අවුල් වන්නට පෙර (27) සංගීතේ රසේ වෙලී…..

ලයිව් ෂෝ” කියන්නේ කණ පැලෙන්න අහන්නට සලස්වන සංගීත ඝෝෂාවත්, ශිල්පීන්ගේ හූ තැබීමත්, වේදිකාව උඩි යටිකුරු වෙන දැඟලීමත්, නළඟනගේ රැඟුම්ද ඇතුළත් විකාර රූපි තත්වයක් බව දැන ගත්තේ පසුගිය දශක කිහිපයකට පෙර සිටය. මා කියන්නට උත්සාහ කරන 70-80 යුගයේ “ලයිව් ෂෝ” යැයි කියා දෙයක් තිබුණේ නැත. සංගීත සංදර්ශනයක් නැත්නම් අපේ භාෂාවෙන් “සංගීතයක්” කියා කිව්වේ ගායක ගායිකාවියන්, නිවේදකයන් සහ වාදක මංඩලයක් එකතුවී කාටත් දොරවල් විවෘතවු සංගීත සන්ද්‍යාවන්ටය. මෙවැනි සංදර්ශන උත්සව සමයන්ට අමතරව නොයෙක් නොයෙක් හේතුන් මත පැවත්වුණි. ඒ යුගයේ මේවා සංවිධානය වුණේ ගමේ තරුණ සමාජ හෝ ඒ වෙනුවෙන්ම එකතුවූ අයගේ මූලිකත්වයෙන්ය. මේ හැම සිදුවන්නේ ගමේ මිනිස්සුන්ගේ එකඟත්වත්වයෙන් සහ උදව් පදව් තුළින්ය. එක් එක් ගායක ගායිකාවන්ට ගෙවීම් සිදුවූයේ , ඒ ඒ ශිල්පීන් ගෙන්වීමට මූල්‍ය අනුග්‍රාහිකත්වය දැරු අවට ව්‍යාපාරික ගොන්න නිසා විය යුතුය. මෙවැන්නක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නුගේගොඩ, මහරගම, කොහුවල, කළුබෝවිල, ඇඹුල්දෙණිය මේවාට ප්‍රසිද්දවූ අප අවට ගම් පළාත්ය. මිරිහාන පොලීසිය අනුග්‍රාහයෙන්ද මෙවැනි දේ සිදුවිය. යම් තරමකට හෝ මහජන සම්බන්ධතා පවත්වා ගැනීමට පොලීසිය කල්පනාකාරී විය.

1970-1980 යුගයේ සිංහල සංගීත සංදර්ශන වේදිකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වාදක කංඩායම වූයේ ජයතිස්ස හෙට්ටිආරච්චි ප්‍රමුඛ සත්සර වාදක මංඩලයයි. මෙහි දක්ෂ වාදක ශිල්පීන් රැසක් විය. පැට්‍රික් දෙණිපිටිය කොම්බෝ, සියැක් යනු තවත් එවැනිම වාදක කංඩායම් දෙකකි. අර්නස්ට් සොයිසා, සරත් අල්විස්, ස්‍රීකාන්ත් දසනායක, සුසිල් පෙරේරා, උපාලි කන්නගර එවැනි මතක හිටිනා චරිතයන්ය. තවත් එවැන්නෝ බොහෝමය. ඉතාමත් චාම් වේදිකාවක් සහ සංගීත භාණ්ඩ කිහිපයකින් පොල් කොට වේදිකාව සැරසිනි. ලීඩ්, බේස්, රිදම් ගිටාර්ස්, විදුලි ඕගණය, ඩ්‍රම් සෙට් එක යන දේවලට මෙය සීමා විය. පැට්‍රික් දෙණිපිටිය නම් දක්ෂ සංගීත සංයෝජකයා , හවායියන් ගිටාරයේ අති දක්ෂයෙක් නිසා, ඔහුගේ කංඩායාම ඇති තැනක එයද අපි දුටුවෙමු. බේස් ඩ්‍රම් එක නම් වූ මහා බෙරයේ ප්‍රේක්ෂකයාට පෙනෙන පැත්තේ තම වාදක මණ්ඩලයේ නම පෙනෙන්න්ට ලියා තිබුණි. වේදිකාවට ශිල්පීන් ගොඩවූයේත් එක්තරා අනු පිළිවෙළකට යැයි කිවහොත් එය වැරදි නොවේ. එය සාමාන්‍ය ගීතවලින් පටන් ගෙන බයිලාවලින් අවසන්වෙන ඉසව්වක් කර ඇදී ගියේය. වේදිකාව ඉදිරිපිට නටා විනෝදවීමට යුහුසුළුවූ අපට වඩ වයසින් වැඩි තරුණයෝද බොහෝ වූහ.

සියැක් වාදක මංඩලය බොහෝ දුරට වාදනය මෙහෙය වූයේ ජාතික ලොතරැයි මංඩලය විසින් පැවැත්වූ සංගීත සැඳෑවන් සඳහාය. මෙය ලොතරැයි දිනුම් ඇදීම හා සමගාමීව පැවැත්වුණි. ඒ කාලයේ ලොතරැයි මුල් දිනුම වූයේ මෝටර් රථයකි. ලොතරැයි පතේ එම දිනුමට අදාළ මෝටර් රථයේ දළ රූප සටහනක් මෙන්ම, වර්ගයත්, අනිකුත් විස්තරත් මුද්‍රණය කර තිබුණී. මට මේ ගැන එතරම් මතකයක් තිබෙන්නේ, අපේ බන්දුල අයියා සතුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ ආරම්භයේ සිටම 70-80 දශකය දක්වාම නිකුත් කරන ලද සෑම ලොතරැයි පතකම එක ටිකට්පතක් ඔහු එකතු කිරීමට පුරුදුවූ සිටි නිසාමය. sweep ticket” (https://www.facebook.com/OldeCeylon/photos_stream)

සංදර්ශන වේදිකාවේ තවත් වැදගත් කොටසක් ඉටුකරේ නිවේදකයින්ය. මට හොඳින්ම මතක ඇති ගුණසේකර කේ පතිරණ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, නෙල්සන් අබේකෝන් මේ යුගයට අයිතිවේ. නෙල්සන් අබේකෝන් වේදිකා නිවේදනය වෙනත් ඉසව්වකට ගෙන ගිය නිවේදකයෙක් විය. සංදර්ශන සඳහා ඇලවෙන ප්‍රචාරක දැන්වීම් තුළ නිවේදකයා කවුද යන්න ලොකු අකුරින් සඳහන් වී තිබුණි. හේමසිරි හල්පිට, තිලක් කුමාර රත්නායක පසුකාලයකදි ජනප්‍රිය සංගීත සංදර්ශන නිවේදකයින් වූ බව සඳහන් කිරීම වටී.

වාදක මණ්ඩලය හඳුන්වා දීමත්, සංවිධායකයින්ට ස්තූතිය පලකිරීමත් සමගම වේදිකාවට කැඳවන්නේ අවට ගම්වාසී ආධුනික ගායන ශිල්පීන්ය. මොවුන්ට අතහිත දීමත්, ප්‍රසිද්ධ ගායකයින් පැමිණෙන තෙක් ප්‍රේක්ෂකයාට යමක් ඇසීමට සැලැස්වීමත් මෙහි මූලික අභිප්‍රාය වන්නට ඇත. ඉන් පසු නැගී එන නවක ශිල්පීන්ගෙන් පසු අනිකුත් ගායක ගායිකාවියන් වේදිකාව ආක්‍රමණය කිරීමට පටන් ගනී. සිසිර-ඉන්ද්‍රානි සේනාරත්න, සනත්-මල්කාන්ති නන්දසිරි, ලක්ෂ්මන් රුද්‍රිගු- රූපා ඉන්දුමති, අබේවර්ධන බාලසූරිය- නිරන්ජලා සරෝජනි වේදිකාවේ ගී ගැයු යුවලයන් විය. ධර්මදාස වල්පොල වේදිකාවේ ගී ගැයූ නැති නිසා පසු කාලයකදී ලතා වල්පොල තනිවම ගී ගැයු බව මතකය. පළමුව ගායකයා විසින් ගීත දෙකක් හෝ තුනක්ද, දෙවනුව ගායිකාව ගීයක් හෝ දෙකක්ද, ඉන්පසු යුග ගීයක් ගැයීමද සිරිතක් ලෙසින් පැවිතිනි. මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූර්යසේන, වික්ටර් රත්නායක, හරූන් ලන්ත්‍රා, පුන්සිරි සොයිසා වැනි ගායකයින් නැති සංගීත සංදර්ශන නොතිබුණා විය හැක. ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක, චන්ද්‍රිකා සිරිවර්ධන, නැතුවම බැරි ගායිකාවන් විය. සී.ටී.ප්‍රනාන්දු ගායකයා , මා ඉතාමත්ම කුඩා අවධියේදි එක්වරක් වේදිකාවේදි දුටුවා මිස ඉන් පසු දැක නැත.

ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් වේග රිද්මයට හුරු පොප් ගීත කලාවක් බිහි කිරීමට දායක වූවන්ය. ඇය ගී ගැයීමෙන් පසු ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, ක්‍රිස්ටෝපර් පෝල්, මොහිදීන් බේග්, ඒ.එම්.යු.රාජ්, ෂෙල්ටන් පෙරේරා, ෆ්‍රෙඩි සිල්වා වැනි එදා වේදිකාව බැබළවූ පරපුර නොසිටියේනම් සංගීත සන්දර්ශන කලාව ඒ වන විටම මියැදී යාමට ඉඩ තිබුණි. ජෝතිත්, මිල්ටන් පෙරේරාත් ගීගැයුවේ බොහෝ විට එකම අවස්ථාවක පළමුව හෝ ඉන් පසුවය. අනංග වාදය නම්වූ ඔවුන් දෙදෙනා ගැයු ගීත දෙක නිසා විය හැකිය. ඔවුන් සබැඳි මිතුරෝ වූහ. ඒ වන විටත් ඇන්ජලින් හෝ ලතා වේදිකාව අසල සිටියානම් , මිල්ටන් හෝ ජෝති සමග යුග ගීයක් ගැයීමටද නිවේදකයා ආරාධනය කර සිටී.

මිල්ටන් මල්ලවාරච්චි ඉතාමත් නිහඬ පුද්ගලයෙක්වූ අතර, එක් අතකින් මයික් එක රඳවාගෙන එක එල්ලේම නරඹන්නන් දෙස බලාගෙනම ගීත තුන හතරක් ගයා වේදිකාවෙන් පිටව යයි. ජෝති එසේ නැත. ඔහු නරඹන්නා කුල්මත් කිරීමට වචන කිහිපයක් කතාකිරීමත් අපට මහත් සැනසීමක් විය. ක්ලැරන්ස් වේදිකාවට එන්නේ ඔහුගේ ගිටාරයත් රැගෙනය. මේ වනවිට රාත්‍රී එක දෙක පසුවූවත් පැමිණ සිටින ජන ගඟ නම් ආපසු ගෙවල් බලා යන්නට සුදානමක් නැත්තේ , තවමත් ඇම් ඇස් අයියලා වේදිකාවට ගොඩ බැස නැති නිසා විය යුතුය. දැන් පැමිණෙන්නේ හොඳම කාලයයි.

එම්.එස් ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, පෝල් ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, ඒ.ඊ.මනෝහරන්, ඩෙස්මන්ඩ් සිල්වා, ඩෙස්මන්ඩ් රුද්‍රිගු, මැක්සි ලෙනාඩ්, මැක්ස්වල් මෙන්ඩිස්, නිහාල් නෙල්සන් කැතක් නැතිව ඉතුරු වැඩ කොටස එළිවෙන ජාමය තෙක් ගෙනියන්නට වග බලා ගනී. මේ අතර තුර සුසිල් පෙරේරා නම් දක්ෂ ඩ්‍රම් වාදකයා පැය කාලක පමණ ඒකල ඩ්‍රම්ස් වාදනයක් ඉදිරිපත් කිරීමටත් වග බලාගනී. මොහු විශාරද සුජාතා අත්තනායකගේ මලනුවන්ය.

බයිලා චක්‍රවර්තී එම් එස් ප්‍රනාන්දු වේදිකාවට ගොඩවෙන්නේ ඔහුගේ අතිජාත මිත්‍රයා මෙන්ම වේදිකා ප්‍රසංගවල අත්වැලවු සෙබා සමගය. සෙබා නොහොත් සෙබස්ටියන් ට්‍රම්පට් වාදකයෙකි. ඔහු වාදනය කරන්නේ එම් එස්ට පමණය. සෙබා නැත්නම් එම් එස් හිටියත් වැඩක් නැහැ යැයි කියූ වැඩිහිටියෝද සිටියෝය. දෙදෙනාම සිටින්නේ හොඳට පදම්වී බැවු දන්නෝ දනිති. එදා වේදිකාවේ සිටියවුන් එසේ පදම්වු සැබෑ දක්ෂයින්ය. දාහක් දෙනාගේ අත් පොළසන් මැද සෙභාව වේදිකාවට හඳුන්වා දෙන එම් එස් බෝල බෝල මැටිවලින් පටන් ගෙන අවසන් කරන්නේ නිවේදකයා විසින් අතින්ද ඇදගෙන විත් තව එකක් ගැයීමට පෙරැත්ත කිරීමෙනුත් පසුවය. ඇන්ටන් ජෝන්ස් තවත් සුවිශේෂ චරිතයක්ය. වාදක මණ්ඩලයේ සියල්ලන්ම සහ නිවේදකයාවත් හිටිවන බයිලා රැසකින් නැවත හඳුන්වාදී ඔහු වේදිකාවෙන් සමු ගනී. පෝල් ප්‍රනාන්දු වේදිකාවේ ඒ කොනටත් මේ කොනටත් ගායනා කරමින් ඇවිදින්නේ ඔහුටම ආවේණික රංග ශෛලියකිනි. මැක්ස්වල් මෙන්ඩිස් වේදිකාවට ගොඩවෙන්නේ ආම්පන්න ගොඩක් සහිතවය. මම බොහොම බයවුණා ගීතය ගයන විට මිනී ඔළුවක් පෙට්ටියක් තුළින් එළියට ඇදෙන්නේ කවුරුත් නොසිතූ වෙලාවකය. මේ එක් එක් ශිල්පියාගේ ඔවුන්ට ආවේණික ශෛලීන් ගැන ලියන්නට ගියොත් එය දීර්ඝ පුස්තකයක් වනවා නොඅනුමානය.

ඒ.ඊ.මනෝහරන් ද්‍රවිඩ සම්භවයක් ඇති, ලාංකීය සංගීත වේදිකාව ඉදිරියට තල්ලු කල රසවතෙකි. මොහු එකල ඉතාම ජනප්‍රිය ශිල්පියෙක් විය. සූරියකුමාර් මුත්තලඝා, කලාවතී පසු කාලයක වේදීකාවට ගොඩවිය. ෆ්‍රෙඩී සිල්වා- කලාවතී යුගයත් අමතක කරනු නොහැකිය. තව කියාගන්නට උවමනා සහ අමතක වූවන්ද බොහෝය. මේ සියල්ලක් අතරේම වේදිකාව පිනවු තවත් අංගයන් රාශියක් විය.

1970 -1980 සංගීත සන්දර්ශන වේදිකාව තුළ වාදක මණ්ඩලයට විටින් විට සුළු විවේක කාලයන් ලබාදේ. ඒ කාලය තුළ වේදිකාවෙන් පිටුපසත් වේදිකාව මතත් බොහෝ අපූරු දේ සිදුවිය. ඉන් අප වැඩිපුරම දුටුවේ වේදිකාව මත සිදුවූ දෑය. මෙවැනි අවස්ථා සඳහා සංවිධායකයින්ට අපූරු සම්පත් රාශියක් හිමිව තිබුණි. කුමුදිනි ෆයර් ලිම්බෝ ඉන් එක් විශේෂාංගයකි. ඇය ඉතා දක්ෂ නළඟනකි. බිකිනියක් වැනි ඉතාම කෙටි ඇඳුමකින් සැරසී, හරස් අතට සවි කර තිබු දණ්ඩකට ගිනි දල්වා ඒ යටින් දෙපා ඈත්කර රිංගා ඒමේ දර්ශනය අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නකි. රත්නසිරි මාවද ඇදගෙන වේදිකාව අසලට රිංගාගන්නේ ඒ අවස්ථාව මැනවින් ග්‍රහණය කරගන්නටය. දක්ෂ නැටුම් ශිල්පියෙක්වූ රෝලන්ඩ් පෙරේරා මෙවන් නැටුම් සංවිධායකයෙක් විය.

නවනන්දන විජේසිංහ, ෆ්‍රෙඩී සිල්වා ගීත ගායනයට අමතරව නොයෙකුත් විකට රංගනයන්හී යෙදුණි. කාට කාටත් අමතකවී ඇති නවනන්දන විජේසිංහ දක්ෂ නළුවෙක් මෙන්ම ගායනා හැකියාවක්ද තිබූ අයෙක්ද බව මතකය. මංගල ප්‍රේමදාස තවත් විශේෂ චරිතයකි. කුරුල්ලන්, සතුන්, වාහන ආදියෙන් පිටකරනා ශබ්දයන් මොහුට ඒ ලෙසින්ම කර පෙන්වීමේ හැකියාව තිබුණි. ඒ නැරඹීම සඳහාම පිරිසක් පැමිණෙති. මොවුන් ඒ යුගයෙන් පසු කොහේ ජීවත්වනවා දැයි දන්නේ නැත. මුවන් පැලැස්ස ආශ්‍රිතව විනාඩි කිහිපයක වැඩ සටහනට විජේරත්න වරකාගොඩ, රත්නාවලි කැකුණවෙල, ගැමුණු විජේසූරිය සහභාගි විය. විනෝද සමයද සංගීත වේදිකාවට ආලෝකයක් ගෙන දුන් බවත් කිව යුතුමය. සැමුවෙල් රුද්‍රිගු, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස් වැනි මහා කලාකරුවෝ අතරේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ද විටින් විට සහභාගි විය. විස්ලින් නිහාල් නම්වූ නිහාල් ජයවර්ධන විස්ලින් කරනා අවස්ථාවන්ද මේ ගොන්නේම අංගයක් බැව් සිහිපත් වේ.

සංගීත සංදර්ශන නැරඹීමත් 70-80 දශකයේ ජීවත්වූ මිනිස්සුන්ගේ ප්‍රධාන විනෝදාංශයක් විය. මේවා ගැන ලිවිය යුතු දේ පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස හෝ එළිදැක්වීම ,උවමනාවක් සහ වගකීමක් ඇති කෙනෙකුගේ අතට පත්කරවීම නම් මේ යුගය හදාරන කෙනෙකුට පසු කාලයකදී හෝ ප්‍රයෝජනයක් විය හැක.

ප.ළි.
අසමි දකිමි සොයමි බ්ලොගය ලියන විචාරක මහතාද මෙවැනි ලිපියක් බොහෝ කලකට පෙර ලියා ඇති බව දුටුවෙමි. http://jangun.wordpress.com/2012/04/

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

137 Responses to අවුල් වන්නට පෙර (27) සංගීතේ රසේ වෙලී…..

  1. ලයිව් ෂෝ” කියන්නේ කණ පැලෙන්න අහන්නට සලස්වන සංගීත ඝෝෂාවත්, ශිල්පීන්ගේ හූ තැබීමත්, වේදිකාව උඩි යටිකුරු වෙන දැඟලීමත්, නළඟනගේ රැඟුම්ද ඇතුළත් විකාර රූපි තත්වයක් බව දැන ගත්තේ පසුගිය දශක කිහිපයකට පෙර සිටය.
    මේ ලයිව් ෂෝ වල හූ කියන්නේ කණ පැලෙන්න අහන්න සලස්වන්නේ ලංකාවේ විතරක් නෙමෙයිද?

    • රංගී….ඝෝෂාකාරී වේදිකා ප්‍රසංග ලංකාවට පුරුදුවුනේ සංගීත කංඩායම් වේදිකාවේ ආධිපත්‍ය අතට ගත්තාට පස්සේ. මම කියන 80පෙර යුගය ගායික ගායිකාවන්ගේ යුගය වුනා. විවිධත්වයක් තිබුනා. කටහඬවල්,ශෛලීන් එකිනෙකට වෙනස්. එක සංගීත කංඩායමක් පමණක් මුළු සංදර්ශනයම පවත්වාගෙන යන්න වුනාම ඒ ඒකාකාරීත්වය එහා මෙහා කරගන්න හූ කියන්න,අත්පුඩි හිඟාකන්න වැනි අළුත් වැඩ කරන්න පටන් ගත්තා. කටුණායක වෙළඳ කලාපය ආශ්‍රිතව මෙය බොහෝ විට දක්නට ලැබුනා. මේවා ඕගනයිස් කරපු අයත් අර සේවිකාවන්ගේ පඩි දවස් අල්ලලා ටිකට් විකුනලා ශෝ කරා. ඉන්ස්ටන්ට් ත්‍රිල් එක දෙන්න සරුව පිත්තල කෑලි ඇමුනුවා. ඉන් එකක් තමයි අසීමිත ඝෝෂාව.

  2. සුජාතා අත්තනායකගේ මල්ලී සුසිල් පෙරෙරා නේද අර නන්දා මාලනී ගේතරුද නිදන මහ රෑ සින්දුවේ වීඩියෝ ක්ලිප් එකේ කොන්ගෝ (?) ඩ්‍රම්ස් ගහන්නේ?

    නන්දා කවදාවත් එළිමහන් වේදිකාවල ගී ගයා නෑ ප්‍රතිපත්තියක් මත.

    පුතා යුද්දයේ දී මියගිය පසු සුජාතාත් ගී ගැයීම නතර කළා.

    • තරුද නිදන මහ රෑ ගීතයේදී සුසිල් ටිකක් දඟලනවා වැඩියි වගේ නේද? සුජාතා අත්තනායක මහත්මියගේ පුතා හමුදා පුහුණුව අවසන් කොට පිටව යන සාදයේ එතුමිය ගී ගැයූ හැටි සොවින් යුතුව මතකයට නැගෙනවා. පුතා මියගිය පසු බොහෝ දෙනා එතුමියට උපදෙස් දුන්නා කෑගහලා අඬන්න එපා ස්වරාලයට හානිවී නැවත කිසිදා ගීගයන්න බැරිවෙයි කියා. ඇය හැඬුම් තදකරගත්තා. නමුත් එයින්ද ස්වරාලයට හානිවුනා. ඒ නිසයි දිගු කලක් නිහඬව ඉන්න සිදුවුණේ.

    • අරූට වැරදුනු තැනක් ද හිතා මතාම කළා ද?

      පොඩ්ඩක් හිතන්න ලිපියේ මාතෘකාව සහ අන්තර්ගතයෙ ඇති නොගැලපීම.

      • නැහැ නැහැ අරූ ට වැරදුන තැනක් නැහැ. සුජාතා අත්තනායක මහත්මියගේ මල්ලි තමයි සුසිල්. මට කියන්න අවශ්‍ය වුනේ කරුණු දෙකයි. නන්දා මාලනී ගේ තරුද නිදන මහා රෑ ගීතයේ වීඩියෝවේ සුසිල්ගේ කොන්ගෝ ඩ්‍රම්ස් වාදනයෙදී ඔහුගේ අංග චලනය ඒ ගීතයේ භාවමය අර්ථයට හානියක් වන තරම් කියලා මට හිතෙනවා.

        සුජාතා අත්තනායක මහත්මියට ගී ගැයීමෙන් ඈත්වන්නට සිදුවුනේ මා දක්වා ඇති හේතුව නිසයි. එය ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නවා. එතුමියද ඒ බව ප්‍රකාශ කරනවා. එතුමියගේ නැගණිය වන රංජනී පෙරේරා මහත්මියට එතුමියගේ ගීත ගැයීම පැවරුවේ ඒ නිසයි.

        මම පිළිතුරක් දුන්නේ ලිපියේ අන්තර්ගතයට නොවේ. ඔබේ අදහසට මමත් යමක් එක්කලා.

      • විචාරක…..සුසිල් පෙරේරාගේ සරල හැසිරීම් රටාවත්, ඔහු බටහිර පන්නයේ ගීතවලට වඩාත් කැමතිවූ නිසා වෙන්න ඇති ඒ ගතිය ඉස්මතු වෙන්නේ. සුජාතා ගායනයෙන් ඉවත්වෙන්න හේතුව ඔය බව මම දැණගෙන හිටියේ නැහැ. සුජාතාගේ ස්වාමි පුරුෂයා නවරත්න අත්තනායකත් සංගීත නිර්මාපකයෙක්. හෙලී අත්තනායක නම් ලොකු පුතාත් සංගීතයට සම්බන්ද වුනාද කොහෙද. එක් පුතෙක් අනෝජා වීරසිංහගේ දුව බැන්දා.

    • කකා…ඒකට කිව්වේ කොන්ගෝ ඩ්‍රම්ස් තමයි. සුසිල් ඇත්තටම දක්ෂයෙක්. නන්දා මාලනි වගේම ඒ කාලේ ධර්මදාස වල්පොලත් එළිමහන් වේදිකාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා යම් යම් හේතු මත. සුජාතා වේදිකාවෙන් ඉවත් උනා ,ඇයගේ නංගී රංජනී පෙරේරා ගී ගැයුවා. රංජනී හා එම් එස් ගැයු “ඔබගේ රුව මාගේමයි” මම කැමති ගීතයක්. තාමත් සමහර වැඩසටහන්වල වෝල්ටර් එක්ක ගයනවා.

      • හී, හී!

        සුජාතා සහ මල්ලී ගැන නොවෙයි මං කිව්වේ. මේ එළිමහන් සංගීත පයසංග ගැන ලියවුණු ලිපියට අරූ දාලා තියෙන ටයිටලය ගැනයි.

        සංගීතේ රසේ වෙලී කියන්නේ ධර්මදාස වලපොල ගේ සින්දුවක් නේද? නමුත් ධර්මදාස වෂ්පොල කවදාකවත් මේ සංගීත සංදර්ශනවල ගතත ගැයුවේ නෑ කියා අරූම කියා තියෙනවා නේද?

        අන්න ඒක ගැනයි මං කිව්වේ.

        අරූට මගේ ප්‍රශ්නය නොතේරීම නිසා ඔහු ඟෙය හිතා මතා කළ දෙයක් නොවන බව තේරෙනවා. ඒ කියන්නේ කිසිදා ඔරිජිනල් හඬින් එළිමහන් සංදර්ශනවල නොගැයුනු ගීතයක් ම තමයි, එළිමහන් සංදර්ශන ගැන ලියවුණු ලිපියට මාතෘකාව වෙලා තියෙන්නේ නොදැනුවත්වම!

      • @ කකා…..ඒ ගැන නම් හාංකවිසියක් වත් ඔළුවට ආවේ නැහැ. ඒකත් පුදුම වැඩේ කකා. එළිමහන් වේදීකාවට ගොඩ නොවුනු කෙනෙක්ගේ ගීයක් , එළිමහන් වේදිකාව ගැන ලිපියක මාතෘකාව වෙලා. කකාට ඒක ඔළුවට ආපු එක ලොකු දෙයක්.

  3. අරු අයියේ

    මම ඉපදුනේ 79යේ උනත් ඔය කියන ශිල්පීන් දෙතුන් දෙනෙක් ඇරෙන්නට අනිත් සියල්ලන්ම දක්වපු ශිල්ප දකින්න මමත් වාසනාවන්තයෙක් උනා, ගෙදරින් එලියට පැන ගන්න ඒ කාලේ කොච්චර කට්ටක් කෑවද , යන්න නොදෙනකොට රංඩු කරලා අඩලා කොච්චර සංගීත බලන්න ගියාද , එහෙමත් යන්න නොදෙනකොට ජනේලයෙන් පැනලා කොච්චර ගියාද .

    • හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්…………………..79 නේද? 79 වෙනකොට අපි……………………………

    • අටම්……..උඹේ බ්ලොග් එකට මොකද වෙලා තියෙන්නේ?

      79 අපි ඒලෙවල් කරන කාලේ.
      මටත් හිතෙනවා උඹත් හොඳටම පිස්සු නටපු එකෙක් කියලා. ඒ කාලේ ඉතින් ගෙවල් වලින් එලියට පනින්න කොච්චර සටනක් දෙන්න ඕනද? හැබැයි බං ඉතින් මට තිබුන අසීමිත නිදහස මම ඕනවටත් වඩා පාවිච්චි කරා. ඒ කාලෙට ඔහොම තමයි.

  4. JP says:

    ආයෙත් ලයිව් ශෝ හරි ප්‍රසිද්ධයි. වැඩිපුර විහිලු ,බයිලා …සින්දුත් තියෙනවා… නලගනන්…දියයටින් ගින්දර ගෙනියන අතිබිහිසුනු දර්ශන…බන්දු, විමල්,ඇස් බී ඉල ඇදෙන විහිලූ
    සජිත් ,රනිල්ගේ නායකත්ව වාදය…ඇස්වලට කඳුලු උනන දයාගේ විරහ ගී..

    • ඔව් බං දැන්නම් බජව් මඩුවක්ම තමයි..තව මාසයක් දෙකක් විතර බයිස්කෝපුත් තියෙයි. අනංගවාදය පටන් ගනියි පලාත් සභා පටන් ගත්තාම.

  5. Kenji @ Japan says:

    මම ලිපිය කියවගෙන යද්දී …අඩේ මේකට ට්‍රම්පට් සෙබාව අමතක වෙලාද කියල හිතුන.
    පස්සෙ දැක්ක.
    මම ප්‍රිය කරපු චරිතයක්.
    මම හිතන්නේ මල්ලවආරච්චි බිව්වෙ නැද්ද මන්ද?
    අනිත් අයගේ නම් මත වතුර කම්මුල් දිගේ වැක්කෙරෙනවා.
    කොහොමත් මචෝ උඹට තුති මෙහෙම මතකයන් අවදි කිරීම.

    • නැ නෑවාලු

      • @ අටම්….අනිත් එක්කෙනා ප්‍රියා සූර්යසේන. මට දෙල්කඳ ගෝල්ඩන් ඇරෝස් එකේදි හම්බවෙනවා පුන්සිරි සොයිසා එක්ක. ග්‍රේෂන් ආනන්දගෙ පවුලේ උදවිය අපේ වයිෆ්ලාගේ යාළුවෝ. කියන්න දේවල් නැහැ දන්නවනේ.

    • අපි වගේ කබ්බෝ බීල මැරුණට කමක් නෑ. රටක් වටිනා කලා කාරයෝ බීලා මැරෙන එකනම් මහා විනාශයක්.

      • වුනෙත් ඒ ටිකම තමයිනේ විචාරක…..ජෝති,මිල්ටන්,ෂෙල්ටන්,ග්‍රේෂන් තව කොච්චර දිග ලිස්ට් එකක්ද…

    • @කෙන්ජි…….මචං මේ ලඟදී ප්‍රෝග්‍රෑම් එකක් තිබුනා. එම් එස්ගේ පුත්තු සෙට් එකම ආවා. ඒ කාටවත් සෙබාව මතක් වුනේ නැහැ. සෙබාව ෆෝම් කරන්නේ එම් එස්ම තමයි. කමෝන් සෙබා කැරකිලා..කියපු ගමන් සෙබා බඩ පුම්බලා ට්‍රම්පට් එක ගහන්නේ. මටත් අමතක නොවෙන පොරක්.

      මල්ලවාරච්චි හොඳට බිව්වා බං. දවසක් මම තරුණ දවස්වල වෙඩින් එකකදි හම්බවුනා. හොඳට ගහලා ඇපල් ගෙඩියක් අර සෆාරි සූට් එක සාක්කුවේ තියාගෙන බයිට් එකට . පුදුම කූල් පොරක්. මේ දැන් අළුත් බුවාලා දාන පඩ ෂෝ දැක්කාම මේ මිනිස්සුන්ට කොච්චර පිම්බෙන්න තිබුනාද?

  6. Mayya says:

    ජොතියි, මිල්ටනුයි හොද මල් රසිකයන් බවත් වේදීකවට නගින්නේ මලක් ඇදිමෙන් පසුව බවත් අසා තිබෙමි…

    සංගීතවලදි ඒ දවස් වලත් වලි ඇදුනා නේද?

    • මල් කතාව ඇත්ත වෙන්න ඕන මයියා…තවත් අය ගැන එහෙම අහලා තියෙනවා…ඒවා සාමාන්‍ය දේවල් ඔය ෆීල්ඩ් එකේ ඒ දවස්වල. එහෙම තමයි කට්ටිය කිව්වේ. මහද ගගන තලේ පිපුණු මල් සම්පත ඔබයි….

      වලි ගියා මයියා….ගොඩාක් වෙලාවට වුනේ පනාගොඩ ආමි කෑම්ප් එකේ කොල්ලෝ බහිනවා මහරගම පැත්තේ ෂෝ වලට. ඊට පස්සේ ගමේ වැල ගමේ වවුලන්ට සීන් එක ඇදෙනවා. අන්න වලියට මුල.. අරුන් සිවිල්නේ ඉන්නේ හොයාගන්න බැහැ ආමි කියලා. උන් ගමෙන් ගුටි කාල යනවා. පැය බාගෙන් බහින්නේ ආමි ට්‍රක්වලින්. නැව් පෝරියල් තමයි ඉතින්. හයිලෙවල් පාරේ තිබුනේ ඔය කේස් එක තමයි. නැත්නම් off duty army boys VS on duty police

  7. ඔය කියන ගායක ගායිකාවන්ගේ සංගීත දැන් දකින්න ලැබෙන්නේ මොකක හරි රූපවාහිනී චැනල් එකකට හිතාගන්න බැරි විදිහේ සිතුවිල්ලක් ඇවිත් සංවිධානය කරන සංගීතයකින්. මම අපේ වැඩබිමේ පොඩි ඇත හදාබලීමක් කළා දෙසැම්බර් 31. පොඩි සංගීතයක් තියලා ගෙන්නුවේ ස්වර්ණලතා කවීශ්වර ..කට්ටිය කිව්වා කොල්ලෝ හූ කියයි කියලා දන්නේ නැද්ද සයිට් වල එවුන්. එත් එකෙක් හූ කිව්වේ නෑ. අන්තිමට ඒ මහත්මියට වැඩිපුර සින්දු හතරකුත් කියලා තමයි යන්න වුනේ …. මට එවෙලේ හිතුන දෙයක් තමයි පැරණි ගායක ගායිකාවොන්ගේ ගීත වේදිකාවට කොයි තරම් ගැලපෙනවද කියන එක

    • ඇත්තටම උඹ ලොකු රිස්ක් එකක් අරන් වැඩේට බැහැලා තියෙන්නේ. ඔන්න ඔය රිස්ක් එකට තමයි සංවිධායකයෝ බය. මම සමහර වෙලාවට චැට් &මියුසික් කියන වැඩ සටහන බලනවා. ඒකට ඔය වගේ එක් කෙනෙක් හරි ගෙන්වනවා. ඒ සිංදුවලට ඇවිත් ඉන්න අනිත් ශිල්පියෝත් හොල්මන් වෙනවා. ප්‍රේක්ෂකයෝත් කතාකරලා අගය කරනවා.

      කේ. ස්වර්ණලතා කියලා තමයි ගුවන්විදුලියට ආවේ පසුව ස්වර්ණලතා කවීෂ්වර විදිහට තමයි ජනප්‍රිය වුනේ.
      සෙනෙහස බිඳුනැයි ඉකිබිඳ හඬන්නෙපා….

  8. Black Puma says:

    පැට්‍රික් දෙනිපිටිය කියන්නේ පරණ ගාය්කයෙක්ද අපේ පැත්තේ මනුස්සයෙක් හිටියා. මිනිහාගේ නම පැට්‍රික් ලු. ඒත් හැමෝම කතා කලේ දෙනිපිටිය කියලා. එහෙනම් එකයි මේ හේතුව.

    • Indika Upashantha says:

      පයෙ හැපෙන මැනිකෙ අගේ කනා නොදනී කියනවනෙ. පැට්‍රික් දෙනිපිටිය කියන්නෙ වාදකයෙක්, ඒ වගේම නියම සංගීත අධ්‍යක්ෂකවරයෙක්.

    • පැට්‍රික් දෙණිපිටිය සංගීතය සැපයු ගීයක් මෙතැනින අහන්න/බලන්න.

      • @ wicharaka….මේකේ එක තැනක ඉන්නවා Prof සුනන්ද මහේන්ද්‍ර, සීටී ප්‍රනාන්දු සහ පැට්‍රික් දෙනිපිටිය. මම හිතන්නේ ලන්ඩන් සංචාරයකදී බීබීසී සංදේශය කාර්යාලය තුල විය යුතුයි. සුනන්ද මහේන්ද්‍රයන් එකල බීබීසියේ සේවය කර තිබෙනවා. ස්තූතියි මේක දැම්මාට.

    • @පුමා……උඹ කියන්නේ මෙයාද දන්නේ නැහැ. මිය යන්නට පෙර කාලයක සිට කැනඩාවේ හිටියේ දරුවන් සමග විය යුතුයි. අති දක්ෂ සංගීත නිර්මාපකයෙක්. සීටී ප්‍රනාන්දුගේ සිට ගායක ගායිකාවන් බොහෝමයකට තනු හදලා ඇති. සැණකෙලිය ෆිල්ම් එකේ මියුසික් කරා. මරු සින්දු ටිකක් තියෙනවා. ඉවුරු තලා, මා නිසා ඔබ නොපෙරූ පිරුම් වගේ සිය දහස් ගනනක් ගීත ලොක්කාගේ වැඩ තමයි.බොහෝ රට වල ගියා ඒ කාලේ.

      ප්‍රීමස් ලොකු පුතා මාත් එක්ක ඔමාන් එයාර් පෝට් එකේ වැඩ කලා. මහෙෂ් දිගටම මියුසික් කරනවා. දෙන්නාම මියුසික් වැඩ්ඩෝ.

  9. අපූරුම මතකයක් අවදි කළා ඔබ අරූ… මේ හැම දෙයක්ම වගේ මැවි මැවී පේන්න ගත්තා. මෙතැනට සවුන්ඩ් ගැනත් කියවුණානම් දෙමට ගොඩ බේස්ලය්න් සවුන්ඩ් අනික වේදිනා නර්තනයට හිටියා ගිනි නැටුම් ශිල්පිනියන් දෙතුන් දෙනෙක් එක්කෙනෙක් නම් ෆරීනා ලායි වගේ තමා මතක.
    සියැග් සුපර් ස්ටාර් සුපර් ගොල්ඩන් චයිම්ස් වගේ කණ්ඩායම් හා ධර්මරත්න සහෝදරයෝ ද මගේ මතකයට එනවා.

    • Indika Upashantha says:

      ඔව් නලින් මෙතන සුපර් ස්ටාර්ස් සහ ගෝල්ඩන් චයිම්ස් ගැන නැති එක අඩුවක් වගේ මටත් දැනුන. ඔය සුපර් ස්ටාර්ස් එකේ හිටිය “මහින්ද” පස්සෙ මහින්ද විත්ද සුපරස්ටාර්ස් කියල වෙනම බෑන්ඩ් එකක් පටන්ගත්ත. නිහාල් නෙල්සන්ගෙ මයික් මාරු කිරිල්ලයි, මැක්ස්වෙල්ගෙ මම බොහොම බය වුනා සින්දුවෙ එන ලයිව් ෂෝ එකයි තමයි මම ඉස්සර ආසම ටික.

      • ඔව් ඉන්දික අඩුපාඩුවක් නම් තමයි. කොච්චර කියලා ලියන්නද බන්. මම ඒකයි 70-80 විතරක් අල්ල ගත්තේ. මහින්ද සිල්වා කියනවාට වඩා ඩ්‍රම්ස් මහින්ද තමයි කියලා තමයි කිව්වේ. මහින්ද සන්ෆ්ලවර්ස් එහෙමත් ගැහුව්වා. ෆෝචුන්ස් ස්ටැන්ලි පීරිස්, කීර්ති පැස්කුවෙල්, මහේන්ද්‍ර පැස්කුවෙල්, රූකාන්තලා එකි නොකී මෙකී රාශියයි. වචන දෙකක් නැහැ වැඩර්ලා.

        නිහාල් නෙල්සන් වේදිකාවයි ප්‍රේක්ෂකයාවයි දෙක එකක් කරපු දක්ෂයෙක්. මයික් වැඩේ නම් කාටවත් කරන්න බැරිවුනා.

    • @ නලීන්…….ගෝල්ඩන් චයිම්ස් හදපු ක්ලැරන්ස් පස්සේ සුපර් ගෝල්ඩන් චයිම්ස් හදනවා. ඇනස්ලි මාලෙවන, අනිල් භාරති වගේ අය හිටියා ඒකේ. තව හොඳ වාදකයෝ ටිකක් හිටියා නම් මතක නැහැ නලීන්. ෆරීනා ලායිව අමතක වුනා බන්. ගල්කිස්සේ වටරප්පල පාරේ හිටියේ. මල්ලි මගේ යාළුවෙක් ඒ කාලේ. අනිත් එක්කෙනා හෙලන් කුමාරිද?

      ධර්මරත්න බ්‍රදර්ස්ලාගේ මිල් රෝයි ධරමරත්න ලේක් හවුස් වැඩ කරා වගේ මතකයි. එක් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මිය ගියා.

      සවුන්ඩ්ස් ගැන නම් මෙලෝ මතකයක් නැහැ නලීන්.

      • Chandana says:

        සුපර් ස්ටාර්ස් කිව්වේ මහින්ද සිල්වා ගේ සුපර් ස්ටාර්ස් ද. මං ආසම ශිල්පියෙක්. මෙහෙ තිබ්බ සංගිතෙකදී අපි කට ඇරගෙන බලන් හිටියේ.

      • Chandana says:

        ආ.. අහපු ප්‍රශ්නෙට උත්තරේ තියන්නේ. ආයේ අහන්න දෙයක් නෑ. කොහේද මට කලබලේ නෙ. 😀

  10. බොහොම හොඳයි. විශිෂ්ඨයි අරූ, අවශ්‍ය සියල්ල ආවරණය වී තිබෙනවා. ආපහු මනසින් ඒ යුගයට ගියා. මගේ ප්‍රථම ප්‍රේමයේ විරහවද නැවත වින්දා. ලිපිය කියවීමෙන් පස්සේ කොපමණ වෙලාවක් කල්පනා කළාදැයි කිව්වොත් පරිගණකය sleep mode එකට ගියා. ඔබ කියනවා වගේ මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට පුළුවන් මේ කරුණු ගැන හොඳ පර්යේෂණ ග්‍රන්ථයක් කරන්න.

    • අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස් ඇතුළු වාදය වෘන්දය සමග මිල්ටන් මල්ලවාරච්චි ගැයූ ගීයක්

      • මෙතැන කළු උස ගිටාර් වාදකයා උපාලි කන්නන්ගර. ඩ්‍රම්ස් වාදක මහින්ද සිල්වා.

      • සිරා says:

        ඒ දවස් වල රූපවාහිනී ආයතන සතුව විශාල මැදිරි තිබුනෙ නැති නිසයි මේ වගේ එක ගොඩේ වාදකයො සැට් එක ඉන්නෙ….අර්නස්ට් සොයිසා වාදනය කරන ඉරියව්ව හරිම අපූරුයි…ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරන අතැගිලි බැදුනේ ඇයි මේ විලසින් ගීතයේ තනු නිර්මාපකයත් ඔහුයි.

      • ඇත්ත සිරා….අර්නස්ට් සොයිසා ගිටාර් ගහනකොට ඇඟ නැලවෙන එක තමයි බලන් ඉන්න වටින්නේ. බොක්කෙන් තමයි ඕවා කරේ.

    • ස්තූතියි විචාරක……ප්‍රථම ප්‍රේමයේ විරහවත් සංගීත සන්දර්ශනයකට ඈඳිලා වගේ. ඇත්තටම මේ ගැන පොතක් ලියවෙනවා නම් කියවන්න බොහෝ අය ඉඳියි. ලියන්න තව කරුණු කාරනා රාශියක් තිබුනත් වෙලාව හරස් වෙනවානේ.

  11. ඔය කියපු බොහෝ ගායකයො අපේ කාලෙ වෙත්දි මිය ගිහින් උනත් ඒ ගායකයො ගායනා කරපු ගීත අදටත් අපිටත් කට පාඩම්. ඒ තරම්ම ඒ ගායකයො රසික හිත් වල සජිවීව තාමත් ජීවත් වෙනවා.

    ඒකටත් එක්ක අද ගායකයො අද ජනප්‍රිය වෙන ගීතය පමණක් නොවේ ගායකයා වත් හෙට හොයා ගන්න නෑ.

    ඒ දවස් වල ඔය දැන් වගේ සංගීත සංදර්ශන අස්සෙ කෙල්ලන්ට මරා ගැනිලි, පරණ කෝන්තර වලට රිටන් දීම්, පිහි ඇනීම් වගේ ඒවා තිබ්බෙ නැත්ද අරූ අ‍යියෙ.

    • ඔව් ප්‍රියා දැන් නම් මතක හිටින ගීතත් අඩුයි, ශිල්පීනුත් අඩුයි තමයි. හැබැයි වේදිකාවේ ගී ගයන්න කීදෙනාද ඉන්නේ. ඒ ඇවිල්ලා කියන්න වෙලා තියෙන්නේත් භාගයක්ම පරණ ඒවා. උඹලා එකතුවෙලා වත් හොඳ සින්දු ටිකක් හදපන්.

      වලි ගැන මම උඩ ලියපු එකකින්ම උඹට උත්තරය දෙන්නම්.
      //////// වලි ගියා මයියා….ගොඩාක් වෙලාවට වුනේ පනාගොඩ ආමි කෑම්ප් එකේ කොල්ලෝ බහිනවා මහරගම පැත්තේ ෂෝ වලට. ඊට පස්සේ ගමේ වැල ගමේ වවුලන්ට සීන් එක ඇදෙනවා. අන්න වලියට මුල.. අරුන් සිවිල්නේ ඉන්නේ හොයාගන්න බැහැ ආමි කියලා. උන් ගමෙන් ගුටි කාල යනවා. පැය බාගෙන් බහින්නේ ආමි ට්‍රක්වලින්. නැව් පෝරියල් තමයි ඉතින්. හයිලෙවල් පාරේ තිබුනේ ඔය කේස් එක තමයි. නැත්නම් off duty army boys VS on duty police////////

  12. මට අදටත් අමතක නොවන විදියේ සංගීතයක් බැලුවේ කටුනායක නිදහස් වෙළද කලාපය පැත්තේ තිබුන එකක් …… බුදු අම්මේ සජිවී බලු ෆිල්ම් එකක් දැක්ක වගේ තමයි එදා මට පෙනුනේ නරබන්නන්ව

    • පහුවදාට කොණ්ඩම් සහ යට ඇඳුම් පිට්ටනිය පුරාම ලු නේද?

    • රාළේ……කටුනායක සංගීත තියන්නේ වෙනම සෙට් එකක්. මම දන්න බුවෙකුත් ඕක කරා. කෙල්ලන්ගේ පඩි දවස් අල්ලලා තමයි ටිකට් විකුනන්නේ. පව් වැඩ බන්. ඒ කෙල්ලෝත් උපරිම වින්දනය ගන්නවා හැම පැත්තකින්ම. කූඩුවලින් එදාට එලියට බහිනවා. වෙන මොනවා කරන්නද? ගුවන් හමුදා සෙට් තමයි බහින්නේ. මෙච්චර විනාශයක් තිබුනේ නැහැ..මම කියන යුගයේ.

  13. Kandyan says:

    අරු… ඒකාලේ මතකය අවදි කරපු එකට බොහොම ස්තුතියි… ඉඳලා හිටලා මතක් කලේ නැත්නං මෙමරි එකෙන් ඩිලීට් වෙයි. අපි නං ඒකාලේ බලාගෙන හිටියේ ඇසල මේලා කානිවල් එක එනකම්. දව්ස දහයේම මියුසිකල් ෂෝ එක බලනවා. ෆරීනා ලයිත් ස්ටේජ් එකට නගිනවා මතකයි. ෆ්‍රෙඩීගේ ලව් ලෙටර් එක මතකද? මැක්ස්වෙල් ගේ ‘මම බොහොම බය උනා’ සින්දුව නැගලා යනවා. අන්තිමට පාන්දර හතරට තියෙන ‘ගිනි පිම්ම’ බලලා තමයි ගෙදර එන්නෙ.

    • ඒ යුගය තමයි බන් සුපිරිම යුගය. මම මේ කියන කතා ඇහුවාම අපේ දුව පුදුම වෙනවා කොච්චර ලොකු වෙනසක්ද කියලා. ඒ අයට මේවා මැජික් වගේ.

      ෆරීනා ලායි ස්ටේජ් එකට ආවා තමයි. නලීනුත් මතක් කරලා තියෙනවා.ඇසළ මේලා සැනකෙලියට නුවර උතුරන්න සෙනග ඇති නේද? මම ඇවිත් තියෙනවා 1980 ගණන්වල. බෝගම්බර පිට්ටනියේද කොහෙද. මට එච්චර මතකයක් නැහැ.
      උඹ ඔය කියන ෆ්‍රෙඩීගේ ලව් ලෙටර් සීන් එක මට මතක් වෙන්නේ නැහැනේ.

  14. Indika Upashantha says:

    බයිසිකල් රේස් පෝස්ට් එකට නිවි හැනහිල්ලෙ කමෙන්ට් එකක් දන්න උන්න, ඒත් වෙලාවක් එනකොට ඒක ගලවල අලුත් එකක් හෝල් එකට ඇවිත්! මේකටත් වෙන්නෙ ඒකම තමයි. ඒ හින්ද කලබලේට මොනා හරි කොටල යනව. ඉඩ තිබ්බොත් දින සීය පනින්න කලි ආයෙ එනව.

    සී ටී සින්දු කිව්වෙ ක්ලබ් වල. මම අහල තීන විදියට නුවර ලේක් ක්ලබ් එකේ සී ටී සින්දු කියනව බලන්න කොළඹ ඉඳන් යනවලු පොරවල්. ඔය ලේක් ක්ලබ් එකේ සින්දු කියල තමයි වික්ටරුයි අර ලස්සන හින්දි සින්දු කියන නුවනුයි දෙන්නත් පටන් අරන් තියෙනෙ ( අරූ මතක නං ඒ කාලෙ ක්ලබ් ගැනත් යමක් ලියහන්. අපි පොඩි උන් නිසා යන්න ).

    • ඉස්සර ලේක් ක්ලබ් එකේ සින්දු කිව්වාම තමයිලු මාකට් එකක් හදාගන්න පුළුවන්. බොහෝමයක් අයගේ පටන් ගැන්ම ලේක් ක්ලබ්ලු. නිහාල් නෙල්සන් පවා එහෙමයි කියලා පත්තරයකට කියලා තිබුනා.
      මට ඔය ක්ලබ් සීන් එකට සෙට් වෙන්න හම්බවෙලාම නැහැ ඉන්දික. ඒ කාලයේ ක්ලබ්ස් ගැන වැටහීමක් නැහැ. ඒක සල්ලි තිබිච්ච අයගේ වැඩක් මගේ හිතේ.

      උඹට පුළුවන් නම් සයිකල් රේස් පෝස්ට් එකට දන්න තොරතුරක් කමෙන්ට් කරපන්. ඒක හොඳයි අනාගතයේ කියවන කෙනෙකුට උනත්.

  15. පත්තර මල්ලි says:

    ඔක්ටපෑඩ් එක කරලියට ආවෙ ඔයිට ගොඩක් කාලෙකට පස්සෙ නේද 90 මැද හරියෙ වගේ..ඒක බහුලවම භාවිත කරේ සන්ෆ්ලව‍ර් එකේ සුජිත් කියන ප්ලේ‍යර් මතක හැටියට..ඒ අපිට මතක කාලෙ අරූ අයියෙ.
    අපි ලයිව් ශෝ බලන්න යන කාලෙ ඔය බෑන්ඩ් ටිකක් පස්සට ගිහින් දැං තියන රැල්ලෙ ආරම්භය !!
    දැනුත් අති දක්ශ වාදකයො බෑන්ඩ් වල ඉන්නවා.දේශකයත් ලියල තිබුන වර්තමාන සංගීත කන්ඩායම් වල ගායකයො ගැන ලිපියක් !!
    ඕල් රයිට් සංගීත කන්ඩායමේ කීබෝඩ් වාදකයා දිලීප,ඔක්ටපෑඩ් ශශී (අපේ ගමේ ) ,සන්ෆ්ලවර් නීල්, රොශාන්..සනිධප ශාන්, ෆ්ලෑශ්බෑක් නිරෝශන් ,නාලක, කවුරු අනුමත නොකලත් මට දක්ශ වාදකයන් අරූ .ඒත් සංගීත කන්ඩායම් සාමාජිකයන් දිහා බලන වප‍ර ඇහැ නිසා උන්ගේ දක්ශකම් වලට නිසි වටිනාකමක් නොලැබෙනව කියල මට හිතෙනවා..ඒකට උනුත් වග කියන්න ඕන යම් තරමකට..මොකෝ මේ ලඟදි ශෝ එකක ### ස්ටාර් බෑන්ඩ් එකේ රිදම ව ඩස්ට් ඩෝස් වැඩි වෙලා පුටුවක ඉන්දලයි ප්ලේ කරේ කියල ඔය ෆීල්ඩ් එකේම ඉන්න යාලුවෙක් මට කිව්වා.. පරණ සංගීත කන්ඩායම් පෝස්ට් එකේ අලුත් උං ගැන කමෙන්ට් එකක් දැම්මට අමනාප නෑ නේද ,,,,

    • Anonymous says:

      හා………..පෝ………………..මෙයා මේ ඊයේ පෙරේදා ඇටෙන්ඩ් වෙච්චි කොල් ගල්ලෙක් නේ.

    • පත්තර මල්ලි says:

      ඔව් ඇනෝ මචං ..
      අරූ කියන කාලෙ අපි ඉපදිලත් නෑ නොවැ !

      • Anonymous says:

        උඩ කමෙන්ට් එක දාපු ඇනෝ පත්තර මල්ලි ගේ ඊමේල් එක දන්නා එකෙකි.

    • පත්තර මල්ලි says:

      ඈ !!

      මොකද්ද බං ඒ හරුපෙ ???

    • @ පත්තර මල්ලී…….කිසිම අප්සට් එකක් නැහැ පත්තර මල්ලී…ඔක්ටපෑඩ් ආවේ අනූවේ වගේ වෙන්න ඇති. දැනුත් හොඳ දක්ෂයෝ ඉන්නවා, වැඩේට වඩා මෝස්තරේ වැඩි නිසා වැඩේ පේන්නේ නැහැ මිනිස්සුන්ට. සන්ෆ්ලවර් රොශාන්ව මම හොඳට දන්නවා. බැන්දේ මම මහවැව බැස්සාම ඉන්න ගෙදරින්. මගේ හොඳම යාළුවා මහවැව. උගේ පුංචි අම්මා තමයි රොශාන්ගේ නැන්දම්මා. මහවැව රස උල්පතක් බන්.

  16. ඩිලාන් says:

    මට එළිමහන් සංගීත මතකය යන්නේ 94 වගේ පස්සේ,මොකද්ද හේතුවකට එතකොට ලංකාවේ බෑන්ඩ් වලින් වැඩි ප්‍රමානයක් හලාවත.ජාඇල මූද තීරෙට ඇවිත්,,ඉතින් අපේ පැති වල පල්ලියක මංගල්ලයක් කියන්නේ සංගීත සංදර්ශනයක් තියනවාමයි,,හැබැයි දැළි පිහි ප්‍රහාර වලින් මොකෙක් හරි රෝහල් ගත වෙනමයි.
    නිහාල් නෙල්සන්,ප්‍රියාට අදත් ප්‍රසංග වලින් අඩුවක් නෑ.මම ලග කාලෙක බලපු ප්‍රසංගයක ධර්මරන්ත බ්‍රදර්ස්ලා සිංදු කියන්න දකින්න පුලුවන් උනා,,දැන් නම් 2යි ජීවතුන් අතර ඉන්නේ.

    • ඩිලාන් උඹ කියනවා වගේම එක් කාලයක් බෑන්ඩ්ස් මීගමු පාර එතැන් සිට පුත්තලම් පාර දිගේ තමයි තිබුනේ. එක පාරටම කට්ටිය එහෙන් ආවා. සන්ෆ්ලවර්ස් තමයි ස්ටාට් එක දුන්නේ.

      නිහාල්,ප්‍රියා,පුන්සිරි තාම ස්ටේජ් එකට එනවා කියලා මට යාළුවෝ කියනවා. ඒක හොඳයි. ධර්මරත්න බ්‍රදර්ස් එක්කෙනෙක් ඒ කාලෙම හදිසි අනතුරකින් මිය ගිය බව මතකයි.

  17. සිරා says:

    හරිම ආශාවෙන් කියෙව්වෙ…ඔබ දැක්වූ කලාකරුවන්ගේ නම් ලැයිස්තුව මම නොදන්නා අය හිටියෙ කිප දෙනයි…ඔබ පුංචි කාලෙදි සී.ටී ප්‍රනාන්දු එක් වරක් දුටුවා වගේ මමත් පොඩි කාලෙ සංගීත ප්‍රසංගයකදි ඇම් .ඇස් ප්‍රනාන්දු වරක් දුටුවා…තමාට අනුග්‍රහය ලබා දුන් කෙනාට නොසෑහෙන්න ස්තූති කරලා ඔහු එදා ඉස්සෙල්ලාම ගැයුවෙ මැණිකෙ මම ආයෙ ගෙදර එනවා…කියන ගීතය බව මට තවමත් හොදට මතකයි. මගේ බාප්පා කෙනෙක් ඒ සංගීත සැදෑව සදහා ගායකයෙකුට අනුග්‍රහය දක්වා තිබූ නිසා ඉදිරියේම තිබූ පුටුවක ඉදගෙන සංගීතය නරඹන්න එදා අවස්ථාව ලැබුනා. මේ අයගෙන් තවමත් ජීවතුන් අතර ඉන්න පිරිස හැබෑටම දැන් කොහොමද ජීවත් වෙන්නෙ…

    • සිරා…..එම් එස් කියන්නේ බොක්කේ පොරවල්. උඹේ මතකය හරි. සංගීතෙකට ආවොත් තමන්ව එතනට ගෙනාපු අනුග්‍රාහකයාට ෆුල් සපෝර්ට් එකක් දීලා කතාවක් කරලා, මිනිහාගේ බිස්නස් එක ගැනත් කියලා තමයි වැඩේ පටන් ගන්නේ. පස්සේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ගම් උදාව වැඩවලට ගියා. සීටීබී එකේ තමයි වැඩ කරේ. පුත්තු ටික වැඩේ අරගෙන යනවා තාම. සරත් කියන පුතා හොඳ ගිටාර් වාදකයෙක් සහ රෙගේ ගායකයෙක්. අනිත් අය තාත්තාගේ බයිලා කියනවා. එම් එස්ලාගේ ගෙදර ගිහින් කතාකරන්න මට ලැබිලා තියෙනවා 1979-80 විතර.

      යකෝ අපිට ඉස්සරහ පුටුවක වාඩිවෙන්න හම්බවෙන්නේ පුටුවල ඉන්න සෙට් මහ රෑ පහුවෙලා ගෙදර ගියාම තමයි. ගොඩාක් අය ඉවරවෙනකම් ඉන්නවා.

  18. Thushani says:

    ඔබ කියපු සමහර කලාකරුවන් සියසින් දැකලා ගී රස විඳින්න හැකියාව අපට නොලැබුනත් ඔවුන්ගේ ඒ ගීත ජීවමාන පෞර්ෂය අදටත් කියාපානව කියලයි මට හිතෙන්නේ..
    ඒ අය ගායනා කරපු ගීත අද වෙනකොටත් අමරණීයව පවතින්නේ ඒ තුල තිබුනු අපූර්වත්වය නිසාවෙන් වෙන්න ඕනේ.

    • තුශානි……ඔබගේ කලා කටයුතුවලදී මර්සි එදිරිසිංහ වැනි ශිල්පීන් සමග වැඩ කිරීමට සහ ගුරු හරුකම් ලැබීමට හැකිවූ නිසා ඔවුන්ගේ ගති පැවතුම් ගැන වැටහීමක් ඇතිනේ. සංගීත ක්ෂේත්‍රය තුල හිටියේ වචනයේ පරිසමාප්ථාර්තයෙනම රසවතුන් එමෙන්ම දක්ෂයන් බව ඒ හැමෝම දන්නවා. තවත් දේ පසුවට ලියන්නම්.

  19. 80 දශකයේ මුල් කාලෙ ඉඳලා තමයි ඉතින් සෙට් එක එක්ක සංගීතයක් බලන්න යන්න ගෙදරින් අවසර ගත්තෙ. ඒ කාලෙ කහවත්තෙ ගුරුගේ මැණික් තොරණ වෙසක් එකට හෙන ප්‍රසිද්ධයි වගේම තියෙන දවස් හතට සංගීත ප්‍රසංග හතක්..රෑ එළිවෙන කන් බලලා දවල් නිදාගෙන ආයි ඊළඟ රෑ..ඔහොම දවස් 4-5ක් වත් එකදිගට බලන්න යනවා..අද තියෙන කන්කරච්චල් සංගීතේ නම් නෙවෙයි තමයි..

    • ඔව් බන් වෙනී මටත් මතකයි කහවත්තේ රත්නපුරේ ඇහැලියගොඩ සංගීත. කවදාවත් එච්චර දුරක් එන්න නම් චාන්ස් එකක් ලැබුනේ නැහැ. ගුරුගේ මුදාලාලිලා ඇතුළු කස්ටිය ඕවාට හොඳට වියදම් කරා. ගායකොයත් පැනලා යන්නේ ඕවාට. මම පසුකාලෙක ගුරුගේ මුදලාලිගේ හම්බන්තොට පීකොක් බීච් හොටෙල් එකේ ටික කාලයක් වැඩ කරා 1980 විතර. දැන් නම් කාගෙද දන්නේ නැහැ.

      ඒ කාලේ වෙන දේවල් කරන්න තිබුනේ නැහැ වෙනී. සංගීත තමයි.

  20. damith says:

    ඔය මන්ගල ප්‍රෙමදාස නේද ඇගෙ අවයව වලට ගම්වල නම් පෙලක් කියාගෙන යන්නෙ.බොලවලාන පයියගල හරිය කියන්නෙ ගොඩක් වේගෙන්.සැමුවෙල් ඇනස්ලිල එක්ක හිටපු මර්සි කලාකාරිය හුගාක් අසනිපෙන් කියල පත්තරෙ තිබුන.
    අපිත් ඉස්සර ඔව බලන්න ගොහින් පන්දර 4ට විතර ඉවර වෙනකම්ම බලල තමයි එන්නෙ.හුගක් වෙලාවට පා පැදියෙන හමයි ගමන.

    • එයා තමයි මංගල ප්‍රේමදාස. මර්සි බොහොම අමාරුවෙන් ඉන්න බව මමත් දැක්කා.

      ඔය සංගීතවල තව ඉවෙන්ට් එකක් තිබුනා මසල්ස් ඩාන්සින්ග් කියලා. බොඩි බිල්ඩර්ස්ලා ඇවිත් තෙල් ගාගෙන මස්ල්ස් එහා මෙහා කර කර පෙන්නනවා. මෙත්තානන්ද, තිලක් ජයවීර වගේ අය ආවා.

      අපිනම් දමිත් පයින් තමයි ඔය හැම ගමනක්ම.

  21. amilac2014 says:

    මං ජෝති සිංදු කියපු අවසාන ප්‍රසංගය බලපු මනුස්සයෙක්..1987 ගම් උදාවෙදි ඒ අවසාන සෝ එකේ ජෝති සිංදු කියද්දි මම අම්මගේ අතේ ඉදල තියෙන්නෙ ඒ වෙනකොට ඒ හැටි කතා බය කරන වයසකුත් නෙමෙයි.අපේ අම්මලටත් ගම්උදාව බලන්න ිතයෙන උනට පුංචි මාවත් කුදලං ගිහින් තියෙනවා. ඒ අතින් මං වාසනාවන්තයි..තේරුමක් නැති වයසක හිටියත් මං ජෝතිගේ අවසාන ෂෝ එක බලල තියෙනෝ.

    • ඒකත් ලොකු දෙයක් අමිල ජෝති දැක්කා කියන්නේ. නැද්ද? ජෝති මැරෙන කොට මම රට ගිහින්. මම ජෝතිව ඉස්සර දකිනවා කොම්පඤ්ඤවීදියේ නිල්වලා ක්ලබ් එක ගාවදි . කාගෙත් හිතවතා…ආ මල්ලී…ආ පුතා..එහෙම තමයි කතා කරන්නේ. ගම් උදාවේ සිංදු කිව්වෙත් බොහොම අමාරුවෙන් කියලා මිනිස්සු කියනවා.

  22. රසික says:

    නොදන්න ඕපදූපයක් ඇහුවට තරහ වෙන්න එපා. ලක්ෂ්මන් රොද්‍රිගු කියන්නෙ රූපා ඉන්දුමතීගෙ මහත්තයද? හරිම ලස්සන කටහඬක් තියෙන ගායකයෙක්. “විදුලි දුම්රියේ” ගීතය කොයිතරම් ඇහුවත් අමුතුම මිහිරක් තියෙනවා. අද ඔහුගේ ගීත ඇහෙන්නෙ නැත්තෙ ඇයි? ඔහු ජීවතුන් අතර කියලා හිතනවා.

    • ඕන දෙයක් අහපන් රසික…මාත් හරි කැමතියි මේවා ලියලා තියන්න. රූපා සහ ලක්ෂමන් විවාහ වෙලා හිටියේ.කාලයක් අපේ ගමේ දෙල්කඳ හිටියා. ලක්ශ්මන් කැමතිවෙලා නැහැලු රූපා ඉන්දුමති තවත් ගායකයින් සමග ගී කියනවාට. ඔහු තවමත් ජීවතුන් අතර ඉන්නවා. මම මෑතකදී කිසියම් රූපවාහිනි වැඩ සටහනක දැක්කා. සින්දු කියන්න බැරිව ඇති දැන් වයස නිසා. මිහිරි කටහඬක් තිබුනා. වැඩිය සින්දු නැහැ හැබැයි ඒවා බොහොමයක් ටොප් සින්දු.

      චාරුලතා ආවේ, කන්ද කපා සඳ පායනවා වගේ ගති සින්දු තිබුනා.

    • මචං, ‘සිංහල ඉතිහාස පොතේ’ කියන එක කිව්වේ ලක්ෂ්මන් රොද්‍රිගෝ නෙවෙයිද?

      • ඇන්ටන් රුද්‍රිගෝ….තවත් පොරක් තමයි…ඉහල ස්වරවල තමයි සින්දු කිව්වේ…හොඳ සින්දු ටිකක් තිබුනා

  23. මේ කියු සියල්ලත් ඉන් පසු ජැනරේසොන් එකත් දැක ගැනීමට පින් කර තිබිනි. නන්දන වින්දන තුලද තම ආධිපත්‍ය පතුරාගෙන උන් සුපර් ස්ටර්ස් නොම්මර එකේ තිබුනු කාළයේ ගායක ගායිකාවන්ට තැනක් නොතිබුනි. සංගීත කන්ඩායමට විවේක කාළ 3 ක් පමණ තිබිනි. රාත්‍රී 2 පමණ වන විට කොතරම් සෙනග උන්නද සංගීතය නවතා දැමිණි. මේ කාළයේ ඉන්ටවල් නොමැතිව පාන්දර ඉර පායන තෙක් මියුසික් දෙන, ගායක ගායිකාවන්ට ඉහලින්ම සැලකූ, ගායක කන්ඩායමක් සන්ෆලවර්ස් නමින් දංකොටුවෙන් බිහිවිය. නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ මේ නව කණ්ඩායම සංගීතේ උඩු යටි කුරු කලේය. සන්ෆ්ලවර්ස් නම යොදන ලද්දේ මට මතක ආකාරයට කැලැරන්ස්ය. ජනප්‍රිය පොරකට සිටියේ ඩ්‍රර්ම්ස් වාදක මහින්ද ඩි සිල්වා පමණි. මහින්ද නොම්මර එකේ ඩ්‍රම්ස් වාදකයකු පමණක් නොව, නොම්මර එකේ සික්ස් අ සයිඩ් ක්‍රිකට් ක්‍රීඩකයෙකුද විය. ප්‍රේක්ෂකයන් සමග සංවාදයේ යෙදී ඔවුන්ද සංගීතේ කොටසක් බවට පත් කර ගත්තේ සන්ෆ්ලවර්ස්ය. ඔවුන් හිස ඔසවා ගෙන එද්දි, හිස උදුම්මවාගෙන උන් අර්නස්ට්ලා කබ්බෝම බවට පතිවි පිට රට වලට පැන ගත්තේය.

    ජිප්සීස්ලා ඒ වන විට නන් ස්ටොප් කැසට් එකක් නිකුත් කර තිබුනද, ජිප්සීස් හා කැලැරන්ස්ලා වින්දේ එකතරා පන්තියක් පමණි. එහෙත් සන්ෆ්ලවර්ස්ලාගේ සලාදේ පන්ති බේදයකින් තෝරව හැම එකාම රස වින්දේය. මල්වත්තේ කැසට් කඩ නැගලාම ගියේ මේ කැසට් එක නිසාය. ගුණදාස කපුගේ, පුන්සිරි සොයිසා, ටී ඇම්, නීලා වැනි තවත් පිරිසක්, අරූට මග හැරි ඇත්තේ අමතක වීමකින් වන්නට පුළුවන. ප්‍රසංගික කලාව වෙදීකාවට ගෙනාවේ රූකාන්ත ගුණතිලකයන්ය. ඉහල පන්තියේ තිබු වෙන්ස්ම වූ සංගීත කලාවක් සමස්ත ජනතාවගේම සංගීතය බවට පත් කිරීමේ ගෞරවය අනිවාර්යයෙන් භාතිය සන්තුSට හිමි විය යුතුය.

    නෙල්සන් අබේකෝන් එදත් අදත් මගේ ප්‍රියතම නිවේදකයාය. අද සියළුම නිවේදකයින් කරන්නේ මර හඬ දීමක්ම පමණය. එකල සංගීත ආරම්ම කිරීමට යොදා ගත්තේ, සනත් හා මල්කාන්ති ගායනා කළ “සීත රෑ වසන්තේ…” ගීතයේ අනුවාදනයය්. සංගීත නරබන පිරිසගෙත් වෙනම සංස්කෘතියක් තිබිනි. ඒ ගැන වෙනම කතා කල යුතුය. අපි සංගීතයට ගියේ මලක් පූජා කිරීමෙන් පසු හෝ අනුමත වීමෙන් පමණක්මය. ඒ වෙන කිසිවක් නිසා නොව රංඟනයේ යෙදීම හෙවත් කන පැලෙන තුරා ඩාන්ස් කිරීමටය. අදත් සංගීතයක් දුටු විට එම ස්ථානයේ නවත්වා සුළු වේලාවක් හෝ රැඳි සිට යන්නේ ඒ අතීත කාමය නිසාමය.

    • මචන්, මම සංගීත හිස්ට්‍රි එකක් නම් දන්නේ නෑ. සන්ෆ්ලව‍්රස් නම් වෙන්නප්පුවේ නේද? අර්නී පීරීස් තමයි සංවිධානය කලේ. ඉස්සර අර්නි අයියයි ක්ලැරෙන්ස්යි අපේ කසින් අයියලා එක්ක සෙට් වෙනවා. රෑ එක දෙක වෙනකම්. ඒ කාලේ මේ කට්ටිය බොන්න පටන් ගන්නේ විස්කි( අපේ කශින්ලා මෙහෙන් ආව අය) පාන්දර එක දෙක වෙනකොට හොර අරක්කුත් ගේනවා. ක්ලැරෙන්ස්ගේ ගිටාර් ගැහිල්ලයි ඉබ්බා කාර් එකයි මට කවදාවත් අමතක වෙන්නෙත් නෑ ඒක නිසා.
      ඔය නීල් එක දවසක් අපි නිවාඩුවකට ඇවිත් ඉන්න දවසක මරු වැඩක් වුනා. සල්ලි වගයක් ගෙනියන්න ආවා. ඒ කාලේ සල්ලි ලංකාවට ගෙනියන්නේ ඔය වගේ කෙනෙක් නිවාඩු යනකොට. මායි මගෙ කසිනුයි දැන් හරි. මේ මම නීල් දන්නවා නේද? අපේ අක්කයි මායි නෑ අපි දන්නේ නෑ ඔයා ඩොකියුමන්ට් එකක් නැත්නම් සල්ලි දෙන්න බෑ කීවා. පස්සේ ඇත්තෙන්ම නීල් කීවා එයා එහෙම හිතලා කීවේ නෑ එයාව හැමෝම දන්න හින්දා එහෙම කීවේ කියලා. අපි ඉතින් වර්ණකුල දන්න්වැයි ඒ කාලේ…
      මතක් වෙද්දිත් හිනා තවමත්… ඒ කාලේ සන්ෆ්ලවර් නැගලාම යන කාලේ 90 වෙන්න ඕනේ

      • පත්තර මල්ලි says:

        අක්කෙ
        සන්ෆ්ලවර් කන්ඩායමේ ගොඩක් අයගෙ ගම මහවැව .. අතුල අධිකාරි ඉස්කෝලෙ යද්දිම තමයි ප්ලේ කරේ මුල්ම කාලෙදි.

      • ඔව් පත්තර මල්ලි. ඒ කාලේ මට මතකයි. අර්නි අයියා නිතර ඒ අය ගැන කියනවා. අපි මේ කියන අය එක්ක ළඟ යාළුකම් තිබුනා. මම නම් සංගීත පැත්තෙන් නෙමෙයි.

      • නීල්,අර්නි,අතුල,නෙල්සන්,ක්‍රිස්ටෝ,මහින්ද ඔය සෙට් එක තමයි නේද මුල්ම අය?

    • හරි කට්ටිය මහවැවද කොහෙද තමයි. අරූගේ මතකේ වගේ නෙමෙයි මට. මගේ මෙමරි ෆුල් අවුට්.. ඔය අතුල අධිකාරි රෝයල් එකේ මගේ ක්ලාස් මේට්. දවසක් නාමල් උඩුගමගේ ගෙදර උත්සවයක් අවස්ථාවේ මූ ඇවිත් මගෙන් ඇහුවා ඉස්කෝලේට කියන නම කියලා ඔයා නේද අහවලා කියලා. මම උඩ ගියා. මම ඇහුවා ම්ම්ම්ම්… එතකොට උඹ. මම තමයි අධිකාරී කිව්වා.. එදයි මම දන්නේ 6 පන්තියේ මගේ ගාවම හිටපු අධිකාරියා නේ යකෝ මේ කියලා. ඉස්කෝලේ කතාකරන්නේ වාසගම් වලින් විතරනේ.. අර්නි පස්සේ කඩාගෙන ගිහින් වෙන ගෲප් එකක් දැම්මා. ඒක නැගලා ගියේ නෑ.. හිත හොඳ නීල්.. අදත් එදා වගේමයි. ඒ තරම් නිහතමානි උන් හොයන්න හරිම අමාරුයි.. ඌගේ පැවැත්මේ රහස් ඒකයි..

      • @ මාතා…..අතුල අධිකාරි රෝයල් කියලා මම දැණගෙන හිටියේ නැහැ. අතුලගේ තාත්තා කුමාරදාස අන්කල් අපිත් එක්ක ඕමාන් හිටියා. ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒ පැත්තේ හැමෝටම වගේ පුළුවන් බන්

      • පත්තර මල්ලි says:

        ඩිලා මං කිව්වෙ දංකොටුවෙ පලතුරු අත් වඩියට වඩා මේක ටිකක් කෘතිමයි වගේ බං. .මේක අරූ කියන වගේ කශියම තමා ෆ්ලේවඩ් එකක් නෙල්ලි තිබ්බ කො‍ත්තමල්ලි තිබ්බ. . 90 දි අපි චූටියි :.D
        නලින් අයියලා අපේ වයිෆලගේ පවුලෙ හිතවත්තු පොඩි කාලෙ ඉඳලම ඩිලා..අපේ වෙඩිමට ගැහුවෙත් ඌම තමා බොහෝම අඩුවට.හොඳ මනුස්සයෙක් මල්ලි නෙලුම් ඒ වගේම හොඳ එකෙක්.හැබැයි පිටට ..!! බෑන්ඩ් හදලා ඉන්ස්ටෘමන්ට් අරං ගේම තැනකට ආවෙ වයිෆ්ගෙ ඉතාලි සල්ලි වලින්..දිග කතාවක් උඹ දන්නව ඇතිනේ ..පස්සෙ ඉතින් පවුල කඩාගත්‍තු එක කොයිතරං සාධාරනද කියන්න නං බෑ මචෝ වෙන වෙන සීන් නිසා !! ඔය ෆීල්ඩ් එකේ පවුල් ජීවිත පොඩ්ඩක් කේස් කොහොමත්. : D

    • මාතා මචෝ…… සන්ෆ්ලවර් ආවේ මහවැවින්. මම මහවැව ගජරාමෙට සැප ගන්නට බැස්ස පලාතෙකි. මගේ අතිජාත මිත්‍රයා මහවැවය. සන්ෆ්ලවර් ආරම්භක සාමාජිකයෙක්වූ ක්‍රිස්ටෝපර් ලියනගේ මම දැන් ඉන්න රටේ මා සමග ලඟින් ඇසුරු කරා..ඌ බොහෝ කාලයක් මෙහි සිට යන්න ගියා. දක්ෂ ගායකයා. මල්ලවාඅරච්චිගේ ගීතත් හින්දි ගීතත් ආපහු කියලා වැඩක් නැත. ඌත් මහවැවය. කන බොන බුවෙක්ය. මෙහිදී මිල්ටන් මල්ලවාඅරච්චි අනුස්මරන ප්‍රසංගයක්ද පැවැත්විය. මම මිල්ටන් ගැන විශේෂ හැඳින්වීමේ කතාවක්ද පැවැත්විය.

      මට සමහරුන් ගැන ලිවීම අතපසුවී ඇත. ඇයි බන් කොච්චරක් හිටියාද? නෙල්සන් අබේකෝන් විග් එකක් දාලා හිටියේ පස්සේ කාලේ තට්ටේ පේන නිසා. අපිත් තරුණයෝ උනාට පස්සේ මල් පූජ කර නැත්නම් ගිලන්පස නැතුව ඕවාට යන්නේ නැහ. උඹ කියන්නේ මීට අවුරුදු පහලවකට වගේ ඉස්සෙල්ලා නිවාඩුවකට ඇවිත් සෙට් එක පිටින් අතුරුගිරියේ හන්දියේ සංගීතයක මඩ කාගෙන ඩාන්ස් කරා.

    • පත්තර මල්ලි says:

      අර්නි කියන්නෙ මම හුඟක් ආස බේස් ගිටාර් වාදක‍යෙක් වගේම අති දක්ශයෙක් රංගි. දැන් නම් සහරා බෑන්ඩ් ලීඩර්..ඔහුගෙ සමහර බේස් පාට් මට මතකයි අපේ බේස ට ප්‍රැක්ටිස් විදියට රෙකෝඩ් කරගෙන අහන්න කියලා කි‍යනවා..
      අරූ .. මහ වැව අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා ෆ්ලේවර්ඩ් කශියා කියලා.. එක එක ෆ්ලේවර්ස් බං 😀
      ගහල බලකො ගිය කාලෙක.. දංකොටු බඩු නෙමේ. ඔරිජිනල් මහවැව ප්‍රඩක්ට් එකක්..
      රොශානුයි ඇන්ටනුයි සන්ෆ්ලවර් වලින් අයින් උනා ..දැං ඇරෝ ස්‍ටාර් කියල බෑන්ඩ් එකක් කරගෙන යනවා..සන්ෆ්ලවර් ප්ලේයර්ල ඩිස්මිස් වෙලා පරන අයට ඉන්නෙ නෙල්සනුයි සුදතුයි විතරයි..අලුත් උං පිස්සු කෙලින්නෙ තනිකරම..

      • ඩිලාන් says:

        පත්තර මල්ලි දංකොටුවෙ ඔය ප්ලේවර්ඩ් කෙරුවෙ 90 මුල බන්,ඒකත් ඔරිජිනල් පලතුරු වලින්,එසන්ස් වලින් නෙමේ,සන්ප්ලවර් නීල් බංකොලොත් උනා හොදටම,කැසිනෝ නිසා,ඒකෙන් තමා බෑන්ඩ් එක වැටුනෙ ලගදී,ප්ලෑශ්බෑක් රොශාන් නම් ආන්ඩුවට කඩේ යන නිසා ඌ අල්ලන් යනවා,හොදට සල්ලි,මේරියන්ස් නලින් හලාවතින් මීගමුවට ආවා පවුල් අවුල්,හලාවත ස්ටූඩියෝ එකත් අතෑරියා,සුපිරි ස්ටූඩියෝ එකක් දැම්මා මීගමුවේ,බෑන්ඩ් කැඩිලා අලුත් බෑන්ඩ් හැදිලා ගොඩක්,,එකාට එකා මඩ ගහගෙන තරගෙ..

      • පත්තරේ……මට මහවැව ගියාම 1990 ගණන්වල තමයි නෙල්ලි ෆ්ලේවර්ඩ් එකක් හදලා දුන්නේ. මගේ යාළුවා ගිහින් කියනවා අද හැන්දෑවට. හෙට හැන්දෑවට බඩු රෙඩි. මේ ෆ්ලේවර්ස් උඹ පිලිගන්නවාද…නෙල්ලි, කොත්තමල්ලි, රසකිඳ….ගෙදරක හැදුවේ…ඔන්ලි ෆොර් ෆ්‍රෙන්ඩ්ස්.

        නීල්ම හැදුවා තාල් කියලා බෑන්ඩ් එකක් .රොශාන් ඒකෙ ලීඩර් .

      • @ ඩිලාන්……ෆ්ලේවර්ඩ් කසියා ගැන උඩ කමෙන්ට් එක බලපන්. උඹ හරි.

        නීල් අන්තිමට බැස්සේ මේ කාලකන්නි කැසිනෝ නිසා බවත් ඇත්ත. ඒ ගැන සමහර කතා දුකයි. නොලිය ඉන්න එක හොඳයි.

  24. අපිට 70 -80 කාලවලදී ලොතරැයි දිනුම් අදීම්වලදී තමයි සංගීත බලන්න පුළුවන් උනේ. සියැක් වාදක කණ්ඩායම , ලක්ෂ්මන් රුද්‍රිගු, රුපා ඉන්දුමතී තව මැණික් චන්ද්‍රිකා වගේ නම් ටික මතකයි.
    සරුසාර ලියවිල්ල අරූ . උඹ ගැන සන්තෝෂයි ආඩම්බරයි.

    • තිලකේ…….උඹේ කමෙන්ට් එකෙන් මට අමතක වුනු මැණික් චන්ද්‍රිකාව මතක් කරා. ලොතරැයි වේදිකාවේ දිගටම හිටියා. මම දන්න මැලේ (ජා )කොල්ලෙක් බැඳලා හිටියේ. දෙල්කඳ පැත්තේ හිටියේ. නවරත්න ගමගේගේ අයියා කෙනෙක් හිටියා නිහාල් ගමගේ කියලා.නවාලා දෙල්කඳ. නිහාල් එක්ක මැණික් කැසට් එකක් කරා. නිහාල්ව 89 අතුරුදහන් වුනා. නිහාල්, වරුණ ගමගේ මගේ පරණ මිත්‍රයෝ.

      මට තදබල ලෙස කාලය හරස් වෙලා. කිසිම බ්ලොග් එකක් කියවගන්න බැරිවුනා දවස් තුන හතරකින්.

  25. Amazed at your encyclopedic memory and attention to detail. Wow!

    • Thanks ඩූඩ්. උඹ දන්නවනේ පහනක් තෙල් ඉවරවෙලා නිවෙන්න කිට්ටුවෙන්න ඉස්සෙල්ලා වැඩි ආලෝකයක් දීලා එක පාර නිවිලා යනවා කියලා. ඒ වගේද දන්නේ නැහැ මගේ මතකයත්. ඒක තමයි මතක ඒවා ලියලා දාන්නේ. ඔය පහනේ කතාව මට කිව්වේ මගේ යාළු ඩොකෙක්. ඌ කිව්වේ සෙක්ස් වලට අදාලව. එක කාලයක් එනවා ඔහොම. ඌ කියනවා ඒ කාලේ හොඳට වැඩ ගනින් කියලා. නැත්නම් පසුතැවිලි වෙයිලු මුකුත්ම බැරිවුනාම. ඒක ඇත්ත.

  26. ඉලව්වයි එතකොට අද තියෙන්නෙ සංගීත සංදර්ශන නෙමේනෙ.. මේම බලනකොට ඈ…
    ඇත්තටම මං විරුද්දයි මේක මෙච්චර ඉක්කණට නවත්තපු 1ට ඈ… අපි ඕ කාලෙ හිටියෙත්නෑ දන්නෙත් නෑ… ඉතිං අපිට මැජික්නෙ… මං කියන්නද තව කොටසක් ලියමු අමතක වෙච්ච ඒව එහෙම දාල.. අපි වගේ හිච්චි එකාලට ඕක ප්‍රෙයා්ජනවත් වෙයි…
    දැං නං මියුසිකල් බලන්න යන්න දෙන්නැති තරං… මොකද අද කාලෙ එහෙම එක්කට යන්න උනොත් උදේ ඉන්න වෙන්නෙ හදිසි අනතුරු 1. ඒ හින්ද ගෙදරට හොරෙන් ගියොත් තමයි…
    ඊටත් දැං සංගීත තණ්ඩායම් උනත් දේශපාලන පක්ෂ වගේ ඒකෙං මේකට පයිනව. නැත්තං කැඩිල වෙනම ඒව හදනව…
    ඇත්තටම සිංදු කියන අයට ගරු කිරීමක් වත් නෑ… ඒ තරං කුජීත වෙලා…
    අනික් හොදම කේස් 1 තමා ස්ටේජ් 1ට නගින කවුරු අනත් වැඩේ පටං ගන්නෙ වටේ පිටේ ඈයො මුරුංග අත්තෙ තියල.. විශේෂයෙන් සංගීත තණ්ඩායමේ ඈයො ටික… එ් ඇයි කියල මං කියන්න ඕන නෑනෙ…හැඉැයි ඔ කේස් එකේ පෙතිපලේ විදියට තමා කටහඩ අඩුවෙං සංගීත සද්දෙ වැඩියෙං ඇහෙන්නෙ

    • මහේෂ්…….මම ලියාගෙන යන මගේ ජීවිත කතාවේ මම තාම ඉන්නේ 70 යුගයේ. බලපන් තව කොච්චර ලියන්න තියෙනවාද කියලා. තවත් රසවත් වගේම කර්කශ දේවල් බොහොමයි. ඒ නිසා තමයි උඩින් පල්ලෙන් අතගගා යන්නේ. ඔහොම යන්.

      //කවුරු අනත් වැඩේ පටං ගන්නෙ වටේ පිටේ ඈයො මුරුංග අත්තෙ තියල.. විශේෂයෙන් /////
      ඔය මුරුංගා අත්තේ තියෙන එක තමයි අපේ රටේ හැම ක්ෂේත්‍රයටම වෙච්ච ලොකුම විනාශය. අපි කවුරුත් ඒවා පාඩමකට ගන්න ඕන. විශේෂයෙන් නැගී එන පරම්පරාව. අපිට ගන්න තියෙන ජීවමාන උදාහරනය තමයි ජයලත් මනෝරත්න කියන විශිෂ්ඨයා. කළාකරුවන්ට හොඳ උදාහරනයක්.

  27. Ravi says:

    73,74 වගෙ නුවර ඇසළ මේලා තිබ්බෙ බෝගම්බර පිට්ටනියෙ. මගෙ පොඩි අම්ම බැඳපු පොඩි අප්පච්චි වැඩ කලේ බෝගම්බර හිරගෙදර. පිට්ටනිය ළඟම කන්ද උඩ ප්‍රිස්න් ක්වාටර්ස් තිබ්බෙ. මිදුල අයිනට ආහම මල් හතට පේනව පල්ලෙහා ඇසළ මේලා සැණකෙළිය. ගිනි පිම්ම තමයි ඒ දවස්වල නොම්මර එක. මිනිස්සු තියාගන්න ඕක තියන්නෙ අන්තිමට, පාන්දර තුනට වගෙ.

    ඔළුවෙ ඉඳල කළු ඇඳගෙන ඔන්න ගෑණු කෙනෙක් එක්ක යනව අට්ටාලෙ ලඟට. අර පල්ලියෙ මල ගෙවල් වල ගහන බොහොම දුක්ඛ දායක සංගීතෙ ගහන්නෙ. අපි කිව්වෙ ඒකට මිනී බෑන්ඩ් එක කියල. අට්ටාලෙ අඩි හතලිහක් තරම ඇති. ඕක ගාවට ගිහිල්ල ගෑණු මනුස්සය ( සමහරු කිව්ව ඒ ඉන්නෙ පිරිමියෙක්ය කියල ) අඩියෙන් අඩිය හෙමිහිට නඟිනව අට්ටාලෙ උඩට. වටේට ඉඳගෙන ට්‍රම්පට් ( ??? ) පිඹිනව මිනී බෑන්ඩ් කාරයො මෙලෝ සිහියක් නැතුව. අපිට නේද? මේ පාන්දර මීදුම අස්සෙ පට්ට සීතලෙත් දාඩිය දානව. කටෙං බලාගෙන ඉන්නෙ.

    මනුස්සය මුදුනටම ගිහාම එක පාරටම මිනී බෑන්ඩ් එක නිහඬ වෙනව. මුළු බෝගම්බර පිට්ටනියම දැඩි නිහඬතාවයක ගිලිල යනව. කානිවල් එකේ ලයිට් ඔක්කොම ඔන්න ඕෆ් කරනව ඔන්න එක පාරටම මහ හයියෙන් එක පාරක් ආයම බෑන්ඩ් එක ගහල ආයම නිහඬ වෙනව. ඒ එක්කම අර මනුස්සය අට්ටාලෙ උඩ ඉඳල මොනවද ඔලුවෙ ඉඳල වක්කරගෙන සරීරෙට ගිණි තියාගන්නව. මුළු සරීරෙම ගිණි ජාලවක් වෙනව. ඒ එක්කම පනිනව පල්ලෙහා තියන වතුර ටැංකියක් වගෙ එකකට. පැන්න ගමන් ඒ වතුර ටැංකියත් තනිකර ගිණි ජාලාවක් වෙනව. වටේ සූදානමින් හිටපු මිනිස්සු වහාම පැනල සුදු රෙද්දක ඔතල ඒ මනුඉස්සය එක්ක යනව. මිනී බෑන්ඩ් එක මෙලෝ සිහියක් නැතුව ගහනව කං බීරි වෙන්ට.

    ෆරීනා කලේ මචං ගිණි නැටුම්. ෆයර් ලිම්බෝ..තව කුමුදුනී කියල ගර්ල් කෙනෙකුත් ඔය ගිණි නැටුම කලා. ෆරීනා මැලේ..පස්සෙ ගාමිණීගෙ උතුමාණනි චිත්‍රපටයෙ අපූරු චරිත නිරූපනයක් කලා.

    කෑගල්ලෙ අපෙ ගෙවල් කිට්ටුව හිටිය දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක්. වාසගම කොඩිතුවක්කු. ඔය ඒ දවස්වල ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් කීපයකට මනුස්සය සෙල්ලම් කලා. මහින්ද බණ්ඩාරත් කෑගල්ලෙ. ගිටාර් වාදකය. ලතාගෙ දුව ධම්මිකාව බැන්දෙ.

    නෙල්සන් අබේකෝන්ගෙ මල්ලි මගෙ යාලුවෙක්. අර කැළේ මැද රස්සාව කලා මාත් එක්ක ඌත්… 🙂

    • කෑගල්ලේ අපි කවුරුත් කොඩිතුවක්කුලාට සමීපයි. මාත් එක්ක සමාන්තර පන්තියක එක්කෙනෙක් ඉගෙනගත්තා කෑගලු විද්‍යාලයේ. ඒ කාලේ කෑගල්ලේ වගේම මුළු රටම දන්නේ ‘තබ්ලා කොඩිතුවක්කු’ කිව්වම. කුරුඳුහින්න පැත්තේ තමා එයාලා හිටියේ. ඒ කාලේ රූකාන්ත, මහින්ද බණ්ඩාර එහෙම හුඟක් පුංචි ළමයි.

      • Ravi says:

        විචාරක,

        මගෙ වයසෙ හිටියෙ ප්‍රභාත්. කෑගලු විද්‍යාලෙට තමයි ගියේ. අපේ ටෙනිස් බෝල් ක්‍රිකට් ටීම් එකේ ප්‍රබල සාමාජිකයෙක්. එයාල හිටියෙ කුරුඳුහින්නෙ නෙවෙයි නාගොල්ලෙ. කච්චේරිය පහු කරල ගිහිල්ල තානායම ලඟින් දකුණට යන්ට ඕන. කුරුඳුහින්නට වමට හැරෙන්න ඕන.

        රූකාන්ත හිටියෙ මට මතක විදිහට පොලිසියත් එක්කම පල්ලෙහා පාර අයිනෙම ගෙදරක. අපිට වඩා වැඩිමහල් අවුරුදු දෙක තුනක්…

      • විචාරක ඔය කියන්නේ තබ්ලා විශාරද ප්‍රේම්නාත් කොඩිතුවක්කු නම් මේ ලඟකදි මම රූපවාහිනි අළුත්ම සංගීත වැඩසටහනක දැක්කා. හොඳ ගෝල පරපුරක් බිහිකරපු වැදගත් මනුස්සයෙක්.

    • රවී……කැන්ඩියන් ගිනි පිම්ම ගැන ලියලා තිබුණාට මට ඩිටේල්ස් මතක් වුණේ නැහැ. උඹේ තිර රචනය විඩියෝ එකක වගේ මැවිලා පෙනුණා. ඒ අස්සේ මිනී බෑන්ඩ් මතකයකුත් ඇවිස්සුනා. උඹටත් තියෙන්නේ සුපිරි මතකයක්. උඹ බිසි බව මට හිතෙනවා. මටත් වෙලාව මදිවෙලා තියෙන්නේ රවී. “නිදහසේ” අඩියක් ගහන්න හම්බවුණෙත් නැහැ.

      ෆරීනා ලයි හිටියේ ගල්කිස්සේ මම හිටිය ගෙවල් ගාව. ගාමිණිගේ නංගිට රඟපෑවා හොඳ චරිතයක් උතුමාණනි එකේ නේද…..සැණකෙළියත් මරු. සීමා පවුරු ෆිල්ම් එකේ රඟපෑවා මගේ මස්සිනා එක්ක. ඌත් කැගල්ලේ. රූකාන්තට ලේකාව ගේන්න මූත් ගියා කියනවා. මස්සිනා හෙණ යකඩයෙක් බං. දැන් ඉතාම දැහැමි වෙලා. මාර පුදුමයක්.

      මහින්ද බන්ඩාරව මට මෙහෙදි හමුවුනා. තාමත් ෆිට් එකේ ඉන්නවා.

      කැලේ මැද උඹලාගේ සංගීතවල නිවේදන කටයුතු කලේ පොඩි නෙල්සන්ද? මාත් හිටියානම් සංගීතයක් දාන්න තිබුනා. උඹලාගේ මෙස් එක හිස් වෙයි එහෙනම්. 😀

  28. http://manogeloka.blogspot.com/ says:

    අරූගේ රසබර මතකය තුල නැවතත් කිමිදුනෙමි.
    දැන් තියෙන සංගීත කණ්ඩායම් වලින් මම නම් වඩා ප්‍රිය කරන්නේ නලින්ගේ “මේරියන්ස්”බෑන්ඩ් එකට.කොහොම වුණත් ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියක් බිහි වෙලා තියෙන්නේ මුහුදුබඩ පළාත් වලින් නේද..?

    • මනෝ…..මෑත කාලෙනම් මුහුදුබඩ පැත්තෙන් වගේ තමයි. ඉස්සර එහෙමම නැහැ. ස්ටැන්ලි පීරිස් ෆොචුන්ස් නුවර, ක්ලැරන්ස් පටන් ගත්තේ රත්නපුරෙන්. ඒ වගේ ගොඩාක් තිබුනා.

      මේරියන්ස් ගැහුවා මධු කියලා හොඳ පොරක්. කාලයක් මෙහේ හිටියා. මේරියන්ස් අන්ප්ලග්ඩ්, අකෝස්ටික් නම් හොඳයි. මම අර ඝෝෂාවට නම් එච්චර ප්‍රිය නැහැ.

      ඒ දවස්වල අපේ ඩයස් බෑන්ඩ්…මවුන්ට් චයිම්ස් උඩින්ම හිටිය බෑන්ඩ් එකක්. මනෝ දන්නවානම් එම් එස්ගේ සෙබාට මොනවාද වුනේ කියලා පොඩ්ඩක් අදහසක් දාන්න. තාත්තා දන්නවා ඇති.

  29. Chandana says:

    මේ පෝස්ට් එක ආයේ කියවන්න ඕනේ. මං ආසම ගායකයෝයි සින්දුයි සේරම මෙතන නෙ.. සංගීත වල මට හරි යන්නෙම නැති එකම දේ තමයි ගායකයයි බෑන්ඩ් එකේ උනුයි පේන්නේ නැතුව වහගෙන නටන සෙට් එක.. ඒත් අපිට නම් බලන්න ලැබිල තියන්නේ අර පපුව කඩාගෙන යන බේස් පාරවල් එන ඒවා විතරයි.. මේ අවට කොහේද සංගීතයක් තියන්නේ අපි එතන. මොන හේතුවකට ද මන්දා දැන් නම් යන්න හිතෙන්නෙම නෑ.

    අම්මපා ෆුල් ආතල් කාලයක් මතක් වුනා මේ පෝස්ට් එක හින්දා..

    • චන්දන ඔය ඉලව් ඩාන්ස් තමයි සංගීත ආතල් එක කෑවේ. පමණ ඉක්මවා ගියා. ඒ අපේ අනන්‍යතාවයනේ. අනිත් එක ශබ්දය..උන් හිතන්නේ ඒ තමයි මියුසික් කියලා. ජිප්සීස්ගේ ඉඳියප්පන් සින්දුවත් එක්ක තමයි ඔය නැටුම් උණ බෝවුනේ මගේ හිතේ. ඒ නැටුම නම් ඒ කාලේ නියපොතුවලටම වැදුනා. නිලන්ති ඩයස් ඇතුළු තුන් දෙනෙක් මතකද?

      චන්දන මගේ පෝස්ට් එකට වඩා රසවත් කමෙන්ට්ස් තියෙනවා…ඒ ටික කියවන්න.

      • Chandana says:

        //නිලන්ති ඩයස් ඇතුළු තුන් දෙනෙක් මතකද?// ඒ ගැන මතකයක් නෑ අරූ. කොහොමත් අපිට නිතර බලන්න ලැබුනෙ සන්ෆ්ලවර්ස්ලගෙ ෂෝ. ජිප්සිස් ලගෙ ෂෝ එකයි බලල තියන්නෙ. ඒ ඇඹිලිපිටියෙ දි.. අර විචාරක මහත්තය හඳුන්වල දීල තිබුනු sugv බ්ලොග් එකේ සඳහන් වෙන අලුත්නුවර ප්‍රදේශයේ හැම අවුරුද්දකම ෂෝ එකක් තිබුන.

        ම්ම්ම්.. ඔන්න අද කමෙන්ට් ටිකත් හෙමින් කියවල ඉවර කලා..

  30. ආයේ ඇස්වහක් කටවහක් නෑ මචං උඹ සංගීත සංදර්ශන ගැන ඔක්කොම ලියලා තියෙනවා. මාත් උඹ වගේම ඕවට රිංගලා ඉස්සරහම ඉදං බලපු එකෙක්.
    ඉස්සර අනුරාධපුරේ බොහෝ සංගීත පැවැත්වූයේ සිඟරට් කොම්පැනියේ අනුග්‍රහයෙන්.
    මට මතකයි බෙග් මාස්ටර් විශාල සිංදු ලිස්ට් එක බලාගෙන සිංදු කියපු හැටි. ටී එම් ජයරත්නත් මිල්ටන් මල්ලවආරච්චි වගේ එක තැනක හිටගෙන තමයි සිංදු කිව්වේ. ජෝති පාල නම් සිංදු පහක්වත් කිව්වා. නිහාල් නෙල්සන් මයික් එක ඒ අතින් මේ අතට මාරැ කරමින් ගී ගයපු අයුරැ උඹට මතකද? ඔහු ඩ්‍රම්ස් වාදකයාටත් වැඩ පෙන්වන්න අවස්ථාවක් හැමවිටම දුන්නා. ඒ අතරම උඹට මතකද අභිරෑපන රංගන ශිල්පියෙක් හිටියා. මට නම මතක නෑ. දවසක් වික්ට රත්නායකයන් වාදක මඬුල්ල හරියට ගැහුවේ නෑ කියලා සිංදුව මඟ නතර කලා.
    උඹගේ සටහනින් මම රස විඳපු ඒත් නම් අමතකවී තිබුනු ගොඩක් කළා කරැවන්ව මතකයට ආවා. තව
    මතකද ලූක් හෙන්රිකස්.
    ලියන්න ගොඩයි! ඒත් කාළය හරස් වෙනවා.
    උඹට ජය!!

    • උඹට අර දේශා කියනවා වගේ ගුණේ කියන්නම් අද ඉඳලා. මොකද අපේ පරණ චන්දනත් කාලෙකට පස්සේ ලියන නිසා.

      ගුණේ ලියන්න නම් දේවල් බොහොමයි. අභිරූපන කරේ විමල් කුමාර් ද කෝස්තාද කියලා හරියටම මතක නැහැ. හැබැයි එහෙම දෙයක් වුනා. බෙග්ගේ කොලේ සින්දු ලියලා තිබුනේ එයාගේ භාශාවෙන් කියලා කියනවා. ඒ උර්දුලු. මම ඒ ගැන අහලා තියෙන එකක් පමණයි. රසවත් දේ බොහෝයි. ලූක් හෙන්‍රිකස් හොඳ බයිලාකරු. කව්බෝයි හැට් එකක් දාගෙන තමයි ස්ටේජ් එකට ආවේ. ඔය ඔක්කොම අසූවෙන් පස්සේ ආපු අය.

  31. kathandarakaraya says:

    අරූ,

    කාලෙකට ඉස්සර මං සංගීත සන්දර්ශන ගැන ලියපු කතන්දරයක් අහම්බෙන් වගේ හම්බ වුණා.
    මෙන්න.
    http://kathandara.blogspot.com/2011/11/at-musical-show.html

    • කකා ඒක මම කියෙව්වා. ඒක කියවනකොට පොඩි කතාවක් මතක් වුනා. මේක කොලොන්නාවේ පොඩි සංගීතෙක වුනේ. තිලක් කුමාර රත්නායක හංදියේ ආධුනිකයෙක්ව වේදිකාවට හඳුන්වලා දුන්නා. පොර සිංහපුර බුවෙක්. ගතියට ඇඳලා කොන්ඩේ බම්ප් එක තියලා. ලස්සනට සිංදු කියනවා දන්න ඔක්කොම ඇක්ශන් දාලා. පව් ඌ. සින්දුවල තේරුමක් දන්නේ නැහැ.

      දෙවෙනි සින්දුව සුනිල් එදිරිසිංහගේ සොර දෙටුවෙක්…නියම මියුසික් බීට් එක..පොර දැන් කසෙන් ගහනවා අතින් පෙන්නලා එක පාරටම දෙවෙනි පදේදි, මහපට ඇඟිල්ලයි, thumb එකයි (ඇඟිල්ලේ නම?)එක්කහු කරලා පොඩි දෙයක් පෙන්නුවා. පස්සෙයි තේරුනේ මේ පෙන්නලා තියෙන්නේ දං ගෙඩියක් කියලා. පස්සේ උට කොල්ලෝ චුට්ටන් බට්ටිච්චා කියලත් කිව්වා.

      • ඌට නං දෙන්න හොඳ නෑ කුමරියක පා සළඹ සැලුණා කියන්න.

        ඇඟිලි පහ:
        සුළැඟිල්ල
        වෙදැඟිල්ල
        මැදැඟිල්ල
        දබරැඟිල්ල
        මහපටැඟිල්ල

      • තෑන්ක්ස් කකා…..මහපටඟිල්ලයි, දබරඟිල්ලයි ලංකරලා තමයි බුවා දංගෙඩිය පෙන්නුවේ.

  32. බලං ගියපුවහම කතා සරිත් සයුරක්ම මැවුණෙන ෙමතන.
    අැත්තටම අරෑ කිව විදිහටම කතාවට වැඩිය යමක් කට්ටියෙග අදහස් දැක්වීම තුල තියනව.
    මට නං පට්ටටම නැගල යන්ෙන දැං තමා
    ජය ෙව්වා

    • අපි කාටත් සතුටුයි මහේෂ්ලාගේ පරම්පරාවට මේවා රස විඳින්න හැකියාවක් තියෙන එක ගැන. සංගීත සංදර්ශන ඔහොම යනකොට…ඒ එක්කම ඒක පුද්ගල ,ද්වී පුද්ගල සංගීත ප්‍රසංග බොහොමයක් තිබුනා. ඒවා සන්ධිස්තාන. ස…ශ්‍රවන ආරාධනා…ශ්‍රවන කුන්ඩලී වගේ දේවල්.

  33. අයියලා විචාරක මහත්තයලා කියන්නේ කෞතුකාගාර වගේ මිනිස්සුනේ බලන් ගියාම

    • කෝරළේ…..උඹ අනං මනං කෞතුකාගාර කතා කියන්න එපා..කන් ගැට්ටෝ, අධෝ මාර්ග ගැට්ටෝ අපේ ගෙවල් වලට රිංගන්න බලයි.

  34. deshakaya says:

    සැහ් හොදටෝම පරක්කුයි. නියම මාත්තුරුකාව (කකාට විකාර හැක්) පොඩි ආතල් එකක් ගන්න. අපරාදේ බං.

    ඒක නෙමෙයි බං අපිත් ඒ දවස් වල ඔය වගේ ෂෝ සංවිධානය කරා නෙව. ඒකෙදි ඉතිං ඔය යටිතල පහසුකම් සපයන්නත් වෙනම සෙට් එකක් දානවා. ඒකෙදි හොද හොද කතා අහගන්න පුළුවන් ආටිස්ලගේ. ඒවා මොකටද මෙතනට නේද? හැබැයි ෂෙෘ් එකෙන් ආටිස්ට් යද්දි සංවිධායකයෝ පොටෝ ගහන්න වෙනම කැමරාමන් කෙනෙක් සෙට් කරනවා. අන්න එතකොට ආටිස්ට් යන කොට “ආට්ස්ට් යන්න හදන්නේ පොටෝ ගහන කස්ටිය එන්න“ කියලා ඇහුනම අපි දුවල ගිහිල්ල පොරත් එක්ක පොටෝ ගන්නවා. ඒ දවස් වල ඉතිං අර 135 රීල් කැමරා නෙව තිබුනේ. හරියට මැනික් වගේ තමා ඒ පින්තුර අපි ආරස්සා කරේ. ඒත් වයස යද්දි යද්දි ඒවා විනාස උනා බං…

    දැං බේතකටවත් ලයිව් සෝ එකකට යන්න හිතෙන්නේ නෑ. මොනාද බං තනි කුනුහරුපයි හැමෝම කරන විකාරයි මිසක් නියම සංගීතයක් දෙන්න බලන්නෑ නෙව..

    • දේශා……බැන්ඩ් එකේ එවුන් නමෝ නමෝ මාතා ගහන්න හැදුවේ. පස්සේ ආරංචිවුනේ ජෝති අයියා මග එනවා කියලා. බෑන්ඩ් එකේ එවුන් උඩ පැනලා නැවතුනේ. හොඳයි උඹ ආපු එක. යටිතල පහසුකම් සපයන අය තමයි සංගීතේ ෆුල්ම ආතල් එක ගන්නේ. උන් ඉතින් රසකතා අතින් දාලත් කියනවා.

      දේශා මට පොඩ්ඩක් මිස් වුනා මේවාගේ හින්දි ගීත ගායනා කරපු අය ගැන ලියන්න. ටියුඩර් ජයශාන්ත ලස්සනට හින්දි ගීත ගැයුවා. මොහු දක්ෂ සිතාර් වාදකයෙක් වගේම සංගීත නිර්මාපකයෙක්. ලංකාවේ පලමු ඒක පුද්ගල හිංදි ගී ප්‍රසංගයත් පැවැත්වූවා. ටෝනි හසන්, නුවන් ගුණවර්ධන අතිශයින් ජනප්‍රිය වුනා. තවත් අය හිටියා මට මතක් වෙන්නේ නැහැ.

  35. නිකං says:

    පොස්ට් එකත් මරු කොමෙන්ට් ටිකත් මරේ මරු
    කුමුදිනි ෆයර් ලිම්බෝ සහ මංගල ප්‍රේමදාස ගැන මුලින්ම ඇසුවේ ඔබෙන්
    මෙතන ඉන්නේ ඔබ කියන කුමුදිනිමද?
    http://archives.dailynews.lk/2008/06/17/fea10.asp

    • මේ ඉන්නේ එයා තමයි. මේ දාලා තියෙන ලින්ක් එක ගොඩාක් වටිනවා. කලාතුරකින් ඔහොම ලිපියක් ඇහැ ගැටෙන්නේ. අනිත් එක මම ලියපු දේ ගැන දාලා තියෙන ෆොටෝස් දෙකෙන් වැටහීමක් ගන්න පුළුවන් නේද? සංගීත වේදිකාව බලපන්. ටකරන් තහඩු, නිකම් ලයිට් දෙකක්, පල්ලෙහා ටේබල් ෆෑන් එකක්. ඒ කාලය හා සම්බන්ධ සංගීතවල ෆොටෝ එකක් දැක්කා මයි.
      අනිත් ෆොටෝ එක තමයි… රත්නේ මාවත් ඇදගෙන යනවා කිව්වේ ස්ටේජ් එක ඉස්සරහට…සිද්ධිය නැවත මතක් කරන්නේ.

  36. http://www.col3negoriginal.lk/watch.php?id=49431

    මේ වැඩසටහන ඊයේ හෝ පෙරේදා ප්‍රචාරය වූවක්. මෙහි මා ලියා ඇති සමහරක් දේ එම්.එස්.ගේ පුත් සරත් කියනවා. මුල්ම විනාඩි 10-15 ඇතුලත සෙබා ගැන සඳහන් කරනවා. මෙතනට ගෙනත් තිබ්බා කැමති කෙනෙකුට බලන්න.

  37. සුනිල විල.... says:

    මම නම් ඊට පස්සේ පරම්පරාවක කෙනෙක්. (Aru’ගේ community එකටත් අලුත්) ..ඔය කාලේ ධනපාල උඩවත්ත එහෙම වේදිකාවේ හිටියද ? මම දන්න හැටියට නම් මිනිහගෙ සෙබල හසුන (මා ආදරණීය මගේ අම්මා වෙතටයි) සින්දුවේ වයස දැන් අවුරුදු 50කට කිට්ටුයි…. ඔය සින්දුව මුලින්ම කියල තියෙන්නේ 63-64 කාලේ…..යුද්දෙත් නැගල ගියපු නිසා සින්දුව මාර famous උනා… සින්දුව නැගල ගියේ යුද්දේ නිසා උනාට යුද්දේ නැගල ගියේ ධනපාල උඩවත්ත නිසා නෙමෙයි කියල අපි කවුරුත් දන්නව…..ඒ මනුස්සය මොරටුව පැත්තෙන් බිහි වෙච්ච අහිංසක කලාකාරයෙක්…..කොහොම උනත් රංග නදීකා, ඈ නීල වරල පීරලා වගේ සින්දු ඇහෙනකොට ලොකු punch එකක් (බෑන්ඩ් වල භාෂාවෙන් “මෂා” එකක්) ඇඟට දැනෙනව….. අපි අපේ ජීවිත status කියන සාටකයෙන් කොච්චර වහ ගන්න හැදුවත් බිව්වට පස්සේ නටන්න ඔය සින්දු නැතුව බැහැ…..එතකොට අර සාටකේ ගැලවිල නියම සිංහයා එලියට එනව….
    ඔය සංගීත සංදර්ශන/බෑන්ඩ් වල කතා/ඒ වටා තියෙන උප සංස්කෘතිය ගැන නම් කියන්න ලොරියක කතා තියෙනවා…..ඒවා හෙමිහිට බුද්ධිමත් සංවාදයක් විදියට ඉස්සරහට කතා කරමු …..
    (track එක වෙනස් කලාට සමාවෙන්න…පොඩි දෙබසක් පටන් ගන්නයි හැදුවේ)….
    ps: මම නම් හිතන්නේ…අපි සේරම Aru’ගේ ජීවන සරසවියේ ශිෂ්යයෝ කියල…….මේක රස ගුහාවක්…….

    • හලෝ හලෝ සුනිල විල….වටිනා කමෙන්ට් එකක්. ඇත්තටම අපි මොන කලාත්මක ගීතයක් හෝ ප්‍රබුද්ධ රසාඥතාවයක් කතා කරත් බන්, අපේ ඇතුලේ මෂා බෝයි කෙනෙක් මෂා ගර්ල් කෙනෙක් ඉන්නවා. වයසට යන කම් එහෙමයි. වැඩේ තියෙන්නේ සමහරුන්ගේ ඒ මෂා එක අනවශ්‍ය තැන් වලදීත් එලියට එන එක. ඒකත් ඉතින් සාපේක්ශයි කියපන්කෝ.

      ඔය උඩ තියෙන මගේ කමෙන්ට් එකේ ලින්ක් එකේ ධනපාල උඩවත්ත ඉන්නවා. මම කියන 70-80 යුගයේ එයා හිටියා. ඒ තරම් උඩට ඇවිල්ලා හිටියේ නැහැ. අහිංසක මිනිස්සු. ගීතවල අයිතිය පුතාට ලියලා බව කියනවා. මම කැමතිම සින්දුවක් තමයි රංග නදීකා…තව ගොඩාක් ආතල් බුවාලා ඉන්නවා බන් කෝ වෙලා නැහැ ඕවා ගැන ලියන්න.

      අපි සාකචඡා කරමු. මම ඒකට කැමති බව මේ බ්ලොග් එක කියවනකොට උඹට තේරෙනවා ඇති. මගේ පෝස්ට් එකට වඩා රසවත් කමෙන්ට්ස් සහ රිප්ලයිස්.

      හැලප කඩේ බ්ලොග් එකේ රසවත් සංවාදයක් යනවා නෙවිල් ප්‍රනාන්දු ගැන ගොඩවෙලා බලන්න. ආපහු වරෙන්. උඹේ බ්ලොග් එකේ ලින්ක් එක හරි නම හරි දාපන්. මෙතැනින් යන්න බැහැ.

  38. හම්මටහුඩු හැමදාම අන්තිමටම කොමෙන්ට් කොරන්න ඕනා අරූගේ පොස්ට් වලට. නැත්නම් මග ඇරෙන්නේ තව පොස්ට් 20ක් කියෙව්වත් හොයාගන්න බැරි දේවල් ටිකක්. මම මුලින්ම මේලෙන් කියෙව්වේ. ඒකට කොමෙන්ට් එන්නේ නෑනේ. අදයි කමෙන්ට්ස් ටික කියෙව්වේ. මේකනම් සිරාම පොස්ට් එක. සිරාම කොමෙන්ට්ස් ටික. ඉස්සර අපේ අම්මා එහෙම බලපු සංගීත ගැන විස්තර කියනවා. එයාගෙත් කැමතිම එකක් තමයි නිහාල් අර මයික් එක මාරු කරන එක.
    ඉස්සර සංගීතයක් කිව්වොත් ඉතින් ලොවෙත් නෑලු. අපි පොඩි කාලේ වගේ වෙනකම් ඒ ගතිය යන්තම් තිබුනා. දැන්නම් ඒවා ඔක්කොම මොනවද වෙලා ගිහින්. මිල්ටන්ගේ නම් කට විතරමයිලු හෙල්ලෙන්නේ. සමහර සමහර කතා අහලා තිබුනා මමත්, මේ වගේ විස්තරයක් අදමයි දන්නේ. මේක නම් සිරාම පොස්ට් එක.
    ඉස්සර අපි පොඩි කාලේ ගුරුගේගේ තොරන් බලන්න යනවා. අන්තිම දවසේ තමයි සංගීතේ.. එදා දවල් දන්සලකුත් තියෙයි. පස්සේ කාලයක් ගුරුගේ නැවැත්තුවා ඕක. සල්ලි නැතුව කියලා කියන්නේ. ඒ කාලේ විනිල් පටන් ගන්න හැදුවත් ගුරුගේ පිට්ටනිය දෙන්න කැමති වෙලා නෑ. පස්සේ ආයේ ගුරුගේම තොරණ කෙරුවා.
    මාතලන් අර සන්ෆ්ලවර්ස් ගැන කියුවහම මතක් වුනේ. ගොඩක් අය ඒ දවස් වල කපුගේලා, සනත්ලා, බැද්දගේලා එහෙම සන්ෆ්ලවර්ස් එක්ක පීස් කලාට බනිනවා තාමත්. ඒකෙත් ඇත්තක් තියෙනවා තමයි. දැන් කොච්චර අමාරුද ඒ කාලේ ඔරිජිනල් සිංදුවක් හොයාගන්න. ඔක්කොම තියෙන්නේ අර පස්සේ ගහපු ටික. කොහොමවුනත් කට්ටියම ඔහොම පීස් ගැහුවේ ඒ දවස්වල තිබුණු සල්ලි අවුල් වලටලු. අහලා තියෙන හැටියට කපුගේ තමයි පටන් ගත්තේ වැඩේ. ඒ අර වැඩ තහනමට ලක් වෙලා ඉන්නකොට.
    අපි පොඩි කාලෙ මතක බෑන්ඩ් වලට හිටියේ සිහශක්තියි සන්ෆ්ලවර්සුයි තමයි.
    ඉස්සර අර කිව්වා වගේ මුලින්ම ආධුනික අයටත් තැනක් දුන්නා. අපේ අම්ම මාව පොඩි කාලේ ඔය වගේ කීයකට නැග්ගුවද… ඒක පස්සේ පස්සේ නැතිවෙලාම ගියා. ඉස්සර බෑන්ඩ් එකක සිංදුවක් වුනත් ප්‍රමිතියක් තිබුනා.
    මෙහෙම ගියොත් පොස්ට් එකක් ලියවෙන්නේ. හෙහ් හෙහ් පට්ටම පට්ට.

    • . /////අහලා තියෙන හැටියට කපුගේ තමයි පටන් ගත්තේ වැඩේ. ඒ අර වැඩ තහනමට ලක් වෙලා ඉන්නකොට.//////
      උඹේ දිග කමෙන්ට් එකට තෑන්ක්ස්.

      කපුගේට කලින් තවත් අය ඔය වැඩේ කරා. ඒක රැල්ලක් වුනා. කපුගේට ලැබුන මුදල් සුගතපාල ද සිල්වා කියන ඒ නිර්ව්‍යාජ ප්‍රවීන නාට්‍යවේදියා අසනීපව අසරණව ඉන්න කොට ඒ වෙනුවෙන් වියදම් කලබව කියනවා. ආචාර්ය්‍ය දයාරත්න රනතුංගත් සන්ෆ්ලවර්ස් කැසට්වලට සින්දු කිව්ව.

      • ඔව් ඔව් දයාරත්නලා, බෑන්ඩ් වලට විතරක් නෙවෙයි අර රැප් ශ්‍රී ලංකා කියලා එකකට සිංදු කියලා අර සිංදු ටික විනාස කරලා දැම්මා. අපරාදේ. එහෙනම් එහෙම වෙන්ට. මටත් ඕක කිව්වේ වෙන සර් කෙනෙක්. කොහොමවුනත් කපුගේ හැමෝගෙම ඇතුලේ ඉන්න ආත්මීය හඬක්. කපුගේගේ සිංදුවක් බස් එකක යනකොට පොඩ්ඩක් බලන්න මිනිස්සු දිහා. කීදෙනෙක් ඒක මුමුනනවද කී දෙනෙක් ඒකට තාලේ අල්ලනවද කියලා. 😀

      • ඒ සින්දු රැප් කරපු කාලේම මට අහන්න ලැබුනා. හරි කණගාටුවක් ඇතිවුනා. නමුත් ඒක පර්යේෂන මට්ටමින් කරපු උත්සාහයක් කියලා කිව්වා. ඒ මොනවා වුනත් රැප් රැප් වෙලාම වලපල්ලට ගියා. ඔරිජිනල්ස් ටික අදටත් අහනවා. රස විඳිනවා.

        මට කපුගේව සෙට් වෙලා තියෙනවා අඩියකට. පස්සේ ලියන්නම්.

      • අඩේ අප්පා අනිවා ඒක ලියන්න එහෙනම්. අරූ ඕක ලියනකම් රිමයින්ඩරයක් වැදෙයි සැරෙන් සැරේ ඈ 😀 😀

      • දයාරත්න-අමරා ඔය රැප් සීන් එක කරේ පර්යේෂනයක් හැටියට. නමුත් ඒක ඉතාම නරක විදිහට ගීත ගොන්න විනාස කරා. දැන් ඒ මොඩ්ල් එකෙන් අහන්න නැති එක ලොකු දෙයක්.

  39. සුනිල විල.... says:

    හෙමිහිට විඳින්න…..

    කඳුළු බින්දු නිල් නුවන් පුරා රඳවගෙන ඈත තාරකා දිහා මං චුට්ටක් බලන් හිටිය,,,,,තැවිල හඬල වැඩක් නැහැ, මම ආයෙත් ඇස් පියාගෙන ජීවිතේ දිහා බැලුව….. කථාව ඇත්ත, කාලයේ රහස් වසාගෙන ජීවිතේ ගලාගෙන යනවා…..පාන්ශුකූලෙත් දීලා ටිකක් කල්…..ඒත් ආදරේ අමා හැඟුම් එක්ක අර සුපෙම්වතා ආයෙත් ඇවිත්….හිතන්නත් බැහැ….
    මේ link දාන්න හිතුවේ articleඑකට ටිකක් අදාළ නිසා…මොකද “පොරවල්” ගැන අපි කතා උනානේ….
    ඔව්,කබ්බෝ ෆෝම් වෙච්ච යුගයක ගම් ගාලා අලවපු ලී පෙට්ටියකිනුයි කම්බි පහ හයකිනුයි අපේ හදවත් වලට කථා කරන මිනිස්සු අඩුයි තමයි…

  40. WATCH THIS CLIP. VERY INTERESTING.

  41. Miyuru says:

    මාත් පුංචි කාලෙ අපේ මාමගෙ කරේ නැගලා සංගීත සංදර්ශන බලන්න ගිහින් තියෙනවා… ලොකු කාලෙත් කිහිපයකට ගියා… ඒවට ගියාට පස්සෙ අම්මට තාත්තට අපේ පස්සෙන් හිටගෙන මුර සේවයේ යෙදිලා අපිව බේරගන්න සිද්ද උනාට පස්සෙ ඒ ගමන් නැවැත්තුවා.. ඇත්තමයි ඒ සිදුවීම් නිසා ඒ ගමන් එපාම උනා…
    මැක්ස්වෙල් මෙන්ඩිස්ගෙ මිනී ඔළුව මට මතක් උනා මේක කියෙව්වම… මංගල ප්‍රේමදාස ඒ කාලෙ ඉස්කෝල වලටත් සංදර්ශන පවත්වන්න ආවා කියලා මතකයක් තියෙනවා…
    අරූ… ‘ඔබගේ රුව මාගේමයි’ සින්දුව මං නිතරම ‘ගී පැදුර’ බ්ලොග් එකට ගිහින් අහනවා… මගෙත් ප්‍රියතම ගීයක්… එම්. එස්. ගෙ ඩාන්ස් එක නම් අමතක වෙන්නෙ නෑ…

    • ඔව් මියුරු මේ කෙල්ලන්ව ඕවාට එක්කන් ගිහින් ගාඩ් කරන්න ගියාම හෙණ කොකු. අපි දන්නවානේ කොල්ලෝ කාලේ කරපු වැඩ.
      මංගල ඉස්කෝලවල සංදර්ශන කලා.
      ඔබගේ රුව මාගේ මයි….තව බොහෝ කාලයක් මිනිස්සු අහයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s