මම වාලුකාරාමයේ නැවතී සිටින කාලයටම අම්මා හෝ තාත්තා ,මා බැලීමට පැමිණියේ තුන් හතර වතාවක් පමණි. මට ඒ ගැන කිසිම අමනාපයක් හෝ විශේෂ උනන්දුවක් නොතිබුණි. අමනාප නොවුයේ නම් ගෙදර ආර්ථික තත්වය ගැන මම කොහොමත් දැනගෙන සිටි බැවින් විය යුතුය. විශේෂ උනන්දුවක් නොවුයේ, කොලු කාලයේ ඊට වඩා උනන්දුවීමට විශේෂිත කාරණා රාශියක් මා වටා එකතුවෙමින් තිබු නිසා බැව් මම දැන් හිතන්නෙමි.
තාත්තා පන්සලට වරක් හෝ දෙවරක් පැමිණියේත් විශාල මල්ලක්ද අත අතැතිවය. ඒ මල්ල පුරවා තිබුණේ පරණ සුදු කමිස, සුදු රෙදිපටි වැනි දේවල් වලින්ය. මොහොතක් කල්පනා කෙරූ පසු මට වැටහුණේ, මේ තාත්තාගේ තවත් දේශපාලන වැඩ කටයුත්තක තවත් එක් අංගයක් මිස අන් කවරක්වත් නොවන බවය. ඔබට මා කියා ඇති පරිදිම මගේ තාත්තා වාමාංශික දේශපාලන අදහස් වලින් පිරි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් විය. ඔහු බාලා තම්පෝගේ ලංකා වෙළඳ සේවක සංගමයේ(CMU)මුල් සාමාජිකයෙක්ව සිටියේය. ඔවුන් ළඟින් ඇසුරු කළෝය. ප්‍රාදේශීය දේශපාලනය තුළ අවිස්සාවේල්ල ආසනයේ සමසමාජ ක්‍රියාකාරෙන්වු චන්ද්‍රා කුමාරගේ, කුලසිරි කුමාරගේ, වාසුදේව නානායක්කාර වැනිවුන් සමග එකව වැඩ කටයුතුවල යෙදුණි. එකල මැතිවරණ වේදිකාවල කථිකයෙක්ද විය. 1977 මැතිවරණය ගැන වෙනම් ලිපියක් ලිවීමට සිතා ගතිමි.
තාත්තා මේ පරණ කමිස මල්ලත් රැගෙන පන්සල් එන්නේ වෙන කුමකටවත් නොව, ඒවා රතුපාටට හුරු පඬුහැලියේ බස්සවා සුදු කමිස රතු කර ගැනීමටය. සුදු රෙදිපටි රතු කර මැයි පෙළපාලියෙ යන තම සහෝදර සගයන්ගේ හිසේ බැඳීමටය. ඒ අපේ තාත්තාගේ හැටිය. ඒ කාලයේ රතු පාටට හුරු පඬු වර්ගයක්ද සිවුරු පැහැ ගැන්වීමට භාවිතා කරන ලදි. මට මතක ඒ යුගයේ, බොහෝ හිමිවරු තම සිවුරුවල සේදිගිය වර්ණයන් නැවත ලබාගත්තේ පඬුහැලියේ ඔබා මිස, වරින්වර අලුතෙන් මිලදී ගැනීමෙන් නොවේ. ඒ සඳහා ශිෂ්‍ය භීක්ෂූන්ට ඇති තරම් මුදල් හදල්ද නොවීය.පිරිකර ලෙස ලැබුණු යමක් වී නම් ඒ පමණි. අදනම් සමහර ඉටිරූප සාදුලාගේ සිවුරක් මිලදී ගැනීමට යන මුදලින් ගමේ දුෂ්කර විහාර්ස්ථානයක් පිළිසකර කරගත හැකිය. මේවා ගැන ලිවීමෙන් පලක් නැත. මාස දෙකකට වරක් පමණ එක් මුස්ලිම් මිනිසෙක් පනසලට පැමිණේ. බයිසිකලයක ලී පෙට්ටියක් බැඳගත් මොහු එන්නේ මරදාන පැත්තේ සිටය. මේ කාලය ඇතුළත පන්සලේ සිටිනා හිමිවරුන්ට පිරිකර ලෙස ලැබෙනා දෙයින් පමණටත් වඩා ඇති සබන්, දත්බෙහෙත්,පිටිකිරි ,තුවා ආදී දේ ඇත්නම් මොහු මිලදී ගනි. සිවුරු, අටපිරිකරද මේ ලැයිස්තුවට ඇතුළත්ය. මෙය ක්‍රමයේ ඇති කිසිම වරදක් මට නොපෙනේ. තේ එකක් බුලත්විටක් සප්පායම්වී ඔහු පිටව යයි. කාටවත් කරදරයක් නැති මේ නිහතමානී මුසල්මානුවා ඒවා රැගෙන ගොස් මරදානේ අටපිරිකර කඩවලට දී නැවත මුදල් කරගනි.
මේ පන්සලේ සිටිනා යුගයේ මට ගලබොඩ පොඩි සාධු නම්වූ ගංගාරාමයේ නායක හිමියන් වරක් හමුවිය. ඒ ආනන්ද හිමියන් හමුවීමට පැමිණි දිනයකය. ගංගාරාමයේ සීමා මාලකය ඉදිවෙමින් පැවතියේ මේ අවදියේය. වාලුකාරාමයේ බණ මඩුවේ පිරිත් මංඩපය යට සුරක්ෂිත ගබඩාවක, පෞරාණික සහ ඉතා වටිනා යැයි සිතිය හැකි තිරිවානා බුදු පිළිමයක් විය. එය ලා කොළ පැහැයට හුරුබවත් මතකය. මමත් ප්‍රේමදාසත්, බන්දුත් ඔය පිළිමය අර යට ගබඩාවෙන් එළියට ගෙන පොඩි සාධුගේ මෝටර් රථයට පටවා දුනි. පසුව එය බේරේ වැවේ සීමාමාලකයේ තැන්පත් කර තිබුණි. පන්සල් යෑමට වැඩි කැමැත්තක් නොදක්වන මම ඉන් බොහෝ කාලයකට පසු වැඩිහිටියකු ලස සීමාමාලකය නැරඹීමට ගියෙමි. මට ඔය කිවූ බුදුපිළිමය තුළින් වාලුකාරාමයත්, ආනන්ද හිමියනුත් නැවත සිහියට නැගුණි.
ඒ කෙසේ වෙතත් වාළුකාරාමය පන්සලේ පෙරහැර රාජකාරී අවසන්වූ පසු වාර්ෂික දෙවොල්මඩු සහ ගිනිපෑගීමේ උත්සවය පවත්වයි. මෙහි ප්‍රධාන සංවිධායක කටයුතු කළේ දසනායක කපුමහතාගේ මූලිකත්වයෙනි. දෙවොල් මඩුවේ සහ ගිනිපෑගීමේ කටයුතුවල සංස්කෘතිමය වැඩ කොටස පැවරෙන්නේ ඉතාමත් ප්‍රසිද්ධ කපු පරම්පරාවකින් පැවත එන ඇරැව්වල කපු මහතාටය. ඇරැව්වල කපු මහතා නියම පොරකි. විහිළුවෙන් තහලුවෙන් කල්ගත කිරීමට කැමති, හීනියට අඩියක් පුඩියක් ගහන මොහු නායක හිමියන්ගේ කිට්ටුම හිතවතෙකි. ඇරැව්වල නන්දිමිත්‍ර නම් ප්‍රවීණ ලේඛකයා කපුමහත්තයාගේ සොයුරෙකි. මේ ඇරැව්වල කපු මහතා අති දක්ෂ නැටුම් ශිල්පියෙක් විය. පත්තිනි සළඹ නැටුමට පත්තිනි අම්මා ලෙස හැඩගැන්වූ විට ගැහැනියකට සමානය. ඇරැව්වල කපු මහතා සහ උසාවි නඩු කටයුත්තකටත් මේ පත්තිනි ඇඳුමේ කතාව ඈඳී තිබූ මුත් මතකය හරියටම නිවැරදි නැති නිසා ලියා තැබිය නොහැක. මෙය පුවත් පත් වලත් පළවූ බවත් මතක්වේ. ගරා යකා නැටුමටද උපන් හපනෙක් විය. ගොරොක් අතු දෙකේ අට්ටාලය මත නැග ඔහු දොඩනා කටවාචාල කථා ඇසීමට ගැහැණුන්ද බොහෝ කැමති විය. නායක හාමොදුරුවෝ ළඟපාත ඉන්නවා නම් වැඩේ තවත් උණුසුම්ය
ගිනිපෑගීමේ අවස්ථාවද අවට බොහෝ මිනිසුන්ගේ සිත් දිනාගත් අංගයක් විය. විශාල පන්සල් භූමියේ දේවාලය ඉදිරිපසින් ගිනිමැලය දල්වයි. ගිනිපෑගීමේ දවසේ මුලු කාලයම පුරා අර මෑණියෝ නම් සිටින්නේ බොහෝ චකිතයෙනි. ඒ බව පන්සලේ කවුරුත් දනී. ගිනි මත ඇවිදීම විද්‍යාත්මකව සිදුකළ හැකි බව හේතුවාදීන් පවසති. එය දේව භක්තියෙන් පේවී කළයුතු බලගතු ක්‍රියාවක් බව අනිකුන් තර්ක කරති. මම හේතුවාදින්ගේ අදහසට වඩාත් නැඹුරුවෙමි. ගිනි පෑගීමට නොයෙකුත් ආරූඪ කාරයෝ මෙදිනට පන්සලට පැමිණෙති. හේතුවාදියෙක්වත්, හරිහමන් දේව භක්තියෙක්වත් නොවනා පන්සලේ දේව මෑණියෝද එහෙන් මෙහෙන් කොහොම හරි ගිණිමැලයේ ඒ කෙළවරින් මේ කෙළවරට අඩියට දෙකට පැන ගනී. යටි පතුලක් පිළිස්සී දිය පට්ටා ආ සිද්ධියක්ද මට හොඳ හැටි මතකය.
ආනන්ද හාමුදුරුවෝ, ලංකාවේ සිටි දඹදිව වන්දනා සංවිධායකයින් අතර පුරෝගාමි චරිතයකි. වසරකට වරක් හෝ දෙවරක් වන්දනා නඩයක් රැගෙන දඹදිව යෑම ආනන්ද හිමියන්ගේ සිරිත විය. මෙය බොහෝ ආදායම් ගෙන දෙනා මාර්ගයක් සේම ඉතා වගකීමක් ඇති වැඩ පිළිවෙළකි. දන්නා හඳුනන අයගේ කටින් කට පණිවිඩ සහ පුවත්වත්වල පළකළ කුඩා දැන්වීම් හරහාද දිවයිනේ නොයෙකුත් පළාත්වල මිනිසුන් හාමුදුරුවන් සොයා පන්සලට පැමිණෙති. අන් සියලුම නේවාසික භික්ෂුන් හා ගිහි අයට වඩා ඉංග්‍රීසි භාෂාවේ හැකියාව යම්තාක් දුරට පිහිටා තිබුණ නිසා මේ එන අයගේ හදිසි ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් පත් පිරවීම සහ අනිකුත් ලිය කියවිලි වල වැඩ කටයුතු කොටසක් මටත් පවරා තිබුණි. මම ඒ සියල්ල මැනවින් ඉටුකර දීමට සමත්විය. එක් වන්දනා වාරයක් අතරතුර දඹදිවදී එක් වැඩිහිටි කාන්තාවක් මියගිය සිද්ධියක් සමගම මේ දඹදිව වන්දනා සංවිධානය කිරීමෙන් ඉවත්වීමට සුදානම් බව නායක හිමියන් පැවසූ මුත්, ඉන්පසු කුමකින් කුමක් වූවා දැයි මම නොදන්නේ, මටත් පන්සලෙන් පිටවී යන්නට සිදුවූ නිසාය. මෙයට හේතුවත් වූයේ අනුන්ගේ හොර මගුල්වලට උදව් කිරීමට යෑමෙන්ය.
පන්සලේ රියැදුරු තැන වූයේ කඩවසම් පුද්ගලයෙක්වූ ගාල්ල පැත්තෙන් පැමිණි සෝමපාල අයියාය. ඒ වනවිට අවිවාහකයකුවූ ඔහුට, වැඩිමහල් ඥාති නැන්දනියක් හා අනියම් සම්බන්ධතාවයක් තිබුණා යැයි මා හට කියා තිබුණි. ඇය පදිංචිව සිටියේ පාදුක්ක හෝ දොම්පේ ප්‍රදේශයේ බව මට යාන්තමට මතකය. සෝමපාල අයියා නියම ජොලි පොරකි. ගැටවරයෙක් සහ විනෝදයට බරවු මා වැනි වයසේ වුන්ට මෙවැනි අයගේ කතා අසා සිටීමත්, ඒ ඒ දඩබ්බර ක්‍රියාවන් තමන්ගේ කරගැනීමටත් තිබුණේ මහත් උනන්දුවකි. සෝමපාල අයියා පන්සලේ කා අතරත් ජනප්‍රියවුණේ ඔවැනි වැඩ සහ කතා නිසාය. සිගරට් එක උරන්නේත්, ඇවිදින්නේත් එක්තරා රටාවකටය. සුදු සරම පැත්තට ව්න්න පොට හිටින්නට අඳින්නේත් අනිකුත් අයට වඩා කැපී පෙනෙන්නට විය යුතුය. ඇඟේ ඉණ පැත්තට සරමේ පොට ඇදෙන්නට තබා ඇඳීම එකල විලාසිතාවක් විය. සිදු කමිසය, සරමට යටකර අඳිනා මොහු තද කළු බඳ පටියක්ද ඊට උඩින් පලඳී. පන්සලේ මෑණියන්ගේ පවුලේ විවාහක ගැහැණු කෙනෙකු සමගත් එහා මෙහා වීමක් ඇති බවත් මට කියා ඇත. ඒ උකුළු මුකුළුවත් මම සියැසින් දැක ඇත. මම මේ සිද්ධිය දුටුවේ මොහු සමග මෑණියන්ගේ වැඩ කටයුතු සඳහා ඇයගේ නිවසට ගොඩවදින බැවින්ය. ඔවුන් පදිංචිව සිටියේ කිරුලපන පුස්තකාලය අසලින් ඇති පාරේ මහජන ක්‍රීඩාංගනයට යාබද නිවසකය. ජීවන් කුමාරතුංග විවාහ වෙන්නට පෙර පෙම්වතිය ෂෙරීන් බලන්නට එන්නේ ඔය පාරේම ඇයගේ නිවසටය. ජීවන් සතුව යමහා වර්ගයේ කුඩා මෝටර් සයිකලයක් විය. දක්ෂ ගිටාර් වාදකයෙක්වූ උපාලි සන්නස්ගල පදිංචිව සිටියේ මෑණියන්ගේ ගේ ඉදිරිපිටමය. උපාලිගේ සොහොයුරු විමල් සන්නස්ගල විවාහවූයේ මගේ පන්තියෙ මිතුරෙක්ගේ අක්කා සමග බැවින් මට මේ දේවල් හොඳ හැටි මතකය. ලේක් හවුසියෙ ක්‍රීඩා හා සමාජසේවා කටයුතුවලදී මුල් තැනක් ගෙන වැඩ කටයුතුකල විමල් අයියා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් මෙන්ම ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙනුත් ලේක් හවුසියට ගෞරවය ලබා දුන් කෙනෙක් විය. මේ අයියා මලෝ දෙදෙනාම ඉතා කඩවසම් තරුණයින් විය.
නායක හිමියන්, මෑණියන් ඇතුළු ඒ කංඩායම දඹදිව වන්දනා ගිය සමයක සෝමපාල අයියා, උපතිස්ස හාමුදුරුවන්ටත් දන්වා පන්සලේ මෝටර් රථයෙන් දොම්පේ හෝ පාදුක්කේ හොර මගුලේ යන්නට මාවත් සහභාගි කරවා ගත්තේ ස්ත්‍රී නිමිත්තක් පෙන්වන පොරොන්දුව මතය. ඒ පොරොන්දුව ඉටු නොවුණා සේම, මට සිදුවූයේ කවුරුත් නැති පාළු තැනක නැවැත්වූ කාර් එක ඇතුළටවී පැය භාගයකට අධික කාලයක් ගත කිරීමටය. කෙසේ හෝ වේවා මේ ගමන එතරම් සුබ ගමනක් නොවන බව පන්සලේ ජේමිස් අයියාත් තවත් අයගේත් කසුකුසුවලින් පැහැදිලි විය. වැඩේ හරියටම හරිය. නායක හිමියන් පැමිණි පසු, සියල්ල ආරංචිවී හමාරය. එය කෙසේ වූවා දැයි මම නොදනිමි. මට එල්ලවූ චෝදනාව වූයේ නුගේගොඩට යනවා කියා ලබාගත් මෝටර් රථය වෙන කොහේ හෝ ගොස් පරක්කුවී පැමිණීමට හේතු දක්වා නොතිබීමය. මම එදාත් අදත් හොරෙන් යමක් කරානම් එල්ලා ගැසුවත් කියන්නේ නම් නැතිය. පාවාදීම මට හුරු නැති කාරියක් විය. සෝමපාල අයියාව රැකියාවෙන් පහ කෙරුණි. මට පෙන්නපු නැන්දාගේ ස්ත්‍රී නිමිත්තත්කුත් නැත. මට දැන් ඉන්න හිටින්න තැනකුත් නැත. මේවා හොඳ පාඩම්ය.
කරුණු විමසා සිටීමෙන් පසු, කාගේ අත හෝ පණිවිඩයක් යවා අපේ අම්මා පන්සලට කැඳවා මා නැවත රගෙන යාමට පවරන ලදි. ඒ මා පන්සලේ ගත කල අවසාන දිනය විය. මම සියල්ලන්ටම සමුදුන් අතර, අම්මාත් මමත් නැවත කොහේ යන්නේ දැයි සිතුවිල්ල තුළ අතරමං වුණි. මගේ පළමු නවාතැනවූ නැන්දලාගේ ගෙදරින් පිටව යන දවසේත් අම්මාත්, මමත් මෙසේම තනිවිය. එදා මම කුඩා එකෙක් බැවින් ඉදිරි පියවරයන් ගැන හැඟීමක් නොතිබුණු නමුත්, මෙදා මම ඊළඟට ගන්නා පියවර ගැන හැම මිනිත්තුවකම සිතන්නට පටන් ගත්තෙමි.
පසුව හමුවෙමු…
අරූ,
අද කථාංගය නම් හරිම අපූරුවට ලියවිලා තියනව බොලේ. කලින් එව්ව හොඳ නෑ කියල නෙවෙයි මම මේ කියන්නෙ. ඒත් මේ කොටසෙ තියනව අපූරු චමත්කාරයක්.
උඹට පන්සලෙන් යන්න උන හේතුව ඔය කාර් එක අරන් ගිය එකමද කියල නම් මට සැකයි. මම මේ කියන්නෙ උඹ මොකවත් හංගනව කියල එහෙම නෙවෙයි බං ..හරිද? සමහරවිට මේ කේස් එක පිට දාල උඹව පන්සලෙන් එළවන්ට කුමන්ත්‍රණයක් තියෙන්ට ඇති.අනේ මන්දා මට එහෙමයි හිතෙන්නෙ.
හෙහ්, හෙහ්, අනික මට පණ යනකල් හිනා යන්නෙ උඹ ස්ත්‍රී නිමිත්තක් බලන්ට ගිහිල්ල පන්සලෙනුත් යන්ට වෙච්ච එකට. යකෝ කාටවත් කටක් ඇරල කියන්ට පුළුවං හේතුවක්ද බාං ඒක?
” මොකෝ අරුණ ළමයො පන්සලෙන් එන්ට උනාය කියන්නෙ? ”
” මේ ඉස්ත්‍රී නිමිත්තක් බලන්ට ගිහිල්ල මාමෙ.”
” හිහ්, හිහ්, හිහ්, ඉතිං උඹ ඔය කියන නිමිත්ත හොඳට බලාගත්තද? ”
” කෝ නෑනෙ ඒක බලාගන්ටත් බැරි උනානෙ. “
ඉතිං මචෝ ඔන්න බලාපං ඉස්ත්‍රී නිමිත්තෙ තියන වටිනාකම. 😀
මිනිස්සුන්ට උන් හිටිතැන් පවා නැතිවෙලා එක මොහොතින් පැදුරු කොට්ට කරේ තියාගෙන පාරට ඇදල දාන්ට පුලුවන් මහ පුදුම බලයක් තියනව මචං ඔය නිමිත්තෙ .අනේ අම්මාපල්ල…ඇත්තම ඇත්ත. 😀
///අපූරුවට ලියවිලා තියනව බොලේ////
රවී…….ඔහොම ලියවෙන්නේ මචෝ එදාට ඇඳෙන් බහින පැත්ත අනුව තමයි : D මචං මගේ වැඩේ තියෙන්නේ මම මෙහෙම ලියනවා කියලා හිතාගෙන ලියන්න පටන් ගන්නේ නැහැ. පෑන කොලයට තියලා ලියන්න ගත්තාම හෝ ගාලා එකින් එක සිදුවීම් මතක් වෙනවා. ඒකයි සමහර වෙලාවට දික්වෙන්නේ. ඉතින් මම ආපහු එඩිට් කර කර ඉන්නේ නැහැ.
පන්සලෙන් යන්න හේතුව/////
උඹ හරි මචං.. මගෙන් වරදක් අල්ල ගන්න තමයි මෑණියෝ හිටියේ. මම කලින් ලිව්වා පන්සලේ යම් යම් තීරණ ගැනීමේ අයිතිය පවා ඔය ගෑණී අතට අරන් තිබුනා කියලා. මම ලිපි ලේඛන වැඩ කටයුතු කිරීම ,මට වරක් දෙවරක් පැවිදි වෙන්නට යැයි නායක හාමුදුරුවෝ විමසා සිටීම, මම ඇය නොසලකා හැර දසනායක කපු මහතා සමග වැඩි භජනය වගේ කාරනා නිසා ඇය මා කෙරෙහී වෙනත් ආකල්පයක් දැරුවා. අනිත් එක මචං…නායක හාමුදුරුවෝ දඹදිව ගියාම මම ඉස්කෝලේ යන එක මට හිතුන දවසට යන ලෙවල් එකට හදාගත්තා. පල්ලෙහා කඩේ අයිනට වෙලා සිගරට් අනං මනං වල යෙදීම අර ලබ්බා ජේමිස් ලොකු හාමුදුරුවන්ට කිව්වා. අවසාන හේතුව වෙන්න ඕන සෝමාපාල අයියා පෙන්නන්නම් කියපු අර යෝධිගේ මැජික් කල්දේරම.
මචං ඔය සෝමපාල බුවා මාව ඔය වගේ ගමන් එක්කන් යන්න හරි ආසයි. ඌ මරු බුවා බං. මට පස්සේ මරු උදව්වක් කරා බුවා පන්සලෙන් ගියාට පස්සේ හම්බවෙලා. මම ඒක වෙන කොටසක ලියන්නම්.
පෑන ? අරූ කොලේක ලියද ආයේ මේකෙ ටයිප් කරන්නේ… ? මටත් තියනවා ඔය ලියන්න ගත්තම ගලා ගලා එන ලෙඩේ.. ලියන්න ඉඳගන්නකොට හිතපු දේ නෙමේ පස්සේ ලියවිලා තියෙන්නෙ..
ඔව් සෙන්නා. නැත්නම මම පටන් අරන් ටයිප් කරන්න ගියාම මට ලියන එකේ දිග පළල අමතක වෙනවා. ඒ නිසා හාෆ් ශීට් 4-5ක් ලියපුවාම දන්නවා බඩු බනිස් කියලා. ඒ ගානට හදාගන්නවා.
ඔයා කොලේක ලියනවා ? අම්මෝ සෑහෙන කාළයක් ලිපියක් වෙනුවෙන් කැප වෙනවා නේද? ඒ කොළ ටිකත් ෆයිල් එකක තියාගන්න . ඒ වගේම ඔයාගේ මහන්සිය අපි වගේ අයට නම් ගොඩක් වටිනවා ඒ වගේම අපි අකුරක් නෑර කියෝනවා
තෑන්ක්ස් ඔමායා. ලියාගත්ත ඒවානම් ඔය පැත්තක තීයලා තියෙනවා. ඔමායා නිවාඩු ගිහින් නිසා මේවා කියවන්න වෙලාව හොයා ගන්නේ කොහොමද මන්ද..පරිස්සමින් නිවාඩු ඉවරවෙලා එන්න.
// ඒ යුගයේ, බොහෝ හිමිවරු තම සිවුරුවල සේදිගිය වර්ණයන් නැවත ලබාගත්තේ පඬුහැලියේ ඔබා මිස, වරින්වර අලුතෙන් මිලදී ගැනීමෙන් නොවේ.//
චී….යා….
හාමුදුරුවරුන්ට මෙහෙම ගොඩේ විදියට අඳින්න දුන්නෙ ඒ කාලෙ බත්තරමුල්ලෙ ඉඳන් කිරුලපනේට යනකම් ගෑනු වෙන ආගම් වලද මචෝ? තව ටික කාලෙකින් නම් වර්සාචි, අර්මානි සිවුරුත් එනවා ෂුවර්…
උඹේ රයිටිං දැන් නව කතාවක කොලිටියට ඇවිත්…
//තව ටික කාලෙකින් නම් වර්සාචි, අර්මානි සිවුරුත් එනවා ෂුවර්…//
හාමුදුරු fashion show එකකුත් තියන්න පුලුවන් වෙයි එතකොට.
ඒත් ඒ ෆෑශනබල් අසපු හාමුදුරුවරුන්ට වඩා ලොකු හානියක් කරන්නෙ බජාර් එකේ බාසාවෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් හා වොයිස් කට් දෙන බලු සේනා තග් වහන්සේලා
//රයිටිං දැන් නව කතාවක කොලිටියට ඇවිත් //
නව කතාවක කෙසේ වෙතත් මේ memoirs ඔක්කොම පබ්ලිශ් කරන කොලිටි එකේ ඉහලින්ම තියනව. කරන්නෙ නෑති එකයි වෑරෑද්ද
@ප්‍රා…….සහතික ඇත්ත. දකින්න ඇතිනේ ඊයේ පෙරේදා මරා-හකීම්-නානසාර ඩ්‍රාමා එක. අමු බොරුවක්නේ කස්ටිය එකතුවෙලා කරන්නේ. තව තවත් කිච කරනවා රට, ආගම. ඔයිට වඩා වැඩ කාරයෝ හිටියා, ඒත් අඩුම ගානේ ඒ අය සංවරව කතා කරා. ඔය පිළිලයට මහනායකලාවත් බෙහෙත් නොකොරොත් හරක් වෙදෙක්ට තමයි බෙහෙත් කරන්න වෙන්නේ. උඩ ඉදලම ඩිසිප්ලින් හදන්න වෙනවා මුළු රටේම.
ඇත්ත්ටම ප්‍රා…ඔය වැඩේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕන තමයි.
ප්‍රා,
මම නම් හිතන්නේ අනික් පැත්ත. නානසාර ල බුද්ධාගමේ සේල්ස් ඒජන්ට්ස් ල කියල මොළේ ඇති එකෙක් පිලිගන්නෙ නෑ. උන්ගෙන් අවුලක් වෙනව නම් වෙන්නෙ රටේ සිංහල බෞද්ධ පොලිටිකල් අවුට්ලුක් එකට. කවුරුවත් *හාමුදුරු කෙනෙකු ගෙන් කරන වැඩ කර ගන්න* නානසාර ගාවට යන්නෙ නැහැ නෙ. නානසාර ල ප්‍රසිද්දියේ පිලිපදින අනුගමිකයො ඉන්නෙත් ඉන්ෆ්ලුවන්ෂල් සෙක්ටර් එකක උන් නෙවෙයි නෙ. නානසාරට මොළේ නෑ. සමන්තබඩ්ඩ ට තියෙනව.
බලන්න සමන්තබඩ්ඩ ගෙ බර්ත්ඩේ පාටි එකේ හිටපු සෙට් එක. උන්ට පුලුවන් යමක් කරන්න, අනික හොරු උනත් උන් සමාජයෙ පිලිගත් චරිත. නානසාර ල ‘වස’ කියල ගහල තියන කලු කැත වස බෝතල් නම්, සමන්තබඩ්ඩ ල ‘කෝක්’ කියල ගහල ඩ්‍රින්ක් ග්ලාස් වල දාල, පොෂ්වට සර්ව් කරන වස වගේ. මම හිතන්නෙ වැඩියෙන් භයානක දෙවැනි එක.
@ ඇනෝ… මචං මේ යක්කු පිස්සු කෙළින හැටි දැක්කාම සංසාරේ එපාවෙනවා බං. මුන්ට අඩු පාරේ යනකොට අතින් අල්ලන් යන්න ලපටි කෑලි විතරයි. බොහොමයක් දේවල් ඕවර් ද ලිමිට් යන්නේ. අපේ අම්මලා මේවා දැකලා පශ්චත්තාප වෙනවා. උඹ දකින්න ඇතිනේ බාගෙට රහත් සිරිධම්මගේ බර්ත්ඩේ පාටි එක. මේ බලපන් ඉන්න එවුන්. මුන්ට ගහලා එලවන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා.
https://www.colombotelegraph.com/index.php/the-mad-monks-birthday-party-look-who-his-patrons-are/
අනේ මන්දා මචං කොලිටිය කොහොම වුනත් ඔහේ ලියාගෙන යනවා. ඇගයීම අගය කරනවා.
මචන් පාටියට ඇවිල්ල හිටිය දැක්කද අර මැරුනත් රටේ බුද්දාගම බේරල මිසක් පනත අකුල ගන්නෙ නෑ කියල ටෝක් දුන්නු විජේදාස රාජපක්ස තක්කඩියත්. බුද්ධාගම පිරිහෙන එක ගැන මූ පපුව පැලිල මැරෙයි කියල මම හිටියෙ ඒ ටිකේ….
අපොයි මේ යක්කු මේ ආත්මේම බුදුවෙන ටෝක් දෙන්නේ. වැඩේට බැස්සාම ගඳේ බැහැ.
කතාවෙ අවසානයට තමා මං නම් වැඩියෙන්ම කැමති.
ඊට පස්සෙ වෙච්ච දේත් මේ වගේම ලස්සනට ලියමු නේද, අරූ? මෙන එකක්ද මන්දා , මං වැඩියෙම්ම කැමති, ඔන්න ඔහොම නන්නත්තාර වුනාම, කට්ට කාගෙන එව්වයෙන් ගොඩ ආපු කතා අහන්නයි 🙂
බස්සෝ……මමත් හරිම කැමතියි කට්ට කාලා නන්නත්තාර වෙලා ආපහුනැගිටින එවුන් ගැන කියවන්න. මට එහෙම පොරවල් හම්බවෙලා තියෙනවා. ඒ වගේම උන් වෙනුවෙන් මට පුළුවන් විදිහට වචනයකින් හරි මොරාල් එකක් දීල තියෙනවා. දෙනවා. ඒක කෙරෙන්න ඕන වැඩක්. මේවගේ දේවල් වලින් ගොඩ එන්න ෆිට් පාට්නර් කෙනෙක් ඉන්නවා නම් කියලා වැඩක් නැහැ. ඒක ලොකු හයියක් වෙනවා. මම කොහේ නවතින්න හිටිය එකෙක්ද දන්නේ නැහැ බස්සෝ..පස්සේ කාලෙක කෙරුව දේවල් ආපහු හිතලා බලනකොට. කූල් එකේ ලියන්නම්. ෆිට් එකේ කියවපන්.
ඕවට තමා කියන්නේ “තලනම් තෙලට වේලේ, මී බෙටි කුමට වේලේ ?”කියලා.. හෙහ් හෙහ්.. අන්තිමට උන්න පැදුරත් නෑ…
ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගේ පොතක තිබුන විදිහට ඔය ගිනි පෑගිල්ල මහා විජ්ජාවක් නෙමේ. එයත් අභියෝගයක් කරලා ඕකා කරලා පෙන්නලා තිබුනා.
සෙන්නා…..ඒකත් හරියට අලි මොකක්ද කරනකොට අපි මැරෙනවා වගේ කතාවක් තමයි.
කොවූර් මහත්තයා ඉන්න කාලේ ලොකු විවාදයක් ගියා ඔය ගැන. කපු මහත්තුරුන්ව නියෝජනය කලේ ප්‍රසිද්ධ කපුවෙක් වුනු මුතුකුඩ නම් කපු මහත්තයා. එයා අපේ ගෙවල්ගාව හිටියේ. නන්ද මුතුකුඩ කියන පුතා මාත් එක්ක නුගේගොඩදි එක පන්තියේ හිටියේ. වාදෙන් පස්සේ පවත්වපු ගිනි පෑගීමට මොනවා උනාද මට මතක නැහැ.
මේ මෑතකදි හේතුවාදින්ගේ සංගමය රජරට ව්ව්යේද කොහෙද ප්‍රසිද්ධියේ ඔය සියල්ලක් කරලා පෙන්නුවා. ගිනිපෑගීම විතරක් නෙමේ..ඔය දේව බලෙන් කරනවා කියන ඔක්කොම කර.
අරූ කොයි විදියට මේ, නම් හා පුද්ගලයන් මතක තියාගන්නවද මන් දන්නේ නෑ. හොඳ මතකයක් තියෙන්නේ. ඔයා මේවා කලින් සටහන් කරලා තිබුණද?
හොඳ නවකතාවක් කියවාගෙන යනවා වගේ දැන්නෙන්නේ. බස්සා කියලා තියෙනවා වගේ අපි කවුරුත් කැමති අන්තිමට ජීවිතය ජයගන්න අයගේ කතා කියවන්ට. අරූත් ඒ වගේ කෙනෙක්. (හී හී…මෙතන අරූ කියලා ලියනකොට මට මතක් උණේ ලංකාවේ අරූ ලඟට පාවිච්චි කරන්නේ ‘කෙනෙක්’ කියන වචනය නෙමේ නේද? )
නැහැ පොඩ්ඩි. මේවා කිසිදෙයක් මගේ මතකේ මිසක් කිසිම තැනක සටහන් කරලා නැහැ. ලියන්න ගත්තාම චිත්‍රපටියක් වගේ පෙනෙන්න ගන්නවා. ඉතින් ලියනවා. දේව බලයක් තියෙනවා අර මෑණියන්ගෙන් ලැබිච්ච 😀
අරූ කිව්වාට පස්සේ කියන්නේ දසයා (පන්සලේ කපු මහත්තයාගේ නම )හෝ තවත් නම් වැලක්. තාම නම් කවුරුත් තරහට කියලා නැහැ එහෙම. යාළුවෝ නම් අරූට පස්සේ නොයෙකුත් වචන දානවා 😀
දැන් ඔබගෙ පියාට මොනව හිතෙනව ඇද්ද එයා එක්ක එකට වැඩ කල සමසමාජ කාරයන්ගෙ සමයං වලට.
සෝමපාල ව අස් කලාට ඒ කාලෙ ඒ වගේ අයට හොද ඉල්ලුමක් තිබුන මයෙ හිතේ.මහත්තය වයස බංගලාවක රස්සාවක් ලැබුන නම් සෝමපාලට මල්ල කරේ.
කෙන්ජි…..තාත්තා විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනේ යෙදුනේ නැහැ. දැන් ඇහුවාම වාසුලා ගැන කියන්නේ “අවස්තාවාදියෝ…ඕවා ඔහොම තමයි” කියලා. 89 කාලේ රෑට බීලා ඇවිල්ලා ජේවීපි එකටයි ,විජේවීරටයි රෙදි ගැලවෙන්න කෑගහලා බනිනවා. ඊට පස්සේ ප්‍රේමදාසට බනිනවා නැතිවෙන්න. අපි හිටියේ ආමි කෑම්ප් එකේ කටේ. මුකුත් කරදරයක් වුනේ නැහැ. කවුරුත් දන්නවා මෑන් මොනවගේ කෙනෙක්ද කියලා.
සෝමපාල පස්සේ කොළඹ කවුද ලොකු පොරකගේ ඩ්‍රයිවර් වෙලා වැඩකරා. උඹ හරි. ඔය ජොබ් එක ඒ කාලේ ඩිමාන්ඩ්. බෝනස් තමයි උඹ කියන ජාතියේ ගෙයක් හම්බවුනානම්.
ඔය පඬු හැලිය කියන්නෙ විශාල තඹ හට්ටියක්ද අරූ…? අහලා තිබ්බට කවදාවත් දැකලා නැහැ… පඬුවලට ඩයි නොකියා පඬු කියන්නෙ අර ‘කනවා’ වෙනුවට ‘වළඳනවා’ කියන එක වගේ වැඩක්ද…?
ඔය ගිනි පෑගීමේ කතාව දේව භක්තියෙන් කරන්න ඕන එකක් නම් අර මෑණියො ගිනි ගොඩට අඩිය තියන කොටම සුරුස් ගාලා අළුවෙලා යාවිනෙ අනේ කරපු නොසංඩාල වැඩ වලට…
හයියෝ සංසාරෙ… පන්සලෙන් යන්න වෙච්ච කාරණාව රෙද්දක් ඇඳන් කියන්න පුළුවන් එකක්යැ… දැන් කිව්වට… 😀
අනේ බං, ඩයි කියන්නේ ඉංග්‍රීසි වචනයක්ය කියලා අමතක වුනාද ? 😀
ඒ අමතක උනානෙ බං……… 😀 😀
මියුරු…එහේ තිබුනේ දෙපැත්තෙන් උස්සන්න පුළුවන් විශාල තඹ හැලියක්. සිවුරු දෙක තුනක් එක පාර දාන්න පුළුවන්. වත්තේ ලොකු ලිපක් බැඳලා තමයි වැඩේ කරන්නේ. ඔය හැලියේම තමයි ඔය පැපොල වගේ ලෙඩක් හැදුනාම පස්සේ නාවන්න කොහොඹ කොළ තම්බන්නේ.
පඬු කියන්නේ සිවුරේ පාට නේද? පඬුපාට කියලා කියනවා නේද ?
ඔය මෑණියෝ මිය යන්න ඉස්සෙල්ලා කකුලේ තුවාලයක් හැදිලා ගොඩාක් අප්සට් වුනා කියලා මට ආරංචි වුනා පස්සේ.
අර කතාව දන්නේ මමයි, සෝමපාලයි විතරක් නිසා හොඳයි…එදායින් පස්සේ සෝමපාලට එහෙම දෙයක් පොරොන්දුවුනාද කියලාත් මතක නැහැ. ආපහු මතක් කරලා අහන්න යැයි? 😀
ඔය පඬු කියන වචනෙ පාවිච්චි වෙන්නෙ හාමුදුරුවන්ගෙ සිවුරු සම්බන්ධව විතරයි වගේ නේද…? සිවුරුවලට සායම් දානවා, ඩයි දානවා කියලා කියැවෙනවා මං අහල නෑ… පඬු පොවනව කියලයි අපේ අත්තම්මල හෙම කිව්වෙ… මට මතකයි මං කොහේ හරි කියෙව්ව ඒ පඬු කියල ගන්නෙ සමහර ගස්වලින් ගන්න අල,පොතු, මුල්, මල්, කොළ වගේ දේවල් තම්බලා හදාගන්න කහට ජාතියක් කියලා… ඊට අමතරව වද කහ එකතු කරනවලු අර කහ-තැඹිලි පාට ගන්න… මගේ මතකය නම් ෂුවර් නෑ… සමහරවිට එහෙම කරන්න ඇත්තෙ බොහොම ආදි කාලෙ වෙන්නැති… අරූලගෙ පන්සලේ ගත්තෙ මොනවද…?
මියුරු…..පඬු පාට,ගුරු පාට කියන වචණ වැඩිය පාවිච්චි වෙන්නේ නැහැ තමයි. ඔයා කියන පඬු හැලිය ගොඩාක් ඉස්සර හැදුව බව මමත් අහලා තියෙනවා. මම ඉන්න කාලේ පොඩි පොලිතීන් පැකට්වල ආපු ඩයි වර්ගයක් තමයි පාවිච්චි කරේ. දැන් සිවුරුවලට ඩයි දාන්න බැරිව ඇති..සිල්ක්,සැටින්,වගේ නිසා.
මේ කතාවේ ඉන්න පාත්‍ර වර්ගයාගෙන් එක්කෙනෙක් හෝ මේක දකිනවානම් මොනවා හිතෙනු ඇද්ද?
අනේ මන්දා විචාරක. මම නම් ආසයි කවුරුහරි දකිනවා නම්. මොකද සීයට සීයක් තියෙන්නේ ඇත්ත නිසා. මේ කතාව නිසා මේක දැකපු මගේ ඉස්කෝලේ පරණ යාළුවෝ නම් හය හත්දෙනෙක් මට නැවත සම්බන්දකම් ඇතිවුනා. සමහරු කමෙන්ට් කරනවා. සමහරු ඊමේල්ස් එවනවා. සමහරු කෝල් කරනවා. ඒක බ්ලොගෙන් ලැබුනු බෝනස් එකක් වුනා. මම හරි නම් වලින් දාන්නෙත් බලන කෙනෙක් ඉන්නවා නම් මේ කතාවට සම්බන්ද ,නැවත ඒ මිතුරුකම් ගොඩ නගාගන්න.
අගේ කිරීමට වදන් නොමැත, ගොළුවි… පෝස්ට් එක දිගේ, උඩ පහළ යමින් සිටිමි. ජීවිතය මේ තරම් සුන්දරද…..?
++++
මටත් හැමදාම අරුගේ කතාවක් අවසානයේ හිතෙන්නේ ඕක මාතලන්. ඒක විඳින කොට දුකක් වෙන්න ඇති. ඒත් පස්සේ මේ වගේ කියනකොට මටත් එහෙම වුනානම් හිතෙනවා අරුගේ අත්දැකීම් ගැන ජෙලක් එක්ක 😀
සිංදුවෝ…….පුදුම වැඩේ කියන්නේ මට ඒ කාලේ දුකක් ඇතිවුනාද කියලා මතක නැහැ බන්. එකම දුකයි තිබුනේ දෙමව්පියන්ගෙන්,ආච්චිගෙන්, නංගිලා මල්ලිලාගෙන් ඈත්වෙලා ඉන්න වුනු එක තමයි. මේ මගේ හත්වෙනි නවාතැන. මම ඉස්කෝලෙන් අස්වෙන්න ඉස්සෙල්ලා තව තුන් පොලකට යනවා. මේ හැම තැනම මට යාළුවෝ සෙට් වුනා. නියම අත්දැකීම් රාශියක් ලැබුනා. දිගට කියවපන්කො.
මාතා…..තෑන්ක්ස් මචං…උඹ ගාව ඇති මීට වඩා රසකතා, මේතරම් කටුක නොවුනාට.
හැමෝම කියලා තියෙනවා වගේ අද කතාවෙ කලින් කතා වලටත් වඩා ආකර්ශනයක් තියෙනවා. (y)
ඔය ගිනි පෑගිමේ නම් මාත් හිතන්නෙ හේතුවාදින් හරි. ඔතන හාස්කමකට වඩා තියෙන්නෙ අධිශ්ඨානය, සහ හිත එක අරමුණක ක්‍රියා කිරීමයි.
මදෑ නේද ස්ත්‍රී නිමිත්තක් බලන්ට ගොහින් කර ගත්ත හරිය. මට මැවිලා පේනවා අරූ අයියා පැය භාගෙ කාර් එකේ හිටපු විදිහ. 😉 😀
ඔව් ප්‍රියා….හේතුවාදීන් හරි. ඔය දේව බලෙන් කරන්න පුළුවන් කියන වැඩ ඔක්කොම ඒ අය සජීවීව කරලා පෙන්නුවා. මම ඒ වීඩියෝ ක්ලිප්ස් “වෙනස” වැඩ සටහනේ දැක්කා.
නිකම් චිත්ත රූපයක් මවා ගනින්….දැන් එයි දැන් එයි කිය කිය කාර් එක ඇතුලට වෙලා බලාගෙන ඉන්න හැටි : D ඒ කාලේ ඕවා මැජික්නේ බං ඒ වයසට.
අරු ඉල්ලගෙන කාල .නටපු නැටුමකුත් නැ බෙරෙ පලුවකුත් නැ නේ.හයියො
ඔව් බං දමිත්…ඔය වගේ රෙද්දවල් වලට ගිහිල්ලා මට ඔහොම දේවල් තමයි වෙලා තියෙන්නේ. එක එක හාල්ලාට උදව් කරන්න ගිහින් මම රස්සාවල් පවා නැති කරගෙන තියෙනවා. වරක් ඕමානයේ ජොබ් එක දාලා අපිට පවුල පිටින් එන්න වුනා. සෝමපාල අයියාගේ සීන් එක කොල්ලෝ කාලේ කේස් එකක් කියලා හිතාගත්ත හැකි. අනිත් ඒවා හිතහොඳ වෙන්න ගිහින් කාපු පරිප්පු. හැබැයි ඒ හැම ටර්න් එකක්ම මට හොඳවුනා. මම හැපි. එච්චරනේ බන් වෙන්න ඕන.
නියමයි බං!
දැං ඉන්න වෘත්තීය සමිතිකාරයන්ට නං එක එක පාට කමීස කලිසං ඕන පදං. අදාල කාලයට අදාල පාට අඳින්න විතරයි තියෙන්නෙ.
උඩම රවී කියල තියනව වගේ *ත්තක් බලන්න ගිහිල්ල ඉන්න තැනටත් කෙලවගැනීම මොන වගේද කියලයි මම කල්පනා කලේ 🙂
රාජ්…..රිප්ලයි එකක් පල්ලෙහා තියෙනවා.
අර කොල පාට තිරුවාණාව ඒ ජේඩ් කියන පාෂානය නෙවීද…????
කෝම හරි කට ඇරල කියන්න පුලුවං හේතුවක් උනානං ඕන හැම කෙනාටම …..???
මොනව වෙන්න පුලුවන්ද….,,,,,,,,,,,,,,,,,,,,,
මමත් හිතන්නේ ඒ පාෂාන වර්ගය වෙන්න ඕන. පුදුම බරක් තියෙන්නේ. ඒ වගේ බුදු පිළිම කීපයක්, දළදා මාලිගාවේ, ජාත්‍යන්තර බෞද්ධ කෞතුගාරයේ තියෙනවා.
මේකත් හෙන බරයි බං. මායි,ප්‍රේමෙයි,බන්දුයි තමයි උස්සලා කාර් එකට දැම්මේ.
@ මහේෂ්……මම කියන එක යාන්තම් කොළපාට ගල් වර්ගයකින් තමයි හදලා තිබුනේ. මම හරියටම ඕවා ගැන දන්නේ නැහැ. ජේඩ් කියලා කොළ පාට මැණික් වර්ගයක් නම් අහලා තියෙනවා. ඒකට කියන සිංහල නම මතක නැහැ.
මාව එක්කන් ගියේ අර යකා පොර එනකම් කාර් එක බලාගන්න. මැජික් පෙන්නනවා කිව්වාම කවුද බන් නොයන්නේ 😀
ඇරැව්වල නන්දිමිත්‍ර මම කැමති සිංහල කතාකාරයෙක්. අපි වගේම බස්නාහිර මුල්පදිංචිකාරයෝ මම හිතෙන්නේ.
ස්ත්‍රී නිමිත්තක් හන්දා උන්හිටි තැන් අහිමුවුන පළවෙනි පුද්ගලයාවතවසන් පුද්ගලයාවත් උඹ නොවේ.
Correction:
ඇරැව්වල නන්දිමිත්‍ර මම කැමති සිංහල කතාකාරයෙක්. අපි වගේම බස්නාහිර මුල්පදිංචිකාරයෝ මම හිතෙන්නේ.
ස්ත්‍රී නිමිත්තක් හන්දා උන්හිටි තැන් අහිමුවුන පළවෙනි පුද්ගලයාවත් අවසන් පුද්ගලයාවත් උඹ නොවේ.
ඩූඩ්……මම අහලා තියෙන විදිහට ඒ පරම්පරාව ඇරව්වල මුල් පදිංචි කාරයෝ තමයි. මමත් නන්දිමිත්‍රයන්ගේ පොත් කියවන්න කැමතියි.ඒවාගේ විස්තරවෙන ග්‍රාමිය තොරතුරුත් කියවීමට තියෙන පහසුවත් නිසාම මම කැමතියි ඇත්තටම.
පළවෙනියාත් නෙමෙයි අවසානයාත් නෙමෙයි කතාවට හිනාත් ගියා. ඔය මැජික් එක ඔච්චර ප්‍රභල වුනේ කොහොමද බන්? සාමාන්‍යයෙන් මැජික් පොල්ලෙන්නේ ඔය ඕන දෙයක් මවන්න පුළුවන් කියන්නේ 😀
දැන් ඔය අටපිරිකර පිරිකර බිස්නස් එක කරන මුස්ලිම් උදවිය තමයි වැඩි මම දැකල තියෙනවා කඩවල් 3 4ක් ම
ඉස්සර මරදානේ හරියට අටපිරිකර කඩ තිබුනා. ඒවා පාරම්පරිකව පවුලෙන් පවුලට කරගෙන ආවා. මට තාම හිතාගන්න බැහැ ඔය බිස්නස් එක ඇයි මරදානේ ඔච්චර ව්‍යාප්ත වුනේ කියලා. ඔය ගොඩාක් අමුතු තාලේ බිස්නස් පටන් ගන්නේ මරදානෙන්. පස්සේ රට වටේ පැතිරෙනවා. හැබැයි ඉස්සර අටපිරිකරයක් ගන්න මරදානේ, මාළිගාකන්දේ පැත්තෙම යන්න ඕන.
කාරෙකේ වේලි වේලි ඉඳල උන් හිටි තැනුත් නැතිකර ගත්ත එහෙනං,ඔහොම තමයි මචං ඔය නිමිත්ත දකින්න තියෙන කුතුහලය ඔය කාලෙට නැත්නං වෙන කොයි කාලෙට ඇතිවෙන්නද.අදත් වෙනද වගේම රසවත්.
බලපන් හැලපේ ඒකෙත් වැඩේ. ඔය වයසට ඕක ගැනමනේ කොල්ලෝ කතා කරන්නේ. ඕක පේන තැනක තිබුනා නම් මම තාම පන්සලේ 😀
/ ඕක පේන තැනක තිබුනා නම් මම තාම පන්සලේ /
නියම කතාව අරූ…හෙහ්,හෙහ්
අර කතාවටත් කියන්නෙ සමහ රබබලත්තුංගෙ ඕක නලලෙය තියෙන්නෙ කියල. එහෙම තිබ්බ නම් අම්මප උඹ අද වාලුකාරාමෙ ලොක්කා. සම්ටයිම්ස් මහානායක කෙනෙක් වෙන්නත් තිබ්බ.. :ඪD
මේ පන්සලේ කතා ලියන්න ගත්තට පස්සේ, අඩියක් පුඩියක් ගහලා නිදාගත්ත දවසට මට හීනෙන් මාව පේනවා මහණවෙල ඉන්නවා. මම වයිෆ්ට කිව්වා. එය කියනවා නානසාර එක්ක සෙට්වෙලා දෙකක් දාගෙනම වැඩේ කරගෙන යන්න පුළුවන්ලු මම මහණ වුනොත්.
ඔය ඇරැව්වල නන්දිමිත්‍රද අර “වානේ පන්නරය ලැබූ හැටි”කියන පොත ලියලා තියෙන්නේ.?
ස්ත්‍රී නිමිත්ත නිසා වුන් හිටි තැන් නැති වෙලා ඔයින් ගියා මදැයි අරූඅයියේ බෙල්ල ගහලා යන්නේ නැතුව…:D
නැහැ මනෝ…….නන්දිමිත්‍රයන් පොත් රාශියක් ලියලා තියෙනවා…මල්දෙණියේ සිමියොන්. සුද්දෝ සහ කොයින් මැණිකේ, ගිනි ආදී බොහෝමයක්. මොහු දක්ෂ කෙටිකතා කරුවෙක්. රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක්.
ඔතනින් බේරුනා ඇති. අර නැන්දාගේ මාමා ආවා නම් කාර් එකත් කුඩු, සෝමෙත් කුඩු, අරූත් කුඩු. අරූව නම් පොඩි එකා කියලා ශේප් කරයි. කාර් එකයි සෝමෙයි කුඩුවුනා නම් මම කොහේ කියලා යන්නද මනෝ.
ස්ත්‍රී නිමිත්ත බැලීම ගැන නම් රස කතා බොහෝමයි, ගෙදරට මාට්ටු වෙච්චි ඒවත්, ගුටි කාපුවත් අනන්තයි අප්‍රමාණයි. ස්ත්‍රී නිමිත්ත බැලීමේදී විඳින්න තියෙන, කාලකන්නිම සිඳුවීම තමයි ඔය අරූට වෙච්චි දේ. යක්කු ගස් යන කෑලි කපන කළුවරේ, ගිනි මද්දහනේ වගේම මොර සූරන වැහි වල ඕය වගේ ගමන් ගිය හැටිත්, ලාම්පු අල්ලන්න ගිය හැටිත්, උඹට උනා වගේම දේවල් වෙච්චි හැටිත් මතක් උනා. දැන් තමයි කොමෙන්ට් එකක් දාන්න හිත හදා ගත්තේ…
මචං…..ඔය වැඩවලට සයිඩ් සපෝට් එකට යන එක තරම් අමු කට්ටක් තවත් නැහැ. එකෙක්ගේ බරක් නිදහස් කරන්න අපි හෙන බරක් ඔළුවට ගන්නවා. ඔය මොනවාද බන් මම එක පාරක් එකෙකුට ඕමාන් වලදි ඔහොම වැඩකට උදව්කරන්න ගිහිල්ලා පුදුම බයකින් හිටියේ. ඇයි බන් උඹ හිතපන් අරාබියේ ඒ කාලේ නීති. අනිත් එක ඒ හවුස්මේඩ් අක්කා වැඩ කරෙත් අරාබි ගේක. සුද්දෙක්ගේ ගෙදර නම් අහුවුනත් පොඩ්ඩක් ෂේප් එකක් තියෙනවා.
ඇරැවුවල කපු මහත්තයා ගැන අපේ තාත්තා නිසැකවම අසා ඇති.ඇරැවුවල යනු අපිට පයින් යන දුරක්.අද අහන්න ඕන..හම්මේ..බොලොගට ගිහින් බ්ලොග් රෝල බලාගෙන යද්දි
”
Aru-ge adaviya
අවුල් වන්නට පෙර…(33)..මා ඉතින් යන්න යනවා
15 hours ago ”
කියල චැක්කම තියෙන සත්තෝසේ.අම්ම අප්ප දැක්ක වගේ 😀
මම සාශා…අරූ (මාමේ) කොම්පීටරේ පිස්සු නටනවා
සාශා……කී බෝඩ් එකට දෙහි ටිකක් මිරිකලා වතුර වීදුරුවක් පොවන්න. ශැන්ඩි නැතුව ගැහුවාම ඔහොම වෙනවා.
මම සාශා..ඇයි දන්නැහැ මගෙ නමින් කොමෙන්ටුව වැටෙන්නැහැ
@ සාශා …මටත් දවසක් ඔහොම වුනා…පස්සෙ නම් හරි ගියා…
සාෂා…….තාත්තාගෙන් අහලා බලන්න. එයා හොඳටම දන්නවා ඇති. අර මම කියපු නඩුවේ විස්තරයත් සමහර විට දන්නවා ඇති. මුකුත් දැණ ගත්තොත් අපිටත් කියවන්න කමෙන්ට් එකක් දාන්න. ඔය කපු මහත්තයානම් මියගියා මට මතක හැටියට. දැන් පුතෙක්ද කොහෙද ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා.
කම්පියුටර් ජිල්මාට් ගැනනම් අහන්න එපා. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ.ඒවා දන්නේ දේශපාලුවෝ 😀
practice makes perfect කියනවනෙ. දැන් ඉතින් පිළිවෙලක් වේගෙනයි එන්නෙ ලියවිල්ල.
මේ ලොකෙ ඉන්න තරමක් පිරිමින්ට උන්හිටිතැන් නැතිවෙච්චි භාන්ඩෙ උඹට විතරක් වෙනසක් කරයියැ!
උඩ කමෙන්ට් එකේ ඇ. නන්දිගෙ පොතක්ද කියල කරල තියෙන්නෙ විහිළුවක් කියල හිතන්න කැමටහියි. ඒත් එහෙම නෙමෙයිනම්, ඇ. නන්දිමිත්‍ර ලියපු ප්‍රසිද්දම පොත තමයි “මලිදෙණියේ සිමියොන්”.
වානෙ පන්නරය ලැබූ හැටි නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගෙ. පරිවර්ථනය දැදිගම වී රුද්‍රිගු. ඕක නොදන්නෙ සින්හල පොත් කිවපු නැති හරි 90 පස්සෙ ඉපදුන සඉන්හල මල් පොත් බලන එකෙක් නම් හරි විතරක් වෙන්න ඕන!
මල් දෙණියේ සිමියොන් කියන්නේ රතමල්දෙනියේ සිටි ඇත්ත චරිතයක්ලු නේ
මමත් ඔහොම අහලා තියෙනවා.
////මේ ලොකෙ ඉන්න තරමක් පිරිමින්ට උන්හිටිතැන් නැතිවෙච්චි භාන්ඩෙ උඹට විතරක් වෙනසක් කරයියැ!//////
ඇයි බං මේක මෙච්චර බලගතු වශීයක් වුනේ. කී කෝටියක් ඔය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරනවා ඇතිද? ඇතුවත් බැරි නැතුවත් බැරි වුනාම ඕනම භාන්ඩයක් ඔය තත්වෙට පත්වෙනවා.
මනෝට නන්දිමිත්‍රව කියවන්න හම්බවෙලා නැතුව ඇති. අනිත් එක නන්දිමිත්‍රලා ගැන මෑත කාලයේ හරිහමන් කතිකාවතක් සිද්ධවුනේ නැහැනේ ඉන්දික. ඒවා සාහිත්‍ය මන්ඩල අර මන්ඩල වලින් කෙරෙන්න ඕන වැඩ. දැන් කතාකරන්නේ වෙනස්ම ලේඛක පරම්පරාවක් ගැනනේ. අනිත් රටවල වල උදා; එංගලන්තයේ ශේක්ෂ්පියර්, එලියට්ලා ගැන තාම උගන්වනවා.
@ indika
//වානෙ පන්නරය ලැබූ හැටි නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගෙ. පරිවර්ථනය දැදිගම වී රුද්‍රිගු.//
ස්තුතියි ඔබට අරූඅයියා කියා තියනවා වගේ නන්දිමිත්‍රව කියවලා නැහැ.ඒ වගේමයි වානෙ පන්නරය ලැබූ හැටි කියන පොතත් කියවන්න කැමැත්තෙන් ඉන්න නමුත් තවමත් කියවන්න බැරි වුන පොතක්.ඉතින් ඔබට තරම් දැනුමක් ඒ පොත් ගැන මට නොමැතිවීම ගැන මම ලැජ්ජා වෙනවා.
//ඕක නොදන්නෙ සින්හල පොත් කිවපු නැති හරි 90 පස්සෙ ඉපදුන සඉන්හල මල් පොත් බලන එකෙක් නම් හරි විතරක් වෙන්න ඕන!//
හැබැයි ඉතින් මේක නම් මට අදාල නැහැ.මොකෝ මම සිංහල පොත් නොකියවපු කෙනක් හෝ ඔබ කියන මල් පොත් (මම හිතන්නේ ඔය කියන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි,එඩ්වඩ් මල්ලවආරච්චි,චන්දි ගේ පොත් වගේ ඒවා වෙන්න ඇති.) කියවපු කෙනෙක් නොවන නිසා…:D
ඉහත කොමෙන්ටුව සාසා වන මාගෙනි
මට හිතුනා ඇරව්වල ගැන කියනකොට.
හැමදාම වගේ සුපිරියි අරූ…
( අර කපුගේ සමග හැන්දෑවක් එහෙම අමතක කරන්න එපා. කොහෙන් හරි සීරියස් එකට දාන්න ) 😀
සිංදුවෝ……..කපුගේ හමුවුනු දිනය 1982-83 වගේ . ඒක කියවන්න උඹට තව අවුරුදු 6ක් විතර ඉන්න වෙයි :
ඒ කාලය තුල මට කලා ලෝකයේ සද්ධන්තයෝ ගොඩාක් හමුවුනා. ඒ අය සෙට්වෙන තැන්වල පොඩි එකා ලෙස මමත් සෙට්වී ඒ කියන කරන දේවල් අහන් හිටියා. මට දැන් හිතෙනවා ඒ කාලේ මම යමක් කමක් හරියට දැණ ඉගෙනගෙන හිටියානම් ඒ සංවාද වලට සහභාගිවී දෙයක් ඉගෙණගන්න තිබුනානේ කියලා. නමුත් ඒ අත්දැකීම් ඉහළයි. වටිනවා. ඒ හමුවීම් ඔක්කොම අවම පහසුකම් ඇති තැන්වල. ඒ මිනිස්සු වැටිලා හිටිය කාලවල. ඒක තවත් වටිනවා.
අවුරුදු 6 කියන ඒක සුටුස් ගාලා යාවි අරූ… ඔහොම යමුකෝ….ඉන්න ගමන් කතා කරපු කියපු ඔක්කොම හෙමින් මතක් කරගන්නකො අවුරුදුම 6ක් තියෙන්නේ මතක් කරගන්න කාලේ 😀 😀
පිරිමි කාටත් උන්හිටි තැන් අහිමි වෙන්නේ ඕක හින්දා තමා. මදැ අතක් පයක් නොකැඩි ඔයින් ගියා. 😀
අනේද කියන්නේ නිශාන්ත..ඕක නිසා සෝක….නොවු කෙනෙක් හොයාගන්න බැහැ බං මේ ලෝකෙ 😀
රසබර මතකන් හීනියට පෙළගස්සවලා…
නිකං පරණ ෆිල්ම් එකක් බලනව වගේ මේ කථා පෝලිම කියවන කොට…
ජය වේවා!!!
ස්තූතියි විදානේ කියවා රස විඳපන්.
උඹ තුමා බ්ලොග්ස්වල කමෙන්ට් විතරක් දාන කාලේ මම ඒවාගේ යම් වෙනසක් දැක්කා. මට හිතුනා ඇයි මේ හාදයා යමක් ලියන්නේ නැත්තේ කියලා. දැන් හරි. උඹේ බ්ලොග් එක මරු. ගොඩාක් දෙනා කැමති වෙයි.
අරූ, ස්ත්‍රී නිමිත්ත කියන්නෙ මොකක්ද? මොනවා වුනත් හොඳ වැඩේ පොඩි එකා පොඩි විදියට ඉන්නේ නැතිව රවුම් ගහන්න ගියාට.
ඔය සිවුරු කේස් තියෙනවා නේද මාස ගණන් හිනාවෙන්න පුළුවන්. වෙර්සාචි විතරක් නෙමෙයි ඊටත් වඩා බ්‍රෑන්ඩඩ් ඒවාත් තියෙනවා වෙන්න ඕනේ. ඉස්සර මම ලංකාවට ආවම ඉඳලා හිටලා අපේ හාමුදුරුවන්ට සිවුරු ගන්න යනවනේ. මම ඔය අටපිරිකර මේ පිරිකර දන්නේ නෑ. බලන්න එපෑයැ වෙළෙන්ඳො පොර කන හැටි ඔය වටිනා කියන පිට රට හදපු දස දාස් ගණන් වටින සිවුරු විකුණන්න. කාන්තාවන්ට සාරි විකුණන්නවත් එහෙම මහන්සි වෙන්නේ නැතිව ඇති. ඒ වුනාට බණ කියන්නේ සංසාරය කෙටි කරගන්න…
ඔන්න කියල දීපංකො ඉතිං මේකිට ඉස්තිරි නිමිත්ත ගැනත්,අම්මප මට එන කේන්තියක් නං.
හෙහ්,හෙහ්, කියලා වැඩක් නෑ බං…
හෝ හෝ දන්නේ නැති හින්දයි ඇහුවේ.
මේල් එකක් දාන්න පුළුවන්නේ ඕක මෙතන කියන්න බැරි නම් දෙන්න තුන්දෙනාටම.
@ රංගි…..මම දැනට පොඩි උත්තරයක් දෙන්නම්. සෙස්ස පස්සට.
///අරූ, ස්ත්‍රී නිමිත්ත කියන්නෙ මොකක්ද/////
මම දන්නෙත් නැහැ. සෝමපාල අයියා පෙන්නන්නම් කියලා තමයි එක්කන් ගියේ. කොහෙද ඌ ඒක තනියෙන් වළඳලා ආවා මිසක් මට පෙන්නුවේවත් නැහැනේ 😀
The Almighty Vertical Slit 😀
😀 😀 😀
Rangi, u made my day macho…!!!!
hey guys i really didnt know what was it and still i do. and there no my intention to make you guys down. and here i assume that’s something naughty….. ha ha
@ රංගි……දැන් දන්නවානේ වට් ඊස් වුමන් නිමිත්ත. :
ඇත්තටම රංගි මගේ වයසට නෙමේ මම කරපු වැඩ. මම ගොඩාක් වෙලාවට මගේ ක්ලාස්මේට්ස්ලා එක්ක ගත්තාම හැම දෙයක්ම උන්ට ඉස්සෙල්ලා කරලා. රස්සාවක් කිරීම, විවාහවීම, පියෙක් වීම සහ ඊට කලින් වැඩ. මට සමහර වෙලාවට මගේ යාළුවන්ගේ ළමයින්ගේ වයස බැලුවාම මම ගොඩාක් ඉස්සරහෙන් කියලා හිතනවා. අපි දෙන්නාගේ මිෂන් එක බොහෝ දුරට ඉවරයි වගේ හිතෙනවා. මේ හැම ගමනකම පරමාර්ථය සතුටින් ජීවත් වීමනේ.
මේ සාධුලාව නරක් කරන්නේ ගෑණු. සසර දික්වෙන්නේ මේ ගෑණු කරන ගොං වැඩ හින්දා. ළමයි බලාගන්නවා වගේ හාමුදුරුවන්ව බලාගන්න යනවා.
මගේ යාළුවෙක් ඉන්නවා මෙහේ. මරු පොරක්. ගෙදර විශේෂ කෑම මොනවා හරි හදලා නම් මූ අහගෙන එන්නේ ” මොකද මේ ….අද තට්ටයාට වාසි වගේ පේන්නේ” කියාගෙන. හරියටම හරි ඇත්තටම එදාට වයිෆ් පන්සල් යන්න. තරහා වෙන්න එපා කවුරුත් මම මෙහෙම ලිව්වාට. පන්සල පන්සල හැටියටත්, ගෙදර ගෙදර හැටියටත් තියාගන්න සමහර ගෑණු අය දන්නේ නැහැ. සමහර තැන්වල ගෙදර මිනිහා බඩගින්නේ. ගෑනි පන්සලේ. මේවා වැරදියි.
මචංලා ( මචංලා කිව්වම රංගිත් අයීතිනෙ නෙවද? )
මේ ඔය නිමිත්ත ගැන අපූරු කවියක්. ( රිග්‍රෙට් ද ඉනැබිලිටි ටු පබ්ලිෂ් ද හෝල් පොයම් )
****** ****** ***** ***** ****** වගේ,
****** ****** ****** **** ***** **** වගේ,
****** ******* ******* ******* වගේ,
***** **** **** ***** ***** අගේ,
@රවී….මම තරු රාශියක් හා තනිවුනෙමි.
මොන අල්ප දයන්නක්ද යකෝ මේ.!? මීට වඩා හොඳයි පොයම් එක නොදාම හිටියනං.. ඔය රවියා වැඩක් කලොත් ඔහොම්මයි.. 😀
@ බුරා……රවියා කොහොමත් ආස බව හිතෙනවා..තරු පායන රාත්‍රීවල ඔය කියන නිමිත්ත බලන්න. ඕකාගේ කතාවල ඒ වගේ ගතියක් පේනවා. ලයිට් දාගෙන නිමිති බලනවාට වඩා තරු සමග නිමිති තමයි ඕකාගේ විදිහ මම හිතන්නේ :
ඉඳපල්ලා අන්තිම පදේ මෙහෙමයි,
එහෙව් එකට මේ ******* කරන අගේ,
කම්ප්ලිට් පොයම් නීඩඩ් , සෙන්ඩ් මී යුවර් ඊ-මේල් 🙂
අපි මේ සිංදුව අහමු!!!!!!
මට පුදුම හිතුනා..ලොක්කා මෙච්චර ෆිට්ද කියලා.
ගායනය: පණ්ඩිත් අමරදේව සහ උමාරියා සිංහවංස
පද: ජනක සිරිවර්ධන
තනු :අරුණ ගුණවර්ධන
මේ අර මම දාපු සින්දුවේ අයිතිකරුවන්
naughty? whaaat ! not at all not at all…huh huh.
ඔන්න රංගි අහගෙන ලියලා තියාගන්න 😀
මොකද කවදාවත් නැතිව පසුව හමුවෙමු කෑල්ලක් දාලා..
මේ ටිකේ උඹේ බ්ලොගේ හිටිය නිසා උඹට කකාගෙන් බෝවුනා කියපු රෝගයේ සිම්ටම්ස් වගේ තිබුනා..හැක් හැක්
නියමයි බං!
දැං ඉන්න වෘත්තීය සමිතිකාරයන්ට නං එක එක පාට කමීස කලිසං ඕන පදං. අදාල කාලයට අදාල පාට අඳින්න විතරයි තියෙන්නෙ.
උඩම රවී කියල තියනව වගේ *ත්තක් බලන්න ගිහිල්ල ඉන්න තැනටත් කෙලවගැනීම මොන වගේද කියලයි මම කල්පනා කලේ 🙂
(කලින් කමෙන්ටුව වැරදි තැන වැටුනෙ)
තෑන්ක්ස් රාජ්….උඹ කියන කතාව ඇත්ත..වෘත්තිය සමිති ව්‍යාපාරය එක තැනකට ගන්න කවදා පුළුවන් වෙයිද දන්නේ නැහැ. එක් වෘත්තියකට එක් සමිතියක් සංකල්පයට හොඳ උදාහරණයක් එංගලන්තය. මේ එක් එක් යූනියන්ස් එකතු වෙලා හදාගෙන තියෙනවා TUC(TRADE UNION CONGRESS) කියලා එකක්. මේකේ මිලියන 6.5ක් සාමාජිකයෝ ඉන්නවා. දේශපාලන මතවාදයක් ඉදිරියට ගේන්නේ නැහැ.
ඔය අර නිමිති මේ නිමිති නොකිය උඹ කියපු (අපි කාටත් හුරු )වචණේ කිව්වා නම් රංගිට අර ප්‍රශ්ණේ මතුවෙන්නෙත් නැහැ 😀
ඔය ගිනි පාගන එක දේව සංකෘතියේ දෙයක් නේ ,කාලෝ ෆොන්සේකාත් ඔය දේට අභියෝග කරලා පැරදුණා කියලා ඔය පච දේවාල වල ඉන්න පොරක් පාරම් බැවා මට මතකයි T.V එකේ ,මං පොර නම් ඔවා පිලි ගන්නෙ නෑ ,ඒ වුණත් බලන් ඉන්න හොදයි .
සහෝ…..ඔය ගිනි පෑගීමත් එක්තරා මාකටින් ප්‍රොජෙක්ට් එකක්නේ, දේවාල හෝ දේවාල සංස්කෘතිය කරා ජනතාව ඇදගැනීමට. සංස්කෘතික අංගයක් ලෙසනම් හොඳයි.
සක් මට මේක මිස් වුනේ කොහොමද අප්පා.. දැනුයි කියෙව්වේ
මිස් වුනේ මිසිස් වෙන්න ඉස්සෙල්ලනේ බන් : D. හෙමින් සැරේ කියවපන්. මටත් තව සෑහෙන්න කියවන්න තියෙනවා.
ජංජාලේ අතෑරලා සති දෙකක් වනගත වෙලා හිටියා….ආපු ගමන් කියෙව්වා ඔන්න….
ඒක තමයි මම බැලුවා උඹට මොකද වුනේ කියලා. පොළොස් ඉවිල්ල නවත්තලා දැම්මාද කියලත් දුකත් හිතුනා. හුඟ කාලෙකින් බ්ලොග් ලෝකයේ නොදැකපු තුන් දෙනෙක් ගැනත් මතක් වුනා… ඒ තමයි බ්ලැක් පූමා, මොරබ්බා, සඳුනිමා.
වනගත වුනේ පල නෙලන්නද? දැන් වාසි ඇතිනේ… 😀 ලියපන් මොනවා හරි
පල නෙළුවට කමක් නෑ පොතු අපේ පැත්තට දාන්න එපා කිව්වලු 😀
ලිව්වෝ ලිව්වෝ…..ලියපු එකක් “සුවයන් පබිලිස්” වෙන්න දාල යන්නත් හිතුන…උත්තර දෙන්න බැරි වෙන නිසා එහෙම කරේ නැහැ….
ඔබ සතු අත්දැකීම් හා දැනුම දැකල මම පුදුමයට පත්වෙලයි ඉන්නෙ. ඇත්තටම හරිම රසවත්. ඒ වගේම ලියන්න පුලුවන් දේවල් වෙලත් තිබෙනව. ඒ වගේම මේව මට වෙලා මම ලිව්ව නම් මට මෙච්චර රසවත්ව ලියන්න බෑ කියලත් හිතෙනව.
තාත්ත අපූරු චරිතයක්.නියම පරණ වාමාංශිකයෙක්.ඔහු තවම ඉන්නවද?
ඔහේ මතක්වෙන අත්දැකීම් ලියාගෙන යනවා යකෝ. මහ ලොකු කතන්දරයක් නැහැ.
තාත්තා දැන් බොහොම හුදකලාවූ ජීවිතයක් ගෙනියනවා අම්මායි නංගිලා මල්ලිලා එක්ක. දැන් එයා කැමති ගෙදරට වෙලා ඉන්න.වයසට යනකම් හොඳට පිස්සු නැටුවා, ජොලි කරානේ.
මට අද අ ඉන්ටනෙට් හා බ්ලොග් කෙරුවාව ගැන අමුතුම ආදරයක් ඇති වුනා. මොකද එහෙම එකක් නොවුනානම් අපිට් මෙව්වා කවදාවත් කියවන්න ලැබෙන්නේ නෑ . ආරුට ඔය අත්දැකීම් සම්බාරය කවදාවත් අපිත් එක්ක බෙදා ගන්ට හිතෙන එකකුත් නෑ . ඔහොම යන් ඔහොම යන් . පස්සේ පොතකුත් ලියලාම දාමු
ඒකනම් ඇත්ත තිලකේ…මේ කතා හිතේ තියාගෙන ඔය අඩියක් පුඩියක් ගහපු වෙලාවට හිතවත් මිත්‍රයෙක් එක්ක කිව්වාට ලියලා තියන්න ඕන කියලා හිතුවේ නැහැ. අපේ මල්ලි තමයි මේ බව මුලින්ම කිව්වේ. මම දැන් සතුටුවෙනවා මෙහෙම ලියලා. වෙන මුකුත් නෙමේ මචං ආත්ම තෘප්තිය තමයි. උඹලා ගොඩවැදිලා යමක් කියලා යන එක ආත්ම තෘප්තියට බෝනස් එකක්.
නිමිත්තක් කරපු හරියක් 😀
ඇත්තටම මේක දැන් කතාවක් ගාණටම ඇවිල්ලා.. හරිම රසවත් ලියවිල්ල.
**** නිසා හිටපු වත්තත් නැති කරගත් යෞවනයාගේ කතා පුවත 😀
චන්දන මම ඉතින් දන්නේ නැද්ද ඔහේ ලියාගන යනවා. උඹේ චිත්‍ර හැකියාව නම් බොහොම අගෙයි. චිත්‍රවලින් බ්ලොග් එක සරසන්න පුළුවන් නේ. ට්‍රයි එකක් දීලා වෙලාවක මේකේ කමෙන්ට් එකක් හැටියට පොඩි චිත්‍ර කට්ටක් දාපන් කතාවට අදාලව. එතකොට අපිට චිත්‍රයෙන් කමෙන්ට් කරන බුවෙකුත් බලා ගත්ත හැකි. මම මේ කියන්නේ ඇත්තටම.තියෙන වැඩ මදිවට තවත් වැඩ අරූ කියන්නේ 😀
//ට්‍රයි එකක් දීලා වෙලාවක මේකේ කමෙන්ට් එකක් හැටියට පොඩි චිත්‍ර කට්ටක් දාපන් කතාවට අදාලව.// හපොයි.. මේකට එන කට්ටිය ආපහු දුවයි 😀
දවල්ට ඔෆිස් එකෙන් කමෙන්ට් කරන්න බැරි වුණාම පුදුම දුකක් ඇති වෙන්නේ. මේ ලියන ආරටයි, ඒවාගේ අන්තර්ගතයට, ඒවාට පාදක වෙන කාල සීමාවට පුදුම කැමැත්තක් තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් සුපිරියි.
බොහොම ස්තූතියි සුදීක. කමෙන්ට් කරත් නොකරත් සුදීකලා මේ මාගල කියවන බව මම දන්නවා. ඔබ මට වඩා වයසින් අඩුවූවත් මේ හා බැඳී ඇති කාළ වකවානුව සහ ඒ අවට පරිසරයත්, ඒ ප්‍රසිද්ධ චරිත ගැනත් අවබෝධයක් ඇති කෙනෙක් බව ඔබගේ බ්ලොග්ස් කියවන කොට තේරෙනවා. ස්තූතියි සුදීක.
මගේ හිතේ ඇඳුනේ මීට කාලෙකට පස්සේ වෙන සිදුවීමක්…
අරූ : “නොදකින් මේකද මේ…”
ස්ත්‍රී : “මොකද අනේ…?”
අරූ :”නෑ මේ උලව්ව බලන්න මම කාපු කට්ටක්…”
😀 😀
බීට්ල්…..නියම සිතුවිල්ල බන්..හැබැයි ඕක නම් කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති එකක් බන්. දුටු තැන අල්ලනු…හැට පැන්නත් වඳුරෝ ගස් උඩ කොල්ලෝ. 😀
ඔය කිව්වාට එක කාලයක් එනවා , අපි නොදන්න ගල් බනිස් කියලා අහක බලාගන්න. Till then enjoy it much as possible. Sex keep you cool and relaxed.
අද එන්න පොඩ්ඩක් පරක්කු උනානේ මට තාම පොස්ට් එක විතරයි කියෙව්වේ …. අද ටිකක් දුක හිතෙනවා …. කොමෙන්ට් ටිකත් කියවලම එන්නම්කෝ
රාළේ කියවපන් කූල් එකේ. කීයක් බ්ලොග්ස් කියවන්නද නේද? වෙලාව තමයි උදැල්ල.
හයියෝ නැන්දගෙ ස්ත්‍රී නිමිත්ත බලන්න පුච්චලා තියෙන්නෙ දායකයන්ගෙ පෙට්‍රල් නොවැ…..
හා..හා..ඒකත් නියම කතාව. ඒ වුනාට සිරා හාමුදුරුවන්ට ඇති තරමට මුදල් තිබුනා. දඹදිව චාරිකා නිසා. කොහොමත් දායකයින්ගේ ආධාර ගැන එච්චර බලාපොරොත්තු තිබ්බේ නැහැ හිතේ.
ඔබ තෝරාගත් තේමාවට, සංවේදී නිර්මාණ ශෛලිය මැනවින් ගැලපෙමින් තිබෙන නිසා අපේ සිතිවිලි නිම්වලු පුළුල් වෙනවා.
බොහොම ස්තූතියි ගුණේ මහත්මයෝ! ඔබේ ඇගයීම අගය කරනවා.
ස්ත්‍රී නිමිත්ත බලන්න ගොහින් උන්දැගේ මිනිහට අහු උනා නම් දෙන්නගෙම පුරුෂ නිමිත්ත ලාච්චුවක දාල වහනවා 😀