අවුල් වන්නට පෙර (23)…..පිචෑර් AND මියුසික්….

දවස් ගණනකට පසු ලැප් එක ගොඩදාගත්තේය. ඉරිදා පොළේ සිටි සමහරක් වෙළෙන්ඳන් මෙන්ම මේ රටේ ලැප්ටොප් හදන අයද බෙල්ල කපන්නට දක්ෂයෝය. මේ බව දන්නා මගේ හිතාදර මිත්‍රයා සමන්, දහසකුත් වැඩ රාජකාරී මැද මට එය නොමිලයේම අලුත්වැඩියා කර දෙන ලදි. මට වියදම් වුණේ අළුත් කී බෝර්ඩ් එකට ගිය මුදල පමණය. මට සමන් ලැප්ටොප් එක හදා දෙන ගමන් මම සමන්ට වත්තේ වැට හදාගන්නට අහිංසක උදව්වක් කෙරුවෙමි. සමන් උඹට බොහෝම ස්තූතියි මිත්‍රයා. මම දැන් නැවත ලියන්නෙමි.

මා මීට කලින් ලිව්වේ ඉරිදා පොළේ වෙළඳුන් සියලු වෙළඳාම් අහවර වී පිටත්ව යෑමය. එතනින් පසු ඇරඹෙන්නේ පොළ පවිත්‍ර කිරීමේ කටයුත්තය. මේ පවිත්‍ර කිරීමේ කටයුතු භාරව සිටියේ අප ගම්වාසිවූ පොළ රංජිගේ පවුලේ කට්ටියත්, සයිමන් පවුලේ අයත්ය. ඒ තිබූ මහා ඝෝෂාකාරී වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගෙන ඇත. මහා පාළු ස්වරූපයක හැඩ ගනී. අවට තේ කඩ දෙක වසා දැමීමට සුදානම්ය. පොළ භූමිය අතුගා පිරිසිඳු කිරීමට පෙර අප කිහිප දෙනෙක් පොළ වටේ රවුමක් ගහන්නේ වෙළඳුන්ට අතපසුවූ කාසි අහුලා ගැනීමටය. බිමට එලා ගන්නා පොලිතින් දවටන උඩට සල්ලි එකතුකර ගන්නා වෙළෙඳන්ට පොඩි පොඩි කාසි එහේ මෙහේ යාම නිරන්තුරුවම සිදුවේ. පොළ වටේ රවුමක් දෙකක් ව්මසිල්ලෙන් කැරකුණොත් රුපියල් දෙකක් තුනක් එකතුකර ගැනීම අපහසු නොවේ.

පොළ අතු ගෑ පසු ඉවතලූ බාගෙට තැම්බුණු එළවළු සහ පලතුරු කොටස් වෙනම ගොඩසකටත්, කඩදාසි, පොලිතින් වෙනම ගොඩකටත් එකතුකරනු ලැබේ. දැන් පැමිණෙන්නේ , හයිලෙවල් පාර සහ අවට නිතරම උලාකමින් ඇවිදින ගවයන්ගේ වාරයයි. පොළ ඝෝෂාව අහවර වෙනවිටම , ඉතිරිවෙන එළවළු පලතුරු බුදීමට මේ ගවයන් එන්නේ සංසාර පුරුද්දකට විය යුතුය. සයිමන්ලා, රංජිත්ලා පොළ අතුගා නිමවූ සැණින් ගවයින් පෝලිම් ගැසී , පොළ භූමියට විත් මේ ලෝකයට ප්‍රතිචක්‍රීකරනයේ සක්‍රීය දායකත්වය ලබාදීමට ඉතා ඉහළින් දායක වූවෝය. නමුත් අපි හරක් වන්දනාවේ යා යුතුද? මේ වන්දනා ගමනේ අපි වැරදි නිවැරදි යන ස්ථාන දෙකෙහිදීම වැරදිකරුවෝය. ජීවත්විය යුතු බොහෝමයක් මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති යුගයක, හරකුන් ගැන කතා කරන්නේ මොන හරකුන්ද?

මේ ගවයින්ට අයිතිකාරයින්ද සිටියෝය. නමුත් නිදැල්ලේ සැරිසැරූ ගවයින්ගෙන් නම් හයිලෙවල් පාරට අඩුවක් නොවීය. අයිතිකරුවන් මුන් හඳුනාගැනීම සඳහා, ඔවුන්ට ආවේනික සංඛේත හංවඩු ගසා තිබුනි. ඒ අතර “පිං” යැයි හංවඩු ගැසූ ගවයින් එකෙක් හෝ දෙදෙනෙක් විය. පිං ගොනා මස් කඩයකට දක්කන්නට උත්සාහකල පිටස්තරයෙකුට බඩ කට පුරා ගුටි කන්නට සිදුවූයේ ගමේ තරුනයන්ගෙන්ය. මසට හරක් සෑදීම ඕන රටක සිදුවේ. නමුත් පිංගොනා මස් කිරීම බලු නොවටී. එවැනි අයව එකලදී පවා සමාජය විසින් බරපතල දඬුවම්වලට භාජනය කරන ලදි. ගස් බැඳීමද ඉන් එක් අංගයකි. නමුත් රාජ්‍ය සේවකයකු තියා කිසිම මිනිසෙකු ගස් බැඳීම බල්ලන්ටත් නොවටිනා තිරිසන් ක්‍රියාවකි. මුන් ඇමතිවරුය!!!

රත්නසිරීත් මමත් ලහි ලහියේ දැන් සූදානම් වෙන්නේ චිත්‍රපටි බැලීමට හෝ සංගීත සංදර්ශනයක්, වාද බයිලා තරඟයක් ඇත්නම් එතනට ගාල්වී රාත්‍රිය නිදිමරා සිටීමටය. අප වටා තවත් කොලු ගැටව් කිහිප දෙනෙක් සිටියත්, රත්නේ වියදම් කරන්නේ මට පමණකය. ඔහු අත මුදල් ගැවසෙන බව අනිකුත් අය දැන ගන්නවාට ඔහු කැමති නොවීය.

චිත්‍රපට පිළිබඳ කතා කළහොත්, ඒ වයසේදී අපි දෙදෙනා තරම් පිචෑර් බලපු කොල්ලෝ දෙදෙනෙක් අවට නොසිටීහ. සතියකට දින තුනක් හෝ හතරක් මෙය අනිවාර්ය්‍ය. සමහර දිනවල හැන්දෑවේ 6.30 සහ රාත්‍රී 9.30 දර්ශන දෙකම, සිනමාහල් දෙකකට ගොඩවී නරඹන්නෙමු. රත්නසිරිට තිබුණේ පුදුමාකාර පිචැර් පිස්සුවකි. මටද එම රෝගය ගොදුරුවී තිබුණත් මම වාද බයිලා සහ සංගීත සංදර්ශන නැරඹීමට මහත් ඇලුම් කළෙමි. ඉන් වාද බයිලා ප්‍රදානය. නමුත් මූල්‍ය දායකයාට සවන් දීමට සිදුවීම අනිවාර්‍යය. නැත්නම් පිචැරුත් නැත මියුසිකුත් නැත.

මම ඉතා කුඩා කාලයේ තාත්තා සමග ගොස් නැරඹූ එකම සහ පළවෙනි චිත්‍රපටිය HATARI නම් ඉංග්‍රීසි චිත්‍රපටිය විය. එය නැරඹුවේ නුගේගොඩ ගම්සභාහන්දියේ ලැවිනියා සිනමා හළේය. තවමත් මට එම චිත්‍රපටිය මැවී පෙනෙන්නේ, එහි සිටි නළු නිළියන් නිසා හෝ එහි තිබු වීර වික්‍රමයන් නිසා නොව, තාත්තා අරන් දුන් බැදපු කජු පැකට්ටුව සහ අයිසි චොක් එක නිසාය. ඒ අතරතුර බීමට අවශ්‍යනම් ඔරේන්ජ් බාර්ලි බෝතලයක්ද සීට් එක යට විය. තාත්තාද මොනවා මොනවා හෝ බිව් බව දුටු මුත් මට ඒවායේ වගේ වගක් නොවීය. මට ඒවේලාවට අවශ්‍ය දෑ තාත්තා ලබා දී අවසන්ය.

අප දෙදෙනා වඩාත් ළංවූයේ බොහෝ පසුකාලීනව වීම නිසාම, අප ඔහුව නිවැරදිව හඳුනාගෙන ඇත් දැයි මට අප පවුලේ අය සමග සාධාරණ ප්‍රශ්නයක් තිබේ. සත්තකින්ම, තාත්තා ඔහුව තමන් විසින්ම හඳුනාගෙන තිබුණේ ඔහු නිවැරදි බවය. එය පට්ටපල් ආත්ම වංචාවකි. ඒ ඕනෑම කෙනෙක් වරද සඟවාගැනීමට කරන බොරුවය. අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් එසේය. ඒ ගති ලක්ෂණ එන්න එන්නම ඔහු පිළිබිඹු කරමින් සිටියේය. ඔහු පරිත්‍යාග කරගෙන ඇත්තේ ඔහුටමය. ඒ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්ය. ඒ මොනවා වුණත් මම පියකුවූ දින සිට මම නැවත ඔහු ගැන සිතන්නට පටන් ගත්තෙමි. මම පියෙක් වූයේ 1989 දීය. වරදක් නොකරපු මිනිසුන් සෙවීම ඉතා අපහසුය. හමුවූවිට සමාව දීම , අප විසින් මිනිසුන් හැටියට හදා වඩා ගතයුතුම ගුණාංගයක්ය. ඒ කෙසේ වෙතත් හටාරි චිත්‍රපටියේ රඟපෑ ජෝන් වේයින් නම් ඒ රංගවේදියා මට තවමත් මතකය. ඔහු පසුකාලීනවත් රංගනයේ යෙදුණු අති දක්ෂයෙක් විය. මට ජෝන් වේයින්ට වඩා අපේ තාත්තා ගැන හොඳට මතකය.

මගේ ඔමෙගාව නොහොත් අවුල් වන්නට පෙර මෙගාවේ තව කොටසක් මෙසේ ලියා අවසන් කරමි. ලියනවාට වඩා මම, උඹලා ලියන දේ කියවීමට ආශා කරන්නෙක් නිසා අදට මෙය කෙටි කරන්නේ අනිකුත් බ්ලොග් සතියකටත් වඩා කාලයක් කියවීමට බැරිවීම නිසාය. මම ඒ යුගයේ පිචෑර් සහ මියුසික් ගැන ටික දිනකින් ලියන්නෙමි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

93 Responses to අවුල් වන්නට පෙර (23)…..පිචෑර් AND මියුසික්….

  1. Kenji @ Japan says:

    මා මිත්‍ර නෙරංජ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා…!

  2. Kenji @ Japan says:

    මම උඹව ඊයෙත් මතක් වුනා මචන් .
    මම හිතුව පවුලේ සැම සනීප ගන්න කොහේ හරි ගිහිල්ල කියල.
    ඔය පොලට එන හරක් රැල නාවින්න වෙලට පිටිපස ඉන්න කට්ටියගේ නේද මචෝ…?
    ඒ පට්ටියගේ හිටපු පොඩි වහු පැට්ටෙක් දැන් මහරගම නගර සභාවට ගිහිල්ල එයාලගෙම සභාපතිනිය වන කාන්ති කොඩිකාරට බැන බැන ඉන්නවද කොහෙද.
    මචන් උඹලගෙ ගෙවල් පහු කරලා නාවින්න පැත්තට යද්දී,විජේරාම හන්දියෙන් වමට හැරුන පාරේ ගියහම හිටිය හදහන් බලන ගමආරිය ගැන දාන්නේ නැද්ද?
    දාන්නම එයා දිවිය ලෝකේ ගිහිල්ල.

    • kathandarakaraya says:

      මේ අන්න්තිමට කියන්නේ ඩැනියෙල් ගමආරිය ගැන නේද? මං හිතන්නේ මගේ කේන්දරේත් හදලා තියෙන්නේ ඔහු තමයි.

      • Kenji @ Japan says:

        gm කකා….ඔව් එයා තමයි.අපේ සේරම හදහන් වැඩ කරල තියෙන්නෙ ඔහු.
        එහෙනම් අපි දෙන්න ඉපදුනේ ද සොයිස,හදහන් හදල තියෙන්නෙ ගමආරිය… 🙂

      • @කකා&කෙන්ජි…..මගෙත් ඉපදුනාම වෙලාවල් බලලා තියෙන්නේ ගම ආරිය තමයි. ගමාරි කියලා තමයි කවුරුත් කිව්වේ. ඒ කාලේ ඔය පැත්ත පලාතටම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. කකාගේ දෙමව්පියොත් විජේරාමේ හිටිය නිසා එතනට යන්න ඇති. පසුව දුව හෝ පුතා වැඩේ කරගෙන ගියා. තාත්තා තරම් ජනප්‍රිය වුනේ නැහැ. මම නම් කාසල් රෝහලේ ඉපදුනු කෙනෙක්.

    • @කෙන්ජි……..අපි නිවාඩුවට දුව බලන්න ගියා. එහෙදි තමයි ලැප්ටොප් එකත් අප්සට් ගියේ.

      ඔය නාවින්නෙන් එන හරක් පට්ටිය වැඩිපුර සැරිසැරුවේ විජේරාම හංදියේ. දෙල්කඳ පැත්තට ආවේ වනාත පාරේ හිටපු මහරගේ ඩේවිඩ් කියන මුදලාලිගේ හරක්. හෙන සෙට් එකක් හිටියා මචෝ..මහරගම නගර සභාව කියන්නේම හරක් පට්ටියක් නිසා උඹ කියන්නේ මොන හරක් පැටියාද කියලා හිතාගන්න බැහැ. ශාන්ති කොඩිකාර කියන්නේ උපාලි කොඩිකාරගේ වයිෆ්..විපක්ෂ නායක රොඩ්නි ෆ්‍රේසර්. කෝපි කඩේ ගජං .

      ගම ආරිය හිටියෙ විජේරාමෙට මෙහායින් අටේ කනුවෙන් හැරිලා යන පාරේ. ඔය පාරට ඒ කාලේ කිව්වේ බලුබෙටි පාර කියලා. දඩාවතේ යන බල්ලො ඔක්කොම රෑට ලගින්නේ ඔය පාරේ. පාරේ හැම තැනම බලු බෙටි. ප්‍රේමසර ඈපාසිංහ හිටියෙත් ඔය පාරේ. පාරට හැරෙන තැනම පොඩි පලතුරු සහ සිල්ලර කඩයක් තිබුනා. ඒත් නළුවෙක්ගේ. එඩි අමරසිංහ නොහොත් තට්ටයා. පස්සේ දුවත් රඟපෑවා.

      • ඔය නාවින්නෙ හරක් පට්ටිය දැන් නැහැ. මහරගම පොලීසියෙන් නඩුවක් දාල උන් ඔක්කොම පයාගල තැනකට අරන් ගියා. මට මතක විදියට මව්බිම පත්තරේ ඔය සිද්ධිය ගියා.

      • සත්‍යජිත්……ඔය ගැන මට කවුද කිව්වා.

  3. /// මට ජෝන් වේයින්ට වඩා අපේ තාත්තා ගැන හොඳට මතකය./// මටත් එහෙමයි … වාසනාවන්ත අලුත් අවුරුද්දක් ව්වෙවා

    • ඔමාටත් වාසනාවන්ත අවුරුද්දක් වේවා!!!

      තාත්තලා කියන චරිත හරි අමුතුයි. අම්මලාගේ ආදරය කරුණාව පේන්න තියෙනවා. තාත්තලාගේ චරිත ඇතුලට කිඳාබැහැලම බලන්න ඕන…හරියටම හඳුනගන්න නම්. ඔච්චරයි වෙනස.

  4. kathandarakaraya says:

    රත්කළ යකඩ උළකින් හරකාගේ හමේ පිං කියා හංවඩු ගසද්දී සිදුවෙන පවෙන් අර කරපු පිනෙන් කොටසක් අඩුවෙනවා ඇති?

    • ඔව් කකා පිනෙන් කොටසක් වාෂ්ප වෙනවා ඇති. හංවඩු ගැහිල්ලයි, ලාඩම් ගැහිල්ලයි නම් බලන් ඉන්න අමාරුයි. සමහර හංවඩු ගහපු තැන් පැසවනවා. ටික දවසක් යනකම් තුවාලේ තියනවා. ඒ මදිවට ගහන්නේ පොල් ගෙඩි සයිස් අකුරුනේ. දැන් නම් මස් කඩෙන් බේරගන්න හරක් නැවත මස් කඩයටම යන රැකට් තියෙනවා කියලා අහන්න ලැබෙනවා.

    • රාජ් says:

      කකා,
      එතනදි පව ටිකක් විතර අඩු වෙන්න ඕන. මොකද චේතනාව හිංසා කිරීම නොවන නිසා. ඇත්තටම කිව්වොත් හොඳක් වෙන්නෙ.
      හරකුන්ගෙ සමහර ලෙඩවල් තියනව ඒවට ප්‍රතිකාර විදියට මේ විදියට පුච්චන වෙලාවලුත් තියනව.

  5. “ජීවත්විය යුතු බොහෝමයක් මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති යුගයක, හරකුන් ගැන කතා කරන්නේ මොන හරකුන්ද?”
    ළඟපාත හිටියනම් ඇටනැති මැලේසියන් මිදී වල්ලක් කටේ ඔබනවා මෙන්න මේ කතාවට……… අපේ ගොඩක් එවුන්ට හරක් ගැන පුදුම අනුකම්පාවයි හමයි හරියාකාරව තමන්ගේ දෙමව්පියන්ටවත් සලකන්නේ නෑ

    • බොක්කේ දඩමස්..හක්කේ බුදුරැස් කියන්නේ ඕවාට තමයි රාළේ. තුන්සිය හැටපස් දවසෙම පන්සලේ..ගෙදර ඇවිත් කියවන්නේ තව එකෙක්ගේ ඕපදූප..කරන්නන් වාලේ කරනවා. දුවන්නන් වාලේ දුවනවා..අනේ මන්දා මිනිස්සුන්ට හතිත් නැහැ.

    • මිනිසුන්ගේ ප්‍රශ්න , කරදර ගැන කතා කිරීම , උදවු කිරීමට දහස් ගනං සංවිධාන සහ මිනිසුන් ඇත. තිරිසනෙකුට ඒ කිසිවක් නැත. දුක , වේදනාව මනු සතාටත් අන් සතුන්ටත් එක ලෙසම දැනේ. (ඒ බව තේරුම් නොගන්නා මිනිසුන් තිරිසනුන්ටත් අන්තය) .. හැම මිනිසාම මිනිසුන්ගේ ප්‍රශ්න , කරදර ගැන කතා කිරීමම කල යුතුය කියා නීතියක් රීතියක් නැත. තිරිසන් සතුන් ( මේ අවස්ථාවේදී හරකුන්) සම්බන්ධයෙන් කරදර වීමටත් , උන්ට සිදුවන හිංසා , අපහරණ ගැන ක්‍රියා කිරීමටත් මිනිසුන් කොටසක් සිටිය යුතුය. එසේ නොවේ කියනවා නම් මේ මේ මිනිසුන් සම්බන්ධයෙන්ද මෙසේ කිව යුතුව ඇත :

      List of animal welfare groups
      “මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති යුගයක, ගැන කතා කරන්නේ මොන ?”

      මෙසේ කියා මේ සංවිධාන වලට සේවය කරන උතුම් මිනිසුන්ද තිරිසනුන් ගේ ගේ තත්වයට දැමිය යුතුව ඇත. සෝචනීයයි. ඔබ පෙන්වන්නේ කාගේ දුකේදීත් හුනුවන මනුෂ්‍ය ගතියක් නොව තිරිසනුටත් අන්ත නීච ගතියකි. සතෙකුට වත් වෙන යහපතක් පෙන්නන බැරි දැඩි ඉර්ශ්යාවය

      • @ඩියර් මහසොහොන්………ඔබ හිතන ආකාරයට ඔබේ අදහස් දක්වා ඇත. මා ලියා ඇත්තේ මා සිතන ආකාරයටය. ඔබගේ අදහස මෙහෙ දැක්වීම ගැන ස්තූතිවන්ත වෙමි.

        මම කාලයක් සේවය කල ආයතනයට පැමිණෙන පාරිභෝගිකයන්ට අවශ්‍යනම් එක් එක් ආයතන සඳහා අත ඇති මුදලක් පරිත්‍යාග කිරීමට කුඩා කැට තබා ඇත. තබාගත යුත්තේ කිනම් ආයතනයන්ගේ කැටද යන්න තීරනය කිරීම පැවරී තිබුනේ මා වෙතය. නොකඩවා මා එය වෙන්කෙරුවේRSPCA (ROYAL SOCIETY for the PREVENTION of CRUELTY to ANIMALS) ආයතනය වෙනුවෙනි. මෙවැනි ආයතන සිය දහස් ගනනක් ලෝකය පුරා ඇත.
        මෙහි සේවය කරන මා දන්නා කිහිප දෙනාගෙන් සියල්ලක්ම මාංශ බුදින්නන්ය. සත්ව හිංසනය සහ ආහාරය පිනිස සතුන් මැරීම සහමුලුන්ම වෙනස් කාරනා දෙකක් යැයි මම හිතමි. සතුන්ට ආදරය කරන ඒ වෙනුවෙන් කැපවෙන පුද්ගලයින් සිටියත් ඔවුන්ද මස් පිනිස සතුන් මැරීම එපා යැයි නොකියති.

        ගෙදර ටැංකියේ හදන ගෝල්ඩ් ෆිශ් ජෝඩුව තෙල දමා කෑමට නොගත්තත් හංදියේ මාළු ලෑල්ලෙන් ගන්නා හුරුල්ලෝ පන්සීය තෙලට දමා එක්වර බුදින්නේ හරකුන්ට මෙන් මාළුන්ට කකුල් නැති නිසා විය යුතුය.

        මා කලක් සේවය කලේ හෝටල් ක්ෂේත්‍රයට අදාලවය. සතුන් මස් කරේ නැත්නම් පිසින්නට මස් නැත. මෙය ප්‍රායෝගික තත්වයයි.Abattoir, Slaughter house, Hotels සහ අනිකුත් ක්ෂේත්‍රයින් හී මේ හා අදාල රැකියා කරනා සේවයකින් ලක්ෂ ගනනින් ලෝකය පුරා විසිරී සිටි.

        බෙල්ලට ලස්සන දම්වැලක් දමා පාක් වල වෝක් එක්ක යන්න පමනක් හරක් ඇති කරන දවසකට නම් ඉහතකී සේවකයන්ට ඔය හරක් වෝක් එක්ක ගෙන යාමේ රැකියා අවස්තා පහල වෙන තෙක් සමහරක්ට බලා සිටීමට සිදුවෙනු ඇත. නැත්නම් මුළු ලෝකයම හරක්ගෙන් පිරී ඉතීරී යන බව නූතනයේ වෙසෙන සමහරක්ට නොතේරීම වටහා ගත නොහැකිය.

        මේ ලින්ක් http://en.wikipedia.org/wiki/Category:Cuts_of_beef එකට ගියොත් මා කිව් ක්ෂේත්‍රයන්හී හරක් මස් කිරීමේදී ගන්නා different cuts දැක ගත හැක. මස් පිනිස ඇතිකරන ඕනෑම සතෙකුගේ තත්වය ඕකය. කට්ස් නැතුව මස් වෙන හෝ පොලවට දිරා යන සිරුරක් හිමි සමහරක් මෙය වටහා ගත යුතුය.

      • Pra Jay says:

        Aru & Mahasohon,
        අරූගේ සමහර අදහස් සමග එකග වෙමි. සතුන්ට මරණ්ය පිලිබදව හෑගීමක් නොමෑත. නමුත් බොහෝ සතුන්ට මිනිසුන් තරමටම වේදනාව දෑනේ. එනිසා ප්‍රමුඛත්වය දිය යුත්තේ සතුන් මෑරීම නෑතිකිරීමට වඩා සතුන්ගේ වේදනාව අවම කිරීමටය. (humane slaughter)
        Mahasohon ගේද අදහසට මම එකග වෙමි. මන්ද මම පුද්ගලිකව මිනිසෙකුට ඔහු ඈයකෑමති වන්නේ ඔහු /ඈය හොදයයි තේරුම් ගත් පසුවය නමුත් සතෙක් පිලිබන්දව මගේ පූර්වනිගමනය ඌ හොදය යන්නය
        Especially, when it comes to dogs, for me any dog is good unless it proves itself to be bad. With humans however, they have to prove that they are good for me to like them. Burden of proof is much greater for humans. I tend to help animal (vote-less, language-less) welfare groups more than human welfare groups.
        BTW, I eat meat but try to avoid beef in SL because of slaughtering methods. I have no problem eating beef in/ from a country with humane (not 100% painless but minimum pain) methods.

      • මා අවේගවත්ව දැක්වූ අදහසට ඔබට සිත් රිදීමක් ඇති වුයේ නම් කනගාටු වෙමි. කකා ටත් එසේමයි. මම පොරක් නොවෙමි. පොරක් වෙන්න කැමති නම් ඇනෝ එන්නේ නැත. මා කවරෙක්දැයි කිසිවෙකු විසින් දැනගන්නවාටවත් මා කැමති නැත. එම නිසා හදා ගන්නට ප්‍රතිරූපයක් , වඩා ගන්නට යාලු මිත්‍ර කන් මේ බ්ලොග් ලෝකයේ මට නැත. මාතෘකාවට ආවොත් …

        මිනිසුන් මස් කන්නට පටන් ගත්තේ පරිනාමයේ මුල් කාලයේ සිටය. කවුරු කෙසේ කිව්වත් මිනිසා මස් කන එක නතර කරන්නට කාටවත් කෙලෙසවත් බැරිය. ඔබට මා කිව් දෙහි අරුත තේරුම් ගත නොහැකිවී ඇති බව පෙනේ.

        මේ වාක්‍යය බලන්න :
        ජීවත්විය යුතු බොහෝමයක් මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති යුගයක, හරකුන් ගැන කතා කරන්නේ මොන හරකුන්ද?

        මේ ඉතාමත් මුග්ධ ප්‍රකාශයක් බව පෙන්නේ නැතිද ? නමුත් ඔබත් එයට හු මිටි තබන්නට යාම පිස්සුවකි.මෙය ගැන දීඝව කරුණු වීමට මට අවස්තාවක් දැනට නැත. එයට විරුද්ධ අදහස් ප්‍රකාශ කලෙමි.

        කෙටියෙන් කියනවා නං :
        1.ජිවත් වන සියලුම මිනිසුන්ගේ ජිවිත වලට වටිනාකම දී හමාර වූ පසුවද අප සතුන් ගැන හොයා බැලිය යුත්තේ ?
        2.සතුන් ගේ අයිතීන් , සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම මිනිසුන් හරක් ද(අපහාසත්මකව ) ?
        3.මාළු කමින් සතුන්ගේ (lets say in this case හරක් ) සුභසාධනය සම්බන්ධයෙන් යමක් කරන්නා කුහකයෙක්ද ? ඒ තැනැත්තා වෙත මුකුත්ම නොකරන තැනැත්තාට වඩා හොඳක් නැද්ද ?
        4.යමකුගේ සුභසාධක වෑයම මනින මිම්ම ඔහුගේ මාංශ අනුභවයද ?

        ඔබ කාර්ය බහුල විය හැක. පිළිතුරු අපේක්ෂා නොකරමි. යමක් සිතන්නට පමණක් ලියුවෙමි

        @ Pra Jay
        //සතුන්ට මරණ්ය පිලිබදව හෑගීමක් නොමෑත.//
        ඔබ සතෙක් වී මෙය අත්දැකද මේ ප්‍රකාශය කරේ ? කණුවේ බැඳ ඇති හරකෙකුගේ කඳුළු වැක්කෙරෙන දෙනෙතට එබී බලා තිබේද කිසි දිනක ?

      • @ මයි ඩියර් මහසොහොන් & ප්‍රා…..මචන්ස්ලා දිගට සාකච්ඡා කල යුතු මාතෘකාවක් වුනත් මම හොම්බෙන් යන තරමට බිසි. මම හැකි වෙලාවක මෙය සාකච්ඡා කරමි.

        මහ සොහොන් අපි බ්ලොග් තුලින් කතාකරන මිනිසුන් පමණක් නිසා හිත් රිදවීම් ඇති වේ යැයි නොසිතන්න. සයිබරය තුල මට මිතුරන් හෝ සතුරන් නැත. උඹේ අදහස් දැක්වීමට මම නැවත ස්තූතිවන්ත වෙමි.

  6. Senna says:

    >> මට ජෝන් වේයින්ට වඩා අපේ තාත්තා ගැන හොඳට මතකය. <<

    එහෙම වෙන්ඩ එපෑයෑ…

    අපේ පැත්තෙත් හිටියා ඔහොම පිං කියලා ගහපු ගොන්නු…

    මටත් තාත්තා ගැන ලොකූ හැඟීමක් තිබුනෙ නෑ මම තාත්තා කෙනෙක් වෙනකම්. යුතුකම් හරියට ඉ‍ටු නොවුනත් ඔහු අපේ තාත්තාය කියන සාධකය වෙනස් කරන්න බෑනේ..

    • මටත් සෙන්නා යම් යම් කටයුතු නිසා තාත්තා ගැන මහා බැඳීමක් තිබුනේ නැහැ. පස්සේ නිවිසැනසිල්ලේ හිතන කොට තමයි තේරෙන්නේ හැම කෙනෙක්ම සාර්ථකව යුතුකම් ඉෂ්ඨ කරන්නේ නැහැනේ කියලා. එහෙම නම් මේක යුක්තිගරුක ලෝකයක් වෙන්න එපැයි. අපි තාත්තා අතපසු කරපු දේවල් දැකපු නිසා වෙන්න ඇති අපේ දරුවන් වෙනුවෙන් වඩාත් වගකීම් සහිතව, වඩාත් බැඳීම් සහිතව වැඩ කටයුතු කරන්නේ. හැම තත්පරයක්ම ජීවිතයට පාඩමක් සෙන්නා.

      සෙන්නා ….අපි ඉස්සර පාරෙ ඉන්න පිං ගොන්නුන්ව බැඳන් ගිහින් පාරේ පයිප්පෙන් නාවනවා. ඉරිදා පොළෙ කපලා ඉතිරිවෙන කොස් වහලු ගෝනියක දාලා හංගලා පිං ගොනාට රැෂන් කරලා දෙන්නේ ඊළඟ ඉරිදා වෙනකම්. ඌ වෙලාවට ඔය තේ කඩේ එහා පැත්තට එනවා. අපි දැන් බොහෝ දේවල් වලින් දුරස් වෙලා.

  7. යකා says:

    තාත්තා ඔහුව තමන් විසින්ම හඳුනාගෙන තිබුණේ ඔහු නිවැරදි බවය. එය පට්ටපල් ආත්ම වංචාවකි. ඒ ඕනෑම කෙනෙක් වරද සඟවාගැනීමට කරන බොරුවය.//

    මේක නම් ඇත්ත තමයි.නිවැරදි කම කියන්නෙ සාපේක්ෂ දෙයක්

    • ඔව් යකෝ…..මට හරියි කියලා හිතෙන දේ තව කෙනෙකුට හරි නැති වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් හරියි කියන දේ තුල යම් ඇත්තක් තියෙන්න පුලුවන්.

      මම කියවපු පොතක මෙහෙම තිබුනා.
      “බොරුව කියන්නෙක් ඇත. එය කියන දෙයකි. ඇත්ත කියන්නෙක් නැත. එය කියැවෙන දෙයකි” (ජයතිස්ස කුමාරගේ…අසම්මත විචාරය )

  8. වෙනදා වගේම සිත ඇදීයන විස්තරයක්. පොඩියට හරි පොතක් ලියන්න තරම් මේවා වටිනවා. නරකද උත්සාහයක් දැරුවොත්.

    පිච්චර් පිස්සුව අද ඒ කාලේ තරම් නැහැ වගේ. ඇත්තටම මමත් හොඳ පිච්චර් පිස්සෙක්.

    අපේ තාත්තාත් හිට්ලර්ගේ නෑදෑයෙක්. කිව්වොත් කිව්වා තමයි.

    හටාරී මම බැලුවේ කෑගල්ලේ පරාක්‍රම හෝල් එකේ. 1966 දී විතර. (එය දැන් වසා ඇත) අනේ හෝල් වලට ගිය කලක්. උලව් ටෙලිවිෂන් මගුල නිසා. සිනමාහලක ලබන වින්දනය අද සමහරු දන්නෙවත් නැහැ.

    හටාරී ගැන විස්තරමෙතනින් බලන්න පුළුවන්.

    • ස්තූතියි විචාරක……හටාරි එකට ලින්ක් එකක් දාපු එක හරි වටිනවා. නොදන්න කෙනෙකුට ඒ ගැන කියවන්න පුළුවන්. ඒතන තියෙන පෝස්ටර් එක මට චිත්‍රපටිය මතක් කරවනවා. මමත් ඕක බලන්න යන කොට හරිම පොඩි එකෙක්. ශාලාවකට ගිහින් චිත්‍රපටියක්, නාට්‍යයක් බැලීමේ වෙනස මේ පරම්පරාවේ බොහෝ අය හඳුනගෙන නැහැ. එය එක්තරා සමාජීය බැඳීම් ඇති කරන්නක් බව කියලා දෙන්න ගෙදරත් කෙනෙක් නැහැ. සමාජයෙන් පාසලින් ඒ සඳහා යොමු කිරීමකුත් නැහැ. ඒ සමහරවිට කෙරෙන නිර්මාණවල ඇති අවර ගුණයන් නිසා වෙන්නත් පුළුවන්. මොන ක්‍රමයකින් හරි නැවත මිනිසුන්ව ශාලා වලට ගෙන්න ගන්න පුළුවන් නම්, තව ටික කාලයකට හෝ සිනමා කර්මාන්තය රැඳී තියේවි. ඇමතිලා ලේකම්ලා චිත්‍රපටි බලන්නෙත් ගෙවල්වලට වෙලා වෙන්න ඇති.

      අපි තවමත් ඉඳලා හිටලා හෝ ශාලාවකට ගිහින් ෆිල්ම් එකක් බලනවා. ඒක ටිකක් වියදම් වැඩක්. ඒත් විය යුතු දෙයක්..

      මම දන්න අපේ කට්ටිය ඉන්නවා මේ රටේ , ශාලාවකට ගිහින් ෆිල්ම් එකක් බලලා නැහැ පවුල එකතුවෙලා. හැබැයි යන්න තියෙන හැම ලෑන්ඩ් එකකට හැම පාක් එකකටම ගිහින් තියෙනවා.

      • Anonymous says:

        දැන් ඕන තරම් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න තියෙන එකත් හෝල් හිස් වෙන්න එක හේතුවක්.

        එහෙම නැති උනත් රිදී තිරයේ තියන මැජික් එක අන්තිමට තේරුනේ මම හිතන්නෙ generation x උන්ට. දැන් පොඩි උන් ෆිල්ම් බලන්න ආවත් එක්කො එන්නෙ කෙල්ලෙක් එක්ක ෆිල්ම් හදන්න, නැත්නම් දහ දෙනෙක් විතර එකතු වෙලා චැට් කර කර sms යව යව පොප් කෝන් වලින් සෙල්ලම් කර කර හෝල් එක ඇතුලෙ සෝෂලයිස් වෙන්න. හෝල් එකේ අවධානය තමන්ට යොමු වෙන එක සමහර අයගෙ සතුටක් වගේ සමහර විට පේන්නෙ.

      • @ ANO…..////දැන් ඕන තරම් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න තියෙන එකත් හෝල් හිස් වෙන්න එක හේතුවක්.///
        මේක එක් ප්‍රධාන සාධකයක් කියා මටත් හිතෙනවා. නමුත් ඉංදියානු සිනමා ව්‍යාපාරයටත් මෙය එසේම බලපානවාද කියලා හිතපුවාම වෙනස් චිත්‍රයක් මැවෙන්නේ. ඇයි ඒ?

        /////එහෙම නැති උනත් රිදී තිරයේ තියන මැජික් එක අන්තිමට තේරුනේ මම හිතන්නෙ generation x උන්ට. දැන් පොඩි උන් ෆිල්ම් බලන්න ආවත් එක්කො එන්නෙ කෙල්ලෙක් එක්ක ෆිල්ම් හදන්න, නැත්නම් දහ දෙනෙක් විතර එකතු වෙලා චැට් කර කර sms යව යව පොප් කෝන් වලින් සෙල්ලම් කර කර හෝල් එක ඇතුලෙ සෝෂලයිස් වෙන්න. හෝල් එකේ අවධානය තමන්ට යොමු වෙන එක සමහර අයගෙ සතුටක් වගේ සමහර විට පේන්නෙ.////////

        මෙන්න මේ ඛේදවාචකය නම් මේ රටෙත් මම සමහර අවස්තාවල දැකලා තියෙනවා. කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් හදන්න එන වැඩේනම් නොවෙන තරම්. මොකද ඒ සඳහා වූ නිදහස ඇති තරම් වෙන ස්ථානවල තියෙනවා. නමුත් තමන් ඇවිත් තියෙන කාරනය අමතක කරලා පිස්සු නටන එවුන් නම් ඉන්නවා. මේකට හේතුව සිනමාශාලාව මේ පරම්පරාවට ආගන්තුක ස්වරූපයක් ගන්නා නිසාදෝ කියා හිතෙනවා. ගෙයි ආලින්දයේ සිට චිත්‍රපට නැරඹීමේ විලාසිතාව ශාලාව තුලට ගෙන ඒම තමයි වෙන්නේ. එතනදි තමයි උඹ කියන ජෙනරේශන් එක්ස් කතාව හරියටම හරියන්නේ. මොකද ඒ අයට ආලින්දයේ සිට ෆිල්ම්ස් බැලීමේ හුරුවක් නොතිබූ නිසා.

  9. මුලින්ම සුභ නව වසරක් පැතුවා ඕන්!!

    ලැපට ආයෙනම් පොවන්න එපා අරූ අයියෙ.

    මිනිස් ජීවීතයක වටිනාකමක් නොදන්න සම’හරක්’ තමන්ගෙ වරිගයාගෙ පැවත්ම වෙනුවෙන් හරක් වන්දනාවෙ යෙදෙන එක පුදුමයක් නෙමේනෙ අරූ අයියෙ.

    අපිත් ඉස්සර හෝල් වල ෆිල්ම් බලන්න යන්න ආසම විවේක කාලෙදි හම්බවෙන අයිස් චෝක් එක නිසා තමා.

    • ප්‍රියාලාටත් සුබ නව වසරක් වේවා!!!

      මිනීමරුවෝ හරක්ට අභයදානය දෙනවා. අල්ලපු ගෙදර වහල තෙමෙනවා, පොල් අතු විස්සක් අරන් දෙන්න කෙනෙක් නැහැ..හරක්ට මඩු ගහනවා. මේවා කරන්න ඕන වැඩ තමයි. නමුත් ඒවා හැම එකකම සැඟවුණු න්‍යායපත්‍ර තියෙනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකට ලකුණු එකතු කරනවා. කළා කාරයොත් එකයි, නළා කාරයොත් එකයි.

      තාම ෆිල්ම් හෝල්ස්වල අයිස් චොක්, කජු පැකට් විකුණන්න සීට්ස් ගාවට එනවාද?

      • ඔව් අරූ අයියෙ, හැබැයි අන්තිම ෆිල්ම් එක බලලත් දැන් අවුරුදු දෙකාමාරක් විතර වෙනවා. එතකොටත් ආවා අර තට්ටුවෙ තියාගෙන එන අංකල්.

        හැබැයි ඒ කඩවත නිකාඩෝ එක. කොළඹ ඒවා නම් දැන් කොහොමද දන්නෑ අයියෙ.

  10. nirmala says:

    //නමුත් රාජ්‍ය සේවකයකු තියා කිසිම මිනිසෙකු ගස් බැඳීම බල්ලන්ටත් නොවටිනා තිරිසන් ක්‍රියාවකි. මුන් ඇමතිවරුය!!! //
    ඇයි ඒ පමණක්ද?
    ඔවුන් ආචාර්ය්‍යවරුය,
    සමහර පංසල්වල අග්‍ර දායකයන්ය.
    එල් ටී ටී අවි ළඟ තමාගත් ප්‍රබුද්ධ ඈයෝ ය.
    ප්‍රකට සුදු වෑන් සංස්කෘතියේ සක්‍රීය සුදු කරපටි කාරයෝ ය.
    ශාසනය වෙනුවෙන් ගරු උපසර්ග නාමයන්ගෙන් පිඳුම් ලැබූවන්ය.
    දෑත් ශක්තිමත් කරන රටක/දැයක ජාතියේ ආශ්චර්යමත් පෙරගමන්කරුවන් ය.
    ….
    ****
    පියකුවූ පසු, මවක වූ පසු ඔවුන්ට තමන්ගේ දේමාපියන් ගැන නැවත කියා දේ. සත්තකින්ම.

    • මම නොකියපු දේවල් ඔක්කොම නිර්මලා කියලා තියෙන්නේ. අපිමනේ මේ හාල්පාරුවන්ව පත්කරන්නේ. මිනිස්සු නිර්වින්දනය වෙලා ඉන්නේ පරම්පරා දෙකකට නැගිටින්න බැරිවෙන්න.
      මම ලඟදි දැක්කා ටිල්වින් සිල්වා කියනවා….කුඩු සිල්ලරට ඕන නම් පොලිසියට යන්න….තොග ගානට ඕනනම් අගමැති කාර්යාලයට යන්න කියලා. මිනිස්සු මේවා ගැඹුරින් හිතන්න ඕන.

      //පියකුවූ පසු, මවක වූ පසු ඔවුන්ට තමන්ගේ දේමාපියන් ගැන නැවත කියා දේ. සත්තකින්ම.////
      එහෙමවත් වෙලා නැවත නොසිතන අයත් ඉන්නවා..ඒ නම් කාපු පතේ පහරන අය.

  11. deshakaya says:

    දැං මට කියහං ඔය ලැප හදන්න බැරිය කිව් එකා කව්ද කියලා..හැක්.. බොට සුනවවේ!!.. මේ වගේම රසයක් ගේන්න ශක්තිය ලැබේවා…

    • දේශා…….මම බැලුවා මොකක්ද මේ “සුනවවේ” කියන හරුපේ කියලා. පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් එකෙත් තිබුනා. අහන්නත් හදලා ඔන්න ඔහේ අතහැරලා දැම්මා. පස්සේ තමයි තේරුනේ.

      මගේ වයිෆ්ගේ යාළුවෙක් හිටියා අසුන්තා කියලා. හස්බන්ඩ්ගේ නම් මරියෝ. ඌ කාර් රේස් පැද්දා… පිස්සු බුවා. අසුන්තාට බර්ත්ඩේ එකට කාඩ් එකක් එවලා මෙහෙම. අසුන්තාට ටික වෙලාවක් ගියාලු මේක තේරුම් ගන්න. පස්සේ යකා නැගලා. මොකාක්ද මේ කියන්නේ බලපන්.
      To Darling Asuntha…..From E.L.Mario….

      • deshakaya says:

        එවර් ලවින්… හැක්..

        ඔය මොන මරියෝද බං රෙඩ්බුල් ටීම් එකේ ගිය මරියෝද??

      • දේශා…..මාරියෝ ඩයස්…..මගේ වයස වගේ. දැන් රේස් පදිනවාද දන්නේ නැහැ. හැබැයි දැනටත් මෝටර් රේසින්ග් ෆීල්ඩ් එකේ ඉන්න බව දන්නවා.

  12. sudeeka says:

    මේ කියන රත්නසිරි මම දන්නා කෙනාමද දන්නේ නෑ. මිනිහා 90% විතරම විල්සන් කරු වගේ. දෙල්කඳ පොළ ගාව හෝටලයක් කරේ. දන්නා විදියටනම් මිනිහා නැති වුණා හාට් ඇටෑක් එකකින්.

    • සුදීක……බොහොම ස්තූතියි මේ කමෙන්ට් එකට. ඒවගේම හරිම කණගාටුයි රත්නසිරිගේ අභාවය ගැන. මම මේ වගක් දැණගෙන හිටියේ නැහැ.
      එයා තමයි මම කියන රත්නේ. මම රත්නේ, විල්සන් කරු වුනේ කොහොමද කියලා ඊලඟ පෝස්ට් එකේ ලියන්න හිටියේ..මම මේක කොහොමද රත්නෙට කියවන්න සලස්වන්නේ කියලා කල්පනා කර කරත් හිටියා..මොකද කිසිම සම්බන්ධයක් නොතිබුන නිසා. Now it is too late. He is gone. මේක තමයි ජීවිතය කියන්නේ.

      ඒ කඩේ ඉස්සරහ තමයි අපේ මහ ගේ..ඊට එහා පැත්තේ ලොකු අම්මා…අනිත් පැත්තේ නැන්දලා…වටපිටාවම යාළුවෝ..දැන් පරණ කට්ටිය ඉන්නේ දෙතුන් ගොල්ලක් විතරයි.

  13. සිරා says:

    සුබ 2014 වසරක් වේවා මාමෙ…මේ වසරෙත් බොහොම වටිනා කියන රසවත් ලිපි වැඩි වැඩියෙන් ලියාවි කියා සිතනවා…

  14. Ravi says:

    ඒයි මල්ලි..උඹ ආරම්බ කරපන් මරණයට නිමවූ ගවයින් නිදහස් කිරීමේ ව්‍යාපෘතියක් ඔහෙ ඔය ඉන්න ලාංකිකයොත් සංවිදානය කරල..කොහොමද මගෙ අයිඩියා එක?

    MERIT – ARU කියල හණ ගහපං..ඕනනම් උඹේ ටෙලිෆෝන් නොම්මරෙත් යටිං ගහල නිදහස් කරල යවපං…කොහොමද බකිංහැම් මාළිගාවෙ වත්තට පැනල ඌ තණකොළ කකා ඉන්නකොට රැජිනි දැකල විස්තර අහල මේන්න මෙහෙම අරූගෙ සත්ව අවිහිංසා ප්‍රොජෙක්ට් එකක්ය කියල දැනගෙන බොට ඇම්.බී. ඊ. නම්බුනාමයක් ප්‍රදානය කලොත් එහෙම…….නයිට් නාමයක් උනත් කියන්ට බෑ. හෙහ්, හෙහ්, ශ්‍රීමත් අරුණ නෙරන්ජන් පෙරේරා…Rise Sir Aruna …. 😀

    • තාමත් හරකාගේ පිටේ ලියනවද එහෙම?

      • @රංගි…..ඉස්සර නම් හරකගේ බඩ දෙපැත්තේ තමයි හංවඩු ගැහුවේ. දැන්නම් ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් ප්‍රින්ටින්ග් වගේ ඒවා ඇති නේද? 😀

      • Ravi says:

        @ ඒ.බී. බබාස්,

        හණ ගහනව බොල තාම ..මොකද නැතුව?….මගෙ හැම උපන් දිනේකටම මම කලේ හරකෙක් නිදහස් කරන එක. ඒ කරල Ravi කියල උගෙ හණ ගහල පිනට අරිනව. උඹ ඔය කෝච්චියෙ එහෙම නුවර යනෝ නං පේරදෙණිය ඉට්ටේසම ඉස්සරහ ලැගල වමාරා කකා ඉන්න හරක්ගෙ හණේ හොඳට බලාපං …හෙහ්, හෙහ්,මගෙ නම ඇති ඔන්න..සීයට අනූවකගෙ… 🙂

        ඒත් බොලේ උඹට නං කවදාවත් හරකෙක් නිදහස් කරල උඹේ නම ගහන්ට වෙන්නෙ නෑ. උඹේ බඩවැල වගෙ දිගට තියෙන නමෙං බාගයක් ගහනකොට හරක මැරිල යයි එකත් එකටම වේදනාවටම.හැබැයි මෙහෙම දෙයෙක් නම් කලෑකි. කොහොමද? එක පාර හරක් දෙනෙක් නිදහස් කොරාපං ඒ කරල එක හරකෙක්ගෙ නමෙං බාගයක් ගහනව..අනිකගෙ ඉතුරු බාගෙ 😀

      • මාත් පුදුම වුනේ ඒකයි. දැන් සත්තුන්ගේ ඇඟේ ලියන්නේ නෑ. ලංකාවේ කොහොමද මන්දා. ඒත් ගොවිපලවල් වල හෙම නම් මම හිතන්නේ පිළිගත් ස්ම්ප්‍රධායක ක්‍රමය වෙන කණේ කහා පාට අංකයක් ඔබන එකනේ කරන්නේ.

    • රවියෝ…..අනේ මම දන්නේ නැහැ උඹට මේ අය්ඩියාස් කොහොම ඔළුවට එනවාද කියලා. මට මැවිලා පේනවා අරූ කියලා ගහපු හරකෙක් (මගේ ටෙලිෆෝන් නොම්බරෙත් එක්ක )බකිංහැම් පැලස් එකේ තණකොළ කනවා. පස්සේ මම ෆුල් සූට් ඇඳගෙන හරකව ලණුවක බැඳගෙන මාළිගාව ඇතුළේ රැජින ඉස්සරහ හිටගෙන ඉන්නවා. රැජින මගෙයි හරකගෙයි දෙන්නගෙම ඔලුවලට කඩුව තියලා නයිට් නාමය දෙනවා. පස්සේ මායි හරකයි රැජිනයි වාඩිවෙලා ඩිනර් ගන්නවා. යකෝ කොමඩි ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ. හරකෙක් නිසා සර් නම්බු නාමය ලැබූ ශ්‍රීලාංකිකයාට අපේ ආචාරය කියලා බැනර් ගහලා, මායි හරකයි කටුනායකින් එයාපෝට් එකෙන් බහිනවා..මහින්ද මහත්තයා මට මල්මාලයකුයි, හරකට තණකොළ මිටියකුයි අරන් එනවා. ලොක්කට වැරදිලා හරකට මල්මාලේ දාලා, මට තණකොළ මිටිය දෙනවා…..

    • රාජ් says:

      රවී අයියා,
      දැං හන ගහන්නෙ නෑ බොල. කනට ටැග් එකක් දානව විතරයි. ඕන නං අරූට පුළුවන් මෙහෙම,
      වම් කනේ: අරුණ නෙරන්ජන් පෙරේරා
      දකුණු කනේ: https://arugeadaviya.wordpress.com
      නවීන යුගේ නෙව.

  15. මුලින්ම නිරංජන් අයියට සුභම සුභ නව වසරක් පතනවා!
    උඹේ කථාව මගේම කථාව බැව් දැන් දැන්නම් මට හොඳටම වැටහී හමාරය. මට උඹ තරම් සමාජයට විවෘත වීමට අපේ අම්මා මට ඉඩ නොදුන්නත් උඹ කල කී දෑ ඔය ලෙසටම කලෙමි. උඹේ විනෝදාංශ මගේ විනෝදංශම විය.
    මමත් ඉදිරියේදි මට තිබූ චිත්‍රපට උණ ගැන පෝස්ටුවක් ලියන්නට සිතා සිටිමි .
    උඹට ජය සහෝදරයා!!!

    • චන්දන….නුඹලා සියළු දෙනාටත් සුබ නව වසරක් පතමි.

      මම හිතන්නේ චන්දන එක්තරා යුගයකදි හැමෝටම තියෙන්න ඇත්තේ මට වගේ සීමිත පොදු විනෝදාංශ කිහිපයක් වෙන්න ඇති. උඹෙත් පිචැර් පිස්සුව ගැන ලියපන්..මමත් ඔය මොකක් හරි ඊළඟ පෝස්ට් එකේ ලියන්නම්. මම සුමානයක් විතර බ්ලොග්ස් කියෙව්වේ නැහැ..මේ ලැප්ටොප් හුටපටේ නිසා.

  16. අරූගේ ලැප් රාජයා ගොඩ ආව එක ගැන අපරිමිත සතුට.
    කාලවල වෙනස නේද?
    නගර සභාවෙන් නේද දැන් නම් පොළ ශුද්ධ කරන්නේ? අනික ඉස්සර මිනිස්සු දැනට වඩා කලාව එක්ක සම්බන්ද ඇති මටත් මතකයි ගමක වෙලත් අපි පොඩි කාලේ එක එක සැණකෙළි වලට, ෆිල්ම් වලට අපි ඔක්කොමලාවත් එක්ක ගෙන අපේ අම්මයි අප්පච්චියිත් යනවා. අතින් උස්සගෙන. පුදුම දුකක් විඳින්න ඇති. දන් කාලේ වගේ අපිට කොහෙන්ද බේබි කාට්. දැන් නම් ළමෙක් එක්ක ෆිල්ම් බලන්න යන අය නෑ මම හිතන්නේ. එක්කො ළමයි බේබිසිටර් එක්ක ගෙදර දාලා අම්මයි තාත්තයි යයි. නැත්නම් පිරිමි කෙනා විතරක් යයිනේ නේද?

    • රංගි බොහොම ස්තූතියි!
      ඉස්සරත් පොළ අතුගාලා ගොඩගැහුවාම නගර සභාවෙන් සඳුදා උදේම ඇවිත් කුණු ටික අරන් යනවා. ඒ වෙනකොට සත්තුන්ට හැකි ප්‍රමාණය උන් කාලා ඉවරයි. හැබැයි ගඳ ගහනකම් ගොඩ ගහලා තිබුනේ නැහැ. ක්‍රමවත්ව සිද්ධ වුනා.

      කලා කටයුතුවලදි පවුල් පිටින් සහභාගීවීම තවමත් ගම්වල යම් දුරකට හෝ සිද්ධවෙන බව ඇහෙනවා. එහෙම නරඹලා ඇවිත් දවස් ගනනක් යනකම් ඒ ගැන ගෙදර අයයි, වටපිට අයයි සාකච්ඡා කරනවා. ඔන්න ඔය සංවාදය බිඳවැටෙන තැන ඉඳලා තමයි, පුද්ගලයින් තනියෙන් දේවල් විඳින්න ගන්නේ. ඉස්සර අපේ ගෙදරත් කට්ටිය එකට පවුල් පිටින් සිනමා ශාලාවල්වලට ගිහින් ඇත්තේ ඉතාම අල්පව. ඒ ආර්ථික ගැටළු නිසා වෙන්න ඇති.

  17. helapayaa says:

    උඹගෙ ලැප ගොඩ දාගත්ත එක ගැන මගේ සතුට.ඒ කාලෙ තිබ්බ චිත්‍රපටි පිස්සුව නං එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි බං.චිත්‍රපටිය දැම්ම පළවෙනි දවසෙම බලන්න තමයි පුල් ට්‍රයි එක දෙන්නෙ,හැබැයි ගැලරි.

    • හැලපේ….අම්මාගේ අභාවය ගැන අපේ සාතිශය සංවේගය.

      මමත් ෆිල්ම් එකේ පළවෙනි දවසේ පළවෙනි ශෝ එක කිහිප වතාවක් බලලා තියෙනවා. ඒකට පුදුම සෙනගක් එන්නේ. අපි පස්සේ කතාකරමු හැලපේ.

  18. Anonymous says:

    ආපහු අවුල් වෙන්න පෙර චාරිකාවත් එක්ක එකතු වෙන්න ලැබුණ එක ගොඩාක් සතුටුයි. වැඩි වෙනසක් නෑ අපෙත්. එන එන හැම film එකම වගේ බාගෙන බලනවා

    • උඹ යක්දෙස්සාගේ අඩවිය නේද? හොඳ චිත්‍රපටි තෝරා බේරගෙන බලන එකනම් හොඳ වැඩක්. මට අන්තිමට නෙට් එකේ බලන්න හම්බ්වුනේ නිකිනි වැස්ස. ඒ මොනවා වුනත් මම තාම කැමතියි හෝල් එකකට ගිහින් චිත්‍රපටියක් බලන්න. විශේෂයෙන් ලංකාවේ.

  19. Black Puma says:

    දිගට නැති උණත් පොඩියට හරි ආපහු දාන්න ලැප් එක හදාගන්න ලැබුණ එක වටිනවා ගොඩාක්.

    • පූමා…..දැන් ඉතින් හෙමින් හෙමින් ලියන්න පුලුවන්. බ්ලොග්ස් කියවන්න බැරිව ගොඩගැහිලා තියෙන්නේ. හෙමින් හෙමින් ඔය පැත්තට ලඟාවෙමින් පවතිනවා.

  20. සමී says:

    පොලේ කතාව නම් අපේ ගමේ පොලෙත් අපි තාමත් අත්දකිනවා 🙂

    පොඩි පොඩි ව්‍යාකරණ දෝශ නම් තිබුනා .. ඒව ලොකු සැලකිල්ලක් දැක්විය යුතු ඒව නම් නෙමේ..
    //මේ වන්දනා ගමනේ අපි වැරදි නිවැරදි යන ස්ථාන දෙකෙහිදීම වැරදිකරුවෝය//
    මේ එකක් ..

    • ශමී…..දෝෂ පෙන්වාදීම ගැන ස්තූතියි.

      මම කියන ජාතියේ ග්‍රාමිය පොළවල් තව දුරටත් තියෙන එක ගැන සියුම් සතුටක් තියෙනවා. ඒ වෙළඳ හුවමාරුව අපිට හරිම සමීපයි. දෙල්කඳ පොළ නම් දැන් තදබල වෙනස්කම් වලට භාජනය වෙලා ඇති කියලා හිතෙනවා.

  21. Dinesh Umagiliya says:

    ලැප් එක ගොඩ දාන් ආයෙම ලියන එක ගැන සතුටුයි.. පිචෑර් පිස්සුව නම් අපිටත් තියෙනවා.. වෙනස ඉතින් හෝල් වලට නොයෑම තමයි..

    • දිනේශ්…..කොහොමද ඔපරේශන් එකේ වැඩ කටයුතු?

      මම සති දෙකකින් විතර බ්ලොග් කියෙව්වේ නැහැ. දැන් තමයි පටන්ගන්නේ.

      දිනේශ්…ඉඳලා හිටලා පොප්කෝන් බකට් එකකුත් අරන් හෝල් එකකටත් ගිහිල්ලා ෆිල්ම් එකක් බලපන්.

  22. අරූගේ මේ කතා පෙල හරිම ලස්සනයි. අර තාත්තා එක්ක ෆිල්ම් එකක් බලන්ට ගිය හැටි හරිම අපූරුයි.
    //මම ඒ යුගයේ පිචෑර් සහ මියුසික් ගැන ටික දිනකින් ලියන්නෙමි.//
    ඒවා කියවීමට ආසාවෙන් බලා ඉන්නෙමි. 🙂

    • ස්තූතියි පොඩ්ඩි….ඒ අතීත සුවඳ තාම ලාවට හරි දැණෙනවා. මට කණගාටු මේවාගේ ඇති හොඳ දේවල් වර්තමාන පරපුර තමන්ගේ ජීවිතවලට සමීප කරගන්නේ නැත්තේ ඇයි කියලා. අපි දුවට හැකි හැම වේලාවකම මේ දේවල් කියනවා. ජීවිතයම ඉංග්‍රීසියෙන් ඉගෙනගත්තත් එයාට සිංහල සංගීතය, සිනමාව ගැන යම්කිසි අවබෝධයක් තිබීම අපිට හරි සතුටක්. ඉන්ද්‍රචාපලා, කසුන්ලා, නදීකලා හොඳ සිංදුවක් එහෙම කරපුවාම මට කෝල් කරලා කියනවා අහලා බලන්න කියලා.

      මගේ යුගයෙ පිචැර්, සංගීත ෂෝ ගැන මම ලියන්නම්.

  23. තිසර says:

    ප්‍රසිද්ධ වාද බයිල ප්‍රසංග නම් දැන් පැවැත්වෙන්නේම නෑ නේද? ඉඳලා හිටලා ටීවී වැඩසටහන් නම් තියනවා.

    මේ කතාවේ සමස්ත ගලායාමත් එක්ක අර මැතක සිදුවීම් වන හරක් සිදුවීම සහ ගස් බැඳීමේ සිදුවීම නොගැලපෙන ස්වභාවයක් ‘මට’ දැනෙනවා.

    • තිසර says:

      ඒක නෙමේ.. අරුට සුභ නව වසරක්….

    • ///මේ කතාවේ සමස්ත ගලායාමත් එක්ක අර මැතක සිදුවීම් වන හරක් සිදුවීම සහ ගස් බැඳීමේ සිදුවීම නොගැලපෙන ස්වභාවයක් ‘මට’ දැනෙනවා.///

      තිසර, මේ කතාව ලියාගෙන යනකොට දෙතුන් වතාවක් ඕක වුනා. තිසර මට ඒවා පෙන්නලා දීලා තියෙනවා. මේ දේ වෙන්නේ මම කලබල සහ කැලඹිලි මානසිකත්වයෙන් ලියන්න ගියාම බව මට දැන් තේරිලා තියෙනවා. අනිත් බ්ලොග්ස් කියවලා ඉවර කරගන්න බැරිවුනාමත් ඔය ගතිය එනවා. එතකොට මට ලියවෙන්නේ වෙන දේවල්. නිකම් මගේ භාෂාවෙන් කිව්වොත් චිකන් කොර්මා එකක් හදන්න හිතලා මස් කපාගන්නවා. අයියෝ අද වෙලා මදි ඕකට කියලා…ඒක ලේසියෙන් හදන්න පුළුවන් ඩෙවල් චිකන් එකක් කරනවා. මගදි වෙනස් කරන කොට තමයි තිසර කියන ඔය දේ වෙන්නේ. මොකද කොර්මා එකට අවශ්‍ය ස්ටයිල් එකට නෙමෙයි ඩෙවල් එකකට මස් කපන්න ඕන. මට තේරුනා තිසර.

      වාද බයිලා ගැන නම් මට මතක දේවල් ලියන්නම ඕන.

  24. රාජ් says:

    මෙහේ හරක් තාමත් පොල සුද්ධ කරනව. හිටපං පොටෝවක් ගහල උඹට එවන්නං පුවවන් උනොත්.

    • රාජ්…..තාමත් ගවයින්ට නිදහසේ අයාලේ යන්න උඹ ඉන්න පලාතේ අවසර තියෙනවාද? මම හරිම කැමතියි බං මේ කලබලකාරී ජීවිත රටාවෙන් මිදිලා නිදහස් සරල ජීවිතයක් ගෙනියන්න. තාමත් වගකීම් වලින් නිදහස් වෙන්න බැරුවනේ ඉන්නේ. 2014 අන්තිම වෙනකොටවත් ????

      ෆොටෝ ටිකක් ගහලා එවපන්..මෙහේ හරකෙක් දකින්න ඉතින් ෆාම් එකකටම යන්න ඕන. උනුත් අපේ එවුන් වගේ නෙමේ බං හරි මෝඩ පාටයි. හැබැයි හෙන පොෂ්. මොන පොශ් වුනත් අවසානය කොක්ක තමයි.

  25. Anonymous says:

    දැන් චිත්‍රපටි වල 9.30 නැහැ නේ අන්තිම 7.00
    “තාත්තා”කියන්නේ හරිම අපුරු චරිතයක්.කොහොමත් තාත්තා කියන්නේ මොකක්ද කියන එක දැනගන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕනේ.
    මනෝ.

    • @Mano නිමස්……9.30 ෂෝස් නැවැත්තුවේ 1983න් හෝ 1989න් පස්සේ වගේ මට මතක. ඉස්සර ෆිල්ම්ස් දිග නිසා වැඩේ ඉවරවෙන්නේ රෑ 12.00 පහුවෙලා. පොලිසියෙන් ඇහුවොත් පෙන්නන්න ටිකට් එකේ ඉතුරු බාගේ තියෙන්න ඕන. රසකතා තියෙනවා. මම ලියන්නම්.

      මනෝ…..තමන්ට සුදුසුම සහ තමන්ට වඩාත් කායිකව සහ මානසිකව ලංවිය හැකි කෙනා හමුවූ දවසට බැඳගෙන තාත්තා කෙනෙක් වෙන්න. මොකද දරුවා මගේ …නෑ මගේ කිය කිය බෙදාගන්න උසාවි යන්න වෙන කසාදත් තියනවානේ. විවාහය ගැන මට තියෙන්නේ වෙනස් නිදහස් මතවාදයක්. ඒකත් වෙලාවක අපි කතාකරමු.

  26. අරූ අයියාට සුබ නව වසරක් වේවා.. ඔයා මහන්සිවෙන්න එපා මම හරකෙක් අරන් ඔයාගේ නම ගහලා යවන්නම් රැජිනට …”හෝ හෝ රැජිනට යවනවා කේක් එක ..”

    • පවුලිස් උඹටත් සුබ නව වසරක්!!!
      //// ඔයා මහන්සිවෙන්න එපා මම හරකෙක් අරන් ඔයාගේ නම ගහලා යවන්නම් රැජිනට ///////
      එහෙම එපා. රැජිනට අපි ලංකාවට එන්න කියමු හරකා බලන්න. චොගම් නායිකාවට මොකද බැරි චොගම් සභාපති බලන්න එන්න.

      • එකනම් සර වැඩියි වගේ……හොඳ වෙලාවට සුදු වැන් එවන්න බෑ…සුදු ප්ලේන් ඒවිද දන්නේ නෑ

      • මම කිව්වේ පින් ගොනා ගැන. ඒකටත් සුදු වෑන් එවන සිරිතක් තියෙනවාද බං? අපි නිදහස් කරපු අපේ පින් ගොනා ගැන අපි කතා කරන්නේ නැතුව කවුරු කතා කරන්නද පවුලිස්.

  27. Thushani says:

    මගෙනුත් නව වසරට සුබ පැතුම්…

    කොහොමත් තාත්තලගේ ආදරේ අම්මලගේ ආදරේට වඩා ගැඹුරුයි… ඒකයි තෙරුම් ගන්න ටිකක් අමාරු..

    • ස්තූතියි තුශානි……..තාත්තලා හරි වෙනස් තමයි. සමහර වෙලාවට ඒගොල්ලන්ව වැඩිය හඳුනාගන්නවටත් කැමති නැහැ වගේ. පෞද්ගලිකත්වයට ගරු කරනවා. හැම දේකටම ඇඟිලි ගහන්න එන්නේ නැහැ.

  28. මගේ ලැප්ටොප් එක උඹේ එක තරම් වාසනාවන්ත වුනේ නෑ මචං. මට අමාරුවෙන් හරි වෙන එකක් ගන්න සිද්ද වුනා.

    ඒක නෙවෙයි. අර තාත්තා ගැන කියලා තියෙන තැන පාවිච්චි කරපු ‘ස්වයං වින්දනය’ වෙනුවට ‘ආත්ම තෘප්තිය’ වගේ එකක් පාවිච්චි කලොත් නරකද?

    • ඩූඩ්……..ඔන්න බලපන් දක්ෂ ගුරුවරුන්ගේ හැටි. ඒක තමයි හරි යෙදුම. මම එවෙලෙම වෙනස් කලා. ස්තූතියි උඹට.

      නිවාඩු ගිහින් බරපතල ලෙස වියදම් වෙන්න ඇතිනේද? ඒ උඩට අළුත් ලැප්ටොප් එකකටත් වියදම් වුනා කියන්නේ. මට හිතා ගන්න පුළුවන්. කොච්චර රට හිටියත් …නිවාඩුවකින් පස්සේ අමුතුවෙන්ම පටන්ගන්න වෙනවා අය වැය චක්කරේ.

  29. Anonymous says:

    Aru this is so dissappointing. We are waiting for your story but you do not keep a regular pace.

    • සමාවෙයන් ඇනෝ….මගේ ඩේලි රූටින්ග් එක සම්පූර්නයෙන්ම වෙනස්වුනා මේ කලබල කරදර එක්ක. හෙට අනිද්දා වෙනකොට බැක් ටු නෝර්මල් වෙයි. උඹේ කමෙන්ට් එක මට හරිම අගෙයි.

  30. Pra Jay says:

    Hatari වල වෑඩියම මතක හිටියෙ Rhino Land Rover එකට අනින එක

    • ප්‍රාජේ…..අර විචාරක දීපු විකිපිඩියා ලින්ක් එකේ තිබුන හටාරි පෝස්ටර් එක දැක්කාම මට ඔය රයිනෝ සීන් එක තමයි එකපාරටම ක්ලික් වුනේ.

  31. ශානු says:

    අරූටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

  32. Pingback: Closure | විනිවිද

  33. Anonymous says:

    MOHOMAD ANABI LOKETA ITHURU KARA GIYE OCHCHARI.. SADAKALIKA GINNAK AWULALAWALA GIYE LOKE

  34. විජේරාමට වඩා හොඳ වස්සෝ ගොන්නු දුසිම් ගණන් හොයා ගන්ට බැරුවය දිය වන්නාව පැත්තට ගියහම … අනික අපි පින් තකා මුන්ව නඩත්තු කරන හැටි දැක්කහම හිත කුල්මත් වෙලා යනවා 😀

Leave a reply to aruge adaviya Cancel reply