අවුල් වන්නට පෙර (25)….වාද බයිලා…

මම ඒ වෙනවට විටත් දෙල්කඳ ගංගොඩවිල ලොකු අම්මාගේ නිවසේ පදිංචිව සිටියෙමි. රාජකීය විදුහලට ඇතුල්වු දින සිට වසර 4-5ක් ඇතුළත මගේ හයවැනි නවාතැන් පොළ එතැනය. මට හත්වැනි නවාතැනටත් යන්නට සිදුවන බව කණින් කොනින් ඇසේ. මගේ රස්තියාදුකාර ජීවිතය එයට වග කිව යුතුය. ලොකු අම්මාත් ආච්චීත් මට පණ මෙන් ආදරයේය. මේ තීරණය ගන්නට යන්නේ ඒ නිසාය. සාකච්ඡා මූලික අවදියේය.

මහාචාර්ය්‍ය සුනිල් ආරියරත්නයන් වටිනා ශාස්ත්‍රීය කරුණු ඇතුළත් කර බයිලා කලාව ගැන පුස්තකයක් ලියා පල කල ඇත. එම පොත කියවීමට නොලැබුණත් එහි අඩංගු සමහර කරුණු පුවත්පත්වල පළවිය. බයිලා කලාව ගැන ලියවුණු පොත්පත් ඇස ගැටී නැත. නමුත් මා මේ ලියන්නේ මහාචාර්ය්‍ය තුමා ලියු ශාස්ත්‍රීය කාරණා නොව , මම මගේ ගැටවර යුගයේ දුටු වාද බයිලා කලාව ගැනය.

අදටත් වාද බයිලා සංදර්ශන නැරඹිය හැක. දැන්නම් බොහෝ විට ඇත්තේ රූපවාහිනි මැදිරිවල සිදුවන රූ ගත කිරීම්ය. පොල්කොට හිටවා ඒ මත ලෑලි අතුරා, තහඩුවලින් හෙවිලිකල වේදිකාව මත සියල්ල සිදුවිය. මේවා සංදර්ශන කියනවාට වඩා වාද බයිලා තරඟ යැයි කීම නිවැරදිය. හැමෝම තරඟ වැදුණේ කුසලානයක් ඇතුළු යම් මුදල් ප්‍රමාණයක් සඳහාය. ඒය කීයක්ද කියා කිසිවෙකුත් නොදනී. නුගේගොඩ අවට ගම්වැසියන් මේ වාද බයිලා තරඟ නැරඹීමට දැක්වූයේ පුදුම උනන්දුවකි. මගේ ප්‍රියතම විනෝදාංශයක් වූයේ වාද බයිලා නැරඹීමයි. මේ තරඟ නුගේගොඩ , මහරගම, දෙහිවල ප්‍රදේශවල නිතර සංවිධානය විණි. අපේ කට්ටිය සමහර අවස්ථා වලදී දෙහිවලට පයින් ගොස් නැවත පයින්ම පැමිණෙන්නේ මේ පිස්සුව තදින්ම වැළඳී සිටි නිසා යැයි සිතේ.

වාද බයිලා වේදිකාවේ ඉදිරියෙන්ම විශාල කුසලානය පෙනෙන්නට තබා තිබේ. ඒ හැර අනිකුත් කුසලානද වට කර ඇත.පොල්කොට වේදිකාවේ මැද්දට වන්නට අර්ධ වක්‍රාකාර ලෙස පුටු තබා ඇත්තේ ශිල්පීන් සඳහාය. 12-14 වැනි ගායකයින් ප්‍රමාණයක් මේ වැඩේට හවුල්වේ. ඔවුන්ටත් පිටුපසින් ප්‍රේමදාස කළු ආරච්චි ප්‍රමුඛ වාදක මංඩලයේ තිදෙනා හෝ හතර දෙනාය. මැණ්ඩලින්, වයලින්, බොන්ගෝ වැනි වාදක භාණ්ඩ හතරක් පහක් පමණි. එදා සිටි ජ්‍යේෂ්ඨම වාද බයිලා ශිල්පියා වූයේ මරදානේ රූබන්ය. වොලි බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු වැනි අය වාද බයිලාවලින් ඉවත්වී කෝරස් බයිලා ගායනයට පිවිස තිබුණි. නමුත් එම්.එස් ගේ ගෝලයා රත්මලානේ මිල්ටන් සිල්වා වාද බයිලා පිටියේ කප් ගැසූවෙකි. මරදානේ රූබන්ගේ ප්‍රසිද්ධ ගෝලයා වූයේ තොටළඟ කුසුමපාලය.

එදා බයිලා ගායකයින් බොහෝ විට දෙහිවල, ගල්කිස්ස්, මොරටුව වැනි වෙරළබඩ පෙදෙස්වලින් සහ මරදාන, කොම්පඤ්ඤ වීදිය, තොටළඟ වැනි නාගරික ප්‍රදේශවලින් බිහිවූවන්ය. බොහෝ විට බයිලා කලාව හැර මොවුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ මත්පැන සහ දුම්බීම යැයි කිවහොත් ඒ පරපුරේ උදවිය මා සමග අමනාප නොවෙනු ඇතැයි කියා සිතමි. ඒ ඇත්තමය. පාන්දර තුන හතර වෙනකම් විවෘත වේදිකාවේ ,නොකඩවා නොයෙකුත් මාතෘකා සහ තාල රාග අනුව එ සැණින් පද නිර්මාණය කර ගැයීම ලේසි ඵාසු කටයුත්තක් නොවේ. අඩියක් පුඩියක් නොගසා ඔය වැඩේ කරන්නට නම් ඔහු විශ්වකර්මයෙක් විය යුතුය. මොවුන් අනිකුත් ශිල්පීන් මෙන් කඩවසම් නළු ස්වරූපයක්වත්, දිලිසෙන ඇඳුම් පැළඳුම් වලටත් ලොල්වූ අය නොවීය. ඔවුන් අප ඔබ වැනි ඉතාමත් සාමන්‍ය ජීවිත ගතකළ පහළ මධ්‍යම පාංතිකයන් හෝ ඊටත් පහළින් සිටි උදවියයි. මුන් බොහෝමයක් සුන්දර නිර්ව්‍යාජ මිනිසුන් විය. ඔවුන් ගැන යමක් සඳහන් කිරීම වාද බයිලා පිස්සෙක් වූ මගේ යුතුකම යැයි මම සිතමි.

වොලී බැස්ටියන්ගෙන් පසු වාද බයිලා ගුරු පරපුරු දෙකක් විය. මරදානේ රූබන් ගුරුවූ තොටළඟ කුසුම්පාල, කොම්පඤ්ඤ වීදියේ ආනන්ද තිස්ස වැනි අයත්, එම්.එස්.ගේ ගෝල මිල්ටන් සිල්වා ගුරුවූ, රත්මලානේ ටිඩි ගුණතිලක, මොරටුවේ ඒසිරි, පර්සි වැනි වෙරළබඩ උදවියත් ඒ පරපුරු දෙක විය. සිරිවර්ධන නම් ගුරුට ගෝලවූ කිරිබත්ගොඩ පවුලිස් අමතක නොකළ හැක. ඒසිරි , පර්සි ,වසන්ත මදුරාවල යන අය ආධුනිකයෝ වූහ. මොවුන් සියල්ලම එකෙනෙකට බැඳුණු යහළුවන් රැළක් විය. බයිලා පිටියේ වාද කරගත්තෝ වූහ. නමුත් ඔවුන් අතර සුන්දර වදන් මාලාවක් විය. එකිනෙකා තුළ සුහද ආමන්ත්‍රණයක් විය. අද අපට නැත්තේද එයයි.

රූබන් අයියා ඉතා උස මහත පුද්ගලයෙකි. සුදු සරමත්. සුදු කමිසයත් හැඳ කළු කෝට් එකක් උඩින් පළඳින මොහුගේ මුහුණ මධුවිත නිසාමද නිතරම පිම්බී තිබුණි. මරදානේ චොප්පෙලාගේ මිතුරෝ විය යුතුය. ඇත්තටම රූබන් අයියා මරදානේ හොඳ කකුලකි. මොහුගේ ප්‍රධාන ගෝලයාවූ තොටළඟ කුසුම්පාල අපට සිටි සුපිරි ගණයේ වාද බයිලා ශිල්පියෙකි. මොහු වාද බයිලා කලාව වෙනුවෙන් බොහෝදේ ඉතිරි කරන්නට වෙර දැරුවේය. මොහු වාද බයිලා සංගමයක්ද ආරම්භ කළේය. ඉතාමත් පිරිසිඳුව හැඳ පළඳින මේ ශිල්පියා සුදු සරමත් කමිසයත් සුදු බඳ පටියත් බඳියි. “කොණ්ඩේ බාම්” ගල්වා මැනවින් හිස පීරා සිටියෙය. අපූරුම ශිල්පියා වූයේ කිරිබත්ගොඩ පවුලිස්ය. මොහු හැබෑවටම තට්ටයෙකි. සිහින් සිරුරක් හෙබි පව්ලිස් ඇන්දේ කලිසම සහ කපටි සූට් එකට වඩා සරල, එවැනි සුදු කමිසයකි. පැල්ඳුවේ රබර් සෙරෙප්ප්ය. කිරිබත්ගොඩ තට්ටයා නම්වූ මොහු නැති වාද බයිලා තරඟයක් වැඩක් නැත. මොහුගේ වදන් සහ අංග චලනයන් ඉතාමත් උපහාසාත්මකය. අපේ කට්ටියගේ වීරයා වූයෙ පව්ලිස් උණත් මම ඇලුම් කළේ කුසුම්පාලටය.

වාද බයිලා තරඟයකදී පළමු වටය වෙන් වන්නේ බුදුගුණ ගැයීමේ අවස්ථාවටය. දෙවනුව තම තමන්ගෙ අනිකුත් ආගම් සම්බන්ධවය. මොවුන් අතර ක්‍රිස්තු භක්තිකයින්ද බොහෝ විය. ඉන් අනතුරුව දෙමව්පිය වරුණයි. ඉන් පසුව තම බයිලා ගුරුවරුන් සිහිකොට ගැයෙන ඉතාම සංවේදි වටයයි. වේදිකාවේම එකට ගයනා තම ගුරුන්ටත් කපිරිඤ්ඤා තාලයෙන් ගුණ වැයීමත්, ආසනයෙන් නැගිට ගුරුන් සිටිනා පුටුවට ගොස් නමස්කාර කිරීමත් ඉතා සංවේදිජනකය. ඉන් අනතුරුව අවට ප්‍රදේශයත්, සංවිධායක මඩුල්ලත් අළලා ගායනයේ යෙදී තරඟය අරඹයි. ඒ කාලය තුළ පහළට ගොස් අඩිපුඩු ගසන්නේත්, සිගරට් බොන්නේත්, විහිළු තහළු කරගන්නේත් ගුරු ගෝලයන් එකටමය. ඒ ඔවුන් සියල්ලෝම වැඩිහිටියන් නිසාය. බොරු සෝ නැත. මා අදටත් ඔවුන් සිකරන්නේ නිර්ව්‍යාජ කලාකරුවන් ලෙසය. ඔවුන්ට නොතිබුණේ මුදල් පමණය. හැම හොඳ එකාටම අඩුවෙන්ම ඇත්තේ ඔන්න ඔය සල්ලිය.

බයිලා තාල කිහිපයක්ම විය. අප කවුරුත් දන්නා කපිරිඤ්ඤා වලට අමතරව ආයම්මා, මිඥ්ඥමායි, ආතර් සිංඤෝ, උසි උසී යනුවෙන් තාල බොහෝමයක් විය. හතරකොන, අටකොන, දහසය කොන වැනි භාශාව උරගා බලන තාලද විය. නොයෙකුත් තාල, රාග සහ මාතෘකා මත ඇදීයන වාද බයිලා තරඟත් පාන්දර දෙක තුන වෙන විට අවසන්ය. අපි පයින්ම නිවෙස් කරා ඇදෙන්නෙමු.

පසුවදාට ඩයස් මුදලාලිගේ තේ කඩේ මේස වලට තට්ටු කරමින් අපේ කට්ටියගේ වාද බයිලා තරඟ පැවැත්වේ. සමාජයේ සමහරක් උදවියට නිකම්ම නිකම් බයිලා කාරයන්වූ මේ දක්ෂ ශිල්පීන්ව අපට නම් එසේ නොවීය. අප ඔවුන් අනුගමනය කරමින් විනෝද වූහ. අනිකුත් කලාකරුවන් පවා මොවුන්ට බෙදුවේ අමුතු හැන්දකින්ය. ඒ අපේ එවුන්ගේ නොදන්නා කම විය යුතුය. කොන්ඩ සමන් සහ ජෝරිස් රංජි මේසේ දෙපැත්තේ සිට වාද බයිලාවලින් ගසා ගනී. අපි අත්වැල් අල්ලන්නෝ වෙමු. නැතහොත සක්ක ගසන්නෝය. පසු කාලයකදී මමත් ඔවුන් හා උරෙන් උර ගැටී වාද බයිලා හරඹයේ යෙදුනෙමි. වැඩිහිටි තරුණයෝ අඩිපුඩි ගැසුවත් අපේ වයසේ අයට කිසිදිනෙක නොලැබුනි. අපි හොරෙන් සිගරට් ඉරුවෙමු. ඒ සොඳුරු මතකයන් කෙසේ ලියා අවසන් කරන්නද?

මගේ මේ ගමන් බිමන් සහ දඩාවතේ යෑම ගෙදරට ආරංචි වී අවසන් බව මට හොඳ හැටි වැටහේ. වෙනස් කම් කිහිපයක් සිදුවෙන්නට නියමිතය. මම උසස් පෙළ පංතියට යෑමට සුදානම් විය යුතුය. කොට කලිසමෙන් දිග කලිසමට මාරුවීමට කාලය හරිය. වසර හතරක් එකම පන්තියේ සිටි අයගෙන් වෙන්ව වෙනත් වෙනත් විෂය ධාරාවන්ට ඇතුළත්වීමටත් නියමිතය. අළුත් නවාතැනක් ගැනත් කතාබහය. ඒ අතරතුර රටේ පාලනයේද උඩි යටිකුරුවීමක් නියමිත බව මැතිවරණයට උනන්දුවූ අය කථාවෙති. මම විමසිල්ලෙන් බලා සිටියෙමි.

ප.ළි.
මගේ ආදරණීය බිරිඳ අසන්නේ මගේ කතාව නොලියා වෙනත් වැල් වටාරම් ලියන්නේ ඇයි කියාය. ඒ වටපිටාව නොලියා මගේ කතාව ලිවීමට නොහැකිය. මම ඒ අතීතය රස විඳිමි. ගංගොඩවිලින් පිටව යාමට පෙර ලියා තැබිය යුතු තවත් රසවත් කළා සහ ක්‍රීඩා අංගයන් දෙකක් ඇත. ඒ මගේ කාලයේ සංගීත සංදර්ශන සහ බයිසිකල් රේස්ය. එය අද ලිවීමට ගියහොත් දිග වැඩිවෙනවා නිසැකය. ඊළඟ කොටසින් ඒ ගැන ලියා මම ගංගොඩවිලෙන් පිටව යන්නෙමි.

කැමති නම් මෙයට සවන් දෙන්න..පළවෙනි ක්ලිප් එකේ තියෙන වචණ වලට නිවැරදිව සවන් දෙන්න!!! අපිට අහුලා ගත යුතු දේ බොහෝ ඇත. ඒවා කොයි කාගෙත් බුද්ධි වර්ධනයට ඉවහල් වේ.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

110 Responses to අවුල් වන්නට පෙර (25)….වාද බයිලා…

  1. මමද උඹ මෙන්ම, වැදගත් පවුලක් නොහැදිච්ච කොල්ලෙක්ම විය. ගෙදරින් ලද නිදහසෙන් උපරීම ප්‍රයෝජන ගත්තෙක් විය. කුඩා අවදියේම (13) වැඩිහිටියන් කරනා සියළු දේ කරන ලද්දෙක් විය. සමහර කරුණු නිවසේ අය නොදැන උන්නද, සම වයසේ ඥාතීන් සියල්ල දැනගෙන උන්නේය. මේ කිසිවක් මාගේ පාසල් මිතුරන් දන්නෙ නැත. එහිදි මා වැදගත් පවුලක දරුවෙක්ම විය.

    තොරන හංදියේ සිට මීටර් 300 පමණ දුරින් වූ අප නිවස් වෙත පයින් යාමට මට පැයක් පමණ ගත වන්නේය. ඒ සියළු දෙනාම මාගේ හිත මිතුරන් නිසාය. වයස් බේදයක් නොමැත. උස් පහත් බේදයක් නොමැත. මෙසේ වූයේ බජාර් බැසීම නිසාය. අපේ නිවසින් කිසිවක් නොකීවද මේ කිසිවක් අනුමත් අකලේ නම් නැත. ඔවුන් කීවේ මගේ කළ දසාව හොඳ නැතයි කියාය. නමුත් බජාර් බැසීම මට ඉමහත් ප්‍රීතියක්ම විය.

    සංගීත සංදර්ශන, බයිසිකල් රේස්, එල්ලේ තරඟ, වෙසක් නාට්‍ය හා දන්සැල්, අවුරුදු උත්සව, පමණක් නොව වාද බයිලාද මාගේ සිත් ගත් දේවල්ම විය. තොටළන සුමනපාල මිය ගියේය, කිරිබත්ගොඩ තට්ටයාද මිය යන්නට ඇත. අද මගේ ප්‍රියතමයා මොරටුවේ ඒ සිරිය. වාද බයිලා කළාවද අභාවයට යමින් පවති. ඒ ඇස් පී කාරයා ඔව්ය්න් ලවා රජතුමාට ප්‍රසස්ති ගායනා කරනවාය. ඒ කාලේ මේ විකාර තිබුනේ නැත.

    අද වාද බයිලා බ්ලොග් වලින් බැලිය හැක. මේ දවස්වල සහන් හා සිංහයාගේ වාද් අබයිලාව නැගලාම යනවාය. සමහර විට අරූටත් මේවා මතක් වන්න ඇත්තේ ඒවා දැකලාය.

    අද අමාට හා ත්තාට තොරන හංදියේ සිට අර කෙටි දුර පයින් එන්නට කිසිදා ඉඩ ලැබෙන්නේ නැතිය. හංදියේ ත්‍රී වීල පොරවල් ගෙදරටම ගෙනත් බස්සනවාය. එයාලා කියන්නේ ඒ ලොක්කාගේ යාළුවෝ කියාය. මට ඉතින් වෙනත් සතුටක් නැත්තෙය.

    • අවසාන කොටසේ අම්මාට හා තාත්තාට කියා නිවැරදි විය යුතුය.

      • මාතා…….මම පෝස්ට් එක ලියලා ගත්ත ආතල් එකම උඹ කමෙන්ට් එකෙන් දීලා. නියමයි!

      • Kenji @ Japan says:

        මා සිතා සිටි ලෙසටම හරිය….
        එල කොල්ලා…

      • මාතා……මට පේන හැටියට බොහෝ අය සජීව වාද බයිලා තරඟ දැකලා නැහැ. තොටලඟ කුසුම්පාල මියගිය බව මම දන්නවා. ඒත් බොහෝ කාලයකට පෙර. ඒ වෙන්නැති වාද බයිලා ශිල්පියෙකුගේ අභාවයක් මාධ්‍යයකින් හෙලි කරපු පළවෙනි සහ අන්තිම අවස්තාව. එහෙම අනිකුත් අය ගැන මම දැකලා නැහැ. කුසුම්පාලට වුනත් ඒ තැන ලැබුනේ ඔහුට ප්‍රේමදාස ලොක්කා හිතවත් වීම නිසා විය යුතුයි.

        ඒසිරි, පර්සි රාජපක්ෂ , සුමතිපාල පෙරේරා වගේ අය යාන්තමට එල්ලිලා යනවා. ස්වීඩ්න්වල ඉන්න රොෂාන් ප්‍රනාන්දු කියලා සල්ලි තියෙන බුවෙක් බයිලා වලට පොඩි සපෝට් එකක් දෙනවා කියලා මම දැක්කා. ඒත් ඒවා හරියට සංවිධානය කරගන්න බයිලා කට්ටියට අමාරු වගත් මම දැකපු වීඩියෝ ක්ලිප්ස් වලින් තේරුනා. තව ටික කාලයකින් ඕක නැත්තටම නැතිවෙලා යයිද දන්නේ නැහැ දැන් වාද බයිලා වෙනුවට වැල් බයිලා කාරයෝ ඕන තරම් ඉන්න නිසා.

        ///මට ඉතින් වෙනත් සතුටක් නැත්තෙය.////

        බජාර් එකෙන් කෙනෙකුට ලබාදෙන සතුට තරම් දෙයක් තවත් තියෙනවාද? මේ පරම්පරාවෙන් පස්සේ ඒවාත් වෙනස්වෙලා මුදලට හා බලයට පමණක් සලකන සමාජයක් තියෙයි.

      • මාතලන් අරූගේ ඉට්ටයිල් එකෙන් පටන්ගෙන දන්නෙම නැතුව මාතලන් ඉට්ටයිල් එකෙන් ඉවර කොරලාය හික් හික්ය

    • මේ කතාවට එතරම් අදාළ නැති උනත් මාතලන් ඇදල ගත්තු .”වැදගත් පවුලක නැහැදිච්ච කොල්ලෙක්” කියන වාක්‍යය අපි ආනන්දයේ ඉගෙන ගන්න අවදියේ හිටපු බොහොම ප්‍රසිද්ධ උප විදුහල්පතිතුමෙක් වෙච්චි “තිස්ස පෙරේරා” සර්ට ගෙඩි පිටින්ම කොපි රයිට්ස් දීල තිබ්බේ 😀

      ඒ දවස් වල අපි කරන අලුගුත්තේරු වැඩ මාට්ටු උනහම පැය බාගයක් විතර යන හැම ලේක්චර් එකක්ම පටන් ගන්නේ එහෙමත් නැති නම් ඉවර කරන්නේ :

      “අයිසේ තමුසෙලා ලජ්ජා වෙන්න ඕනෑ … නමුත් මම තමුසෙලගෙ අම්මලා තාත්තලාට බනින්නේ නැහැ !!!

      මොකද මම දන්නව තමුසෙලා වැදගත් පවුල් වල නැහැදිච්ච පුත්තු !!!!”

      “තිස්ස පෙරේරා” සර්ට අපිට බොහොම ආඩම්බරයෙන් කියපු විදිහට රාජකීය නිෂ්පාදනයක් නිසා අරුණ අයිය දන්නවද දන්නේ නැහැ ?

      හැබැයි එක අතකින් ගත්තහම දැන් නොහිතුවත් ඒ දවස් වල තිස්ස පෙරේරා සර් වැඩි හරියක් කිව්ව දේවල් අපි ගණන් ගත්තේ බයිලා විදිහටම තමයි 😀

  2. වාද බයිලා තරග බොහෝවිට සීමා වුයේද කොළඹ හා ඒ අවට ප්‍රදේශ වලටය. එහෙත් 1960 දශකයේදී අහඹු සිදුවීමක් මට දකින්නට ලැබුණි. ඒ කෑගල්ලේ පැවති සංගීත සංදර්ශනයකදී එම්.එස්. ප්‍රනාන්දු තවත් බයිලා කරුවන් දෙදෙනෙකු සමග වාද බයිලාවකට හදිසියේම එළඹීමය. එදා තමයි මමත් මුල් වරට වාද බයිලා දැක්කේ/ඇහුවේ.

    • විචාරක…….වාද බයිලා කොළඹ දිස්ත්‍රික්කයටම පමණක් වගේ සීමා උනේ ඇයි කියලා හිතන්න වෙනවා. ඒ නිසාම වෙන්න ඇති ශිල්පීන් වෙරළබඩින් සහ මැද කොළඹ අවටින් බිහිවුනේ. කොළඹින් පිට සංගීත සංදර්ශණ වලදී ඇන්ටන් ජෝන්ස් හිටිවන බයිලා වලින් වාදක ශිල්පීන්ව හඳුන්වලා දුන්නා.

      “ගහයි පදේ රස අඩු නැති හරියට බේරා
      පිලිගන්න අපේ ඩ්‍රම්ස් වාදක සුසිල් පෙ රේරා”

      ඔහොම තමයි කිව්වේ. සුසිල් පෙරේර දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක් ඉස්සර. සුජාතා අත්තනායකගේ මල්ලි.

  3. //මුන් බොහෝමයක් සුන්දර නිර්ව්‍යාජ මිනිසුන් විය.// මමනම් ඔය දේ දැක්කා මාස කිහිපයකට පෙර ITN එකේ තිබුන වැඩසටහනක් මගින්. දැනට ඉතුරු වුන ශිල්පීන් දෙන්නෙක් ආවා. ඔවුන් තුලින් දැක්කේ දුප්පත් වුනත් සුන්දර නිර්ව්‍යාජ මිනිස් ගතිය ඔවුන් සමගම ආවා සුනිල් පෙරේරා ඔහුත් සුන්දර මිනිසෙක් සමහරක් කුහක ගායකයන්ට වඩා.

    • මකසි……බයිලා ක්ෂේත්‍රයේ හිටියේ වෙනස්ම සමාජ පසුබිම්වලින් ආපු උදවිය. නිසි අධ්‍යාපනික පසුබිම්ක් තිබුනේ නැහැ. වෙරළ සහ නාගරික පැල්පත් වාසීන් මුල් කරන් තමයි ඔවුන් බිහිවුනේ. එය මේ මිනිසුන් ආදායම් මාර්ගයක් කරගත්තේ නැහැ. මේ ක්‍රමයට සමාජේ හිටිය බමුණෝ අත දුන්නෙම නැහැ. ඒ නිසාම ඔවුනොවුන් අතර හොඳ බැඳීමක් තිබුනා.මම නාගරික පැල්පත්වාසීන්ගේ මෙන්ම වැල්ලේ මිනිසුන්ගේත් නිර්ව්‍යජත්වය හොඳට රස විඳලා තියෙනවා. බයිලා කිව්වාට උන් බයිලා ගහන්නේ නැහැ. බොක්ක හොඳයි.

      සුනිල් පෙරේරා කෙලින් කියන මිනිහෙක් සංගීත ලොවේ අනිකුත් කුහකයින්ට වැඩිය. ඒක ඇත්ත බව සමහර පරිත්‍යාගශීලි ක්‍රියාවලින් පේනවා.

  4. Ravi says:

    ඔන්න මචං උඹත් එක්ක එකට රස විඳින්න බැරි තැනක් ආව….වාද බයිලා….කිසිදිනෙක දැක නැත.එබැවින් සංවාදයට සහභාගී වීම අසීරුය.

    / බොහෝ විට මත්පැනටත්, දුම්බීමටත් හැර මොවුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ බයිලා කලාව යැයි කිවහොත් ඒ පරපුරේ උදවිය මා සමග අමනාප නොවෙනු ඇතැයි කියා සිතමි. /

    මේ වාක්‍යය මල්ලි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන…

    / බොහෝ විට බයිලා කලාව හැර මොවුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ මත්පැන සහ දුම්බීම යැයි කිවහොත් ඒ පරපුරේ උදවිය මා සමග අමනාප නොවෙනු ඇතැයි කියා සිතමි. /

    • deshakaya says:

      ආපොයි රවියා හිතන් ඉන්න හැටි වැරදියි. පළමු විනෝදාංශය අරූ කිව්ව එක ම තමා..

      • සහතිකෙන්ම පළමු ප්‍රේමය මම ලියපු එක තමයි. අනිත්වා පස්සේ. මට පසුකාලීනව සමහර පොට් වලදි මුණ ගැහිලාත් තියෙනවා කීප දෙනෙක්ව.

    • රවී……මමත් වාද බයිලා සීන් එකට කැමති වුනේ 1970 මැද භාගයේ තමයි. ඒ කාලෙන් පස්සේ සීඝ්‍රයෙන් නැතිවෙමින් ගියා. උඹ කොළඹට එනකොට මේවා යලට මහට තමයි තියෙන්න ඇත්තේ. කනගාටුයි. නැත්නම් උඹෙන් රසකතා ටිකක් අහගන්න තිබුනා.

      මම අර වාක්‍යය වෙනස් කලා. මම හංගලා ලිව්වේ මුල් වාක්‍යයේ අදහස හැබැයි. නමුත් ඒක අපහාසාත්මක වගේදෝ කියා හිතුනා උඹ කිව්වාට පස්සේ. නමුත් රවී බොන කන එක තමයි බොහොමයක් අයගේ ප්‍රථම විනෝදාංශය වුනේ. බයිලා කිව්වේත් ආදායමක් උපයන්න නෙමේ.

  5. kathandarakaraya says:

    කවි මඩුවක් නරඹා තිබුනත් මා නම් කිසි දිනක සජීවී වාද බයිලා ගායනා දැක නෑ.

    මුලින්ම බයිලා ඇසුවේ වෙළඳ සේවයෙන් ඉරිදා දහවල් 12:30 ට ගිය පැය කාලේ වැඩසටහනෙන්.

    ඊලඟට 1990 සිට රූපවාහිනියට මාරුවූ පසු ටී එන් එල් එකේ ගිය වැඩසටහන නැරඹුවා.මෙහි කියා ඇති සමහර නම් මට මතකයි. කුසුමපාලගෙන් පසු පුතෙක් කරලියට ආවා නේද? පානදුරේ පොරකුත් හිටියා හොඳ මුඛරිකමක් තියෙන.

    ඇම්.ඇස්. ගේ බයිලා ගැන මාත් පොඩි කතන්දරයක් ලියා තියෙනවා.
    http://kathandara.blogspot.com/2010/08/blog-post_08.html

    • කකා……ඇම්.ඇස් ගැන ලියපු පෝස්ට් එක කියෙව්වා. නියමයි. මම කාලයක් ගල්කිස්සේ හිටියා. ඒ කිට්ටුව සුමනාරාම පාරේ හිටියේ. ටොප් කකුලක් තමයි.
      ඒ පෝස්ට් එකේ නියම වාද බයිලා ටිකක් තියෙනවා. ඒවා ඔක්කොම අපි වචණ දාලා වෙනස් කර ගත්ත ඒවා. ටැබූගේ, වැම්පයර්ගේ කමෙන්ට්ස් රසවත්.

      කුසුම්පාලගේ පුතා අජිත් කුසුම්සිරිද මොකක්ද ? කුසුම්පාලට ප්‍රේමදාස මහත්තයාගෙන් උදව් තිබුනා. කුසුම්පාල පිලිවෙලට හිටපු මිනිහෙක් අනිත් ශිල්පීන්ට වැඩිය. පුතාට ඡන්දෙන් පලාත් සභාවට එන්න පුළුවන් වුනා පස්සේ. ඒ ඇවිල්ලා බයිලා කිව්වා මිසක් වාද බයිලා කියපු බවක් මතක නැහැ.

      කකා මම ඉස්සර කවි මඩු බලන්නත් යනවා. දයාරත්න රනේපුර කියලා හිටියා.අපේ තාත්තාව දන්නවා සමසමාජ පාක්ෂිකයා නිසා. ඒවගෙත් වාද බයිලා වගේ තරම්ම නැති වුනාට අඩිපුඩි සීන් එක තිබුනා.

  6. ඩිලාන් says:

    ඇගෙ පස්සට පීරපු පාරට්ටු කොන්ඩෙට පිච්ච මලක් ගසලා…මිඥ්ඥමායි…මිඥ්ඥමායි
    වාද බයිලා,බයිසිකල් රේස්,එල්ලේ වගේ දේවල් මම ගොඩක් ආසයි,බයිලා ටීවී එකෙන් විතරයි දැකලා තියෙන්නේ,බයිලා ගැන මෙහෙම හරි අන්තර්ජාලෙට සිංහලෙන් ලියවෙන්න ඕනා,බයිසිකල් රේස් ගැනත් ලියන්න ඊලගට

    • ////ඇගෙ පස්සට පීරපු පාරට්ටු කොන්ඩෙට පිච්ච මලක් ගසලා…මිඥ්ඥමායි…මිඥ්ඥමායි/////
      ඩිලාන්……..මේක කොහෙන්ද හොයාගත්තේ? මිඥ්ඥමායි කියන්නේ ලස්සන තාලයක්. ඕක දහ දොලොස් දෙනෙක් වෙන් වෙන්ව පද ගලපලා කියන කොට හරි අපූරුයි. ඔය ඔක්කොටම තිබුනේ මයික්ස් දෙකයි. ඔය දෙක පාස් කර කර තමයි එලිවෙනකම් බයිලා කිව්වේ. වාදබයිලා ශිල්පීන් ගැන ලියවුනු දෙයක් හොයාගන්න නැති තරම්. මම ලංකාවේ හිටියා නම් තොරතුරු හොයාගෙන පොතක් ලියනවා. එහෙම පොත් දන්නවා නම් මට කියන්න, කියවන්න ආසයි.

      බයිසිකල් රේස් ගැන මොරිස් කුමාරවේල් යුගයේ ඉඳන් සෑහෙන්න හොඳ මතකයක් තියෙනවා. ඒ අනිත් පිස්සුව. මුන් මේක කියවන එක අත හරියිද මන්දා මේ බයිලා ලියන්න ගිහිල්ලා. ඒත් මම ලියනවා.

  7. Anonymous says:

    වාද බයිලා මම නම් අහලා දැකලා තියෙන්නේ මේ වගේ වීඩියෝ වලින් විතරයි.. කොම වුනත් වාද බයිලා අහගෙන ඉන්න ආස හිතෙන දෙයක්..

    • ඇනෝ…..වාද බයිලා අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ ඒ සංගීතය නිසා විය යුතුයි. බොහොමයක් ශිල්පීන්ට තිබුනේ ගොරහැඩි ගොරෝසු කටහඬවල්. සංගීතය ගොඩාක් ඉවහල් වුනා. ඔක්කොම අන්ප්ලග්ඩ්.

  8. වාද බයිලා ගැන මටත් මතකයක් තියෙනවා….ඒ අපි ඉස්කෝලෙදි බෙලෙක් කවක‍ටු පෙට්ටියට තඩි බබා තර‍ඟෙට වාද බයිලා කියපු මතකයයි….ඒත් අපි කවුරුත් වාද බයිලා සංදර්ශන දැක්ක අය නෙවෙයි…පෑලියගොඩ ඉදන් ආපු බුවෙක් තමයි පංතියට වැඩේ පුරුදු කලේ…සමහර විට ඌ නම් වාද බයිලා දැකලා තියෙන්න ඇති….

    වාද බයිලා උත්සන්න වෙලා, එහා පංතියේ උගන්නන එක්කෙනාට වාතයක් උනාම තමයි ඉතින් වාද බයිලා හොදටම ඇඟටම් දැනෙන්නේ………..

    • මයියා…..ෆ්‍රී පීරියඩ්වල අපිත් ඕකම තමයි කරේ. පන්තිය පිටින් ඩිටෙන්ශන් කාලා තියෙනවා. අපි වලේ සෙට් එක නිසා පොශ් කොල්ලෝත් කට්ට කෑවා. ධම්මික අගලවත්ත කියලා හිටියා කුණුහරුප බයිලා මරුවා. තාත්තා හිටපු ප්‍රසිද්ධ ජජ් කෙනෙක්. තමුසේ තාත්තාටත් ලැජ්ජාවක් ඕයි කියලා තමයි නෝනිස් සර් බණින්නේ.

      පෑළියගොඩ පැත්තේ වාද බයිලා හොඳටම තිබුනා. එක ගමේ වැඩක්.

  9. Kenji @ Japan says:

    මට බලන්න ලැබිල නැහැ.
    TV එකෙන් දැකල තිබුනට.
    මාතලන් ලොක්කගේ කොමන්ට් එකත් මරු.
    මචන් ඔබගේ නෝනා මහත්මියට කියන්න අපි පදුරු තලද්දී විසි වෙන කතාත් අහන්න මනාපයි කියල.

    • කෙන්ජි…….උඹලාගේ පැත්තේ වාද බයිලා තිබෙන්න නැතුව ඇති. නමුත් පුත්තලම පැත්තට වෙන්න පෘතුගීසි පරම්පරා හිටිය නිසා නැතිවෙන්නත් බැහැ. ඒවා වාද බයිලා වලට වඩා ටිකක් වෙනස් මගේ හිතේ.

      බොහෝම ඉස්සර ටීවී එකේ ගියා ඔය කෆීර්ලා ගැන සජීවි මියුසික් වැඩඩටහනක්. ඒ ගැණු නටනවා. කපිරිඤ්ඤා රිදම් එක එන්න එන්නම ඉහල යනවා. ශ්‍රීනාත් මද්දුමගේ කියලා හොඳ රංග ශිල්පියෙක් හිටියා. මෙයත් ස්වෙච්ඡාවෙන් නටන්න පටන් ගත්තා. රිදම් එක හයි වෙන්න වෙන්න ශ්‍රීනත්ට මහන්සිද චූ බරද මන්දා සජීවීවම කැමරාවෙන් ඉවත්වුනා. ඒවා නටලා ඉවර කරන්න බැරි රිදම්ස් සහ ටියුන්ස්.

      ශ්‍රීනාත් මද්දුමගේ දැන් ඕස්ට්‍රේලියාවේ.

      කෙන්ජි……ගෑණු පඳුරු තලන්න ගියාම අපි කැලේ.:D

  10. දැන් තේරෙනවා කට්ටිය ‘බයිලා ගහනවා’ කියන එකේ තේරුම… 😀

  11. kathandarakaraya says:

    අනිවා නුගේගොඩ සිටි තිලකරත්න, ආරියරත්න කුරුවිට බණ්ඩාරලාත් ඔය වාද1 බයිලා බලන්න යන්න ඇති, ඒකනේ පොත් ලිව්වේ පස්සේ!

    • කකා…….ඇත්තටම මම මේ වාක්‍යයම සුනිල් ආරියරත්නගේ ඡේදයේ ලියන්න හිටියේ. මටත් හිතුනේ ඕකමයි.

  12. ඇත්තටම මම නම් බයිලා ගැන ගොඩක් දන්නෙ නෑ ,ඔය එහෙන් මෙහෙන් ඇහෙන දෙයක් හැර

    • සහෝ….

      පළමු බුදුන්ටයි දෙවනුව දෙමව්පියන්ටයි
      සභෙන් අවසරයි අපි හට බයිලා කියන්නයි
      සභෙන් අවසරයි අපි හට බයිලා කියන්නයි
      පළමු බුදුන්ටයි දෙවනුව දෙමව්පියන්ටයි…….

  13. ඇත්තටම වාද බයිලා ශිල්පින් ගැන නිසි ඇගයීමක් නං වෙන්නේ නැ තමයි , ජිවිතයේ අවසන් කාලයේ බොහෝම දුක් විදිනවා , කවුරු හරි කියන්න පුලුවන් එයාලගේ පිලිවලක් නැතිකම , අනාගතේ ගැන නොහිතන එක , ඉතුරු නොකරන එක කියලා ……ඉතින් දෙයියනේ ඉතුරු කරන්ඩත් හරියට බඩට කාලා ඉන්ඩ එපැය…….මුදල් අතින් යම්කිසි ස්ථාවරයක හිටියේ ‍වොලි බැස්ටියන් විතරයි , ඒ පොලිසියේ රස්සාව කරාට හමුබෙන පෙන්ෂන් පඩිය හන්දා …..ඒත ඉතින් ඒකෙන් කොරන්ඩ පුළුවන ලබ්බක් ඇතැ , අන්තිම කාලයේ වොලි බැස්ටියන් මහත්තයා හිටියේ රාගම , එයාගේ එකම දියණියගේ නිවසේ එම මැතිනිය සමග . වොලි බැස්ටියන් මිය ගියාට පස්සේ තවත් වසර දහයක් විතර බිරිදත් ජිවත් උනා . එයත් දැන් වසර අටකට ි විතර කලින් මියගියා .

    ඒ මහා බයිලා ගායකයාගේ පවුලේ කවුරුවත් සංගිතයෙන් ඉහලට ගියේ නැ , මැතක මම දැක්කා මුනුපුරෙක් අකලංකද මොකක්ද කියලා නමක් තියන පොරක් තොටලග සුසිරිපාලගේ පුතත් එක්කද කොහෙද ටි වි එකේ වැඩ සටහනකට ඇවිත් හිටියා , ….අයියෝ ඒ මල්ලි සීයගේ නම්බුව කෑවා ,

    මමත් වාද බයිලා දැකලා තියෙන්නේ සජීවීම එකපාරක් දෙපාරක් විතරයි . අපේ කාලය වෙනකොට වාද බයිලා විනාසවෙන්ඩ පටන් අරන් ඉවරයි , සංගීත සංදර්ශන වල පැයක් විතර දෙතුන් දෙනෙක් එක්ක තියන පොඩි කවි සංවාද නං නිතරම තිබුනා ,

    හැබැයි ඉස්කෝලවලනං කුණුහරප බයිලා කියුවා අපි එකතුවෙලා .ගොඩක් වෙලාවට දෙන්නෙක් තමයි වාදකරන්නේ .කලාතුරකින් තමයි අළුත් දෙයක් එකතු වෙන්නේ , අර දන්න පරණ බයිලා ටිකම තමා . ඉදලා හිටලා දක්ෂයෙක් දෙන්නෙක් පරණ කවියව වචන වෙනස්කරලා කියනවා ප්‍රතිවාදියාට අදාලව . හැමදාම දිනන්නේ , කුණුහාරප දන්න එකයි , හැකර කටක් තියන එකයි තමයි , මට දැං ඒ බයිලා මතක නැ හරියට

    ගලක් උඩින් මලක් තියල ගලමල කියපං
    උඹලැ නංගි මට දීලා මස්සිනා කියපං

    උඹලැ තාත්ත කන තරමක්
    කන්නෙ දෙල් ගැට
    අමුඩෙ ලෙහල බලන දාට
    පුකේ කරගැට

    ඔව්වා කිය කියා ඉදලා අන්තිමට එකෙකුට කියන්ඩ බයිලාවක් මතක නැතුව යනවා , එතකොට මෙන්න මේක කියලා ගලකින්වත් කෙලලා අරින්ඩ බැරි තරං දුරකට දුහනවා. ( අපි හිටියේ අරුල . මාතේල , ගැවසුනාටත්වඩා පහත්ම පන්තියේ )

    ඇස් නැති කබරගොයා
    පස් නැති වලට ගියා
    ඩයිවර් කුපාඩිය
    තොපේ අ– හු– ගියා

    • හි… හි…… හිනා කාලා පණ යනවා.

      ඒ කාලෙ සජීවී ප්‍රසංග වලත් මේ වගේ ඒවා කියවුනාද අරූ අයියෙ. 😀

      • ප්‍රියා……වාද බයිලා ශිල්පියෝ කුණුහරුප කිව්වේ නැහැ. ඔය තියෙන්නේ ඒ ඒ තාලවලට කොල්ලෝ දාගත්ත කුණුහරුප වර්ශන්ස්. තිත්ත කුණුහරුප තමයි තිබුනේ.

    • මම කේරි එකෙන් අස්වෙලා ධර්මාළෝකේ හවස අපන්ති වලට ගියාම කරකවලා අත ඇරියා වගේ උනා. එතකොට පොල් අතු මඩුවෙ පංති තිබුනේ. බාලාංශේ, එක දෙක පන්ති උදේ වරුවේ තුන හතර පහ පන්ති හවස් වරුවේ.

      ඔතනදි තමයි මමත් වාද බයිලා කියන්නේ මොනවද කියලා දැන ගත්තේ. ඔතෙනට ආවා මුඩුක්කු කියලා කියන කැළණිය අවට වතුවල කොල්ලෝ කෙල්ලෝ. මගේ ෆස්ට් ක්‍රෂ් එකත් මෙයිම කෙල්ලෙක් තමයි.

      සර්ලා ටීචර්ලා පේන්න නැති වෙලාවට මුන් වාද බයිලා තියනවා. ඔය අටමා කිව්වා ඒවා තමයි කියන්නේ. කින්ඩියම තමයි දාන්නේ.

      රේල්පාරේ මම යන කොට කළු කොඩි දාලා
      පස්ස හැරිලා බලන සමියා මැරිලා

      උඹලැටි තාත්තයි අපෙ තාත්තායි සභාව මැද්දේ
      උඹලැයි තාත්තගේ සරම කැඩිලා ඇට දෙක පැද්දේ

      ගහේ කුරුම්බා පොල වෙන්න ඉඩ දෙමු
      උඹේ නගා මට දීලා මස්සිනා වෙමු

      අම්බ කුණුහබ්බත් යනවා.. වනවාසල ඉඳලා ආපු කොඩිතුවක්කුවයි, ඉස්කෝලේ ගාවම උන්න ටිරෝනුයි තමයි චැම්පියන්ලා. කෙල්ලො මල් වගේ බලාන ඉන්නවා.

      මගේ ප්‍රියතමයෙක් වන ඇන්ටන් ජෝන්ස් මහත්තයත් දැන් සංගීත වලට එන්නේ නෑලූ. ඒ පරපුර ඉවරයි. බික්ක හොඳ නිහාල අයියයි, සැටියි විතරයි ඉන්නේ.. සැන්ටි කියන්නේ එළ බුවෙක්.. මේ ළඟදී රූපවාහිනියට ආවා. මොහාන සමරණායකට යන්න උනේ ඒ නිසාද මන්දා..

      • බොක්ක හොඳ නිහාල් අයියයි, සැන්ටියි යනුවෙන් නිවැරදි විය යුතුය.

        ඔය ඒ කාලේ බයිලා මඩුවල තිබ්බ කුසලානත් හරිම අමුතුයි. හරි විශාලයි. දැන් ඕනම සම්මාන උළෙලක, හැම එකාටම දෙන්නේ ඒ වගේ සම්මාන. සංගීත තරුවලට දෙන්නෙත් ඒවා. ඒ මේක බයිලාම ගහන රටක් නිසාද කියන්න දන්නේ නෑ.

      • බයිල සැන්ටි දැන් ඉන්නේ යක්කල පැත්තේ , නිහාල් නෙල්සන් නං පුදුමාකාර මනුස්සයෙක් , හොදට ගහලා ඉන්න කපුගේව අල්ලා ස්ටේජ් එකට නග්ගනවා ැකලා , දවසක් රාගමදි බොහොම දුකෙන් කතා කලා

      • මාතා……ඇන්ටන් ජෝන්ස්ගේ පුතා ඒ කාලේ මගේ යාළුවා. රොශාන් ජෝන්ස්. ඔස්ට්‍රේලියා ගියා ඒ කාලෙම. ජර්මන් ටෙක් කොල්ලෝ. ඕවල් එකේ ඉන්ඩියන් ටීම් එක ඇවිත් මැච් එකක් බලන්න ගියා. බීලා මූ වාද බයිලා කියන්න ගත්තා. ඉස්සරහ හිටිය රාළහාමිට මූ බයිලා වලින් කියනවා මෙහෙට වෙලා මොනවා කරනවාද යාපනේ පලයන් කියලා. බීපුවා වමාරන්න ගුටි කෑවා. අපි ඌට කිව්වේ ගුටි ජෝනා කියලා. ෆිට් බුවා.

        කුසලාණය හෙන විශාලයි. මචං ඕක අඩිවලින් විග්‍රහ කරේ. දෙල්කඳ අඩි තුනක කුසලාණයක් දුන්නා නම් ,උඩහමුල්ලේ අඩි හතරක එකක් සෙට් කරනවා. ඔහොම තමයි වැඩේ ගියේ. සමහර ඒවා තනියෙන් උස්සන්න බැහැ. එලිවෙනකොට අයියලා අම්බානක ගහලානේ ඉන්නේ. ස්ටේජ් එක පල්ලෙහා තිබුනු බෝතලයක් උස්සන්න ගිහිල්ලා මම නෝන්ඩිත් වෙලා තියෙනවා. පොඩි එකා නිසා ශේප් උනා.

      • @අටම්……..මාත් දන්න තරමින් නිහාල් නෙල්සන් කෙලින් කතාකරන හිත හොඳ බුවෙක්.

    • අටමෝ……ප්‍රීතියි…ප්‍රීතියි….ප්‍රීතියි! උඹ වගේ ඉතාම කෙටි වචනෙන් දෙකෙන් කමෙන්ට් දාන එකෙක් මේ දීපු විස්තරයට. මම ලිව්වෙත් ෆුල් ආතල් බයිලා මූඩ් එකේ ඉඳගෙන. මම හිතනවා උඹ රස විඳින්න ඇති කියලා. මම උඹේ ඡේදයෙන් ඡේදයට කෙටියෙන් හෝ අදහසක් එකතු කරන්නම්!

      1) අනාගතේ ගැන හිතන්නත්, ඉතිරි කරන්නත් කලින් කාලා බීලා හිත සතුටින් ඉන්න ඕන. ඒ මම හිතන හැටි.අපි කරන හැටි. වැරදි ඇති. හිත සතුටු නැත්නම් මොන රෙද්දෙන්වත් වැඩක් නැහැ. මේ මිනිස්සු වාද බයිලාවලට ආවේ මුදල් හොයන්න නෙමේ. කප් එක ගන්නත්, ආතල් එක ඩබල් කරගන්නත්. නමුත් වගකිවයුතු අය මුන්ව නොසලකා හැරියා. වොලී බැස්ටියන් පෙන්ශන් එක නිසා ශේප් උනා. ඇම්.ඇස්. කෝරස් බයිලා කියලා වේදිකාවට ඇවිත් ගොඩ ගියා. අනිත් උන් ඔක්කොම හබක්.

      2) මම අකලංක බැස්ටියන්ව ප්‍රෝග්‍රෑම් එකක දැක්කා. ඒ කොල්ලාට බයිලා කියන්න බැහැ බන්. බැස්ටියන් නම ඉවරයි. කාලෙකදි කියවන්න වෙන්නේ පොත්, බ්ලොග්ස් වලින් විතරයි.

      3) අපි ටිකක් ඉළන්දාරිවෙන කාලේ තමයි වාද බයිලා වඳවී යාම පටන් ගත්තේ.

      4) කුණුහරුප බයිලා නම් ඉස්සර ඔස්තාර්ලා..මට දැන් මතක නැහැ…මතක නම් දාපන්කෝ.

      //// අපි හිටියේ අරුල . මාතේල , ගැවසුනාටත්වඩා පහත්ම පන්තියේ )////

      අටමෝ….උඹ දන්නවා නම් මම කරලා තියෙන ඒවා. පිස්සු හැදෙනවා. ඉස්සරහට ලියන්නම්. දිගටම කියවපන්.

      • අටමාට මට කියන්නට ඇත්තේත් අරූ අවසානයට කියාපු කතාවමය. එසේ සිටි තවත් ආතල් බුවෙක් වන්නේ. සයිමන් නවගත්තේගමය. ඒත් එහි ගියේ තලත්තෑනී වියේය. අපි එහි රස කුඩා කළම විඳ ඇත්තෙමු. ඒවා බ්ලොග් වල ලිවීමට තරම් සුදුසු ඒවා නොවේ..

  14. deshakaya says:

    ඒ දවස් වල නැගල ගියේම වාද බයිලා තමා. අපි ඉස්කෝලෙදිත් වාද බයිලා ගහන්නේ පසුව දෙක තුනක් ඇන ගැනීමේ බලාපොරොත්තුවෙනි.. ඔබේ ලිපියේ කරුණු වලදි මට මුලින්ම මතක් වූයේ ඇත්ත නෙව ඕන වාද බයිලයක් පටන් ගන්නේ දෙපැත්තම හෝ සියල්ලන්ම පළමුව බුදු ගුණ බයිලා කියල කියන එක. ඒක අමතක වෙචිචි දෙයක්. මතක් උනේ අරූ නිසා..

    කියන්නම ඕන මාතලංගේ පැහැදිලි අදහස් දැක්වීමත් ඉස්තරම්..

    • දේශා…..ඉස්සර ඔය කොන්ඩ සමන් සහ ජෝරිස් රංජි තරහවෙලා ඉන්නවා දවස් ගණන් ඔය වාද බයිලා සීන් නිසා. වචණ වලින් කරන තරඟනේ. ගහ ගන්න සයිස් එකටත් එනවා. ඒ අපි. නමුත් ඒ ශිල්පීන් එහෙම නැහැ.

      බුදු සමිඳුනි ඔබේ රුව දැක මහ මෙව්නාවේ
      මම බයිලා කියමි පීන පීන මෙත් ගංගාවේ
      මම බයිලා කියමි පීන පීන මෙත් ගංගාවේ
      බුදු සමිඳුනි ඔබෙ රුව දැක් මහ මෙව්නාවේ……..

  15. සෑම් says:

    සජීවි වාද බයිලාවක් කවදාවත් දැකල නැහැ… ටීවි එකේ (බොහොමයක් වෙලාවට ටී.එන්.එල් එකේ) ගිය වාද බයිලාවන් දැක ඇත්තෙමි..

    • සැමා…….ටීවීවලට එන්නේ බොහෝ වෙලාවට පැයට හෝ භාගයට කියන්න ඕන බයිලා ටික කට්ටිය සෙට් කරගෙන. විවෘත වේදිකාව ඊට වඩා වෙනස්.

      කැවුම් කොකිස් පුරවාගෙන පකිස් පෙට්ටියේ
      මිරිස් එක්ක බනිස් කනවා ඇලිස් කුස්සියේ
      මිරිස් එක්ක බනිස් කනවා ඇලිස් කුස්සියේ
      කැවුම් කොකිස් පුරවාගෙන පකිස් පෙට්ටියේ………

  16. වාද බයිලා කියන්නෙත් අමුතුම කලාවක් නේද අරූ අයියෙ. ආශාවක් තිබුනෙ නැතත් ඔයාගෙ පෝස්ට් එකෙන් පස්සෙ අහලා බලන්න හිතුනා. ස්තූතියි ලිංක් දෙකකුත් දුන්නට.

    ඒ කාලෙ උසස් පෙළටද අයියෙ දිග් කලිසම ඇන්දෙ. එතකම්ම කොට කලිසමද ඇන්දෙ??

    • ප්‍රියා……..වාද බයිලා කියන්නේ දුප්පතුන්ගේ කලාවක් කිව්වොත් හරි. ටීවීවල යන එව්වා ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ.
      මේක දන්නවාද?
      පාරුවේ පුවක් එතකොට පූරුවේ පවක්
      අපේ වෙලෙත් දක්කනවා උඹලා වගේ හරක්
      අපේ වෙලෙත් දක්කනවා උඹලා වගේ හරක්
      පාරුවේ පුවක් එතකොට පූරුවේ පවක්

      මේ ප්‍රථම වතාවටලු කෙල්ලෝ වාදබයිලා කියන්නේ http://www.youtube.com/watch?v=ANC62YL9vJk

      දිග කලිසම ඉස්සර ඉස්සෙල්ලාම ඇන්දේ උසස් පෙළට තමයි. බොහොම අමාරුවෙන් අම්මා එකක් මහලා දුන්නා. ඒකටත් පළවෙනි දවසෙම නියම වැඩක් වුනා. පස්සේ ලියන්නම්.

      උඹලා දිග කලිසම් ඇන්දේ හෝඩියේ පංතියේ ඉඳලමද 😀

      • හි… හි…… සමහර පැතිවල පොඩි කොල්ලොත් අදිනවා දැකලා තියෙනවා. ඒ මන්හිතන්නෙ මුස්ලිම් ලමයි.

        අපි නම් ඇන්දෙ 10 වසරෙදි. ආපෝ කියලා වැඩක් නෑ මුල් දවස් වල උදේට කිරි කොකා වගේ ගිහින් හවසට කණ කොකා වගේ එනවා. 😀

  17. මාත් වාද බයිලා තරඟයක් දැකලා නම් නෑ අරූ. ඒක හන්දා pass.

    නමුත් මට මතක් වෙනවා මේ බයිලා කෑල්ල

    කරුමෙට
    තමුසෙට
    ඔය කට
    ලැබුනට

    නනනන
    නනනන
    නනනන
    නනනන

    උඹට නෙවෙයි කිව්වේ හරිද?

    • ගොඩාක් අය දැකලා නැහැ තමයි ඩූඩ්. ඔය උඹ ලියලා තියෙන වර්ගයේ බයිලාවලට කියන්නේ හතර කොන බයිලා කියලා මගේ හිතේ. මේක අහලා තියෙනවාද? තාලය..කපිරිඤ්ඤා
      කැළණි ගඟේ පාවෙන්නේ නිල් උණ බම්බු
      රොයල් කොල්ලෝ ගිය ගිය තැන ගන්නෙම නම්බු
      බරොයල් කොල්ලෝ ගිය ගිය තැන ගන්නෙම නම්බු
      කැළණි ගඟේ පාවෙන්නේ නිල් උණ බම්බු

      • ඇයි උඹ මේක අහලා තියෙනවද?

        නාලන්දේ කොල්ලො වසයි
        යකඩ කඳං දෙකට නවයි
        ආනන්දේ පරිප්පුවෝ
        යකඩ කියා පපඩං කයි

        අනේ මේ වලියට නොවෙයි ආනන්ද සගයිනි, උඹලා ඔය පද දෙක මාරු කරලා කියාගෙන හිත හදා ගනිල්ලා.

      • @ ඩූඩ්………ඔය දෙකේම එවුන් යකඩ කියලා කන්නේ පපඩම් තමයි බං 😀

        මම ඉල්ලන් කන්නද මන්දා හදන්නේ.

      • මං හිතන්නේ බඩ කට පිරෙන්න පරිප්පු කාපු උදවිය නොසෑහෙන්න ඉන්නවා වගේ 😀

  18. deshakaya says:

    ඉස්සර තිබ්බ සංගීත සංදර්ශන වලට වාදබයිලා සෙට් ගෙන්නපු වෙලා තිබුන නිසා මම අහල තියෙනවා ඒවා…

    • දේශා……ඒ කියන්නේ වාද බයිලා ගායකයින් ඇතුවත් බැරි, නැතුවත් බැරි සයිස් එකට වැටිලා ඉන්න කාලේ වෙන්න ඕන.උඹට මේක මතකද?

      ඉඳා මල්ලි සත දහයක් බීපන් සෝඩා
      බයිලා පොළේ රෙන්නේ නැතුව අංගිලි පෝඩා
      බයිලා පොළේ රෙන්නේ නැතුව අංගිලි පෝඩා
      ඉඳා මල්ලි සත දහයක් බීපන් සෝඩා

  19. වාද බයිලා මමනම් දැකල තියෙන්නේ ඉස්කෝලේ ලොකුපන්තිවල උන් එහෙන් මෙහෙන් කුණුහරුපත් දාලා කියා ගත්තා ඒවා. තව TV එකෙමුත් දැකලා තියෙනවා. ඉතින් මේක කියෙව්වාම මමත් සජීවී බයිලා තරග දැක්කා වගේ තමයි

    • ගොඩක් ඒවා අතින් කුණුහරුප දාලා තමයි ඉස්කෝලවල්වල අපි කිව්වේ. ඉස්සර නැතිවම බැරි අයිටම් එකක්නේ.

      එකයි දෙකයි තුනයි කියලා දහයට ගැනපන්
      හෙන්දිරික්කා මල් අරගෙන බුදුන්ට වැඳපන්
      හෙන්දිරික්කා මල් අරගෙන බුදුන්ට වැඳපන්
      එකයි දෙකයි තුනයි කියලා දහයට ගැනපන්

  20. Senna says:

    මමත් වාද බයිලා සජීවිව දැකලානම් නැ. ඒත් අටමත් කියලා තියනවා වගේ ඉස්ස්කොලේදි කට්ටිය දෙකට බෙදිලා බයිලා තරග පැවැත්තුවා වගේ මතකයි. ඒවටත් අපිට බැරි වුනාට බයිලා කට පාඩම් කරන් හිටපු ඔස්තාර්ලා හිටියා.

    දැන් වාද බයිලා නැති වුනාට බ්ලොග් කියවන අපිට වෙන වෙන බයිලා තියනවනෙ. හොඳ වෙලාවට වොලීලා, එම් එස්ලා කලින්ම නැති වුනේ. නැත්නම් ලජ්ජාවට පුක හපන් මැරෙනවා ඒ මිනිස්සු. අම්මපා !

    • සෙන්නා…….රෑට වාද බයිලා බලලා පහුවදාට ඉස්කෝලේ තමයි ශිල්ප දක්වන්නේ. ඒවා බලන්න තිබුනා නම් වටිනවා බං.

      උඹේ තාත්තයි අපේ තාත්තායි එළාර යුද්ධේ
      බොගෙ තාත්තාගේ සරම කැඩුවේ සභාව මැද්දේ
      බොගෙ තාත්තාගේ සරම කැඩුවේ සභාව මැද්දේ
      උඹේ තාත්තයි අපේ තාත්තායි එළාර යුද්ධේ

      //////නැත්නම් ලජ්ජාවට පුක හපන් මැරෙනවා /////
      දවසේ කියමන!!!!!!!!!!

  21. සිරා says:

    අයියෝ….අපේ දෑස් මෙවැනි රසවත් යමක් ඒ කාලෙ ඒ විදියටම දැක ගන්න පින් කර නොතිබුනා නේදැයි සිතුනා…කිසිම සැකයක් නෑ…ඒ අය අව්‍යාජ කලාකරුවො…මේ ඉතිහාසය කියවන්න මම හරිම පෙරේතයි….ඒ කාලෙ ජීවත් වෙන්න තිබුනා නම් කියලයි හැමදාමත් හිතෙන්නෙ…ලොකු මාමෙ…මම වගේ ඇන්ටික් වාහන පෙරේතයන්ට දැනගන්නත් එක්ක ඒ කාලෙ වාහන….ඒවායින් පෙන්වපු තමන්ගෙ තත්වය…වගේ දේවල් ගැන ඉදිරියේදි වෙනම ලිපියක් ලියන්න…ජය !

    • සිරෝ….. ඒ කාලේ ඉපදුනා නම් උඹට ඔය වගේ කොම්පියුටර් කෙළිය ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ, වීඩියෝ ගේම් ගහන්න වෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා හොඳ සෙල්ලම් ගොඩාක් තිබුනා. මම වාහනවලට කවදාවත් ඇල්මක් තිබුනේ නැහැ සිරා. මම තාමත් ඔය වර්ග අඳුරන්නෙත් නැහැ වැඩිපුර. ඒ නිසා මට උඹ කැමතිම දෙයක්වූ ඒ ගැන කවදාවත් ලියන්න වෙන්නේ නැහැ.උඹට මම මතක බයිලා එකක් කියනම්.

      අහල පහල වැටවල් වල නැතිවෙන ජංගි
      ලැජ්ජ නැද්ද ඇඳන් යන්නේ උඹලගේ නංගි
      ලැජ්ජ නැද්ද ඇඳන් යන්නේ උඹලගේ නංගි
      අහල පහල වැටවල් වල නැතිවෙන ජංගි

  22. Senna says:

    අරූගේ ඉතිහාසය සොයා මම මේ දැන් ගියා. උඹ හෙන කල් ඉඳන්නෙ බ්ලොග් එක ලියලා තියෙන්නේ, එත් මමනම් උඹව බ්ලොග් වල දැක්කේ මේ ළඟකදි ඉඳන්..

    • සෙන්නා………මම බ්ලොග්ස් කියලා දෙයක් ලියන්න ගත්තේ 2010 විතර. ටික කාලයක් ලියලා නැවැත්තුවා. පස්සේ බ්ලොග්ස් කියෙව්වා විතරයි කමෙන්ට් කරේවත් නැහැ. මෑතකදි මම පැරාගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් දැම්මා . පස්සේ මාතලන් දැකලා මට කිව්වා ආපහු ලියන්න කියලා. මාතා සින්ඩියට දාලා අප් කරලා දුන්නා. චන්දන (නැවත ලිවීම සතුටක් ) තමයි මුලින්ම ෆොටෝ එකක් දාන හැටි කියලා දුන්නේ. ඒත් මට තාම ඒ වැඩ බැහැ. දැන් ඉගෙනගන්න හොරයි. රයිගම් තවත් සපෝර්ට් කරා පොඩි පොඩි අඩුපාඩු හදාගන්න. DDT ත් තව එකෙක්. නලීන් තමයි යෝජනා කලේ මේ වගේ සීරිස් එකක් ලියන්න. කෙන්ජි මුල ඉඳන් කමෙන්ට් කරා. සහනුත් හිටියා. ඉවාන් ඇතුළු තව අය බොහොමයි. ඔන්න ඕකයි කතාව සෙන්නා. මොරා පේන්නවත් නැහැ.

  23. වාද බයිලා කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ. කොහේද අපේ කලා නහර ඇරෙනකොට ලංකාවෙන් කලාව පිට වෙලා වෙන්නැති.

    • රංගී….ඒක නෙවෙයි වෙලා තියෙන්නේ.ඔයාගේ කලා නහර ඉලිප්පෙන කොට ඔයා ලංකාවෙන් පිටවෙලාද කොහෙද?

      වාද බයිලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හරි දැනගත්තා නම් ඒ ඇති. තව කොච්චර කාලයක් මේවා තියෙයිද දන්නේ නැහැ. මේ වාද බයිලා වැඩේ පෘතුගාලයේත් නැතුව ඇති මගේ හිතේ. මම දවසක් පරංගි යාළුවෙකුට වීඩියෝ ක්ලිප් එකක් පෙන්නලා ඇහුවා. උන් දන්නේ නැහැ මෙහෙම දෙයක්. හරියටම කියන්න මම දන්නේ නැහැ.

  24. Dinesh says:

    වාද බයිලා අහන්න ඒ තරම්ම අවස්ථාවක් මට ඇවිත් නෑ.. මේ වගේ වීඩියෝ දෙක තුනක් විතරයි මාත් බලලා තියෙන්නේ..

    • අපේ මල්ලිලා උනත් දැකලා නැහැ මගේ හිතේ. ඒ කාලේ වීඩියෝවත් තිබුනේ නැහැනේ. එහෙම නම් බලාගන්න තිබුනා. මේ අපි කොල්ලෝ කාලේ තරඟෙට කියපු බයිලා එකක්.

      හූනන් හික් මීයන් සහ කළු කැර පොත්තන්
      ඒ වගේම තමයි යකො මේ ගොන් *ත්තන්
      ඒ වගේම තමයි යකො මේ ගොන් *ත්තන්
      හූනන් හික් මීයන් සහ කළු කැර පොත්තන්

  25. නිකං says:

    පඳුරු තැලුවාම නොවැ රහ අයියේ.නැත්තං මෙතෙක් නොදැන සිටි මරදානේ රූබන් ගැනත් කිරිබත්ගොඩ පවුලිස් ගැනත් දැනගත්තේ කොහොමද?
    මේ ශිල්පින් ගැන ජාලයේ වෙන කොහේ ලියවිලා නැතිව ඇති සුවර් එකටම.පින්තුරයක් එහෙම තිබුනානම් මරේ මරු.
    මට මතක විදියට සුනිල් ආරියරත්න මහතාගේ බයිලා කපිරිඤඤා විමර්ශනයක් පොතේ එතුමා පිළිගන්නේ පුත්තලම පැත්තේ ඉන්න kaffir ගාව විතරයි නියම බයිලා ඉතිරිව ඇත්තේ වගේ මතයක්.එතුමත් වාද බයිලා දෙකේ කොලයට දාපු බවක් පේන්න තියේ.
    youtube එකේ ගිය වාද බයිලා වැඩ සටහනක දෙහිවල සුමතිපාල පෙරේරා මහතා වාද බයිලා ගැන පොතක් පල කර ඇති බවක් ද ඔහු සහ පර්සි රාජපක්ෂ දෙපල වාද බයිලා පුහුණු පංති පවත්වන බවක්ද සඳහන් වුවා.

    • නිකං……..උඹ බ්ලොග් එකක් ලියනවාද?

      මේ ශිල්පීන්ගේ ෆොටෝස් නම් කොහේ තියනවාද කියලා හොයන්න බැරුව ඇති. තිබුනා නම් මසුරන්. උඹට හමුවුනොත් මටත් ලැබෙන්න සලස්වපන්. සුමතිපාල පෙරේරා ලියපු පොතේ නම මොකක්ද? මට ආසයි ගෙන්වගෙන කියවන්න. සමහරවිට ඒකේ ෆොටෝස් ඇති.

      සුනිල් ආරියරත්නයන්ගේ පොතත් මට කියවන්න ලැබිලා නැහැ. ලඟදිම ට්‍රයි එකක් දෙන්න ඕන. උඹ මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුයි කියා හිතනවා. දන්න දෙයක් තියෙනවා නම් ලියපන්. මට ලියන්න තියෙන්නේ මතකය විතරයි. මෙන්න එදා ඇහුනු වාද බයිලා එකක්.

      කනවා කියලා කනවද මස් කරේ දාගෙන
      බොනව කියලා මොටද බොන්නේ වමනේ දාගෙන
      බොනව කියලා මොටද බොන්නේ වමනේ දාගෙන
      කනවා කියලා කනවද මස් කරේ දාගෙන

      • නිකං says:

        නැහැ අයියේ මේ කප්පරක් තියන ඒවා කියවන්නත් වේලාව මදිවෙලා තියෙන්නේ.
        මාත් ඒ පොතේ නම හොයනවා.
        ඔය උඩහින් ලියල තියන අකලංක බැස්ටියන්ගේ ලිපිනය නම් තියනවා ඒකත් හොයාගත්තේ ජාලයෙන්ම තමා.මෑන්ස් ඔය ගැන දන්නවා වෙන්න ඕනි.
        අය්යාගේ e -mail එක මොකක්ද?

  26. නිකං says:

    ආ තව මඩකලපුව පැත්තෙත් බයිලා තියනවා අයියේ.බර්ගර් අය තමයි වැඩේ රන් කරන්නේ මෙතන බලන්නකෝ.

  27. sudeeka says:

    1990 – 1992 වගේ කාලේ ටී.එන්.එල්. එකේ ගියා වාද බයිලා. මම මුලින්ම පන්තියේ කොල්ලෝ කියන ඒවාට පස්සේ වාද බයිලා දැක්කේ එතනින්. මමත් ලොකු මල්ලීත් වරද්ද්දන්නේ නැතිව බැලුවා. මට මතකයි එයාලා “ෆිලැන් ද වෝල්” කියලා ශෛලියකටත් කිව්වා. මම හරිද මන්දා ? මොනවා වුනත් සරල මිනිස්සු ටිකක්. මේවාට තැන නැති වුණේ එයාලගෙත් එක්ක අත්වැල් බැඳ ගන්න ඊළඟ පරම්පරාවක් නැති වුණ නිසා.

    • සුධීක…….ෆිලන් ද වෝල් කියන තාලය ඔයා කිව්වාමයි ටිකක් ක්ලික් වුනේ. තාල රාශියක් තිබුනා. මේ කලාව රස්තියාදුකාරයෙන්ගේ කලාවක් විදිහට හංවඩු ගහපු කරුමේ තමයි උනේ. ඔක්කොම ගියා කෝරස් බයිලා කියන්න.

  28. Pra Jay says:

    සුසිල් ප්‍රෙම්ජයන්ත ඒ කාලෙ කිව්වෙ නෑද්ද?

    • මෑන් ඉස්සර නම් කිව්වේ නැහැ. දැන් නම් කියන්නේ බයිලාම තමයි. ලඟදිම බයිලා හිරවෙයි.

      බයිලා හිරවෙනවා කියන්නේ ඊලඟට වාඩිවෙලා ඉන්න කෙනාට ඒ සැණින් උත්තරය දෙන්න බැරිවුනාම. එතකොට ඊටත් එහා ඉන්න කෙනා මයික් එක උදුරන් මේ වගේ එකක් කියනවා. නැත්නම් රිද්ම් එක බ්‍රේක් වෙනවනේ.

      මොකද මල්ලි මොකද මල්ලි බයිලා හිරවෙලා
      වෙද මහත්තයා දෙන්න කිව්වේ ගැරඬි තම්බලා
      වෙද මහත්තයා දෙන්න කිව්වේ ගැරඬි තම්බලා
      මොකද මල්ලි මොකද මල්ලි බයිලා හිරවෙලා

  29. nirmala says:

    //මා අදටත් ඔවුන් සිකරන්නේ නිර්ව්‍යාජ කලාකරුවන් ලෙසය. ඔවුන්ට නොතිබුණේ මුදල් පමණය.//
    ඒ ඔහුන් මුදල් පසුපස කලාව පාවා නොදුන් නිසාය….

    ඇත්තෙන්ම අරූ, අද මේ කිනම් පරිණාමයක්ද. පරිණාමය පරිසරයට සුදුස්සන් තෝරන බව කියයි. අපේ දිවයිනේ මිනිස් පරිණාමය කොයිබටද?
    යතාර්ථය සෞන්දර්යාත්මක ලෙස මිනිස් මනසේ ප්‍රකෘත්තිමත් කිරීම හොඳ කලා කෘතියක ලක්ෂණයක් කියා අසා ඇත්තෙමි. නමුත්! අද බොහෝ සාහිත්‍ය නිර්මාණ කොයිබටද?

    • නිර්මලා……ඔබ නිතරම සමාජය යහපත් ප්‍රවේශයකට යොමුවීම ගැන ධනාත්මකව සිතන කෙනෙක්. මේ යන විදිහට ඒක ඉතා දුර ගමනක්. බැරි නැහැ. හැබැයි අපි බොහෝ දුරට කුණුවෙලා ඉවරයි. ඒක ඇස් පනාපිට පේන්න තියෙනවා. කොහෙන් පටන් ගන්නද? සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන හැම පැත්තකින්ම කුණුවෙවී ඕජස් ගලනවා.

  30. කවදා හෝ කාට හෝ ප්‍රයෝජනයට ගනු පිනිස.

  31. damith says:

    මමත් හරි ආස සින් එකක් ඔය වාද බයිල.සජිවිව නම් දැකල නැ.ඉස්සර ට්‍රිප් යනකොට අපි ඔව කියනව.අය අටම කියපුව වගෙ එව.

    • දමිත්…….අටමා කියපු ජාතියේ ඒවා තමයි අපි ඔක්කොම කිව්වේ. ඒ වර්ගයේ ඒවා තමයි තාමත් මතක. ඊට වඩා හොඳ තේරුමක් ඇති වැදගත් දේවල් ඔය දෙන මාතෘකා ඔස්සේ ඒ ශිල්පීන් ගැයුවා. හැබැයි බරපතල වචන වෙනුවට එදිනෙදා පාවිච්චි වෙන සරල වචන තමයි යොදාගත්තේ.

  32. Indika Upashantha says:

    කට කහන පෝස්ට් එකක්. ගල්කිස්සෙයි, ගොනාකෝවිලෙයි තමයි මාත් පොඩි කාලෙ ඉඳල හැදුනෙ. තනිකර වාද බයිල රාජධානි. විශේශයෙන්ම කල්දෙමුල්ල, අඟුලාන, කොරළවැල්ල පැත්තෙ බයිල කාරයොම තමා. ගොනාකොවිලේ අවුරුදු උත්සවය, අඟුලානෙ, කල්දෙමුල්ලෙ ඔය තුනම ඉවර වෙන්නෙ බයිල තරඟ වලින්.

    හප්ප බලන්න එපැයි ඒසිරිල, කුසුම්පාලල බයිල කියන ලස්සන.

    මාත් ඉස්කෝලෙ බයිල කිව්ව. මාතලන් කියන්න වගේ තාම කියන්ව. මේන් බලහන් ඔය බයිල ගැන මම ලියපු පෝස්ට් එක.

    http://upashantha.blogspot.com/2011/12/blog-post_24.html

    ඉස්සර අනූවෙ අපි ඒ ලෙවල් කරන කාලෙ තමයි අර ටී එන් එල් බයිල සීන් එක පටන් ගත්තෙ. දවසක් අපේ පන්තියෙ උන් දෙන්නෙක් ගෙදර එනකොට කල්දෙමුල්ලෙ ප්‍රජා සාලාවෙ මෙන්න ඉන්නව අර දිළිසෙන සූට් ගහල ටීවි එකේ බයිල ගහන අය්යල සෙට් එක සරම් ගහල, කමිස නැතුව කැරම් ගගහ, පත්තර බල බල. අපේ උන්ට හෙන සතුටුයි. ආයි පාරක් ගෙදර ඉඳන් මා එක්ක ගිහින් ඒසිරි අය්යලත් එක්ක පොඩි කතාවක් දාල එහෙම තමා ගියෙ.

    දැන් උන් සෑහෙන්න අවුල්. එකෙක් දෙන්නෙක් කසිප්පු වලටම මලා. කොටිම්ම දැන් තාල විසි ගානට රවිකිඥ්ඥ ගහන්න එකෙක් නෑ.

    උඹෙ පෝස්ට් එකේ සමන් ද සිල්ව ගෙ බයිල ගැන තිබෙ නෑ වගේ. ඌ තමා වොලීගෙ බයිල ටික අල්ලන් ගොඩ ගියෙ.

    දැන් ඉතින් ආයි බයිල බලන්න වෙන්නෙ පාර්ලිමේන්තුවෙ විතරයි. ඒ කළාව ඉවරයි. අර කෙල්ලො ටික කිව්වට කියන්නෙ හිටිවන බයිල නෙමෙයි පාඩම් බයිල. මෙලෝ රහක් නෑ.

    තව සෑහෙන්න කියතෑකි, ඒත් ඉතින් හිතේ අමාරුව විතරයි බන් අපිටත් ඉතුරුවෙන්නෙ.

    මෙහෙම හරි ජාලෙ බයිල කළාව ගැන යමක් ලිව්වට පින්!

    • මෙන්න තවත් ආතල් කමෙන්ට් එකක්. වාද බයිලා රසවතෙක්. මමත් පසු කාලයක දෙහිවල, ගල්කිස්ස පැත්තේ පදිංචි වෙලා හිටියා. උඹ කියන පැති බයිලා රජ දහන් තමයි. මම අඟුලාන රත්මලාන ඇවිත් තියෙනවා ඕවා බලන්න.

      මම උඹේ පෝස්ට් එක කියෙව්වා. හරිම රසවත්. කකාගේ සහ උඹේ පෝස්ට් වේලාසනින් කියවලා තිබුනා නම් ඒ කරුණු වලිනුත් එකතුවක් දාන්න තිබුනා.

      ඔය බොහොමයක් ශිල්පීන් නැතිවුනේ කසිප්පු අරක්කු වලින් තමයි බං. තරඟවලට ආපුවහාම පදම් වෙලානේ ඉන්නේ. දැන් නම් ඒ තත්වය අඩු ඇති. රූපවාහිනි වලට යන්න බැහැනේ ඩෝප් සීන් එකේ.

      අර කෙල්ලෝ පර්සිගෙයි සුමතිපාලගෙයි දුවලා. උඹ හරි ඒ ගොල්ලෝ කියන්නේ පාඩම් බයිලා. සමහර ඒවා තාතලා කියපුවා.

      සමන් සිල්වා තාම ඩුවන්නේ අයිරින් ජොසපින්ලා ගෙන් තමයි. මම ලිව්වේ නැත්තේ කෝරස් බයිලා වෙනුවට වාද බයිලා ගැන පමණක් ලියන්න හිත්පු නිසා.

      මම උඹේ කමෙන්ට් එක ඉතා ඉහලින් අගය කරනවා.!!!

  33. Chandana says:

    මේ ලිපි සෙට් එක සෑහෙන්න දුර ගිහින් නෙ.. පුළු පුළුවන් විදිහට පස්සෙනම් එලවන්නම්.

    මට මතකයි TNL ඒකෙ සෙනසුරාද නැත්නම් ඉරිදා රෑ තිබුණු සංගීත වැඩසටහනකට බයිලා ශිල්පින් කිහිප පලක්ම ආව. දැන් නම් වශයෙන් මතක නැති වුනත් එක ශිල්පියෙකුගේ දියණියන් දෙදෙනෙකුත් ඇවිත් හිටියා වාගේ මතකයි.. ඔවුනුත් ගායනය කළා.
    ඇත්තටම බයිලා මැද කියවෙන කපිරිඤ්ඤා, ආයම්මා, මිඥ්ඥමායි, ආතර් සිංඤෝ, උසි උසී වචන වලින් තාලයක් කියල දැනගෙන හිටියේ කපිරිඤ්ඤා විතරයි. අනෙක් ඒවා මං හිතුවේ පෘතුගීසි වචන සෙට් එකක් විතරයි කියල.

    ස්තුතියි අරූ.. මේ ලිපිය කියවන්න දවස් දෙකකය විතර කලින් ආවත් ආයේ හෙමින් කියවන්න ඕන කියල හිතුනු නිසා පසුවට තියා ගත්ත. ඔන්න අද තමයි ආයේ ආවේ.

    • චන්දන……උඹ නැවත බ්ලොග් ලෝකයට ආපු එක සතුටුයි. නියම බ්‍රේක් එකක් ගත්තා නේද? උඹ මට මුලින්ම උදව් කරලා තියෙනවා. ස්තූතියි!

      මගේ ලිපි සෙට් එක උඹ නැති කාලේ දිගට ආවා. හෙමින් කියවපන්. අවශ්‍ය තැනක කමෙන්ට් එකක් දාන්න. පරක්කු නැහැ.

      මටත් වඩා මේ තාල ගැන ඉන්දික දන්නවා ඇති කියා හිතුනා ඒ කමෙන්ට් එක දැක්කාම. මට සමහර දේවල් අමතකයි.

  34. ඇත්තය අපි සජීවී වාද බයිලා තරග දැක නැත නමුත් ටෙලිවිසොං එකේ දැක ඇත.. ඒවා ඔබ කියූ ඒ වාද බයිලා වලට වෙනස් බව මගේ හැගීමයි. මන්ද එහි බොහෝ විට සිදුවන්නේ යම් මාතෘකාවක් ඔස්සසේ කරග වැදීම බැවිනි. ඒත් මං පොඩි කාලේ ආසාවෙන් බැලූ එකම දේ නං ඔය වාද බයිලාය. වෙලාවකට උණුසුම්ය… වෙලාවකට සංවේදීය.. මට මාර ජොලිය. අපේ පැති වල නං කවදාවත් වාද බයිලාවක් තිබී නැත. දැං කාලේ ඉන්න උං ටෙලිවසොං එකෙන් වත් ඕවා දැක නැති බව මට බුදු ෂුවර්ය. දැං කාලෙ ඉන්නා කොලු කුරුට්ටං දන්නේ අර මහ මඩ වලේ උන්නේ බයිලාය. ඒවා අහන කොට වාද බයිලා මොනවාද කියා මටත් සිතී ඇති බව කිව යුතුය..

    බොරු නොවේ මට ඇත්තටම ඊරිසියා හිතුනි ඒ ඔබ ඇත්තටම වාද බයිලා බලන්නට ගියා යැයි කියූ නිසාය… මේ සාවියේ කොහේ වත් එවන් වූ දෙයක් නොතිබූ නිසා අපිට ඒ අත්දැකීම නැත..
    ස්තූතිය් ඔබට වටින කාරණා කිහිපයක් මා දැනගත්තෙමි

    • /////ඇත්තය අපි සජීවී වාද බයිලා තරග දැක නැත නමුත් ටෙලිවිසොං එකේ දැක ඇත.. ඒවා ඔබ කියූ ඒ වාද බයිලා වලට වෙනස් බව මගේ හැගීමයි. මන්ද එහි බොහෝ විට සිදුවන්නේ යම් මාතෘකාවක් ඔස්සසේ කරග වැදීම බැවිනි. /////
      මහේෂ්… වාද බයිලා තරඟ වලදී වෙන්නේ විනිශ්චය මංඩලය දෙන නොයෙකුත් මාතෘකා මත ඊට අදාලව තරඟ කිරීමයි. ඒ අතරතුර විනිශ්චය මංඩලය කියනවා මාතෘකාවක් නැත..සංවාදය විවෘතයි කියලා. එතකොට තමයි නැගලා යන්නේ. කට්ටිය මඩ ගහ ගන්නවා. හෙන ජොලි බයිලා යන්නේ.

      එදා තරඟ වල දුන් සමහර මාතෘකා..

      ගෑණු සියුම්ද..දරදඬුද
      වඩා හොඳ බස් සේවයද කෝච්චිද
      පොලීසිය හොඳද නරකද
      මව්කිරිද පිටිකිරිද

      ඔන්න ඔය වගේ…

      • එවැන්නක් නොදඅන සිටයෙමි.. ස්තුතිය කියා දුන්නාට…
        අර ගෑණු සියුම්ද..දරදඬුද වගේ එකකට මොන මොන දේවල් කීවද කියල හිතෙනව ඇබැයි පට්ට ජොලියක් තියෙන්න ඇති ඈ

      • ජොලියේ හොඳම එක මහේෂ්….ශෘංගාරය බේරෙනවා.

  35. වාද බයිලා වලට මමද හරිම ආසය. එත් සජීවීව දැකලා නැතිය. ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය කවි මඩුව නම් ආසාවෙන් බලුවෙමිය

    • පවුලිස්………කවි මඩුවල වැඩේ වාද බයිලා වලට වඩා ලේසියි. කවියේ රිද්මය අනුව පද හතර කියලා ඉවරවෙනකොට ඊලඟ කෙනාට උත්තරය හදා ගන්න ඕන තරම් වෙලා තියෙනවා. පොඩි ෂොට් එකක් ගහලා බුලත් විටක් කාලාත් එන්න පුළුවන්. 😀
      වාද බයිලා රිද්මය වේගවත් නිසා ඊලඟ කෙනාට මෙයා කියන එක අහගෙන ඉඳලා ඒකට මාතෘකාවට අදාලව උත්තරයක් හදාගන්න තියෙන්නේ තත්පර ගානයි. ලේසි නැහැ බන් සෑහෙන්න බොන්න ඕන.

  36. Niroshini says:

    අපේ කාලේ ඔහොම ඒවා තිබුනේ නෑනේ 😦 අර යූටියුබ් සිංදු ටික ඇහුවා.. ඒකෙ මට කැමතිම හිතුනේ “එන්න පුළුවන් මිනිහට ආසයි අත දෙන්න” කෑල්ලට.
    මේ මිඥ්ඥමායි කියන්නේ ගෑනු කෙනෙක්ගේ නමක්ද? අපේ රටේ නැද්ද මේව සංරක්ෂණය කරන්න එහෙම පිළිවෙලක්? 😦

    අර ‘නිල් උණ බම්බු’ සිංදුව නම් අපිත් කිව්වා ඉස්කෝලේ ට්‍රිප් එහෙම යද්දී…(හැබැයි රෝයල් කොල්ලෝ කෑල්ල වෙනස් කරල 😀 )
    ඒ කාලේ ඉස්කෝලේ ළමයි අතරේ ඔය වගේ සිංදු කෑලි ගොඩක් තිබුණා. බයිලා ගණයට අයිති වෙනවද මන්දා…ගොඩක් වෙලාවට ‘සෙත් සිරි දෙන මහෙන්’ පටන් ගත්තම නොන් ස්ටොප් කියාගෙන කියාගෙන යනවා…අර නිල් උණ බම්බු එක්ක තව මහා ගොඩක් තිබුනා නැන්දේ මාමේ, චුඩ මාණිකේ, සීගිරියේ ගල මුදුනේ, ලෝකේ නිකම් බෝලේ වගේ…ඔහොම ඔහොම පිස්සු ඒවා ගොඩක්. ඕන ඕන විදියට අපිම එඩිට් කරන් තමයි ඕව කියන්නේ ඉතිං

    • නිරෝ……වාද බයිලා නම් සංරක්ෂණයක් වෙලාම නැතුව ඇති මගේ හිතේ. නමුත් පසු පරම්පරාවල ශිල්පීන් දෙදෙනෙක් නම් කලායතන දෙකක් පවත්වාගෙන යන බව දන්නවා. ඒවත් නාමිකව තියෙනවා ඇති. ඒ අයගේම දරුවෝ උනත් ඔය වැඩේට යන්නේ නැතුව ඇති. ආදායමක් ලැබෙන වැඩක් නොවේනේ. සංරක්ෂණය කරපු දේවල් බේරාගන්න බැරි රටක අනිත් දේවල් කවර කතාද?

      ඔබ ලියා ඇති සමහර බයිලා කොටස් වාද බයිලා නොවුනාට ඒ ඇසුර තියෙනවා. බොහොමයක් කෝඅරස් බයිලා වලට මග පෑදුනේ වාද බයිලා වලින් තමයි. සමන් සිල්වා නැගලා ආවේ වොලී බැස්ටියන්ගේ පරණ වාද බයිලා මුල් කරගෙන.

  37. මුලින්ම උඹගේ කථාව කියැවීමට ප්‍රමාදවුවාට සමා වෙයං. වෙනදා වගේම කියන්න දෙයක් නැත. උඹ ලිවීමේ රැසියෙකි. උඹේ කථාව අප බහුතරයකගේ කථාවයි. ඒ පල් හෑලි යනු උඹගේ ජීවිතයයි. ඒ හෑලි ඉවත් කලොත් උඹ ලියනුවේ උඹ ගැන නොවන බැව් මගේ හැඟීමයි. උඹට ජය!!

    • ////මුලින්ම උඹගේ කථාව කියැවීමට ප්‍රමාදවුවාට සමා වෙයං/////
      එහෙම දෙයක් නැහැ බං…මේ හැම බයිලාවක්ම කොටන්නේ කොච්චර වැඩ අස්සෙද? ඒ එක්කම ආදරේ කරන්නත් තියෙනවානේ. මම දැන් එයාට වඩා ලැප්ටොප් එකට ආදරෙයි කියලා පැමිණිලිත් තියෙනවා. ලැප් එක උඩ ටොප් වෙන අයට අපි ආදරෙයි කියලා තමයි මම කියන්නේ 😀

  38. මමද වාද බයිලාවට මෙන්ම හිටිවන කවියටද මහත්සේ ඇළුම් කලෙමි. මට හිටිවන කවි කීමේ හැකියාවක් එකල තිබූ අතර එය ප්‍රගුණ නොකිරීම ගැන අදටද ඇත්තේ දුකකි.

    • මටත් පොඩ්ඩක් හිටිවන කවි කියන්න පුළුවන් කමක් තිබුනා..තාත්තාට කවි ලියන්න පුළුවන් ඉස්සර. ප්‍රගුණ නොකරපු දේවල් තව කොච්චර ඇතිද බං 😀

  39. http://manogeloka.blogspot.com/ says:

    අරූ පොස්ට් එක දාපු දවස්වලම කියෙව්වත් කම්න්ට් කරන්න බැරි වුණානේ.
    අපේ උපන්ගම ගල්කිස්සනේ අරූ.අනික ඔය එම්.එස් අපේ නෑ වෙනවා. එම්.එස් අපේ සීයාගේ මාමාගේ පුතා.අරූ කියලා තියන එම්.එස් ගේ ගෝලයා වුන මිල්ටන්ගේ දුව බැන්දේත් එම්.එස් ගේ මල්ලි වෙච්චි වෝල්ටර් ගේ පුතාවයි.
    බයිලා කලාවට මමත් හරිම ආසයි.හැබැයි මමවත් තවම සජීවී බයිලා තරගයක් නරබා නැහැ.දැන්නම් ඉතින් ඔය බයිලා ශිල්පින්ට වඩා හොදින් බයිලා කියන අය ඔය ඕනතරම් ඉන්නේ…:)
    (මනෝ…)

    • හරි සතුටුයි මේ විස්තරය කියෙව්වාම. මම එම්.එස්.ලාගේ ගෙදරත් ගිහින් තියෙනවා. එම්.එස්.ගේ අම්මාත් හිටියා මතකයි. වෝල්ටර් නම් තාම කොල්ලා වගේ ඉන්නවා නේද? ෆිට් බුවාලා තමයි ඔය සෙට් එක. මවුන්ට් චයිම්ස් අපේ යාළුවෝ ඉස්සර. ඩ්‍රම්ස් ගහපු පොඩිම එකා මාත් එක්ක සෙට් වෙනවා. මම ගල්කිස්සේ කාලයක් හිටියා, වල බැස්සා, මගේ පළමු රස්සාවත් ගල්කිස්සේ. තව බොහෝ දේ තියෙනවා ගල්කිස්සට සම්බන්ධව. කවදා ලියලා ඉවර කරන්නද මන්දා.

      • http://manogeloka.blogspot.com/ says:

        අරූ දන්නවා ද එහෙනම් “මවුන්ට් චයිනීස්”බෑන්ඩ් එකත්.ඔය බෑන්ඩ් එක ඩයස් මාමගේ බෑන්ඩ්එක.ඩයස් මාමා කියන්නේ අපේ සීයාගේ නංගිගේ මහත්තයාට.බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගැහුවේ චුට්ටා,නිමල්,රංජි එහෙමත් බෑන්ඩ් එකේ සෙල්ලම් කලා.ඔය ඔක්කොම අයියලා,මල්ලිලා.අපේ තාත්තාගේ සහෝදරයෝ.වෝල්ටර් නම් තාම කොල්ලා තමයි.සමහරක් විට අරූ දන්නවාත් ඇති අපේ තාත්තාව එහෙම. කොහොම හරි ඒ කතා ටිකත් ලියමු.

      • අපොයි මම ඔය සෙට් එක දන්නවා. චුට්ටා නොහොත් චන්ද්‍රා ඩයස් මට වඩා වැඩිමල් උනත් අපි කෑවා බීවා එකට. මම උන්ගේ ගෙදරත් ගිහින් තියෙනවා. තට්ටු දෙකේ ගෙයක් තිබුනේ සීසයිඩ් එකේ.

  40. Anonymous says:

    අරූ… මම අදයි ආවෙ.. මේක මරූ….

    • වෙල්කම් ඇනෝ….

      හිටපන් සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
      මේක බජව් දාන ගුණේ අයියාගේ කාමරේ…….

      මස්කට්ද ඕන පැණි බූන්ඳිද.. 😀

  41. සුමතිපාල මහතාගේ බයිලා ප්‍රබන්දයන් හා ගායනයන් කිහිපයක් පහත දැක් වේ.
    +
    විහද මින් සුවඳ සඳුන් – ගොස්
    ඈත ගණන් යොදුන්
    වෙස ඟනන් කියන – ළඳුන්
    මෙහෙණියන් කළේ බුදුන්

    මළ පුතු කර ගසා – හැඬුව
    කුලගෝතමි කිසා
    එළඹුන දුක නසා – ගත්ත
    බල සමිඳුගෙ අසා

    බගවත් ඉස්සුනා – කියා
    කවදත් දොස් ගෙනා
    නිවනත් ගැස්සුනා – නේද
    දෙව්දත් මස්සිනා

    නිල්මිණි පද රැසක් – මවයි
    තොල් මත අද හසක්
    බඹරු – කුල් මත් වන රසක් – කොහෙද
    මල් කෙමියක මිසක්

    හිමි – වියෝ වන විට – පතිදම්
    නියෝගය පිට
    ගියෝ තපසට – වනයට
    ලියෝ පෙර සිට

    බහත් තදවිය – සිල් ගුණ
    මහත් ඇද විය
    පහත් උදවිය – ලබයිද
    රහත් පදවිය…

    12:12:10

  42. අපේ අල්ලපු ගෙදර (http://helmalu.blogspot.com.au/2016/05/blog-post_9.html) බයිලා සාජ්ජේ ( ඌව පළාතේ) මේ වාද බයිලා කොටසකුත් තියෙනවා .. එකේ කියැවෙන සමහර දේවල් යන්තම් මතකයි .. “රේලු පාරේ මම යනකොට බල්ලෙක් බව් බව්- පස්ස හැරිලා බලන කලට බැල්ලියෙකුට ලව්..” ගහේ කුරුම්බා පොල් වෙන්ට ඉඩ දෙමු- වරෙන් මචං බයිලා ටිකක් තරඟෙට කියමු” ….. රේල් පාරේ මම යනකොට ගිරා මැච් එකක් – එක ගිරවෙක් දෙකට නැමිලා ඇරියා පැච් එකක් “

  43. Sam says:

    හරිම වැදගත් විස්තරයක් අපි වගේ බයිලා රසිකයන්ට. ඔබතුමා ළඟ තියෙනවද ඇම් එස් ප්‍රනාන්දු මහත්තයා වාද බයිලා කියන හඬ පටයක් හෝ වීඩියෝ පටයක්?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s