1981 මැද භාගයේ මම ඔබරෝයි හෝටලයේ සේවකයෙක් ලෙස වැඩ පටන් ගත්තෙමි. පිරිස් කළමනා කාර්යාලයට වාර්තා කිරීමෙන් පසු මාසයක පුහුණු කාලයක්ද, මාස හයක් සම්පූර්ණවන තෙක් පරිවාස කාලයක්ද, එතනින් පසුව ඇති විභාගය සමත්වෙන තෙක් Trainee Assistant Steward කෙනෙක් ලෙස පත්වීම් ලැබිණි. ඒ විභාගය සමත්වී ස්ථිරවන තෙක් සර්විස් චාජ් ගෙවීම් ලැබෙන්නේ නැත. පඩිය රුපියල් 368ක් බව මතකය. ආපන ශාලාවේ සේවකයෙක් නිසා ටිප්ස් මුදල් එකතුකොට අප කංඩායම අතර බෙදාගන්නා නිසා එතරම් ගැටලුවක්ද නොවන බව මම දනිමි. එදිනෙදා සිගරට්, අරක්කු, බස් වියදම් පියවා ගත හැක. සේවා මුරය තුළ ආහාර ලැබේ. මේ රුපියල් 368 වේතනය 1984 වසරේදී 662.50ක්වූ බවත් මතකය. පිරිස් කළමනාකාර ජෝ මඩවල මහතා, ඔබරෝයි හෝටලය විසින් පවරාගත් මහනුවර ක්වීන්ස් හෝටලයේ සාමාන්‍යාධීකාරී ලෙස උසස්වීමක් ලැබ යන නිසා, ශිරන්ති ඒකනායක මහත්මිය යටතේ අප ගිවිසුම් ගත විය. කාමර 50ට වඩා ඇති, වසර 150කට වඩා ඉතිහාසයකට උරුම කම් කියන ක්වීන්ස් හෝටලය ශ්‍රීලාංකික හෝටල් ඉතිහාසයේ නොමැකෙන මතක සටහනකි.
25 දෙනෙක් පමණවූ අප කංඩායම, හෝටලයේ පුහුණු මධ්‍යස්ථානයේ මාසයකට අධික කාලයක් රුවන් පුංචිහේවා මහතා(පුංචා)යටතේ පංති කාමරයේත්, ප්‍රායෝගිකවත් ඉගෙනුම ලැබුවෙමු. මේ මහතා එකල මෙකල හෝටල් ක්ෂේත්‍රයට බිහිවූ හොඳම පුහුණු කිරීමේ කළමනාකරු යැයි කීම වටී. ශ්‍රීලංකා හෝටල් ක්ෂේත්‍රයට අති දක්ෂයන් දායාද කල මොහු මෑතක් වෙනතුරු හිලටන් හෝටලයේ අධ්‍යක්ෂක ධූරයක් දැරීය. හෝටල් දෙකක යම් කාලයක් රැකියාව කර පැමිණියද මා නිසි න්‍යායාත්මක (theory) පුහුණුවක් ලැබුවේ ඔබරෝයි හෝටලයෙන්ය. ඔවුන්ගෙන් පුහුණුවී ඔවුන්ගෙන්ම උසස්වීම් ලබනවා මිස, පිටතින් බඳවා ගැනීමක් නොවීය. විධායක ශ්‍රේණියට බඳවා ගන්නන් වසරකට අධික කාලයක් ඉංදියවේදී ඔබරෝයි සමාගම යටතේ නේවාසික පුහුණුව ලැබිය යුතුය. ඒ සඳහා තෝරාගත්තේ ලංකා හෝටල් පාසලෙන් කළමනාකරණය සමත්වූවන්ගෙන් අතලොස්සකි.
අප කංඩායමේ ගැහැණු ළමයින් දෙදෙනෙකු විය. ඉන් එක් අයෙක් නම් අද දක්ෂ රංගන ශිල්පියෙක්වෙන අමිත්ත වීරසිංහගේ සොයුරියයි. ඇය දරුණු රිය අනතුරකට ලක්වීමෙන් පසු සේවයෙන් ඉවත්ව ගියාය. අනිත් තැනැත්තියවූ අරුණි එවකටත් උසස් අධ්‍යාපනය ලබමින් සිටි අතර, පසුව ටික කලකින් හෝටල් සේවයෙන් ඉවත්වී වෙනත් ක්ෂේත්‍රයකට යොමුවී දැන් ඇමරිකාවේ පදිංචිව සිටිනා බව අසා ඇත්තෙමි. ඇයට අන් සියල්ලන්ටම වඩා ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හැකියාව පැවතිණි. ඇය පදිංචිව සිටියේ විජේරාම පැත්තේ යැයි මට මතකය. මම දෙල්කඳය. ඉතිරිවූයේ අප තරුණයින් පමණය. පුහුණු කාලය තුළ විදේශීය ආහාර පාන, නොයෙකුත් සේවා විධි ක්‍රම, වීදුරු, පිඟන් සහ ඒ ඒ උපකරණ පිළිබඳ විශිෂ්ට අවබෝධයක් ලැබුණු අතර, ඉන් අසීරුම පුහුණුව වූයේ Bussing trays නම්වූ විශාල ලෝහමය හතරැස් ට්‍රේ මත අපිළිවෙලකට උස් අතට තැබූ හිස් බියර් බෝතල් කිහිපයක්, උරහිසට ගෑවී නොගෑවී වම් අත්ල මත තබගෙන තට්ටු නවයක් උඩ පහළ පඩිනැගීමත් බැසීමත්ය. සේවා කටයුතු සඳහා විදුලි සෝපාන වෙනම තිබුණත්, මේ පුහුණුවීම විදුලි සෝපාන ක්‍රියා විරහිතවූ අවස්ථාවක අමුත්තන්ගේ කාමරවලට ඔවුන්ගේ කෑම සපයාදීම කඩිනම් කිරීමටය. ගඩොල් දමා බර පැටවූ bussing tray එකක් ඔසවා ගෙන යෑම දුෂ්කර නොවේ. නමුත් බරෙන් අඩු උස් බෝතල් පටවා රැගෙන යාම පහසු නොවීය. මෙය tray balancing නම් විය. ඔබ දක්ෂයෙක් නම් මෙම එක් ට්‍රේ එකක් මත කිලෝ 15-20ක් එකවර ඔසවා ගෙන යා හැක. එක් සේවා මුරයකදි එවන් ගමන් සීයක් දෙසීයක් එහා මෙහා යාමට වූවත් අරුමයක් නොවේ. කුස්සියේ සිට ආපනශාලවේ තමාගේ ස්ටේසමටත්, එතන සිට නැවත් භාජන පිරිසිඳු කිරීමේ අංශය වෙතටත් නොකඩවා යන එන මේ සේවය කරන්නා Buss Boy නමින් හඳුන්වයි. බොහෝ විට මේ සඳහා යොදවන්නේ දක්ෂ කණිෂ්ඨයෙක්වය. මම ඉන් එකෙක් වුණෙමි. රවුම් beverage tray එකක් අත්ල මත රැගෙන යාමත් පුහුණු කළයුතු කාරියක් විය. බෝතල්, වීදුරු පටවා ගත් beverage tray එක වම් අතේ ඇඟිලි තුඩුවලින් ඔසවා ගෙන යෑම ක්ෂේත්‍රයේ සිරිතවේ. මේ මොනයම් ට්‍රේ එකක් ඔසවා ගෙන ගියත් ඔබේ දකුණත නිතරම නිදහස්ව තබා ගත යුතුය. ආපන ශාලාව හරහා මුළුතැන් ගෙය, බාර් එක වෙතට යෑමට ඇති එක පැත්තකට පමණක් ඇරෙනා දොරවල් ඇරගැනීමටත්, අහක බලාගෙන එන කෙනෙක් ඔබ ඉදිරියට නොදැනුවත්ව පැමිණේනම් එය වළකා ගැනීමටත්, ඔබ අමුත්තාගේ මේසය වෙතටම ගොස් බීම වර්ග සපයනවානම් ඒ සඳහා මේ දකුණත නිදහස්ව තබා ගත යුතුවේ. මොවුන් beverage stewards නමින් හැඳින්වේ. මේවා බරපතල පුහුණුවීම් විය. එකල හෝටල් ක්ෂේත්‍රය තුළ දස පනතක් (Ten Commandments) විය. එහි පළමු වැන්න The guest is always right යන්නය. මම මේ හා එකඟ නොවෙමි. නමුත් සේවා සැපයීමේදි මේ ක්ෂේත්‍රය එතරමටම විනය ගරුක විය.
මාස එකහමාරක පමණ මෙම පුහුණුවීම් කාලය අවසන්වීමත් සමගම හෝටලයේ දෙවැනි ප්‍රධානියාවූ රනිල් බිබිලේ මහතාගේ දේශනයකින් පසු අපව එක් එක් ආපනශාලා, බාර් සහ එවැනි ස්ථානවලට අනුයුක්ත කරන ලදි. රනිල් බිබිලේ මහතා යනු අප රටේ බිහිවූ බුද්ධිමතෙක්. විද්වතෙක් සහ දේශප්‍රේමියෙක්වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පුතණුවෙක්ය. ඉතාමත් නිහතමානී, ප්‍රිය මනාප මිනිසෙක්වූ රනිල් බිබිලේ මහතාද ඔබරෝයි හෝටලයෙන් පුහුණුව ලබා ඒ තනතුර දක්වා පැමිණි අයෙකි. ඔහු අද කැනඩාවේ විශාල හෝටල් ව්‍යාපෘතියක උපදේශකයෙක් ලෙස සේවය කරයි.
එවකට ඔබරෝයි හෝටලයේ කෑම බීම සේවා සපයන ස්ථාන ( Food & Beverage outlets)නවයක් හෝ දහයක් විය. සාමාන්‍යයෙන් විශාල හෝටල්වල, පුහුණුවෙන් පසු Stewardsලා අනුයුක්ත කරන්නේ ප්‍රධාන උත්සව ශාලාවටය (Banquet hall). අධික වැඩ කොටසක් පැවරෙන මෙම ස්ථානයේ සාමන්‍යයෙන් පැය ගණනකට සීමාවු සේවා මුරයක් නැත. එකම කංඩායමක් එකවර සේවය කර උත්සවය අවසානවන තෙක් සිටීම සාමන්‍ය ක්‍රමයයි. එවකට ඔබරෝයි හෝටලයේ මදි නොකියන්නට විවාහ උත්සව, රාජ්‍ය උත්සව, ප්‍රිය සම්භාෂණ සඳහා වෙන් කරගැනීමට ධනවතුන් මැලි නොවූහ. බොහෝමයක් හෝටල්වල මෙම බැන්ක්වට් හෝල් එක හොඳම ආදායම් මාර්ගය වේ. අටසීයකට පමණ එකවර අසුන් ගැනීමට හැකිව තිබු මෙම Golden Ball Room යැයි කිවූ බැන්ක්වට් හෝල් එක අවශ්‍ය නම් කොටස් තුනකට වෙන් කල හැකිව තිබුණි. ඒවා කොටස් කොටස් වශයෙන් කුඩා කුඩා උත්සව සඳහා වෙන් කරගැනීමේ පහසුව සඳහාය. මේ අංශයේ සේවකයින් තරම් කායිකව වෙහෙසට පත්වන කොටසක් හෝටලයක සිටිනවා නම් ඒ භාජන පිරිසිඳු කිරීමේ අංශයේ (Kitchen stewarding dept.) සේවකයින් පමණක් යැයි කිව යුතුවේ. මේ මේ අංශයන් ගැන කෙටියෙන් හෝ සටහනක් තැබීම මගේ යුතුකමවේ. එය පසුවට කල් තබමි. බැන්ක්වට් ශාලාවට අලුතෙන් එන සේවකයින් අනුයුක්ත කරන්නේ ඉන් දැඩි පුහුණුවක් සහ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන නිසාය. සමහරක් සේවය අතහැර යති. ඔවුන් දුර්වලයෝය. නැත්නම් මුදල් ඇති මුත් ආශාවට හෝටල් ක්ෂේත්‍රයට පැමිණිවුන්ය. ඒ ඒ උත්සවයට ඔබිනා ආකාරයේ පුටු මේස ස්ථානගත කිරීම, උත්සවයෙන් පසු ඒවා නැවත ගබඩා කිරීම, එක් උත්සවයකින් පසු ඊළඟ උත්සවය සඳහා නැවත ශාලාව සැකසීම වැනි රාජකාරී ගොන්නකි. මොවුන් කඩියන් මෙන්ය. උත්සව නැති දිනයන්හී මොවුන් රිසිසේ විවේක ගනී. සාමන්‍යයෙන් මෙම අංශයේ ප්‍රධානියා නොහොත් බැන්ක්වට් මැනේජර් ලෙස යොදවන්නේ විනෝදබර ජාතියේ කෙනෙක්වය. සුහදව වැඩේ ගෙනියන්න පුළුවන් ඔවැනි මිනිසුන්ටය. ඒකටම හරියන මොහාන් සිල්වා මහතා රජ ගහේ බඩුවකි. ඔහුගේ සේවකයින්ට ඔහු බෙහෙවින් සැලකුවේය. මොහු ගැන වෙනම සටහනක් පසුව තබමි. මටත් මගේ සගයෙක්වූ ක්‍රිස්ටි ඇන්තනිටත් මේ අංශයේ සේවය කිරීමට ඉඩ නොලැබුණි.
පුහුණුවීම් කටයුතුවල යෙදී සිටිනා අවසාන සතියේදී, එතනට පැමිණි මැක් ෆිලිප්ස් නම්වූ Coffee Shop manager වරයා අප දෙදෙනා, ඔහු යටතේ සේවයට අනුයුක්ත කරන ලෙස දැන්වීය. එවකට කාමර හාරසීයකට ආසන්න සංඛ්‍යාවක්වූ මෙම හෝටලයට ඇතුළුවූ විට coffee shop, lobby bar, pastry shop, executive bar සහ සාප්පු කිහිපයක් එම තට්ටුවේම පිහිටා තිබුණි. ඔබරෝයි හෝටලයේ ලොබියද පැමිණෙන සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා ස්ථානයක් විය. මෙහි තිබූ විශේෂ ආකර්ෂණය නම් , තට්ටු නවයක් උස ගොඩනැගිල්ලේ ඇතුළත මුදුන් වහලයේ සිට පහතට වැටෙනා සේ එල්ලා තිබුණු ඒ යෝධ බතික් hanging නිර්මාණයන්ය. අති විශාල උසකින් සහ පළලින් යුත් මෙවැනි එල්ලා තිබුණු hangings ගණන හතරක් යැයි මතකය. මේවා නිර්මාණය කර ඇත්තේ ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වූ සර් රිචඩ් අළුවිහාරේ මහතාගේ දියණිය ඊනා ද සිල්වා සහ ලකී සේනානායක ඇතුළු කංඩායමක් බව අසා ඇත්තෙමි. මේ එක් බතික් hanging එකක් හොණ්ඩර ගණනක් බර යැයි කියවේ. මට ගණන් මතක නැත. වසරකට වරක් මේවා ශුද්ධ පවිත්‍ර කරනු ලැබේ. එය යෝධ ව්‍යායාමයකි. කිසි දිනෙක ගලවා පහළට ගත්තේද නැති, ඔබරෝයි හෝටලය තුළ පුපුරවා හැරි බෝම්බයටද (පසුව මේ ගැන ලියමි ) නොසැලුණු මේ දැවැන්තයින් සතර දෙනා මින් වසර ගණනාවකට පෙර ගලවා ඉවත් කරන ලද බව මම පුවත් පතක දුටුවෙමි. බොහොමයක් පැරණි සේවකයන්ගේ නෙතට කඳුළක් එක්කල අවස්ථාවක් බව මේ දිනය සඳහන් වේ. ලෝකයේ කොහේ හෝ වෙනත් රටකට ඒවා ගෙන ගොස් සවිකෙරූ බවක් කියා තිබූ බවත් මතකය. නමුත් ඒ මතකය එතරම් පැහැදිලි නැත.
ඔබරෝයි කොෆි ෂොප් යනු වසර පුරාම විසි හතර පැයේම විවෘතව තැබූ අවන්හලකි. හෝටලය තුළ නිතරම හාරසීයකට පන්සීයකට අධික සංචාරකයින් පිරිසක් ලැගුම් ගෙන සිටියහ. මෙයින් අතළොස්සක් හැර අන් සියල්ලක්ම උදෑසන හතර පහේ සිට දහය එකොළහ දක්වා උදෑසන ආහාරය සඳහා මෙතැනට පැමිණෙති. පිටතින් පැමිණෙන අයද බොහෝය. කාමරවල සිටිනා අමුත්තන්ගෙන් කිහිප දෙනෙකු කාමරය තුළට කෑම ගෙන්වා ගන්නේ Room service catering හරහාය. කාමරය තුළටමවී ආහාර බුදීමට සුද්දන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. උදෑසන 11 සිට දහවල් තුන පමණ වන තෙක් දහවල් ආහාරයත්, එතැන් සිට හයවන තෙක් තේ, කෝපී, කේක්, බිස්කට්, සැන්ඩ්විච් වැනි කෙටි ආහාර සඳහාද නොකඩවා මොවුන් පැමිණේ. ඉන්පසු රාත්‍රී 11-12 වෙනතුරු රාත්‍රී ආහාර සේවයයි. ඉන් පසු පාන්දර තුන හතර වන තෙක් එන්නේ රාත්‍රී සමාජ ශාලාවල සිට ගෙවල් බලා යන උදවියත්, නින්ද නොයනා සුද්දන්ද පමණි. වේලාව කුමක වූවත් A’la Carte Menu පතේ සඳහන් සියයකට අධිකවූ ආහාර වර්ග අතරින් ඉල්ලා සිටිනා ඕනෑම දෙයක් සැපයීම සේවක වගකීම වේ. පාන්දර ජාමයේ හතර පහ වනවිට නිම කළයුතු රාජකාරී රාශියකි. Breakfast service එක වෙනුවෙන් 250-300ක් වූ ආසන සඳහා නිසි ලෙස මේස සුදානම් කල යුතුව ඇත. Breakfast service එක තරම් සුදානම් වීමක් සහ කරදරයක් වෙන කිසිම සේවයකට අවශ්‍ය නොවේ. හෝටල් ක්ෂේත්‍රය තුළ මෙම ඕනෑම පෙර සුදානමකට Mis-en-place මිසොන් ප්ලස් යැයි කියනු ලැබේ. මෙය ප්‍රංශ බසෙන් පැවත එන යෙදුමකි දහවල් සහ රාත්‍රී කෑම සඳහා පමණක් London Grill, Ranmaalu යන අවන්හල් විවෘතවේ.මේවා Speciality Restaurant වර්ගයේ ඒවා විය. Supper Club රාත්‍රී හතේ සිට පාන්දර 3-4 දක්වා විවෘතව පවතී. ඒ කෙසේ වෙතත් කොෆි ෂොප් අපි සැම විටම විවෘතය. මෙම ස්ථානය ලංකාවේ පිහිටා තිබූ අවන්හල් අතරින් ඉතා කාර්ය බහුල ස්ථානයක්වූ බව කියා තැබිය යුතුය. ඒ නිසාම මෙතැනට අවශ්‍ය වූයේ දක්ෂ, කාර්යශූර, වේගවත් කාර්ය මංඩලයක්ය. මමද ඉන් එකෙක් විය.
Coffee Shop managerවූ බර්ගර් ජාතික Mac Phillips මහතා යටතේ 50කට අධික ආපනශාලා සේවකයින් පිරිසක් විය. මොහු ඉතා තදින් විනය සහ කාර්යක්ෂමතාවයට මුල් තැන් දෙන්නෙක් විය. මම බොහෝ දේ ඉගෙනුම ලැබුවේ මොහු යටතේය. පසු කලෙක මොහු ඉතා ඉහළ තනතුරු දැරීය. Coffee Shop එකට පමණක් වෙන්වූ වෙනම මුළුතැන් ගෙය පාලනය කලේ ජර්මන් ජාතික රොල්ෆ් ශෙෆර් නම් Executive Sous Chef යටතේය. එතනද අරැක්කැමියන් 20-30ක් පමණ සේවය කලෝය. සේවා කටයුතු සඳහා පමණක් භාවිතාවූ Service Bar එකේද barmen ලා හතරක් පහක් දවස පුරා සේවයේ යෙදුණි. කොෆි ෂොප් හී භාජන පවිත්‍ර කිරීමේ අංශයේද දහදෙනෙකුට වැඩි සේවකයින් පිරිසක් විය. හෝටලය තුලම වෙනම කොටසක් ලෙසින් පවත්වා ගෙන ගියා සේ සැලකිය හැකි අපේ කොටසේ සියළුම අංශයන් පැය විසිහතර පුරා දිවෙන වැඩ මුර තුනකින් සමන්විත විය.
Coffee Shop managerවරයා යටතේ ලාල් සමරකෝන්, නීල් විජේරත්න, ජෙරල්ඩ් විසර්, ඇන්තනි පෙරේරා, ජෙරමි පීටර්ස් යන Senior Captains ලාද, ඉයන් පෙරුමාල්, කමාර් හකීම්, වජිර ඉලංගකෝන්, සිසිර වික්‍රමරත්න, ජෝශප් කාසිචෙට්ටි වැනි Captains ලාද සේවය කළහ. මාලනි, රමණි, ප්‍රියානි, කාමිනි, නෙලුන්,ලින්ඩා, එරංගණි යන කාන්තා Captains ලාද වූහ. ටැමී, ඩෙබොරා, ක්ලොඩෙට් වැනි අය අමුත්තන් පිළිගැනීම සහ අසුන් වෙත කැඳවාගෙන යාමේ කටයුතු භාරව සිටි Hostesses ළාය. සෙසු නිලයන්වූ steward සහ Asst steward රැකියා සඳහා සිටි අය බොහෝය.Breakfast service සඳහා coffee maker සහ ‘toast master’ රාජකාරී සඳහා දෙතුන් දෙනෙකු යෙදවේ. මේ රාජකාරි මොනවාද යන්න ගැන විස්තර සහිතව ඉඩ ඇති විටෙක ලියා තැබීම වටී. එතරම් කාර්ය බහුල ස්ථානයක සේවය කිරීමට ලැබීම තරම් මහඟු අත්දැකීමක් මට කිසිදා නොවීය.
ඔබරෝයි හෝටලය පිළිබඳ ලිවිය යුතු දෑ තව බොහෝය. බොහෝය. සත්තකින් තව බොහෝය. මගේ ජීවිතයේ සංධිස්ථානයක් වූ මෙම ආයතනය ගැන තව දුරටත් ලියමි. ඉවසා වදාරා සමාව භජනය කර කියවන්න. මේ බොහොමයක් තොරතුරු ඔබට වැදගත් නොවිය හැකි බව මම දනිමි. නමුත් මේ මගේ මිහිරි මතකයන්ය. මේ සටහන් වලදී නම්, ගම් ලියා තබන්නේ ඔවුන් ගැන යමක් දන්නා අය වෙතොත් අදහසක් මගින් හෝ ඔවුන් ගැන තොරතුරක් ලබා ගැනීමේ අටියෙනි. මේ බොහෝමයක් පසු කාලීනව දෙස් විදෙස් හී තමන්ට හැකි උපරිමයෙන් ශ්‍රී ලාංකික නාමය සහ ගෞරවය ඔසවා තැබීමට දායක වූවන්ය. සමහරුන් මේ ක්ෂෙත්‍රයෙන් ඉවත් විය. මම සියල්ලන්ටම මගේ ගෞරවාචාරය පුදමින් මා කවදාවත් මේ තරම් දීර්ඝව නොලියූ මේ සටහනට තිත තබන්නෙමි. අද මට වෙහෙසයි..යනවා නම් එන්නේ.
මේ ගීතයේ පදමාලාව පිලිබඳ ඩෝල්ටන් අල්විස් කියු අපූරු විග්‍රහයක්, ෂෙල්ටන් පෙරේරාගේ පුත් සතිෂ් දවසක් වැඩ සටහනකදී කිව්වා. මට එය සොයා ගත නොහැකිය. මට ඒ ගැන යමක් ලැබුනා. කියවන්න.
පද රචනය…ඩෝල්ටන් අල්විස්
සංගීතය සහ ගායනය..ෂෙල්ටන් පෙරේරා
අසූ එකේ මැද වෙන කොටත් අරූ ගේ ක්ලාස් මේට් ලා තාම ගෙවල්වල් නේද?
ඔව් කකා….මම හිතන්නේ 81 ඔක්තෝම්බර් මාසේ වගේ තමයි යුනිවර්සිටි යන අය පටන් ගත්තේ. මාත් එක්ක ඉගෙනගත්ත හැමෝම අතරින් මම තමයි ඉස්සෙල්ලාම ජොබ් එකක් කරේ. ඔය සමහරක් දේවල් ගොඩාක් මම තමයි ඉස්සෙල්ලාම කරේ 😀
වැඩ කිඩ ෆ්‍රෙන්ච් ජර්මන් වුනත් පඩිය නම් ඉන්දියන් බව පෙනේ!!!
කකා,
1978 පත්වෙච්ච අපේ මිස් කෙනෙක් කිව්ව එයගෙ පඩිය 260 කියල
රාජ්……ඒ ගණන් හරි ඇති. මට 80දි ගල්කිස්සේ එක් හෝටලයක ආරම්භක පඩිය රුපියල් 80යි.
රාජ් මගේ ගාව තියෙනවා මට පොඩි උසස්වීමක් ලැබුන ලිපියක් 1984 ඔක්තෝබර්.. ඒකේ තියෙනවා මෙහෙම. උඹ දන්නවා ඇති මේ මොකක්ද කියලා තේරුම. හරියටම අවුරුදු තිහකට පස්සේ තමයි ඕක හරියට කියෙව්වේ. “You will be placed on the salary point of 662.50 on the salary scale Rs 575-17.50-750-20-910/-“
දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ඔය කියන කාලයේ ජාතික ආධුනිකත්ව මංඩලයේ විශේෂ ආධුනික පුහුණුවට යන කෙනෙකුට මසකට රුපියක් 390 ක දීමනාවක් ලැබුණි.
අරූ ගේ පුහුණව, පුහුණුවක් මෙන්ම හෝටලයේ සෑහෙන බරක් අදින රැකියවක් බව පෙනුන නිසයි මගේ කමෙන්ටුව දැම්මේ. අරූ කියා ඇති පරිදි මුල් කාලයේ ඔය ටිප් ලැබී නැත!
කකා හරි. N,A.B. එකේ දීමනාවත් ඒ ගණන් තමයි NAB බැච් එකක් ඒ කාලෙම හෝටලේට ගත්තා. උන්ට NAB එකෙන් දීපු ගාන විතරයි. අපිට වගේම ටිප්ස් ලැබුනා. පස්සේ කාලෙක හෝටලයටම බඳවාගෙන සර්විස් චාජසුත් දුන්නා. ඒ සෙට් එකත් හොඳ තනතුරු වලට ගියා. කකා ඉන්න පලාතටත් ආවා.
හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ සර්විස් චාජ් එහෙම බැලුවම ඒක පොඩි වැටුපක් වෙන්නේ නෑ නේද? අර ටීචර් කෙනෙකුත් 260ක් ගත්තා නම් මේක ඉහල වැටුපක් නේ. දවසකට රුපියල් විස්සක්වත් ඔය කියන කාලෙත් ටිප් එක හම්බවෙන්නැති අරූලට.
@ බුරු….උඹට කියන්න අපිට ඒ කාලේ හොඳ සල්ලි. ටිප්ස් අනිවාර්යෙන් එක්කෙනෙකුට රුපියල් 100 පනිනවා. එක ෂිෆ්ට් එකක ටිප්ස් ඔක්කොම එක පෙට්ටියකට දානවා. ශිෆ්ට් එක ඉවරවුනාම කවුරු හරි ඔය කැප්ටන් කෙල්ලෙක් ඕක හරියට බෙදලා, සටහන් තියලා, පොඩි එන්විලෝප්ස්වල දාල රෙඩි කරනවා. අපි ඕක ගන්න ඉන්නේ නැහැ.හෙට ගන්නම් කියලා මාරුවෙනවා..බොන්න සෙට් වෙන්න තියෙන හදිසිය නිසා. ඉස්සර ආපු සුද්දෝ අතපය දිග හැරලා වියදම් කරා. තරුන කාලේ වගකීමක් නැතුව සල්ලි අතපත ගාපු නිසා තමයි එදා හොටෙල් ට්‍රේඩ් එකේ හිටපු අපි වගේ එවුන් අන්තිම පිස්සු නටන්න වුනේ. ඒකත් එක්තරා වල්මත් වීමක්.
අපි මාසෙකට සර්විස් චාජ් ගන්නවා 2000-3000ක්.
මාත් ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක් හින්දා මම දන්නවා ඒ වෙනස අරූ. මට හමුවෙන බොහෝ වයසක ඈයෝ ඒ කාලේ ලංකාවට ගිහින් ඉඳලා තියෙන්නේ ඔබරෝයි එකේ. ඔවුන් බොහෝ විට ඔබරෝයි හොටෙල් එක ගැන කතා කියා සේවකයන් ගැනත් බොහෝම ගෞරවයෙන් කතා කරනවා. අනික අසූ ගණන් වල හෝ ඒ කාල වල ලංකාව වගේ ඈත රටවල් වලට ට්‍රැවල් කලේ යමක් කමක් තිබුන මිනිස්සු. (අද ටුවරිස්ම් ඉන්ඩස්ට්‍රි එක ලෝව් කොස්ට් විතරයිනේ කතා කරන්නේ බොහෝවිට) අතදිග හැරලා චිට් දෙන්න ඔවුන් මැලි නොවුන එක අහන්න දෙයක්ද?
මේ රංගිද…කවුද අප්පා දන්නේ. දවසක් බූරු බබා, දවසක් ඉල් මොන්දේ 😀
ඔයා රංගි නම් ..මොකද දකින්න හිටියේ නැත්තේ?
මම තමයි.
ඒකනේ මට හිතුනා අරූ උඹ කියද්දි මාව අඳුණගෙන නෑ කියලා.
ලෙඩ වෙලා හිටියේ අරූ. ඉස්සර වගේ බ්ලොගින් ගැන ඉන්ටරෙස්ට් එකකුත් නෑ. අනික දැන් කියවන්න රස දේවල් අඩුයිත් එක්කද කොහෙද.
@රංගි…ගොඩ කාලෙකින්..
\\දැන් කියවන්න රස දේවල් අඩුයිත් එක්කද කොහෙද.\\
ඒකට එක හේතුවක් තමයි ඉල් මොන්දේ බූරුබේබ් වගේ බ්ලොග් අප්ඩේට් නොවීම….අරුත් පටන් ගත්ත එකේ ආයෙත් ලියන්න රංගි…
කකා…….පඩි නම් අඩු තමයි. ඒ දවස්වල හොටෙල් ට්‍රේඩ් එකේ පඩි අන්තිම පහලයි. ඒක වැරැද්දක්. සර්විස් චාජ් එක මහා ඉහලින් ලැබුන නිසා. පඩිය අඩු ස්කේල් එකක තියලා තිබුනේ. මට 1980 වැඩ කරපු තැන පඩිය රුපියල් 80යි. ඊපීඑෆ් කැපුනාම 72යි ගානක් ලැබුනේ. එතන සර්විස් චාජ් ගත්තා 1000කට වැඩිය.
මේකත් හරියට දැන් රජයේ සේවකයාගේ පඩිය වගේ. සොච්චම් පඩියක් දීලා, දීමනා එල්ලනවා.
හෝටල්වල හිටපු අය කකා ඉතා සුවපහසුවෙන් හිටියා ඒ කාලේ. කෑම බීම, යුනිෆෝම්, ලෝන්ඩ්‍රි, රෑ 10න් පස්සේ ට්‍රාන්ස්පෝට්, රෑට ඈතම පදිංචි අයට ඉන්න කොල්ලුපිටියේ හොස්ටල් එක තිබුනා. අසනීපයකට ඩර්ඩ්න්ස් නැවතුනේ. ඒවා නම් හෝටලයෙන්ම ඉන්ශුවර් කරලා තියෙන්න ඇති. හොස්පිට්ල් එකේ ඉන්නකොට දවස් දෙකකට සැරයක් වෙල්ෆෙයාර් ඔෆිසර් ලොකු ෆෘට් බාස්කට් එකක් අරන් එනවා. පහසුකම් ගොඩාක් තිබුනා ඔබරෝයි එකේ. ඉන්ඩියන් වුනාට ඔබරෝයි මැනේජ්මන්ට් එක, ඉන්ටකොන් මැනේජ් කරපු ඇමරිකන් සමාගමට වඩා පහසුකම් දුන්නා.
ඒක නම් ඇත්ත. පඩි හොඳටම මදිනේ… 🙂
පුහුණුව කෙසේ වෙතත්, සේවකයන්ගේ මෙච්චරම විනයක් අද කාලේ තියෙනවාද කියලා නම් සැකයි.
නොපෙනෙන සිද්ධි නම් හරිම රසවත් අරූ.
පොඩ්ඩි…..ඒ කාලේ ඒ පඩියෙන් අද ගෝල්ඩ්ලීෆ් පැකට් එකක් ගන්න පුළුවන්ද මන්දා 😀 බලන්න කොච්චර වෙනසක්ද කියලා අවුරුදු 30කට.
///පුහුණුව කෙසේ වෙතත්, සේවකයන්ගේ මෙච්චරම විනයක් අද කාලේ තියෙනවාද කියලා නම් සැකයි.//////
පොඩ්ඩි පුහුණුවක් නැති තැන විනයක් හැදෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. පුහුණුව හරි වැදගත්. අපි නිකම්ම නිකම් වේටර්ලා නෙමේ ඒ කාලේ. මාස 6-7න් විභාග…දිනපතා පැය භාගයක් වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා විෂය සම්බන්ධ ප්‍රශ්න සහ පරීක්ෂාකිරීම්. මෙනු එකේ හැම අයිටම් එකක්ම හදන හැටි, ප්‍රසන්ට් කරන හැටි , මේ සියල්ලක්ම දැන ගත යුතුයි. ඒ වෙන මොනවාටවත් නෙමේ..කස්ටමර් අහුවොත් ..වට් ඊස් දිස් අයිටම් කියලා..අපි එය පැහැදිලි කිරීමට බැඳී සිටිය යුතුයි. වැඩ පටන් ගන්න පැය භාගයකට කලින් හැමෝම එකතුකරලා බ්‍රීෆින් එකක්. සපත්තු දෙකේ ඉඳන් කොණ්ඩෙට වෙනකම් බලනවා. මේවා ගැන පස්සේ ලියන්නම්. ඉස්සර ඔබරෝයි එක ආයුධ නැති ආමි එකක් කිව්වාට වරදක් නැහැ. ආයුධ විතරයි අඩු, වැඩ කරන කාලය ඇතුලේ බරපතල ලෙස විනය, පිරිසිඳුකම රැක්කා.
/////නොපෙනෙන සිද්ධි නම් හරිම රසවත් අරූ.////
ඔයා කියවලා තියෙනවාද Imogen Edwards-Jonesගේ Babylon series එක.කම්මැලිකමට කියවන්න හොඳයි. එක එක ට්‍රේඩ්ස්වල ඇතුල් පැත්ත ගැන ලියනවා ෆික්ෂනල් කැරැක්ටර්ස් හරහා. ගොඩාක් දුරට ඇත්ත. සමහර දේවල් අතිනුත් දාලා තියෙනවා. එයාර් ලයින් ස්ටාෆ් ගැන ලිව්වා Air Babylon කියලා. හොල්මන් වෙනවා ඒවා කියවන කොට.
උණවටුනේ යාලුවන්ගේ පොඩි පොඩි හෝටල් වල වැඩ කලාට මෙලෝ දෙයක් දැනගෙන උන්නේ නෑ. පස්සෙ හෝටල් ගැන දැන ගත්තේ ජනක චන්ද්‍රවිමලගෙන්. පිස්සුම යකෙක්. මගේ බොක්කක්. අද නම්බර් වන් චෙෆෙක්. ඒත් තව යාළුවෙක් හොයලා දුන්නා සෙලින්කෝ එකේ ජොබ් එකක්. ඌ වැඩ කලේ සෙලින්කෝ හෝටලේ ආකාස කඩේ. නම චන්දන ලියනගේ අද එතකොට ඌ ස්ටුවර්ට්. අද ජයික් හිල්ටන් පර්චසින් මැනේජර්. සමහර විට අරූට මේ දෙන්නම හම්බ වෙලා ඇති. ඒත් චන්දනයා ඌ කියන විදියට මට සෙට් කලේ හොඳ ජොබ් එකක්. ඩේටා එන්ට්‍රී ඔපරේටර්. ඌට වේකන්සිය ගැන කියලා තිබුනේ ෂන්මුගම්, රසල් ආනල්ඩ්ගේ මස්සිනා. මැතකදි මළා. ජොබ් එක හම්බ උනේ 1985 ඔක්තෝබර් පළවෙනිදා. පඩිය 950 විත් ඕ ටී.
ඒ කාළේ සෙලින්කෝ ඩිනර් ඩාන්ස් එක තිබුනේ ඔබරෝයි එකේ. අපි ඇවිත් පට්ට ෆන් එකක් ගන්නවා. උඹව හම්බ වෙලත් ඇති.
මම හිතන්නේ ඔඹරෝයි එක ගැන ලියවුන හොඳම ළිපිය මේක වෙන්න අති. මේක ඉන්ගිරිසියට ට්‍රාන්ස්ලේට් කරලා ඔබරෝයි එකට යවපන් මචෝ.. උඹට සම්මානෙකුත් ලැබෙයි, නොවරදවාම.. ඔය බෝල් රූම් එකට බෝල් රූම් කියන්නේ නෝනා මහත්තුරු බදාගෙන නටන නිසාද මචෝ..
මාතා….උඹ කියන පොරවල් දෙක මගේ ඔළුවට එන්නේ නැහැ. හැබැයි මේ ෂන්මුගම්ගේ කවුරු හරි අපිත් එක්ක හිටියා. මම ඒ බව උඹට කිව්වා ..මට දැන් ඔළුවට එන්නේ නැහැ. නියම කලම්බු චෙට්ටි , ජාවෝ , බර්ගර් සෙට් එකක් මාත් එක්ක වැඩ කරා. ෆිට් බුවාලා බං. පිස්සුම තමයි එලියට බැස්සාම. වැඩ වෙලාවට සීරියස් වැඩ. ඒ වුනත් හිනාවෙන් ජොලියෙන් තමයි ගේම යන්නේ. කියන්න දේවල් නම් එමටයි මචෝ.
///////සෙලින්කෝ ඩිනර් ඩාන්ස් එක තිබුනේ///////
මම බැන්ක්වට් වැඩ නොකෙරුවාට අපි එනවා ඩිනර් ඩාන්ස් තියෙන වෙලාවට ඔළුව දාන්න. වැඩ ඇරිලා යන ගමන් යුනිෆෝම් එකෙන්ම බැන්ක්වට් පැත්තේ යන්නේ දෙකක් දාගෙනම එලියට බහින්න. ඩිනර් ඩාන්ස් වලදි ඕනතරම් විස්කි, බ්‍රැන්ඩි එහා මෙහා කරතෑකි. උඹලාගේ සෙලින්කෝ ඩිනර් ඩාන්ස් එක ඒ කාලේ ඉඳන් හොඳ ෆන්ක්ෂන් එකක්. අන්තිම චොර, කක්කාම ඩිනර් ඩාන්ස් එක තමයි පොලිස් ඩිනර් ඩාන්ස් එක. හෙන වනේ බං ඔය පොලිසියේ ලොක්කෝ බිව්වාම. ඒ ගැන මරු කතා තිබුනා ඉස්සර. මතක් වෙන්නේ නැහැ.
මම උඹලාගේ සෙලින්කෝ එකේ ලොකු තැනව ඉස්සර මෙහෙදි දකිනවා. හෙන ඉහළ හෝටලයක තමයි නැවතිලා ඉන්නේ. පයිප්පෙත් ගහගෙන ඉන්නවා දැකලා තියෙනවා.
////ඔය බෝල් රූම් එකට බෝල් රූම් කියන්නේ නෝනා මහත්තුරු බදාගෙන නටන නිසාද මචෝ.//////.
නෑ බං…නටන ගමන් නෝනලා, මහත්තුරුන්ගේ බෝල දෙකට සැපක් දෙන නිසා 😀
The guest is always right මෙකත් හරියට අර customer is king වගෙ මගුලක්. එත් ඔක නැතුව දැන් කිසිම දෙයක් විකුනන්න බැ. ඔක නිසාම තමයි නිශ්පාදන වියදම වගෙ සිය ගුනයකට වගෙ ගනන් වලට බඩු විකුනන්න පුලුවන්වෙලා තියෙන්නේ.
ඔය අමාරුතැන්වල වැඩකරල ගන්න අත්දැකිම වටිනාකම තෙරෙන්නෙ පහුකාලෙක. නියමයි අයියෙ තව ලියහන්
කතාව නම් ගොන් ජෝක් එකක් බං. ඒවාට ඉස්සර කාලේ යම් පිළිගැනීමක් තිබුනාට දියුණු සමාජයේ එහෙම වෙන්න බැහැ. ඒක නිකම් ස්ලෝගන් එකක් හැටියට තියා ගත්තාම මදෑ.
අමාරු තැන් වලින් පටන් ගත්තාම ඕන තැනක ගිහින් ඔළුව බේරගන්න පුළුවන්. නිදහසේ වැඩේ කරලා දීලා කූල් එකේ ගෙදර එන්න පුළුවන්.
//””ඔබරෝයි හෝටලය තුළ පුපුරවා හැරි බෝම්බයටද (පසුව මේ ගැන ලියමි ) නොසැලුණු මේ දැවැන්තයින් සතර දෙනා මින් වසර ගණනාවකට පෙර ගලවා ඉවත් කරන ලද බව මම පුවත් පතක දුටුවෙමි”// ඔබරෝයි පස්සේ කලම්බු ප්ලාසා වුනා, ඊටත් පස්සේ සිනමන් ග්‍රෑන්ඩ් වුනා . ඔය සිනමන් ග්‍රෑන්ඩ් කියලා නම වෙනස් කරන්න රිනවේෂන් එක කලේ අපි , එතකොට ඔය විදිහේ බතික් කීපයක් ගැලෙව්වා , අරූ අයියා කියන එවමද දන්නේ නෑ. ඒ වෙනුවට එකක් ටොන් දෙකහමාරක් බර චැන්ඩ්ලියර්ස් හයක් එල්ලුවා .
ඔය බතික් සැරසිලි ටික තමයි ඔබරෝයි එකේ අනන්‍යතාවය…
මේවාද උඹලා ගැලෙව්වේ කියලා බලපන්.
ඔය චැන්ඩලියර්ස් හයද මේ තියෙන්නේ
අර පත දාල අපූරු සැරසිලි ගලවල අර මෙලෝ රහක් නැති සෙද්දවල් මොකට එල්ලුවද මංද…
ඕඕ යේස් අරු අයියා ..ගැලෙව්වේ ඒවා තමා , අපි හයි කරපු චැන්ඩ්ලියර්ස් තමා ඔය. එතකොට අරු අයියලා ආදරේ කරපු දේවල් අවුරුදු විසි පහකට විතර පස්සේ විනාස කරපු උන් තමා අපි 😦
මහේෂ් ඒවා ගලවනවට දුක් වෙච්ච් එකම එකා මමද කොහෙද එතන, එක ගලවලා මේවා එල්ලන්න තීරණේ ගත්තේ අපි නෙවෙයි , එක සිනමන් ග්‍රෑන්ඩ් ආකියගේ උවමනාවක් ,අනික එක වඩාත් ම උවමනාව තිබ්බේ එතකොට එකේ GM – Rohan Karr ට
මහේෂ්……මටත් අර චැන්ඩලියර්ස් නම් එච්චර ගතියක් නැහැ.
ඉවාන්…..Rohan Karr තාමGM නේද. පොර කියලා තිබුනා 2005 ඔය නවීකරණ වැඩවලට USD 32 Million වියදම් කරා කියලා. එයා ඉන්දියන් බුවෙක්ද?
ඔව් අරු අයියා ඒ වියදම හරි, සිනමන් ග්‍රෑන්ඩ් කලාට පස්සේ Opening Ceremony එකට ආවේ , බිල් ක්ලින්ටනුයි ,ජෝර්ජ් බුෂ් (ජෙෂ්ට) දෙන්නා . අපි වැඩකලා ශිෆ්ට් දෙකට පැය විසිහතරම , වෙලාවට ඉවර කරන්න ඕන නිසාම , මුලු ඔබරෝයි එකේම තිබ්බ තඹ ,පිත්තල fittings ඔක්කොම මාරු කළා , තඹ විකුනගත්තා උන්ගේ සිකුරුටි කාරයෝ ටොන් ගණන්. මම ජොබට ගියා විතරයි . මම ගියෙත් project එකේ අන්තිම කාලේ ලංවෙලා , වැඩ කරන්න තිබ්බා ගමක ගිය ගමන්
රොහාන් කා(ර්) ඉන්දියන් බුවෙක් තමා
ඇයි ඔබරෝයි එක පැය විසිහතරකට වගේ හොටේල් ඉම්පීරියල් උනේ? අරූට මතකද දන්නේ නෑ?
DPK… ඔබරෝයි සමාගම හා එක්වුනු ඉම්පීරියල් සමාගම ලෝකයේ වෙන රටවල “ඔබරෝයි-ඉම්පීරියල්” නමින් හෝටල් පවත්වා ගෙන ගියා. එහෙම දෙයක් ලංකාවේ වුනු බවක් මම දන්නේ නැහැ. හෝටල් සමාගම් දෙකක් එකතුවී ඒ නම් දෙකෙන්ම හෝටල් පවත්වා ගෙන යන සම්ප්‍රදායක් තියෙනවා. එහෙම ඒවා තියෙනවා. උදා..ඔබරෝයි ෂෙරටන්, ඔබරෝයි හිල්ටන්, සෝල්ටී ඔබරෝයි,ඔබරෝයි ඉම්පීරියල්, සහ තව බොහොමයක්.
ඒ නොයෙකුත් හේතු නිසා. ඒ වගේ දේවල් බොහොමයක් ව්‍යාපාර තුල වෙන බව මම අසා තිබෙනවා. උඹ දන්නවානම් ඔය ඉම්පීරියල් සීන් එක , ඒ ගැන දාපන්. මාත් ආසයි දැණගන්න.
මේ කාරණය මතු කිරීම හොඳයි. නුවර ක්වීන්ස් හෝටලය කාලයක් ඔබරෝයි පාලනය යටතේ තිබුනා. පරිපාලන කටයුතු වලදී එය ක්වීන්ස් ඔබරෝයි කීවත්, කවදාවත් ඒ නමින් වෙළඳාමට සම්බන්ධ වුනේ නැහැ මගේ මතකය හැටියට. නුවර අයට මතක ඇති මේ ගැන..(81-86 කාලය )
මට කාලවකවානු හරියට මතක නෑ. මම හිතන්නේ අනූ ගනන්වල. ඔබරෝයි එක අයිති කොම්පැණියත් එක්ක තව කට්ටියකගේ නඩුවක් තිබිලා අනිත් අය නඩුව දින්නා. ඒ දිනපු දවසේම ඒ ගොල්ලෝ තමන්ගේ සිකියුරිටි එක්ක ඇවිත් හෝටලේ පාලනය අතට ගත්තා. කොටින්ම කිව්වොත් ෆෝන් ඔපරේටර්ලා පවා ෆෝන් එක ආන්සර් කලේ ‘හොටල් ඉම්පීරියල්’ කියලා.
ඊට පස්සෙන්දා පරණ කොම්පැනිය ඈපෑලක් දාලා, උසාවියෙන් ආපහු පාලනය ගත්තා. ඊට පස්සේ මම හිතන්නේ පරණ කොම්පැණිය එක්කෝ ඇපෑල දින්නා, නැත්තන් නඩුව සමතයක් කරගත්තා.
Thanks DPK….මේ තොරතුරු මම දැණගෙන හිටියේ නැහැ. බරපතල ගැටළුවක් මතුවෙන්න ඇති.
දීර්ඝම ලිපිය මේකද අරූ අයියෙ? ඒත් දැනුනෙ වත් නෑ. අබ මල් රේණුවක තරම්වත් කිසිත් නොදන්නා ක්ෂේත්‍රයක් ගැන මේ තරමට ආසාවෙන් කියවන්න පුළුවන් ඒ ලියලා තියෙන විදිහ නිසයි.
//The guest is always right// කියන පනත නම් මහ අසාධාරණ නීතියක්නෙ. ඒත් ඉතින් ඒක නම් බොහෝ ක්ෂේත්‍ර වල දැනටත් දකින්න පුළුවන් විකාර නීතියක්නෙ.
//මේ බොහොමයක් තොරතුරු ඔබට වැදගත් නොවිය හැකි බව මම දනිමි.// මේක නම් වැරදි අදහසක් අරූ අයියෙ. අපි නොදන්න සෑහෙන්න දේවල් මේ ලිපි වලින් ඉගෙන ගන්නවා.
මේක තමයි ප්‍රියා මම ලියපු දිගම එක. උඹලා කැමැත්තෙන් කියවන එක ගැන සතුටුයි!! ඔය කස්ටමර්ස්ලා හැමවිටම හරි කියනවා කියලා කියන්නේ බොහෝ ඈත අතීතයේ හදාගත්ත තියරි එකක්. ඕකෙන් හැබැයි කස්ටමර්ස්ලා ගේන කම්ප්ලේන්ස්, යෝජනා ගැන ව්‍යාපාරිකයා යම්කිසි අවධානයක් යොමු කලා. ඒ ඔහුව නැවත ගෙන්වා ගැනීම සඳහා.
1981 දි මමත් ගත්තෙ බොහොම අඩු වැටුපක්. මගේ පළමුවැනි රැකියාව වූ ගුරු වෘත්තියෙන් මට ලැබුණේ මසකට රු 275 ක පමණ වැටුපක්. ඔබ අද පොළොවේ පයගහලා ඉන්නේ පහළ සිට ඉහළට ගිය නිසයි. මේ ලෝකයේ බොහොමයක් ‘හරිගිය’ මිනිස්සු එහෙම තමයි.
හෝටල් ජීවිතය බොහොම කටුකයි කියලා මම කීප වතාවක් අහලා තියනවා. එක හා සමාන නොවුනත්, ආසාවෙන් එල්ලිලා ඉන්න බැරිනම්, හමුදාවත් හෝටල් ක්ෂේත්‍රය වගේ තමා. ඉවසීම, කැපවීම, උනන්දුව නැත්නම් කොයි රැකියාවත් කටුකයි.
අර බතික් සැරසිලි මට මතකයි, වරක් හමුදා මංගල්‍ය උත්සවයකට ගිය වෙලාවේ දුටුවා.
ඔබේ මේ සටහන්, සමකාලීනයන්ගේ මෙන්ම, අද මේ සටහන් කියවන බොහොමයකගේ, මතකය අවදි කරන බව නොඅනුමානයි.
ඇත්තටම විචා ඉස්සර ඔබරෝයි හෝටලයේ ක්‍රියාපිලිවෙතත් හමුදාවක් වගේ තමයි. මම අර පොඩ්ඩිට කිව්වා වගේ ආයුධ විතරයි අඩුවකට තිබුනේ. ඒ organisational structure එක , ඒ ඒ තනතුරුවලට ගරු කිරීම, වෙනත් වෙනත් අංශ සමග තිබූ සහ සම්බන්ධතාවය, මේවා හරි වැදගත් වුනා.බරපතල වැඩකට බැස්සාම ලොක්කාද පොඩ්ඩාද කියා නැතුව මූලික ටාගට් එක මොකක්ද කියන සිතුවිල්ල නිතරම ඔළුවේ තිබුනා.
ඔය බතික් සැරසිලි තරම් එකම හෝටලයක වැඩිම ප්‍රමානයක් ෆොටෝස් ගත්ත තැනක් නැතුව ඇති. හරි ප්‍රසිද්ධයි. අපිට නම් ඉතින් නිතර දකින කරමලේ වගේ මොනවා තිබුනද කියලාවත් මතක නැහැ.
මේවා මෙහෙම ලියලා තියන්නේ කොහේ හෝ ලියවිලා තිබුනොත් හොඳයි කියා හිතෙන නිසා.
අරූ,
අද කතාව තමයි උබෙ බ්ලොග් එකේ හොදම පෝස්ට් 1.
රාජ් එක්ක එකඟයි
පත්තරේ…..මම උඹව අල්ලගන්න බැලුවා අදත්…
රාජ්…ඒක එහෙම නම් මට සතුටුයි. උඹ දෙන ගුණ\අගුණ විචාරයට ස්තූතියි!!!
අරූ, හෝටල් ක්ෂේත්‍රය ගැන ඉතාමත් හොඳ විවරණයකි.
ඔය බතික් හතර හෝටලයේ කලෙක අනන්‍යතාව බවට පත්ව තිබුනා. නමුත් දැන් තියෙන චැන්දලියර් හතර විශේෂත්වයක් දරන්නේ නැහැ.
ස්තූතියි ජීවන!! දැන් තියෙන චැන්ඩලියර්ස් හය ගැන නම් කියන්න තරම් දෙයක් නැහැ. මොඩර්න් ලුක් එකක් දෙන්න කරපු වැඩක් වගේ රිනොවේෂන් එකත් එක්කම.
නියමයි බං. මමත් ඔය හේටලේ පස්ස දොරෙන් ගිහින් තියෙනවා උඹලත් එක්ක වැඩ කරපු පොරක් හම්බ වෙන්න. මට මතක අර දොරවල් වල යට කොටසට මෙටල් ප්ලේට් එකක් ගහලා තියෙන එක අර ට්‍රොලී, කාට් වගේ දේවල් නිතර වැදිලා ඩැමේජ් වෙන එක නවත්තන්න. අනිත එක මම බලා හිටියේ ඒ දොර විනාඩියකට කී පාරක් ඇරෙනවා වැහෙනවද කියලා. පුදුම ඔරොත්තු දීමක්.
ඩූඩ්…..උඹ හම්බවෙන්න ආපු පොර මම දන්නවා මගේ හිතේ. මගේ වයිෆ්ගේ බැච් එකේ. ඒ පිටිපස්සේ ස්ටාෆ් එන්ට්‍රන්ස් එක ගාව උදේට කොච්චර බිසිද? එතන තමයි receiving bay එක තිබුනේ. උදේට මස්, මාළු, කිරි,එලවළු සප්ලයර්ස්ලාගේ ලොරි එනවා. එතන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
උඹ කිව්වා වගේ ඒ පැත්තේ තිබුනු දොරවල් දවසකට සිය දාස් වාරයක් ඇරෙනවා වැහෙනවා. හරි ශක්තිමත්. ඒ වගේම තමයි මචං රෙස්ටෝරන්ට්ස් සහ කිචන්ස් අතර තියෙන දොරවල්. අර තරම් උසට ස්ටීල් ප්ලේට් එකක් ගහලා නොතිබුනාට යටින් ගහලා තියෙනවා පොඩි ප්ලේට් එකක්. ඒ දොරවල් අපි කකුලෙන් තමයි අරින්නේ වැඩිපුර. රෙස්ටෝරන්ට් එකට පේන පැත්තට ගහලා තිබුනේ තනි පිත්තල ඝනකම් තහඩු. ඒවා හැමදාම දවසට දෙසරයක් හවුස්කීපිං ස්ටාෆ් ඇවිත් පොලිෂ් කරනවා, අපේ සපත්තු පාරවල් නොපෙනෙන්න. රසවත් ට්‍රේඩ් එකක් රසවත් කාලයක්. ඒ වටපිටාව ඒ හෝටලයේ තිබුනා.
අඩෝ උඹ හරී ලකී බං, ජොබ් එක පට්ටාං ගන්නකොටම සිරාම තැනකට සෙට් වෙන්ට. ඒ කාලෙ ඒක අම්බ කට්ට කියලා හිතුවට ඒ ගන්න එක්ස්පීරියන්ස්වලින් තමා පස්සෙ කාලෙ දුවාගන්ට පුළුවන් වෙන්නෙ. අර විචාරක කියනවා වගේ හැලෙන එකා හැලෙනවා, කට්ට කාගෙන ඉන්න එකා ඉහළටම යනවා.
අමිත්ත වීරසිංහ තාම රඟපානවද? මම අනූව දශකයේ මුල් බාගෙන් පස්සෙ දැක්කෙ නෑ කියලයි මතක. සමහරවිට මම ටීවී බලන එකෙන් අයින් වුන නිසාද දන්නෙ නෑ. මම වැරැදි නම් නිවැරැදි කරන්ට.
ඔව්. මගෙ යාළුවෙක්ගේ ඩ්‍රාමා එකක (ඉස්සරහට එන) රඟපානවා.
ඩ්‍රාමා එකකත් කියලා ඇඩ් වෙන්න ඕනේ
මේ .. ඔයා අපේ රංගිව එහෙම දැක්කද ?? 😀
මම හිතන්නේ රංගි වයසට ගිහිල්ලා ගෙදරින් එලියටවත් බහින්නේ නෑ. 😉
@රංගි…..වරදක් නොවේ නම් නාට්ටියේ නම දාන්න. මම ආසයි බලන්න.
@ Rangi….මම අහලා තියෙනවා මගේ හිතේ..script writer and director.
බුරා…..මම එතනට එනකොට පොඩි හෝටල් දෙකක වැඩ කරලා තිබුනා. නමුත් ටෙක්නිකලි හරි ස්ටාට් එකක් ගත්තේ එතැනින්. රස ගුලාවක්. ඇත්තටම ඔය ට්‍රේඩ් එකෙත් හොඳ හයියක් තියෙන්න ඕන විනෝදෙන් වැඩ කරන්න නම්. නාහෙන් අඬන බුවාලාට ඉන්න බැහැ. හිටියත් අනිත් එවුන්ටත් වනේ. අනිත් එක තමයි හෙමින් හෙමින් හරි උඩට ගියේ නැත්නම් වයසට යනකම් එකම පොසිෂන් එකේ කරන්න පුළුවන් ජොබ් එකක් නෙමේ. එහෙම අය හිටියා පරණ ස්ටයිල් එකේ හෝටල් වල..ගෝල්ෆේස්, තැප්‍රොබේන්, කැන්ඩි ක්වීන්ස් වගේ තැන්වල. කාලයක් මවුන්ට් ලැවිනියා එකෙත් හිටියා. ඒකත් එක ක්‍රමයක්.
අමිත්ත ඉස්සරටත් වඩා පරිනත රංගනයක දැන් යෙදෙනවා. එහෙම නාට්ටි කීපයක් මෑතකදි තිබුනා. මම මීට අවුරුද්දකට ඉස්සර බැලුවා’ නටු නැති මල්’ කියලා නාට්ටියක්. ඒක හොඳ නාට්‍යයක්. පුළුවන් නම් බලපන් හොයාගෙන. ඒකේ අමිත්ත රඟපානවා කඩාවැටෙන පොත් සාප්පු ව්‍යාපාරයක අයිතිකාරයෙක් හැටියට. හරිම ටොප් ඇක්ටිං.
බුරා…..පහුගිය කාලේ වගේ නෙමේ දැන් ඉන්නවා දක්ෂ පරපුරක්. ඔවුන් බොහෝමයක් වේදිකාවෙන් ආපු අය. ජගත් බෙනරගම, ජගත් මනුවර්ණ, කළණ ගුණසේකර, සමාධි ලක්සිරි,උදයකාන්ති කුලතුංග, ගංගු රොෂානා,බිමල් ජයකොඩි වගේ ඔය කිහිප දෙනෙක් පමණයි. අර කාලයක් පබාලාට, බබාලාට වගේ වෙන්වෙලා තිබුනු කාලය වෙනස් වේගෙන යන්නේ. මුන් පියරු බබ්බු නෙමේ,,අපි උඹලාවගේ එවුන්. හැබැයි හරි තිර පිටපත්වල අඩුවක් අහේණියක් තියෙනවා. උඹලාට, රවීලාට ඕවා කරන්න පුළුවන් අයනේ ඇත්තටම.
මම කියාපු එක හරියට කියැවිලා නැහැ බං..
මට කියන්ට ඕන වුනේ උඹ ඔබරොයි එකේ වැඩ පට්ටාං ගත්තෙම සිරා තැනකින් කියලා. ඒ කාලෙ නම් උඹට ඒක පට්ට කට්ට කියලා හිතෙන්ට ඇති. ඒත් ඒ වගේ බිසී තැනකට සෙට්වුනාම එකක් ටක් ටක් ගාලා වැඩ අල්ලගන්නවා, වැඩ කරන ආර්ට් එක අල්ලගන්නවා. ඒත් එක්කම තමන්ගෙ වැඩ පෙන්නලා ටක් ගාලා උඩට යන්ට ලේසි වෙනවා. අනික ඔය වගේ තැන්වල වැඩ කරද්දී බිසී වෙන තරමට හොඳා බං, පට් පට් ගාලා ෂිෆ්ට් එක ඉවර වෙනවා. බෝරිං නෑ.
මම කාලයක් ටෙස්කො වැඩකරපු නිසා ඔය ෂිෆ්ට් ලයිෆ් එක ගැන, කට්ට කෑම ගැන, බිසී වීම ගැන, හොඳ හා නරක මැනේජර්ලා ගැන (හැම ජාතියෙම) ඔය හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා මාර අත්දැකීම් මචං!
මචෝ, ජගත් බෙනරගමයි බිමල් ජයකොඩියි කියන්නෙ අලුත් පරම්පරාවයැ බං? උං දෙන්නා කොච්චර ආදි කාලෙ ඉඳන් ඉන්න එවුන්ද..
දක්ෂ පරපුරක් නැති වීම නෙවෙයි බං ප්‍රශ්නෙ. සිරා ටැලන්ටඩ් කැලෑ මල් කැලේ පිපිලා කැලේම පරවෙලා යනවා. ඕකට ඉතිං හේතු ගොඩක් තියෙනවා. ඕවා කතාකරන්ට ගියොත් මේ බ්ලොග් එකත් කැත වෙනවා බං.. 😀
බුරා….උඹ කියපු දේ තව දුරටත් වටහාගත්තා 😀
මම හරි ආසයි බුරා වැඩට ගියාම හෙන බිසි නම්. ෆුල් ආතල්. දඩ බඩ ගාලා වෙලාව යනවා…..බායි කිව්වා ගෙදර ආවා.
බිමල්ලා, ජගත් බෙනරගමලා නම් පරණයි තමයි. හැබැයි උන් දැන් හොඳට රඟපානවා කියලා මට හිතුනා.
///දක්ෂ පරපුරක් නැති වීම නෙවෙයි බං ප්‍රශ්නෙ///
මේ දේවල් ගැන පොඩ්ඩක් ලියපන නිකං ඉන්න වෙලාවක. ඒත් කොහෙද වෙලාවක් නේද..
නම් ගම් නම් දන්නේ නෑ අරූ. ගීතිකා පලිපානගේ නාට්‍යයක. එයා එවෝඩ්ස් හෙම හම්බවුන ඩිරෙක්ටර් කෙනෙක්. එයා නිතර අමිත්ත ගැන එයාගේ කතා ගැන කියන හින්දා දන්නේ. එක ප්‍රඩක්සන් එකක් නම් තවම කෙරෙමින් මම හිතන්නේ.
මම අහලා තියෙනවා මගේ හිතේ.. script writer & director
අමිත්ත ගොඩක් වැඩ කරන කෙනෙක් නෙමෙයි.හැබැයි වැඩකදි හොද සහයෝගයක් දෙන කෙනෙක්.පුදුම විදිහට කැප වෙන කෙනෙක්.
මමත් හිතනවා මේක තමයි උඹ ලියපු හොඳම ලිපිය කියලා අරූ අයියා.. ඉගනගන්න දේවල් බොහෝමයි උඹලාගෙන් !!
වරෙන් පත්තරේ වෙලාවක සෙට් වෙන්න…මම උඹට හොඳවැයින් දෙකක් කියලා දෙන්නම් 😀
ඔබේ සටහ්න පෙළ වටිනාකම ඉතාම ඉහළයි අරූ ලියන්න. දිගටම ලියන්න. කියා නැවත නැවතත් ආරාධනය කරනවා
බොහෝම ස්තූතියි ගුණේ මහත්මයා……මම ඉතින් ඔහේ දුවපු පිස්සු බුවෙක්…දන්නේ නැද්ද ඒ කාලේ.
ඔය ඔබරෝයි එකේ තිබ්බ බතික් චිත්‍ර හතර බතික් කලාය කියන්නෙත් මචං ඔතන ඉස්සරහ ගෝල් රෝඩ් එකේ අඩි එකසිය පණහක් වගෙ දිගට ගැලුං 45 විසාල බැරල් බාගෙට කපල එව්ව හතලිහක් විතර එකට පාස්සල හදාගත්තු දිග ඔරුවක් වගෙ එකක.
බතික් ඉටි වලින් චිත්‍රෙ ඇඳල ඊට පස්සෙ ගින්දර දාල තම්බනව. ඒ රස්නෙට තාර උණුවෙලා ගිහිල්ල හෝටල් කාරයින්ට ගෝල් රෝඩ් එකට තාර දාල දෙන්ටත් සිද්ද උනයි කියල කියනව.
ඔය සිංදුව ඩෙස්මන්ඩ් ඇත්තටම කියන්ට ඉඳල තියෙන්නෙ ඔය ඔබරෝයි එකේ තාර උණු වෙච්ච සීන් එක ගැනලු. ඒ පාර මේ වැඩේ එහෙම කෙරුනොත් අම්බ චාටර් එකක් වෙන හින්ද ඔබරෝයි මැනේජ්මන්ට් එක ඩෙස්මන්ඩ් එක්ක පොඩි ඩිස්කෂන් පාරක් දාල සිංදුවෙ පදමාලාව වෙනස් කරව ගත්තලු. අද උනත් ඩෙස්මන්ඩ් ඔබරෝයි එකට ගියොත් කෑම බීම ඔක්කොම නොමිලේ as a gesture of appreciation from the management.
ඒවං මේ සුතං …මා විසින් මෙසේ අසන ලදී…..:)
පලි- අහස නිල් පාටයි කියල ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..ඒ නිසා උඹේ ලිවිල්ල ගැනත් මම අමුතුවෙන් මොකවත් කියන්න යන්නෙ නෑ…හෙහ්,හෙහ්.
රවී……ඔය ගෝල් රෝඩ් තාර පුටින් කතාව ඇත්තම කතාවක්ද කියන්නත් බැහැ. මොකද මචං ඩෙස්මන්ඩ්ට අපි ඉන්න කාලේ ඔබරෝයි එකේ කාමරයක් තිබුනා. පොර ඕකේ ඉන්නවා මාස ගණන්. ඇතුලේ රෙස්ටෝරන්ට්ස් වලින් තමයි කන්නේ.බිල අත්සන් කරලා යනවා.Supper Club එකේ කාලයක් සින්දු කිව්වා. ඌ සින්දු කියන නිසාම එන ලොකු මිනිස්සු කට්ටියක් හිටියා ඒ කාලේ. පොරත් නිකම් මැනේජර් කෙනෙක් වගේ ඒ කාලේ. පොර හරි හොඳ බුවා ඒකාලෙත්. පුතා මාත් එක්ක සෙට්වෙලා හිටියා කාලයක්.
රවී…ඒ කාලේ අපේ Executive House-keeper තමයි ඉංදියාවෙන් ඇවිත් හිටිය අවුරුදු 35-40 විතර වයස වීනා මන්සුකානි. උසට හරියන මහත…මහතට හරියන උස..වැඩි කතා වැඩක් නැහැ. ඉතින් මචං ඩෙස්මන්ඩ්ට මෙයා ජම්පින් ගිවින්. එයාත් හෝටලේම රූම් එකක තමයි හිටියේ. ඩෙස්මාත් මාර හැන්ඩියානේ.අනික බුවා හෙන පොරනේ බං. අපිට ඉතින් යටලීයෙන් නාරි ලතා තමයි ඒ කාලේ..
/////අහස නිල් පාටයි කියල//////
ඔය පාට වෙනස් කරන්න බැරිද බං…දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ 😀
මේ උඹ කියන පුතා ස්ටීව් ද? අර 90 ගනන් වල වගේ ස්ටේජ් වල චූඩා මාණිකේ සිංදුව කිව්ව පොර? කාලෙකින් දැක්කෙ නෑ හැබැයි.
ඔව් රසික. පොර තමයි. කාලයක් බ්‍රෑන්ඩ් වෙලා තිබුනා ලෝකල් මයිකල් ජැක්සන් කියලා.
මෙක දැනගෙන හිටියද බන්? අහම්බෙන් දැක්කෙ.
http://www.sundaytimes.lk/110227/Magazine/sundaytimestvtimes_2.html
අඩේ දන්නේ නැහැනේ බං. මාර දුක හිතුනා. හිත හොඳ පොරක්. තෑන්ක්ස් මේක එව්වාට.
මාස ගණනක් අලස සුවය වින්ද අරූ අද තමයි හරියටම ඇහැරලා තියෙන්නේ. අපුරුයි!!. මොන එහෙකටද මන්දා මට මතක් වුනා ‘ ඇල්කෙමිස්ට්’ පොතේ අපේ සන්තියාගෝ කොලුවා අර ක්‍රිස්ටල් වීදුරු වෙළෙන්දාගේ කඩේ වැඩ කරපු කාලේ ගැන
තිලකේ…////අපේ සන්තියාගෝ කොලුවා////
ඒත් මම ඇන්ඩලූෂියාවල නෙමේනේ බං ඉපදුනේ ;D
හැබැයි තිලකේ මම සන්ටියාගෝ වගේ නිදහසට බොහොම ඇළුම් කලා. කවුද නිදහසට අකැමති. හැබැයි ඒ වගේ නෙමේ මට තිබුනු ඒ අසීමිත නිදහස මම නරකටත් හොඳටත් දෙකටම භාවිතා කරා. නරකයි කියා කියපු දේවල් මට නරකයි කියලා පේන්න නැතුව ඇති. එහෙම වෙනවා නිදහස අසීමිත වුනාම. ඔහොම තමයි තිලකේ මේ ජීවිත යාත්‍රාව හබල් ගාගෙන යනකොට. සුපුරුදු ලෙස දිගටම කියවපන්….
////ඇහැරලා තියෙන්නේ////
ඇහැරලා නෙමේ බං,,,වතුර එකක් ගහලා ඇහැරෙව්වා 😀
ස්තූතියි තිලකේ!!
ලිපිය දිගයි කියා ටිකක් වත් දැනුෙණ් නැහැ අරූ……….. දුක් මතින් ෙගාඩනැගුණු ජීවිත කතාව…. අපි කියවන දකින වීරයන්ට වඩා තවත් අය ඉන්නවා කියලා අපි දන්නවා…. 1981 ෙවද්දි කුගැගීප හී ලියන අය ෙගන් ඉපදිලා ඉද අැත්ෙත් ෙදන්නයි….
කුරුටු ළමයි……මේ කතාව හතර අතේ දුවන කතාවක් බං..ඒ තරමටම චරිත හා සිද්ධීන් තියෙයි. මට එක වෙලාවකට මේක එක ලයින් එකකට ගේන්නත් අමාරුයි. කතාවත් ඉතින් මං වගේම ඇතිනේ. ඔය ලියන කාලේ මට 19-20යි. අද මම පනහත් පැනලා. බලපන් කොච්චර දුරක් බලන්නද කියලා ආපහු හැරිලා. සියල්ල දැන් රසවත්ව මතක් කරගන්න පුළුවන්.
/////1981 ෙවද්දි කුගැගීප හී ලියන අය ෙගන් ඉපදිලා ඉද අැත්ෙත් ෙදන්නයි….////
ඒකනේ මම උඹලාට කුරුටු ළමයි කියන්නේ. අර පත්තරයාට එහෙම කියන්න බැහැ. ඕකා හෙන නාකියා මං වගේ 😀
ආසාවෙන් කියෙව්වා. දැනගෙන හිටපු නැති දේවල් ගොඩක් දැනගත්තා මචෝ! Thanks.
ඒකාලෙ මගෙ පඩියත් ඔය වගේ තමයි…අතට එන්නෙ 300 ක් 400ක්. ඒ හොඳටම ඇති!
කැන්ඩියන්……ඒ කාලේ හම්බවෙන පඩියෙන් කොහොම හරි ඇදගෙන ගියානේ බං. මහා ලොකු අමාරුවක් වුනේ නැහැ තමයි. මං හිතන්නේ සීමිත උවමනාවල්නේ මිනිස්සුන්ට තිබුනේ. ඒ නිසා වෙන්න ඇති.
උඹලාට කොහේ හරි හොටෙල් එකකට ගිහින් කන්න ගියාම මාව මතක් වෙයි නේද 😀
හෝටල් වලින් කන්න විතරක් දන්නා අපි වගේ අයට ඇතුලේ සිද්ද වෙන දේවල් මේ විදියට හරි දැන ගන්න ලැබෙන එක ලොකු දෙයක් . අරූ ගේ අත්දැකීම් කියවන්න මාර ආස හිතෙනවා .
පැතුම්ට මේක කියවන්න ආස හිතෙන්නේ ඒ කාලය නිසාත් වෙන්න ඇති. ඇත්තටම පැතුම් නොහිතන දේවල් මේ තුල තියෙයි සමහර විට. ඔය එක එක ට්‍රේඩ් එකේ අපි නොදකින අනික් පැත්ත ගැන පොත් සෙට් එකක් ලියවුනා. පැතුම් ඔය බරසාර පොත් කියවලා ඉවරවුනාම හොයාගෙන කියවන්න. බියර් එකක් ගහගෙන ඔය ආතල් එකට කියවන්න පුළුවන් පොත්. පොඩ්ඩිගේ කමෙන්ට් එක බලන්න.
අර කැන්ඩියන්ට මම කිව්වා වගේ..උඹලාට හොඳ හෝටලයකට ගිහින් වාඩිවෙලා කනකොට මාව මතක් වෙයි.
හිටපු ඔක්කොම වැඩකාරයො රටනෙ ඉන්නෙ දැන්.. ඒක රටේ කරුමෙ වෙන්න ඇති නේද ?
මට ඔබරෝයි එක කිව්වම හරියටම කොතනද ඔය හොටෙල් එක තිබුනෙ කියලා නිනව් නැතුව හිටියේ. පව්ලූශාගේ කමෙන්ට් එක දැක්කම තමා මට කොතනද කියලා මීටර් වුනේ… දැන් එතකොට ඒක ඔබරෝයිලට අයිති නැද්ද ? “සිනමන්” කියන්නේ වෙනම හොටේල් චේන් එකක්ද ?
සෙන්නා,,,වැඩ කාරයෝ රට පැන්නේ සහ පනිමින් ඉන්නේ ඇයි කියන එකනම් පැති ගොඩකින් බලන්න වෙයි නේද..මම වැඩ කාරයෙක් නොවුනත් මට රට යන්න වුනේ ආර්ථික හේතු මතම පමණයි. ඒ ගැන මම ඉස්සරහට ලියන්නම්.
මේ තියෙන්නේ පරණ ඔබරෝයි හෝටලය.
බොහෝම කාලෙකට ඉස්සෙල්ලා තමයි සෙන්නා ඔබරෝයි චේන් එකෙන් මේ හෝටලය ඉවත්වුනේ. එතකොට මම ලංකාවේ නැහැ. දැන් සිනමන් කියන ගෲප් එක යටතේ තමයි තියෙන්නේ.ඉස්සර Ramada Renaissance Hotel කිව්ව එකත් දැන් මේ අයගේ. ඒක සිනමන් ලේක්සයිඩ්ද කොහෙද. සිනමන් එකටත් හෝටල් කීපයක් තියෙනවා. ඔබරෝයි එක ලංකාවේ නැතුවාට වෙන රටවල්වල තියෙනවා. මම ඔය රමාඩා එකේ මුල්ම සමාජිකයෙක්. ඒවා පස්සේ ලියන්නම්.
අරු අයියා රමාඩා එකේ මුල්ම සාමාජිකයෙක් නම් 1985 වෙන්න ඕන එකේ වැඩට යන්න ඇත්තේ. 🙂
දැන් වෙන රමාඩා චේන් එකක් මැනේජ් කරන හෝටල් 2 ක් තියනවා ලංකාවේ. සීදුවේ ඉස්සර තිබුණු සිරිමැදුර ද මොකද්ද කියන හෝටලයයි (Ramada Katunayake), ගෝල්ෆේස් කිට්ටුව තිබුණු හොලිඩේ-ඉන් එකයි (Ramada Colombo).
http://www.ramada.com/hotels/sri-lanka/katunayake/search-results?perpage=200
ඔව් තිස්ස. 1985 මැයි15. අපි යනකොට බිල්ඩිම සහ ඉන්ටීරියර් කරලා තිබුනේ. හෝටලයක් වුනේ අපේ පළමු කංඩායම අතින්.
Ramada Hotels සහ Ramada Renaissance(RR) කියලා චේන්ස් දෙකක් තිබුන බව මට මතකයි. RR එකෙන් කරේ තරු පහේ හෝටල් විතරයි. ඔය දෙකෙන්ම ඒ කාලේ හෝටල් 320 ගානක් පාලනය කරා කියලත් කිව්වා. Ramada කියලා ස්පාඤ්ඤ භාශාවෙන් කියන්නේ shelter කියලා මතකයි.
ගෝල්ෆේස් හොලිඩේ ඉන් එක ඉස්සර අයිතිව තිබුනේ ජබීර් ඒ කාදර් මහත්තයාට/
රනිල් බිබිලේ ගැන අහපු කතා ටිකක් තියෙනවා… ලියන්න ඕනැ නැහැනෙ. මීට කලින් ගාමිණී විජේතුංග ගැන ඒ වගේම අහපු කතා ටිකක් තිබුණා කිව්වම හැලපෙ මගේ කමෙන්ට් එකත් කැපුවා. බලාගෙන යනකොට හැලපෙටයි අරූටයි දෙන්නටම හොඳ මිනිස්සු තමයි හම්බ වෙලා තියෙන්නෙ දිවි මඟේදි.
මචං ඇනෝ…..උඹ රනිල් බිබිලේ ගැන අහලා තියෙන්නේ මොනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපිත් දන්න එයාගේ ජීවිතේ අතිශය පෞද්ගලික දේවල් නම් මම දැණගෙන හිටියාත් දාන්නේ නැහැ. මම එහෙම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට එබිකම් කරන කෙනෙක් නෙමේ. හැබැයි උඹ දන්නේ එයා සහ උඹ පමණක් දැණ ගතයුතු පෞද්ගලික දේවල් නම් නොදා හිටපන්. අපි කවුරුත් අද හිටියා හෙට මැරෙන මිනිස්සුනේ. ඒ නිසා අපිට ඒ දේවල් මොකටද.. උඹ මාව තේරුම් ගත්තා යැයි සිතමි!!
අරූ අයියා කියන විදිහට මේක ලියපු දීර්ඝතම ලිපිය වුනාට කිසිම කම්මැලිකමක් නැතුව කියෙව්වා..අපූරු මතකයන් ටිකක්..
කවදාවත් ගිහිල්ල නැති එකේ මේ විදිහට හරි කියෝල අත්දැකීමක් ගන්න එක හොඳා.. 😀
මේ ඇනෝ වනාහී මනෝ ඇනෝද? මොකා වුනත් ස්තූතියි!!
////කවදාවත් ගිහිල්ල නැති එකේ මේ විදිහට හරි කියෝල අත්දැකීමක් ගන්න එක හොඳා.. :D/////
කන්න බොන්න නම් බං ඔය කොයි හෝටලයට ගියත් එකයි. වැඩ කරන්න ගියොත් නම් ලාබයි ඇපල් 😀
//මේ ඇනෝ වනාහී මනෝ ඇනෝද?//
මේ ඇනෝ මා නොවේ…:D
නොවේ නම් කමක් නැහැ 😀
ඇනෝ නොවන මනෝ… වර්ඩ් ප්‍රෙස් ප්‍රොෆයිල් එකක් හදා ගනින් අර බ්ලොගර් ෆොටෝ එකම දාල. https://wordpress.com/ එතකොට අර අනඤ්ඤතාවය ද මොකක්ද කියන අහවල් එකත් එනවනෙ ටැපලෙන්නෙ නෑ. 😀
හප්පට සිරි, මේවයෙ ලින්ක් ඔටෝ වැටෙනව නෙ. බ්ලොගර් වල වගෙ අනම් මනං ගහන්න වද වෙන්න ඕන නෑ. වර්ඩ්ප්‍රෙස් වල ලින්ක් එකක් දැම්මමයි. 🙂
අනේ මම දන්නේ නැහැ චන්දන….මට බ්ලොගර් එකට වඩා මේක පහසුයි. දන්නෙත් මේක විතරයි. අටමා මට බ්ලොගර් කියලා දුන්නා. මම ඕල්ඩ් ෆැශන් මිනිහා නිසාමද දන්නේ නැහැ මම මේකට ආදරෙයි. රයිගම් බ්ලොගයාත් මට කිව්වා මේක පහසුයි කියලා. අනිත් එක චන්දන මට මොනවා හරි ලියන්න කියලා මේක හදලා දුන්නෙත් මගේ පොඩිම මල්ලි. ඌ තමයි ඔය ලෝගෝ එක හැදුවෙත්. ඒකේ ඉන්න තුන්දෙනා මමයි, වයිෆුයි, දුවයි කියලා තමයි පොර කියන්නේ. මල්ලිගේ බ්ලොගක් තිබුනා 2010 කාලේ. දැන් ලියන්නේ නැහැ බිසි නිසා. උගේ ඒව මට බර වැඩියි. ඕකා පොතක් ලිව්වා. ඉස්සර මම ලියපුවාට ෆොටෝස් දැම්මේ එයා. මගේ ගාව පෞද්ගලික පරණ ෆොටෝස් තියෙනවා. මම දාන්න දන්නේ නැහැ.
මගේ දුවත් ඉස්සර Just Para කියලා ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්වා .ඒක කොටසයි දෙකයි ඒ ළමයා ඒක නැවැත්තුවා. වෙලාවක් නැහැලුනේ.
අරු අයියට කියන්න මාත් වර්ඩ් ප්‍රෙස් වලට මාර ලයික්. මගෙ තියනව වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකක් බ්ලොගර් එකේම පිටපතක් විදිහට. ඒක කාටවත් බලන්න බෑ. ඕෆ් ලයින් තියන්නෙ. දෙකක් දුවවන්න අමාරු නිසා. මුලින් ම වර්ඩ් ප්‍රෙස් සෙට් වුනා නම් මාත් අද කරන්නෙ මේක උඩ තමා. ඩෙනිම් තීම් එක එහෙම මාර සිරා.
///ඩෙනිම් තීම් එක එහෙම මාර සිරා.//////
චන්දන…මට මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්..මෙතන පොඩ්ඩක් උඹට එහා මෙහා වෙලා තියෙනවා ‘මට හිතෙන හැටි’ කියන එක ගැන. මම කියන එක මේක නෙමේ, මට එහෙම හොයන්න තේරුමක් නැහැ. ඔය කියන එක අපේ ඩූඩ්ගේ. තව වෙන කොහේ හරි තියෙනවා 2009/2010 ලියපු එකක. ඒක අමතක කරපන්.
ඒක නෙමේ හැලපෙගේ බ්ලොග් එකේ මම ඇන්ටන් ජෝන්ස්ගේ සින්දුවක ලින්ක් එකක් දැම්මා. කරන්න පුළුවන් දෙයක් කරපන්.
නෑ නෑ මං කිව්වෙ වර්ඩ් ප්‍රෙස් බ්ලොග් වලට එන ඩෙනිම් විදිහෙ තීම් එකක් තියන්නෙ. අන්න ඒක ගැන. ඒක ඕන එකකට දාන්න පුළුවන්. ඩුඩ් අයියගෙ ඉංග්‍රිසි බ්ලොගෙ තිබ්බද කොහෙද ඒක. මගෙ වර්ඩ් ප්‍රෙස් එකේ තියන්නෙත් ඒක. 🙂
ඔය බ්ලොග් ව්ලට වීඩියෝ දාන්න හදන එන නම් අරු අයියෙ, බ්ලොගේ ඇඩ්මින් මුලින්ම හදන්න ඕන ටිකක් තියනවා. ඊට පස්සෙ කිසි අවුලක් නැතුව යූ ටියුබ් ලින්ක් එක දාපුවම වීඩියෝ එක වැටෙනවා.
මම හිතන්නෙ උඹට කලිනුත් කිව්ව මම ඇම්මට ගල්කිස්ස හොටලෙ ට්‍රේනි කුක් ගියා කියල ඒ ලෙවල් කරපු ගමන්ම! අපිවත් දැම්මෙ “ෆුල් ෆන්ෂන්” එකට. කට්ටෙ හොඳ එක.
ට්‍රේනි එන ස්ටුවර්ඩ්ස්ලයි කුකාලයි පෙරන තැන ඔතන තමයි. හැබැයි, ඒ මාසෙට දෙකට ඉගෙන ගත්ත ගොඩක් දේ අදටත් ජීවිතේ අරගෙන එනව. අපි ගිය කාලෙ මවුට්ලැවිනීය පර්සනල් මැනේජර් පුන්චිහේවා වගේ නමක් තිබ්බ, නමට හරියන පුංචි පොරක්. මේසෙන් එහාට එබිල බලන්න ඕන පුටුවෙ ඉන්නවද කියල පේන්න 🙂
ඔය හෝටලේ නම “ඔබ-රෝයි” ද “ඔබ්‍රෝයි” ද?
සනාගෙ සුප්‍රසිද්ධ පළමු මංගල්ලෙ තිබ්බෙ ඔය ලොබි එකේ මට මතක විදිහට! ඔය කන්සෙප්ට් එකම තිබ්බ තව බිල්ඩින් එකක් තමයි අර බේස්ලයි එකේ ගුවන් පාලම පෑළියගොඩ පැත්තෙන් ඉවරවෙනකොටම තියෙන ගෝල්ඩන් කී එකට අයිති වෙලා තිබ්බ අපාට්මන්ට් බිල්ඩින් එක. ඕකෙ තිබ්බ මහ විසාල මහ නුග උයන කපල ක්‍රෙස්කැට් අපාට්මන්ට් එක හැදුවම අපි ඕකෙ ජොයිනරි වැඩ කරා අනූවෙ අග ට්‍රේනින් කාලෙ ඉඳල දෙදාස් පහේ බුලිවර්ඩ් එකේ රිනොවේෂන් එක වෙනකල්ම. කොළඹ මම වැඩක් නොකරපු ෆයිව්ස්ටාර් හොටලයක් නෑ. ඒ හින්ද මගේ කාලෙ මම දැකපු දේ අනුව, හිල්ටන් එක තමයි කොළ්ඹ තිබ්බ හොඳම තත්වෙ හොටෙල් එක. ජරාම ටාජ්. මම කිව්වෙ, මේන්ටනන්ස්, ඩෙකෝර් වගේ මට අදාල පැත්තෙන් බැලුවම.
ලිපිය සහ ලියවිල්ල ගැන රවියගෙ පට්ට උදාහරණෙ හමයි හරි. කිරි කිව්වම සුදු කියන එක ආයි කියන්න ඕනෙද බං.
අපේ ඔබාගෙන් පස්සෙ මේ බ්ලොග් වල බාල මහළු හැමෝගෙම එක වගේ ක්‍රෙඩිට් එක ගන්න පුළුවන් එකම චරිතෙ උනේ උඹ විතරයි. මම මේක කියන්න තිබ්බෙ මීට කලින්, ඒත් උඹ ඒ ගත්තු දේ පවත්වගෙන එනවද කියන එක බලන්න ඕන උනා, ඒ ගෞරවය දෙන්න කලින්. සමහරුන්ට බැරි උන ඒ “තත්වය පවත්වාගෙන යාමේ” ගැටළුවට උඹ බොහොම හොඳින් මුහුණ දුන්න. අපිට උඹෙන් ඉගෙන ගන්න ගොඩක් තියෙනව. බලන් ඉන්නව මචෝ, දිගටම ලියහං.
මේ ක්‍රෙඩිට් එක අරන් අරූතුමා ඔබා වගේ ණය දෙන්න එහෙම යන්න එපා 😀
(ජෝක් එකක් පමණි)
රසික……අඩෝ උඹ ජෝක් කරනවා නේද….මට තමයි කාගෙන් හරි දඩයක් දාගන්න වෙන්නේ 😀
//////මම හිතන්නෙ උඹට කලිනුත් කිව්ව //////
ඔව් ඉන්දික උඹ ඒ බව කිව්වා. ඔය උඹ කියන පෙරෙන තැනෙන් සර්වයිව් වෙන එකා කාලයක් යන්න හොටෙල් ට්‍රේඩ් එකේම ඉන්නවා. සමහරු පෙන්ෂන් යනකනුත් ඉන්නවා. ඔය ෆන්ක්ෂන් කට්ට ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
උඹ හරියට හරි එයා තමයි පුංචිහේවා නොහොත් පුංචා. පොඩි ශරීරයක් තියෙන්නේ. දක්ෂ මනුස්සයෙක්. හරි හොඳයි. මවුන්ට් ලැවිනියා කාලයක් ඉඳලා තමයි හිල්ටන් ගියේ.
/////ඔය හෝටලේ නම “ඔබ-රෝයි” ද “ඔබ්‍රෝයි” ද////
මේක ඔබරෝයි මචං. හැබැයි බොහෝ දෙනෙකුට කියවුනේ ඔබ්‍රෝයි කියලා.
ඉන්දික….ඔබරෝයි එකේ සෙකන්ඩ් වින්ග් එක ඕපන් කරා තව කාමර 200ක් එක්ක 1984 වගේ මට මතක. ඒකෙත් තව රෙස්ටෝරන්ට්, බාර්ස් තිබුනා. මම ඒ පැත්තෙත් වැඩ කරා පස්සේ. හැබැයි ඒ වෙනකොට බෝම්බ පිපිරිලා ටුවරිස්ම් අප්සට් වේගෙන එන්න පටන් ගත්ත කාලේ.
අඩෝ ඉන්දික……….අවසාන ඡේදය මට ලොකු වැඩියි සහ බර වැඩියි බං. අර බල්ලොත් එක්ක බැහැ කියනවා වගේ මට ඔටුණුත් එක්ක බැහැ බං. පොඩි ඇලර්ජී එකක් තියෙනවා. කෙසේ වෙතත් උඹට ස්තූතියි!!!
උපයා දන්නැද්ද මේකා පොඩි කාලේ දවසක් මාර්ටින් වික්‍රමසිංහ තේ බීපු කෝප්පෙක ඉතිරි ටික බීල වැරදිලා. එදා ඉදලයි මේ කේස් එක.. හැක්..
දේශා….තේ බීපු කෝප්පෙක ඉතුරු ටික බිව්වා නම් පොත් ලියන්න එපැයි. අරක්කු බීපු වීදුරුවක ඉතුරු ටික ගහලා. ඒකයි බ්ලොග් ලියන්නේ 😀
මට යාන්තම් මතකයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ අභාවය හැත්තෑ ගණන්වල.
මර්ටින් වික්‍රමසිංහ මහත්තයා අභාවප්‍රාප්ත වෙන්න අවුරුද්දකට විතර කලින් රා.ක.වි. නවරඟහලේ එසෙම්බ්ලි එකට ආවා මතකද?
මට වික්‍රමසිංහ මහත්තයා ආපු බව මතක නැහැ. හැබැයි ඔය බව මට මෑතකදි මගේ මිත්‍රයෙක් කිව්වා. සමස්ථ ලංකා පාසල් නාට්‍ය උළෙලක් විනිශ්චය කරන්න නවරඟහලට මහගම සේකරයන්, හෙන්රි ජයසේනයන් ආපු බව මතකයි. මම එතකොට 7-8 පන්තිවල.
අද බ්‍රෑන්ඩ් එක හරියටම හරි. පහුවෙලා ආපු හින්දා කමෙන්ට්ස් ටිකත් එක්කම ඇදලා ඇරියා
ඔය ටිප් නැති රටවල් වල හොටෙල් ස්ටාෆ් එකේ පඩි වැඩිද බන්? මම දැන් ඉන්න රටේ ටිප් නෑ. හැබැයි කස්ටමර් ඉස් ද කින්ග් තමා. මම අර පාට් ටයිම් වැඩ කරපු රෙස්ටොරන්ට් එකේ පවා පිරිසිදුකම, වේගය, විනය ඔක්කොම හොඳටම තැකුවා 😀 හැබැයි පඩිය විතරයි, නෝ ටිප්ස්!
අද බ්‍රෑන්ඩ් එක ගල්ද…පත්තරයා, මෙන්ඩා ඔහොම නේද කියන්නේ. මගේ බ්‍රෑන්ඩ් එක මල් 😀
මේ යුරෝප්වල ඔය ටිප්ස් සීන් එක සර්විස් චාජ් කේස් එක නැහැ නේද….මුන්ට පුරුදු කරලා ගන්න ඕන. මම නම් තාම දෙනවා බං ටිප්ස්. ඒක ඇඟෙන්ම එන්නේ. අතීතය මතක් වෙනවා. බාබරුයි, වේටරුයි ටිප්ස් ලැබිය යුතුයි. මම දෙනවා.
අපි ටිප්ස්වලින් තමයි සියළුම පිස්සු නැටුවේ. සර්විස් චාජ් එකෙනුත් කුඩු කරා තැන් තැන්වලට. උඹලා එහෙම කරන්න එපා. ඉතිරියක් කරගනිල්ලා. අපි එහෙම නොකරපු නිසා තමයි තාම කටු කන්නේ.
යුරෝපෙන් මම ගිහින් තියෙන්නෙ ස්පාඤ්ඤෙට විතරයි. එහෙ තිබ්බෙ නෑ. මේ ඉන්නෙ ජපානෙ. මෙහෙත් නෑ. ඇමරිකාවට ගිය මුල්ම දවසෙ හොල්මන් උනා. හැම එකටම ටිප් මදිවට ටිප් දෙන්න පොළඹවන්න බෝඩුත් තිබ්බා “gratuity not included” වගේ. ඒ මදිවට ටිප් එකක් නැත්නම් මූනත් ටිකක් අප්සෙට් වෙන ගතියක් තිබ්බා මම ජපානෙ පුරුද්දට සතේට ගනන් බේරනකොට :D.
මම සෝෂල් ඩ්‍රින්කින් විතරයි බන්. වීදුරුව අතේ තියන් හිටියට ගහන්නෙ හොරට 😀
//මම නම් තාම දෙනවා බං ටිප්ස්. ඒක ඇඟෙන්ම එන්නේ//
ගණන තීරණය කරන්නෙ කොහොමද?
@රසික…..ඉස්සර ජප්පෝ ලංකාවට ගෲප්ස් පිටින් එන්නේ. හරියට වියදම් කරනවා මැණික්, ජුවලරි ඔය වගේ දේවල් වලට. කන්න බොන්න ගියාමත් එහෙමයි. හැබැයි ටිප්ස් නැහැ. එක ගෲප් එකක් එනවා මාසයකට සැරයක් 25-30ක්. එක එක මාසේට එක එක කංඩායම්. උන්ගෙම ජැපනිස් ගයිඩ් කෙනෙක් හිටියේ. ඒ ගෲප් එක හොටෙල් එකට වෙන්නේ පාන්දර දෙකට තුනට විතර. කටුනායකින් කෙලින්ම ඔබරෝයි. මුන්ව කොෆි ෂොප් එකට දාලා ගයිඩ් යනවා.
අපි එතකොට සීනියර් පොරවල්. අපිත් එක්ක හිටියා රොහාන් සමරකෝන් කියලා එකෙක්. ඌ ඩ්‍රාමා බුවා. අපි ඔය ලාවට ෂොට් එකක් දාගෙන ඉන්නේ නයිට් එකේ. ඔය වෙලාවට සෙනග නැහැ. අපි ඔය වයසක ජප්පන් ගෲප් එකටම දානවා එක ටේබල් එකක්. ඒක ලේසියි. මුන්ව වාඩි කරලා රොහාන් පටන් ගන්නවා වැඳගෙන “නමෝ තස්ස භගවතෝ “කියලා. අර වයසක සෙට් එකම පුටු වලින් නැගිටගෙන මූත් එක්ක පන්සිල් ගන්නවා. උන්ට පිස්සු හැදෙනවා මූව දැක්කාම. ඒ කාලේ අපිට තිබුනෙත් කහ පාට යුනිෆෝම් එකක්. වයසක ආච්චිලා මූව තියාගෙන ෆොටෝ ගන්නවා එක ජෝගියයි. උන් ගේන ඔය පොඩි පොඩි ගැජට්, ටොෆි ඔක්කොම දෙනවා. මූ වැඩ නැති දවසට අහනවා ” වෙයාල්, වෙයාල්, දට් බුඩ්ඩා බෝයි” කියලා. ඌ නම් මහා පිස්සු පොරක්. ඌ පස්සේ මාල දිවයිනේ ගියා. ඕකාගේ වැඩ පස්සේ ලියන්න ඕන.
@ ප්‍රා….අනේ මන්දා ඒක කොහොම කියනවාද කියලා. ලංකාවේ නම් උඹේ බිලට (වියදම් කරපු )ගානට සීයට දහයක් තව එකතුකරනවානේ සර්විස් චාජස්. ලෝකල්/ෆොරින් කස්ටමර්ස්ලා ගොඩාක් වෙලාවට ඕක ගැන හිතනවා. හැබැයි සීයට 90ක්ම ටිප් එකක් දෙනවා. අනේ මූ අපිට කන්න ගෙනත් දෙන එකානේ කියලා. මගේ යාළු වේටර් කෙනෙක් හිටියා ඌ දෙකක් දාගත්තාම කියනවා, අනේ මේ අත් දෙකෙන් කීදාහකට මම කන්න දීලා ඇත්ද කියලා 😀
මෙහෙදිනම් මම බාබර්ට දෙකක් දෙනවා : D අපි නිතරම රෙස්ටොරන්ට්වලට යන අය නෙමේනේ…ගිය වෙලාවට වැදිලා තීන ලේවල් එක අනුව පහක් දහයක් අතර දෙනවා.
ඔබ රෝයි එකේ හිටපු කාලේ අත්දැකීම් ටොන් එකක් විතර අරන් තියනව නෙ. 🙂 බෝතල් ට්‍රේනින් එක තමා මරු.
චන්දන……ඔය ඒ ගැන ලියන්න පටන් ගත්තා විතරයි බං. තව සිදුවීම් කෝටියයි. ඔය රස්සාව පටන් ගත්තා විතරයිනේ..ඒවා කියෙව්වාට පස්සේ උඹ මහණ වෙන්න යයිද දන්නේ නැහැ 😀
////බෝතල් ට්‍රේනින් එක තමා මරු.////
ඒ ට්‍රේනිං එක විතරක් නෙමේ බං…බෝතල් බීමේ ඩිග්‍රියත් ඔව්වගෙන් ලැබුණු නරක පුරුදු තමයි. නරකමත් නැහැ ගානට වැඩේ කරගන්න දන්නවා නම්.
අරූ මේක කියවන්න ගොඩක් දේ තියෙන ලිපියක්.ඒත් උඹ මේක කොටස් කිහිපයකට ලිව්වනම් රහ වෙයි.ඔය කියන චරිත සහ ඒ සබැදි අත්දැකීම් කතාබහ ද ඇතුළත් වුණානම් මරු.ලිපියෙ අවුලක් නෙමෙයි මම කියන්නෙ උඹේ රිදම් එක පොඩ්ඩක් පැනල වගේ දැනෙනවා
/////ලිපියෙ අවුලක් නෙමෙයි මම කියන්නෙ ///////
නිශ්මා….එහෙම අවුල් නැත්තේ මොකද බං..එහෙම එව්වාත් ඇති .
මචං….මම ඔතනින් අයින් වෙනකම් වෙච්ච සිදුවීම් එක්ක උන් ගැන තව ලියවෙයි. ඇත්තටම ඔය චරිත ඇතුලෙන් එලියට අරන් කථා කරන්න බොහෝ දේ තියෙනවා උඹ කිව්වා වගේම. එක එක පැති, එක එක විධි සමාජය තුල දිග හැරෙන හැටි හරි රසවත් බං.
උඹ රස කරන්න දන්න මිනිහනෙ.උඹේ හොද්දෙ ලුණු ඇඹුල් අඩු වුණාම මට දැනෙනවා රහ කරලා කන්න බලන් ඉන්න දෙයකට ලුණු මදි වුණා කියලා හිතන්නකො…මේකත් බඩ පිරුණට රස නහර තව හිතං හිටියා
නිශ්මා….රස දන්න එකාට ෂෝ දාන්න එපා නංගි කියලා කිව්වාලු ***ක් ගහන්න ගිය එකෙක්. ඒ වගේ තමයි මේකත් නේද බං 😀
හප්පේ හැති හොදටම…
කතාව කියවලා නෙවී…
කමෙන්ටු ටික කියවලා…
කතාවට තරම්ම දෙයක් ඒවයිත් තියෙනව… ඒත් වැඩේ කියන්නෙ කොයි තරං කියෙව්වත් මේ වගේ සටහනකට හෝ ඒකට දාලතියෙන කමෙන්ටුවකට රිප් කමෙන්ට් එකක් දාන්න තරං අත්දැකීමක් තැති එක… කණගාටුවකටත් වැඩිය ඊරිසියයි යකූ පට්ට ඊරිසියයි… අනික් හැම කෙනාටම කියවලා කියන්න දෙයක් තියේ මට තමා නැත්තෙ. මං ගස් ගෙම්බෙක් කියල හිතං හිටියෙ බලං ගියාම තනිකරම ලිං ගෙම්බෙක් කියල… ඇත්තටම…
ෆීලිං සුයිසයිඩ්
මහේෂ්…..එක එක මාතෘකා ආපුවහාම එක එක අවස්තාවල අපි කවුරුත් එක එක ආකාරයේ ලිං ගෙම්බෝ තමයි. මමත් බොහෝ මාතෘකාවලදි ලිං ගෙම්බෙක් තමයි. සියල්ල දුටූ, සියල්ල ඇසූ සියල්ල දත්ලා නැහැ බං. එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒවා නිකං ගොන් ආතල්. ඒ නිසා උඹ ඕවා ගණන් ගන්න එපා කොල්ලෝ 😀
ඔය තරම් නම් ගණනක් මතකෙන්ද? ඒකාලෙ ලියපු ඩයරි එකක් තියනවද?
ප්‍රා……..මට කවදාවක්වත් ඩයරි එකක් තිබිලා නැහැ. ඔය බොහෝම ටිකක් තමයි ලියවිලා තියෙන්නේ මතකයේ තියෙන නම් වලින්. මට ප්‍රා…අපේ හයේ පන්තියේ නාම ලේඛනයේ එකේ ඉඳන් 42 වෙනකම් නම් ටික ඒ පිලිවෙලට මතකයි. මම රස වින්ද තැන් හින්දා වෙන්න ඇති.
ඔය පඩි නඩි විස්තර නම් මට ඒ කාලේ හෝටලෙන් ලැබුණු ලිපි කියවිලිවල තිබුනේ.
හෝටලයක අපට පිටතින් පෙනෙන සුන්දරත්වය පිටුපස තියෙන මේ යථාර්තය කෙතරම්ම කටුකද. මනුස්ස වර්ගයේම එක් මනුස්සයකුගේ ඇස, කන, නෙත, ගත්, දිව පිනවීමට මනුස්ස වර්ගයේම තවත් එක් මනුස්සයකු ඇසින්, කනින්, නෙතින්, ගතින්, කුසෙන්, විඳිනා වේදනාව කෙතරම්ද. මට මහා කලකිරීමක් දැනෙනවා.
මනෝෂ්…..ඕක ඔහොම හිතන එක ඒ තරම් නිවැරදි නැහැ. සිතුවිල්ලක් ලෙස ඇත්ත. නමුත් ප්‍රැක්ටිකල් නැහැ. ඕක තමයි ඒ ඒ රැකියාවල ස්වාභාවය. එහෙම නැත්නම් ලෝකේ පැවැත්මක් නැහැ. ජැන්ඩියට හැඳ පැලඳගෙන කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ පාරේ යන අපේ සළු පිලි මාකට් එකට එවන්න කී දාහක් මැෂිම් පාගනවා ඇතිද. ඒක තමයි යථාර්තය. මොනවා වුනත් උඹ සංවේදි මිනිහෙක්. ඒ අගයනවා.
සුපුරුදු විදියට කථාවයි ඊට පස්සේ කථා ටිකයි ඔක්කෝම කියෙව්වා…
අද දවස වෙනකොට, 1984 ඉඳන් ඉන්ඩස්ට්‍රි එක ලොකු ගමනක් ඇවිත් තියෙනවා.. හැබැයි ගමන දිග වෙන්න වෙන්න ගොඩාක් දේවල් වල වැදගත් කමනම් වෙනස් වෙලා. එයට මූලිකම හේතුව තමයි, අරූ හයිලයිට් කරලා තියෙන ක්‍රමවත් පුහුනුව, විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් එකකට යටත්ව ලබන පුහුනුව ඉදිරියට ගෙනයාමට ඇති ආකර්ෂනය එම බ්‍රෑන්ඩ් එක තුල නොමැතිවීම…එයටත් හේතුව තමයි ගෝලීයකරණය..අද කම්කරුවා හෝ වෘතිකයා ලිඳක ජීවත්වෙන්නේ නැහැ…තමාව බ්‍රැන්ඩ් කරගෙන ඉදිරියට යාම නිසා දුන් පුහුනුව ගත් පුහුනුවක්ම වී නවතිනවා හැරෙන්න, එය දුන්න ආයතනයට වැඩදායී පිරිසක් ඇතිකර ගැනීම හරිම අසීරු වෙලා…
ඉන්ඩස්ට්‍රි එකේ හිටිය විශේෂයෙන්ම යම් තරමක පුහුනුවක් ලද නවකයින් බොහෝමයක් නැවතුනේ එක්කෝ මැදපෙරදිග හෝටලයක නැතිනම් ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකන් යුධ කඳවුරක…ඔවුන් නැවත මෙරට පැමිනීම සිදුවූවත්, ඔවුන් හට නැවත මෙම ආර්ථිකයට අනුගත වීමට ඇති බාධක නිසා ඉන්ඩස්ට්‍රියට ඔවුන්ව මග හැරෙනවා..
ඔබ අද තිබෙන කුමන තරු හෝටලයකට ගියත්, අරූ කියා ඇති ඒ ඉස්තරම් සේවය ලබා ගැනීම හීනයක්ම පමනි.
හතු පිපින්නා සේ මතුවෙන හෝටල පාසලකින්, ඊයේ පෙරාද, එලියට පැමිනි සේවකයෙකුගෙන් ඔබ ලබන සේවය හා කිසිම විටක අරූ විස්තර කර ඇති ආකකාරයේ බ්‍රෑන්ඩඩ් සර්විස් එකක් හා ගැලපීමට නොහැකිය.
ඒ කෙසේ වෙතත්, මා බොහොම ලඟකදී අත්දුටු දෙයකින් අපහට සංතොස විය හැකි, තවමත් බලාපොරොත්තු තබා ගත හැකි ආයතනත් ඉතිරිවී ඇති බැව් කීමට හැකියි. ඔබ්‍රොයි නමින් පටන් ගත් දැන් සිනමන් ග්‍රෑන්ඩ් නමින් පවත්වාගෙන යන තරු පහේ හොටලයේ..අරූ විසින් නම් කර තිබූ ලන්ඩන් ග්‍රිල් නමැති ෆයින් ඩයිනින් ගනයට වැටෙන ආයතනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් ඔබ හට අදත් ලබාදෙනවා…එයට ප්‍රධානතම හේතුව තමයි, ඉතාමත් අග්‍ර ගනයේ පුහුනුවක් සහ පලපුරුද්දක් ඇති සේවක මඩුල්ලක් එහි සිටීම….
//////////1984 ඉඳන් ඉන්ඩස්ට්‍රි එක ලොකු ගමනක් ඇවිත් තියෙනවා/////////
ෂෙෆාකි….පැහැදිලිවම ඒ කතාව ඇත්ත. මේ කමෙන්ට් එක තුල කතා කල යුතු දේ බොහෝ තියෙනවා. මම උඹට එකඟයි. මම දැන් මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිපුර කියවන්නේ නැතුවුනත්, ඉවාන්, රොහාන් කාර් ගැන කියපු නිසා ඒ ගැන බලද්දි මේ සාකච්ඡාවක් ඇහ ගැටුනා. එතනදි මෙයා මෙහෙම අහනවා 2010දී ./////.For instance, we most possibly can construct 30,000 rooms, but do we have hospitality associates and chefs from different disciplines to service those rooms? The plan must include training and development and once the industry gains the fillip it most surely will, the brain drain we see in the hospitality sector will gradually ebb. Another feature that we must most certainly review is our payment and remuneration methods, which if done right, will keep our talent within our shores. ///////මටත් තියෙන්නේ ඒ වගේම ප්‍රශ්නයක්.. කර්මාන්තය ගැන වගකීම් තියෙන අයට මේ ගැන වැටහීමක් තියෙනවාද කියන කාරණය මට හිතෙනවා.
මචං..මේ ලිපිය කියවපන්. ඒ 2010 කියන දේවල්. මේ 2014. අපි කොච්චර දුර ගිහිල්ලාද කියන සිතුවිල්ල එනවා. මේ මහතා කියනවා..2015 වෙනකොට මිලියන් දෙක හමාරක සංචාරකයින්ව ටාගට් කරනවා කියලා. අපි ඉන්නේ 2015ට ලඟා වෙමින්. අපේ දැන් තත්වය මොකක්ද.. මේ ලිපිය මට ආස හිතුනේ මම වැඩ කරපු තැන ලොක්කෙක්ගේ අදහස් නිස. කියවලා බල්පන්, උඹ
කැමතිවෙයි.
////////හතු පිපින්නා සේ මතුවෙන හෝටල පාසලකින්//////////////
මෙන්න මේ කරුමෙට වහා ප්‍රතිකර්ම කලයුතුයි. අපි මීට කලිනුත් මේ ගැන කතාකලා නේද ෂෙෆෝ. මේක තනිකරම විහිළුවක්. මේක හෝටල් ක්ෂේත්‍රයට විතරක් නෙමේ අනිකුත් ක්ෂේත්‍රයනුත් ගිලගෙන හමාරයි. Lanka International Hotel School නමින් කාලයක සිට පවත්වාගෙන යන ආයතනය සතු ජොහාර් මාත් එක්ක ඔබරෝයි ජොයින් වුන වේටර් කෙනෙක්. පසුව ඔහු සිලෝන් හොටෙල් ස්කූල් (1980 මුල් භාගයේ ) නම්වූ ලෝකය පිලිගත් ආයතනයේ ඉගෙනුම ලැබුවා. ජොහාර්ගේ ආයතනය ගැන නම් මම මුකුත් කියන්න දන්නේ නැහැ.
ලන්ඩන් ග්‍රිල් එක තවමත් ඒ ස්ටෑන්ඩඩ් රැකගැනීම එහි විටෙක සේවය කල කෙනෙක් ලෙස මටත් ආඩම්බරයක්. ෆයින් ඩයිනිං සංකල්පයක් රටට හඳුන්වාදුන් පුරෝගාමි අවන්හලක් තමයි ලන්ඩන් ග්‍රිල්.
Customer is King / Guest is always right – මේක විහිලුවක් කියල හිතන්නෙ ඇයි කියල විස්තර කරන්න පුලුවන්ද අරූ?
මේ ලඟදි මම දැක්ක එක දෙයක් නිසා මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් ඉන්න ඔබ වැන්නෙක් ගෙන් අදහස් විමැසීම හොඳයි කියල හිතුන අර උඩින් කියාපු කාර්ණයත් එක්ක.
ඒ ස්ථානයේ එක් වැසිකිලියකට කුටි හතර බැගින් තිබුණා. යූරිනල්ස් දෙකයි. එක කුටියක් තරමක් විසාලයි. කන්නාඩියක් හා වොෂ් බේසින් එකකුත් ඒකේ අමතරව තිබ්බා. අනෙක්වායේ තිබ්බේ සිටින් පෑන් එක විතරයි. එක් වැසිකිලියකට එක් සේවකයකු නිරතුරුවම රඳවා තිබුණා. වතුර බිඳක් හෝ වැටුණොත් ඔහු ගොස් පිසදමනවා.
දවසක් මම අර විසාල එකට යන්න ඇතුලු වුණහම දුටුවේ ඊට කලින් පාවිච්චි කල කෙනා අතින් සිටින් පෑන් එකට පිටින් බිමට කුමන හෝ හේතුවක් නිසා මුත්‍රා සෑහෙන්න වැටී තිබුණු බවයි. මම ඒක ඇතුලට නොයා යූරිනල් එක පාවිච්චි කරන්න ආපසු හැරෙනකොටම, වෙන පිරිසිදු කිරීමක නිරතව හිටි සේවකයා කඩිනමින් විත් මේ බලා “Oh the unlucky one.. with all this space… ” යැයි සිනාසෙමින් පැවසුවා. “මෙපමණ ඉඩකඩ තිබිලත් සිටින් පෑන් එක තුලට තම කාරිය කරගන්නට නොහැකිවුණු අවාසනාවන්තයෙක්” යන හැඟීමයි ඔහුගේ ස්වරයෙත් හිනාවේත් තිබුනේ. තමන්ට වැඩ වැඩිකරපු කෙනෙක්, නොසැලකිලිමත් කෙනෙක්, විදිහට කලින් කුටිය පාවිච්චි කල කෙනා ගැන ඔහු හිතුවේ නෑ කියලයි මට හිතුනේ.
මේක ඉතාම පොඩි උදාහරණයක්. නමුත් අරූ මේ ගැන විස්තරයක් කරනවනම් වඩා හොඳයි
තිස්ස……ඇත්තටම මේ ක්ෂේත්‍රය තුල පාරිභෝගිකයා රැක බලා ගැනීම කරදරයක් හෝ මදි පුංචිකමක් ලෙස සැලකුවේ නැහැ කිසිවිටෙකත්. ඒ පුහුණුව සහ විනය නිරතුරු අධීක්ෂනයට ලක්වුනා.අද සිනහවී සිටින්න බැරිනම් එදාට නිවාඩු ගන්න. හෙටත් බැරි නම් ඇනුවල් ලීව් ගන්න. ඊට පස්සෙත් බැරි නම් අස්වෙලා ගෙදර ඉන්න කියලා තමයි අපිට කිව්වේ. ඒ තරම් ඉවසීමක් තියෙන්න ඕන ට්‍රේඩ් එකක්. ඉතින් එහෙමම වටපිටාවක වැඩ කරන මිනිසුන්ටත් අනවශ්‍ය කරදර කරන පාරිභෝගිකයින් නිසා තමයි අර යෙදුම විහිළුවක් වෙන්නේ. ව්‍යාපාරිකයාට සහ එය පවත්වාගෙන යන්නාට තම සේවකයන් , යම් තාක් දුරට පාරිභෝගිකයා පිනවීම සඳහා මෙම උදෘත පාඨය ඔළුවට දැමිය හැකියි. හැබැයි ප්‍රායෝගිකව බලපුවාම guest is not always right කියලා ඕන තරම් දකිනවා. ඒත් ඉවසපන් පපුව කියලා ඉන්නවා.
කෙසේ වෙතත් මේ නිසා…කස්ටම කම්ප්ලේන් එකක්, යෝජනාවක් වගේ දෙයක් එක වර කුණු බක්කියට නොදමා දස දහස් වාරයක් සිතා බලන්න සහ ඒ වෙනුවෙන් යම් පියවරක් ගැනීමට සේවකයා පෙලඹෙනවා.
customer is king කියන්නේ “Der Kunde ist König” (ඩ කුන්ඩෙ ඉස්ට් කූනිශ්) ජර්මන් යෙදුම බව තිස්ස දන්නවා ඇති.
“අද සිනහවී සිටින්න බැරිනම් එදාට නිවාඩු ගන්න”
කුතුහලයට මේ කාරණා ඇහුවට ඔබේ ලිපියට ස්තුති කරන්න බැරිවුණා – ඒ එක්කම සාවධානයෙන් මා ඇසුදේට දුන් උත්තරයටත්! ඔබ ලබාගත් විනය ඔබ නොහැර ගොස් ඇති බව පෙනේ 🙂
ජරුමන් කියමන අසා තිබ්බේ නෑ – උම්ලවුට් එක ටයිප් කරන්නට තිබි ඇති වුවමනාවෙන් අරූට ජරුමන්ද හැකි බව සිතේ!!
අනේ නැහැ තිස්ස…මට විදේශ භාශා මුකුත් බැහැ. ඔය ඉස්සර ඉගෙනගත්ත එකක් මතකේ තිබුනා. මම අරාබියේ ඉන්න කාලේනම් හින්දි, අරාබිවලින් යමක් ගොඩ දාගන්න හැකියාව තිබුනා. දැන් ඒවත් අමතක වෙලා.
“විස්කී” කිව්වම කට එන විදියට හිනාවෙන්න ඕනෙ 😀
මම කලිනුත් කිව්වා වගේ ජපානෙ නම් කස්ටමර් ඉස් කින්ග් තමා. දෙකට තුනට නැමිලා කට කනට අරන් කතා කරන්නෙ. ඒක හදවතින් කරන දෙයක් නෙවෙයි වෙන්න පුලුවන්. නමුත් හැම ව්යාපරයක්ම ඒ වෙනුවෙන් තමන්ගෙ සේවකයො පුරුදු කරවනවා. ඒ වගේම ඒකෙන් කෙරෙන බලපෑම ඉතාම ඉහලයි. මගේ පුද්ගලික අදහස සිංහල මිනිස්සු “හිනා වෙන්න ප්‍රසිද්ධයි” කිව්වට “සේවය” කියන කාරණාවෙදි සම්පූර්ණයෙන්ම ෆේල්. සේව්ය සේවක දෙපක්ශයම!
///////////මගේ පුද්ගලික අදහස සිංහල මිනිස්සු “හිනා වෙන්න ප්‍රසිද්ධයි” කිව්වට “සේවය” කියන කාරණාවෙදි සම්පූර්ණයෙන්ම ෆේල්. ////////
ඔව් බං…බොහොමයක් අය සේවය ලබාදෙන විදිහ දැක්කාම හොම්බට අනින්න හිතෙනවා. බස් කොන්දොස්තරගේ ඉඳන් පොෂ් දොස්තරට වෙනකම් සේවය නම් අජූතයි.
අවුලු් වෙන්නට පෙර මේවා පොයින්ට් ටු පොයින්ට් ලියන උඹගේ අතට අබ සරණයි බං… අර බොලාත් එක්ක හිටිය අරුණි කියන ගැල්ලමයා දැං සපිරෝ කෑල්ලක් නමට දාගෙනද දන්නෑ පොඩ්ඩක් බලහං.. හැක්..
ආහ්.. බොට කියනන් අමතක උනා. අන්න අර වැලිගම බොලාගෙ මොකක්ද හොටලෙට යන පාරේ දුරට ගියාම තියෙන කළුකන්දද මොකක්ද කන්දක ලොකු හෝටලයක් පටන් අරන්.. නම කේප් වැලිගමද මන්දා.. වෙබ්සයිට් එක මේත.. මට අල්ලල ගියේ ඒකේ විලාස් නම් කරල තියෙන විදියට..
http://www.capeweiligama.com
http://www.capeweligama.com/
දේශා…..අබ සරණ විතරද බං, ගම්මිරිස් පිහිට නැද්ද?
දේශා….කේප් වැලිගම කෙප්ප ආතල් ප්ලේස් එකක් නේ බන්. උඹ කිව්වා වගේ ඒකේ වලව්, වතු, කුඹුක් තමයි තියෙන්නේ. මේක ඩිල්මා ටී අයගේ ප්‍රොජෙක්ට් එකක් නේද. මචං ලින්ක් එකට තෑන්ක්ස්. ගති ප්ලේස් එකක්. අපේ දුව කිව්වා එයාගේ යාලුවෙක්ගේ එකක් නිසා ඒගොල්ලෝ ගියා කියලා 98 Acres Resort..Ella එකට. ඒකත් හොඳ කොන්සෙප්ට් එකක්. ඒක කරන්නෙත් තේ කාරයෝ. හල්පේ ටී එවුන්.
ඇරුණි ශපිරෝට අවුරුදු පනහක් විතර වගේ නම් ඒ එයා වෙන්ට බැරිත් නැහැ. ඒ කාලේ යුනිවසිටි එකක ඔය වගේ සබ්ජෙක්ට් එකක් කරා වගෙත් මතකයි. හොඳ ළමයා ඉස්සර. හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් කැරැක්ටර් එකක්. උඹ දන්නවා නම් අහලා බලපන්.
වෙලාව අරගෙන සම්පූර්ණ ලිපියම කියෙව්වා. මොකද අපි නොදරුවො වෙච්ච මේ ඉතිහාසය ගැන ලියවෙන දේ කියවන්න මම හරිම පෙරේත නිසා. ඔබ අද ඉන්න තැනට ඔසවන්නට මේ පුහුණුව කොතරම් ඉවහල් උනාද කියන කාරණය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. තමන්ගෙ ප්‍රධානියො විදියට හොද වැඩකරුවො ඉන්නවා නම් ඒ අය යටතෙ කට්ට කාගෙන වැඩ කරලා කවදා හරි එළියට එන්නෙත් හොද වැඩකරුවෙක්. ටයිටස් තොටවත්ත වගේ වැඩ කරන්න පහසු නැති මහා ප්‍රාඥයෙක් යටතේ කට්ට කාගෙන බර ඇද්ද අතුල රන්සිරිලාල් අද රූපවාහිනියෙ හඩකැවීම් අංශයේ ප්‍රධානියා…ඔබේ ක්ෂේත්‍රයට අදාළ නැති වුවත් මගේ අදහසට උදාහරණයක් විදියට එය දැක්වූවෙ….
ඊලග ලිපියෙන් හෝටල් රැකියාව තුල ඔබේ අමතක නොවන අත්දැකීම ගැන දැනගන්නත් ආසයි….වර්තමානය වන විට ලංකාවට සල්ලි තියෙන සුද්දො එන්නෙ නැති බවත්…උන් තායිලන්තය මාලදිවයින වගේ තැන් වලට යන බවත්…සල්ලි නැති දුප්පත් සුද්දො ලංකාවට එන බවත් කියනවා…ඒ නිසා එදා වගේ ටිප් වදින්නෙ නෑ කියලත් කියනවා…උන්ගෙ ගයිඩ්ලා කියන තැන් වලින් මිසක වැල්ලෙ ඉදන් අරවා මේවා විකුණන කාගෙන්වත් කිසි දෙයක් ගන්නෙ නෑ කියලත් කියනවා…මේ කථා ඇත්තද ?
සිරා……නිරන්තර පුහුණුව කියන එක කොයි විෂයටත් අදාලයි කියලා උඹ දන්නවානේ. ඒ බව හොඳට වැටහෙන්නේ පිටරට වලදි. ට්‍රේනිං සඳහා කොච්චර මුදලක් වෙන්කරනවාද. ඒවා නිසිකලට අප්ඩේට් කරනවාද බැලුවාම පිස්සුයි වගේ. මගේ වයිෆ් වැඩකරන්නේ කෙයා හෝම් එකක හවුස්කීපිං අංශයේ. නිරන්තර ට්‍රේනිං අතරේ මේ ලඟදි Step ladder training එකක් තියෙනවා කියලා ගියා. මම ඇහුවා මොකද වුනේ කියලා. උස කබඩ් එකක් ඇතුලේ තියෙන දෙයක් ගන්න ඉණිමග පාවිච්චි කරන හැටි කියලා දෙන්න. ඒකට අවශ්‍ය පොත් පතුත් දීලා. විශ්වාස කරපන් ඒ ඉණිමගේ තියෙන්නේ පඩි තුනයි. health & safety ගැන කොච්චර හිතනවද…
/////////ටයිටස් තොටවත්ත වගේ වැඩ කරන්න පහසු නැති මහා /////////
ටයි මහත්තයා මගේ වයිෆ්ගේ ලඟ ඥාතියෙක්…මාර රසවත් කතා තියෙනවා සිරෝ. නියම පොරක්!!
රටට එන ගොඩක් ඊස්ටන් යුරෝපියන්ස්ලා ගාව වැඩිය සල්ලි නැති බව තමයි මම අහලා තියෙන්නේ. මගේ හිතවතෙක් කිව්වා එයාට අදහසක් තියෙනවා කියලා කාමර කිහිපයක් හදන්න. ශෙයාර් කරන්න ලොකු කුස්සියයි, පොදු ටොයිලට්, බාත් රූම් එක්ක. ඒ වගේ තැන්වලටත් දැන් ඩිමාන්ඩ් එකක් තියෙනවාලු ඔය එන සමහරුන්ගෙන්. අඩු මුදලින් විනෝදවෙලා යන්න තමයි අදහස. ඇත්තනේ තමන්ට හැකි විදිහටනේ. අපිත් ඉස්සර කතරගම ගියාම විශ්‍රාම ශාලාවේ නිදාගත්තා. පස්සේ කාලේ පොඩි පොඩි ගෙස්ට් හවුස්වල නැවතුනා. ගෙදරින් බත් බැඳගෙන ගියා. පස්සේ කාලෙක හෝටල් වලින් කෑව.
අරූයියා පරක්කු වෙලා ආවත් පාඩුවක් වුනේ නැහැ.උඹේ කතාවයි ඊට යටින් කතා ටිකයි ඔක්කොම කියෙව්වා.
ඔය හෝටල් කෙරුව්වාවල් ගැන මම නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ.ඔය හොටෙල් රස්සාවල් මට දිරවන්නෙත් නැහැ බං.මොකද ඕවයේ තියෙන ශිප්ට් වැඩ ක්‍රමේට කැමති නැහැ.හැබැයි ඉතින් මේ ලිවිල්ලට නම් පට්ට කැමතියි.
කියන්න ඕනේ නැහැනේ මී පැණි “පැණි” රහයි කියලා.
(රවියියායි,උපේයිත් කියලා තිබ්බේ….:D )
ඔව් මනෝ……ඔය 8-5 කන්තෝරු රස්සාවල්වලට පුරුදුවුන අයට ශිෆ්ට් වැඩ අල්ලන්නේ නැහැ. පුරුදුවුනාම එහෙම තමයි. මම කවදාවත් 8-5 ජොබ්ස් කරලා නැහැ. මම ඉස්සර මාස හයකට අධික කාලයක් රෑ 10- උදේ 7 ශිෆ්ට් එක කරා ඉල්ලගෙනම. සෙට් එකක් එකට වැඩකරන තැනක මරු.
මී පැණි , පැණි රස වගේම උඹ අහලා තියෙනවද පැණි රස මී බෙටි ජාතියක් ගැන,
//උඹ අහලා තියෙනවද පැණි රස මී බෙටි ජාතියක් ගැන.//
අහලා විතරක් නෙමේ අරූයියා කාලත් තියෙනවා.මගේ අම්මේ කොයි කාලේද ඒ ?
once upon a timeනේ මනෝ.
අරූගේ ජීවිතයේ නව මං විවර කල, කතාවට පාදක වූ ඔබරෝයි හෝටලයේ ඉදිරිපස සිට ලියමි.
බ්ලොග් ලෝකයට ආගන්තුකයෙක් වූ මා ‘රස’ සොයා යන ගමනේදී අහම්බයකින් දැක කියවන්න ගත් ‘අවුල් වන්නට පෙර’ දින තුනක් තුල කොටස් 49 ම සහ ඊට එක්කල එවැනිම රසවත් වූ ටීකා ටිප්පනිද සමග කියවා මොහොතකට පෙර අවසන් කලෙමි.
මා කොහොමත් ලියනවාට වඩා කියවන්නට රුසි වෙමි. එහෙත් දහසකුත් එකක් බාහිර කරදර මැද්දේ මෙතරම් ඕනෑ කමකින් හා සංයමයකින් කියවූ ලිපි පෙළක් මට මෑත කාලයේ මතක නැත.
ඒ ඇයිදැයි දිනක මම කියමි.
මටද කීමට කතාවක් ඇත. අවුරුදු වලින් නම් අප දෙදෙනාගේ කතාවල පරතරය අවම වශයෙන් අවුරුදු 14ක් වත් විය යුතුය. කිලෝමීටර වලින් නම් එය 250කට වැඩි මිස අඩු නොවනු ඇත. ඔබ හත් දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා වෙත්දී මම හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වීමි. ඔබ ශිෂ්‍යත්වයෙන් සමත් වී කොළඹ රාජාකීයට යද්දී මම ප්‍රසිද්ධ පාසලකින් අස්වී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීම සඳහා එතෙක් කිසිදු ළමයෙකු ශිෂ්‍යත්ව කඩඉම පසු කර නොතිබූ ප්‍රදේශයේ තිබූ අන්ත දුප්පත් පාසැලකට ඇතුළු වී රාජකීය විදුහලට වුව ඇතුළුවීමට හැකි වන අයුරින් එම කඩඉම ජයගතිමි. එහෙත් රාජකීය විදුහල අපට (මට ) බොහෝ දුර විය.
රාජකීය විදුහලේ උප විදුහල්පතිවරයාගේ අත්සන චෙක් කිරීමට ඉන්නා ‘මුරකරු හනීෆා’ යැයි කී විට මට සිනහ ගියේය. ඒ ඉන් අනතුරුව මා උසස් අධ්‍යාපනය සඳහා ඇතුලත් වූ මධ්‍ය මහා විද්‍යාලයේ, මගේ ආදරණීය පාසලේ ‘උප විදුහල්පතිවරයා හනීෆා’ කෙනෙකු වීම නිසයි. මෙහි ගතයුත්තක් නැති වුවද රාජකීයයන්ගේ හා අනෙක් දුර පලාත් වල පාසැල් වල තත්වය ගැන සියුම් උපහාසයක් එහි ගැබ්වී ඇතැයි සිතුණි. කෙසේ වුවද හනීෆා සර්ගේ පුතා ද මගේ පන්තියේ ඉගෙන ගත්තේය.
නැවියන්ගේ හැටි කොහොමත් එහෙමය. ඒත් කලෙක අපේ රටේ වැනි දුප්පත් රටක හමුදාවක දුප්පත් නැවියන් වූ අප වෙනත් රටක නැවියන් හා ගැටෙද්දී ඔවුන් අප දෙස අනුකම්පාවෙන් බලා අපටත් එක්ක වියදම් කිරීම ගැන නම් එදවසත් පුංචි දුකක් තිබුණේය.
මගේ කතාවත් මම දිනෙක ලියමි. තව බොහෝ අත් දැකීම් ලබා ගැනීමට ඇති නිසා ඒ සමහරවිට තව අවුරුදු දහයකින් හෝ පහලොවකින් විය හැක. කළබල නොවන්න. මා කීමට උත්සාහ කලේ ඉහත කියූ කරුණු දෙක තුන හැර අන් සියල්ලම ඔබ විසින් දැනටමත් නම් ගම් වෙනස් කොට කියා ඇති බවයි.
තෝසේ දෙකක් බෙදා ගෙන සාම්බාරු ගොඩාක් බෙදා ගන්නත් ඒ සාම්බාරු භාජනයේ පතුලෙන්ම බෙදා ගන්නත් මං කිසිවිටෙක අමතක නොකරමි. එය අදටත් වලංගු වේ.
ජය ශ්‍රී!
\\\තෝසේ දෙකක් බෙදා ගෙන සාම්බාරු ගොඩාක් බෙදා ගන්නත් ඒ සාම්බාරු භාජනයේ පතුලෙන්ම බෙදා ගන්නත් මං කිසිවිටෙක අමතක නොකරමි. එය අදටත් වලංගු වේ. \\\
++++++++++..++++++
ලියපාං මචෝ..ජය ශ්‍රී…
ෂෙෆාකි……..උඹ අනිකුත් අයට දෙන මේ තල්ලුව මම බොහෝ තැන්වල දැක තියෙනවා. ඒ සොඳුරුකමට මගේ ආචාරය!!!!!!
අරූ, මම වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් ෆලෝ කරන්නෙ නෑ. ඒත් උඹෙ සයිට් එකට ආයි ආයි එනව මෙහෙම එක එකා බෙදන රස අරගන්න. මචෝ, කළ්‍යානමිත්‍රයගෙ මේ කමෙන්ට් එක දැක්කම, මට ඉරිසියයි. ඒ මොකද, මෙහෙම කමෙන්ට් එකක් ලැබෙන්නෙ එහෙමත් වාසනාවන්තයෙක්ට නිසා.
ක.මි, උඹෙ කමෙන්ට් එකම පෝස්ට් එකක්..එකට මම පට්ට ලැයික්!! (Y)
ඉන්දික…….ඇත්තටම මාව මොහොතකට නැවතුනා. ඇහැට කඳුලක් ආවේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. මම දැකපු හොඳම කමෙන්ට් එකක්!!!!
කල්‍යාණ මිත්‍ර……හැමෝටම මචං නිසා උඹටත් මචංම කියන්නම්. මම වැඩිපුර මුකුත් ලියන්න යන්නේ නැහැ . මේ කමෙන්ට් එක හෘදයාංගම අදහසක්. කොටින්ම බොක්කෙන් ලියපු එකක් මචං. මගෙත් හිත එක තැනක නැවතුනා මොහොතකට. උඹ කවදා හරි උඹව එලියට අරන් පොතක පතක ලියලා තියපන්. ඒක හරි සුන්දරයි.
/////තෝසේ දෙකක් බෙදා ගෙන සාම්බාරු ගොඩාක් බෙදා ගන්නත් ඒ සාම්බාරු භාජනයේ පතුලෙන්ම බෙදා ගන්නත් මං කිසිවිටෙක අමතක නොකරමි////////
පනහකට ආසන්න කොටස් තුලින් මා ලියූ එක සටහනක තිබූ මේ කොටස උඹ උපුටා දැක්වීම නිසාම මටත් ඒ වාක්‍යය ගැන අමුතු බැඳීමක් ඇතිවුනා.
උඹට ජය!!!
හිතලම පරක්කු වෙලා ආවේ රසවත් කමෙන්ට්ස් ටිකත් කියවීමේ උවමනාව නිසාමයි.මචෝ කොච්චර දිග උනත් අද ලියල තියෙන කොටස හරිම රසවත් සහ මීපැණි වගේ කියවන්නට මිහිරියි.උඹේ ට්‍රේඩ් එක ගැන මට කිසිම අත්දැකීමක් නැතිවීම ගැන කනගාටුයි.රසවත් කෑම හදන්නට තියෙන ආසාව හැර වෙනත් මොනම සුදුසුකමක්වත් ඔබේ ක්ෂේත්‍රයේ මට නෑ.ඒක කතාව රසවිඳින්නට නං බාධාවක් නෙවෙයි.එකක් කියන්නං දිගයි කියල හිතලවත් අනවශ්‍යයි කියල හිතලවත් මොනම අත්දැකීමක් වත් ලිවීම මග අරින්නට එපා.මේ කතා අපට එපමණටම රසවත්.
Thanks ඇනෝ……….රසවත් කෑම උයන්න නම් මම තාම ආසයි. ඒ වගේම උඹලා මේ කතාව රසවිඳින එක පිලිබඳවත් මට සතුටුයි. කෑලි හලන්නේ නැතුව ලියන්න ට්‍රයි කරන්නම්. හැබැයි ඇනෝ මෙහෙම දෙයකුත් තියෙනවා ජීවිතේ….කලකට රස-කලකට වස වගේ කියලා 😀
මචං මගෙ කමෙන්ට් එක ඇනෝ වැටිලා දැන් දැක්කේ.
නම වැටෙන්නෙ නෑ මචෝ මම හැලපයා
නමෙන් ලොග් වෙන්න බෑ මචෝ මම හැලපයා
මචං හැලපේ ….කවුද බං දන්නේ උඹ කියලා..මම හිතුවා ලැවරියා කියලා 😀
මචං උඹ වෙනදට නමින් ලොග් වෙනවානේ. මොකක් හරි අප්සට් එකක් ඇති. උඹ දන්නවනේ මට ඔය අවුල් නොතේරෙන බව. හරියන්නේ නැත්නම් ඔහොම දාලා යටින් හැලපයක් ඇඳපන්. එතකොට මම දන්නවා ඒ උඹ කියලා 😀
//aruge adaviya says:
October 22, 2014 at 12:50 pm // ආතල් රිප්ලයි එක 😀
බැක් ලින්ක් එකක් හලලා යන්න හිතන් ආවට ලිපිය දැක්කම කියවන්න හිතුනා. කාලෙකින් කම්මැලි කමක් නැතිව නැතිව කියෙව්වා. කොහොමත් ඔයා, මාතලන්, රත්ගමයා, දෙවෙනි විභීෂණ ලියන ලිපි දැක්කම කියවන්න හිතෙනවා. නොදන්න විස්තර ගොඩක් දැනගත්තා. බලාන ගියාම ඒ කාලෙ මරැ නේ. අපි ඉපදිලා ඉන්නේ චාටර් කාලෙක වගේ. ස්තුතියි ලිපියට. නිකන් ඉන්න වෙලාවට අපේ පැත්තටත් Gossip Lanka News ගොඩ වෙලා යන්න. බ්ලොග් නම් නෙවයි හැබැයි. කොපි පේස්ට් ඕප දූප. 😀
ගොසිපා……කියවා රසවින්දානම් ඕකේ. කොපි පේස්ට් ඕප දූප වුනාට කමක් නැහැ. එන්නම් කියවන්න.
මම හිතාගෙන හිිටියට වඩා හෝටල් රස්සාව අමාරැයි වගේ..මම හිතාගෙන හිටියේ පුල් ආතල් ඡොබක් කිියලා.
එල ද බ්‍රා
මෙන්ඩා……අමාරුයි වගේම ෆුල් ආතල් බං. ආතල් කරගන්න දැණගන්න ඕන. හොඳ සෙට් එකක් හදා ගන්න ඕන.
බ්‍රා නම් බ්‍රා!!!
මුල ඉඳල ඔක්කොම කියවගෙන එන්න පටන් ගත්තා. ලේසි පහසු වැඩක් නෙමෙයි කමෙන්ට් එක්කම බලන්න ගියාම.
මෙච්චර දේවල් මතකයේ තියා ගත්තේ කොහොමද කියල හිතෙනවා.
ලියන රටාවේ තියෙන සරළ බව හරි සිත් ගන්නා සුළුයි.
භාෂාවේ හැසිරවීම රඳා පවතින්නේ පොත් පරිශීලනය මගින් කියල කකා ද කොහෙද කියල තිබුනා කමෙන්ට් එකක.
අපිත් පොත් බලනවා, එත් මේ වගේ ලියන්නනම් බැහැ.
ජය වේවා…. තව ලියමු…
ලොකු පුතේ…..මේක නම් මුල ඉඳලාම කමෙන්ට්ස් එක්කම කියවාගෙන එන එක ඒ තරම් ලේසි පාසු වැඩක් නෙමේ තමයි. ඒකට හේතුව තමයි මගේ රිප්ලයි දිග වීම. මම ඒක උවමනාවෙන් කරන්නේ. එකක් හැකිතරම් කරුණු එක් තැන් කර තැබීම, අනිත් එක ඊළඟ එපිසෝඩ් එකට ගෙනියන්න තියෙන කරුණු ,මේකේ රිප්ලයි ලෙස ගොඩ ගහලා යෑම. නැත්නම් ලොකු පුතේ මේක ඉවර කරන්න බැහැ. මට තව අවුරුදු 32කට වඩා දිග ඉතිහාසයක් ලියන්න තියෙනවා.
මම ඔහේ ලියන කෙනෙක්. මට තියෙන්නේ මතකය දිග හරින එක විතරයි. මම ලේඛකයෙක් නොවේ. මම ලියනා දේට වඩා ගොඩාක් අමාරුයි කෙටිකතා, කවි, ශාස්ත්‍රීය ලිපි ලියන බ්ලොග් බුවාලට. මගෙන් ලේඛනය සම්බන්ධව නම් උඹලාට ගන්න ඉටිගෙඩියක් නැහැ.
මම ලොකු පුතා කියන ආමන්ත්‍රනයට කැමතියි. අපේ අම්මා මට එහෙමයි කතා කරන්නේ.
////මගෙන් ලේඛනය සම්බන්ධව නම් උඹලාට ගන්න ඉටිගෙඩියක් නැහැ.////
මම න,ණ,ල,ළ, හදාගන්නෙත් සුබස පිහිටෙන්.
හා හා එහාට වෙන්ඩ, එහාට වෙන්ඩ, මට ප්‍රශ්ණ වගයක් අහන්ඩ තියෙනව….
දන්නෙ නැද්ද බන් පහුගිය කාලේ මේ පැත්තේ එන්නත් බැරි උන, පොඩි බිස්නස් ටුවර් එකක් ගිහින් හිටියේ අම්පාරේ…..ඒ මදිවට වැඩේ ටිකාක් දිග්ගස්සුන….
උඹලට හින්ද කියන්නෙ මේ කෑම්ප් එකේ තිබ්බ පරණ මෝටාර් වගයක් අපි “අබලි යකඩ” වලට දුන්න,,,දන්නෙ නැද්ද බන් ඉතිං,,,, වැඩේ කියන්නේ මෙව්ව ගෙනිච්ච තැන බාසෙක් මෙව්වායින් එකක් බලන්නත් එක්ක උණු කරල…..කියන්න දෙයක් නෑනේ ඉතින්,,,,අයිති කාරය එනකොට මුළු වැඩ පොලම පෙනේරයක් වගේ හිල් වෙලාලු,,,බාසා ෆුල් ඉන්ජර්ඩ්…. මෑන් පොලිසියට කියලා ලාකඩ වගයක් උණුකරන්න ගිහිං පොඩ්ඩක් තුවාල උනා කියලා… පොලිසියත් ඉතින් අපි නොදන්න ලාකඩ කියල වටේ සර්ච් කරනකොට තමයි මට බිස්නස් ට්‍රිප් එක සෙට් උනේ,,,,,ඉතින් පොලිසියයි හමුදාවයි මගේ *කේ ලාකඩ වක් කරන්න කලින් ටිකක් කල් වහුන් වෙලා හිටිය …
ඒක නෙමෙයි දරුව, පඩි, ඕටී, බටා ඇරෙන්න වෙනත් බෝනස් Oberoi එකේදී ලැබුනාද ? යටගිය දවස කොලොම් නුවර ඔබ මසුත් මාළුත් දෙකම කෑ බව මට දිවැසින් පෙනේ ?
නුඹට නුඹගේ දාදු කැටය හමුවීමේ කොටසට ඒමට තව කතා කීයක් ඇත්ද ?
වැදගත්ම ප්‍රශ්නය නම් ඔය කාලයේ රජයේ තානායම්තුත් ඉහල මට්ටමක තිබුන නේද ? මේවා දේශපාලනීකරණය වී විනාශ වීමට පෙර හොඳ ආදායම් ලැබූ දක්ෂ පරිපාලකයින් සිටි තැන් යයි අසා ඇත. මේ ගැන ඔබගේ අත්දැකීම් මොනවාද ?
මීට හිතවත්, ජිනේ
ජිනේ උඹ ආමි වුන නිසා ප්‍රශ්නයක් නැහැ, මම උන්නා උඹ නේවිම ඉඳියි කියලා. දැන් ඡන්දෙකුත් තියෙන නිසා කාගේ කාගේ කටට ගහන් හිටපු ලාකඩ බුරුල් වෙයි. ඒ නිසා ඔය *කට ලාකඩ ටිකක් වැටුනත් මොකෝ. කොහොම කොහොම හරි උඹට වෙච්ච දේ හැටියට ඔහොමවත් ආපු එක ලොකු දෙයක්.
මරු මරු බෝනස් ලැබුනා,,ඒවා ඉතින් බෝනස්ම තමයි.
/////ඔබ මසුත් මාළුත් දෙකම කෑ බව/////
මස්, මාළු කියලා තෝර තෝර හිටියේ නැහැ. අතට හම්බවුනු දෙයක් කෑවා, බඩගිනි කාළෙනේ ජිනේ. ඕන එකක් දිරවනවා. අනික ඉතින් අඩියක් පුඩියක් ගහලත් එක්කන ඉන්නේ කන්න හොයන්න ඉස්සෙල්ලා.
දාදු කැට නම් කිහිපයක් තිබුනා. සමහර විට කැට දෙක තුනක් එක්කම දාදු මෝදු වුනා. ඒ විස්තර පස්සේ කියන්නම්.
බොහොමයක් රජයේ තානයම් පාලනය කලේ ලංකා සංචාරක මංඩලය හෝ හෝටල් සංස්ථාව. මේවා ඉතා උසස් ලෙස පාලනය කරා. ඒ බව කිව යුතුයි. හංවැල්ල , වැලිගම,අවිස්සාවේල්ල වගේ තැන්වලට මම ඒ කාලේ ගිහින් තියෙනවා. රට පුරාම ඕවා තිබුනා. ක්‍රම ක්‍රමයෙන් ඒවා විනාශවුනා. පිරිසිඳු කමත් ඉහලයි. ඕවායේ කන්න බොන්න ආවේ ඒ ඒ පලාත්වල හිටිය නීතිඥයෝ, ඩොකාලා, රජයේ උසස් තනතුරු දරපු උදවිය. ඊට පෙර කාලේ නම් ආණ්ඩුවේ සමහර ඇමතිවරු ඕවා ඇතුලේ ගෑණු ළමයින්ට පත්වීම් දුන්න කතාත් තිබුනා.
මම දැන් ඉන්නේ 9 වෙනි කොටසේ, කතාව බලල ඇස්වලට ආපු කඳුළු හොරෙන්ම පිහිදාගෙන ඉවර උනාම ආපහු තියෙන කමෙන්ට්ස්…..
උඹේ කතාව ඔෆිස් එකේදී බලන්න බැහැ වගේ…
රාජ්ගේ කමෙන්ට් එක ඔක්කොටම එහා.
////මට හිතෙන්නෙ තාත්ත කියන්නෙ අග පිටුව නෙවේ. අකුරු! අකුරු එකතුකරල බැඳල පැනයන්න නොදී තබාගත් පොත තමයි උඹේ අම්ම!////
ලොකු පුතා…..ඕවා ඔහොම තමයි. මේ කතාව තුල කඳුලු, සිනහව, ගොන්කම්, මෝඩ කම් වගේම තවත් රසබර දේවලුත් තිබේවි. කූල් එකේ කියවපන්.
රාජ්ගේ ඒ කමෙන්ට් එක හදවතේ තැන්පත් කරගත්ත කමෙන්ට් එකක්!!!