සුනිල විලක් දුටු ඩොනමෝර්

මගේ බ්ලොග් පෝස්ට්වලට අමුතු ආරක අදහස් දක්වන කෙනෙක් හමුවුණි. ඔහු හෝ ඇය, මා ලියු සංගීතේ රසේ වෙලී පෝස්ට් එක හා සම්බන්ධවත් අදහස් පල කර තිබුණි. අද මට හමුවුණේ ඔහු මා විසින් චේ ගුවේරා නමින් ලියු පෝස්ට් එකට දැමු අදහසකි. මෙයද අපූරු නිර්මාණයක් බව මට හැඟේ.

ඔහුට/ඇයට තව දුරටත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තියක් ලැබීම පිණිස…ඔහුගේ අවසරයෙන් තොරවම මම එය මෙහි පළකරමි.

මා ඔබට යෝජනා කරන්නේ ඔබ තව තවත් නිර්මාණකරණයේ යෙදිය යුතු බවය. ඔබට බ්ලොගක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් සියලු උපදෙස් දීමට කැමැත්තෝ මේ බ්ලොග් ලොව තුළ සිටී.

සුනිල විල….ඔබට යමක් ලියා පළකිරීමට අවශ්‍ය නම් (ඔබට බ්ලොගක් නැතිනම් ) මගේ ඉඩකඩ ඔබට විවෘතය. මම ඔබ අගය කරමි.

පාඨකයනි……මෙය කියවා බලන්න. මෙහි අන්තර්ගතය පිළිබඳ ඔබට නොයෙකුත් අදහස් තිබිය හැක. අදහස් දක්වන්න.

මම අවුල් වන්නට පෙර තුළින් නැවත ඔබ හමුවන්නෙමි.

මේ සුනිල විල හා ඩොනමෝර්ය……..
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සෑම දෙයක්ම සිදුවන්නේ අප නොසිතූ පරිදිය. …

මමද පළි ?…..
මම කරපු කෙහෙල්මලක් නෑ ඕයි…..
දුම් නැවෙන්.. A ක්ලාස් රූම් එකක, සැපත් උනේ කොලොම් තොටට…
ටේල් කෝට්, ටොප් හැට්…..පොහ්..Aristocratic status …….රාජකීය පිළිගැනීම්……හමුදා සැලියුට්….
ඒ විතරද ? locals ලගෙ යටහත් පහත් කම….
එහෙට වඩා පුංචි ආඩම්බර කමක් නොදැනුනා නොවේ…
ඒත්, මගෙ ජවනිකාවට අරූ පිටපත ලියල තිබ්බෙ….මම එන්නත් කලින්…….
වෙන කවුද Labour secretary of state for the colonies..මිසක් ….
මට තිබ්බෙ amendment ටිකකට දාතම දාල යටින් අත්සන් කොරන්ට……අහ්, මෙහේ හාමුලට බර ඉංග්‍රීසියෙන් පොල් ටෝක් ටිකක් දෙන්න…..
ඒත් නුවර Queens එකේදී මම සෝල්බරීට කිව්වා…Universal Sufferage…..මුන්ට මේක බර වැඩියි,,,,තේරෙන එකක් නැහැ කියල..
මෑන්ට එදා ටිකක් වැඩි උන,,,හැබැයි මෙහෙම දෙයක් කිව්ව..
තව අවුරුදු 10-15 කින් විතර මෙව්‍ව දාල යන එකේ,,අපි මොකටද බාල්දි පෙරලන්නෙ,,, අනික HMට උඩින් ගිහින් හිර ගෙවල් වල තපින්නද ……
ඒකත් ඇත්ත……

Democracy….?
මුන් මේකට ***න් හිනාවෙන්නෙ

Majority ? අම්මගෙ රෙද්ද තමයි….
බහුතරය වැඩක් නෑ යකෝ…..සොත්ති උපාලි වගෙ අහිංසක, තණ පිඩැලි අල්ලල ජීවත් වෙච්ච මිනිහෙක්ට ඕන විදියට තිබ්බම ඇති …….
ඒක නෙවෙයි…
තුම්මුල්ලෙ මලයයි,,,බැද්දගානේ මලයයි මට බැනල එවල තිබුන…..
උන්ට අපාගත වෙන්න උනේ මම හින්දලු…..
ප්‍රජතන්තරේ අස්සේ ජිල්මාට් දාළලු උන්ට එහෙ යන්න උනේ,,,,,
මේක ගෙනාපු මමද පළි ?
අඩුම තරමේ චන්ද ඩියුටි ඉවර වෙලා චෙක් එක සාක්කුවේ දාගන්නකොට වත් මාව මතක් වෙනවද ? උඹලට ජොබ් ගෙනාවෙ අපි කියල….
චන්ද නැති කාලෙක වත්,,,,දේශප්‍රිය මහත්තයො,,, පිරිත් ටිකක් කියල දානයක් දෙන්ට….
කතන්දරේ මොකක් උනත්,
මම ඒ අතරේ කුහක සතුටක් ලබනව…..
ඔය වෙස්ට්මිනිස්ටරේ අපි කොලාට…
මේ වැදී රංචුවට මහත්තුරු වෙන්ට
තව අවුරුදු 200ක් වත් යාවි…..
හැබැයි…
වැරදිලා හරි…
අපි මේක උඹලට පුරුදු කරලා නොතිබුණා නම්……
හමුදා කුමන්ත්‍රණ අම්බානක…
කැරළි ?…හෙහ් හෙහ්…එහෙනං තල කැරලි ගානට…..
මිනී ඔළු දාස් ගනං තියෙන සමූහ මිනි වලවල්……
රටට කියන්න ඕන නම උඹලම දා ගනිල්ලා…..

මීට
එලොව සිට තැවෙන….
ඩොනමෝර්

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

53 Responses to සුනිල විලක් දුටු ඩොනමෝර්

  1. ඇත්තටම ඩොනමෝර් දැන් තැවෙනවා ඇත්ද?

    අමුතුම අදහසක්. ඇත්තෙන්ම සුනිල විලට බ්ලොගක් ලිවිය හැකියි නම් අගෙයි.

    • සුනිල විල..... says:

      අරු අයියෙ ඔබට ගොඩක් පින්,,,,ලෝභ නැතුව මගේ පුංචි දේට ඉඩ දුන්නට…..
      ස්තුතියි..ප්‍රියා…මගේම බ්ලොගක් කරනවට වඩා හැමෝම එක්ක මේකේ ගැවසෙන එක හොඳයි කියල හිතෙනව….හැබැයි ඒක අරූ අයියට කරන අසාධාරණයක්, මොකද, පිළිවෙලට ලියාගෙන යන කතාවේ flow එකට බාධාවක්………හැබැයි ගියොත් එහෙම, හරියට දවසට දෙකට වැඩ ඉගෙන ගෙන බාස්ට හොරෙන් ගෝලය වැඩ පොලක් දැම්ම වගේ…..කොහොම හරි අපි නිර්මාණ වලින් සයිබර් අවකාශයෙදි හැමුවෙමු…..

      • @ සුනිල විල……….උඹට බ්ලොගක් ලියන්න කම්මැලි වගේ නම්…මොකක් හරි ලිව්වාම දන්වපන්. මේක ඇතුලෙම දාන්න පුළුවන්. මගේ ෆ්ලෝ එක ගැන හිතන්න එපා. බදාගෙන කෑමට වඩා බෙදාගෙන කෑමට කැමති කොටසක් බ්ලොග් ලෝකය ඉන්න බව පැහැදිලියි. උඹට ජයෙන් ජය!!

  2. ඔව් නියමයි.. එයාට බ්ලොග් එකක් නැත්නම් ලියන්න කියලා මාත් කියනවා…අරූ අයියා මේ විදියට පෝස්ට් එකක් දාපු එක හොදයි

    • ඇත්ත ඕමා ..එයා බ්ලොග් එකක් ලිව්වනම් හොඳයි ..ඒත් නොලියනතාක් කල් හිතේ සැනසීමෙන් ඉඳියි නේද?

      • අනේද කියන්නේ ඉවාන්,,, කොමෙන්ට් වලින් අදහස් එකතුකරන එක ඊට වඩා හොදයි කියලත් හිතෙනවා..

    • බ්ලොග් නොලියනතාක් එයා හිතේ සැනසීමෙන් ඉඳීවි. ඒත්, බ්ලොග් එකක් ලියන එකෙන් එයාගෙ කමෙන්ට් කවි වල අගේ වැඩිවේවි.

      • බස්සි බස්සි පිස්සි …

      • සුනිල විල..... says:

        බස්සි සහ කුවේණි,,,,මට තේරුනේ නැහැ…”බ්ලොග් නොලියනතාක් එයා හිතේ සැනසීමෙන් ඉඳීවි. “

      • @ සුනිල විල….ඔය කියන්නේ වෙන මුකුත් නෙමේ….බ්ලොග්ස් ලියන්න ගියාම ඒ වෙනුවෙන් කාලය යොදවන එක වෙන්න ඇති. ඒක නම් යම්තාක් දුරට ඇත්ත. නමුත් ෂේප් එකේ කරන්න පුළුවන්. බොහෝ අය මට වඩා කාලයක් දිගින් දිගටම මේ සයිබරයේ තම අදහස් දක්වමින් ලියමින් කියවමින් ඉන්නවා.

    • සුනිල විල..... says:

      ස්තුතියි ඔමයා….

    • සුනිල විල..... says:

      ස්තුතියි ඔමයා…

  3. Damith says:

    සභාවෙන් අවසරයි
    අරු මහතාගෙ යොජනාව මම ස්තිර කරනව.
    *සුනිල විල -හා දැන් ලියමූ

    • සුනිල විල..... says:

      දමිත්….ඔබ සොඳුරු අඥාදායකයෙක් වගේ…..හමුවීම සතුටක්…….

  4. ඔව් ඔව් ඒ යෝජනාවට මාත් එකගයි.. මොකද අමුතු විදියට හිතන පතන අයට බ්ලොග් ලොව චාන්ස් කෝමත් තියෙනව…

    • සුනිල විල..... says:

      මහේෂ්..ඒ වටා ගොනුවෙන කල්ලියත් වැදගත්….හොඳ back-up එකක් තියෙනකොට ඕනෑම වැඩක් ඉස්සරහට යනව ……

  5. ඔව්, හොඳ දේශපාලන ප්‍රහසනයක්. ඔහු තනිවම ලියනවානම් මීට වඩා ලියන්න පුළුවන් බව පෙනෙනවා.

    • සුනිල විල..... says:

      ස්තුතියි විචාරක….ඔව් අපි මේකේ ඇත්ත පැත්ත කතා කරමු,,,,,

  6. Kenji @ Japan says:

    ඔව් මේ ලියවිල්ල ඔබ පොස්ට් එකක් විදියට දමපු එක හොදයි.
    ලියවිල්ලත් පට්ට.
    මෙහෙම ලියන අයට දිගටම ලියන්න නම් කරනු නැතිවෙයි කියලයි මගේ හැගීම.

    • සුනිල විල..... says:

      Kenji.. අන්තිමට කියපු දේ මට තේරුනේ නැහැ…..

  7. Dinesh says:

    ඒ ලියවිල්ලනම් අපූරුයි.. ඔහුට බ්ලොග් එකක් ලියන්න පුළුවන්නම් හොදයි කියන එක මටත් හිතෙනවා.. අරූ‍ අයියා මේ ලියපු දෙයම ඔහුට ආරම්භයක් වෙනවනම් ඇත්තටම සතුටුයි අපිත්..

  8. Bindi says:

    අපුරු නිර්මාණයක් .

  9. අපූරු නිර්මානාත්මක අදහසක් ….

    • සුනිල විල..... says:

      ස්තුතියි ඉවාන්…ඒක නෙවෙයි,,,ඔය සින්දුව ගැනත් අපි පොඩි කතිකාවක් පටන් ගන්න ඕනේ…..අවුරුදු 20කට කිට්ටු වුණත් දන්න එවුන් මේ සින්දුව විඳිනව….මේ පිටුපස සිටි නිර්මාණ කරුවන්,රුසියන් සම්භවය-කො.වි.වී හෝ ජ’පුර වි.වී සහ “යාත්‍රා” ඔස්සේ ජාතිකේට ආපු හැටි…..සහ මේ අය තාමත් කලාවේ ඉන්නවද කියන එක දැනගන්න කැමතියි…..

  10. සුනිල විල, ඇයි ඉතින් නොලියන්නේ?

    • සුනිල විල..... says:

      ඔව් නොලියා ඉන්නේ නැහැ HBW ….මේ දවස් වල මම වැඩිපුරම කරන්නෙත් මම කවුද කියල හොයන එකයි……

  11. මම දන්නවා මේවා උඹේ බොක්කට දැනෙන හේතුව… අරූ මුල ඉඳලා කියවපු එකෙක් දන්නවා, අරූ මුලින් ලිව්වෙත් මේ වගේම ඒවා කියලා.. ඒකයි උඹට මේ දේවල් වල රහක් දැනෙන්නේ.. ඒවා මමත් පැලෙන්න වින්ද නිසා… මේවත් මට පට්ටම රහයි..

    උඹ උඹේ ජීවීත කතාව ලියලා ඉවර උනාම.. ආයෙත් මේ වගේ මඤ්ඤං ලියාපන්.. ඒවා පට්ට රහයි…

  12. රට සුද්දම යටත් වෙලා තිබුණා නම් හොදයි තමයි.මේ ඒකාධිපතින් යටතේ තියෙනවාට වඩා.

  13. රාජ් says:

    අරූ “යලි ඉපදෙන්න කලින්” ලිව්ව පෝස්ට් මතක් උනා. උඹේ බ්ලොග් එකටම තමයි මේක හරියන්නෙ. පුළුවන් නං මේකටම ලියන්න කියමු!

  14. හරි කොමේ දැන් සුනිල විල හෝ විලි …. එන්න එන්න ආඩම්බර වෙන්න දෙයක් නෑ ඇවිල්ල අපේ ගොඩට වැටෙන්න

  15. sasha says:

    හරි වෙනස් හැඩයක් නේද.නියමයි.කෝ සුනිල විල මේ පෝස්ටුව දැකල නැතෙයි..

    අරූ (මාමේ) කෝ ගිය ආත්මෙ කතාවෙ ඉතුරු කොටස තව දුරදෝ…

    • සුනිල විල..... says:

      නැහැ සාෂා…වැඩ අධික කම තමයි…හිත එකලාසයකුත් නැහැ….මහ සුළි කුණාටුවක් ඉවර උණාට පස්සේ එන කාලකන්නි නිහැඬියාවක තමයි මම ඉන්නේ,,,ඔබගේ comments ignore කළා නෙමේ……

      • sasha says:

        හෙමින් හදමුකො එහෙනම් බ්ලොගක්…ඒ නිහඬබව බිඳින්න මොන මොනවහරි ලියන්න..

  16. අපූරු නිර්මාණයක්. අරූගෙ බ්ලොග් එකට මම මුලින්ම ආවෙත් අරූ ලියාපු මේ වාගෙ කවියක් දැකලයි.

  17. helapayaa says:

    මෙයා නං බ්ලොගක් ලිවිය යුතුමයි,හරි රහයි මචං අඳුන්නල දුන්නට ස්තූතියි.

  18. Chandana says:

    අගෙයි නෙව..

  19. අෆ්ෆා එලකිරිනෙ අනේ මේ ඩොනමෝර්ට මැරිලවත් නිදහසක් නැති හැටි

  20. සුනිල විල..... says:

    NTK ස්තුතියි සහ අරූ අයිය ඇතුළු හැමෝටම…
    සභාවෙන් අවසරයි…..
    මේ කතාවේ වස්තු බීජය මුලින්ම මට ලැබුනේ ලඟදි පත්තරේක ගිය දේශපාලන කොලමකින්….
    කොලම ගොඩක් දිග වුනත් මම ගත්ත දේ තිබ්බේ පේළී දෙකක විතර
    කියල තිබුණ දේ තමයි..ඔය සර්වජන චන්ද බලය ලංකාවට දෙන්න යද්දී ඔය කොමිසමේ හිටපු සුද්දෙක් (ඩොනමෝර් වෙන්න ඕනේ) කියපු කතාවක්….මම හිතන විදියට ඒක මිනිහගේ පුද්ගලික මතයක් වෙන්න ඕනේ……ආසියානු කලාපයේ යටත් විජිත දේශපාලන ධාරාව වැටී තිබූ දිශාවත්, දේශීය පොරවල් මේක ඉල්ලලා බෙල්ල කඩාගෙන දඟලපු නිසාත් සහ වෙන දෙන්න දෙයක් නැති නිසාත් මිනිහගේ අදහස විසි වෙන්න ඇති ….

    ඒ තමයි සිංහල ජාතිය බහුතරය සහිත ලාංකීය සමාජය, වැඩි දෙනාගේ කැමැත්තට අනුව පාලනය වෙන ක්‍රමයකට අනුගත වෙන්න තරම් දීයුණු පිරිසක් නෙවෙයි කියන එක,
    මෙහෙමයි, ඔය කාලෙම උන් යටත් කරන් හිටපු අප්‍රිකානු ගෝත්‍රික රටවල් වල මිනිස්සුන්ට සාපේක්ෂව “Average Ceylonese” කෙනෙක් ශිෂ්ට සම්පන්න/civilize වෙච්ච (මං කියන්නේ බයිට් එකට මිනී මස් කන්නේ නැති)/දෙයක් දැක්කම එක පාරින් අල්ලගන්න පුළුවන් ජන කොට්ටාශයක් කියල උන් දැනන් හිටිය …හැබැයි ඩොනමෝර් ලංකාවට ඇවිත් ටික දවසකින් දකින්න ඇති ඔය කිව්වට මුන් බහුතරය කිව්වත් තමන්ගේ කැමැත්ත නෙවෙයි නම් කොක්ක දාන සෙට් එකක් කියල…..(ජනාධිපතිවරණෙ නෙවෙයි..ඉස්කෝලේ පන්තියේ පන්ති නායකයා තෝරන්න ගියත් අපි ඇන කොටාගන්නව..ඇත්ත එකනේ)
    දැන් වැඩේ කියන්නේ මේකයි, මූ මේක අවුරුදු 80කට කලින් ඉඳල දැක්ක එක…..මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ නියොජිතය තෝරාගන්න දෙනව නම් “මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා” කියල දෙයක් තියෙන්නෙ කොහොමද ? යකෝ විලි ලැජ්ජාව කියන්නේ මුන් ඒකත් catogorise කරලා (Pre & Post) කියල….ඒ කියන්නේ පූර්ව සහ පශ්චාත් ඇන කොටා ගැනීම්…..(මම හිතන්නෙ ඕකත් statistical ජිල්මාට් එකක්, මොකද total එක කියනවට වඩා බෙදල කිව්වම ටිකක් සැර අඩුයි නේ)
    ඩොනමෝර් එහේ ඉඳල හිතන දේට වඩා වැදගත් අද අපි කොතනද ඉන්නේ කියන එක …මේ පරිහානිය තවත් තීව්ර වෙමින් පවතිනව…..
    හසන්ත මහත්තයො, බලන්න අනුරාධපුරේ දිහා,,,සීගිරි ගල දිහා, අපි කොච්චර ….ජාතියක්ද
    ඉතින් මගේ පුංචි කතාව ගොඩ නැගුනේ ඒ ඔස්සේයි ….

    • S.L.Maleyrala says:

      ඔන්න ඔතනයි තැන මචන් දැන් ඉතින් බලන් හිටියා ඇති පටන් ගමු

    • +++++++++++++++++++++++++++++
      උඹ නැවත නැවතත් ලිවිය යුතු බව මම හිතනවා.

  21. Ravi says:

    ලංකාවට වෙලා තියෙන්නෙ කිසිම හැදියාවක්, චාරයක්, සාධාරණත්වය යුක්තිය ගැන හැඟීමක් නැති පාලක පිරිසක් අතට රාජ්‍ය පාලනයේ සියළු බලතල ඒකරාශී වීම.හැබැයි එකක් තියනව. එහෙම ඒකාධිපති රැලකට කිසිම කරදරයක් නැතුව තමන්ගෙ සිතැඟි පරිදි අත්තනෝමතිකව පාලනය ගෙනියන්ට ඒකටම හරියන අමන මෝඩ රැලක් පාලිතයන් වශයෙන් අත්‍යාවශ්‍යයයි.

    ලෝක ඉතිහාසයෙ මේ කාරණා දෙකම එකවර සාක්ෂාත් වෙලා තියෙන්නෙ බොහොම කළාතුරකින්. එහෙම උනත් ඒ බොහොම කෙටි කාලයකට. අසාධාරණයට අයුක්තියට විරුද්ධව පොදුජන ඒකරාශීවීම්, නැඟීසිටීම් සිද්ධ වෙන්නෙ අන්න එතකොට. ලංකාවෙ අද තියන තත්වය මම හිතන්නෙ බලලෝභී අදූරදර්ශී පාලනය සහ ඒ හා සමඟ සමාන්තර බඩජාරී, මරිමෝඩ පාලිතයකට දර්ශීය උදාහරණයක්.ලෝකෙ අනික් රටවල් රාජ්‍ය අධිකාරිත්වය ප්‍රතික්ෂේප කරල පෞද්ගලික නිදහස කෙරෙහි බර තබන ප්‍රතිපත්තියකට කෙමෙන් මාරුවෙන්නට උත්සාහ කරද්දි අපි ආපහු වැඩවසම්, ගෝත්‍රික පාලන ක්‍රමයකට හතරවන ගියරයෙ ආපහු යනවා.

    සුද්දා 48 දි මේක දාල ගිය එක උගෙ වාසනාව. නැත්තං එහෙම බලන්ට තිබ්බ සෙල්ලම….

    සුනිල විල..නියමයි!!
    අරූ……ස්තූතියි!!

  22. සිරා says:

    අමුතුම ආරක් ඒ ලියවිල්ලෙ ගැබ් වෙලා තියෙනවා…නිසැකවම අලුත් දෙයක් වේවි බ්ලොග් අවකාශයට…ලියන්න සුනිල විල…දිගටම….

  23. එල සුනිල විල ලියන්න එක තමා හොදම …නැත්නම් අපරාදේ කියලා හිතෙයි ,ප්හු වෙලා පටන් ගත්තොත් දැන්ම බොගියක් අටව ගන්න …

  24. ඇත්තෙන්ම හොඳයි මේ විදිහට දිරිගැන් වූ aruge adaviya ටත් පින්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s