සත්තයි!! කිසිම අවුලක් නැත!!!!

ආදරණීය බ්ලොග් කියවන මිතුරනි, මිතුරියනි……

පසුගිය කාලය පුරාම මම අධික වැඩ රාජකාරි නම්වූ ගල් රෝදයට යටවී සිටියෙමි. එම ගල් රෝදය රාජකාරී සහ පෞද්ගලික යන රෝදයන් දෙකෙන්ම සමන්විත විය. එකකින් යටවි ගොඩ එන විට අනිකටද යටවී යාමක් විය. ඒ සියල්ලකින් පසු, අලසකම නම්වූ රෝදය හෝ රෝගයට මම යටවුණෙමි. කාලය යනු නැවත උත්පාදනය කල ගත හැකි දෙයක් නොවන නිසා, ඒ ගැන සිතීමෙන් පලක් නැත. ඒ නිසාම මම සියලු සයිබර් සබඳතාවලින් මිදී, ආතල් එකේ ඉඳීම නැමති මානසික සයිබරයට කොටුවුණෙමි. තව සතියකින් පමණ මම ඔබ කියවීමට එන්නෙමි. එතකන් මට සමාවෙන්න.

මාසයකටත් අධික කාලයකට පසු ,අද මම මගේ ඊමේල් විවෘත කළෙමි. ඒ තුළ බොහෝ විට තිබුණේ, අවුල ලියන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයට වඩා, අරූට කරදරයක්ද, සනීපෙන් සිටිනවාද යන හෘදයාංගම විමසීමයි. ඒ දුටු වහාම මට මා ගැන ලැජ්ජාවක් සහ කම්පාවක් ඇතිවිය. මට සමාවෙන්න. ඔබ මා තේරුම් ගනු ඇතැයි විශ්වාස කරමි. මට දුරකථනයෙන් අමතා සුවදුක් විමසා බැලූ අයද බොහෝය. තදින් දෝෂාරෝපණය කල මගේ ආදරණීය කිට්ටු මිතුරන්ද විය.

මම තව සතියකින් බ්ලොග් කියවීමට එන්නෙමි. නැවතත් මට සමාවෙන්න. ඉන් පසු අවුලක් නැතිව….අවුල් වන්නනට පෙර ලියන්නෙමි. ඊට පෙර ඔබ ලියූ දේ කියවීමට මම කැමැත්තෙමි. හෙට සිට මම ඔබ කියවීම පටන් ගන්නෙමි. එතැනින් පසු , අවුල දිග හරින්නෙමි.

පෞද්ගලිකව ඊමේල් පණිවිඩයන්ට පිළිතුර නොදීම පිළිබඳ සමාවෙන්න. මම ඔබව පසුව අමතමි. නැවත ලියන්න යැයි සැමවිටම මට දොස් තබනා දියණිය සහ බිරිඳත් මට මහඟු අත්වැලක්ය. ස්තූතියි!!!!!!!!

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

89 Responses to සත්තයි!! කිසිම අවුලක් නැත!!!!

  1. ඉක්මනින් එන්න අරූ අයියා. ජය වේවා!!!

    • ප්‍රියා……සමාවෙයන්. උඹලා මට හයියක්!! මම ආපහු ලියනවා තව සතියකින්. මට මේල් එකක් එවපන්. උඹලා ලියපු දේවල් කියවන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. ඊට පස්සේ මම ලියනවා. මම ඇත්තටම උඹලා ගැන හිතමින් හිටියේ.

  2. ඔබේ අඩුව සෑහෙන්න දැනුනා.

    • ගුණේ මහත්තයෝ…..බොහෝම ස්තූතියි!! මම ගුණේ මහත්තයා වගේ හරබරදේ නොලිව්වාට, ගුණේ මහත්තයාගේ අදහස් හා සමාජ සවිඥ්තාවය ඉහලින් අගය කරනවා. මම ඊයේ වෙනස නම්වූ වැඩ සටහන තුල අම්බොක්කේ පත්තිනි දේවාලය මගින් කරනා වාර්ෂික පෙරහැරක් දුටුවා. ඒ සාම්ප්‍රදායික අගයන් මා මවිතයට පත් කලා. ගුණේ, ඔබ කරන්නේත් එවැනි වැඩ කොටසක්. අයිටීඑන් “වෙනස” හරහා හෝ උග්ගල දේවාලය හා සම්බන්ධව යම් කිසි තොරතුරක් රටට ඉදිරිපත් කිරීමට උඹට සහ ප්‍රදේශවාසීන්ට ශක්තිය ලැබේවා!!!

  3. Kenji ogawa says:

    ඒමද මචෝ…… දැනගන්න ඕන කමින් ඉටියෙ …..thnx …..
    එමින් වරෙන්….හෙක්….හෙක්….

    • කෙන්ජියෝ….අම්බානක වැඩ තිබුනා. ඒවා ඉවරවුනාම ගෙදර ඇවිත් පොඩි සොම් එකක් ගන්නවා ඇරෙන්න ඊමේල් එකක්වත් ඇරියේ නැහැ. ආපහු උඹලාගේ දේවල් කියවන්න පටන් ගන්න ඕන. මම සයිබරයෙන් තොර පුදුම ආතල් එකක් ගත්තා..ෆුල් ෆ්‍රීඩම් එකක්. ඒකත් මරු බං. හරි ආතල්!!!!!!!!!!!!!!!!!වෙලාවක් තියෙන හැම මොහොතම නොන් සයිබර් වෙලා අඩියක් පුඩියක් ගහගෙන හිතට සැප දුන්නා. ඔහොම යං!!!!!!!!!

  4. Anonymous says:

    අවුලක් නැති නම් අරූයියා එච්චරයි…:)

    • Anonymous says:

      අවුලක් නැහැ කිව්වත් තියෙනවානේ මේ ඇනෝ කමෙන්ට් එක මනෝ ගේ හොඳේ.

      • මනෝ…..මම උඹව දකින්නේ බ්ලොග් ලෝකය තුල ඉන්නා සොඳුරු තරුනයෙක් හැටියට. උඹේ ඇති සමාජ, දේශපාලනික දැක්ම අගය කරනවා. ඒ තුල අනිකා ඇගයීම, අන් මතයන් ගරු කිරීම ඉතා අගය කලයුතු ගුණාංග. තව දුරටත් ඒ තුල රැඳීසිටීම නිසාම ඔබ තාරුණ්‍ය්යට ආදර්ශයක්. වඩාත් අගය වෙන්නේ ලිවීමට පෙර කියවීම බව මම හිතනවා. මගේ ගොන් ටෝක් නො අසා උඹ ලියපන් 😀

  5. Chef archutect says:

    After a long long silence….Aru….Felt like the very first sip of a cold beer on a hot sunny summer day…

    • ෂෙෆාකි…..උඹේ කමෙන්ට් එක දැක්කාම මටත් කූල් බියර් එකක් ගහන්න හිතුනා. මොකද තාමත් මෙහේ ඉර ටිකක් පායනවා. තව ටික දවසකින් වින්ටර් ආවාම ගුලිවෙලා ඉන්න එපැයි. එතකොට නම් බියර් වානා 😀

  6. Mayya says:

    //නැවත ලියන්න යැයි සැමවිටම මට දොස් තබනා දියණිය සහ බිරිඳත් මට මහඟු අත්වැලක්ය. //

    Happy 4 u :))

    • තෑන්ක්ස් මයියා!! ලියන්න කියලා එන්කරේජ් කරන කොට නම් හැපි තමයි. අනිත් ඒවාට බර බරේ දානකොට නම් අයියෝ කරදරේ කියලා හිතෙනවා 😀

  7. උඹට කරදරයක්ද කියලා JP මගෙනුත් ඇහුවා.

    • තෑන්ක්ස් ඩූඩ්!! JP මගෙනුත් ඇහුවා. මම ෆිට් එකේ ඉන්නවා. ඒත් මගේ කාලය මට වද දෙනවා. වටපිටාව කලබලයි. දුව ගෙදර ඇවිත් 😀 දන්නවානේ බං වන් ඇන්ඩ් ඔන්ලි දරුවා වුනාම ඉල්ලන attention එක 😀

  8. වයලීනෝ says:

    අහ්හ් මේ ඇවිත් ඉන්නේ අරූ මාමා සීයා අයියා අංකල් :p :p :p

    • අඩෝ අඩෝ වයලීනුවෝ….අන්කල් වචනේ හොඳයි…සීයා වැඩියි…අයියා අඩුයි 😀 අනේ යකෝ!! කොහොමද උඹේ ඉගෙනීම් කටයුතු?

  9. maathalan says:

    එළකිරි… ජළය මුසු නොකල…

    • ////එළකිරි… ජළය මුසු නොකල…/////
      මාතා…..මචං මේ දවස්වල ජලය මුසු නොකල එළකිරි නෙමේ.. ජලය මුසු නොකල අරවා 😀

  10. ඉන්දික උපශාන්ත says:

    හම්බේ දැනෙන සනීපෙ. පහුගිය ටිකේ බ්ලොග් නිකන් පාලු වෙලා තිබ්බෙ.

    • ඇත්තටම් ඉන්දික මම හරිම දඩිබිඩි සීන් එකක ඉන්නේ. ඒ නිසා යමක් කියවලා රසවිඳින මූඩ් එකක් නැහැ. තව පොඩ්ඩක් කල් දීපන්.

  11. Chandana says:

    එහෙනම් පටා….න් ගනිමු ලියන්න.. 🙂

    • අඩෝ චන්දනයෝ….උඹ ආපහු යමක් ලිව්වාද? අඩුම ගානේ කෙබරයක් 😀
      මට හරි හමන් විදිහට බ්ලොග් රෝල කියවගන්න හම්බවුනේ නැහැ බං.

      • Chandana says:

        අලුතෙන් මොකුත් ලිව්වෙ නෑ අරු අයියා. මේ දවස් වල අනෙක් අය ලියන ඒව කියවමින් මේකෙ එහෙ මෙහෙ ඇවිදිනවා. 🙂

      • මාත් එහෙමයි බං….කොහෙන් පටන් ගන්නද මන්දා….කම්මැලිකමට බෙහෙත වීදුරුවට වතුර නැතුව හාහහා දාගන්නවා කියලා. හාහහා දාගෙන එක දෙක තුන හතර වෙනකොට බයිය බබා බයි ඕන වෙනවා…බයිය බබා බඩට ගියාට පස්සේ….බොයිය බබා වෙනවා….බොයිය බබා බොයියම තමයි බං….කොලොස්ටරෝල්..ප්‍රෙශර්…ඕන ටොෆියක් පනම් අටයි කොල්ලෝ…..

        අපේ තාත්තා..ඉස්සර දෙකක් දාගෙන සිංදුවක් කියාගෙන තමයි ගෙදර එන්නේ….”අපි සන්තෝශෙන් ඉන්නේ..දුක සෝකය නෑ දන්නේ..” කියාගෙන. මම දන්නවා අම්මා කාපු කට්ට. තාත්තාගෙ බයිලා…….ඒ නිසාම තමයි චන්දන මම මිනිහෙක් වුනේ. හැබැයි මමත් හොඳට කනවා, බොනවා. හැබැයි වගකීම් නිවැරදිව තේරුම් ගෙන. දැන් මම ෆ්‍රී බර්ඩ් බං.

        මට ආසයි පියඹන්නා මේ ලෝකයේ……

        මම හෙන කට්ට කාපු හු**ක් බං කොල්ලෝ… මම නෙමේ අපි තුන් දෙනාම.

  12. ඉක්මනින් ආපහු එන්න – ජය වේවා!!!

  13. නැවත දැකීම සතුටක් … සයිබරයෙන් තොර ආතල් එක ගැන ඉරිසියයි .. හෙහ් හෙහ්

    • පැතුම්…..මටත් සයිබරයෙන් තොර ආතල් එක අතහරින්න ඊරිසියයි බං : ඒකයි මේ තටමන්නේ. තෑන්ක්ස් පැතුම්…හෙමිහිට ලියමු!!

  14. සිරා says:

    නැවත දැකීම සතුටක්….හැකි ඉක්මනින් ලියනු හොදා…

    • සිරා…..සිරාවටම ලියන්න ඕන නිසා තමයි මෙහෙම අතපත ගගා ඉන්නේ. සිරාවටම පොඩ්ඩක් ඉවසපන් 😀

  15. helapayaa says:

    නැත්තේ ඇයිද කියා හිතමින් හිටියේ.ආයෙම පැමිණීම සතුටක්.ඉක්මනට ලියන්න ගනිං.

    • හැලපේ…..මම ලියනවාට වඩා උඹලා ලියන දේවල් කියවගන්න මාර ෆයිට් එකක් දෙනවා වෙලාව හදාගන්න. මචං…මංජුවා ඇක්සිඩන්ට් එකක් කරගෙන.

  16. තිසර says:

    අපිටත් එහෙන් මෙහෙන් ආරංචි වුණා උඹ අම්බානකට වැඩය කියලා…

    • ඇත්තටම තිසර වැඩ වැඩියි. ග්‍රැජුඒෂන් එකෙන් පස්සේ දුව ගෙදර ඇවිත් ඉන්නේ. එයා එක්ක හුරතල් වෙන්නත් එපැයි. ඔහොම තමයි ලොකු ළමයි ඉන්න කොට. තාත්තා කෙනෙක් කියන්නේ සෙල්ලම් නෙමෙයි බං. මමත් ඉතින් ඒ සතුට විඳිනවා. ඔහොම යං!!

  17. Beetle says:

    වෙල්කම් බෑක්…

    ගොඩදෙනෙක් කියනවානේ ස්ට්‍රෙස් එක නැතිකරගන්නයි මේ බ්ලොග් ලියන්නේ කියවන්නේ කියලා… මටනං තියෙන ලොකුම ස්ට්‍රෙස් එක මේක තමයි 😀 බ්ලොග් පෝස්ට් මිස් වෙනවා… කමෙන්ට් මිස් වෙනවා.. රිප්ලයි මිස් වෙනවා.. 😀

    • බීටා…..ඇත්තටම මේක ස්ට්‍රෙස් එකක් තමයි. ස්ට්‍රෙස් නැති කරගන්න පටන් ගන්න හැම දෙයක්ම කාලයත් එක්ක ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒක ස්ට්‍රෙස් එකක් කරගන්නවා අපි. ඒක තමයි මිනිස් ස්වභාවය. ඒක නැති කරන්න අපි උඹලාට බැහැ. ඒක ලොකු අභ්‍යාසයක්. මම එතරම් දියුනු මිනිහෙක් නෙමේ. නමුත් ස්ට්‍රෙස් නැති ජීවිතයත් පරිප්පු නැති හෝටලයක් වගේ…බොන්න නැති පාටියක් වගේ :

      ප.ලි…..මම ප්‍රසන්න විතානගේගේ “ඔබ නැතුව, ඔබ එක්ක” ෆිල්ම් එක මෙහෙදි බැලුව. මට තදින් දැනිච්ච ෆිල්ම් එකක්. පොඩි රිවීව් ව්කක් ලියන්නත් හිතුනා. ඒත් තව පාරක් බලන්න ඕන. ඒ වැඩේ කවදා වෙයිද දන්න්නේ නැහැ. පෙන්නුවොත් එපැයි බලන්න. ශ්‍යාම් ප්‍රනාන්දු කියනා රංගන ශිල්පියා ගැන මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

      මලිත් හෑගොඩගේ “දැකලා පුරුදු මුහුණක් “කියන ෆිල්ම් එක ලන්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට තෝරගෙන තියෙනවා.පෙන්නනවා. නමුත් ඒකේ ටිකට් එකක් ගන්න තරම් අපිට හැකියාවක් නැතිවෙයි. මම ඒ ගැන විමසිලෙන් ඉන්නේ. බීටා ….හැකි වෙලාවක, එවැනි ශ්‍රීලාංකික සිනමා නිර්මාණ බලන්න. අපි ඒ ගැන කතා කලයුතුයි!!!!!!

  18. deshakaya says:

    අනේ බං උඹ හිටියේ නැද්ද මාසයක්.. මට නං දැනුනෙවත් නෑ.. හැක්..

    • දේශා…..මට එහෙම තේරුනෙත් නැහැ බං. මම බ්ලොග් කියෙව්වෙත් නැහැ මාසයක් විතර. උඹ තාම ඉන්නවාද? හැක් හැක් ඩබල් හැක් 😀

  19. සින්දු ඇනෝ says:

    ඉරා අඳුරු පට පෙර දිග අහසේ…
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර…
    අරුනළු උදයේ දිලිසෙණ පිණි මත….
    පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ…
    හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී…
    සැඟවී යාදෝ පිණි කැට මිහි තුල…
    පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම…
    නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ…
    ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන දවසක් ඇවිදින් උදාගිරෙන්…
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්…
    එකමුතු වී අපි මිතුරෝ…
    එන්න මගේ ප්‍රිය මිතුරෝ…
    එන්න මගේ ප්‍රිය මිතුරෝ…

    ගායනය – සනත් නන්දසිරි
    ගී පද – චන්ද්‍රසිරි පල්ලියගුරු
    සංගීතය – ප්‍රේමසිරි කේමදාස

    • උඹ නම් රජ බඩුවක් බං!! කොහෙන් ගියත් සිංදුවක් සෙට් වෙනවා. (y) 🙂

    • @ සින්දු ඇනෝ….වැදගත් ගීතයක් අහස් ගව්ව ෆිල්ම් එකේ. මේ බව මෑතකදි මහාචාර්ය සනත් නන්දසිරි “තඹර විල” වැඩ සටහනෙනුත් කියා තැබුවා වගේ මතකයි? මේ මතක් කිරීම් ගැන උඹව අගය කල යුතුයි.

      කෙසේ වෙතත් මම ඉන්නේ මේ දවස්වල “හිත හීලෑ නැහැ..හරිම මුරණ්ඩුයි” වගේ තැනක. ඒ වෙන අරුතකින් නෙමේ. මානසික ඒකාග්‍රතාවයක් නැති නිසා. ලියන්න හිත එක තැනකට ගන්න බැහැ.

      පද….සුනිල් ආරියරත්න
      සංගීතය….වික්ටර් රත්නායක
      ගයන්නේ….බන්දුල විජේවීර

  20. Sanjeewa Mendis says:

    හරේ…අපි බලාගෙන ඉන්නවා

  21. Anonymous says:

    අම්මප මක් වෙලාද කියල හිත හිතා හිටියෙ. කරදරයක් නැත්නම් කමක් නැහැ . ආයෙ ලියනවනෙ…

    හර්ෂ

    • හර්ෂ…..ඕන්න එකක් ලිව්වා. රිද්ම් එකට එන්න ටිකක් කල් යයි.ගණන් ගන්න එපා.

  22. Pra Jay says:

    //ඒ නිසාම මම සියලු සයිබර් සබඳතාවලින් මිදී, “ආතල් එකේ ඉඳීම නැමති මානසික සයිබරයට කොටුවුණෙමි” .තව සතියකින් පමණ මම ඔබ කියවීමට එන්නෙමි. .//

    එන එකට සතුටුයි
    ඒත් ඔය කියල තියන මානසික සයිබර් කොටුව ඇතුලෙම ඉන්න

    • එහෙම ඉන්න පුළුවන් නම් මරු තමයි ප්‍රා. මම ඊමේල් එකක් එව්වා. පොත් ලැබුනා තෑන්ක්ස්. මම හෙමින් කෝල් එකක් දෙන්නම්.

  23. wicharaka says:

    අප්පොච්චිගේ පප්පේ…………………..ඔය නැගිටලා තියෙන්නේ. හරි හරි ආපහු පටන්ගමු අර නවත්තපු තැනින්.

    • විචා….පටන් ගත්තා..ඔහොම යන්. ජොලියට කරන වැඩ නිසා, කම්මැලි හිතුනාම ඔහේ ඉන්නවා.

  24. Senna says:

    අරූ අරූ.. ඔබ නැති බ්ලොග් ලොව පාළුයි අඳුරුයි වශයෙන් පටන් ගන්නා ඒ මහා ඛේදවාචකය…
    මහා මේඝයක්ව, මහා චන්ඩ මාරුතයක්ව, මහා සුනාමි රැල්ලක්ව මේ බ්ලොග් ලොව කලබා විනාශ කිරීමට පෙර.. මෙසේ ඔබ පුනරාගමනය වීම සැබවින්ම යහපති… 🙂

    Welcome back.

    • හපොයි පොඩ්ඩි නම් රැල්ලට අහුවී ගහගෙන ගිහින් හිටියලු. අරූ ආපහු ආව හන්දා යන්තම් බේරිලා ආවලු…. 😛

    • ඔයාට කමෙන්ට්ස් දෙකක් දැම්මා. ඒවා නෑනේ. 😦

    • Senna says:

      උඹේ මාතෘකාව දැක්කමනම් මාව ටිකක් වෙව්ලලා ගියා…

      • පොඩ්ඩි ඔය සුනාමියට අහුවෙලා ඈතට ගහගෙන ගිහින් අරූ ආවට පස්සේ ආයෙම ආවලු. 😛

        මේකට කමෙන්ට් එකක් දාන්ට මම වින්ද දුකක් අප්පා… 😦

    • සෙන්නා…..උඹව තමයි ලොකුම සුනාමියට අහුවෙලා තියෙන්නේ. ලිව්වෙම නැහැ නේද මුකුත්?

  25. හපොයි පොඩ්ඩි නම් රැල්ලට අහුවී ගහගෙන ගිහින් හිටියලු. අරූ ආපහු ආව හන්දා යන්තම් බේරිලා ආවලු…. 😛

    • ඒකනේ පොඩ්ඩි. ගොඩාක් අය එහාට මෙහාට වෙලා ඉඳලා වගේ පෙනෙන්නේ. එක වෙලාවකට හරි කම්මැලියි පොඩ්ඩි. ඔයාත් ආපහු ලියන එක හොඳයි.

  26. Madawa Jayaratne says:

    මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ අරූ ගෙ බ්ලොගේ. වෙල්කම් බැක් අරූ අයියා.

    • මාධව…..උඹේ බ්ලොග් එක මොකක්ද….මම වැඩිය ටෙක්නිකල් දේවල් දන්නේ නැහැ. අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ බං.

  27. Damith says:

    හා එන්ඩ එනඩ ඔය හතාටක් නමාගෙන ඇරියස් එක්ක ලියමු

  28. ඉකමනට නැවත ලියන්න පටන් ගන්න ඔබගේ අත්දැකීම් හරිම රසවත්

  29. තව ටික බලලා ගෙදර එන්න හිටියේ .. 🙂

  30. Senna says:

    Aru,
    can u send me a mail pls
    ssdsenna@gmail.com

  31. මදැයි අවුල්නොවී කොච්ච්චර ටික දවසද හිටියේ………. දැන් ඉතින් ලැහැස්ති වෙයල්ලකෝ ආයෙත් අවුල් වෙන්න

  32. raj says:

    අවුලක් නැත්නම් එච්චරයි අරූ!
    -රාජ්

  33. ඇරෝ ඇරෝ අරු අයියා

  34. ඉවාන්ගේ පහුගිය පෝස්ට් එක නිසා අපේ අරූ අයියා හොඳින් සනීපෙන් කියල දැනගත්තා. ඇමතීමට උත්සාහ ගත්තත් මං ළඟ තියෙන නම්බර් එක වැඩ කලේ නෑ.

    කොහොම උනත් ඉක්මනින් යමක් බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රියාටත් මේ විදියට තමයි ලියන්න වෙන්නෙ. අම්මපා!

    • බොහොම ස්තූතියි මනෝෂ්.!! උඹ නම් දිගටම ලිව්වා කියලා පේනවා. ප්‍රියා නම් ලියලා නැහැ තමයි.

  35. Anonymous says:

    jaya wewa
    suraya

  36. sudeeka says:

    මගෙත් පහුගිය ටිකේ දායකත්වය සෑහෙන අඩුවෙන් තිබුණේ. ඒ නිසාම අරු නොසිටි බව නොදැනිණ. කොහොම වුණත් මේ වගේ පසුබෑම් ඇති නොවන්නේ කාටද? පුද්ගලික දේට මුල් තැන දීම වටිනවා. මේවා විනෝදාංශ නේ.

  37. තිස්ස දොඩන්ගොඩ says:

    හෙටින් සතිය ඉවරයි ඈ! 🙂

    • තිස්ස……..සතිය සති එක හමාර වුණා. අපි කොහොමත් පරක්කු පොරවල් නේ 😀 එකක් ලියලා දැම්මා. ලියන්න ආධුනිකයෝ නිසා…එහෙම හරියට ලියවෙන්නෙත් නැහැ.

  38. කුරුටු ගෑ ගී පවුර says:

    අරූ මචං……………..

    අපි ඔය අත්දැකීමම පහුගිය දවස් ටිකේ අත්වින්දා.. හිතාගන්න බැරි තරම් අපේ කිහිපදෙනෙක් ම වැඩ වල හිර වුණා. දැනුත් එහෙමයි. ඒත් අසංක පුළුවන් විදිහට ඇදගෙන ගියා. තනියම කරද්දි ඒක කරන්න විදිහක් නැහැනේ අරූ…. ඒත් අපි කිහිප දෙනෙක් ම කරලත් අමාරුව දැක්කා ඒ කාලේ… කොහොම හරි ඔබට අඩවිය පවත්වා ගැනීමට තරම් හිත නිදහස් වේවා යැයි පතන්නෙමු……………………….

    • කුරුටු ළමයි…..බොහෝම ස්තූතියි!!! වැඩ අධික වීමයි, කම්මැලි කමයි දෙකම හේතුවුනා මට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s