නැව් කාරයින්,සංචාරකයින්,මිතුරන්,සංගීතය, මධුවිත ආදී එකී නොකීදේ අතරින් මගේ ජීවිතය ගලාගෙන ගියේය. නමුත් මට මේ කිසිම දෙයක් තුල අමතක කල නොහැකි එක් කුඩා කංඩායමක් විය. ඒ මගේ ආදරනීය අම්මා, ආච්චී, ලොකු අම්මා,සහෝදර සහෝදරියන් ඇතුළු පවුල් සංස්ථාවයි. ඔය කාලය තුල මම ඔවුන් වෙනුවෙන් උපරිම දායකත්වය සැපයුවෙමි. මගේ කතාවේ ඒ කොටස් මම මග හරිනවා නොව, ඒ හැම තුලට පිවිසීමට පෙර, ඒ හා බැඳුනු වටපිටාව ලියා තබනවා යැයි සිතා ගත්තෙමි. මගේ පෞද්ගලික ජීවිත කතාව පමනක් ලියා තැබීමෙන් කිසිවෙකුටත් සුගතියක් නොවේ. ඒ නිසාම මම ඒ හා බැඳුණු සමාජ, ආර්ථික , සංස්කෘතික වටපිටාවන් මේ ගොනුවට එකතුකර තැබීමට යුහුසුළු වන්නෙමි. එසේ නොවුනා නම්, මේ කථා පෙළ කොටස් විස්සක් විසිපහකින් අවසන් කල හැකිව තිබිණි. එය නීරස අකුරු ගැලපීමක් වෙන්නට ඉඩ තිබුණි. මතක අවදිකරන්නෙක් ලෙස, ඒ කතා පුවත නීරස වූවා නම්, මටත්, කියවන නුඹලාටත් මෙය තව අඬෝවැඩියාවකක් වනු නො අනුමානය. මේ මාගල් කතා පෙල මා ලියන්නේ ඔබ දැණුවත් කරන්නටත්, මගේ තෘප්තිය හා හෘද්ධ සාක්ෂිය , ඉතා විවෘතවූ මනසකින් සාකච්ඡා මේසකයට කැඳවා ගැනීමේ අරමුණින්ය. ඒ නිසාම මා ලද අත්දැකීම්, මගේ පවුලේ කතාවකටත් වඩා, සමාජයේ, රටේ , ලෝකයේ කතාවක් ලෙස ඉදිරියට ඇදේ. ඔබේම පහසුව සඳහා, ඔබේ විවේචන අවැසි වේ. මට වෙනස් විය හැක. නමුත් මගේ කතාව සහ මා දුටු අත්දැකීම් වෙනස් කරලිය නොහැක. මේ තුල යක්ෂයින්ද, සුරඟණ සුරඟණාවියන්ද, ඒ කුලයන් දෙකටම අයිති නොවූ නුඹ මා වැනි පෘථග්ජන මිනිසුන්, ගැහැණුන්ද බොහෝය. මම සෙමින් සෙමින් මගේ කතාවත් මේ තුල ගලාගෙන යන්නට ඉඩහැර ඇති බව මට විශ්වාසය.
ගලාගෙන යන ගඟකින් ඇතිවන පාරසරික සමතුලිතථාවයන් , එක තැන පල්වෙන මඩ ගොහොරුවකට වඩා බොහෝ වටිනාබව මම අත්දැකීමෙන් දණිමි. ඒ මිනිසාටත්, සතාටත්, එහිම වෙසෙනා මසුන්ටත් වඩ වඩාත් වාසි ලබාදේ. මා දකිනා ජීවිත යථාර්තයද එයම වේ. දැළක්, පිත්තක්, වළක් ගොඩ දමා මසුන් මරන්නන්ට වඩාත් වැදගත් වන්නේ ලොකු මසුන් හෝ ඇම ගිලිනවුන්ය. මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. තවත් වටයකින් මේ කථාව පටන් ගත යුතුය. මේ ලියන්නේ ඒ කතාව නැවත ලියන්නට පෙර අවශ්‍ය කුඩා විවේකයකට ඉඩක් ලබාගැනීමටය. මොහොතකට සමුගනිමි.
මට වරක් හමුවූ ගාමිණි ෆොන්සේකා නම් ඒ මහා මිනිසා , දේශපාලනය සහ සිනමාව තුල ඇති නොවිය යුතුවූ ගැටුම් විග්‍රහය කලේ මෙසේය. මම ගාමිණි ෆොන්සේකා නම් රංගධරයාට තදින් ඇළුම් කලත්. ඒ තුලින් බිහිවූ දේශපාලකයාට එසේ ලොල් නොවීය. එදා ගාමිණි සමග , අගය නිම කල නොහැකි මැණිකක්වූ සුමණා නෙල්ලම්පිටිය නම්වූ මාධ්‍යවේදිනිය කල අගනා සාකාච්ඡාවක් මෙලෙස දිග අරින්නෙමි. එදා පැවැත්වූ මේ සාකච්ඡාව අදට හෙටට එදාට ගලපාගන්න. මම නැවත ලබන සතියේ ලියන්නෙමි. අදහස් පලකරන්න.
ප.ලි……අද නම් අකුරු වැරදි බොහෝය. මා නිවැරදි කරනා සුබස අද හොඳටම ඩෝප්ය. නැගිටවාගන්නට නොහැකිය. මමද ඩෝප් වන්නට තීරනය කලෙමි.
සමාලෝචනයක් කිව්වොත් හරිද?????????????
එහෙම කිව්වත් හරි. මට අතපසුවූ වැඩ වගයකුත් තියෙනවා. කියවාගන්නට බැරිවූ බ්ලොග්ස් කියවන්නත් තදබල උවමනාවකුත් තියෙනවා.
Your post today is one of the best writings of yours macho……I cannot agree with your post script. .sorry for the language since I am using my android due to unavoidable circumstances. …jayawewa..
ඉතිං ඇනේඩ්‍රොයිඩ් එකට හෙලකුරු ඇප් එක දාගන්න කෝ!
ෂෙෆාකි…..තෑන්ක්ස් මචං. ඉංග්‍රීසියෙන් ලිව්වට ගානක් නැහැ. මම සිංහලෙන් උත්තර දාන්නම්. PSඑක …..ඒ කියන්නේ අකුරු වැරදි ගැනද….සුබස ඩෝප් වීම ගැනද 😀
ඔය ෆොන්සේකා මහා වාතයෙක් කියායි මං හිතාගෙන ඉන්නේ!
+++++++++++++++++++++++++++++++++++++++++++++
කකා……..නළුවෙක් හැටියට නම් මම අදත් කැමතියි. මට එයාගේ දේශපාලනය ගැන නම් කතාකරන්න තරම් දෙයක් නැහැ.
++++++++++++++++++
මචෝ කරුමේ කියන්නේ සාගරයක් මැද හදාපු ගාමිනී ෆොන්සේකා ඒ සාගරයේම මැද නෙමේ මුලම අමු හෙළුවෙන් නාපූ එකයි. ලංකාවේ කළාකාරයෝ නෑ මචෝ. ඉන්නේ නලා කාරයෝ.
නළුවෙක් ලෙස අගය කළද. මිනිසෙක් ලෙස හෙලා දකිමි..
මේ පෝස්ට් එක ක්ලැසික් මචෝ.. ගියපු ගියර් එකෙන් වැඩි ගියර් එකක යනවා මිසක්, ඊට අඩු එකකනම් යන්න එපා මචෝ.
මාතා…..පරසතු මල්, උතුමානනි වගේ මෙයා ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස් කොහොම අමතක කරන්නද….දේශපාලනයයි කලාවයි පටලවා ගත්තාම වෙන්නේ…ගෙදර පයිප්ප තියාගෙන…පාරේ පයිප්පෙන් නානවා වගේ වැඩක් මචං. පේන් නැද්ද මෑත ඉතිහාසය.
පහුගිය ටිකේම මම හරි කලබලෙන් ලිව්වේ. පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න හිතුනා මාතා.
ගාමිණී ෆොන්සේකා මම අස කරන නළුවෙක් ,ජෝ ටත් ආසයි ,අද සුබස වැඩ නැ මමත් ලියපු පොස්ටුව හදා ගන්න බැලුවා වැඩ නෑ එක
අනික ඇවිත් බලනකොට මගේ බ්ලොග් එකේ අප්ඩෙට් වෙන්නෙ එක බොගියයි ,මාතලන් සින්ඩිය පිහිටයි එකත් පිස්සු නැටුවොත් ???
මටත් ඔය ප්‍රස්නෙමයි…
සික් ඉතරක් මේ බ්ලොගර නං
සහෝ, මහේෂ්…..ඔය අප්ඩේට් වෙන්නේ නැත්තේ මගෙන් වෙන වැරැද්දක්ද…
ගාමිණි, ජෝ,ටෝනි මාත් කැමතිම අය තමයි සහෝ. ටෝනිත් දැන් වයසයි. ඔහු දක්ෂ පිටපත් රචකයෙක්. ඉංග්‍රීසි සාහිත්‍ය ගැන පරිනත දැණුමක් ඇත්තෙක්.
සුබයා දැන් වැඩ.
බ්ලොගර් හන්දා අපිටත් මේ ටිකේ ඩෝප් වගේ තමයි පොඩ්ඩක්…
පොඩ්ඩක් නම් කමක් නැහැ දිනේෂ්. වැඩිය ඩෝප් වෙන්න එපා 😀
උඹ අද පෝස්ට් එකේ මැද අකුරු කොරල තියෙන උපහැරණ ටික පට්ටයි මචෝ……..
මොනව තවත් රසට කියවන්න ලැබෙයි කියල හිතනව ….
මොනව වුනත් තවත් රසට කියවන්න ලැබෙයි කියල හිතනව ….
මචං…වැවක් අයිනේ ඉඳන් අකුරු කරේ. ඒකයි දන්ඩි, ගප්පි මතක්වුනේ 😀
ස්තූතියි!!
දැනුයි වීඩියෝව බැලුවෙ ……
අම්මගෙ රෙද්ද තමයි….හුත්තිගෙ පුතාට කරන්න පුළුවන් කාලෙ කලාකාරයන්ට යමක් කලේ නැහැ…..
අද කලාකාරයො ඉස්පිරිතාල වල ඇදන් යට නර දුක් විදිනව ….
එන එන නිළියන්ව තියාගෙන හුක…හුක හිටිය…..
අද දක්ෂ කලාකාරයෙක්ට නිර්මාණයක් කරන්න හිගමන් යදින්න ඕනා…..
මුගෙ කතාව අහල …විකසිත වුන පුෂ්පයට මගෙ ඇගම වෙවුලනව ….. අකුරු කොටා ගන්නත් බැහැ මචං …
ඒක නිසා නවතිනව …..
මොකද කෙන්ජයියේ මේ හැටි කේන්ති ගන්නේ….
Nalin….Kenji is on fire.
Kenji….////විකසිත වුන පුෂ්පයට මගෙ ඇගම වෙවුලනව////////
බ්‍රැන්ඩි ෂොට්ස් දෙකක් ගහපන්. වැඩේ ගොඩ 😀
මචං ගාමිණි ලොක්කා කර්මාන්තයේ හිටපු ශිල්පීන්ට යම්කිසි ගරුත්වයක් ලබාදුන් බව සමහරු කියනවා. පොර ආඩම්බරකාරයා. නමුත් මචං legend නේද? කොන්දක් තිබුන. මම ලොක්කාට ෆීල්ඩ් එකේ වැඩ ගැන නම් බනින්නේ නැහැ. මම ගොඩක් හොඳ දේවල් අහලා තියෙනවා.
ගාමිණී ෆෝන්සේකා හටතිබුනේ අනභිභවනීය පෞරුෂත්වයක්. සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම මනාව හැසිරවීමට හැකියාවක් තිබුණ, වේදිකාවත් සිනමාවත් එකසේ ජයගත් බොහෝ ඇසු පිරු තැන් ඇති මිනිසෙක්. ඕනෑම විෂයක් ගැන කතාකරන්නට දැනුමක් තිබ්බ සුන්දර මිනිහෙක්. එතුමා දැකල තියෙන අය දන්නව ඇති ඇත්තටම එතුමා හුගක් උස සද්දන්ත කෙනෙක් නොවේ වග. නමුත් කැමරාව ඉදිරියේ හෝ ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔහු අපි දැක්කේ පතාක යෝධයෙක් හැටියට. එතුමාගේ පුද්ගලික ජීවිතයෙන් කාටත් කරදරයක් උනේ නෑනේ, ඒ නිසා අපි ඒක මෙතැනදී අමතක කරමු
මන්නා……ඒ චරිතය ගැන කිවයුතු දේ බොහෝයි. ගාමිණි තවත් යුග පුරුෂයෙක්!! ඒ හිඩැස පුරවන්න අමාරුයි. මම කතා කරන්නේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ,සාර්ථක වෘත්තිය වේදියෙක් ගැන. පෞද්ගලිකත්වය ගැන කතාකරොත් අපෙත් ඇති ඕන තරම් කතා. විජය, රවීන්ද්‍ර. සනත් ගැන වුනත් රංගනයෙන් එහා ගිය පෞද්ගලිකත්වය වෙනත් දෙයක්. ජැක්සන් කක්කා වලක් වෙන්නේ වෙන විදිහකට. ගාමිණි ඔසවා තැබූ, ශිල්පීය වටිනාකම්..අද පැයට වැඩ කරන කුලී කාර නළුවන් විසඳාගත යුතු ප්‍රශ්නයක් මිස, ගාමිණිලා,විජයලාගේ වැරද්දක් නොවේ. රවීන්ද්‍රලා,කොස් ඇන්තනීලා ,පැරකුම්බාලා, අජාසත්තලා ඒවා රජතුමන්ලා සමග බේරා ගතයුතු ගනුදෙනු බව මම සිතමි.
මන්නා….නිවැරදි ඇසින් බැලීම ගැන සතුටුයි!! සංචාරක ව්‍යාපාරය ගැන අදහස් ….වෙලාවක ලියපන්.
//මේ මාගල් කතා පෙල මා ලියන්නේ ඔබ දැණුවත් කරන්නටත්, මගේ තෘප්තිය හා හෘද්ධ සාක්ෂිය , ඉතා විවෘතවූ මනසකින් සාකච්ඡා මේසකයට කැඳවා ගැනීමේ අරමුණින්ය. //
ඒ අරමුණ ඉෂ්ට වෙලා තියෙන්නේ… 😀
තාම වීඩියෝව බැලුවේ නෑ.
පොඩ්ඩි….ඔබ ලෝකය දෙස බලන ආකාරයට මම ඉතාමත්ම කැමතියි. මටත් ඔය වයසේ එහෙම බලන්න ලැබුනානම් කොච්චර ශෝක්ද 😀
මම repent අතහැර දැමුවෙක්මි.
ගාමිණි ෆොන්සේකා විතරක් නෙවෙයි කළාකාරයෝ හැටියට හිටපු හැමෝම නලා කාරයෝ වුනාට පස්සේ ,අර ප්‍රතිරූප සියල්ල නැතිවෙලා ගියා
ඉවාන්….දවසක හමුවෙමු!!
ප්‍රතිරූප කියන්නේ ඉටිරූප වගේ බන්. පොඩි රස්නෙටත් දියවෙනවා. ඕවා හිතන්න එපා.අපි හිනාවෙන, හඬන, පෘතග්ජනයො වෙමු. ඒ තුල මහා රසස්වාදයක් තියෙනවා. උඹ එහෙම එකෙක් බව උඹෙ ලියවිලි අපිට කියා දෙනවා. බොරු නෙවේ. සත්තයි!!
අනේ මංදා…
අර මාතෙ කියනව වගේ ඉන්නෙ නලා කාරයොයි වන්දි භට්ටයොයි විතරයි…
ඇති වැඩකටද…
ලොක්කට ගොට්ට ඇල්ලුවොත් ඕන වැඩක් කරගන්න පුලුවං
මහේෂ්…අපි අපි වෙමු..ලෝකය දෙස අපි අපේ ඇසින් බලමු. වෙනස් විය යුතු දේ අපේ ඇසින් නිර්මාණය කර ගමු.
මහේෂ්… මේ පාඩම මගේ ආදරණීය අම්මාගෙන් උඹට දෙන්නේ හදවතින්
ඔබ ලියාගෙන යන්නේ හුදු ජීවන විවරණයක් නොව ඉතිහාසයේ එක පරිච්ඡේදයක්. අපිදු අඩු වැඩි වශයෙන් ඒ තුළ සිටිනවා. ඒ මන්ද ඒ අතීතයට අපේ යම් යාම බැඳියාවන්, පූර්වාත්ම සබඳකම් ඇති නිසයි. මේ වෘතාන්තයක් නොවේ. යථාවාදී දර්ශනයක්. ඉතින් ඉසුඹු ලමින් ඉදිරියට යමු.
ගාමිණී ෆොන්සේකා සතු කුශාග්‍ර දැණුම පිළිබඳව අල්පමාත්‍ර හෝ දැනුමක් මට ලැබුනේ ඔහු සමග ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටියේ වැඩ කිරීමේදීයි. ඔහුගේ දැණුමෙන් සිනමාවට කරන්නට තිබුන සේවය ඔහු දේශපාලනයට පිවිසීම නිසා වැළකී ගියා. විජය කුමාරනතුංගට වුනෙත් ඒ ටිකමයි.
පැරණි කලාකාරයන් බොහෝ දෙනෙක් තමන්ගේ උච්ඡතම ජනප්‍රියත්වය තිබුන කාලයේදී ලබාගත් විශාල ආදායම අනාගතය සඳහා ආයෝජනය නොකර ‘කාලා බීලා ජොලි කරලා’ අවසාන කාලයේදී දුක්විඳ මියයාම ඔවුන්ගේ වරදක් මිස අපේ වරදක් නොවේ. සිනමාවට සම්බන්ධ සියලු ශිල්පීන්ගේ දීමනා වැඩිකරගනීමට මුල්වීම ගැන ගාමිණීට අදත් සියලු දෙනා ගරු කරනවා. ගාමිණීගේ පෞද්ගලික ජීවිතය අපිට කුමටද?
ඉතිහාසයට එක්වන තවත් යුගයක අසිරිය දුක දෝමනස්සයන් මෙනෙහි කරන්නට බලා සිටිමු අපි ඔබේ මතකය සමගින්..
නලියා…වෙලාවක සෙට් වෙමු!!!
විචා…උඹ දාපු කමෙන්ට් එක ත්‍රිල් එකේ කියෙව්වා. ඒක ලොකු ඇගයීමක්. මචෝ මම කුහුඹුවෙක්. පෝලිමේ යන්න ඉඩ දියන්. මෙහෙම හොඳයි.
විචාගේ දෙවෙනි ඡේදය ගැන කියන්න තියෙන්නේ…ගාමිණිගේ ශිල්පීය දැණුම සම කරන්න තිබු එක් අවස්තාවක් සුනිල් ආරියරත්න නමින් මිය ගිය බවයි. ඒ සරුංගලේ. මම ඒ ගැන නොලිය ඉන්නම්. සුනිල් අවතක්සේරුවකට ලක්කලා නොවේ,
/////‘කාලා බීලා ජොලි කරලා’ අවසාන කාලයේදී දුක්විඳ මියයාම ඔවුන්ගේ වරදක් මිස අපේ වරදක් නොවේ////
නාහෙන් හඬන පීචමුන්ට වඩා ඒ සෙට් එක හොඳයි විචා.
උදා..වින්සන්ට් වාස්…එච්.එම්.ජයවර්ධන, සෝමසිරි දෙණිපිටිය, එච්.ඩී.කුළතුංග, ඇන්තනි සී පෙරේරා.. තව ගොඩයි. උන් නළුවෝ නෙමේ මිනිස්සු. ගාමිණි යමක් කරා ෆීල්ඩ් එකේ.
සුපිරි ක්‍රීඩාගේ කමෙන්ට් එක කියවපන් විචා. ඒ තුල මට ලියන්න බොහෝ දේ තියනවා.
විචාගේ කමෙන්ට් එක සාධනීයයි!!
මොකක්ද බං අරූයියේ උඹත් නිකං දැන්ම ඩෝප් වෙලා මල පැනලා වගේනේ මේක මේ ලියලා තියෙන්නේ…:D
උඹේ ජිවිත කතාව ඔය ගලාගෙන යනවිදියට මම නම් බොහෝම ප්‍රියයි.ඇත්තමයි.
ඇය බන් මනෝ උඹට එහෙම හිතුනේ…… අනේ එහෙම නැහැ. පොඩි සැපක් ගන්න ට්‍රයි එකක් මිස වෙන දෙයක් නෙමේ. මල පනින්නේ මල් අතේ තියාගෙන ඉන්න අයටනේ. මට මල් නැහැ. තාම පැල..පොහොට්ටු එන්නෙත් ගස් හැදුනාට පස්සෙනේ. පැලයක් වෙලා ඉමු…මල් පුප්පගන්න ඉස්සෙල්ලා..අපි තාම පැල බන්..ඕන්නම් වතුර පොඩ්ඩක් දාපන් පැලේ අගට. දල්ලට දැම්මොත් ගහම ෆක්.
අනේ නැහැ බං මට එහෙම හිතුනා.මල විකසිත වෙලා නැතිනම් අවුලක් නැහැ…:D
ගාමිණි ගේ දේශපාලනය ප්‍රතික්සේප කරමි.එහි විවාදයක් නැත.එහෙත් මා දන්නා තරමින් ඔහු බොහෝ විට ගත් ක්‍රියා මාර්ග නිසා කේෂ්ත්‍රයේ ශිල්පීන්ට යම් යම් වරප්‍රසාද ලැබුණු බව ම අසා ඇත.උදාහරණයකට දර්ශන තලයකදී ගාමිණි ට ඉහළම පහසුකම් සපයා අනෙකුත් ශිල්පීන්ට නොසළකන්නේනම් ඔහුගේ සිරිත එ් අයටත් පහසුකම් සළසා දීමට අරගල කිරීමයි.විජය හිටියෙ ඊට වෙනස් ප්‍රතිපත්තියක ඔහු අවම පහසුකම් තියෙන තැනට ඇවිත් ඒ පහසුකම් යටතේ ඉන්නවා.
මේ කතාව කිව්වෙ මගේ අසල්වැසියෙක්ව සිටි ඩීආර් නානායක්කාරගෙ පුතා.එයා කොළොන්නාව හන්දියෙ ඉස්සර ත්‍රීවීල් එකක් දිව්වා.වරක් මම එයා හරහා ඩීආර් මතකය අවදි කළත් රංජි (ඩීආර් පුතු) ඉල්ලා සිටි නිසා මේ කතාව ලිව්වෙ නැහැ.මොකද ඒ දෙන්නම ඩීආර් වෙනුවෙන් ගොඩක් දේවල් කරල තිබුණා.ඒ නිසා මැරුණත් ඒ අයට ගරු කළ යුතු තැනෙක සිටිය යුතු බව රංජි කිව්වා.
ඉහත ගති දෙකෙන් ඩීආර් වැඩිය කැමැත්ත දක්වා ඇත්තේ ගාමිණි ගේ ක්‍රමයට බවත් රංජි මා සමග කිව්වා.
මචං….කිවයුතු බොහෝ දේ කමෙන්ට් එකකින් කීයන්න බැහැ.
රංජි කියන්නේ මාත් එක්ක කොලොන්නාවේ හන්දියේ උගේ ත්‍රීවීල් එකේ බාගේ ගහපු සුන්දරයෙක්. මම ඩී.ආර් අන්කල්ගේ දුවගේ ගෙයක් කුලියට අරන් හිටියා නිවාඩු එන මාසෙට. අපි දෙන්නාට එතකොට ගෙයක් තිබුනේ නැහැ. උඹ මට කතා මතක් කරනවා.
අහපන් රන්ජිගෙන් මගේ වයිෆ්ගේ අම්මා ගැන. ඒ නම් සොඳුරු ගැහැණියක්. අපේ පවුල්වල දූ දරුවෝ පවා සෝමා ආච්චි ගැන අදටත් කතා කරනවා. මා ඇයගෙන් ජීවිතයට ගත් දේ බොහෝමයි. ඈ මගේ දෙවනි අම්මායි. මගේ පවුලත්, මා වටා ඇති අපේ පවුලෙත් ආදර්ශය ඇයයි!!!!!!!!
නිශ්මා….රංජිගෙන් අහපන් මා සහ ඔවුන් ගැන. ජීවිතය කියන්නේ සැහැල්ලු පියාපතක් බවත්…ඒ තුල එල්ලා ගත යුතු නැති යකඩ කෑලි නැති බවත්….ආදරය යනු ප්‍රදර්ශන භාණඩයක් විය යුතු නැති ආධ්‍යත්මික රක්ෂනයක් බවත් කියා දුන්නේ ඇයයි. මට ලියන්න බොහෝ දේ ඉතිරි කල ඇයට…මගේ අම්මා හා සමානව සලකමි. අදත් ජීවතුන් අතර ඉන්නා අපේ අම්මාගේ සොඳුරු මිතුරිය වූයේ ඇයය. අපේ අම්මා කියන්නේ නම් මා ජීවත්වන්නේ සෝමා නම්වූ ඇයගෙ දියණිය නිසා බවය. ඒ ඇත්තය. මගේ බිරිඳ සෝමා නම්වූ ඒ උත්තම මාතාවගේ ආත්මයමයමය. මම සෝමා ඇන්ටි ගැන ලියමි. ඒ කතා කිසිවෙක් විශ්වාස නොකරනු ඇත. ඈ මතු දිනයක මගේම අම්මා වේ යැයි පැතුවත්…මගේ රත්තරන් අම්මා …එය එසේම වේවායැයි පතනු නො අනුමානය. අප එකම පවුලක් වුනේ මා විවාහවූ දිනේ සිටය. ලියන්නට බොහෝ දේ ඇත.
විවේකයක් කියන්නෙ මචං ලියන්නෙ නැතිව ඉන්නද.
නැහැ බන්. මම අතීත ආවර්ජනයක ඉන්නවා. උඹ මම නිශ්මංට දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවපන්. මේ පහුකරන්නේ ඒ ආත්ම ස්මරණයයි. ඉතිරව ඇත්තේ ඔවුන්ගේ සුවඳ පමණයි. මම කුහුඹුවෙක්මි.
//මම ඔය කොටස් දෙකෙන්ම බේරී ජීවිතය නම්වූ ගංගාවේ පීනා යන දංඩියෙක් වෙමි. එය ඉතා පහසුය. දංඩියෙක් දෙස බලා සිටින්න. ඇත්තටම ඌ අසුවන්නට ඇති ඉඩ අවමය. ඒ ඌගේ ඇති නිදහස් චලන රටා නිසාමය. ලොකු ලොකු මසුන් දැල් තුලට පීනා යද්දී, අනිකුන් කුස ගින්නට හෝ ඇමට හසුවෙද්දී මම කාටවත් අවැසි නොවන දන්ඩියෙක් සේ පිහිණුවෙමි. නමුත් මම හැම අතකටම අසුවන හඳ තිත්තයෙක්වත්, ටැංකි සරසන සාරි ගප්පියෙක්වත්, මඩම ජීවිතය කරගත් මඩකරියෙක්වත් නොවන්නට වග බලා ගත්තෙමි. තෝරුන්, මෝරුන් මෙන්ම, සාරි ගප්පින් වැනි හැඩ වැඩ අති මසුන්ද මා දුටු ජීවන සත්‍යය වටහා ගන්නේ නම් , මගේ කතාවට නුඹලා තවත් නව අර්ථ දැක්වීම් එකතු කරනු නිසැකය. //
රාමු කරලා බිත්තියේ එල්ලන්න වටින කතාවක්!
//////රාමු කරලා බිත්තියේ එල්ලන්න වටින කතාවක්!//////
බස්C….පුතා…..රාමු කරලා එල්ලන්න ඕන නිසා මේ සින්දුව මතක් වුනේ.පෝල් ප්‍රනාන්දු තමයි ගායනා කලේ. අහන්නකෝ පුතා. මේ තුල ඒ කාලයේවු බොහෝවූ නිර්ව්‍යාජයත්වයන් කියවෙනවා. තාත්තා අහලා ඇති.
http://infolanka.com/miyuru_gee/art/paul.html
ඔය ලින්ක් එකේ කියන Dona Katharinaa සින්දුව අහන්න.
මම බොහොම ප්‍රියකරන ස්වයංලිඛිත චරිතාපදාන දෙකක් තියනව. සිරිලාල් කොඩිකාරගෙ ” දියවැලක් ඔස්සේ” සහ මාගම් තෙන්නකෝන්ගෙ ” දිවිසයුරෙන් දිය දෝතක්” දැං මචං උඹේ මේ කතාවත් ඒ ගණයට දාන්නයි වෙන්නෙ. නරකද ” එක්තරා දංඩියෙකුගේ කතාව” කියන නම? 🙂
ඇන්.ටී. කරුණාතිලකගෙ “දිගු ගමනක කෙටි සටහන්”, “ගුරුවරයා උත්තම පුරුෂයෙකි” කොහොමද?
හර්ෂ
හර්ෂ…..උඹ අපූරු පුද්ගලයින්ව තමයි මතක් කරන්නේ. ඇන්ටී මහත්මයා ගැන කිසිවෙක් මෑත කාලයේදි කතා කර නැහැ. උඹ කිව් නිසාම මටත් හරි ආශාවක් ඇතිවුනා. මම මගේ යාළුවෙකුට කතා කලා. ඌ මේ වාක්‍ය ඛන්ඩය මතක් කලා. පුවත් පතක තිබුනා කියා.
/////ඇන්.ටී. ගේ දුක්මුසු ජීවන පසුබිම දන්නා ගුරුමහතෙක් දිනක් ඔහුට අවවාද කළේ ය. “කරුණෙ උඹ fail වෙන්නෙ උඹේ වරදින් නෙවෙයි. බලපන් උඹට පොතක් බලන්ඩවත් වේලාවක් තියෙනවද?”
”නැහැ මම හොඳට පොත් කියවනවා. සැළලිහිණි සංදේශය මට කටපාඩම්.” NT පැවසීය.
”මිනිහෝ විභාගයක් පාස් කරන්න ලියලා මිසක් කියවලා බැහැ. උඹට විභාගෙට ගියහම ලියන්න මිසක් කියවන්ඩ දෙනවද?” ගුරුවරයා සිනහසෙමින් විමසුවේ ය.//////////
මේ මිතුරා ලයනල් සරත් නම්වු ගුණ යහපත් ඇදුරා, විප්ලවවාදියාගේ දුරස්ථ ඥාතියෙක් බවත් පැවසුවා. කරුණාතිලක මහතා සහ ලයනල් සරත් මහතා මිතුරන් බවත් කීවා.. මට ගෙනත් කියවන්න ඕන යැයි සිතුනේ හර්ෂගේ මතක් කිරීම නිසා.
රවී…උඹේ තියෙන අති සාර්ථක සියුම් උපහාසයට මම කැමතියි. මම විතරක් නොවේ බොහෝ අය කැමති බවත් මම දන්නවා. ” එක්තරා දංඩියෙකුගේ කතාව” කතාව වගේම, උඹ තවත් මගේ කතාවකට නමක් දැම්මා ඉංග්‍රීසියෙන් .මට හොයාගන්න බැහැ. ද රෝයල් === මොකක්ද කියලා. ඉතින් බලපන් දංඩියෙක්ගේ තියෙන සුවය..ලූලෙක් කනයෙක් නොවී.
මාගම් තෙන්නකෝන්ගෙ ” දිවිසයුරෙන් දිය දෝතක් ලිව්වේ පුතා සඳුන් තෙන්නකෝන් බවයි මගේ මතකය. මා කියවා ඇති එවන් පොත් අතරින් මම වැඩියෙන්ම සිත්ගත් පොතක්. මාගම් යන නිර්ව්‍යාජ මිනිසාට ඒ පුතා දුන් උතුම්ම ත්‍යාගය එය විය යුතුයි. මාගම් වැනි මිනිසුන් නිසා දුක් විඳි බිරිඳැවරු නැත්තේද නොවේ. ඒ ඔවුන් කවදාවත් අඩම්තේට්ටම් කල අය නිසා නොව, ඔවුන් සොඳුරු ආත්මාර්ථකාමියන්වූ නිසාවෙනි. ඒ ගැන කිව යුතු උදාහරන බොහෝය. අපේ ‘ඩැඩීද’ එවන් බුවෙකි. ඒ බව තේරෙන්නේ අපද වැඩිහිටියන්වූ කලය. නැත්නම් මාගම් මහතා වෙනුවෙන් සඳුන් පොත් ලියනු නැත.
රවියෝ…මා දුටු මෙවන් උග්‍ර රසකාමියෙක් නම්, ඒ කාලයේ ජනතා පත්‍රයේ කතෘවූ තිස්ස ගුණතිලකයන්ය. කේමදාසයන්, අමරදේවයන්ගෙ සමකාලීනයෙක්වූ මොහුගේ පුතුන් වාද්දූවේ මගෙ මිතුරන් විය. ඒ යුගය මා ලිවිය යුතුය. ඒ සොඳුරු මිනිසා රා කළයටත්, ශාක පත්‍රයන්ටත් තම සහජ හැකියාවන් සීමා කරගත්තේ ඇයිදැයි කියා සිතා වැඩක් නැත. එය එසේමා වීම තුල අප එදා උරණ වූවත් , අද මට සිතෙන්නේ …අවම වශයෙන් ඔවුන් තමා තමා වශයෙන් හෝ ඒ තෘප්තිය කනගාටුවෙන් හෝ විඳි බවය. මම මේ දේවල් පසුව ලියමි. එවන් සුන්දරයන් ගැන මතකය පවා සුවඳය..සුවඳය…සුවඳය!!
කරුණාතිලක මහත්තයා බෙන්තර ගඟ අසල උපන්නත් ජීවිතයේ වැඩි කාලය ගෙවුවේ බිංගිරියෙ තාරණ උඩවෙල. මට දැනෙන විදිහට ඒ ඒ පළාත්වල ගැමි ජීවිතය හොදින් නිරූපනය කළේ
දකුණෙ වෙරළබඩ – වික්‍රමසිංහ
සියනෑ කෝරලය -ජයතිලක
කොළනි ජීවිතය- ශාන්ති දිසානායක සහ
දැදුරු ඔය බඩ- කරුණාතිලක යන අයයි. ඔහුගෙ හැම පොතක්ම විශේෂයෙන් ‘දැදුරු ඔය බඩ විත්ති’ සහ ‘දැදුරු ඔය බඩ ජන ඇදහීම්’ විශිෂ්ඨයි කියලයි මට හිතෙන්නෙ.
ලයනල් සරත් එදිරිසිංහ මහතා කලක් ලුම්බිණියෙ විදුහල්පති වෙලා හිටියා, ඔහුගෙ පුතා ප්‍රභාත් මගේ මිතුරෙක්.
අර වාක්‍ය ඛණ්ඩය තියෙන්නෙ “දිගු ගමනක කෙටි සටහන්” පොතේ මට මතක හැටියට.
මාහිංකන්ද ගම්ලද්දලාගේ තෙන්නකෝන් ‘දිවිසයුරෙන් දිය දෝතක්’ මුලින් ලිවුවෙ ‘දිවයින’ පත්තරයට. පසුව පොතක් වුනා. ඉතාම සුන්දර මතක සටහන් ගොන්නක්.
අරු දන්නවා ඇතිනෙ ඔය තැන් ගැන… තල්දූවට ලඟයිනෙ දෙහිඕවිට.
හර්ෂ
හර්ෂ….ස්තූතියි!! මාගම් ලියු ලිපිපෙළ පුතා විසින් පොතක් ලෙස පළකල බවයි මට ලියන්න උවමනා වෙලා තිබුනේ. මාගම් 1960 ගණන්වල ෆිලිප් ගුණවර්ධනලා එක්ක ඡන්දෙත් ඉල්ලලා තියෙනවා. අටුලුගම, මාහින්කන්ද පැති ගැන මට වඩා විචාරක දන්නවා විස්තර. මාගම් තෙන්නකෝන්, මීමන ප්‍රේමතිලක වගේ උදවිය එකතුවෙන තැන් කොහොම රස ගුලාවන්ද කියලා මම කල්පනා කරනවා.
//ඒ කතා පුවත නීරස වූවා නම්, මටත්, කියවන නුඹලාටත් මෙය තව අඬෝවැඩියාවකක් වනු නො අනුමානය. //
නුඹලාටත් ?
ෆුෆ් !! අරූ, පනහ පැන්නයි කියල ඔය තරම් ඔල්ඩ් ෆැෂන් බාසාවෙන් ලියන්න ඕනැ නෑ නේ?
ඕක අරූ උපදින කාලෙ සහ ඊට පෙර බාසාව 😀
ප්‍රා… මම ලියන්නේ තේ ගැන නම් උඹ ටී ටේස්ටර් කෙනෙක්…මම ලියන්නේ වයින් ගැන නම් උඹ වයින් ටේස්ටර් කෙනෙක්. ඒ ඇති නේද උඹේ කියවීම ගැන කියන්න. ප්‍රා….තෑන්ක්ස්…තෑන්ක්ස් අ ලොට්. චියර්ස්!!
ටේස්ටර් තරම් ප්‍රවීණත්වයක් නැහැ. consumer කිව්වනම් හරි.
හෙට රම් consumer කෙනෙක් වෙන්න ඉන්නෙ 😀
චියර්ස්!!
රම් කිව්වාම DAIQUIRI,PINACOLADA, MOJITO මොහිටෝ වගේ හොඳCOCKTAILS ටිකක් මතක්වුනා. අපිට කොක්ටේල්ස් බොන්න වෙලාවක් නැහැනේ.
ඒක තමයි. වැඩි වැඩ ඕනෙ නෑ. ඔන්න ඔහෙ මෙහෙ එනවෙලාවක බකාර්ඩි ඕක් හාර්ට් එකක් බෑග් එකේ දාගෙන එන්නකො.
ඒක කොක්ටේල්වලට අපතේ යැවෙන්නෙ නැහැ. නීට් තමයි.
ඕනැමනම් ලාබ වොඩ්කා එකකුත් ගේන්න. කොක්ටේල් හදමු ;-D
දෙමු නියම සෙෂන් එකක් සෙට් වෙච්ච වෙලාවක. බකාඩි ඕක් හාට් spiced rumඑකක් නේද? hot rum drinks වලටත් හොඳයි.
//මොහොතකට සමුගනිමි.//
උඹ මොකාටද බන් එන්න හදන්නෙ. හපොයි ඒකත් ඉවරද එහෙනම්.
එහෙම දෙයක් නැහැ බන්….පොඩ්ඩක් නිදිමතයි 😀
දන්ඩිටත් විවේකයක් ඕනා කියන එකට එකහෙලා එකඟයි.. ඒත් සතියක් මදිනෙ. මාසයක් විතර ඉඳලා ආවනම් කතාව තව රසවත් වෙයි..
උඹත් දණ්ඩියෙක් බව මට නොයෙක් විට හිතිලා තියෙනවා…ඒ උඹේ සමහර ගති පැවතුම් ගැන දැණෙන නිසා. දන්ඩි සොමි තේරෙනවානේ සෙන්නා..
ඉතා කදිම ලිපියක් වගේම ඉතා වටිනා ප්‍රතිචාර ගොන්නකි.
ගුණේ මහත්තයා/ අයියා/ මචං/ අඩෝ බොහෝම ස්තූතියි!!
මගේ ගොන් ජෝක් ගණන් ගන්න එපා. ගුණේ මහත්තයාට අං නැති බව මට තේරෙනවා……
ඔබේම ජීවිත කතාව විතරක් ලිවීමට සීමා නොවී, ඒ කතාව තුලින් විවිධ කාල වකවානුවල සමාජීය,ආර්ථික පසුබිම විවරණය කරමින් ඔබ ගෙන එන මෙම ජීවනාන්දරය ඔබ වැන්නවුන්ගෙන් පන්නරය ලබන අපට මහඟු අත්වැලක්. ඔබේ අත්දැකීම් අපට ජීවිතය කියාදෙන පංති කාමරයක්.
මේ ලිපි පෙළ සමඟින් දිගු ගමනක් යමු..
පංති කාමරයක්……අඩෝ මාව දිසාපාමොක් කරන්න එපා. මම ඔහේ ලියාගෙන යන්නෙක්. වයසින් වැඩිවුන පලියට සමාජයට හොඳ දෙන්න බැහැ බන්. අනිත් එක මමත් හොඳ මිනිහෙක් නෙමේනේ. යම් තරමකට දෙයක් වටහාගන්න පුළුවන් කළු-සුදු, කන-බොන බුවෙක්.
ඉක්මනට වරෙං මචං!
ජය!
By bus train, or flight 😀
නළුවා අභිනවයෙන් රඟ දක්වන විට ප්‍රේක්ෂකයා එය හිස් මුදුනින් පිළිගන්නවාලු!
දේශපාලකයෝ බහුතරයක්ම නළුවෝය.
සමහරු තමාගේම තිර පිටපතකට රඟන අතර, සමහරු කාගේ හෝ තිර පිටපතක රූකඩ සංදර්ශන පවත්වයි.
//////සමහරු තමාගේම තිර පිටපතකට රඟන අතර, සමහරු කාගේ හෝ තිර පිටපතක රූකඩ සංදර්ශන පවත්වයි./////////
අපි ඔක්කොම කරන්නේ මේ ටිකම තමයි නිම්මි බලාගෙන ගියාම එක අතකින්.
“If you want to be an actor, better be the one whose character reflects your true style. Every one of us has a different story to live but many common roles to play; doesn’t matter who plays them well, what really matters is how well you stood on your expectations and how balanced were you on the grounds of self-satisfaction.”
©Varun K. Sharma
(මේ මම කියවපු බ්ලොග් සටහනකින් උපුටාගත්තක් ) http://alternateeconomy.wordpress.com
නව අදහස් පහළ වෙන සුවදායක විවේකයක් එහෙනං….බොලා විවේක ගත්තට කමක් නෑ අපේ පැත්තට එහෙම එන්න ඕනෙ…
අනේ ඔව් සිරා…..පොඩ්ඩක් කියවන්න පටන් ගන්න ඕනේ හෙට ඉඳන්. මට ගොඩාක් දේවල් මිස් වුනා.
මචං අරූ උඹ වාගේම මමත් පුදුම කලබලකාරී කාලයක් ගෙවන්නේ. නිතර කියවන හිත ගිය බ්ලොග් ටික කියවන්නට වෙලාවක් නෑ . ඒත් මමත් බැරි මරගාතේ පෝස්ට් එකක් ලියලා දැම්මා . උඹ ලියලා තියෙන මේ පෝස්ට් එක හොඳ නවකතාවක් තියෙන දාර්ශනික පරිච්චේදයක් වගේ. ඒ නිසා අඩුවක් පාඩුවක් පේන් නෑ . හැබැයි මේවා මික්ස් කරලා ලියවෙයි කියලා හිතෙනවා ඉස්සරහට.
ගාමිණී ගැන කතා බහේදී මට හිතුනේ මෙහෙමයි. ‘ඔය කළා කාරයන්ගේ පුද්ගලික ජීවිතේවත් ඔවුන් අනිත් පැතිවලට සේවයක් කරලා තියෙනවාද ඔවුන් මොන දේශපාලනයක් කරාද කියන එක කලාකෘති ගැන කතා කිරීමේදී වැදගත් නොවිය යුතුයි. අප විසින් වැළඳගත යුත්තේ ඔවුන්ගේ නිර්මාණයි . යුගයෙන් යුගේ අපුර්වත්වය රැක ගන්නා නිර්මාණයි’.
තිලකේ ….උඹ කියන කතාව ඇත්ත. පොඩි පරහකට තියෙන්නේ මෙන්න මෙතන. මගේම වචනවලින් කිව්වොත් ‘දේශපාලනයයි කලාවයි පටලවා ගත්තාම වෙන්නේ…ගෙදර පයිප්ප තියාගෙන…පාරේ පයිප්පෙන් නානවා වගේ වැඩක් මචං. පේන් නැද්ද මෑත ඉතිහාසය ‘
මේ මම මාතාට උඩින් දාපු රිප්ලයි එකක කොටසක්