ජයග්‍රහණයක් සහ පුංචි ආරාධනාවක්!!!!!!

අද දවස මා සතුටු කල දවසක් විය. ඒ නිසාම අවුල් වන්නට පෙර නොලියා මේ කුඩා සටහන ලියා තබන්නට සිතා ගත්තෙමි.

ජය ගත්තේ මගේ පවුලේ හයවැනියා වූ පොඩි නංගීගේ දියණියයි. ඇය පිලිපීනයේ සයන්ස් ඔලිම්පියාඩ් වෙනුවෙන් ශ්‍රීලංකාව නියෝජනය කරමින් තවත් එවන් දරුවන් කිහිප දෙනෙක් සමග සහභාගි විය. ඔවුන් ලෝකයේ අන් රටවල් හා තරඟ වැදීම පවා අප රටට කීර්තියකි. අප මේ තරඟයට සහභාගීවන්නේ පළමු වතාවට නොවේ. ඔවුන්ද රටට කීර්තියක් රැගෙන පැමිණ තිබේ.

මගේ නංගීගේ දියණිය රටට කීර්තියක් ලබා දෙමින් රණ් පදක්කම් දිනා ගෙන ඇත. සියළුම ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් මම ඇය වෙනුවෙන් උදම් වෙමි. ඇයගේ දෙමව්පියන් සතුටු කඳුළු වගුරුවනු ඇත. තවත් දරුවන්ද මෙවන් දස්කම් පා ඇතැයි මම හිතමි. අපේ සතුට ඒ සිඟිති දියණිය විහඟනා වෙනුවෙන් පුදමු!!!!!!!!!!

අනිත් කරුණ නම් ආරාධනාවකි…ඒ පවුලේ හත්වැනියා සහ බාලම මල්ලි ලියු පොතක් දොරට වැඩුමය..රාජකාරිය ලෙස අවුරුද්දේ දවස් තුන්සිය හැට පහෙන් වැඩි කාලයක් ගුවනේම ගත කරන මොහු මෙවන් ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා කාලය යෙදවීම අගය කලයුතුය.

ජනමාධ්‍ය සහ ගුවන්සේවය අපූරු විෂයන් දෙකකි. මේ දෙකම මැනවින් කළමනාකරණය කරගෙන පොතක් ලියූ පලමුවැන්නා මූ දැයි මම නොදණිමි. ගුවන් සේවයේ රස කතාද..මාධ්‍ය රස කතාද වෙන් වෙන් වශයෙන් ලියා පාඨකයින් රසවත් කිරීම ඔහු දවසක සිදු කරාවි යැයි මම හිතන්නෙමි.

ඔබ එදාට ඔය අසල ගැවසේනම් සහ වෙලාවක් ඉතිරී ඇත්නම් ගොඩවී ඔහු හමුවන්න. මෙන්න ඔබට පුංචි ආරාධනාවක්!!!!

lucky 1

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

71 Responses to ජයග්‍රහණයක් සහ පුංචි ආරාධනාවක්!!!!!!

  1. Kenji @ Japan says:

    නෙරංජන් දයාබර සොයුර,
    ඔබගේ නැගණියගේ දුවණිය ලැබූ ජයග්‍රණයට මාගේ උණුසුම් සුභ ප්‍රාර්ථනාවන් ඇයට පිළිගන්වන්න….!!!

    • මචං කෙන්ජි……උඹට උත්තර නොදී කකාට ඉස්සෙල්ලා උත්තරයක් දුන්නේ ඌ සංවාදයක් මතු කරන නිසා. මම ඒකට කැමතියි.
      මම උඹට වඩාත් කැමති හේතුවක් තියෙනවා…ඒ උඹ ජෙන්ටින් වල කකුල් කරට අරන් හිටියත් උඹේ සැබෑ කකුල් ඕන වෙලාවක පොලව ස්පර්ශ කරන් නිසා. Keep it up Kenji!!!!!!!!!

      • Kenji @ Japan says:

        මචං මොන සෙද්දක් කතා කතා කරනවද…?
        අනිවා මාතලන් /කකා ට හිමිවිය යුතුයි මුල් තැන ඔවුන් කරනා මෙහෙයට…

      • කෙන්ජි….පොතේ කතු මල්ලීගේ අදහස යට තියෙනවා… කියවලා බලපන්

    • කාවා says:

      ටීන් ට්‍රී ට්‍රී න්…………….
      ටීන් ට්‍රී ට්‍රී න්…………….
      “කවුද මේ රජ වාසලට කතා කරන්නේ”
      “ආ…………… එතුමා එහෙම කීවද?, එළ කිරි නිවුස් එක! ටුක් ගාලා දාන්නම්”
      <<<>>>
      එතුමා : “එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්…! පෝම්!! හාමුදුරුවනේ! මට මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් දෙන්න බෑ මගේ හාමුදුරුවනේ!!…….”
      හාමුදුරුවෝ : “එහෙයි එහෙයි.”

  2. silentsahan says:

    අරූ ඔබේ දියණියගේ ජයග්‍රහණයට පළමුවත් , ඔබේ සොයුරාගේ දොරට වැදීමේ උළෙල වෙනුවෙන් දෙවනුවත් සුබ පතමි. මා බොහෝ සතුටු වන්නේ දියණියගේ ජයග්‍රහණය ගැන ( කට කෑවත් ඇත්ත කියන්න එපැයි ). වයස 20 වීමටත් ප්‍රථම එවැනි ක්ෂේත්‍රයක අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රණයක් ලැබීමට සමත් වීම සතුටට කාරණයක්. සුදු ළමයි මැද්දේ අපේ දරුවෙක් කප් එක ගැනීම යනු ජාතියේ ජයක් හසන්ත. කොළ කන්න දෙන්න. මාළු ඔලු වැඩි වැඩියෙන් ඒ දරුවට කන්න දෙන්න අරූ. 😀 ජෝක් එකක් හරිය … 😀

    දෙවනුව ඔබේ සොයුරා පළ කිරීමට සැරසෙන පොත .. ! ඔබ ඔහු ගැන කියා ඇති යම් දෙයක් අනුව ————————————- ඒ ටික ඕනේ නැහැ. පුද්ගලිකව කියන්න බැරියෑ. ඔහුට නොවරදවාම ” මැස්ඩා කාරය ” ගැන මා ලියු ලිපිය කියවීමට දෙන්න. ඔහුට තියෙනවා යම් දෙයක් එකතු කරන්න ඒ ළිපියට . ( වෘත්තීය කරුණු ටිකක් )

    පියෙකු ලෙසත් , සහෝදරයෙකු ලෙසත් අද ඔබ මෙයාකාරයෙන් විඳින සතුට අප හා බෙදා ගැනීම ගැන බොහෝ ස්තූති වන්ත වෙමි. . !

  3. raigam says:

    දියණියට සුබපැතුම් මචං!

  4. උඹගේ ඤාති දියණිය කල වික්‍රමයට උඹේ මිතුරෙකු හා ශ්‍රී ලාංකිකයෙකු හැටියට මම අවංකවම සතුටුවෙමි! මගේ උණුසුම් සුභ පැතුම් ඇයට පුද කරමි!!!
    ඒ සමඟම උඹේ මල්ලීගේ පොත් පිංචේ කර්තව්‍යයටද මගේ උණුසුම් සුභ පැතුම් පුද දෙමි!! ජය වේවා!!!

  5. Dinesh Umagiliya says:

    දියණියටයි සහෝදරයටයි දෙන්නටම සුභ පැතුම් එකතු කරනවා.. පොතක් කියන්නේ ඉතින් මගෙත් සිහිනයක්..

    • වර්ණ ස්තූතියි….හැම සිහිනයක්ම සැබෑ වෙන්නේ නැහැ..හැබැයි සිහින තුල ජීවත්වීමම පවා අලුත් සිතිවිලි වලට පාර කැපීමක්..(.මට කියලා දුන්නේ අපේ දුව )..උඹේ පොත් සිහිනය ..සිහිනයක්ම නොවේවා!!!!!!!!!

  6. maathalan says:

    ජයග්‍රහණ දෙකටම සුපැතුම් අරූ..

    නොවේ මෙවන් වින්දනයක් ළොවේ…..!!!

    • මම තෝ කවුද කියලා නොදැක්කත් තේරුම් අරන් තියනවා….ඒ නිසා මුකුත් නොකිය ඉන්නම්. චියර්ස් මාතා!!

  7. Black Puma says:

    ඔලිම්පියාඩ් තරගාවලිය දැන් දැන් ආසියාතික රටවවල් විසින් අණසක පතුරනවා ගෙන ඉන්නේ. සෑහෙන කාලෙක ඉදන් ලංකාවත් ගොඩාක් දක්ෂතා දැක්කුවා. ආඩම්බරයි අපේ නංගිලා මල්ලිලා ගැන. මේ තරඟාවලිය විශේෂ වෙන්නේ සාමාන්‍ය බුද්ධි මට්ටමට වඩා එහා ගිය වෙනස් කෝණයකින් බලන තරඟයක් හින්දා. සතුටුයි අයියේ ගොඩාක් ඒ නංගි ගැන. සුභ පැතුම් අපෙනුත්.
    ඒ වගේම සුභ පැතුම් පොත දොරට වැඩිමට ත්

  8. මගේ සුබ පැතුමත් ඇයට පිරිනමන්න. පොත දොරට වඩිනා දා මා එයට යනවා.

    • නලියා…..පුළුවන් නම් පලයන්..ඒක නවකයෙකුට ලොකු ආශ්චර්යයක් වෙයි…උඹේ හොඳ හිත මම නිතරම අගය කරනවා…මම දේශපාලනික වශයෙන් වෙනත් අදහස් දැරුවාට..

  9. දෙදෙනාටම සුභ පතමි අරෝ !!!

    • ස්තූතියි….වයලින් එක ගහන්න (ගහන්න ? හ්ම් )කියලා සිංදුවක් කියපන්!!!

      වයන්න වීණා………….මතකද සින්දුව….චිත්‍රපටිය සිරිමැදුර?….අමරසිරි සහ මාස්ටර්…හැකිතරම් නිර්මාණ කරපං!! ලිව්වේ ලූෂන් බුලත්සිංහල මහත්මයා….උඹලා දෙන්නාගේ වර්ශන් එකක් අහන්න කැමතියි…..මම බොක්කෙන් ලව් කරන සිංදුවක්…

      මිනිසා මරණ තුනක් ඇති…මිනිසා බලා සිටී
      නිරුවත් දෑසින් බලන්න….කන්‍යාවී
      ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
      පයෝධර තුඩු ඉකි බිඳිද්දී….සංත්‍රාසයෙන්
      අසංවාදී සුසුස්ම් වේගේ…රිද්මයෙන්
      වයන්න වීණා කන්‍යාවී.

      නියඟලා මල් පාට දේදුණු
      දෙබෑකර එන ගිරා කොවුවන්
      පියුම් කැකුළක් තුඩින් පාරා…
      බලෙන් පුබුදන හංසයා…..හංසයා
      බලන්න නිරුවත් දෑසින්……..
      ඔකඳ වී රිද්මයෙන්
      රසා තලය කල එලි ගන්වා
      වයන්න වීණා කන්‍යාවී

      මිනිසා මරණ තුනක

      • මේ සිංදුවේ තේරුමනම් යන්තම් වගේ මීටර් 😀 මියුසික් ගැන ඒ තරම් දැනීමක් නෑ. ඒවා ගැන හොයාගන්නවත් තැනක් නෑනේ. කවුරුවත් තනුවක් ගැන විචාරයක් කරනවා මම දැකලම නෑ. දන්නටික පුළුවන් ඉක්මනට දාන්නම් අරෝ ! බොහෝම ස්තුතියි 😀

  10. helapayaa says:

    දෙදෙනාටම සුබ පතමි.අරූ මගේ සතුට පිළිගන්න

    • හැලපේ….මම හැලප සව් දොදොල් වගේ පැණි කැම වලට එච්චර ප්‍රිය නැහැ…හැබැයි උඹට කැමතියි…සමෝසා. පකෝඩා…ෂුවර්මා…තාච්චියෙ හදන පකිස්ථාන්,,ඇෆ්ගන් චිකන්..ලැම්බ් …එනි ටයිම්…ටී..ටයිම්….දැනුත් ඔළුව පිස්සු කරනවා යකෝ!!!

      ශුක්‍රාන් ජසීලන්!!!!!

  11. ගොඩක් සංතෝසයි අරූ අයියෙ. අර නංගි ඔයාලාගෙ පවුලට විතරක් නෙමේ ඇයගේ පාසල මාතර සුජාතා විදුහලටත් පමණක් නොව මුළු ශ්‍රී ලංකාවටම ගෞරවයක්. ඇයටත් ඔබේ බාල සොයුරාටත් මං හදවතින්ම සුභ පතනවා.

    • ස්තූතියි ප්‍රියා……මෙහි අගය තවත් වැඩිවන්නට හේතුවක් වන්නේ ඇය සිංහල භාශාවෙන් ඉගෙනුම ලබා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තරඟයට සහභාගීවීමයි. සහභාගීවූ ලෝකයේ අනිකුත් අය අතරින් හත්වෙනියා ලෙස ලකුණු ලබාගැනීමත් ශ්‍රීලාංකිකයින් අතරින් දෙවනියා වීමත් විශේෂයි

  12. අරූ ඔබගේ ප්‍රීතිය සමගින් මමද එක් වෙමි.
    දෙදෙනාටම සුබ පතමි.

  13. damith says:

    දුවටත් සහොදරයාටත් හදවතින් සුබ පතනව අරු

  14. sudeeka says:

    ඇත්තටම දියණියක සිටින පියෙකු ලෙස ඔබගේ ඥාති දියණියගේ ජය ගැන හදවතින් සතුටු වෙමි. ඒ වගේම ඇය ශ්‍රී ලංකාවට අත් කර දුන් කීර්තිය වෙනුවෙන් හද පිරි සුබාශිංසන පුදමි. !!! ඔබගේ සොයුරාගේ පොත එළිදැක්වෙන දිනට නලීන් සමග එකතුවෙන්නම්.

    • බොහොම ස්තූතියි සුධීක…..13 හැවිරිදි දරුවෙක් රටට කීර්තියක් ගෙන ඒම ලොකු සතුටක්….අපේ කංඩායමම බොහොම හොඳට දස්කම් දක්වලා තියෙනවා.

      සුධීක පුළුවන්නම් නලීන් එකක ගොඩවෙලා මල්ලි හමුවෙන්න.

  15. දියණියට වගේම සොයුරාටත් සුභ පැතුම්!!

  16. ඇයි, සිරිකොත පුස්තකාලයේ 1970 න් පසු සියටර පත්තර පිටපත් තිබුනේ නැත්ද? නැත්තං ඒ ගැන කියවන්න පොතේ දෙවෙනි කොටස ගන්න ඕනැද?

    මං හිතන්නේ දේශපාලන පුවත්පත් නැගලාම යන්නේ විපක්‍ෂයේ ඉන්න කොටයි. කොහොමටත් ආණ්ඩු කරන කාලේ ලේක් හවුසිය තියෙනවානේ. එනිසා 1970-77 කාලය සියටරර වැදගත් කාලයක්.

    • කකා….මතුකරන ප්‍රශ්ණය තුල සාධණීය සාකාච්ඡාවකට වැදගත් ඉඩ කඩක් මතු කරනවා. ඇයි 1970 වෙනකම් පමණක් කෘතිය සීමා කලේ කියන එකට උත්තර දිය යුත්තේ කතෘවරයා තමයි. මම සඳහන් කරපු පරිදිම මට තවමත් ග්‍රන්ථය පරිශීලනය සඳහා අවස්ථාවක් ලැබුනේ නැහැ.

      මම කකාගේ ඉස්මතු කරන අදහසට කැමතියි…මේ පොත 1948-1970 දක්වා පමණක් වීම සියරට පාඨකයින්ට (තවමත් සිටීනම් )ගැටළුවක් විය හැක. මගේ බ්ලොගය කියවන සචීන් නම් මගේ පාසලේම පාඨකයෙක් කියන්නේ සමන් ආතාවුදහෙට්ටි විසින් අමරදාසගේ කතාවක් මෙපරිද්දෙන් සියරට ගැන.
      //////අරූ,

      සියරට කිව්වාම මට මතක් වුනේ පරණ ඉස්කෝලේ කතාවක්. අපි ඒ ලෙවල් කරන කාලේ මැත්ස් ක්ලාස් එකේ (12MS2) හිටිය අමරදාස කියලා පොරක්. තද යූ. එන්.පී. කාරයා. හැම සතියෙම සියරට පත්තරේ අරගෙන එනවා (ඌ ඒ ලෙවල්ස් කරන කොටත් සූට්කේස් එකක් අරගෙන ඉස්කෝලේ ආවේ) උගේ පන්තියේම හිටපු සමන් අතාවුදහෙට්ටි ඔය පත්තරේ පිටු දෙකක් අතර තියෙන ඉඩ තීරුවේ තව පත්තරයක් ලියනවා “අමරදාසගේ පැණිකෑල්ල” කියලා. කොල්ලෝ සූ ගාලා එනවා සමන් ලියන පත්තරේ කියවන්න. අමරයට මාර හැපි. මොකද ඌ හිතන්නේ කොල්ලෝ එන්නේ උගේ ‘සියරට’ කියවන්න කියලා.//////

      කකා අපි මේ ප්‍රශ්ණය ලියපු එකාට යොමු කරමු…මම ඔහුට දන්වා සිටින්නම්…කකා එයාගේ ඊමේල් එකට ඔය ප්‍රශ්ණය යොමු කරන්නකෝ..මිනිහා උත්තර දීමට බැඳී සිටිය යුතුයි.

  17. Thushani says:

    දෙන්නටම අපෙනුත් උණුසුම් සුබ පැතුම්…

  18. සිරා says:

    බොහොම සතුටුදායක පුවත් දෙකක්…මගෙනුත් උණුසුම් සුභ පැතුම්…දියණිය පදක්කම් එක්ක ඉන්න ෆොටෝවකුත් ඉදිරියේදි දාන්න..

    • ස්තූතියි….සිරා…..හෙට අනිද්දා පත්තරවල නම් වැටෙයි මම හිතන්නේ. 01/12/13 උදේ ITN නිව්ස්වලට ගියාලු.

  19. Kandyan says:

    ‘රණ්’ පදක්කම දිනූ දියණියටත් පොත ලියපු සහෝදරයාටත් ‘සුභ අනාගතයකට’ සුභපැතුම්!

    • ස්තූතියි…කැන්ඩියන්.

      දැන් දැන් ලොකු සර් සුභ අනාගතයක් කියලා කියනවා අඩුයි නේද?:D

  20. ඉන්දික පෙරෙරා says:

    පොත 1970 දක්වා පමණක් ලඝු කරන්නට වීම ගැන කනගාටුවක් මගේ හිතෙත් තියෙනවා. එකට හැබැයි සමාජීය පරිවර්තක ගැටලුවක් මතුවෙලා ආ නිසයි එහෙම කරන්නට සිදුවුනේ. 1947 සිට 1970 දක්වා තියෙන සාම්ප්‍රදායික ගතිලක්ෂණ එහෙම් පිටින්ම වෙනස් වෙන ස්වභාවයක් 1970න් පස්සේ ඉතා පැහැදිළිව පේන්න තියෙනවා. මෙ දෙවැනි කියවීම පලමු කියවීමෙන් සහමුලින්ම වෙනස්වෙනවා. අවාසනාවකට දේශපාලන පුවත්පත් කලාවට වඩා “මඩ පත්තර ” අකෘතියකට ගමන් කල බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා දේශපාලන සන්නිවේදන විශය මැනවින් මතුනොකල 1970න් පසු ගමන ඉතා පසුගාමී බවයි මගේ හැගීම. ඒ ගතිලක්ෂණ නිරීක්ෂණයට වෙනමම කාලය ගතකල යුතු මෙන්ම දීර්ඝ පර්යේෂනයකට භාජනය වියයුතු මාතෘකාවක්.. ඒ කොහොම උනත් දෙවැනි කොටසක් ගැන මගේ හිතේ සැලකිය යුතු බලාපොරොත්තුවක් ඇති බව කියන්නටත් කැමතියි…

    • උත්සවය දවසට මේ ගැන පැහැදිලි කිරීමක් කරොත් හොඳයි නේද?

      • Kenji @ Japan says:

        ඉන්දික සුහ පැතුම් මචන්,.,.,!
        ඔය වැඩ ටික හෙමින් අහවර කරගෙන නෙරංජන් අයිය වගේ බොගක් අටවාගෙන අපිත් එක්ක අදහස් හුවමාරු කරගනිමු එක පවුලේ සහෝදරයන් සේ…
        දිගු ගමනකට සුභ ප්‍රාර්ථනාවන් පිළිගන්න….!

    • පැහැදිලි කිරීම ගැන ස්තුතියි.
      ඔය කිටන හොඳ කාලේ සියරට ගැන මා දන්නේ නෑ.
      දේශපාලන පත්තරයක ජනප්‍රියම කාලය විපක්ෂයේ ඉන්නා කාලය බවට නම් සැකයක් නෑ.

  21. කලින් සැරේ දුව යනවයි කිව්වට අපි එක්කල සුභපැතුම් එහෙනම් වැඩ කරලා …. දැන් අපගේ සුභාශින්ෂණ ඇයට පිරිනමන්න ….. එසේම ඔබගේ සහෝදරයාටත් … සහ ඔබටත්

  22. අරූ මගේ සුබපැතුම් යවන්න ඔබේ දියණියට ……
    ඒ කියන්නේ එකොලොස් වෙනිදට අරූව දකින්න පුළුවන්. එන්න ෆුල් ට්‍රයි කරමින් …

    • පවුලූශා……ස්තූතියි…..මට එන්න වෙන්නේ නැහැ බන්….උඹට පුළුවන් නම් පලයන්…පොරව හම්බවෙයන්.

  23. Ravi says:

    Aru,

    සියරට මම කිසිම දවසක පුස්තකාලෙකවත් කියෙව්වෙ නැති පත්තරයක්.ඉන්දික කියන විදිහට 70න් පස්සෙ මඩ පත්තර කලාවට මුල් තැනක් දුන්නු නිසාද මම දන්නෙ නෑ මටනම් කිසිම වැඩකට ඇති පත්තරයක් නෙවෙයි.සමහරවිට ඉන්දික කියන පූර්ව 70 යුගයෙ යම් දුරකට සාධනීය ලක්ෂණ පෙන්නුම් කලා වෙන්න ඇති.ඒ අතින් ඇත්ත පත්තරේ ඇත්තටම යම් දේශපාලනික මෙහෙයක් කල පත්තරයක්.

    නිවාඩුවට ගියහම මචං පොත අරගෙන කියවන්නම්…අහ්, නංගිගෙ දියණියටත් මගේ සුබ පැතුම් !!!

    පලි – උඹේ මපප්පරාන බාවිතය සීග්‍ර ප්‍රගතියක් පෙන්නුම් කරනව මචෝ…අද එකම තැනයි අප්සෙට් 😀

    • රවී…..මමත් සියරට නම් සල්ලි දීලා අරගෙන කියවලා නැහැ…මට ඒ පක්ෂයත් එක්ක කිසිම ගනුදෙණුවක් තිබුනේ නැති නිසා වෙන්න ඇති.. ඉන්දිකත් යුඇන්පී මතවාදය තුල සිටියේ නැහැ. ඔය තෝරාගැනීම සිදුවුනේ ඇයිද දන්නේ නැහැ. උඹ කියනවා වගේ ඇත්ත පත්තරය කියවන්න නම් වෙනත් පාක්ෂිකයොත් හිටියා…සිරා මහත්තය, සිරිලාල් කොඩිකාර, සුරත් අම්බලංගොඩ, ජෙෆ්‍රි යූනුස් ඒ තුල වැදගත් වැඩ කොටසක් කලා. සියරට ඇතුලේ කවුද හිටියේ කියලා දන්නේවත් නැහැ. පොත කියවලා තමයි දැණ ගන්න වෙන්නේ.

      ///පලි – උඹේ මපප්පරාන බාවිතය සීග්‍ර ප්‍රගතියක් පෙන්නුම් කරනව මචෝ…අද එකම තැනයි අප්සෙට් :D//
      ඒ පොඩ්ඩක් ළියපු ණිසා වෙණ්ණ ඇති:D

  24. ඔබ ගේ පවුලේ දක්ශයින් ගේ ජයග්‍රහණ වලට මගේ ද හදපිරි සුභපැතුම් එකතු කරන්නට දෙන්න මට අවසර

  25. Anonymous says:

    දයාබර සුබ පැතුම් අරු.!! මල්ලිගේ වැඩේ නැගලා යයි.මොකද අයියගේම මලයා නොවැ .

  26. ඔබේ නංගීගේ දියණියගේ ජය ගැන සතුටු වෙනවා . අපේ රටට ආඩම්බරයක් ගෙනා දියණියට දිගින් දිගටම මෙවැනි ජය ලැබීමට දිරිය ලැබේවා !!
    අරුගේ මල්ලීගේ පොත දොරට වඩින දා ලංකාවේ ඉන්න ලැබුනා නම් අනිවාර්යයෙන්ම එනවා. ඔහුට සුබ පතමි. !!

    • තිලකේ….අවුරුදු 13දී ඔය වගේ හපන් කමක් කිරීම සතුටක්…සිංහලෙන් ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් තරඟ වදින එකත් ලේසි නැහැනේ….

      මල්ලිගේ පොත ලැබුනොත් කියවා බලන්න. ස්තූතියි.

  27. Tharu says:

    නැගණියගේ දියණිය ලද ජයග්‍රහණයට හදවතින්ම සුබ පතමි…

    පොතක අසිරි රැගෙන එන සොයුරාටත් සුබ පතන බව කියන්න… එදිනට ඇවිත් යන්න හැකි වේවි…. ( මගේ ඊමේලය ඔබ අසා තිබුණා නොවෙද? tharurasi@gmail.com මේ ආරාධනයත් මේල් කරන්න.. මූණූපොත හරහා ඒ ගැන අන් අයටත් දන්වන්නම්….

    • තරු….සුභ පැතුමටත් සහයෝගයටත් ස්තූතියි. මම මේල් එකක් එව්වා. හරිද කියා බලන්න.

  28. තිසර says:

    නැගණියගේ දියණියටත් සහෝදරයාටත් මගේ සුභ පැතුම්. දියණියගේ ජයග්‍රහණය ගැන මීට වඩා තොරතුරු ඇතුලත් වුණා නම් අගෙයි.

    • ස්තූතියි…තිසර. තරඟය ගැන තොරතුරු නම් පහල ලින්ක් එකේ තියෙනවා. ඉතාම වැඩ අධික තත්වයක් නිසා හදිසියෙන් ලියා දැමුවේ.

      ඇය නමින් ශකිඳි විහඟනා.. මාතර උයන්වත්ත ප්‍රාථමිකයේ සිට 7 වසරේ ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විදුහලේ 8 වසරේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබනවා. ඔලිම්පියාඩ් තරඟ තොරතුරු අනුව ඇය සියළුම රටවල්වල තරඟ කරුවන් 450 දෙනෙක් අතරින් 7 වැනියා ලෙසට රණ් පදක්කමක් ලබා සිටිනවා..ශ්‍රීලංකාව රණ් පදක්කම් 4ක් දිනාගෙන තිබෙනවා. ඒ අතරින් දෙවැනියා. ශ්‍රීලංකාව තරඟය තුල ඉහලින්ම සිටින බවට ආරංචි තිබෙනවා..මට ස්ථිර කරන්න බැහැ.
      http://ph.news.yahoo.com/ph-hosts-intl-math-science-olympiad-131332495.html

  29. රාජ් says:

    දෝනිටත් මල්ලිටත් සුභපැතුම් අරූ!

  30. ක්‍රීඩාව, ලේඛන කලාව. දෙමගක යන දෙන්නෙක්. දෙයාකාරයකින් ලෝකය දෙස බලන, දෙයාකාරයකින් ලෝකය ජයගන්නට වෙර දරන දෙන්නෙක්. මේ දෙන්නාගේම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    • ස්තූතියි…විචාරක…….සුළු නිවැරදී කිරීමක් කරන්නම්….සයන්ස් ඔලිම්පියාඩ් පවත්වන්නේ විද්‍යා සහ ගණිත විෂයන් වෙනුවෙන් ඉහල දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන්. ඔබේ ඇගයීමට නැවත වරක් ගරු කරනවා.

Leave a reply to aruge adaviya Cancel reply