අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)

මගේ පාසැල් කාලය කිසිසේත්ම එක්තරා ඉලක්කයක් කර ගමන් ගත් නිරවුල් මාර්ගයක් නොවීය. ඒ සඳහා බලපෑ නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර සාධක බොහෝමයකි. අභ්‍යන්තර සාධක යැයි කිව්වේ, මා විසින්ම මට එරෙහිව නගාගත් බාධකයන්ය. ඒ මගේ දුර්වලකම්ය. මේ කාලයේ කොහේ හෝ අවස්ථාවක මම තවත් අකරතැබ්බයකට මුහුණ දුන්නෙමි. මගේ පාසැල් මිතුරෙකුවූ හේමමාල්ගේ ,වටිනා කැමරාවක් අළුත් වැඩියා කරනා තැනකට භාර දීමට මම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණෙමි. එම ස්ථානය පිහිටා තිබුණේ මා නැවති සිටි ගල්කිස්ස නිවස අසලමය. මොනයම් හේතුවක් මත හෝ එම කැමරාව ඔවුන් අතින් අස්ථාන ගත විය. මට කට උත්තර නැතිවිය. ටික දිනකින් මෙම කුඩා ව්‍යාපාරික ස්ථානයද වසා දමන ලදි. මගේ මිතුරාට මුහුණ දීම ඉතාමත් දුෂ්කර කාරියක් විය. හේමමාල් කිහිප විටක් ඒ පිළිබඳව විමසා සිටි බැවින් ඔහුව මඟ හැරීම අනිවාර්ය විය. කොහොමත් පාසලින් කට්ටි පැනීමට ඇල්මක් දැක්වූ මම, මේ කාරණයත් තවත් පිටිවහලක් කර ගන්නට ඇතැයි සිතමි. ටික කාලයකින් පසු හේමමාල් ඒ ගැන විමසීම පලක් නොවනු ඇතැයි සිතන්නට ඇත්තේ මා ගැන වරද සිතින් නොවේ යැයි අදටත් සිතමි. මීට කලකට පෙරත් අඩෝ ඒ.එන්. යැයි පණිවිඩයක්ද එවා තිබිණි. ඒවා එහෙමය. ඒ මිත්‍රයා අද එක්සත් ජාතින්ගේ සංවිධානයේ වගකිව යුතු තනතුරක් හොබවන මහාචාර්ය හේමමාල් ජයවර්ධනය. වෛද්‍යවරයෙක්ද වන “ජාවා”, පාසැල් කාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් මෙන්ම, හොඳ ඡායාරූප ශිල්පියෙක්ද විය.

අප පාසැල පිහිටියේ එවකට අධ්‍යාපන ත්‍රිකෝණය යැයි කියූ භූමි ප්‍රදේශය තුළය. රීඩ් මාවතත්, රේස්කෝස් ඇවනිව් සහ රාජකීය පාරත් වටකරගත් මේ ත්‍රිකෝණය තුළ කොළඹ විවියත්, තර්ස්ටන් විදුහලත්, රාජකීය විදුහලත් හැර අන් ගොඩනැගිල්ලක් තිබුණේ නැත. රාජකීය විදුහලේ සිට මෙම වටිනා ආයතන තුන හරහා යම් අයුරකින් හෝ රහසින් පිටව යෑමට ස්ථානයන් සොයා ගැනීමට අප දක්ෂයින් වූවා සේම, ඒ මිල කල නොහැකි ඉගෙනුම කඩාකප්පල් කරගැනීමට තරම් මෝඩයන්ද වූහ. අප විදුහලේ ප්‍රධාන ගේට්ටුවෙන්, පාසැල් කාලය තුළම වුවද අවසර ඇතිව පිටව යාමට ක්‍රමවේදයක්ද විය. ඒ සඳහා ශිෂ්‍ය වාර්තා පොත හරහා මව්පියන්ගේ අත්සනින්, පාසැල් අවසන් වීමට පෙර පිටත්ව යෑම සඳහා අවසර ඉල්ලා සිටිය හැකිය. ඉන් පසුව අංශ ප්‍රධාණී ගුරුතුමාවූ ඉයුස්ටස් මහතා අනුමත කර අත්සන් තැබූ පසු, අති උත්තම හනීෆා නම්වූ ආරක්ශක නිළධාරියාගේ සියුම් පරීක්ෂාවෙන් පසු ගේට්ටුවෙන් පිටව යා හැක. මේ මිනිසුන් එදා අපට හිසරදයක් වුවත් ඉතා සොඳුරු මිනිසුන් නොවේදැයි අද හිතේ. හනීපා ඉංග්‍රීසියෙන් මිස කතා නොකරයි. තද නිල් පැහැ කලිසමත්, ලා නිල් පැහැ කමිසයත්, තද නිල් පැහැ ටයි පටියත් පලඳා සීරුවෙන් සිටී. කළු සපත්තු යුගල දීප්තිමත්ය, විදුහල්පතිතුමාගෙන් ගැලවුනත් හනීෆාගෙන් බේරිමක් නැත. නමුත් බිග් මැච්දාට ආදී සිසුන් සමග කුණු ඩෝප්ය. පහුවදා ආපහු පරණ හනීපාය. මම ඔහුට ගරු කරන්නෙමි. ඔවුන් සොඳුරු මිනිසුන්ය.

තාත්තාගේ අත්සන යෙදීම ඉතා අපහසුය. වේලාසනින් පිටවීම සඳහා මම ඉතා පහසුවෙන් අපේ අම්මාගේ සරල අත්සන යොදා ඉල්ලීම කරන්නෙමි. ඉයුස්ටස් මහතා වෙත මුලින් මුලින් මේ කටයුත්ත සඳහා ගියත්, පසුව එම ගමන අතහැර දැම්මේ , අපි පොඩි ඉයුස්ටස් නමින් හැඳින්වූ අපේ පංතියේ මිතුරා, ඉයුස්ටස් සර්ටත් වඩා හොඳින් ඔහුගේ අත්සන ගසා දීමට හපනෙක්වූ බැවිනි. අති උත්තම හනීෆාටවත් මෙය වෙනස් යැයි හඳුනාගත නොහැක. මේ පොඩි ඉයුස්ටස් අද ජනාධිපති නීතිඥවරයෙකි.

මේ කොයි යම් ආකාරයෙන් හෝ පාසැලෙන් පිටවී යන අප කිහිප දෙනා, තර්ස්ටන් එක ඉදිරිපිට රහීමා හෝටලය අසලදී මුණ ගැසෙන්නෙමු. එතැනින් ප්ලේන් ගෝදම්බ රොටි සහ කෑලි නැති මස් හොදිත්, ප්ලේන්ටි භාගවලිනුත් සංතර්පනයවී, දුම්වැටි කිහිපයක්ද රැගෙන ඉබාගාතේ ඇවිදින්නෙමු. තර්ස්ටන්, පෙම්බ්‍රොක් කොල්ලෝද කිහිප දෙනෙක් එක්වේ. සමහර විට අප එවකට සුජාතා විදුහල තිබු පාරෙන් ගොස් ඩුප්ලිකේෂන් පාර හරහා බම්බලපිටිය, වැල්ලවත්ත පැත්තටත්, එසේ නැතිනම් වාළුකාරාමය පිටිපස මහානාමය අසල තිබු කුඩා කඩයේ ගංජා නානා හමුවීමෙන් පසු මහජන පුස්තකාලය, විහාරමහා දේවී උද්‍යානය පසුකර ඒ අවටත් සැරි සරසන්නෙමු. මේ කිසිම ගමනක අරමුණක් නොවීය. නමුත් සැබෑ මිනිසුන් හමුවිය.

ඩුප්ලිකේෂන් පාර ඒ කාලයේ ඉතා සන්සුන් ප්‍රදේශයක් විය. පාර දෙපස විශාල ගස්ද, හිස් බිම් පෙදෙස්ද අරුමයක් නොවේ. අදත් මට අමතක කල නොහැකි එක් තැනක් ඇතනම් ඒ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතරවූ විශාල මාර ගස් යට සෙවණේ එක් රැස්වෙන , බයිසිකල්වලින් කාර්යාලවලට කෑම බෙදන මිනිසුන් එක්වෙන ස්ථානයයි.

කොළඹ නාගරික ප්‍රදේශවල රජයේ කාර්යාලයන්හී රැකියාවේ නිරතවු බොහෝ අයගේ දහවල් ආහාරය තම නිවසින් පිඟානකට බෙදා ,තව පිඟානකින් ආවරණය කර සුදු රෙද්දකින් එය තදකර බැඳ ලේබලයක් ගසා උදෑසන දහය වනවිට සුදානම් කර තබයි. නගර අවට ප්‍රදේශවල නිවෙස්වලින් මේවා එකතුකර ගන්නා බයිසිකල්කරුවන් තම ලී රාමු පෙට්ටියේ ඒවා සුරැකිව එකලස් කරගනී. මෙය එකල ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් විය. අද මෙන් කඩවල්වලින් කෑමට මිනිසුන් හුරු පුරුදු නොවීය. නුගේගොඩ, දෙහිවල වැනි පළාත්වලින් පවා මේ බයිසිකල්කරුවන් කෑම එකතුකර ගැනීමට පුරුදුවී සිටියහ. මෙය ක්‍රමවත් සේවා සැපයීම් ජාලයක් විය. බොහෝ කාලයකට පෙර අපේ තාත්තාටද දෙල්කඳ අප නිවසේ සිට කොළඹ කොටුවට දහවල් කෑම සැපයූවේ ඔය අයුරින්ය. අවට පෙදෙස්වලින් කෑම පිඟන් එකතුකර ගන්නා මොවුන් ඩුප්ලිකේෂන් පාරේ මේ ගහ යටට එකතුවේ. මෙවැනිම ස්ථානයක් කොළඹ එම්පයර් සිනමා ශාලාව අසලද තිබූ බව මතකය. කෑම පිඟානේ ඇති ලේබලය අනුව, කාර්යාල පිහිටා ඇති ඒ ඒ මාර්ගයන්ට අනුව නැවත මේවා බෙදාගන්න මොවුන් දහවල් කෑම පැයට පෙර ඒ ඒ කන්තෝරුවලට මේවා නිවැරදිව භාර දේ. අතපසුවීම් හෝ කෑම මාරුවීම් ඉතාම අවමවූ මේ ක්‍රමය ඉතා විශ්වාසනීයවූ ක්‍රමයක් විය.

ඒ මිනිසුන්ගේ කඩිසර ක්‍රියාකලාපය දෙසද ඔහේ බලාගෙන සිටිනා අපි, බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියට පැමිණීම එක් චර්යාවකි. බම්බලපිටිය හන්දිය නම් අපූරු තැනකි. කොළඹ නගරයේ ඕනෑම දිශාවකට ගමන් ගන්නා බස් ,හන්දියේ නැවතුම් කිහිපයක නවත්වනු ලැබේ. බොරැල්ල, කිරිබත්ගොඩ, කඩවත දෙසට ගමන් ගන්නා බස් නැවැත්වූයේ බුලර්ස් පාරේ මුල් හරියට වෙන්නටය. තහඩු බස් හෝල්ට් දෙකත්, ඒ කාලයේ සිටම තිබූ පත්තර කඩයත් එදා අයට මතක ඇතැයි සිතමි. මුස්ලිම් පල්ලියක්ද එතනම තිබූ බවත් මතකය. ඔය බස් නැවතුම පිටුපස තිබූ කුඩා නිවාස දෙක තුනකින් එකක පදිංචිව සිටියේ අප පාසැලේ මිතුරු නලීන් ෆොන්සේකාගේ පවුලේ අයය. නලීන්ගේ නිවස අසලටවී කයිය ගැසීමද පුරුද්දක් විය. පසු කාලයකදී නලීන් ෆොන්සේකා, චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ඉතාමත් ආන්දෝලනයට ලක්වූ ප්‍රබල කැසිනෝ ව්‍යාපාරිකයෙක් විය. පසුව මොහු රටින් පිටව ගිය බවද අසන්නට ලැබුණි.

ගාලු පාරින් බුලර්ස් පාරට හැරෙන විට එක් කොනක තිබුණේ කිරි මංඩලයයි. පාරෙන් අනිත් පැත්තටවූ කොනේ තිබුණේ ඒ කාලයේ කවුරුත් දන්නා ELASTO බෝඩ් එකයි. මේ ඉලාස්ටෝ පුවරුව දිලිසෙන සහ සුළඟට ලෙලදෙන කුඩා ඇලුමිනියම් තහඩුවලින් නිර්මාණය කර තිබුණි. මිල්ක්බෝඩ් එක අපගේ තවත් නැවතුම් පොළක් විය. එකල මෙම මිල්ක්බෝඩ් සංකල්පය බොහෝ නගරවල ව්‍යාප්තව පැවතියේය. කල්කිරි සහ එදිනම පාවිච්චියට කිරි වර්ග මේවායේ විකිණීමට තිබුණි. කඩදාසි ඇසුරුම්වල බහාලු අයිස්ක්‍රීම්, කජු, රටකජු, පැකට්, කැන්ඩොස් චොකලට්ද පොඩි වීදුරු කබඩ්වල පෙනෙන්නට තිබුණි. තැඹිලි කරත්තයක්ද ඒ අසල විය. වසන්ති චතුරාණි නම් ඒ ප්‍රවීණ රංග ශිල්පිනිය පසු කාලයක විවාහවූයේ ඒ අසලම නිවසේ ධනවත් තරුණයෙක් සමගිනි. වීදුරු බෝතල්වල අසුරා, ඇලුමිනියම් වැනි අතින් ගලවා දැමිය හැකි ආවරණයකින් එදිනෙදා කිරි වෙළඳපොළට නිකුත් විය. වැනිලා, චොක්ලට් සහ ප්ලේන් වශයෙන් මේවා නිපදවූයේ ජාතික කිරි මංඩලය විසින්ය. පාසැල් ළමුන් අතර ඉතා ජනප්‍රිය බීමක් විය. කල්කිරි යනු ගෙදර ගෙන ගොස් උණු කිරීමෙන් පසු බීමට ගන්නා කිරි වර්ගයකි.(එසේ නොකර බීමේ ආදිනව අපේ මාතලන් දනී). අප පාසල තුළම මිල්ක්බෝඩ් එකක් විය. අප කුඩා කාලයේ පංතියට කිරි බෙදීම කළේ අපේ හේමන්ත හේරත්ය. ඒ නිසාම ඔහු කිරි හේරත් විය. පසුව කිරා විය. වෛද්‍යවරයෙක්වන මොහු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස අගනා සේවයක් නිහඬව කරමින් සිටී.

බම්බලපිටිය නගරය සහ අවට පරිසරය සහ අත්දැකීම් මෙසේ ලියා නිම කල නොහැකිය. බම්බලපිටිය හන්දියේ අනිකුත් ස්ථාන ගැන පසුවට ලියන්නෙමි. ලයන් හවුස්, මේ ෆෙයාර් හෝටල් දෙක ඉදිරිපසින්වූ පෙට්‍රල් ෂෙඩ් එක තවමත් තිබේදැයි මම නොදන්නෙමි. එකල අප ලයන්හවුස් තේ කඩය අසල නිතර ගැවසෙන්නෙමු. තරුණයෙක් ලෙස මම පසුකාලයක බම්බලපිටියේ පදිංචිව සිටියෙමි. හැන්දෑවට ඔතැනට බොහෝ රසවතුන් එක්වේ. එතැනදී හමුවූ එක් බර්ගර් ජාතික වයසක මහතකු පැවසූයේ, BILL FORBES නම් 1960-1970 දශකයේ ලෝකයේ ඉතාම ප්‍රසිද්දවූ බටහිර ගායකයා , ශ්‍රීලාංකිකයෙක් බවත්, ඔහු මුලින්ම සේවය කළේ බම්බලපිටියේ පෙට්‍රල් ෂෙඩ් එකේ අත් උදව්කරුවෙකු ලෙස බවත්ය. මම බොහෝ කාලයක් යනතුරු මෙය විශ්වාස නොකළෙමි. නමුත් එය ඇත්තක්ය. වයස 17දී 1955 වසරේ එංගලන්තයට පැමිණ ඇති BILL FORBES ගේ සමකාලීනයන් අතර CLIFF RICHARDS ද සිටිනා බව අසා ඇත්තෙමි. ශාන්ත පීටර්ස් විදුහලේ ආදී සිසුවෙක්වු මොහු ගැන තොරතුරු සෙවීමට කාලය හරස්වේ. ඒ යුගයේ ගීත ඇසීමට ප්‍රිය උදවිය මේ ගැන යමක් දන්නවා විය හැක. ඒ කෙසේ වෙතත් බම්බලපිටිය එසේ මෙසේ තැනක් නොවේ. ඒ ගැන ලියන්නට තව බොහෝමයක් දේ ඇත.

ප.ළි…. මගේ හිතවත්ම පාසැල් මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්නගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයට ගොඳුරුව අප හැර ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. මගේ පාසැල් මිතුරන් මෙය කියවනවානම්, මේ ඔවුන්ගේ දැන ගැනීම සඳහාය. අප ඇයට නිවන් සුව පතමු!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

148 Responses to අවුල් වෙන්නට පෙර (39)වුනාට බම්බලපිටිය (01)

    • LDS බොහොම ස්තූතියි. මම ඒ දෙකම බැලුවා. ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමේ නේද? ලංකාවේ අර මම කියපු ක්‍රමේ තාම තියෙනවාද දන්නේ නැහැ.

  1. //අපි පොඩි ඉයුස්ටස් නමින් හැඳින්වූ අපේ පංතියේ මිතුරා, ඉයුස්ටස් සර්ටත් වඩා හොඳින් ඔහුගේ අත්සන ගසා දීමට හපනෙක්වූ බැවිනි. අති උත්තම හනීෆාටවත් මෙය වෙනස් යැයි හඳුනාගත නොහැක. මේ පොඩි ඉයුස්ටස් අද ජනාධිපති නීතිඥවරයෙකි.//

    මෙයා දැනුත් මේ විදියේ අත්සන් ගහනවද දන්නේ නෑ. 😀

    මිතුරාගේ බිරිඳට නිවන් සුව පතනවා…!!!

    • maheshrathnayaka says:

      @පොඩ්ඩි… මටත් ඔතන කියෝනකොට ඕකම හිතුණ නෙව… මොකද නිතීඥයෙක් නෙව හැක්

      • මහේෂ්… නීතිඥයෝ කියන්නේ නීතිය වෙනුවෙන් පෙනී සිටින අයනේ.

    • @ පොඩ්ඩි…..කට කට. මම හිතන්නේ කොලු කාලේ කරපු වැඩ දැන් කරන්නේ නැතුව ඇති. සෑහෙන්න කාලෙකින් දැක්කේ නැහැ. නැත්නම් අහන්න තිබුනා.

  2. supirikrida says:

    ජීවිතය අහුවෙන්නෙ රස්තියාදුවෙන්ම තමයි.ඒකෙ දුක සැප ලැබෙන හැටි එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුළුවන්.ඒක විදින හැටියෙනුත් වෙනස් වෙනවා.ඒත් කොච්චර ගැටළු තිබුණත් බඩගින්නෙ ඉන්න තරමට ප්‍රශ්න ආවත් රස්තියාදුවෙන් ලැබුණු අත්දැකීම්වල මහ රහක් තියෙනවා

    • ///ඒක විදින හැටියෙනුත් වෙනස් වෙනවා.////
      මෙන්න මේක නම් සහතික ඇත්ත. අපි යමක් විඳින ආකාරය අනුව තමයි ඒක රසවත්ද නැද්ද කියලා හිතට වදින්නේ. ඔය ප්‍රේමයේ විරහව පවා පොඩි ආතල් එකක් කරගන්න පුලුවන් තමන් කැමතිනම්.

      උඹ කියනවා වගේම රස්තියාදුවෙන් ලැබෙන අත්දැකීම් හරි රසවත්….හැබැයි ඒ තුලින් ලබාගන්නා පාඩම් නිවැරදිව යොදාගන්න හැකිනම්. නැත්නම් හැමදාම රස්තියාදුව තමයි. නමුත් අදත් මම රස්තියාදුකාර ,ඔන්න ඕහේ ඉන්නවා මොඩ්ල් එකේ ජීවත් වෙන්න කැමතියි.සහතිකෙන්ම. හිත ඒක ඉල්ලනවා. එහෙම හිතෙන්නේ දැන් ගොඩාක් බර අඩු නිසා වෙන්න ඇති.

  3. Balal Hamine says:

    I am reading this story from the beginning, but end of each and every episode I remain just speechless, unable to comment anything. After reading this I realize that I have seen very little in this world. I try to imagine the teenage school boy who struggles with number of obstacles in life, and wondering what was his attitudes towards life at that age. For me, It is a pleasure to know that the boy succeeded in life later on, and above all, he is living as a proud father of a family and a good human being. This is indeed a story that every teenage boy should read.

    • කැට්ගේ හාමිනේ කැටී. ඉතින් කැටී ,නම හොඳයි නේද…

      කියවා රසවිඳීම ගැන සතුටුයි. යෞවනයේ පොපියන චමත්කාරය..ක්‍රීම් සෝඩා වගේ…

      විහිළු නෙමේ කැටී….මං පසුකරේ ඉතාමත්ම අමාරු කාලයක්. අපි බැන්දාට පස්සේ හිතාගත්තා ළමයාට අපි නොලබපු දෙන්න ඕන කියලා. දැන් අපි දෙන්නා ප්‍රීතිමත් දෙමව්පියෝ. අපේ දුවත් සමහරවිට ඔයගොල්ලන්ගේ වයසේ වෙන්න ඇති.
      මමත් කැටී මේ කතාව ලියන ගමන් හිතන්නේ ,කාට හරි ප්‍රයෝජනවත් යමක් ඉතිරි කරන්න. බලමු. දිගටම කියවන්න.

      • Balal Hamine says:

        හීහී නමකුත් හදල තියෙන්නේ! අපි ඔය කාලේ හිටියෙ නැතත් ඒ කාලේ පරිසරය ගැන අහන්න ආසයි. මමත් ඔය පැත්තේ තමා පාසල් ගියේ, ඒ වුණාට අපේ කාලේ බම්බලපිටිය තනිකර කොන්ක්‍රීට් ගොඩක් වෙලා ඉවරයි. මම ඔය පැත්තේ යනකොට මවාගන්නවා ඔය ලොකු ගොඩනැගිලි නැති, ලොකු වතු මැද ලස්සන පරණ ගෙවල් තියන, පොල් ගස් වලින් පිරුණු, ඈතින් මූද පේන භූමියක්..
        අරූ තිස්ස අබේසේකර මහත්මයාගේ Bringing Tony Home පොත කියවල තියේද? ඒකේ තියනවා ඔහු කුඩා කොලුවකු කාලේ හයිලෙවල් පාර සහ ගංගොඩවිල පෙදෙස ගැන ලස්සන විස්තරයක්.
        ඔය ඩුප්ලිකේෂන් පාරේ පරණ ගෙවල් ගොඩක් තාම තියනව නේද? අනේ මන්දා මට ඔය පරණ ගෙවල් වලට තියනවා අමුතු ආකර්ෂණයක්. පරණ කතන්දර වලටත් එහෙමයි. දිගටම ලියන්න අරූ! (අරූ කීවට කමක් නෑ නේද? වයසින් වැඩිමල් වුණත් මේ සයිබර් අවකාශයේදී හැම දෙනාම තරුණයි කියලා මම හිතන්නේ)

      • කැටී…….මගේ ලිස්ට් එකේ තියෙන පොතක්. තාම කියවලා නැහැ. විශේෂයෙන් කියවන්න ඕන එගොඩවත්ත කියන්නේ අපේ ගෙවල් පිටිපස්සේ නිසා. බොහෝම රසවත්බව මම අහලා තියෙනවා.
        ඩුප්ලිකේෂන් පාරෙත්, ගාළු පාරෙත් ඔය පරණ ගෙවල් 2000 විතර වෙනකම් වගේත් තිබුනා. දැන් නම් නැතුවත් ඇති.

        අරූ කියන එක ලේසියි මම හිතන්නේ මූ කියනවාට වඩා.

  4. Anonymous says:

    ලේන් ගෝදම්බ රොටි සහ කෑලි නැති මස් හොදිත්, ප්ලේන්ටි භාගවලිනුත් සංතර්පනයවී, දුම්වැටි කිහිපයක්ද රැගෙන ඉබාගාතේ ඇවිදින්නෙමු//////
    ඉස්කොලේ කරපු වැඩ ගැන ටික නම් මැවිලා පෙනුනා …

    මිතුරා ගේ බිරිදට නිවන් සුව පතමී !!!!!

    • Anonymous says:

      මේ කමෙන්ටුව දැම්මෙ සහෝදර මාර වැඩේ එක ඇනෝ විදියට වැටුනේ …

      • සහෝ…….ඉස්කෝලේ කාලේ තමයි කාලේ කියන්නේ. තෝස කඩ, පෙට්ටි කඩ අත හරින්නේ නැහැ. අපි හරි රස්තියාදුයි බන් ඒ දවස්වල.

      • Anonymous says:

        ඇයි මේ මං දාන කමෙන්ටු ඇනෝ වැටෙන්නෙ ඈ

      • Anonymous says:

        සහෝදර මගෙ හිතේ මුල කමෙන්ට් එකේ ඊමේල් ඇඩ්‍රස් එක හරියට දාලා නම දාන්න අමතක වෙලා. මට මතක හැටියට සහෝදර ගෙ ලොගෝ එක හරි. දෙවැනි එකේ ඉඳලා ඊමේල් එකත් අවුල් ද කොහෙද.

      • සහෝ……මම ඔය ටෙක්නිකල් දේවල්වල නම් අගක් මුලක් දන්නේ නැහැ කොල්ලෝ. අපේ ඇනෝ කියන ලෙඩේද දන්නේ නැහැ.

  5. එතකොට නිතර නිතරම ගෙදරින් මෙහෙම කලින් ගෙදර එවන්න කියලා ඉල්ලීම් කරන්නේ ඇයි කියලා එයාලා හොයලා බලන්නේ නැද්ද බං?

    ඔය කෑම සීන් එක ඉන්දියාවේ තියෙන එකක් කියලා මම වාර්තාවැඩසටහන් වල දැකලා තියෙනවා. එයාලා ඒ පෙට්ටියට කියන්නේ ටි‍ෆින් බොක්ස්. ඒවා දාගෙන යන්නේ ටි‍ෆින් කැරියර් එකේ. ඔය ගමනෙන් කොටසක් කෑම පෙට්ටි කෝච්චියෙත් යන වෙලාවල් තියෙනවා. තැපැල්කන්තෝරුවෙදි වගේ කෝච්චියේ ගමන ඉවර වෙනකොට ටි‍ෆින් බොක්සස් යන්න ඕනේ තැන්වලට අනුව වර්ග කරලා නැවත අහුරලත් ඉවරයි.

    Cliff Richard was born in India because his parents were working there in the crown colony.

    • ඩූඩ්……හොයා බලනවා බන්….ඒ නිසා තමයි තර්ස්ටන් එක ඇතුලට පැනලා එහෙන් යනවා. කැම්පස් එකේ තාප්පෙන් පැනලා ඒ හරහා යනවා. අපේම ග්‍රවුන්ඩ් එක අයිනෙන් ගිහිල්ලා ඒ ගේට්ටුවෙන් පනිනවා. ඔය සියළු ක්‍රම අතරේ තමයි ඉයුස්ටස් මහත්තයාවයි, පොඩි ඉයුස්ටස්වයි පාවිච්චි කරන්නේ. උඹ විශ්වාස කරපන් ඇත්ත සර්ට බැහැ බොරු සර්ගේ අත්සන හොයාගන්න.
      කෑම සීන් එක ඉන්දියාවේ තාම තියෙනවා නේද? ලංකාවෙ ඉස්සර හරි ලස්සනයි බන්…සුදු රෙදිවලින් බත් පිඟන් කවර් කරලා…ඕවා අතන තියාගෙන සෙට් කරන විදිහ. ඉස්කෝලේ කාලේ හෙණ බඩගිනි කාරයෝනේ බං..එකක් උස්සන් දුවන්නත් කතාවෙනවා අපි. හැබැයි කවදාවත් එහෙම වුනේ නැහැ.

      ෆ්‍රෙඩි මර්කරිත් ඉන්ඩියන් එකෙක් කියලා උඹ දන්නවා ඇතිනේ.

    • Anonymous says:

      මාත් අහලා තියන විදියට ඉන්දියාවෙ ඔය කෑම සීන් එක තාම තියනවා ඔහොම නෙවෙයි මෙගා ස්කේල් එකේ mind-boggling operation එකක්.

      අරූ කියන කම් දැනං හිටියෙ නෑ කවදාවත් ලංකාවෙ ඒක තිබුනා කියලා. ඇත්තට වැඩ කරපු සිස්ටමුත් ලංකාවෙ අතුරුදහන් වෙන්නෙ ඇයි? සමහරවිට ගෙදර ඉන්න ගෑනු දැන් ලංකාවෙ අඩු නිසා වෙන්න ඇති.
      එහෙම නම් ඒක හොඳ පැත්තට වෙනසක්.

      • @ඇනෝ…..ඔය සිස්ටම් එක කොච්චර හොඳ වැඩක්ද බලපන්. කඩෙන් කෑම කෑවේ නැහැ. ඒ නිසා යම් ඉතිරියක් සහ හොඳ ආහාර වේලක් තමන්ට හැකි විදිහට ලැබුනා. එතන ගෙදර කියන හැඟීම ඉතිරිවුනා. වයිෆ්ට (ජොබ් කරන්නේ නැත්නම් )මහ පාන්දර නැගිටගෙන හයවෙනකොට බත් බඳින්න ඕන නැහැ. නිදහසේ උදේ 10 වෙනකොට ඒ වැඩේ කරලා ඉවර කරන්න පුළුවන්. ඔය පිඟන් දෙකයි, රෙද්දයි තාත්තා හැන්දෑවට ගෙදර ගේනවා. පිඟාන හෝදලා නැත්නම් හෝදනවා. කෑම රස ගුණ කතා කරනවා. හෙට මොනවද කන්න ආස කියලා අහනවා. හිතපන් ඔය එක බත් වේලක් වටා කොතරම් පවුල් එකමුතුවක් ගොඩ නැගෙනවාද.. මෙන්න මේ ලින්ක්ස් එන්න එන්නම කැඩුනා.

        හරියට වැඩ කරපු සිස්ටම්ස් පවා විනාශ වුනේ ඇයි කියලා නම් මට හිතා ගන්න බැහැ.

    • ඩූඩ්…..මම මේ නිකන් කියන්නේ. ක්ලිෆ් රිචර්ඩ්ගේ එක ගෙයක් තියෙන්නේ අපි ඉන්න දිහාට බොහොම ලඟ . ගෙයක් නෙමේ ඒක. පිස්සු හැදෙන මාර ලස්සන තැනක ගමේ. බෙකම්ගේ එක ගෙයකුත් තියෙන්නේ මේ කිට්ටුව. පිස්සු හැදෙනවා ලොක්කා.

  6. maathalan says:

    උඹට කියන්න මම ඊයේ ගියා හදිසියකට නවම් මාවතේ ඔෆීස් කම්ප්ලෙක්ස් එක පැත්තේ. බයිසිකලේ ලන්චි ඩිලිවරි යන පොරක් මහ වැස්සේ ගේම. පොර නාලා. ඒත් ලන්ච් ටික පුදුම පරෙස්සමකින් හැන්ඩ්ල් කලේ. පව් මචෝ.

    යුස්ටස් කියන්නේ අපේ ඩී පී වගේම නීට් එකට ඇඳපු පොරක්. ටයි එකකුත් දැම්මා වගේ මතකයි. හැබයි ඩී පී වගේ වයිට් ඕන්ලි නෙමෙයි. පාට පාට කිට් ගැහුවේ. වෙල් ඩ්‍රෙස්ඩ්. හනිෆා හිතාගෙන හිටියේ මම මුස්ලිම් කියලා. අපේ ඒ ලෙවල් ක්ලස් එකේ මුස්ලිම් උන් 18 හිටියා. මම 19 වෙනි එකා. ඒ නිසා කිසි අවුලක් නැතුව සිකුරාදට කලින් ගෙදර යනවා.

    ටික කාලයක්, උඹේ රස්තියාදු ගැහිල්ල මමත් කලා කාන්ඩේ එක්ක. Uබට මතකද ෆ්ලවර් රෝඩ් එකේ තිබුන ආන්ඩුවේ කුස්සිය. සමහර් දවසට ඔතනින් කනවා. ටවුන් හෝල් එකේ, කඩවත් ටවුන් හෝල් සුරන්ජිත් පාන් බස් වල ඉඳගෙන මල් වල සුවඳ විඳිනවා. මට මේක් එච්ච්‍ර ඇල්ලුවේ නෑ. පස්සේ කලින් පැන්නත්. ගෙදර එනවා. හැබයි මට ඉස්කෝලේ ගුරුවරු ගිටන් කිව්වේ. එක්සෙලටිව් කියලා. ඒ මම හැමදාම ඉස්කෝලේ එන්නේ පරක්කු වෙලා. මොකෝ ඒ කාලේ එකක් ඇර එකක් ඊතල විද්දා අනංගයා. ඉතින් මල් කඩලා එහෙම එනකොට පරක්කුයි.

    බම්බලපිටියේ බස් හෝල්ට්. 193 බස් කාටද මතක වෙන්නේ බං. එක බස් එකක ලව් කර කර ඉඳලා. ඒක අද්දන කොට අනික් බස් එකට යනවා. එතකොට මැජස්ටික් හෝල් එක. බම්බාවල මගෙත් යාලුවෙක් උන්නා ටැමිල්. පොර හිටියේ තිස්ස අබේසෙකරගේ ගෙදර ගාව.

    රහීමා හෝටලේට කෘතගුණ සැලකුවේ ඒ ලෙවල් ලියන කාලේ ටයි කරලා රතිඤ්ඤා වැලක් දාලා. ඒවා ප්ලෑන් කරපු උන් අද රටේ ෆේමස් පොරවල්. ඔය හොර අත්සන් ගහපු එකෙක් අපේ පනතියෙත් හිටියා. පුදුමේ කියන්නෙ. ඌත් අද නම්බර් වන් ලෝයර් කෙනෙක්. නම් ගම් දාන්න බෑ. මාව ඇතුලට යවයි.

    මම ආසයි උඹ අපේ ඉස්කෝලේ චරිත ගැනත් විස්තරාත්මකව ලියනවනම්.

    මාත් දෙන්නෙක් ගැන ලිවා, ඒ කඩලේ ගැනයි ඩී පී ගැනයි. මොකෝ උඹේ ලිවිල්ල රස නිසා.

    http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html

    http://maathalan.blogspot.com/2011/10/kadale.html

    • මාතා……ඔය ලන්ච් ඩිලිවරි වැඩේ තාම යනවාද? ඉස්සර වගේ ගෙදරින් බැඳලා දේන බත් එකද…නැත්නම් වෙන කොහෙන් හරි සප්ලයි කරන එක ඩිලිවර් කරනවාද?

      ඉයුස්ටස් සර් මචං ඒ කාලේ ටයි දැම්මේ නැහැ. හැබැයි උඹ කියනවා වගේ නීට් එකට ඇන්දා. පාට කලිසම් තමයි ඇන්දේ. මාර උසයි, කෙට්ටුයි. ඒලෙවල් සයන්ස් සෙක්ෂනල් හෙඩ්. හරි හොඳ මනුස්සයා මචෝ. අපි එස්,ආර්.බී එක අරන් යනකොට බිම බලන් හිනාවෙනවා. මැත්ස් ඉගැන්නුවේ. ෆිසික්ස් කරාද කොහෙද? ඔය සිකුරාදාට එලියට යන සීන් එක උඹ කියනකම් මට මතක්වුනේ නැහැ.

      ඔව් බං ඔය සුරංජිත් මෝටර්ස් පාන් බස් 193 . බම්බලපිටියෙත් ඕක ගහගෙන ඉන්නවා වරු ගණන්. ඔය ලව් සීන් එක…ඒක ස්ටාර්ට් කරනකොට ඊළඟ එකට නගිනවා. මට පාසල් ලව් නොතිබුනාට, තිබුන එවුන් කලේ එහෙමයි. කටුගෙට යවන්න ඕන බස් ටිකක් තමයි සුරංජිත් තිබුනේ. ඒකටම හරියන කොන්දෝ සෙට් එකක් හිටියා. කඩවත හංදියෙත් ඔය බස් සෙට් එක ගහගෙන ඉන්නවා. ඒවා මතක පස්සේ කාලේ සිදුවීම් එක්ක.

      • උඹ කියන ඔය ආන්ඩුවේ කුස්සිය මොකක්ද ෆ්ලවර් රෝඩ් එකේ. මට මතක තෝසේ කඩේ විතරයි.

        ඉස්කෝලේ ළමයිට අමතරව හිටපු නියම පොරවල් ටිකක් හිටියා. මේ අස්සෙම ඒවා ලියවෙයි. මම උඹේ කටයා සහ කඩලේ කියෙව්වා. මම තවත් ආස කරපු ඩයල් එකක් තමයි ලැබ්ස් බාරව හිටපු ඩැනි අයියා. ඉස්කෝලෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා ඒ ටික ලියන්න ඕන. පංති අතුගාන්න හිටියා, කැන්ටිමේ හිටියා තව බොහෝ අය හිටියා. මට නමක් දෙකක් මතක් කරපන්. මට හොඳට මතකයි එලියේ හිටිය කඩචෝරු කරත්ත දෙක. උන් දෙල්කඳ. මේ ඔක්කොම හෙමෙහිට තමයි බන් ලියන්න වෙන්නේ. ගානට අමුනගන්න ඕන. නැත්නම් රෝයල් කතාවක් කියලා මුන් අපිට ගහයි.

      • මාත ඔය ආන්ඩුවෙ කුස්සිය කියන්නෙ ශාවස්තිය වෙන්නැති. ඒ කාලෙ පිටින් ආපු මන්ත්‍රීලට නවාතැන් දීපු ඔතන උන්ගෙ අමුත්තන්ට කන්න දුන්න. දන්න උන් නිතර ගිහින් ඕකෙන් කාල ආව.

      • maathalan says:

        ආන්ඩුවේ කුස්සිය කියලා අපි කිව්වේ පුස්තකාලේ පැත්තේ ඉඳලා ඇවිත් ෆ්ලවර් රෝඩ් එකට ලේඩිස් කොලේජ් එකට හැරෙන තැන තිබුන කුස්සිය. එතන බංකු ගහලා ඉඳගෙන කන්නත් පුළුවන්. බත් තමයි තිබුනේ. ඉස්කෝලෙන් අස් වෙන්න ඉස්සර වෙලා බිග් මැච් එක ගැන අනිවාර්යයෙන් ලියපන්. ඒ වගේම උඹ බ්‍රැඩ්බී වලට කෝච්චියේ නුවර ගියානම් ඒකත් ලියපන්. ඩැනි අයියා, ග්‍රවුන්ඩ් එකේ ආනන්ද මගේ බොකු. ආනන්ද තමයි බ්ලූම්ෆීල්ඩ් එක පැත්තේ තිබුන පොඩි ගේට්ටුවට ඉබ්බා දාන්නේ නැත්තේ. මම මචං ප්‍රින්සිපල්ගේ වත්තෙනුත් ඉස්කෝලේ එනවා පරක්කු උනාම. උඹට මතකද පූල් එකට එහා පැත්තේ බංගලාව.

      • @ මාතා……මම හිතන්නේ උඹ කියන්නේ අපේ ප්‍රයිමරි ග්‍රවුන්ඩ්ස් ඉස්සරහම පාරෙන් එහා පැත්තේ ලොකු මාර ගහ යට වගේ. මට පොඩ්ඩක් මතකයි කේස් එක. ලෑලි බංකු සීන් එකත් මතකයි. උඹ කියන්නේ ෆිෆ්ත් ලේන් එකයි, ෆ්ලවර් රෝඩ් එකයි අතර නේද?

        මම බ්‍රැඩ්බි ශීල්ඩ් බලන්න කිහිප විටක් නුවර ගියා ඉස්කෝලේ කාලෙම. රෑට පේමන්ට් එකේ තමයි ජෝගිය. බිග් මැච් ඒ ලෙවල් කාලේ තමයි මරු. ලියලා ඉවර කරන්නේ කොහොමද බන්. බ්ලූම්ෆීල්ඩ් පැත්තේ ගේට්ටුවට අපි ගිහිල්ලා ආපහු එනකම් ඉබ්බා දාන්නේ නැති සීන් එකක් තිබුනා. අපි එක කාලයක් ගිහිල්ලා ආපහු එනවත් එක්ක බන්. මට ඔය පාලු බංගලාව මතකයි. අපේ කාලේ ඕක පොඩි මියුසියම් එකක්ද කොහෙද බන්.

      • @ ඉන්දික….ශ්‍රාවස්තිය ඉස්සරහ පාරෙන් එහා පැත්තේ අස්සට වෙන්න පොඩි ලෑලි කඩයක් තිබුනා. ඔතනිනුත් අපි සිගරට් ගන්නවා. ඔන්න ඔතනත් තිබුනා පොඩි මිල්ක් බෝඩ් එකක් කටුගේ බලන්න එන ළමයින්ට.

  7. ඉතාම සොඳුරු මතක සටහන් පෙළක්. මෙවන් අතීතයක මතකසටහන් අතර ඇවිදීම හරිම මිහිරක් ගේනවා හිතට.

    • මනෝශ්…..උඹලා තාම ගොඩාක් තරුණ උදවිය වෙන්න ඕන. මේ මතකයන් හරියටම ටච් වෙන්නේ මගේ කාලයේ එවුන්ට. ඒත් උඹලා මේක කියවන එක ගැන මට තියෙන්නේ ෆුල් සොම් එකක්. මතක තියා ගනින් මේ තුල හොඳ සහ නරක දෙකම තියෙනවා. නරක බැහැර කරලා හොඳ දේවල් තමන්ට වැඩ දායක ලෙස භාවිතා කරපන්. මම උඹේ බ්ලොග් ෆෑන් කෙනෙක්. නිකන් කියන්නේ… වෙන ඉසව් සොයාබලා..එහෙමත් ලියපන්. එහෙම නොවුනත් වෙන මුකුත් වෙන්නේ නැහැ. උඹ ගීත විචාරයට පමණක් සීමාවෙයි. ඊට එහා ගිය සමාජ සංසිද්ධීන් මග හැරෙයි. මම ලියන්නේත් එකම මොඩ්ල් එකේ දේවල් වුනත්, මේ බ්ලොග් ලෝකය ඇතුලේ යම් යම් සංවාදවලට හවුල්වෙනවා. ඒ වෙන මුකුත් නිසාම නොවේ, මේ තුල යමක් වටහා ගන්නට හැකි බුද්ධිමත් තරුන කොටසක් ඉන්න බව තේරෙන නිසා. ඒ සංවාද හලෝ මචන් ලෙවල් එකෙන් එහාට ගෙනියන එක මට වඩා උගත් උඹලාගේ වැඩක්.

      • අපි මේ කාලෙට අදාල නොවුනත් මේ සිදුවීම අපිට අපේ කාලෙ ආයෙ මතක් කරල දෙනවා. අපිව අපි ඇවිදගෙන ගිය පාරවල් වල ආයෙ අපිව ඇවිද්දනවා. ඒ නිසා කාලය සහ ස්ථාන වෙනස් උනත් ඒක බාධාවක් කරගන්නැතිව අපේ අතීතෙට මේ දේවල් අනුරූප කරගෙන රසවිඳීමේ හැකියාව තියෙනවා. බ්ලොග් අවකාශය තුල දිගු ගමනක් යන්න ලොකු උවමනාවක් බලාපොරොත්තුවක් තියෙනවා. සංවාදවලට සහභාගි වෙමින් විවිධ සමාජ කතිකාවන් වලට මමත් මගේ සහසම්බන්ධතාවය ලබා දෙනවා. ගීතයකට පුලුවන් සමාජයකට යමක් කරන්න. මං බ්ලොග් එකේ දාල තියෙන ගීත ඔබේ කාලයේ ඔබේ සමාජයට සෑහෙන වැඩක් කරපු ගීත. ඒත් දැන් ඒ ගීත වලින් සමාජයට කිසිම වැඩක් නොගෙනම ඒ ගීත මිය යමින් තිබෙනවා. මගේ උත්සාහය මං වගේම තරෞණ පරම්පරාව අතරට මේ ගීත යලිත් අරන් ගිහින් ඔවුන්ට මේ ගීත රසවිඳීමට අවස්ථාව ලබා දී ඒ තුලින් කුණුවෙන මේ සමාජයට පුංචි හරි දෙයක් යහපතක් එකතු කිරීමයි.

        ඒනිසා මගේ බ්ලොග් එක ගීත විචාර වලට සීමා වුනත් ඒ තුලින් යමක් ගොඩනගන්න මට හැකිවෙයි කියන විශ්වාසයෙනුයි ලියාගෙන යන්නෙ. ඒ ගමනෙදි, ජීවිතේ බොහෝ අත්දැකීම ලබපු ඔබ වැනි අයගෙන් මේ ලැබෙන අවවාද, අදහස්, යෝජනා මෙන්ම මේ උපදෙස් මට ලොකුම ශක්තියක්. ස්තූතියි ඔබට ගොඩක්ම.

  8. WK says:

    අරූ මහත්මයා ඔබරෝයි එකේ වැඩ කලේ කොයි කාලෙද? කොයි ඩිපාර්ට්මන්ට් එකේද?

    • @ WKමචෝ….. අරූ මහත්මයා කොයි කාලේ හිටියාද දන්නේ නැහැ. අරූ කියලා එකෙක් හිටියා ඔබරෝයි එකේ 81-85 වගේ FOOD & BEVERAGE DEPT එකේ. උඹ ඔබරෝයි එකේ හිටියා නම් විස්තර කියපන්. මම ඒ කාලය ගැන ලියනවා ඉස්සරහට. මම බොහෝම රස වින්ද සහ ජීවිතයේ වෙනස්වීම් සිද්ධ වෙච්ච තැනක්. කියන්න කෝටියක් දේවල් තියෙනවා.

      • මචං ඔය කාලේ ඔබරෝයි පූල් බාර් එකේ හිටියා නේද බාර්මන් කෙනෙක් සේනක එදිරිසිංහ කියලා එකෙක්? ගිටාර් ගහන්නේ ලස්සනට?

      • WK says:

        නෑ.. නෑ… මම වැඩ කලේ නෑ. අපේ අම්මා ඔබරෝයි එකට එකතු උනේ ඔබරෝයි එක පටන් ගන්න කොට (76 වගේද?) අයින් උනේ 2000 වගේ.

    • @ ඩූඩ්……..මට ඔය නම හොඳට හුරුයි. හැබැයි මූණ මතක් වෙන්නේ නැහැ. මගේ වයිෆ් ටික කාලයක් ඒ දවස්වලම ඔය පූල් බාර් එකේ හිටියා. අපි දෙන්නාම මතක් කරා , අනිත් ඔක්කොම මතකයි ඌව මතක් වෙන්නේ නැහැ. සේනක ඩි සිල්වා කියලා එකෙක් වැඩ කරා ගාල්ලේ කොල්ලෙක් (කුක් කෙනෙක් ) අපිත් එක්ක දෙහිවල කාමරයකත් හිටියා . ඌ ප්‍රොෆෙෂනල් මියුසීෂියන්. සින්දුත් හැදුවා. නියම ගිටාරිස්ට්. අද ජීවතුන් අතර නැහැ. ගාල්ලේ මියුසික්වල මුල් පුරුකක්. දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් දාන්න.

      • This is a post about him. There is a picture of him. I remember him saying Athula Senanayaka was working with them.

        SHAME ON YOU, IF THAT’S YOU

      • අඩේ ඩූඩ්………මූව හොඳට දන්නවා .දැන් තමයි මතක් වුනේ. මට වඩා දන්නවා මගේ වයිෆ්. හරිම හොඳයි. අහිංසකයි කියලා මතකයි. මේ අය දන්නවාද අහපන්….ශෙරීන්, ජෙනිෆර්, ඩෙසරි, රොශාන්ති (රෙක්ස් කොඩිගේ දුව ),ඉරෝමා, වන්නි, මරු සෙට් එකක් හිටියා පූල් බාර් එකේ.. සේනක මට වඩා ජූනියර්. අතුල සේනානායක (රෝසිගේ හබී) අපේ හිටපු මැනේජර් කෙනෙක්.

        ඩූඩ් මම කියන සේනක ඩි සිල්වා (ගිටාරිස්ට් ) මේන් කිචන් එකේ කුක්. දන්නවාද අහපන් ප්ලීස්.

    • මූයි මායි අක්කයි නංගියි බැඳලා ඉන්නේ මචං. ඊට් පස්සේ මූ රෙඩ් සී පැලස් හොටේල් ගිහින් හිටියා.

      • නියමයිනේ ඩූඩ් …..රෙඩ් සී පැලස් ගොඩාක් අය ගියා ඒ කාලේ. අපේ අවුට්ලට් බාමන් ජෙරාඩ් කියලා කෙනෙකුත් ගියා ඒ කාලෙම. සේනක දන්නවා ඇති.

    • @WK….ඔබේ ආදරනීය අම්මා අපට වඩා සීනියර් සහ දීර්ඝ කාලයක් ඔබරෝයි හිටපු කෙනෙක් නිසා මම දන්නවා ඇති. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔබරොයි හිටපු පරණ අයගේ පාටි එකක් තිබුනා ලංකාවේ ගලදාරි මෙරිඩියන් එකේ. ඒ වෙනුවෙන් පොතක් ප්‍රින්ට්කරා. පාටියට නොගියත් මට පොතක් හම්බවුනා. ඒකෙ තියෙනවා ඔක්කොම පරණ අයගේ විස්තර. (Local & overseas )

  9. Nethin Eha says:

    අපූර්ව මතකයන් පෙලක්. අතීත මතකයන් කොයි තරම් සුන්දරදැයි හිතෙන්නේ ආයේ ආයේ මතක් වෙන විට

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    • ඔබලාගේ වැඩ කොටස අගය කරනවා. මම ඔය කොම්පියුටර් අස්සේ එච්චර වැඩ දන්නේ නැහැ. මම දන්නේ බ්ලොග්ස් විතරයි බන්. මම උඹලාගේ ෆෝරම් එකට ගියා. මම මොකක්ද කරන්න ඕන එතන…කොයි බට්න් එකද ඔබන්න ඕන කියලා වැටහීමක් නැහැ. මම මෙහෙම දන්න දෙයක් ලියාගෙන, දන්න දෙයක් කියාගෙන ඉන්නම්. උඹලා හරි දක්ෂ ලමයි. ඕල් ද බෙස්ට්!

  10. maheshrathnayaka says:

    පික්ෂුම තමා…..
    ලයන් හවුස්, මේ ෆෙයාර් හෝටල් දෙක ඉදිරිපසින්වූ පෙට්‍රල් ෂෙඩ් එක තවමත් තිබේදැයි මම නොදන්නෙමි///
    අරූ අය්ය අන්තිමට ලංකාවට ආවෙ කවද්ද අප්ප…
    අම්මේ පට්ටයි අප්ප… මේක නං මතක මංජුසාවක් ඔව්….
    ඇයි හත් ඉලව්වේ මේව කෝම ලියනවද කියල හිතෙනව…. 80 ගණන් වල කලම්බු ලයිප් එක ගැන හොයන එකෙක්ට නං කියාපු ලිපි සෙට් එක

    • මහේෂ්……මම තාම ඔය ඩුප්ලිකේෂන් පාරෙන් ඇවිත් බුලර්ස් රෝඩ් එක ගාවට ඇවිත් කිරි එකක් බීලා,වටපිට බලලා සිගරට් එකක් පත්තු කරගත්තා විතරයි. තව ලියන්න දේවල් තියෙනවා බන් ඔය ඒරියා එක ගැන. මම ඒ කාලේ කැමැතිම තැනක්. ඔය ඉස්කෝලෙ කාලෙටත් පස්සේ මම කාමරයක් අරන් හිටියා හංදියෙම. හෙමින් හෙමින් ලියන්නම්. මම කාලෙකින් ඇවිත් ගියේ නැහැ.

  11. මිතුරාගේ බිරිඳට නිවන් සුව පතමු , හනීෆා මටමතක් කලේ අපේ පාසලේ සංයුක්ත ගණිත ගුරු යුනිකෝන් සර්ය. ක්‍රීඩා තරඟ සඳහා පිට යන හැම වෙලාවකම අපිත් එක්ක පිස්සු නටන මේ සර් ඉස්කෝලෙදි ඉන්නේ අපිව නොදන්නා ගානටය , අත පැලෙනකම් කෝටු පාර දෙන්නට ද පසුබට නොවේ , සර් මල්ලව පොර අයිලන්ඩ් කලර්ස් තිබෙන පොරකි

    • ඉවාන්…..ඔහොම ගුරුවරු ඉන්නවා. ඒ අය පාසලේදි සම්පූර්ණයෙන් වෙනස්. එලියෙදි ඒ අයගේ පෞද්ගලික ජීවිතය. සමහරු මේ දෙක එකක් කරගෙන නාගන්නවා. ඒ මදිවට අපිවත් නාවනවා. අපිට ගුරුවරු ගැන නම් එක එක එපිසෝඩ් ලියන්න පුළුවන් නේද බන්?

  12. නියමයි අරූ,

    සමහරු ජීවිතය පිළිවෙලකට ගිහිං හොයා ගන්නවා. තවත් බහුතරයක් ජීවිතේ කොහෙන් හරි තැනකින් අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න ඔය ඉබාගාතේ යෑම වැදගත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ අත්දැකීම් විශාලයි. ඔවුන් සමාජය ගැන අතිශය දැනුවත්. ජීවිතේ ජයගත්තු බොහොමයක් දෙනා මේ විදිහට ජීවිතය අල්ල ගත්ත අය තමයි අරූ, ඔබට ජය ………………………. කතාව නියමයි. අනික එනකන් බලා හිදින්නෙමු……………….

    • කුරුටු…..ජීවිතය කොයි යම් අවස්ථාවක හෝ එක් තැනකින් අල්ලා ගතයුතුයි. ඒ තමයි ජීවිතය පිලිබඳ කුඩාවට හෝ වටහාගන්න උත්සාහ කරන අවස්ථාව. මමත් ඔය කාලෙකට පස්සේ ඒ තැනින් අල්ලගත්ත කෙනෙක්. එහෙම නැත්නම් සදාකල් චොර තමයි. එහෙමවත් අල්ලගන්න බැරිවෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඉබාගාතේ ගිය එකත් දැන් නම් මිහිරක් සේ දැණුනත්, කට්ට කන කාලෙට ඒක එතරම් මිහිරි නැහැ. නමුත් සමාජ අවබෝධයනම් හරිම වැදගත්.

  13. අපි නම් ඉස්කෝලෙ කට් කලොත් මග නවතින්නෑ. කෙළින්ම සෙට් එකේම එකෙක්ගෙ ගෙදර තමා නැවතුනේ. උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. තාප්පෙන් වට වෙච්චි තනි ගේ නිසා නිවි සැනසිළ්ලෙ ෆිල්ම් එකක් එහෙම බලා කියා ගෙන ඉන්නවා. 😀 හැබැයි නිත‍රමත් නෑ. ඉදලා හිටලා A/L කාලෙ.

    ඇත්තටම ඔය නගර ගැන විස්තර අහත්දි නම් දැන් තියෙන්නෙත් ඔය නගරමද කියලා හිතෙනවා.

    අරූ අයියගෙ මිතුරාගෙ බිරිඳට නිවන් සුව පතනවා…

    • ප්‍රියා…..ස්කූල් කට් කරන එක කොහොමත් වැරදියි. එහෙම කට් කරලා පාරේ චාටර් වෙනවාට වඩා ගෙයක් අස්සටවෙලා ඉන්න එක ටිකක් හොඳයි. ඉස්සර නුගේගොඩ, බම්බලපිටිය, ටවුන්හෝල්, බොරැල්ල, මරදාන වගේ පැතිවල අපි වගේ චාටර් වෙවී ඉන්න අය හිටියා. ඒ කාලේ හැටි.

      ඒ කාලේ නගරයන්….දැන් බොහෝ දුරට වෙනස්වෙලා පෙනුමෙන්. සමහර තැන් හඳුණගන්නත් බැහැ.

  14. magenama says:

    අර කෑම පෙට්ටි වැඩේ නම් ඉන්දියාවෙ අර දබන්වාලා කියන කට්ටිය තමයි කරන්නේ.ඒක බොහොම සාර්ථක ක්‍රමයක්.මං නම් කොළඹ සැරිසරන්න ගත්තේ ඉස්කෝල ගමන ඉවර කරලා තමා.

    • මගේනම……ඉන්දියාවේ ඔය ක්‍රමය තාමත් තියෙන බව කියනවා. අපිත් ඒ කාලේ ඉන්දියාවෙන් පුරුදුවෙන්න ඇති ඔය වැඩේට. ඉන්දියාවේ නම් මොකක් හරි සමාගමක් මූලිකවෙලා වැඩේ කරනවා ඇති දැන්. ඉස්සර ලංකාවේනම් තනි තනි මිනිසුන් පවත්වාගෙන ගිය බොහොම සාර්ථක වැඩක්.

      ඒ කාලේ කොළඹ ජීවිතයත් හරි සරලයි. මේ වගේ විකාර වෙලාම තිබුනේ නැහැ.

  15. අර බයිසිකල් එකන් කෑම බෙදන කථාව නං අදමයි අැහුවේ…
    ඉස්කොලෙන් කට්ටි පැන්න එ් සුන්දර කාලෙනං කියල වැඩක් නෑ අායේ මේ කියෙව්වම අායේ එ් කාලේ මතක් වෙනවා…
    වෙනදා වගේම සුන්දර මතකයක්..
    ජය වේවා!!!!

    • මතුරාගේ බිරිඳට නිවන් සුව පතමි!!

      • විදානේ……පාසැල් කාලය වගේ ආතල් කාලයක් කොහෙද ඉතින්. අපිනම් ආතල් එක ෆුල් ආතල් කරගන්න ගිහින් ඉගෙනීම අනා ගත්තා. ඒ ගැන සියුම් දුකකුත් නැත්තේ නැහැ. මොකද මම ඉගෙනීමට දුර්වලම කෙනෙක් නොවූ නිසා.

  16. ඔබ කියා ඇති විස්තර මදි කියලයි මටනම් හිතෙන්නේ. ඔය කාලේ ගියේ නැද්ද කොටුව පැත්තේ? කොටුවේ වෙළඳසැල්. ඒවාගේ window shopping කරපු හැටි. ඒ අතරේ ‘දකින දේවල්’ නෙක්ටා කැෆේ එකෙන් තේ එකක් බීමේ නම්බුකාර කම. ඒකෙ තිබුන රෙකෝඩ් චේන්ජර් එකට සත 25 ක් දාලා සින්දු අහපු හැටි මට මතක්වුනා. මම එහෙම රස්තියාදු ගැහුවේ පිටකෝට්ටේ ඉන්න මගේ ලොකු අක්කලාගේ ගෙදර ගිය අවස්ථා වලදීයි.

    • maathalan says:

      මේ කියන්නෙ හැට ගනන් වල ඒවද කොහෙද බං… 🙂 🙂 🙂

    • @ විචාරක……මම ඔය කාලේ කොටුව පැත්තට වැටුනේ නැහැ. අපි ඇස් වාට්ටුව, මරදාන පැත්තෙන් නවතිනවා. සමහර එවුන්ගේ තාත්තලා කොටුවේ තමයි වැඩ කරේ. ඉස්සර කන්තෝරු ඔක්කොම කොටුවෙනේ. බයට යන්නේ නැහැ ඒ පැත්තට. නමුත් විචාරකගේ මේ කමෙන්ට් එක දැකලා අපේ වයිෆ්ට නම් නෙක්ටාර් කැෆේ, කොටුව ගැන මතක දේවල් කිව්වා. ඉස්සර මේ අය පුංචි කාලේ තාත්තාගේ පඩි දවසට ඕවාගේ එක්කන් යනවාලු. කඩවල් දිහා බලබල ඇවිදිනවාලු. ඒ කතා පස්සේ ලියන්න ඕන.

      • @ මාතලන්. පිස්සුද යකෝ. 1972 විතරත් නෙක්ටාර් කැෆේ එක තිබුණා. අහලා බලපන් යාලුවෙක්ගෙන්.

      • ඔව් විචාරක….මටත් මතකයි .මගේ වයිෆ්ට මතකයි කියන්නේ තාත්තාත් එක්ක අතින් අල්ලන් යනවා.

  17. රාජ් says:

    අර බය්සිකල් ප්‍රවාහනය නං නියමයි. ඇහුවෙත් අදයි.

    • ඔව් රාජ් ඔය ගැන ඉතිහාසය කියවලා බලන්න ආසයි. එහෙම ලියවෙච්ච තැන් කොහේ හරි තියනවානම් මටත් දන්වපන්. අඩුම ගානේ ෆොටෝ එකක්වත්.

    • Clement Peris says:

      Aru,
      i was looking for a word for the those incredible delivery people. I hope Tifin +man is suitable. what is your idea?
      I saw and met several times these tiffinmen at Queens road (at the Duplication Road end) ,very near to the red brick wall of German Embassy Colombo in 1991-’94.
      They rode a bicycle having a big cage like structure attached to the luggage of their bicycles. They were doing an astonishing job but paid/earned about 700 SLR at that time per month. Most of the guys whom I met spoke Tamil language.

      Clement Peris

      • @ Clement….Your comment boosted the confidence of my memory.
        මම කියන සුජාතා එක තිබුනේ ඔය Queens Road එකේ තමයි. ඒ පාරේන් ඩුප්ලිකේෂන් පාරට වැටෙන හරියේ තමයි ඔය අය ගැවසුනේ. ඒ අය බොහොමයක් දෙමළ කතා කරපු බව මටත් මතකයි. ඒ නිසා තමයි මම හිතන්නේ මේක ඉංදියාවෙන් අපට ආපු සිස්ටම් එකක් කියලා. මට මතක හැටියට මේ අයට 70 ගණන්වල ඒ ඒ ගෙදරින් මාසිකව ගෙව්වා. පස්සේ කාලෙක බයිසිකල් පදින අයව පඩියට ගන්නත් ඇති.

        ක්ලෙමන්ට්…..මේ අයට ලංකාවේ මොකක්ද කිව්වේ කියලා මතක නැහැ. මම වයසක නෑදෑ කෙනෙකුගෙන් ඇහුවා. ඒයා කියනවා “බත් කූලි” කිව්වාළු. Coolie කියන්නේ දන්නවානේ. එහෙම බැලුවාම බත් කූලි කියලා කිව්වාද දන්නේ නැහැ. දැනට ටිෆින්මෑන් කියමු.

  18. Ravi says:

    හෙහ්,හෙහ්, ඉඳපං පොඩි යූස්ටස්ට මම දෙන්නං කෝල් එකක්.. මෙන්න බං අර යස්සය උඹේ රෙදි ( රෙදි නෙවෙයි කළු කෝට් එක නේද ? )…කෝට් බෑය ගලවනව කියල. ඕක එවයි උඹට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ජන්ක්ෂන් එකක්.

    ඉලස්ටෝ බැනර් එක මට තාම පේනව වගෙ මද සුළඟේ ළෙලෙනව….ඔතනම තිබ්බ ඉන්දියන් තෝස කඩේ මොකක්ද බං? අන්න තෝස බෝන්ඩා සහ පරිප්පු වඩ….

    නවාවි මතකද? ටේලර් සාප්පුවක් තිබ්බෙ බම්බලපිටිය හන්දියෙම….ඒ කාලෙ සුප්‍රසිද්දම මැහුම්කරුවෝ….

    මිල්ක් බෝඩ් එකේ චොක්ලට් කිරි මාර ජනප්‍රියයි ඒ කාලෙ..රතු සග සුදු සිරස් ඉරි ඇඳල තිබ්බෙ ඉස්සරහ. ඒක තමයි ජාතික කිරි මණ්ඩලයෙ ට්‍රේඩ් මාර්ක් එක. තව තිබ්බ කාඩ්බෝඩ් එහෙක ඔතපු රාත්තලේ අයිස් ක්‍රීම් ..එව්වට කිව්වෙ ෆැමිලි බ්ලොක් කියල.

    දෙක වගෙ වෙනකොට බම්බලපිටිය හන්දිය කියන්නෙ ආය නෑ සුර විමන වගෙ. ඔතන වටේට කෙල්ලොන්ගෙ ඉස්කෝල කීයක් නම් කියල තියනවද?

    ඉන්දියාවෙ මුම්බායිවල ඔය දිවා ආහාර ප්‍රවාහකයින්ට කියන්නෙ දබ්බවාලා කියල. නීල් විජේරත්න ලියල තියනව ඉන්දියාවෙ චාරිකා සටහන් අලලල අපූරු පොත් තුනක්. බෙංගාලි යෙහෙළිය, මදුරාසි කොලුවා සහ කේරළ නළඟන…ඔව්වයින් එකක ( මට හරියටම මතක නෑ කෝකෙද කියල ) තියනව ඔය දබ්බවාලල ගැන අපූරු විස්තරයක්

    ඒ ගැන තව දුරටත් විස්තර මෙතනත් තියනව .

    • maathalan says:

      නවාවී තාම තියෙනවා, ඉස්සර ෆැමිලි බ්ලොක්ස් එකක්, කුකුලෙක් ගේනවා කියන්නේ මගුල් ගෙයක් වගේ සීන් එකක්. තව අපේ බිග් මැච් එකේ තිබුනා එලිෆන්ට් හවුස් පොප්සිකල් එකක්. ත්‍රිකෝන හැඩේ කාඩ් බෝඩ් එකක දවටපු. උඩිනුයි යටිනුයි ඕපන්. ඇඟිල්ල දාලා තමයි කන්න ඕන 🙂

      ඉස්සට සෝ බලන්න ගියාම ඉන්ටවල් එක එනකන් ඉන්නේ දත කට මැදෙගෙන, ඊයම් කොලේ ඔතාපු අයිස් චොක් එක කන්න. ඒ කාලේ මාලනීලා ගීතලට වඩා මම ලව් කලේ අයිස් චොක් වලට.

      • Anonymous says:

        ඒ අයිස් චොක්ස් ෆිල්ම් හෝල් වල ඇර වෙන කොහෙවත් නැත්තෙ ඇයි?

        මට හම්බ වෙච්ච විසඳන්න අමාරුම සාමාජීය සංසිද්ධි වලින් එකක් ඕක.

      • @ මාතා…..බම්බා තව සුප්‍රසිධ තැන් ටිකක් මට හොඳට මතකයි. ඒ ගැන ඊලඟට ලියන්නම්. උඹෙයි රවීගෙයි ෆැමිලි බ්ලොක්ස් කතා කියෝලා මගේ වයිෆ් ,එයාගේ තාත්තා මතක්වෙලා ඇඬුවා බන්. පොඩිකාලේ කරදර කරලා කරලා ඕකක් ගෙන්න ගන්නවාලු. ඕක ගෙනත් ඉතින් ගෙදර හය දෙනාට හරියට කෑලි හයකට පිහියෙන් කපනවාලු. ඔය කොලෙත් ලෙව කනවා බන්.

        උඹ කියන භාන්ඩෙට කිව්වේ “එලිෆන්ට් හවුස් අයිස් පලම්” කියලා. අයිස් පලම් කියලා ප්‍රින්ට් කරලාම තිබුනා කාඩ්බෝඩ් එකේ. ඉස්සෙල්ලාම ආවේ ඔරෙන්ජ් ෆ්ලේවර්. පස්සේ වෙනත් ඒවාත් ආවා. මගේ ප්‍රියතම කෑමක්. පලම කාලා ඉවරවෙලා ත්‍රීකෝණ කාඩ්බෝඩ් එක දිග හැරලා ඒක ලෙවකනවා.

      • මචං ඇනෝ…..ඔය අයිසි චොක් එක එලිෆන්ට් හවුස් එකෙන් කරා. සුදුපාට ඊයම් කොලේ කොළ පාට ඉරි ඩිසයින් එකකින් එලිෆන්ට් හවුස් කියලා ගහලාත් තිබුනා. හැබැයි ඕක ගන්න තිබුනේ එලිෆන්ට් හවුස් අවුට්ලට්ස්වල විතරයි. දෙල්කඳ අපේ ගෙවල්ගාවම එහෙම එකක් තිබුනා. මට ඒක හොඳට මතකයි. අපේ අවට තිබුනු ෆිල්ම්ස් හෝල්වල තිබුනේ වෙන මොකක් හරි අයිසි චොක් එකක් (ඇලරික්ස් හෝ වුඩ්ලන්ඩ්ස් ). එලිෆන්ට් හවුස් තිබුනා කොළඹ ලොකු හෝල්ස්වල විතරක්. මම කියන්නේ 70-80 යුගය.

    • රවී……උඹ දන්නවා මම කියන්නේ කවුද කියලා. ඕකා මාව දඬුකඳේ ගහයි දන්නවා නම්. දැන් ලොකු උදවිය නිසා ඒවා අමතකත් ඇති.
      මචං ඉලාස්ටෝ බෝඩ් එකට එහා පැත්තට වෙන්න තෝසේ කඩයක් තිබුනු බව යාන්තමට මතක්වෙනවා. ලින්ඩ්සේ ගර්ල්ස් ස්කූල් එක ඉස්සරහ. හැබැයි බම්බලපිටියේ සරස්වතිය තමයි මට හොඳටම මතක. විශාකා එක කිට්ටුව වජිර රෝඩ් එක ගාව. කෙල්ලන්ගේ ඉස්කෝල ගාව තමයි ඔක්කොම තෝස කඩ බලන් ගියාම.

      ///රතු සග සුදු සිරස් ඉරි ඇඳල තිබ්බෙ ඉස්සරහ. ඒක තමයි ජාතික කිරි මණ්ඩලයෙ ට්‍රේඩ් මාර්ක් එක./////
      මේ පාට ගැන මම ලියන්න හදලා ලිව්වේ නැහැ ඔච්චර ඩීටේල්ස් මොකටද කියලා. ඒත් උඹ ලියලා. ඇත්තටම ඒක ඉස්සර හරිම ප්‍රසිද්ධ පාට දෙකක්. දැන් කොකාකෝලා පාට වගේ. එලිෆන්ට් හවුස් කොළපාටත් ඉස්සර ඒ වගේ. උඹට මතකද ඔය කිරි එකට දීපු ස්ට්‍රෝ එක. ඒකත් ඉටි සහ කඩදහි මික්ස් කරලා හදපු එකක් වගේ මතකයි. දැන් වගේ තනිකර ප්ලාස්ටික් නෙමේ. අපි ඕවාගේ අග්ගිස්ස හපලා හපලා ෆ්ලැට් කරලා කොක්ක වගේ හදලා කෙල්ලන්ගේ යුනිෆෝම් එකේ කරේ එල්ලනවා. සෙන් පෝල්ස් කෙල්ලන්ගේ යුනිෆෝම් එක ඔය වැඩේට ලේසියි. උන්ට කොලර් එකක් තිබුනේ නැහැ.

      //////දෙක වගෙ වෙනකොට බම්බලපිටිය හන්දිය කියන්නෙ ආය නෑ සුර විමන වගෙ. ඔතන වටේට කෙල්ලොන්ගෙ ඉස්කෝල කීයක් නම් කියල තියනවද?/////////
      මචං බම්බලපිටියේ බහින්නෙත් ඔය නිසාමයි. ඊළඟ එකේ “බම්බා” ගැන තව ටිකක් ලියන්නම්.

      උඹේ ලින්ක් එක කියවන්න ඕන හෙමිහිට.

      • Pra Jay says:

        // ඕකා මාව දඬුකඳේ ගහයි දන්නවා නම්. දැන් ලොකු උදවිය නිසා ඒවා අමතකත් ඇති.//
        ඔය කියන්නෙ KI ගෑන නම් මිනිහ ගොඩක් කෑමති වෙයි අරු ලියපු දේ ගෑන.
        රෝයල් ගෑන මම දන්නෙ නෑහෑ ඒත් ලෝ කොලේජ් එකේ එව්වනම් මිනිහ බොහොම රස කරල
        ( novelist’s license එක්කම ) තාම කියනව

      • ප්‍රා…..උඹ පොරව දන්නවානම් ඔය කතාව අහපන්. මාව තාමත් මතක ඇති (A.N.)

  19. සරුව පිත්තල වලින් සැදූ ඉලස්ටෝ පුවරුවේ මතකයත් සමග අතිතයට කිමිදි ආවෙම් අරු. මිතුරාගේ බිරියට නිවන් සුව පතමු.

    • නලියා…..උඹට නම් මේවා ගැන මතකත් ඇති. නිතර දෙවේලේ කියවන්න ලැබෙනවාත් ඇති.

  20. bindi2 says:

    හොඳටම රස්තියාදු ගහපු නිසා තමයි ඔච්චර මතක ඇත්තේ. අපිත් බම්බලපිටියේ සැරිසරපු ජනතාව තමයි. ස්කූල් බස් එක මිස් වෙච්ච දාට බම්බලපිටියට පයින් එනවා සමහර දාට . ඉස්කෝලේ ගාවින් 154 ට නැග ගන්නත් බැරි තරම් සෙනග වෙලාවකට . තහඩු බස් ස්ටෑන්ඩ් එකක් තිබ්බේ නැහැ ඒ දවස්වල මට මතක් විදිහට . කිරි මණ්ඩලයමද වෙන කඩයක්ද මන්දා ඔය කියන තැන එහෙම්ම තිබුණ. අපි ඉස්කෝලේ යන කාලේ නම් සල්ලි තිබුනේ නැහැ ඉස්කෝලේ ඇරිලා මොනව හරි කන්න . හැබැයි පෙම්වතුන් ලෙස අපි වැඩිපුරම රස්තියාදු ගැහුවේ ඔය පැත්තේ තමයි. එතකොට නම් ශාන්ති විහාර් එකෙන් කාලා ඔය කඩෙනුත් පැණි දාපු යෝගට් කනවා . ෂාහ් හෙන රසබර මතක ගොඩක් නේ අද අරූ ඇවිස්සුවේ .
    ඉස්කෝලේ කාලේ බම්බලපිටියට එනවා ගොඩක් ඉස්කෝලවල ළමයි. එක පලාතට යන ළමයි අතර යාලුවොත් ගොඩක් හිටියා . ස්කුල් බස් එකේ කෙල්ලෝ විතරනේ . ස්කුල් බස් එකත් ජොලි. හැබැයි කොලු කෙලි යාළුවො ගොඩක් එක්ක කදේ දාගෙන යන ගමනත් ජොලි. ඒ ලෙවල් වගේ වෙද්දී කළා සංගම් අරවා මේවා නිසා මට හරිම ගොඩක් යාළුවො හිටියා . සුන්දරයි .
    රහිමා එකේ බුරියානි එක අපි දෙන්නගේ හරි ජනප්‍රිය කෑමක්. දැනුත් ඔතනින් යද්දී ඕකට යන්න පොරේ . මට නම් දැන් එච්චර ආස හිතෙන්නේ නැහැ . ඒ කාලේ අපේ ලෝකය එච්චරම ලොකු නැති නිසා ඒ තැන් හරිම ලොකුවට පෙනුනා .
    බෞධාලෝක මාවත් රිඩ් ඇවනියු එක හරිම ලස්සනට දැනුන. බෞධාලෝක මාවතේ ලොකු ගස් වල උඩු වියන ඒ කාලේ සරුවට තිබුණ. නමුත් දැන් ටිකක් කනාටු වෙලා වගේ. කාලය හැම දේම වෙනස් කරනවා නේද .
    ඔබේ මතකය නම් ඉස්තරම් .

    • බින්දි……මට ඔයාගේ කමෙන්ට් එක කියවනකොට ඔළුවට ආවේ සනත් නන්දසිරිගේ “මම නම් ආසයි අහන්න නයනා” ගීතය. ප්‍රනීත් අභයසුන්දර ඕක ලියලා තියෙන්නේ එයාගෙම නයනාට. ආපහු ජෝඩුවත් එක්ක වාඩිවෙලා අහන්න. බලාගෙන සිතුවීලි පහලවෙයි :

      ශාන්ති විහාර් එක කාලයක පෙම්වතුන්ගේ පාරාදීසයක් නේද. කතා කර කර කන්න. කන ගමන් ලයිම් ජූස් එකක් බොන්න. අපි ඉස්කෝලෙන් අස්වුනාටත් පස්සෙ තමයි ශාන්ති විහාර් ඔතනට ආවේ.දැන් ඒක ශ්‍රි විහාර් වෙලා නේද? මම කැමති තැනක් ඕපන් කරපු කාලේ 79-80.

      රහීමා එකට අද වුනත් යන්න ආසයි . මට දාහක් දේවල් මතක් කරන්න පුළුවන් බින්දි. එතැන මගේ ජීවිතේ බොහෝ මතකයන් තියෙනවා පාසල් කාලයත් එක්ක සම්බන්ධ.

      රීඩ් ඇවනිව් එක හරිම නිස්කලංකයි ඉස්කෝල ඇරුනාට පස්සේ. තරුණ කාලේ ඔය පාරදිගේ අතින් අල්ලන් ගිය හැටිත් මතකයි. ඒ අත් ගිලිහිනු එකත් හොඳයි.

      • bindi2 says:

        අපෝ දැන් ශාන්ති විහාර් පල් . වැල්ලවත්තේ සයිවර් කඩයක් ගානයි..එක පාරක් ගියා මෑතක. අපේ කෙල්ලෝ කුණු කුණු ගෑවා .

      • කෙල්ලො කිව්වේ දෝණියැන්දලා වෙන්න ඇති නේද?

  21. ඔයා තාමත් සිගරැට් බොනවද අයියේ. ඊයේ රෑ ඔයාගේ බ්ලොග් එකට ඇවිත් ගියා .ඔයාගේ 39 කොටස මගහරුනද බලන්න, හරි පුදුමයි, මං ඇවිත් යනවත් එක්කම මේල් එක ආවේ, ඉතින් එක හුස්මට කියෙවුවා. මට මතක් වුණේ ඉස්සර විජය පත්තරේ එනකල් මග බලන් හිටපු විදිය 🙂

    • ඒකනේ කියන්නේ ඔමා….මාත් දැන් පත්තර බෙදන්නෙක් වගේ නේද…ඔමාලාට මේ කාලය ගැන විස්තර මැජික් වගේ ඇති නේද ..මටත් සමහර වෙලාවට හිතෙනවා..අනේ අපි මේ පලාත්වලද හිටියේ කියලා.

      මම ඔමා තාම සිගරට් එහෙම බොනවා. හිටපු ගමන් සුමාන දෙක තුන නවත්තලාත් ඉන්නවා. සිගරට් බීම හොඳ දෙයක් නෙමේ. ඒත් මට අතහරින්න හිතක් නැහැ.

    • ස්තූතියි ඔමා….කැමරන් තරහවෙයිද දන්නේ නැහැ ටැක්ස් අඩුවුනා කියලා අපි සිගරට් බීම නවත්තලා.

      • Clement Peris says:

        Aru,
        Then smoke an e-cigarette !! (don’t never everevernever) If you could watch the movie The Tourist ;it says a single advantage of using that. But the latest issue of “Scientific American” discusses hundreds of disadvantages of it.
        (Not related to the main article,though..)
        Clement P.

      • Thanks Clement. මම ඊ සිග්ස් ට්‍රයි කරා. මට ආස හිතුනේ නැහැ. Now they are very popular here. .හැබැයි මම සිගරට් සෑහෙන්න කට් ඩවුන් කරලා තියෙන්නේ.

  22. sudeeka says:

    මම NatGeo එකේ බැලුවා වාර්තා වැඩසටහනක්. ඒකෙන් පෙන්නුවේ මුම්බායි නගරයේ දිවා ආහාරය ගෙන එන විදිය. ඔයා කිව්වා වගේ ගම් වලින් එකතු කරගෙන නාටාමි කරත්තෙන් කෝච්චියට අරන් එනවා. ඔවුන්ට වෙනමම පෙට්ටියක් තියෙනවා. ඒකෙ අර කරත්තේ තියාගෙන ඉඳන් මුම්බායි නගරෙන් බැහැලා අර කිව්වා වගේ ලිපිනය සහ අංකය මගින් හරියටම වෙලාවට බෙදාහැරීම කරනවා. ඉතාම අඩුවෙන් වරදින්නේ. ඒවා නම් අර පන්සල්වල කාම දාන භාජන වගේ සෙට් එක්ක ගෙනියන්නේ.

    ඉලාස්ටෝ ආයතනය තියෙන්නේ අපේ ගමේ. ඔය වගේම බෝඩ් එකක් බෙන්තර ගඟේත් සවි කර තිබුණා. ඔයාගේ යාලුවාගේ ගෙවල් තිබුන තැන දැන් තියෙන්නේ Pearl City Hotel කියලා එකක්. අර කිරි හල බොහොම මෑතකදී ඉවත් කළා.

    • සුදීක……ඔය කෑම බෙදීම ඔහොම තාමත් කරන්නේ ඉන්දියාවේ විතරද දන්නේ නැහැ. ඉන්දියාව හරිම අපූරු රටක්. මගේ වයිෆ් ඉන්දියාවේ ඉපදුනු සිංහල කෙනෙක්. ඉන්දියාව කියන්නේ කතාකරලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙන බව ඇය කියනවා. ඈ දැක ඇත්තේද බොහෝම බොහෝම බොහෝම පොඩ්ඩයි.

      ඔය කියන හෝටලය ශුවර් එකටම නලීන් ෆොන්සේකාගේ විය යුතුයි. සුදීක කියන බෙන්තර බෝඩ් එකත් මට යාන්තමට මතක්වුනා.

  23. deshakaya says:

    රැජින වීදිය පැත්තට පස්සේ යමු නේද??

    • දේශා……මම දැන් බුලර්ස් රෝඩ් එක ගාවට වෙලා කල්පනා කරනවා…වැල්ලවත්ත පැත්තට යන්නද කොල්ලුපිටිය පැත්තට යන්නද කියලා. රැජිණ වීදිය පැත්ත ගැන මට ඒ කාලේ මතකයක් නැහැ බන්.

      • deshakaya says:

        ක්වීන්ස් රෝඩ්. අර අමිරිතලිංගම්ගේ තාප්ප දේවාලේ තියෙන්නේ ඒක මං කිව්වේ…

        බුලර්ස් රෝඩ් එක ගාව ඉන්නවනං ඉතිං දැං පයින් තමා යන්න වෙන්නේ වන් වේ නේ..

      • හරි හරි උඹ කියන්නේ ක්වීන්ස් රෝඩ්. ඕකේ තමයි ඉස්සර සුජාතා එක තිබුණේ. ක්ලෙමන්ට් පීරිස්ගේ කමෙන්ට් එක කියවපන්.

        “ක්ලෙමන්ට්ගේ කමෙන්ට්” ටොප් වචන දෙක නේද බන්.

  24. Senna says:

    කල් කිරි කොහෙද බන් උණු කරලා බොන්නේ ?

    සුජාතා දැන් තියෙන්නේ නාරාහේන්පිටද කොහෙද ? මම දවසක් හොස්පිට්ල් එකට යනකොට දැක්කා “සුජාතාවන්ට කළ නොහැක්කක් නොමැත කියලා”ඒක දැකලා මට හිනා ගියා…

    උඹට වයස කීයක් විතර ඇත්ද කියලා මම මේ බැලුවේ.. නලින් අබේසේකර කියලා පොරක්ව එහෙම දන්නැද්ද උඹ ?

    • සෙන්නා ඔය කල්කිරි ගෙදර ගෙනිහින් උණු කරලා නේද බිව්වේ? මම කියන ඔය බෝතලේ අර පරණ මොඩ්ල් වීදුරු බෝතලයක්. “ටොනික් මූඩියක්” ගහලා තිබුනේ. Milk Board Sterilized Milk කියලා රතු තීන්තෙන් ප්‍රින්ට් කරලා තිබුනා. නිකම් බිව්වාම බඩයනවා. බඩ ගියේනම් මොකද මන්දා. හැබැයි මම මේ කියපු ඒවා රත් කරලා බිව්වේ. කල්කිරි කියලා තමයි කිව්වේ. මම වැරදිද මන්දා.

      ඔය කොළඹ කැම්පස් එක ගාව තිබුනු සුජාතා එක පස්සේ කාලෙක නුගේගොඩ ගම්සභා හංදියට (මද්දුමගෙවත්තට )ගෙනාවා. නාරාහේන්පිට තියෙන්නෙත් ඒකමද මන්දා. මචෝ..කැම්පස් එක ගාව තිබුනු කාලේ සුජාතා කෙල්ලන්ටනම් කල නොහැකි දෙයක් නැහැ තමයි. අපි ඉස්සර පාට් දාන්න විහිළු කරන්න යන්නේ නැහැ. උන් එක විදිහක්. ප්‍රයිවෙට් නිසාද දන්නේ නැහැ.

      මම උඹට වයස කිව්වොත් උඹ ,බන්, මචන් නොකිය අයියා අයියා කියයිද දන්නේ නැහැ. මට මේ මචන් කියන් එක හරි පහසුයි ලෙන්ගතුයි බන්. මට අවුරුදු 52ක් විතර වෙනවා. මට නලීන් අබේසේකර කෙනෙක් මතක් වෙන්නේ නැහැ. උඹට හේම නලීන් කරුණාරත්න කියන ප්‍රසිද්ධ මාධ්‍යවේදියා මතකද? ඌ මට එහා පන්තියෙ හිටියේ.

      • Senna says:

        52ක් නම් පොරත් උඹලෑ සමකාලීනයෙක් වෙන්නෝනා. ඔය තරම්ට වගේ පොරට වයස ඇති..සමහර විට ටිකක් අඩු ඇති.. පොරත් රෝයලිස්ට් කෙනෙක් ඒකයි මම ඇහුවේ උඹ දනන්වද කියලා..

        හේම නලින්ව මොකෝ බන් නොදන්නේ…

        52 වුනාට කමක් නෑ මචං / බන් තමා හරිය ඕන්… 😀

  25. ඔය බම්බලපිටියෙ පොලිසියට කලින් ඇල්බට්ගෙ ඇස්කන්නාඩි සාප්පුවටත් කලින් පොඩි දෙවටක් තිබ්බ, ඒකෙ මගෙ යාළුවෙක් හිටිය රවීන්ද්‍ර කියල. ඉස්සර ඉස්කෝලෙන් පැනල ඔතන්ට ඇවිත් උන්ගෙ ගෙදරින් බත් කාල කෝච්චියෙ රත්මලානෙ යනව. ඔය ඉල්ස්ටෝ බෝඩ් එක තමයි පොඩිම කාලෙ අපිට කොල්ලුපිටියයි බම්බලපිටියෙයි හන්දි දෙක වෙන්කරල පෙන්නපු ලකුණ.

    ලයන්හවුස් එකේ අපි දන්න කාලෙ හිටී කෙල්ලො වැඩට. අනික බනි කනකොට සෝස් නිකන්. ඉතින් ගිහිල්ල බනිසක් සෝස් බෝතලේම හලන් කාල, අක්ක කෙනෙගෙ දිහත් බලන් ඉඳල එනව. ඔයිට එහා පැත්තෙ තිබ්බ නියම පරන රෙකෝර්ඩ්බාර් එකක් හේමාල්ද කොහෙද කියල. රෙදි කඩේ රෙකෝර්ඩ් බාර් එකයි දෙක එකට තිබ්බෙ.

    අපි යන කාලෙ අර මූද අයිනෙ ටවර් බිල්ඩ්නින් එකත් තිබ්බ. ඒකෙ කාර් පාර්ක් එකේ හිටගෙන ඇන්ටිල ගතමනාව හෙව්වෙ. ඉස්සර බම්බලපිටි හන්දියෙන් පොඩ්ඩක් එහාට වෙනකඔට හවහට ඇන්ටිල හිටන් ඉන්නව ලිප්ස්ටික් කිලෝගානට ගාල.

    අනික ලෝරිස් නොහොත ලව්‍රිස් ලේන් එක. තුම්මුල්ලෙන් බැහැල ලෝරිස් පාරෙ ගස් යටින් එන එක තමයි ලොකුම මල් කැඩීම. ඉඳ හිට ස්ටේෂනෙ එකේ තාප්පෙ එහා පැත්තට ගියාට අරක තමා පාර.

    මිල්ක් බාර් එක නිකන් හින්දු කෝවිල වගේ. බිම අඩිය ඇලුටන, කිරි ගඳ තිබ්බට ඕකට තමා ඔක්කොම යන්නෙ පෝළිමේ. පස්සෙ ඇම්සී හැදුඅට ඉස්ස්‍ර ඔය ලයන් හවුස්, මිල්ක්බාර් තමා කතාවට කපල් වලට පිහිට උනු තැන්.

    ඔය බම්බ හන්දිය තමයි නුගේගොඩ ඇරුනම වලි වැඩිම ගිය තැන මම හිතන්නෙ. මොකද තුම්මුල්ලෙ රෝයල් බලේ වැඩියි. අනික පොලිසිය වටේම. ඉතින් බම්බ ඇවිත් ගහන එක ලේසියි. ගුටිකෑවොත් දුවන්න බස්ද, කෝච්චිද ඕන තරම්. හපොයි ඒ කලෙ.

    උඹේ මිත්‍රයගෙ බිරින්දැට නිවන් සුව පතනව.

    • ඉන්දික…..උඹලගේ මේ කමෙන්ට්ස් දැක්කාම මාවත් චූන් වෙනවා තව මොනවා හරි ලියන්න. උඹ කියන ඇල්බට් එදිරිසිංහ දෙවට ගාව තමයි පෝස්ට් ඔෆීස් එකත් තිබුනේ. මම හොඳට දන්නවා ඔය හරිය. ඔය හරිය ගැන මම තව එකක් ලියන්නම්.කොළඹ 4යි කොළඹ 3යි වෙන්වෙන්නේ ඔය ඉලාස්ටෝ බෝඩ් එක ගාවින් තමයි මම හිතන විදිහට. බුලර්ස් රෝඩ් එකෙන් පල්ලෙහාට ගියාම කොළඹ 6,7,8 හැටියට වෙන්වෙනවා නේද?
      අපේ කාලේ ලයන්හවුස් එකේ හිටියේ සුදු සරම අඳින වේටර්ලා සෙට් එක. හේමාල්ස් රෙකෝඩ් බාර් එක මතකයි යාන්තම්. මාර්කට් එක ගාවට වෙන්න වගේද කොහෙද තිබුනේ. බම්බලපිටිය ඒ දවස්වලත් හරි ප්‍රසිද්ධයි ඔය ජාතියේ ඇන්ටිලාට. ඇන්ටිලාම නොවන ඇන්ටිලා වගේ අයටත් ප්‍රසිද්ධයි. ලොරිස් රෝඩ් එක උඹ මට තව දේවල් මතක් කරවනවා. මම කාලයක් 83 විතර ජෝෂෆ් ලේන් එකේ කාමරයක් අරන් හිටියා. ඒවා පස්සේ ලියන්නම්. උඹ හරි ඔය මිල්ක් බෝඩ් එකේ පොලව ඇලෙනවා. කිරි හැලිලාම ඇඹුල් ගඳයි. කොල්ලෝ ඇතුලේ අයිනෙම සිගරට් ගහනවා. ඊට ඉස්සරහ තැඹිලි කරත්තේ.

      ඉන්දික……රෝයල් එකේ අපි ඔය ටික දෙනෙක් හැරෙන්න වැඩිය වල බජාර් හිටියේ නැහැ. තර්ස්ටන් එවුන් තමයි ගේම ගෙනිච්චේ. උන් එක එක තැන්වල ගිහින් කචල් දාගෙන රෝයල් කියලා තමයි කියන්නේ. අපි ඊට පස්සේ නිකං කනවා. මරු සීන් තමයි බන් ඒ කාලේ වුනේ. නුගේගොඩ තනිකරම සෙන් ජෝන්ස් පොරවල් තමයි ඩොමිනේට් කරේ.

      • iupasanta says:

        //බුලර්ස් රෝඩ් එකෙන් පල්ලෙහාට ගියාම කොළඹ 6,7,8 හැටියට වෙන්වෙනවා නේද?//

        මචං තුම්මුලෙන් කොළඹ 4,3 සහ 7 බෙදෙනව. ඒත් 6 අහුවෙන්නෙ ජාවත්තෙන් අනික් පැත්තෙ නේද? බුලර්ස් රෝඩ් එකේ පහලටම ගියාම කනත්ත තීන්නෙ අටේ, බේස් ලයින් එකෙන් උඩට ඩී එස් එක ඉස්සරහ වත්ත කොළඹ 7 වගේ මට මතක. ඒක 6 නං, කනත්ත වටරුවම තවත් තුන්මුල්ලක් තමයි.

        //ඉන්දික……රෝයල් එකේ අපි ඔය ටික දෙනෙක් හැරෙන්න වැඩිය වල බජාර් හිටියේ නැහැ. තර්ස්ටන් එවුන් තමයි ගේම ගෙනිච්චේ. උන් එක එක තැන්වල ගිහින් කචල් දාගෙන රෝයල් කියලා තමයි කියන්නේ. අපි ඊට පස්සේ නිකං කනවා. //

        ඔව් ඒත් රගර් මැච් වල වෙන්නෙ කෙලිම්ම රෝයල් උන් ගහගන්න එනව. මම රෝයල් එක ඇතුලෙ බලපු අන්තිම මැච් එක 93. ඒකෙ රෝයල් උන් හොකී බැට් වලින් ගැහුවෙ. අම්බානෙට කාපු අපේ උන් පස්සෙ නුගේගොඩ සෙන්ට් ජෝන්ස් එකත් එක්ක සෙට් වෙලා මාස ගානක් රෝයල් එකට ගැහුව. මගේ ඉස්කෝලෙ ජීවිතේ අන්තිම වගේම දිගටම ගිය දරුණුම වළිය ඒ. තර්ස්ටන් උන් රෝයල් කියල ගුටි කන හින්ද ඉස්සෙල්ලමද කොහෙද උන්ගෙ ෂර්ට් එකේ සාක්කුවෙ තමයි ඉස්කොලෙ ලාංඡනේ මහන්න ගත්තෙ.

      • ඔය රෙදිමෝල,හැව්ලොක් ටවුන් ,තිඹිරිගස්යාය වැටෙන්නේ කොළඹ 6ට නේද? තුන්මුල්ලෙන් හයිලෙවල් පාරට දාලා කිරුලපනට යනකම් කොළඹ 6.
        මගේ පළවෙනි ඉස්කෝලෙත් එක්ක එකතුවෙලා, මගේ දෙවෙනි ඉස්කෝලෙට ගැහුවා නේද? කැත වැඩ ඩෝ…

      • Buratheno says:

        @ඉන්දික,

        95 වලිය වෙලාවෙ උඹලා ඉස්කෝලෙ නැද්ද එතකොට.!?

      • iupasanta says:

        Bura,

        නෑ මචෝ, මම එතකොට නෑ. මට ඒ මැච් එක බලන්න යන්නත් බැරි උනා. ඒත් පස්සෙ එහෙන් මෙහෙන් වළියට සහභාගි උනා (මොකද රිවිෂන් යනවනෙ නුගේගොඩ) 🙂
        ඒකත් 93 එකේම රිපීට් එකක් නේද උනේ. උන් මැච් එක පරදිනකොට අපිට ගැහුව නේද උන්ගෙ ග්‍රවුන්ඩ් එක ඇතුලෙම?

      • iupasanta says:

        බුරා ඔය උඹලගෙ අනූ පහේ එක නේද වළි වලින් ග්‍රේට්ම එක? මට මතකයි රෝයල් බස් යන එක නැවතුනාද කොහෙද අන්තිමට කාලෙකට. හොඳ වෙලාවට ඒ කාලෙ ගොසිප් සයිට් නෙට් නොතිබ්බෙ. නැත්තන් ගෙවල්වල ඉඳල ඉවරයි.

      • හුප්……95 අපේ ළමයාත් ඉස්කෝලේ යනවා.

      • තිස් තුනේදි ළමය ඉස්කෝලෙත් යනව කියන්නෙ බන් උඹල හෙන බාලාපරාධ කාරයොනෙ 😛

      • ඒකනේ බං. දැන් ළමයාට 25යි. සෙල්ලං නැහැ බන් ඇදපු ඇදිල්ල.

      • ඔන්න බලහන් අපායට යතත් කලින් යන්න කියන්නෙ ඕකනෙ. ඒකට මන් බඳිනකොටම 27යි, පළවෙනිය එනකොටත් 33 යි 🙂 හැබැයි ඒ අතරෙ කාලෙ ඉතාම ආතල් එකේ උන්න.

        ඒත් අදින්න තීන ඇදිල්ල හිතුවම ආතල් කිතල් පොල්තෙල් භූමිතෙල් වෙනව.

  26. Dinesh says:

    ශැක්, එක අතකට අපි ඒ කාලේ මොනවද අෆ්ෆා කරලා තියෙන්නේ.. බම්බලපිටියේ අපිත් ක්ලාස් ගියාට මේ කියපු ඒවයින් කියෙන් කියද එක අතකට කරලා තියෙන්නේ හැබෑටම..

    • දිනේෂ්ලාගේ කාලය වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා. එන්න එන්න පිස්සු කෙලින එක රස්තියාදු ගහන එක පවා යාන්ත්‍රීකරනය වෙලා මොකක්දෝ දිසාවකට යන යුගයක්. ටියුෂන් ක්ලාස් සංස්කෘතිය පටන්ගත්තේ අපි ඉස්කෝලවලින් අයින්වෙන කාලය ආසන්නයේ. ඒ නිසා ඉස්කෝලෙන් පස්සෙ ටියුෂන් ක්ලාස් එක වෙනුවට, ඉස්කෝලෙන් පස්සේ ළමයින්ට ඒ ඒ වයසට කරන්න මොනවා හරි තිබුනා. දැන් ඉතින් ළමයි ඉපදෙන්නේ ටියුෂන් පන්තිය දිහා බලාගෙනනේ. මට නම් ඒ පරපුර ගැන හරිම දුකයි.

      බම්බලපිටිය ටියුෂන් ක්ලාස් පාරාදීසයක් එක් කාලයක.

  27. අරූයියේ,ඇත්තෙන්ම උඹලාට තියෙන්නේ අපිට ඊර්ශියා හිතෙන පාසල් කාලයක් වගේ බං.
    අර බත් බෙදෙන කේස් එක මම ඇහුවෙත් අදමයි.

    • උඹලාගේ කාලේ හරි සංකීර්නයි මනෝ. අපිට ඔච්චර පටවපු කරදර තිබුනේ නැහැ, අපි පටවගත්තා මිසක්. එතනයි වෙනස. ගනන් ගන්න එපා ලබන ආත්මෙවත් ට්‍රයි එකක් දීපන් අපේ කාලයේ ඉපදෙන්න. බත් බෙදීමේ සර්විස් එක කොළඹ ඉතා අවට වගේ තමයි තිබුනේ. ඒකත් ඉතින් උඹලා ඉපදෙන්න ඉස්සර වෙන්න ඇති.

  28. නියමයි මචෝ….70 දශකයේ අග බාගයේ, කටුබැද්දේ ගෙවපු, අපේ ජීවිත වල සොඳුරුම යුගයක, බම්බලපිටිය කිසිදා අමතක නොවෙන සටහන් ගොන්නක් ඉතිරිකරලා තියෙනවා…මේ පොස්ට් එක මාව එතනට ඇදගෙන ගියා..ඉලාස්ටෝ බොර්ඩ් එක ගැන ලියයිද කියලා (ඇත්තටම උඹට ඒක මගඇරෙයිද කියලා ) මරදුකේ පොස්ටෙක කියෙව්වේ…
    දැන් MC එක තියෙනතැන ඉස්සර තිබුනෙ මැජෙස්ටික් හෝල් එක. ඕකේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් බලලා අපි අතේ සතේ නැතුව කටුබැද්දට කීපාරක් මහරෑ පයින් ගිහින් ඇද්ද…
    මට මතක හැටියට ඒ දවස්වල මිටියක් හොයාගන්න පුලුවන් මැජෙස්ටික් එක අයිනෙන් තිබුන ස්ටේෂන් රෝඩ් එකේ පෙට්ටිකඩ වලින්….

    • මචං….ඉලාස්ටෝ බෝඩ් එක නැති බම්බලපිටියක් නැහැ බන්. ඒ වගේ අමතක කරන්න බැරි තැන් රාශියක් තියෙනවා ඔය හරියේ. ලියන්නමයි හිත කියන්නේ. කාටහරි වැඩක් වෙයිනේ. මැජස්ටික් එක ගැන වෙනමම ලියන්න දේවල් තියෙනවා. ජීවිතේ කොටසක් වගේ තමයි. උඹ කියන ස්ටේෂන් රෝඩ් පෙට්ටි කඩවලින් පත්තර කොලේ ඔතපු මිටි අරගෙනත් තියෙනවා. ඕවාගේ ඇට අයින් කරන්න, තව එකෙක් හයර් එකට ගන්න ඕන. අපි ලියමු …

      • iupasanta says:

        70 උඹලට විතරක් නෙමේ අසූවෙ ඉඳන් අනූවෙ මුල වෙනකල් ඔතන බැහැපු අපිටත් ඔය ස්ටේෂන් එක ගාව පෙට්ටි කඩ වලින් මිටි විකුනලනෙ බලද්දි 🙂

        අපි තමා ඔය මැජෙස්ටික් හෝල් එකේ ෆිල්ම් බලාපු අන්තිම පරපුරේ පාසැල් සිස්සයො වෙන්නෙ 🙂 ඕකෙ නම් දැම්මෙ අර ඇමරිකාවෙ වගේ අකුරු අමුනල. එකම අවුල පෝළිමේ ඉන්නකොට පාරට පේන එක. නැත්තන් සෙන්ට්‍රල් එකයි මැජෙස්ටික් එකයි තමා හොඳ ෆිල්ම් බලන්න තිබ්බ හොඳම තැන්.

      • අනේ ඔව් බන් පාරට පේන අවුල හොර කපල්ස්වලට,නවක ලවර්ස්ලාට හරියට බලපෑවා.

        විසි වසරක ජනතා සේවාව වෙනුවෙන් ස්ටේෂන් රෝඩ් පෙට්ටි කඩ පේලියට බ්ලොග් ආචාරය!!

  29. Anonymous says:

    බම්බ කිවුවම මට මතක් වෙන්නෙ ග්‍රීන්ලන්ඩ්ස් තමයි. අපි ටිකක් දුරනෙ. අපේ පැතිවල තිබුණු තෝසෙ කඩ අමු චාටර්. ඉතින් කොළඹ ආවොත් ග්‍රීන්ලන්ඩ්ස් වරදින්නෙ නැහැ. ඔය ඉලස්ටෝ බෝඩ් එක නම් පුදුම ලෑන්ඩ්මාක් එකක්. තව ඔතන තිබුණ Tolarams කියල එකක්. MC එක තියෙන හරියෙ තිබුණ බායි කෙනෙකුගෙ රෙදි කඩයක් Milano කියල. දැන් දම්රෝ තියෙන තැන විශාල වීදුරු භාජන වල පාට පාට දියර පුරවලා තිබුණෙ City Dispensary / I.C. Drug Store.

    හර්ෂ

    • හර්ෂ……එක කාලයක් ග්‍රීන්ලන්ඩ්ස් ටේබල් එකක් බුක් කරගන්න අමාරුයි. දැන් නම් ඕනතරම් ඔය වගේ තැන් තියෙන නිසා එහෙම නැතිව ඇති. මම ආසම පරණ ග්‍රීන්ලන්ඩ් බිල්ඩිමට. මුල්ම කාලේ බාර් එකක් තිබුනේ නැද්ද කොහෙද. පස්සේ බාර් එකකුත් ආවා.

      ඔය මහ විශාල ඩිස්පෙන්සරි බිල්ඩිමේ පාට පාට දියර බෝතල් තාම මතකයි. ලා නිල් පාට, ලා රතු පාට එහෙම තිබුනේ. ඕවා කාලෙන් කාලෙට මාරු කරා, අව්වට පිච්චිලා ඩිස්කලර් වෙන නිසා. පස්සේ ඔතනට දැව සංස්ථාවේ හෙඩ් ඔෆිස් එක ආවා වගේ මතකයි. ඒ කාලයේ ජෝ අබේවික්‍රම දැව සංස්ථාවේ වර්කින්ග් ඩිරෙක්ටර්ද කොහෙද.
      ටොලරම්ස් තිබුනේ කොල්ලුපිටිය පැත්තට වෙන්නද? ටෙක්ස්ටයිල්ස් තිබුනේ කියලා මතකයි. ටොලරම්ස්ලාත් ඔය කුන්ඩන්මාල්ස්, හයිඩ්‍රාමනි වගේ ඉන්ඩියන් පාසි කට්ටිය.

  30. මම කොළඹට ගොඩ බහින්නේ අසුව දශකයේ අග . භීෂනෙන් බේරිලා ඉන්න නෑදෑ ගෙවල් දෙක තුනක කල් ගත කරා ඔය අවට . ඒ කාලෙත් අර කෑලි දිලිසෙන එලාස්ටෝ බෝඩ් එකයි රතු සුදු ඉරි තියෙන කිරි හලයි දෙකම තිබ්බා. ආයෙමත් ඒ මතකය ඇවිස්සුනා අරූ.

    • අසූව දශකයේ අග භාගය සහ මගේ ජීවිතය ගැන කියන්න නම් බොහෝ දේවල් තියෙනවා තිලකේ. මම එතකොට බැඳලාත් එක්ක. ඒ කාලේ ගමෙන් කට්ටියක් කොළඹට ආවා බේරෙන්න. තව කට්ටියක් ගමට ගියා. කොළඹ එවුන් රට ගියා. රට ගිය එවුන් නැවතුනා. ඒක වෙනමම ලියන්න ඕන සමයක් බන්.

  31. සිරා says:

    පත්තරේ වැඩ කොරපු කාලෙ හවසට කිරි තේ එක හදලා ගේන අක්කට කුපාඩි කොල්ලො කිව්වෙ කුක්කු අක්කා කියලා….අක්කා ඈත කොනෙන් මතු වෙද්දි අන්න කුක්කු අක්කා එනවා කියලයි කොල්ලො අසුනින් නැගිට්ටෙ…රහීමා හොද්දෙ වැරදිලාවත් මස් කෑල්ලක් එහෙම තිබුනෙම නැද්ද ?

    • කුක්කු අක්කාට දැන් කුක්කුවලට මුක්කු ගහන්න ඕන ඇතිනේද සිරා? දැන් සෑහෙන්න කල්නේ.
      පත්තර කන්තොරුව ගැන මොනවා හරි ලියපන්කෝ.
      රහීමා හොද්දේ රම්පෙ කෑලි නම් තිබුනා. ආ…සියඹලා ඇට… මාර දැවිල්ල හොද්දක් බං ඒක…තනිකර මිරිස් රහයි.

  32. Anonymous says:

    ඉයුස්ටස්ට හරියන ජොබ් එක තොරගෙන තියෙන්නෙ.අපි ඉස්සර සැටලයිට් නොන 3.50ට දුන්න පානුයි පරිප්පුයි කාල ඔය අනිත් එවත් කොලා මතක් වෙනව

    • Anonymous says:

      අඩෙ මගෙ ප්‍රොෆිල් එකෙන් නෙමෙයිනෙ වැටිල තියෙන්නෙ.මෙක දැම්මෙ මම හරී

    • දමියා……පොඩි ඉයුස්ටා දැන් උඩින්ම ඉන්න බුවෙක්.
      3.50 පාන්…. අනේ ඒ කාලේ මට මතකයි. මට මතක අඩුම ගාන ශත 35යි පාන් රාත්තල. පාන් කාලක් ශත 9යි.

  33. Sa rasa says:

    ජාවා අපේ චයාරූප සන්ගමයේ ලොක්කා… අපේ චයාරූප ගුරුවරයා… පස්සේ PMC ගිහින් කැලනිය වෛද්ය පීටයේ ආචර්ය කෙනෙක් වුනා…..ජාවාට ජය වෙවා!

    • අම්මේ උඹ ජාවා දන්නවාද? හොඳ කොල්ලා. දැන් එක්සත් ජාතින්ගේ එකේ උසස් තනතුරක් දරනවා.
      උඹට බ්ලොග් එකක් තියෙනවාද….උඹත් කැමරා කටා කෙනෙක්ද?

  34. බලමු මෙකත් ඇනොද කියලා

  35. පත්තර මල්ලි says:

    ලොකු අයියා පොඩ්ඩක් සමා වෙන්ඩෝනැ පරක්කුවට ..
    අපි ඉතිං ඕවෑ යනකොට ඔබතුමාල කසාද බැඳල ළමයිත් ඉස්කෝලෙ යනවා 😀 මටත් ඉතිං ඕවෑ ගෑල්ලමයි එක්ක ගියපු කාලයක් තිබුන නොවැ ,. රොටරියෙ ක්ලාස් කට් කරලා එන්නෙ ඔය ඒරියල් එකට.. එතකොට ඉතිං ඔබතුමාලගෙ කාලෙ වගේ නෙවේ අප්පා. සෙනග සූ ගාල.. කඩ සාප්පු පිරිල . කෑල්ල බස් එකට නග්ගල MC එක ළඟිං මූද පැත්තට හැරෙන තැන තැඹිලි මචං ගෙන් ගෝල්ඩ් ලීෆ් එකක් ගැහුවම දවල් කාපු චාටරේ කොහෙං ගියාද නෑ බං 😀

    • අනේද කියන්නේ පත්‍ර බ්‍රදර්……උඹට තාම නැපීස් අන්දලාද නිදිකරවන්නේ? තාම පොඩි එවුන් බන්.

      ඉතින් බන් දැන්නම් කොළඹ හරිම බිසි බිසි නේ. උඹලා මගේ වයසට එනකොට තව කොච්චර වෙනස් වෙලා තියෙයිද.

      උදේ ඉඳන් රස්තියාදුවක් ගහලා…හැන්දෑවෙලා කෑල්ල බස් එකකට නග්ගලා, තට්ටු කරලා යැව්වාට පස්සේ තියෙන සනීපේ කියලා වැඩක් නැහැ. ඩෝං ගාලා ඇදෙනවා ලඟම වළට. මාත් ඔහොමයි බන්.

    • පත්තර මල්ලි says:

      උඹ නං අපිටම සෙට් පොර අරූ අයියේ, 😀

  36. helapaya says:

    කමෙන්ටුවක් දාන්න හිතාගෙන ඊයෙ ආවා බලපුවම මම ලියන්න ආපු කතාව රවියා ගෙඩි පිටින්ම ලියල ඒ ගමන හැරිල ගියා.ඊයෙ රෑ මංජුල මුණගැහුණා මචංමේ දවස්වල වෙසක් සතියනේ පංසලේ හැමදාම පිංකම් දන්සැල් එහෙම. ඌ දැන් අපේ ඔෆිස් එක ලඟම ගේක පදිංචිවෙලා මේ මාසෙ විසි ගණන්වල ෂෝ එකක් කරනවය අපටත් ආරාධනා කරන්න එනවය කිව්වා,ගොඩක් වෙලා කතා කර කර හිටියා.

    • සෙට් වෙයන් ඌත් එක්ක. ආත්මා එනවාලු නේද? මංජුගේ ආසම ගායකායා ආත්මා. උගේ උපන්දිනේ අද. පන්සල්, වෙසක්, හාමුදුරුවරු ලඟපාත නිසා මුකුත් කරගන්න විදිහක් නැහැ කිව්වා.

      මන්ජුට මතක් කරපන් ආත්මාගේ…මාලී සිහින කුමාරී.

  37. වෙනදා වෙන්ම මහා පතරංග මතක ගුලාවක්. හිතින් මමත් ඉබාගාතේ ඇවිද ගියා.
    අර ඉලාස්ටෝ බෝඩ් එකක් අනුරාධපුරයේ මාර්කට් ටවුන් එකෙත් තිබුනා. තාත්තත් එක්ක හෝ අම්මත් එක්ක ටවුමට ආවිට ඒ දිලිසෙන පුවරැව දෙස ආසාවෙන් බලා සිටියා මතකයි. රවී අයියටත් මේ පුවරැව මතක ඇතැයි සිතනවා.
    පාරේ ඇවිද යනවිට මුණ ගැසෙන මිනිසුන් ගැනනම් පුදුමයි…..

    • ගුණේ…ඔය කියන ඉලාස්ටෝ බෝඩ් එක රවී දන්නවා ඇති. ඒ කාලේ ඕකා අනුරාධපුරේ පැත්තේ ගහක් යට භාවනා කරලා තියෙනවා කියලා ඔය කොහෙද ලියලා තිබුනා.

      පාරේදී හමුවූ මිනිසුන් කියලා සීරීස් එකක් ලියන්න පුළුවන්.

  38. ශීෂ්‍ය වර්ථා පොත්වල අපි කොයි තරම් බොරු කර ඇතිද?. නමුත්, ඒවා මහා අපරාධ නොවේ. නීති පතිගේ අත්සනින් අපරාධකරුවන් බේරන්න පුළුවන්නම්, අම්මගේ අත්සන අපිම ගසා, අපිට බේරෙන්න බැරිද?

    ඔහොම තමයි පෙට්‍රල් ෂෙඩ්වල වැඩ කරන අයට මාර ලක් වදින්නේ. එවශ්‍යනම් අමාත්‍යාංශ ලේකම් කමක් උනත්. නමුත්…. එදා උත්සාහයෙන්, අද…. පිනට

    • ඒක නේන්නම් නිර්මලා. අපි කරලා තියෙන්නේ පීචං බොරුනේ කියලා හිතෙනවා…අනාදිමත් කාලෙක ඉඳන් රට කරවපු එවුන් කරපු බොරු බැලුවාම.

      මමත් පෙට්‍රල් ශෙඩ්වල වැඩ කරා. ඒත් අපිට කොහෙන්ද රතු බාප්පලා නේද?

  39. sasha says:

    දැන් බම්බලපිටියෙ යද්දි මේ කිවුව ඒව එක එක මැවෙනකොට මා…රයි අප්පා.අස්සන් ගහන එකනම් ඉතිං මොනාද..අපිනම ගෙවල් වල මිනිස්සුන්ට ඔය වගේ පොඩි පොඩි වැඩවලට කරදර කලේම නෑ

    • පොඩි පොඩි වැඩවලට ගෙදරට කරදරයක් කරේම නැහැ. මේක දැකලා හිනා ගියා. ඒවට කරදර නොකෙරුවාට කෑම බීම සල්ලිවලටනම් හොඳට කරදර කරන්න ඇති නේද?

  40. අපේ ඉස්කොලෙනම් හිටියෙ හරිම කරුනාවන්ත මුරකරුවෙක්. ඒකටත් එක්ක විනය භාර ගුරුතුමා – අපි එයාට කිව්වේ යකා සර් කියල..මේ ලගදි මට මුනගැහුනු කොළඹ පලාතේ වයසක ලෙඛකයෙක් මට කිව්වම් එයා පොඩි කාලේ ඔය ඩුප්ලිකේෂන් පාර නිකන් තනකොල වැවුනු ගුරු පාරක් කියලා.හිතාගන්නවත් බෑ ඩුප්ලිකේෂන් පාර ඒ විදියට.

    • ස්තූතියි කමෙන්ට් එකට දිලිනි. මම දන්න කාලේ තමයි ඩුප්ලිකේෂන් රෝඩ් එක හැදුනේ. මට හදනවානම් මතක නැහැ. හැබැයි ඉස්සර නම් ඔය පාර හරි නිස්කලංකයි.

      පාසැල් කාලය කියන්නේ කොච්චර මිහිරි අවධියක්ද…ඒවා අමතක කරන්න බැහැ.

      • තිස්ස says:

        ඩුප්ලිකේෂන් රෝඩ් එක හැදුණේ 1976 දී…. නොබැඳි සමුළුව වෙනුවෙන්.

  41. බිල් ෆොර්බ්ස් ගැන විස්තර තියනවා පල්ලෙහා ලින්ක් එකේ, මම අදයි දැන ගත්තේ ඉන්දියාවේ “ඩබ්බා වාලා” වගේ ඩිලිවරි සිස්ටම් එකක් කොළඹත් තිබුණ කියල.

    https://questing.wordpress.com/category/bill-forbes-kal-kahn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s