මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!

නත්තල් දවස්වලට පස්සේ මගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එක මගේ අතේ තිබුනු වීදුරුව උදුරලා අරන් බිව්වා. තාම ඩෝප් බහින්නේ නැහැ. දැන් ඉස්පිරිතාලේ. අනුන්ගේ එකකින් කොටන්නේ. ටිකට් කපනකම් මුකුත් කරන්න බැහැ. එතකම් නිහඬ වෙන්නම්.

සියලු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

97 Responses to මගේ ලැප්ටොප් එක ඩෝප්!!!!!

  1. silentsahan says:

    ඕකව ගොඩ ගන්න බැහැ අරූ… අතෑරලා දාන්න.. ආයේ ගෙනාවත් ඔය ටිකමනේ … 😦

    • පිස්සුද සහන්……බලෙන් උදුරන් බීලා ඩෝප් වෙන අය
      කොච්චර ගොඩ ඇවිල්ලා තියෙනවද…..මූ හෙට අනිද්දා හරි යයි….හැබැයි මට හිතෙන දේවල් ලියන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් මූ වෙන දේවල් ලිව්වොත් මම මූගෙන් ඈත් වෙනවා. D

  2. kathandarakaraya says:

    විස්වාස කරනවා නම් විස්වාස කරන්න මගෙ laptop එක 2012 මාර්තුවල කැඩුණා කැඩුණාමයි තාමත් සෑදුවේ නැත.

    ඕවා ප්‍රශ්න නොවේ.

    කෙසේ වෙතත් happy holidays වේවා.

    • ස්තූතියි කකා…..
      ///ඕවා ප්‍රශ්න නොවේ./////
      ඔව් කකා…..මේ ලැප්ටොප් එකේ මෙමරි ගිහිල්ලා……. ඕවා මොනවද කකා මේ උගත් බුද්ධිමත් මිනිස්සුන්ගේ මෙමරි ගිහිල්ලා තියෙන කාලේ.

      • අයියෝ මෙමරිද සිම්පල් කේස් එකක්නෙ.

        අපේ උස මහත සිල්වාට බෙහෙත් කරපු දොස්තර හොදහිතට පෙන්නන්නකො. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.

        බීපූ ටික විතරක් අමතක වෙලා අනිත් ඔක්කොම මතක් වෙයි නියමෙට.

        😀 😀 😀

  3. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    හපොයි……….ඉක්මනින් ආපහු ලියමු.. 😦

  4. Anonymous says:

    ෂැන්ඩි එක්කද?
    නැතුවනම් එච්චර අව්ලක් වෙන එකක් නෑ

  5. මොන ලේබල්ද බිව්වේ ඈ… සැර අනුව තමයි ඩෝප් එක තියෙන්නේ

    • ඌට ලේබල් එක මතක නැහැලු….උඹෙන් අහන්න කිව්වා….ලේබල් එක මතක තියෙනකම් බිව්වානම් ඇඟේ හලාගනීද කියලා…මොකද්ද මම මුට කියන්න ඕන. හරි උත්තරයක් කියපන්…. නැත්නම් මූ මගෙන් අහයි…බොට තාම ඩෝප්ද *** ලියලා.

  6. අ‍යියෝ අරූ අයියෙ. ඔයා ලැපටත් පෙවුවද?

    පවු දෙයියනේ ලැපට අමාරුද දන්නෑ. දෙහි ගෙඩියක්වත් අතුල්ලලා බැලුවෙ නැත්ද????

    ලැපට ඉක්මන් සුවය පතනවා!. ඒ කියන්නෙ ඒ වෙනකම් ‘අවුල් වන්නට පෙර’ නෑනෙ ඒක තමා ඉවසන්නම අමාරු. කොහොම හරි ලැප හදන් ආයෙ එන්න ඉක්මනටම්.

    එතෙක් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.!!!!!!!!!!!! 🙂

    • //අ‍යියෝ අරූ අයියෙ. ඔයා ලැපටත් පෙවුවද?////
      නැතුව හරි නෑනේ බං…….මමත් බුවාට ක්‍රිස්මස් එකට සැලකුවා…අපි එහෙමයි…සමානාත්මකතාවය.

      ///පවු දෙයියනේ ලැපට අමාරුද දන්නෑ. දෙහි ගෙඩියක්වත් අතුල්ලලා බැලුවෙ නැත්ද????/////
      දෙහි අතුල්ලන්න බැලුවා…..මූ කියනවා…දෙහි එපා..නීට් වොඩ්කා දෙන්නලු.

  7. Kenji @ Japan says:

    hak…hak….mage ..neranja… tq… 🙂
    umbata asanipa unaata anith ayata sanipayi…
    ela …delkada …pola…. :)..

    • ගනන් ගන්න එපා කෙන්ජා…….අපි ඕන කෙනෙක් වේලාවකට අසනීප වෙනවා…අනිත් වෙලාවට සනීප වෙනවා…..උණ කටුව දාලා සනීප අසනීප හොයාගන්න බැහැ අපේ තියෙන ලෙඩ වලට. අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ලෙඩ්ඩු.

      @ ALL කියලා කිව්වාම මමත් ඒකට අයිතියි. එක ඇනෝ කෙනෙක් කියලා තිබුනා …එහෙම@all කියන්න එපා කියලා.

  8. Senna says:

    මගේ ලැප්ටොප් එකට පුත්‍රයා දවසක් කිරි එකක් පෙව්වා… කිව්වට මොකෝ කිසි දෙයක් වුනේ නෑ.. පොඩ්ඩක් පිහදාලා ගත්තා. එච්චරයි.. තාමත් වැඩ…

    ලැප්ටොප් එකට ඉක්මන් සුවය පතමි !

    • Anonymous says:

      ඒ කිරිනේ! මේ මධු විත.

    • @සෙන්නා……මම කියන්න හදපුදේම ඇනෝ කියලා.

      කිරි බිවාට “ලැප්ටොප්” එකකට ආතල් එකක් මිස කරදරයක් නෙමේය. මූ එදා බිව්වේ වොඩ්කා සහ අතට අහුවෙන ඕන එකක්ය. අවුල එතනය.

      මේ ලැපා කිරි බීමට නොකැමත්තෙය. නමුත් ඔය රෑට කිරි ටිකක් බොන එක පවුල් සෞඛ්‍යයට හිතකර බව මගේ අදහසයි..මෙය අරූගේ අදහසක් නොව ඩෝප්වූ ලැපාගේ බව සලකන්න!!

  9. අමාවකට සුභ පැතුම්! says:

    මේ කොමන්ටුව අරූට අදාළ නැත.

    නමුත්, දැනට බහුතරයක් බලන සහ තවම පබ්ලිස් උණ මට්ටමේ අළුත් පෝස්ටුවක් යැයි කිව හැකි ගණයේ ලිපියක මෙම කොමන්ටුව දාන්න අවසරයි!

    අමාවක ලියන කනාමැදිරියා විසින් ජවිපෙට සුබ පැතුම් කියා පෝස්ටුවක් දමා ඇත.
    http://bitternight.blogspot.com/2013/12/blog-post_26.html

    නමුත්, අදාළ සිද්ධිය පිළිබඳව ඔහු දන්නා දෙයක් නැත. නැතිනම් දේශපාලන කුහකත්වයයි.
    මොරටුව ලී බඩු, ජංගම අලේවිසැල් පවත්වාගෙන කරනු ලබන වෙළදාමට අදාළයි. එය මෙම උත්සව සමයට අදාළයි. ඔහු දැක ඇත්තේ වෙනත් වෙළෙන්ඳුය.

    අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

    ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හේතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

    තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය. තවද, මෙම වෙළදාම සිදුකරනුයේ එජානිස මන්ත්‍රී ඩොමිනික් ගේ ඥාතියෙකු බැවින්, එජනිස අයට කීමෙන් ප්‍රතිඵලයක්ද නැති බව ඔවුන් හොඳින් දනී.

    මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
    සිදු වූවේ කුමක්ද?
    මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් කැන්වසින් මට්ටමේ ව්‍යාපාරයක් කර පසුව එය උද්ඝෝෂණ ස්වරූපයක් ලෙස නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය. එම ලී බඩු වලට කථා කළ නොහැකිය.

    උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ පොස්ටුවේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

    රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

    අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

    මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහු ගෙවිය යුතුය.

    ** එජනිස මන්ත්‍රීන් යස අගේට ජංගම වෙළඳාම් කරන අනිකුත් සරු ව්‍යාපාර මඟින් තුටු පඬුරු ඉල්ලා ගන්න බව ඔහු නොදන්නවාද?
    *** මෙම උත්සව සමය අවසන් වූ පසු අදාළ ව්‍යාපාරිකයා ජංගම මඬු අකුලා ගනී. නැවත එන්නේ අප්‍රේල් මස ආසන්නයේය.

    එම මොරටු ව්‍යාපාරිකයා වෙනුවෙන් කඩේ ගිය, දර දිය ඇද්ද,
    ඩොමිනික් රණසිංහ, ගොඩිකමුව, පැට්‍රික්, ලංකාදීප වාර්තාකර් සහ අමාවකට සුබ පැතුම්!

    • ලැපට බීලා වෙරි.
      මට නොබීම වෙරි (මේක කියවලා.) මේ මොකක්ද හප්පේ මේ.

    • අමාවකට සුභ පැතුම්! says:

      මෙම ස්ථානයේ කොමන්ටුව දමනු ලැබුවේ, අමාවකගේ පොස්ටු දෙවරක් බලන අය නැති බැවිනි. මන්ද ඔහු කොමන්ට් සඳහා රිප්ලේ නොදෙන ගණයේ අයෙකි. එබැවින් අදාල සිද්ධියේ ඇත්ත කීප දෙනෙකුට හෝ දැන්වීමට ඔබගේ බ්ලොග් අඩවිය භාවිත කළෙමි.

      • Anonymous says:

        හැක්…….. අමාවකත් බීලා වෙරි පිට දාපු බොගක් බං. ගණන් ගන්න එපා. අමාවකත් කරන්නේ මිනිස්සු අන්දන එකම තමා.

      • Indika Upashantha says:

        //මෙම ස්ථානයේ කොමන්ටුව දමනු ලැබුවේ, අමාවකගේ පොස්ටු දෙවරක් බලන අය නැති බැවිනි//

        සහතික ඇත්ත. අනික රාජ් කියනව වගේ ඌ හැමදාම “අමාවක” තමයි. පුරහඳ තියා අඩු ගානෙ අටවක වෙන්නත් තව ඉගෙන ගන්න ඕන. ඒ අතින් සූස්ති ගුණය නෙමේ බ්ලැක් ලෙබලුයි ලකෆ්‍රාන්සුයි උනත් ඌට වඩා හොඳයි.

      • silentsahan says:

        අමාවක බ්ලොග් එක ලියන්නේ මහ ලොකු දේශපාලන අරමුණකට නෙවේ ( පැරා වගේ අයට සාපේක්ෂව ).. විනෝදාත්මක ස්වරූපයෙන් පළ කෙරෙන පෝස්ටු අප සීරියස් ගත යුතු නොවේ … 😀

      • කවා says:

        කළාමැඳරි එළියෙන් පලක් වේද?
        ඔහොම ලියන්න ගියොත්නම් මදි වෙයි තමා. මම අහන්නේ කී පාරක් ඇන ගත්තාද. ඇන ගන්නවා කියලා මෙහෙමත් හොඳද?

    • @ අමාවකට සුභපැතුම්……….උඹ මේ කමෙන්ට් එක දැම්මාට මට කිසි අප්සට් එකක් නැත. නමුත් මේ උඹ කියනදේට උත්තරදීම මට අයිති වැඩක් නොවේ. අමාවකට මෙය අදාල නම් ඔහු ඔහුගේ බ්ලොගයේම පිලිතුරු දිය යුතු යයි මම සිතමි.

      • Anonymous says:

        උගේ බොගෙත් දැම්මා අරූ. ඒත් ඌ කාටවත් උත්තර දෙන එකෙක් නෙමේනේ. ඔබේ බ්ලොග් එකෙන් බයිට් ටිකක් වෙන්කරලා දීම ගැන තෑන්ක්ස්.
        ජය වේවා!

      • මොකක්ද අරූ මේ අමාවකයා කියලා තියෙන්නේ .. ලැපට බොන්න හිතෙන්න ඇත්තේ මේක දැකලා වෙන්න ඇති

      • රාජ් says:

        අමාවක යනු තමුන්‍‍ගේ මතය නිවැරදියි කියා කීමට ඕනෑම ‍බේගලයක් ඇදබාන්‍නෙකි. ඔහු අනාගත් වාර අනන්තය. ‍දේශපාලන බ්‍‍‍ලොග්කරුවකු වීමට ඔහුට සෑ‍හෙන මහන්සියක් දැරිය යුතුය.

      • Anonymous says:

        අමාවක ලියන කළාමැදිරියා එදා ඉඳලා මිනිස්සු කීපාරක් බේගල් ගහලා ඇන්දුවාද. ඌ හිතාගෙන ඉන්නේ ඡන්දේ දෙන මිනිස්සුන්ට වගේ අපිටත් පිස්සු කියලා. බ්ලොග් කියවන්නේ තරමක් හෝ බුද්ධියක් ඇති අය බව අමාවක තේරුම් ගන්නවානම් හොඳයි.

  10. damith says:

    ඔකනෙ කියන්නෙ.උබත් හැමොත් එක්කම සෙට් වෙනව.උන් ඇන ගන්නව

  11. Yaka says:

    ඔන්න බලමුකෝ එකෙත් හැටි. සදාචාරයක් කියලා දෙයක් නැති හැටි මේවාටත්

  12. Join the club Aru. Even my laptop f*cked up.
    Happy new year!

    • නව වසරට ලැප්ටොප් කෙලවා ගැනීම විලාසිතාවක් වී දැයි සැකයක් ඇත.මගෙත් බැටරිය රතු මාක් පෙන්නනවනේ.
      දැනට හතර දෙනයි.මාතලන්,හෙන්රි,අරූ සහ මම
      තව ඉන්න ළමයි අත උස්සන්න 😀
      මේ,අපිට ඕවයින් වැඩක් නෑ අරූ…හොඳ හිතින් කතාව දාපං …..(ජෝක් හොඳේ…)
      ආමාශය තුලට පමණක් මධු විත ඉහිරෙන සුභ නව වසරක් වේවා අරුවෝ!!

      • @අයාල්….මගේ කී බෝඩ් එක රිප්ලේස් කරන්න වුනා. උඹේ බැටරිය හුස්ම ගන්න හොර නම් වතුර පොඩ්ඩක් ඉහලා බලපන්!:D

    • @ ඩූඩ්…..මගේ එකානම් අද ගොඩ දාගත්තා. උඹේ එකාටත් ඉක්මන් සුවය පතමි!!!!!!

  13. අපරාදේ! යතුරැ පුවරැව දැන ගන්න එපායැ මඳ පමනින් දෂ්ඨ කරන්න. ඒ කෙසේ වෙතත් උඹටත් සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා!!

    • ලැපාටත් නව වසරේ නව පෙනුමක් ඕන වෙලා. කොහොම හරි වැඩේ ගොඩ. අලුත් යතුරු පුවරුවකින් සෑහීමකට පත්වුනා.

  14. මටත් ඔවැනි දේවල් සිදුව ඇත අරූ. ඒ කෙසේ වෙතත් ඔබ ආදර්ශයට ගත යුතු චරිතයකි. ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුමන් ඉටුවන නව වසරක් වේවායි පතමි.

    • නලීන්…..උඹ ෆිට් එකේ දිගටම ලියපන්…උඹත් කාටත් අත හිත දෙන කෙනෙක් බව බ්ලොග් ලෝකය තුල පැහැදිලි වුනා. විනෝදෙන් ඉමු!!!! ඔච්චරයි අන්තිමට ඉතිරිය.

  15. ‘Alcohol use also has a serious health risks’ කියන්නේ නිකංද? 😀 😀
    සුබ නව වසරක් අරූට!!!

    • ‘Alcohol use also has a serious health risks’ කියන්නේ නිකංද? 😀 😀
      ඒක නම් ඇත්ත පොඩ්ඩි….කෝ කිව්වාට අහන්නේ නෑනේ.

  16. කොහෙද ඉතිං ලැපාගේත් නරක ආශ්‍රයනේ ….!

    • පව්ලිස්…….උඹ මගේ බ්ලොගට ආපු දවසේ ඉඳලා තමයි ලැපත් සැප ඉල්ලන්නේ. නැත්නම් හොඳට හිටියා.

  17. රාජ් says:

    ලැප්‍ටොප් වලට පවා මත්පැන් ‍පොවන (බටහිර) පරි‍භෝජනවාදය ‍මෙය වියයුතුය‍. 🙂

    • බටහිර පාරිභෝජනවාදයට අනුව ලැප්ටොප්වලට පොවන්නේ මත්පැන් පමණය. සිගරට් පෙව්වාට බොන්නේ නැත. 😀

  18. Black Puma says:

    අදාළ නැ, කතාවේ ඉතුරු ටික දාන්න වෙයි ඔන්න අරූ අයියේ. අලුත් අවුරුද්ද වෙද්දී වැඩේ එකලාසයක් කරගන්න

  19. ඔච්චර ඩෝප් වෙන්න බොනකල් බලන් හිටියද> අනෙක් පැත්තට හරවල තිබ්බ නම් ගොඩක් දුරට ගොඩ දාගණන් තිබුනා

    • කෝරළේ…..එතන හිටිය එවුන් ඔක්කොම ට්‍රයි කරේ ලැප්ටොප් එක අනිත් පැත්ත හරවන්න නෙවේ….මාව අනිත් පැත්ත හරවන්න. මොනවා උනත් වැඩිපුර ඩෝප් එකාව තමයි අනිත් පැත්ත හරවන්නේ ඕන තැනකදි. වැරදි වැඩ බන්!!

  20. Anonymous says:

    ලැපට වෙරි හිඳුනාම ආයේ අපි එන්නම්.
    සුභ අළුත් අවුරුද්දක් වේවා!

  21. Indika Upashantha says:

    කන බොන විට තම මිතුරන් සගයන් සමග බෙදාගෙන කන කන බොන උඹට සුභ නව වසරක්!

    • උඹටත් එසේම වේවා!!!! මොනවා වුනත් මින් මත්තට ලැපාව නම් කන බොන තැනකට වද්දගන්නේ නැහැ.

  22. helapayaa says:

    අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙ ලැපට වෙරි හිඳෙයි මචං,එතකොට එකක් ලියපං.
    ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා!!!

  23. කවා says:

    සුභ අළුත් අවුරුද්දක් කීවා අරූට!
    ආයේ දෙකක් නෑ,
    ලැප් එක 31st night එකටත් උදුරං බීපන් කශියා.

  24. සිරා says:

    හා හා අරූට පොඩි ඩෝප් සීන් එකක් ගියා….අතේ තිබුන විදුරුව සමබර නැති වුනා…උඹට එපා නම් මට හොදා කියලා ලැප් එක සැන්ටිං එක්කම ඇරලා දැම්මා….එහෙම නේද උනේ….ලැප ගොඩදාගෙන නව වසරේ යලි හමුවෙමු. සුභ 2014 වසරක් වේවා !

  25. sudeeka says:

    මෙහෙම වුනාම ලැපේ පවර් සප්ලයි එකකයි, බටරියයි ගලවලා ගෙනියන්න ඕනේ වෙදා ලඟට. එහෙම කරලා ගොඩ දාගත්තු අය ඉන්නවා. මට නම් මදර් බෝඩ් එක දාන්න වුණා.
    සුබ නව වසරක් වේවා !!!

    • එතන හිටිය වුන් මගේ බැටරි වයර් ගලවන්න හැදුවා මිසක් සුදීක කියන වැඩේ කෙරුවේ නැහැ. මදර්බෝඩ් එක හරි. කීබෝඩ් එක රිප්ලේස් කරා.

  26. Kandyan says:

    ලැපටත් එපාවෙලා ඉන්නැති, කොටනවා කොටනවා ඉවරයක් නෑ..නැත්නම් මොකට ඔය ජරාව උරා බොනවද??? දෙන්නටම පොඩි හොලිඩේ එකක් 🙂
    Greetings for the Season and Best Wishes for the New Year

    • ////ලැපටත් එපාවෙලා ඉන්නැති, කොටනවා කොටනවා ඉවරයක් නෑ////
      එහෙම අප්සෙට් එකක් තියනවානම් කියන්න ඕනෙනේ. ඉල්ලුවානම් නොදී ඉන්නේ නැහැනේ බන්….මූ උදුරන් බීපු එක තමයි ප්‍රශ්නෙට මුල.

  27. ප්‍රථමාධාර දීග ගෙනිච්චනම් ගොඩදාගන්න පුලුවන් වෙයි 🙂
    සුභ නව වසරක් අරූ අයියේ 🙂

  28. හමුදාවේ පරිගණක ක්‍රියාකරුවන්ට පරිගණකය අසලට තේ එකක්වත් ගෙන ඒම තහනම්. මම ඒ නියෝගය දැන් මටම දාගෙන තියෙන්නේ.

  29. සමී says:

    ලැප් එකට ඉක්මන් සුවය පතමි..
    සුභ නව වසරක් !! ජය!!

  30. Anonymous says:

    පොවන්න,කෙලෝ ගන්න අපට ලැප් නැත තවම.
    ලැපට සුව පතමි.අරූට සහා පවුලේ සැමට නව වසර ජය වේවායි පතමි.
    මනෝ…!!!

    • @ Mano nymoous….ලැප් නැති වුනාට කමක් නැහැ…ලැප් එක උඩට ගන්න කෙනෙක් හොයාගනින්:D

  31. deshakaya says:

    ජෝ බීල හැම තැනම චූ කරාම ඕක හරියාවි.. ඔසුනවවේ…!!!

    • මූ පොඩි එකා බන්…තාම පැම්පර්ස් අඳිනවා..ජෝ පොවලා චූ කරොත් මටම තමයි ඒවත් මාරු කරන්න වෙන්නේ. හුජ්ජ කර බිජ්ජ දෙවරක් සොලවන්නෙත් තව කාට හරි කියවලා.

  32. proof වෑඩියෙන් neat බොන එක සෞඛ්‍යයට (laptop එකේත්) හිතකර බව මගේ අදහසයි..

  33. අපොයි අරූ කරගන්න වැඩ ! මෙහෙම කීවාට මේ ලඟදි මටත් ඔය වගේ එකක් වුනා. කොහෙද ඉතින් මට කම්මැලි මූඩ් වුනාම කන්නේ බොන්නේ ඔක්කොම ලියන මේසෙනේ. පසුගිය දවසක වතුර බෝතලේ කෙලින්ම මේසේ උඩ හලා ගත්තා. ලෑන්ඩ් ෆෝන් එකයි, ලැපයි, ප්‍රින්ටර් එකයි හැට හුට හමාරක් වයර් කනෙක්සන් තියෙන ප්ලග් පොයින්ට්ස් වලටයි ඔක්කොටම සෙට් වුනා කියලා . දුවලා ගිහින් මේන් එකේන් පවර් ඕෆ් කරලා ඇවිත් අපේ කොන්ඩෝමිනියල් එකෙන් කේබල් එකක් ඇදලා පවර් ගෙනත් ඩ්‍රයර් එක ගහගෙන යම්තම් ගොඩ ගියේ. මම බය වුනේ බෝම්බයක් වගේ ගේ පිපිරෙයි කියලා කලින් කාලෙක ඔය වගේ ස්මාට් ෆෝන් ආව කාලෙම ෆෝන් එක කොමෝඩ් එකට දාලා ප්ලශ් කරලා ඉගෙන ගත්ත පාඩම හන්දා යම්තම ලොකු පාඩුවක් නොවී මේ පාර ගොඩ ගියා.
    මම ඉතින් හිත හදාගත්තා මම වගේම ස්පාක්ලීන් වෝටර් වලට මගේ ගැජමැටික්ස්ත් කැමති කියලා.

    • රංගී……මට ඔය ඉලෙක්ට්‍රික් වැඩ අනම් මනම් තේරෙන්නේ නැහැ. ඔයාට වගේ වැඩක් වුනා නම් ගම කාලා රට බොන්න වෙන්නේ. මේන් ස්විච් එක ඕෆ් කරලා කාට හරි එන්න කියන්න තමයි වෙන්නේ.

  34. nirmala says:

    ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!
    ,ලැබට වෙරි නොවේවා!! ඔබටත් වෙරි නොවේවා!!!.

  35. කාවා says:

    අරූටත් සැමටත්, සුභ අළුත් අවුරුද්දක් වේවා!

  36. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

  37. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

  38. මදැයි කොලා….

    සුබම සුබ මෙව්වා එකක් වේවා ඕන් ඈ……!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s