අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

අධ්‍යාපනය ලැබීම සඳහා පාසැල් යාම තව දුරටත් ප්‍රයෝජනයක් නැති යැයි, මා නැවතී සිටි ගෙදර පොරෝලිස් මාමාද පැවසීය. මා පාසැල් යන්නේ ඉගෙනුමට නොවන බව ඔහුට වැටහෙන්නට ඇත. රැකියාවක් සොයාගත යුතු යැයි මම සිතන්නට පටන් ගතිමි. පුවත්පත්හී පළවූ ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමටත් සිතාගත්තෙමි. අප පාසැලේ ආදී සිසුවන් බොහෝ දෙනෙක් සමාගම් හිමිකරුවන් හෝ ඒවායේ වගකිවයුතු නිලයන් දරන්නන් බැවින්, කොළඹ අවට ආයතනවල රැකියා ඇබෑර්තු ඇතිවූවිට, උසස් පෙළ අවසන් කරන්නට ආසන්නයේ සිටිනා අප පාසැල් සිසුන් බඳවාගන්නා ක්‍රියාපටිපාටියක් පාසැල හා එක්ව පවත්වාගෙන ගිය බව මතකය. අපේ උද්භිද විද්‍යා ගුරුවරුයවූ මාලති ප්‍රනාන්දු මහත්මිය මෙවන් රැකියාවක් සඳහා මට සම්මුඛ පරීක්ෂණයක් සුදානම් කිරීමට උනන්දුවිය. ඒ හයිඩ්පාක් අසල පිහිටි එකල සමර්විල් ගෲප්ස් නම්වූ ආයතනයයි.

මේ සඳහා අවශ්‍ය විදුහල්පති සහතිකය ලබාගැනීමට නම් විෂයභාර ගුරුවරුන් අත්සන් තැබිය යුතු විය. සත්ව විද්‍යාව ඉගැන්වූ ඒ රූමත් ගුරුතුමිය මෙහි අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ මා බරපතල වරදක් කර ඇතැයි පවසමිනි. ඒ කාලයේ ගැහැනුන් බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම විලාසිතාවක් කරගෙන තිබුණි. කවුදෝ සිසුවෙක් විසින් ඇයගේ නිවසේ ලිපිනයට ලිපියක් යවා ඇත. ඒ සාරිය අස්සෙන් පෙනෙන බුරිය සහ අවට ප්‍රදේශය වර්ණනාවකට ලක්කරමින් බවත්, එහි යටින් මගේ නම ලියා ඇති බවත්ය. දැන් වැරදිකරු මමය. එවැනි වැඩක් කෙරූ කෙනෙක් තමන්ගේ නම ඊට යටින් ලියා යවනවාදැයි සිතීමට පවා ඇයට අවශ්‍ය නොවී ඇති හැඩය. මේ බව මාලති ප්‍රනාන්දු ගුරුතුමියද ඇයට පහදාදීමට ඉදිරිපත් විය. ඇය එම ගුරුවරියට කියා සිටියේ, එවැනි ලිපියක් ඇයට ලැබුණා නම් කියවාබලා විසිකරනවා හැර, අනවශ්‍ය ලෙස කලබල නොවනා බවයි. කෙසේ හෝ දින දෙක තුනකට පසු ඇගේ අත්සන ලබාදීමෙන් පසු මට විදුහල්පති සහතිකය ලැබිණි. නමුත් සම්මුඛ පරීක්ෂණයෙන් මා අසමත් විය. තව දුරටත් පාසැල් යාමට තීරණය විණි.

එම පාසැල් කාලයත් පෙර පුරුදු රස්තියාදුවම විනා කිසිම යහපතක් නොවීය. අප කංඩායම බම්බලපිටිය පැත්තට නොයා ඉන්නා දවසට, කොල්ලුපිටිය වාළුකාරාමය පිටුපස තිබු නානාගේ කඩයට රිංගා ප්ලේන්ටියක් බී, නානා විකුණන ගංජා මිටියක්ද ගෙන, ඔහුටම කියා ඔතා ගන්නටත් පුරුදුවී සිටියහ. මෙය දිනපතා සිදුවූ කරියක් නම් නොවීය. එතැනින් ගමන් ආරම්භ කර කොල්ලුපිටිය පැත්තෙන් ඇස්වාට්ටුව දෙසට ඇවිද යන්නෙමු. එවකට මහජන පුස්තකාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ථිය අසල, අද කොළඹ නගාරාධිපති නිල නිවාසයේයි. පුස්තකාලයට රිංගා පැයක් දෙකක් පත්තර කියවීමද සිදුවුණි. කාලයකට පසුව මහජන පුස්තකාලය නව ගොඩනැගිල්ලට මාරුවිය.

වික්ටෝරියා පාක් එකේ කරක් ගැසීමත් කට්ටි පනිනා පාසැල් සිසුන්ගේ පුරුද්දක් විය. පෙම්වතුන් මෙන්ම හොරෙන් හමුවන ජෝඩුද ඒ කාලයේ විහාරමහා දේවි උද්‍යානයේ විශාල ගස් යට උකුළු මුකුළු කරමින්ද, තවත්දේ කරමින්ද ප්‍රේමයේ රස උරා බොමින් කල් ගත කරති. ගස්වලට මුවාවී ඒවා රසවිඳිමින් ස්වයං වින්දනයේ යෙදෙනා පිරිමින්ද මේ උද්‍යානයට අමුත්තක් නොවීය.

එතැනින් වෛද්‍ය සිසු නේවාසිකාගාරයක්වූ බ්ලොම් එක හරහා පුංචි බොරැල්ලටත්, එතනින් මරදාන දක්වාත් ඔහේ ඇවිදගෙන යෑම විඩාවක් නොවීය. මගේ පංතියේ මිතුරෙක්වූ ශ්‍රීනාත් ප්‍රේමරත්න පදිංචිව සිටියේ මරදාන ඩොනල්ඩ්ස් ස්ටුඩියෝව ඉදිරිපසට වෙන්නට ඇති නිවසකය. ඇට්ලස් හෝල් නම්වූ පොත් ප්‍රකාශන ආයතනයද ඒ අසලම විය. ඒ පැතිවල වඩාත් රස්තියාදුවුණේ ආනන්ද, නාලන්ද සිසුන්ය. ආනන්දයේ සිසුන්ද සමහර අවස්ථාවල අප හා එක්වේ. ආනන්දය අසලම ජීවත්වූ නිසා ශ්‍රීනාත්ගේ ආනන්ද මිතුරන්ද රාශියක් විය. මට ශ්‍රීනාත්ලාගේ ගෙදර හොඳට හුරු පුරුදුය. මම විටින් විට එහි ගොස් කාබී නැවතී ඇති තැනක්ය. ශ්‍රීනාත්ගේ මවගේ ඉල්ලීමකට අනුව පානදුරේ අරියධම්ම හිමිගේ සීල ව්‍යාපාරයකටද සහභාගි විය. ඒ මගේ පළවෙනි සිල් සම්මාදම බැව් මතකයේ තිබේ. ඉන් පසුව දෙවරක් මා දැන් සිටිනා රටේදි සිල් ගත්තා හැරෙන්න වෙන මතකයක් නම් නැත. පානදුරේ අරියධම්ම බෝධිපූජා වැඩසටහන් එකල දිවයින පුරාම ඉතා ජනප්‍රිය වැඩ සටහනක් විය. වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයත්, අරියධම්ම හිමියන්ගේ “බ” වැඩසටහනත් අති මහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. ඒ කාලයේ අරියධම්ම හිමියන්ගේ බයන්න කියා කීවේ විහිළුවටය. මෙසේ කියා ශ්‍රීනාත්ගේ අම්මාගෙන් බැණුම් ඇසූ අවස්ථාවන්ද විය. ඒ කෙසේ වෙතත් පුංචි බොරැල්ල පසුකර මරදාන හරහා ,ඩීන්ස් පාරේ තිබු මගේ පන්තියේ මිතුරෙක්වූ අජිත් කුමාරලාගේ හෝටලයෙන් සමහර දිනයක නොමිලේම බත් වේලක්ද ගිල දමා ගල්කිස්ස බලා පිටත්වේ.

පාසැල් කාලය තුල අමතක නොවන ක්‍රීඩා තරඟ දෙකක් විය. ඒ රෝයල්-තෝමියන් බිග් මැච් එකත්, රොයල්- ට්‍රිනිටි බ්‍රැඩ්බි ශීල්ඩ් තරඟාවලියන් වේ. රාජකීය-ශාන්ත තෝමස් සියවැනි ක්‍රිකට් තරඟය නැරඹීමට ගියේ පාසැල් සිසුවෙකුව සිටි අවධියේය. හැම වසරේම ක්‍රීඩා තරඟයට පෙරදින පාසැලේ සිට ක්‍රිකට් කංඩායමේ නායකයාගේ නිවසට වාහන, බයිසිකල් සහ පයින් ගමන්ගන්නා සතුටු පෙරහැරක්ය. “බිග් මැච් පැරේඩ්” කියා කිව්වේ මෙය විය යුතුය. නායකයාගේ නිවසින් තේ පැන් සංග්‍රයක් ලැබේ. බිග්මැච් දිනයන්හී ලොරි භාගයක් හෝ පපරා බෑන්ඩ් එකක් සෙට් කරගැනීමට මුදල් නැත. අපේ ගමන පයින්ය. දින දෙකකට සීමාවූ බිග්මැච් එක, දින තුනක් වූයේ ඔය කාලයේ බැව් යාන්තමට මතකය.

“හැට් කලෙක්ෂන්” යැයි හැඳින්වූ, පාසැල අවට නිවෙස්වලට තට්ටුකර මුදලක් කඩාගත්තේ බෝතලයක් දෙකක් මිලදී ගන්නත් දවල් කෑමටත් බව කිවයුතු නොවේ. සල්ලි එකතුකරන්නේ පොත්පත් ගන්න නොවන බව දෙන අයත් දනී. වරක් නොදැනුවත් කමින්, එකල විදුහල්පති තුමාවූ එල්.ඩී.එච්.පීරිස් මහතාගේ ග්‍රීන්පාත් නිවසටත් ගොසින් යාන්තම් ගැලවී ආවේ විදුහල්පති තුමාත් බිග්මැච් තෘප්තිය ලබන්නට ගොස් බැවිනි. පාසැල් ගුරු මංඩලයේ සහ සේවක මංඩලයේ බහුතරයක්ද තරඟය නැරඹීමට පැමිණේ. මින් අමතක කල නොහැකි චරිතයක් නම් කඩළේය. අනිකා, රසායනාගාර භාරව සිටි සේවකයෙක්වූ ඩැනී අයියාය. කඩලේ ගැන මාතලන්ද ලිපියක් ලියා ඇතිමුත්, මා යමක් නොලිව්වොත් මගේ කතාවට කරනා අඩුපාඩුවක් වේ.

කඩලේගේ නියම නම කුමක්දැයි මම නොදන්නෙමි. ඔහු නැවතී සිටියේ පාසැල් නේවාසිකාගාරයේම කොටසකය. මොහු ද්‍රවිඩයෙකි. මොහු පාසැලේ ආදී සිසුවෙක් බවත් මම අසා ඇත්තෙමි. මොහුගේ ආදායම් මාර්ගය වූයේ කඩල, වඩේ වෙළඳාමයි. බොහෝවිට පාසැල තුළ පමණි. පාසැල් විවේක කාලයේදී වීදුරු පෙට්ටිය පුරවාගෙන ගොඩනැගිල්ලක් අයිනටවී කඩලේ වෙළඳාමේය. මේ වටා සිසුන් මීමැස්සන් මෙන් පිරී ඇත. කඩලේගෙන් යමක් සොරාගැනීමට ඉතාමත් පහසුවුවත් අප එසේ නොකිරීමට වග බලා ගත්තෙමු. ඔහුට උදව් කිරීමටත් පසුබට නොවූ සිසුන් විය. කඩලේ අද සල්ලි නැහැයි කීවිට ඔහු ඇඹරුණේද නැත. ඉහළ ප්‍රමිතියකින් සහ රසවත් කෑම වර්ගවලින් පිරුණු පාසැල් කැන්ටිමට මෙන්ම කඩලේටද ඉහළ ඉල්ලුමක් විය. කඩලේට නොතිබුණේ මුදල්ය. නමුත් මනුස්සකම ඕනෑවටත් වඩා හිමිව තිබුණි

සුදු සරමත්, කමිසයත් හැඳි මේ කාලවර්ණ හැඩිදැඩි උතුම් සුන්දර මිනිසා අවිවාහකයෙක්ද නැද්ද කියා කීමට මම නොදන්නෙමි. හැන්දෑවට පොඩි අඩියක් පුඩියක් ගසා පාසැල් ක්‍රීඩාංගනයට පැමිණෙන මොහු අවිනීත ලෙස හැසිරෙන්නෙක්ද නොවේ. තරඟ නැරඹීමට ගොස් කරටි කඩාගෙන ඉන්නා අවස්ථා නැත්තේ නොවේ. භාෂා තුනම චතුරව හැසිරිවිය හැකි කඩලේට ආදරය නොකෙරූ කෙනෙක් නොවීය. ඔහු මගේ ලෝකයේ වීරයෙක් විය. බිග්මැච් දිනයට රාජ්‍ය නායකයාගේ සිට කුඩාම සිසුවා සමග කඩලේ විනෝදෙන්ය. රටේ ප්‍රබලයින් සමග එකට වාඩිවී අඩියක්ද ගසයි. කඩලේට අප පාසැලත්, කඩලේ අප පාසලටත් සම්පතක්ම විය. මේ සොඳුරු මිනිසා මිය ගියාට පසුවත්, ඔහු වෙනුවෙන් ස්මාරකයක් තැනීමටද කතිකාවක් තිබූ මුත්, කුමක් වූවාදැයි නොදනිමි.

ඩැනී අයියාද සුදු සරම සහ කමිසය හැඳි”ටොප් ක්ලාස් පොරක්” විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේය. අපේ සියලුම රසායණාගාරයන් භාරව සිටි ජ්‍යේෂ්ඨයා ඔහුය. ගුරුවරුන් මෙන්ම සිසුන් සමගත් ඉතාමත් සුහදශීලී ජීවිතයක් ගතකළ ඩැනී අයියා හොඳ විනෝදකාමියෙක් විය. ඔහුගෙන් “දඩයක්” දාගත් අවස්ථාද තිබේ.

බ්‍රැඩ්භි පලිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව වාර්ෂික තරඟාවලියද අප අමතක නොකරනා තවත් ඉසව්වක්ය. තරඟ දෙකකින් පසු පලිහ පිරිනමනු ලැබේ. එක් තරඟයක් මහනුවරත්, අනික කොළඹත් පැවැත්වේ. අප වැඩි උනන්දුවක් දක්වන්නේ මහනුවර තරඟය නැරඹීමට යාමටයි. එදින උදෑසනින් “රෝයල් එක්ස්ප්‍රස්” යැයි කියා දුම් රියක් කොටුවෙන් නුවර බලා පිටත්වේ. දැන් නම් ඒවා තියෙනවාද කියා නොදන්නෙමි. රාජකීය කොඩිවලින් දුම් රිය පිරී ඉතිරී ඇත. පපරා බෑන්ඩ්ස්ද ඇතුළත්ය. මහනුවර නගරයේ දහවල සැරිසරා, හැන්දෑවේ තරඟය නරඹා ආපසු කොළඹ එන්නේ නැත. මත්පැනින්ද, දුමෙන්ද සංතර්පණය වී කඩවල්වලින් කා, පදික වේදිකාවේ ගොඩනැගිල්ලක් අයිනටවී නිදාගන්නෙමු.

ඒ කෙසේ වෙතත් මගේ පාසල් කාලය නිමාකිරීමට කාලය පැමිණ ඇත. Disce Aut Discede යනු රාජකීය විදුහලේ උදෘත පාඨයයි. ලතින් භාෂාවෙන් එය ඉංග්‍රීසියට පෙරළූ විට Learn Or Depart යැයි කියවේ. මම පිටවුණෙමි. මා අයදුම් කල රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇත. ඒත් ගල්කිස්සේමය.

මගේ ආදරණීය පාසැල් මිතුරන් හා සම්බන්ධ චරිත හා රසකතා ලිව්වා මදිය. විවේක ඇති විටක ඒවා කොහේ හෝ ලියා තබන්නෙමි. මේ බ්ලොගය කියවා දුරකථනයෙන් මා අමතා දිරිමත් කරන සහ තවත් කරුණු ගැන සාකච්ඡා කරන මගේ පාසැල් මිතුරු ඒ.එම්. රණසිංහට හදබැති ගෞරවය ලියා තබන්නෙමි. අදහසකින් හෝ මා දිරිමත් කරවන ඔබටත්, කියවන සැමටත් මගේ ගෞරවය!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

194 Responses to අවුල් වන්නට පෙර..(41)…ඉගෙනීම හෝ පිටවීම

  1. හිරු says:

    හැම ඉස්කෝලෙකම වගේ ඔය කඩලෙ වගේ චරිත ඉන්නවද මන්ද.. මං 5 වසරට වෙනකං ගිය කෝට්ටාව ධර්මපාලෙත් හිටියා වෙරලු එහෙම විකුණන ආච්චි කෙනෙක්.. ඉස්සර ඔය අම්මලගෙ සිකුරුටි තිබ්බෙ නෑ නේ.. ඒ මනුස්සයා තමයි පාර පැන ගන්න බැරි පොඩි එවුන්ව පාර පන්නන්නෙ… වෑන් එකට ගිහින් දාන්නෙ… අතේ සල්ලි නැතව පෙරේතකමේ වෙරළු කූඩෙ දිහා බලං ඉන්නවා දැක්කම සමහර වෙලාවට නිකනුත් වෙරළු දීලා තියෙනව…

    • හිරු ගේ කමෙන්ට් එක මටත් ඒ අතීතය මතක් කලා.අපිත් පුංචි පන්තිවල ඉගෙන ගන්න කාලේ ඔය වගේ ආච්චි කෙනෙක් ඉස්කෝලෙ තාප්පේ අයිනේ වට්ටියක තියාගෙන වෙරළු,අඹ විකුනපු හැටි මතක් වුණා.හරිම සුන්දර අතීතයක් එක.දැන් නම් ඉස්කෝලෙ ගාව ඔය වගේ ආච්චිලා දකින්නවත් නැහැ.

      • මනෝ……ඒ කියන්නේ අච්චාරු ආච්චිලා ඉස්කෝල අසල දැන් නැද්ද?

    • @හිරු…….කොට්ටාව ධර්මපාල නේද කොළපාට ටයි දාන්නේ. නිතරම ගමන් කරපු මාර්ගයක් නිසා එතන ගේට්ටුව ඉස්සරහ මැවිලා පේනවා. ඔය ඉස්කෝලවල් ඉස්සරහ වෙළඳාම් කරපු අය හරිම හොඳ මිනිස්සු. ළමයින්ටත්, පාසැලටත් ආදරය කරා. මගේ පරණ ඉස්කෝලේ නුගේගොඩ සෙන් ජෝන්ස් ඉස්සරහත් අච්චාරු ආච්චියි,අඹ අන්කලුයි හිටියා. ඒත් එහෙමයි අහිංසක මිනිස්සු.

      මේ කඩලේ විතරද දන්නේ නැහැ ඉස්කෝලේ ඇතුලෙම පදිංචිව හිටිය සහ වෙළදාම කරපු එකම කෙනා.

      • Clement Peris says:

        මේ කඩලේ විතරද දන්නේ නැහැ ඉස්කෝලේ ඇතුලෙම පදිංචිව හිටිය සහ වෙළදාම කරපු එකම කෙනා.
        Aru,
        The only school in (Sri) Lanka, probably in the world, which operates a liquor bar is St. Joseph’s College, Maradana, Colobmbo 10. Believe it or not!! As you all aware there are two gate entrances to that school as Swimming pool gate and Gamini hall gate. This infamous ‘bar’ is near the Gamini hall gate ,inside the school premises,more precisely at the Premadasa pavilion.
        I do not know whether it still operates; but for sure it was opened for the members even during the school hours during 1987-1992 years.
        Clement Peris

      • @ Clem …බාර් එකක් තිබුන බව දන්නේ නැහැ. ගාමිණි හෝල් එකයි, සෙන් ජෝෂෆ් ගේට්ටුවයි අතර බස් හෝල්ට් එකක් තිබුනා නේද? එතන ආණ්ඩුවේ බෙහෙත් දෙන පොඩි ස්පොට් එකක් තිබුනා. ඔය පැත්තේ නිතර ගැවසුනා කාලයක්. ෆොර්බස් රෝඩ් එක හරියේ.

      • තිස්ස says:

        රොයල් ගේට්ටුව ගාව වෙළඳාම් කරපු, “පාර කඩේ” අම්මයි පුතයි ගැනත්, ගහ යට මුද්ඩර විකුණපු අංකල් ගැනත් අරු ලිව්වේ නැහැනේ….. 😦

      • තිස්ස says:

        රොයල් ගේට්ටුව ගාව වෙළඳාම් කරපු, “පාර කඩේ” වයසක අම්මයි, තරුණ පුතායි ගැනත්, ගහ යට මුද්දර විකුණපු අංකල් ගැනත් අරු ලිව්වේ නැහැනේ….. 😦

      • ඔව් තිස්ස මට ඒ කොටස් මිස්වුනා. ඔය ඔක්කොම මට මතකයි. ඒ අම්මායි පුතයි දෙල්කඳ. අනිත් පුතා තමයි රීඩ් ඇවනිව් ගේට් එක ගාව කරත්තයක් දාගෙන හිටියේ. මට පොඩි පොඩි වාසි තිබුනා දෙල්කඳ නිසා. ඒ අයියයි මල්ලිගෙයි වලි තිබුනා. අම්මව බෙදාගන්න බැරුව උදව්වට.

  2. පොරෝලිස් මාමා වගේම කඩලෙගේ චරිතෙත් ඔයා කෙටියෙන් එයා ගැන අපිට ගොඩක් තේරුම් ගන්න ලියලා තියෙනවා, , මට මතක් වුණේ “ප්‍රින්සි නැන්දව ” එයා මං පොඩි කාලේ ගිය ඉස්කෝලෙක අයිස් පැකට් විකුනපු කෙනෙක්, ළමයි ණයට ඉල්ලනකොට බැනලා බැනලා දෙනවා ඔන්න හෙට ඕනෙමයි කියලා. එයාට හොදට ඉංග්‍රීසිත් පුලුවන්ද අයියේ.. නියමයිනේ එයා.. ඔයාගේ කතාව ඇතුලේ තියෙන අතුරු කතා අපේ මතක අලුත් කරනවා ,, ස්තුති ලිපියට, මං ඊයේ බලන් හිටියේ කියවන්න,, 🙂

    • ඔමා……මේ ටිකේම මම හරිම බිසි ඔමා. දැනුත් මේ එලියට යන්න කියලා.
      අපේ කඩලේගේ කතාව කියවනකොට හැමෝටම තමන්ගේ ඉස්කෝලවල හිටිය ඒ වගේ වෙලෙන්දෝ මතක් වෙලා. ඒක ගැන නම් මට හරි සතුටුයි. ඒ උදවිය ඉස්කෝලෙම එක කොටසක් වෙලා හිටියේ ඒ කාලේ. ඔය කඩලේ පරණ ඕල්ඩ් බෝයිස්ලා, ඔය ලොකු ලොකු පොරවල් එක්ක කඩුවෙන් තමයි කතාව. මූණ පුරවලා සුදු රැවුල. හිත හොඳ මිනිහෙක්.

  3. Ravi says:

    / ඒ හයිඩ්පාක් අසල පිහිටි එකල සමර්විල් ගෲප්ස් නම්වූ ආයතනයයි. /

    අරූ..මචං සමර්විල් ගෲප් සමාගම කලේ තේ වෙළඳාම නේද? මේ මෑත කලෙ නම් මම සමර්විල් ස්ටොක් බ්‍රෝකර්ස් කියලත් දැක්ක . එයාලම වෙන්න ඕන.

    / එවැනි වැඩක් කෙරූ කෙනෙක් තමන්ගේ නම ඊට යටින් ලියා යවනවාදැයි සිතීමට පවා ඇයට අවශ්‍ය නොවී ඇති හැඩය. /

    යකෝ..ඔහොම වැඩක් කරනකොට තමන් බේරෙන්ට හොඳම වැඩේ තමන්ගෙ නම ලියල යවන එක.එතකොට තමන්ව සැක කරන්නෙ නෑනෙ කොහොමවත්..හෙහ්,හෙහ්,…අපි දන්නව මල්ලි ඔව්ව ගැන..Personal experience…Heh,heh..

    / එවකට මහජන පුස්තකාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ථිය අසල, අද කොළඹ නගාරාධිපති නිල නිවාසයේයි /

    පරණ පබ් එක මගෙත් බොහොම සුන්දර මතක සටහන් සහසක් රැඳුනු තැනක්..ලී සොල්දරේ..පිටිපස්සෙ තිබ්බ කැන්ටිම…පුස්තකාල සහයිකාවන් විදිහට වැඩ කරපු රූමත් ළඳුන්….

    / ඒ පැතිවල වඩාත් රස්තියාදුවුණේ ආනන්ද, නාලන්ද සිසුන්ය. /

    ඇත්තටම ඔය කාලෙ අපිත් ඔය හරියෙම තමයි කරක් ගැහුවෙ…උඹව දකින්ටත් ඇති සමහරවිට..:)

    / ශ්‍රීනාත්ගේ මවගේ ඉල්ලීමකට අනුව පානදුරේ අරියධම්ම හිමිගේ සීල ව්‍යාපාරයකටද සහභාගි විය /

    අනුරාධපුරේට කිට්ටුව ශ්‍රාවස්තිපුර අරියධම්ම හාමුදුරුවන්ගෙ තිබ්බ පන්සලක්. මම එතනට ගිහිල්ල තියනව බණ අහන්ට..අරියධම්ම හාමුදුරුවො ඒ කිට්ටුවම වගෙ අපවත් උනා නේද?

    / ලතින් භාෂාවෙන් එය ඉංග්‍රීසියට පෙරළූ විට Learn Or Depart යැයි කියවේ. මම පිටවුණෙමි. මා අයදුම් කල රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඇත. ඒත් ගල්කිස්සේමය. /

    ඈ බං…උඹ එතකොට ඒ ලෙවල් නොකරමද ඉස්කෝලෙන් අයින් උනේ?

    • රවියා උඹ කොයි පැත්තෙද බං මං 87 නා….

    • රවී…..උඹටත් මාර මතකයක්නේ තියෙන්නේ. සමර්විල් ටී බ්‍රෝකර්ස්ලා. උන්ගෙම තේ වතු සහ තේ වෙලඳාමක් තිබුනා. හයිඩ්පාක් පිටිපස්සෙ හරිම නිස්කලංක පාරක තිබුනේ.

      /////Personal experience…Heh,heh..//////
      හැබැයි මචෝ මම නම් නෙමේ මේ වැඩේ කෙරුවේ. මම ඔය ටීචර්ස්ලාගේ ඇඩ්‍රස් ඒවා මේවා දන්නේ නැහැ. කවුරු හරි නසරානියෙක් කරන්න ඇති. අර පල්ලෙහා SURAYA කියලා එකෙක් කියන්නේ ඔය ටීචර් ගැන තමා.

      පරණ පුස්තකාලය නම් මරු තැනක් තමයි. ඇතුලට ගියාමත් හරි අමුතු ගතියක් තිබුනා. ඒ ලී සොල්දර, ලෑලි පඩිපෙලවල් නිසා වෙන්න ඇති. මෙහේ සමහර බිල්ඩිං ඇතුලට ගියාම මට ඕක මතක්වෙනවා. ඒ කැන්ටිම නම් මට තාම මතකයි.

      අරියධම්ම හිමි අපවත්වුනා පීක් එකේ ඉන්න කාලේ. උපාසිකාවෝ පිස්සු වැටිලා හිටියේ ඒ දවස්වල. එක එක කාලෙට එන දේවල්.
      ඔව් බං මම ඒලෙවල් කරන්න මාස දෙක තුනකට කලින් ජොබ් එකට ගියා. ඒලෙවල් කරන්න සුදානමක් තිබුනේ නැහැ මගේ.ඔය පල්ලෙහා SURAYAයි මායි අන්තිමට පාඩම් කලා. ඌ දොස්තර කෙනෙක් වුනා. මම කොන්දොස්තර වුනා 😀

      • Pra Jay says:

        //සමර්විල් ටී බ්‍රෝකර්ස්ලා. උන්ගෙම තේ වතු සහ තේ වෙලඳාමක් තිබුනා. හයිඩ්පාක් පිටිපස්සෙ හරිම නිස්කලංක පාරක තිබුනේ.//
        Vauxhall Street ?

      • අන්න හරි ප්‍රා…වොක්ස් හෝල්ස්ට්‍රීට් එකේ පොඩ්ඩක් දුර පාක් එක පිටපස්සට වෙන්න වගේ.

  4. kathandarakaraya says:

    ඔබේ ලිපියේ කඩලේ ගැන කියවා මා ගිය ප්‍රාඨමික පාසලේ කඩල ආච්චී සිහිවිය.

    පාසල් දිවිය අවසාන වූ හැටි අසා දුකක් ඇතිවුණා! ශිෂ්‍යත්වයෙන් සමත්ව කොළඹ ආ ඔබට එසේ පාසල හැර යන්නට සිදුවීම ගැන එක හේතුවක් (වරදකරුවෙක්) හොයන්න බෑ නේද?

    • වරද ඔබ ඔබේ පොතේ කියා ඇති සැටියට කටයුතු නොකිරිම. මටත් වුණේ ඒ දේමයි. කල් ගත වි වරද නිවරද කරගත්තා. ඒත් අස්සයා පැණ ගිහින් එතකොට

      • ////වරද ඔබ ඔබේ පොතේ කියා ඇති සැටියට කටයුතු නොකිරිම/////
        @ නලීන්……..මේ කියන්නේ කකාගේ ආනන්ද පොත ගැනද? ආසයි කියවන්න. පොතක් කකාගෙන් ඉල්ලන්න ඕන.

    • රාජ් says:

      මට අනුව නං වරදකරුවෙක් ඉන්නව. නමුත් මෙතෙන්ට අවශ්‍ය නෑ. මම එහෙම කිව්වෙ මගේ ජීවිතේ ගතවෙච්ච විදිය අරූගෙ ජීවිතයත් එක්ක සම්පාත කරල.

      • @ රාජ්……අපේ පවුල්වල හැමෝම කියන්නේ මේවාට මූලික හේතුව තාත්තා කියා. එහි ඇත්තක් තියෙනවා අනිත් පවුල් අරන් බැලුවාම. රාජ් හිතනවා ඇත්තෙත් එහෙම වෙන්න ඇති. මගෙත් සෑහෙන්න වැරදි තිබුනා.

    • @කකා…..මම කඩල ආච්චිගේ ලිපිය කියෙව්වා. ඒක හරි හැඟීම්බරයි. සන්නස කියන්නේ ඔහේ පළවෙන පත්තරයක්ද? ශ්‍රීනාත් මද්දුමගේ ඉන්නේ බේබිත් එක්ක.

      මගේ ඉගෙනුම කඩාකප්පල්වෙන්න එක හේතුවක් නැහැ කකා. තාත්තාගේ ක්‍රමයක් නැති ජීවිතය නිසාත් එක කාරණයක්. අනිත් එක මගෙත් නොසැලකිල්ල. මීට වඩා කට්ට කාලා ඉගෙනගන්න ළමයි හිටියා සහ ඉන්නවා. මට නිසි මාර්ගය පෙන්නන්න කවුරුත් හිටියේ නැහැ. අවුරුදු 6-7ක කාලෙට තැන් 10ක ඉඳන් ඉස්කෝලේ යන එකත් සෙල්ලමක්ද අප්පා.

      • Pra Jay says:

        ඒ කියන්නෙ සාම්ප්‍රදායික ඉගනීම අති සාර්ථකව කලානම් අපිට මේ රසවත් පෝස්ට් කියවන්න වෙන්නෙ නෑහෑ නේ?
        කොහොමවෙතත් ඉගනීම විභාග සහතික පමනක් නොවේ

      • @ Pra…..////කොහොමවෙතත් ඉගනීම විභාග සහතික පමනක් නොවේ/////
        හැබැයි අපේ රටේ ඉල්ලන්නෙම කඩදාසිනේ. ඒකනේ හැමෝම කඩදාසි පිටුපස යන්නේ. කොතනක හෝ හරි ගස්සන්න තැනක් තියෙනවා. මට ක්ලීනින් හරි කඩේක බඩු අඩුක් කරන්න හරි රස්සාවක් ඕන නම් ,මේ රටේ මගේ ඉස්කෝල සහතික ඉල්ලන් නෑනේ. හැබැයි ලංකාවේ ඕක වෙනස්නේ.

  5. අරූ මචෝ අද ඔබ ලියා ඇත්තේ රාජකීය කතාවකට වඩා අපේ කතාවක්. ආනන්ද නාලන්ද කතාවක්.ඔබේ කතාවේ වසර 4කට පමණ පසු ජීවමාන චරිතයක් මමත්. අර රැකියා කතාව අදටත් අපට වලංගුයි. පාසලෙන් එවන්නේ කවුද හැහි හැම එකාම ඒකට තැන දෙනවා මචං. මමත් ඒ දේ අදටත් කරනවා. මේ අතිතය මේ විදියට දිග හරින මේ බ්ලොග අමතව වන්නට පෙර යැයි නම ඉතාම ගැලපෙනවා.

    • @ නලීන්……මේ කතාව උඹ රසවිඳිනවා නම් , උඹටත් අතීතය මතක්කර දෙනවානම් මට සතුටුයි. ඉස්කෝලේ කාලයත්, ඒ ගැන කතාකිරීමත් නතර කරන්න බැරි ඇයි කියලා හිතෙනවා කමෙන්ට්ස් දැක්කාම. මට තාමත් පාසැල් මිතුරෙක් එක්ක කතාකරනකොට ඒ හැඟීමම එනවා.

  6. අරූ අයියා ඉතාම බුධ්ධිමතෙකි , ටීචර්ගේ බුරිය ගැන කවි ලියා ඊට යටින් නමද ලියා ගෙදරටම තැපැල් කලේ , වැඩේ කල එකා තමාගේ නම ඊට යටින් නොයොදනු ඇතිය යන පොදු උපකල්පනය මත සිට ටීචර්ද කටයුතු කරනු ඇතයි සිතාය , නමුත් ටීචර් ඊට වඩා බුද්ධිමත් නිසා සහ අරූ යන කුපාඩි ශිෂ්‍යාගේ හැටි දන්නා නිසා වැඩේ කේස් විය , අරූ මාට්ටු විය

    • Buratheno says:

      ටීචර්ට වුනත් ඉතින් පේනවා ඇති නෙවැ පන්ති කාමරේදි බ්ලැක්බෝඩ් එක දිහා බලන්නෙ නැතුව එයාගෙ බුරිය දිහාම ඇහැ ගහගෙන ඉන්න එකා මොකාද කියලා.. 😀

      • @ බුරා……ඔය SURAYA ගේ කමෙන්ට් එක කියවපන්. ඒත් ඔය ටීචර් ගැන. අන්න බලපන් බ්ලැක්බෝඩ් එක දිහා බලන්නේ නැතුව බුරි බලපු එවුන්.

    • පත්තර මල්ලි says:

      අනුමත කරමි !! 😀

    • මම විරුද්ධත්වය පළ කරමි එකෙන්ම.මොකද අරූයියා ඔහොම දෙයක් කලානම් නොලියා ඉන්නේ නැහැ පොර ඕක මේකේ.

      අරූයියා ,මුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බලපං උඹේ නම කැත කරනවාට…:D

      • අන්න උඹත් පොදු උපකල්පනයට රැවටිලා

      • /////අරූයියා ,මුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බලපං උඹේ නම කැත කරනවාට/////
        @ මනෝ…..උඹට තමයි තේරුනේ. මේ ගැන හිතලා බලන්න ඕන. ඉස්කෝලේ කාලේ බුරි බලපු ජනාධිපති නීතිඥයොත් ඉන්නවා.

    • @ ඉවාන්….යකෝ ඔය ගුරුතුමීට හොඳ හැඩ ෆිගර් එකක් තිබුනා. ඉතින් කවුරුත් වර්ණනා කරනවානේ. මමත් ඕක ඉහලින්ම කරනවා. කවුරුහරි දසයෙක් තමයි ඕක කරේ. මාව තමයි අහුවුනේ. අඩෝ මම කුපාඩි නැහැ. ඔය ටීචර් මහරගම ස්කූල් බස් එකේ එන්නේ.

      • තිස්ස says:

        දැන් (2014) නම් ඒ ගුරුතුමීට වයස 62 ක් වත් ඇති. මට නම් 100% ක් ෂුවර් තාම හොඳට ඇති ෆිගර් එක. අරු අයියා දන්නේ නැද්ද එතුමිය දැන් ඉන්න තැන?

      • තිස්ස……රුක්මලී, දේවිකා රණසිංහ ඕස්ට්‍රේලියාවේ. මෙන්න මේ පිටුවේ ගොඩාක් අයගේ විස්තර තියෙනවා.. මේ ටීචර් මතකද?
        <a href="http://www.dailytelegraph.com.au/nanna-hailed-hero-of-the-day/story-fn6bmg6l-1225995213000"මේ ටීචර් මතකද?

      • තිස්ස says:

        රාජකීය විද්‍යාලයයේ ශිෂ්‍යයොත් පිටරට පදිංචියට ගිහින්… ගුරුවරුත් ගිහින්… හැබෑටම මොකද ඒ, අරු අයියා?

      • අනේ මන්දා තිස්ස…මෙහේ තියෙන ආදි ශිෂ්‍ය ශාඛාවේත් සෑහෙන්න ඉන්නවා. මම නම් එහෙම බැඳිලා නැහැ. හැබැයි ඔය වාර්ෂික උත්සවයකදි දකිනවා. ඕස්ට්‍රේලියාවේ කොච්චර ඇද්ද මන්දා. එක වෙලාවකට හිතෙනවා ඉස්කෝලෙන් පිටවුනු අයගෙන් බාගයක් පිටරටවල් වලද කියලා. හොඳට ඉගෙණගත්ත අය නම් කියන්නේ ලංකාවේ තියෙන අවස්තා අඩුයි ඒ නිසා ආවා කියලානේ. උසස් අධ්‍යාපනයට ඇවිත් එහෙමම ජොබ්ස් කරන්න පටන් ගත්ත අයත් ඉන්නවා. පිටරටකට පුරුදුවුනාම ආපහු මව් රටට එන්න අකැමති අයත් ඉන්නවානේ ගොඩාක්.

        ඒ මොනවා වුනත් මම නම් ආවේ ආර්ථික ප්‍රශ්න නිසාමයි. අනිත් කාරණය තමයි , අපි බොහෝ කාලයක් අරාබියෙත් හිටිය නිසා දරුවා මුල ඉඳන්ම ඉගෙනගත්තේ ඉංග්‍රීසියෙන් ඒ රටේදි. ලංකාවට ආවාට පස්සේ ඉන්ටනැශනල් ස්කූල්වලට ගෙවන්නත් අමාරුවුනා. උසස් අධ්‍යාපනයට මොකද කරන්නේ කියන ප්‍රශ්නයත් ආවා. අවසානේ මේ රටට පවුලම ආවා. ඇයගේ අධ්‍යාපන වැඩ කටයුතුත් ඉවරයි. දැන් පීඑච්ඩී එකකට සැරසෙනවා. ඒවා පටන් ගත්තට පස්සේවත් මට නම් ස්ථිර පදිංචියට ආපහු රටට එන්න ඕන.වයිෆ් නම් දැන් රිවර්ස් ගියර් එකේ, ඒ මාතෘකාව ආවාම 😀 අපි දෙන්නාගේ ලොකුම උවමනාව තිබුනේ දරුවාගේ අධ්‍යාපනය.

  7. Buratheno says:

    ඒ කාලෙ හැට් කලෙන්ෂන් දාද්දි සමහර ඇන්ටිලා මරිසිය දානවා.. “ඔයාලා මේ සල්ලි එකතු කරලා ගිහින් අරක්කු බොනවා. ඔයාලාට සල්ලි දෙන්න හොඳම නෑ” වගේ ටෝක් දෙනවා.. අපිත් ඉතින්, “අනේ නෑ ආන්ටි, අපි එහෙම අරක්කු කටේවත් තියන්නෙ නෑ. මේ ග්‍රෑන්ඩ්ස්ටෑන්ඩ් ගිහින් මැච් එක බලන්ට තමා කීයක් හරි එකතු කරන්නෙ” වගේ පානිය දාලා, අහිංසක හිනාව දාලා කොහොමහරි ගානක් කඩාගන්නවා.. හැබැයි එතකොටත් පිටිපස්සෙ සාක්කුවෙ බාගයක් හංගගෙනයි ඉන්නෙ.. අනේ එහෙවු කාලයක්! 🙂

    උඹලාගෙ කාලෙත් ටීචලා බුරිය පේන්ට සාරිය ඇන්දාද? දැන් ඉන්න ටීචලාත් එහෙමයි.. ඒකට අපේ කාලෙ ටීචලා.. තුක් නොදෝමකින්!!

    • helapayaa says:

      බුරිය පෙනෙන්න සාරි ඇන්දා විතරක් නෙවෙයි බුරා රබර් පුකවලුත් දැම්මා.අපේ එකෙක් ඔට්ටුවක් අල්ලලා ටීචගෙ පස්ස අතගෑවා එයා දන්නෙ නෑ.ඔන්න ඔහොමයි අපේ කාලෙ.

      • Beetle says:

        අරූ ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ සිද්ධියක් වෙන්න ඕනේ මේක… ඒ ඉස්කෝලෙම කොල්ලෝ සෙට් එකක් ඔහොම ඔට්ටුවක් දැම්මා ඉංග්‍රීසි ගුරුතුමියකගේ තිසරු මිරිකන්න… හැලපේ කියන ඔට්ටුවට වඩා මේක මාර රිස්කි… ඒත් කතානායකයා කොච්චර විමසිල්ලෙන් ඒ අවස්ථාව එනකල් හිටියද කිව්වොත්… (මම ආපස්සට මතකයෙන් ගනන් හදලා බලපු විදියට) 1991 අවුරුද්දේ රෝයල් එක ගාව JOC බෝම්බේ පිපිරුණ වෙලාවේ ළමයිනුයි ගුරුවරුයි පඩිපෙලේ වැටි වැටි දුවද්දී ඒ කලබලේ අස්සේ මරබය මැදින් මූට මතක්වුනා ඔට්ටුව… ඔන්න ඔහොමයි අපේ කාලෙත්… 🙂

      • @හැලපේ…අපෙත් ටීචර් කෙනෙක් හිටියාද කොහෙද රබර් පුකී කියලා. හැබැයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. කොල්ලෝ හදාගත්ත කතාද කොහෙද.

      • @ BEETLE ඌ නම් පුදුම පොරක්නේ බන්. බලපන් ඔච්චර දෙයක් අස්සේ උගේ ඔළුව වැඩ කරපු හැටි. ඔය කාලෙට ඔහොම තමයි. ඔය වගේ වීර වැඩවලට හරි ආසයි.
        1991 ජූනි තමයි ඔය බෝම්බය පිපිරුවේ. 12 දෙනෙක්ද කොහෙද මැරුණා. ඔය කාලේ මම බැඳලා දරුවෙකුත් ඉන්නවා. බීට්ලුත් ඔය කියන ඉස්කෝලෙමද?

      • Beetle says:

        @අරූ… ඔව්… මම එතකොට Grade 7…

    • @ බුරා….හැට් කලෙක්ෂන් එකනම් පිස්සු හැදෙනවා. අපි යන්නෙම කුරුඳුවත්තේ පොෂ් ඒරියා එකට. ගේට්ටුත් වහලා. දෙකක් දාලා ඉන්නවානම් තාප්පවලිනුත් පනිනවා. මට මතකයි කඩ්ඩෙන් කතා කරන්න ඕන තැනට අපි කතාකරන්නේ නැහැ.හොඳට කඩුව පුළුවන් එකෙක් හිටියා අපි ගාව. උඹ කිව්වා වගේ මුලින් බනිනවා. ඊට පස්සේ කොලෙජ් ඇන්තම් එක කියන්න කියනවා හරියට කන්ෆර්ම් කරගන්න. ඒකත් කියලා ගාන කඩා ගන්නවා.
      /////අපේ කාලෙ ටීචලා.. තුක් නොදෝමකින්!!//////
      උඹලාගේ කාලේ ඇන්දෙ වෙන මොකක් හරි පේන්නද?

      • Buratheno says:

        අපේ කාලෙ ඔය කිසිම දෙයක් පේන්ට ඇන්දෙ නැහැ බං.. ඒකයි අවුල.. 🙂

      • Clement Peris says:

        Aru,
        I would like to forward my strong and direct objection in insulting female teachers in pointing their dress and corporal parts of their bodies. Further, I would mark my enmity to you in promoting theses ideas. As I see that these comments and ideas look down upon the lady teachers in one or another way.
        Thank you for allowing me to put this comment in your site and think that you will not make any hard feelings in me.
        Long live your writings!!
        Clement Peris

      • @ Clement….බොහොම ස්තූතියි . විවෘතව අදහස් දැක්වීම අගයකරන අතර එසේ කිරීමට ඔබට ඇති අයිතියටත් ගරු කරමි.

        ක්ලෙමන්ට්…මම කරන්නේ සිදුවීම් ඒ සැටියෙන් ලියා තැබීම සහ සාකච්ඡා කිරීමයි. ඒ තුල නොයෙක් දේ මාතෘකා විය හැකිය. යමක ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම යනු දෙකක් මිස එකක් නොවන බව මම සිතමි. නමුත් අප වටහාගත යුතු කරුණ වන්නේ ඇත්ත ඇති සැටියෙන් කතා කිරීමේ වැදගත්කමයි. ලෝකය නැමති දොර නැවත අඩවල් කිරීමටවත් නොහැකිසේ විවෘත කර තබා ඇත. මට එය කිසිසේත් වසා දැමීමටවත් ,හරස් කිරීමටවත් සම්පත් නැත. මා එසේ කලයුතුද නැත.

        අදවන විට බ්ලොග් ලෝකය කෙසේ වුවත්, ජනප්‍රිය මාධ්‍යයන්හී පවා පාසැල් තුල පමනක් නොව ළදරු පාසැල්, ආගමික ස්ථානවල සිට ජනාධිපති මන්දිරතුල පවා සිදුවනදේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවේ. බිල් ක්ලින්ටන් බුරිය බැලුවාටත් එහා ගිය දේවල් සවිස්තරාත්මකව වාර්තා විය. පාසැල් ගුරුවරුන් සහ ගුරුවරියන් අතර අනියම් සබඳකම්, අපචාරවලට ලක්වන දරුවන් වැනි මාතෘකා නිතර වාර්තාවේ. හොරෙන් බලනවා වාගේම හොරෙන් බැලුවා යැයි කීමද සාමාන්‍ය දෙයකි. ඒ හැර, ඔබ සඳහන් කරනා පරිදි ,එක් ඉළක්කකර ගත් පිරිසක් (ගුරුවරියන් )අපහාසයට ලක්කිරීමට ගත් උත්සාහයක් නොවේ.

        ක්ලෙමන්ට්…..ඔබගේ අදහස් කෙලින් පැවසීමට ඔබ දක්වන උනන්දුව මම අගය කරනා අතරම, ඔබ වැනි අය තුලින් මතුවන අදහස් තුලින් ඇතිවෙන සංවාදයන් නිසා, මමද , ලෝකයද, ඔබද වඩාත් නිවැරදි මාවත්වලට පිවිසෙනු ඇත. මම නැවතත් ඔබව අගයමි..අපි සාකච්ඡා කරමු. අප සියල්ලෝම නිවැරදි වීමට උත්සාහ කරමු.

      • Pra Jay says:

        ///think that you will not make any hard feelings in me.///
        @ Clement and Aru,
        I thought the subject of the navel (including the adjacent area) DOES make hard feelings in men, especially, adolescent schoolboys !

      • ප්‍රා…..ෆීලින්ග් එක සොෆ්ට් වෙන්නේ බලන් ඉඳලා බැනුම් අහනකොට.

      • Pra Jay says:

        //..අපි සාකච්ඡා කරමු. අප සියල්ලෝම නිවැරදි වීමට උත්සාහ කරමු.//
        ඒකියන්නෙ තව බුරි පෝස්ට් දෙක තුනක් ලියල දාමු නේ. මේක හරියට සාකච්චා කරල නිවෑරදි වුනොත් හොදයි නේ අපිත් ආසයි ඔව වගේ සබ්ජෙක්ට් ගෑන නිවෑරදිවෙන්න. කෙන්ජිත් මන් හිතන්නෙ ආදර්ශමත් ලිපියක් ලියයි

      • ප්‍රා……මම හරි කැමතියි ප්‍රාගේ තියුනු උපහාසයට. මම ඒක බොහෝ තැන්වල දැකලා තියෙනවා. නියමයි.

      • Pra Jay says:

        ඈත්තම කියනවානම් ක්ලෙමන්ටට දුන් ඔබේ පිලිතුර diplomacy, politeness ගෑන මා ලගදී දුටු හොදම උදාහරණ්යක්. පිටරටනම් කියන්නෙ නියම පොලිටීශන් කෙනෙක් ලෙස පිලිතුරු දී තියනවා කියා
        ( ලන්කාවෙ නම් කියන්න බෑ උන් කතාකරන්නෙ රෙද්ද උස්සගෙන නිසා )
        ඒක නෙමේ අරූ පෝස්ට් කොහොමවෙතත් පිලිතුරු ලියන්නෙනම් දෙකක් දාගෙන නම් වෙන්න බෑ.

      • ////ඒක නෙමේ අරූ පෝස්ට් කොහොමවෙතත් පිලිතුරු ලියන්නෙනම් දෙකක් දාගෙන නම් වෙන්න බෑ./////
        හා…හා..හා.. පෝස්ට් ලියනකොට දෙකයි…උත්තර දෙනකොට තුනයි. ෆුල් ත්‍රිල් එකේ උත්තර ලියන්නේ 😀

  8. suraya says:

    aru
    දිනක මෙම ගුරුතුමිය පාඩමක් කරනා අතර මග මගෙ ඈස් යොමුවී තිබුනෙ කලු ලෑල්ලට නොවන බව තෙරුම්ගෙන සාරි පොට වහා පහලට ගෙන,මා දෙස නපුරු බෑල්මක් බලා මාගෙ සිහින ලොකය සුන්නත් ඩූලි කලාය.
    අපි ඈව වම්බොට්ටී යන සුරතල් නමයෙන් හෑඩින්නුවා බවද, එ කුමන හෙතුවක් මතඩ මට මතක නෑත
    ඉතා සුන්දර කාන්තාවක් වූ නිසා කවදාවත් හමු නොවු ඈයෑගෙ සෑමියා අපගෙ නිරන්තර ඉරිසියවට බදුන් විය

    .ඒ කෙසෙ වෙතත් සත්ව විද්යාව වෑනි රසක් නෑති විශෙයක් පන්ති කට් කීරීමට අපට නොහිතීමට ඈයගෙ ආකර්ශන්ය බලවත් වු බවත්, විශ්වවිද්යාලයට යාමට ලකුනු ලබා ගනීමට මට ඈයගෙ ඉගෑන්නීමෙ දක්ශතවය ඉහලින් දායක වු බවත් මම ඉතා ගුරු භක්තියෙන් ප්‍රකශකරමි.

    SURAYA

    • Anonymous says:

      මෙහෙම සීන් එකක් අපේ ඒ ලෙවල් ක්ලාස් එකෙත් වුනා. ගුරුතුමිය උගන්නන කම් අහන් ඉන්න ගමන් කොල්ලො හොරෙන් බැලුවට, එකෙක්ට පොඩ්ඩක් carried away වෙලා අමතක වුනා නෝට් එක ලියාගන්න කොට ටීචර් දිහා නෙවෙයි පොත දිහා බලන්න ඕනෙ බව.

      “අයිසෙ ල‍‍‍—- ලියාගන්නවා කොහෙද බලන් ඉන්නෙ” කියන එක මහ හය්යෙන් කටින් පිට වුනාටත් පස්සෙ තමයි ගුරුතුමීට ක්ලික් වුනේ ල— කොහෙද බලන් හිටියෙ කියලා.

      • පත්තර මල්ලි says:

        අපි ඔය කාලෙ පිටිපස්සෙ පේලි වල ඉංග්‍රීසි පොත අස්සෙ දාං ටැබ්ලොයිඩ් සයිස් මෙව්ව පත්තරත් බැලුවා ඇනෝ මචං.. එහෙං ඒක බලද්දි පන්තිය ඉස්සරහින් පුන් සඳ පායලා .අයියෝ අපි හරි පව් !!!!

      • Anonymous says:

        මචං පත්තරේ ඒ පත්තර ගහපු එකාට ඉංග්‍රීසි පොතේ ඩයිමෙන්ෂන්ස් ගැන හොඳ අවබෝදයක් තියෙනව නේද 😀

      • පත්තර මල්ලි says:

        අන්න ඒකනෙ ඇනෝ මචං වැඩේ. මං හිතන්නේ ඉංග්‍රී පොත අච්චු ගැහුවේ කන බොන මනුස්යෙක් වෙන්ඩෝනැ.. නූලට කියල හැදෙව්ව වගේ හරිනේ.. සක්කරයට වත් හොයන්ඩ බෑ. ඒක අස්සෙ ඉංගිරිස් මැගසින් එකක් දැම්මම ආයෙ හොයන්ඩම බෑ.. 😀

      • @ මචං ඇනෝ….ටීචර්ටම ලැජ්ජ හිතෙන්න ඇති කොහෙද බලන්නේ කියලා ඇහුවාට.

      • @පත්‍ර බ්‍රදර්…..අපේ කාලෙත් ඔය වල්පොත් බැලිල්ල තිබුනා. ඇයි දන්නේ නැහැ ඕවා ඉස්කෝලෙටම ගෙනල්ලා බැලුවේ.

        අපේ අන්තිම පේලිය…කපිල පීරිස්, ධම්මික අගලවත්ත. මම, ලලිත් චන්ද්‍රරත්න, අජිත් කුමාර,හර්ෂ ගොඩගේ…මේ අය ගැන දන්න අය ඉන්නවාද

      • තිසර says:

        ඉංග්‍රීසි අච්චු පොත තමයි ගෙනියන්න වාතම අච්චු පොත ඒකේ සයිස් එක නිසා. ඒත් අපි කවදාවත් ඒක ගෙනියන්න අමතක කලේ නැහැ.

    • @SURAYA……ඔව්..ඔව්.. වම්බට්ටී කියන නමත් දැන් මතක්වුණා.හරි දක්ෂ ගුරුවරුයක් බවට කතා දෙකක් නැහැ. මට මතක් වෙනවා වලZOOLOGY තිබුණු මිනිස් ප්‍රජනනය පාඩම ඉතාම කලබලෙන් සහ අපහසුතාවයෙන් උගන්නපු හැටි. සිශ්නය, මුණ්ඩය, යෝනිය ඕවා බොහොම අමාරුවෙන් තමයි කියලා දැම්මේ. උඹ විශ්වාස කරපන් ..එදා අපේ පන්තියේ එකෙක් කට් කරලා තිබුණේ නැහැ. මට අදවගේ මතකයි ඒ දවස.

      උඹ මීට පෙරත් ඔය ගුරුතුමියගේ දක්ෂතාවයන් කියා තිබෙනවා. උඹට මතකද BOTANY CHOOTI මිස්. කෙමිස්ට්‍රි දේවිකා රණසිංහ මිස්. ෆිසික්ස් අල්විස්. හොඳ ගුරුවරු බන්.

      මට උඹට වෙච්ච බුරි බැලිල්ල ගැන මතකයි. උඹලා බුරි බලලා හරි මෙඩිකල් කොලෙජ් ගියා. මම බුරි නොබලා මෙඩිකල් කොලෙජ් එකේ වල බැස්සා.

      • තිස්ස says:

        ංආ…. ඔයගොල්ලෝ දාපු නම වම්බොට්ටි ද? ….. අයියෝ, චාටර් නමක් නේ…… මැත්ස් ක්ලාස් එකේ හිටපු අපි එයාට දාපු නම තම යි Sec C (උච්චාරණය කරලාම බලන්න!).

        [*Sec කියන්නේ කෝසයිනයේ (Cos) පරස්පරය බව ඔබ දන්නවානේ.]

  9. Anonymous says:

    උනු දේවල් වල හැටියට උඹ ඔය ගානට ඉස්කෝලෙ ගිය එකත් සෑහෙන achievement එකක් නේද.

    උඹලගෙ කඩලෙයි ඩැනී අය්යයි වගෙ දෙන්නෙක් අපෙ ඉස්කෝලෙත් හිටියා. අපේ ලැබ් එකේ පොරත් ඇන්දෙ සුදු සරමයි ෂර්ට් එකයි. ෆිසික්ස් පුලුවන් සෑහෙන්න. පඩිය ම බලන් නෙවෙයි හිතේ සතුටට වැඩ කරේ මම හිතන්නෙ.

    • අනේ මචං උන්න හැටියට මලා මදැයි කියලා කතාවක් තියෙනවානේ. හැබැයි මට ඉගෙනගන්න බැරිකමක් තිබුනු එකෙක් නෙමෙයි බන්. ඒ කාලේ වැඩකරේ මොළයෙන් නෙමේ හිතෙන්. එහෙම වෙච්ච එකේ හොඳ ප්‍රතිඵලයකුත් තියෙනවා බන්. හොඳ බිරිඳක්…හොඳ දියණියක්…ඒ ඇති.

      අපේ ඩැනී අයියාත් ඉංග්‍රීසි දන්නවා. යමක් ඉගෙනගත්ත මිනිස්සු වෙන්න ඇති. මම කියන කාලෙත් වයස 50ක් විතර ඇති.

  10. පත්තර මල්ලි says:

    අපි පරණ පබ් එකක් ගැන දන්නෙත් නෑ අයියෙ, අපේ කැටයං තිබුනේ අලුත් පබ් එකේ ඇතුල් වෙලා දකුනට හැරිලා ගියාම තියන පාඩං කරන කෑල්ලෙ.. කපල් සෙට් එකම ගියාට මං නං කරපු පාඩමක් නෑ.. පැය බාගෙකට විතර පාරක් මොකක් හරි බයිලයක් ගහලා කැන්ටිමට විත් බට්ටෙක් ඇදලා ප්ලේන්ටියක් ගහලා මගේ ආතල් එක මං ගත්තා. ඒකට හරියන තව දෙතුන් දෙනෙකුත් හිටියා..

    ඔය බිග් මැච් සීන් එක නං පට්ට.අපි සල්ලි ඉල්ලන්නේ කොහොමත් බොන්න බව දන්නවා.. අපේ කාලෙ අපි වෙස්මූණු ත් දාං ගියා..ඉනේ නකල් එකක් හරි මොකක් හරි අනිවාර්යයි. ඇරියස් අල්ලන්නෙ ඔය වගේ දවස් වලට නේ.. කැමක් ෂුවර් තමා..ගොඩක් අය සල්ලි දුන්නා.. බොංගො එකයි කැප් එකයි..පට්ට ආතල් වැඩේ ඕක.. හතේ අටේ ඇටිකිච්චා හරි බියර් එකක් වත් ඇනගෙන ඉන්නේ 😀

    • පත්තරේ……ඔය අළුත් ලයිබ්‍රරියෙ කැන්ටිමේ හරි ප්ලේන්ටියක් ගහලා සිගරට් එකක් ගැහුවේ නැත්නම් වැඩක් නැහැ බන්. බත් ලෙහාගෙන බෙදාගෙන හදාගෙන කන එවුන්ද, වඩෙන් ප්ලේන්ටියෙන් ශේප් වෙන එවුන්ද, ප්ලේන්ටිය දෙකට කඩාගෙන ගහන එවුන්ද, වතුර වීදුරුවක් ගහලා සිගරට් බාගෙට සෙට්වෙන එවුන්ද ආදී වශයෙන් වර්ග කීයක්ද?

      උඹට කියන්නේ පත්තරේ..ඉස්කෝලේ යනකාලේ බිග්මැච් එකට කවදාවත් වලියකට සෙට් වෙලා නැහැ. එහෙම සෙටුත් හිටියා. වලිම තමයි.

  11. javi says:

    කෙලින්ම මාව ඉස්කෝලෙ කාලෙට එක්ක ගියා. පියදාස සිරිසේන මාවතේ තියෙන සල්ගාදු හෝටලයට ගියෙ නෑද්ද බන්. ඒකත් ඉස්සර වල බහින පොට් එකක්.
    අපි නම් දන්නෙ දෑන් තියෙන මහජන පුස්තකාලෙ විතරයි.
    අදත් පට්ටෙටම ලියලා. ජය වේවා

    • ස්තූතියි ජවී…….ඔය සල්ගාදු එකයි ඩිමෙල් එකයි මට පොඩ්ඩක් ටැපලිලා තියෙන්නේ. මම ඔය දෙකෙන් එකකින් බැදපු මාළු පෙත්තක් උස්සලා හෙණ සීන් එකක් වුනා. පස්සේ කවුද ඇවිත් ශේප් කරා.

      දැන් තියෙන තැනට ඉස්සෙල්ලා තිබුනේ අර බිල්ඩිමේ.

  12. Kumara says:

    මචං ඔය ඩැනි අයියා කෙනෙක් අපේ නාලන්දෙත් හිටියා.ඒ ලෙවෙල් ලැබ් වල නම පෑලිස් අයියා රවිලට නම් මතක ඇති.හැලපයා කියන රබර් පස්සක් අපේ රසායන විද්්‍යා ගුරුතුමිය වුන රංජනී සිල්වා මෙනවිය දාගෙන හිටියා කියල හැම එකාම කිව්වත් අපේ කාලෙ නම් ඒක ඇත්තද කියල චෙක් කරල බලන්න නම් අවස්තාවක් ලැබුනෙ නෑ

    • කුමාර……මචං මගේ වයිෆ්ගේ තාත්තාත් නාලන්දේ. දැන් නම් ජීවතුන් අතර නැහැ. වයසට යනකම් බිග්මැච් ගියා. පස්සේ පස්සේ එදාට ටීවී එකේ ආනන්ද- නාලන්ද බලනවා. වෙන කාටවත් වෙන දෙයක් බලන්න බැහැ. නැත්නම් රේඩියෝ එක කණේ. හෙන් රි ජයසේනයන්ගේ මිත්‍රයා සහ ක්ලාස්මේට්.

      අපෙත් හිටියා රබර් පුකී කියලා ටීචර් කෙනෙක්. මට දැන් හරියටම මතක නැහැ පස්ස පැත්තේ සයිස් එකවත් 😀

  13. sudeeka says:

    මේක අවුල් වන්නට පෙර විදියට සටහන් කරලා තියෙන්නේ, අවුල් වුණේ පාසල් කාලෙන් පස්සේ කියන එකද ?

    ඉස්සර ඔය රබර් පස්සක කතාවක් අපේ තාත්තාත් කිව්වා. එහෙම කෙනෙකුට පිටිපස්සට අල්පෙනෙත්තකින් ඇනපු කතාවක්. හරියටම මතක නෑ. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා. මොකද හැම කෙනෙකුටම පාසල් කාලයේ මේ වගේ සොඳුරු මතකයන් තියෙන නිසා.

    • //////මේක අවුල් වන්නට පෙර විදියට සටහන් කරලා තියෙන්නේ, අවුල් වුණේ පාසල් කාලෙන් පස්සේ කියන එකද ?///////
      මොන පිස්සුද සුදීක…..සදාකල් අවුල් තමයි. දැන් තමයි ඔය පොඩ්ඩක් පැත්තක් ගහලා ඉන්නේ :

      රබර් පස්සවල් ගැන නම් අහලා තිබුනට දකින්න, අල්ලන්න හම්බවෙලා නැහැ කවදාවත්. දැන් තියෙන්නේ buttock implants නොහොත් “පුක් බඩ්” කිරීම නේ..

      • bindi2 says:

        මට හිතෙන්නේ ඇල්ෂයිමර් වෙලා මතකය අවුල් වෙන්න කලින් අරූ මේක ලියනවා කියල .

      • ඔව් . කොයි වෙලාවේ හරි ඇල්ෂයිමරයා හරි වෙන මොකෙක් හරි ඇටෑක් කරොත්.

  14. maathalan says:

    උඹලගේ කොහෙද බන් රූමත් මිස්ලා හිටියේ. මාත් මාස තුනක් මැත්ස් ක්ලාස් එකෙත් හිටියා නේ. ලොජික් උගන්නපු කළු ආරච්චි මිස්ට ගහන්න මිස් කෙනෙක් උන්නෙ නෑ ඉස්කෝලේ. උඹ ඉස්කෝලෙන් අයින් වෙන නිසා මගේ වීරයෝ ටිකකුත් මෙතන කියන්නම්, ඒ උත්තම උත්තමාවියන්ට කරණ ගෞරවයක් විදියට. මාල් විජේරත්න, ගංජා හුටං, බම්බා, ධර්මතිලක සෑර්. කුරේ සෑර්, මුණසිංහ සෑර්. මාරේ සෑර්, ග්‍රවුන්ඩ් බෝයි ආනන්ද, බස්සා, ඩී පී, සමරකෝන් සෑර්, දළුවත්ත සෑර්. රණසිංහ මිස්ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් කෙමෙස්ට්‍රි. අනිත් එක්කෙනා එකවුන්ට්ස් ඇන්ඩ් ඉකෝන්.

    පුන්සදේ සිරි දිණූ..
    රන් පුතුන් බිහි කෙරූ..
    රාජකීය විදුහල් සිරි නංවමූ….
    (නංවමූ).. ///
    හොඹවමූ……….. ලකඹරේ…..

    School where our fathers learnt the way before us
    Learnt of books and learnt of men, through thee we’ll do the same
    True to our watchword “Disce Aut Discede”
    We will learn of books and men, and learn to play the game…

    • Sa rasa says:

      එල්ලමූ දොඹකරේ //

      • පුන්සදේ සිරි දිණූ..
        රන් පුතුන් බිහි කෙරූ..
        රාජකීය විදුහල් සිරි නංවමූ….
        (නංවමූ).. ///
        හොඹවමූ……….. ලකඹරේ…..

    • බම්බා කිව්වේ පස්සේ ආමඩ් කෝ ගිය එක්කෙනාද?

      • pk says:

        නැහැ. අහින්සක කෘෂිකර්මය ගුරුවරයා. පස්සෙ කාලෙක බීලම මිය ගියා

      • @pk අපි ඉන්න කාලේ කෘෂිවිද්‍යාව(උ/පෙ )ඉගැන්නුවේ පුෂ්පා අබේසිරිගුණවර්ධන මෙනවිය. හරිම හොඳ ගුරුවරියක්. යාළුවෙක් වගේ. පස්සේ බැන්දා…පුෂ්පා ජයකොඩි වුනා. මේ ඉන්නේ ඇය යැයි කියා මම විශ්වාස කරනවා.
        http://www.dailytelegraph.com.au/nanna-hailed-hero-of-the-day/story-fn6bmg6l-1225995213000

        කකා දන්නවා ඇති.

    • මාතා……..උඹට මතක ඇති දෙයක් ලියපන්කෝ. මීට වඩා බොහෝ දේ තියෙනවා ලියන්න. ඒක වෙනම සීරිස් එකක් වෙයි එහෙම වුනොත්. මචං…ඔය ගුරුවරුන් සහ අනිත් අයගෙන් මට බොහෝ දෙනෙක් මතකයි. මම කටයා මහත්තයා ගැන ලිව්වේ නැහැ බොහෝ අය ලියා තිබෙන නිසා. ඔය කෙමිස්ට්‍රි රණසිංහ ටීචර් තමයි දේවිකා රණසිංහ. දැන් ඇමරිකාවේ හරි කොහෙ හරි බව මගේ යාළුවා කිව්වා. මම පෝස්ට් එකේ ලියා ඇති රණසිංහගේ ඥාතී. කළුආරච්චි මිස්වත් හොඳට මතකයි. කාටද අමතක වෙන්නේ.

    • Pra Jay says:

      Operative word in this context – (නංවමූ)..

    • තෑන්ක්ස්…..මම මේ පෝස්ට් එක කියෙව්වා. නියමයි. මමත් දෙල්කඳ, මමත් රාජකීය. හැබැයි කාලය ගොඩාක් වෙනස්.

  15. maheshrathnayaka says:

    හප්පේ ඒ කියන්නෙ අරූ අය්ය ඒ ලෙවල් වලිං ලෙවල් නොවීද ඉක්කේ ලෙං ගියෙ..
    සමහර විටඔයාගෙ අර වෙලාවෙද මොකද්ද එකේ ඒ ලෙවල් වලං ලෙවල් නොවෙන්න කියල ලියවිල තියෙන්න ඇති නේද…
    මට මේම හිතෙන්නෙ ඇයි මංද…
    මේ මනුස්සය එදා එහෙම පික්ෂු නැටුවෙ නැත්තං අපිට මේ වගේ සටහනක් කියවන්න ඉඩ නොලැබෙන්න තිබ් කියල…

    • මහේෂ්…..ඔව් බන් මම ඒලෙවල් පෙනී පෙනී ජොබ් එකට ගියා. මම ඒ ලෙවල් කරත් එතරම් සාර්ථක වෙන බවක් මට පෙනුණේ නැහැ. මම ඒ කාලේ වෙනකොට තීරණයක් අරන් හිටියේ ජොබක් කරන්න. එකක් ආර්ථිකය…අනික මගේ රස්තියාදු ජීවිතය ඒ තැනට තල්ලු කරලා තිබ්බේ. එදා එහෙම හිතපු එක හොඳයි මගේ හිතේ. එදා පික්ෂු නැටුවේ නැත්නම් අද තාමත් පික්ෂු නටනවා. (තාමත් නටනවා බන් )

  16. රාජ් says:

    අර මිස් නං මාරයි. මේ කාලෙ කෙනෙකුගෙ නමින් තව කෙනෙක් කමෙන්‍ට් කරනව වගේ වැඩක් උඹට වෙලා තියෙන්නෙ.
    ඉස්කෝලෙන් අයින් වෙන හැටි දැක්කම නං මටත් බොහොම කණගාටුවක් ඇතිවුනා. සමහර දේවල් වෙනස් උනානං අද අරූ කොතන ඉඳීද? කොහොම උනත් රස්සාවකට යන්න හදන අරූ ඉලන්දාරියට (අතීතයට බලපාන) සුභපැතුම්.

    • helapayaa says:

      කෙනෙකුගෙ නමින් තව කෙනෙක් කමෙන්ට් කරනව කිව්වෙ කොහමද බං,අනික එහෙම කරන්නෙ මොනාටද.

    • රාජ් says:

      දැං ඔය බ්ලොගර් වල තියෙන්නෙ නේම් යූරාර්එල් කමෙන්ට් කිරීම. අන්න ඒ වගේ. මුල් කාලෙ ඕක ටිකක් හොල්මං වෙන වැඩක්. දැං නං දන්නව ‍ෆේක් මොකද්ද ඔරිජිනල් මොකද්ද කියල.

      කැකුණ තලන්න ඔයවගේ වැඩ කල උදවිය හිටිය හැලපෙ.

    • රාජ්…..මම ඇත්තටම පාසැල් අතහැර රස්සාවට ගිය එක හොඳ තීරණයක්. මම ඉගෙනීම ගැන අවුරුද්දක් දෙකක් විතර එච්චර උනන්දුවුනේ නැහැ.පස්සේ කාලෙක මගේ බිරිඳ හමුවුනේත් මම පටන්ගත්ත ජොබ් එක නිසා. ඒක වඩාත් වැදගත්.

      ඒ ටීචර් කිව්වා මම නොකරානම්, කරපු කෙනා හොයලා දෙන්නත් කියලා. මම කවුරු කියලා කියන්නද බන්.

  17. අර ටීචර්ගෙ කොටස බුරියෙ කොටස නම් කියවත්දි පට්ට හිනා. 😀 ඒක කරලා තිබ්බෙ ඔයාගෙ තරහා කාරයෙක්ද?

    ඊළග එක ප්‍රින්සිපල්ගෙ ගෙදරටම හැට් කලෙක්ෂන් ගිය එක. දෙකේදිම පුදුම බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ.

    • වෙන එකෙක්….? උඹට පිස්සුද අරූට වඩා කුපඩියෙක් කොහෙද හිටියේ ඒ කාලේ ඉස්කෝල වල

      • අනේ මන්දා ඉවාන්..මට හිතෙන්නෙම ඔය වැඩේ කරන්නම ඇත්තේ උඹ වගේ එකෙක් කියලා. උඹට මගේ වයසේ අයියා කෙනෙක් හිටියාද රෝයල් ගිය 😀
        ඒක ඇඳලාත් තිබුනාලු. දැන් ආසයි ඉල්ලගෙන බලන්න.

    • ප්‍රියා….ඔය ඉවානයා වගේ එවුන් හිටියා අපේ පන්තියෙත්. එහෙම එකෙක් දීපු ගේමක් වෙන්න ඕන 😀

      ප්‍රින්සිපල්ගේ ගෙදර දන්නේ නැහැ මොකක්ද කියලා. අපිත් ගියා අඩි පුඩිත් ගහලා. කවුරුත් හිටියේ නැහැ. පස්සේ එලියට ඇවිත් බලනකොට තමයි තාප්පේ නම ගහලා තියෙනවා දැක්කේ.කවුරුහරි දැක්කා නම් විනාසයි.

  18. ආනන්ද, නාලන්ද සහ රෝයල් යන දිවයිනේ ඉහලම පෙලේ මේ පාසල් වල ශිෂ්‍යන්ට සමාජයේ ඉහල පිලිගැනීමක් තියෙනවා. ඒ වගේම ඔවුන් බහුතරයක් “සියලු දේ” ද කරමින් හොඳ අධ්‍යාපනයකුත් ලබනවා. ඒ නැතත් රැකියාවක් සඳහා වන ඕනිම ඉන්ටර්වීව් එකකදී මේ පාසල් තුනෙන් එකක් කීවම රස්සාවත් අතේ. ඇත්තටම මේ පාසල් වල ශිෂ්‍යන් ඉතාම වාසනාවන්තයි.

    • මනෝෂ්……හැමෝම එහෙමට ඉගෙනගන්නෙත් නැහැ. හැබැයි අවශ්‍ය සම්පත් නම් ඕනෑවටත් වඩා ඒ දවස්වලත් තිබුනා. ඉගෙනගන්නේ නැත්නම් ක්‍රීඩා හෝ අනිකුත් දේවල්වලටත් ඉඩ පහසුකම් මදි නොකියන්න තිබුනා. එක කාලයක් අප පාසැල ඉගෙනුමෙන්ද, ක්‍රීඩාවෙන්ද අංක එක වෙලා තිබුනා. මේ පාසැල්වලින් ඉගෙනගත්තා කියාම රැකියාවල් ගන්නත් බැහැ (මට පාසැල අදාලවුනේ නැහැ කිසිම රැකියාවකට ). හැබැයි ගියාට පස්සේ කොලෙජ් එකේ එවුන් හම්බවෙනවා ලොක්කෝ.

      පාසැල නිසා ලොකු ලොකු සම්බන්ධකම්නම් ගොඩ නැගෙනවා. ඒ තුලින් යම් ප්‍රයෝජනයක් තියෙයි. ඒක ඇත්ත.

  19. raigam says:

    මා හිතන්නේ ඔබ යලිත් කතාවට ආවා. මේක අර ගිරා සංදේශය, වගේ මගතොට පමණක් වර්ණනා කරන කතාවක් වුනොතින් වැඩක් නැහැ කියන එකයි මගේ හැඟීම. එවැනි දේවල් තිබුනට කමක් නැහැ. මුලික දෙය ඒ වුනොත් මචං, අර මොකක්ද එක lost its way කියුවා වගේ වෙනවා. 🙂

    • ඔව් ඇත්ත මචං. මම කොයි වෙලාවෙද එතනින් එලියට එන්නේ කියලා හිටියේ. මට ඒ ගැන ඉඟි දැණුනා, හිතුනා. නමුත් නොලියාම බැරි දේවල් එක්ක ගැටි ගැටී හිටියා. උඹේ කතාව මම පිලිගන්නවා විතරක් නෙමේ ඊට ගරු කරනවා.
      නැත්නම් මම රස්තියාදු ගැහුවා වගේම මගේ කතාවත් රස්තියාදු ගහනවා.

  20. ඉස්කෝලෙ ගමන තවම නතර වුණේ නැහැ නේද…? ජොබ් එකට උත්සාහ කරන්නේ අරූයියා ඉස්කෝලෙ ඉන්න ගමන්මද..?

    හැට් කලෙක්ෂන් ගිහින් නැහැ බං අරූයියේ,අපේ මුණු දැක්කාම එකෙක් සතයක් දෙන්නේ නැහැ….:(

    • මනෝ……ඉස්කෝලේ යන ගමන්ම තමයි ජොබ්ස් ට්‍රයි කරේ. ඒලෙවල් විභාගේ කරන්න මාස තුන හතරකට කලින් මම අස්වෙලා ජොබ් එකට යනවා. මාත් එක්ක ඉගෙනගෙන කැම්පස් ගිය අය විවාහය වගේ දේවල්වලින්, දරුවන්ගේ වයස් එහෙම බැලුවොත් ලොකු වෙනසක්. මොකද උන් ඒ කාලේ කැම්පස් වහලා අවුරුදු ගණන් කට්ට කන්න උනා. මම ඒ වෙනකොට බැඳලා ලමයිත් හිටියා. කැම්පස් ගිය එවුන්ටත් ළමයි හිටියා බෙඩ්ශීට්ස්වල 😀
      හැට් කලෙක්ෂන් නොගිහින් බිග්මැච් එකේ කන්නේ, බොන්නේ කොහොමද බන්. අපිට ගෙවල්වලින් සල්ලි ඉල්ලගන්න යැයි ගල් බෝතලේටයි, බයිට් එකටයි. ඒවාට තමයි අවට සල්ලි දෙන්න මිනිසුන් හිටියේ 😀

  21. Damith says:

    අර ලියුමනම් ලියන්න ඇත්තෙ අරු අයියම තමා.අපි දන්නවනෙ ලියන ලස්සන.
    අද පාසලෙන් සමුගැනිම නේද

    • ඔව් බන් අද තමයි පාසැලින් සමුගැනීම. ටිකක් දුකයි. ඒත් ඉතින් ජොබ් එකකට ගියානේ. මම නෙමෙයි හැබැයි අර ලියුම ලිව්වේ. මම ලිව්වා නම් ලියන්නේ බුරි කවියක්.

  22. deshakaya says:

    අර ලස්සන ටීචර්ට උඹ කරා (??) වගේ වැඩක් මාත් කරල ඉස්කෝලේදි බෝම අමරුවෙන් සිස්ස නායක පට්ටම බේරගත්තේ… දැන් නං හැට් කලෙක්ෂන් දාන්න තහනං බං. හැබැයි මං හිතුවේ උඹ තවත් ඉස්කෝලේ යයි කියලයි..

    • උඹ සිස්ස නායකයෙක් වෙලාත් හිටියාද බන්. අපේ හිටියා ක්‍රීඩාවෙනුයි, අධ්‍යාපනයෙනුයි කියන අංශ දෙකෙන්ම ඉහල ගිය එවුන් ප්‍රිෆෙක්ට්ස්ලා වෙලා. ක්‍රීඩා නිසා ප්‍රිෆෙක්ට්ස්ලාවුනු එවුන් මරු. උන්ගෙන් වැඩිය කචල් නැහැ. පොතේ ගුරු ප්‍රිෆෙක්ට්ස්ලා හෙණ ලෙඩේ. අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් හිටියේ රන්ජන් මඩුගල්ල. උන් සෙට් එක නියමයි. මාව එක්කන් යනවා ෆ්‍රී පීරියඩ්ස්වල ප්‍රිෆෙක්ට්ස් රූම් එකට. ගිහින් මාවත් තියාගෙන වරු ගණන් අපි නටන පිස්සු කතා අහගෙන ඉන්නවා. මගේ ෂර්ට් එකේ එක පාරක් තීන්ත පාරක් තිබුනා. මම ඕකම පහුවදාත් ඇඳගෙන ආවා. අනිත් ශර්ට් එක හෝදලා නිසා. පොර ඇයි වෙන එකක් ඇඳන් ආවේ නැත්තේ කියලා ඇහුවා. මම කිව්වා ඒක හෝදලා කියලා. පහුවදා මට අළුත් ෂර්ට් එකක් ගෙනත් දුන්නා.

      මම ඉස්කෝලෙන් නැවතිලා රස්සාවකට ගිය එක හොඳයි දේශා. ඒක වෙන්න තිබිය යුතුම දෙයක්. ඇයි හැට් කලෙක්ෂන් තහනම් කරේ?

      • supirikrida says:

        මඩුගල්ල කියන්නෙ මහත්තෙක්.ඒ වගේම මහානාම.ලෝකෙ සළකනම අපේ ක්‍රිකටර්ස්ල දෙන්න.මඩුගල්ල ගැන නෙමෙයි මහා ගැන මාර කතාවක් තියෙනවා මම අත් විදපු.ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ සංගමේ හදපු වෙලාවෙ මම යනවා මහානාම ඉන්ටවීව් කරන්න රාවයට.කතා කර කර ඉද්දි මනුස්සෙක් ආවා.මට සමාවෙන්න කියපු මහානාම වැඩ වගයක් කරපු සල්ලි ගන්න ඒ මනුස්සය ඇවිත් ඉන්නෙ කියලා ගෙට ගියා.ඒ ඩිංගට මම මනුස්සය එක්ක කතා කළා.
        “අනේ මහත්තයො මම මහත්තෙල ළග වැඩ කළේ.අසනීප වුණා දැන් රස්සාවක් කරන්න බැහැ.මහානාම මහත්තය මාසෙට ගාණක් දෙනව අපේ පවුලට ජීවත් වෙන්න”
        මහානාම මට ඒක නොකිව්වෙ එයා උදව් කරනවා කියලා පෙන්නන්න ඕනි නැති නිසා වගේම අර මනුස්සයගෙ ආත්ම ගෞරවය ගැන හිතල.
        මේක අතුරු කතාවක් නිකං ඇඩ් එකක් වගේ.මඩුගල්ලගෙ නම දැක්ක නිසා ලිව්වා

      • මේ වගේ කරුණු මෙහෙම එකතුවෙන එක හොඳයි. කැමති කෙනෙකුට කියවලා රස විඳින්න පුළුවන් හෝ අවබෝධයක් ලබාගන්න හැකියි.

  23. බලනකොට අපි ඔක්කොම එක වගේ ඉතාම හොඳ, ‘නරක ළමයි’ අපිනම් ඔන්න ‘ඔබේ තීරය’ වැඩි ටීචර්ලා එන්න කලින් පුටුවේ කහඹිලියා පොඩිකරලා ගාලා අහුවෙලා ගුටි කාලා නැහැ. ටීචර්ලට ‘බිග් බුරී’, කියලා නම දාලත් නැහැ.

    මේ අතීතය අපි කාගේත් අතීතය. දුක සතුට මුසුවූ සිහිනය. ඒ සිහිනය ආයේ කවදාවත් එන්නේ නැති එක කොච්චර දුකද.

    • අනේ ඔව් විචාරක…ඔය බුරි වර්ග කිහිපයක්ම දැක්කේ ඔය ‘ඔබේ තීරය’ ප්‍රදර්ශනේ නිසා තමා. නැතුව කවුරු පෙන්නන්නද…බිග් බුරි, ටයිනි බුරි, ඩීප් බුරි, අග්ලි බුරි..බුරි කෝටියයි. පාසැල් කාලය තරම් වෙනත් කාලයක් කාගෙවත් ජීවිතවල නැතිව ඇති මිහිරිව කතා කරන්න.

  24. අරූගේ සටහන් කියවීමට නොහැකි වුන අවස්ථා යෙදුනා. ලීව වෙලේම නොකියෙව්වම ඒ සටහන් වල දැනෙන ප්‍රෙශ් ගතිය නෑ.
    ඒ කාලේ උසස්පෙල කරන අස්සේ රැකියා දෙනවා නේද? මාත් දන්න කිහිපදෙනෙක්ම උසස්පෙළ විභාගේ කරලා ගුරු පත්වීම් අරගෙන ආවා. ඒ ප්‍රතිඵල එන්න කලින්. දැන් නම් එහෙම රජයේ පත්වීම් දෙන්නේ නෑ නේද?
    අරූගේ අධ්‍යාපනය අවසන්වීම ගැන දැනෙන්නේ දුකක්. ඒත් ඒ හින්දාම වෙන්න ඇති අරූ පොලවේ පය ගහලා ඉන්නෙත්.

    • රංගිව පහුගිය ටිකේ දැක්කේ නැහැ තමයි. මමත් සුමානයක් විතර බ්ලොග්ස් කියෙව්වේ නැහැ අතරින් පතර මිසක්. වැඩ වගයක් තිබුනා. ආපහු ලබන සුමානේත් එහෙමයි.

      මේ පාසැල්යන කාලේම ඒලෙවල් ඉවරකරන්න ඉන්න අයට ජොබ්ස් සෙට්වෙන වැඩේ ළමයින්ට හොඳයි.විභාග පාස්වුනොත් යුනිවර්සිටි යනවා. නැත්නම් වැඩ කරනවා. පුළුවන් නම් දෙකම කරනවා. ඔය ක්‍රමය පෞද්ගලිකව අපේ ඕල්ඩ් බෝයිස්ලා සහ ඉස්කෝලේ අතර තිබු හුවමාරුවක්. රජයෙන් තිබුනාද මන්දා. යුරෝපයේ ඔය වගේ නේද? ඒලෙවල් රිසල්ට්ස් එනකම් ළමයි පොඩි පොඩි ජොබ්ස් කරනවා, සුපර් මාකට්වල, මැක්ඩොනල්ඩ්ස්, කේෆ්සීවල චිකන් බදිනවා. සමහරු එහෙම වැඩකරමිනුත් යුනි යනවා.අපේ දුව යුනිවසිටි ෆයිනල් වසරෙත් ඔහොම චිකන් බැද්දා. ඒ අයටත් සල්ලි එපැයි. ලංකාවේ රස්සාවල් තිබුනත් ඔහොම කරයිද?

      • අරූ ඔයාහේ දුව විතරක් නෙමෙයි අපිත් එහෙම තමයි. අද තමයි මටත් හිතුනේ ඒ අත්දැකීම ලියන්න ඕනේ කියලා.
        ලංකාවේ එහෙම කරන බෝහෝ අඩුයි. ඒත් ඒ හින්දම මේ රටවල අය බොහෝ අමතර දැනුමකුත් එක්කම අතේ මිටේ කීයකුත් එකතු කරගන්නවානේ. හැමෝටම සුගර් ඩැඩීලා නෑ නේ.

      • ඒ දේවල් ලියන්න රංගි….කාට හරි ප්‍රයෝජනයක් වෙයිනේ.

  25. Mayya says:

    මගේ ත් ඉස්කෝලේ අවසානේ ඔහොම වෙන්නේ ගියා….ඇත්තටම මම රස්සාවටත් ගියා….අවිස්සාවෙල්ලේ නතර වෙලා ඉන්න කොට යාළුවෙක් කථා කොරලා විභාගේ ගොඩ කියලා කැම්පස් එකට යන්න අඩගැහුවා…ඊට පස්සේ කථන්දරේ අලුත් විදිහක් උනා…

    • ඔන්න ඔහොම තමයි ජීවිතේ වෙනස් වෙන්නේ මයියා. මයියාගේ ජීවිතේ නැවත ඉගෙනුමට ඇවිත් වෙනස් වෙනවා. මම ඉගෙනුම නවත්වලා ජීවිතේ වෙනස් කරනවා. ඒ කොහොමින් හරි මම මගේ ගමන බාධක කම්කටොළු බොහෝමයක් මැද්දේ නිමාකරමින් ඉන්නවා. මයියාගේ ගමන තව ටිකක් දුර ඇති. නමුත් සාර්ථක අවසානයක් වෙයි කියා මට හිතෙනවා සහ ප්‍රාර්ථනා කරනවා!!

  26. මාලති ප්‍රනාන්දු මැඩම් 100 වන battle of the blues කාලෙත් හිටියද? අපි 1999 දී 120 ගහනකොටත් ඇය හිටියා. අන්තිමට යමක් ගැන කලකිරීමෙන් හිටිය මතකයි. ඇයට class එකක් නොදී හිටියද කොහෙද? ඇය අපටත් ටික කලක් ඉගැන්නුවා.

    • @ සුනෙත්…..100 මැච් එක වගේම මට අමතක කරන්න බැරි චරිතයක් මාලති මිස්. මම හිතන්නේ ඇය විශ්‍රාම යනතෙක් සේවය කරන්න ඇත්තේ අප පාසැලේ. ඒ කාලයේ සුදු සාරියක් හඳිනා ඇය ඉතා චාම් ස්වරූපයක් ගත්තා. ඒ වගේම අපි ඒ ලෙවල් සිසුන් පවා ඇයට බියවූවා. ගෞරව කරා. ඇයට හොඳ පරිපාලනමය හැකියාවක් තිබුනා. පසු කාලයකදි ඇයට කුමක් වූවාද යන්න මා දන්නේ නැහැ. ඇය දෙහිවල පලාතේ පදිංචිව සිටි බව මම දන්නවා.
      http://royalcollegepta.org/index.html
      මේ ලින්ක් එකේ බලන්න. පරණ ටීචර්ස්ලා බොහොමයක් ඉන්නවා.

      100 මැච් එකේ මඩ්ඩා කැප්ටන් ,ප්‍රදීප් කාරියවසම් වයිස් කැප්ටන්, නිහාල් පෙරේරා විකට් කීපර්.

  27. ප්‍රසන්ග says:

    මෙතන රාජකීයො සැහෙන්න ඉන්නව දැකීමත් සතුටක්. අර මාතලන් කියල තියනව වගේ කලුආරච්චි මිස් තමයි හිටපු ලස්සනම ගුරුතුමී. ඒ එක්කම වසර 2ක්ම (11-12) ඇය මගෙ පන්තිබාර ගුරුතුමී. නමුත් BS / MS පැති වලත් ලස්සන මිස්ල හිටිය කියල අපේ සමකාලීනයො කිනයව. ඒ ගැන එච්චර දුරට දන්නෙ නැහැ මොකද අපි කොමර්ස් කරපු හින්ද ඒ පැත්තට එච්චර ආවෙගියේ නැහැ. අපේ පන්ති තිබුනෙ prefect room එක උඩ ground එක පෙනෙන පන්ති පේලිය. බැල්කනි එක තියන පන්තියෙ. තමයි මම හිටියෙ හරියටම balcony එකේ දොර ගාව
    …
    ……//හැම වසරේම ක්‍රීඩා තරඟයට පෙරදින පාසැලේ සිට ක්‍රිකට් කංඩායමේ නායකයාගේ නිවසට වාහන, බයිසිකල් සහ පයින් ගමන්ගන්නා සතුටු පෙරහැරක්ය. “බිග් මැච් පැරේඩ්” කියා කිව්වේ මෙය විය යුතුය. //
    …
    …ඇත්තටම මේකට කියන්නෙ “සයිකල් පෙරේඩ්” කියල. ඒ එක්කම බ්‍රැඩ්බි කෝච්චිය තවමත් යනව. පොතේ හැටියට අද මම ඉන්න ඕනේ නුවර බ්‍රැඩ්බි 2nd leg එකට ගියගමන්. ඒත් මට මේ පාර අන්තිම මොහොතෙ නොවැලක්වියහැකි හේතුවක් හින්ද යන්න හැකියාවක් තිබුනෙ නැහැ.
    …
    …ඒ කාලෙ දැන් වගේ digital camera / phone තිබුනේ නැනේ. තිබුනේත් Kodak 110 කැමර. ඒකත් සල්ලි බාගෙ තියන කිහිපදෙනෙකුට විතරයි. එහෙම එකෙක් ගනිපු කඩලෙගෙ පින්තූරයක් fb එකේ share වෙලා තිබුන කියල මතකයි. තිබුනොත් up-date කරන්නම්

    • ප්‍රසංග…..මම හිටියේ ඔය පන්තියෙ අන්තිම පේළියේ. ඒ දවස්වල කොමර්ස් පන්ති තිබුනේ පල්ලෙහා. ඔය පන්තිය අමතක නොවන පංතියක්. කළු ආරච්චි මිස් ගැන මට කෙනෙක් අද ටෙලිෆෝන් එකෙනුත් කිව්වා. අර මම උඩ සුනෙත්ට දාලා තියෙන ලින්ක් එකේ ගොඩාක් පරණ ටීචර්ස්ලා ඉන්නවා.

      සයිකල් පැරේඩ් තමයි. නිවැරදි කරාට ස්තූතියි. තාමත් ඒ විදිහමද? බ්‍රැඩ්බි පරාදවුනානේ. බලමු ලබන අවුරුද්දේ. ප්‍රසංග පුළුවන් නම් කඩලේගේ ෆොටෝ එකක් හොයලා දාන්න. හරි වටිනවා. ලොකු උදව්වක්.

  28. අරූ අයියේ මට මේල් එකක් එවන්න , omayades@rocketmail.com

  29. ප්‍රසන්ග says:


    මෙතුමාව මතකද

    මෙත්නත් මතකද

    • මෙතුමා ගැන ලියන්න බොහෝදේ තියෙනවා ලියන්න. ඔහු ගැන බොහෝ අය ලියා ඇති නිසා මම ලිව්වේ නැහැ. මම හරියට ඩිටෙන්ෂන් ක්ලාස් ඉඳලා තියෙනවා. කටයාතුමාගේ ඔෆිස් එකට මෙහා පැත්තේ තමයි තියන්නේ. එයා යන්නෙත් 4-5ට විතරනේ. මෙතුමා බැන්දේ ගොඩාක් පරක්කුවෙලානේ. බැඳලා ආපහු ඉස්කෝලෙට ආපු පළමු දවසෙම මාව මාට්ටු කොරිඩෝස්වල රස්තියාදු ගහලා. ක්ලාස් එකට යන්න කිව්වා..මම යස් සර් කියලා..වෙන පැත්තකට ගියා..ආපහු මාට්ටු. කම්මුලට ගැහුවා..මුද්ද වැදිලා මගේ පිම්පල් එකක් කැඩුනා. එයාත් මාර අප්සට්. මට බොහොම පස්සේ කාලෙක හම්බවුනා ප්‍රයිවට් බස් එකක හිටගෙන යනවා. මම සීට් එක දීලා කතා කර කර ගියා. අද තත්වය පොඩ්ඩක් හිතන්න.

      එසෙම්බ්ලි හෝල් එකත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එසෙම්බ්ලි නෑවිත් පන්තියේ බැල්කනි එකට වෙලා හැංගිලා ඉන්නවා.

  30. supirikrida says:

    උඹනම් අතීතය හාරනවා මචං.හැමෝගෙම පාසල් ජීවිත එකයි.මම ණයට කාපු තැන් වලින් ස්කොලෙන් අස්වෙලා එනකොට සල්ලි එපා කියලා යන එකට ඇඩුවා.යකෝ මෙච්චර දග වැඩ කරන අපිට මිනිස්සු ආදරේ ඇයි කියල මට හිතා ගන්න බැරි වුණා.ඔය බුරියෙ කතාවනම් මටත් වුණා.ඇප්ලයිඩ් මිස් මම ගණන් තේරෙන්නෙ නැහැ කියලා එකම ගාණට පස් පාරක් විතර කිව්වා කියලා මාව ඔෆිස් එකට අරං ගියා.ඉතිං බං තේරෙන්නෙ නැත්නම් තේරෙනවා කියන්නද?මම ප්‍රින්සිපල්ටත් කිව්වා.අන්තිමට බුරියටත් සැහෙන්න පහ‍ළින් අදින මිස් කිව්වා මෙයා මට බුරියා කිව්වා කියලා.ප්‍රින්සිපල් ස්ර් කණ්නාඩිය යටින් බලල කිව්වා මෙයා විතරක් නෙමෙයි අනිත් අයත් කියනවා ඇති ඒකනම් කියලා හැබැයි සිරාවටම මම කවදාවත් එහෙම කිව්වෙ නැහැ.අපිට පිසික්ස් උගන්නපු ස්ර්ගෙ ශරීර අබාධයටනම් සෑහෙන්න බයිට් දීල ඇති.හැබැයි අද මම ඒ ගැනනම් හදවතින්ම කම්පා වෙනවා.මනුස්සෙක්ගෙ ශරීර දුර්වලතාවයකට හිනා වුණු නරුමයෙක් කියලා හිතල

    • පාසැල් කාලය කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කතා ගොන්නක්. අපේ දඟකාරකම් ‘කොල්ලන්ගේ වැඩ’ කියලා අමතක කරපු වැඩිමහල් පරම්පරාවක් හිටියා. ඒ නිසා තමයි ඒ අය අපිට ආදරය කරන්න ඇත්තේ. නමුත් ඒ ලින්ක් එක කොහේදි හරි තැනකදී කැඩුනා. ඒ අවබෝධය දෙගොල්ලන්ටම නැතිව ගියා.

      ඉස්කෝලවල්වල බුරි සීන් එක නැගලා ගිහින් තියෙනවා බලන් යනකොට.

      ශාරිරික ආබාධයකට ඔච්චම් කිරීම වැරද්දක් තමයි. හැබැයි පාසැල් කාලයේ එහෙම කරාට යමක් කමක් තේරෙන කාලෙට එහෙම කරන්නේ නැහැනේ. වැඩේ තියෙන්නේ බං එහෙම තේරෙන සමහර එවුනුත් ආබාධිතයන්ව විකුණගෙනත් කන එකනේ.

      • supirikrida says:

        හුගක් ගුරුවරු තමයි තමන්ගෙ පාසල් කාලය අමතක කරන්නෙ.පාසල් ගුරුකමත් එක්ක තමන් ශිෂ්‍ය අවධියෙ කරපු කියපු දේවල් අමතක කරල සිසුවන්ට කිසි සමාවක් නැතුව දඩුවම් දෙන හැටි මම දැකල තියෙනවා.හැබැයි අපි පාසල් කාලෙ කරපු දේවල් නිසා වරද්ද ගත්තු දේවල් තියෙනවා.දරුවට ඒ අත්දැකීමත් එක්ක කියා දෙනවනම් දරුවා හොදින් ග්‍රහණය කර ගන්නවා.මම හිතන්නෙ ගුරුවරයා ගුරුකමේදි සිය ශිෂ්‍ය අවධිය අමතක නොකළ යුතුයි

      • //////මම හිතන්නෙ ගුරුවරයා ගුරුකමේදි සිය ශිෂ්‍ය අවධිය අමතක නොකළ යුතුයි//////
        මේක තමයි නොවෙන්නේ. ඒක තමයි ගැටළුව.

  31. අරූගේ මතක සටහන් කියවනකොට මට මතක් වෙන්නේ ඔය වගේම පොරක් හිටියා නාලන්දේ ඇඩ්ඩිං අයියා කියලා. පොර ග්‍රවුන්ඩ් බෝයි. ඒ කාලේ නම් අපි පොරත් එක්ක වලියෙන්ම තමයි හිටියේ.
    ඇඩ්ඩිං පැඩ්ඩා
    කොළඹට ඇහුනා
    කොළඹ මිනිස්සුන්
    අඬබෙර ගැහුවා
    කියලා කෑගහලා කිව්වාම පොර පන්නගෙන එන්නේ කුණුහරප කියාගෙන.
    පස්සේ කාලෙකදී paper marking වලට ඉස්කෝලෙට ගිහින් එන්නකොට මම දැක්කා වයසට ගිය ඇඩ්ඩිං අයියා. කතාකරාමත් දුක හිතෙනව. අපි ඒකාලේ බයේ හිටියේ මේ මනුස්සයට නේද කියලා හිතනකොටත් හිතට දැනෙන්නෙ අමුතු හැඟීමක්.

    • සිරා says:

      මාර සීන් එක කියන්නෙ අපේ ලොකු නැන්දගෙ සැමියා….අඩ්ඩින් මාමටත් අපි ඔය කයියම කිව්වනෙ…අද අවුරුදු 80 කටත් වඩා වයසයි එයාට….

      • සිරා…..මගේ යාළුවා රත්නෙගේ තාත්තාටත් අපි ඕක කියනවා. මිනිහානම් හිනහාවෙනවා. දැන් ඇඩ්ඩිං මුදලාලිත් නැහැ..පුතාත් නැහැ.

    • ඩූඩ්……ඇඩ්ඩිං අයියලා, ඩැනී අයියලා අපට ඉස්කෝලෙන් පස්සේ ආයේ කවදාවත් හමුවෙයිද කියන්න බැහැ. උඹට පාසැල් එක්ක සම්බන්ධකම් තියෙන නිසාම ඒ අයව නැවත දකින්න පුළුවන් ඇති. මචං ඔය මිනිස්සුන්ට පාසැලින් තොර ලෝකයක් තිබුනේ නැහැ. අපේ පාසලේ කවුරුත් ආදරයෙන් කතාකරන නියෝජ්‍ය විදුහල්පතිතුමා (කටයා )මම ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ හම්බවෙනවා ප්‍රයිවට් බස් එකක කොන්ද නවාගෙන හිටගෙන යනවා. මම සීට් එක දීලා කතාබහ කරා. උඹ හිතපන් රෝයල් එකේ අද ඉන්න අය ප්‍රයිවට් බස් කියන්නේ මොනවාද දන්නේ නැතුව ඇති. කටයාගේ පාසැල් ප්‍රතිරූපයයි, පාසැලෙන් පිට ජීවිතයයි දෙකක්. කොච්චර වාසි ගන්න පුළුවන් කම තියෙන්න ඇද්ද? ඇඩ්ඩිං අයියලාගෙත් වෙනසක් නැහැ ඩූඩ්.

  32. සිරා says:

    බොහොම සුන්දර පාසල් කාලයක්…ඉගෙනීමේ කටයුතු වල පමණක් නිරත වෙච්ච චරිත වලට ඉතින් පාසලින් ඉවත් උනාට පස්සෙ මතක් කරලා සතුටු වෙන්න යමක් ඉතිරි වෙන්නෙ නෑ. රගර් මැච් එක බලන්න නුවර යන වෙලාවට නුවර කෙල්ලන්ට එහෙම ඇහැ කැරකුවේ නැතෙයි…

    • සිරා…..ඔය නුවර කෑලිවලට ඇස් කරකවලා ඇඟේ කෑලි අඩුකරගන්න තමයි වෙන්නේ. නුවර ඉතින් ළමාතැනීලා නේ බන්. අපි ගිහිල්ලා අපේ ආතල් එකක් අරන් ආවා මිසක් ඕවාට බයයි. අනික නුවර ටවුමේ ,ස්ටේෂම, මාකට් එක පැත්තේ අමුතු පොරවල් හිටියේ. උන් අපිව දැක්කාම දන්නවා කොළඹින් මැච් බලන්න ආපු එවුන් කියලා. අයියේ…අයියේ ..කියලා ඔය අවශ්‍ය අඩුම කුඩුමයක් හොයාගන්න ඒ අයගේ උදව්වක් ගන්නවා මිසක්..ඇස් කරකවලා …ඇස් ගලවගන්න ගියේ නැහැ.

      අනිත් එක ළමාතැනීලා හිතන් ඉන්නේ, උන් අයිති නිළමේලාට විතරයි කියලා 😀

      • සිරා says:

        ඒක හැබෑව…උන් රෝයල් කිව්වට නුවරදි තඹ සතේකට ගනන් ගන්නෙ නෑ….උන් ධර්මරාජ / ට්‍රිනිටි කිව්වොත් තමයි කික් වෙන්නෙ…විශේෂයෙන් මහාමායා කෙල්ලන්ට.

      • උන් කොළඹ ආවාම පූස් පැටව් වගේ. කොල්ලෝ මී පැටව් වගේ. ඔය බ්‍රැඩ්බි ශීල්ඩ් එකට කොළඹ එනවානේ.

  33. Kenji ogawa says:

    ටීචර් ලගේ බුරි පුක වල් ගැන ගැන මතක් වෙලා කෙල ඉනුව …
    මම හිතුව මාතලන් හොද දේවල් මතක් කරල දෙයි කියල…
    ගිය වර ලිපියට මම බම්බ ගැන කමෙන්ට් කරන්න 10 සැරයක් විතර ට්‍රයි කලා ..පබ්ලිෂ් වෙන්නෙ නැහැ මචන්….
    මේකත් පබ්ලිෂ් වෙයිද මන්ද……
    මේකට උබේ මේල එවපන් මචෝ මම ඒක එවැන්න…

      • කෙන්ජි…..මම හරියටම කියන්න දන්නේ නැහැ ඇයි පබ්ලිෂ් නොවෙන්නේ කියලා. අටමාත් මගෙන් අහලා තිබුනා. උඹ දන්නවානේ මම දන්නේ බොහෝම සීමිත ටිකක් විතරයි මේ කම්පියුටර් සබ්ජෙක්ට් එකේ. මම උඹට මේල් එකක් එව්වා. මම මේ ටිකේම බ්ලොග්ස් කියෙව්වේ නැහැ. අද කියවන්න ඉඩක් ලැබෙයි.

  34. ‘ටොප් ක්ලාස් පොරවල් ‘ ඔක්කොම සුදු අඳින්නේ ඇයි දන්නේ නෑ නේද? 😀

    • අනේ මන් දන්නේ නැහැ පොඩ්ඩි. ඉස්සර ඔය වර්ගයේ පොරවල් ගොඩාක් සුදු ඇන්දේ. බොහොමයක් චන්ඩි ඇන්දෙත් සුදු. පොලිටික්කෝ නම් කොහොමත් ඇන්දේ සුදුනේ. උන් නම් වෙන පාටක් තෝර ගත්තොත් හොඳයි.
      අපේ තාත්තාත් ඉස්සරම ඔෆිස් ඇන්දේ සුදු. 80 ගණන්වල පාතාල බුවාලාත් ඇන්දේ තනි සුදු. මම කිහිප දෙනෙක් දැකලා තියෙනවා. කුඩු ඩේලු ඇන්දේ සුදු සරමයි, සුදු කමිසයයි. මෝර සුනිල් සුදු කළිසමයි, සුදු කමිසයයි. අනේ මන්දා බොහොමයක් අය නම් උඩින් සුදු, යටින් කළු.
      ඔය සුදු පාටට ඇඩික්ට් වෙච්ච මගේ යාළුවෙක් හිටියා. වෙන පාටින් මලක් මහපු කොට්ට උරයකවත් නිදාගන්නේ නැහැ. අපි උගේ නම සුදුසිංහ කියලා වෙනස් කරා. පස්සේ ලියන්නම් ඒ ගැන.

  35. අරූගේ කථාවේ මම දකින වැදගත්ම දේ තමයි වයස, තරාතිරමක් නැතුව රිලේට් වෙන්න පුලුවන් කම. හැබැයි මට හිතෙනවා ඉස්කොලෙන් එලියට ආව එක ගොඩාක් හොඳයි කියලා, මොකද වැඩබිම(වල්) තවතවත් කථාව රසවත් කරයි.
    ලැබෙන කමෙන්ට් වලින් ලියවෙන දේවල් වලින් මම කියන එක පැහැදිලිවෙනවනේ.

    • පැහැදිලියි…පැහැදිලියි. මටනම් ලියන්න දේවල් ගොඩාක් තියෙනවා බන්. සමහර දේවල් උඹලා විශ්වාස කරන එකක් නැහැ. පිස්සු ලෝකයක්.

      ////අරූගේ කථාවේ මම දකින වැදගත්ම දේ තමයි වයස, තරාතිරමක් නැතුව රිලේට් වෙන්න පුලුවන් කම.//////
      කතාව විතරක් නෙමේ මචං, ඔය මගේ ජීවිතෙත් හැටි. මට ගොඩාක් දේවල් හුරුයි..ඒවා සමාජෙන්ම තමයි උරාගෙන තියෙන්නේ.

  36. Anonymous says:

    දැන් මේක ලියන්නේ රෝයල් ගිය අයටයි,කොළඹ අයටයි විතරක් කියවන්නද?
    :/
    තමන්ගේ ඇහේ පරාලේ පේන්නැහැ අනුන්‍ෙග් රොඩ්ඩ පේනවා වගේ කථාවක් වෙන්න පුලුවන් මම කියන්නේ.
    මම මේ බ්ලොග් එකේ සියලුම ලිපි කියෙව්වා.
    කොග්ගල නොදන්න ඕන කණෙකුට,මාටින්ගේ පොත්වලින් කොග්ගල පේනවා වගේ,දෙල්කද/හංවැල්ල නොදන්න ඕන කණෙකුටත්“ අවුල් වලින්“දෙල්කද හංවැල්ල පෙනුණා.
    දැන් මේක ලියන්නේ කොළඹයි රෝයල් එකේ අයටයි විතරක් වගේ.
    /බ්ලොම් එක හරහා පුංචි බොරැල්ලටත්, එතනින් මරදාන දක්වාත් /මදැන් මේ බොරැල්ල මරදාන අතර දුර හැතැප්ම බාගයක්ද සීයක්ද හොයන්න ගුගල් මැප් බලන්නත් ඕනා. 😦

    මීට පස්සේ ඔහොම ලියනවනම් උඩින්ම දාන්න.මෙම ප්‍ර‍ෙද්ශය දන්නා අය පමණක් කියවන්න කියලා.
    නැතිනම් නිවිහැනහිල්ලේ සාදාරනව ලියන්න.

    • Anonymous says:

      ඉස්සෙල්ලා කමෙන්ට් එක මගේ
      මල්මි.

      • Kenji ogawa says:

        මොකද මල්මි ….. මල පැනල…..හෙක්…හෙක්…. කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න පෙර කොටුවෙ දකුණු පස යට තිබෙන g+ඔබල කමෙන්ට් කරන්න…එතකොට ඔබගෙ ප්‍රොෆයිල් එක වැටේවි,,,,

    • @ මල්මී……මල්මී වගේම කමෙන්ට් එකක්. පැණි රසයි…ඒත් මීමැස්සෝ අනියිද කියලත් බයයි 😀
      ///දැන් මේක ලියන්නේ රෝයල් ගිය අයටයි,කොළඹ අයටයි විතරක් කියවන්නද? ://///
      පිස්සුද මල්මී….ඔය අපේ නලීන් කියලත් තියෙන්නේ මේක රෝයල් කතාවක් නෙමේ කියලා 😀

      ////බොරැල්ල මරදාන අතර දුර හැතැප්ම බාගයක්ද සීයක්ද හොයන්න ගුගල් මැප් බලන්නත් ඕනා. :(/////
      මෙහෙමයි මල්මී ලේසිම විදිහ..බොරැල්ල අමතක කරන්නකෝ..පුංචි බොරැල්ල හන්දියෙන් ගෝල්ඩ්ලීෆ් එකක් (බ්‍රිස්ටල් නෙමේ)පත්තුකර ගෙන ඇවිදගෙන ගියාම, ඩොනල්ඩ්ස් ස්ටුඩියෝ එක හරියෙදි සිගරට් එක ඉවරයි. ඊට පස්සේ ආනන්දේ ඉස්සරහ තේ කඩෙන් වතුර එකක් ගහලා, වම් පැත්ත බැලුවාම මරදාන හන්දිය දිලිසී දිලිසී තියෙනවා. ගූගල් හොයන්න එපා 😀

      ////නැතිනම් නිවිහැනහිල්ලේ සාදාරනව ලියන්න////
      කොහෙද….මම මගේ වයිෆ්ට කියනවා…මට නිවිහැනහිල්ලේ ලියන්න දෙන්න කියලා..එයා කියනවා මම සාධරන නැහැලු මේකේ එල්ලිලා ඉන්න එක 😀

      • Buratheno says:

        // ආනන්දේ ඉස්සරහ තේ කඩෙන් වතුර එකක් ගහලා //

        පික්ෂු නම් කතා කරන්ට එපා.. අපේ ඒරියල් එකට ඇවිල්ලා නිකංම වතුර එකක් බීලා යන්ට.!? ඔයා ඔන්න ඔහෙ නිවිහැනහිල්ලෙ ආප්පයක් දෙකක් කාලා, ප්ලේන්ටියක් බීලා යන්ට මල්මි.. සල්ලි ඇහුවොත් මගෙ නම කියන්ට.. එතන ඉතිං අපි දවස ගානෙ යන එන තැනනෙ.. අපි ඉස්කෝලෙ ඇතුලෙ නැත්තං ඉතිං ඉන්නෙ එක්කො ඔතන, නැත්තං සල්ගාදු එකේ හරි ආනන්ද මාවතේ රංගගෙ කඩේ හරි තමා.. 😀

      • ඔය පැත්තේ ආප්පයි, ප්ලේන්ටීයි විතරයිනේ බන්…..ඒ වගේද පොෂ් කුරුඳුවත්තේ..හුප්!! හැම්බර්ගර්ස්…මිල්ක්ශේක්ස්…

      • Pra Jay says:

        මේකෙ සමහර කොමෙන්ට්වලට රිප්ලයි කරන්න පුලුවන් අනිත් එව්වට බෑ. ඉස්කෝලෙ ප්‍රශ්නයක්ද?

      • අනිත් එක ඔය එක එකාගේ නම් කියන්න ඕනෙත් නැහැ. රෝයල් එකේ බෝයි කෙනෙක් බලන්න ආවා කිව්වාම නිකන් දෙන්නේ රෙස්ටොරන්ට්ස් වලින්. මරදානේ තේ කඩනේ.

        බුරා උඹ දන්නවාද කෙල්ලෝ දෙන්නෙක්ගෙ දෙබසක්..

        “බලන්න අනේ..ආනන්දේ කොල්ලො ටිකක් ,රෝයල් බෝයිස්ලා දෙන්නෙකුට ගහලානේ මෙයා…මම තාත්තිටත් කිව්වා”

      • @ප්‍රා….ඉස්කෝල ප්‍රශ්නයක් නම් දැනට නැහැ. එකක් එන්න වගේ යන්නේ.

      • Pra Jay says:

        //ඉස්කෝල ප්‍රශ්නයක් නම් දැනට නැහැ. එකක් එන්න වගේ යන්නේ.//
        මගෙ ඉස්කෝලෙ ගෑන නම් බුරතීනො ලියයි නේ.
        මේකෙ තියන සමහර කොමෙන්ට් වලට කියන්න දේවල් තිබුන ඒත් රිප්ලයි ඔප්ශන් එක නෑහෑනෙ. අර ක්ලෙමන්ට් ගේ no හාඩ් ෆීලින්ග්ස් වලින් ඉවරවුන බුරි ඔබ්ජෙක්ශන් එක ගෑන ලියන්න බෑලුව එතන . බෑ !!

      • @ ප්‍රා……..එතනම යට නැහැ මචං. ඊට උඩින් තියෙන රිප්ලයි එකේ ඒ ත්‍රෙඩ් එකේ තමයි එන්න ඕන මගේ හිතේ,@ එකක් ගහලා රිප්ලයි එක දාන්න.

      • Buratheno says:

        අඩෝ අරූ, උඹ දැනගනින් මේ බ්ලොග් අවකාශයෙ වුනත් මරියකඩේ සෙට් එක අම්බානකට ඉන්නවා හරිද.? මොකද කියන්නෙ වටකරලා නෙලන්ටද.? අනූ පහේ උඹලාට දුවන්ට ගැහුවට පස්සෙ තාම හරියකට අත-පය හිරි ඇරගන්ටත් බැරි වුනා.. 😉

      • බුරා…..දැන්ම එපා බන්…පොඩ්ඩක් හිටපන් අපේ ඕල්ඩ් බෝයි රජ වෙනකම්. ඒ කියන්නේ මට උඹලාට නෙලන්න හම්බවෙන්නේ නැහැ ලබන ආත්මෙටවත්.

      • Chamara says:

        ඔය අනූපහේ වලිය මටත් මතකයි. රේස් කෝස් එක පෑත්තෙ උඹලගෙ කොට තාප්පෙන් ඈතුලට පෑනල පන්තිවල ඉන්න එවුන්ටත් ගෑහුව කියල තමයි අපේ එවුන් ඒ කාලෙ කිව්වෙ. මම ගියෙ නෑතිනිසා ඈත්තද කියන්න දන්නෙ නෑ..

      • චී…චී…චී…චාමර වස ලැජ්ජයි බන්. ඔන්න ඕක තමයි අපි ඒ කාලේ නොහිටිය එකේ පාඩුව. මට 1995දී ඉස්කෝලේ යන දරුවෙකුත් ඉන්නවා. නැත්නම් මම කෙලින්ම සීන් එකට එන්ටර් ද ඩ්‍රැගන්.

      • තිසර says:

        පලාතේ අවුල නම් මටත් තියනවා. කොළඹ ගැන මගේ දැනුම සීමිතයි. හැබැ‍යි මල්මී කලින් පෝස්ට් එකෙන් අරු බම්බලපිටියට සෑහෙන සාධාරණයක් ඉෂ්ට කලා කියලා මම හිතනවා. අනික මේ වගේ පෝස්ට් වලදි මා.වි. කොග්ගල වර්ණනා කලා වගේ දීර්ඝ විස්තර ලියන්න බැහැ. අනික ඔය නොදැනීම ඉස්මතුවෙන්නේ පෝස්ට් එක කියවනකොට නෙමෙයි, කමෙන්ට්ස් කියනවනකොට. ඒ අවට ගැන හොඳට දන්න එවුන් තමන්ගෙ අත්දැකීම් ලියන්න අපිට එහෙම කරන්න බැරිවීම නිසා ඕක වඩා දැනෙනවා. ඒ නිසා ඒක චෝදනාවක් විදිහට මගෙන් එල්ල වෙන්නේ නෑ. රටේ තැනින් තැන ජීවත් වෙච්ච කෙනෙක් හැටියට, එක පැත්තකින් මට නම් කිසිම නගරයක්, පළාතක් ගැන දීර්ඝකාලීන දැනුමක් නැහැ.

      • @ තිසර…..සමාවෙන්න ඕන රිප්ලයි එකක් දාන්න පරක්කුවුනාට. මට දිගටම වැදගත් පෞද්ගලික වැඩ වගයක් තිබුනා. ඒ ඉවරවෙනකොට වම් කකුලේ වෙරිකෝස් ඔපරේෂන් එකක් තිබුනා පෙරේදා. දැන් තමයි රිලැක්ස්. ඒත් දවස් ගානකට ඇඳේ.
        ////ඒ අවට ගැන හොඳට දන්න එවුන් තමන්ගෙ අත්දැකීම් ලියන්න අපිට එහෙම කරන්න බැරිවීම නිසා ඕක වඩා දැනෙනවා. /////
        අපි නොදන්න පලාත් විතරක් නෙමෙයි. නොදන්න විෂයක් ගැන ලියවෙන තැන් වලදීත් ඔය අවුල මතුවෙනවා නේද?

  37. bindi2 says:

    ඔන්න ඉතින් මමත් අරූ එක්කම බම්බලපිටියෙන් පුංචි බොරැල්ල පැත්තට ඇවිදන් ආවා . මෙහෙ එන්න කලින් මගේ සේවාස්ථානය තිබ්බේ එහෙනේ .
    අපේ ඉස්කෝලේ සේරම හිටියේ ගුරුවරියෝ …පිරිමි පරානයකට හිටියේ ඉස්කෝලේ පියන් වෙච්ච වයසක හරිශ්චන්ද්‍ර විතරයි . එක පාරක් පිසික්ස් සර් කෙනෙක් ආවා . ටික දවසයි හිටියේ . කිකිළි කුඩුවේ කුකුලා වගේ. පස්සේ මනුස්සය තර්ස්ටන් එකට මාරු වෙලා ගියා . රබර් පස්සක් දාගෙන කියල අපේ කටකතා වලට ලක්වුණ ටීචර් කෙනෙකුත් හිටියා .
    බිග් මැච් කාලෙට නම් පාර පුරා කොල්ලෝ . පුදුම හිඟන්නෝ තමයි. අපිත් අතේ සතේ නැතුව ඉන්නකොට අල්ලන් එනවා තොප්පි. එකපාරක් මුන් තාප්පෙන් පැනලා ඉස්කෝලේ ඇතුලටම ආවා . අපි හයේ පන්තියේ . කෙල්ලන්ට මාර ජොලි . හැබැයි ටීචර්ලා නිකන් සන්නද්ද හමුදාවටත් එහා ළමයින්ට පන්ති වලින් එලියට එන්න තහනම් කළා . මුන් ටික ප්‍රින්සිපල්ට ඇන්ටි කිව්වා කියල ආරංචි වුනා . හැබැයි ඊළඟ අවුරුද්ද වෙද්දී ඉස්කෝලේ ලොකු ප්‍රදර්ශනයක් තිබ්බ. ඒ දවස්වල ගැහුවානේ උසට තාප්පේ. ඩබල් ඩෙකර් එකක වහලේ විතරක් පෙනෙන ගානට .

    • බින්දි……ඉස්සර අපි 112 ඩබල් ඩෙකර් එකේ යනකොට ඔය ඉස්කෝලේ පන්ති, ළමයි සෙල්ලම් කරනවා පේනවා. ඔය පැත්තේ සීට්ස්වල ඉඳන් ඔළුව දාලා කෑගහනවා. ඔය ඉස්කෝලේ පාරවල් දෙකකට ඕපන් නිසා ප්‍රින්සිපල්ට හරි කරදරේ වෙන්න ඇති. ඉස්කෝලේ ඇරුනාම හරි කලබලයි නේද?

      බින්දි..පුංචි බොරැල්ල…පෝස්ට් ඔෆිස් එක, බෝගහ,සයිවර් කඩේ, ඩිමෙල් එක, නියම හන්දිය අප්පා. ෆ්‍රැන්සිස් රෝඩ්, මෝචරිය නිතර ගැවසෙන තැන්.

      • Ravi says:

        අරූ,

        ඩි මෙල් එකත් එක්ක තිබ්බ පැරිසීන් හෝටලේ මතකද? දැන් විජේසූරිය ග්‍රන්ඨ කේන්ද්‍රය තියෙන්නෙ එතන වෙන්න ඕන. ඒ කාලෙ ඔතනම වෙන පොත් සාප්පුවක් තිබ්බ මට නම මතක නෑ. සුමනදාස සමරසිංහ මහත්මයගෙ මිනිස් සිතේ හාස්කම් සහ මහාචාර්ය ජේ.බී. දිසානායකගෙ සිංහල ජන වහර පොත් සෙට් එක මම ගත්තෙ ඔය පොත් කඩෙන්.

        බෝ ගහ ගාවම තිබ්බ වරකපිටිය ස්ටෝර්ස් කියල පත්තර එහෙම තියන සිල්ලර කඩයක්. දැන් පාස්පෝට් ඔෆිස් එක තියන තැන තිබ්බෙත් මුස්ලිම් මනුස්සයෙක් කරපු හෝටලයක්.

      • bindi2 says:

        රවී , ඔය සිල්ලර කඩේ නම් තාම තියෙනව මන් හිතේ. එයමද වෙන එකක්ද මන්ද. මන් මේ කියන්නේ අවුරුදු හතකට කලින්. ඔය කඩේ හොඳට මතක හේතුවක් තියෙනව. අපේ ස්ටාෆ් එකේ යාලුවෙක් හිටිය ඔතනම ඇතුලට වෙන්න පොඩි ඇනෙක්ස් එකක . මෙයාට කම්මැලි කාඩ් එකක් වැදිලා තිබුණ. බඳින්න කලින් ඉඳන්ම ඔය අහල පහලම බෝඩින් වලත් බැන්දට පස්සේ ඔය හරියෙම ගෙවල් වලත් හිටියේ . ඔය කඩෙන් තමයි බඩු ගත්තේ වැඩිපුරම .
        අරූ ..මන් බඳින්න කලින් වැඩට යනකාලේ පුංචි බොරැල්ල පැත්තෙනුත් පසු කාලේ ටවුන් හෝල් පැත්තෙනුත් තමයි රාජකාරියට ගියේ .මටත් දැන් ඒ කාලේ ගැන ලියන්න හිතෙනවා මේක දැකල . අපේ උන් ගැන පිස්සු කතා එමටයි . සමහර උන් බ්ලොග් බලනව ඉතින් පරිස්සමින් තමයි ලියන්න වෙන්නේ ..

      • මතකයි රවී පැරිසියන් එක. ඔය පත්තර කඩේ එක්ක පේලියේ කඩ කීපයක් තිබුනා. සයිවර් කඩේ, බුලත්,සිගරට් තට්ටුවක්. ඒ මදිවට බස් නැවැත්තුවෙත් ඔය කඩ ලඟමයි. ඔය හරියේ නාන බාල්දියකුත් තිබිලා තියෙනවා .මට මතක් වෙන්නේ නැහැ.

      • ලියන්න බින්දි….බොහෝ අය කැමතියි තමන්ගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලන්න.

      • Ravi says:

        පුංචි බොරැල්ලෙම තව තිබ්බ සුප්‍රසිද්ධ චාරිකා ලර්නර්ස්. ආනන්දෙ පැත්තට යනකොට ගෝතමියට යන පාර ( ඥාණාලෝකද මොකක්ද පාරෙ නම ..මට මතක නැහැ ) ලඟම තිබ්බ මොන භෛෂජ්‍යාලයද කියල සිංහල බෙහෙත් සාප්පුවක්. ඒ අපබ්‍රංස වචනෙ තේරුම බෙහෙත්හල කියන එක…:)

      • රවී….ආයුර්වේද භෛශ්‍යාගාරය තමයි ඔය ප්ලේස් එක. ඔය වෙදතුමා හරි ප්‍රසිද්ධයි.ඒ පේළියේම ඊට පොඩ්ඩක් එහාට තමයි මගේ යාළුවා ශ්‍රීනාත්ගේ ගෙදර. අපි වල බහින තැන. ඔය භෛහියේ වැඩකරා අපේ යාළුවෙක් ජගත් කියලා. වෙද මහත්තයා නැතිවෙලාවට ඌ අපිට ඔය මත්වෙන දේවල් දෙනවා එතනින් අරන්.අපි ජගත්ට කිව්වෙත් භෛහියා කියලා.

  38. Pra Jay says:

    Ravi,
    Perishing ? 😀

  39. Manna says:

    Dear AN
    Thoroughly enjoyed reading your blogs on Royal College and Bambalapitiya.
    My life was probably much calmer, yet we seem to have shared the same space-time continuum- RC and Bambalapitiya
    The names that you mention, particularly the boys, am still in touch with a number of them as I still manage to do the big match and the odd Bradby; adults in their mid-life they may be but what better occassion tham the big match for them to be “boys” like we knew them !
    Many of the teachers DP, Viji I still revere, some like Malathi Fernando, GVP Rodrigo I respect, few names you mention, I’d still give them a wide berth as my ineractions with them have not been pleasant !
    Anyway good to hear that you are in Blighty, maybe we can meet for a pint when you’re come down to London sometime…..

    • මචං මන්නා….මම සිංහලෙන් ලියන්නම්. උඹ ඉංග්‍රීසියෙන් ලියපන්. මම දන්නවා උඹලාට සිංහල යුනිකෝඩ් නැතුව ඇති කියලා.
      ඉස්සෙල්ලාම උඹ මනෝජ්ද? එහෙම නම් මට උඹව හොඳට මතකයි. උඹ දන්නවාද ඔය උඩ SURAYA කියලා කමෙන්ට් කරන්නේ කවුද කියලා? 12BS5 එකෙක්.ඩොකෙක්.ගෙස් කරපන් කවුද කියලා.

      මම DP ගැන එහෙම වැඩිය ලිව්වේ නැහැ..ගොඩාක් අය ලියලා තියෙන නිසා. උඹට මතකද අපිට ඉන්ග්ලිෂ් උගන්නපු මිසිසිපි,නෝනිස්,අල්විස්,ආබෲ,තව ගොඩාක් අය ඉන්නවා. කතා ගොඩාක් තියෙනවා.

      මම මේ කමෙන්ට් එකට හරි කැමතියි. ගෝන් බැක් ටු 12BS4 කොරිඩෝර් එකට. .අපි හම්බවෙමු වෙලාවක. මේ බ්ලොග් එක කියවනවාට තෑන්ක්ස් මනෝජ්.
      My email….papara123@yahoo.co.uk

      • Manna says:

        මමත් සිංහලෙන් ලියන්නම්. මෙතන suraya කියල කොමෙන්ට් කරන්නේ දොස්තර රාමනායක ද?

        අරූ ට මාව මතකයි වගේ …:-) එහෙනම් තවදුරටත් මතකය අවදි කරන්න අවශ්‍ය නෑ නේද ? සමහර විටක පටි රෝල් !

        අරූ කියනවා වගේ තවමත් දවසකට වරක් දෙවරක්වත් මම නැවත BS පන්ති එළියේ කොරිඩෝර් එකට යනවා. මොකද ඉස්කෝලේ කාලෙත් ඔය කියන ටීචර්ලට පින්සිද්දවෙන්න පන්තියට වඩා කොරිඩෝර් එකේ හිටපු නිසා ……..පුරුද්ද වෙන්න ඇති …

        ඒ දඬුවමෙන් පාඩමක් ඉගනීම කෙසේවෙතත් කොරිඩෝ ජීවිතයෙන් යම් දෙයක් සදහටම එකතුකරගත්තා. මට අදටත් ඉන්න ලඟම මිතුරන් එදා කොරිඩෝ එකේ එකට දඬුවම් කාපු අය. Birds of a feather ……කියන්නේ බොරුවටද?

        අරූ ගේ කල්‍යාණ මිත්‍ර කිරා තවමත් සිගරට් බොනවා , ගිය අවරුද්දේ ගෙට් ටුගෙදර් එකේ මාත් එක්ක හොඳට බට් ඇද්දා ….මේක අරූ ව නිවැරදි කිරීමක් නොව අප්ඩෙට් කිරීමකි

      • මන්නා……ඒ රාමා තමයි. ෆිට් එකේ ඉන්නවා මෙහේ.
        නිවැරදි කිරීම්,අප්ඩේට් කිරීම්, ටොකු ඇණිලි, තදබල විවේචන, විචාර ඕන දෙයක් බ්ලොග් වර්ල්ඩ් එකේ ඔට්ටුයි මචං. උඹ කැමති ඕනම දෙයක් ලියපන්.

        . ප්‍රියන්ත හේවාතන්ත්‍රි, සුමිත්‍රා, රාමා, තව මරු සෙට් එකක් හිටියානේ12BS5. මට උඹව හොඳට මතකයි කොරිඩෝර් එකේ බිත්තියට හේත්තුවෙලා කයිය ගගහා ඉන්නවා. ජාවාත් 12BS5 වගේ මතක.

  40. කඩලේ වගේ කෙනෙකුට ඉස්කෝලෙම රැඳිලා තමන්ගේ ජීවිකාව කරගෙන යන්න අවසර දීපු මිනිස්සු හරිම සුන්දර පරිණත හිත් තියෙන මිනිස්සු කියලයි මට හිතෙන්නේ අරූ .

    • තිලකේ….එහෙම සුන්දර පරිණත පරිපාලකයන් කොටසකුත් එක් යුගයක අප රටේ හිටියා. දැන් ඒවා ගොඩක් වෙනස්. දැන් තමාගේ එකාට පමනක් සුන්දර අය තමයි ඉන්නේ. සමාවෙයන් රිප්ලයි පරක්කු වුනාට. මට පොඩි ඔපරේෂන් එකක් කරා. තාම ඇඳේ.

      • Ravi says:

        අරූ,

        වැරිකෝස් කියන්නෙ බං බඩවැල පාත් වෙනවට නේද? යකෝ මේ වයසට බඩවැල පාත්වෙන්ට තරම් මොකද බං උඹ කරන්නෙ? මේ දැන් මදැයි ඔව්ව…දැන්වත් ටිකක් ඕකට විවේකයක් දීපං.. 😀

      • රවී….උඹ ඔය කියන්නේ වැරිකෝස්ද, ඉන්ටකෝස්ද? 😀

      • රවියා තමයි රවියා.
        මූව උස්සලා පොලවේ ගහන්න එපැයි.
        අරූ, ඔය රස්සාවේ අන්තිමය ඕකම තමයි. වැඩිවෙලාවක් හිටගෙන ඉන්න ගියාම අන්තිමට එන්නේ ඔය කරුම ලෙඩේ නේ. මගේ ඒ කාලේ සෙට් එකේ කීහිප දෙනෙක්ම ඔය තත්වෙන් ප්‍රථිකාර ගන්නවා. අරූ කලිනුත් මේ සර්ජරි එකම කරා නේද?
        (දැන් තමයි මේක දැක්කේ)

      • රවියා නැතුව වැඩක් නැහැ රංගි…. ඒක පුදුම කටක්. ඌගේ නහර නෙමෙයි කපන්න ඕන කට.

        ඔව්. ගියපාර දකුණු කකුල. මේ පාර වම. අපේ රස්සාවල්වල හැටියට වයසට යනකොට මේවා තමයි ප්‍රතිඵල.

  41. අද 31 ත් උනා කෝ 42 ?

  42. එහෙනම් ඉගනගෙන ඉවරයි නේද ? ඒ ලෙවල් කළේ නැද්ද ?

    කඩලේ වගේ වඩේ විකුණපු දෙමළ මනුස්සයෙක් අපේ ඉස්කෝලෙ ගාවත් හිටියා.. ඒ මනුස්සයගෙන් කාපු වඩේ තමා මම ජීවිතේටම කාලා තියන රසම වඩේ.. අඩුම ගානේ ඉන්දියන් කාරයන්ගෙ රෙස්‍ටුන්ර්ට් වලින්වත් මම එච්හ්චර රස වඩේ කාලා නෑ.. ඒ මිනිස්සු ජීඅත් වෙන්න වඩේ විකුණුවට ඒ සමගම මිහිරි අතීත මතකයනුත් නොමිළේ දෙනවා කියලා හිතෙනවා නේද ?

    • //////එහෙනම් ඉගනගෙන ඉවරයි නේද ? ඒ ලෙවල් කළේ නැද්ද ?////
      සෙන්නා…… මම ඒ ලෙවල් කරන්න මාස කීපයකට ඉස්සෙල්ලා ජොබට සෙට් වුනා. ඒක එහෙමවුන එක හොඳයි. ඒ නිසා පවුලේ බාල අයට මට වඩා ඉගෙනගන්න ආර්ථික සපෝට් එකක් දෙන්න පුළුවන් වුනා.

      ඇත්ත. අපි කොහෙන් මොනවා කෑවත් මතක හිටින්නේ, මිහිරි මතකයන් සමග කාපු කෑම විතරයි බන්.

  43. තිස්ස says:

    කවුද සත්ත්ව විද්‍යාව උගන්වපු, බුරිය පේන්න සාරි ඇඳපු රූමත් ගුරුවරිය? ….. රුක්මලී මිස් ද?

    • හරි, හරියටම හරි…තිස්සටත් අමතක නැහැ වගේ.

      • තිස්ස says:

        මම සත්ත්ව විද්‍යාව කළේ නැහැ…. ඒ වුණත් රුක්මලී මිස්ව 1981 ඉඳන් දන්නවා, මොකද එයාගේ රූමත්කම අපිට ආකර්ෂණයක් වෙලා තිබුණු නිසා. ඒ වෙන කොට නම් එයා බුරිය පේන්න සාරි ඇඳගෙන හිටියේ නැහැ. එයා පදිංචි වෙලා හිටියේ මහරගම, වත්තේගෙදර, වැව පැත්තට යන පාරේ.

      • තිස්ස says:

        හැබැයි, 1981 කාලේ ම උද්භිද විද්‍යාව උගන්වන්න හිටියා ගුරුවරියක්. නිතරම අපේ පාසල් බසයෙන් ගිහින් නුගේගොඩ දී බහිනවා. එයාගේ පුංචි පුතාත් එතකොට රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේ ගුරුවරිය නම් සාරි ඇන්දේ බුරිය පේන්න විතරක් නෙවෙයි, පස්ස පැත්තේ buttock cleavage එකත් පේන විදියට. එයාගේ නම නම් දැනගෙන හිටියේ නැහැ, මොකද මම උද්භිද විද්‍යාවත් කරපු නැති නිසා.

      • ඔව් එතුමිය හිටියේ මහරගම. කෙමිස්ට්‍රි කරපු දේවිකා රණසිංහ මිස් හිටියේත් පන්නිපිටිය පැත්තේ. අපි ඔක්කොම එක ස්කූල් බස් එකේ ගියේ, මම ඔය පැත්තේ ඉන්න කාලේ.

        තිස්ස මම බොටනිත් කරා. අපිට බොටනි කරේ මාලති ප්‍රනාන්දු ටීචර්. එයා හිටියේ දෙහිවල. හරිම හොඳ කෙනෙක්. තව කෙනෙක් බොටනි කරා. අපි කිව්වේ බොටනි චූටි කියලා..ඒ මිසුත් හිටියේ මහරගම පැත්තේ නෙමේ. පුදුමයි ඔය කියන ටීචර්ව මට මතක නැති එක 😀

        හොඳ ගුරුවරු. ලිස්ට් එකක් මතක් වෙනවා දැන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s