MEE හරක් සහ MY හරක්

මේ ලියන්නේ Me හරකා වන මා ගැන නොවේ. Mee හරක් සහ My හරක් ගැනය. දැනුවත්ව හෝ නොදැනුවත්ව Mee කන්නේ බඩ පුරවාගන්නට බව දනිමි. Mee යනු ඉන්දුනුසියානුවන්ට අනුව නූඩ්ල්ස් වැනි කාබෝහයිඩ්‍රේට් පිරි staple කෑමකටය. නමුත් Mee තුළ Me යන සංකල්පය අතහැර දැමීමට ව්‍යාපාරික ලෝකය අපට බල කර තිබේ. ඒ ගැන නිදසුන් පසෙකට තබමු. Nasi නම් ඒ භාෂාවෙන්නම් බත්ය. අපි නාසි නොවී මී වේගන යන බවක් පෙනේ. Nasi නම් බත් වුවත් ,සිතුවිලි Nazi වීම වැදගත් වෙන්නේ බත් නොකා තණ කනවුන්ටය.

මට ඔය MEE හරක් හෝ ME හරක් ගැන පසුතැවිල්ලක් නැත. ඒ තම තමන්ගේ අයිතියයි. ප්‍රශ්නය තිබෙන්නේ මීහරක් ගැනය. මීහරක් සහ එළ හරක් ගැනත් අද වෙනකොට ප්‍රශ්න රාශියක් ඇත. ඒ වියළි කලාපය ආශ්‍රීතව ,හරක් පට්ටි ව්‍යාපාරය තුළ ගෘහ හෝ මධ්‍යම පරිමාණයෙන් ඇදගෙන යන ඒ අහිංසකයන්ගේ ජීවන අරගලය නිසාමය. මේ මීහරක්ට ඒ හරක් ගැන වගේ වගක් නැත. ඌව ඡන්දය ඊට ඉහළින්ය. නමුත් අපේ Meeහරක්ට කියන්නේ දියර කිරි බොන්නය. ඒක ඇත්තය. නමුත් Meeහරකුන්ගෙන් එළකිරි තියා මීකිරිවත් දොවන්නට බැරිය. මේවා බලන කොට Meeහරක්ට තියා මීහරක් ගැන මහ හරකාවටත් අයිඩියාස් නැත. ඔය චම්පික Meeහරකාත් ඒ ගැන කට ඇරියේ තණකොළ ප්‍රශ්නයකට විය යුතුය. නැත්නම් මහ මීහරකා දෙන පුන්නක්කු ඩයට් එක මදි නිසා විය යුතුය. බඩගිනි වුණාම කොයි හරකාත් උම්බෑ කියයි. බැරිම තැන වමාරා කයි. එක් මීහරෙක් කාටත් කලින් වමාරන්නේ ඒ කල්දේරම් ගනන් දියකර දුන් පුන්නක්කු විය යුතුය. අපි Meeහරක් නොව මීහරක් ගැන කතා කරමු.

පලස්තීනයේ ගාසා තීරය අවට සිදුවන අමානුෂික ඊශ්‍රායල ප්‍රහාරයන් ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මේවා ගැන ලියන්නට තරම්වත් මානසික සමබරතාවයක් ඇති නොවන්නේ, මානුෂිකත්වය බල්ලන්ට දැමු මිනිසුන්ගේ සහ බල්ලන්ට ගිය ලෝක නායකයින්ගේ පාලනයන් තුළ අප අතරමංව සිටිනා බැවිනි. (බල්ලන්ගෙන් සමාව අයදිමි ) ලෝක නායකයින් හෝ ඒ ඒ රටවල රාජ්‍ය නායකයින් තම පාලනයන් ගෙන යන්නේ දේශපාලන සහ පෞද්ගලික න්‍යාය පත්‍රයකට බව ඕනෑම Meeහරකෙකුට තේරුම් ගැනීම අපහසු නැත. හමාස් සංවිධානය යනු මගේ ස්වයං තර්කය තුළ, අන්තවාදී සංවිධානයක් මිස අන් කිසිවක් නොවේ. පලස්තීනයට අද අවශ්‍ය වන්නේ යසර් අර්ෆත්ළාය. ඒ අර්ෆත්ලා අවසන් ගමන් ගොස් ඇති බැවින් , ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ අන්ත අසරණ ගාසා වාසීන් වීමනම් දෛවයේ සරදමක්ය. විහිළුවක්ය. ඒ විහිළුව ලෝකවාසි අනිත් Meeහරක්ට කජ්ජක් වූවාට, ගාසා වාසී අසරණයින්ට කජ්ජක් නොවේ.

ඒ ගැන එක් උදාහරණයක් පමණක් ගන්නෙමි. සියොන් ප්‍රහාර හමුවේ, දරුවෙක් වදන්නට ඔන්න මෙන්න තියා ඒ මව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියාය. ඒ මියැදුණු ගැබ්බර කුස තුළ හුන් දියණිය, ශල්‍ය කර්මයක් මගින් ගාසා තීරයේ, දුෂ්කර මතකයක් ලෙස ජීවය ලබා දෙන්නට, ඒ වීරෝදාර වෛද්‍යවරුන් අප්‍රමාණ වෙහෙසක් දැරීය. දින කිහිපයක් ඒ අහිංසක බිළිඳු රුව , අප වැනි අමානුෂිකයන් වැජඹෙනා මේ ලෝකයට කෘතීම ආස්වාදයක් දී, පෙරේදා ඈ රැකගත් දරාගත් ආදරණීය අම්මාගේ ලෝකයටම පියමන් කෙරුවාය. දසමසක් කුස හුවා සිටි, ඒ ආදරණීය අම්මාගේ සීතල මළකඳ තුළින් මොහොතකට ජීවය ලැබු ඒ කිරිකැටියා …මේ අමානුෂික, නින්දිත, කාලකණ්ණි ලෝකයට සිතන්නට යමක් ඉතුරුකර මිය ගියාය. මේවා සාධාරණය කරන්නේ මොන අම්මාගේ දරුවන්ද?

මේ ලෝකයට දරුවන් බිහිවන්නේ උපතින් ආගමක්,ජාතියක්,කුලයක් වැනි ලේබලයක් නළලේ ගසා ගෙන නොවේ. නමුත් අපි ඒ අහිංසකයාගේ නළියන මස් පිඬටත් ලේබලයක් අලවන්නෙමු. ඔවුන් අල්ලාගේ පුතුන් හෝ මොකාගේ පුතුන් යැයි කියා වහසි බස් දොඩන්නෙමු. ඇය වැනි ඇස් දෙකින් ලෝකය නොදුටු දරුවන් ගැන මට ඇත්තේ තදබල කම්පනයකි. මේ අකුරු කරන්නේ ඒ කම්පනයයි. යුදෙව් ගැහැනියකටත්, ඉස්ලාම් පරම්පරාවකටත් දාව ජාතකවූ ඇමරිකානු ජනාධිපති ඔබාමාට, මේවා හැන්දෑවට ගහන බාස්කට් බෝල් හෝ ගොල්ෆ් ගේමක් විය හැකිය. බටහිර යුරෝපයත්,රුසියාවේ පූටින්ටත්, චීනයේ ඇස් පොඩි හාදයින්ටත් මේවා පෙනෙන නොපෙනන ගානය. කොහේ වුණත් වැරැද්ද වැරැද්දමය. මේ සිදුවීම් දේශප්‍රේමී වෙස් මුහුණුවලින් වසා ගත නොහැක. මැරෙන්නේ ,අතුගෑවෙන්නේ, අල්ලාගේ, ජේසුගේ පුත්තුන්ද, බුදුන්ගේ, විෂ්ණුගේ දූවරුන්ද යන්න අදාළ නැත. මේ අප උඹලා වැනි ලේ, මස්, නහරවලින් පිරුණු අප වැනි මිනිසුන්ගේ, ගැහැනුන්ගේ දුවා දරුවන්ය. Myහරක් ගැන පසුව ලියන්නෙමි.

අරූට මූට නොව Aru ට හිතෙන්නේ මෙහෙමය. වපුරන්නේ ‘ද්වේෂය’ නම්…නෙලන්නට වෙන්නේ ”’ධ්වේෂය”” පොකුරු පිටින්ය.

අවුල පස්සට දමා Myහරක් ගැන ඊළඟට ලියන්නෙමි. පුළුවන් නම් මනුසත් දෙරණ හරහා වතුර නැති අපේ මිනිස්සුන්ට රුපියලකින් හෝ ආධාරයක් කරන්න. අපි දෙදෙනා හැකි පමණින් එය ඉටු කෙරුවෙමු. ඒ දුක් විඳින වියළි කලාපයේ මිනිසුන්…. උන් ගැන පමණක් නොව…උන්ගේ සතුන් ගැනත් කතා කරති. උන් සතුනට කියන්නේ Myහරක් කියා නොව, මගේ අහිංසක සත්තු කියාය.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

112 Responses to MEE හරක් සහ MY හරක්

  1. එහෙනම් අරූ අයියේ අලුත් දීගෙ වැඩි දොහක් අල්ලලා ගියේ නැති හැඩයි නේද. මොනා උනත් අපරාදෙ බ්ලොගර්. ඒ ඉතින් අපි හුරු ඒකට නිසා වෙන්නැති. බ්ලොගර් ආවත් වර්ඩ්ප්‍රෙස් ආවත් කියවන්නෙ අරූ අයිය ලියන දේවල්නෙ. ඒනිසා අවුලක් නෑ.

    මේ නරුම ලෝකයේ මනුස්සකම කියන සංකල්පය දැන් නැත්තටම නැතිවෙමින් පවතින්නෙ. මේ කපය අවසානයෙන් පසුවවත් යළි මිනිසත් බව මේ මිහිමත පහලවේවා කියල ප්‍රාර්ථනා කරමු අපි.

  2. මුලින්ම කියන්න තියෙන්නේ මමත් බ්ලොගර් අඩවියක් පටන්ගත්තේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසයි. නමුත් අදටත් මම ආදරේ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියටයි. මට වැඩ කරන්නත් පහසු වර්ඩ්ප්‍රෙස් අඩවියෙයි. මගේ ලිපි වලට සහ කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා. බ්ලොගර් කමෙන්ට්ස් වලට වීඩියෝ ක්ලිප් සහ පින්තූර දාන්න පුදුම දුකක් විඳින්න ඕනේ. ඒ වගේම වෙන කෙනෙකුගේ බ්ලොගර් අඩවියක අපි දාන කමෙන්ට් එකකට පින්තූර හෝ වීඩියෝ ක්ලිප් දාන්න අවශ්‍යනම් ඒ බ්ලොග් අඩවි පරිපාලක ඒ සඳහා අවශ්‍ය සැකසුම් කර තිබුනොත් පමණයි අවස්ථාව ලැබෙන්නේ. ඒක ලොකු දුර්වලකමක්. අදටත් මම ලියන සෑම ලිපියක්ම මුලින්ම වර්ඩ්ප්‍රෙස් එකේ ලියලා, පස්සේ බ්ලොගර් එකට කොපි පේස්ට් කරන එකයි මම කරන්නේ.

    ඊශ්‍රායල් පලස්තීන අර්බුදය ගැන මේ දිනවල විවාදාත්මක අදහස් අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා. දෙපැත්තටම කියන්න කරුණු තියනවා. නමුත් ඊශ්‍රායලය සීමාව ඉක්මවා කටයුතු කරන බව පැහැදිලිවම පෙනෙනවා. පලස්තීනයේ කිසිම ස්ථාවර සංවිධානාත්මක බවක් නැතිවීම නිසා ඊශ්‍රායලය පාලු ගෙයි වලං බිඳිනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාරයෝ කටයි පුකයි වහගෙන උන්ගේ මෝට නිදි වදිනවා.

    • විචා…..බ්ලොගර් එකේ සමහර දේවල් පහසුයි. සමහර දේවල් අමාරුයි තමයි. අනිත් එක දෙකක් පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි ගොඩාක් අයට වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කරන්න අමාරුයි කියනවා.

      ඊශ්‍රායල්-පලස්තීන ගැටුමේදි හමාස් සංවිධානය බරපතල දේශපාලනික වැරදි කරලා තියෙනවා. විචා කියනවා වගේ ඒ නිසාම ලෝකයේ දියුණු රාජ්‍යක් ලෙස සැලකෙන ඊශ්‍රායලය කඩ නොකල යුතු සදාචාරාත්මක සහ මාණුෂික සම්මතයන් ගැන සැලකීමක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

  3. ඔබේ ලිපිය කියවීම තුල මම කලින් දැරූ මගේ සමහර අදහස් ගැන පසුතැවිලි වෙනවා, හ්ම්ම්ම්,,

    • Anonymous says:

      සල්ලි හම්බවෙන නිසා ජරා රටවල් වලට ආවඩන්න එපා

    • ඔමා….අපි කවුරුත් අපේ යම් යම් හැසිරීම් සහ සිතුවිලි ගැන පසුතැවිලි වෙනවා. ඒ අපි බහුශෘතයෝ නොවෙන නිසා. දෙපැත්තෙම වැරදි තියෙනවා. නමුත් ඒ නායකයින්ගේ වැරදි තීන්දුවලට අසරණ ජනතාව පලි නැහැ. ඒ නිසා අපට තියෙන්න ඕන මුස්ලිම් විරෝදයක් නොවේ, හමාස් විරෝධයක්. මම ඉන්නේ එතැන.

  4. raigam says:

    මචං අරූ, අර හිට්ලර් කාරයාගේ නාසි උගුලට අහුවුණ ජාතියක්, අද ඒ විලසින්ම අනෙක් ජාතියකට සැලකීම, දෛවයේ සරදමකටත් එහාට යන දෙයක්. මේ සමහර යුධ අපරාධ අපේ ටීවී වල පෙන්නුවේ සජීවී ව. බටහිර වාර්තා කාරයන් සියල්ලන්ම පාහේ, නිරායුධ සිවිල් ජනතාව ඝාතනය ගැන විරෝධාකල්ප සහිතවයි වාර්තා කරන්නේ. ඕස්ට්‍රේලියානු ආණ්ඩුවත් කියන්නේ මේක සංකීර්ණ ප්‍රශ්නයක් කියා. එහෙම කියමින් එක අන්තවාදයකට කොන්දේසි විරහිත සහයෝගයක් දෙනවා. මේ සියල්ල මොවුනගේ බලය සඳහා පමණයි. කොහොමත් කුඩා රටවල් තමන්ගේ පාලනය තමන් යහපත් කර නොගත්තොත්, අබ සරණම තමා. ලෝකයේ රටවල් අතර පරතරය (ඇති හා නැති) තවත් ඉහල යාවි.

    • //////අර හිට්ලර් කාරයාගේ නාසි උගුලට අහුවුණ ජාතියක්, අද ඒ විලසින්ම අනෙක් ජාතියකට සැලකීම, දෛවයේ සරදමකටත් එහාට යන දෙයක්///////////////
      රයිගම්……මට ලියාගන්න නොතෙරුන දෙයක් උඹ නිවැරදිව ලියලා තියෙනවා. අපිත් හිටලර්ගේ නොවුනාට, වෙන කාගේ හරි උගුලකට අහුවෙච්ච ජාතියක් බව මට තේරෙනවා. නමුත් මට ඒ ගැන ලියාගන්න තරම් කරුණු කාරණා එකතු කරගන්න විදිහක් නැහැ. මේ මගේ සිතුවිල්ලක් පමණයි. මේ ගැන කවුරු හරි විශ්ලේෂනයක් කරනවා නම් හොඳයි.

      මා දකිනා මාධ්‍ය තුල මේ සිදුවීම් මුස්ලිම් ලෝකයටත් වඩා උඩ ඉඳන් පතුරු ගහනවා. නමුත් ඒ හැම දෙයක්ම මාධ්‍ය සංදර්ශනවලට සීමා වෙලාදෝ කියලා හිතෙනවා. රාජ්‍ය තන්ත්‍රික හැසිරීම එක තැන නතරවෙලා. අපි වගේ රටවල්වලට වගේ යුධ අපරාධ කොමිෂන් දාගෙන ඩිස්කෝ දාන්න ඕන නැහැ, ප්‍රසිද්ධ මාධ්‍යවල මේවා දිනපතා පෙන්නනවා. ඒ සාක්කි හොඳටම ඇති. අපි ඇති කරගත යුත්තේ එවැනි දේ ගැන විරෝධයක් මිස..මුස්ලිම් විරෝධයක් නොවන බව සයිබර් “බෞද්ධිමතුන්” තේරුම් ගත යුතුයි. මේ අයට බු..බු.. කියනවාද බව් බව් කියන්නද කියලා දන්නේ නැතිනිසා තමයි බෞද්ධිමතුන් කියලා ලිව්වේ.

      ////කොහොමත් කුඩා රටවල් තමන්ගේ පාලනය තමන් යහපත් කර නොගත්තොත්, අබ සරණම තමා. ලෝකයේ රටවල් අතර පරතරය (ඇති හා නැති) තවත් ඉහල යාවි.////////

      මේ දේ සිදුවෙමින් පවතිනවා…කුඩා රටවල බුද්ධිමතුන් වෙනුවට පොපියුලර ෆිගර්ස් නායකයින් වීම නිසා. උදාහරණ බොහෝමයි.

  5. Dinesh says:

    ලෝකයේ කොතනක හරි අපි දකින්න අකමැති අහන්න අකමැතී දේවල් ඉතාමත්ම හොදින් සිද්ද වෙනවා.. ඒක දැන් ලෝක ස්භාවයක් වෙලා.. අකමැත්තෙන් වුනත් ඒකට මූන දෙන්නයි අපිටත් වෙලා තියෙන්නේ..

    • දිනේෂ්…..උඹ කියන එක තමයි වෙන්නේ. නමුත් වැරැද්දක් දැක නිහඬව සිටිනවාට වඩා දරුණුයි…වැරැද්ද හරි යැයි කියා හඬගා කීම. මම මේක ලිව්වෙත් ඒ බව දුටු නිසා. මේ හැම දේකටම මුල තමයි දිනේෂ් අපි ඇස් ඇරගෙන ඉන්නේ එක් දිසාවකට පමණක් සීමා කරගෙන ඉන්න නිසා.බඩගිනි එකෙක් බත් එක දිහා බලාගෙන ඉන්න එක වැරදි නැහැ. ඒක අති මාණුෂිකයි. නමුත් බඩ පිරුනාට පස්සේ බත් එක කොහෙන්ද ආවේ කියලවාත් හිතනවා නම් ඊටා…ත් වඩා හොඳයි. උඹට තේරෙනවා ඇතිනේ මම මොකක්ද මේ කියන්න තටමන්නේ කියලා.

  6. kathandarakaraya says:

    අපේ අයියලා ඊශ්‍රායලයට කඩේ යන හැටි දැක්කාම මට සිහි වුණේ WW2 වලින් පසු ඊජිප්තුව වගේ අරාබි රටවල් Naziන් රැක බලා ගත් ආකාරයයි.

    • කකා…..මේ සිදුවීම් තුල අපේ අයියලා ඊශ්‍රායලයට කඩේ යන හැටි දැක්කාම හිතට ආවේ…පොල් රා බීලා..කරවල එක්ක බත් කාලා කබරයා දාපුවාම එන ගඳ. කකා පොල් රා බීලා එහෙම වමනේ දාපු තැනක ඉඳලා නැතුව ඇති 😀

      WW2 එකෙන් පස්සේ ඊජිප්තුව පාලනය කරපු නාසර්, සදාත්, මුබාරක් කියන රෙජීම් හරහා මේ වෙනකොට ඒ රටට, ඒ ශිෂ්ඨාරයට, ඒ ඉතිහාසයට, ඒ ස්වාධීනත්වයට හානි කලේ කවුරුද…ඒවාට වගකිව යුත්තේ ඇමරිකාව ඇතුළු එක් කඳවුරක් පමනක්ද…මේවා නොදන්නා අපේ අළුත් පරම්පරාවන්ට කියවන්න ලියන්න ඕන. කකා ආපහු ඇවිත් මේ වැනි දේ ලියන්න. අපි ඇවිත් සංවාද කරන්නම්. ඒ ඔබේ යුතුකමක්…

  7. Clement Peris says:

    Aru, citing from WSWS,
    අද ඊස්රායල් ආන්ඩුව සිදු කරන අපරාධ නාසීන්ගේ අපරාධවලට වඩ වඩාත් සමානකම් දරයි. ගාසාවේ මිලියන 1.8 ජනතාව වර්තමාන ගෙටෝවක (යුරෝපයේ යුදෙව්වන් කොටු කෙරුනු ප‍්‍රදේශ) හිර කර ඇත.

    Israelis are the people who killed the son of God in 33 AD. So without any hesitation these ruthless sons/daughters of David can kill even their own sons and daughters,brutally and mercilessly. It is a well known historical fact that king Herad ordered to kill male infants 1-3 years old to assassin Jesus, fairly assuming that Jesus may also capture to this death exercise. Therefore, to kill infant Jesus only; the killing squad killed at least 2000 infants!!
    This is the same methodology followed by R. Premadasa -after being instructed by Mossad- during the time of JVP insurrection 1987-1989. (kill 15 people and within them at least 2 people are in the wanted list)The killing squads were ‘administrated ‘ by Gen. Ranjan Wijerathne, Lalith Ethulathmudali -Sources:By way of deception;the making and unmaking of a Mossad officer-by Victor J. Ostrowsky.
    So this is a stark and bloody truth of this Zyonist tribe; the so called modern day Israels.
    ……….
    Double salutes to the article written.
    you are another remarkable man of the age.

    Clement Peris

    • ක්ලෙමන්ට්….බොහෝම ස්තූතියි අදහසට. මේ සිද්ධීන් සමග මත කීපයක් සාකච්ඡා වෙනවා. ඒ හැම මතයක් තුලම යම් යම් කාරනා සාකච්ඡා වෙනවා. මට තියෙන්නේ මේ හැම මතයකට වඩා මාණුශිකත්වය කියන තැන අත එසවීම පමණයි. මම ක්ලෙමන්ට්ගේ අදහසට පොඩ්ඩක් එහාට ගිහින් ….අපි අපිට …මිනිසා මිනිසාට ආදරය කරන්න බැරි ඇයි කියන තැන තමයි ඉන්නේ. මේ වෙනකොට තත්වය ඉතා දරුණුයි. ඔබ ලෝක ප්‍රවෘත්ති දන්න කෙනෙක් නිසා මම නැවත කිව යුතු නොවේ. මිනිස්සු යම් යම් අදහස්වල ඉන්නවා. ඒක ඔවුන්ගේ අයිතිය. අපි මේ ලෝකේ තිබිය යුතු ආදරය ගැන පමණක් සිතා හිනා වෙමු. මේ ලින්ක් එක කියවන්න. ඊයේ Arch Bishop of Canterbury පත්ත්‍රේට කියපු දෙයක්.
      excuse me Clement..Read this

      • Clement Peris says:

        දස පනත ඉකිගසනවා ඇති

        තවත් එක කඳුළකට ඉඩ නැති
        දෑස් පොඩි තඩිස්සිව විඳවති
        නොදන්නා ලෝකයක වැට කඩුළු මැදින් යළි
        හිනැහෙනා දවස් බෝ දුර ඇති

        අහස් කුස කෑ ගසා හඬන්නැති
        නුඹත් එක මොහොතකට තෙමෙන්නැති
        දහස් ගණනක් වදන් එක පෙළක ලියන්නට
        දුවේ නුඹෙ පුංචි මූණ ම ඇති …..!
        ආරයක මුත් මිනිස් කම් ඇති
        යාර මීටර ලඟදි යට වෙති
        තෝරගෙන නොඉපදුණු බිමක සාපය මැදින්
        ආදරේ හොයන් යමු සඳවති
        කපා දැමු ගිවිසුමක පෙති පෙති
        රනින් කළ වස්සන් ම වළඳති
        දහස් වර ද්රෝහි වූ මිනිස් කැළ සනහන්න
        දෙවියන්ගෙ දේශයත් මදි ඇති …
        දෙබෑ කළ මුහුද මැද බිලි පිති
        මෝසස්ගෙ හදවතේ කටු ඉති
        පතාගෙන ආ දේශයක තරම දනී නම්
        දස පනත ඉකිගසනවා ඇති ….
        මේ දෙහැවිරිදි පලස්තීන දැරියට අපි කියන්නේ මොනවාද … ?
        [රුවන් නෙලූ ]
        Aru, I cut this poem from vivaraenews.com. I send this to you because it clearly reflects the core of your genuine plea for the humanity.
        Yes I read the news article on the speech of archbishop of Canterbury. But the truth is Israel cannot survive without Wallstreet. Before 1947 British wanted to use Israel as the gate to enter Middle East and after restoring the modern Israel Israel itself proclaimed that they are the gate ..and the only gate to enter the Middle East. Therefore, nobody wants to get close the gate for them by Zionist Israel.
        If you have time to read the second book of Bible –the Exodus-you see how Mosses was anger on this corrupted, dishonest and ruthless tribe called Israel; and unable to control the anger and resentment of Israel, the so called chosen people of God, Moses threw the ten commandments on the floor ..as the poet correctly writes,
        දෙබෑ කළ මුහුද මැද බිලි පිති
        මෝසස්ගෙ හදවතේ කටු ඉති
        පතාගෙන ආ දේශයක තරම දනී නම්
        දස පනත ඉකිගසනවා ඇති ….
        In western society I cannot be an anti- Zionist nor could criticize the Israel atrocities. It is similar more or less being a racist here. Therefore, in the first world the Israels are good people and Palatines are bad, uncivilised terrorists forever.
        Clement Peris
        PS
        Keep on writing and we are enjoying your life as ours.
        Long live Aruge adaviya!!!
        Hands off Aruge Adaviya!!!

      • ක්ලෙමන්ට්……හිතට වදින කවි පෙළක්…ස්තූතියි!!!!!!!!

  8. Niroshinie says:

    කියල වැඩක් නෑ අරූ… ඊයේ මමත් දැක්කා ප්‍රවෘත්ති වලට ඒ දවස් පහේ පොඩි දරුවා සුදු රෙද්දකින් ඔතලා වළලනවා 😦

    මම දන්නේ නැහැ ඔය ගාසා ප්‍රශ්නෙදි කවුරු හරිද වැරදිද කියලා. ඒ උණත් මැරෙන්නේ නම් මිනිස්සු කියලා දන්නවා. එහෙම තියෙද්දී ‘අසිරිමත් ඊශ්‍රායලේ’ කියාගෙන ඊශ්‍රායලේට කඩේ යන අපේ මිනිස්සු දැක්කම අප්පිරියයි. ඒ මදිවට මුණුපොතේ එක්කෙනෙක් දාලා ‘මේ ලෝකේ පාලනය කරන්ඩ කවුරු හරි එක ජාතියක් එනවා නම් වැඩිම සුදුස්සා යුදෙව්වෝ’ ය කියලා. මට තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ගේ මෝඩකම්. මොන එහෙකටද කවුරුත් කාවවත් පාලනය කරන්නේ?? එහෙම කරන්ඩ කවුරුත් සුදුසු නෑ.
    මී හරක් ට ත් අපහාසයක්. අඩු ගානේ මී හරක් ට තේරෙනවා ඇති එහා පට්ටියේ මී හරක් මරපු එවුන්ට තමුන්ව මරන් කන එකත් ලොකු දෙයක් නෙමේ කියල.

    • මේ off the tangent නිරෝද….? මොන නිරෝ වුනත් කමක් නැහැ …ගිනිගන්න කොට වීනා වයන්නේ නැත්නම්. ඔබ එහෙම නැති කෙනෙක් බව මම හිතනවා.
      /////මම දන්නේ නැහැ ඔය ගාසා ප්‍රශ්නෙදි කවුරු හරිද වැරදිද කියලා////
      නිරෝ…..සමහරු ඉක්මන් වෙලා කවුද වැරදි කවුද හරි කියන්න. මම ඉන්නේ එතන නොවේ. මම ඉන්නේ මේ අත දරුවන් මැරෙණ තැන, මරණ තැන වැරදියි කියන්න. මොකා හරි වුනත්, මොකා වැරදි වුනත් ඒකේ හරි වැරදි මේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා හදා ගනියි ෆේස් බුක් එකේ නැත්නම් ආස් බුක් එකේ. හැබැයි..ඒ දරුවන්ගේ අම්මලා, තාත්තලාට ඒ කවුද වැරදි කියන එක අදාල නැහැ. අම්මලාට තාත්තලාට තමන්ගේ දරුවා තරම් කෙනෙක් මේ ලෝකේ නැහැ. මම ඉන්නේ එතන. මම ඉල්ලා සිටින්නේ දරුවෙකුට ජීවත් වී සිටීමේ අයිතිය. ඒ ඇරෙන්න මම යුදෙව් ඉතිහාසයවත්, ඒ බිම වෙන් කර ගත යුත්තේ කොහොමද කියන එක මට අදාල නැහැ. ඒක කොටි විසින් අපේ රටේත්, හමුදාව අතින් උතුරේත් වුනා. ඒ ඇත්ත අපි කතා කල යුතුයි. ඒ දේශපාලන උවමනාවන්. මම කියන්නේ මානුශික උවමනාවන්. ඒකට ජාතික කොඩි ඕන නැහැ නිරෝ…
      මම ඔබේ අදහසට ගරු කරනවා !!!

  9. අපිට මේ පේන දේවල්, උවමනා අය දකින්නේ නැත්තේ ඒ අය පත්තර නොකියවන, ටීවී නොබලන අය නිසාද?

    ඒ පුංචි දැරිය මේ දුෂ්ට ලෝකේ දාලා ගිය එකමයි හොඳ… 😦

    • ////ඒ පුංචි දැරිය මේ දුෂ්ට ලෝකේ දාලා ගිය එකමයි හොඳ////
      පොඩ්ඩි…..ඔය ටිකම තමයි මගේ වයිෆ් කිව්වෙත්..ඒ මේ අසාධරන ලෝකයේ ඈ සිටිය යුතු නොවන නිසා. ඒත් අපේ දුව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ”ඇය ජීවත්ව සිටියා නම්, මේ අසාධාරනය ලොවට කියන්න..ජීවමාන කටහඬක් වෙයි” කියා. මම දුවට කිව්වේ…මේවා දැන් දැන් මේ තත්පරයේ සිට කතා කලයුතු බවයි. එතකොට අපේ දුව කිව්වේ “ඊලඟ සුමානයේ අපි වෙනත් දෙයක් කතා කරයි” කියා…පොඩ්ඩි මට උත්තරයක් දෙන්න….අපි මොනවාද මේ ලියන්නේ සහ කතා කරන්නේ.. මම මාව තාමත් හොයනවා.

  10. maathalan says:

    යකෝ බලාගෙන ගියාම හිට්ලර්ගේ හෝලකෝස්ට් එකමනේ මේ. මොන යුද්ධයකවත්, කාන්තාවන් සහ දරුවොන්ට හානි වෙන්න දෙන්නේ නෑ. ඒ අය වනරබල් ගොඩට දාලා තියෙන්නේ. ඊශ්‍රායලය දෙන එක්ස්කියුස් එක තමයි, හමාස් අහස් ගුන්ඩු ගහන්නේ පොඩි උන් ඉන්න තැන ඉඳලය කියලා. ඒක දන්නවා නම්. ඇයි එතනට උඩින් ගහන්නේ. වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

    බෑන්කී මූන්ගේ, නවී පිල්ලෙගේ ඉස්කෝලෙටත් කෙලලා අරිනවා. කෝ උන් දෙන්නා. හෝ ඔබාමා. කෝ කැමරන්. කට්ටියම අම්මට හැමිනෙන්න ගිහිල්ලද? මේවයේ රිටර්න් මීට වඩා භයානකයි. හමාස් උන්ටයි ඊශ්‍රායල් කාරයන්ටයි දෙගොල්ලන්ටම, හෙන හතම ගහන්න ඕන ඇස් පනා පිට මේ කරන අපරාධයට.

    මේවා සාධාරනය කරන උන් මී හරක්, ගොන් හරක් නෙමෙයි.. මිනිස් ආත්ම ලබපු තිරිසන්නු..

    උඹ, “අවුල් වෙන්නේ” නැතිව, මේවම ලියනව නම් මම කැමතියි.. දැන් මම ලියන්න ඕන නෑ..

    • මාතලන් කතාවට සීයට සීයක් එකගයි… ඒත් මචං මාත් දැක්කා පහුගිය ටිකේ අපේ එවුන් ම ඊශ්‍රායලය මාර රටක් ය කියලා ලියනවා. ඒකේ ඇත්ත ගැන කියන්න ගියාම මං නිකං බැනුම් ඇහුවා විතරයි. ඉතින් මං කටවහගත්තා. උන්ට හොදනම් මොකද කියලා. ඒක පැහැදිලිවම නොදැනුවත් කමට කරපු වැඩක්. ඒත් ඒවාට අපි උත්තර දෙන්න ඕනේ කියන තැන තමයි මමත් ඉන්නේ…

      • maathalan says:

        ඊශ්‍රායලයේ මම අවුරුදු පහක් ඉඳලා තියෙනවා. කොහෙත් වගේ හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙගොල්ලම ඉන්නවා. දැන් බැලුවම හිට්ලර් මුන් සමූලඝාතනය කරන්න උත්සාහ කරපු එකත් සාධාරනයි නේ. මේ තුඡ්ච දේවල සාධාරණයි කියනවා නම්..

      • @කුරුටු&මාතා…..මේවා ලිව්වාම නැට්ට පාගගන්න කට්ටිය ඉන්නවා. කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නේ නැහැ. ඔහේ ලේබල් එකක් අලවලා යනව. උදා: මාතලන්ගේ සින්ඩියේ මාතා දාපු මේ පෝස්ට් එකේ ඉන්ට්‍රඩක්ෂන් එකට ඇවිත් ඉන්න ඇනෝ……උත්තරයක් දාපුවාම හැංගෙනවා. අනේ මන්දා ඇවිදින්නේ ඔළුවෙන්ද, මොලේ තියෙන්නේ කකුල් දෙකේද කියලා.

        අර රවී දාලා තියෙන කමෙන්ට් එක කියවපන්. නොදන්න කෙනෙකුට යමක් ඉගෙනගන්න පුලුවන්. මම කියන්න හදන දේ වටහාගෙන, ඒකට වටිනා එකතුවක් කරලා. අර ඇනෝ මට ලේබල් එකක් අලවලා බොග දාන්න ටොයිලට් හොයනවා. මම කිව්වා මෙහේ ඇවිත් වැඩේ කරගන්න…හෝදන්න වතුර දෙන්නම් කියලා. කෝ..පාරේ රීලා..තණකොල ගොඩේ පුක පිහිදගන්නවා ඇති. වල්ටේෂන් වැඩනේ. කාටද කියන්නේ.

    • @ Matha…/////ඉන්න තැන ඉඳලය කියලා. ඒක දන්නවා නම්. ඇයි එතනට උඩින් ගහන්නේ. වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?/////
      මෙහෙම ගහනවා ඇත්තේ..බිල්ඩිමක සලකුණක්වත් ඉතිරිනොවෙන්න. ඕවා ගැන යුධ විශ්ලේෂකයෝ දවසක කතා කරයි. හැබැයි උන්ට ඊට වඩා වැඩ තියෙනවා දැන් අපි වගේ රටවල් ගැන කතා කරන්න. අපේ තිබුනේ සිවිල් යුද්ධයක්. මේ තවත් රටක් ජාතියක් එක්ක කරන යුධ අපරාධයක්. අනේ මන්දා ඇයි අපි වගේ යුද්ධෙන් බැට කාපු ජාතියක් මේවා අනුමත කරන්නේ කියලා.

      මාතා…..උඹට තරම් මට මේ වගේ දේවල් වදින්න ලියන්න බැහැ. බැරිම තැන තමයි ලිව්වේ. මට ඊශ්‍රායලය එක්ක ගැටළු තියෙන්නේ මේ සිදුවීම් හරහා. නමුත් මට හමාස් සංවිධානය ගැනම විරෝධයක් තියෙනවා. ඒත් මේ මැරෙන්නේ හමාස් නායකයෝ නෙමෙයි. අහිංසකයෝ. මේවා නිකං අපි ලියන බ්ලොග්ස් අතරෙම අමතක වෙලා යයි.

  11. ඔන්න අරූ අයියෙ, අපිත් ආයෙම වදන් තදේ,

    ඇට ලේ මස් නහර ඔක්කොම තිබුනත් හදවත කියන එකම එක අවයවේ නැතිව ඉපදෙන ‘මනුස්සයෝ’ කියලා ලේබල් අලව ගත්තු ‘යක්ෂයො’ වැඩි වෙන තරමට ඔවැනි සිද්ධි නවත්වන්න ලැබෙන එකක් නෑ අරූ අයියෙ. 😦

    මනුසත් දෙරණෙ වැඩේ නම් ඇත්තෙන්ම පැසසුම් කරන්න ඕන. ඒ වගේම පුළුවන් තරමින් ඒකට සහයෝගය දෙමු.!

    • ඔව් ප්‍රියා….ඔය නමට මනුස්සයින්ට…හමට වදිනකොට තේරෙයි. එතකොට පරක්කුයි. මාටින් නිමලෝර් තමයි මතක් කරලා දෙන්න වෙන්නේ.

      දෙරණ වැඩේ ඇත්තටම අගය කරනවා. පාලකයින් කරන්න ඕන වැඩ කරන්න වෙලා තියෙන්නේ ජනතාවට. ලැජ්ජයි. උන්ට ඊට වඩා වේදිකා උඩ කතා හරඹ තියෙනවා මේ දවස්වල. මිනිස්සුන්ව සත්තු ගානට දාලා තියෙන්නේ. ඒ මදිවට කියනවා ඉඩෝරය ඒ ගොල්ලෝ ගෙනාවේ නැහැලු. ඒක කියන්නෙත් ආපදා කළමනාකරනය බාර ඇමති. කාට කියන්නද..

  12. මිනිසත්කම සහ මනුෂ්‍යත්වය බල්ලට ගිය ලෝකයක මෙවන් දේ තව තවත් සිදුවීම අරුමයක්ද කියා සිතේ..
    අරුමය වන්නේ ඊශ්‍රායලය ප්‍රමුඛ මුධ මානසික වාදී රටවල් තමන් කරන ලද සහ කරමින් පවතින්නාවූ යුධ අපරාධයන්ට සමාය අයැදියේ නම් පමණි..
    නමුත් ඒ ද බලාපොරොත්තුවක් පමණි..
    ඒ දවස බොහෝ ද්‍ුරය…
    සමහර විට නොයෙන ගමන් ගියා දැයි කියන්නට නොහැක

    • මහේෂ්…..අපි බලන් ඉමු. ඊශ්‍රායලය ඉදිරියේ ලෝකයක් නිහඬයි. අපේ රට ගත්තොත් මහරජු පලස්තීනයේ වීරයෙක්. යුවරජු සහ එයාගේ ගෝලයෝ කියන්නේ තව කතාවක්. අපේ අයට තියෙන හලාල් විරෝධයත් ගාසා තීරයට අමුනලා. ඔන්න අපේ හාදයන්ගේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව ඇති ආකල්පය.

  13. යේස්! දැක්කෙ දැං. උඩින්ම එකඟයි. නමුත් මේවායෙන් චූන්වෙන උදවිය පිරිසක් ඉන්නව.
    ලොකු දෙමළ==>පොඩි සිංහල
    ලොකු මුස්ලිම්==>පොඩි යුදෙව් කියන තර්කයෙන්.
    නමුත්,
    විසිරුන යුදෙව්වන්ට==>ඊශ්‍රායලය
    විසිරුන දෙමළුන්ට==>ඊලම කිව්ව ගමං ආතල් කුඩු.

    හොඳම දේ තමයි මැරීම‍ට එරෙහි වීම. කවුරු කලත්, අපි මිනිස්සු වෙන්නෙ එදාට

    • මැරීමට එරෙහිවීම කියන්නෙම කොච්චර වැදගත් ගතියක්ද කියලා දන්නවා ඒවාට මුහුණ දුන් එවුන්. ඒ ගැන ලෝකය කතාවෙනවා දේශපාලන න්‍යාය පත්‍ර වලින් බැහැර වෙලා. ඒත් අපිට හරක් මරණ තරම්වත් කණගාටුවක්, විරෝධයක් නැහැ මිනිස් ඝාතන ඉදිරියේ. එල්ලුම් ගහට විරුද්ධව කතා කරනවා..මේවාට කටේ පිට්ටු. මම කියන්නේ ඒකයි.

      කතාවෙන් පිට දෙයක් කියන්නම්. Trevor McDonaldගේ Inside Death Row කියන documentry එක බලපන්. කොටස් කීපයක් තියෙනවා. බලන්න වටිනවා. බලනවානම් මුල ඉඳලා බලපන්.

  14. මේ ලිපිය වගේ ලිපි සියදහස් ගණනින් තවතවත් සියලු මාධ්‍ය වල පළවීම කාලීන අවශ්‍යතාවක් අන්ධයන්ගේ ඇස් පෑදෙනු ඇත්තේ එවිටයි.අරූ

    • ගුණේ මහත්තයා….බොහොම ස්තූතියි! අන්ධයින්ට ඇස් පාදවාගන්නට නවීන තාක්ෂනයෙන් හරි උදව්වක් තියෙයි. ඒත් ඇස් පේන හාදයින්ට ඇස් ඇරවන්න අපි නුඹලා වගේ අයට තියා බුදුන් නැවත ඉපදුනත් කරන්න බැරි වෙයි. අපේ සමාජය මුල් අත හැරලා දළුවලට පෙම් කරන සමාජයක්.

      • ඇත්ත තමයි ! නින්ද ගිහින් ඉන්න අය ඇහැරවන්න පුළුවන් නින්න ගිහින් වග අඟවන අය ඇහැරවන්න බෑ කියලා කියමනක් තියනවා නේ.

  15. මැරෙන මිනිසුන් ගැන වගේ වගක් නැතුව යුද්ධ කරන්න පුළුවන් ජාතියක් මොනතරම් උසස් උනත් වැඩක් නෑ නේද? ඊශ්‍රායලය දක්ෂ මිනිසුන්ගෙන් පිරි රටක් නිසා ඔවුන් ගැන සමස්ථයක් විදියට පැහැදුනත් හිතක් පපුවක් නැතුව මෙහෙම අහිංසක මිනිස්සු මරණ එක හරි කියන්න කොහොමත් බෑ..

    අනිත් අතින් සමහර විට මේ වගේ දශක ගණන් ඇදෙන යුද්ධ වල කෙළවර මහා සමුලඝාතනයක් වෙන්නත් ඉඩ තියෙනවා.

    අපි පොඩි කාලේ ඉඳන් මේ අවුල තියෙනවනේ… කවද ඉවර වෙයිද මන්ද මේ වගේ යුද්ධ නම්..

    • පැතුම්……මම කියන්න හදනදේ සාරයක් හැටියට ගත්තාම උඹේ කමෙන්ට් එක ඇතුලේ තියෙනවා. ආපහු මම කියන්න ඕන නැහැ. එක පාරට එක් ජාතියක් විනාශ කරන්න බැහැ. එක් ආගමික සංස්ථාවක් විනාශ කරන්න බැහැ. මට වඩා ඒ බව සමාජ විද්‍යාඥයින් කියූ දේවල් උඹ දන්නවා ඇති. මේ සඳහා දියුණු ලෝකය පිලිගත් සම්මුතීන් තියෙනවා. අපි කොහෙද යන්නේ කියා දන්නේ නැත්නම්…දන්න කෙනෙක්ගෙන් අහගන්න අපි උනන්දුවෙන්න ඕන. මම දන්නේ නැහැ. මම අහගන්න උනන්දු වෙනවා. මම වගේ දන්නේ නැති අයට, උඹලාවත් උදව් කරපන්. මම ලිව්වේ දන්න දේ විතරයි.මැද්දේ ඉඳන් බලන පැතුම්ලා වගේ අයට මහා තේරුමක් නැති මගෙන් ඩබල් සැලියුට්!!!!!

  16. තම්බින්ට කඩේයන එවුන් පොඩ්ඩක් මේක බලලා කතාකරන්න.. මුන් මිනිස්සුද තිරිසන්නුද කියලා?

    • හෙළයා…..මම මේ ලින්ක් එක දැක්කා. මම කියන්නේ කවුරු කරත් වැරැද්ද් බවයි. උඹට වෙලා තියෙනවා නම් මම ලියපු දේ ආපහු කියවපන්. මම මගේ මතය හරි කියන්න උත්සාහ කරනවා නෙමේ. මම සංවාදයක් ගොඩ නගනවා. ඉස්ලාමීය ත්‍රස්තවාදය සහ අහිංසක ඉස්ලාම් භක්තිකයන් කියන්නේ දෙකක් හෝ ඊට වඩා වැඩි සාකච්ඡාවක්. මේකත් හරියට ආනන්ද භවන් එකෙන් ලාබෙට තෝසේ කාලා එලියට ඇවිත් දෙමළුන්ට බනිනවා වගේ දේශප්‍රේමයක්. කේන්ති නිවෙන්න එක්ක මේ සිංදුව අහපන්.

      සිංදුවේ විස්තර පස්සේ කතා කරමු…මම වැඩට යනවා හෙළයෝ!!

      • මෙහෙමයි මචං උඹලා ලංකාවේ ඉදන් පලස්තීන් අය මැරෙන වීඩියෝ බලලා පව් අහින්සක මිනිස්සු කියනවා.. ඔව් සමහරැ අහිංසක අය වෙන්න ඇති.. ඒත් වැඩිහරියක් අය ත්‍රස්තවාදයට අනුබල දෙන අය වෙන්නත් ඇති.. උඹලා උන් ගැන හිතනවා පව් කියලා. ඒත් මැදපෙරදිග රටකට ඇවිල්ලා බලපන් ලංකාවේ කිව්වම, බෞද්ධ කිව්වම මොකද උන් කියන්නේ කියලා.. 90% උන් හරාම් කියලා කෙල ගහනවා. ඇයි ඒ.. උන් කැමති නෑ අනිත් ආගම් වල මිනිස්සුන්ට. උන්ට ඕන උන්ගේ වර්ගයා බෝ කරගෙන මුලු ලෝකෙම ඉස්ලාම්කරනයට ලක් කරන්න විතරයි.. දැක්කා නේ ඉරාකයේ ක්‍රිස්තියානි ලබ්ධිකයෝ පොදි බැදගෙන අකුලන් යන හැටි.. වැදගත්ම දේ ලංකාවේ කොටි බුරැතු පිටින් අපේ ළමයි මරද්දී, අහිංසකයෝ මරද්දී උඹලා බ්ලොග් ලිව්වද?.. මොකද මේ තම්බි මැරෙනකොට විතරක් කැක්කුමක්.. ගොඩක් මැදපෙරදිග රවටල් වල ඉන්න හම්බයෝ ලංකාවේ උන් ගැන කියන්නේ මෙහෙමයි.. සිරිලංකී ඉස්දුනීසි උන් හොද @කන්න විතරයි කියලා.. අපිට සත පහකට ගරැ නොකරන ජාතියක් වෙනුවෙන් කඩේ යන්න තරම් රිදෙනවා කියන්නේ දෙපාරක් හිතන්න ඕන දෙයක්..

      • හෙළේ මචං….මම උඹට අදහසක් දීගෙනම පල්ලෙහාට යන්නම්. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. මම 1987 ඉඳන් 2001 වෙනකම් හිටියේ මැද පෙරදිග. අපි බෞද්ධයෝ වීම නිසාම අපිට වෙච්ච අසාධරනකම් තිබුනේ නැහැ. නමුත් අපි සුද්දන් නොවීම නිසාම වුනු අසාධාරනයන් තිබුනා…ඒ සමාජ. ආර්ථික, සංස්කෘතික හෙතූන්. අපි ඒ දවස්වලත් හාමුදුරුවන් කෙනෙක් නොමැතිව හෝ පන්සලක් පවත්වාගෙන ගියා ඕමානයේ. ඒකට කිව්වේ පන්සල කියලා. කිව්වේ සුද්දන් විසින් පවත්වාගෙන ගිය කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක ස්ටාෆ් ක්වාටස්. ශ්‍රී ලාංකිකයන් වැඩි පුරම හිටිය තැනක්. මම ඔතන වැඩ නොකරාට ඔතන කසිප්පුත් පෙරුවා අපේ කට්ටිය. මම ඒවාට දොස් කියන්න යන්නේ නැහැ. ඒ වගේම යම් කිසි ආකරයකින් බෞද්ධයින්ට ඇවිත් වැඳ පුදාගන්න ඉතාම ක්‍රමවත් අයුරින් ස්ථානයක් පවත්වා ගෙන ගියා. ඒවාට මූලිකවු අහිංසක ශ්‍රීලාංකික කම්කරුවන්ට මගේ ප්‍රණාමයත් පුද කරනවා. ඔය තැනට ලංකික ලොකු මහත්තුරු ඒ කාලේ ආවෙත් නැහැ. ඔය නිසාම නිවාඩු සිකුරාදාට ගෘහ සේවිකාවන්, රියැදුරන්, කම්කරුවන් වැනි අපේ උදවියත්, බංග්ලාදේශ් , ඉන්දියා වලින් පැමිනි බෞද්ධයොත් ආවා.

        මචං….කතෝලික පල්ලිය ඉතා ප්‍රසිද්ධියේ රුවී නගරයේ තිබුනා. එය සුද්දන්ට මෙන්ම අපේ, අනිකුත් ඕනෑම කෙනෙකුටත් සිකුරාදාට පාවිච්චි කරන්න සහ දේව මෙහෙයන් පැවැත්තුවා. ඒ වරප්‍රසාදය ලැබුනේ, එංගලන්තය සහ ඕමානය තුල තිබු ඉතා ප්‍රබල බැඳීම් නිසා. අදත් ඒ බැඳීම ඒසේමයි. සවුදිය සහ ඇමරිකාව මෙන්, බ්‍රිතාන්‍ය සහ ඕමානය.

        උඹ ඔය කියන බෞද්ධ විරෝධය ඇතිවුනේ බුරුමයේ අෂින් විරතු කියන මදාවියාගේ ක්‍රියාකලාප නිසා යැයි මම හිතනවා. මෙවැනි මදාවියන් ලංකාවෙන්ද බිහිවීම නිසා අපටත් ඒ කලදසාවටම මුහුණ දෙන්න වීම අභාග්‍යක්.

        හෙළේ මචං…..මම 1977 සිට 1983, 1989 වැනි යුගයන් විටින් විට දෑසින් දුටු කෙනෙක්. මට කිව යුතු දේ බොහෝයි. අපි වලකාගත යුතුවන්නේ එවැනි තත්වයන්. තව දිගින් දිගට ලියන්න වෙලා නැහැ. හැබැයි මම උඹේ සංවර අදහස් දැක්වීම අගය කරනවා. ඒ එක්කම උඹට කියන්නේ …මට ඇෆ්ගනිස්තානයේ තලිබාන් මෘගයන් විසින් නැති බගස්තාන කරපු බනියාන් බෞද්ධ ශිෂ්ඨාචාරයන්ට කල විනාශය අමතක කරන නරුමයෙකුත් නොවේ.

        ඒදා අපේ දරුවන් මරන කොට….බ්ලොග් ලියන්න තියා…උදේට පත්තරේ ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒ වෙනම මාතෘකාවක්. ඒක වෙනම කතා කරමු. නමූත් ඒ හඬ එදා අපි හැකි විදිහට කරා. අරන්තලාව, පොලිසියේ 600 ගැන වගකිවයුතු උප සභාපතිලා ගැන අහන්න වෙන්නේ නානසාරලාගේ ගුරුන්වූ යුව රජවරුන්ගෙන්. අපි ඒවත් කතා කරමු.

        ඒක නෙමේ …උඹ සින්දුව එන්ජෝයි කරාද? උඹ තරුනයෙක් වුනාට ගානක් නැහැ. මචං කියලාම කියපන්…ඒක ලේසියි.

      • ////අපි ඒ දවස්වලත් හාමුදුරුවන් කෙනෙක් නොමැතිව හෝ පන්සලක් පවත්වාගෙන ගියා ඕමානයේ Bausher J&P CAMP . ඒකට කිව්වේ J&P පන්සල කියලා. J&P කිව්වේ සුද්දන් විසින් පවත්වාගෙන ගිය කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක ස්ටාෆ් ක්වාටස්. /////
        මේ විදිහට ඉංග්‍රීසි අකුරු එකතුවිය යුතුයි. හෙළයෝ….බොහෝම වැඩ කටයුතු මැද්දේ ලියන නිසා මෙවැනි අතපසුවීම් වෙනවාට සමාවෙයන්. ආපහු වැඩට දුවන්න තියෙනවා.

      • හෙළේ…උඹ කියන දේ …මට පේන තත්වයෙන් කියන්න ඕන නිසා මේ ටිකත් කියන්නම්.

        මිලිටරි රෙජීම්වලට ලඟාවෙන ආණ්ඩු බොහෝ වෙලාවට ආගම ඉත්තෙක් කරගන්න උත්සාහ කරනවා. ඒක බුරුමය කරමින් පවතිනවා. ඒක ගඩාෆි ලස්සන කෙල්ලො ටිකක් දාගෙන කරා. ඒවා හැම රෙජීමයකම දේශපාලන සොෆ්ට්වෙයාර් එකක්. එහම කරපු බව කතෝලික ආගම හරහාත් උදාහරන තියෙනවා. විශේෂයෙන් අප්‍රීකානු රටවල ඒ ගති ලක්ෂන පෙන්වනවනවා. නයිජීරියාව වගේ රටවල එවැනි විහිළුකාර ආගමික ස්ංකල්ප තුල අසරණයින් කොටු කරනවා.

      • පහළ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න බැරි නිසා මේකට රිප්ලයි කරනවා.. ඔයා කිව්වා වගේ මචං කිව්වට අවුලක් නැති වෙයි මයෙ හිතේ.. මොකද මමත් ඇටෙන් පොත්තෙන් එළියට ආවගමන් ලේ රත්කරන් දගලන එකෙක් නෙවෙයි. :-P. මාතෘකාවට යමුකෝ. උඹ සුපුිරි ඩයල් එකක්.. අසහස් දැක්වීම සිත් ඇදගන්නා සුලුයි. ලොකු ටෝක් නෑ.. වැල් බයිලා නෑ.. කමෙන්ට් එක දැක්කම රිප්ලයි නොකර යන්න හිතුනෙම නෑ. කියපු සේරම දේවල් ඇත්ත එක දෙයක් ඇරෙන්න.. අපිට තිබ්බ තැන නැති වෙන්න හේතුව බුරැමයේ චිරතු හිමියන් නම් වෙන්න බෑ. මොකද කුරාණයේ කියලා තියෙනවා පිළිම වදින්නන් සමග ඇසුරට යන්න එපා කියලා.. එතනයි මේ බෙදීම ඇති කරපු බීජය තියෙන්නේ. අනික චිරතු හිමිට මදාවියා ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු නැද්ද?. මම එක්ක වැඩ කරනවා පලස්තීන් මනුස්සයෙක්. එයාලට හමාස් සංවිධානය කියන්නේ වීරයන්.. දේශයේ ගැලවුම්කරැවන්. ගොඩක් පලස්තීන් මුසල්මානුවන් කියන්නේ ඊශ්‍රායල විනාස කරන්න ඕන.. සමූල ඝාතනය කරන්න ඕන කියලා. ඔන්න ඔතනයි පොඩි කොස්සක් තියෙන්නේ. අනික මගේ අදහස අනුව නම් බොදුබල සේනා වගේ සංවිධානත් තියෙන්න ඕන. ඒක යුගයේ අවශ්‍යතායවක්.. අපිට නොදැනුනාට රට මුස්ලිම්කරණය වෙන්නේ නැද්ද?. වෙනවා. නෑ කියන්න බෑ. අනිත් වැදගත්ම දේ තමයි මේ සයිබර් එකේ ඉන්න අපි හිතට එන දෙයක් අකුරැ කරනවා. මනුස්සකමින් අනිත් අයගේ ප්‍රශ්න ගැන කතාකරනවා.. ඒත් සිංහලයන්ට, බෟද්ධයන්ට අපහාස නොකර මුස්ලිම් එකෙක් කරන එක බ්ලොග් එකක්, වෙබ් එකක් මම දැකලා නෑ. උන් ආත්මාර්ථකාමී කරලා තියෙන්නේ උන්ගේ ආගමෙන්මයි.. පොඩි පිහියෙන් මිනිස්සුන්ගේ බෙල්ල කපලා මරන්න තරම් ම්ලේච්ඡ කරලා තියෙන්නේ ඒ ආගමෙන්මයි. මචං මටත් බ්ල‍ොග් එකක් ලියන්න ආසාවක් ආවා.. මොකද කියන්නේ ඒ ගැන. ආ.. තව දෙයක් හැමෝම වගේ අපිවම විවේචනය කරලා බ්ලොග් ලියන්නේ ඇයි බන්. අපිට ජාතියක් වශයෙන් ආඩම්බර වෙන්න තරම් කිසිම දෙයක් නැද්ද? අකුරැ කරන්න.. 😛 මම කැපෙනවා මචං. තෑන්ක්ස් කිව්වා හොද පැහැදිලි කිරීමක් කලාට.. තව එකක් ඔය සින්දුව ඇහුවේ මම පොඩි කාලේ බන්..

      • ////අපි ඒ දවස්වලත් හාමුදුරුවන් කෙනෙක් නොමැතිව හෝ පන්සලක් පවත්වාගෙන ගියා ඕමානයේ Bausher J&P CAMP . ඒකට කිව්වේ J&P පන්සල කියලා. J&P කිව්වේ සුද්දන් විසින් පවත්වාගෙන ගිය කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක ස්ටාෆ් ක්වාටස්. /////
        අරූ…J&P කෑම්ප් එක සුද්දන්ගේ නෙමෙයි මචං. ඒක සිප්‍රියොට් කම්පැනි එකක්. Joannou & Paraskevaides (Overseas0 Ltd. කියන සයිප්‍රස් ජාතිකයන්ට අයිති කොම්පැනියක්. J&P එක ඕමාන් වල විශාල යෝජනාක්‍රම වලට කොන්ත්‍රාත්කරු වශයෙන් දායක උන ලංකාවේ ශ්‍රමිකයන් විශාල ප්‍රමානයක් ( 3000ක් පමන ) වැඩ කරපු ආයතනයක්. පාරවල්, බාර් අල් ජිෂා පැලස් හෝටලය වැනි ප්‍රොජෙක්ට්ස් කලේ J&P එක. මම ඉතා සුන්දර සති අන්ත රාත්‍රී ගනනාවක් ඕක ඇතුලේ ගත කරලා තියෙනවා කුලරත්න කියන සුන්දර මිනිසාගේ අරාධනා උඩ… J&P එකත් ඕමාන්වලින් අයින්වුනා. දැන් එතන තියෙන්නේ අපි සහභාගි උන එයාර්පොර්ට් එකේ කන්ට්‍රෑක්ටර්, බෙක්ටෙල් එකේ කෑම්ප් එක. ඒක හැබැයි අර තිබුන ඔක්කොම පෝටාකැබින් ගලවලා අලුතෙන්ම කරපු විශාල කඳවුරක්.
        මමත් ඔය පන්සලට ආවා ගියා ඒක ගලවගෙන එම්බසියට අරන් යනකන්. ඕමාන් පොලීසියෙන් නියෝගයක් නිකුත් කලා අව්කාෆ් මිනිස්ට්‍රි එකෙන් අවසර දීලා තියෙන ස්ථාන වලට අමතරව ආගමික ස්ථාන පවත්වාගෙන යාම තහනම් කරලා. ඊට පස්සේ 2007 දී විතර පන්සල එම්බසිය ඇතුලට අරන් ගියා. එම්බසියට ගෙනිච්චාට පස්සේ ලොකු මහත්තරු සහ නෝනලා අර කුලයාව, ගුනයාව එහෙම අහකට දාලා මුල්තැන ගන්න ගියා. මමනම් ඊට පස්සේ පන්සල් ගියේ නෑ පව් පුරව ගන්න බැරි නිසා.
        මේ සුන්දර/ අසුන්දර මතකයන් ඇවිස්සීම ගැන අරූට තුති….

      • //////මොකද කුරාණයේ කියලා තියෙනවා පිළිම වදින්නන් සමග ඇසුරට යන්න එපා කියලා.. එතනයි මේ බෙදීම ඇති කරපු බීජය තියෙන්නේ/////.

        @හෙළයා……පිළිම වඳින්නේ අපි විතරක් නෙමේනේ බන්. අනිත් හැම ආගමකම අය කරනවානේ. හැබැයි යුදෙව්වෝ එවැනි වන්දනා බැහැර කරනවා. ඒත් මුන් මරාගන්නේ යුදෙව්වෝ එක්ක. ඒ නිසා උඹ ගෙනෙන තර්කය කොච්චර සාධරනද කියලා හිතන්න වෙනවා.

        //////////අනික චිරතු හිමිට මදාවියා ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු නැද්ද?.////////////////

        ///////////His name is Wirathu, he calls himself the “Burmese Bin Laden” and he is a Buddhist monk who is stoking religious hatred across Burma.
        The saffron-robed 45-year-old regularly shares his hate-filled rants through DVD and social media, in which he warns against Muslims who “target innocent young Burmese girls and rape them”, and “indulge in cronyism”.//////////////// හෙළේ මචං…මේ මම නෙමේ කියන්නේ ගාඩියන් පුවත්පත. තමන් බුරුමයේ බින්ලාඩන් යැයි කියාගන්නා කෙනෙකුට මදාවියෙක් නොකියා කියන්න සුදුසු යෙදුමක් කියපන්. උඹ මේ ලිපිය කියවපන්..මට මේ ලිපිය කියවන්න කිව්වේ මගේ දුව එක්ක ඉගෙනගන්න බුරුම ගෑණු ළමයෙක්.

        බුරුමයේ බින්ලාඩන්

        උඹට බ්ලොග් එකක් ලියන්න කැමතිනම් ඇයි නොලියන්නේ. උඹ හරි යැයි හිතෙන දේ උඹට එතනට එකතු කරන්න පුළුවන්නේ. එතකොට ඒවා වැරදිනම් වැරදියි කියන්න හෝ හරිනම් හරි යැයි කියන්න අපිට එන්න පුළුවන්නේ. මාතලන් ලොක්කා බ්ලොගක් පටන් ගන්න හැටි ගැන ලිපි පෙළක් ලිව්වා. පටන් ගනින්…පටන් ගනින්. ගිනිතියා ගන්නේ නැතුව, ගිනි නිවන්න බලමු 😀

      • @ ෂෙෆාකි……නිවැරදි කිරීමට ස්තූතියි!! මම හිතන් හිටියේ ඒක සුද්දන්ගේ කියලා. උඹ කියන කුලරත්න සලලා හරි සූර් පැත්තෙදි ලොකු ඇක්සිඩන්ට් එකක් වුනාද 1990 ගණන්වල? මටත් ඕමාන් මතකයන් නම් ගොඩාක් තියෙනවා ලියන්න. J&P කෑම්ප් එකේ ඒ කාලේ හිටපු අය නම් මාර කට්ටක් කෑවා. එතන තමයි වැඩියෙන්ම ලංකාවේ අය හිටපු තැන. උඹ මේ ලිපිය කියවලා බලපන්. මෙයා ගැන උඹ දන්නවා ඇති. ගොඩාක් පරණ කෙනෙක්.

        sands of time…Jacobs Thomas

  17. මැරෙන්නේ මිනිස්සු. මැස්සො මදුරුවො මැරෙන ගානට. ඉපදෙනකොට ඔය ජාති ආගම් ලේබල් අලවගෙන ඉපදෙන්නෙ නෑනෙ. කතා කල යුතු මාතෘකාවක් හැබැයි පොල් කෙඳි හොයන මූන්ට, පිල්ලේ නෝනට මේ පොල් පරාල පේන්නෙ නැති එකනෙ ප්‍රශ්ණෙ.

    • පොල් පරාලේ,කෙන්ද දේකම හොයන්න ඕනේ යශෝ මොකද එකක් වුණත් ගොඩක් වුණත් ඒ ජිවිත නිසා.

    • @බස්C….මේවා ගැන ලියනවානම් ඇත්තටම ලියන්න ඔය වාදීන්ගේ හැම කඳවුරෙන්ම අරන් ලියන්න රාශියක් දේ තියෙනවා. දරුවෝ මම රස්සාවක් කරමින්. එහාට මෙහාට දුවමින් ජීවිත සටන ගෙනියන කෙනෙක් නිසා උඹලා වගේම…මට කාලය ටොකු අනිනවා. ඒ නිසා මම සාකච්ඡා කරන්න උත්සාහ කරන දේට , එහායෙන් දක්වන අදහස් එක්ක පමණක් දීර්ඝ වාදයකට යන්නම්. හෙළයා හරි තැනකට විරුද්ධ මතධාරියෙක් ලෙස කතාව ගේනවා. ඒකයි මම දිගට ලිව්වේ. (ඒත් මේ පෝස්ට් එකට අදාලව පමණක්.) හිත දෙන්නේ නැහැ උත්තර නොදී ඉන්න. දැනට බායි දරුවෝ.

  18. කාගෙවත් යුද්ධ වලින් අහිංසක මල් කැකුළු තැලෙන එක නතර කරන්න ඕනේ.
    අපේ සමහරු සතුටු වෙනවා මේකෙන් මුස්ලිම් අය තැලෙන නිසා.ඇමරිකන් විරෝධීන් ඊශ්‍රායලයට විරුද්ධව පාරට බහිනවා.මම නම් කියන්නේ මරා ගන්න ඕනෙම නම් මරා ගනිල්ලා දෙපැත්තේම අහිංසකයින් බේරලා.

    • මනෝ…..අහිංසකයින් බේරා ගෙන කරපු යුද්ධ හෝ සිවිල් අපරාධ ලෝකයේ කොහෙවත් තිබුනේ නැති බව තමයි මගේ අදහස. යුද්ධයකදි එහෙම දේ වෙන්න තියන ඉඩකඩ අවමයි. වෙන්නෙම නැහැ. ඔය කියන මාණුශික මෙහෙයුම් කරන්න නම් බුදුහාමුදුරුවෝ යුද්ධ මෙහෙයවන්න ඕන. අපි යුද්ධයක් නෙමේ කලේ මානුශික මෙහෙයුමක් කියලා කියන අපේ හාදයෝ ….යුද්ධයේ යාථාර්තය තේරුම් නොගෙන කරන පුහු වචන තමයි ඒ. ඔව්…ත්‍රස්තවාදියා ඉදිරියේ සිල් ගත්ත ජාතීන් නැහැ. මම කතා කරන්නේ ඊට වඩා එහා ගිය දෙයක්…අද ඊස්‍රායලය කරන්නේ….දියුණු සිවිල් සමාජය තුල නොවිය යුතු දෙයක්….ඒ අපරාදය ඉදිරිපිට බටහිර, චීන, රුසියන්, සහ අපේ චින්තකයෝ කකුලක් පස්සට ගන්න එකයි මට තියෙන ගැටළුව.

      අපි නානසාර වගේ පුහු මුස්ලිම් විරෝධයක් හදාගෙන ඊශ්‍රායල් ප්‍රේමින් වෙන එක නිවැරදිද කියන එකයි මගේ සංවාදය. මේවා මිනිසත් කමට නිගා කියන එකයි තර්කය.

  19. Ravi says:

    අරූ,

    ඊශ්‍රායලය කරන දේ කොහොමත් සදාචාරාත්මක නෑ තමයි. ඒ ගැන වාදයක් නෑ. ඒත් අනික් අතට මේ ඛේදවාචකයට හමාස් සංවිධානයත් එක එල්ලේ වගකිවයුතුයි. මේ ගුවන් ප්‍රහාර ආරම්භ වෙලා දින දෙකක් නැත්නම් තුනක් ඇතුලත ඊජිප්තුවෙන් සටන් විරාම යෝජනාවක් ආව. ඊශ්‍රායලය ඒකට එකඟ උනා. හමාස්ල එක එල්ලේම ඒ සටන් විරාමය ප්‍රතික්ෂේප කලා එයාලට ඒක අවාසියි කියල.එතකොට ඔය ගුවන් ප්‍රහාර වලින් මියයන්නෙ පලස්තීන වැසියො.ඒ අය ගැන හමාස් කාරයින්ට නැති කැක්කුමක් ඊශ්‍රායලයට තියෙන්න විදිහක් නෑ නේද?

    අනිත් කාරණේ හමාස් සංවිධානය කියන්නෙ ඊශ්‍රායලය නැතිකරදැමීමේ පරමාර්ථයෙන් සටන් කරන සංවිධානයක්. ත්‍රස්තවාදී කියල හංවඩු ගහන්ට මම ඉක්මන් වෙන්නෙ නෑ. මොකද එක ජන කොටසකට විමුක්ති දායකයො අනික් ජන කොටසට ත්‍රස්තවාදියො.කොටි වගෙ තමයි. දෙමලුන්ට විමුක්ති දායකයො සිංහලුන්ට ත්‍රස්තවාදියො. සිංහල හමුදාව ගත්තම ඒකෙ අනික් පැත්ත.

    ආයම ප්‍රස්තුත කාරණයට ආවොත් ගාසා තීරයෙ ඉඳල ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාර එල්ල කරන එක හමාස් සංවිධානය කාලයක් තිස්සෙ කරනව. ගාසා තීරය කියන්නෙ බොහොම ජන ඝනත්වය වැඩි කුඩා බිම් තීරයක්. එතකොට අනිවාර්යයෙන් ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර වලින් සාමාන්‍ය ජනයාට හානි වෙනව. එතකොට එහෙමයි කියල ඊශ්‍රායලය නිකං අත පය බැඳගෙන බලා ඉන්නෙ නෑනෙ. තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් තමන්ට පියවර ගන්ට වෙනව. ඒක තමයි මෙතන සිද්ද වෙන්නෙ. අමතක කරන්න එපා මේ වර්තමාන අර්බුදයට මුල පිරුවෙ හමාස්ල කියන එක. ඉස්සෙල්ල ඊශ්‍රායක් තරුනයින් තිදෙනෙක් පැහැරගෙන ගිහිල්ල මරා දැම්මෙ ඔවුන්. හමාස්ල මේ වැඩේ කලේ මෙහෙම වෙයි කියල දැනුවත්වය, ඒ තමන්ගෙ නැතිවෙලා යන ජනප්‍රියත්වය සහ අනුකම්පාව නැවත ලබාගන්ටය කියලත් කට්ටියක් කියනව. ඒ මොක උනත් ඊශ්‍රායල් ප්‍රහාර සාධාරණීකරනය කරනව නෙවෙයි මම. මීට වැඩිය සංයමයකින් ඊශ්‍රායලය ක්‍රියා කලානම් හොඳයි. ඒත් වණේ තියන එකයි ඒකෙ වේදනාව දන්නෙ කියනව වගෙ ඊශ්‍රායලයටත් වෙන කරන්න දෙයක් නැතිවෙන්න ඇති.

    අරූගෙ ලිපියෙ මතුකරන්ට උත්සාහ කරන පොයින්ට් එකට එකඟයි.

    ” In every war it’s the innocents that get hurt. ”

    ” An unjust peace is always better than a just war “

    • රවී…….කිසි ගැටළුවක් නැහැ. මම මතු කරන අදහසට උඹේ කමෙන්ට් එක අගයක් දෙනවා. මම මතු කරන්නෙම දේශපාලන අදහසක් නොවේ බව උඹේ අවසන් වචන තුලත් ගැබ් වෙලා තියෙනවා. ඒ නිසාම මම උඹට දීර්ඝ පැහැදිලි කිරීමකට යා යුතු නොවන බව මට හිතෙනවා. මම මේ අමානුශික මරා ගැනීම්වලට එහා ගිය සොඳුරු මිනිසත් කමක් වෙනුවෙන් කටහඬ අවදිකරන්නෙක් කියා හිතනවා. ඒ නිසාම තමයි මම අවුල් වෙන්නට පෙර ලියන්නට පටන් ගත්තෙත්.

      මචං රවී…උඹ මතුකරනා දේශපාලනික සංඝ්ඨක තුල අපි කතා කරමු. ඒ මොනවාදැයි කියා උඹට මධ්‍යස්ත අදහස් ඇති බව මට හිතෙනවා. ඒ වෙනුවෙන් මතු කර ගත හැකි….කුකුල් කොටු නොවෙන මතවාදී සාකච්ඡාවකට මමත් හරි කැමතියි. මම හෙළයාගෙන් ඉල්ලන්නෙත් ඒකමයි. මම උඹව එතනට දැම්මා නොවේ.

  20. Kenji ogawa says:

    ඊශ්‍රායල් රටේ නව තාක්ෂන ගැන ඇත්තටම මා පෙර සිටම සතුටුයි…..
    නමුත් මේ හුත්තල කරන අමානුෂික මනුෂ්‍ය ඝාතන ගැන නම්…. කියල වැඩක් නැහැ මචෝ….උන්ගෙ අම්මලට හමන්නන්න හිතෙන්නෙ තනියම ගිහිල්ලල…..
    හැබැයි මේ ඇනෝ හුත්තලට දෙයක් කියන්න තියෙනව … අපේ කෙල්ලො එහෙ ගිහිල්ල වයසක සීය /ආච්ච්චිල ගෙ සනීපය වෙනුවෙන් දහ ජරා …. දුක් විදල ….නාකි උන්ගෙ …. බිජ්ජවල් & කිඹිලි වලට ….පැයෙන් පැයේ එළිවෙනකන් පැම්පස් මාරු කරමින් කරන සටන සුළු නොවේ…..
    සමහර විට ඒ අය මේවල අදහස් දක්වන්නෙත් ඒ නාකි කියපුව දැනගෙන විය හැක…..
    ඇනෝ & අපේ වේසිගෙ පුතාලට එකක් කියමි …. ඒ රටේ caretaker ගිහිල්ල ඉන්න කෙල්ලන්ව ඒ රටේ ජාතියක් විදියට හිතා ගෙන පහර දෙන්න එපා කියාය…

    • Senna says:

      ඇට්ටි හැලෙන්ඩ දීලා තියනවා.. මාර නිර්භීතයි…

    • කෙන්ජියෝ…….දැනට සමාවෙයන්. වැඩට යන්න තියෙනවා. උඹේ කෙලින් වචන අගය කරනවා. හෙට කතා කරමු ඊශ්‍රායලයේ සේවය කරන අපේ අය ගැන. මම දන්න ලක්ෂපතියොත් ඉන්නවා අවුරුදු 40කට ඉස්සෙල්ලා ඒ රටට ආපු. මේක පටල ගන්න එකයි වැරැද්ද.

    • කෙන්ජි…..මිනිස්සු එක එක ක්‍රමයට අදහස් ප්‍රකාශ කරනවානේ. උඹේ ක්‍රමයට මගේ ක්‍රමයෙන් උත්තරයක් දෙන්නම් 😀

      ඒ ඒ රටවල වැඩ කරන පිටරට මිනිස්සුන්ට ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඒ අය තම හාම්පුතුන්ට සේවය කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ. උඹ ඔය කියන ලාට විතරක් නෙවේ…සමහර මුදල් හදල් තියෙන පිටරට අය පවා නිහඬව ඉන්නවා. මම දන්නා සිංහල බුවෙක් ඒ රටේ කාන්තාවක් විවාහ කරගෙන දැන් වැඩිමහල් දරුවෝත් ඉන්නවා. ඒ දරුවන් පවා පලස්තීන විරෝධයකින් තමයි කතා කරන්නේ.

      අපි වටහා ගන්නට උත්සාහ කලයුත්තේ මෙහි ඇති, දේශපාලන සැලසුම් නොවේ. මේ සිදුවීම් තුල අන්ත අසරණ වෙන ජන කොට්ඨාශය ගැනයි. අද ඔය ප්‍රහාරයන් එල්ලවුනේ ඊශ්‍රායලයට නම්, මේ බටහිර රටවල් මොන වගේ ක්‍රියා මාර්ගයක් ගනීවිද? හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් බව ලෝකයේ බොහෝ රටවල් පිලිගන්නවා. තවත් රටවල් එහෙම කියන්නේ නැහැ. මොකා මොන විදිහට කිව්වත් මේ දරුවෝ ත්‍රස්තවාදීන් වෙන්න බැහැනේ.

      ඊයේ බ්‍රිතාන්‍යයේ එක විදේශ කටයුතු ඇමති කෙනෙක් ඉල්ලා අස්වුනා මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින්

      • ///උඹ ඔය කියන carersලාට//// කෙන්ජි….මගේ රිප්ලයි එකට මේ ටික එකතුවිය යුතුයි.

  21. Kenji ogawa says:

    ඔක්කටම ඉස්සෙල්ල උඹේ මේ රෙද්ද හදාගනින් බං …
    කමෙන්ට් එකක් දාන්න බැහැ අපේ ප්‍රොෆයිල් මගුලෙන්….

  22. Kenji ogawa says:

    @Anonymous says:
    August 1, 2014 at 3:25 am
    සල්ලි හම්බවෙන නිසා ජරා රටවල් වලට ආවඩන්න එපා……
    කැ රි පොන්නය ……කියවපන් මගේ කමෙන්ට් එක…. වේසිගෙ පුතා….

  23. mayya says:

    ///අරූට මූට නොව Aru ට හිතෙන්නේ මෙහෙමය. වපුරන්නේ ‘ද්වේෂය’ නම්…නෙලන්නට වෙන්නේ ”’ධ්වේෂය”” පොකුරු පිටින්ය.//
    Aru, this summarises it all ….

    • ඔය ටික තමයි මයියා අපි කවුරුත් ඉතිහාසය පුරාම අත්විඳින්නේ…රටක් ජාතියක් නෙමේ ගෙදරක ඇතුලේ වුනත් ඔය ටිකමනේ වෙන්නේ.

  24. Senna says:

    ෂහ්.. මේතරම් මානව හිතවාදියො තොගයක් !
    එකම තැනක.. !!
    ෂහ් මරුනෙ !!!
    මම ඔය දැක්කමයි !!!!
    ෂහ් .. ආඩම්බරයි ඈ…

    • සෙන්නා…..මම මේ උඹට උත්තරයක් දාන්නේ ඉක්මණින්ම වෙන මුකුත් නිසා නෙමේ. මට උඹේ කමෙන්ට් එකේ ටෝන් එක හඳුණගන්න බැරි නිසා. තරහ නැතුව පොඩ්ඩක් අදහසේ බ්‍රේක් ඩවුන් එකක් දීපන්. මානව හිතවාදීවීම හොඳද නරකද කියලා හිතාගන්න බැහැ…උඹේ කමෙන්ට් එක නිසා. ඒක වැරදිනම් මම හදාගන්න උත්සාහ කරන්නම්.

      • Senna says:

        මානව හිතවාදීවීම හොඳයිනෙ බන්.. ඇයි සැකයක්… ?

        බොරුවට කිබුල්ලු හඳවලා වැඩක් නෑ බන්.. ඕක ඇවිල්ලා මේ ලෝකෙ හැටි.. අද පලස්තීනෙට, හෙට අපිට වෙන්න පුළුවන්.. දුබලයා පරාදයි, ශක්ති වන්තයා දිණුම්.. ලෝකෙ කොච්චර ශිෂ්ඨාචාර ගත වෙලා කිව්වත් අදටත් ඔය කැලෑ නීතිය තමා මුලු ලොකේ පුරාම ක්‍රියාත්මක වෙන්නෙ..

        යුද්ධයකදි හැම දෙයක්ම සාධාරණයි.. සතුරා වෙනුවෙන් වඳ කෙහෙල් මොටයි තියරිය අත්‍යන්තයෙන්ම අදාලයි.. ඒක ලෝකෙ කොහෙත් එහෙමයි.. පොඩි උන් මැරෙනකොට අපිට දුකයි තමා.. ඒත් මැරුණෙ පලස්තීනෙ පොඩි උන් විතරද ? පළවෙනි , දෙවෙනි ලෝක යුද්ධ වළදි පොඩි උන් කීයක් මැරෙන්න ඇත්ද ? ඊලාම් යුද්දෙදි පොඩි උන් කීයක් මැරෙන්න ඇත්ද ?

        උඹලා අපි මොනවා ලිව්වත්, කතා කළත් මේ ලෝකෙ පවතින පොදු නීතියක් තියනවනෙ.. ඒක අදාල තැනදි ක්‍රියාත්මක වෙනවා… වලක්වන්න බෑ.. පොලවට ලේ ඕනා බන්.. හැමදාම ඕනා.. ඒවා පොඩිද, ලොකුද, ඉස්ශ්‍රායෙල්ද, පලස්තීනද, සිංහලද, දෙමළද කියන එක පොළවට අදාල නෑ..

        මතක තියා ගනින්.. ලේ.. ලෝකෙ කැරකෙන්නෙ ලේ වලින්…

      • සෙන්නා දැන් මට පැහැදිලියි…මම හෙමින් පල්ලෙහාට එන්නම් මගේ පෞද්ගලික අදහස් එක්ක. උඹට ස්තූතියි උඹේ අදහස නැවත පැහැදිලි කිරීමත් එක්ක.
        ///මතක තියා ගනින්.. ලේ.. ලෝකෙ කැරකෙන්නෙ ලේ වලින්…/////
        +++++++++++++++

      • සෙන්නා….මම ඊට යටින් ලියපු දේ එහා මෙහා වෙලා ගිහින්. ඒ තමයි.

        “ඔව් බං ලේ වලට තරම්…කඳුළුවලට ලෝකේ ඉඩ නැහැ”…කියන වචන පේලිය. කඳුළු වලට වටිනාකම් තියෙන්නේ මීඩියා එකේ විතරයි. ඒවා දේශපාලනයේදී කඳුළු නෙමෙයි විහිළු. ඒ නිසා අපි නොහඬා ඉමු.

      • Anonymous says:

        මෙතන අරු කියපු දේටත් වඩා හොඳින් සෙන්න කියපු දේ තේරුනා ,,, එත් අයි මේ කියලා හැමදාමත් හිතෙනවා කවදාවත් මේ සිස්ටම් එකනම් වෙනස් වෙන එකක් නෑ ,, එදා යුදෙව්වෝ 70% මරෙනකොටත් අද අරු හිතනවා වගේ හිතපු අය ඉන්න ඇති …. එත් ලෝකේ වෙනස් වෙලා නැ අරුවෝ

        මම මැලේ රාළ

      • //////////// දුබලයා පරාදයි, ශක්ති වන්තයා දිණුම්.. ලෝකෙ කොච්චර ශිෂ්ඨාචාර ගත වෙලා කිව්වත් අදටත් ඔය කැලෑ නීතිය තමා මුලු ලොකේ පුරාම ක්‍රියාත්මක වෙන්නෙ..///////////////////

        @Senna…..මේක තමයි ඇත්ත. පිලිගත් රාජ්‍යයින් අතර විතරක් නෙමේ බං…එකම මතයක ඉන්න කංඩායම් අතර පවා තියෙනවා. බලපන් ඉතිහාසයේ ඊළම් මතවාදි කංඩායම් කීයක් මරාගෙනද LTTE එක උඩට ආවේ නේද?

      • @ මැලේ රාළ…..ඔව් මේ දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එන්න එන්න වැඩිවෙනවා මිසක්..බලාගෙන ඉන්න තමයි වෙන්නේ. සෙන්නාගේ පැහැදිලි කිරීම අගෙයි. මට මුලින් ඒකේ අදහස කෙලින්ම ආවේ නැහැ.

  25. හමාස්වරුන්ගේ අවශ්‍යතාවය මලමිනී ගොඩක් පමණක් බව තෙරුම්ගන්න. යුදෙව්වන් එය පාවිච්චි කරමින් ඔවුන්ගෙ අවශ්‍යතාවය යහමින් ඉටුකරගනිමින් තම ජනතාවගේ ආරක්ෂාවට කලයුතු දෙය කරමිනුයි ඉන්නෙ.

    • ෂෙෆාකි…..උඹටත් වේලසනින් උත්තරයක් දිය යුතුයි කියලා හිතුනා. ඒ වෙන මුකුත් නිසා නෙමේ. උඹ මට “තේරුම් ගන්න” යැයි කියා තිබෙන නිසා. එක අතකින් මම උඹව අගය කරනවා අරාබි රටක වසර විසිගානක් ඉඳලා ආපු කෙනෙක් අරාබි මනසින් ඉවත්වෙලා ඉන්න එක ගැන.. ඒ ගැන සතුටුයි.

      නානසාර එන්නෙත් උඹ ඉන්න සාක්කුවෙන්ද කියලත් හිතෙනවා. ඒකනේ මේ අමානුශික තත්වයන් යටතේ පවා අපි ඊශ්‍රායලය වෙනවා කියන්නේ. මම මේවා දකින්නේ හඬ යූසුෆ්ගේ අනිත් එක තව මොකාගෙද වගේ හැටියට. මතක තියා ගණින් මම ලියන්නේ මනුස්සත්වය ගැන.
      නානසාර එන්නේ ගෝඨාභය සාක්කුවෙන් බව බෞද්ධමතුන් නොවෙන බුද්ධිමතුන් දන්නවා. උඹ එන්නේ ඒ සාක්කුවෙන් නෙමේ කියලා මම දැනට හිතන්නම්. අපි කතා කරමු. එතකොට මනුස්සත්වය ගැන තව ලියන්න පුළුවන්.

      • අරූ…අරාබි මනසින් තොරවවත්, ඉස්ලාම් වලට විරුද්ධවවත් කරපු කොමෙන්ට් එකක්වත්, අඩුම තරමේ උඹට ලියපු දෙයක්වත් නෙමෙයි මගේ කමෙන්ටුව. ඔබ ආරම්භ කල කතිකාවත දුටුහැටියේම මගේ හිතට ආපු දෙය ලිව්වේ.
        තලත්තෑනි මම නිසා හොඳයි, නැතනම් මචෝ උඹ ගාවලා තියෙන නම් දෙකනම් මාර කේස් නම් දෙකක්.
        රවී කියපු දෙයම තමයි මමත් ලියන්න හිටියේ. මම කොහොමත් එක පාරට කමෙන්ට් කරන්නේ නැති බව උඹ දන්නවනේ.
        උඹට චැලෙන්ජ් කලා නෙමෙයි මචෝ (තෙරුම්ගන්න කිව්වේ පොදුවේ අපි හැමෝටම, මාත් එක්කලා ) .මම කිසිම ආගමකට සම්බන්ධ පුද්ගලයෙක් නෙමෙයි. ඒකට හේතුව පරම්පරාවෙන් මට ලැබිච්ච ආගම, ඒ කියන්නේ බුද්ධාගම අද අදහන විදිය කල හදිය තමයි ඒ. මම අන්තවාදය පිටුදකින්නෙක්.
        මට තාම තෙරුම්ගන්න බැරි, තමන්ගේම වැසියන් බිල්ලට දෙමින් සාමයට කථාකල විට එය ප්‍රතික්ෂෙප කරමින්, කිසිම ආකාරයකින් පරාජය කල නොහැකි හමුදාවක් සමග සටන් වදිනා ත්‍රස්ත කන්ඩායමක අරමුන මිනී ගොඩාක් පමනක් බව ගැන කථා කිරීම මා නානසාර එන සාක්කුවට ඇද දැමුවේ කෙසේද යන්නයි.
        2009 දී අප රට ගැනත් ඩූගුඩර්ස්ලා කිව්වේ අද IDF එක ගැන CNN එක කෑගහන දෙයම නෙවෙද?
        UN එක කියන අයුරු 80% විනාස වෙලා තියෙන්නේ සිවිලියන්ස්ලා. IDF කියන්නේ අපි ඔක්කොම හමාස් ටනල්ස් ටිකයි, හමාස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්සුයි විනාස වෙන කම් මේ ප්‍රහාරය ගෙනියනවා කියලා.
        ඉතින් මේකෙන් ගොඩ එන්න පුලුවන්ද තව තවත් තම ජනතාව අතර ඉඳන් රොකට් ඇරලා?
        නෙතනියාහු කියන්නේ ජාතිවාදි බල්ලෙක්. ඌ මේක කරන්නේ තම දේශපාලන බලය තහවුරු කරගන්න. මුලු ඊශ්‍රායල් ජනතාවම මිනිහාගේ පස්සේ ඉන්න වෙලාව බලලායි මේ ඔපරේෂන් එක ලොන්ච් කලේ. කොහොමත් තමන්ගේ ඉස්කොලෙට, සාප්පු යන තැනට, ගෙදරට රොකට් වැටෙනකොට ජනතාව තමා සමග බව ඌ දන්නවා.
        අපි මොහොතකට උපකල්පනය කරමු, මේ සටන ජරා විදියට ඉදිරියට ගිහිල්ලා, හමාස් සංවිධානය දන ගස්සගෙන මිනිස්සුන්ට ( පලස්තීන සහ යුදෙව්වන්) බොඩර් චෙක් පොයින්ට් නැති, කාර් බෝම්බ, රොකට්, පැහැරගැනීම් නැති ගාසා තීරයක් නිර්මානය කරන්න IDF එකට පුලුවන් උනොත්…….!!!
        මට කියන්න තියෙන්නෙත් රවි කියපු දෙයම තමයි මචෝ….කෆීෂ් !
        ” In every war it’s the innocents that get hurt. ”

        ” An unjust peace is always better than a just war “

      • ෂෙෆාකි…..මම එතන උඹව ඉලක්ක කර යමක් කිව්වා නොවේ. ඔය “තේරුම් ගන්න” කියන වචණ දෙක බොහෝවිට පිටවෙන කටවල් දෙකක් තමයි මම සඳහන් කරපු දෙන්නා. මට ඒ ගැන තමයි ලියාගන්න ඕනවුනේ. අපිට ඊශ්‍රායලයක් වෙන්න පුළුවන් කියා නානසාර කියන්නේ….මුස්ලිම් ඝාතනයක් ගැන යටි අරුතක් ඇතිවනේ. එහෙම නැතිව ඊශ්‍රයලයේ ඇති අති සාර්ථක දියුණුව ගැන අර්ථකයෙන් නෙමේනේ. එවැනි අයට උඩ ගෙඩි දෙන පාලකයින් ඉන්නා වටපිටාවක උඹේ කමෙන්ට් එක අතර මම පැටලුනාද මම දන්නේ නැහැ. ඒ අරුතෙන් තමයි මම එහෙම කිව්වේ. උඹට හිතරිදවීමක් වුනා නම් සමාවෙයන්.

        හමාස් සංවිධානයේ වැඩපිලිවෙල පැහැදිලියි. ඒ නිසා තමයි මම අර්ෆත් කෙනෙක් ගැන සඳහන් කරේ (අඩුම ගානේ මිනිස් ජීවිත හානිය අවම කරගන්න කාලයකට හරි ) අඩුම ගානේ නොබෙල් ප්‍රයිස් එකෙන් 1/3ක් වත් ගන්න පුළුවන් වෙයිනේ.
        මම කියන්නේ බලවත් සහ දියුණුයි කියනා ජාතීන් මේ වෙනුවෙන් දක්වන බලකිරීම ඉතාම ලිස්සායන සුළුයි කියා. තත්වය ඔඩු දුවලා. අද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ Foreign office minister ඉල්ලා අස්වුනා ආණ්ඩුවේ වැඩපිලිවෙල විවේචනය කරමින්.

    • DGM බස්සා says:

      පාරපරිකවත් , දැනුත් යුදෙව්වන්ට එච්චර හොඳ පැටිකිරියක් නෑ. ඒත් ඉතාමත් බුද්ධිමත් ජන කොට්ටාශයක්. අන්තවාදී සුළුතරයක් හිටියත්, සමස්තයක් වශයෙන් අරාබීන්ට වඩා හොඳයි. ලෝකෙට යමක් දීපු මිනිස්සු. මේ ඉවක් බවක් නැතිව ගැහිල්ල සාධාරණීකරණය කරන්න බැරි වුනත්, තුවාලෙ තියන එකා තමයි අමාරුව දන්නෙ. යුදෙව්වො වගෙ අසිය ගුණයක් නරකයි අරාබියො.

      රවි, සෙන්නා ඇතුළු කීපදෙනෙක් මේ සංකීර්ණ,ඒ වගේම සෝචනීය තත්ත්වයේ අනෙක් පැත්ත ගැන ලියල තියනවා, හමාස් කරන්නෙ බලලුන්ට කියල කොස් ඇට බෑවිල්ලක්

      • @බස්සා……පැහැදිලියි. හමාස් නායකයින්ව සාකච්ඡා මේසයට ගේන්න සහ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න රුසියාවට, චීනයට පවා මීට වඩා මැදිහත් වෙන්න පුළුවන්. නායකයින්ට තියෙන්නේ වෙනස් න්‍යාය පත්‍රයන් වෙන්න ඇති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතර දැන් දැන් මතභේදයන් ගොඩ නැගෙනවා. අද නියෝජ්‍ය අගමැති නික් ග්ලෙග් පවා මේ ඝාතන ගෙලා දැක්කා. එක් කෙනෙක් ඉල්ලා අස්වුනා.///// Foreign Office minister Baroness Warsi has resigned from the government, saying its policy on the crisis in Gaza is “morally indefensible”.//////////

        මේවා කොතරම් දුරට සාර්ථකද කියලා කියන්න දන්නේ නැහැ.

    • මදෑ වචන දෙකක් ගිය දුර…නෝ වොරීස් මචෝ…
      අපේ විදේශ ඇමතියානම් අස්වෙන එකක් නැහැ අස් කලත්…
      මම සාමාන්‍යයෙන් සෑහෙන්න කියවලා (කොමෙන්ට්ස් සහ අරූගේ පසුවදන්) තමයි මගේ අදහස ලියන්නේ. ඔය උඩ තියෙන කමෙන්ට් එක ලිව්වේ කකා කමෙන්ට් කරලා තිබුනා මට ඇන්ඩ්‍රොයිඩ් එකට සිංහල දාන්න කියලා. එහෙම කරලා ඉස්සෙල්ලාම කරපු හදිසි වෙසක් එකක් ඔය මහ රෑක කරපු….
      මට හිතෙනවා උඹ මේ දවස් වල පොඩ්ඩක් චාර්ජ්වෙලා ඉන්නේ මොකක් හරි දෙයකට කියලා කමෙන්ට් සහ පෝස්ට් එක කියෙව්වාම.
      අරූ…ඔය මනුස්සකම ගැන ලියලවත් කථා කරලවත් වැඩක් නැති ගානට අපේ සංහතියට කෙලවෙලා ඉවරයි කියලයි මටනම් හිතෙන්නේ…කූල් ඩවුන් වෙයන් මචෝ…

      • //////කූල් ඩවුන් වෙයන් මචෝ…////////
        ඒක තමයි බං…මේ දවස්වල හරි රස්ණෙයි සහ හෙන බිසි මචං 😀

  26. Kenji ogawa says:

    >>හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන යකාගේ ආච්චි යයි හැඳින්වූයේ ඊශ්‍රායලයයි.

    කොටි සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ගුවන් හමුදාවේ ඇමරිකානු නිෂ්පාදිත බෙල් හෙලිකොප්ටර් යානාවලට අවශ්‍ය අමතර කොටස්‌ සපයන ලෙස ඡේ. ආර්. එදා ඇමරිකානු රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

    මේ නිසා කෝපයට පත් ඡේ. ආර්. පැවසුවේ යකා දෙන්නේ නැත්නම් යකාගේ ආච්චිගෙන් හෝ අමතර කොටස්‌ ලබාගන්නා බවයි. ඒ අනුව යකාගේ ආච්චි හෙවත් ඊශ්‍රායලය බෙල් හෙලිකොප්ටර්වලට අවශ්‍ය අමතර කොටස්‌ ලබාදුන්නේය.

    මේ යටතේ ඊශ්‍රායල් අයිතිවාසිකම් කාර්යාලයක්‌ද කොළඹ ස්‌ථාපිත වූ අතර එකී කාර්යාලයේ කටයුතු කොළඹ ඔබරෝයි හෝටලයේ නවවැනි මාලයේ ක්‍රියාත්මක විය. මේ සමයේ ඊශ්‍රායල් නියෝජිත මටානි ඔබරෝයි හෝටලයේ කාමරයකට එන බවට කොටි බුද්ධි සේවාවට වාර්තාවීම නිසා හෝටල් සේවකයකු මෙන්ම කොටි චරපුරුෂයෙකුවූ ඔබරෝයි තේවන් ලවා බෝම්බයක්‌ අටවනු ලැබීය. එහෙත් එකී කොටි බෝම්බයට ගොදුරුවූයේ මටානි නොව හෝටල් සේවිකාවකි. 1984 ජනවාරි 21 දා ඔබරෝයි හෝටලයේ බෝම්බ පිපිරීම සිදුවිය. පසුව ආර් ප්‍රේමදාස ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු වික්‌ටර් ඔස්‌ට්‍රොව්ස්‌කි නැමැති හිටපු මොසාඩ් චරපුරුචයකු බයි ද වේ ඔප් ඩිසෙප්ෂන් නැමැති ග්‍රන්ථයෙන් ඊශ්‍රායල් බලධාරීන් කොටින්ට හා ශ්‍රී ලංකා හමුදා භටයන්ටද යුද පුහුණුව දුන් බව ප්‍රකාශ කර තිබිණි. <<
    යකාගෙ ආච්චි එහෙම තමයි…..
    අඩුගානෙ ලෝකයට යමක් දෙන්නව….
    හමාල මොනවාද බං දෙන්නෙ …. උන්ට ඕන ලේ දකින්න…
    අපේ ලොක්කො තාමත් මරන්නෙ ….
    කුරුම්බ ගෙඩිය ඇස්ස කැපුව වගේ ඔලුව පිටි පස්ස තියෙන්න වෙඩි තියල….
    රෙද්දවල් කතිකාවට නොගෙන උඹ ලියන රෙද්ද ලියපං ඩෝ ….
    පුෂ්පය විකසිත නොකර … මා වන සම හරක්ගෙ ….

    • ඔස්‌ට්‍රොව්ස්‌කිගේ පොතේ ඔහොම කතාවක් තියෙන බව අහලා තියෙනවා. ඒ වගේම යසර් අර්ෆතුත් කියලා තියෙනවා පලස්තීන කංඩායම් කොටින් පුහුණු කරපු බවකුත්. මම ඔය කියන ඔබරෝයි සිද්ධිය වෙනකොට හිටියේ හෝටලය ඇතුලේ. මැරුණේ හවුස් කීපින් සුපවයිසර් කෙනෙක්වූ වොලස් කියන කෙල්ල. හැබැයි ඔබරෝයි තේවන් ඕකට සම්බන්ධ කතාව කොතරම් දුරට ඇත්තද කියා මම දන්නේ නැහැ. මොකද ඔබරෝයි දේවන්ව ඒ වෙනකොට LTTE එක විසින් ඝාතනය කරලා තිබුනේ 1983 විතර. ඌ ඔබරෝයි එකේ වැඩ කරපු එකෙක් බව කියනවා. මම නම් දැකලා නැහැ. ටෙලො එක කඩාගෙන ගිහින් TELA කියන එක හැඩුවේ ඔබරෝයි දේවන්.

      මගේ කතාව මේ සාකච්ඡාව ඉවර වුනාම ලියමු.

  27. සිරා says:

    මැලේසියාවෙත් කීප තැනකම පලස්තීනයට සහයෝගය දක්වලා තිබුන විරෝධතා ව්‍යාපාර සහ ආධාර එකතු කිරීමේ ව්‍යාපාර කීපයක්ම මමත් දැක්කා. මැලේසියානුවන්ට ඊශ්‍රායලය කියන රට පෙන්නන්න බෑ. එ් තරමට තරහයි. ඇමරිකාවත් ඊශ්‍රායලය අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන ආකාරය දැක දැක මුනිවත රකිනවා. අපි වගේ පුංචි රටවලට සද්දෙ දානවා. මේ ලගදි පලස්තීන රෝහලකටත් ප්‍රහාර එල්ල කරලා තිබුනා නේද.

    • මේවා කාට කියන්නද සිරා….බටහිර රටවල් ගාව එක එක සයිස් එකේ හැඳි සෙට් එකක්නේ තියෙන්නේ. ඒ ඒ බනිස්වලට තමයි ඒ ඒ කෙහෙල්ගෙඩි. ඊද්‍රායලය වගේ රටවල් නම් ශේප් වෙයි. බලන් ඉම්මු. අඩුම ගානේ දවස් තුනකට සීස්ෆයර් එකක් ආපහු පටන් ගත්තා. ඒ කාලය ඉවරවුනාම් මොනවා වෙයිද…

  28. dhanush_c says:

    සමහරක් කරන වැඩ නිසා අද වෙනකොට නැත්තටම නැතිවේගන යන දේවල් කවදාවත් ගන්න බැරි වෙන්නත් පුළුවන්… නේද ??

    • ඔව් ධනූශ්…..විනාශවේගන යන දේවල් රැකගැනීම තමයි යුතුකම. නමුත් එහෙම වෙනවා අඩුයි. ගොඩගන්නවාට වඩා වලලන්න තමයි සමාජය කැමති.

  29. sudeeka says:

    ඔබගේ ලිපියත්, සෙන්නා ඇතුළු කිහිප දෙනෙකුගේ කමෙන්ට් තුලිනුත් සත්‍ය දුටුවෙමි. .

  30. Pra Jay says:

    අරූ කියනව වගේ ට්‍රැජඩි එකක් තමයි. සෙන්නා කියනව වගේ යථාර්තයත් තමයි.
    මැදපෙරදිග අර්බුදය ගැන කියවනකොට මට හැමදාම හිතෙන එකක් තියනව. ඊශ්‍රායලය හැමදාම යුද්දෙක එහෙම නැත්නම් ඒ තර්ජනය යටතේ. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය මාද්ය නිදහස සෑහෙන්න තියනව. චන්ද තියනව. ආණ්ඩු පෙරලෙනව. කවුරුවත් කියන්නෙ නෑ රට අවදානමේ නිසා පාලකයන්ගේ දෑත් ශක්තිමත් කරන්න ඕනැ කියල. ආණ්ඩු හැමතිස්සෙමවගේ දුර්වලයි. වෙනස් වෙනව. දූෂිත දේශපාලකයින් අහුවෙනව.යුදෙව් රාජ්යයක් වුනත් secular නීති තියෙන්නෙ. අන්තවාදී යුදෙව්වන්ට තාම දේශපාලනයෙ ලොකු තැනක් නෑ. ගෑනු පිරිම එකට ට්‍රේන් වෙන එකම ආමි එක. සමාජය සෑහෙන්න ලිරල් comparatively . ඔය ඔක්කොම අවුරුදු 50 කට වැඩි යුද හා ත්‍රස්තවාදී තර්ජන යටතේ

    • Pra Jay says:

      /ලිබරල්/
      තාම ඩිලීට් නෑ නේ?

      • ප්‍රා…….පැහැදිලිවම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින දේශපාලන ගැටුමට සාර්ථක විසඳුමක් ගේනකම් මේ විනාශ නවත්වන්න බැහැ. හමාස් සංවිධානය මේ ගැටුම්වල පාර්ශවයක්වූ නිසාම මේ ජනතාව මියයනවා. හමාස් සංවිධානය සහ මුස්ලිම් බ්‍රදර්හුඩ් වගේ ගැටුම්කාරී කංඩායම් අතර ඇති බැඳීම තව තවත් ප්‍රබල වෙනවා. පලස්තීනයේ ෆාටා පක්ෂයට ප්‍රබල නායකයෙක් බිහිවී දේශපාලන ස්ථාවරයක් ගොඩනංවා, හමාස් සංවිධානය දේශපාලන වශයෙන් අඩපන කරනකම් මේ තත්වය ඔහොම තියෙයි. හමාස්-මුස්ලිම් බ්‍රදර්හුඩ් සහ අනිකුත් කංඩායම් සියල්ලටම මේ තත්වය අදාලයි.

    • @ Pra…..ඊශ්‍රායලයේ ඒ සාර්ථකත්වය ගැන හිතනගමන්ම මේ වගේ සිද්ධීන් ගැනත් ඇහෙනවා. මීට වඩා නම්‍යශීලී විය යුතුයි නේද දියුණු මිනිසුන්…මේ ලිපිය කියවා බලපන්. 06/08/2014 The Guardian.

      israel-curb-development-palestine-resentment

  31. මචංස්ලා……දවස් තුන හතරක් යනකම් හරිම බිසි. මම හැකි හැකි පමණින් උත්තර දෙන්නම්. සමාවෙන්න.

  32. boo says:

    අහින්සකයන්ගේ මරන සාදාරනය කරන්න කිසිම සාදකයක් නැහැ.

    එත් කතාව මෙහෙම වෙන්න බැරිද.

    අපේ ගෙට අල්ලපු වත්තෙ ඉන්නෙ මහ නසරානි පවුලක්.අපේ අත්ත මුන් එක්ක ඉන්ඩම බෑ, හිටියොත් එයාගෙ ලමයි හඩ ගන්ඩත් බැ කියල මේ ඉඩම අත් ඇරල කුලියට ගිහින් කලෙකට කලින්.
    තාත්තල , බාප්පල, නැන්දල සමහරු ඉඩම් ගත්තා, සමහරු කුලියට ඉන්නවා.
    අපේ ජෙනරේශන් එකත් එහෙමඉ
    පස්සෙ මන් බැන්දල හෙම පිලිවෙලක් වෙන්න හැඩුවා, අනික් අයට වගේ මට ඉඩන් ගන්ඩ් සල්ලි තිබ්බෙත් නෑ.නැතත් ඉතින් අපේම ඉඩමනේ කියල මන් ආව මේකට.
    මේ මුලු කාලෙම අරුන් ඉඩම බුක්ති වින්ඩලා, අයේ ගස්වල තිබ්බ ජාති කඩන් කැවට මොකවත් කියන්ඩ් අවිත් නෑ අපේ පවුල් වල කවුරුවත්.
    ගේ හදන් ආව දවසේ ඉන්දලා මුන් ඉන්ඩ දෙන්නෙම නෑ. උන්ටත් අයිතිලු. මේ පිරිසිදු ඔප්පු තියෙද්දි.
    හැමදාම හවසට බීලා ගෙට ගල් ගහනවා.
    දැන් ඉන්න උන් උන්ගෙ අප්පලට හපන්.අපිව මරන්ව, කියන්ව. පාරේ යන්ඩවත් දෙන්නෙ නෑ.
    උන්ගේ ලමයි ගොඩක් ඉන්නව.උන්ට කන්ඩවත් නෑ.ඇයි මුන් රස්ස කරන්නේ නෑනේඅ.
    වැටේ එල්ලිලා හිටියොත් අපි තියන ඩෙයක් හෙමත් දෙනවා.
    ඒත් මුන් අපිට ඉන්න දෙන්නෙම නෑ.
    මන් පොලිසියට කීවා.
    උසවි නියොග ගත්තා.
    මුන් තාමත් ගහනවා.
    කිසි වැරද්දක් නොකර අපේ ගෙදර උන් දඩුවම් විදිනව.
    මන් මොකද්ද කරන්නෙ.

    • Boo…….මේ ගාසා තීරයේ දේශපාලන ගැටුම බොහෝ සංකීර්ණයි. ඒ තුල සංවිධාන කිහිපයක මැදිහත් වීම් තියෙනවා. දැන් දැන් කාලයකට සැරයක් ඔහොම ඇවිත් දාහක් දෙදාහක් මරලා බිල්ඩිං කුඩුකරලා යනවා වගේ දෙයක් කරනවා හැර ස්ථිර සාර විසඳුමක් මට නම් පේන්නේ නැහැ. එදා අර්ෆත්ගේ ෆාටා සංවිධානය ප්‍රමුඛ PLO එකයි ඊශ්‍රායලයයි අතර තිබුනු ගැටුමට වඩා මේක ඔඩු දුවලා. ප්‍රාගේ කමෙන්ට් එකට මගේ අදහසත් කියවා බලපන්.

  33. Senna says:

    Aruuuuuuuuuuuuuuuuuuuuuuuu wherrrrrre arrrrrre yourrrrrrrrrrrrrrrrrrrrrrrrr ?

  34. Anonymous says:

    machan I can see only boxes instead of sinhala. early it was visible

  35. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

  36. Chandana says:

    අරු අයියන්ඩි කාර්‍යබහුල වෙලා වගේ. නිදහසක් ලැබුනම එන්නකෝ එහෙනම්.

  37. Google says:

    is updated frequently with free advice about Google Ad – Words
    strategy, tactics, tips tricks and techniques for
    success in Ad – Words advertising. This will allow you to answer only those calls that come in on your forwarded toll free number and route other calls to different locations.
    Besides placing advertisers ads on your Blog, you can also make money Blogging by
    placing Google Adsense into your Blog.

Leave a reply to aruge adaviya Cancel reply