අවුල් වන්නට පෙර(50)…දේශපාලන ත්‍රස්තවාදය

පසුගිය සටහනේ එක් අවස්ථාවක මම මොහාන් ද සිල්වා නම් අපේ කළමනාකරුවෙක් ගැන කුඩා හැඳින්වීමක් කෙරුවෙමි. මොහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතා සුන්දර මිනිසෙක් විය. අංශ ප්‍රධානියෙකුටත් වඩා සැමට මිතුරෙක් විය. ඔබරෝයි හෝටලයේ සිටි සුන්දරතම සහ ජනප්‍රියම චරිතය මොහු යැයි කීම අතිශෝක්තියක් නොවේ. මේ විනෝදකාමී මිනිසා ගැන තව බොහෝ දේ ලිවීමට තිබේ යැයි මම කීවෙමි. ඒ කෙසේ වෙතත්, මගේ මිතුරෙක් ඒ සටහන කියවා පසුදින මා ඇමතීය. ඔහු දන්වා සිටියේ මේ සොඳුරු මිනිසා අප අතරින් සදහටම සමුගත් බවක්ය. ඒ පසුගිය මාසයේය. සිනමා පටයක් මෙන් බොහෝ දේ මට මැවී පෙනෙන්නට පටන් ගත්තේය. එවන් මිනිසුන් සමාජයට සමුදෙන්නේ අපු නොසිතනා හෝරාවන්හී බැව් මට වැටහී ඇත්තේය. ඔහුගේ මරණ දැන්වීමේ Ex-Oberoi යැයි සඳහන් කර තිබුණේ ඒ ජනප්‍රියත්වය නිසාම විය යුතුය.

මගේ සටහන් තුළ මා පසුකරමින් සිටිනා අවධියේ ජනාධිපතිවරණයක් සහ ජනමත විචාරණයක් යන සිද්ධීන් නිසා, රට තුළ දේශපාලන උණුසුම තදින් පැතිරී තිබුණි. බොහෝ තරුණයින් මෙන්ම මමද හැකි පමණින් දායක වුණෙමි. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණු සමයක් ලෙස මෙම යුගය හැඳින්විය හැක. හෝටලයේ එක් එක් අංශයන්හී එකා දෙදෙනා බැගින් හෝ ජවිපෙ වෙනුවෙන් තම දායකත්වයද සැපයීය. මුදල් ඇයකැමි තනතුරක් දැරූ කුමුදු ෆොන්සේකා, සූපවේදීන් වූ ජේබී, ඩඩ්ලි, අතුල වැනි චරිත මතකයට එක්වේ. ජවිපෙට අනුයුක්තවූ වෘත්තිය සමිතියක් ඔබරෝයි හෝටලයට එක් කරගැනීමට අප සමත් විය. මේ ඔබරෝයි හෝටලය තුළ ස්ථාපිතවූ පළමු වෘත්තිය සමිතිය යැයි කිව යුතුය. කණිෂ්ඨ විධායක ශ්‍රේණියේ තනතුරක් දරන්නේ නම් ඔවුන්ට වෘත්තිය සමිති සාමාජිකත්වය දැරීමට නොහැකියැයි ආයතන නීතියක් විය. මේ නීතිය දඩමීමා කරගනිමින් ආයතනය විසින් කුමුදු ෆොන්සේකාව එවන් ධුරයකට උසස් කරනු ලැබුවත්, කුමුදු ඒ වටිනා අවස්ථාව ප්‍රතික්ෂේප කරන ලදි. මේ වෘත්තිය සමිතිය නිසා, සේවකයන් යම් යම් ඉල්ලීම් දිනා ගන්නටද සමත් විය. අප ඔබරෝයි හෝටලය නියෝජනය කරමින්, ජවිපෙ මැයි දිනයකටද සහභාගි වුණෙමු. මම අතුල සමග ඉතා ළඟ ඇසුරකට පත්වුණෙමි. අතුල පදිංචිව සිටියේ කඩවත නගරයට ආසන්නව රාගම පාරේ කඩකාමරයක් බඳු කුලී නිවසකය. එවකටත් විවාහකයෙක් වූ ඔහුට අතදරු පුතෙකුද විය.

අතුළත්, මමත් රාත්‍රී සේවා මුරයට සම්මාදම් වුවහොත්, පසුදින පාන්දර වැඩ අවසන් වී කඩවත බලා යෑම පුරුද්දක් විය. අතුලගේ නිවසේ දහවල් තෙක් නිදාගෙන ඉන්පසු හැන්දෑවනතෙක් දේශපාලන රැස්වීම් සඳහා වේදිකා සෑදීමට උදව්වීමත්, පෝස්ටර් ඇලවීමටත්, ආධාර එකතු කිරීමටත් දායක වෙමු. නැවත රාත්‍රී වැඩමුරයට වාර්තා කල යුතුය. මත්පැන් පානය සහ දුම්බීම බොහෝ කාලයකට මම අතහැර දැම්මේ එදා ජවිපෙ මග පෙන්වන්නන්, මේ අනවශ්‍ය ක්‍රියා තුළින් මතුවිය හැකි සෞඛ්‍යමය ගැටලු සහ ආර්ථික ගැටලු පිළිබඳ තම සාමාජිකයින් දැනුවත් කල නිසාමය. ජවිපෙ නිසාම මෙවන් ක්‍රියාවන් වලින් අත් මිදුණුවුන් බොහෝය. මමද කෙටි කලකට හෝ ඉන් අත්මිදුනෙමි. අපේ අම්මා කීවේ තාත්තවද ජවිපෙට සම්බන්ධ කළහොත් ඔය බීමෙන් සහ දුම්පානයෙන් මුදවා ගත හැකි බවකි. ඔහු උපේක්ෂාවෙන් ඒ යෝජනාව බැහර කළා පමණක් නොව, බාලා තම්පෝ මහතාගේ අතළඟ ක්‍රියාකාරිකයෙක් විය. ඔහු පැතුදේ ළඟා වූවාදැයි මම නොදනිමි. අප පැතුදේද නොලැබුණු බව කිව යුතු නොවේ.

එකල ගම්පහ දිස්ත්‍රික්කය භාරව කටයුතු කල ජවිපෙ සංවිධායක වරයාවූයේ එහි දේශපාලන මංඩල සභික මෙන්ම, අති දක්ෂ කථිකයෙක්වූද, උස මහත සිරුරකින් හෙබි වාස් තිලකරත්නය. මොහු ඉතා දක්ෂ සංවිධායකයෙක් විය. කිහිප වතාවක් මුණ ගැසී ඇත. ඒ යුගයේද ඉතා දක්ෂ සංවිධාන ශක්තියකින් හෙබි ජවිපෙ ගමක්, නගරයක් පාසා අලංකාර මැතිවරණ සටනක් මෙහෙයවිය. ආණ්ඩුවේ මැර ප්‍රහාරයන්ද ඒ හා සමගාමීව පෙරට එමින් තිබුණි. රෝහණ විජේවීරට අමතරව, උපතිස්ස ගමනායක, වාස් තිලකරත්න, මහින්ද පතිරණ, ශාන්ත බංඩාර ජවිපෙ ප්‍රධාන පෙළේ කථිකයින් විය. මොවුන් සැබවින්ම සහජ කුසලතාවයෙන් පිරි කංඩායමක් විය. මොවුන් නොයෙකුත් මාතෘකා තුළ දේශන පවත්වමින් ජනතාව ඇද බැඳ තබා ගැනීමට සමත් වූහ. ලයනල් බෝපගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ අතර ඔහු ලිවීමේ අති දක්ෂයෙක් විය. ඉතා කුඩා සිරුරක් හිමි ශාන්ත බංඩාර, ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් මතුවූ දක්ෂයෙක් විය. මා වඩාත් සිත්ගත් පුද්ගලයා වූයේ උපතිස්ස ගමනායකයන්ය. මේ සියල්ලක් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ ලයනල් බෝපගේ පමණි. විජේවීර, ගමනායක, ශාන්ත බංඩාර රජයේ හමුදා අතින්ද, වාස්, මහින්ද පතිරණ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් තුළින්ද මරු වැළඳ ගත්හ.

දේශපාලනික ගැටුම් තුළ සිදුවන වැරදි, වැරදි ලෙස පිළිගෙන ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, ඒ තුළින් මනුෂ්‍ය ඝාතනයන් දක්වා දිවයන ක්‍රියාමාර්ගයන් වේ නම් අප නිවැරදි මිනිසුන් නොවේ. එදා වාස්, මහින්ද සහ තවත් අයගේ කථාවත් ඔය ගණයට ඇතුළත් කල යුතුය. 1959 බංඩාරනායක ඝාතනයේ සිට ශ්‍රීපති සූරියාරච්චි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායකගේ සිට රොෂාන් චානක හරහා වතුර වෙනුවට උණ්ඩය පිරිනමන්නේත් පෞද්ගලික කාරණා නිස නොව, පැහැදිලිවම දේශපාලනයේ ඇති ත්‍රස්ත ස්වභාවයම නොවේද? මේ කුරීරත්වය හෙළා දැකිය යුතුවේ. ලෝක දේශපාලනය තුළ පවා මෙවැනි නිදසුන් බොහෝය. ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග ඝාතනයන් තුළ පවා පැහැදිලිව දක්නට ඇත්තේ, දේශපාලන මත ගැටුම් තුළින් අවසන්වූ ජීවිත කතාවන්ය. මේ කිසිවක් සාධරණ අවසානයන් නොවේ .LTTE කල දේශපාලන චරිතයන් ඉවත්කිරීමේ කුමන්ත්‍රණ සියල්ලක්ම හොඳින් විග්‍රහ කර බැලුවහොත් ඒ සියල්ලක්ම දේශපාලනික හේතු මිස, ඒ ඒ චරිතයන්ගේ ඇති පෞද්ගලිකත්වය මත සිදුවූවා නොවේ. මේ අමිහිරි තත්වයෙන් අප ඉවත්විය යුතුවේ. ඉදිරිය කෙසේ විය හැකි දැයි සිතා බලනු වටී.

ඉහතින් මා සඳහන් කල කරුණු සංවාදාත්මක විය හැක. අප නිවැරදි තැනක ස්ථානගත වන්නේ සංවාදයන් තුළින් මිස බෙලි කපාගැනීම් තුළින් නොවේ. දියුණු සමාජයක් ගොඩනැගෙන්නේ දියුණු මිනිසුන් තුළින් බව මම සිතමි. තම තමන් පෞද්ගලිකව දියුණු විය හැකි සිතුවිලි තුළට ගොණුවිය යුතුවේ.

තවත් වසර හයකට පැවැති පාර්ලිමේන්තුවම පවත්වා ගැනීම සඳහාවූ කුප්‍රකට, දූෂිත ජනමත විචාරණය රජය “ජයගත්” අතර, රෝහණ විජේවෙර මේ ජනමත විචාරණය අභියෝගයට ලක්කර නඩුවක් පැවරීය. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ සිද්ධියක් බැව් මතකය. එදා විජේවීර විසින් ජනමත විචාරණයට එරෙහිව ගොඩනැගූ අධිකරණ මෙහෙයුම, ජේආර් ජයවර්ධනයන්ව සසල කිරීමට සමත්විය. ජයවර්ධන එය දේශපාලන පසුබෑමකට ලඝු නොකර, අධිකරණයෙන් බැහරවීමට සුදානම්වීමේ ප්‍රතිඵලය වූයේ, නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ, කළු ජූලියට මුවාවී තහනමට ලක්කිරීමයි. අප ඉතිහාසයේ බොහෝ ඛේදවාචකයින් රාශියකට පාර කැපූ දරුණුම උදලු ප්‍රහාරය මෙය විය. ජේආර් අමු අමුවේ පෙනී සිටියේ, තමා අබියස ඇති අභියෝග වළක්වාගනු පිණිස ඇති නිවැරදි නොවන තුප්පහි තීරණ තුළය. එහි ඇති කකුළු සුවය ඔහුට මිහිරක්ම විය. තහනමට ලක්කෙරූ අනිකුත් පක්ෂ දෙක සති කිහිපයකින් නිදහස් කර දමා ජවිපෙය වෙත සදාකාලික මර්දනය නියම කෙරුණි. එදා සිට කාලයක් ගතවෙන තුරු වැළලී ගිය මිනිස් සිරුරු හා සම්බන්ධ නිවට තීරණයට මේ මිනිසා වගකිව යුතුය. තව වගකිව යුත්තෝ බොහෝය.

රැකියාවේ ඇති කාර්යබහුලත්වයත් වෙනත් නොයෙකුත් කාරණා නිසාත්, ගෙදර ජීවත්වෙනවාට වඩා පිටත ජීවිතයට මම ප්‍රිය කෙරුවෙමි. කුඩා කල සිටම නිවසින් පිට ජීවත්වූ නිසාමදෝ ,පිටස්තර සමාජය, පිටස්තර නවාතැන් වෙත ඇලුම් කෙරුවෙමි. මම නිවසින් පිටත්වුනෙමි. මේ ගතකළ කාලය පිළිබඳව වෙනම සටහනකින් ලියා තැබිය යුතුවේ. සිදුවූ සහ සිදුකරගත් පසුබිම් කතා බොහෝය. හමුවූ මිනිසුන් අප්‍රමාණය. ඒ තුළින් වටහාගත් දේද අතිශයින් වැදගත්ය. මම ඔවුන් සහ ඔවුන් වටා සිටි මිනිසුන් ගැන ඊළඟ වටයේදී කියන්නෙමි.

අප දේශපාලන කුහකත්වයෙන් තොරව සිතන්නේ නම්, රෝහණ විජේවීර චරිතය අප ඉතිහාසයේ සටහන් තුළ ඉඩක් හිමි චරිතයකි. සමහරුන්ට හොඳ වූත්, සමහරුන්ට නරක වූත් මේ මිනිස් හඬ මම මෙහි ඉතුරු කර තබන්නේ, අසා නොමැත්තෙකුට සවන් දීම සඳහාය.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

121 Responses to අවුල් වන්නට පෙර(50)…දේශපාලන ත්‍රස්තවාදය

  1. කුරුටු ගෑ ගී පවුර says:

    මුලින් ම ඉතිහාස කතාවේ 50 වැනි පෝස්ටුවට සුභ පැතුම්……

    දෙවනියට දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන ලියා තිබෙන හර බර ලිපියේ අපි නොදන්න කතා කිහිපයක් ගැනම ඉගෙන ගැනීමට ලැබීම ගැන ස්තූතියි………….

    • කුරුටු ළමයි……බොහොම ස්තූතියි!! මම මේ ලියන්නේ මා දුටු සහ මම අත්විඳි සිදුවීම්. එක්තරා ආකරයකින් මතකය අවදිකර ගැනීමක්. මේ කාලය ගැන අත්දැකීම් නැති අයට. අඩුම වශයෙන් එකල සිදුවූ දේ ගැන යම් අදහසක් ඇතිවෙනවා ඒ ගැන සතුටුයි.

  2. maathalan says:

    කොල්ලා කාළේ තිබුන විප්ලවීය අදහස්… ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනකටම ගිය එක හොඳයි.. ඒත් මම නම් ජේ වී පීය 72 කළ දේත් 88 කළ දේත් කිසි සේත්ම අනුමත කරන්නේ නෑ.. ඒ කියන්නේ සන්නද්ධ ව්‍යාපාරයකට ගිය එක.. ඇත්තටම ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදි මාවතේ ගමන් කළා නම් සමහර විට විජේවීර පරම්පරාවේ කෙනෙකුටම මේ රටේ පාලකයා වෙන්නත් ඉඩ තිබුනා. අද උනත් ඇදිලා එන්නේ ඔවුන් පෙර කළ වැරදි.. චේ ගුවේරා කතා.. මිනිස්සු ඒ ප්‍රචන්ඩත්වයට අදත් බයයි. මොකෝ ඒකත් ඔවුන් මුදා හැරියේ සාමාන්‍ය මිනිහට නිසා..

    • ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත වසා දැමූ පසු…??

      • maathalan says:

        දන්න වස්ත්‍රයක් කතා කරහන් බං පන්තිවල කියලා දීපුවා ගිරවු වගේ වමාරන්නෙ නැතිව.. අහපන් 1971 මොකද උනේ කියලා තාත්තගෙන්..

      • ඔබතුමාගෙ ජීවිත කාලෙන් එපිට දේවල් ගැන ඔබ තුමා කතාකරන්නෙත් තාත්තගෙන් අහලද නැත්නම් පංතිවලින් හරි වෙන වස්ත්‍රෙකින් හරි ඉගෙන ගෙනද?

      • maathalan says:

        ඔයා 71 ගැන ඇහුවද සහෝදරයා.. නැත්නම් අහලා තියෙන දේ මට පහදලා දෙනවද, කේන්ති නොගෙන. ඕක ඇවිත් ජෙප්පන්ගේ උපන් ගෙයි රෝගයක්..

      • 71දි හරි. ජවිපෙ තමයි ආයුධ අතට ගත්තෙ. නමුත් 71 කැරලිකරුවන් සම්බන්ධව (89ට සාපේක්ෂව) ආණ්ඩුවේ ප්‍රතිචාරය අගය කලයුතුයි.
        89දි තනිකරම ජේආර් වැරැද්ද භාරගත යුතුයි. දකුණෙ විතරක් නෙවේ උතුර ගිණිතැබීමටත් වගකිවයුත්තා ජේආර්.

      • 71දි උනත් මුලින්ම භීෂණය දියාත් කලේ ආණ්ඩුව. මැතිණියට එච්චර කොන්දක් නොතිබුනත් ඇතුලෙ හිටපු උන් ගේම පටන්ගත්තා. අනික ඒ වකවානුවේදී ජවිපෙ හිටියෙ මූලිකවම විප්ලවීය මාවතක. ආයුධ වලින් තොර විප්ලවයක් කොහේවත් උනේ නෑ. ඉතින් ආණ්ඩුවෙන් ආව මර්ධනය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්. තරුණ අසහනය, විරැකියාව, රැකියා විරහිත උපාධිධාරීන්, දුන්න බොරු පොරොන්දු වලට අරගෙන ගිය අරගල වලට දියත් කල ප්‍රචණ්ඩත්වය තමයි එතනත් මූලිකම උනේ. තමන්ට ගහනවානම් තමන්ට අයිතිය තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න.

        කොහොම උනත් මාතලන් අයියණ්ඩි මට නෙවෙයි කේන්ති ගියේ ඔයාටමයි. ඒක පේනවනේ දුන්නු උත්තරෙන් ඉස්සෙල්ලාම. අපි කාටවත් අපේ ජීවිත කාලවලින් එපිට දේවල් පොත පතින් ඇසූ කතාවලින් මිසක් වෙන දැනගන්න ක්‍රමයක් නෑ. ඔයා දෙවනි ලෝක යුද්දෙ කාලෙ හිටියෙ නෑනෙ. ඒත් ඔයා ඒ ගැන යමක් දන්නවා.

      • @ රාජ්……..උඹේ මේ පැහැදිලි කිරීමට මම එකඟයි.

      • @ මනෝෂ්…….අරගල ඇතිවීම වලක්වන්න බැහැ. ඒ සඳහා යම් යම් සාධක බලපානවා. නමුත් මේ වනවිටත් වේදිකා තුල කතා කරන්න ඉතුරුවෙලා තියෙන්නේ අරගලයට හේතුව නොව අරගලයේ ප්‍රතිවිපාක සහ ලබාගත් දෙයක් ඇත්නම් ඒ පිලිබඳවයි. ඒ අරගලයන් සහ එහි අඩුපාඩු නොකටුයුතුකම් සිදුවූ බව කවුරුත් දන්නා කාරනා. 89 ආණ්ඩුවේ අසික්කිත මර්ධනයට විරුද්ධ වෙනවා සේම, ප්‍රතිපක්ෂයෙන් සිදුවූ වැරදි පිලිබඳවත් නැවත නැවතත් සිතා බැලිය යුතුයි.

    • මාතා……මේ සියල්ලක් දෙස අද මම බලන්න උත්සාහ කරන්නේ මධ්‍යස්ථ මනසකින්. 1970 සිරිමාවෝට බලයට එන්න ජවිපෙට සම්බන්ධ කොටස් උදව් කරනවා. 1970දී වික්ටර් අයිවන් ඇතුළු කංඩායමක් බෝම්බ අත්හදා බැලීමක් කරන්න ගොස් අයිවන්ගේ එක් අතක් අහිමිවෙනවා.ඉන්පසු කෑගල්ල පැත්තේ බෝම්බ නිශ්පාදනය කරපු තැනක් පිපිරෙනවා. ඒ වනවිටත් ජවිපෙ ආයුධ අත්හදා බැලීම්වල යෙදී සිටි බව එයින් හිතාගත්ත හැකියි. පංති පැවත්වීම්, අධ්‍යාපන කඳවුරු කරගෙන යනවා. සිරිමාවෝ රජය මේ පිලිබඳ අවධානයෙන් ඉන්නවා සහ අනතුරු හඟවනවා. ජවිපෙ යනු සීඅයිඒ බළල් අතක් බවත් කියනවා. ඒ අතරතුර 1971 ඇමරිකන් එම්බසි එකට පෙට්‍රොල් බෝම්බයක් ගහනවා. ඒ ජවිපෙ සාමාජඉකයෙක් නොවන බවත් පසුව කියනවා. 1970දීම විජේවීර අත් අඩංගුවට ගන්නවා. මම මේ කියන්නේ එදා උන් උදවිය කියන දේවල්. මම ඒ වනවිට කුඩා දරුවෙක්. 1971 අප්‍රේල් වෙන විට රජය ජවිපේ යැයි සැකකරනා උදවිය පොලිස් භාරයට ගන්නවා.අගමැතිනිය ඝාතන සැලසුමක් ව්‍යාර්ථ කෙරෙනවා. සංවිධාන අඩු ලුහුඬු කම් තිබියදි ඔවුන් වැල්ලවාය පොලිසියට පහර දෙනවා. එතනින් පසු සිදුවූයේ අසාර්ථක සටනකින් පසු සියල්ල කෙලවර වීමක්. අපරාධ යුක්ති කොමිසමක් එනවා. තරුනයින්ට අවස්ථා අහිමිවීම ගැන සාකච්ඡාවෙනවා. ඒ වෙනුවෙන්ද කොමිසමක් පත්කල බව අසා තිබෙනවා.

      71 සිරිමාවෝ රජය පුනරුත්ථාපන කඳවුරු හරහා නැවත ඔවුන්ව සමාජයට මුදා හැරියා. 89 මීට සහමුලින්ම වෙනස්. ඔවුන්ට දේශපාලනය කිරීමට තිබු ඉඩ අවහිර කිරීම තුල ඔවුන් ආයුධ අතට ගත්තා. මේ මොනවා වුනත් රජයත් ජවිපෙත් අතින් නොවිය යුතු සිදුවීම් රාශියක් වුනා. අද ජවිපෙ ඒ ගැන සිතාබලා තිබෙනවා. මෑතකදි අනුර කුමාර සමාව ඉල්ලුවා නේද?

      වැරදි හදාගෙන නැවතත් ආයුධ සන්නද්ධ අරගල තුලට ගොනු නොවීම ජවිපෙ වගකීම වෙනවා මෙන්ම එවන් වාතාවරනයකට තරුනයන් තල්ලු නොකිරීම රජයේ වගකීම වෙනවා.

      • http://manogeloka.blogspot.com/ says:

        //වැරදි හදාගෙන නැවතත් ආයුධ සන්නද්ධ අරගල තුලට ගොනු නොවීම ජවිපෙ වගකීම වෙනවා මෙන්ම එවන් වාතාවරනයකට තරුනයන් තල්ලු නොකිරීම රජයේ වගකීම වෙනවා.//

        මම හිතන්නේ නැහැ අරූයියා කොහොමත් ආයුධ සන්නද්ධ විප්ලවලින් අරගල කරන්න දැන් හැකියාවක් තියෙනවා කියලා කාට වුණත්.ආයුධ සන්නද්ධ විප්ලව නොවේ මතවාදී විප්ලව තමයි ජයග්‍රහණයට හොඳ.

      • maathalan says:

        අරූ උඹගේ පැහැදිලි කිරීමෙම තියෙනවා 71 කව්ද සීන් එක පරන් ගත්තේ කියලා.. 88-89 පටන් ගත්තෙත් ජෙප්පො මැතිනි එක්ක පිටකොටුවේ බෝ ගහ ළඟින්. එතනදි එලෙව්වම සිරි ලංකා කාරයෝ ගෙදර ගියා. ජෙප්පො කොටුවට ඇවිත් ඔය හිල්ටන් එක ඉස්සරහා තිබුන මිනින්දෝරු දෙපාර්මේන්තුවට ගිනි තිබ්බා. ඊට පස්සේ රටම ගිනි තිබ්බා. අදත් ඒ බිය ඒවා දැකපු මිනිස්සුන්ට තියෙනවා.

        දෙමළ ප්‍රශ්ණෙත් පටන් ගත්තේ කොටි.. ඒත් කොළඹ අහිංසක මිනිස්සු මැරුවේ ආන්ඩුව.. මේවා අපේ ඇස් වලට දැකපුවා..

        රාජ්.. උඹ කියන එක ඇත්ත.. ඒකට හේතුව ප්‍රචන්ඩත්වය දරුණු වීම. ප්‍රචන්ඩත්වයට සාපේක්ෂව මර්ධනයත් දරුණු උනා.

        මනෝෂ්.. ඔබේ දර්ශණය ගැන කනගාටු වනු හැර වෙන කිසිවක් කරන්න මට බෑ.. අපිත් ඔය වයස පහු කලා.. ඒත් ජවිපේ කරන බොරුව එදත් අපිට තේරුනා.. ඒකයි එක පන්තියෙන් අයින් උනේ.. ප්‍රජතන්ත්‍රවාදය ඉල්ලන උන් ළඟ මාර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනේ..

      • @ මනෝ……මතවාදේ අරගලය ජනතාව තුලට ගෙන යෑම සඳහා ජවිපෙ නිරතුරුව දරන උත්සාහය මම අගය කරනවා.

      • @මාතා…. මචං උඹ කියන සිදුවීම වෙන්න ඇත්තේ කොයි අවුරුද්දේද කියලා මට මතකයක් නැහැ. මම ඒ වෙනකොට හිටියේ නැති නිසා. හැබැයි තිලක් කරුණාරත්නලා වගේ අයත් එක්ක තහනම් ජවිපෙ කොටස් වැඩ කරා. ඒ මවුබිම සුරැකීමේ ව්‍යාපාරය වගේ තැන්වල. මම කියන්න රෙඩි වුනේ 81-82 වුනත් කතාව දැන් 87-89ට ගෙනල්ලා. කමක් නැහැ කියන්න තියන දේ කියමු. අරගල වේවා විප්ලව වේවා ඔය මොන දෙයක් වුනත් එක් එක් අවිනිශ්තිත තැන්වලදී එක් එක් දිසාවන්ට ගමන්කරනවා. ඒ වෙන්නේ නිවැරදි නායකත්වයන් හෝ නිවැරදි දිසානති තීරනය නොකර ගැනීම නිසා.

        ඈත ඉතිහාසය ගැන කියන්න තරම් දැණුමක් නැතිවුනත්,,, මෑතකදී සිදුවූ අරාබි වසන්තය තුල මෙවැනි සිදුවීම් බහුලයි. මොහමඩ් බවුසාසි වැනි පේව්මන්ට් මිනිසුන් තුලින් මතුවූ එවන් විපර්යාසයන් අවසානයේ ප්‍රයෝජනයට ගත්තේ කවුරුන්ද? මා වැනි කුඩා මිනිසුන් මේවා විග්‍රහකිරීමට යෑම එතරම් ප්‍රයෝජනවත් නොවේ. නමුත් තරුණයින් කියවීම සහ අධ්‍යනය කොතරම් වැදගත් දැයි වටහා ගත යුතුය.

        කඳුළු අත්ලෙන් පිස ගැනීම තාවකාලික වුවත්, හැඬුවේ ඇයිදැයි සිතීම වඩා ප්‍රායෝගිකය. අපි හිතමු.

      • supirikrida says:

        අවස්ථා දෙකේදී වූ මර්ධනයන් දෙකෙන් 71 සාධාරණ බව කියන්නට යාම අදද ජෙවීපි ය වරද්දා ගන්නා තැනක්.වරථමාන පාලනය වෙනුවෙන් ‘ශ්‍රී ලංකා මහින්ද’ තෝරා ගැනීම,චන්ද්‍රිකා සමග එක් වී රනිල් ගේ ආණ්ඩුව පෙරලීම වැනි සියළු කාරණා සිදු වන්නේ මේ වරද්දා ගැනීම න්‍යායයක් විදිහට ක්‍රියාවන්ට කරන බලපෑම නිසයි.

        උඹේ ලිවීමට තුළට ඇතුළත් වෙන ප්‍රායෝගික අත්දැකීම් ඊ ළග පරම්පරාවට සිතීම සදහා දෙන අනුබලයට ගෞරවය සහෝදයා

    • ජවිපෙ කියන දේ තේරුම් ගැනීමට සමාජයට ඇති නොහැකියාව ගැන කණගාටුවෙනවා. ඒක නොතේරණ ජනතාවට බලෙන් ඒක දෙන්න හදන එකේ තේරුමක් නෑ. දවසක් එයි ජනතාවම ඒක ඉල්ලන. නමුත් දැනුවත් කිරීම වටිනවා.

      • මනෝෂ්……උඹ නිවැරදියි!!!! බලෙන් කිරි පෙව්වොත් වමනේ දානවා. අප වටහාගත යුත්තේ එයයි. ඒ බව ලාල් කාන්ත වගේ අය නිවැරදිව විග්‍රහ කරනවා.

        මනෝෂ්….යමෙක් යමක් වටහාගන්නා තෙක් ඔබට එය ගිල්ලවිය නොහැකිය. මෙහෙම දෙයක් කියනවා ඉංග්‍රීසි භාශාවේ You can lead a horse to water, but you can’t make it drink

      • maathalan says:

        මේ රටේ කවදාවත් විප්ලවයක් නම් කරන්න බෑ.. දෙසරයක් පාඩම් ඉගෙනගෙනත් දැනිලා නැත්නම්.. පැතීමට ඇත්තේ අබ සරණ පමණි.

      • ඒක හරි. ලේ වැගිරීම් තරම් අප්‍රසන්න දෙයක් මට තවත් නෑ. ඒකයි කිව්වෙ ජනතාවගේ අවශ්‍යතාවය ආපු දවසට හරි කියලා. ඒ කියන්නෙ අඥානයන්ට නුවණ පෑදුනු දාට. කවුරුන් කලත් හිංසාවට, භීෂනයට සංවේදී මිනිස්සු හැටියට අපි කවුරුත් විරුද්ධයි. හැබැයි මට වරදක් නැතිව කවුරුහරි මට ගැහුවොත් මාත් අනිත් පැත්තට ගඩොල් බාගෙකින් හරි දමල ගහනවා.

      • maathalan says:

        නිකං ඉන්න මිනිස්සුන්ට ගහන්න පිස්සෙක් වෙන්න ඕන. ගුටි නොකා ඉන්න පුළුවන් විදියට ජීවත් උනාම හරි..

      • මනෝෂ්…….ගඩොල් වුනත් බාගෙන් ගහලා හරියන්නේ නැහැ…ගහනවානම් ගඩොලෙන්ම ගහපන් 😀 විහිළුවක් කරලා හිනාවෙලා හිටපන්. වැඩිපුර සීරියස් වෙන්න එපා. උඩ ඉන්න කස්ටියත් එහෙමයි. සංවාදවලින් පස්සේ හිනාවෙලා ගෙදර යනවා.

        මාතා…..ඔය ඇති බං උඹලා දෙන්නගේ විහිළු…

      • බලන් ගියාම ඉතිහාසෙ වැඩි හරියක් ඉඳල් තියෙන්නෙ පිස්සෝ, අනේ මංද.

        ඔන්න අන්තිම විහිලුව අරූ අයියේ… මේං මං ගියා.. මාතලන් අයියණ්ඩී… අපි දෙන්න නිතරම මෙහෙම තමයි නේද.. එව්ව ඊළඟ පෝස්ට් එක වැටෙනකල් විතරයි.

      • @ මනෝෂ්…..මම අර උඩ ඉන්න කට්ටිය කියලා කිව්වේ….දේශපාලන නායකයෝ. ටීවී සංවාදවලදි…ඒවා දකින්න නොතිබුනාට එහෙම වෙනවා. එහෙම වෙන්න ඕන. පෞද්ගලික වෛරයන් තුල මේ වැඩේ කරන්න බැහැ.

      • @සුපිරි ක්‍රීඩා…….නිශ්මං…..උඹේ කමෙන්ට් එක දැන් දැක්කේ. 71 සහ 89 සංසන්දනය කිරීම නම් සුගතියක් නැහැ. 71 ආණ්ඩුව යම් තාක් දුරට පුනරුත්ථාපන වැඩ කොටස 89 පලිගැනීමේ ම්ලෙච්ඡත්වයට වඩා සාධරනව කරා කියලා මම හිතනවා.

        ////උඹේ ලිවීමට තුළට ඇතුළත් වෙන “”ප්‍රායෝගික අත්දැකීම්”” ඊ ළග පරම්පරාවට සිතීම සදහා දෙන අනුබලයට ගෞරවය සහෝදයා///////
        මේ ඇගයීමට ස්තූතියි!!!! මට ඇති උවමනාවත් ඒකමයි මචං. ප්‍රායෝගීක අත්දැකීම්….කියන කොටස මම හයිලයිට් කරා. මට තියෙන්නේ එච්චරයි.

  3. wicharaka says:

    හ්ම්…එහෙනම් අරුත් හොඳ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. හරිම සන්තෝෂයි ඒ ගැන. තරුණ කාලයේ විප්ලවීය හැඟීම්, පසු කාලයේදී ඔලුව මෝරණකොට ඉවත්ව ගියත්, අදටත් අපි හැමදෙනා තුළම, මධ්‍යස්ථ මතධාරී බව රඳවාගන්නට පදනමක් වී තිබෙන්නේ, ඒ විප්ලවකාරී පදනමයි.

    • සහතිකෙන්ම විචා…..යම් කිසි ගැටළුවක් දෙස දෙතුන් පැත්තකින් බලන්න පුළුවන් නම් ගැටළුවට සාධාරන පිලිතුරක් හොයා ගන්න පුළුවන්නේ. පොතේගුරු වාදය බැහැර කරන්න පුරුදුවෙන්නේ වයසින් මුහුකුරා යනකොට වෙන්න ඇති. යම් කිසි අකටයුත්තක් හෝ දුකක් කරදරයකදී ඉදිරියට ඒම සුලුවෙන් හෝ දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදීසිටීම නිසා හුරුවෙන්න ඇති.

  4. ravisandu says:

    දේශපාලන තොරතුරු වෙනමත් සහ අරූගෙ තොරතුරු වෙනමත් ලියන එක මට හිතෙන විදිහට නම් සාර්ථකයි වගෙ.

    රෝහණ විජේවීර ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි………..

    කුමුදු ෆොන්සේකා…මචං මෙහෙ තියනව Stafford International Sri Lankan School කියල ශ්‍රී ලාංකිකයින්ගෙ දරුවන් වෙනුවෙන්ම පවත්වාගෙන යන පාසලක්. ඒක පටන්ගෙන තියෙන්නෙ කුමුදු ෆොන්සේකා කියල මහත්මයෙක්. දැන් එයා ඒ ඉස්කෝලෙ Chairman… මෙහෙ තියන Mercure Grand හොටෙල් එකේ Chief Financial Controller තනතුර දරන්නෙත් එයාම තමයි. අනිවා..ඔය උඹ කියන කුමුදු ෆොන්සේකා වෙන්න ඕන.

    • රවී….යෝජනාව හිතේ තබාගත්තා. මම උඹගේ ලිපිය කියෙව්වා දැන් දෙසැරයක්.. ඇත්තටම මටත් උවමනාවක් තිබුනේ මේ චරිතය ගැන යම් සටහනක් තබන්න.

      මම කුමුදු ෆොන්සේකා කියලා ගූගල් කරලා බැලුවා. මම කියන කෙනාම තමයි මේ ඉන්නේ කියලා හිතනවා. කුමුදු කැළණිය කැම්පස් එකේ උපාධිදාරියෙක් කියලා මට මතකයි. ඒ කාලෙත් යමක් සංවිධානය කරන්න සහ එය නිසියාකාරව හසුරුවා පවත්වාගෙන යාමට කුමුදුට හොඳ හැකියාවක් තිබුනා. ඔය විදිහට පාසලක් පවත්වාගෙන යනවා වගේ සමාජ සේවය්ක් කිරීම ලොකු දෙයක්. කුමුදු මුලින්ම කැෂියර් කෙනෙක්. එතකොටත් කැම්පස් යනවා. පසුව finance office එකේ වැඩ කරා.

  5. //දේශපාලනික ගැටුම් තුළ සිදුවන වැරදි, වැරදි ලෙස පිළිගෙන ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, ඒ තුළින් මනුෂ්ය ඝාතනයන් දක්වා දිවයන ක්රියාමාර්ගයන් වේ නම් අප නිවැරදි මිනිසුන් නොවේ.//
    ඇත්ත කතාවක්…ගොඩක් දෙනෙක්ට මේ දේ තේරුම් යන්නේ නෑ.

    //කුඩා කල සිටම නිවසින් පිට ජීවත්වූ නිසාමදෝ ,පිටස්තර සමාජය, පිටස්තර නවාතැන් වෙත ඇලුම් කෙරුවෙමි.//

    පස්සේ කාලෙකදී වෙන කෙනෙක් එක්ක එක තැනකට වෙන කොට මෙහෙම හිතුණේ නැද්ද? 😛

    • //////ඇත්ත කතාවක්…ගොඩක් දෙනෙක්ට මේ දේ තේරුම් යන්නේ නෑ./////////
      පොඩ්ඩි….මේ දේවල් තවමත් පාලකයෝ තේරුම් ගන්නේ නැහැ. තේරුනත් බලය කියන සාධකය නිසා අන්ධවෙලා ඉන්නේ. අපි අපිවත් තේරුම් ගන්නවා නම් හොඳයි. පොඩ්ඩිට තේරෙනවානේ. ඒ ඇති 😀

      /////පස්සේ කාලෙකදී වෙන කෙනෙක් එක්ක එක තැනකට වෙන කොට මෙහෙම හිතුණේ නැද්ද///////

      විවාහ වුනාට පස්සේ තමයි යාන්තමට හරි ජීවිතයේ වගකීම් ගැන හිතන්න ගත්තේ. ඒ වගකීම් විරහිත කම නිසාම නොයෙක්දේ අහිමිවුනා. පුළුවන් හැම විනාඩියකම බජාර් එකේම තමයි ඉන්න උනන්දු වුනේ. දැන් නම් හිනාත් යනවා මේවා මතක් වෙනකොට.

  6. රසික says:

    අතුල කේටර්ස්??

    කාලෙකට ඉස්සර කඩවත, රාගම පාරේ කඩවත කිට්ටුව වම් පැත්තෙ තැනක තිබ්බෙ. තරමක ප්‍රසිද්ධියක් තිබුනා. පහු වෙනකොට තැන් දෙකතුනකටම ව්යාප්ත උනා මම හිතන්නෙ.

    ඒ උනාට පොරගේ කෑම නම්……..අනේ මන්දා බන්, මට නම් රස නෑ.

    • රසික says:

      බලාගෙන යනකොට පොර දැන් මාර දියුණුයි. අනිත් උන්ට රස ඇති මට නැතුවට

      http://www.athulacaterers.com/index.html

      • Priyashad (ප්‍රියා) says:

        අතුල කේටර්ස් හිමිකරු කඩවත සිටි ඔබරෝයි එකේ අතුලමද?

      • රසික says:

        දන්නෑ, මට එහෙම හිතුනා කියලා තියෙන විස්තරයට. ඒකයි ඇහුවෙ.

    • රසික & ප්‍රියා……මේ අතුල ඒ අතුල තමයි. ඔහු ඒ අවධියේම මැද පෙරදිග රැකියාවකට ගියා. මහන්සියෙන් උපයාගත් මුදලින් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඔහු සතු තවත් ආයතන බොහොමයක් තිබුනා. අතුල සාර්ථක ව්‍යාපාරිකයෙක් වුනා පසුවෙන් පසුව. ඔහු ඉතා නිහතමානී මිනිසෙක්. මීට වසර 15-20 පමන පෙර ඔහු මට මුණගැසුනා. එවකටත් ඔහුගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුනේBMICH එකේ. ඉන් පසු ඔහු දුටුවේ නැහැ. මමත් රටේ හිටියේ නැහැ.

      කෑම ගැන නම් මම කියන්න දන්නේ නැහැ. ඔය බිස්නස් එකේ දිගටම රඳා පවතින්න බැහැ කෑම රස නැත්නම්. ඔහු අප සමග වැඩ කරන කාලේ නම් අති දක්ෂ සූප වේදියෙක්.

      • රසික says:

        ගමේ වෙදාට ගමේ උන් හොඳක් කියන්නෙ නෑනෙ බන් 😀

        ප්‍රධාන කාර්යාලය BMICH එකේ තිබ්බනම් මම කියනවා ඇත්තෙ රිසෙප්ශන් හෝල් එක(ක්) වෙන්න ඇති. 2002/3 වගේ කාලෙක ඕකෙ වෙඩිමකට ගිය ගෑනු ලමයව එක්කගෙන එන්න ගිය මතකෙන් කිව්වෙ.

        එක පාරක් මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකකට අතුලලා කේටරින් කළා. ඒ අර පන්සලේ බඳින සීන් එක නැගලා යන කාලෙ. මගේ යාලුවා වෙච්චි එකී ගෙ මනුස්සයත් ඔය රැල්ලෙ ගිහින් වෙඩිම ගත්තෙ බුලර්ස් රෝඩ් එකේ තියෙන බෞද්ධ මධ්යස්ථානෙ (වගේ නමක්). කෑම් වෙජිටේරියන්. රසත් නෑ. හාවෙක් වගේ ගෝවයි බතුයි කාලා බැන බැන ගෙදර ආවා. ඒකට අතුලලට බැනලා වැඩකුත් නෑ. අර යක්සයා උගෙ බජට් එකට තෝරපු මෙනු එකනෙ දෙන්න ඇත්තෙ.

      • අනේ මන්දා රසික මටත් ඔය එලවළුයි බතුයි, අඩියක් නැති වෙඩිනුයි නම් මොකක්ද මොකක්ද වගේ 😀 කාර් එකක් ඇතුලේ හරි පොඩ්ඩකට සෙට් වෙනවා. ඒවා ඉතින් ඔහොම තමයි.

        අතුල එක කාලයක් උගේ ස්ටාෆ් එකට ගත්තෙත් ඩ්‍රින්ක් එක නොදාන, සිගරට් නොබන කට්ටිය. ඔය මට කෙනෙක් කියපු කතාවක්. මම හරියටම දන්නේ නැහැ. එක එකා හිතන විදිහ තියෙන වෙනස්කම්නේ….

  7. Chandana says:

    බොහෝ දෙනෙක් විසින් හොඳ මිනිසුන් කියල පිළිගන්න, නරක අඩුවෙන් තියන මිනිසුන් ඉක්මණින්ම නික්ම යන බව නම් මාත් දැකල තියනවා.

      • චන්දන……හොඳ මිනිසුන් ඉක්මනින් සමුගෙන යාම මටත් බොහෝ විට අත්විඳින්න වෙලා තියෙනවා. ඒවා බොහෝමයක් ඉතා කණගාටු දායකයි. ඒත් මොනවා කරන්නද. ආවොත් යන්න එපැයි. එහෙම හිත හදාගන්නවා.

  8. අර්ධ ශතකයට සුභ පැතුම්.. පියවර පණහක් තුල අසීමිතව දිණු වූ අරූ නම් වූ ‘දක්ෂ ලේඛකයා’ ගැන ආඩම්බරයි.

    82 ජනමත විචාරණය හෙවත් ලාම්පු කළගෙඩි සෙල්ලම.. මගේ පළවෙනි දේශපාලන මතකය.. ප්‍රේමදාස මහතාගේ දෙවෙනියා වූ වින්සන්ට් ඩයස් (හරීන් ගේ මාමා) විසින් ලබා දුන් උදාගම් නිවසක සිටි අප කොළපාටින් මිස වෙනත් පාටකින් එය එදා දුටුවේ නෑ. අලි දෙදෙනෙක් දෙපසින් සිට ඔසවාගත් දැවැන්ත රෙජිෆෝම් ලාම්පුවක් අප ගමට ඇතුල්වන තැන කාලාන්තරයක් තිබුණා මතකයි..

    83 කළු ජූලිය හෙවත් අපි කියපු විදියට දෙමළ කෝලාහලය.. අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටියේ දෙමළ පවුලක්. ‘පලනි’ අන්කල්ගේ ඩෙලික එකේ තමයි මට කහ උණ හැදිල අමාරු උන වෙලාවේ මහ රෑ මැද්දෙ ඉස්පිරිතාලේ අරන් ගියේ. ‘පලනි’ ඇන්ටි හදන ලොකු තෝසේ එකයි ගල් වංගෙඩියෙ කොටල හදන ලුණුමිරිසයි කන්න ඉස්කෝලෙ නිවාඩු දවස් වලට වටේ පිටේ පොඩි උන් ඔක්කොම එනව.. ඇන්ටිට දවල් දහය විතර වෙනකං අපිට මාරුවෙන් මාරුවට තෝසෙ හදල දෙනව. ලොකු දුව අනූශා මට වැඩිය දෑවුරුද්දක් බාල උනත් සෙල්ලං ගෙදර මගේ අම්මා.. ටවුමේ දෙමල කඩ ගිනි තියල මිනිස්සු මරනවා කියල බයේ පලනි අන්කල්ලගේ නෑයෝ ගොඩක් දෙනෙක් ආව ‘ආණ්ඩුවේ’ ගමක හිටපු මේ අයගෙ ගෙදරට ආරක්ශාවට..
    පලනි අන්කල්ගෙ බාල සොහොයුරා, තඩි බඩගෙඩියක් තිබ්බ කොයි වෙලෙත් හිනා වෙලා හිටපු මන්ද මානසික ‘ත්‍යාගරාජා’ එක්ක අපේ මිනිස්සුන්ට මොන තරහක්ද මංදා තිබුනේ..
    එදා රෑවෙනකොට අපේ ගමටත් භීෂණය එන්ඩ ගත්තා.. අපේ අම්මයි තාත්තයි ඒ පැත්තට ගිහින් කුටු කුටු ගානවත් දවල්ට අපි සෙල්ලම් කරන කෙහෙල් පඳුරු අස්සෙන් අඳුරු සෙවනැලි වගේ ඒ ගෙදර පහලොවක් විස්සක් විතර ලොකු කුඩා හෙවනැලි ඇවිත් අපේ ගෙදර ඇඳන් යටට රිංගනවත් යන්තමට මතකයි.. පොඩි දුව කිරිබොන වයසේ ශෝභා විතරක් උදේ නැගිටිනකොට අපේ ඇඳේ හිටියත් දවල් දවසේ ඇය පේන්න හිටියෙත් නෑ. එදා ඉඳන් දවස් තුනක් යනකම් අපේ ගෙදර ඉව්වේ රොටී සහ පරිප්පු හොදි විතරයි.. ගෙයින් පිට යන්නත් ඇතුළු ගෙයි කාමරයට යන්නත් අපිට තහනම්.. රොටී විස්සක් තිහක් හදාගෙන ලොකු පරිප්පු හට්ටියකුත් අරගෙන කාමරේට ගිහින් අම්ම ඔක්කොම තනියන් කෑවද දන්නෑ.

    ඔහොම පහුවෙච්චි දෙවෙනි දවසේ රෑ අපේ අල්ලපු ගෙදරට දේශප්‍රේමියෝ පැනල තිබ්බ.. කරපු ජීවිත හානියක් වත් මහ විනාසයක් වත් නොවුනට අපිට ලුණුමිරිස් කොටල කන්ඩ තිබ්බ ගල් වංගෙඩිය පොළොවෙ ගහල කඩල තිබ්බ දැක්කමනම් මට ඇඬුනා.

    කරපු ගොංකං වලින් පාඩම් ඉගෙන ගන්නවනම් අපි විතර දැනුවත් ජාතියක් තවත් නැති වෙන්න තිබ්බා.. ජය ශ්‍රී!

    • හුප්!

      බුකියෙන්නෙ ලොග් වෙලා ඉඳල තියෙන්නේ

      • http://manogeloka.blogspot.com/ says:

        මිනිස් වෙස් ගත්තු ඔය වගේ නරුම දේශප්‍රේමියෝ අස්සේ සුමිත් අයියලාගේ අම්මලා වගේ සුන්දර මිනිස්සුත් ඕනේ තරම් ඉන්න ඇති.මට මතක් වුනේ මේ කමෙන්ට් එක කියවන කොට නිශ්මන් ලියපු මෙන්න මේ පොස්ට් එක.http://chiththapata.blogspot.com/2014/07/blog-post_24.html

      • ස්තූතියි මනෝ ලින්ක් එකට.. තවත් සංවේදී කතාවක්.. ඒ වගේම බලන්නම ඕනෙ බ්ලොග් එකක්.. 83 මේ වගේ සංවේදී කතා, භීශණ කතා වගේම හිනා යන කතාත් ගොඩාක් තියෙනවා.. ඒත් මං ටිකක් පැන්නද මංදා කියල හිතෙනවා.. අරූ අයියා තැනක දෙකක යන්තම් කියල තිබ්බට ඇත්තටම තවම 83 ගැන කියල නෑ. අපි ඒ වෙලාවට ආයේ කතා කරමු. ජය ශ්‍රී!

      • @ මනෝ……මට මතක්වුනෙත් නිශ්මං ලියපු ඒ පෝස්ට් එක.

      • @කමි…..///// ටිකක් පැන්නද මංදා කියල //////
        /ගණන් ගන්න එපා. 83 ගැන මම ලඟදිම ලියන්නම්. මම 83 ගැන වෙනස් අත්දැකීම් ලැබුවේ. ඒ කාලයේ කොළඹ හෝටලයක වැඩ කරපු අය දැක්කේ තවත් පැත්තක්.

    • කමි…..ඔය ජනමත විචාරනය නිසා අපේ දේශපාලන ඉතිහාසය විකෘති වුනා. ඒ තමයි ලංකාවේ පවත්වපු පළමු සහ අවසන් ජනමත විචාරනය. තව එකක් ලඟදි එයිද කියන්න බැහැ. බලය ගිලීහි යන කොට පාලකයින් ඔවැනි තීරනවලට එනවා. බලහත්කාරයෙන් හෝ පාලනය රඳවා ගැනීම තමයි ඒකායන ප්‍රාර්ථනය. ඩීබී විජේතුංග ජනාධිපතිවරයා එදා සාධාරන මැතිවරනයක් නොපැවත්තුවානම්, 1994ත් ඔවැනිම සිදුවීම් ගැන තමයි කතා කරන්න වෙන්නේ.

      1983 ගැන නම් ලියන්න දේ බොහොමයි. මම අවුරුදු 21ක තරුනයෙක්. ඇහැට දැකපු දේවල් ඉතා අමිහිරියි. හිරිකිතයි. එදාත් බැට කෑවේ අසරණයෝ. සල්ලි කාරයෝ ජීවිත බේරා ගත්තා.

      නුඹේ අම්මා වගේ උතුම් මව්වරුත් හිටියා. මගේ නැන්දම්මා එවන් චරිතයක්. ඒ ගැන පසුව ලියන්නම්. ඒ අතර තුර රෙද්ද කරේ තියන පාරට බැහැපු අම්මලාත් හිටියා. අපට නැතිවුනේ පලනි අන්කල්ලා විතරක් නෙමේ සිංහල/දෙමළ සහෝදරත්වයක්. ඒ හිඩැස ලේසියෙන් හදන්න බැහැ. තාමත් පාඩම් ඉගෙනගන්නේ නැහැ.

  9. 50 වන පියවරටත් සතුටින් පිරිනැමෙන සුබපැතුම් පිළිගන්න අරූ.

  10. හැමදේම කල අරූ අය්යදේසපාලනේ නොකල නං ඒකෙ කිසිම ගතියක් නැති වෙන්න තිබ්බ නැද්ද මං අහන්නෙ…
    මගෙ සමීපතම කෙනෙක් මට කීව දවසක් උපතිස්ස ගමනායකව මරපු හැටි ගැන… ඒක ඇත්තටම ඇත්ත කතාව නං අහන්න නෙවී හිතන්නවත් බය කතාවක් ඒත් ඒ කාලෙ කරල තියෙන ඝාතන දිහ බලපුවාම ඒකත් එක සිද්ධියක් විතරයි…
    සමහර විට ජේ ආර් රංජන් විජේරත්න වගේ අය තියන අන්තිම නරකාදියෙ ඇති කව්ද දන්නෙ නේහ්…
    ඒ කාලෙ ඒ උංනැහේල කරපු කුප්පහි වජ වල ප්‍රතිඵල නෙව අදටත් මේ විදින්නෙ.. ඇති එකා ඉතුරු කරල නැති එකා මරල දැම්ම කොටිංම කියනව නං ලංකාවට හොදමමොළ ගෙඩි ටිකක් නැති වෙලා…
    අදටත් සීතලට ගෙනියන්නෙ ජේ ආර් ගොය්යගෙ වැඩ පිළිවෙලම තමා වෙනසක් නැ

    • මහේෂ් උඹ කියනවා වගේ හැම මගුලක්ම කරපු එකේ දේශපාලනෙත් පොඩ්ඩක් හරි අතගාපු එක ලොකු දෙයක්. උපතිස්ස ගමනායකව මරනකොට මම ලංකාවේ හිටියේ. බොරලැස්ගමුවේ පැත්තේ වෙස්වලාගෙන හිටියේ ඩයස් මුදලාලි නමින්. අමිහිරි සිදුවීම් රාශියයි. සමහරු රතිඤ්ඤා පත්තු කරා. සමහරු නිහඬවම තම ශෝකය දරාගත්තා. ප්‍රසිද්ධියේ ශෝකවීම ඒ යුගයේ කොයි කාටත් තහනම් වෙලා තිබුනේ. ඔන්න ඕවයි වෙච්ච වැරදි.
      නැතිවුන ජීවිත ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ මියගිය තරුන පරපුර අද හිටියා නම්….ඒ හිඩැස පිරවුනේ බොහෝ දුරට චාරයක් නැති වැදගම්මකට නැති අපතයින් රැළකින්. සමාජ අවබෝධයක් නැති, සාහිත්‍ය රස වින්දනයක් නැති සමාජයක් බිහිවුනේ ඔවුන්ගේ අහිමිවීම නිසයි. ඒ පරම්පරාව අද හිටියා නම් මම වැනි වැඩිහිටියන්. ඔවුන් තම දරුවන්ට යමක් උගන්වාවි, ඉතිරිකරාවි. ඒක අනාගත ආයෝජනයක් වෙන්න තිබුනා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

  11. Rasikologist says:

    ජවිපෙ කළ හැත්තෑ එකේ කැරැල්ල වගේ නොවෙයි 88-89 ත්‍රස්තවාදය අමානුෂිකයි. දෙවෙනි වෙන්නේ කොටි ත්‍රස්තවාදයට පමණයි.

    • ඒ තරම්ම ඊටත් වඩා දරුණු ආණ්ඩුවේ ත්‍රස්තවාදය ගැන මොකුත්ම හිතෙන්නැත්ද?

      • http://manogeloka.blogspot.com/ says:

        ඒ වෙලාවේ ආණ්ඩුවේ ත්‍රස්තවාදයත් භයානකයි.එත් මට හිතාගන්න බැරි මොකද කියලා ජවිපෙ තමන්ගේ ත්‍රස්තවාදය සමාන්‍ය ජනතාව වෙත මුදා හැරියේ ඇයි කියන එක.

      • ඔතනිනුත් සීයට අනූවක්ම කලේ ආණ්ඩුවමයි. මතක ඇතිනෙ, කොල බලල්ලු, කහ බලල්ලු.

      • මනෝෂ්……ඔය කහ, කළු බළල්ලු, ප්‍රා කංඩායම් තරඟෙට මිනී මැරුවා. අනිකුත් වාමාංශික පක්ෂවලට ජවිපෙන් තිබූ අවධානම නිසා එහි සාමජිකයින් අර වගේ කංඩායම්වල ඔත්තුකරුවන් බවට පත්වුනා. ඒවාට සම්බන්ධව සිටි උදවිය අදත් එදත් එක් එක් ආණ්ඩුවලට සම්බන්ධව සිටින බව දන්න අය දන්නවා. මේ කංඩායම් තුල උතුරේ තරුණයින්ද සිටි බව ඒ දවස්වල කියවුනා. කවුද ජේවීපි, කවුද ප්‍රා කියලා හොයාගන්න බැරි තරමට තත්වය අවුල්වුනා අවුල් කලා. මේවාට මුහුණ දුන් අය මේ බව දන්නවා.

    • @”කකාරසිකලොජි”…..88-89 දෙගොල්ලන්ම ම්ලෙච්ඡ ලෙස ත්‍රස්තවාදය මුදාහැරියා. උඩ සිට පහලට ගලාගෙන ආ යුතු සන්නිවේදනයක් නැතිවුනා. සාකච්ඡා කල විසඳා ගැනීමට තිබු තැන් වලට ඝාතනය ආදේශවුනා. මිනිස් ජීවිත හෑල්ලුවට ලක්වුනා. ජවිපෙ දුර්වලව අකර්මන්‍ය වෙලා සිටියදී පවා රජය පසුපසින් පැමිණ අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිනවීම වෙනුවට නිහීන ලෙස ඝාතනය කලා.

      මම ඒකාලේ හිටියේ ප්‍රසිද්ධ යුධ කඳවුරක් අසල ගමක. එහි ජීවත්වූ හමුදා පවුල්වල උදවිය ගතකරේත් ඉතාම අවිනිශ්චිත කාල පරිච්ඡේදයක්. හමුදා පවුල්වල මානසිකත්වය වටහා ගන්න දේශප්‍රේමීන් උත්සාහ කරේ නැහැ. මේ දෙපාර්ශවයෙන්ම බැට කෑ මිනිසුන් මහත් පීඩාවට පත්වුනා.

  12. 50 ට සුභ පැතුම්…
    JVP නිසා අරක්කු සිගරැට් බොන එක නතර උනානම් ඒකත් හොඳ දෙයක්.

    පක්ෂ මර්ධනයට JR ගත්තු තීරණය වැරදියි කියල මමත් හිතනවා, මොනදේ උනත් JVP එක කරපු මෝඩ වැඩ නිසා එයාලගේ නායකයෝ නැති උනා වගේම රටේ සම්පත් බහුතරයක්(මානව සහ භෞතික) විනාශ උනා.

    JVP එකේ නායකයෝ සාර්ථක නැහැ කියල මම හිතනවා, ඒකට හේතුව උන්ට බැරිඋනා ගම් මට්ටමේ හිටපු සමහර මෝඩයින්ට උන්ගේ අරමුණ හරියට කියල දෙන්න. ඒ වගේම අරගලයක් කියන්නේ බලෙන් පටන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි…. ඒක එන්න ඕනේ පීඩනයට ලක්වුන ජනතාව තුළින්ම…. එහෙම දෙයක් මෙතනදී උනාද කියන එක ලොකු ගැටළුවක්. මම මේ කියන්නේ 88-89 කලේ ගැන.

    ඉස්කෝලේ ගේට්ටුවේ අලවල තිබ්බ ලොකු පෝස්ටරයක් ළමයි ලව්වා ගැලෙව්වා කියලා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා හිටපු අපේ ලොකු තාත්ත කෙනෙකුට රෑ ගෙදරට ඇවිත් වෙඩි තියල මරලා, බෙල්ල කපලා ඔළුව මල්ලක දාගෙන අරගෙන ගිහින් කිලෝමීටර දෙකක් විතර එහා තිබ්බ හන්දියේ කණුවක ගහල තිබ්බා. JVP එකට විරුද්ධ උනාට මරණය කියන බෝර්ඩ් එකක් එක්ක. ඒක කරලා තිබ්බේ ඒ ඉස්කෝලෙම කලින් ඉගෙන ගත්තු උන්…
    ඊට පස්සේ මිනිය දනිස් මට්ටමෙන් උඩට ගන්න එපා කියල පණිවිඩ එවලා තිබුනා, පස්සේ ආමි එකෙන් ඔළුව ගෙදරට ගෙනත් දුන්නට පස්සෙ අවසන් කටයුතු කලේ JVP එකෙන් කියපු විදිහට.
    අපේ ගෙවල් අවට කී දෙනෙක් ඔය මගුල හින්ද දෙපැත්තෙන්ම මැරුම් කෑවද. මුළු රටේමනම් කී දෙනෙක්ද.

    ඒ වගේම තමන්ගේ පක්ෂේ කැරැට්ටුව දන්නේ නැතුව පසුකාලීනව JVP එකේ එල්ලිච්ච එකෙක් ලොකු තාත්තලාගේ ගෙදරට ගිහින් තිබ්බා ජන්දේ ඉල්ලන්න 94 දීද කොහෙද
    ලොකු තාත්තගේ පුත්තු ඌට ජන්දේ එපා වෙන්නම කියල දීල යවල තිබ්බා
    මමත් කැම්පස් ඉන්න කාලේ JVP එකට ජන්ද කීපයක් දුන්නා, ඒ සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට ආවට පස්සේ…
    ඒකත් මෝඩකමක් කියල අද හිතෙනවා.

    • ආදරනීය ලොකු පුතා වෙත ලියමි……ඔය අපේ අම්මා ඒ දිනවල ලියුම් එවීමේදි මා ආමන්ත්‍රනය කෙරූ විදිහයි.
      ඉතින් ලොකු පුතේ …මම කාලයක් ජීවිතයට හික්මීමක් සහ විනයක් ලඟා කරගත්තේ ජවිපෙ නිසා යැයි කිව යුතුමයි. නමුත් එය කුඩා කාලයකට පමණක් සීමා වුනේ මගේම වරදින්මයි. මම නිදහසේ කාලය ගත කිරීම තෝරා ගත්තෙමි. ඒ එදාත්,අදත්, හෙටත් මා ජීවිතය ගත කිරීමට කැමති ක්‍රමයයි. මම පෞද්ගලික නිදහසට තදබල ලෙස ඇළුම් කරන්නෙක්මි. මා ගත කල ජීවිතය තවකෙකු ගතකල යුතු බව මින් අදහස් නොකෙරේ.

      මචං…උඹේ කමෙන්ටුවේ කියා ඇති අදහස් සම්බන්ධව අද මා දරන මතය ඉහත පිලිතුරු උඹ කියවනවා නම් වැටහෙනු ඇත. මේ ටික හෙණ ෆෝමල් විදිහට ලියවුනේ 😀

      ///////මමත් කැම්පස් ඉන්න කාලේ JVP එකට ජන්ද කීපයක් දුන්නා, ඒ සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට ආවට පස්සේ…
      ඒකත් මෝඩකමක් කියල අද හිතෙනවා.//////////////

      මට ඡන්දය පාවිච්චි කිරීමට ලැබුණු ඒ යම් අවස්ථාවකදීම එය ජවිපෙ වෙනුවෙන්ම පමණයි දුන්නේ. මම විශ්වාස කරනවා ජවිපෙය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහය තුල හැකිතාක් දුරට රැඳී සිටිය යුතු සහ රඳවා තබාගත යුතු දේශපාලන ව්‍යාපාරයක් බව. ඒ නිසා මගේ ඡන්දය ඔවුන් වෙනුවෙන් පාවිච්චි කිරීම පිලිබඳ මට ඇත්තේ සතුටක්. මේ මගේ පෞද්ගලික මතයයි. උඹට වෙනස් අයුරින් සිතට දැණීම පිලිබඳ මම තර්ක නොකරමි.

  13. සහෘදය ඔබට බෙහෙවින්ම ස්තූතියි…

    දැඩි වාග් ප්‍රහාර, නිර්ධය විවේචන මේ පෝස්ටුව තුලින් ඔබ හමුවට පැමිණෙනු ඇත. ඒ අභියෝගය භාරගනිමින්, මෙවන් සටහනක් තැබීමට තරම් ඔබ සවිමත් කොන්දක් සහිත වූවෙකු වීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි.

    විජේවීරයන් අතීතයේ දවසක මෙවන ප්‍රකාශයක් කොට තිබෙනවා.

    “ඉතිහාසය විසින් අපිව නිදෝ කරනු ඇත”

    අද ඒ ප්‍රකාශය සත්‍යක් බවට පත් වෙමින් තිබෙනවා. ලිං මැඩි මානසිකත්වයෙන් හා කුහක අදහස් සිත් දරන්නවුන් තවමත් එදා ජේ ආර් ගිය පාරෙම යන්න හදනවා,. 88-89 දීත්, 83දීත් මේ රටට මේ තරම්ම ව්‍යසනයක් අත් වූයේ එක් පුද්ගලයකුගේ සුඛ විහරණය වෙනුවෙන් සිදු වූ බලලෝභී තීරණ නිසාවෙනි.

    • http://manogeloka.blogspot.com/ says:

      //“ඉතිහාසය විසින් අපිව නිදෝ කරනු ඇත”//
      ඒ නිසාද අනුර කුමාර ඒ සිදුවීම් ගැන සමාව ඉල්ලුවේ?අර උඩ ලොකු පුතා කියලා තියෙනවා වගේ විප්ලව,අරගල බලෙන් ජනතාවගේ කර මට පටවන්න බැහැ.ජවිපෙ ඉතිහාසය ගැන මගේ පැහැදීමක් නැහැ. විජේවීර කියන චරිතය ඕනවට වඩා කලු හෝ සුදු එකක් නෙමේ කියලයි මට හිතෙන්නේ.

      • ඔය කියන සමාව ඉල්ලීමක් මම නම් දැක්කෙ නෑ කොතනකවත්. ඒත් මෙච්චරකල් ඔය විදියට ජවිපෙ එකවුන්ට් එකට වැටිල තිබුන ප්‍රේමකීර්ති ගැන රහස ඔහුගේම බිරිඳ එලිකලා. මේ විදියට කවදාවත් වසන් කල නොහැකි සත්‍ය කෙදිනෙක හෝ එලිවේවි.

      • @ මනෝෂ්…..මේ සියල්ලන්ටම පෙර ඔබට පිලිතුරක් දිය යුතු යැයි සිතුනා. ඒ වෙන කිසිවක් නිසා නොව මා මේ සටහන තුල කතා කිරීමට බලාපොරොත්තුවූ “වැරදි නිවැරදි කර ගැනීම “යන උද්ධෘතය මත පිහිටාමය.

        වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කලයුතු වන්නේය. තමන්ගේ චරිතයේ සිට පටන් ගතහොත් ,පවුල. ගමේ සමාජය. කුඩා දේශපාලන කංඩායම්. වෘත්තිය සමිති, මහා දේශපාලන පක්ෂ, රාජ්‍ය නායකයින් සහ රජ රැජිණියන් තුලින් පවා වැරදීම් සිදුවේ. ඒ වැරදි, වැරදි යැයි සිතා නිවැරදි නොවන්නා හෝ එම වැරදි සාධරනීකරනීය කිරීම තුලින් සිදුවන්නේ, තව තවත් වැරැද්දට අනුබල දීම නොවේද….

        මම උඹේ තරුන ජවය සහ සංවේදීත්වය අවතසේරු නොකරමි. ඔබ වැනි තරුනයන් තුලින් මතුවී ඉලිප්පී එන්නේ සමාජ අසාධරනයට එක හඬින් දක්වන විරෝධය බව දණිමි.

        වැරදට සමාව ගැනීම ජයග්‍රාහී මගකට යොමු කිරීම මිස එය ලැජ්ජාවට කාරනයක් නොවේ. ලැජ්ජා විය යුත්තේ ඉබ්බෙක් වීමය. මම ජවිපෙ ගැන ආඩම්බර වෙන්නේ මෙවන් සෞඛ්‍ය සම්පන්න දේශපාලන නිවැරදී කර ගැනීම් ඔවුන් සතු නිසාය. වැරදි…වැරදි ලෙසින් පිලිගන්නා ලෙස සමාජය මහා තෙරපුමක් ඇති කරයි. එය පිලිගැනීම නිවට කමක් නොවේ.

        මනෝෂ් මාතලන් අවසන් වරට අසා ඇති ප්‍රශ්නයට මගේ පිලිතුර කියවා බලන්න. මම යායුතු ගමන අවසන් කර නැවත පැමිනෙන්නෙමි. මට ස්වල්ප මොහොතක් දෙන්න.

        මේ වීඩියෝ පටය උඹ නැරඹුවාදැයි මම නොදනිමි. මට ජවිපෙ සමග ආරෝවක් නැත. ඇත්තේ විසඳාගැනීම් කිහිපයක් පමණි.

        මනෝෂ්…..මට මේ සිදුවීම video (ඒ කිව්වේ …රිග්‍රෙට් වීම හෝ ඇපොලජයිස් කිරීම ) හොයා ගන්න මහන්සි වෙන්න වෙලාව පොඩ්ඩක් මදි. දන්න කෙනෙක් දාන්න. ඒ ජවිපෙට කරන ගෞරවයක්.

        මනෝෂ්….මම ප්‍රේම් ගැන ලියන්නම්. ඔහුව මට ඇසුරු කරන්න ලැබුනා. ඒ මරණය ගැන මට තදබල සැකයක් තියෙනවා. මම ප්‍රේම් ගැන පසුව ලියන්නම්. ඉතාමත් නිර්ව්‍යාජ මිනිසෙක්.

      • අරූ අයියේ, ජවිපෙ වෙනුවෙන් දියත් වෙච්ච කොන්දේසි විරහිත මර්ධනය වෙනුවෙන් ජවිපෙත් ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. එතනදි බොහෝ නොකටයුතුකම්, විය නොවිය යුතු දේවල් සිද්ධ උනා. නමුත් ඔබ කියන්නා සේම ජවිපෙ ඒ වරද තුන්වෙනි පාරත් නොකරන බව මටත් විශ්වාසයි. මේ ඉන්නෙ ඉස්සර හිටපු ආවේගශීලී ජවිපෙ නෙවෙයි, අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච පරිණත ව්‍යාපාරයක් දැන් තියෙන්නේ. ඔබ කිව්ව වගේ වැරදි හදාගන්න ඕනි. ඔවුන් එය හදාගෙන තියෙනවා. නමුත් සිදු වූ සියල්ල ජවිපෙ පිට දමා අතපිහදගන්න හදන කුහකයන් ගැන මට තියෙන්නෙ ලොකු අපැහැදීමක්. ඒ වෙච්ච දේවල් සියල්ල මත සියලු වෑරදි ජවිපෙට පටවා ඔවුන් ගත් ක්‍රියාමාර්ග අස්ස්ධාරණී කරනය කරන්න යමෙකු උත්සාහ ගන්නවා නම් මං හැමවෙලේම උත්සාහ කරනවා ඔවුන් සාධාරණීකරනය කරන්න.

      • @මනෝගේ ලෝකයා 😀

        මේ භෞතික ලෝකයේ කිසිම මිනිහෙක් හෝ ගැහැනියක් කළු හෝ සුදු වෙන්නේ නැහැ. අඩු වැඩි වශයෙන් අපි හරිදේත් වැරදි දේත් කරනවා. ඒ තමයි ස්වභාවය. මිනිසුන්මවූ දේශපාලකයින් තුලින් මතුවෙන්නේත් එවැනි චරිතමයි. අප එය වටහා ගත යුතුයි. පරමාදර්ශී චරිත මා දැණුවත්ව නැහැ. එහෙම චරිත බිහිවෙන්නෙත් නැහැ. ඒවා තියෙන්නේ පොත්වල විතරයි. ඉතින් පොත්පත් වලින් ගන්නාදේම ප්‍රායෝගික වෙන්නේ නැහැ. නෙල්සන් මැන්ඩේලා, චේ ගුවේරා වැනි චරිත ගත්තත් ඔවුන් තුලත් ඇත්තේ මනුෂ්‍ය ස්වභාවයන්මයි. ඔවුන් අන් අයට වඩා යම් තාක් ධනාත්මක ගති පෙන්වා තිබෙනවා යැයි කීම වැරදි නොවේ.

      • //////////නමුත් සිදු වූ සියල්ල ජවිපෙ පිට දමා //////////////
        @ මනෝෂ්………සියල්ලේ වරද ජවිපෙ පිට පටවන්න ඉතිහාසය මතක කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක වැරදියි. හරි දොස්තරලා ලෙඩට බෙහෙත් දෙන්න ඉස්සෙල්ලා ලෙඩට හේතුව හොයලා බලනවා. එහෙම නැති දොස්තරලාත් ඉන්නවා. ඒත් අපි ඒ ඔක්කොටම කියන්නේ දොස්තරලා කියලා. ඕනෑම කෙනෙකුට තම මතය දැරීමේ අයිතියක් තියෙනවා. කූල් එකේ පහදලා දෙන්න.

  14. Anonymous says:

    අඩේ මාරයි,මමත් ඒ කාලෙ ජේවීපී දේශපාලනය කලේ ඔය පලාතෙමනේ බං.ඒ කියන්නෙ වැලිසර මහබාගේ ඇලපිටිවල ලයින් එකේ.අපි ඔය නවලෝක හංදියේ ජනාධිපතිවරනෙට මීටිමක් තියල ශාන්ත බණ්ඩාර මහින්ද පතිරණ වාස් තිලකරත්න ගෙන්නුවා.එදා රෑ ඒ ලයින් එකේ හිටපු සෑහෙන යූ ඇන් පී කාරයො ටිකක් ජවිපෙට බැඳුනා.
    මේ පොස්ටුවත් එක්ක හරිම සුන්දර මතකයන් රැසක්ම අවදිවුනා මචං.මමත් වෙලාවක ලියන්නං.

    • Anonymous says:

      මම හැලපයා

      • හැලපේ…..මේ කියන චරිතත්, සිදුවීම් ගත්තාමත් ඒ කාලයේ හිටපු අයට මතකයන් ඇවිස්සෙනවා තමයි. මචං කඩවත ගොඩක් වැඩකරේ සුදු සරමයි, සුදු කමිසයයි ඇඳපු බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන මාළු විකනපු සුන්දර මනුස්සයෙක්. මට නම මතක්වෙන්නේ නැහැ. ඔය කවුරුත් ආදරය කරපු චරිතයක්. තව තිබුනා කඩවත ටේලර් ශොප් එකක්. එයාත් ඒ කාලේ ගොඩාක් වැඩ කරා. පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ. කඩේ නම සමනළ ටේලර්ස් මට මතක හැටියට. මට ෂුවර් නැහැ.

      • මතක තියෙන දේ ලියපන්….උඹ ගාව රසකතා ගොන්නක් තියෙන බව පේනවා.

  15. Priyashad (ප්‍රියා) says:

    මේ කාළකණ්නි දේශපාලනේ නිසා එදත් අහිමි උනේ මිල කල නොහැකි මිනිස් ජීවිත අදත් අහිමි වෙන්නෙ මිල කල නොහැකි මිනිස් ජීවිත. ඉදිරියටත් මේ දේශපාලනය ඉල්ලන්නෙ ලේ පිපාසිත මිනිස් බිලි පමණයි.

    විධායක ශ්‍රේණියට ලද උසස් වීමක් නිකම්ම ප්‍රතික්ෂේප කලා කියත්දි ඇත්තෙන්ම පුදුමයි!!

    අවුල් නොවූ 50 වන දිඟහැරුමට සුභ පැතුම් අරූ අයියා.!

    • රට වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් ඔයිටත් වඩා අනන්ත කැපකිරීම් කරපු මිනිස්සු අනන්ත හිටිය මචෝ.. අදත් ඉන්නවා. ඔය අනිත් පක්ෂ දෙකෙන් ඒ වගේ එකෙක් හොය කියහං පුලුවන්නම්.

    • //////////විධායක ශ්‍රේණියට ලද උසස් වීමක් නිකම්ම ප්‍රතික්ෂේප කලා කියත්දි ඇත්තෙන්ම පුදුමයි!!////////

      ස්තූතියි ප්‍රියා…..විධායක නෙමේ කණිෂ්ඨ විධායක, ඒ ශ්‍රේණියේ අයටත් විශාල පහසුකම් තිබුනා. එහෙම තත්වයක් ගන්න ගොට්ට අල්ලපු අය ඕන තරම් ඉන්න අතරේ කුමුදු වීරයෙක්. පස්සේ කාලෙක අපේ ඉල්ලීමත් නිසාම කුමුදු ඒ තනතුර බාරගත්තා. එහෙම වුන එක හොඳයි. කුමුදු ගැන කියවන්න සහ බලන්න පුළුවන් රවී දාපු කමෙන්ට් එක හරහා.

    • @මනෝෂ්……එහෙම අය ඇති පදම් හිටියා.. තනතුරු මොනවද මනෝෂ්, ජීවිතයම දුන්නා එහෙම තැනක් තමයි ජවිපෙ. මට නන්දන මාරසිංහවත් මතක්වුනා . අපි මේවා හිතන්න ඕන.

  16. 50ට සුභපැතුම් අරූ. මේ විස්තර ටිකෙන් පොතක් ලිව්ව නං හරි බං. මුල් සටහන් ටික පොඩ්ඩක් සංශෝධනය කලානං වැඩේ ගොඩ.

    • තෑන්ක්ස් රාජ්!! පොතක් ලියන්න තරම් ලේඛන හැකියාවක් තියෙනවද මන්දා. මම ඉතින් නිකං ඔහේ ලියාගෙන යන පොරනේ රාජ්. ඔව්වා කරන්න වෙලාවකුත් නැහැ බං. වැඩ ඉවරවෙලා බීලා, කාලා ගෝල්ලීෆ් එකක් පත්තු කරන් ඉන්නවා. (උඹේ ආතල් ඇනෝ වගේ)

  17. Priyashad (ප්‍රියා) says:

    ආ අමතක උනා අයියෙ, ශ්‍රීපති සූරියාරච්චිගෙ මරණය ඝාතනයක් නෙමේ නේද? හදීසි අනතුරක් නේද?

    • උඹටත් මතක්වෙන දේවල් ප්‍රියා. සමහර හදිසි අනතුරු, ලාවට ඝාතන කියලත් කියනවානේ. කොයි එක වෙතත් එහෙනම් ඇක්සිඩන්ට් ගොඩට දාමු. නොයෙකුත් කතා තියෙනවා.

  18. raigam says:

    මචං උඹ දන්නවනේ, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නන්ට, ඉතිහාසය නැවත කැරකෙනවා කියා. එය අපගේ පෞද්ගලික ජිවිතයටද අදාලයි. අතීත ම්ලේච්චත්වය උත්කර්ෂයට නං වන්න උත්සහ කරන්නේ, මේ කුඩා මල්ලිලා පමණක් නොවේ. හැබැයි, ඔවුනගේ අසාර්ථකත්වයට මුලික හේතුවක් වන්නේත් එයමයි.

    • Kenji ogawa says:

      +++++++++++++++++++++++++++++++++++++++++++

    • /////////ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නන්ට, ඉතිහාසය නැවත කැරකෙනවා /////////

      හරියටම හරි රයිගම්….. මම පෞද්ගලිකවත් අත්විඳලා තියෙනවා. ඒ නිසාම තමයි අපි ගෙවල්වලත් කියන්නේ වරදක් කරොත් ඒ ගැන සමාව ගැනීමත්, ඒ වරද හැකිතාක් දුරට නිවැරදි කරගැනීමත් කරන්න කියලා. මට ඔය ලොකු ලොකු න්‍යායන්, දර්ශණයන්, වාදයන් නොතේරුනාට පෙණුන, අත්විඳි ඇත්ත ඕකයි.

  19. ඉන්දික උපශාන්ත says:

    අරූ,

    අද කලින්ම ආව!

    82 ලාම්පු කළගෙඩි සෙල්ලමේ මතක හිටින සිද්ධි කියිහිපයක් තියෙනව. ඡන්දෙ නැති පැටි මම එදා පාණදුරේ පොඩි අක්කගෙ වෙන්ට මනමාලය එක්ක එහෙ ගීන් මහබෙල්ලන ගඟෙන් නාල, පාණදුරෙන් පොඩි සෙල්ලං තුවක්කුවකුත් අරගෙන බස් නැති ගාලු පාර දිගේ මිනිහගෙ මදුරුව බයිසිකලේ නැගල ආව ගමණ එකක්.

    අනෙක තමයි පත්තරේක තිබ්බ කාටුන් එකක්. කාටූන් එකේ පසුබිම තනි කලුයි. සුදු රවුමක ( අර දෙබස් ලියන ) දාල තියෙන, “මේ කළේ පෙරලිල, ඔන්න ඔය ලාම්පුව ටිකක් පත්තු කරානං” කියල.

    ඔය කාලෙ ජවිපෙ එක්ක අපී පවුලෙ තිබ්බ පොඩි සම්භන්ධයක් ගැන මම භාගෙට ලියල තියෙනව. මේ වෙලාවෙ එකත් තලා ගන්න බලන්න ඕන!

    • ඉන්දික…….ඔය වෙන්ඩ මනමාලයෝ ලොකු මස්සිනාලට ෆුල් රැස්පොට්. පොඩි මස්සිනාලාට හෙණ සැලකිලි නේද…උඹට ඔය තුවක්කුවකුත් අරන් දීලා තියෙන්නේ. මට හිටියේ නෑනේ බං අක්කලා…

      ඉන්දික උඹේ පෝස්ට් එක ලියපන් ඉක්මනට. කියවන්න කැමතියි. ඔය කාළය ගැන ලියන්න මට දේශපාලන නොවූ කාරනා සෑහෙන්න තියෙනවා. මම ඊළඟට ඒවා ලියන්නම්.

      අපේ පැත්තේ එක සෙට් එකක් මට මතකයි හන්දියේ මැද්දේ හොඳ මැටි කළ පොලේ ගැහුවා. පිස්සු යක්කු බන්. වළන් කරත්තෙට හොඳ බිස්නස්. ඒක තමයි වෙච්ච වාසිය.

      • ඉන්දික උපශාන්ත says:

        //මට හිටියේ නෑනේ බං අක්කලා…//

        මගේ පවුල සංකීර්ණ එකක් මචෝ! මට අම්මල දෙන්නයි, තාත්තල දෙන්නයි, අය්යල එක්කෙනයි, අක්කල තුන්දෙනයි, මල්ලිල දෙන්නයි නංගියි. ඒකත් ලොකු කතාවක්, වෙලාවක ලියන්නං.

      • ඉන්දික…….උඹට අපට වඩා වෙනස් අත්දැකීම් ඇති.

  20. ඩිලාන් says:

    ඔබරෝයි කතා සෙට් එකටම කමෙන්ට් කරන්න බැරි උනා,,,සේරම කියෙවුවා ඔන්න,,සුභ පැතුම් 50 ට..
    දේශපාලන කතාවකුත් ආව එක හොදා,,නොදන්න දෙයක් නේ දැන ගන්නෙ.
    ඔය ශ්‍රීපති,ජෙයරාජ් මරන නම් කොටින්ගේ අකවුන්ට් එකට දෙන්නම මට හිතෙන්නෙ නෑ,,,ද.මු උනත් අහක යන ක්ලේමෝ එකකට ඔලුව දුන්නෙ.මොකද පොරව මරන්න ක්ලේමෝ ඕනෙ නෑ,,ඉරිදා ආණමඩුවෙ පොලට ගියා නම් උණ්ඩෙකින් ඉවර කරන්න තිබ්බා.ඔය පාරෙ දිනපතා පාර්ලිමේන්තු යන 3ක් තමා ජෙයරාජ්,මිල්‍ ර්‍රෝයි,ද.මු, අවාසනාවට ද.මු ඉස්සර උනා එදා ,,ක්ලේමෝ අටෝපු උන් ජෙයරාජ් කියලා ද.මුට රැවටුනේ කියලයි මිනිස්සු කියන්නේ..

    • ඩිලාන්……ස්තූතියි!! ඔබරෝයි කතා පටන්ගත්තා විතරයි බං. තව කොච්චර ලියන්නද..මරු රසවත් කාලයක්. එකක් මතක්වුනාම අතුරු කතා ගොන්නක් එලියට එනවා.

      ඔය මරණයන් ගැන නොයෙකුත් කතා තියෙනවා. දමුගේ ඝාතනය නම් වැරදීමක් වෙන්න ඇති කියලා ෂුවර්. කොච්චර ප්‍රශ්ණ තිබුණු කාලයක්ද ඒක. ඊට බොහෝ කාලයකට ඉස්සෙල්ලා ඔය පැත්තේ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මන්ත්‍රී මැරුනා මතකද ඡන්දයක් දිනලා යනකොට.

      • Dilan says:

        මම පොඩි එතකොට බලන්නත් ගියා පොල් ගහේ කරටිය කඩන් වැටිලා තිබ්බා,ශ්‍රීපතිගෙ කේස් එකම තමා එතනත් බොහෝ දුරට වෙලා තියෙන්නෙ කියලයි කට කතා ගියෙ,94 ජනාධිපතිවරන පුත්තලම් රිසල්ට්ස් අරන් පනිවිඩේ දෙන්න කොළබ යද්දී තමා සිද්දිය උනේ,,,දැන් ඉන්න අරුන්දිකගේ බාප්පා තමා ගොඩ්ෆ්‍රී,,,වැඩක් කරපු මිනිස්සු,,අරුන්දිකලා වගේ චාටර් කෙනෙක් නෙමේ,ඒ කාලෙ නිදහස් පක්සෙ පුත්තමෙන් උස්සලා ගත්තා පෙස්ටස්ලගෙ බලපෑම් තියෙද්දී..

      • ///////////////ශ්‍රීපතිගෙ කේස් එකම තමා එතනත් බොහෝ දුරට වෙ//////////////
        එහෙම තමයි ඩිලාන් අපිටත් ඒ කාලේ අහන්න ලැබුනේ.

        ////////ගොඩ්ෆ්‍රී,,,වැඩක් කරපු මිනිස්සු,,අරුන්දිකලා වගේ චාටර් කෙනෙක් නෙමේ,ඒ කාලෙ නි///////
        ගොඩ්ෆ්‍රිලාට ඇඟේ තරමට මොලෙත් වර්ධනය වෙලා තියෙන්න ඇති.

  21. මම කිසියම් තාක්ෂනික ගැටලුවකට මැදිව සිටින්නෙමි. ඔබ ලියනා කිසිම බ්ලොගර් අඩවියකට කමෙන්ට් කිරීමටද නොහැකි තත්වයකි. අගනා ලිපි කිහිපයක් කියවූ මුත් අදහස් ප්‍රකාශ කිරීමේ වරම අහිමීවී ඇත. නැවත ඔබේ ලිපි තුලට පිවිසෙන තුරු මට මගේ රෙද්ද තුලට රිංගා සිටිනවා හැර වෙන කිසිවක් කිරීමට නොහැක. මෙය නිවැරදි කර ගන්නා තුරු , මගේ අඩවියට පමනක් සීමාවෙන්නෙමි.

  22. Ajith Dharma says:

    අරූ, 83 මට 18යි. හැබැයි දේශපාලන වශයෙන් ටිකක් ඉදිරියෙන් හිටියේ. දවසක මගේ බ්ලෝග් එකේ ලියන්න ඕනේ. මේ තමයි 71 ගැන මගේ මතකය.
    http://kolambagamaya.blogspot.co.uk/2014/03/1971.html
    මම ජවිපෙ දේශපාලනය ටිකක් කරලා ලයියා අයින් වෙන කාලේ වගේ කාලෙක අයින් වුනා. හේතුවත් ස්වයං නිර්නන අයිතිය පිලිබඳ පක්ෂයේ හා විජේවීරගේ මතයට එකඟ නොවීම. වෙන ඒවත් තිබ්බ. ටික කාලය young spartacist පැත්තටත් ගියා. ඊට පස්සේ තමා රුසියාවට ගියේ. ඒ ගිය එක හොඳට ගියා. දැනුත් හිතනවා මම හරි තීරණය ගත්ත කියල. ජවිපෙ ගැන අමනාපයකට වැඩ දුකක් තියෙන්නේ. තමන් ඔක්කොම දන්නවයි කියල හිතා ගෙන තමා තවම ඉන්නේ.

    • අජිත්….මම අජිත්ගේ මේ ලිපිය මම කියෙව්වා. ඊට ඉහලින් තිබුනු ලිපි කිහිපයකුත් කියෙව්වා. න්‍යායාත්මක සංවාද, විවාද තිබුනා. මමනම් එහෙම ගැඹුරෙන් දේශපාලනය හදාරලා නැහැ. නමුත් කියවන්න ආසයි. අජිත් ඔය මතකයන් ගැන ලියන්න. Lanka Spartacist කියලා ඉස්සර පත්තරයක් තිබුනා මට මතකයි. ඉස්සර අපේ තාත්තා එහෙම ඕක කියෙව්වා වගේ මතකයක් තිබුනා. ජවිපෙ වර්තමාන කාර්යභාරය ගැන මම තෘප්තිමත්. මේ ජනාධිපතිවරනයේදි ඔවුන් කුමන තැනක සිටගනීවිද කියන එකත් උවමනාවෙන් බලන් ඉන්නවා.

  23. සුනිල විල... says:

    ටෙස්ටිං වන් වන්….
    (අරූ අයියාගේ නියමය පරිදි)

    • සුනිල විල………සවුන්ඩ්ස් හරි වගේ….දැන් අර පොඩි පුටුවට වෙලා වාඩිවෙලා හිටපන්….බෑන්ඩ් එකයි ගායකයොයි ඇවිත් ඉන්නේ. පාන්දර ජාමෙට ඇවිත් උඹේ ඔය ඉලව් සවුන්ඩ් අටමගල් පටවන් පලයන් 😀

  24. Anonymous says:

    ඇනෝ පුළුවන් ද ??

    • පුළුවන් පුළුවන්…..මචෝ ඕන දෙයක් කරපන්. හැබැයි රෙන්න විතරක්ම බලාපොරොත්තුවෙන් එනවා නම් වතුර බාල්දියකුත් අරන් වරෙන් 😀

    • Anonymous says:

      මේ සහොදර ඈ …
      j.v.p එක කල දේවල් දැකලා නෑ හැබැයි අපේ තාත්තලා අම්මලා එහෙම බැට කලා තියෙනවා සැහෙන අපේ තාත්තාට උපාධිය සම්පූර්ණ කරන්න අවුරුදු 8 හරි 9 ගියාලු ,අම්මා උපාධිය අරන් එනකනුත් තාත්තා හිරේ ඉදලා තියෙනවා ,එතකොට බප්පාටත් එහෙම තමයි. සමහර දේවල් වල බලපෑම අදත් තියෙනවා සමාජයෙන් .දේශපාලන මතයක් විදියට ජ.වි.පෙ ට වමේ කිව්වට සමහර පැති දැන් ලිබරල් අදහස් කියලා ..

      පොදුවේ ජෙ.ආර් ජනාධිපති කරපු මේ දේශපාලන ක්‍රමය දැන් වෙනස් වෙන්න ඕන ,මේ බලය ඕනෑවට වඩා එකතුවෙන ක්‍රමය අයින් වෙලා ස්ථිර විදායකයෙන් රටේ යාන්ත්‍රය ක්‍රියාත්මක වෙන විදියක් තියේ නම් හොදයි අරූ එකට විසඳුමක් ජෙබ්බො ගාව තියෙනවා කියලා මට නම් හිතෙන්නෙ නෑ,එත් ජෙබ්බන්ට රටේ මීට වඩා බලයක් ලැබෙනවා නම් හොදයි බලපැම්ක් කණ්ඩායමක් විදියට…

      අවසානේට මං කියන්නම් මගේ බප්පා කියපු කතාවක් මට ,…බප්පලා උද්ඝෝෂණක් කලාලු එකට කස්ටිය හිරවෙලා බස්වල ගියාලු හැබැයි කතා කරන ජෙබ්බෝ ටික ආවේ ඒ දවස් වල එසි කරපු රොසා බස් එකෙලු ,මේක මට කියපු කතාවක් ඒ දවසේ බප්පාත් එක්ක හිටපු රූමා මට මතක් විදියට ඩයිනා නොහොත් @@@හෙත්තිලා කතා කරන හැටි දැක්කාම කොහෙන් හිනා වෙන්න ද අද ??(අවසාන එක අහපු කතාවක් විතරයි ඈ ) ,මෙවා ලියලා තියෙන එක වටිනවා ,අපි මෙහෙම කියවලා අහලා දැන ගන්න හෙයක් විතරයි..අරූ ගේ ලිවිල්ල රසවත් වෙලා වෙනදට වඩා ,මේවා පොතක් කරොත් නරක ද ?අවුල් වන්නට පෙරම ……………..

      කමෙන්ටුව දිග වැඩි වගේ 😦

      • @ සහෝදර…….කමෙන්ටුව දිග වැඩි නෑ….හැබැයි මගේ පරක්කුවට සමාවෙයන්. මමත් ආසයි අත්දැකීම් ලබපු අයත් එක්ක කතාකරන්න. ඒ මිනිස්සුනේ ඇත්ත කතාව දන්නේ. සහෝ මට නම් හිතෙන්නේ ජේවිපිය විපක්ෂයේ ඉඳගෙන කරන කාරිය ප්‍රමානවත් කියලා. හැබැයි මේ කවුරුත් අවශ්‍යම මොහොතේ එක ඉලක්කයක් කරා එකෙතුවේවිද කියන සැකය තියෙනවා.

        //////පොතක් කරොත් නරක ද//////
        මේ ඔක්කොම උඹ අරගෙන උඹේ නමින් පොතක් ගහපන් 😀

  25. Ajith Dharma says:

    අනුර කුමාර සමාව ඉල්ලුවේ BBC සංදේශය එක්ක ලන්ඩන් වල තිබ්බ සම්මුඛ සාකච්චාවේදී සරෝජ් පතිරණ අහපු ප්‍රශ්නයකට.

    • අජිත් ස්තූතියි!! දැන් මට මතකයි.

      @මනෝෂ්…….පුළුවන්නම් හොයාගෙන බලපන්. ඒක හොඳ සාකච්ඡාවක් මට මතක හැටියට.

  26. madhumadhavi says:

    අපේ වගේ රටක විප්ලව කරන්න බැරි සාමාන්‍ය මිනිස්සුන්ගෙ ආකල්ප වල විප්ලවය රැඳී නැති නිසා. ජ.වි.පෙ. අද ඉන්න තැන ගැන සතුටුයි. පැරණි ගැමි පරපුර අවසාන වෙන දිනෙක ඔවුන්ට අපකීර්තිය වෙනුවට සාර්ථකත්වය ලබන්න හැකි වේවි. ඔව්න්ගේ ආදර්ශය සියලු දේශපාලඥයන්ට පාඩමක්.

    • /////////ඔව්න්ගේ ආදර්ශය සියලු දේශපාලඥයන්ට පාඩමක්./////////

      මධුමාධවී……..ඔබේ කමෙන්ට් එකත් එක්ක එකඟයි. එහි අවසන් වැකිය ඉතාම නිවැරදියි. ඒ කැපවීම සහ උනන්දුව මම දන්නා ඉතිහාසයේ කිසිම ලාංකීක දේශපාලන ව්‍යාපාරයක තිබුනේ නැහැ.

      ඔයා දන්නවාද ඉස්සර ලලිත් එස් මෛත්‍රිපාලයන් ගුවන්විදුලියේ ‘මධුමාධවී’ කියලා කවි මංඩපයක් කරා. ඔයාට මතකයක් නැතුව ඇති.

      • Anonymous says:

        මගේ අඩවියට නම වැටුනෙත් ඒකෙන්ම තමා අරූ. දැන් එහෙම ඒවා අඩුයි නේද?

      • madhumadhavi says:

        ගූග්ල් ප්ලස් ලින්ක් එකේ ගැටලුවක්. ඇනොවෙක් නෙමයි මම මාධවී.

      • madhumadhavi says:

        වැඩසටහන මෙහෙයවූයේ ලැම්බට් පෙම්මාවඩු මහතා නේද?

      • @ම.මා…..මට මතක හැටියට ලලිත් එස් මෛත්‍රිපාල තමයි මධුමාධවි පටන් ගත්තේ. පොඩ්ඩක් හොයන්න. වැරදිනම් මාවත් නිවැරදි කරන්න. මතකද වැඩ සටහන ඉවරකරන කවියේ අවසන් පදය ලලිත් එස් තමයි කිව්වේ. ලැම්බට් පෙම්මාවඩු මහතාගේ සම්බන්ධයකුත් ඇති.

        “මධුමාධවි අද මෙතනින් අවසානයි” ඔන්න ඔය වගේ එකක්.

        මට නිකමෙට හිතුනා ම.මා.ගේ අඩවියත් මෙහෙම හැදෙන්න ඇති කියලා. මම අහලා තියෙනවා ලලිත් එස් තාල 22කට කවි ගායනා කරා කියලා එක වැඩසටහනකදි.

  27. මමත් හිතන්නේ ලංකා ඉතිහාසය මෑත කාලයේ කණපිට ගහපු සිද්දි සේරම උනේ JR ගේ කාලේ 82 -83 අවුරුදුවල., චන්දෙ නොතියා තිබ්බ කබල් ජනමත විචාරෙනේ, කළු ජුලිය හා JVP තහනම් කිරීම. රට ගොඩ දානවනම් දාන්න තිබ්බ පළමු වකවානුව 78-82, දෙවැනි අවස්තාව 2009-2014 දෙකම මිස් වුනා . අපිට අබ සරණයි

    • ආපහු JR ගේ කාලේ රිපීට් වේගෙන එනවද මන්දා

      • ඉවාන්……අර උඩින් රයිගම් ලියලා තියෙනවා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නන්ට, ඉතිහාසය නැවත කැරකෙනවා කියලා. ඒක නැවත සිදුවීම වලක්වන්න බැහැ මේ යන විදිහට. මේ ජනාධිපතිවරනය සුලුවෙන් හෝ මේ ජනාධිපතිම දින්නොත්, මෙයා මේ තුනෙන් දෙකේ අතිශය බහුතරය පවත්වාගෙන යෑම සඳහා ජේආර් වගෙම ජනමත විචාරනයක් පවත්වා කෙසේ හෝ මැතිවරන සිතියම රෝල් කරලා පැත්තකට දානවා. ඕක තමයි මගේ ඇනලයිස් එක ප්‍රෙඩික්ෂන් එක. විපක්ෂයේ කවුරුත් මේ ගැන හිතන්නේ නැහැ.

    • තිලකේ….අබ සරණයි…ගම්මිරිස් පිහිටයි!!! අපි සියළු අවස්තාවන් අහිමිකරගත් අවාසනාවන්ත ජාතියක්. අපිට ඒ අවාසනාව නිර්මානය කරදුන් දේශපාලකයෝ නම් තාවකාලිකව හෝ අති වාසනාවන්ත මස් කඳන් පෝශනය කරමින් ඉන්නවා.

  28. උඹගේ සටහන ඉතා ආශාවෙන් කියෙව්වෙමි. ජය!

  29. සිරා says:

    ඔය කියන කාලෙ ඉතින් අපි සූටි එව්වො නොවැ….දේශපාලන මතවාද ගැන ලොකු දැනුමක් නෑ….අර වීඩියෝවෙන් තමයි ඉස්සෙල්ලාම රෝහණ විජේවීර රැස්වීමක කථා කරන විදිය දැක්කෙ….අරූ අයියට අද මොකද හිතෙන්නෙ…එදා ජවිපෙ විශ්වාස කල වැඩ පිලිවෙලේ ගියා නම් අද ලංකාව කොතැන තියේවිද….සුඛිත මුදිත වෙලා තියේවිද ?

    • සිරා……උඹ අහන ප්‍රශ්ණේට මට නිශ්චිත උත්තරයක් නැහැ. හැබැයි එදා ජවිපෙ මොඩ්ල් එකේ ආණ්ඩුවක් හැදුනානම් , ලෝකයේ ඇතිවුනු සමාජ, ආර්ථික සහ සංස්කෘතික වෙනස්වීම් එක්ක ඒ ආණ්ඩුවට පැවැත්මක් නැතිවෙනවා. අනිත් දේවල් කොහොම වුනත් සදාචාරවත්, විනයගරුකවූත් සමාජයක් බිහිවෙයි එවැනි ක්‍රමයක් තුල. මට හිතෙන්නේ එහෙමයි.

  30. sudeeka says:

    හැමදාම අරූගේ පොස්ට් වල යටට එන්න වෙන්නේ කමෙන්ට් සේරම කියවන හින්දා. පොස්ට් එක කියවලා දවස් ගානක් ගිහින් තමයි කමෙන්ට් එක එකතු කරන්නේ. මේවා මගෙත් අත්දැකීම් හා සමගාමී වන නිසා අමුතු හුරු ගතියක් තියෙනවා. අරූගේ පොස්ට් මම රස විඳින එක හේතුවක් ඒක. අපි දෙන්නම එකම පාරක ගිය උන් නිසා.

    අර්ධ ශතකයට උණුසුම් සුබ පැතුම් !!!!

    • බොහොම ස්තූතියි සුදීක!! හෙමින් සැරේ කියවන්න. මේ පෝස්ට් එකකුයි, කමෙන්ට්ස් ටිකයි කියවන්න සෑහෙන්න වෙලාවක් යන බව මම දන්නවා. හෝටල් ක්ෂේත්‍රය තුල මා දුටු දේවල් ඉදිරියේදි ලියන්නම්. ඔබටත් අනන්තවත් අත්දැකීම් ඇති.

  31. බන්‍ධුල කුදලාගම says:

    අරුණ පෙරේරාණෙනි,

    ඔබගේ පනස් වැනි අතීත සැමරුම් සටහනින් මා විසින් තෝරා ගැනෙන සුචිවචන දෙක “වාස් තිලකරත්න” සහ “උලලේනෝ” ය.

    1.වාස් තිලකරත්න:

    //එකල ගම්පහ දිස්ත්‍රික්කය භාරව කටයුතු කල ජවිපෙ සංවිධායක වරයාවූයේ එහි දේශපාලන මංඩල සභික මෙන්ම, අති දක්ෂ කථිකයෙක්වූද, උස මහත සිරුරකින් හෙබි වාස් තිලකරත්නය. මොහු ඉතා දක්ෂ සංවිධායකයෙක් විය. කිහිප වතාවක් මුණ ගැසී ඇත. ඒ යුගයේද ඉතා දක්ෂ සංවිධාන ශක්තියකින් හෙබි ජවිපෙ ගමක්, නගරයක් පාසා අලංකාර මැතිවරණ සටනක් මෙහෙයවිය.//

    මා විසින් මෙම කරුණු පැවසෙන්නේ දේශපාලන දෘෂ්ටිවාදයක පිහිටා නො ව අතීතාවර්ජනයක් ලෙස ය. වාස් තිලකරත්න ජවිපෙ උදෙසා සුවිශාල ප්‍රායෝගික කාර්යභාරයක් කළේ ය. එය එම පක්ෂයේ මතවාදමය ඉතිහාසය තුළ සම්භාවනීය ය. වාස් තිලකරත්න අත්අඩංගුවට පත් වීමෙන් පසු රහස් පොලිසියට දුන් කටඋත්තරය ඉතා වැදගත් එකකි. පහළමට්ටමේ ජවිපෙ සාමාජිකත්වය මහා කැපකිරීම් කර ජීවිතාවධානයකට ලක් වුව ද ජවිපෙ ඉහළමට්ටමේ නායකත්වය ගත කළ ප්‍රතිවිරුද්ධ ජීවිතය පිළිබඳ එහි ඉතා සංවේදී විස්තරයක් අන්තර්ගත ය.

    වාස් තිලකරත්න එහි ලා පවසන පරිදි පහළමට්ටමේ සාමාජිකයාට තම දරුවකුගේ රෝගී තත්ත්වයකට බෙහෙතක් ගන්නට රුපියල් තිහක් සොයා ගන්නට නොහැකි ව සිටිය දී ජවිපෙ නායකයනට විෂය වූ ගැටලු වූයේ ජනතාවට නො දැනෙන ලෙස 404 කාරය මාරු කර ගන්නා ආකාරය ය. ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල ව්‍යාපෘති අරමුණ ද සල්‍ලි ගෝනි ද ආදී බොහෝ කරුණු එම කටඋත්තරයේ සඳහන් ය. 1982 වර්ෂයෙන් පසු වාස් තිලකරත්නගේ දේශපාලන චර්යාව විසින් එම කටඋත්තරයේ ඇතැම් කරුණුවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නඟනු ලැබිය හැකි මුත් ඒවා හුදු ප්‍රලාප ලෙස බැහැර කළ නොහැකි ය. වම තුළ වීරයා ද්‍රෝහියකු වන්නට ගත වන්නේ නිමේෂයකි.

    2.උලලේනෝ: රසවත් කතාවලට දක්ෂ මිනිසකු වූ රන්බණ්ඩා සෙනෙවිරත්න හෙවත් ආර්. බී. ජුබිලි කණුවේ විසූ සමයේ අසල්වැසියෙකි. ආර්. බී. පුදුම කටක හිමිකාරයෙකි. කොයි මහරජාටත් ආර්. බී. පැවසිය යුතු දේ කෙළින් ම පැවසුවේ ය. එනිසා ඔහු ගැටලු ද ඇති කර ගත්තේ ය.

    කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ ආර්. බී. ට රූපවාහිනියේ දොරටු විවර විණ. ආර්. බී. උනන්දුවෙන් වැඩසටහනට සහභාගී වූයේ ය. මංගල උත්සවයකට යන්න සැරසී සිටිය දී ද ඒ ගමනට පෙර රූපවාහිනියට පැමිණීමට තරම් ඔහු උනන්දු වූයේ ය. බොහෝ දිනවල දී ජයවර්ධන මහත්මාටත් ප්‍රේමදාස මහත්මාටත් ආර්. බී. ඇඟට නො දැනී ඇති පමණට ගැසුවේ ය. එහෙත් ආර්. බී. ගේ ශනිදා රසාංගය වැඩි කල් නො ගොස් ම නතර විණ. ඒත් ආර්. බී. ගේ කට නිසා ය!

    ආර්. බී. ට වාමාංශිකයන්ගේ භාෂාව එතරම් ප්‍රිය නො විණි. “උඹලා ඉංගිරිසි පොත්වල තියෙන දේවල් පාලි, සංස්කෘත වචන දා ලා සිංහලයට නඟනවා. දැන් මේ කොල්ලෝ තේරුමක් දන්නෙත් නැති ව උඹලාගේ වචන පාඩම් කරං අපිට කියනවා” ය යි ඇතැම් විට සෝපහාසාත්මක අභින පා ඔහු පැවසුවේ ය. ජ.වි.පෙ. සේ ම පැරණි වම පිළිබඳත් ඔහු විවේචනාත්මක වූයේ ය. අසූ ගණන්වල අග දී ආර්. බී. උතුරුමැද පළාතෙන් ඡන්දය ඉල්ලූ බව මතක ය.

    උලලේනෝ ගීතය ආර්. බී. විසින් ලියනු ලැබුයේ ජවිපෙ හැත්තෑ එකේ කැරැල්ල අනුභූතික ව බව බොහෝ දෙනා දනිති. මගේ මතකයට මේ මොහොතේ නැඟෙන පරිදි (මෙම මතකය තරමක් අපැහැදිලි ය; යම් වෙනසක් වේ නම් මම පසු ව මෙහි දී ම නිවැරදි කරන්නෙමි) ආර්. බී. මෙම ගීයට පද ගළපන්නට වූයේ අම්පාරේ දී ය. කිසි යම් රාජකාරී කටයුත්තකට අම්පාරේ ගිය ආර්. බී. ට අම්පා‍ර තානායමේ රැයක් ගෙවන්නට සිදු ව ඇත. අම්පාර තානායමෙන් එහා වූ මහා කැළය දෙසින් රාත්‍රියේ නැඟී එන උලලේන් හඬ ඔහු විසින් උලලේනෝ ගීයට පාදක කර ගනු ලැබූ බව පැවසේ. ආර්. බී. මෙම ගීය ගයන්නට කපුගේට දෙන්නේ ඉන් පසු කාලයක ය.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • බොහොම ස්තූතියි බන්දුල. මට වාස් තිලකරත්නව හමුවුනේ කඩවතදි. මහින්ද පතිරනත් ඔය විදිහටම නිමේෂයකින් ද්‍රෝහියෙක් විදිහටනේ ඝාතනය වුනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s