු සඳහා ඔහුට හුරු නාගරික වටපිටාව වඩාත් යෝග්‍ය නිසා විය යුතුය. ලෝකය පෙරළුනත් ඔහුට ගනිච්චියක් නොමැත. අවිවාහක ඔහු අපේ ආච්චීට වඩා වයසින් බාලය. බීඩි, සිගරට්, ගංජා බීම හැර අරක්කු බීමක් නැත. බීවොත් කෙලින් ඉන්නටම බැරිය. ඉතාමත්ම පිරිසිඳුවට සිටින්නට බොහෝ කැමති මිනිසෙක්ය. දිනපතා රැවුල බෑමටත්, සුදු කමිසයෙන් සහ සරමින් සැරසී වැස්ලින් පැකට් එකක් කඩා හිසේ ගා ජැන්ඩියට හිස පීරීමත් දෛණික රාජකාරියක් විය. මේ වැස්ලින් පැකට් වලට කියන්නේ “කොන්ඩේ බාම්” කියාය . කුඩා පැකට්ටුවක් ශත පහකට දහයකට වඩා නොවීය. ඉස්සර චන්ඩීන්ද මෙයට බොහෝ කැමතිය. අපේ ආච්චී ඔය පොඩි අයියාට බනින්නේ උඹ මගුලේ යන්නද ඔච්චර හැඩ වෙන්නේ කියාය. ඔහුට ඒවා වගේ වගක් නැත. ඔහු ඉතාම මෝඩ මනුස්සයෙක් විය. වරක් රත්නපුරයේ ගියේ මැණික් ගරන්නෙකුගේ අත් උදව්වටය. මහ රෑක ගෙදර ඇවිත් පෙන්වා තිබෙන්නේ විශාල මැණිකක්ය. කවුරු හෝ කවටකමට ඔතාදී තිබෙන්නේ රේල් පාරේ සිග්නල් කනුවල තියෙන කොල පැහැති විශාල වීදුරු කවරයකි. ඔහු එතරම් මෝඩයෙකි. නමුත් හරිම ආඩම්බරය. ගෙවල් බ්‍රෝකර් වැඩ වලින් උපයා ගන්නා මුදලින් බීඩි, සිගරට්, ගංජා මුදල සරිකර ගන්නා ඔහු මිය යන තෙක්ම සිටියේ අප සමගය.

ටික දවසකින් මමද හයවැනි නවාතැනවූ දෙල්කඳ,ගංගොඩවිල ලොකු අම්මාගේ ගෙදරට ගොඩ වැදුනෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

90 Responses to අවුල් වන්නට පෙර..(18)…138-මහරගම…

  1. මහරගම සහ කැස්බෑව දැන් කොළඹ විශාලතම (ආසන) දෙක නේද?

    කුඩා නගරයක් කොටස් වශයෙන් දියුණු වෙනකොට බිහිවෙන්නේ ඉතාම අපිළිවෙල මහ නගරයක්. තවත් උදාහරණයක් තමයි කඩවත.

    ඒ අතින් හොඳම නගරය තමයි ගම්පහ. දුම්රිය පාරෙන් දෙකට කැඩී තිබුණත් එයින් වැඩි අවුලක් නොවී දියුණු වුනා!

    • maathalan says:

      කඩවතත් දැන් සෑහෙන දියුණුයි කතෝ.. කිරිබත්ගොඩ ඉඳලා කඩවතත් පහු වෙනකන් පාර හදලා තියෙන්නේ ඉටිකිරිස් වගෙ.. ටවුමට මෙහායින්, බයි රෝඩ් එකකුත් තියෙනවා. ඒ නිසා දැන් තද බදයක් නෑ..

      • මාතා…..කඩවත මම ඉස්සර නිතර එනවා. මගේ එහෙන් මෙහෙන් ලව් එකක් තිබුනා. කොළඹ බස් හෝල්ට් එක ගාව අයිනේ පාරේ. දැන් ඉතින් දියුණු ඇති.

      • Anonymous says:

        උමං මාර්ගයක් හැදුනෙ එතන නිධානයක් ගන්න උවමනාවට කියලත් කථාවක් තියෙනවා නේද ?

      • ඒ මොකක්ද බං ඇනෝ ඒ කතාව?

    • @ කකා…..1977 මැතිවරනයත් එක්ක තමයි මහරගම සහ කැස්බෑව කියන ආසන දෙක හැදුනේ මගේ හිතේ. ඊට කලින් තිබුනේ නැහැ. මහරගම නම් කිසිම පිලිවෙලක් නැහැ..මට මතකයි කඩවත මේ කියන කාලේ හරිම සවුත්තුයි තමයි. පාරේ අයිනේ බස් නවතලා තිබුනේ මහරගම වගේම තමයි.

  2. Kenji @ Japan says:

    එක සැරයක් කොතලාවල වලව්වට යන්න ලැබුන සුනිල් ආරියරත්නයන්ගේ මට මතක විදියට වජිර (හරියට මතක නැත) චිත්‍රපටයේ එළමහන් දර්ශන වගයකට.
    කොතලාවල මහත්තය හාන්සි පුටුවේ දිග ඇරිගන අපි රූපගත කරන හැටි බලන් හිටිය.
    ලග වැටීගෙන ජර්මන් ෂෙපර්ඩ් කෙනකුත් හිටිය.
    ඉස්සර බාබර් සාප්පු වල කාඩ් බෝර්ඩ් කෑල්ලේ කුඩා පොලිතින් පැකට් වල රතු,කොළ පාට වැස්ලින් එල්ලලා තිබුන නේද මචං.

    • කෙන්ජි……කොතලාවල මහත්තයා ගැනනම් මරු කතා තියෙනවා නේද? සැප ගත් බුවෙක් නේද? උඹ සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය ෆිල්ම් එකට වැඩකරාද? මම වජිරා බැලුවා,,කලන්සූරිය, නදීකා හිටියේ…ලකී ඩයසුත් පොඩි කොටසක් කරා වගේ මතකයි…ගුවන් විදුලි නාට්ටිය තරම් නැගැලා ගියේ නැහැ. මතකත් නැහැ බං…1982ද කොහෙද.

      කොන්ඩේ බාම් ගැන ඔය නියමෙටම කියලා තියෙන්නේ.

      • Indika Upashantha says:

        කොතලාවල මහත්තය හොඳ මිනිහ. අපි පොඩිකාලෙ ඒ වත්තට ගියාට බල්ල්කෙවත් කරදර කරේ නෑ. ඒ එතකොට උන්දැගෙ දත් හැලිල තිබ්බ නිසාද නැත්තන් අපි බොහොම පොඩි ළමයි නිසාද දන්නෙත් නෑ. කොහොම උනත් මමනං උන්දැගෙ මරනෙ බලන්නත් ගියා තාත්තත් එක්ක. අපේ මල්ලිගෙ පන්තියෙ යාලුවො දෙතුන් දෙනෙක් උන්න කඳවල වලව් වත්තෙ පදිංචිය. තාත්තනං කිව්වෙ ඒත් කොතලාවලගෙ නොලියවුන පරම්පරාවම තමයි කියල. මොනව උනත් මිනිහ උන්ට ඉඩං කෑලි සින්නකරේටම දීල තමයි පරළෝ ගියෙ. ඒත් පස්සෙ ආමි එකෙන් එව්ව පවරගෙන තුට්ටු දෙකක් දීල පිළියන්දල පැත්ට උන්ව එලෙව්ව. ඉස්සර අපි මදටිය ඇට හොයන්න, නිවාඩු කාලෙට සෙල්ලං කරන්න එහෙම ගියෙ ඔය වත්තට. දැං ඉතින් එව්ව සුම්ම.

        කෙන්ජි, කොතලාවල උන්නැහෙ මලේ අසූවෙ විතර. එතකොට උඹ එහෙ ගිහින් ඇත්තෙ අවුරුදු දා හතේදි විතරනෙ! ( දැන් වයස පණහයි කියල ගත්තොත්. )

      • @ ඉන්දික….අපේ ඥාතීන් බොහොමයක් ගල්කිස්සට සම්බන්ධයි..ඒ වයසක අය කියලා තියෙනවා සර් ජෝන් මොනවා කරත් හරි කෙලින් වැඩ කරන ඇත්ත කතා කරපු මිනිහෙක් කියලා. මේ ආටිකල් එක කියවපන් වෙලාවක …උඹ කැමතිවෙයි.. http://www.rootsweb.ancestry.com/~lkawgw/sirjohn.html

      • අරූ, තෑන්ක්ස් උඹෙ ලින්ක් එකට. දැන් හිමීට කියවනව අනුමත වෙලාම. අද වීක් එන්ඩ් එකනෙ.

      • ඉන්දික……හෙමින් සැරේ කියවපන්…..වැඩිහිටියන්ට ආදර්ශයක් වෙයන්.:D….අනුමත වීම වරදක් නෙමේ කාටවත් කරදරයක් නොවෙන තාක්…උඹ අනුමත වීමෙන් සහ ප්‍රමාණයට වඩා අභිමත වීමේ පාඩම් දන්නවා ඇතැයි වයසක බුවෙක් හැටියට මම හිතනවා.

    • Kenji @ Japan says:

      ඉන්දික මචන් ඔය බයිස්කෝප් වල මම වැඩකරලා නැහැ.
      නමුත් මගේ පියාගේ ඒවාට සම්බන්දයක් තිබුන සේවක පිරිසක් යොදවාගෙන.
      ගැටය කාලේ ඉඩ ලැබුනම මගේ කොල්ලෝ සෙට් එක එක්ක යනවා.
      පළගැටියෝ කරද්දීත් වසන්ත O බැනල එලෝ ගත්ත පොඩි කොල්ලෝ ඕව බලන්න හොද නැහැ කියල ,මර්සි එදිරිසිංහට හීනෙන් සැප ගන්න සීන් එහෙකදී.
      ගාමිණි,විජය,ජෝ ඉදල හැමෝවම හමුවෙලා තියෙනවා.
      අවුරුදු 3 ක් විතර තමා.
      වීක් එන්ඩ් වල,නිවාඩු කාලේ පිට පළාත් වල පවා ගියා.

  3. Mayya says:

    ලස්සනට පිරිසිදුව ඉන්න සමහරක් පොරවල් වලට ඒක සමහර විට බොක්කෙන්ම එන එකක්…කෑවේ නැතත් එක තියෙන්න ඔනේ නේද?

    • maathalan says:

      ඔය කුඩු ගහන ගංජා ගහන උන් බොහොම දෙනෙක්. ක්ලීන් සූට් කාරයෝ..

    • මයියා……ඔය මම කියන පොඩි අයියා ගැන බොහෝ කතා තියෙනවා…අම්මා උදේට තේ හදලා දහපාරකට වඩා කතා කරනවා….කෝ නැහැ..රැවුල කපනවා…බාම් ගානවා….කොන්ඩේ පීරනවා…ඇඳුම් කිරි කොකා පාටයි…..වයසට ගියාට පස්සේ ඇඟේම කැත කරගන්නවා, චූ කරගන්නවා. අම්මා, අපි මල්ලිලා තමයි ශුද්ධ පවිත්‍ර කරන්නේ. ජීවිතයක අරුමේ…

      පිරිසිඳු වෙන එක එක්ස්ට්‍රීම් ගිහින් මානසික ආබාධ වෙච්ච අයත් ඉන්නවා…මෙයා එහෙම බුවෙක් නෙමේ.

  4. කොණ්ඩේ බාම් කීවේ ජෙල් වගේ එකක් වෙන්ටැ 😀

    • ඔව් රෙහානි. කොහොම හදනවාද මන්දා. අර ග්‍රීස් වගේ..එක එක පාටින් ආවා. ඇබිත්තං පොලිතින් පැකට්වල. ඕන කඩේක ගන්න තිබුනා.

  5. ලස්සන කතාව උදැසනම කියෙව්වමි.හෙනහුරාත් වැටෙන්නේ අපි වගේ උන්ගේ පාත්තර වලටම තමයි අරූවෝ.එක එදත්,අදත් එහෙමම තමයි.කබලෙන් ලිපට වැටෙන්නේ උඹලා,අපිම තමයි.

    • මනෝ……කබල. ලිප දෙකම තියෙන්නේ මිනිස්සුන්ටම තමයි…ලිපට වැටුනාම පුච්චගන්නේ නැතුව නැගිටගන්න පුළුවන් නම් තමයි අඩුම ගානේ ආපහු කබලට ගොඩ වෙන්න පුළුවන්. ඔන්න ඔය චක්‍රයට ෆේස් කරන්න තමයි ලෝකයට මිනිස්සු බිහිවෙලා තියෙන්නේ..අපිට මහ ලොකු දේවල් වෙලා නැහැ බං බලාගෙන ගියාම. අවට බැලුවාම පේනවා ඒ බව. බණ කියලා හිතන්න එපා..මේ අත්දැකීම්.

  6. maathalan says:

    මේ වගේ දේවල් නිසා තමයි. මම දෙයියෝ බුදුන් අදහන ඒවා නැවැත්තුවේ. ඒවට උගන්වන ඒවා මට මහා ප්‍රශ්ණ උනේ. හැබයි මචෝ මේ ලබපු පන්නරේ නම් ඕනම දේකට ඔරොත්තු දෙන්න පුලුවන් පන්නරයක්. මට අද උනත් මහ පාරේ නිදාගන්න උනත් හිතට දුක නෑ. ඒ වගේ පොරක් තමයි උඹලයි තාත්තා.

    ඒ මිනිස්සු ප්‍රාර්ථනා කරපු සුන්දර ළෝකෙම තමයි මමත් ප්‍රාර්ථනා කලේ. නමුත් ඒක මහ මුලාවක්. බොරුවක්, රැවටීමක්.

    • රාජ් says:

      “මේ වගේ දේවල් නිසා තමයි. මම දෙයියෝ බුදුන් අදහන ඒවා නැවැත්තුවේ”
      එහෙම උන එක හොඳයි.

    • මාතා……උඹ මොහොතකටවත් හිතන්න එපා මම පඬි ටෝක් දෙනවා කියලා…ඇත්තටම මාතා මම දන්න කාලේ ඉඳන් බෞද්ධ සංස්කෘතියට වඩා බෞද්ධ දර්ශණය දිහා විමසිල්ලෙන් බලන් හිටිය එකෙක්. මම මහ ලොකු දේවල් දන්නේ නැහැ. නමුත් උඹ නිතරම කියනවා වගේ මම සමාජයෙන් බොහෝ දේවල් එකතු කරගත්ත හාදයෙක්. පේමන්ට් එකත් රජ මැදුරත් එකම චේතනාවෙන් රස විඳින්න පුළුවන්…උඹටත් එහෙම හැකියාවක් තියෙන බව මම දන්නවා. මම කිසිම දෙයක් දෛවයට බාර දීලා නිකං ඉන්නෙත් නැහැ. හැබැයි ඉනෆ් ඊස් ඉනෆ් කියන තැනට ආපුවහම දඩස් ගාලා අත හරිනවා. රස්සාව උනත් එහෙමයි..පස්සේ විඳවනවා. ඒක වෙනම දයක්.

      මාතා සුන්දර ලෝකයක් කියලා දෙයක් නැහැ බං. උඹ හරි. ඒක මුලාවක්. සුන්දරත්වය තියෙන්නේ තමන් තුල සහ තමන්ගේ චර්යා රටාවන් තුල. ඒ සුන්දරත්වය තව කෙනෙකුට හඳුණගන්න පුළුවන් නම් එතැන අපි පතන සුන්දරත්වය තියෙයි.

      අපි හම්බවුන දවසක අඩියක් ගහගෙනම සුන්දර වෙමු. මම බොහොම කැමතියි උඹලත් එක්ක සෙට් වෙන්න.

      • මෙන්න මේ Enough is Enough කියන තැන ඉන්න කෙනෙක් මම. දෙයක් අත අරින්නේ නැතිව ඉන්න බොහොම උත්සාහ කරනවා, අත ඇරියොත් ආයෙත් ඒ දිහාවත් බලන්නේ නෑ. එහෙම බැලුවම අපි එක වගේ කියලා හිතෙනවා.

  7. අර මානසික ආබාධයෙන් පෙළුන කාන්තාව ගැන කියන කොට මට මතක් උනේ අවුරුදු හතර පහකට කලින් අර පොලිසියේ මහත්’හොරු’ ගඟක දාගෙන ගහලා මරපු මානසික ආබාධිත මනුස්සයාවයි.
    හදිසි‍යෙ වත් දැන් ඉන්නවා වගේ බෞද්ධයො බුදුන් වැඩ සිටි කාලෙයෙත් හිටියා නම් කිසා ගෝතමීලා පටාචාරාලා ට වෙන දේ හිතා ගන්න පුලුවන්.

    දැන් ජෙල් ගහනවා වගේ ඒ කාලෙ ගෑවෙ වැස්ලින්ද? මරුනෙ.

    • ප්‍රියා…..අපි ඔක්කොටම බාගෙට පිස්සු බං….එහෙම නෑ කියලා කියන එවුන්ට අපිටත් වඩා පිස්සු..බලපන් අර පිස්සු පොලිස් බුවාට කොච්චර පිස්සුද කියලා එහෙම වැඩක් කරන්න. මුහුද ගොඩ ගලන්න ඕන අපරාධ බන්.

      ඔය මහරගම සිද්ධියෙදි උන් ඔය ගෑණිට ගැහුවේ තෝ වේසි අපේ ශාන්ති නායක තුමාට අපහාස කරා,,වැඳපන්..වැඳපන් කියලා…කවුද අපහාස කලේ කියලා අපි තමයි ගණන් හදාගන්න ඕන.

      වැස්ලින් හරි ප්‍රසිද්ධයි ඔය කාලේ.

  8. Ravi says:

    අපෙ අප්පච්චිත් ගෑව වැස්ලින්..ඒත් ඒ පැකට් නෙවෙයි…අමුතු හැඩයක් තියෙන බෝතල්..කොළපාට මූඩිය…වැස්ලින් වලින් තවත් ප්‍රයෝජනයක් තිබ්බ ….:D

    • රවී……උඹලාගේ අප්පච්චිට හම්බවෙලා තියෙන්නේ පොෂ් භාන්ඩයක් වගේ බෝතල් වල එන. ඔය කියන ජාතියද මන්දා මම දැකලා තියෙනවා බාබර් සාප්පුවල. වීදුරු මිටි බෝතලයේ රත්තරන් පාට මූඩියක් තිබුනේ. බොහොම පොඩ්ඩක් අරන් බාබර් උන්නැහේ අපේ කොන්ඩේ ගානවා. ගාලා අත නහයට අල්ලනවා. හඳුන්කූරු සුවඳක් එන්නේ.

      ඔය පොලිතින් පැකට් එක මචං පොඩිම පොඩියි. පාට කීපයකින් ආවා. එකම සුවඳයි. අපේ තාත්තා ගෑවේ පොල්තෙල්. වයිෆ්ගේ තාත්තා පොල්තෙල් සහ වතුර.

      ඔය පොඩි අයියාගේ කොන්ඩේ සුදුම සුදු උනා. ආච්චි බනිනවා හොඳ වැඩේ උඹට ඔය ඉලවු වැස්ලිම ගෑවාට කියලා.

      වෙන ප්‍රයෝජණ හා..හා..හා..හිප් හිප් හුරේ!!!

      • Ravi says:

        වැස්ලින් හදන්නෙ මචං පෙට්‍රෝලියල් ජෙලි වලින්..ශීත සහ ග්‍රීෂ්ම සෘතුවල තොල් එහෙම ආරක්ෂා කරගන්න මෙහෙ පාවිච්චි වෙන්නෙ වැඩිපුර වැස්ලින්. පහුගිය දවස්වල වැස්ලින් හමට අහිතකරයි කියල හාහෝවක් ගිහිල්ල හිටපු ගමං සුපර් මාකට්වලින් වැස්ලින් අතුරුදහන් උනා. ඒත් ආයම ඔන්න තියනව.

        වැස්ලින් වලට කොණ්ඩෙ ඉදෙනව කියන කතාවනම් බොහොම ප්‍රචලිතයි. ඉස්සර අප්පච්චිහෙ වැස්ලින් බෝතලෙන් ඩිංගක් අරං උලාගෙන අත්තම්මට අහු උනොත් කෑගහනව.” දැනෙයි කසාදයක් කරගන්ටත් ඉස්සර කොණ්ඩෙ පැහුනම..”…..හැබෑටම කිව්වත් වගෙ අපෙ අප්පච්චිගෙත් කොණ්ඩෙ පැහුණ බොහොම ඉක්මනටම. මගෙත් එහෙමයි..හෙහ්,හෙහ්, ඒකනම් ආරෙට….

        මොකෝ මම ඔය මොන කෙහෙල්මලක්වත් ගෑවෙ නෑ…රෑට නකතං වෙන්ට ගහල උදේට ඔලුව උස්සන්ට බැරිඋනාම අපෙ ලොකු මාම හිඳින බෙහෙත් තෙලක් තියනව…හප්පා මාර සුවඳ ඕක හිඳිනකොට..සැවැන්දරා අරව මේව ඔක්කොම දානව…

        මම ඕකෙං බෝතලයක් අරං ගිහිල්ල තියාගෙන ඉන්නව මගෙ කාමරේ..අරම ඔලුව පැලෙන්ට වගෙ කැක්කුම ඇල්ලුවම අපෙ ගෝලය සැමීට කියල බෙහෙත් තෙල් මසාජ් එකක් දාගන්නව…අප්පට සිරි මාර සනීපයි…තව්තිසාව තමයි..ඒකරල කට කපල වතුර ගලායන බෙදුම් ඇලේ ගිලිල නෑහම ඔලුවෙ කැක්කුං කොහෙං ගියාද නැඇ..ඇළේ ඉවුරෙම තියාගෙන ගැහුවැකි ඕල්ඩ් කාලක් බයිට් නැතුවම… 🙂

        ඔය පරණ බාබර් සාප්පු වලට මම හරිම ආසයි අරූ…තාම උනත් ගෙදර ගිහාම මම කිලෝ මීටර් අටක් විතර දුර ගෙවල යනව ඒ වගෙ එකකට. අර උඹට මතකනෙ..කුවීන් එළිසබෙත්ගෙ මඟුල් පින්තූරෙ. එතකොට තාත්ත හයවෙනි ජෝජ්..සීය පස්වෙනි ජෝජ්. එහෙම රාමු කරල එල්ලල තියෙන්නෙ. මම එකම එක සැලූන් එහෙක විතරයි දැක්කෙ මචං අටවෙනි එඩ්වඩ්ගෙ ( අර රජකම අතඇරියෙ , පස්සෙ වින්ඩ්සර්හී ආදිපාද ) සහ එයයිගෙ භාර්යාවගෙ ( වොලීස් සිම්සන් ) පින්තූරයක් එල්ලල තියනව. මගෙ හිතේ පිළිමතලාවෙ සැලූන් එකේ වෙන්න ඕන.72 දි වින්ඩ්සර් ලොක්ක වලකජ්ජ ගහපු නිසා ඒ දවස්වල පත්තර පිටුගනං ගියා ඔය ආදර අන්දරය.

        ඩී.එස්. ඩඩ්ලි. එස්.ඩබ්.ආර්.ඩී සර් ජෝන් ලගෙ පින්තූරත් තිබ්බ ඔය සැලූන් වල.එතකොට බ්‍රැඩ්මන්, හට්න්, පීටර් මේ, වොලී හැමන්ඩ් ..ඔය ක්‍රිකටර්ස්ලගෙත් තිබ්බ. බාබර් සැලූන් ගැන වෙනම ලියන්න ඕන මචං සීරීස් එකක්ම . මගේ කරණවෑමි කතා කියල ..පොඩි ලව් සීන් එකකුත් තිබ්බ මගෙ ඒ කාලෙ ඔය සැලූන් එකකට සම්බන්ධව… 😀

      • රවී……මම තෙල්. ක්‍රීම්, ජෙල් ,ඩයි කවදාවත් ගාලා නැහැ. හැබැයි මගේ එක කලු කෙස් ගහක් වත් නැහැ දැන්. තනිකර සුදුම සුදුයි. අපේ පරම්පරාවම ඒ වගේ. අවුරුදු පනහට සුදුම සුදු කොන්ඩයක්. ගොඩාක් අය හරි කැමතියි මේ පාටට.

        උඹ සැවැන්දරා කිව්වාම මතක් උනේ…ඔය කියන්නේ පොඩි හීනි මුල් වගේ ජාතියක් නේද….ඔය මුල් වලින් හදපු පොඩි වටාපතක්. ඒක හරි සුවඳයි..තව තෙල් බෝතලයක් තිබුනා අරක්කු බෝතලයක් සයිස් ඕක ඇතුලෙත් ඔය මුල් වගයක් තිබුනා. දන්න කෙනෙක් කියපන්කෝ මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. සැවැන්දරා සබනුත් තිබුනාද?

        සැලුන් දොරෙන් එබී බලයි සැවැන්දරා…..උඹේ සීරිස් එක ලියපන්කෝ.

      • Ravi says:

        අරූ….ඔබ හරි.. සැවැන්දරා මුල් සිහින් සහ දිහටියි..වටාපත්, අවාන් එහෙමත් හදනව…

        අපෙ අත්තම්මත් හිසේ ගාන පොල් තෙල් බෝතලේට දාල තිබ්බ රවුම් කරල ඔතපු සැවැන්දර මුල් ගුලියකුයි තව උළුහාල් එහෙම..ඔලුව සීතල වෙන්ට හොඳයි කියනව උළු හාල්..කතාව නම් ඇත්තම තමයි. උන්දැගෙ තෙල් බෝතලෙං අල්ලට පොඩ්ඩක් අරගෙන ඉස් මුදුනෙ දාගත්තද එකසිය ගාණට කිඹුහුම් යන්නෙ..ඇති සීදේවි ඇති ඇති… 🙂

        ඉංග්‍රීසියෙන් මචං Khus Khus Grass නැත්නම් Vetiveria

        සැවැන්දරා සුගන්ධයේ හිමාලයේ සිහිල් සුවෙන්..ඔහොම සිංදුවකුත් නම් තිබ්බ…එම්. එස්. වගෙ මතක…

      • Anonymous says:

        රවි, කුස් කුස් රයිස් කියල මෙහෙ තීනව අමුතු තණ හාල් වගේ ජාතියක්, එහෙනං ඒකත් සැවැන්දරාවක්ද දන්නෑ!

      • @ 7.27 ඇනෝමචෝ….කුස් කුස් කියන්නේ ගහක හැදෙන දෙයක් නෙමෙයි . කුස් කුස් Cous Cous කියන ආහාරය ලෝකෙට එකතු වෙන්නේ තිරුඟු වලින් හදන තවත් එක by ප්‍රොඩක්ට් එකක් හැටියට. හරියටම කියනවානම් අපේ සව් වගේ. අපි නොදන්න කමට ඉංග්‍රීසියෙන් සේගෝ කියන්නේ..සේගෝ කියන්නේ සෙමොලිනා..සෙමොලිනා කියන්නේ තවත් තිරුඟු නිර්මාණයක්…මේ කතන්දරය කුකින්ග් කියන විෂය ඇතුලේ අපිට තව දුරටත් කතා කරන්නට පුලුවන්. මම ඒකට කැමතියි. එතකොට මම මේ කියන කුකින්ග් විද්‍යාවක්, කලාවක් කියලා නොදන්න අය ඉගෙන ගනීවි.

        රවී කියන සැවැන්දරා කුස් කුස් Kus kus කියන උද්භිද නාමයට ඇතුලත් කියලා මම හිතනවා. ඒ වෙනම මාතෘකාවක්.

        මම උඹෙ අදහසට කැමති වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි…මම කැමතියි බ්ලොග් ලෝකය සංවාද මණ්ඩපයක් සහ පැදුරක් වෙනවා දකින්න….උඹ තව දුරටත් කතා කරපන්!

  9. මහරගම තවම ඒ වගේ තමයි. අනුෂා හෝල් එකත් තාම ඒ වගේ , වෙනසකට තියෙන්නේ අලුතින් බොක්ස් ගැහැව්වා. ඒක ඇතුලේ හැරෙන්නේවත් බෑ අරු අයියේ .. එලියට එනකොට දනිස් දෙකයි වැලමිටි දෙකයි තුවාල වෙලා තමයි එන්න වෙන්නේ.

    • maathalan says:

      උඹ කියන්නේ උඹ පොඩි කාළේ මහරගමයි අද මහරගමයි ගැන. අරූ කතා කරන්නේ අපො පොඩි කාළේ මහරගම ගැන. ඒ කාළේ මහර්ගම නෙමෙයි නුගේගොඩත් ගමක්.

      • ඒකත් ඇත්ත. ඉතිං හත් දෙයියනේ මේ කොරන කියන දේවල් වල හැටියට මන් හිතන් හිටියේ මාතෙලා,අරූලා.කෙන්ජිලා ඕනෙනම් අපිට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් ඇති කියලා හිකිස්…:D

      • Kenji @ Japan says:

        අනිත් අයියල දෙන්න කොහොමද මන්ද 🙂 ,
        මම නම් ඉතින් 28+ වගේ තමයි සේරම වැඩ.

      • ඇත්ත මාතා නුගේගොඩත් සුන්දර ගමක් තමයි ඉස්සර. මහරගම නම් දැන් හොඳටම අවුල් ඇති පමුනුව නිසා.

      • @ කෙන්ජි…..මම හිතුවේ උඹ 18+ කියලා….මමනම් මචෝ දහ අට සන්නියම නටලා ඉවර නිසා දැන් සළුපිළි ගලවලා ගෙදර යුනිෆෝම් එකෙන් තමයි වැඩ වාසය කරන්නේ.

    • පවුලූශා…..අනුෂා එක ඒ දවස්වලත් ඔහොමම තමයි..නැෂනල් එක ඊට වඩා දහස් ගුණයක් හොඳයි. මහරගම පොළ දවසට අනාථයි ඉස්සර. පොළට යන්නේ ඉස්සර සපත්තු සෙරෙප්පු ගලවලා. මඩ වළවල් අඩියෙන් අඩියට.අනුෂා එකේ ගැලරිය හිතාගනින් ඒ කාලේ..ශත 55කට ටිකට් එකකුත් දීලා මකුණෝ නැතිව ඉබ්බෝ දෙන්නද බන්? කාන්තිමත් නගර සභාවක්නේ බං මහරගමට තියෙන්නේ…අනේ හුකේ අපි නොදන්න කොඩිකාර.

      • තිස්ස says:

        කාන්ති කොඩිකාර අද (සැප්තැම්බර් 12, 2014) මහරගම් පොළ යි, ඒ අවට කඩ ටික යි සේරම කැඩුවා. හෙට සෙනසුරාදා පොළ තියන්නේ කොහේද මන්දා…?????

  10. රාජ් says:

    මගෙ අම්මෝ මෙහෙමත් ගෙවල් මාරු කිරිල්ලක්. අහිකුන්ඨකයො හොඳයි! 🙂

    • Anonymous says:

      ගෙවල් මාරු කිරිල්ලෙ අද්දැකීම අපටත් තියනවා. අස්පස් කරන කාලෙට ඉතින් මම ලිස්සල යනවා.

      • @ ඇනෝ……..මමත් ගෙදර හිටිය නැති නිසා…බඩු අදින සීන් වලට මාට්ටු වෙලා නැහැ. හැබැයි රටින් පිට වුනාට පස්සේ කුළියටත් බඩු ඇද්දා ටික කාලයක් රස්සාවක් හැටියට. කොන්ද කැඩෙන ජොබ් එකක් බං.

    • @ රාජ්…..අප්පෝ ඔව් බං අහිගුන්ඨිකයෝ හොඳයි….ඔහොම හිටපන් තව ඉවර නැහැ…මම කාලයක් හම්බන්තොටත් හිටියා පස්සේ කාලෙක.

  11. Kandyan says:

    දහනායක උන්නැහේ තඩි රැවුලක් වවාගෙන ඉන්න කාලෙ අහම්බෙන් දැකගන්ට ලැබුනා. එතකොට හොඳටම වයාස් ගිහින්. නිහතමානි දේශපාලඥයෙක්.

    • මමත් දැක්කේ රැවුල වවන් ඉන්න කාලේ තමයි. ගාල්ලේ මිනිස්සු නම් හරියට හොඳ කියනවාලු. 1977 ඇල්බට් සිල්වාට පැරදුනා කියලා මතකයි ගාල්ල ආසනය.

  12. Padhmakumara says:

    මහරගම නම් මමත් 69-70 කාලෙ නිතර ගිය තැනක් තමයි ඩෙන්ටල් එකට . ඉස්කෝලෙ ලමයින්ගෙ දත්වල වැඩ කලේ එතනනෙ. ජයරත්න එක තිබුනා මතකයි ,අනුශා එකට අල්ලලා ලී මඩුවක් තිබුන,ඩෙන්ටල් එකට පාරෙ අනිත් පැත්තෙ තිබුන තට්‍ටු බිල්ඩිමේ නවමග කියන ප්‍රසිද්ධ ටියුෂන් පංතිය, ඒ පැත්තෙම තිබුනා බිල්ඩිමක් දෙගම්බඩ සහෝදරයෝ කියල.

    • පද්මේ….මෙන්න මගේ කාලේ මතකයක්….ඩෙන්ටල් එකට හැම පැත්තෙන්ම ළමයි එනවා. තාම ඒක තියෙනවාද? දෙගම්බඩ බිල්ඩින් එකේ තේ කඩයක් තිබුනා. ඔය ලී මඩුවේ පිටිපස්ස පැත්ත පරණ පාරට වැටෙන්නේ. මානෙල් හෝටලය මතකද? ඉස්සර ඩෙන්ටල් එක ඉස්සරහ බස් හෝල්ට් එකේ හරක් නිදාගන්නවා. මට මතකයි එකෙක් හිටියා පන්න පන්න අනින්නේ. හිටපු ගමන් ඩිස්මිස් උනා. මොනවා උනාද දන්නේ නැහැ. නවමග ලොකු බිල්ඩිමකට අරන් ගියා පස්සේ. සුන්දර මතකයන්.

      • Indika Upashantha says:

        “නුශා එකට අල්ලලා ලී මඩුවක් තිබුන”

        පමුණුගම ස්ටෝර්ස් එක. දැන් සිරා ෆර්නිචර් ෂොප් එකක් 😀

      • @ ඉන්දික…….අනුෂා එකට අල්ලලා එහාපැත්තට වෙන්න පොඩි ලීමඩුවකුත් තිබුනා රීප්ප පරාල විකුණන..අර පද්මේ කියන්නේ ඒක වෙන්න ඕන……පමුනුගම ස්ටෝර්ස් එකනම් 1970 කාලේ ඉඳන් පිලිවෙලකට කරගෙන ගියා. දැන් නම් හොඳටම ඇති මගේ හිතේ. ඊට මෙහා පැත්තේ මාටින් පෙරේරාගේ උගස් බඩු සාප්පුව නේද? එයාගේ දුවගේ ගෙදර තමයි මම හිටියේ.

  13. අපි පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ හිටපු චන්ඩියත් තද වාසලින් කාරයෙක් මොනම හදිස්සියකටවත් පොර ගෙදරින් එලියට බහින්නේ නෑලු ඔලුවේ වාසලින් ගන්නේ නැතුව… දවසක් ප්ලිසියෙන් මුව හොයාගෙන ආවමත් පොර කගහනවලු ඇතුලේ ඉදන් ඉන්න සර් කොන්ඩේ ක්‍රීම් ටික ගාගෙන එනකම් කියලා

    හයවෙනි ගෙවල් මාරුවෙන් වත් ගෙවල් මාරුව ඉවර වෙනවද

    • ඉස්සර චණ්ඩි අමුතු බුවාලා බන්… උන්ගෙ අමුතු ගති ලක්ෂණ තමයි තිබුනේ..උන්ගෙන් ගමට කරදරයක් නැහැ. දෙල්කඳ හන්දියේ පැස්කෝ කියලා පොරක් තමයි ගනං ගෙනිච්චේ. සල්ලිත් තිබුනා..වර්චස් වැඩත් නැහැ. තව බුවෙක් හිටියා කුමාර කියලා .වැස්ලින් ඔළුවේ…පනාව උඩ සාක්කුවේ.

      හයෙන් ඉවරද? උඹට පිස්සුද…තව හයක් තියෙනවා.

  14. damith says:

    යකඩ පන්නරෙ ලැබුන හැටි නේද

  15. අපූරුම මතකයක රසබරම කොටසක් නේ අද ගෙනැවිත් තියෙන්නේ. ඔබේ ලැයිසුතුවේම පිරිස හැර අන් ලාංකිය රාජ්‍ය නායකයන් සියලු දෙනාම සමග මා කතා බහ කර පවා තියේ. ඒ ළමා කාලයේ රාජකාරිමය වශයෙන් වැඩ ඇල්ලුවේ ජේ ආර් යුග‍යේ තමා.
    ඒ කෙසේ වෙතත් මෙවන් අතිතයක් යළි සිහිපත් කීරීම ගැන තුති.

    • නලීන්…….ඒ කාලේ මම ඔය අමරබන්ධු රූපසිංහ මයා ආශ්‍රයට වැටුනාට පස්සේ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත රටාවට බොහොම ඇලුම් කලා. ඉස්සර හිටිය බොහොම දෙනා හරි සරළ ජීවන රටාවකට තමයි හුරුවෙලා හිටියේ. අමරේ අයියා ඔය බොහෝ නායකයින් ගැන කියන කතා මට මීපැණි වගේ වුනා. උඹ වාසනාවන්තයි මාධ්‍යවේදියෙක් වෙන්න ලැබීම. ඒ කාලේ මගේ හීනයක්.

  16. ඇත්තටම අරූ ඔබ ජීවත් නොවුන එකම නගරයක්වත් ලංකාවේ නෑ වගේ මේ සටහන් කියෙව්වම තියෙන්නේ. දැන් අපිට විහිළුවට එහෙම හිතුනට මේ කතා අස්සේ එන සැබෑවෙ කටුක බවට (මේ සීතලට අමතරව) මගේ ඇඟේ හීහඩුත් පිපුනා. දුක කියන්නේ මොකක්ද කියලා ඔබට වෙන උපමා උපමේය මොකටද නේද?
    මට ලැජ්ජයි අප්පා මම මේ වෙන රටක පදිංචියට යන්න බැරිව දැන් අවුරුදු ගාණක් තිස්සේ නහයෙන් අඬනවා අළුත් තැනකට හුරු වෙන්න බෑ කියලා. අනේ මටත් ඔබේ ළමා කාලේ වගේ මේ හැමදේටම ඇඩොප්ට් වෙන්න අදටත් පුළුවන් නම්….

    • රංගී…..මම ඉස්කෝලේ යන කාලේ සහ තරුන කාලේ බොහෝ තැන් වලට මාරුවෙවී තමයි හිටියේ. පිටරට වලදීත් ඔය තත්වය එහෙමම තිබුනා කාලයක් යනකම්. දැන් නම් මම කිසිදෙයක් වෙනස්වෙනවාට එච්චර සතුටු නැහැ. කරන්න වුනොත් කරන්න වෙනවා අකැමත්තෙන් වුනත්…අකැමත්තෙන් කරන්න වෙන දේවලුත් තියෙනවා ජීවිතේ.

  17. මොකක්ද මේ වැස්ලින් ඔළුවේ ගාන කතාව. මම පොඩි කාලේ මට මතක අපේ කිරි අම්මලා හා තවත් ගමේ ගෙවල් වල ඔළුවේ ගාන්න කියලා වෙනම තැඹිලි තෙල් හැදුවා. සැවැන්දරා මුල් හෙම දාලා. අම්මෝ සුවඳ? ඒවයේ තෙල් අස්සේ එන තලප මම කාලත් තියෙනවා. හැබැයි කෑව වෙලේ ඉඳන් බාත් රූම් එකේ. අපෙ ගෙවල් වල ඒ කාලේ පොල් තෙල් ගෙදරම හදලා තමයි කන්න ගත්තෙත්. හැබැයි ඒවා නම් ඔළුවෙ ගෑවේ නෑ. කොහෙද ඉතින් අපි පොඩි කාලේ වෙනකොට අපිට කොන්ඩ වලට අමුතු කට් ආවනේ.. කොහේ සුවඳ තෙල් ගාන්නද?

    • රංගි….වැස්ලින් කියන්නේ ඉස්සර පොරවල් කොන්ඩෙට ගාපු දෙයක්.

      තැඹිලි තෙල් තමයි රංගි මම රවීට දාපු රිප්ලයි එකේ තියෙන ගෙදර තිබුනු තෙල් බෝතලේ. ඔයා ලිව්වාමයි මට මතක් උනේ. ඒ තෙල් හිඳින කොට එන තලපේ මමත් කාලා තියෙනවා.

      • Ravi says:

        ඒ තලපෙට කියන්නෙ බං තෙල්කහ…අම්මාපල් ඒ දවස්වල පපුවෙ හිටං තෙල් බේරි බේරි ඔව්ව කෑවෙ..දැන්නං ළමයින්ට දෙනව තියා මහ එවුංවත් කන එකක් නෑ හාට් එක නවතියි කියල බයටම… 🙂

      • @ Ravi…ඔව් බං…..සුවඳ විතරයි…තනිකර තෙලනේ..මෙලෝ රහක් නැහැ..යාන්තම් වගේ ස්වරූපයෙන් හල්වා වගේ නේද?

        උඹ මාව මන් මත් කරයි…..යකෝ අඩියක් ගහන්න තෝ වගේ රසවතෙක් ලඟ ඉන්න ඕනේ.. පොඩි අනුමතේක ඉන්නේ…තනියෙන් බං ..මල යෝනිය….Bottoms up Ravi!! Bottoms up!!!!!!!!

      • Ravi says:

        වරේවා..වරේවා..ෂබාශ්..ෂබාශ්..ගහපං ගහපං..මමත් එසේමය. ටුමෝරෝ ඊස් අවර් වීක් එන්ඩ්…සෝ නැචුරලි…හෙහ්, හෙහ්, වෙලාවක සෙට් වෙමු…ලඟදීම ..ලඟදීම…

      • @ Ravi..එසේමයි…එසේමයි….හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අප ජීවත්වන්නේ….(ඉන්නේ කොහේ වුනත් …ඒකිය පුද්ගලයා ලබන සුන්දරත්වය පමණයි මම මෙතනදි අදහස් කලේ…ඒකිය පුද්ගලයා යන්න රයිගම්ගේ විග්‍රහයට අනුව මම කැමතියි. ඒ ඕනැම පොදු තත්වයකදී හැසිරෙන ඒකීය සමාජ සත්වයෙක් සිටින නිසා )

        Cheers!! One for the road!! Enjoy your precious weekend!!!!!!!!!

    • sudeeka says:

      අපේ පැත්තේ ඕවට කියන්නේ තෙලිකා කියලා. තෙලිකා බුල්ටෝ කියලා ජාතියක් තිබුණා ඉස්සර.

  18. උඹගේ කථාව ඉතාම සිත් ගන්නා හා සංවේදීව ඉදිරිපත් කල ආකාරය ප්‍රශංසනීයයි මචං. මෙය අප බහුතරයකගේ කථාවයි. උඹ මහරගම ටවුම ගැන කියන කොට මගේ සිතත් අතීතයට දිව ගියා.
    අපෙත් ඤාති අක්කා කෙනෙක් බැඳලා ආවා මහරගමට. එයාලා හිටියේ නාවින්න හංදියේ. ඉතිං අපිත් අනුරාධපුරේ ඉදලා මෙහේ ආවම ගොඩයට මැජික් වගේ හයි ලෙවල් පාරේ වාහන පෝලිම දිහා බලන් ඉන්නවා. නැශනල් හෝල් එකේ මම ෆිල්මුත් බලලා තියෙනවා. රසම විඳපු සිද්ධිය තමයි හෝල් එක ඉස්සරහ තියෙන බාර් එකෙන් අයියා කෙනෙකුත් එක්ක බියර් බීපු එක. එතකොට බීමට මම කෝඩුකාරයි. එක බෝතලයෙන්ම පදමට වැදුනා. නැවත එන්නම් උඹට ජය! ඒක නෙමේ මචං උඹ මේවට දාන පිළිතුරැ බලන්නේ කොහොමද?

    • චන්දන……නාවින්න හංදිය අපේ ඒරියල් එකේ එක් අන්තයක්. ඉස්සර සරුංගල් අරින්නේ නාවින්නේ වෙලේ. පස්සේ තමයි කුණු ගොඩගහලා ඒවා නැත්තට නැතිකරේ. නැෂනල් එකට තමයි යාළුවෙලා ඉන්න කාලේ ඉස්සෙල්ලාම ෆිල්ම් එකක් බලන්න ආවේ. චිත්‍රපටිය තමයි දඩයම…දඩයම බැලුවද දඩයම කෙරුවද මම දන්නේ නැහැ. හොඳ චිත්‍රපටියක් නිසා නැවත තනියම ඇවිත් බලන්න උනා.

      ඒ කාලේ බියර් එකක් ගැහුවාම වදිනවා. දැන් බිව්වට වදින්නේ නැහැනේ බං ඉක්මනට..මල වදේ.

      මචං…කමෙන්ට්ස් වලට දාන රිප්ලයි බලන්න උඹ ආපහු මේකටම එන්න ඕන. නැත්නම් ෆොලො උප් කමෙන්ට්ස් නොටිෆයි බයි ඊමේල් එක ටික් කරපුවහම හරි නේද? මට එතරම් තේරුමක් නැහැ.

      අනිත් කමෙන්ට්ස් සහ රිප්ලයි නිතරම බලපන්…මේක ගොඩක් වෙලාවට වැඩිහිටි බුවාලා කමෙන්ට් කරන තැනක් නිසා රසවත් සංවාද යනවා.

  19. Anonymous says:

    පුංචි කාලෙ සිදුවීම් අකුරක් නෑර මතකෙ තියෙනවනේ. මහරගම නම් දැන් ටිකක් පිළිවෙලයි මං හිතන විදිහට. හැබැයි හන්දිය කුඩා නිසා ඇහිරුණ ගතිය නම් තවමත් ඒ වගේමයි.

    • ඇනෝ…මගේ කුඩා කාලය කටුක වුනාට හරිම රසවත්….ඒ හින්දමද කොහෙද බන් බොහෝ දේවල් මතක තියෙන්නේ. ඔය බොහොම පොඩ්ඩයි මහරගම ගැන ලියලා තියෙන්නේ ලිපි දිග්ගස්සන්න බැරි නිසා. මහරගම හන්දිය පොඩ්ඩක් හරි එලිය වැටුනේ තරුණ සේවා එක ආපු නිසා..නිදහසේ ඇවිදින්න බැහැනේ බං ඔය මහ පාරේ. හැබැයි මම සෑහෙන්න කාලෙකින් දැකලා නැහැ.

      උඹ මහරගම ඇනෝ එකෙක්ද?

  20. සිරා says:

    දෙල්කද පොල ඔය කියන කාලෙදිත් තිබුනද ? මේ කථා සියල්ලම පස්සෙ කාලෙක පොතකට ගොනු කරන්න…..තවත් අවුරුදු 30 ක් විතර ගියාම මේ කියන පරිසරය ගැන චිත්ත රූපයක්වත් මවාගන්න ඔය පළාත් වල වෙසෙන අයට නොහැකි වේවි. (කමෙන්ට් එකක් කොටන්න මේකෙ මේ ලයින් 3 ක්ම දත්ත පුරවන එක තමයි එපාම කරපු වැඩේ…බැරිද මේක බ්ලොගර් එකකට ගන්න. ලේසියි පහසුයි)

    • සිරෝ…….මම දැන් ෆිෆ්ටි අප් බුවෙක්..දෙල්කඳ පොලේ ඉතිහාසය අවුරුදු 60-70ක් වෙනවා. මම ලියන්නේ මා දන්නා දේවල් වලින් ඉතාමත්ම සීමිත කොටස් කිහිපයක් පමණයි. මොකද බ්ලොග් සාහිත්‍ය සහ මුද්‍රණ සාහිත්‍ය දෙකක් බව මට යාන්තමට වැටහී තිබෙන නිසා.

      මගේ ජීවිතය හා අදාල සිදුවීම් සම්බන්ධව පොතක් ලිවිය යුතු බවට මගේ පෞද්ගලික මිතුරන් අතරේ අදහසක් පවතිනවා. මගේ අක්ෂර භාවිතය සහ ව්‍යාකරන දෝෂ දන්නා මගේ සොහොයුරෙක් ඒවා නිවැරදි කරමින් ඒ දත්ත එකතු කර තියාගන්නා බව මට හිතෙනවා .මට පසුවට කරන්න තියෙන්නේ මා නොලියූ සමහර දේ ඒ ඒ පරිච්ඡේදවල ගැප්ස් හැටියට පුරවන්න පමණයි. උඹේ අදහස් තුලින් ඒ දිරිගැන්වීමට ස්තූතියි.

      මගේ පොඩිම මල්ලී සිංහල ජනමාධ්‍ය විෂය අලලා ලියූ පොතක දොරට වැඩුමට සුදානම් වෙනවා. මම උඹලාව ඒ පිලිබඳ දැනුවත් කරන්නම්.

      මට බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් අතර තියා මේ කම්පියුටර් මල හත්තිලව්වම හරියට ලැටින් වගේ. සීමිත දැණුමක් තමයි තියෙන්නේ. එක එක දේවල් කරන්න බයයි..තියෙන රෙද්දත් ගැලවිලා යයිද කියන බයට. කවුරු හරි අල්ලගෙන කරගන්න බලන්නම්. මට උදව් කරන හිතවත් මල්ලිලා ඉන්නවා මේ පලාතේ. කොහෙද උන් ආපුවහම උන් එක්ක අඩියට සෙට් වෙලා ගිටාර් තබ්ලා සහිත පැදුරු මිසක් මට කම්පියුටර් අදාල නැති වෙන ගතියක් එනවා.

      ඒ නිසා බ්ලොගර් අමතක කරලා ඔය වචණයක් හරි දැනට කමෙන්ට් කරපන් සමාවෙලා..ඕන ටොෆියක් පණම් අටයි.. අර රවී කියනවා වගේ. සිරෝ මම පොඩි අඩියක් ගහලා ඉන්නේ .මට රිප්ලයි එකක් දාපන්.

  21. Thushani says:

    මටත් හිතෙන්නේ මේ දේවල් ඔක්කොම එකතුකරලා පොතකාට ගත්තොත් හුඟක් වටිනවා කියලා..

    • ඔව් තුශානි…උඹලා හොඳ ළමයි….මම පොත ලිව්වාට පස්සේ හොඳම ළමා ග්‍රන්ථයට හිමි සම්මාණය දෙන්න බැරියැයි කට්ටියටම එකතුවෙලා.

  22. helapayaa says:

    මොනවා ගැන කමෙන්ට් කරන්නද කියල හිතාගන්නවත් බෑ අරූ,වැස්ලින් නයිලෝන් ෂර්ට් ඒ කාලෙ තරුණයො අතර බොහොම ජනප්‍රිය දේවල්නෙ.මටත් මතකයි අපි පොඩි කාලෙ අපේ ගමේ තරුණයො කොන්ඩේ වැස්ලින් තවරලා එක එක විදියට හදාගෙන උජාරුවෙන් යනවා

    • නයිලෝන් ශර්ට් තමයි මචං අනිත් කතන්දරේ….නොයෙකුත් පාටින් ආවා….”නයිකට්” “තීරෝස්” “පෝරේස්” තමයි දුම.

  23. sudeeka says:

    මේ කතාවල පුදුමාකාර හුරු ගතියක් තියෙනවා. සමහරවිට මේවා ලියවිලා තියෙන්නේ අපි කියවන්න කැමති භාෂාවෙන් වෙන්න පුළුවන්. මහරගම ඇතුළු බොහෝ නගර ශීඝ්‍ර පරිවර්තනයකට භාජනය වෙලා තියෙනවා පහුගිය කාලයේ. නමුත් මුල ඉඳලම මේ නගරය සැකසිලා තියෙන්නේ තදබදය ඇති වෙන විදියකට. ඔයාගේ අත්දැකීම් ටිකනම් පංකාදුයි. මගේ බ්ලොග් රෝල හරි ගිය නිසා දිගටම එන්න ලැබේවි.

    • සුදීක…….බොහොම ස්තූතියි..ඔබ බොරැල්ල ආශ්‍රිතව ලියපු ලිපි දෙක මම බොහොම ආසාවෙන් කියෙව්වා….තමන්ට හුරු පරිසරයක් ගැන කියවනකොට අමුතු ගැම්මක් එනවා තමයි….සුදීකත් බොහොම සරලව ලියන කෙනෙක් නිසා කියවන්න කැමතියි..හැකි විටක මගේ අත්දැකීම් වෙනදා වගේම කියවා බලන්න.

  24. Miyuru says:

    මාත් පුංචි කාලෙ අත්තම්මා තැඹිලි තෙල් හිඳිනකොට තෙලිකා කාලා තියෙනවා… ඊට පස්සෙ කාලෙක ඉස්කෝලෙ යන්න ගත්තම අපේ පන්තියේ හිටියා ගෑණු ළමයෙක් ඔළුවෙ තෙල් ගාලා කන් දෙක දෙපැත්තෙන් බේරි බේරි එන…. අපි ඒ ළමයට කිව්වෙ තෙල්කා කියලා…
    අර ඉන්ද්‍රක්කට මුකුළු කර කර හිටපු මිනිහා, එයාව ගෙදරින් අයින් කළ එකේ තරහට වෙන්නැති ඒ හොරකම කරන්න ඇත්තෙ නේද අරූ… හයියෝ… ඒක නම් වෙන්න පුළුවන් නරකම වැඩක් වෙලාවෙ හැටියට…

    • තෙල්කා පව් හලෝ. අපේ ගෙවල් පැත්තේ පොරි විකුණන බුවෙක් හිටියා අපි පොඩි කාලේ. අපේ තාත්තලා මෑන්ට කිව්වේ කැල් පොරියා කියලා. පස්සේ තමයි අපිට තේරුණේ. ඒ වුනාට ඒ ගොල්ලෝ හොඳ යාළුවෝ.

      ඇත්තටම ඒ හොරකමට ඌ සම්බන්දයිලු.

  25. මං හිතන්නෙ මමයි අන්තිමටම මේ ලිපිය බලන්නෙ… ඉඩක් ලැබුණම නැවතුණු තැන ඉදන් ඉස්සරහට කියවගෙන එනවා.. මම කැමතියි දුක සැප අඩු නැති මේ අතීත කතාවට… පුදුමෙ කියන්නෙ මේ හැමදේම මතක තියෙන එක…

  26. තිස්ස says:

    මහරගම නගරයේ අම්බලමක් තිබුණා මතක ද? ඒක තිබුණේ දැන් තරුණ සේවා සභාවේ ගේට්ටුව තියෙන තැන, හැබැයි ටිකක් පහළට වෙන්න. තරුණ සේවා සභාව ඉදි කරන කොට ඒ ඉඩමේ හයිලෙවල් පාරට මායිම් වන හරිය ගොඩ කළා.

    අම්බලමේ ඉඳන් නාවින්න දිශාවට යන්න පටන් ගත්තහම අම්බලමට යාබදව තිබුණේ ‘සිරිසඳ ලී වෙළඳ සල’. ඊටත් යාබදව ලොකු මාර ගහක් යට තිබුණේ ‘නැෂනල් ස්ටූඩියෝ’ ඡායාරූප ශාලාව. ඊට ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ 119 දෙහිවල බස් ස්ටෑන්ඩ් එක සහ ලංගම ටයිම් කීපර් කූඩුව. ටයිම් කීපර් කූඩුව උඩට ලස්සන මල් වැලක් ඇරලා තිබුණා.

    බෝ ගහ ඉදිරිපිට මහරගම විවිධ සේවා සමූපකාර සමිතියේ පෙට් රල් ෂෙඩ් එක. ඊට අල්ලපු බිල්ඩින් එකේ තිබුණේ ආයුර්වේද බෙහෙත් ශාලාවක්. ඊට අල්ලපු සාප්පුව තමයි ‘හයිලෙවල් මෝටර් ස්ටෝර්ස්’. ඊට යාබදව දිග ගෙයක් වගේ කඩේ තමයි ‘සුසිත් බැටරි වර්ක්ස්’. ඊටත් අල්ලපු කඩ පේලියේ මුලින් ම තිබුණේ ‘උඩරට ටී හවුස්”.

  27. තිස්ස says:

    මුලින් ම මහරගම නගරයේ තැපැල් කන්තෝරුව තිබුණේ පරණ පාරේ බෝතල් පත්තර කඩයකට අල්ලපු කඩ කාමරයක. හරියට ම දැන් ගාල්ල බස් නවත්වන තැන ඉදිරිපිට. 1970 දී විතර තැපැල් කන්තෝරුව අරන් ගියා ‘ඒකනායක ඉලෙක්ට්‍රිකල්ස්’ සාප්පුව අයිතිකාර මහත්තයාගේ තනි තට්ටුවේ දිග ගොඩනැඟිල්ලකට. ඒ ගොඩනැඟිල්ල දැන් නෑ. ඒක තිබුණු තැන තමයි දැන් ‘ෆැෂන් බග්’ සාප්පුව තියෙන්නේ. 1976 දී තැපැල් කන්තෝරුව අරන් ගියා 1975 දී වැඩ නිම කළ ලංකා බැංකු ගොඩනැඟිල්ලට. එතැන ඉඳන් 1997 දී ඔය දැන් තියන තැනට අරන් ගියා.

  28. තිස්ස says:

    මේ බ්ලොග් එක ලියන මහත්තයාට මතක ද මහරගම ‘වීනස් කැෆේ’ එක?

  29. තිස්ස says:

    ‘ජයන්ති ෆාමසි’ එක මතක ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s