Monthly Archives: March 2014

අවුල් වන්නට පෙර (34)….කොහේ යන්නද?

මමත්, අම්මාත් පන්සලෙන් පිටත්වී නිවෙස් බලා යාමට තීරණය කෙරුවෙමු. මගේ පළමු නවාතැනින් පිටත්වීමට සිදුවූයේ මගේ කුඩාකමට සිදුවූ නොදැනුවත්කම නිසාම යැයි මම හිතමි. නමුත් අද මේ පිටත්වන්නේ නොදන්නාකම නිසා නොව වගකීම් අමතක කර හුදු ආත්මාර්ථකාමය නිසාම හුරුවූ රස්තියාදුකාර ජීවිතයට හැඩගැසීම බැවින් … Continue reading

Rate this:

Posted in Uncategorized | 96 Comments

අවුල් වන්නට පෙර…(33)..මා ඉතින් යන්න යනවා

මම වාලුකාරාමයේ නැවතී සිටින කාලයටම අම්මා හෝ තාත්තා ,මා බැලීමට පැමිණියේ තුන් හතර වතාවක් පමණි. මට ඒ ගැන කිසිම අමනාපයක් හෝ විශේෂ උනන්දුවක් නොතිබුණි. අමනාප නොවුයේ නම් ගෙදර ආර්ථික තත්වය ගැන මම කොහොමත් දැනගෙන සිටි බැවින් විය යුතුය. විශේෂ උනන්දුවක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 123 Comments

අවුල් වන්නට පෙර (32)….. කොල්ලුපිටියේ ඇසළ පෙරහැර

වාලුකාරාමයේ ඇසළ පෙරහැර 1963 වසරේ සිට නොකඩවා පවත්වා ගෙන එන බව කියති. මෙය නිවන්තිඩියේ ආනන්ද නායක හිමියන්ගේ අප්‍රතිහත දහිරියේ ප්‍රතිඵලයක් බව අදටත් කියති. ඒ දින දෙක තුන තුළ පන්සල් භූමිය යුද පිටියක ස්වරූපය ගනී. මෙහි සේනාධිනායකයා ආනන්ද හිමියන්ය. අදටත් මට … Continue reading

Rate this:

Posted in Uncategorized | 102 Comments

සුනිල විලක් දුටු ඩොනමෝර්

මගේ බ්ලොග් පෝස්ට්වලට අමුතු ආරක අදහස් දක්වන කෙනෙක් හමුවුණි. ඔහු හෝ ඇය, මා ලියු සංගීතේ රසේ වෙලී පෝස්ට් එක හා සම්බන්ධවත් අදහස් පල කර තිබුණි. අද මට හමුවුණේ ඔහු මා විසින් චේ ගුවේරා නමින් ලියු පෝස්ට් එකට දැමු අදහසකි. මෙයද … Continue reading

Rate this:

Posted in Uncategorized | 53 Comments