අවුල් වන්නට පෙර (48)..දෙලොවක් අතර.

පසුගිය සටහනට දායකවූ අදහස් අතරේ මම දෙලොවක් අතර සිරවුණෙමි. මේ පසුකරනා 1980 යුගය පිළිබඳව ලියන්නට, දේශපාලනික දේ බොහෝ තිබේ. දේශපාලනික කරුණු පසෙක ලා මගේ ජීවිත චාරිකාව ලියන්නට යැයි සමහරුන් කියා තිබිණි. නමුත් එයින් බැහැරව මගේ ජීවිතය ලියා තැබීම අපහසුවේ. එනිසාම මම මේ මාතෘකා ද්විත්වය තුළ දෝලනය වුණෙමි. අවුලෙන් තොර දේශපාලනයත්, දේශපාලනයෙන් තොර ‘අවුල’ක්වත් ලියා තැබිය නොහැක. කෙසේ වෙතත් ඒ දේශපාලනික කාරණා වෙනත් සටහනකට තල්ලු කර දමා, මට වුණු දේ මේ සටහනේ ලියා තබන්නෙමි.

වැලිගමට ලැබුණු ටෙලිග්‍රෑමයේ සඳහන්ව තිබුණේ, කොළඹ ඔබරෝයි හෝටලයේ Trainee Steward තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන ලෙස දන්වාය. Steward යනු වේටර්ය. මේ Steward යන යෙදුම වෙනත් රටවල්හී භාවිතාවෙනවා දැයි මම නොදනිමි. වේටරයා යන වචනයට යෙදු පුහු ගෞරවාන්විත යෙදුම Steward විය යුතුය. ග්‍රාමසේවකයන්, ග්‍රාම සේවා නිලධාරීන් වූයේ ඒ අයුරින් දැයි මම නොදනිමි. එවන් යෙදුම් බොහෝය. තනතුර කෙසේ වෙතත් සිදුවිය යුත්තේ අවශ්‍ය රාජකාරිය බැව් කිව යුතු නොවේ.

වැලිගම හෝටලයට දන්වා මම කොළඹ පැමිණියේ ඉන් ඉවත්වීමෙන් පසුවය. ඔවුන් ලබා දුන් සේවා සහතිකයද, ඉතිරි වැටුපද රැගෙන ගල්කිස්සේ පොරෝලිස් මාමාගේ නිවසට නොගොස් මම අපේ දෙල්කඳ නිවසට ගොඩවුණෙමි. මට පොරෝලිස් මාමා නැවත හමුවූයේ එක් වරක් පමණි. ඉන් බොහෝ කාලයකට පසුව, ඔහු කිසිවෙකුටවත් කරදරයක් නැති මරණයකට හිමිකම් ලැබුවේ තම නිවසේ, තම සුපුරුදු බුරුතු ඇඳේ, කාටවත් නොකියාමය. පොරෝලිස් මාමා ගැන මගේ සටහන් තුළ එක් පරිච්ඡේදයක් ලියා තැබුවේ, ඔහු අදටත් මා තුළ ලැගුම් ගත් වීරයෙක් නිසා බැවිනි. ඔහු ඉතිරිකර තැබූ මතක සටහන් බොහෝය.

කවදාත් ජැන්ඩියට හැඳ පැළඳීමට පුරුදුව සිටි පරිදීම හැඳ පැළඳගෙන, සම්මුඛ පරීක්ෂණය සඳහා කොළඹ, කොල්ලුපිටියේ Hotel Lanka Oberoi එකට ගොඩවූ දිනය අදටත් අමතක නොවේ.

මෙම හෝටලයේ කළමණාකරනය සහ පාලක අයිතිය හිමිව තිබුනේ, එදා ඉංදියාවේ පමණක් නොව, ලොවම දන්නා අති දක්ෂ හෝටල් පරිපාලකයෙක් සහ හිමිකාරයෙක්වූ මොහාන් සිං ඔබරෝයි නම්වූ ධනවත් ව්‍යාපාරිකයාටය. ඔබරෝයි මහතා තම වෘත්තීය ජීවිතය අරඹා ඇත්තේ හෝටලයක අමුත්තන්ගේ බෑග් ඔසවන්නෙකු හෙවත් bell boy කෙනෙක් ලෙසට බව මම අසා ඇත්තෙමි. පසු කාලයක ලෝකය පුරා හෝටල් සියයකට අධික සංඛ්‍යාවක පාලනය හෙබවූ Oberoi Hotels pvt Ltd හී හිමිකරු මොහුය. ලංකාවේ පළවෙනි තරු පහේ හෝටලය බවට ඔබරෝයි හෝටලය පත්වී තිබුණි. වසර සියයකට වඩා ජීවත්ව සිටි M.S.ඔබරෝයි මහතා පසු කාලයක ලොවෙන් සමුගත්තේය. ඔහු ජීවත්ව සිටිනා කාලයේදී පවා මෙහි පාලනය පවත්වා ගෙන ගියේ, ඔහුගේ එකම දරුවා වූ ප්‍රිත්වි සිං රාජ් ඔබරෝයි නොහොත් ‘බිකි’ ඔබරෝයි යටතේය. අති දක්ෂ පරිපාලකයෙක් මෙන්ම, පිඟන් සේදීමේ සිට හෝටලයේ ඉහළින්ම තීරණ ගන්නා විධායකයා දක්වා වූ අත්දැකීම් රාශියකින් පරිපූර්ණවූ මොහු, වසරකට වරක් ලංකා ඔබරෝයි හෝටලයට පැමිණෙන්නේත් annual visit සඳහාය. වසර පුරා ඔහු ලොව වටා ගමනේය. එය විනෝදයක් සඳහා නොව බරපතල වගකීමක් වෙනුවෙන්ය. මා අත් වින්දේ කදිම දසුන්ය. ඒ ගැන පසුවට ලියා තබන්නෙමි.

සම්මුඛ පරීක්ෂණය සඳහා සියයකට වඩා අධික පිරිසක් හෝටලයේ එක් තැනක අසුන් ගෙන සිටියා මතකය. Steffan Pfifferනම් ජර්මන් ජාතික general manager වරයාත්, රනිල් බිබිලේ නම්වූ resident manager වරයාත්, food & beverage managerව සිටිNeil Foster නම් බ්‍රිතාන්‍ය ජාතිකයාත්, ජෝ මඩවල අපේ personnel manager වරයාත් එහි තීරකයෝ වූහ. මේ උදවිය ගැන ලියා තැබුවේ වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ඔවුන් ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට සමත්වූවන් නිසාමය. මේ නාමයන් කියවන ඔබට අවැසි නැති බව මම දනිමි. පෞද්ගලික තොරතුරු සහ පසුගිය රැකියා ස්ථාන ගැන කතාබහෙන් පසුව, මගේ වෘත්තියට අදාළව ප්‍රශ්න කිහිපයක් ඇසූ බව මතකය. ඉන් පළමුවැන්න වූයේ Italian Minestrone නම්වූ සුප් එකේ garnish එක කුමක්ද යන්නය. මම එයට නිවැරදි පිළිතුර එක එල්ලයේ ලබා දුන්නෙමි. දෙවනුව ඒ ඒ වයින් වර්ගයන් නිපදවනා රටවල් මොනවාද යන්නය. එයද ගොඩදා ගත්තෙමි. තවත් එවැනි ප්‍රශ්න කිහිපයකින් පසු, දෙවැනි සම්මුඛ පරීක්ෂණයක් උවමනා නැති බවත්, පුහුණු කාලය ඇරඹීමට දින දන්වා එවන බවත් පැවසීය. මේ වෙන කිසිවකටත් නොව, Trainee වේටර්වරයෙක් වීමටය. එදා මගේ ක්ෂේත්‍රය එතරම් දියුණු අඩියක විය. දෙවැනි පරීක්ෂනයක් අවශ්‍ය නැති බව කියා තිබුණේ මට පමණක් බව, මා සමග පුහුණුවට පැමිණිවුන් ගෙන් පසුව දැන ගත්තෙමි. මට හැකියාවක් සහ දැනුමක් ඇති බව මම තේරුම් ගත්තෙමි. ඒ ගල්කීස්සේ සහ වැලිගම රැකියා කරනා අතර තුර කොතරම් පිස්සු නැටුවත්, මා යමක් ඉගෙනීමට දැක්වූ උනන්දුව නිසාමය. මා සතු බොහෝ විනෝදාංශ විය. ඒ හෝටල් ක්ෂේත්‍රය හා සම්බන්ධ එක් එක් එකතු කිරීම්ය (collections). එවැනි එකතුකිරීම් ලොව කිසිවෙක් සතුව තිබුණා දැයි මම නොදනිමි. එයත් පසුව ලියමි.

Hotel Lanka Oberoi ආයතනයට සමකළ හැකි තවත් හෝටල් එදා තිබුණා යැයි මම විශ්වාස නොකරමි. ඒ මා රැකියාව කල ආයතනය ඔසවා තැබීමට නොව, ඒ ඇත්ත බව කවුරුත් දන්නා නිසාය. (මට එම ආයතනයෙන් ඉවත්වෙන්න යැයි ඉල්ලා සිටීම වෙනම කාරණයකි ) ඒ කිට්ටුවටවත් ගත හැකි හෝටල් තිබුණා නම් ඒ, Ceylon Intercontinental, PegasusReef යන හෝටල් පමණි. Mount Lavinia Hotel,Galle Face Hotel, Colombo Thaprobane වැනි හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර තිබුණේ මීට වඩා අඩු මට්ටමකය. මේ අව තක්සේරුවක් නොව, සැබෑ ඇත්තය. එම හෝටල් අදටත් අප ඉතා ආඩම්බරයෙන් මතක් කරනා ආයතනයන්ය. ඔවුන්ගේ දායකත්වය සුළුපටු නොවේ.

හයවැනි පන්තියෙන් රාජකීය විදුහලට ගොඩවී ඉගෙනුමෙන් බොහෝ කාලයකට පසු, මම දෙමව්පිය, සහෝදර, සහෝදරියන් සමග එක වහලක් යට ජීවත්වන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. ඉතා කුඩා නිවසක්වූ ලොකු අම්මාගේ නිවසේ, අම්මාද, තාත්තාද ඇතුළු අප සහෝදර සහෝදරියන් සමග නව දෙනෙකි. ආදරණීය ආච්චීද සමග දහයකි. මීට කලින් මා කියා ඇති අප සමග සිටි ඉන්ද්‍රක්කා නම්වූ ඇය පානදුරේ අප ඥාති නිවසකය. ඇයගේ අම්මාවූ ටේලින් නෝනා නොහොත් ටේච්චී ගල්කිස්සේය. අප පවුලේ යාවජීව සාමජිකයෙක්වූ පොඩි අයියා නොහොත් රොමානිස් නිදාගත් අපේ කුඩා ඉස්තෝප්පු කෑල්ලට, තාත්තාගේ අතිජාත මිත්‍රයන් දෙදෙනෙක්වූ රණසිංහ අංකල් සහ ධර්මපාල අංකලුත් ස්ථානගතව ඇත. මගේ අවුල මුල සිට කියවනා අයට මේ චරිත ආගන්තුක නොවේ යැයි මම සිතමි. අම්මා මේ සියල්ලන්ටම කන්න බොන්න දුන්නේ කෙසේ දැයි මම අදටත් ගණනය කරන්නෙමි. දැන් ඇහුවාමත් කියන්නේ” කොහොම හරි රෝල් කරා පුතේ” කියාය. අම්මා කවදාවත් තරහෙන් සිටිය බවක් මට මතක නැත. කේන්ති නම් ඒ තාත්තාගේ වගකීමෙන් තොර ජීවන රටාව නිසා ඔහු සමග පමණි. ඒ අපේ අම්මාගේ හැටිය. අදත් එහෙමය. මහා මෙර පර්වතයටවත් ඇයගේ ඒ කුළුණු ගුණ යටපත් කර නොහැකි විය. අම්මේ අපි නුඹේ දරුවන් නුඹට සදා ණය ගැතිය.

තාත්තා සහ රණසිංහ අංකල් සේවය කලේ රක්ෂණ සංස්ථාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයවූ රක්ෂණ මන්දිරයේය. ධර්මපාල අංකල් ඒ වනවිට විනය හේතු මත රක්ෂණයෙන් නෙරපා තිබූ නිසා අනාරක්ෂිතය. මේ සියල්ලන්ගෙම රක්ෂණය තාත්තාය, තාත්තා ගෙදර ගෙනාවේ හිත හොඳ මිසක් මුදල් නොවේය. මමත්, ලොකු මල්ලීත් සැමට රැකවරණය විය. ධර්මපාල අංකල්ට රැකියාවක් නොතිබූ නිසා, එකල කොම්පඤ්ඤවීදියේ ප්‍රසිද්ධ රේස් ඔට්ටු පොළක, ප්‍රධාන කන්තෝරුවේ රැකියාවක නිරත විය. ඒ දවල්ට අස්සයින් පිට නගිනා මිනිසුන්, අලුයමට පෙර රජවී දැයි තුණ්ඩුවෙන් තුණ්ඩුව චෙක් කර බලනා, ඕළොන් චිට් දිනුම් පරීක්ෂා කරනා තැනකය. රණසිංහ අංකල්ට මෙන්ම මොහුටත් යන එන තැන් තිබුණේ නැත. අපේ තාත්තා මේ දෙදෙනාටම ඉස්තෝප්පුව නවාතැනක් කරදී තිබිණි. අපි ඉන්නේත් අනුන්ගේ තැනකය. අලි මදිවාට හරක්ය. ලොකු අම්මා කිව්වේ එහෙමය. අම්මාගේ යෙහෙළියක්වූ වීරරත්න ඇන්ටී නම් කිව්වේ”මිසිස් පෙරේරා…හොඳ පුන් කලස් දෙකක්නේ ගෙට ගොඩ වදින තැනම තියා ගෙන ඉන්නේ” කියාය. අම්මා බක බක ගා සිනහා වූවා පමණි.

රණසිංහ අංකල් නම්වූ ඒ උගත්, බුද්ධිමත් මිනිසා අවිවාහක වියපත් මිනිසෙක්වූවා මෙන්ම ඔහුට කාත් කවුරුවත් නොවූ නිහඬ චරිතයක් බව මම කියා ඇත්තෙමි. අපේ තාත්තා මෙන්ම මතට තදින් ලොල් වූවෙක් විය. ධර්මපාල විවාහක බිරිඳගෙන් වෙන්ව තනිකඩව ජීවත්වූ එක්තරා පොරක්ය. අස්ස රේස් පිස්සෙක්ය. එක අඩියකට වඩා බීමට ප්‍රිය නැත. අර රැකියාව ලැබෙන්න ඇත්තේත් ඒ නිසාම යැයි සිතමි. රාත්‍රීය එක අතකින් සුන්දරය. තාත්තා දෙකක් දාගෙන වෘත්තිය සමිති දේශපාලනය ගැන දොඩවයි. රණසිංහ අන්කල් දෙකක් දාගෙන සිංහල සාහිත්‍ය ගැන ඒ අතරේ කතා කරයි. තාත්තා කියන්නේ”රණේ…බම්බු නොගහා හෙට ස්ට්‍රයික් එක, සාර්ථක කරගන්න හැටි කියපන්” කියාය. ධර්මපාලත් රෑ වැඩට නොගොසින් ඉස්තෝප්පුවේ නම්, කිසි කතාවක් නැතිව අස්සයෝ තෝරයි. තාත්තා ධර්මපාල අංකල්ට බණින්නේ අස්සයා කියා නොව බූරුවා කියාය. ඔහු හිනාවෙයි. වයසක රොමානිස්ට මොකා මොනවා කිව්වත් වැඩක් නැත. දවස පුරා නුගේගොඩ පැත්තේ කරක් ගසා..දුමෙන් මත්වී ඇවිත් ඉස්තෝප්පුව මුල්ලටවී භාවනාවේය. ඔය එදා අපේ ඉස්තෝප්පුවයි.

අප ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවු එක් අවධියක, අපේ ආච්චි ඇය සතු වටිනා මාලයක් උගස්කර මුදල් රැගෙන එන ලෙස, ඒ කාලයේත් අපේ ගෙදර යන එන ඔය ධර්මපාල අංකල්ට දුන් බව මම කියා ඇත්තෙමි. ඒ මුදල් රැගෙන එන විට ඇයගේ බුලත්විටට අවශ්‍ය හොඳ දුම්කොලයක්ද රැගෙන එන ලෙස දැන්වීය. ආච්චීට මාලයත් නැතිවිය, මුදලුත් නැතිවිය. දුම්කොලයත් නැතිවිය. මොහු අන්ත්‍රස්දාන විය. අපේ තාත්තා ඔහුගේ නැන්දම්මාගෙන් කාලයක් ගුටි නොකා බැණුම් ඇසීය. අපේ තාත්තා, අපේ අම්මාගේ අම්මාව රැක බලාගත් අයුරු ලියා තැබිය යුතුමය. අවසන් කාලයේ, ඇයගේ අසූචි, මුත්‍රා පවා අදිමින් , නාවමින් ,කවමින්, පොවමින් ඔහු කෙරූ සත්කාරය, අද තරුණයින්ට ආදර්ශයක්මය. මගේ බිරින්දෑද තාත්තාට නොදෙවෙනිව ආච්චීව රැක බලා ගත්තාය. ඔය මාලේ සිද්ධිය වූයේ මට වයස 14-15 කාලයේ යැයි මම අනුමාන කරමි. ධර්මපාල නැවත එදායින් පසු අප නිවසට ආවේ මා පෙර විස්තර කල පරිදි මට වයස 20ක් පමණවූ කලක දෙල්කඳ නිවසටය. ඒ ආවෙත් ඔය කොම්පඤ්ඤවීදීයේ අනාථවී සිටි කාලයක අපේ තාත්තා, වරෙන් යැයි කියා වඩම්මා ගෙන ආ නිසාය.

මාලය රැගෙන උගස්කර තබා, මුදල්ද, දුම්කොළයද රැගෙන එන්නම් යැයි කිවූ ධර්මපාල අංකල් නැවත වසර ගණනාවකට පසු අප නිවසට පැමිණි දිනය මට අද මෙන් මතකය. කොම්පඤ්ඤවීදියේ අනාථව සිටී මොහුව, තියෙන දෙයක් කාලා වැටිලා හිටපන් කියා නැවත එක්කන් ආවේත් අපේ තාත්තාය. “උඹ එදා ගෙනාපු දුම්කොලේ කාලා, මත්වෙලා අදයි මම ඇහැරුණේ යකෝ” කියා ධර්මපාලගේ බඩෙන් අල්ලා මිරිකූ ආච්චී ළඟ වැඳ වැටුණු ඔහු “මට සමාවෙන්න ඩෝරා ඇන්ටී” යැයි කිවේ ඉතා අසරණවය. ආච්චීට මාලය අමතකවී, දුම්කොළය මතක්විය. අපේ ආච්චී බඩ මිරිකා කෙනෙක් රිදවීම කෙසේ ප්‍රගුණ කර තිබුණා දැයි මම නොදනිමි. එය ඉතා වේදනාකාරී යැයි අපේ අම්මාද, ලොකු අම්මාද මට පවසා ඇත. ඇය ගුරුවරියක්ද නොවේ. “ඔන්න ඕවා අමතක කර දාන්න අම්මේ” යැයි කිව් අපේ අම්මා “තමුසෙට මේවා හොඳ පාඩම්” යැයි තාත්තාටද කිව් බැව් මතකය. ඒ මාලය ගැන ඇය කවදාවත් නැවත මතක් කල බවක් මට මතක නැත. ධර්මපාලටත් ආච්චිගේ සතිපතා දුම්කොළ කෝටාව කිසිදා අමතක නොවීය.

කෙසේ වෙතත් ඔය පුන් කලස් සහිත ඉස්තෝප්පු සෙට් එක (අසල්වැසි යාළුවන් කීවේ එහෙමය ) බොහෝ කාලයක් අප සමගම ජීවත්විය. සිදුවූ රසවත් සිද්ධීන් බොහෝය. ඒ කෙසේ වෙතත් මේ කලබලකාරී වාතාවරණයත්, ඉඩ පහසුකම් අවම වීමත් මට මහා කරදරයක් විය. කවදාත් මට ආදරය ඇති ආච්චී කීවේ”උඹයි, මමයි වෙන කාමරයක් කුලියට අරන් යමු” යැයි කියාය. ඒ කෙසේ කීවත් තව බොහෝ කාලයක් යනතුරු අපේ ආච්චී, අපේ අම්මාවත් ඒ දරු කැලත් අත හැර නොගියාය. නමුත් ආත්මාර්ථකාමී මම ඔවුන්ගෙන් ඉවත්වුණෙමි.

ලියන්නට ඇති දේ බොහෝය. මේ ටික ලියා ගත්තෙත් Boeing(බොයින් ) වාතලයක් ආමාශ ගත කරමින්ය. ගෙදර උන්දෑ බලන්නේ බොයින් වාතලය දෙස මිසක් මා ලියනා දේ දෙස නොවේ. තව බොයින් වාතල හොයන්න ගියොත් වැඩේ ලෙඩක් වෙන නිසා අදට නවතමි!!

මගේ අම්මාටත් මවක්වූ මගේ ආදරනීය ආච්චීටත්, අපේ ගෙදර බුදුන්වූ අම්මාටත්,සදා ආදරණීය සෙනෙහබර මවක්වූ බිරින්දෑටත්, අනිකුත් සියලුම අම්මාවරුන්ටත් උපහාරයක් ලෙස මෙම ගීතය මෙසේ රඳවා තබන්නෙමි.
පද රචනය හා සංගීතය – සුනිල් දයානන්ද කෝණාර
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

141 Responses to අවුල් වන්නට පෙර (48)..දෙලොවක් අතර.

  1. මට දැන් අවුල් වෙලා ඉවරයි , ඒත් මේ කොටස අද කියෙවුවා. ආච්චිගේ චරිතයට මං ගොඩක් කැමති. ස්තුතී..

    අපුර්වි ඔමායා —

    • ඔමා…අපේ ආච්චීගේ චරිතය ගැන තව ලිවිය යුතු දේ බොහෝමයි. ඒවා එන විදිහට මම ලියන්නම්.

      ඔමාව දකින්න නැහැ ගොඩාක් කාලෙකින්. මුකුත් ලියන්නේ නැහැනේ. ඇයි අවුල්. ඒවා ජීවිතේ එන එන පොඩි අවුල්නම් ගණන් ගන්න එපා. ජීවිතය කියන්නෙම හෙමින් හෙමින් හෙමින් ලිහාගන්න ඕන අවුල් ජාලයක් තමයි.

  2. sudeeka says:

    පිස්සු හැදෙනවා ඔයාලගේ ඉස්තෝප්පුව කිව්වම මගේ සිහියට එන්නේ පල්ලිය ගෙදර නමින් එවකට අප ප්‍රදේශයේ ප්‍රචලිත අපේ නැන්දාගේ නිවසයි. එය අනාත තරුණ නිවාසයක් යයි කීම කිසි සෙත් අතිශයෝක්තියක් නොවේ.
    කාලයක් සුද්දන් කලින් දින භාවිතා කරන බෝතල් තබන මේසය වෙත පාන්දරින් යන අප ඒවායේ විස්තරය කියවීමට පුරුදු වී සිටියා මතකය. තමන්ගේ රැකියාවට අවශ්‍ය එතිහාසික දැනුම සපිරි කෙනා ඉන් ජය ලබනවා නියතය.

    • සුදීක…අපේ ගෙදර ඒ කාලේ අනාථ වැඩිහිටි නිවාසයක්. පස්සේ කාලෙක මල්ලිලා ලොකු උනාට පස්සේ එයාලගේ යාළුවෝත් ඇවිල්ලා වැටිලා හිටියා. එතකොටනම් අපි අපේම කියලා ගෙයක් හදාගෙන දෙල්කඳින් පිටවෙලා ගිහින් 1988 විතර.

      මට තාමත් ඔය ඕනම බෝතලයක් හෝ අළුත් ප්‍රොඩක්ට් එකක් දැක්කාම ඒ ලේබල් එක හොඳින් කියවන පිස්සුවක් තියෙනවා. ඒ කාලේ ඉඳන්ම මම මාකට් එකට එන හැම සොෆ්ට් ඩ්‍රින්ක් එකක්, ජූස් එකක්, ඇල්කොහොල් එකක් ටේස්ට් කරනවා. මම මේ ලෝකෙ තියෙන බොහොමයක් සොෆ්ට්/හාඩ් ඩ්‍රින්ක්ස් බීලා තියෙනවා. ඒකත් පිස්සුවක්.

      මම මෙහේ තියෙන ගොඩාක් ඩිස්ටිලරීස් ඇතුලට ගිහින් තියෙනවා. මම දැන් සති දෙක තුනකට විතර ඉස්සෙල්ලා ගියා, Old Salt Distillery කියන හෝම් ඩිස්ටිලරි එකට. උන් ගාව මාර ප්‍රඩක්ට්ස් වගයක් තිබුනා. 20ක්-30ක් විතර. ඒ හැම එකක්ම නොමිලේ ටේස්ට් කරා. පසුව Toffee Vodka එකක් ගෙදර ගෙනාවා. අත්දැකීම් වටිනවා සුදීක.

  3. Ravi says:

    අරූ,

    සත්තයි මට ඇඬුන බං…දෙයියම්පල්ල දවසක එන්ට ඕන උඹලගෙ අම්මගෙ දෙපාමුල වැටිල වඳින්ට…

    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳගන්නේ
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ හීන දකින්නේ
    මහමායාවනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ

    වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා
    බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා
    මතු උපදින සසරේ විශාඛාව වී 
    මෙත් මඟ නෙත් හමුවේවා
    ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා

    දිවුල්ගනේ කියන්නෙ ජාතික සම්පතක්..මට දුක මචං එහෙම මිනිස්සු තමන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ නැතුව තමන්ට ආදරය කරපු මිනිස්සුන්ගෙ ගෞරවය භක්තිය උගසට තියල දේශපාලකයො පස් සෙ ගිහිල්ල තුට්ටු දෙකේ තානාන්තර වලට ආත්මය පාවල දෙන එක.

    මෙහෙම කරමු මචං එක දවසක් මේ අද ලිව්ව වගෙ උඹේ ජීවිතේ ගැන ලියහං..ඊලඟ සටහන ඒ වෙනකොට රටේ තිබ්බ දේශපාලන තත්වය ගැන..මොකද කියන්නෙ? එහෙම කරමුද?

    මම හිතාගෙන හිටියෙ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ ලංකාවෙ මුලම තරු පහේ හෝටලෙයි කියල.

    වීරරත්න ඇන්ටිගෙ කතාව නම් නියමයි..පුන් කලස්….හෙහ්, හෙහ්..මට මැරෙන්ඩ හිනා ඒ කතාව කියවල…

    ඔය ආච්චි බඩ අල්ලල මිරිකනව කියල කිව නේද? මචං ඔහොම බඩ අල්ලල මිරිකන එක එක්තරා ටෙක්නික් එකක්. අපිට හතේ අටේ වගෙ ගණං උගන්නපු සර් ඔය ටෙක්නික් එක පරතෙරටම ප්‍රගුණ කරපු පුද්ගලයෙක්..කලිසමට උඩිං ඇඟිලි දෙකකින් අල්ලල මිරිකනව මචං ආය නෑ ඔන් ද ස්පොට් සුළුදිය පහවෙනව. කොල්ලො එහෙම බඩ මිරිකන කොට කකුල් දෙකේ මහපටැඟිල්ලෙන් හිටගෙන ඇඹරෙන්නෙ කටත් අප්පල්ලෙ වගෙ ඇරගෙන.

    • ඉන්දික උපශාන්ත says:

      //දිවුල්ගනේ කියන්නෙ ජාතික සම්පතක්..මට දුක මචං එහෙම මිනිස්සු තමන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ නැතුව තමන්ට ආදරය කරපු මිනිස්සුන්ගෙ ගෞරවය භක්තිය උගසට තියල දේශපාලකයො පස් සෙ ගිහිල්ල තුට්ටු දෙකේ තානාන්තර වලට ආත්මය පාවල දෙන එක. /

      එකපාරක් “දිලීප අබේසේකර” රෙඩියෝ ප්‍රොග්‍රෑම් එහෙකදි ඔය සින්දුව වාදනය උනාට පස්සෙ කිව්ව, “දිවුල් අය්යෙ, අපිට දේශපාළකයො ඇති තරං ඉන්නව, හොඳ ගායකයොයි නැත්තෙ, ඒ නිසා ආයි සින්දු කියන්න එන්න” කියල.

      • /////////දිවුල් අය්යෙ, අපිට දේශපාළකයො ඇති තරං ඉන්නව, හොඳ ගායකයොයි නැත්තෙ, ඒ නිසා ආයි සින්දු කියන්න එන්න” කියල/////////////

        @ ඉන්දික…..දැන් ඕන තරම් දේශපාලකයෝ සින්දුත් කියනා නිසා ඒ ප්‍රශ්නෙත් ගොඩ කියලා දිලීපට කියපන්. උන් මල්ටි ටැලන්ටඩ් මචෝ. උන්ට බැරි දේශපාලනය විතරයි.

        දිලීප අබේසේකර කියන්නේ, කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා බවත් නොදන්නා කෙනෙක්ගේ දැණ ගැනීම පිනීස සටහන් තබන්නම්.

    • රසික says:

      අරූ ලගෙ කාලෙ හිටියද ගජමෑන් (හරි නම ගජමන් මම හිතන්නෙ ) කියන ගණන් සර්? පානදුරේ ගෙවල්. පොර ඔය වගේ අල්ලනවා වැලමිටට උඩින් අත කොනිත්තලා. මොනව වුනත් හොඳ මනුස්සයා. ලඟදි සර්ව හම්බවෙච්ච යාලුවෙක් කිව්වා දැන් සෑහෙන්න වයසයි කියලා.

      • මට මතක නැහැ රසික…අපි ජූනියර් එකේ ඉන්න කාලේ හිටියා පානදුරේ ඉඳන් ආපු සෝමපාල කියලා සර් කෙනෙක්. එයා තමයි ජූනියර් එකේ ස්කූල් බස් ගැන බැලුවේ. එයාගේ ඥාති පුතෙක් හිටියා අපේ පංතියේ උපුල්වංශ රත්නායක කියලා. හරි සූදු හුරුබුහුටි එකා. අපිත් එක්කම රෝයල් ආව පොරක්.

      • රසික….ඔය ගොඩාක් ගුරුවරු ගැන තිබුන වෙබ් සයිට් එකක් තියෙනවා. මට දැන් හොයන්න බැහැ. මම ඒ ගැන ලින්ක් එකක් මීට පෙර සටහනක කමෙන්ට් එකක රිප්ලයි එකක් හැටියට දැම්මා. pasat teachers society of Royal College වගේ එකක්.

      • තිස්ස දොඩන්ගොඩ says:

        අර කෙට්ටු නූස් සර් නේද ගජමෑන් කියන්නෙ? නිතරම සිනහවෙන් ඉන්නෙ මෙලෝ දෙයක් ගනන් ගන්නෙ නැතුව? ඕ ලෙවල් වෙනකල් ගණන් ඉගැන්නුවා මට මතක හැටියට. අපට ඉගැන්නුවෙ නෙල්සන් ෆනෑන්ඩු සර්. අර සර්ට ගජමෑන් කියලම තමා හැමෝම කිව්වෙ

      • රසික says:

        @තිස්ස දොඩන්ගොඩ

        ඔව්, කෙට්ටු පොඩි මනුස්සයෙක් තමයි. සැහැල්ලුවෙන් ඉන්න ඇති, නමුත් “ජොලිගුඩ්” පොරක් කියල නම් පෙනුනෙ නෑ. මට මතකයි එක කාලයක් ඇමතියෙකුගෙ පුතෙක් පස්සෙ පන්න පන්න හිටියා තාත්තව එක්කගෙන එනකම් පංතියට උගෙ නසරානි වැඩ ගැන කියන්න. ඒකා අන්තිමට ගෙනාපු ඇමති තාත්තා ඇත්තම ඇමතියද කියන්න සර් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. 😀 ඉගැන්නුවෙත් ඕලෙවල් වෙනකම් පංති වලට තමයි. අරූ ඔය කියලා තියෙන සයිට් එකේ හැටියට 82-2004 කාලෙ ඉඳලා තියෙන්නෙ.

    • රවී…..මම දන්නවා උඹ සංවේදි බුවෙක් කියලා. හැම අම්මාම ඔහොම තමයි බං. මුළු ජීවිතයම දරුවන්ට කැප කරනවා. ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට වෙන් කරනවා. අපේ අම්මාත් එහෙම තමයි. දැන් දැන් පෝයට පන්සලේ සිල් ගන්නවා. මගේ වයිෆ් මේ ලඟදි දඹදිව යන්න සෙට් කරා අම්මාව අපේ නංගිත් එක්ක. ඒකට කැමති වුනේ නැහැ. කොහේ ගියත් ගෙදර එන්න බලාගෙන ඉන්නේ. තාත්තා ගෙදර ඉන්නවා කියලා. තාමත් උයාගෙන පිහාගෙන ගමනක් ගිහින් සනීපෙන් ඉන්නවා. ඒ දෙන්නයි, මල්ලියි, නංගියි.

      දිවුල්ගුණේට වෙච්චදේ නම් හරිම අපරාධයක්. වෙච්ච දේ නෙමේ කරගත්ත දේ. රත්නශ්‍රීගේ උපහාර උළෙලට කරපු දෙයින් මට එයාව අප්‍රියම වෙලා ගියා මනුස්සයෙක් හැටියට

      දේශපාලන විස්තරයි/ මගේ විස්තරයි විටින් විට ලියමු. සත්තෙන්ම මට දැන් කෝල් එකක් ආවා යාළුවෙක්ගෙන් දේශපාලනය ලියපන් කියලා. අපි ඔක්කොටම පිස්සුනේ මචෝ.

      රවී….ඉන්ටකොන් එක ගැන පොඩි ගැටළුවක් තිබුනා තරු පහ සිද්ධිය ගැන. තරු පහක් දෙන්න තිබිය යුතු දාහකුත් දේ අතර පාකිං එකක්. ඒ ගැන ඉන්ටකොන් එකට ගැටළු තිබුනා. මට මතක ඔච්චරයි.

      වීරරත්න ඇන්ටිට හොඳට සල්ලි තිබුනා. අම්මා ගණුදෙණු කරගන්නේ එයා එක්ක. අපේ තාත්තාව පෙන්නන්න බැහැ නාස්තිකාරයා කියලා. කෙලින්ම කියනවා. තාත්තා හිනාවෙවී ඉන්නවා. අපේ අම්මාට පුදුම ආදරෙයි. එයාට කිසි ප්‍රශ්නයක් නැති නිසා වරු ගන්නන් අපේ ගෙදර. යන්නේ නැහැ ලේසියෙන්. හස්බන්ඩ් දාලා ගිහිල්ලා. ඔය වගේ ප්‍රශ්නනම් තිබුනා. හෙණ කෙට්ටුයි, ඇවිදින්නේ තරහෙන් ගස්ස ගස්ස. අපේ තාත්තා මෙයා නැතිවෙලාට අම්මාගෙන අහනවා “කෝ ඕයි තමුසෙගේ නටන පරෙයියා” කියලා. තාත්තා මෙයාට කිව්වේ නටන පරෙයියා කියලා. මම ඇහුවා දවසක් ඒ ඇයි කියලා. බලපන්කෝ ඇවිදින හැටි…පරෙයියෙක්ව උඩ ගැහුවා වගේලු. උඹ පරෙයියෝ ගහලා තියෙනවාද?

      අපේ ඉස්කෝලේත් හිටියා බං සයන්ස් කොටා කියලා සර් කෙනෙක් බඩෙන්මයි අල්ලන්නේ. පිස්සු හැදෙනවා. එයා තමයි මාව අර ලැළි බිත්තියකට අල්ලලා ගහලා, අල්ලපු කාමරේ මැටි වැඩ ප්‍රදර්ශණේට තිබිච්ච බඩු ඔක්කොම කුඩුවුනේ. මම ඕක ලිව්වා කලින්.

      • ldealwis says:

        Dear Aru
        I was at Royal for A/Ls. If Upulwansa was in your class you would have been in the same batch as I (80 A/Ls) I was in BS1. Which class were you in? I have heard this story about one master hammering two students on the connecting wall which caused the stuff on the racks in the other class to fall down! The two students were (apparently) Podi Herath and Subasinghe. It was H D B Herath who told me the story

      • Hi Idealwis,
        Thank you for your comment! HDB Herath is also known as Kira. When my daughter was born, he helped me a lot with the hospital stuff. Podi Herath is Dr. Jayanthe Herath. The wall incident involved me but I cannot remember a Subasinghe involved ! And there wasn’t a Subasinghe in my class. However there was indeed a SUDAsinghe in one of the junior classes. I was in BS4 also famously known as “Wala”. Thank you once again and please keep reading if you wish!!

  4. Ajith Dharma says:

    මටත් ඔයවගේ දුම්කොළ සුරුට්ටුවක් බොන ආච්චි කෙනෙක් හිටිය. හරි ආදරෙයි මට. අරු රජකියේ හිටියේ කොයි කාලෙද? සින්දුව පස්සේ අහන්න ඕනේ.

    • kathandarakaraya says:

      1973-1980

      • Ajith Dharma says:

        මම 83 A/L බැච් එකේ. සිරිමල් ප්‍රේමකුමාර කියල මගේ යාළුවෙක් හිටිය ඔය අවුරුද්දේ.

      • කකා ඔබ හරි!!

      • අජිත්….මට 83දී වයස 21යි. නාඹරයා…

        මට ඔය කියන කෙනා මතක නැහැ. මාත් එක්ක හිටිය අයගෙන් කවුරුත් දන්න මතක අය නම්, සුමිත්‍රා වර්ණකුලසූරිය (චාලී), ගයන්ත කරුනාතිලක දෙන්නාම එහා පංතියේ. අජිත් දේවසුරේන්ද්‍ර, නිලූ ෆිලිප්ස්, ජූලියන් බෝලිං, කාලිංග ඉන්ද්‍රතිස්ස, කපිල පීරිස්, ධම්මික අගලවත්ත මගේ පංතියේ. මේ ඔක්කොම ඒ ලෙවල් ක්ලාස් එකේ.

    • අජිත්…අපේ කකා කියලා තියෙන විදිහටම මම හිටියේ 73-80. මම ඒ ලෙවල් කරන්න කටේ තියාගෙන අයින් වුනා. කරත් වැඩක් නැති සයිස් එකක් තිබුනේ.
      අපේ ආච්චීත් ඉඳලා හිටලා කළු සුරුට්ටුවක් බොනවා. හොඳට සල්ලි තිබුනු කාලේ නම් කන්න ඉස්සෙල්ලා බ්‍රැන්ඩි ෂොට් එකක් ගහනවා. පස්සේ පස්සේ අපේ තාත්තා ඔය ගල් ෂොට් එකක් වීදුරුවකට දාලා දෙනවා. අපිට හොරෙන් ඩුෂ් ගාලා ඇදලා, මල ජරාව කියලා බුලත් විටක් කනවා. තාත්තාට මදි වුනාම හෙමින් දඩයකුත් දාගන්නවා. ඕකටද උඹ මට අරක දුන්නේ කියලා, බැන බැන දෙනවා.

      • Ajith Dharma says:

        අපේ ආච්චි බිව්වද දන්නේ නැහැ. එයා මැරුනෙ 80. කාලිංගගේ මල්ලි නලින්ද ඉන්දතිස්ස අපේ පන්තිවල හිටියේ. අගලවත්තගේ මල්ලි කෙනෙකුත් හිටිය මන් හිතන්නේ. වර්ණකුලසුරිය නේද අර රෙකොර්ඩ් එක තිබ්බේ. 83 දී මට 18යි. 84 රුසියාවට ගියා.

      • @ Ajith…චාලිගේ 197 තමයි රෙකෝඩ් එක රෝයල් තෝමියන්. හොඳ බැට්ස්මන්. දුලිප් මෙන්ඩිස්ගේ වාර්තාවක් තමයි කැඩුවේ. චාලි හොඳ කොල්ලා. ෆිට් බුවා. ලංකාව වැඩක් ගත්තේ නැහැ. මට මතකයි එක මැච් එකක….ඉන්දියාව සුනිල් ගවස්කාර්ගේ කැප්ටන්සි එකෙන් ලංකාවට ආපු වෙලාවක ..බෝඩ් ප්‍රසිඩන්ට්ස් ටීම් Vs ඉන්ඩියා ගැහුවා. චාලිව අවුට් කරගන්න බැරුව ගවස්කාර්ලා නෑවා. මට ස්කෝර්ස් මතක නැහැ. ඕවා අපේ නිදහස් සිතුවිලි ලියන රවී දන්නවා. චාලි වැඩ්ඩා.

        අගලෙගේ මල්ලි අගලෙට වඩා හොඳ රගර් ප්ලේයර්. කාලිංගගේ මල්ලි ගැන මම අහලා තියෙනවා. ජූලියන් බෝලින්ගෙ මල්ලි ඩේවිඩ් ඉන්න ඇත්තෙත් ඔය පන්තිවල්. උන්ගේ අම්මා ටාරා බෝලිංග් තමයි ස්විමිං කෝච් කරේ ඉස්කෝලේ. හිටියේ කොල්ලුපිටියේ පස්වෙනි පටුමගේ. හොඳ මිනිස්සු. ලියන්නනම් ගොඩාක් තියෙනවා. ඒත් වෙලාවක් නැහැ.

      • @ අජිත්….වල බැහැපු සුමිත්‍රලාව ගහපන් ක්‍රිකට් කියලා එලියට අරන් ඒ හැකියාවල් පෙන්නුවේ කටයා මහත්තයා. ගොඩාක් අය ඕවා දන්නේ නැහැ. සුමිත්‍රාගෙන් අහලා බලපන් බොරු නම්. හැබැයි සුමිත්‍රාට මතක ඇති. සුමිත්‍රා රෝයල් කැප්ටනුත් වුනා.

      • manogeloka.blogspot.com says:

        @ අරූයියා,
        //ලියන්නනම් ගොඩාක් තියෙනවා. ඒත් වෙලාවක් නැහැ.//
        අයියා,අයියා කියලා බලන්නේ නැහැ නොලිව්වොත් අරී ..:D

      • CORRECTION…….මගේ පංතියේ හිටියේ බෝලිං පවුලේ වැඩිමලා ජෙරමි බෝලිං. ජූලියන්, ඩේවිඩ් බාල මල්ලිලා.

      • @මනෝ….. අන්න එහෙම චන්ඩි ටෝක් එකෙන් වරෙන් වැඩක් කරගන්න ඕන නම්. අයියා පාරේ.

  5. සිංදුව හරිම ලස්සණයි අරූ. කියෙව්ව ඔක්කොමත්, කියන්ට ගිය දේවලුත් අමතක වෙලා ගියා ඒක ඇහුවම. 😦

    • ඔව් පොඩ්ඩි. ඒ සින්දුව ඇහුවාම ඔක්කොම අමතක වෙලා එක චරිතයක් විතරක් ඔළුවට එනවා…ඒ අම්මා!!

  6. Anonymous says:

    අද කියන්න දෙයක් නැහැ. දේශපාලනය රට තොට විත්ති ලියන දවසක කමෙන්ට් කරන්නම්.

    • බොහොම ස්තූතියි ඇනෝ…රට තොට ගැන ලියනකොට වැරැද්දක් තිබුනොත් ඇවිත් හදලා දීලා යන්න එන්න. ඒක ලියන මටත්, කියවන අන් අයටත් කරනා ලොකු උදව්වක්.

  7. Javi says:

    ඉස්කෝලෙ හොස්ටල් එකේ ප්‍රිෆෙක්ට්ලා ඔහොම බඩෙන් අල්ලලා මිරිකනව ඔය පොඩි පොඩි වෑරදි කලාම. තාම රිදෙනව මතක් වෙනකොට.
    දුම්කොල කතාව නම් නියමයි බන්. උඹගෙ අම්මත් තාත්තත් ආච්චිත් වගේ අය දෑන් කාලෙ නෑහෑ. හිත පිරිසිදු අනුන්ගෙ දුක තේරෙන මනුස්සයො.
    Javi

    • ජවි…..පොඩී පොඩි වැරදි කරාම බඩෙන් ඇල්ලුවාට කමක් නැහැ බන්, ලොකු ලොකු වැරදිවලට බෙල්ලෙන් අල්ලන්නේ නැතුව 😀

      තව කෙනෙකුගේ බඩගින්න තේරුම් ගන්න පුළුවන් නම් සහ හැඟීම් වටහාගන්න උනන්දුවෙනවා නම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වෙයි. නැද්ද මං අහන්නේ.

    • තිස්ස says:

      රොයල් හොස්ටල් එක භාරව හිටියා ජේකබ් කියලා කෙනෙක් (සර් කෙනෙක් ද මන්දා? — ප්‍රංශ භෂාවත් ඉගැන්නුවා ටික දවසක්) — මතක ද එයාව?

      • මේ කියන්නේ ප්‍රංශ ඉගැන්නුව, නිකං සුද්දෙක් වගේ, ඇවිදින්නේ කෙල්ලෙක් වගේ කෙනාද….එයා විල්සන් වගේ මට මතක. සිංහලෙන් කතා කරන්නෙ නැහැ.

      • තිස්ස says:

        ඔව්, ඔව්, එයා ගැන තමයි මම කිව්වේ. මට මතක විදියට නම් එයාගේ නම ජේකබ්.

        ජේකබ් විල්සන් ද දන්නෑ සම්පූර්ණ නම.

      • ldealwis says:

        He was also known as Gal Silva!

  8. maathalan says:

    අම්මලා ගැන හෝ ගාලා කතාවෙන කාළේ සින්දුවල ඉන්න කවි වල ඉන්න නියම අම්මා කෙනෙක් ගැන කියවන්න ලැබෙන එකත් වාසනාවක්.. මේ ළඟදි මුන ගැසුන සුන්දර චරිතයක් මට කිව්වේ, ළඟදි තිබුන කළාකරුවන්ගේ කතිකාවකදි.. අති පරසිඳු ලේඛකයෙක් තමන්ගේ අම්මව මරන්න ප්ලෑන් කරපු හැටි ගැන කීව කතාවක්..

    නියම අම්මා කෙනෙක් කියන්නේ, තමන්ගේ දරුවන්ට විතරක් නෙමෙයි, ළොව සියළුම මිනිසුන්ට ආදරය කරන්න පුළුවන් අම්මා කෙනෙක් වෙන්න ඕන. මගේ නැන්දම්මා නම් එහෙම කෙනෙක්. ඇය මිය ගිය දිනයේ කී දෙනෙක් නම් ඇඳුවද..? කිසිදිනක නොඅඬන මටත් අන්තීම මොහොතේ ඇඳුනා..

    අද කතාව නම් උපරිම. අර රක්ෂනේ ඡේදයේ රස ගුලාවක්.. පුන් කලස් කතාවා ඉස්තරන්, මාලේ කතාව බොබ් මාලෙගේ සින්දුවක් වගේ රහයි..

    ඒත්ග් සැලින්කෝ එකේ ආකාස කඩේ ගැන වචනයක් වත් නොකිව් එකට දුකයි.. ඒ කාලෙ තිබුන නම්බර් වන් රැස්ටුරන්ට් එකක්නේ..

    • ///////////අති පරසිඳු ලේඛකයෙක් තමන්ගේ අම්මව මරන්න ප්ලෑන් කරපු හැටි ගැන කීව කතාවක්..//////
      ඕවා ඔහොම තමයි මාතා. මම දැක්කා අම්මාව මරන්න හදපු පුතෙක් අම්මාගේ නම නිසාම ඌවට පත් වෙච්ච හැටි. ඕවා අම්මලා පුත්තු දෙගොල්ලන්ගේම වැරදි.

      ///////මගේ නැන්දම්මා නම් එහෙම කෙනෙක්. ඇය මිය ගිය දිනයේ කී දෙනෙක් නම් ඇඳුවද..? කිසිදිනක නොඅඬන මටත් අන්තීම මොහොතේ ///////////
      උඹ කියන ජාතියේ උතුම් මවුවරු අදටත් අප සමාජයේ ඉන්නවා බං. වැඩේ වෙලා තියෙන්නේ ඒ අයව මදර්ස් ඩේ කාඩ් වලට සීමා වෙච්ච දරුවෝ හින්දා වැහිලා තියෙන්නේ. මදර්ස් ඩේ සංකල්පයත් එක්තරා කරුමයක් අපේ එවුන් ඇඟට අරන් තියෙන. අම්මලාට කොහෙද බං එක දවසක්. හැම දවසම අම්මලාගේ තමයි.

      සෙලින්කෝ එක ගැන ලියන්න ඉස්සරහට තියාගත්තා. ඒක ලියන්න වෙන්නේ පල්ලෙහා සැලොන් එකේ ඉඳන් උඩ ආකාස කඩේ දක්වා.

  9. Senna says:

    කාලකණ්ණි දෙශපළුවො ගැන අපිට දැන ගන්න ඕනා නෑ බන්, උන්ගෙ කෙරුවාවල් අපි දන්නවා.. අපිට දැන ගන්න ඕනා උඹේ කතාව…

    // තාත්තා සහ රණසිංහ අංකල් සේවය කලේ රක්ෂණ සංස්ථාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයවූ රක්ෂණ මන්දිරයේය. ධර්මපාල අංකල් ඒ වනවිට විනය හේතු මත රක්ෂණයෙන් නෙරපා තිබූ නිසා අනාරක්ෂිතය. මේ සියල්ලන්ගෙම රක්ෂණය තාත්තාය, තාත්තා ගෙදර ගෙනාවේ හිත හොඳ මිසක් මුදල් නොවේය. මමත්, ලොකු මල්ලීත් සැමට රැකවරණය විය. //

    මෙන්න ප්‍රතිභාව පිරුණු ලියවිල්ලක්.. හරි ආස හිතුනා මේ කොටසට..

    උඹලෑ අම්මා වගේම තාත්තත් සොඳුරු මිනිස්සු.. තාත්තා බිව්වට මනුස්සකම පිරිච්ච පුද්ගලයෙක්.

    අපේ ගෙදරත් කාලයක් එකොලොස් දෙනෙක් හිටියා.. එයින් සමහරු කුලියට හිටපු මිනිස්සු.. ඒත් උන් ගෙදර උන් වගේමයි හිටියේ.. ඒ හින්දම අදටත් ඒ හිතවත්කම් තියනවා.. හරිම සුන්දර කාලයක්…

    මේ පුන් කලස් කතාව, මාලෙ කතාව උඹ කලිනුත් දවසක ලිව්වා වගේ මතකයි..

    ඉතිරිය එනතෙක්..

    • ඉතිරිය එනතෙක් ඔහොම යං සෙන්නා. දේශපාලුවෝ ගැන නම් අපි දන්න දේවල් හොඳටම් ඇති. ඒත් බං උඹලා නොදැකපු මම දැකපු දේවලුත් තියෙනවා. දැනට මෙහෙම යං.

      ////තාත්තා බිව්වට මනුස්සකම පිරිච්ච පුද්ගලයෙක්/////
      අපේ තාත්තාගේ මනුස්සකම හරි ඉහළයි තමයි බං. හැබැයි ඒක ගෙදර අපිට වඩා තිබුනේ සමාජයට. ඒ ගැන වෙනම පොතක් ලියන්න වෙයි. තාත්තා ප්‍රයෝරිටිස් හරියට තේරුම් ගත්තේ නැහැ. එහෙම වුනා නම් අපි මේ කටු කන්න ඕනෙත් නැහැ. ඇත්තටම සැබෑ සුන්දර මිනිහෙක්. එයා පතපු සමාජය කවදා බිහි වෙයිද දන්නේ නැහැ. ඒවා සොඳුරු මිනිසුන්ගේ සොඳුරු හීන විතරයි. පව්. එවැනි මිනිසුන් තවමත් ඉන්නවා.

      .////අපේ ගෙදරත් කාලයක් එකොලොස් දෙනෙක් හිටියා/////
      බලපන් සෙන්නා අපේ ගෙදර 14-15කට බත් බෙදුනා එක වේලකට. අද අපි දෙන්නා විතරයි. දුව ආපු දවසට තුන් දෙනයි. මට නම් විකාරයක් වගේ. මම සමාජයත් එක්ක රෝල් වෙච්ච එකෙක්. නමුත් මම දැන් මේකට පුරුදු වෙලා. ඒක එහෙම වෙන්නත් ඕන. නැත්නම් මාත් අපේ තාත්තා වගේම වෙයි.

      ////මේ පුන් කලස් කතාව, මාලෙ කතාව උඹ කලිනුත් දවසක ලිව්වා වගේ මතකයි//////
      ඔව්..ඔව්.. කාගේ හරි කමෙන්ට්ස් වලට රිප්ලයි හැටියට ලිව්වා බව මතකයි. සෙන්නා මගේ කතාවේ බාගයක් තියෙන්නේ පෝස්ට් එකේ නෙමේ. ඊට පල්ලෙහා තියෙන කමෙන්ට්ස් සහ රිප්ලයිස් වල. උඹලා මාව අවුස්සලා එලියට අර ගන්නවා.

  10. තමන්ගේ ආත්ම කථනය එහෙමත් නැත්නම් ස්වයං චරිතාපදානය ලිවීම බොහෝ දෙනෙකු අරඹන්නේ, පරිණත වියට පැමිණීමෙන් පසුවයි. ඔබ ජීවිත ගමනේ ලබා ඇති අත්දැකීම් සමුදාය තුළින්, ලබා ඇති පරිණත භාවය, මැදි වයසටත් පෙර ලබා තිබෙන්නේ, සසර කලකිරෙන තරමේ අත්දැකීම් කන්දරාවක් සමගයි. මේ සටහන් වලින් ප්‍රයෝජනයක් ගතහැකි වන්නේ, උඩින් පල්ලෙන් කියවා, එහි ඇති ‘කෑලි’ වලට හිනාවීමෙන්/ඇඬිමෙන් නෙවෙයි. ඒ ඔස්සේ සිතා බලා, ‘ජීවිතය මෙන්න මේ වගේ’ යනුවෙන් යම්කිසි අත්දැකීමක්, අපේ මනසට ධාරණය කරගැනීමෙන් පමණයි. ස්වයං චරිතාපදානයක් සාධාරණව ලියන්නට නම්, පුද්ගලයකු, මුලින්ම තම හදවතට අවංක වියයුතුයි. ඒ සඳහා දැඩි විනයක්, කැපවීමක්, මෙන්ම චිත්ත ධෛර්යයක්ද අවශ්‍යයි.

    • විචා…..වෙන මුකුත් නොකිය උඹේ කමෙන්ට් එක ගැන කෙටියෙන් කියන්නම්.

      අන්න හරි!! මම කියන්න උත්සාහ කරන්නෙත් ඔය ටිකමයි.
      විචා මටත් වඩා ලෝකය දැකපු කෙනෙක් නිසා වෙන අටුවා ටීකා මගෙන් වැඩක් නැහැ.

    • තිස්ස දොඩන්ගොඩ says:

      ‘ජීවිතය මෙන්න මේ වගේ’
      excellent comment!

  11. Anonymous says:

    ජීවිත ගමනේ ඔබගේ සුලභ අත්දැකීම් බොහෝ දෙනෙකුට විරලය. සුලභ වුවද කියන්නේ නැත. මිනිසකුට පරිනත වීමට අවැසිනම් ඔබගේ ලියවිලි හොඳටම ප්‍රමාණවත්ය.

    • ජීවන says:

      මචන් අරු, කොමෙන්ට් කරන්න ටිකක් අමාරු සෙටින් තියෙන්නේ.
      පොඩ්ඩක් කොන්ෆිග් කරනවද. wordpress නිසා මොනවා කරන්න ඕනද කියල මමනං දන්නේ නෑ
      මගේ කොමෙන්ට් එක ඇනෝ වැටුන.

      • ජීවන…… පළමුවෙන්ම උඹේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි!! මම මේ දේවල් ලියන්නේ, අවශ්‍ය කෙනෙකුට අහුලගන්නත් එක්කයි මචං. ඒකයි මේ කතාව බොහොම විවෘතව ලියන් යන්නේ. මේවා හිතේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මට හමූවු සමහර මිනිසුන් ගැන ලියා තැබීමෙන්, ඒවා වෙන කාටවත් ප්‍රයෝජන වෙයි.

        ජීවන…මගේ ටෙක්නිකල් සයිඩ් එක අන්තිමයි. ටයිප් කරන්නයි, පබ්ලිෂ් කරන්නයි වගේ සීමිත දේවල් පමණයි දන්නේ. මේ කමෙන්ට් එක දකින කෙනෙක් ජීවනගේ ගැටළුවට උත්තරයක් දෙන්න. වර්ඩ්ප්‍රෙස්ස් ටිකක් වාතයක් කියලා බොහෝ අය කියනවා.

      • Ajith Dharma says:

        මචන් ජිවන, wordpress login එකක් නැත්නම් ඇනෝ වැටෙන්නේ . හැබැයි g+ ක්ලික් කරලා ගුගල් එකෙන් කොමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙනුත් පුළුවන්.

  12. Damith says:

    කියල කියල යාන්තම් අපෙ අම්ම මෙ සතිඅන්තෙ අපෙ ගෙදර ගෙන්න ගත්ත. නැත්තම් අයියගෙ දරුවො ඉන්න නිසා ගෙන්න ගන්න හරි අමාරුයි.මට තියෙන සතුට තමයි අම්මට මොනවහරි හිතෙ අමාරුවක් හරි කරදරයක් හරිනම් අපෙ ගෙදර එනව අනිවා.මෙ සැරෙනම් ආවෙ මගෙ දුවල දෙන්නගෙ වදෙට.මම කලිනුත් කියල තියෙනව මට අපෙ අම්මගෙන් උබල අම්මව පෙනව මචන්. උබල අම්මමට නිදුක් නිරොගි දීර්ගායුෂ පතනව මචන්.

    • දමියා…….උඹේ ආදරනීය අම්මාටත් නිදුක් නිරෝගි සුවයම පතනවා. අපේ අම්මාත් වෙන කොහේවත් ගිහින් ඉන්න කැමති නැහැ මහ ගෙදරටම වෙලා ඉන්නවා. අවිවාහක ලොකු මල්ලියි, මන්ද මානසික තත්වයක පසුවන දෙවෙනි නංගියි, තාත්තායි එක්ක ඒ ගෙදරට වෙලා ඉන්නවා. ඒ තමයි එයාගේ ලෝකය. අල්ලපු ගෙදර ලොකු නංගි ඉන්න නිසා හදිසියකට බයක් නැහැ. ගමන් බිමන් යනවා. අනිත් දරුවන්ගේ ගෙවල්වල ඇවිත් ඉන්න කිව්වාට වැඩි කැමැත්තක් නැහැ.

  13. Chandana says:

    මාතෘකාව දෙලොවක් අතර වුනාට මට නම් හරි ලස්සන ලොවක් පෙනුනා මේ කතාව ඇතුලෙන්. ඔන්න ඔහේ ඕන එකක් ලියන්න අරු අයියෙ. මට නම් මේ ශෛලිය නිසා කොයිකත් රසවත්.
    බඩ මිරිකන සර් කෙනෙක් හිටිය මං නවය පන්තියෙ විතර ඉන්න කාලෙ. බඩෙන් අල්ල ගත්ත කියන්නෙ, මිනිහට ඕන නම් අපි උඩට, ඕන නම් පහලට නිකම්ම වගෙ යැවෙනව. පස්සෙ පස්සෙ නම් කොල්ලො සර් ලඟට යන්නෙ බඩ අකුලගෙන. එතකොට නම් ඉතින් “කෝ ඕයි තමුසෙගෙ බඩ නෑනෙ” කියල ටොක්කක් වත් ඇනල නිකන් ඉන්නව. 🙂
    අම්මා ගැන කතන්දරයත් වගෙම දිවුල්ගනේ ගෙ සින්දුවත් හිත පතුලටම දැනුනු බව කිව යුතුය. මං ආස සින්දුවක්.

    • ////////ඔන්න ඔහේ ඕන එකක් ලියන්න අරු අයියෙ///////

      ඕන ටොෆියක් පණම් අටයි කියලා එන විදිහට ලියමු නේද බං.

      අනේ මන්දා බං බඩෙන් අල්ලලා එක පැත්තකට ඇඹරුවාම උඩ යන ගතියකුත්, අනිත් අතට ඇඹරුවාම යට යන ගතියකුත් තිබුනා වගේ මතකයි උඹ ඔය කියනකොට. ඒකත් හරියට ගියර් දානවා වගේ. මං වගේ එවුන්ව නම් උඩ යවලාවත්, යට යවලාවත් හදන්න බැරිවුනා. කරුමේ තමයි 😀
      මගේ ලිස්ට් එකෙත් මේ ගීතය ඉහළින් තිබෙන එකක්.

  14. Priyashad (ප්‍රියා) says:

    අද ලියවිල්ල වෙනදටත් වඩා ආසාවෙන් කියෙවුවා කිවුවොත් හරි අරූ අයියෙ. සමහර තැන් ලියලා තියෙන ඡේද දෙපාර තුන් පාර කියවන තරමට ඒවට ආකර්ෂණය වෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම //තාත්තා සහ රණසිංහ අංකල් සේවය කලේ රක්ෂණ සංස්ථාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයවූ රක්ෂණ මන්දිරයේය. ධර්මපාල අංකල් ඒ වනවිට විනය හේතු මත රක්ෂණයෙන් නෙරපා තිබූ නිසා අනාරක්ෂිතය. මේ සියල්ලන්ගෙම රක්ෂණය තාත්තාය, තාත්තා ගෙදර ගෙනාවේ හිත හොඳ මිසක් මුදල් නොවේය. මමත්, ලොකු මල්ලීත් සැමට රැකවරණය විය.// මේ ටික එහෙම. කියන්න වචන නෑ!

    ආච්චිගෙ දඬුවම් ක්‍රමේ නම් මරු. 🙂 🙂

    • Priyashad (ප්‍රියා) says:

      සිංදුවත් මම ආසම එකක්. (y)

      • දන්නේ නැද්ද ප්‍රියා ඔය ලියාගෙන ලියාගෙන යනකොට ලියවෙන ඒවානේ. ඒ ඒ බනිස් ඒ ඒ කෙසෙල්ගෙඩි වගේ ඒ ඒ දවසට ඒ ඒ විදිහට තමයි ලියවෙන්නේ 😀
        මේ ගීතයට බොහෝ අය කැමතියි.

  15. මොන දේශපානලද බං අරූ අයියෙ..ඔය බහුබූතවලට වැඩිය උඹේ කතාව වටිනවා. ලියල තියන ශෙලියට කියවන්න ආස හිතෙනවා.
    දුම්කොළ කතාව මරු.
    අම්මටත් නිදුක් නිරෝගි සුවය පතනවා..

    • @ මේ ඒක නෙමෙයි අසංක….උඹට බ්ලොග් එකක් තියෙනවාද ?
      අසංකගේ දෙමව්පියන් ඇතුළු සියළුම අම්මලාට තාත්තලාට දුකක් නොමවේවා යැයි පතමු.

      දේශපාලකයෝ නම් බහුභූතයෝම තමයි. මල කරදරේ කියන්නේ බං උන්වමනේ හැම තිස්සෙම මතක්වෙන්නේ :

  16. අරු අයියා … මේ කතාව කියවලා අපිට කමෙන්ට් එකක් දාන්න තේරෙන්නේ නෑ. එත් මේ කතාව අහන ඉන්න ආසයි. අපි ඉස්සර බත් කවනකොට අම්මා කියන කතා , ආච්චි කියන කතා වගේ. ඔබරෝයි එක එක්ක බැඳුනු මතක සුන්දර වෙන්න ඕන බොහොම, ඒ ගැන කිය්වනන්ත් ආසාවෙන් ඉන්නවා .
    අරු අයියා මේ දේවල් මතක තියන් ඉන්න පිළිවෙල බැලුවමනම් මට හිතෙන්නේ අපි අවුල් වුනත් අරු අයියා අවුල් වෙන්නේ නෑ කියලා කවදාවත්

    • ///////එත් මේ කතාව අහන ඉන්න ආසයි. ///////////
      ඔබ අසා සිටීනම්…..මම මෙසේ කියන්නම් කියලා නෙලූ අධිකාරීත් කියනවා නේද. ලියන්න බැරි කතාත් තියෙනවානේ…ඒවා හම්බවෙච්ච දවසක අඩියක් ගහගෙන කතා කරමු. උඹට චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගේන්නම්.

      ඔබරෝයි, රමාඩා, ඔමාන් ඒ අතරමැදි තැන් කීයක් කියලා ලියන්නද බං. උඹලාට මාව එපාවෙයි මේ නොනවතින කතාවත් එක්ක ඉඳලා. හැබැයි හරි රසවත් දේවල් වෙලා තියෙනවා බං.

      /////මට හිතෙන්නේ අපි අවුල් වුනත් අරු අයියා අවුල් වෙන්නේ නෑ කියලා කවදාවත්//////
      ඕවා කොයි මොහොතෙද කියන්න බැහැ ඉවාන්. අවුල් වෙන්නට පෙර ලියලා දාන්න ඕන.

  17. ඉන්දික උපශාන්ත says:

    ඔය “ලංකා ඔබරෝයි” හෝටලේ ඉන්දියාවෙ ඔබරෝයි උන්නැහෙයි ලංකාවෙ සතොසයි එකතුවෙලා පටන් ගත්තු එකක් කියල මම අහල තියෙන්නෙ.

    ඉස්සර ඔබරෝයි එකේ පිටිපස්සෙ ස්ටාෆ් එන්ට්‍රන්ස් එකේ “මෙතනින් ඇතුළුවෙන්නො වාසනාවන්තයො” හරි ඒ වගේ යම් වගේ අදහසක් එන ඉන්ග්ලිෂ් වලින් ලියපු පුන්චි බෝඩ් එකක් තීබ්බ. මට ඒකෙ තිබ්බ එක මතක නෑ හරියටම, නමුත් එහෙම යමක් අර නුගේ අස්සෙන් එන්න තිබ්බ තැන තිබ්බ මතකයි. අපි එක දැක්කෙ ඔබරෝයි එකට ගිහින් නෙමෙයි, ඉස්සර ආමි හොස්පිට්ල් එකෙන් බෙහෙත් අරගෙන, ඔය පාර දිගේ පයිම්ම එනව කොල්ලුපිටියට. ඒකාලෙ අරලිය පිටිපස්සෙන් පාර ඇරලනෙ තිබ්බෙ.

    ඔය කියන කාලෙ ගළධාරියයි, බෙන්තොට ටාජ් එකයි දෙකත් ජයට තිබ්බනෙ.

    ඔය උඹ කියාපු රක්ෂණ මන්දිරයට ගෙනා මොසැයික් වලින් තමා මම භූතය උනෙත් 🙂

    උඹලගෙ අම්ම ගැන මම මොනව කියන්නද? සමහර විසාල, හිතාගන්න අමාරු සහ උතුම් දේ ගැන අදහස්ක් දවනවට, ගුණාගුණ කියනවට වඩා, ඒ දිහා පහන් හැඟීමෙන් බලාන හිටියාම දැනෙන සුවය නිරාමිසයි. හරියට විසාල රුවන්වැළිය පාමුල හවහකට ඉඳගෙන ඉන්නව වගේ.

    • උඹ හරි…..ඔබරෝයි ආරම්භය 1975 තමයි. ලංකාවේ ආණ්ඩුව එක්ක තමයි පටන් අරන් තියෙන්නේ. එතන තමයි සතොස නම කියවෙන්නේ. මම 1981 යනකොට ඒ සතොස වෙනුවට ඒෂියන් හොටෙල්ස් කෝපරේෂන් නම එකතුවෙලා තිබුනා. ඒකත් රජයේ සම්බන්ධයක් මට මතක හැටියට. පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ.

      ////////ඉස්සර ඔබරෝයි එකේ පිටිපස්සෙ ස්ටාෆ් එන්ට්‍රන්ස් එකේ////////
      මචං ඔය නුගගහ යට එන්ට්‍රන්ස් එක හොටෙල් ස්ටාෆ් එකට දුන්නේ නෑ අපි ඉන්න කාලේ 85 වගේ වෙනකම්. 82-83 ඔබරෝයි සෙකන්ඩ් වින්ග් එක හදනකාලේ කන්ස්ට්‍රක්ෂන් අයට තමයි ඒක ඇරියේ. මමත් ඔය අරලිය ගහ මන්දිරේ පිටිපස්සේ පාරේ අනන්තවත් ඇවිදලා ඇති. ඔය මන්දිරේ පිටිපස්සේ ගේට්ටුවෙන් මම ඇතුලට ගිහිල්ලා තියෙනවා විශේෂ වැඩවලට. හෝටලයේ නුග ගහ පැත්තේ ඉස්සර මුවෝ, කුරුල්ලෝ ඇතිකරා හෝටලයෙන්.

      ////////ඔය කියන කාලෙ ගළධාරියයි, බෙන්තොට ටාජ් එකයි දෙකත් ජයට තිබ්බනෙ.////////
      ඒ ගොඩාක් පස්සේ ඉන්දික. බෙන්තොට ටාජ් එක ඇරියේ කොළඹ ටාජ් සමුද්‍රා එකත් ඇරියට පස්සේ. එතන තමයි ඉස්සර සමුද්‍රා හෝටලය තිබුනේ. ඒ පරණ සමුද්‍රා හෝටලයේ අපේ ඥාති අක්කා කෙනෙක්ගේ වෙඩින් එක ගත්තා. මාත් පොඩිම කාලේ ගියා. උඹලා සමුද්‍රා හෝටලය දැකලාවත් නැතුව ඇති හුජ්ජ කොල්ලෝ 😀
      /////ඔය උඹ කියාපු රක්ෂණ මන්දිරයට ගෙනා මොසැයික් වලින් තමා මම භූතය උනෙත්/////
      උඹ තමයි රක්ෂණයක් තියෙන එකම පෙරේතයා සහ භූතයා. රක්ෂණ මන්දිරය හදන කාලේ මම ඔබරෝයි එකේ වැඩ. බලපන් ඒ කාලේ උඹ වහලට ගල් ගහන කාලේ. අපි ගල් *** කාලේ 😀

      ඉන්දික මම උඹේ කමෙන්ට් එකේ අවසන් ඡේදයට ඉතාම කැමතියි. විශේෂයෙන්ම අවසන් වාක්‍යයට. උඹට ස්තූතියි!!

      • ඉන්දික උපශාන්ත says:

        මචෝ මට පැටලුනා, ටාජ් එක නෙමෙයි, බෙන්තොට බීච් එක. ඒකෙ තමයි නන් එලයන්ස් සමිට් එකට ආපු උන් ආතාල් එකක් ගන්න යැව්වෙත්, නේද? ගළධාරිය ඊට පස්සෙ තමයි, 84/85 විතරද කොහෙද!

        ඒෂියන් හොටෙල් කෝපරේෂන් කියන්නෙත් සතොසට අයිති ආයතනයක්. අර සතොස මෝටස් වගේ.

        යකෝ, අපේ තාත්ත ඔය සමුද්‍ර එකෙයි සී සෑන්ඩ් හෝටලෙයි සේරම මේන්ටනන්ස් කන්ට්‍රැක් කරේ. ඉස්සර සී සෑන්ඩ් එකෙනං පදි\චි වෙලාම උන්නෙ, මොකද දවස ගානෙ බෝට්ටුවෙ යන්න එන්න බැරි කමට ( එහෙමයි කිව්වෙ ). අපිට තිබ්බ ලොකුම රාජකාරිය මුහුදු කන එකෙන් බේරෙන්න වැලි කොට්ට දාන එකයි, මළකඩ කන වතුර බට වලට අලුත් ඒව දාන එකයි. තව නයා ඇරියොත්, අපේ ලොක්ක තමයි වාද්දුවෙ මර්මේඩ් හොටලෙ හැදුවෙත්. මම පැටිය කාලෙ ඉඳල ඔය සේරම සයිට් වල ගිහින් තියෙනව, හැබැයි රක්ෂනේ උඩට යන්න බැරි උනා, මොකද ඒකෙ මේන් කන්ට්‍රැක්ටර් උනේ “වෝකර්ස්”. උන්ගෙ නීති තදයි.

        උඹගෙ ස්තූතියට ස්තූතියි!

      • ඉන්දික…..ෂා..තාත්තා හොටෙල් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේනේ. ඒ කාලේ ඔහොම කන්ස්ට්‍රක්ෂන් වැඩ කරේ කිහිප දෙනයි. යූ.එන්.ගුණසේකර මතකද…ඒ පුතා ධම්මික නම් අපේ පංතිවල.

        බෙන්තොට බීච්, ලිහිනියා සර්ෆ්, කොග්ගල බීච්, හොරයිසන්ස් එහෙම පරණ හොඳ හෝටල් තමයි.

  18. Kenji ogawa says:

    ම්ම්ම්….නෙරංජ …….මොකුත්….නොකියමත් බැහැ ,,,,අදටත් අවුරුද්දකට සැරයක් හරි බත් කටක් කවාගෙන,,,,,,ඔඩොක්කුවෙ ඔලුව තියන්,,,,හිස අතගා ගන්නව මව් තුමියගෙන්…..ආච්චිල දෙන්න එයිට එහා…දිවිය ලෝකෙ යන්න පෙර……
    මට නම්….සෙලින්කෝ බිල්ඩිමයි …..ගෝල්ෆේස් හෝටලයයි තමා එල……
    ආකාස කඩේ…සැලුන් එක…..& පළමු කෑල්ල ….වැඩ කළා…..
    ගෝල්ෆේස් හෝටලයෙ …ලංඩන් සෑම් කියල සැලුන් එකක් තිබ්බ,,,,වාද්දුවෙ පොරක් ගේ…..
    ඔහු පසු කලෙක සබිතව දාල ෆිල්ම් එකක් කළා …මතකයි…..

    • //////ඔඩොක්කුවෙ ඔලුව තියන්,,,,හිස අතගා ගන්නව මව් තුමියගෙන්…////////
      ඒක තමයි කෙන්ජි…..මේ වයසක අපිත් අම්මාට කියලා කවාගන්නවා ගෙදර ගියාම. මගේ දෙවෙනි මල්ලි තාමත් නිවාඩු ඇවිත් මහගෙදර ආපුවාම අම්මාත් එක්ක නිදාගන්නේ. ඌ අම්මාව බදාගෙන අඬනවා, ඉඹිනවා, හිනාවෙනවා, ආපහු අඬනවා. අම්මාත් එක්ක අතින් අල්ලන් කඩේ යනවා රවුම් ගහනවා. ළමයිව වයිෆ්ව ගෙදර දාලා ඌ තනියෙන් ඇවිල්ලාත් ඉන්නවාලු මහගෙදර. නංගිලානම් බනිනවා මලකෝලම් හුරතලේ කියලා.

      සෙලින්කෝ සැලොන් එකේ මගේ කසින් අයියා වැඩකරා. මම සැලොන් එක ඇතුලේ පැය ගණන් වාඩිවෙලා ඉන්නවා ඌ ඕෆ් වෙනකම්. මේ කියන්නේ 83-87 වගේ කාලවල. ඌ හොඳ ලේඩිස් හෙයාඩ්‍රෙසර්. ඌට හෙණට කෑලි සෙට්වෙනවා එතනට කොණ්ඩේ කපන්න එන. මටත් පවරනවා ඕකා ඌට වැඩිවුනාම. මට එතන හිටපු ස්ටාෆ් කෙල්ලෝ මතකයි. එක්කෙනෙක් මෙහෙත් ඉන්නවා බැඳලා.

      කෙන්ජි…ගෝල්ෆේස් එකේ තිබුනේ ලන්ඩන් සෑම් නෙවෙයි. ලන්ඩන් සේනගේ Sena Of London සැලොන් එක. ඔය මගේ කසින් සේන ගාව වැඩකරලා තමයි සෙලින්කෝ ගියේ. මම සේන ගාවත් වාඩිවෙලා ඉන්නවා ඉස්සර. මගේ කසින් රම්සේ රහමාන්ගේ ගෝලයෙක්. දැන් නම් ඕකා කෝටිපතියෙක් බං. ජපන් ගෑනියෙක් බැඳලා ජපානේ ඉන්නේ.

  19. Kandyan says:

    අරූ, අපේ රටේ හෝටල් ක්ෂේත්‍රය දියුණුවෙලා කිව්වට මට හිතෙන්නෙ ඒකේ අනික් පැත්ත. අද අලුතින් යන එකා බලන්නෙ හෙට මැනේජර් කෙනෙක් වෙන්ට. නැත්නම් පිටරටකට පැනගන්ට.

    • කැන්ඩියන්……මටත් ඔය ගැන දන්න අය කියන්නේ දියුණුවෙලා තියෙන්නේ බිල්ඩිංග්ස්වලින්, පහසුකම් සහ අංගෝපාංගවලින් මිසක් සේවාවෙන් නෙමෙයි කියලා. සේවාව තමයි ඔය ක්ෂේත්‍රයේ වැදගත්ම කොටස. ඒ පැත්ත අඤ්ඤකොරොස් බව මට ඔබරෝයි එකේම ඊට බොහෝ කාලයකට පසුව අත්වින්දා. පුහුණුව, පුහුණුව සහ ඉන් පසුවත් පුහුණුව තමයි ඒ කාලේ හෝටල්වල කෙරුවේ. මාස හයෙන් අවුරුද්දෙන් විභාග. ප්‍රායෝගිකව කොච්චර හොඳවුනත්, තියරි ටෙස්ට් පාස් වෙන්න ඕන ට්‍රේනින් ස්ටුවර්ඩ් කෙනෙක් ස්ටුවර්ඩ් කෙනෙක් වෙන්නත්. කුක්ස්ලාටත් එකයි කාටත් එකයි.ඔබරෝයි එකේ මැනේජර්ස්ලා ඉගෙනගත්තේ සහ ට්‍රේන් කරේ ඉංදියාවට යවලා.ඕවා ගැන ලියලා තියන්න ඕන අප්පා. පිඟන් හෝදන සහ ඒ වැඩකටයුතු අංශයේ (kitchen stewarding dept) කොල්ලන්ව ට්‍රේන් කරන්න ඉන්දියාවෙන් වසරකට සැරයක් ආවා Mr,Lamba කියලා කෙනෙක් Director..Kitchen stewarding…Oberoi Hotels Group). හිතපන් කොහොම තත්වයක්ද කියලා ඒ යුගයේ ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය.

      කැන්ඩියන් කියන දේම ෂෙෆාකිත් කලින් පෝස්ට් එකක කමෙන්ට් කරලා අපි ඔය ගැන කතාවුනා.

  20. රසික says:

    අද නම් ට්‍රැක් එකට වැටිලා 😀

    අර ඩේලු ගැන කතාව මතක ඇතුව ලියපන්. පුලුවන්නම් ගෝනවල සුනිල් ගැනත් දැනගන්න ආසයි. අපි ඔය කාලෙ පොඩි උන්! 😀

    • /////අර ඩේලු ගැන කතාව මතක ඇතුව ලියපන්. පුලුවන්නම් ගෝනවල සුනිල් ගැනත් දැනගන්න ආසයි. /////////
      අඩෝ රසික…මේ උඹ හිතුවද මම පාතාලයෙක් කියලා 😀
      රසික මට ඩේලු හම්බවෙන්නේ කතාව තව ටිකක් ඉස්සරහට යනකොට. මතක දේවල් ගොඩාක් තියෙනවා බුවා ගැන. ගෝනවල සුනිල්ලා ශිල්ප දාන කාලේ වාසනාවට මම රටේ හිටියේ නැහැ කියලා තමයි මට මතක.

  21. තිස්ස says:

    1984 දී ඔබරෝයි හෝටලේ බෝම්බයක් පිපිරිලා room maid කෙනෙක් මැරුණා නේද?

    • තිස්ස……84 ජනවාරි තමයි මේ බෝම්බය සෙට් කරේ.EROS එක තමයි මේ වැඩේ කරලා තිබුනේ. මම එතකොට හෝටලය ඇතුලේ. මම වැඩ කරපු පල්ලෙහා කොෆිශොප් එකට ඒ කාමරය පේනවා. ඒ අහිංසක කෙල්ල (වොලස් )මැරුණා. ඒ ගැන මතක තියෙන දේවල් පසුවට ලියන්නම්. ඒ සිද්ධිය වෙනකොට මේ ගර්ල් room maid පෝස්ට් එකේ ඉඳන් house-keeping supervisor කෙනෙක් වෙලා ටික කාලයයි.

      • තිස්ස says:

        ෂඃ…… ඔය කොෆී ෂොප් එකට තමයි මම මගේ පළමුවැනි ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ඉස් ඉස්සෙල්ලම අරගෙන ආවේ….

      • කොයි කාලෙද තිස්ස……ඔය කොෆි ෂොප් එක හරිම බිසි තැනක්, වගේම හරි ප්‍රසිද්ධ තැනක්.
        තිස්සගේ පළමු ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ආව තැන. මගේ බිරිඳව මට හමුවුන තැන.

      • තිස්ස says:

        1991

      • මම නැහැ එහෙනම්. හිටියා නම් සැන්ඩ්විච් එකක් කේක් කෑල්ලක් නිකම් කාලා යන්න තිබුනා 😀
        මම 87 පිටරටකට ගියා තිස්ස.

  22. කුරුටු ගෑ ගී පවුර says:

    අරූ…………………………

    අද කතාවත් වෙනදා වගේ ම රසවත්. රසවත් කිව්වාට ඒක හරි ම වචනය ද කියලා මං දන්නෑ… මොකද මේ ලොකු දුකක් විදගෙන යන ජීවිතයක කතාවක්නේ.. මොනවා වුණත් ආච්චිගේ කතාව නම් නියමයි. මාලේ අමතක වෙලා දුම්කොළේ මතක් වුණ එක……………………….

    • කුරුටු ළමයි……එදා දුකක් වුනත් දැන්නම් රසවත්ව මතක් කරන්න පුළුවන් නිසා රසවත් කියන වචනේ හරි මගේ හිතේ. අපේ ආච්චීට බුළත් දුම්කොල නැතුවම බැහැ. සමහර වෙලාවට මාර වනේ. මහ රෑ කියනවා අනේ බං දුංකොළ ඉවරයි, බුලත් ඉවරයි කියලා. ඉතින් මල්ලි හරි මම හරි දෙල්කඳ හංදියට මහ රෑ යනවා බැන බැන. නැත්නම් ආච්චීට නින්ද යන්නේ නැහැ. එතන තිබුනා සැමි අයියාගේ රෑකඩේ. ගෙවල් කිට්ටුවමයි. මේවා මතක්වෙන කොටත් ආසයි.

  23. අරූ අයියගේ අම්මයි අපේ තාත්තයි ගොඩක් දුරට එක වගෙයි . අපේ තාත්ත නැති වෙච්ච වෙලේ ගමේ මිනිස්සු අඬපු හැටි මට මැවිලා පේනවා ..

    අපේ ගෙදරත් අපේ තාත්තගේ පරම්පරාවේ හිටපු ගොඩක් අසරණ අයට හෙවනක් දුන්න තැනක් අපිටත් හරියකට ඉන්න හිටින්න නැතුව …

    දේශපාලන කතාත් ලියන්න එත් මේ ඔයාගේ කතාවට ටිකක් ප්‍රයෝරිටි දෙන්න ..

    • පැතුම්…..එහෙම මිනිස්සු අඩුයි. අපේ අම්මා තාත්තාත් ඔය වගේ තමයි. ඒ අම්මාගේ පරම්පරාවේ ගතියක්. ආච්චිලා හදාගන්න ගත්ත අය හිටියා මැරෙණකම් අපි එක්ක. අපි අන්තිම අසරණ වෙලා හිටිය කාලෙත් එහෙමයි පැතුම්. බෙදා හදාගෙන ජීවත්වුනා.

      ලියවෙන දෙයක් ලියවෙච්ච දෙන් කියලා ලියනවා 😀

  24. raigam says:

    බොයින් වාතල නම් මදි නේද බං? 😀

    මෙහෙමයි අරූ. මේක මට සිතෙන සැටි. උඹගේ මේ කතාව බ්ලොගයකට එහාට අරගෙන යන සිතිවිල්ලක් තියනවා කියුවනේ. දැන් මේ බ්ලොග් ලියන කොට කියවන පිරිසගේ අදහස් වලට කන් දීම ගැන වරදක් කියන්න බැහැ. හැබැයි එයිට එහාට ගියොත්, ලියන්නෙක් වශයෙන් උඹට අවශ්‍ය කතාව තමයි ලියන්න ඕනේ. එය කියවන්නන් වශයෙන් අපට අවශ්‍ය ආකාරයට විග්‍රහ කර ගන්න පුළුවන්.

    • රයිගම්……ලෝන්ග් ටයිම් උඹත් නෝ සී…,මමත් නෝ සී…
      /////////බොයින් වාතල නම් මදි නේද බං?////////
      අයියෝ කියලා වැඩක් නැහැ බං. කැළණි ගඟේ පොල් ලෙල්ලක් ගහගෙන ගියා වගේ. කෝ ගෙවල්වල උදවියත් එක්ක මේක කරන්න බැහැ. බොයින් වන වෙලාවට බලාගෙන ඉඳලා කමු කමු කියනවා. සැර මදි .

      උඹේ පැහැදිලි කිරීමට ස්තූතියි!! ඔන්න ඔහේ ලියාගෙන යනවා මචං. කලවමේ තමයි ගෙනියන්න ඕන.

  25. තිසර says:

    කලින් කොටසත් කියවලාමයි ආවෙ… ඇත්තම කියන්න තැනින් තැන රිද්මය ටිකක් ගිලිහිලා තියනවා කියලයි මට හිතෙන්නේ. අර දුටු ගැමුණු රජතුමා මුං කිරිබත් කෑව සීන් එක වගේ. කමක් නෑ, තව කොටසකින් දෙකකින් ආයේ මුල් කාලේ වගේ ලියන්න පුළුවන් වේවි. දේශපාලනය රැකියාව සියලු දේම උඹේ කතවේ තිබ්බට කමක් නැහැ. හැබැ‍යි සමහර වෙලාවට දේශපාලනය ගැන කියනකොට, ඒක වෙනම රිපෝර්ට් එකක් වෙනවා. උඹ අර පන්සලේ හිටපු කාලය ගැන ලියද්දි ඒ කාලේ දේශපාලඥයෝ ගැන එහෙම බොහොම අගේට බැලන්ස් කරලා ලිව්වා, උඹේ කතාවටම සම්බන්ධ කරලා. මගේ පෞද්ගලික මනාපය ඒ වගේ ලියවිල්ලකටයි.

    • හලෝ තිසර……මටත් ඒ චොර ගතිය තේරෙනවා බං. කාලයක් ලියපු නැති නිසා වෙන්නත් ඇති. අනිත් එක දේශපාලනය ගැන ලියවෙනකොට මාත් ආවේගශීලි වෙනවා. ඒක හරියට බැලන්ස් කරගන්න ඕන. අනිත් කාරණය තමයි තිසර මේ ඉංග්‍රීසි වචන යොදාගන්න වෙන එක.
      දුටු තැන වැරැද්දක් -දඩස් ගාලා පෙන්න දීපන්!! උඹට ස්තූතියි!!

  26. Anonymous says:

    Aru,
    Link to the Royal College Past Teachers Association
    http://royalcollegepta.com/index.html

  27. බොයින් වාතල ගනන් ආමාශ ගත කිරීම නම් මචෝ එතරම් ගුන නැත….හවහට වීදුරුවක් විතර ගත්තාම මදි‍යැ…මද පමනින්…
    මම තාමත් මේ පෝස්ට් එක රස විදිමින් ඉන්න නිසා කමෙන්ට් කිරීම පසුවට කල් දමමි…

    • ෂෙෆාකි…. ඇත්ත මචෝ කතාව. මට තේරෙනවා. උඹ ඔය වීදුරුවක් විතරක් ඇති කිව්වේ වයින් වීදුරුවක් පිරෙන්න විස්කිද? ඒකට නම් මාත් මනාපයි. ශැන්ඩි වෙන වීදුරුවකට දාගත්තෑකිනේ 😀

      කියවලා රස විඳපන්…පස්සේ කමෙන්ට් කරපන්.

  28. හිහික්… අතහැරුණ පහුගිය සටහනත් කියවලමයි ආවෙ…
    ඒකෙයි මේකෙයි සම්බන්ධෙ නිකංඅර රවි අය්යගෙ පොස්ට් වගේ උඩිං එකක් කියනව මැද එකක්යට එකක් ඒක මතු සම්බන්ධ වෙලා තව එකක්…
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් තමා…
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව …
    නැද්ද මං අහන්නෙ…

    අරූ අය්ය ආපහු ආව එකට සන්තෝසයි ඈ…. මාත් මේ සෑහෙන කාලෙකින්ද කොහෙද…
    මේ වගේ පොස්ට් වලට එක් කරන්න තරං දෙයක්නැ නෙව අරූ අය්ය…
    ඊළග කොටසත් කියවන්න මග බලං….
    ජයවේවා

    • මහේෂ්…මම නම් නාවන්න ගෙනියන බල්ලෙක් වගේ අමාරුවෙන් අමාරුවෙන් ආවා. දැන් හරි. කෝ ඒත් උඹ….තාමත් කූඩුවේද?
      ////කොහෙද යන්නෙ මල්ලෙ පොල් තමා…
      ඒකෙත් පොඩි ලල් එකක් තියෙනව ////////
      මල්ලේ පොල් ලල්…..ඒ වචනේ හොඳයි මේ වගේ ඒවාට 😀

      • Anonymous says:

        කූඩුවෙන් එළියටපයින්න දගලන ගමන්…
        හෙක් හෙක්…
        ලොවෙත් නෑ

  29. මිනිසා යනු දේශපාලන සත්වයෙකි. එනිසා දේශපාලන්යෙන් ඈත් කොට අපේ ජීවිත කතා අපිට කතාකල නොහැකියි. එනිසා අඩුපාඩු සංශෝදන නැතිව නිදහසේ කතාව කියමු අරූ අයියේ.

    ගීතයත් යෙදූ නිසා පෝස්ට්ටුව අංග සම්පූර්ණයි.

  30. ඔය යන විදිය හොඳා. උඹේ හිතට එන සටහන් ඒ විදියටම ලියපං. දේශපාලනය ලියන්න හිතුනම ඒවත් උඹේ ජීවිත අත්දැකීම් ලියද්දි ඒවත් ලියපං. සීමා දාගන්න එපා. පෝස්ටුව රහයි එච්චරයි!

    • රාජ්…… පෞද්ගලික ජීවිතයට අමතරව දේශපාලනයේ මතක තියෙන සිදුවීම් තමයි ලියන්න තියෙන්නේ. දේශපාලන විචාර ලියන්න දන්නේ නැහැනේ. මෙහෙම ලියාගෙන යන්නම්. බලමු. තෑන්ක්ස් මචෝ.

  31. manogeloka.blogspot.com says:

    උඹ මේකේ එක කොටසක්වත් මඟ අරිනවාට මම නම් කැමති නැහැ අරූයියේ. මේක හරියට ගඟක් ගලනවා වගේ ලස්සනට ගලාගෙන යන කතාවක්.අර රවියියා කියලා තියෙනවා වගේ එක දවසක් මෙහෙමත් අනෙක් දවසේ දේශපලන කොටසකුත් ලීවොත් මොකද ?දිවුල්ගනේ ඔය තනතුර දරන එක ගැන මගේ නම් අවුලක් නැහැ.දේශපාලන තනතුරු වුනත් ඕවයින් කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැනේ.හැබැයි ඉතින් ඔය මල මගුලෙන් පස්සේ දිවුල්ගනේ කියන හඬ අකර්මන්‍ය වීම ගැන තියෙන්නේ වේදනාවක්.

    • ගලන ගඟකි ජීවිතේ කියලා නන්දා මාලනීයි නාරද දිසා සේකරත් කිව්වානේ. හිතට දැණෙන එව්වා ලියන්නම්. අච්චාරුවක් වගේ එකක් එයිනේ 😀
      දිවුල්ගුණේ නෙමෙයි හිත දුර්වල ඕන එකෙක් ඔය බලය සහ තනතුරුවලදි අමු කබ්බෝ වෙනවා. මේ වගේ දක්ෂයෝත් එහෙම වෙච්ච එකේ අනිත්වුන් ගැන කවර කතාද….

      ගායනය : නාරද දිසාසේකර & නන්දා මාලිනී
      පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
      සංගීතය : පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී.අමරදේව
      චිත්‍රපටය : රන්මුතු දූව (මේ ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය මට මතක විදිහට.)

      • ඉන්දික උපශාන්ත says:

        නන්දා මාළනීගෙ ප්‍රසිද්ධ තලයේ ගයාපු පලවෙනි ගීය මේක.

  32. Ajith Dharma says:

    මචන් කටයාට හැමෝම හොඳ කියනවා. මට නම් කියන්න අමාරුයි. මම ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිය මුල් දවසෙම අල්මේදා කියල බුවෙක් කැච් ප්‍රැක්ටිස් කෙරෙවෙව්වා. කටය ඇවිල්ල බලන් ඉඳල මායි තව එකෙකුයි පික් කලා. කම්මුලට ඇදල ඇරිය. එයින් පස්සේ මගේ ප්‍රැක්ටිස් නැවතුනා. මන් කරපු එකම දේ සාමාන්‍ය දැනීම ටීම් එකේ කැප්ටන් වෙලා ආනන්දේ අපට පැරදුන final එකේදී. ඒක වුනෙත් සමන් අතාවුද හෙට්ටි හිටි නිසා.
    අපටත් ඉගැන්වුවා නෙල්සන් ෆර්නැන්ඩෝ සර්. පොරගේ පුතා අපේ පන්තිවල හිටියේ. faluda කියල මිස් කෙනෙක් හිටිය A /L වල ලස්සන ඔසරි අඳින.

    • මචන් කටයා ගැන එක එක විග්‍රහයන් තියෙනවා. ඇයි බං උඹට එහෙම ගැහුවේ. මොන වැරැද්දකටද…මටත් කීප වතාවක් ගහලා තියෙනවා. ඒනම් මගේ පට්ටපල් වැරදිවලට. සමන් ආතාවුදහෙට්ටි මටත් වඩා සීනියර්.

      • Ajith Dharma says:

        පොර ඒක කියල ගැහුවනම් තමා හොඳ. කිව්වේ නැති නිසා මට හිතෙන්නේ පොරට මගේ මුණ ඇල්ලුවේ නැහැ කියල. කොල්ලෝ එක එක හේතු කීව . මම බොත්තම දාල හිටියේ නැහැ වගේ. සමන් අමරසින්හ සර් කටයට හෙන කැමතියි. මගේ FB එකේ ඉන්නවා. හොඳ අයට හොඳ ඇති. මම නම් ඔය ගහනවට විරුද්ධ එකෙක්. බ්ලොග් ලිපියකට හොඳ මාතෘකාව. දැන් එකක් මතක් වුනා.

      • රසික says:

        ඔය වගේම සීන් එකක් මටත් තියෙනවා ඒ ලෙවල් පියෝ මැත්ස් කරපු XXරත්න (නම මෙතන ලියන එක අරූ ට හොඳ නැති නිසා ලිව්වෙ නැත්තෙ. පියෝ කෑල්ල මුලට දාලා කියන නමකින් මිනිහා ප්‍රසිද්ධ ) එක්ක. මිනිහට සමහරු කැමතියි. නමුත් මට නම් මිනිහා මතක් වෙනකොටත් අප්‍රසන්නයි. වරදක් හදාගන්න වරද පහදලා දීලා දඬුවමක් දෙන එකට මම විරුද්ධ නෑ. නමුත් පික් කරලා තමුන්ගෙ ඇරියස් කවර් කරන එක නම් පජාත වැඩක්.

      • Ajith Dharma says:

        පියෝ මැත කරපු එක්කෙනෙක් faluda , අනික් එක්කෙනා ජයසිංහ වගේ නමක් . පික් කරලා ගහන එක කැත වැඩක් තමා . දැන් FB එකේ ඉන්න -my name is Lio…St..Gun….and What is your name කියල අහල කනට ගහන එකා මතකද? කාටවත් ඉගැන්නුවෙ නැති හීනමාන පොරක්. ඒකට අපේ නානා . කෙමිස්ට්‍රි මිස් . කියල වැඩක් නැහැ . නියම මිස්.

      • අජිත්….කෙමිස්ට්‍රි උගන්නපු Y. නානා මිස්ද? අපිට කෙමිස්ට්‍රි කරේ දේවිකා රණසිංහ, මිස් ආබෘ. උඹලාට මිස්ට නෝනිස්ගෙන් මුකුත් ඉගෙන ගන්න ලැබුනේ නැද්ද. පංතියට ආපු ගමන් විනාඩි 15ක් විතර මට බනිනවා. පොරටත් හිනා. ඉතුරු විනාඩි 30 තමයි මොනවා හරි උගන්වන්නේ. මම කරන වැඩවලට එයාට හෙන ඔරොප්පු. අහපු ප්‍රශ්නෙකට උත්තර නොදී කටවහගෙන හිටපු නිසා
        දවසක් මට කිව්වා “මොන මගුලකට දෙයියන්නාන්සේ තමුසේ වගේ එකෙක්ව මැව්වාද මන්දා ඕයි…කපුටෙක් මැව්වා නම් ඌ කාක් කාක්වත් කියනවා. වද නොදී ඔය කොහේ හරි ඇවිදලා පීරියඩ් එක ඉවරවුනාම එනවා ඕයි” කියලා. මරු පොර බං. මම හරි කැමතියි.

      • තිස්ස says:

        අරු අයියලාට ෆිසික්ස් ඉගැන්නුවේ ‘හරා’ ද?

      • තිස්ස…..හරමානිස් නානායක්කාර මහත්තයා නොහොත් හරා නෙමෙයි අපිට ෆිසික්ස් කරේ. අල්විස්ලා දෙන්නෙක්. දෙන්නාම හරි හොඳ ගුරුවරු. හැබැයි මම පස්සේ ෆිසික්ස් අතහැරලා ඇග්‍රිකල්චර් කරා, පුෂ්පා ජයකොඩි මිස් තමයි ඒක කරේ.

        තිස්ස මේ රසවත් ලිපිය කියවන්න. හරාගේ සිද්ධිය වුනේ මම ඉන්න කාලේ.

      • තිස්ස says:

        අරු අයියා, ‘හරා’ගේ නෑදෑයෙක් වෙන කෙනෙක්ගෙන් මම අහපු විදියට එයාගේ නමේ ‘එච්’ අකුර තියෙන්නේ ‘හරිස්චන්ද්‍ර’ කියන එකට මිසක් හරමානිස් කියන එකට නෙවෙයි. හරමානිස් කියන එක නිකං කොල්ලෝ හදා ගත්තු එකක්ලු.

      • තිස්ස… මට ඒ ගැන නිශ්චිත අදහසක් නැහැ. ඔබ කියනා දේ නිවැරදි විය යුතුයි. ඒ දවස්වල ඔය කාටත් නමක් දාගන්නවා නේ කොල්ලෝ. ඒ කතාව කෙසේ වුවත් ….තිස්ස අර ලිපිය කියවන්න.

  33. Sanjeewa Mendis says:

    මමත් ඇවිත් ගියා.

  34. deshakaya says:

    බ්ලගේ ස්පොට්එක වහලද බං.. මට නොටිපිකේෂන් ආවේ නෑ.. මදෑ කොලා. දැං ඉතිං බලන්න එපායැ.. දෙකක්ම මිස් වෙලා..

  35. සංවාදයට සහභාගි වෙන්න තරම් අත්දැකීම් නැහැ අපි ඔය කාලෙ ඉපදිලත් නෑ.. 😀 හැබැයි ලිපි පෙළ නම් බොහොම කැමැත්තෙන් කියවනව දිගටම.. 🙂

    • //////අපි ඔය කාලෙ ඉපදිලත් නෑ/////

      රවිඳු……ඉපදෙන්න ඕන කියලා අයිඩියා එකක්වත් තිබුනේ නැද්ද 😀

      දිගටම කියවන්න. අවශ්‍ය දේවල් විතරක් හිතට ගන්න. අනවශ්‍ය දේ අත අරින්න. ඉදිරියට නොයෙකුත් දේ ලියවෙන්න තියෙනවා. ඒ අත්දැකීම් ලියන්නේ සමාජයට යම් මෙහෙවරක් වෙයි කියන අදහසින් මිස කිසි දෙයක් ප්‍රවර්ධනය කරන්න නෙමේ.

      • නැත.. ’93දී තමයි අයිඩියා එක ඇවිත් තියෙන්නෙ.. 😀
        අනවශ්‍ය දේවල් කියල දෙයක් ඇත්තෙම නැති තරම්, හරිම රසවත් වගේම හරිම වැදගත් ලිපි පෙළක්..

  36. Thushani says:

    අපේ ඉස්කෝලෙටත් කට්ටිය කියන්නේ දෙලොවක් අතර තියෙන ඉස්කෝලයක් කියලා.. මොකද එක පැත්තකින් බො‍රැල්ලේ කනත්තයි අනිත් පැත්තෙන් කාසල් එකයි නේ තියෙන්නේ.. හි..හි..

    ආච්චි ගැන කියලා තිබුන ඒවට තමයි හුඟක් හිත් ගියේ..

    • තුශානි….දේවී බාලිකාවට දෙලොවක් අතර කියලා කියන බව අදයි දන්නේ. අපි ස්කූල් කට් කරලා ඔහේ ඇවිදපු පැති තමයි.

      ආච්චී ගැන විස්තර තව තියෙයි.

  37. මම අද තමයි මේ බ්ලොගේ බලන්න ගත්තේ…
    ලියන විදිහයි, කතාව විස්තර කිරීමයි උපරිමයි
    නිදහසේ ඉතුරු ටික බලන්නම්

    දෙලොවක් අතරේ ඉන්න කේස් එක මටත් හරියට වෙනවා.
    බොයින් වාතලේ එක්ක ලියන එක මරුය, හැබැයි දැන් ගෙදරදී ලියන්න වෙන්නේ නැහැ. පුංචි එකා නිසා
    බොයින් සීන් එකනම් වෙනවාය….. 🙂

    • ලොකු පුතේ……හෙමින් කියවපන්. මගේ පෝස්ට්වලට වඩා රසවත් කමෙන්ට්ස් තියෙනවා. කියවලා බලන්න.

      බොයින් එකේ වාතලයට නොගිහින් බොයින් වාතලයකට පොඩ්ඩක් ගොඩවුනාට වරදක් නැහැ, පුරුද්දක් නොවී.

  38. helapayaa says:

    මචං මගෙ රෝලෙ මේක අප්ඩේට් වෙලා නෑ.ඒ වුනාට වෙන කොහෙ හරි දැක්කා එන්න පරක්කු උනා.උඹලගෙ ගේ නිකං සත්තු වත්තක් වගේ තියෙන්න ඇති නේද?ඔය හිටපු සැට් එකටම කොහොමින් හරි කන්න දීපු අම්මට නං නොබෙල් තෑග්ග දෙන්න වටිනව බං.මට නං ඒ විශ්වකර්ම වැඩේ හිතාගන්නවත් බෑ.

    • හපොයි ඔව් බං හැලපේ. කෑම බීම වැඩේට හපන් අර පොඩි කෑලි දෙකේ අපි ළමයි හතයි, අම්මායි, තාත්තායි, ආච්චියි නිදාගන්න ලෑස්ති වෙන වෙලාව. අම්මා ගාව නිදාගන්න කට්ටියක් පොරකනවා, ආච්චිගේ තුරුලට යන්න තව කට්ටියක් සෙට් වෙනවා. අන්තිමට අම්මාගෙන් බැණුම් අහලා තමයි පොඩි සෙට් එක නිදාගන්නේ. ඉස්තෝප්පු සෙට් එකට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන දෙයක් කාලා නිදාගන්නවා.

      උඹ ලියන්නේ නැද්ද?

    • helapayaa says:

      කමෙන්ට් කරමින් ඉන්නයි අදහස මචං.

      • ඒක ලොකු අපරාධයක් මචෝ. උඹ සතු විශාල අත්දැකීම් ගොන්නක් තියෙනවා. ඒක අනිත් අයට කියවන්න සලස්වපන්. ඒක ක්ෂේත්‍ර කිහිපයක් හරහා යන සිදුවීම් රාශියක්.

  39. සිරා says:

    ඉතාම රසවත් මේ කොටස…ඔයා පහලම තැනකින් පටන් අරගෙන වෘත්තීය ජීවිතයේ ඉහළට ගිය හැටි කියවන්න මම ඉතාම කැමැත්තෙන් මේ බලාගෙන ඉන්නෙ. මා සමග සමහරු කියා තිබෙනවා ලංකාවෙ පළමුවැනි තරු 5 හෝටලය Pegasus Reef බව. ඒ වගේම 70 දශකයේ ලංකාවෙ විශාලම පිහිනුම් තටාකය තිබුන හෝටලය Club Hotel Dolphin වයික්කාල බව. මේවායේ සත්‍ය අසත්‍ය තාව කොහොමද….

    දිවුල්ගනේ ගයන ගමට කලින් ගීතය වගේම මෙන්න මේ ගීතයත් මගේ මව්ගුණ ගීත ලැයිස්තුවේ ඉහළින්ම තියෙන ඒවා. ඒ උතුම් මාතෘත්වය සදා දිනේවා !

    වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්… දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්…
    කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ…
    නුඹයි අපෙ අම්මේ……….

    සයුරක් වගේ කිරි දුන් කෙනෙක්… වෙරලක් වගේ පන දුන් කෙනෙක්…
    ඔරුවක් වගේ පන දුන් කෙනෙක්…
    වේ නම් ලොවේ… නුඹයි අපෙ අම්මේ……….

    කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්… පියුමක් වෙලා තුටු වූ කෙනෙක්… ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්…
    වේ නම් ලොවේ… නුඹයි අපෙ අම්මේ……….

    පද: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    සංගීතය: ගුණදාස කපුගේ
    හඬ: කරුණාරත්න දිවුල්ගනේ

    • සිරා says:

      ඔරුවක් වගේ අත දුන් කෙනෙක්… යනුවෙන් නිවැරදි විය යුතුය

      • සිරා…….මමත් කැමති ගීතයක්. වැඩිය අහන්න ලැබෙන්නේ නැහැනේ.

        සිරා පෙගාසස් රීෆ් එකේ කතාවත් ඒ කාලේ තිබුනා. ඉන්ටකොන් එක ගැනත් ඔහොම කිව්වා. අපිට කිව්වේ ඔබරෝයි කියලා. ඔය තරු 5 දෙන්න නිවැරදි ක්‍රමයක් හැදුව වසරක් තියෙනවා. මට මතක නැහැ. එදායින් පසුව තරු ලැබුන විදිහ නිවැරදියි කියලා කියනවා. ඉන්ටකොන්, පෙගසස් හෝටල්වලට ඊට පෙර දීපු ඒවාද දන්නේ නැහැ. නිශ්චිතවම කියන්න බැහැ. දැන් ඔය 7ස්ටාර්ස් කියන ඒවා එක එක අය දාගත්ත ඒවා කියනවානේ. මේ තරු ක්‍රමය ගැන නොයෙකුත් මත තියෙනවා. නිදහසේ මේ ලිපිය කියවා බලන්න.

        ඩොල්ෆින් වයික්කාල කතාවත් අහලා තියෙනවා. ෂුවර් නැහැ.

  40. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

  41. බන්‍ධුල කුදලාගම says:

    1/4

    කොළොම්තොට නැත මහලු වී – අවන්හල නැත පැරණි වී : අරුණ පෙරේරාණන් සමඟ හෝටල පිළිබඳ කතිකාව

    මතු පළ වන්නේ කොළඹ නගරයේ සංචාරක හෝටල කීපයක් පිළිබඳ අතීතාවර්ජනීය සටහනකි. මම හෝටල පිළිබඳ විශේෂඥයෙක් නො වෙමි. එහෙත් මගේ ළබැදි අරුණ පෙරේරාණෝ හෝටල පිළිබඳ විශේෂඥයෙක් වෙති. මෙම ලිපිය මම අරුණ පෙරේරා ශ්‍රී නාමයට සමර්පණය කරමි.

    ලංකා ඔබරෝයි හෝටලය මා හිතවත් අරුණ පෙරේරාණන්ගේ ජීවිතයේ සංඝටනීය අංගයක් බව විශ්වාස නොකරන්නට ම‍ට කිසිඳු හේතුවක් නැත. අරුණ පෙරේරාණන්ගේ රසාකර “අරූගේ අඩවිය” වියුණුවේ වර්ණ බන්ධනය වන අරුණ පෙරේරා ස්වයං අපදාන කාව්‍යානුකූල ව ලංකා ඔබරෝයි හෝටලය අරුණ පෙරේරාණන්ගේ ජීවන ගමන් මඟේ ක්ෂේමභූමියකි.

    ලංකා ඔබරෝයි හෝටලය පිළිබඳ ඇගයීමක් ලියන්නට නිසි සුදුසුකම් මට නොමැත. මම අරුණ පෙරේරාණන් සේ හෝටල පිළිබඳ විශේෂඥ‍යෙක් නො වෙමි. මම කොළඹ නගරයේ හෝටල පිළිබඳ දැනුම්වත් වන්නේ විවිධ හේතු නිසා විවිධ හෝටලවලට ඉඳහිට යන්නට එන්නට වූ තැනැක්තකු ලෙස පමණි. එම යෑම්-ඊම් ද බොහෝ විට රාජකාරී සහ ශාස්ත්‍රීය අරමුණු කරණ කොට සිදු වූයෙන් මගේ අවබෝධය එකී හෝටලවල සම්මන්ත්‍රණ ශාලාවලට ද ආහාරානුභව ශාලාවලට ද සීමා විණ. එහෙව් කල දශක ගණනක් දෛනික ව හෝටලවලට ආ ගිය අරුණ පෙරේරාණන් තරමට මම කෙසේ නම් හෝටල පිළිබඳ දනිම් ද? කොළඹ නගරයෙන් පිටත පිහිටි හෝටල කීපයක් පිළිබඳ නම් මම යම් තරමකට දනිමි. එද අරුණ පෙරේරාණන්ගේ සාගර සමාන වූ හෝටල දැනුම හා සසඳන කල ලේන වලිගය අග රැඳි දිය බිඳටත් වඩා අල්ප දැනුමකි.
    හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ අතිදැවැන්තයකු ඉදිරියේ කුදු පිග්මියකු වන මම අරුණ පෙරේරාණන්ගේ මතු දැක්වෙන විශේෂඥ නිගමනය පිළිබඳ සංශය නො කරමි.

    “Hotel Lanka Oberoi ආයතනයට සමකළ හැකි තවත් හෝටල් එදා තිබුණා යැයි මම විශ්වාස නොකරමි. ඒ මා රැකියාව කල ආයතනය ඔසවා තැබීමට නොව, ඒ ඇත්ත බව කවුරුත් දන්නා නිසාය. (මට එම ආයතනයෙන් ඉවත්වෙන්න යැයි ඉල්ලා සිටීම වෙනම කාරණයකි ) ඒ කිට්ටුවටවත් ගත හැකි හෝටල් තිබුණා නම් ඒ, Ceylon Intercontinental, PegasusReef යන හෝටල් පමණි. Mount Lavinia Hotel,Galle Face Hotel, Colombo Thaprobane වැනි හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර තිබුණේ මීට වඩා අඩු මට්ටමකය.”

    හෝටල ප්‍රමිතිය පිළිබඳ සම්මත නිර්ණායක අනුව Colombo Taprobane හෝටලය “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර තිබුණේ” “Hotel Lanka Oberoi ආයතනයට” “වඩා අඩු මට්ටමකය.” යන පෙරේරාණන්ගේ ප්‍රකාශය නිවැරදි විය යුතු ය. තරු දෙකක් අඩු වුව ද පිහිනුම් තටාක නැති වුව ද අරුණ පෙරේරාණන් Colombo Thaprobane යනුවෙන් හඳුන්වන අප කවුරුත් දන්නා Grand Oriental Hotel (GOH) යනු කොළඹ නගරය ආශ්‍රිත ව පිහිටි මගේ සිත්ගත් හෝටල තුනෙන් පළමු වැන්න ය. අනෙක් හෝටල දෙක ද මගේ හිතවත් අරුණ පෙරේරාණනට අනුව “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර” “වඩා අඩු මට්ටමක” තිබූ Galle Face Hotel සහ Mount Lavinia Grand Hotel ය.

    Grand Oriental Hotel යන නාමය Colombo Taprobane වූයේ නෛතික ගැටලුවක් නිසා යම් සීමිත කාලයකට පමණි. අතීතයේ දී සේ ම වර්තමානයේ දී ද එම හෝටලය Grand Oriental Hotel ය. වර්ෂ 1875 දී ආරම්භ කෙරුණු Grand Oriental Hotel වසර 141 ක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එම හෝටල ගොඩනැඟිල්ල ලන්දේසි ආණ්ඩුකාරවරයකුගේ වාසස්ථානය වූ බව පැවසේ. එහෙත් එබව නිශ්චිත ව තහවුරු කිරීමට තරම් සුපැහැදිලි සාක්‍ෂ්‍ය දුලබ ය. ලන්දේසි යුගයේ දී ලන්දේසි නැඟෙනහිර ඉන්දියා වෙළඳ සමාගමට අනුයුක්ත ව ලංකාවේ සේවය කළ ජරමානු ජාතිකයකු වූ Christopher Schewitzer ගේ කෘතියක් අනුව Grand Oriental Hotel ගොඩනැඟිල්ල ලන්දේසි යුගයේ දී ආණ්ඩුකාර වාසස්ථානයක් වූ බව ඇතැමෙක් පවසති. Christopher Schewitzer විසින් රචිත කෘතිය “A relation of a voyage to and through the East-Indies from the year 1675 to 1683” නම් වේ. එම කෘතියේ කොළඹ ලන්දේසි රෝහල පිළිබඳ සුනිශ්චිත, සුපැහැදිලි විස්තරයක් සඳහන් ය. කෘතියේ ස්ථාන කීපයක ම ආණ්ඩුකාරතුමාට සම්බන්‍ධ තොරතුරු ඇති නමුත් ආණ්ඩුකාර වාසස්ථානය වූයේ පසුකාලීන ව Grand Oriental Hotel ලෙස වර්ධනය කෙරුණු ස්ථානයේ ම බව සුනිශ්චිත ව පැවසීමට තරම් තොරතුරක සඳහනක් සොයා ගන්නට මම සමත් නො වීමි. එහෙත් නිසි සාක්‍ෂ්‍ය කොළඹ ලන්දේසි කෞතුකාගාරයේ හෝ රාජ්‍ය ලේඛනාගාරයේ හෝ සංරක්‍ෂිත ව ඇති බව මම සිතමි. මෙම විෂය පිළිබඳ උනන්දු ලංකාවාසී පර්යේෂකයනට එපිළිබඳ සොයා බැලීම උචිතාභ්‍යාසයකි. කෙසේ වුව ද Grand Oriental Hotel ගොඩනැඟිල්ල ආරම්භයේ දී ලන්දේසි ආණ්ඩුකාරවරයකුගේ හෝ ආණ්ඩුකාරවරු කීප දෙනකුගේ හෝ වාසස්ථානය හෝ වාසස්ථානයේ කොටසක් හෝ වූ බව ජනප්‍රවාදිත යි; ජනසම්මත යි.

    Cont …

  42. බන්‍ධුල කුදලාගම says:

    2/4

    යටත් විජිත ලංකාවේ පළමු වැනි ඉංගිරිසි ආණ්ඩුකාරවරයා ලෙස වර්ෂ 1798 දී පත් වූ ගිල්ෆර්ඩ්හි පස් වැනි අර්ල්වරයා වූ Frederick North අපගේ සාකාච්ඡාවට බඳුන් වන ගොඩනැඟිල්ල තම බලකාඥාපති වූ මේජර් ජනරාල් Hay MacDowall ගේ පරිහරණයට පවරා ඇත. වර්ෂ 1837 දී රොබර්ට් විල්මට්-හොර්ටන් ආණ්ඩුකාරවරයාගේ සමයේ දී මෙකී ගොඩනැඟිල්ල ඉංගිරිසි යුද හේවාශාලාවක් බවට පක් කෙරිණි. එම හේවාශාලාවේ ප්‍රවේශ ද්වාරය අසල වූ සෙල්මුවා සමරු ඵලකයේ එබව මෙසේ සඳහන් ව තිබිණි:

    “IN THE REIGN OF KING WILLIAM IV. 
THIS BARRACK 
Being the first of the Improvements in the Military
Buildings throughout Ceylon. 
For which £80,000 was granted by His Majesty’s Govt. in 1835.
Was commenced on the 23rd February 1837. 
And 
Was completed on the 27th October 1837. 
When
THE RT. Hon. SIR ROBERT WILMOT HORTON BART. G.C.H. 
Was 
GOVERNOR OF THE ISLAND ; 
And When 
THE HON. MAJR.-GEN. SIR JOHN WILSON K.C.B. 
COMMANDED HIS MAJESTY’S FORCES.”

    පළමු ව ආණ්ඩුකාර වාසස්ථානයක් ද දෙවනු ව හේවාශාලාවක් ද වූ මෙකී ගොඩනැඟිල්ල හෝටලයක් බවට පත් වීම ඇරඹෙන්නේ වර්ෂ 1873 දී ය. එය Grand Oriental Hotel (GOH) ලෙස විවෘත වන්නේ වර්ෂ 1875 දී ය. එතැන් සිට අතිදීර්ඝ කාලයක් පුරා යුරෝපීයන් විසින් පාලනය කෙරුණු නැඟෙනහිර ලෝකයේ පිහිටි අග්‍රගණ්‍ය හෝටලය ලෙස සැලකුණේ Grand Oriental Hotel ය.

    ආරම්භයේ දී යුරෝපීයන් විසින් කළමනාකරණය කෙරුණු Grand Oriental Hotel වර්ෂ 1954 දී ලංකා බැංකුව විසින් මිල දී ගන්නා ලදී. විවිධ නෛතික සහ කළමනාකරණ ගැටලු නිසා ද ඒ වන විට කොළඹ නගරයේ මතු ව පැමිණි විදේශීය මහා පරිමාණ හෝටල් පෙළ නිසා ද කලක් ජනාකර්ෂණ‍යෙන් ගිලිහී ගිය Grand Oriental Hotel යළිත් පසුගිය සමයේ දී සැලකිය යුතු තරම් දියුණුවක් ලබා ඇත. අදින් වසර පහ-හයකට පෙර එම හෝටලය පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කරමින් සිටි බව මට මතක ය. ලංකා බැංකු වෘත්තිකයන්ගේ ප්‍රබල විරෝධාව මධ්‍යයේ දී එම සැලසුම් රජය විසින් අත්හිටුවනු ලැබිණි. වර්තමාන රජය ද පසුගිය වසරේ දී Grand Oriental Hotel පෞද්ගලික අංශයට විකුණා දැමීමට තීරණය කර ඇති බව ආරංචි විණි. “දාගැබක් ගිලපු එකාට අග්ගලාවක් ගිලින එක මහ වැඩක් ද?” යි පැවසූ ලෙස ම ගාල්ලේ ලන්දේසි කොටුව ද විකුණන්නට මාන බැලූ අයට ලන්දේසි යුගයේ සිට පැවත එන හෝටලයක් විකිණීම අපහසු කටයුත්තක් නොවන්නට හැකි ය. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමෙන් එව ආයතන වඩා සංවර්ධනය කළ හැකි බව ඇතැමෙක් විශ්වාස කරති. එහෙත් ඇතැම් රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසාය යටතේ ම පැවැත්ම එවායේ සංරක්‍ෂණය සඳහා වැදගත් වන බව ද අප අමතක කළ යුතු නැත. අපගේ ඉතිහාසය යනු අනුරාධපුර, පොළොන්නරු ඈ පූර්ව-කෝට්ටේ යුගවල ඉතිහාසය පමණක් නො වේ. යටත්විජිත යුග ද අපගේ ම ඉතිහාසයේ අනිවාර්ය කොටසකි. එම යුරෝපීය යටත්විජිත යුගවල ඉඳිකිරීම් ද සුරැකිය යුතු ම ය. Grand Oriental Hotel යනු ලාංකීය ඉතිහාසයේ වැදගත් ඵෙතිහාසික සම්පතකි. එහි මූලික හිමිකම රජයෙන් ගිලිහී නො යන ලෙස පුද්ගලීකරණයක් කර ගත්තාට කම් නැත. මා දන්නා තරමට මෙම හෝටලය කොළඹ නගරයේ ඇති පුරාවිද්‍යා සංරක්ෂිතයක් ලෙස ලේඛනගත වූ ගොඩනැඟිල්ලකි. එනිසා හිතුමතයේ මෙම ගොඩනැඟිල්ල වෙනස් කිරීම නෛතික ව ද අනනුමත ය.

    Grand Oriental Hotel සමඟ බැඳී ඇති ඉතිහාසය වර්ණවත් කළෝ එසේ මෙසේ පුද්ගලයෝ නො වෙති. කීප දෙනකු මෙසේ ය:

    පිලිපීන ජාතිකත්ව ව්‍යාපාරයේ අසහය වීරයකු වූ ද දුර්ලභ බහුශාස්ත්‍රඥයකු වූ ද අක්‍ෂි වෛද්‍යවරයකු වූ ද José Rizal වර්ෂ 1882 දී Grand Oriental Hotel හි නවාතැන් ගත්තේ ය.

    ශ්‍රෙෂ්ඨ රුසියානු කෙටිකතාකරුවකු වූ ද නාට්‍ය රචකයකු වූ ද වෛද්‍යවරයකු වූ ද Anton Pavlovich Chekhov වර්ෂ 1890 දී සයිබීරියාවේ සඛලින්හි සිට රුසියාව කරා යාත්‍රා කරන අතර තුර දී Grand Oriental Hotel හි දින හයක පමණ කාලයක් නවාතැන් ගත්තේ ය. Chekhov තම Gusev නම් කෙටිකතාව ලිවීම ආරම්භ කළේ එලෙස Grand Oriental Hotel හි නවාතැන් ගෙන සිටිය දී ය.

    ලෝක ප්‍රකට ලේඛකයකු සහ දේශපාලන න්‍යායවේදියකු වූ Leonard Sidney Woolf සහ ඔහුගේ පාදපරිචාරිකාව වූ ලෝක ප්‍රකට ලේඛිකා Adeline Virginia Woolf යන දෙදෙනා ද Grand Oriental Hotel හි කලක් නවාතැන් ගත් බව පැවසේ. Leonard Sidney Woolf වර්ෂ 1904 දී යටත්විජිත සිවිල් සේවය සඳහා මුල් වරට ලංකාවට පැමිණි කල ද නවාතැන් ගෙන ඇත්තේ Grand Oriental Hotel හි ය. “Leonard Wool : A Biography” නම් වූ අපදාන කෘතියේ ලා Victoria Glendinning එබව මෙසේ පවසයි:

    “In Colombo, Leonard stepped off the ship into the heat and the glare and the crowds, and entered the Grand Oriental Hotel, about 150 yards up from the busy dockside in the area still called the Fort, its streets lined with imperial offices, commercial houses and European stores”

    Cont …

  43. බන්‍ධුල කුදලාගම says:

    3/4

    ශ්‍රීමත් Philip Christopher Ondaatje ගේ “Ceylon Revisited” ලේඛනය ද එබව මෙසේ සඳහන් කරයි:

    “Woolf went straight to the GOH, the Grand Oriental Hotel, which was indeed both grand and oriental and a stone’s throw from the magnificent harbour.”
    වර්ෂ 1954 දී ලංකාවට පැමිණි දෙවන එලිසබෙත් මහා රාජිනිය සහ කෙන්ට්හි ආදිපාදවරයා නවාතැන් ගත් ස්ථානය වූයේ කොළඹ Queen’s House (වර්තමාන ජනාධිපති මන්දිරය) ය. මහා රාජිනියට සහ එතුමියගේ රාජකීය පිරිවරට සංග්‍රහ කිරීම ද රාජකීය රාත්‍රී භෝජනෝත්සවය පැවැත්වීම ද සිදු කරන ලද්දේ Grand Oriental Hotel විසිනි. මහා රාජිනිය සහ ආදිපාදවරයා Grand Oriental Hotel වෙත පැමිණ ඇති බව ද පැවසේ.

    Leonard Sidney Woolf ගේ සහෝදරිය වූ Bella Sidney Woolf කලක් ලංකාවේ වාසය කළා ය. ඇය‍ විසින් 1909 වර්ෂයේ දී පළ කෙරුණු “The Twins in Ceylon” කෘතියේ Grand Oriental Hotel පිළිබඳ මෙසේ සඳහන් වේ:

    “There was a big hotel, called the Grand Oriental Hotel, and there was a band playing and a palm-garden, and they had lunch, waited on by brown men in white with their hair done up in a knot and a tortoise-shell comb in it.”

    Bella Sidney Woolf විසින් 1914 වර්ෂයේ දී පළ කෙරුණු “How to See Ceylon” කෘතියේ ද Grand Oriental Hotel පිළිබඳ සඳහන් වේ. ඒ මෙසේ ය:

    “The best hotels in Colombo are the G.O.H. and the Galle Face. … It is said that if you waited long enough in the hall of the Grand Oriental Hotel – the G.O.H. as it is known through-out the world – you would meet everyone worth meeting.”

    සම්භාවනීය සිංහල ගීත රචකයකු සහ නාට්‍යකරුවකු වූ ලූෂන් බුලත්සිංහලයෝ එක්දහස් නවසිය අසූව දශකයේ දිනෙක Grand Oriental Hotel හි සිට පෙනෙන කොළඹ වරායේ දර්ශනයෙන් නිර්මාණානුප්‍රාණයක් ලැබුවෝ අනියම් පෙමක් පිළිබඳ “කොළොම්තොට නැත මහලු වී – අවන්හල නැත පැරණි වී” යන ගීතය පැබැඳුවෝ ය (එසමයේ දී Grand Oriental Hotel මෙම ලිපියේ පෙර පැවසුණු හේතුව නිසා හැදින්වුණේ Colombo Taprobane යන නමිනි). ලූෂන් එම පෞරාණික හෝටලය දැකීමෙන් අත්විඳි හැඟීම ඔහු විසින් රචනා කෙරුණු “සෙවනැලි නොමැකේනම්” කෘතියේ ලා මෙසේ පවසයි:

    ‘මගේ තාත්තා වරායෙ සේවකයෙක්. මං පුංචිකාලෙ තාත්ත මාව වරාය පෙන්නන්න එක්කං ගිහින් තියෙනව. වරාය ඉදිරිපිට තියෙන ඉතාම පැරණි “තැප්රෝබේන්” හෝටලයට යන එන විදේශීය සංචාරකයෝ එතකොටත් මං දැකල තියෙනව. ඒත් කාලයාගේ ඇවෑමෙන් 80 දශකයේදී මං රූපවාහිනී සංස්ථාවෙ සේවය කරද්දී එකවතාවක් අපේ සංස්ථාවෙ සංවත්සර සාදයක් පැවැත්තුවා මේ පැරණි තැප්රෝබේන්” හෝටලේ උඩ තට්ටුවෙ. පුංචි කාලෙ මට තාත්තා පෙන්නපු වරාය මං එදා ආයෙත් දැක්කා. ඒත් වෙන විදියකට. තැප්රෝබේන්” හෝටලේ උඩ තට්ටුවේ ඉඳගෙන හඳ පායල තිබුණු එදා රාත්‍රියේ මුළු වරායෙම නැංගුරම් ලාපු නැව් මං දැක්කෙ අමුතුම සෞන්දර්යකින්. ඒත් මං මහ මිනිහෙක් වෙලා. කාලය අප අතරින් රිංගා ගිහින් තියෙන අපූරුව. කොළොම් තොටයි අවන්හලයි එහෙම්ම තව තව තරුණ වෙනව. ඒත් අපේ ජීවිත වලට මොකද වෙලා තියෙන්නෙ? මේ සංත්‍රාසය තමයි අස්ථිර ජීවිතේ අනියම් ප්‍රේම සමිබන්ධයක් මගින් කොළොම්තොට ගීතයට නාභිගත කරල තියෙන්නෙ.’

    Grand Oriental Hotel හි ප්‍රෞඪ ඉතිහාසය එසේ වන විට මා හිතවත් අරුණ පෙරේරාණන්ගේ Hotel Lanka Oberoi හි ඉතිහාසය කෙසේ වී ද? එය ද අද්විතීය ය. එක්දහස් නවසිය හැත්තෑව දශකයේ පළමු වැනි හෝ දෙවන වර්ෂයේ දී ගාලු පාරේ කොල්ලුපිටිටේ සිට කොටුව දෙසට ගමන් ගත් තරුණ වෛද්‍යවරයකුට සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ ලංකා ඔබරෝයි හෝටලයක් පමණක් නො ව වෙනත් සුවිශේෂි ගොඩනැඟිල්ලක් හෝ දැක ගන්නට ලැබුණේ නැත. එම භූමිය එකල හිමි ව තිබුණේ ඇංග්ලිකන් (ලංකා) සභාවට විය යුතු ය. වර්ෂ 1973 පමණ වන විට එම භූමියේ සුවිශාල ගොඩනැඟිල්ලක් නිර්මාණය කෙරෙමින් පැවතිණි. ඒ වූ කලී ඉන්දියාවේ අතිවිශිෂ්ටතම හොටල්කරුවා වූ මො‍හාන් සිං ඔබරෝයි තම හෝටල් ව්‍යාපාරය ඉන්දීය භූගෝලීය සීමාවෙන් පිටතට ගෙන යාමේ පළමු වැනි පියවර ය. එදවස ලංකාවේ පාලන බලය හෙබ වූ සිරිමා බණ්ඩාරනායක රජය ඉන්දු-ලංකා සහයෝගීත්වයෙන් ආරම්භ කළ එක් ව්‍යාපෘතියක් වූ එම ගොඩනැඟිල්ල වර්ෂ 1975 දී ලංකා ඔබරෝයි හෝටලය ලෙස විවෘත කෙරිණි. එදවස ලෝකයේ ඉතා සම්භාවනීය වූ දුර්ලභ නිර්මාණ සැලැස්මකට අනුව ලංකා ඔබරෝයි හෝටලය ඉඳි කෙරුණු බව සඳහන් ය.

    යුරෝපීයන් විසින් 19 වැනි ශතවර්ෂයේ දී ඉන්දියාවේ ආරම්භ කළ සිසිල් හෝටලයේ ලිපිකරුවකු ලෙස රාජකාරිය ඇරඹු මොහාන් සිං ඔබරෝයි පසු කාලීන ව එම සිසිල් හෝටලය ද මිල දී ගත්තේ ය. හෙතෙම හෝටල් ක්ෂේත්‍රයේ හසළ දැනුමැති තැනැත්තකු වූයේ ය. ශතවර්ෂාධික කාලයක් දිවි ගෙවා සදාකාලික නිද්‍රාව්‍රතයට එළඹෙන කල හෙතෙම ලෝක ව්‍යාප්ත හොටල් සමූහයක සාඩම්බර හිමිකරුවා වූයේ ය.

    Cont …

  44. බන්‍ධුල කුදලාගම says:

    4/4

    මොහාන් සිං ඔබරෝයි තම හෝටලවල (අරුණ පෙරේරාණන් පවසන) “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම්” පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ බව නිගමනය කළ හැකි ය. ලංකා ඔබරෝයි හෝටලය වර්ෂ 1975 දී ආරම්භ කරන්නට පෙර වර්ෂ 1973 පමණ කාලයේ දී ම ඒ සඳහා සේවකයන් පුහුණු කරන්නට මොහාන් සිං ඔබරෝයි කටයුතු කළේ ය. ලංකාවේ පුරෝගාමී හෝටල කළමනාකරුවකු ලෙස සැලකෙන චරිත සේරසිංහ නව දිල්ලියේ ඔබරෝයි හෝටල් කළමනාකරණ පාසලට ඇතුලත් කෙරෙන්නේ ද එනිසා ය. වර්ෂ 1975 දී ලංකා ඔබරෝයි හෝටලය ආරම්භ වන විට එහි ආරම්භක සේවකයකු වූයේ ද සේරසිංහ ය. මගේ හිතවත් අරුණ පෙරේරාණන් වර්ෂ 1981 දී ඔබරෝයි හෝටලයට සම්බන්‍ධ වූ කල පෙරේරාණන් ලද මනා පුහුණුව පිළිබඳ අගනා විස්තරයක් “අරූගේ අඩවියේ” සඳහන් ය (‍අරුණ පෙරේරාණන් එදවස ලංකා ඔබරෝයි හෝටලයේ සේවය කළ ‍බොහෝ අය පිළිබඳ ලියා ඇතත් හිරාන් චරිත සේරසිංහ පිළිබඳ තවමත් ලියා ඇති බවක් මට කියවන්නට නො ලැබිණි. සමහර විට අරුණ පෙරේරාණන් ලංකා ඔබරෝයි හෝටලයේ වැජඹෙන සමය වන විට සේරසිංහ එහි අවසන් කාලය ගත කරන්නට ඇත). මෙදවස ලංකාවේ ප්‍රකට දේශපාලනඥයකු ද එදවස ලංකා ඔබරෝයි හෝටලයේ කනිෂ්ඨ සේවකයකු ලෙස රාජකාරි කළ බව මා අසා ඇතත් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳ මම නො දනිමි. මගේ හිතවත් අරුණ පෙරේරාණන් එපිළිබඳ දනිති යි මම සිතමි.

    වර්ෂ 1975 දී ඇරඹි ලංකා ඔබරෝයි හෝටලය දශක තුනක පමණ කාලයක් අරුණ පෙරේරාණන් පවසන ආකාරයට ම ලංකාවේ ප්‍රමුඛ හෝටලයක් බවට පත් ව තිබිණි. සැක සංකා නැත. අරුණ පෙරේරාණන් සමඟ මා එකඟ ය. ඒ කාල පරාසයේ දී අරුණ පෙරේරාණන් තරම් නිබඳ ව නො වුණ ද මම ද ඉඳහිට ලංකා ඔබරෝයි හෝටලයට යන්නට එන්නට වූයෙමි. දශක ගණනක් පුරා පූර්ණ නිර්මාංශිකයකු ව සිටින මම කොල්ලුපිටියේ ඉන්ඩො-සිලෝන් කැ‍ෆේ තරමට ම කොල්ලුපිටියේ ලංකා ඔබරෝයි හෝටලයට ද කැමැත්තමි! එක්දහස් නවසිය හැක්තෑව දශකයේ මුල දී කොල්ලුපිටියේ සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ ලංකා ඔබරෝයි නම් හෝටලයක් නොදුටු පෙර කී තරුණ වෛද්‍යවරයා විසිඑක් වැනි ශතවර්ෂයේ මුල් දශකයේ දෙවන භාගයේ දී වයෝවෘද්ධ විශ්‍රාමික වෛද්‍යවරයකු ලෙස කායික වෛද්‍යවරුන්ගේ ලාංකීය විද්‍යාලයේ වාර්ෂික සැසියකට පැමිණෙන කල ද කොල්ලුපිටියේ සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ අහස උසට නැඟි ගොඩනැගිලි පෙළ අතර ලංකා ඔබරෝයි නම් හෝටලයක් නොදුටුවේ ය. හෙතෙම අතීතයේ දී පුහුණුව ලබා සමුගන්නා තරුණ වෛද්‍යවරුනට පුහුණුකාලය අවසානයේ දී දෙනු ලබන සම්ප්‍රදායික සංග්‍රහය බොහෝ වර පැවැත් වූ කොළඹ යොර්ක් වීදියේ Grand Oriental Hotel නම් අදටත් අභිමානවත් ව මඳහස පාමින් වැජඹේ!

    ජ්‍යෙෂ්ඨ, මධ්‍යස්ථ, සත්‍යවාදී, විචක්‍ෂණ සත්පුරුෂයකු වන මගේ හිතවත් අරුණ පෙරේරාණන් ද ඒ අභිමානයෙන් ඔද වැටෙන බව පෙර සඳහන් ඔවුන්ගේ උපුටනයේ අවසානයේ දැක්වෙන පහත වැකි පෙළ සාක්‍ෂ්‍ය සපයයි:

    “මේ අව තක්සේරුවක් නොව, සැබෑ ඇත්තය. එම හෝටල් අදටත් අප ඉතා ආඩම්බරයෙන් මතක් කරනා ආයතනයන්ය. ඔවුන්ගේ දායකත්වය සුළුපටු නොවේ.”

    අප වැනි පෞරාණික මිනිසුන්ගේ පෞරාණික රුචිකත්වයට ද ගෞරව කළ මගේ හිතවත් අරුණ පෙරේරාණනට තුති!

    වර්ෂ 1938 දී “The Real Ceylon” නම් වටිනා කෘතියක් ලියූ Charles William Brooke Elliott එහි ලා මෙසේ පවසයි:

    ‘In Ceylon the tired traveller seeks refreshment and enter-tainment in Hotels in the towns, and in the Rest-houses scattered throughout the Island, some 120 in number. Colombo is splendidly supplied to welcome travellers. On landing you are faced and graced by the Grand Oriental Hotel, in local Richshawdom known as “The periya (big) Hotel.’

    ‘If you wish to film sunsets in colour, I recommend three sites – the roof of the Grand Oriental Hotel, the lawn of the Galle Face Hotel, and the garden at Mount Lavinia Hotel. I have thus secured marvellous sunsets, such as only Ceylon can produce. You can, too, in these surroundings conveniently slake the thirst that tropical sunsets usually provoke.’

    මා ළබැඳි අරුණ පෙරේරාණෙනි, C. W. Brooke Elliott වර්ෂ 1975 ත් වර්ෂ 2003 ත් අතර සමයේ දී “The Real Ceylon” කෘතිය “The Real Sri Lanka” යන නමින් ලියුවේ නම් ඔබතුමාගේ Lanka Oberoi, Ceylon Intercontinental සහ Pegasus Reef යන හෝටල එහි සඳහන් කරනු නියත ය.

    Grand Oriental Hotel ජීවමාන පුරාවෘත්තයක් ලෙස දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැඳේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    • බන්ධුල……ඔබ මගේ ජීවිතය උවමනාවෙන් කියවීම පිලිබඳ මම බොහෝ සතුටට පත්වුනෙමි. අනේ බන්ධුල මට ඒ ටෝන් එකේ ලියන්න බැහැ. හිරාන් සේරසිංහ මගේ ලොකු බොසෙක්. රත්තරන් මිනිහෙක්. මට ලියලා ඉවරකරන්න තියෙන හදිසියට වටිනා චරිත මිස් වෙනවා. ලොක්කා ඊට පස්සේ රමාඩා රෙනෙයිසොන්ස් එකේ ජීඑම් වුනා. මමත්, ඔහුත් එහි ආරම්භක සේවකයෝ. හිරාන් හිත හොඳ ලොක්කෙක්. මම හිත හොඳ සොක්කෙක් 😀

      ඔබ වහන්සේ මේ කමෙන්ටුව, මෙතනට වඩා වටිනා, සරවජනේ පෝස්ට් එකක් ලෙස දමාවියැයි හිතනවා. එතකොට මේ පිලිබඳ කතා කරමු. ඔබ මහා දේවල් දන්නා මිනිසෙක් බව මම තේරුම් ගන්නවා.

      • හිරාන් සේරසිංහ කියන්නේ දැක්කත් හිත පිරෙන බොහෝම සුන්දර දසුනක්!!!!!!!!

      • http://hiranserasinghe.com/gallery-2/
        http://hiranserasinghe.com/biography/

        බන්ධුල මේ හිරාන්ගේ උපත 1948 කියලා ඔය ආටිකල් එකේ තියෙන එක වැරදීමක් මගේ හිතේ.

      • /උපුටා ගැනීමක්.
        ////Hiran Serasinghe
        Sri Lanka’s first 5-star General Manager
        After completing his studies at Isipathana Maha Vidyalaya in 1970, Hiran joined the Ceylon Tobacco Company in Kandy as a Factory Production Assistant.

        In 1973, he joined Lanka Oberoi (now Cinnamon Grand) as a Management Trainee, and was subsequently sent to the Oberoi Management School in New Delhi for a two-year course in hotel management.

        Hiran returned from New Delhi for the opening of the Lanka Oberoi in 1975 and served Oberoi until 1983 in different management levels. He left Oberoi in 1983 as Food and Beverage Manager.

        In 1983, Hiran was offered the post of General Manager, pegasus reef Hotel, Wattala, where he served until 1985. Then he came back to Ramada Renaissance (now Trans Asia) as Executive Assistant Manager. At that time Ramada was an American owned International Hotel chain.

        In 1987 he was promoted to Resident Manager. While at Ramada, Hiran was sent to the UK and Germany for further training as understudy to General Managers of those properties.

        In 1989, Hiran reached the zenith of his hotel career when he was appointed General Manager, Ramada Renaissance Hotel.

        A unique feature here is that at that time, Hiran was the first Sri Lankan to be appointed to the prestigious post of General Manager of a 5-star Internationally managed hotel. Hiran left Ramada in 1994 and was involved in consultancy services for the hotel and restaurant trade including three years at Millennium Park (now Excel World).

        From 2004, Hiran is the General Manager of Fingara Town and Country Club, owned by Finance and Guarantee Group of Ceylinco Consolidated.

        This is Sri Lanka’s most exclusive private members club. Since I met Hiran at the Pegasus Reef Hotel, Hendala in 1983, I always admired Hiran’s ‘down to earth’ qualities, treating his sub-ordinates not as his employees but ‘friends’.

        Hiran climbed the ladder of success not in an elevator, but step by step to be Sri Lanka’s first general manager of a 5-star internationally managed hotel in Sri Lanka./////////////

      • “The difference between the President of a nation and a General Manager of a hotel is the voter and the customer. The voter cannot demand for the perfection but a customer can. And both can oust you from your job if unsatisfied”
        Hiran Serasinghe.

      • බන්‍ධුල කුදලාගම says:

        මා ළබැඳි අරුණ පෙරේරාණෙනි,

        ඔබ මට බොහෝ වටිනා පුද්ගලයෙකි.. මා පුද්ගලයන් අගයන්ගේ අව්‍යාජත්වය සලකා ය. මා මගේ හිතට ඇල්ලූ අය පිළිබඳ ලියන්නේ සතුටින් ය. සමහරු එය වරදවා වටහාගෙන පිට කැසීමක් ලෙස අවඥා කරති. ඒ ඔවුන්ගේ අවබෝධයේ තරම ය. එය මගේ ගැටලුවක් නො වේ. මා ලියන්නේ අගය කිරීමෙන් යම් දැනුමක් ද ගෙන එන්නට ය. ඔබතුමා ඒ බව වටහා ගත් සුධීමතෙකි.

        මෙම ලිපිය පළ කිරීමට සියල්ල සූදානම් ය. ඔබතුමා මෙහි මෙම ලිපිය කියවන තුරු සිටියෙමු. දැන් එය සිදු වී ඇති නිසා පොදුජන ක්‍ෂේත්‍රයේ පළ කරන්නට ය යි සංස්කාරක මණ්ඩලයට දැනුම් දෙමි.

        බන්‍ධුල කුදලොගම,
        සදම්ටනය.

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරාණෙනි,

        සේරසිංහගේ වෙබ් අඩවිය හඳුන්වා දුන්නාට බොහෝ ස්තුතියි! ඇතැම් විට එම උපන් වර්ෂය නිවැරදි වෙන්නත් පුළුවනි. අරුණ, හිරාන් 1948 දී උපන්නා වෙන්නට බැරි බව සිතත් දී මට සිහි වන්නේ මා කෙතරම් වෘද්ධ ද කියා යි! ඡායාරූප අනුව හිරාන් තවමත් ඉතා කඩවසම්. තව ම හිස කෙස් පවා තිබෙනවා! හිරාන් ශාමිනිට කදිමට පෑහෙන කඩවසම් තරුණයෙක්.

        ශාමිනි නම් එකල වියුණුවක් ලියුවා. මම ඇය ලියූ දේ කිය වූ කෙනෙක්. ඒත් දැන් ඇය වියුණුව අතහැර දමා ඇති බව යි පෙනෙන්නේ. ඇය ඉතා දක්ෂ ලේඛිකාවක් හා රෑපවාහිනි මාධ්‍යවේදිනියක්. ඇය කාලයක් වෘත්තීය අන්තර්ගත-ලේඛිකාවක් ලෙසත් කටයුතු කළා.

        ඇය හිරාන් සමඟ විවාහ වන්නට පෙර ශාමිනි පෙරේරා. ඉතා දක්ෂ සහ රූමත් බ්‍රිජටියන් කෙනෙක්. අරුණට මතක ඇති එකල ඇය ප්‍රවෘත්ති කියූ ලස්සන. ඇය SLRC හි පළමු වැනි සභාපතිනිය වීමට තරම් දක්ෂතා ඇති තැනැත්තියක් (ඇයට කවර දා හෝ එම තනතුර ලැබිය යුතු යි). දැන් ඇය කෝ? ඇයට විප්ලවීය අදහස් තිබුණා කවදත්. මගේ සන්මිත්‍ර සරසතුමාට නම් ඒ අදහස් එතරම් රුචිකර වන එකක් නැහැ!

        ශාමිනි එක්ක එකල රූපවාහිනියේ දක්ෂ නිවේදිකාවන් රැසක් හිටියා. නොයෙලින්, සාවිත්‍රී, අජිතා වගේ අය.

        මේ වගේ පැරණි රසාංග ගැන උනන්දු අරුණත් මමත් දෙන්න ම ලංකාවෙන් පිට සිටින එක නො වැ වැඩේ. ඉතිං කොහොම ද මේ අය ගැන තොරතුරු දැන ගන්නේ!

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටන්.

      • ශාමිනි ඉතාමත් දක්ෂ කෙනෙක් බව මතකයි. ඔවුන් දෙදෙනාම කැපී පෙනෙන්නට දඟලපු උදවිය නොවේ. ඔබ නිරතුරුවම ලිවිය යුතු අයෙක් බව මගේ අදහසයි.

        නොයෙලින්, සාවිත්‍රී, අජිතා වගේ නිවේදිකාවන් සමග රිචඩ්, රවී ජෝන්, එල්මො වගේ නිවේදකයින්වත් මතකය මහා ඈතට අරන් යනවා. අජිතා කදිර්ගාමර්, ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ දියණිය බවත් මතකයි. ඔවුන් අද කෝ යන්න මටත් ගැටළුවක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s