අවුල් වන්නට පෙර (43)..ගල්කිස්සේ මුහුදු වෙරළේ….

දෙහිවල හන්දියේ සිට ගල්කිස්ස දෙසට පැමිණෙන විට ඇති අප්‍රමාණවූ අතුරු පාරවල් ඔස්සේ ගල්කිස්සේ මුහුදු තීරයට ඇවිද යා හැක. දකුණු වෙරළ තීරයේ උණවටුන, කිරින්ද,හික්කඩුව, බෙන්තොට ,වැල්ලවත්තටත් වඩා ගල්කිස්ස ජනප්‍රියව පැවතිණි. සංචාරක අත්පොත්හී, දෙහිවල-ගල්කිස්ස අතර මුහුදු තීරය හැඳින්වූයේ Golden Mile ලෙසිනි. බේරුවල- බෙන්තොටත් මුහුදුතීරයත් මෙසේ හැඳින්වූ බව මතකය. විදේශීය සංචාරකයින් විසින් මගනොහරිනා ගල්කිස්ස වෙරළ, කොළඹට ආසන්න නිසාම දේශීය සංචාරකයින්ගෙන්ද අඩුවක් නොවීය. ගල්කිස්ස සංචාරකයින්ගේ පාරාදීසයක් විය. එහි තිබු සෑම අතුරු පාරක්ම මුහුදු වෙරළට ආසන්න බොහෝ නිවාස සංචාරක නවාතැන් ලෙස පවත්වා ගෙන ගියෝය. ප්‍රසිද්ධම සහ විශාලතම හෝටලය වුණේ මවුන්ට්-ලැවිනියා බීච් හෝටලයයි. අනිත් කුඩා හෝටල් බොහොමයක් කාමර 20-50 සමන්විත කුඩා හෝටල සහ නවාතැන් පොළවල් විය. මේ වෙරළ තීරය තුළ දහස් ගණනින් විදේශීය සංචාරකයින් ගැවසුණා පමණක් නොව, ඉරිදාට දේශීය අමුත්තන්ගෙන්ද අඩුවක් නැත. ‘ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදාට ගිහිල්ලා බලන්න’ යැයි, ඇන්ටන් ජෝන්ස්-ෆ්‍රෙඩි සිල්වා ගී ගැයුවේත් ඒ නිසාවෙන්ම විය යුතු යැයි මම සිතමි.

ලංකාවේ සංචාරක කර්මාන්තයට වඩාත් ගැලපෙන්නේ, සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත තරු හෝටල් කිහිපයක් සහ ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්වාගෙන යන කුඩා Bed And Breakfast(B And B) නවාතැන් පොළවල් වැඩි ප්‍රමාණයකින් සමන්විත ක්‍රමයක් බව මගේ පෞද්ගලික අදහසයි. B and B සංකල්පය ක්‍රමවත්ව නියාමනය කිරීම සහ නීතිරීති පද්ධතියක් තුළ විධිමත් කල යුතුබව කිවයුතු නොවේ. එවැනි ක්‍රමයක් තුළ සංචාරකයා රට තුළට ගෙන එන මුදල, ඔවුන් ගැවසෙනා ග්‍රාමිය ප්‍රදේශයන්හී ආර්ථිකය තුළ සංසරණය වීම තුළින් ඒ ප්‍රදේශය පෝෂණයවීම අනිවාර්යවේ. රාත්‍රිය තම නවාතැනේ ගතකරන අමුත්තන්, උදේ ආහාරයෙන් පසු ඒ අවට සැරිසැරීමත්, තමන් කැමැති අවන්හල් සොයා යෑමත් තුළ ග්‍රාමීය සංස්කෘතිය, චර්යාවන් සහ ජනතාව සමග මානුෂීය හුවමාරුවන් ඉබේම සිදුවීම යහපත් ලක්ෂණයක් විය හැකිය. හෝටල් සමාගම් සහ හෝටල් හිමියන් බොහෝ දුරට බලාපොරොත්තුවන්නේ තම හෝටලයට පැමිණෙන සංචාරකයාගේ සියලුම අවශ්‍යතාවයන් සපුරා ඒ වෙනුවෙන් අයවිය යුතු මුදල් එකම බිලක් යටතට එකතු කර ගැනීමය. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය හා ඒ මුදල් මුසුවීම අවමවේ.B And B නවාතැන්හී අවන්හල් පවත්වා ගෙන යෑමට ඉඩ නොදී, අවන්හල් සඳහා වෙනම බලපත්‍රයක් තිබීම අනිවාර්ය කළයුතු වේ. මෙවැනි ලිපියකින් මෙය සාකච්ඡා කිරීමට ඇති ඉඩ අවමය. මා කිවු ක්‍රමවේදය යෝජනා කර ලංකාවට පැමිණ නිවාඩුවක් ගතකර ආපසු පැමිණි බොහෝ සුද්දන් ,අපේ ජනජීවිතයත්, සෞන්දර්යයත්, මානුෂික සම්බන්ධතාත්, ආගන්තුක සත්කාරයත් ගැන කියන්නේ ඉතාමත්ම සතුටිනි. ඒය අපගේද නෙතට සතුටු කඳුළු එකතු කරයි. රටට පැමිණ හෝටලයක සිට සියල්ලෙන් සන්තර්පනයවී නැවත පිටවන්නා රටට ඉතිරිකර යන්නේ මුදල් පමණි. මා දකිනා සංචාරක කර්මාන්තය ඉන් ඔබ්බට ගිය සංග්‍රහශීලී පැවැත්මක්ය.ඒ හරහා සංචාරක කර්මාන්තයේ මෙන්ම සමාජය, රට ගැනද සුබදායී පණිවිඩයක් ලෝකයට සන්නිවේදනය කරගත හැකිය. මේ සඳහා ඒ ඒ කොටස් නිවැරදිව දැනුවත් කල යුතුවේ. මේ මගේ පෞද්ගලික අදහස්වේ.

ගල්කිස්ස මහා හෝටලය ලෙස ගම්වැසියන් හැඳින්වූ Mount-Lavinia Beach Hotelයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ආරම්භ කර ඇත්තේ 1800 මුල් යුගයේ යැයි කියවේ. ඒ හා සම්බන්ධ රසවත් ප්‍රේම වෘතාන්තයක් ලියැවී තිබේ. ඒය කියවා බැලීම වටී. මේ හෝටලයේ අතීතයේ සිට පාවිච්චියට ගත් දර ලිප්, අතින් රෙදි සේදීමේ කාමර වැනි දේ 1980 කාලයේත් තිබුණ බව මම දැක ඇත්තෙමි. නුවර Queens සහ ගෝල්ෆේස් හෝටලේයේද එවැනිම තැන් තිබූ බව වරක් දුටුවෙමි. ගල්කිස්ස මහා හෝටලයේ ලිට්ල් හට් රාත්‍රී සමාජ ශාලාව, කොළඹ තරු හෝටල්වල තිබු රාත්‍රී සමාජ ශාලාවන්ටත් වඩා ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔබ මේ හෝටලයට ගොඩවී ඇත්නම් එහි ඇති පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් දැක ඇතැයි මම සිතමි. Little Hut සමාජ ශාලාව තුළ නොයෙලින් හොන්ටර්, ඩෙස්මන්ඩ් ඩි සිල්වා වැනි අය ගී ගැයූහ. ඔබරෝයි හෝටලයේ Supper Club, ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ Cat’s Eye, හොලිඩේ ඉන් හෝටලයේ Al Hambra සහ ගෝල්ෆේස් හෝටලයේ Mascarilla වැනි රාත්‍රී සමාජශාලා හා එක පෙළට ලිට්ල්හට් ඉදිරියෙන් සිටිය බව හොඳින් මතකය. මහා හෝටලයේ පබිලිස් අයියා එකල තරමක් ප්‍රසිද්ධය. ඔහු සතු ප්‍රායෝගික දැනුම පොත පතින් උගත් සූපවේදියෙක් තරමටත් වඩා වටී. මේ සියල්ල ගැන ලියා තබන්නට මතකයක් ඇතත්, දැනට ඒ දේවල් අතපසු කිරීමට සිදුවේ.

ගල්කිස්ස වෙරළ තීරය පුරාම පොල් අතු මඩු පේළියක් එක දිගට ඉදිකර තිබුණි. මේවායේ විදේශිකයිනට හිරු එළිය තැපීමේදි අවශ්‍ය දිගෑදෙන පුටු, රිජිෆෝම් පෙට්ටිවල අඩුක්කර ගත් සිසිල්බීම බෝතල් වැනි අඩුම කුඩුම සැපයීමට සුදානම්ව තිබේ. මේවා පවත්වාගෙන ගියේ අවට ගම්වැසියන් විසින්මය. රේල් පාරට නුදුරින් තැඹිලි කරත්තද, වෙරළේ අන්නාසි බේසම්ද, සිප්පි කටු ආභරණ, සැහැල්ලු බතික් ඇඳුම් වෙළෙන්දන්ද අඩුවක් නොවීය. වෙරළ සුදු ගැහැනුන්, මිනිසුන්ගෙන් ඉර බසිනා තෙක් පිරී ඉතිරි පැවතුණෝය.

මා කලින් කීවා සේම මේ වනවිට මම ක්ෂේත්‍රයට ආධුනිකයෙක්මි. La Langousterie කළමනාකරුවූ ජයමාන්න, පීටර් පෙරේරා යන මහත්වරුන්ට අමතරව මෙහි පැරණිම සේවකයෙක් වූයේ නානායක්කාර අංකල්ය. පිටකෝට්ටේ කොටුබැම්ම පාරේ පදිංචිව සිටි මොහුගේ පුත්‍රයා ජූලියන්ද බාර්මන් කෙනෙක් ලෙස මෙහි සේවයේ යෙදුණේය. මම අංකල් යටතේ සේවය උගත්තෙමි. ගුණවර්ධන, පාලිත පෙරේරා, සාලිය වැනි අය මට තවමත් මතකය. නානා අංකල් ඉතාම ක්‍රමවත් සහ නීතිගරුක සේවකයෙක් විය. ඔහු ඉගැන්වූ දෑ මම තදින් සිතට ගත්තෙමි. වැඩිපුර කතා බහක් නැති මොහු මට තමන්ගේ දරුවෙකුට මෙන්ම සැලකීය. අනිකුත් උදවිය මොහුගේ කීමට එතරම් අවනත නොවුයේ, මොහු තුළ තිබූ පැරණි සම්ප්‍රදායික ගති පැවතුම් නිසා විය යුතුය. ඔහුගේ පුත්‍රයා ජූලියන් පවා පියාට ගෞරව කළත් වැඩියෙන් අවනත වූයේ නැත. මම සති දෙක තුනක් තුළ මේ කර්මාන්තය තුළ සේවකයෙකු සතුව තිබිය යුතු මූලික අවශ්‍යතා මැනවින් වටහා ගත්තෙමි. හැන්දක්, ගෑරුප්පුවක් නිවැරදිව පාවිච්චි කිරීම මුල්වරට ඉගෙනගත්තේ ඔතනින්ය. ටික කලකින් මමත් අන් අය හා කරට කර වැඩ කිරීමට සමත් වුණෙමි.

අප අවන්හල් සේවකයින් වූයෙමු. හෝටලයක් හෝ විශේෂයෙන් අවන්හලක් පවත්වාගෙන යෑමේදි පාරිභෝගිකයින් පිනවීමේ වැදගත්ම සහ ඒත් නොපෙනෙනා වැඩ කොටස සිදුකරන්නේ මුළුතැන්ගෙය හෙවත් kitchen staff එකය. රැකියාවක් හා කර්මාන්තයක් ලෙස ගත්කල මෙය තනිකරම, සාමුහික කංඩායම් ක්‍රියාවලියකි. බඩ පිරුණු සැණින් අප කාටත් කුස්සිය අමතකය. පාරිභෝගිකයින් මල් පුදන්නේ කෑම බීම ගෙනවිත් මේසයට පුදනා අප වැන්නන්ටය. අප මල්මාලා පැළඳ ගන්නෙමු. නමුත් ගල් වරුසාවන්ට මුවා වෙන්නෙමු. මල් වෙනුවට ගල් ලැබුණොත්, ඒ ගල් වදින්නේ කුස්සියේ සේවකයන්ටය. එහි වරදක් නැත. මනුෂ්‍ය වර්ගයා අන් සියල්ලටම වඩා ඉක්මනින් පැමිණිලි කරන්නට පෙළඹෙන්නේ, මිලදී ගන්නා හෝ නොමිලයේ ලැබෙනා අහාර ගැනය. මම කොතැනක කෑමකට ගියත් පළමුවෙන්ම ස්තූති කරන්නේ ඒ භෝජනය පිසු දෑත්වලටය. වේටර්වරයාට සංතෝසමක් පිරිනැමුවත්, අහාර පිසින්නන් වෙනුවෙන්ද යමක් පිරිනැමීමට කිසිදිනෙක අමතක නොකරන්නෙමි. මේ ගැන වෙනම කතා කල යුතුය. මෙවැනි චාරිත්‍රයක් මා අතින් සිදුවන්නේ, හෝටලයක අභ්‍යන්තර ක්‍රියාවලිය මැනවින් දන්නා කෙනෙක් නිසා මිස, අන් හේතුවක් නිසා නොවේ. ඔබ ඒ ගැන සිතිය යුතු නැත.

මේ අවන්හලේ ප්‍රධාන සූපවේදිව සිටි විජේවර්ධන හැරෙන්නට අන් අය විෂය සම්බන්ධව ලිඛිත දැනුමක් තිබු අය නොවේ. විධායක සූපවේදියා හෙවත් Executive Chef සිදුකරන්නේ පරිපාලනමය රාජකාරියක් සහ අධීක්ෂණයක් පමණි. මෙය මනාව පවත්වාගෙන යා හැක්කේ ඔහු සතු මිනිස් සම්පත නිසාමය. නමුත් සමහර අයට මේ ගැන වගේ වගක් නැත. අධික උණුසුම සහ කාලය සමග කරනා මේ සටන ලේසි පහසු කටයුත්තක් නොවේ. ලිඛිත දැනුමක් නොතිබුණත් දන්නා දේ පිළිවෙළට සහ වෙලාවට කිරීමට අර මිනිසුන් කඩිසර සහ කාර්යශීලී වූහ. මේ ක්‍රියාපටිපාටියන් ගැන පසුවට හෝ ලියා තබමි. ප්‍රෙමරත්න, තිලකරතන, වේලු, සුගතදාස, මොහොදීන් ඇතුළු ඒ සගයින් අමතක නොවන රසවතුන්ය. මම ඔවුන් හා ඇති පදමට කෑවෙමි. බිව්වෙමි. නැටුවෙමි. මගේ අන් සගයන්ද එසේම විය. අප අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කෙරුවෙමු. ඒ අතරතුර හැකි සෑම විටකදීම, මගේ ප්‍රියතම විෂයවූ අහාර පිසීම ගැන ඔවුන්ගෙන් උගත්තෙමි. අපට ලැබෙන දිනපතා ටිප්ස් මුදල්, ඔවුන්ගේද බීම සහ සිගරට් වෙනුවෙන් වියදම් කෙරුවෙමු. ඔවුන් ලොක්කන්ට හොරෙන් අපට අවශ්‍ය ඉස්තරම් කටගැස්ම සපයන්නේ ඒ ගනුදෙනුවේම කොටසක් ලෙසය. නානා අන්කල් නම් කිව්වේ, අරූ අලුත් සංස්කෘතියක් අරඹා ඇති බවත්, මුදල් පරිස්සම් කරගන්නා ලෙසත්ය. එහෙම දේවල් සිදුවෙනවා අඩුවුවත්, මම ඉන් සතුටක් ලැබුවෙමි.

බෙදා හදාගෙන කෑමේ අගය වැටහෙන්නේ, ඔබට තවකෙකු බෙදන විට මිසක, තමන් බෙදාගෙන තමන් බදාගෙන බුදින විට නොවේ. ලැබෙන දෙයක් බෙදාගන්නා හැටි ඉගැන්නුවේ මගේ දෙමාපියන්ය. එය ප්‍රගුණ කළේ මගේ බිරිඳගේ දෙමව්පියන් පෙන්වූ ආදර්ශයන්ගෙනි. අපද අපේ දරුවාට මේ කියා දුන්නෙමු. ඇයද බෙදා හදා ගන්නියක්වීම ආඩම්බරයකි. ඇයද මවක්වූ දිනෙක, ඔවුන්ගේ දරුවන්ද එසේ වේවී යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

පාලිත, ජූලියන්, ගුණේ අප කංඩායමේ ප්‍රමුඛයන් විය. පාලිත එවකට ප්‍රසිද්ධම හෝටලයක්වූ Pegasus Reef Hotel එකෙන් ආපු කෙනෙක්ය. ඔහුගේ අයියා තිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූප වේදියෙක් විය. මල්ලි උදය ගුවන් විදුලියේ ඉංග්‍රීසි නිවේදකයෙක්ව සිටි බවත් මතකය. පාලිත උපතින්ම විනෝදකාමියෙක් යැයි කීවොත් නිවැරදිය. ජූලියන්ද ඊට නොදෙවෙනිය. කොට ගුණේ බොනවාද නානවාදැයි කියා දන්නේ ඌ පමණය. පාලිත පසු කලෙක ඕමානයේ ගල්ෆ් හෝටලයේ ආහාර සහ බීම කළමනාකරු (Food and Beverage Manager) ලෙස සේවය කල අතර දැන් එම රටේම සොහාර් හෝටලයේ Sales and Marketing Director ලෙස කටයුතු කරනා බව දැනගත්තෙමි. ඔහුගේ ඉස්සරහ එක් දතක කොටසක් අඩුවූයේ කොට ගුණේට පින්සිදු වන්නටය.

සේවා මුරය අවසන් වන්නේ රාත්‍රී 12 පසුවීය. මුදල් හදල් ගනුදෙනු අවසන්වූ පසු කැෂියර්ස්ලාද, මැනේජර තුමාද, සුපර්වයිසර් තුමාලාද ගෙවල් බලා පිටත්වෙති. ඉතිරිවන්නේ අප කිහිපදෙනා සහ කුස්සියේ සේවකයින්ය. රජ මගුල්ය. බාර් එකෙන් ඇති පදමටම සප්පායම් විය නොහැක. ඒවා යම්තාක් දුරට ලේඛනගත විය යුතුය. ගල්කිස්ස හංදියේ එළිවෙනකම් වුවත්, හෝටල් සේවකයින් වෙනුවෙන් හොර ස්පොට් විය. හන්දියේම නයිට් කඩයක්ද විය. අමතක කල නොහැකි එක් චරිතයක් වූයේ, ගල්කිස්ස හන්දියේ මහජන පුස්තකාලය ඉදිරිපිට තිබු පුංචි රෑ කඩේ හිමිකරු පබිලිස් අයියාය. වියපත් පුද්ගලයෙක්වූ පබිලිස් අන්කල් හොඳ බොන්නෙකි. කඩේ ආප්ප හදන කොලුවාත්, කෑම බෙදන එකාටත් අමතරව ඉන්නේ පබිලිස් පමණය. පබිලිස් අන්කල් ලබ්බෙකි. අපි බෝතලයක් දෙකක් බොනකම් මේ මනුස්සයාද අපිත් සමගම බොයි. කියන්නේ අමු කුණුහරුපය. ආප්ප කොල්ලාත්, පබිලිස් අයියාට හොරෙන් ඩෝප්ය. පබිලිස් අයියා ඊට කලින් ඩෝප්වී පුටුවේම ගොරවයි. බෝතල් තියෙන ලෑලි කබඩ් එකේ යතුර පබිලිස්ගේ ඉනේය. පාන්දර බස් එනකම් බොන අපි මදි පාඩු කබඩ් හැර සප්පායම් වෙමු. පබිලිස්ට පොල්ලෙන් ගැහුවත් නැගිටින පාටක් නැත. පාලිතලා සහ කට්ටිය පාන්දර බසයේම ගෙවල් බලා යන නිසා මම ඒ කෙටි දුර පොරෝලිස් මාමාගේ ගෙදරට ඇවිදින්නෙමි. කඩයේ අන්තිම ලෑල්ල වසා දමන්නේත් අපිමය. පහුවදා රෑට මුදල් පියවන්නෙමු. ඒ වේලාවට ගෙදර අයව කූද්දන්නට නොහැකිය. පොරෝලිස් මාමා අවධිවුවහොත් අම්බානකට ගුටි කෑමට සිදුවේ. මමත් ටේච්චීත් අතර රහස් ගිවිසුමක් විය. මුදල් වටිනාකමක් නොහඳුනනා ටේච්චීට මම මුදල් පොරොන්දුව මත පිටිපස්සා දොර හෙමින් ඇර ගන්නට යොදා ගත්තෙමි. ඔය කාලය ගැන ලිවිය යුතුදේ තව බොහෝය.

ලංකාවේ බොහෝ නගර හෝ ගම්වටා ගීත සාහිත්‍යයට එකතුවූ ගී බොහෝය. ඒවා බොහොමයක් ශාස්ත්‍රීය හෝ අරුත් පිරි ගීත බැව් මම දනිමි. නමුත් ගල්කිස්ස, මොරටුව ගැන ඇත්තේ වේග රිද්ම ගීත පමණක්ද යැයි සිතේ. එය එසේනම් එයට හේතුව වන්නට ඇත්තේ ගල්කිස්ස හා ආශ්‍රිතවූ ජීවන රටාව විය යුතුය. අපි ඒවාට බයිලා යැයි කියමු. ඉන් කාටවත් අමතක නොවන ගීයක් වන්නේ ඇන්ටන් ජෝන්ස්/ෆ්‍රෙඩි සිල්වා ගැයූ’ගල්කිස්සේ මුහුදු වෙරළේ-ඉරිදට ගිහිල්ලා බලන්න’ ගීතයයි. ඒ හා අවට ගැන සහ චරිතයන් ගැන බයිලා සක්විති එම්.එස්.ප්‍රනාන්දු මහතා නොහොත් ඇම්. ඇස්.අයියා බයිලා ගැයුවේය. ‘ගල්කිස්සේ හෝටලේ ළඟ ආතර් අයියා’, ‘ප්‍රේමක්කගේ බතික් කඩේ’ ඉන් සමහරක්ය. මේ එදා ජීවත්ව හුන් චරිතයන්ය. ඒවා පසුවට ලියමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

121 Responses to අවුල් වන්නට පෙර (43)..ගල්කිස්සේ මුහුදු වෙරළේ….

  1. ජීවිත අද්දැකීම් සමගම යම් යම් උප සංස්කෘතීන් පිළිබඳවද ඔබ තබන මේ සටහන්, ඇත්තටම පසු කලක මුද්‍රණය කර තබන්නට තරම් වටිනවා. අවාසනාවකට මෙන්, මෙහි සඳහන් චරිත වලට අදාළ අයගේ ඥාතියකු හෝ මෙය කියවා අදහස් නොදක්වන්නේ, ඒ පරපුර තවමත් අන්තර්ජාලයෙන් ඈත්වී සිටීමද, නැතහොත් ඔවුන් අන්තර්ජාලය පාවිච්චි කරන්නේ හුදු සරල විනෝදය සඳහා පමණක්ද, යන්න මට හිතාගන්න අමාරුයි.

    මෙහි ඔබ සඳහන් කර තිබෙන පසුබිම් කතා (ලැවීනියා සහ ආණ්ඩුකාරයාගේ රහසිගත ප්‍රේමය) කියවා ඇතත් ඔබත් කෙටි සටහනක් හෝ තබනවානම් හොඳයි.

    • Kenji ogawa says:

      +++++++++++++++++++++++++++++++++++++

    • Anonymous says:

      මොහාන් රාජ් මඩවලගේ ලොවිනා නවකතාවට පසුබිම් වී තිබෙන්නේ මේ කතන්දරයි. කියවපු අය බොහෝ දෙනෙක් එය ඉහලින් වර්ණනා කලා. මම හිතන්නේ ලන්ඩන් පොත් කඩවල ඇති.

      • ලොවීන පොතට කලින් අපි ඔය ගැන කතා කලා. මෙන්න පොඩි කුමාරිහාමිගෙ ලිපිය. මේකෙ කම්නෙට්ස් වල ඇති.
        http://podikumarihami.blogspot.com/2012/01/blog-post_31.html

        මෙතනින් ගිහින් ලැවීනියා හෝටලෙ ඉත්හාසය බලාගන්න ඇහැකි.
        http://www.mountlaviniahotel.lk/front/history_main.php

      • maheshrathnayaka says:

        ඇත්තටම ඇනෝ ලොඩීන ඒ තරං හොදද… මං කියෙව්ව ඒකත් අර මාගම් සෝලිය වගේ ජල්බරියක් විතරයි කියල තමා මට හිතුනෙ

      • @ ඇනෝ….තෑන්ක්ස්..පොත් ලිස්ට් එකක් හිතේ තියන් ඉන්නවා. ඒ වුනාට වැඩේ කෙරුනේ නැහැ තාම. මෙන්න මේ පොතත් මේ හෝටලය ගැන ලියන බව විකිපීඩියා කියනවා. ඒකත් ලියාගත්තා..මම හෝටල් ගැන කියවන්න ආස නිසා.
        Seneviratne, Maureen (1995) The story of Mount Lavinia Hotel McCallum Publishers, Colombo, Sri Lanka

      • ඉන්දික……ස්තූතියි….ලින්ක්ස්වලට.

    • @විචාරක….බොහොම ස්තූතියි!! මම මේ සටහන් තුල ඒ නම් ඒ ලෙසින්ම සටහන් කරන්නේ, ඔවුන් ගැන දන්නා අය වෙතොත් යම් සඳහනක් කරන්නයි. ඒ වැඩේ හරිගියා පාසැල් කාලයට අදාලව නම්. ඒ තුලින් පැරණි මිතුරන් රාශියක් නැවත සම්බන්ධ වුනා. ඒ ගැන සතුටුයි. තව තව උප සංස්කෘතීන් ගැන ඉදිරියේදි ලියවෙයි මගේ ජීවිතයට අදාලව.

      තෝමස් මේට්ලන්ඩ්-ලොවිනා අල්පොන්සුවා ප්‍රේම කතාව ඉතාම කෙටියෙන් ඉන්දික දීපු ලින්ක් එකේ තියෙනවා. ඒක රසවත්.

  2. සත්‍ය ලෙසම විචාරක කියන දේ මම ද එක සිතින්ම අනුමත කරමි. මෙ තරම් රසබර දුක්බර අතීතයක් මෙලෙස සටහන් වෙද්දි එයට අදාළ චරිතයන් හි වත්මන් පරපුර හෝ මේවා ඇසගැටෙයි නම් ඒ ගැන අදහස් දක්වයි නම් කෙතරම් අගේද? ලැවීනියා ගේ කතාව තමා ලොවිනා නමින් නවකතාවට පෙරලුනේ. එය මොහාන් රාජ් මඩවල ගේ කෘතියක්. පුරාණ වෘත්තය එලෙසින්ම තියනවා ඒ පොතේ.

    • /////අදාළ චරිතයන් හි වත්මන් පරපුර හෝ මේවා ඇසගැටෙයි නම් ඒ ගැන අදහස් දක්වයි නම් කෙතරම් අගේද?/////

      ඔව් නලීන්. මම විචාරකට දාපු රිප්ලයි එක කියවපන්.

      ලොවිනා පොත කියවන්න ලැබුනේ නැහැ. නමුත් බ්ලොග්ස් තුල තිබූ සටහන් කියෙව්වා. මේ දේවල් ගැන ලේක් හවුස් එකේ ඕන පදම් තොරතුරු ඇති.

  3. අපිනම් ඉතින් සුරංගනා කතාවක් අහන ඉන්නවා වගේ අහන් ඉන්නවා අරූගේ සින්දුව බලලා මට මේ සින්දුව මතක් වුනා

    • Kenji ogawa says:

      thnx ඉවනා…..අදමයි මේක ඇහැව්වෙ +++++++++++++++++++++++++++++

    • ඉවාන්….. කළුවාමෝදර ගැන අද හැලපේත් ලියා තිබුනා. මේකත් කාලයක් නැගලා ගිය සිංදුවක් තමයි. ක්ලිප් එකට තෑන්ක්ස්. ලස්සන දැරිවියන් ටිකක් ඉන්නවා නේද? කැමති නැද්ද…
      තාම උඹට මේ හරිය සුරංගනා කතා වගේද? උඹ ඉපදෙනකොට මම රටෙත් නැහැ මගේ හිතේ. එව්වා ලියන කොට උඹ කියයි ලතින් කතා වගේ කියලා. හැබැයි සමහරක් දේවල් උඹලාට මතක් වෙයි.

  4. බිංතැන්නට වෙලා වේලෙන අපිට මවුන්ට් ලැවීනියා කිව්වම නිකං වොශින්ටන් ඩීසී කිව්ව වගේ අරූ අයියෙ. ඒ නිසාම වෙන්නැති ඒ ආශ්‍රිත සංස්කෘතියට මට කිසිම ප්‍රියමනාප බවක් දැනෙන්නෙත් නෑ. කොහොම උනත් පැරණි සොඳුරු මතක අවුස්සන කාගෙ උනත් අත්දැකීමක් මට මගේ කරගෙන විඳින්න පුලුවන්. ඒ නිසා මේ ලිපියත් හරි ආසාවෙන් කියෙව්වා.

    • මනෝෂ්…..පරිසරය විතරයි බන් වෙනස්.දුක් විඳින එකාගේ ජීවිතය කොයි පරිසරයෙත් එකම විදිහයි. ඒ අතින් බැලුවොත් නගරය ඉතාම කටුකයි. සියල්ලටම මුදල් අවශ්‍යයයි. ඉස්සරටත් වඩා දැන් කෘතිම වෙලා ඇති. නාගරීක ජීවිතයෙන් මම හෙම්බත් වෙලා හිටියේ එක කාලයක. මේ රටෙත් ලංඩන් ආශ්‍රිත ජීවිතය කියන්නේ එක්තරා අවාසනාවක්. මොන හේතුවක් මත හෝ මට ඉන්න ලැබුනේ මේ රටේ ග්‍රාමිය පරිසරයන්වල. මම ඒ නිහඬතාවය රස විඳිනවා.මොනයම් හේතුවකට හෝ ලංඩන් යනවා කියන්නේ මරන්න එක්කන් යනවා වගේ. මට අප්පිරියයි.

      කෙසේ හෝ වේවා…අත්දැකීම් උඹේ යැයි හිතා කතාව කියවපන්.

      • ආහ්.. ලන්ඩන්.. හීනයක් වගේ…

      • උඹ කියන අර්ථයෙන් නම් හීනයක්ම පමනයි කියලා හිතන එක වැරදියි. වෙන අර්ථයකින් නම් හීනයක් විතරයි මේ කාලයේදී.

        අතීතය සිහිනයක් පමනයි…සැබෑ අරුතක් නැහැ……
        ඔතන සිහිනයක් කියන තැනට ලන්ඩන් කියලා දාගනින්.

      • වෙන මොකුත් එපා. 221\ B, බේකර් වීදිය. අරූම ගත්ත රියල් ෆොටෝ ටිකක් එවන්නකෝ. සිහිනය ඉතුවුනා වගෙයි එතකොට.

      • ෂර්ලොක් හෝම්ස් මියුසියම් එක නේද? මම ලන්ඩන් ගිය වෙලාවක අරන් එවන්නම්.

    • මතක්කරල අරන් එවන්න අරූ අයියේ.

  5. DDT says:

    අරූ අයියා ලියන දේවල්වලට වැඩිය වැඩි ප්‍රමාණයක් පසුවට ලියන්න තියනව. අතීත මතකයන් ජීවන අත්දැකීම් ලියන්න යන අයට නිරන්තරයෙන්ම සිදුවෙන දෙයක් ඒක, යමක් ගැන ලියන්න ගියාම තමන්ගෙ වපසරිය විශාල උනාම සියල්ලම තනි ලිපියකට ගොණුකරගැනීමේ අපහසුතාවය. කොහොම උනත් අරූ අයියා ඉදිරියෙදි ඒ සියල්ලම අපි වෙනුවෙන් ලියාතබයි කියල මම හිතනවා.

    ඇත්ත තමා, අපි පිටින් කෑම කන වෙලාවක උයපු අය මතක් වෙන්නෙ කෑමවල මොකුත් අවුලක් තිබුනොත් එහෙම තමයි. (අරූ අයියා Ratatouille ෆිල්ම් එක බලල තියෙනවද)

    අර කිව්ව ආණ්ඩුකාරයගෙ ප්‍රේම වෘතාන්තය ගැන නම් පත්තරවල වරින්වර ගියපු ලිපිවල තිබිල කියවල තියනව. කියවන්න පොතක් ගන්න ගිහිපු වෙලාවට ඔය නලීන් අයියා කියන පොත මම දැකල තිබුනට ඒක ගන්න හිතිල නෑ. මම දැනගෙන හිටියෙ නෑ ඒ පොත ඔය ගැන ලියපු කතාවක්ය කියල. දැන්නම් ඒක අරගෙන කියවන්න ඕන.

    • ////ලියන දේවල්වලට වැඩිය වැඩි ප්‍රමාණයක් පසුවට ලියන්න තියනව//////
      @ DDT…මට මුල් කාලයේ බ්ලොගය සම්බන්ධ බොහෝ උපදෙස් දුන් කෙනෙක් තමයි උඹත්. ඉතින් මට වෙන්නේ ලියන්න තියෙන දේ වැඩිවීම තමයි. ලියන්න ගත්තාම වක්කඩ කැඩුවා වගේ මතකය ගලාගෙන එනවා. ඒ නිසා මේ බොහෝ සිද්ධීන් ගැන පොඩියට සඳහන් කර පැනලා යනවා. මම සාමන්‍යයෙන් අකුරු 1000-1200ක් වගේ ගානට තමයි ලිමිට් කරගන්නේ.A4 පිටු හතරක් වගේ. අද පෝස්ට් එක අකුරු 1500ත් පැන්නා. වැදගත් ශාස්ත්‍රීය කරුනුත් නැති නිසාත්, මගේ වල්පල් නිසාත් දෙවරක් හිතනවා කියවන කෙනා ගැන. ඔන්න ඔය ස්වයං වාරනය තමයි වෙන්නේ. අනිත් එක තව අවුරුදු 35ට ආසන්න සිදුවීම් තිබෙන නිසා ..මේක කොටි වල්ගයකුත් වෙලා. නමුත් මම ඒ අතීත්යට කිමිදීමට ප්‍රිය කරනවා.

      Ratatouille කාටුන් ෆිල්ම් එකක් කියා දන්නවා. බලලා නැහැ. මොන වගේ කතාවක්ද..බලන්න හිතුනා. Ratatouille හදන්න නම් දන්නවා රසට.
      ලොවිනා පොත කියවලා නැහැ. මට ආසයි කියවන්න. හෙමින් කියවා බලන්න ඕන.

  6. ඇළපාත says:

    ලියල නැති ටික ලියපු ටිකට වඩා ගොඩක් වැඩී වගේ පේන්නේ

  7. Sanjeewa Mendis says:

    එල ලිපියක්

    • ස්තූතියි සංජීව!! මම උඹව දන්නවා. දන්නවා කිව්වේ දැකලා තියෙනවා. දැකලා තියෙනවා කිව්වේ බ්ලොග්ස්වල කමෙන්ට් කරනවා. උඹ බ්ලොගක් ලියනවාද…

  8. maheshrathnayaka says:

    මතක් කරන් ලියන එක මොන තරං අමාරුද කියල මටත් දැං දැං තේරෙන ගමන්… මට හිතෙන්නෙ අරූ අය්ය තරං දිගට යන්න කලං මං නවත්තයි කියල…
    අර සිංදුව නං අදමයි ඇහැව්වෙ… බොහෝ දුරට එහෙම වෙන්න ඇත්තෙ මං ඒ ටයිප් එකේ සිංදු වලට ඒ තරං මනාපයක් නැති හිංද වෙන්න ඇති…

    • මහේෂ්…..මම හිතන් ඉන්නේ මතක් කර කර ලියන එක ලේසියි කියලා. උඹ ලියන විදිහ කතාවට අනුකූලව හැඩ ගැස්සී ගෙන ඉන්නේ. තාම චරිත එලියට එනවා විතරයිනේ. සිද්ධීන්වල තියෙන රස එලියට එනකොට උඹට ආස හිතෙයි දිගටම ලියන්න. තම අතීත කතාව රස විඳිනවානම් එය ලිවීමට තවත් පහසුයි. උඹට ඔහොම හිතෙන්නේ..මට වඩා වයසින් ගොඩාක් බාල නිසා..අතීතය වැඩි ඈතක නැති නිසා වෙන්නත් ඇති. දිගටම ලියන්න වෙයි පුතා…නෝ යූ ටර්න්ස්!!අනිත් එක මහේෂ්ගේ භාෂා දැණුමත් මට වඩා ගොඩාක් ඉහලයිනේ.

      මම කලවමේ හැම genre එකකම සිංදු අහනවා. ඒත් කාලයක් මේ ඉලව් නපුංසක මල් අඳෝනා නිසා ඇහිල්ල අත හැරලා දාලා හිටියේ.

      • maheshrathnayaka says:

        ඔය කියන තරං මගෙ භාෂා දැනුමක් නෑ අයියෝ….. දන්න දෙයින් වැඩක් ගන්න එක විතරයි

        ඒත් කාලයක් මේ ඉලව් නපුංසක මල් අඳෝනා නිසා ඇහිල්ල අත හැරලා දාලා හිටියේ.////
        එහෙනම් අළුත් සිංදු එකක් වත් අහන්න වෙන් නැති වෙයි

      • ඉඳලා හිටලා එකක් දෙකක් හොඳ ඒවා එලියට එනවා.

  9. Javi says:

    කකුල සනීපද බන්. අදත් කතාව පට්ටයි. උඹ පබිලිස්ලා දෙන්නෙක් ගෑන ලියල මට කියවද්දි ටෑපලුනා. මචන් වෙලාවක් තිබ්බොත් ඔය හොන්ද බයිට් එකක් හදන විදිහක් ලියල පෝස්ට් එකක් දාපන්කො.

    • ජවී…..කකුල් දෙක නම් ෆිට්. තුන්වෙනි කකුල තමයි කම්මැලි වෙලා තියෙන්නේ 😀

      මචන්…කුකින්ග් නම් ප්‍රශ්ණයක් නැහැ. කුකින්ග් ගැන ලියන්න නම් හෙණ අප්පිරියයි සහ කම්මැලියි බන්. එකිනෙකට වෙනස් රසයන් නිවැරදිව හඳුණාගන්න පුළුවන් නම්, උයන්න ආස නම් ඕන කෙනෙකුට රහට උයා ගත්ත හැකි…ඒකේ දෙකක් නැහැ. හැබැයි හොඳ දිවක් තියෙන්න ඕන. රසයට හුරු කර ගන්න ඕන. වෙන වැඩවලට නෙමේ.

      අඩේ ඔව් නේන්නම් .පබිලිස්ලා දෙන්නයි…ෂෙෆ් පබිලිස් සහ ලබු පබිලිස්. එක්කෙනෙක් කන්න දෙනවා…අනිත් කෙනා බොන්න දෙනවා. ලබු පබිලිස් නම් දැන් ජීවතුන් අතර නැතුව ඇති..ඒ කාලෙත් වයසයි.

  10. මේක් කියවද්දීනම් නිකන්ම අ/ල කාලෙට මතකය ඇදිලා ගියා…. ජිවිතයේ අමතක නොවන කාලයක් වන උඅසස් පෙළ අවදිය පාසැල් වෙලාව වැඩියෙන්ම ගත උනේ අද අරු අයියා විස්තර කරලා තියෙන හරියවල් වල තමයි…..
    අරු අයියේ ගොඩක් ය නොදන්නා අර රහසිගත ප්‍රේම කථාව ඊළඟ කොටසින් එලියට දාන්න
    මමත් ඔන්න ඉවානයට දෙවැනි උනේ නෑ ….. අතාරියා you tube කෑල්ලක්

    • මේ මැලේ රාළගේ යුටියුබ් ක්ලිප් එක.

      • රාළේ…..අ/ල කාලය කිව්වේ A/L ද? උඹ මේ පැත්ත දන්නවා ඇති හොඳට මොරටු බෝයි නිසා. ඒ ගමත් ජොලිම ගමක් නේද? මගේ මල්ලි ටික කාලයක් මොරටුවේ සිටියා..වැඩ කරා. මේ සින්දුවත් තාම ඇහෙනවා නේද? මොරටුව ගැනත් කොච්චර සින්දු කියවිලා ඇද්ද… ගල්කිස්ස ගැන මට වඩා හොඳට, මනෝ සහ ඉන්දික දන්නවා ඇති.

        ලොවිනා-මේට්ලන්ඩ් ප්‍රේමය ඉන්දික දීපු ලින්ක් එකේ කෙටියෙන් තියෙනවා. කියවලා බලපන්.

  11. අරූ ගල්කිස්සේ මහා හෝටලයේ පබිලිස් අයියා කිව්වේ පබිලිස් සිල්වාට ද ???

    කතාව නම් හරිම අගෙයි. අපි නොදන්නා ඉතිහාසයක් ගැන ලොකු දැනුමකුත් ලැබුනා. කියවන්න ආස හිතෙනවා. දිගට ම ලියන්න. ලිපි පෙළම හරිම අගෙයි..

    • මහා හෝටලයේ පබිලිස් කිව්වේ ෂෙෆ් පබිලිස්. දැන් එයාගේ පුතා සුනිල් හොඳ ෂෙෆ් කෙනෙක් මගේ හිතේ. පබිලිස් අන්කල්\අයියා කිව්වේ අපේ එලබුවා රෑ කඩේ \ හොර ස්පොට් එකේ. ඩෝප් වුනාම ලබ්බත් එලියේ දාගෙන නිදි. ඉණේ තියෙන යතුර ගන්න කන් දන්නේ නැහැ.

      නොදන්නා මෑත ඉතිහාසයක් නම් ලියවෙනවා බන්. නමුත් ඈත ඉතිහාසය හෝ ශාස්ත්‍රීය කරුනු මම දන්නේ නැහැ.

  12. ඔය ලොවීනා සිද්ධියෙ ඒ උමඟ දැන් නැහැ නේද අයියෙ.

    ඇත්තටම ඕනම හෝටලයක සූපවේදින්ව එහි පාරිභෝගිකයන්ට මතක් වෙනවා අඩුයි නේද? ඒ ගැන අදහසක් ආවෙත් මේ පෝස්ට් එකෙන් පස්සෙයි.

    • priya…ඒ උමග තිබිලා තියෙන්නේ ඒ ගොඩනැගිල්ලේ wine cellar එකේ ඉඳන් ලොවිනාගේ ගේ කිට්ටුවට කියලා තමයි මම අහලා තියෙන්නේ. දැන් තියෙනවාද දන්නේ නැහැ. හැබැයි වයින් සෙලර් එකෙන් පිවිසුම නම් වහලා දාන්න හේතුවක් නැහැ. ඒක ඉතිහාස කතාවක් නිසා. මම හරියට දන්නේ නැහැ.

      ///ඇත්තටම ඕනම හෝටලයක සූපවේදින්ව එහි පාරිභෝගිකයන්ට මතක් වෙනවා අඩුයි නේද////
      උඹලාට හෝටලයක ගිහින් කාලා ඉවරවුනාම මාව මතක්වෙයි දැන් :
      හෝටලයක මොනවාද බන් ගෙදරදි බඩ පිරුනාට පස්සේ අම්මාට, වයිෆ්ට..රසයි අම්මේ තෑන්ක් යු කියන්නේ කීයෙන් කීදෙනාද? උඹ කියනවාද? ඒක කරපන්.ගෙදරකදි උයලා කන්න දෙනවා කියන්නේ…ආදරය ගිල්ලවනවා.

      • //අම්මාට, වයිෆ්ට..රසයි අම්මේ තෑන්ක් යු කියන්නේ කීයෙන් කීදෙනාද? උඹ කියනවාද?// කියන්න නිකම් මොකක්ද වගේ උනත් මම කියන්නෙත් නෑ අයියෙ.

        ඒත් හොද පුරුද්දක්. අද ඉදන්ම පුරුදු වෙන්න ඕන. ඇත්තෙන්ම ස්තූතියි අයියෙ.

  13. Anonymous says:

    ටුවරිසම් ගැන නම් කතා කරලා වැඩක් නෑ මචෝ. උඹේ යාලුවන්ගෙන් අහපන්. මේ සීසන් එක අනාතයි. ගල්කිස්සෙ හෝටලෙ ළඟ සින්දුවත් එක්ක මගේ දැන් ජොබ් එක ගැන ලියන්න හිතාගෙන ඉන්නේ. පොඩි කාලේ ඉඳන් ආස ගායකයෙක් නේ එම් එස් කියන්නේ. එම් එස් ලා වගේ සින්දු කියන උන් දැන් නෑ මචෝ.

    උඹ කියපු එක හරි ගල්කිස්ස මොරටුව පැත්තේ ඉන්නේ ආතල් බුවාලා. කැළණියෙත් පට්ට ලංසි සෙට් එකකුයි. හොටෙල් ට්‍රේඩ් එකේ සෙට් එකකුයි හිටියා. ඒ නිසා අපිත් පොඩ්ඩක් ඒ ආතල් එක විඳලා තියෙනවා. මම උඹගෙන් අහන්න ගිය ප්‍රශ්නෙට උත්තරෙත් පෝස්ට් එකේම තියෙනවා. මම අහන්න ගියේ උඹ හිටියේ අර මාමාගේ ගෙදරද කියලා. හැබයි මචෝ පරණ උන් කියන විදියට නම්, ටුවරිසම් වල ඒ කාලේයි මේ කාලෙයි අහසයි පොලවයි වගේලු.

    • maathalan says:

      මේ කොමෙන්ට් එක මගේ හොඳෙයි..

      • කියවන කොට දන්නවා ඒ උඹේ කියලා.

        මාතා ගොඩාක් එවුන් කියන්නේ එන එවුන්ගාව සල්ලි ගැවසෙන්නේ නැති නිසා ෆීල්ඩ් එකේ ඉන්න එවුන් රිම් එකෙන් යන්නේ කියලා. අනිවාරයෙන් ඒක වෙනවානේ බන් මුදල් හුවමාරුව අවම වුනාම. ඒක ඔක්කටම ඉස්සෙල්ලා තේරෙන්නේ ෆීල්ඩ් එකේ එවුන්ටනේ. දැන් ෆීල්ඩ් එක අහසට පොලව වගේ කියන්නේ මොකක්ද බන්. ලියපන්කෝ යමක් ඒ ගැන. ආතර් අයියා සහ උඹේ රස්සාව ගැනත් ලියපන්. රසවත් ෆීල්ඩ් එකක්නේ.

        කැළණියේ පැත්තේ සෙට් එකක් අපිත් එක්ක ඔබරෝයි හිටියා. ඔය පාලිතත් කිරිබත්ගොඩ හෝ කැළණිය.

      • එම්.එස් ගැන පොඩ්ඩක් ලියන්න තියෙනවා මාතා..ඊළඟ පෝස්ට් එකේ ලියන්නම්.

      • Apurvi Omaya says:

        කියෝගෙන එද්දී තේරුණා ඔයාගේ කියලා. දැන් අපිටත් පුරුදුනේ කමෙන්ට්

    • ගල්කිස්සෙ උන් කොහොමත් ආතල් බුවාලා තමයි අයියලා…:D

  14. විදානේ.. says:

    තව පෝස්ට් තුනක විතර කරුනු ගොන්නක් අතරැ ගිහිල්ලා වගේ..
    කුක් කෙනෙකුට ටිප් එකක් දෙන්න කවදාවත් හිතිලා නෑ.. මතක් කලාට ස්තුතියි අරූ…

    ජය වේවා!!!

    • විදානේ…..එහෙන් මෙහෙන් ටික ටික අතහැර අතහැර තමයි බන් ලියන්නේ, නැත්නම් ගොඩ ඒමක් නැහැ. විදානේ දැන් උඹ ලියන්නේ නැත්තේ මොකෝ..

  15. පත්තර මල්ලි says:

    බොහොම රසවත් අරූ අයියා..උප සංස්කෘතිය ගැන ආසාවෙන් කියෙව්වා… මත්පැන් 😀 ලෝකෙ තියන අති සුන්දර දෙයක් තමුන්ගෙ ලිමිට් එක තමුන් දන්න තාක් කල් ..ඉදිරියටම ලියාගෙන යමු !!!

    • පත්තරේ….හෝටල් උප සංස්කෘතිය ගැන තාම ලියවුනේ නැහැ. හෙමින් හෙමින් ඉස්සරහට යමු ලියාගෙන.

      මත්පැන්….තමන්ගේ වගකීම් සහ සීමාවන් දැනගන්නේ නැතුව කොයි වැඩේ කලත් ලෙඩේ තමයි. විශේෂයෙන් වගකීම්. අනිත් එක තමන් කවුද කියලා මතක තියාගන්න එක. මාත් දැන් බණ කිව්වාට තරුන කාලේ බණ ඇහුවා මිසක් පිලිපැද්දේ නැහැ. ඒවාගෙන් ඇති පදම් පරිප්පු කෑවා.

  16. Apurvi Omaya says:

    ස්තුති අයියේ , ජොබ් එක මාරු කල නිසා ඉන්ටර්නෙට් අරන් පෝස්ට් එක කියවද්දී පරක්කු වුණා. දැන් සනීප ඇති ඔයාට ,, ස්තුති මේ ලිපි පෙළ තුලින් ඒ නොදැකපු සංස්කෘති චිත්‍රය අපි දකිනවා

    • ඔමා දැන් සීයාව අත් හැරියාද? පව් අප්පා. අළුත් තැනට හුරුවෙන්න. All The Best!!!

  17. Dinesh says:

    ගල්කිස්සේ අපිත් ඕන තරම් ඇවිදින්න ඇති.. හැමෝම කියන්න වගේ ඒ පැත්තේ උප සංස්කෘතිය නම් අමුතුයි තමයි.. හැබැයි දැන් තේරෙනවා ඒක ටිකක් මෙහේ ඒවට බොහෝ දුරකට සමානයි වගේ කියල.. කෝම වුනත් අදත් අතීත මතකය අපිත් ඔන්න හොදින් රස වින්දා..

    • දිනේෂ්…රස වින්දාට සතුටුයි. ගොඩාක් දුරට ගල්කිස්ස විනෝදකාමීන්ගේ පරිසරයක් වුනේ බීච් එක, සංගීතය, සංචාරකයින් වගේ දේවල් නිසා වෙන්න ඇති. ඉස්සර නම් ගල්කිස්සේ ගාළුපාරෙන් ඇතුලට ගියාම වෙල් හිටන් තිබුනා. දැන් සහමුලින් වෙනස් වෙලා ඇති.

  18. kathandarakaraya says:

    මෙන්න තවත් සින්දුවක්- නිහාල් නෙල්සන්

    දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටි මුහුදු වෙරළ, නිදහස් වෙළඳ කලාපේ
    පෙම්වත් ජෝඩුවලට පෙම්කරන්න කියාපු තැන නිදහස් ප්‍රේමකලාපේ.

    • මේ සින්දුව අහලා නැහැනේ කකා. මේ නිහාල් නෙල්සන් කොච්චර නම් සින්දු කියලා ඇද්ද? මෑන්වත් දන්නේ නැතුව ඇති කීයක්ද කියලා.

  19. ගල්කිස්සේ-මුහුදු වෙරලේ සින්දුව හරිම ලස්සණයි. නැටවෙන ගතියකුත් තියෙනවා අහනකොට. 😀

    මේ මූදු තීරයක ඔය වගේ ලස්සණ කතා ගොඩක් තියෙනවා කියලා මුහුද දැක්කාම හිතෙන්නේ නෑ.

    • ඔය සින්දුව අවුරුදු 40ට වඩා පරණයි මගේ හිතේ. ලාවට දෙකක් දාගෙන පැද්දෙන ස්වරයෙන් නටන්න හිතෙනවා තමයි :

      මුහුද කියන්නේ අප්‍රමාණ නොකී කතා තම හදවතේ තියාගෙන ඉන්නා මහා කතාකාරයෙක්. මට මතකයි පොඩ්ඩි මුහුද සම්බන්ධව පෝස්ට් එකක් ලිව්වා කියලා. මම අවුරුදු 10ට වඩා මුහුදේ අතලඟම ඉතාම සුන්දර තැනක ජීවත්වුනා. ඒ මගේ නිළ නවාතැන් පොළක්. ලංකාවේ නෙමේ ඔමානයේ. මහා පර්වත දෙකකට මැදින් මුහුද. එතනම තමයි අපි හිටියේ. හැලපේ ,ෂෙෆ් අකිටෙක්ට් දන්නවා ඇති මම මේ කියන තැන.

  20. Kenji ogawa says:

    දැන් සුවයි කියල දැන ගත්ත …සතුටුයි මචෝ…… නිරෝගී සුවය පතනව ….!
    අද ලිපියෙ කවුරුත් වැඩිය නොදන්න හෝටල් ඇතුලත විස්තර කිරීම වටිනව ….
    B & B විස්තරය කෙටියෙන් හෝ හැදින්වීමත් හොදයි…..
    මගේ යාලුවන්ගෙ අයියලත් වැඩ කළා හෝටල් වල….එයාලගෙන් රස කතා අහල තියෙනව ….
    ගොඩක් අය එකට වැඩ කරන කෙල්ලන්වම බදිනව නේද….?
    උඹ ඔබරෝයි වැඩ කරද්දී එතන ඉස්සරහ ටැක්සි යක් දුවපු කරුව මතකද…. පොරගෙ ගේ තිබ්බෙ US එම්බසිය ඉස්සරහ …කඩ පේලිය මැදින් ඇතුලට ගියහම තියෙන පොඩි ගෙදරක….නොදැන ඉන්න බැහැ ….ටැක්සි කරු කිව්වම කවුරුත් දන්නව …

    • Kenji ogawa says:

      මචං …කරු නෙමේ… ටැක්සි ආරි…. කොට කළු මහත පොර…
      එල බුවා….සිගරට් එක උරද්දී….දකුණු අතේ…සිංගිලි ඇගිල්ල තුනට නැමිල …අමුතු …සුන්දර බුවා….
      අපේ සෙට් එකට…. නියම ආතල් කියල දීපු…බුවෙක්….

      • තෑන්ක්ස් කෙන්ජි…හෝටල් ගැන ලියන්නනම් දේවල් බොහොමයයි. මම ලිව්වේ බොහෝම ටිකයි. ඔපරේෂනල් සයිඩ් එක ලියන්න ආසයි ෆයිව් ස්ටාර් හෝටල් පැත්තට ආවාම. මේ වගේ පොඩි තැනක් ගැන ලියනකොට ඒ පැත්ත එතරම් සාර්ථක සහ නිවැරදි නැහැ. B&B සීන් එක මචං ඔය අපේ ෂෙෆා කියන ලංකාවේ HOME STAY CONCEPT එකට වඩා වෙනස් ක්‍රමවේදයක් මූලිකව. ඒ ගැන මෙහෙම ලියන්න බැහැ මචෝ…කම්මැලියි.
        /////ගොඩක් අය එකට වැඩ කරන කෙල්ලන්වම බදිනව නේද….?/////
        එහෙම බැන්ද අය හෙණ ගොඩක් ඉන්නවා.
        මට මගේ දාදු කැටේව හම්බවුනේ ඔබරෝයි එකේදි. පස්සේ එයා හෝටල්වලින් අයින් වුනාට මගෙන් අයින්වුනේ නැහැ. මගේ ලඟටම වෙලා මාවයි,දුවවයි බලාගෙන ඉන්නවා.

        කෙන්ජි…..ඔය ආරි මට එක පාරටම මතක් වෙන්නේ නැහැ. ඔබරෝයි එකේ රෙජිස්ටර් වෙච්ච කාර්වල නියම සෙට් එකක් හිටිය බව මතකයි. හැබැයි උන් වැඩිපුර සෙට්වෙන්නේ receptionists, front office staff,doormen, bellboys, security පොරවල් එක්ක. උන්නේ හෝටලයක ඉස්සරහ සෙට් එක. අපි ඇතුලේ පොරවල්. උඹ කියන්නේ US එම්බසි එකද, බ්‍රිටිශ් හයි කමිෂන් එකද?

  21. supirikrida says:

    ශ්‍රාස්ත්‍රිය කරුණු දන්නෙ නැහැ කියන එකේ අදහස පැහැදිළි මදි.මම කියන්නෙ ප්‍රායෝගික නැති මිනිස්සු හදන තියරි ශාස්ත්‍රීය ලෙස ගන්නවානම් ඒක තැපෑලෙන් බයිසිකල් පදින්න ඉැගැනීමක් වගේ වෙයි.උඹ පට්ට රස්තියාදුකාරයෙක්.එකෙ වචන දෙකක් නැහැ.ඒක මට මාර විසිහට විදින්න පුළුවන්.මමත් එහෙමම නිසා.කාලයක් තිබුණා.කන්නෙ බොන්නෙ නැතිවත් මම පාරෙ සෙට් වෙන ගෑණු – මිනිස්සු එක්ක කොයි තරම් කතා කර කර ඉදල ඇද්ද එළිවෙනකල්.
    මම හැමදාම කියනවා වගේ උඹේ ලියවීම පොත් අතරට වැටෙන්න ඕනි.එක දිගට ලියපන්.පොඩ්ඩක්වත් ඔය අත්දැකීම් අත අරින්න වචන ප්‍රමාණය ගැන හිතලා.මේවා මටනම් එක දිගට කියවන්න පුළුවන්.සමහර වෙලාවට උඹව මට ආදේශ කර ගෙන දා ගෙන මම මගේ ජීවිතය එහාට මෙහාට කරල විදිනවා මේ ලිවීම එක්ක.
    මේක පෞද්ගලිකයි.ම‍ගේ පෝන් එකට කෙළ වෙලා.යාළුවෙක්ගෙ පෝන් එකක් පාවිච්චි කරන්නෙ.ආයෙ පෝන් එකක් ඩ්‍රාමා එක ඉවර වෙනකංම ගන්න බැරි වෙයි මචං.ඒ අරං හරි මම මේක උට දෙන්න ඕනි.උගේ නම්බර් තියෙන නිසා මම මගේ නම්බර් මේකෙ ගබඩා කර ගන්නෙ නැහැ.සිම් එකට දා ගන්න ඉඩත් නැහැ.ඒ නිසා පුළුවන්නම් මට උඹේ නම්බර් එක එස්එම්එස් කරපන්.

    • මචං…ශාස්ත්‍රීය කරුණු කිව්වේ බරසාර අදහස් සහ කෙලින්ම පොතෙන් ඉගෙනගන්න දේවල් කියන අදහසින්. උඹ මාව හඳුනාගන්නා ආකරයට මම කැමතියි. ඒ රස්තියාදුකාරයා කියන හැඳින්වීමටත් මම ආසයි. රස්තියාදුකාරයින්ට ඇස ගැටෙන සහ අතපත ගෑවෙන තැන් වැඩියි අනිකුත් අයට වඩා. මේ කියන්නේ කාටවත් රස්තියාදුකාරයෙක් වෙන්න කියලා නෙමේ. මම තාමත් රස්තියාදුකාරයෙක්. උලත්, පිලත්,වලත්, මලත් කොහෙත් එකයි. ඒ වින්දනය මාලිගාවෙත් එකයි, මුඩුක්කුවෙත් එකයි..හැසිරීම විතරක් වෙනස් වෙයි ස්ථානය අනුව එච්චරයි.

      මම නොම්බරයක් ඊමේල් කරන්නම්.

      • supirikrida says:

        මම නම් කියන්නෙ රස්තියාදුකාරයෙක් වෙන්න කියලමයි.රස්තියාදුවේ ප්‍රතිපලය අත්දැකීම් අරූ.හැබැයි භාවිතයට ගැනීම අනුව ……………..?

      • උඹ හරි. මම එකඟයි.

  22. අරූ… මේ දවස් ටිකේ පාරේ මචෝ….
    මේ පෝස්ට් එකට සිරා විදියට රෙස්පොන්ඩ් කරන්න ඕනි…
    ආපහු ඇවිත්, ඔක්කොම කොමෙන්ට්ස් බලලා ඉන්ඩස්ට්‍රි එකට දැන් වෙලා තියෙන දේවලුත් එක්කම කොමෙන්ට් කොරන්නම්….
    උඹේ කකුල කෙලින් කිව්වම ජොලියක් ගියා…

    • මම බොහොම ලඟදි තමයි ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකට එන්ටර් උනේ…හැබැයි ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට. එහෙම පිටින්ම කරප්ටඩ් සීන් එකක් මචෝ දැන් තියෙන්නේ. කොතනින් පටන් අරන් කියන්නද කියලා හිතාගන්නවත් බෑ.
      උඹ වගේ ඇතුලේ වැඩ කරපු කෙනෙක්ගේ ඇහෙන් බැලුවොත්, ප්රොැෆෙෂනලිස්ම් කියන එක වල් වැදිලා…හේතුව හැමෝගෙම වැරැද්ද. මචං සීනියර් ඈයෝ ජූනියර්ස්ලට කිසිම දෙයක් කියලා දෙන්න බයයි උන්ගේ බඩට වදී කියලා..මාස හයක් ට්රේ න් වෙච්ච එකා පනිනවා ඊලඟ රස්සාවට, ඒකට හේතුව වේකන්සි 20,000ක් තියෙන්වා ඕන වෙලාවක.
      ඉතින් වොර්ක් ඉන් ඉන්ටර්වීව්ස් හැමදාම හැමතැනම…
      අනිත් පැත්තෙන් ටුවරිස්ට් බෝර්ඩ් එක කෙලින්න පුලුවන් ඔක්කොම පිස්සු කෙලිනවා චින්තනය කන්සෙප්ට් එක කරගෙන…භාෂ්වරට (අලුත් චෙයාර්මන්) මහින්ද චින්තනය කටපාඩම් වෙන මොනාටත් වඩා..( මිනිහා ආකියෙක්,කටුබැද්දේ අපිට වඩා ජූනියර් )මම මීටිමක් දෙකක් තිබ්බා බලන්න මොනාද කරන්න පුලුවන් කියලා..පිස්සු ඩබල් වෙනවා මචෝ…මුන්ට ඕනි කටුනායකින් එන කට්ටියගේ ටෝටල් එක මිසක් උන් ඇවිත් මොනාද කරන්නේ කීයද වියදන් කරන්නේ කියන එක නෙමෙයි..
      මම ආකියෙක් හැටියට දැනටමත් අලුත් හෝටල් හතරක් ඩිසයින් කරගෙන යනවා ෆොරීන් ඉන්වෙස්ටර්ස්ලට…සතියකට එක අලුත් හෝටලයක් ඕපන් කරන්වා අලුත්ම ස්ටැටිස්ටික්ස් වල හැටියට..මට හිතෙන්නේ ඔය අලුත් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුලේ වෙන මොනා හරි දෙයක් තියෙනවා මොකද කිසිමදාක රිටර්න් එකක් ගන්න බෑ ඔය කරන විදියට…
      ඒ අස්සේ දැන් වැඩියෙන්ම එන්නේ 27 – 30 ඩොලර් ලෙවෙල් එකේ තරුන බැක්පැකර්ස්ලා වගේ අය. ඒකෙන් වෙන එක හොඳක් තමයි අර උඹ කියලා තිබුන පොඩි මිනිසාගේ අතටත් ටුවරිස්ම් වලින් කීයක් හරි යන එක මොකද උන් ඉන්නේ හෝම් ස්ටේ කැටගරියෙ තැන්වල සහ කන්නේ පොඩි පොඩි තැන්වලින්…
      මගේ කථාවේ අන්තිම හරියේදි විස්තර කරලා මේවා ගැන ලියන්න හිතා ඉන්නේ…දුව දුව මේවා කරන්න බෑ වගේ අරූ…

      • ෂෙෆා…..ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට උඹ යමක් සඳහන් කරපු එක වටිනවා. ඉන්වෙස්ට්මන්ට් එක අනතුරකටපත් නොවේ යැයි හිතමි.

        ප්‍රොෆෙෂන් එකේ කොලිෆයිඩ් එවුන් රටවල්වලට යන්න ගත්තේ අපි තරුන කාලේ. එක කාලයකදි ට්‍රේඩ් එකේ හරිහමන් එවුන් හිටියේ නැහැ. ඒ නිසා භාෂාව එතරම් සාර්ථක නැති අය ට්‍රේඩ් එකට ආවා. භාෂාව අඩුකම නිසා දැණුම ලබාගැනීම හොර වුනා. දැණුම අඩුවුන නිසා ඒ බැට්න් එක ඊළඟට එන අයට පාස්වුනේ හරි විදිහට නෙමේ. ඒ නිසාම විනය සහ සංවර බව පිරිහුනා. ඕක ලොකු කතාවක්. අපි ඒ වෙනකොට රටින් ගිහිලා.

        Ceylon Hotel School සහ Claremont Hotel School කියලා දෙකක් විතරයි රටේ තිබුනේ. එකක් රජයේ. අනික ප්‍රයිවෙට්. රජයේ හොටෙල් ස්කූල් එකට යන්න පුදුම ඉල්ලුමක් තිබුනේ. ඉතාම සීමිත කොටසයි ගත්තේ. ඒකෙන් ආවේ සුපිරි සෙට් එකක්. ක්ලෙයාමොන්ට් එකට ගියෙ සල්ලි තියෙන එවුන්. විනය ටොප් ක්ලාස්. දැණුමත් එහෙමයි. පස්සේ පස්සේ හතු පිපෙනවා වගේ හෝටල් පාසල් කඩ ආවා. සල්ලි අරන්, සහතිකයක් අතට දීලා බ්‍රොයිලරස්ලා වගේ සෙට් එකක් එලියට දැම්මා. උන් හෝටල් ගානේ රැකියා හිඟාකකා ඇවිද්දා. මේ ක්‍රමය අනිකුත් ක්ෂෙත්‍රයනුත් බිලි අරන් කියලා මට හිතෙනවා. උඹ ඔය කියන වේකන්සීස් පිරවෙන්නේ අන්න අර වගේ අපත සෙට්වලින්. උන් පව්. උන්ව ඔය තත්වයට පත්කරේ ඔන්න ඔය හොටෙල් ස්කූල් මුදලාලිලා. මාත් එක්ක වැඩ කරපු එකෙකුත් හොටෙල් ස්කූල් එකක් දැම්මා. ඒක වෙනම කතාවක්.

        මම පෞද්ගලිකව හිතනවා සහ මට දැනෙනවා අපිට හෝටල් වැඩියි කියලා. මට දෙන්න ෆිගර්ස් නැහැ. නමුත් රටේ තොරතුරු සමග නිතර අවධියෙන් ඉන්න නිසා එහෙම හිතෙනවා. සංචාරක මංඩලය ආකියෙකුට කරන්න පුළුවන් නම්..හෝටල් සංස්ථාවත් වෙද මහත්තෙයකුට දෙන්නයි තියෙන්නේ. මේ ආයතන දෙකේ දීර්ඝ ඉතිහාසය බැලුවොත් මේ අයට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. හෝටල් සංස්ථාව සතුව තිබු ප්‍රධාන පෙලේ හෝටල් සහ ගෙස්ට් හවුස් සහ Inns ගණන අති විශාලයි. එදා මෙදා දේශපාලන මඤ්ඤමාලා මේවා බයිට් එකට ගත්තා. මෙහෙම ලියන්න බැහැ බැන්. මම ඉස්සරහට තව ලියන්නම් හෝටල් පවත්වාගෙන ගිය හැටි ගැන.

        එයාර්පෝට් එකෙන් එලියට එන එවුන් ගණන් කරකර ස්වයං වින්දනයක් ලැබුවාට කමක් නැහැ..ඒ ගණන් හිලවු නෙමේ වඩාත් වටින්නේ…එන එකා රට ඇතුලේ කරන පාරිභෝජනය සහ එහි ප්‍රතිලාභ.

        මම කියන B&B සහ ඔය HOME STAY සංකල්පය වෙනස් අදහස් දෙකක් කියලයි මම හිතන්නේ. HOME STAY ගැන කාලයක් පත්තරවල දැන්වීම් ගියා. ලියන්න වෙලා නැහැ චෙෆෝ. උඹ දන්න දෙයක් ලියපන්.

      • maathalan says:

        උඹලා දෙන්නගෙ කටවල් වලට පච්ච කීය කීය හරි දාන්න හිතෙනවා සත්තරනේ.. පච්ච කියන්නේ මොනවද කියලා දන්නවනේ..

      • මාතා…..මොනවාද බන් පච්ච කියන්නේ..

  23. ගයියා says:

    නියම පෝස්ට් ටික… අපිත් වැඩියෙන් ගැවසෙන පැති ගැන තමයි ලියවිලා තිබ්බේ… පාසල් කාලය අපහු මතක් උනා.. පරණ පෝස්ට් කියවගෙන එද්දී තමයි තේරුනේ, දෙන්නම එකම ඉස්කොලෙට ගිය අය කියලා

    • ගයියා…..ගාළුපාරේ පොරක්ද? කියවන බව දකින්න ලැබීම සතුටක්. රාජකීය කොයි යුගයෙද? තව ගොඩාක් රාජකීය බුවාලා බ්ලොග්ස් කියවන සහ ලියන අය ඉන්න එක දැනගන්න ලැබීම සතුටුයි ගයියා. උඹ ලියන්නෙක්ද….කියවන්නෙක් පමනක්ද..

      • ගයියා says:

        ගාළුපාරේ නම් නෙමෙයි.. ඒත් වැඩිපුර ගැවසෙන සමීප තැන් ගැන හොඳට ලියලා තියනවා..මම 2006 දී එලියට විසිවෙච්ච එකෙක්.. ලියන්නේනම් නැහැ, කියවනවා විතරයි…

  24. Anonymous says:

    මම ගිය සතියෙත් වෙඩිමකට ගල්කිස්ස හෝටලයට ගියා. දැන්නම් හොඳටම අබලන් වගේ. බිත්තිවල තීන්ත පතුරු ගැලවෙනවා. තරප්පුව ලෙලි ගිහින්. එඩ්මන් මුදලාලිගෙ කාලෙ වගෙ නෙවෙයි. ලඟදිම refurbish නොකළොත් මේ අගනා සිහිවටනය වැඩකට නැති බිල්ඩිමක් වෙයි.

    හර්ෂ

    • හර්ෂ ….එහෙම වෙන්න දෙන එකනම් ලොකු අපරාධයක්. ඕක හෝටලයක් විතරක් නෙමේ ඉතිහාසයක්. යු.කේ. එඩ්මන්ඩ්ලා නෙමේද මේක දැන් කරන්නේ. එඩ්මන්ඩ් මයාගේ පුතා සනත් උක්වත්ත නේද චෙයාර්මන්. එක පුතෙක් මගේ පන්තියේ හිටියේ. උඹ මේක ලිව්ව එක හොඳයි මෙතන. ඒ පවුලේ කෙනෙක් මේ බ්ලොග් එක කියවන බව මම දන්නවා.

      විනාශ නොකට බලාකියා ගතයුතු තව හෝටල් දෙකක් තමයි Galle Face Hotel & Queens Hotel Kandy. මේවා ඉතිහාස.

      • අමතක වුනු තව හෝටලයක් තමයි ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය (තැප්‍රොබේන් ) GRAND ORIENTAL HOTEL.

  25. helapayaa says:

    ලොවීනා අරං ඇවිත් මාස හයකටත් වැඩියි මචං තාම කියවන්න බැරිවුනා වෙන මොකුත් නෙවෙයි මේ බ්ලොග් සෙල්ලම හින්දා,නැත්නං මා ළඟ කියවපු නැති පොත් ඉතුරුවෙන්නෙ නෑ.අද උඹේ පෝස්ටුව මහා හෝටලේ කකුළුවො ප්ලේට් එකකටත් වඩා රහයි මචං.

    • මේ බ්ලොග් සෙල්ලම හින්දා ගෙදරින් බැණුමක් අහපු නැති දවසක් හරිම අඩුයි. කොයි වෙලාවක හරි ලැප්ටොප් එකත් කිහිල්ලේ ගහගෙන එලියට බහින්න වෙයි.

      කකුළුවෙක් කාපු දවසක් මතක නැහැ. හාමිනේට සීෆුඩ් ඇලජික් නිසා ගේනවා අඩුයි. අනිත් එක මෙහේ ෆ්‍රෝසන් කකුළුවෝ හරියට මකුළුවෝ වගේ බන්.

  26. නිකං says:

    //ආහාර පිසින්නන් වෙනුවෙන්ද යමක් පිරිනැමීමට
    අරූස්,මේ ගැන චුට්ටක් කියනවද? චෙෆාලා යමරෙට බිසී වෙලාවේ මේක කරන්නේ කොහොමද? ඔවුන්ගේ රාජකාරියට බාධාවක් නොවී.
    //ඔබ ඒ ගැන සිතිය යුතු නැත
    හොඳ දෙයක් ගැන හිතන්න වෙනවා බොල 🙂

    • නිකං…..ඔය රෙස්ටොරන්ට් එකක සුපර්වයිසර්ට කියපන්..මට විනාඩියකට ෂෙෆ්ට කතාකරන්න පුළුවන්ද කියලා…කෑම රසයි..මට පොඩ්ඩක් තෑන්ක් කරන්න ඕන කියලා. ගොඩාක්ම බිසි තැනකනම් සුප්පාට කියපන් …මේක කුක්ස්ලාට දෙන්න …මගේ යාලුවෙකුත් කුස්සියේ වැඩ කරනවා කියලා. කවුද ඇහුවොත් කියපන් මට නම මතක නැහැ. ඒ වුනාට මම දන්නවා කියලා. මොකද සමහරවුන් උන්ගේ සාක්කුවට දාගන්නවා. ගොඩාක් එවුන් එහෙම නැහැ. ඒ උඹ ඒ අවස්තාව හැන්ඩ්ල් කරන විදිහ අනුව.

  27. Pra Jay says:

    රෑට ගල්කිස්සෙ වෙරලෙ වැලි කක්කුටන් දඩයමේ යන එවුන් දැකල ඇති නේ?
    කෙල්ලෙක් එක්ක රෑ වැල්ලෙ වාඩිවෙලා රොමැන්ටික් විදිහට ( සමහර විට ඊට වඩා හොදට ) මූදු රැල බල බලා ඉන්න කොට එකපාරටම කොල්ලො රැලක් පොලු කෝටු අරගෙන කකුලුවන්ට ගහමින් වටේ දුවනකොට කොහොමද?
    හැබැයි ඒක පර්ස් වොලට් රොබරිවලට වඩා හොදයි

    • ප්‍රා….ඉස්සර නම් හිටියා එහෙම එවුන් හරියට. රෑට ආතල් ගන්න අයත් හිටියා අර පොල් අතු මඩුවල. අපි වැඩ ඉවරවෙලා රෑට බීච් එකේ තමයි බොන්නේ. මරු සීන් වෙනවා. කැස්බෑවෙක් සහ පොලිස් රාළහාමිලා දෙන්නෙක් ගැන මම ලියන්නම් ඊළඟ එකේ.

  28. naadiya007 says:

    ඒ කාලේ සුන්දරයි වගේ කොහොමත්

    • අසුන්දර දේවලුත් බොහොමයක් තිබුනා බන්. හැබැයි කතාබහ කරලා විසඳගන්න පුළුවන් කලහකාරි නොවන මිනිසුන් තමයි වැඩිපුර හිටියේ.

      මේ අපේ බ්ලොග්ස් ලියන නාඩියා යැයි හිතමි.

  29. Sa rasa says:

    කතාව අති විශිශ්ටයි සර්!

  30. ඔය ගල්කිස්ස හෝටලේ පිටුපස වෙරළේ හරියේ දැන්නම් නිකන් ඇවිදන් යන්න බැහැ.ඉස්සරනම් කොහොමද දන්නේ නැහැ.මම හිතන්නේ හෝටලෙන් ටැක්ස් එකක් ගෙවනවා ඇති නගර සභාවට වෙරළ තිරයේ ඒ කොටස වෙනුවෙන්.

    රත්මලාන ජය මාවතේ තමයි චෙෆ් පබ්ලිස් ගේ ගෙවල් තියෙන්නේ.මම දන්නා විදියට එතුමාගේ පුතෙකුත් චෙෆ් කෙනෙක්ද කොහේද.

    ගල්කිස්ස හන්දියේ මහජන පුස්තකාලයක් දැන්නම් නැහැ.මම හිතන්නේ අරූ අයියා මේ කියන්නේ ගල්කිස්ස හන්දියේ සුපර් මාර්කට් එක හදන්න කලින් ඉතිහාසය වෙන්න ඕනේ.

    ඔය ගල්කිස්ස වෙරළේ ඉස්සර අපි යනවා පැළෑටි අල්ලන්න.උන් නියම කෑමක් තමයි තෙල් දාලා ගත්තාම පාන් එක්කලා කන්න..:)
    හැබැයි ගල්කිස්ස ගැන අපි දන්න ඉතිහාසයට වඩා දෙයක් අරූ අයියා දන්නවා.ඒ නිසා හදිසි නැතිව ඒ ටිකත් ලියාගෙන ඉස්සරහාට යමු.

    • මනෝ…..දැන් ඔය වෙරළ තීරයේ හෝටල් ආශ්‍රිත කොටස් හෝටල් කාරයෝ උන්ගේ කරගෙන. මම හිතන්නේ වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවට තමයි ඒවාගේ බලතල තියෙන්නේ. ගොඩාක් එහෙම වෙන්නේ වෙලෙන්දුන්ගෙන් සහ යාචකයින්, බීච් බෝයිස්ලාගෙන් වෙන අනවශ්‍ය අතපෙවීම් නිසා. ඔය ප්‍රශ්න එදාත් තිබුනා. හැබැයි දෙහිවල ඉඳන් ගල්කිස්ස හෝටලය ගාවට වෙනකම් වෙරළ ඉස්සරත් නිදහස්.

      පබිලිස්ගේ පුතෙක් මහ හෝටලේම ෂෙෆෙක් වෙලා හිටිය බව මතකයි.

      මට මතක හැටියට සුපර්මාකට් බිල්ඩිම හැදෙන කාලේ.

      ඉස්සරත් මහ හෝටලය ගාව ගල්වල ඔය බෙල්ලො කඩන්න වටේ පොරවල් එනවා. ඔය ගැන මම අහලා තියෙනවා. ඔය පැලෑටියන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ මොක්කු කියලාද බන්. දන්නවා නම් කියපන්. මට ඔය මොක්කුද කියලා මතක් වෙන්නේ නැහැ.

      • අරූ අයියා කියනවා වගේ දකුණේ වෙරළවල් වලට වඩා ගල්කිස්ස හෝටලය හා අවට වෙරළ තිරය හරි නිදහස් තමයි තාමත්.

        සුනාමියෙන් උණත් ගල්කිස්ස බේරුණා.ලොකු හානියක් නොවී.

        අර බෙල්ලන්ට කියන නම ඉංග්‍රීසියෙන් මොකක්ද දන්නේ නැහැ බං අරූයියේ මමත්.අපි නම් කිවේ එවුන්ට පැළෑටි කියලායි.

      • මචං ඕකට කියන්නෙ “පැනෑටි” මිසක් පැලෑටි නෙමෙයි. ඉංගිලිසියෙන් නම් mole crab

        මෙන්න බඩු.
        http://www.google.com.bh/imgres?imgurl=http%3A%2F%2Fwww.solpugid.com%2Fcabiota%2Fsandcrab2.jpg&imgrefurl=http%3A%2F%2Fwww.solpugid.com%2Fcabiota%2Fpacific_mole_crab.htm&h=325&w=490&tbnid=fHZ2ieQ_c7GccM%3A&zoom=1&docid=hXb-6LSucBC-IM&ei=__ubU93PDMr80QWahYD4AQ&tbm=isch&ved=0CC8QMygDMAM&iact=rc&uact=3&dur=1494&page=1&start=0&ndsp=14

        ලංකාවෙ එක මීට කිරි පාටයි. මේක අල්ලන්න දක්ෂකම් තියෙන්න ඕන. උඹ බලනව නේද ඩ්‍රීම් ස්ටාර්. එකේ ලීඩ් ගිටාර් ගහන එකා දිලෝෂන කියන්නෙ ඔය සබ්ජෙක්ට් එකට ඉතාම දස්සයෙක් ඒ කාලෙ.

        මගෙ කට කකියනව ගල්කිස්ස ගැනයි හෝටල් ගැනයි ලියන්න. කොහෙද ඉතින් හෙට යන්න එපය, වෙල නෑ බන් ඉතින්.

        මාත් ඔය හෝටලේට තීන ආදරේට ආසාවට ඕකෙ කුකෙක් වෙන්න ට්‍රේනින් උනා මාසයක්. එපා උනා ෆුල් ෆන්ෂන් එකට දාල තිබ්බ නිසා. ඒ කලෙ එක්සෙකටිව් සූ චෙෆ් පබිලිස්, සූ චෙෆ් කීත් වගේ නමක් තිබ්බ හැන්ඩි ටිපිකල් චෙෆ් ඩයල් එකක්.

        ඔය හෝටලේ, වැල්ල, සහ ගල්කිස්සෙ හන්දිය අපේ ජීවිතේ තමයි. මම නිවාඩු ගිහින් ඇවිත් පෝස්ට් එකක්ම දාන්නං. ජය!

      • ඉන්දික……ඔය නසරානියාව මම දැන් දන්නවා. හැබැයි රස බලන්න ලැබිලා නැහැ. බොහොමයක් බහුබූත කෑම රහ බලලා තියෙන මට දැන් මේ කෑමත් රස බලන්න හිතුනා.

        උඹට මේවාට කමෙන්ට්ස් දාන්න වෙලාවක් නැතිබව මට වැටහෙනවා. නමුත් ගිහින් ආපු දවසක මේ ගල්කිස්ස පෝස්ට්වලට පරක්කුවෙලා හරි කමෙන්ට්ස් දාපන්. මට එව තොරතුරු වැදගත්. උඹ පෝස්ට් එක ලියනකම් බලන් ඉන්නවා.

    • හරියට හරි ඉන්දික.ඒවා තමයි බඩු.
      පැළෑටි නෙමේ “පැනෑටි” තමයි.

  31. Damith says:

    ප්‍රෙඩි සිල්ව අර සින්දුව කිවුව කියල දන්නෙ අදනේ.

    • ඕක දමියෝ ෆ්‍රෙඩි සහ ඇන්ටන් ජෝන්ස්…ඒකේ හුල ලෙල ලෙලෝ කොටස ෆ්‍රෙඩීගේ. අවුරුදු 40කට වඩා පරණ ආතල් එකක්.

  32. පබිලිස් සිල්වා අද රටම දන්න ප්‍රසිද්ධ සූපවේදියෙක් කියලා අරූ නොදන්නවා කියලා මම හිතන්නෑ.. එයා දැන් හෝටලේ අධ්‍යක්ෂක කෙනෙක්ද කොහෙද !

    ගල්කිස්ස හෝටලයනම් ලංකාවේ සංචාරක/හෝටල් ක්ෂෙත්‍රයේ අයිකන් එකක් නේද ? ගෝල්ෆේස් හෝටලයත් ඔය වගේ ඉතිහාසයක් තියනවා නේද ?

    • සෙන්නා…මම පබිලිස් ලොක්කා ගැනනම් දන්නවා. ගල්කිස්ස හෝටලයේ අධ්‍යක්ෂක මංඩලේටත් ගත්තා එයාව මට මතක හැටියට. ඉස්සර හේමාවෝ පීක් එකේ ඉන්න කාලේ රජකෑම වට්ටෝරු නැවත හදන සීන් එකක් ගියා. පබිලිස් ෂෙෆ් තමයි ඔය වැඩේ නියමුවා. මැඩම්ගෙන් අමුතු කෑම ඕඩර්ස් ආවා කියලා මට කට්ටිය කියලා තිබුනා. නෙළුම් ඇට පිටිකර ඒවායින් පාන්…ඔය වගේ සීන්. මගේ යාළුවෙක් හිටියේ .උන් අම්මා මෝ නැතුව බනිනවා අපිත් එක්ක, පබ්බාටයි,මැඩම්ටයි. පබ්බා කියලා තමයි කොල්ලෝ කිව්වේ නැති වෙලාවට. කරදර වැඩනේ බන්..(මා දම් Sorbet , වරකා Ice cream ). ඒවා ප්‍රේමදාස කාලෙන් පස්සේ එහෙම්ම නැතිවෙලා ගියා.
      ඔව් සෙන්නා ඔය හෝටල්, හෝටල් විතරක්ම නෙමේ එක් යුගයක ඉතිහාස පොත්. ගෝල්ෆේස් හෝටලය වගෙම තමයි ත්. ඔය දෙක ගැනත් මම ලියන්නම් කොළඹ හෝටල්වල වැඩ කරපු කාලය ලියනකොට.

  33. කෑම ඉවිල්ල මගෙත් ආසම දෙයක් මුල් කාලේ උයන්න ඉගෙන ගන්න පංති ගියා බෙකරි කොස් එකක් කරා පොඩි ,එත් අවුරුදු කාලේලට ගෙදර කැවිලි නැතුව අනිත් කෑම ජාති ගොඩක් එහෙම හදනවා ,අම්මා නම් කියන්නෙ මං රසට උයනවා කියලා ,කොම වුනත් රසබර කතා ගොන්නක් …

    • සහෝ…..කැම ඉවිල්ල නම් රසවත් තමයි. හැබැයි දිගටම කරනකොට එපා වෙනවා. බේකරි වෙනම සබ්ජෙක්ට් එකක්. මම දන්න හොඳ පේස්ට්‍රි ෂෙෆ්ස්ලා හිටියා. මම පස්සේ ලියන්නම් එව්වා. පේස්ට්‍රි අමාරු වැඩක්.

      ක්‍රිකට්, ෆුට්බෝල් නිසා බ්ලොග්ස් අතපසුවෙලා. පරක්කු වුනාට සමාවෙයන්.

  34. පෝස්ට් එක වගේම කමෙට්න්ස් ටිකත් සාරවත්. කියන්න දෙයක් නෑ අහගෙන ඉන්නවා මිසක. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අර අපි කෝච්චියේ හැපිලා මැරෙන්න ගියේ >>යකෝ කෝච්චිය එනවා!!<< / Stuck On The Rail Crossing! ඔය හරියෙදි තමයි.

    • ඩූඩ්….මම ඒ ලිපිය කියෙව්වා. පිස්සු හැදෙනවා. වෙරළට එන්න තියෙන ඔක්කොම අතුරු පාරවල් මතක්වුනා. මම කියන රෙස්ටොරන්ට් එක ගාවම කෙල්ලෙක් කෝච්චියට බෙල්ල තිබ්බා. මම ඒ සීන් එක දැක්කා. කියලා වැඩක් නැහැ සංසාරේ.

  35. Ravi says:

    / Little Hut සමාජ ශාලාව තුළ නොයෙලින් හොන්ටර්, ඩෙස්මන්ඩ් ඩි සිල්වා වැනි අය ගී ගැයූහ /

    රූපවාහිනිය පටන් ගත්ත කාලෙ ඉංග්‍රීසි ප්‍රවෘත්ති කිව්වෙ නොයෙලීන් හොන්ටර්, විජයලක්ෂ්මි මාටින්ස්ටයින්, බර්නඩෙට් ඩි සිල්වා, අජිතා කදිර්ගාමර්, රවී ජෝන්, එරික් ප්‍රනාන්දු, රිචඩ් ඩි සොයිසා….ඔක්කොමල එක වගෙ. උච්චාරණය, වොයිස් කන්ට්‍රෝල් එහෙම ආය කියල වැඩක් නෑ. අප්පච්චි ඒ කාලෙ අනිවාර්යයෙන් අපිට කියනව රෑ 9.30 ට ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන්නම කියල. ඒක නියෝගයක්.

    නොයෙලින්ගෙ හස්බන්ඩ් කෙනත් හොන්ටර් කලෙත් Show Business එකට අදාල මොනව හරි.

    / අන් අය විෂය සම්බන්ධව ලිඛිත දැනුමක් තිබු අය නොවේ. /

    මෙතන උඹ අදහස් කරන්නෙ මචං විෂය සම්බන්ධව විධිමත් අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි කියන එක වෙන්න ඕන.

    / පබිලිස් අන්කල් ලබ්බෙකි./

    උඹට බං ලබ්බොංගෙන් නම් අඩුවක් නෑ. හෙහ්, හෙහ්, ” ලබ්භලාභී වාසනා ගුණයෙන් යුතු” කියලයි ඒකට කියන්නෙ… 🙂

    • විජයලක්ෂ්මි හැර අනිත් අය ඔක්කොම මතකයි. රිචඩ්,රවී නම් දැන් අප අතර නැහැනේ. නොයෙලින් පස්සේ Life English Academy කියලා එකක් කරා.ඔය සෙට් එක තමයි ඉංග්‍රීසි නිව්ස් රීඩර්ස්ලාගේ ස්පිරිට් එක. උඹ දන්නවානේ අජිතා, ලක්ෂ්මන් කදිරගාමර්ගේ දුව කියලා. රසල් ආනෝල්ඩ් එහෙම ලඟ ඥාතීන්.

      ///මෙතන උඹ අදහස් කරන්නෙ මචං විෂය සම්බන්ධව විධිමත් අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි කියන එක වෙන්න ඕන.////
      අන්න හරි රවී, ස්තූතියි. උඹ දන්නවානේ මගේ වාග් කෝෂය බොහොම පටුයි කියලා.

      //ලබ්භලාභී වාසනා ගුණයෙන් යුතු” කියලයි ඒකට කියන්නෙ… :)////
      හා හා. ගිය ආත්මේ ලබුවැල් වලට යහමින් සාත්තු කරලා ඇති. ඒකයි ඒ.

  36. සිරා says:

    ඉතාම රසවත් පෝස්ටුවක් අරූ අයියා…හෝටල් කර්මාන්තය තුලට එක තැනකදී මම ඇතුලු වෙන්න හැදුවත් එය මග ඇරී ගියා. ඒ ගැන විස්තර ඉදිරි දිනයක ලියන්න වටිනවා. මේ ලිපිය තුල මට ඉතාම රසවත් වූයේ පබිලිස් අයියාගේ පොට් එකේ කා බී මිනිහට ඩෝප් වැඩි උනාම කබඩ් එක අස්සෙන් තව බෝතල් එළියට එන කොටසට…කඩේ අන්තිම ලෑල්ලත් පිටස්තරයන්ට වහන්න ඉඩ දෙනවා කියන්නෙ ඒ මිනිස්සු කොච්චර සරළ මිනිස්සුද කියන එකයි. අද ඉන්න උන් කන්නෙ බොන්නෙ මොකුත් නැති උනාට කුහක කමෙන් නම් උපරිමයි.

    • සිරා…..එක කාලෙකදි ගොඩාක් අය හොටෙල් ට්‍රේඩ් එකට ඇතුල්වෙන්න උත්සාහ කරා. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ඕක තමයි පළවෙනි ට්‍රයි එක. ගොඩාක් අය ගොඩ ගියා. තවත් සෙට් එකක් වලේ වැටුනා. මම වලේ වැටිලා ගොඩ ආවා.

      ඔය පබිලිස් අයියලා වගේ අය ඉස්සර හිටියා. දැන් ඒ වගේ කොලිටි මිනිස්සු නැතුව ඇති. ඒ පරම්පරාව ඉවරයි. අහම්බෙන් හම්බවෙනවා එකෙක් දෙකෙක්. සිරා,මේ දවස්වල ක්‍රිකට්,ෆුට්බෝල් පිස්සුව වැලඳිලා නිසා බ්ලොග්ස් අත හැරුනා.

  37. DGM බස්සා says:

    අප දැනගෙන සිටි ගල්කිස්සේ , අප නොදන්නා පැත්තක කතාව පෙල ගස්වා ඇති හැටි නම් අපූරුයි. ඔබට හොඳ මතකයක් තියනවා.සමහර විට මෙව්වා අමතක නොවෙන සිදුවීම් වෙන්න ඇති.

    මේ අතීත රස සිද්දි මතකයන් ඇවිස්සීමෙන් ඔබ යම සතුටක් ලැබුවා නම්, අපත් ඒ වගේම සතුටක් , මේ ලිපියෙනුත් , ඒ හරහා අවදිවෙන අපේ මතකකයන් ගෙනුත් ලැබුවා යැයි සිතමි.

    • බස්සෝ…..ඇත්තටම මේ හැම සිදුවීමක්ම මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම්. මේවා මෙච්චර කල් හිතේ තියාගෙන හිටියා මිසක් ලියන්න හිතුවේ නැහැ. උඹලා කියවා සතුටක් හෝ ජීවිතයට යමක් එකතුකරගන්නවා නම්….අපේ ජෝතිපාලයන් කිව්වා වගෙ ‘ඔබේ සැප මගේ සතුටයි’ 😀

  38. රත්මලාන පැත්තේ අපි ප්‍රොජෙක්ට් එකක අවුරුදු කීපයක් හිටියා . එතකොට බොහෝ සිකුරාදාවල හවස්වරුවේ මොකක් හරි සාදයක් ඔයකියන ගල්කිස්ස වෙරල තීරයේ ලොකු පොඩි හොටලවලදී තිබුනා. ඒ වගේ හැන්දෑවන් ගෙවන්ට කලින් අරුගේ මේ පොස්ට් එක කියවලා තිබ්බනම් මට හම්බු වෙච්ච මිනිස් චරිත දිහා මම එදා බැලුවාට වඩා විචිත්‍ර ලෙසත් දයාබර ලෙසත් බලන්න තිබ්බා .

    • ////මට හම්බු වෙච්ච මිනිස් චරිත දිහා මම එදා බැලුවාට වඩා විචිත්‍ර ලෙසත් දයාබර ලෙසත් බලන්න තිබ්බා .////
      ඕකනම් තිලකේ…අපි වයසින් මුහුකුරා යනකොට සහ අත්දැකීම් ලබන කොට එන හොඳ ගතිගුණයක් නේ. නැත්නම් මාත් තරුන කාලේ ඒ දේවල් ගැන තැකීමක් නැහැ. අපේ වැඩේ කරගෙන..සමහර වෙලාවට අපේ ලොකුකම්, හයිය පෙන්නන්න ගිය වෙලාවලුත් තියෙනවානේ. උඹට කියන්න ඕන නැහැ..ජීවිතය නිවැරදිව පේන්න පටන් ගන්නේ ඇස් පෙනීම අඩු වේගෙන යනකොට කියලා මට හිතෙන්නේ : D

  39. sudeeka says:

    මේ පොස්ට් එක මාව මගේ පලවෙනි ජොබ් එකට ගෙන ගියා. ඒ කාලේ මම ගොඩක් කල්පනා කළා D/BF එන එවුන් නම් මාර ලෝබ මිනිස්සු, දවල්ට කන්නේ නැතිව ෂේප් වෙනවා කියලා. පස්සේ අනිත් අයාගෙන් අහලා තමයි දන ගත්තේ ඒ අය එළියෙන් දවල් කෑම ගන්නවා කියලා. අපේ ගම් වල අය මේ එලියට එන සංචාරකයන් සමග කොයි තරම් මුසු වුණාද? ඒ නිසා ජර්මන්/ප්‍රංශ/ඉතාලි භාෂාවල් හැසිරවීමට හැකි කී දෙනෙක් හිටියාද? ඇත්තටම ඔබ කියනවා වගේ B/BF අය නිසා ප්‍රදේශයේ ආර්ථිකය කොයි තරම පෝසත් වුනාද කියන එක හොඳටම තේරෙනවා. අපේ පැත්තේ ඒ කාලේ ගමේ මග පෙන්වන්නන් (guides) හිටියා. හොඳම බිස්නස් එක ඔරුවේ කැඳවාගෙන යෑම. ඒ පිලිබඳ රසවත් සිද්ධි ගොඩාක් මතකයට ආවා. වෙලාවක ලියන්නම්.

    • සුදීක……වෙලාවක ඕවා ලියන්න. මට වඩා සුදීකට රිසෝට් හොටෙල්ස් ගැන අත්දැකීම් ඇති. ලොකු හෝටල් සමාගම් ඇත්තටම බලන්නේ සුද්දෝ ගේන මුදල් අපිට විතරයි වියදම් කල යුත්තේ කියලා. ඒ නිසා තමයි ‘හැම දෙයක්ම එකම වහලක් යටින්’ සංකල්පය ඇතිවෙන්නේ මගේ හිතේ. ඔය සංකල්පය නිසා කුඩා ව්‍යවසායකයා තව තවත් හැකිලීම තමයි වෙන්නේ. ඒ දේ එංගලන්තය වගේ රටවල් වල, පෙට්‍රල් ෂෙඩ්,සහ පොඩි පොඩි කඩවල් අත් විඳිනවා. ගමේ බුචර්, ගමේ බේකර්, ගමේ ෆ්ලොරිස්ට්, ගමේ එළවලු කඩේ, ගමේ ග්‍රොසරිය වැහෙන තත්වයට පත්වෙනවා. මොකද මහා විශාල සුපර්මාකට් සමාගම් ,පොඩි පොඩි ගම් ආක්‍රමණය කරනවා. ඇත්තටම ඒක ආක්‍රමණයක්. තනි අයිතිකාරයින්ට ඒ සමාගම් එක්ක හැරෙන්න බැහැ. තම ව්‍යාපාරය වහලා දාල රැකියාවක් හොයාගන්නවා ඇරෙන්න. ඒත් කෝ රැකියා?

  40. Anonymous says:

    ඔව් සුදීක,
    දකුණු වෙරළ තීරයෙ 80 ගණන් වල හැම ගෙදරකම පාහේ කාමරයක් දීලා තිබුණා. වැඩියම හිටියෙ ජර්මන් අය. බයිසිකල් වලින් හැම තැනම යනවා. පොඩි තැනකින් කනවා. මාසයක් දෙකක් ඉන්නවා. අවුරුද්දක් පාසා එනවා. ගමම හඳුනනවා. සමහරු ගෙවල් මිළදී ගත්තා. කසාද කර ගත්තා. සමරිසි අය එහෙමත් හිටියා.ජර්මන් කාරයන්ට නම් ඉතින් sun+sand+sea වලට වඩා දෙයක් නැහැ.
    හර්ෂ

    • හර්ෂගේ කමෙන්ට් එක ඇතුලේ බොහෝ කරුණු කෙටියෙන් කියා තිබෙනවා. මේ ගැන ඒ ඒ පැතිවල ඒ කාලයේ හිටි අය හොඳට දන්නවා. මම තාමත් හිතනවා අපි වගේ රටවල්වලට ඒ ක්‍රමය ප්‍රායෝගිකයි කියලා. ඒ තුල මුදල් සංසරනයක් වුනා. දැන් ලොකු හෝටල් දිහා බල බලා ගැමියෝ හූල්ලනවා. මේවා දන්න අයට ඒවාගෙන් වැඩක් නැහැ.

    • කැකිරි හේනේ බඩු ලාල්... says:

      මේ ෂ්..ෂ් සමරිසි කිව්වේ කොලුකාන්ත ලටද ?

  41. අරූගේ සටහන් කියෙව්වම කොහෙන් කොමන්ට් කරන්නද කියලා හිතාගන්න බෑ.
    අරූලගේ කාලේ තිබුන මේ සුන්දරත්වය දැන් නෑ අරූ.
    ඒක ගණුදෙණුකාරයන්ගෙන්වත් සේවකයාගෙන්වත් කියලා විශේශ නෑ. මැනර්ස් වගේ එවයින් බොහොම පිරිහිලා.

    මම සාමාන්‍යෙන් අවුරුද්දකට මාස දෙකක විතර කාලයක් අවශ්ථාවන් තුනකදි ලංකාවේ ගත කරනවා. අරූලට වගේ නෙමෙයිනේ ඉතින් පවුල් බරවල් අරවා මේවා අඩු හින්දා හැමවෙලේම මම සංචාරකයෙක් විතරමයිනේ. සමහර වෙලාවට හිටිගමන් මම අවුරුද්දෙන් යන අවස්ථාවනුත් නැත්තේ නෑ. ඒ කොයි වෙලේ ගියත් කෑමට ගියාම ඒ කලින් ස්ටාෆ් එක ඉන්නවා නම් මාව හඳුන ගන්නවා. සමහර වෙලාවට මම නැතිව මගේ යාළුවෝ දැක්කත් මාව අහනවලු. කොටින්ම බොහෝ හොටෙල් වල රෙස්ටෝරන්ට් වල කිචන් එකටත් මම යනවා. ( මේක බලෙන් හෙම මම ඇතුල් වෙනවා නෙමෙයි) ඔවුන් මම කන්න ආස විදියට මට ඕනේ දේ හදලා දෙන්න පොඩ්ඩක්වත් කම්මැලි නෑ. හිටිගමන් ෂෙප් මට පණිවිඩයක් එවනවා කුස්සියට එන්නත්. ඒක හරිම ආදරණීය ගණුදෙණුවක්. සමහර වෙලාවට හොටෙල් මැනේජර් මගෙන් අහනවා මිස්ට බැරිද මේ අපේ ළමයි එක්ක ඇවිත් දවස් කිහිපයක් වැඩ කරන්න කියලා. මම කලින් එහෙම කරපු අවස්ථාත් තිබුනා. ටිප් එකක් දුන්නත් මම හැමදාම හැම අංශෙටම දෙනවා. ඒක ලොකුද පොඩි ද කියන එකටත් වඩා ඔවුන් අපේ නිහතමාණිකම බොහෝම ගරු කරනවා. වැදගත් මිනිස්සු ඉන්න හැමතැනකම ඔවුන්ගේ සේවය ගැන නිර්ව්‍යාජ අදහස් දෙන්න පුළුවන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s