අවුල් වන්නට පෙර(51)..විජේරාම හන්දියේ නවාතැන..

ගෙදර තිබූ කලබලකාරී වාතාවරණයත්, ඉඩකඩ ප්‍රශ්නයත් නිසා මම ගෙදරින් පිටත්වීමට සිතා ගත්තෙමි. අප මාමා කෙනෙකු සතු නිවසක් විජේරාම හන්දියේ, හයිලෙවල් පාරට නුදුරින් පිහිටා තිබුණි. කාමර හතරක් සහ විශාල කුස්සියක්ද, පමණටත් වඩා විශාල මැද සාලයක්ද තිබු මෙම නිවස, කුඩා ප්‍රමාණයේ උත්සව ශාලාවක් බඳුවිය. විදුලිය, නල ජල පහසුකම් තිබූ, ඒ කාලේ හැටියට නම් සුඛෝපභෝගි නිවසකි. මාමා, නැන්දා සහ දූ පුතුන් විජේරාම නිවස අතහැර දමා දියතලාවේ පදිංචියට ගොස් තිබුණි. රජයේ වැඩ දෙපාර්තමේන්තුවටත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් අනුයුක්තව මේ දෙදෙනා සේවය කළෝය. වසර 20කට අධික කාලයක් මොවුන් ජීවත්වූයේ දියතලාව නගරාසන්නයේය.

විජේරාම නිවස කුලියට දීමක් හෝ කිසිවෙක් පදිංචිව සිටියේද නැත. පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, මාතලේ විද්‍යා විදුහලෙන් ඉගෙනුම හමාර කෙරූ මාමාගේ පුතා ජානක අයියා රැකියාවක් සොයාගැනීමටත්, තම තරුණ කාලය නිවසින් පිටව සිටීමටත් සිතා, දියතලාවෙන් පිටමංවී, විජේරාමේ මෙම නිවසේ පදිංචියට පැමිණීමට ආවේය. දියතලාවේ දඩබ්බරයා, විජේරාමෙන් ගොඩ ඒවි යැයි සිතා දෙමව්පියන් ඔහුව පිටිවහල් කර දැමුවා යැයිද කියවේ. ජාඩියට මූඩියට මෙන් ජානක අයියාද මටම හරියන විනෝදකාමී තරුණයෙක් විය. සහෝදරකමකට වඩා අප හොඳ මිතුරන් විය. මමත් ඔහු සමගින් විජේරාමේ නැවතීමට ගියෙමි. මේ සෑම කාමරයකම ඇඳක් සහ පුටු මේස කිහිපයක් විය. කුස්සියේ භූමිතෙල් ලිපක් සහ තව කුඩා භාණ්ඩ කිහිපයක්ද අසුරා තිබිණි. අද වැනි යුගයක මෙවන් නිවසක් මෙසේ පාළුවට අතහැර තිබුණා නම් තත්වය කුමක් වේ දැයි සිතාගත නොහැකිය.

ඒ වනවිට මම හෝටලයට බැඳුණු අලුත නිසා ස්ථිර කර නොතිබූ අතර, ජීවත්වූයේ දිනපතා ලැබෙන සංතෝසම් මුදලින් හා මාසිකව ලැබෙන කුඩා වැටුපෙනි. ජානකටද රැකියාවක් නැත. රාත්‍රී කෑමට පමණක් අපේ ගෙදරට යන අප දෙදෙනාගේ රෙදිසෝදා දීම සහ අනිකුත් වැඩ කටයුතු කරදුන්නේ අපේ අම්මාය. ජානක ඇය ඇමතූවේ දයා පුංචි කියාය. ඔවුනොවුන් අතර සෙනෙහස අදටත් එසේම පවතී. දහවල් කෑම මට හෝටලයෙන් ලැබෙන නිසා මට ප්‍රශ්නයක් නොවීය. ජානක එය අනිකුත් ඥාති නිවෙස්වලින් හෝ අපේ ගෙදරින් සපුරාගන්නා බව මම දනිමි. මාගේ මාසික වැටුප අම්මාගේ අතට දුන් නිසා, දිනපතා මට ලැබෙන මුදලින් අප දෙදෙනා නඩත්තු විය. ඔහු සතුවද යම් මුදලක් විය. ඒ කාලයේ මම උදෑසන රැකියාවට පිටත්වන බැවින් හැන්දෑ වරුවම නිදහස්ය. නිදහස් හැන්දෑ වරුවකට අවශ්‍ය අඩුම කුඩුම බොහෝය. ඒ සඳහාද මගේ දායකත්වය නොමසුරු විය.

අප දෙදෙනා නිදාගත්තේ එක කාමරයක නිසා තවත් කාමර තුනක් හිස්ව තිබුණි. ජානක තීරණය කළේ මේ කාමර තුනේ නවතින්නට කිහිපදෙනෙක් සොයාගතහොත් යම් ආදායම් මාර්ගයක් සලසාගත හැකිය කියාය. එය කදිම අදහසකි. මාමා, නැන්දා දියතලාවේ සිට සති අන්තයකට හෝ කොළඹ පැමිණියත්, ඔවුන් මේ නිවසේ නවාතැන් ගන්නේ නැත. බොහෝවිට නැවතුණේ ජම්බුගස්මුල්ලේ ඥාති නිවසකය. නවාතැනක් සොයමින් සිටි මම දැන් නවාතැන් සපයන්නෙක් බවට පත්වී සිටිමි. මේ කාලවකවානුව නම් කිසිදා අමතක නොවේ. ජානකගේ පාසල් මිතුරෙක්වූ ලක්ෂ්මන් සරත්චන්ද්‍ර හෙවත් ලකී සේවය කළේ ඕටොමොබයිල් සමාගම හෙවත් AA ආයතනටය. දක්ෂ මෝටර් කාර්මිකයින්වන AA සේවකයින්ට රාජකාරී කටයුතු සඳහා මෝටර් සයිකල් සපයා තිබිණි. ඒ කාලයේ තිබුණේ BSA,TRIUMPH,JAWA වැනි සද්දන්ත කුලයේ යතුරුපැදිය. ඔහු එවකට සේවය කළේ ඕටොමොබයිල් ආයතනයේ ගාලු මුවදොර ප්‍රධාන කාර්යාලයට අනුයුක්තවය. හයිලෙවල් පාරත්, ලෝ ලෙවල් පාරත් වෙන්වන තැන කලුඅග්ගලට නුදුරින් AA සේවා කුටියක් විය. ඒ අවට ඉතා සොඳුරු පරිසරයක් විය. ප්‍රදේශයේ මිනිසුන් විසින් පවත්වාගෙන ගිය ගඩොල් පෝරණු කිහපයක්ද තිබූ බව මතකය. හිස් ඉඩම් ඒ තරමටම තිබුණි.

ලකී පදිංචිව සිටියේත් දෙල්කඳ, මීගහවත්ත ග්‍රාමයේය. විජෙරාම නවාතැනේ රාත්‍රියට අඩිපුඩි ගසමින්ද, දුමෙන්ද සන්තර්පනය වී සිටිනා අපි, ඒ බව නොහඟවා, අපේ ගෙදරට එන්නේ බඩ පුරවාගන්නටය. සමහර දිනක අප පරක්කුවේ නම් මල්ලි කෙනෙකු අත කෑම එවයි. ලකී සිටිනා දිනක නම් කෑම විජේරාම හන්දියේ කඩේකින්ය. නැතිනම් ලකීලාගේ ගෙදරින්ය. ඉඳහිට අපි තිදෙනාම කෑම කන්නේ අප නිවසින්ය. ලකීගේ දෙමව්පියන්ද මට බෙහෙවින් ආදරය කෙරුවේ ඔවුන්ගේ දරුවෙකුට මෙන්ය. ඔහුගේ ලොකු තාත්තා දකුණේ කෝට්ටෙගොඩ පැත්තේ සිටි දක්ෂ කවියෙක් සහ ලේඛකයෙක් බැව් මතකය. ලකීගේ සොයුරියන් ඉතා කාරුණික ගැහැනුන් විය. ඔහුගේ නැගණිය පසුකාලීනව මගේ හොඳ මිතුරියක්ද විය. ඔය අතරතුර මොහුව හම්බන්තොට ප්‍රදේශයට මාරු කර යවන ලදි. ඒ හම්බන්තොට නගරයේ මුස්ලිම් පල්ලිය අසලම තිබු AA සේවා කුටියට අනුයුක්තව සේවය කිරීමටය. දෙල්කඳ පදිංචිව සිටි තම ආදරණීය පෙම්වතිය හොර රහසේම විවාහ කරගත් ලකී එදා සිට අද දක්වාම පදිංචිය හම්බන්තොටය. ඔහු හම්බන්තොටට සින්න වූවා යැයි කිවහොත් නිවැරදිය. ජානකගේ මිතුරකු වූවත් ඔහු වඩාත් කුළුපඟ මිතුරු කමක් පෑවේ මා සමගය. පසු කලෙක ඔහුගේ ආරාධනාවෙන් හම්බන්තොට ගොස් කාලයක් පදිංචිව සිට රැකියාවකද නිරත විය. ඔහු එම ප්‍රදේශයේ රියැදුරු පාසැලක්ද පවත්වා ගෙන ගිය ජනප්‍රිය මිනිසෙකි. ඒ කාලය ගැන පසුව ලිවිය යුතුය.

කාලය මෙසේ ගෙවී යද්දී, දිනෙක මම විජේරාම හන්දියේ බස් නැවතුම අසලටවී සිටිනා විට, මැදිවියේ කඩවසම් පුද්ගලයකු පැමිණ, නැවතීමට කාමරයක් සොයා ගැනීමට හැකි තැනක් ගැන තොරතුරක් දිය හැකි දැයි විමසා සිටියේය. කල්ල මරේය. නැත්නම් මල්ල කරේය. මේ වනවිටත් නවාතැන්කරුවෙකු සොයාගැනීමට අපොහොසත්ව සිටි නිසා වහාම ක්‍රියාත්මක වුණෙමි. එසැනින්ම කුඩා අත් කරත්තයක, කබල් ලෑලි මේසයක්ද, පුටුවක්ද, සූට් කේසයක්ද, පරණ පුවත්පත්,පොත් රාශියක්ද පටවාගත් මිනිසෙකු එයද තල්ලු කරගෙන විත් අප අසල නැවතුණේය. මා හා දොඩමලුවූ අර මිනිසාද කැටිව නවාතැන දෙසට යන තෙක්, අත් කරත්තයද අප පිටු පසින් පැමිණේ. ඔහු පැවසුවේ ඒ ඔහු සතු සකල සබ්බ මනාව බවත්, අදම නවාතැන සුදානම් කරදෙන ලෙසත්ය. මට මේ පුද්ගලයා ගැන අමුත්තක් දැනිණි. මොහුට යම් අකරතැබ්බයක් සිදුව ඇතැයි මම උපකල්පනය කෙරුවෙමි. නවාතැන් පොළක් සොයා ගත් පසු, තමන් සතු දේ රැගෙන එනවා හැර බඩුද කරත්තයක පටවාගෙන නවාතැන් සොයන්නකු මා දුටුවේ ප්‍රථම වරටය. කෙසේ හෝ වේවා ජානකගේ අවසරය මත, ගාස්තු සියල්ලක්ද කතාකරගත් පසු, ගෙන ආ බඩු බාහිරාදිය කාමරයට ඇද දැමු කරත්තකරු තම ගාස්තුවද ගෙන පිටව ගියේය.

ඉතාම පිරිසිඳුවටත්, පිළිවෙලකටත් හැඳ පැළඳ සිටි මේ මිනිසා ඉතා කඩවසම්ය. සිත්ගන්නා සුළුය. කොස්සක් තිබේදැයි අසා, එයද රැගෙන ඔහුට වෙන්කර දුන් කාමරය අතුපතුගා, මකුළු දැල් කඩා, ශුද්ධ පවිත්‍ර කරන්නට පටන් ගති. මමද ඔහුට යන්තම් උදව් කෙරූ අතර වැඩිපුර කතා බහක් නොවීය. ඔහු ඉතා ක්‍රියාශීලී ලෙස තම වැඩ කටයුත්තේ යෙදී සිටි නිසා, කතාබහේ යෙදෙන්නට ගොස් බාධා කරන්නට නොගියෙමි. මොහොතකින් “කෝ මේ හාදයා” යැයි කියමින් මා සිටි අපේ කාමරයට පැමිණ “අප්පේ …මේ කාමර අස්පස් කරගන්නේ නැද්දැයි” සිනහමුසුව විමසා, කුස්සිය ශුද්ධ කිරීමට පටන් ගත්තේය. මෙතැන වැඩිපුර සිටියහොත්, අප දෙදෙනාම අපහසුතාවයට පත්වේ යැයි සිතා, හැන්දෑවට හමුවෙමු යැයි කියා පිටවුණෙමි.

පළමු දවසේම කාමරය අස්පස් කරන්නේ නැද්දැයි ඇසීම නිසා මට කේන්තියක්ද හිතේ ඇතිවිය. ඒ වනවිට ගෙදරින් පිටත්ව ගොස් සිටි ජානක අයියා මගදි හමුවී, මේ බව පැවසූවිට ඔහු කීවේ දවසක් දෙකක් බලා, මොකාටද එන්නේ යැයි තීරණය කරමු යැයි කියාය. නමුත් මේ මිනිසා කියූ කතාව සහසුද්දෙන්ම ඇත්තය. අප දෙදෙනා සිටි කාමරය පිස්සන් කොටුවක් බඳුවිය. අපිළිවෙළ, තරුණකමේ එක ලක්ෂණයක් යැයි මම අදටත් සිතමි. කාමරය පුරා හිස් බෝතල්, හිස් වීදුරු, බාගෙට අහවර කෙරූ තේ කෝප්ප, සිගරට් කොට, ගිනිකූරු, කිලුටු ඇඳුම්, එකී නොකී දැ බොහෝය. අඩුවකට ඇත්තේ කැරපොත්තන් පමණි. සැබෑවය ඔහු නිවැරදිය. අපද නිවැරදි විය යුතුය. මම ඉටාගතිමි.

ඊට දින කිහිපයකට පසු ජානකට තවත් නවාතැන් කරුවෙක් මුණගැසී තිබුණි. ඔහුද ජානක හා සමවයසේ කෙනෙක් විය. එවකටත් ඔහු සතුව යමහා වර්ගයේ කුඩා යතුරු පැදියක් විය. ඔහු අද පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉතා කිට්ටු ඥාතියෙක්ය. මේ දෙදෙනාත්, ඉතිරි කාමරයට පැමිනි තුන්වැන්නා පිලිබඳවත් මම සවිස්තරාත්මකව පසුව ලියන්නෙමි.

මා මුලින්ම කියූ අර අපූරු පුද්ගලයාට සවන් දෙන්න. මේ පසුබිමෙන් ඇසෙන්නේ ඒ උතුම් මිනිසාගේ කටහඬයි. ඒ අපූරු හඬ කාගේදැයි ඔබ හඳුනාගත්තේ නම් ලියා තබන්න. මා හා ඔහු සබැඳි බොහෝ අත්දැකීම් ලබන සටහනින් ලියා තබන්නෙමි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

111 Responses to අවුල් වන්නට පෙර(51)..විජේරාම හන්දියේ නවාතැන..

  1. DPK says:

    ප්‍රේමකීර්ති ද අල්විස් ද?

    • නැහැ DPK. මොහු ප්‍රේමකීර්තිට වඩා ජ්‍යේෂ්ඨයෙක්. ඔබ ඔහුගේ කටහඬ ගුවන් විදුලියේ අසා නැතුව ඇති.

  2. ඔහෝ.. ප්‍රේම්.. අරූ අයියේ.. මේකෙ නම් රස එන්න එන්නම වැඩි වෙනෝ…

    • නැහැ කමියෝ. මොහු දක්ෂ විස්තර විචාරකයෙක්. ප්‍රවෘත්ති නිවේදකයෙක්, ප්‍රවෘත්ති සංස්කාරක වරයෙක්. වරෙක ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙක්. සිංහල, ඉංග්‍රීසි භාශා දෙකෙන්ම වැඩ කල හැකි අයෙක්. තව දක්ෂතා බොහෝයි. හිත හොඳ මිනිහෙක්.

      • අරූ අයියා.. ඔයා හරි..මං කළබල උනා වැඩියි.. අනික උඩ කොමෙන්ටෙකත් මාව මිස්ගයිඩ් කරා..

        පස්සෙ හිමින් සීරුවේ සමන් ආතාවුදහෙට්ටි ප්‍රේමකීර්ති ගැන කරපු කතාවක් ඇහුව යූ ටියුබ් එකේ. එතකොට පරක්කු වැඩියි. මටත් හිතෙන්න මේ ඒ කාලේ ගුවන් විදුලියේ හිටපු මාස්ටර්ල තුන්දෙනාගෙන් මැද මාස්ටර් හෙවත් අ. රූ. තමයි කියල.. මං අහල තියෙන විදියට ඒ අ.රූ. තමයි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයා. ඒ ඇත්තටම අ.රූ. නම් මේ අරූ මෙහෙම විශිෂ්ඨයෙක් වෙන එක අහන්න දෙයක්ද?

        කතාව කලින් කොමෙන්ට් එකේ කිව්වටත් වැඩිය රසවත් වෙනව වගේ.. ජය ශ්‍රී!

    • aru thamayi aru.. hurrah.. I found a potion of same voice cut with the name and picture. yeah.. he was very handsome. will not publish the link as the game is still on 😀 but the surprises gone. you may publish the latter part soon. we are waiting.

      • කමි……..අ.රූ. තමයි. මට මුණ ගැහන්නේ ඔහුට රැකියාව නැතිකරලා කරදර ගොඩක ඉන්න කාලේ. මම ලියන්නම් ඒ ගැන. උඹ දැක්ක ලින්ක් එක ගැන වෙනම ලියන්න හිතාගෙන ඉන්නවා ඊළඟ පාර. මට මෙයා නිසා බොහෝ වටිනා මිනිස්සු හම්බවුනා අඩුම ගානේ වචනයක් දෙකක් කතා කරන්නවත්. වයසට නොගොහින්ම මියගියා.

  3. අරූ අයියේ, මේ හඬ නම් මාත් අහලා නෑ වගේ..මට හිතාගතහැකි ගේ තිබ්බ හැටි.හික් හික්..ඊලඟ කොටස එනතුරු නොඉවසිල්ලෙන්..

    • තනි තරුව….. මේ අමරබන්දු රූපසිංහ. ලංකාවේ බිහිවු අතිදක්ෂ මාධ්‍යවේදියෙක්. මම විස්තර ඉදිරියට ලියන්නම්. ඒ කටහඬ ඉතාම පැහැදිලිව අහන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා මම දාන්නම්. මට ඒ ලින්ක් එක ගැන ලියන්නත් ඕන නිසා මේ ඉන්නේ ඊලඟ එක වෙනකම්.

  4. මේ අමරබන්ධු රූපසිංහ නේද අරු? මහ පෞරුෂයක් හිමි කට හඬක්. FM විකාශන නැති කාලයේ අපි ඔහුගේ කටහඬ ඇහුවේ මධ්‍යම තරංග Medium Waves ඔස්සේ. ප්‍රවෘත්ති කියනකොට පුදුමාකාරයි. ගැඹුරුයි. වැදගත්. වටිනාකමක් සහිත කටහඬක්.

    අර ගේ අදත් තියනවද? තියනවානම් කෝටි ගානක් වටිනවා නේද? අරුගේ ජීවිතය පරණ හින්දි චිත්‍රපටියක කතාව වගේ. මම අරුගේ මූනට රාජ් කපූර්ගේ මූණ ආදේශ කරගෙන ඉන්නේ.

    • මම නම් ආදේශ කරගෙන ඉන්නේ රන්බීර් කපූර්… 😛

      • http://manogeloka.blogspot.com/ says:

        ම්ම්ම්ම් මම මොකාද මුට ආදේශ කරන්නේ ?
        හරි රාජ් කපූර්ම තමයි.අර ශ්‍රී 420 රාජ් කපූර් කියන්නේ
        “මේරා ජුටා හේ ජපනි
        යේ ප්ල්ටුන් ඉන්ගිල්ස්තානි
        සා පේ ලාල් තොපි රූසි
        පිර් හේ දිල් හේ හින්දුස්ථානි” කියලා අන්න එක නියමෙට ගැලපෙනවා අරූයියාට.අපි කියනවාට වැස්ස වේලාවක උඹ ඔය තොප්පියක් දාගෙන කුඩයකුත් වන වනා ඔය සින්දුවත් කිය කියා පාරේ පලයන් කෝ බලන්න.උඹ පස්සෙන් ලන්ඩන් වල සුද්දියෝ එවි නේ වැල නොකැඩි…:D

      • පොඩ්ඩි……මම රන්බිර් කපූර්ගේ තාත්තා රිෂි කපූර්ට වඩා අවුරුදු 10යි දවස් දෙකයි බාල. මම තරුනයා කාලේ රන්බිර් වගේ කිව්වොත් වැරදිම නැහැ 😀

      • @ මනෝ……මුකේෂ් කියපු ඔය සින්දුව තාමත් අහන්න පුළුවන් නේද….අඩෝ උඹට කියන්න මාත් ඒ කාලේ ඔය වගේ තමයි. හැබැයි පොල් රැවුලක් තිබුනා. ඔය විදිහට පාරේ ගියොත් ලන්ඩන් කෙල්ලො කොහොම වුනත් රෑට බාගයක් ගහන්න ගානක් හොයා ගත්තෑකි. උඹ වරෙන් තොප්පියට සල්ලි එකතුකරන්න.

    • විචා හරි. ඒ ඔහු තමයි. ඒ යුගයේ සිටි දක්ෂයින් අතර සිටි අති දක්ෂයෙක්. දේශපාලන ගිලටින් එකෙන් සහමුලින්ම කපලා දැම්මා.

      අර ගේ තාම තියෙනවා. ඒ අයටමයි අයිති. දැන් නම් කෝටි කීයක් වටිනවාද කියලා කියන්න බැහැ. රාජ් කපූර්ද…රාජ කපුරුද?

      • එහෙනම් මගේ අනුමානය සහ උපකල්පනය දෙකම හරි. අමරබන්ධුගේ කටහඬ ඒ කාලේ රේඩියෝ එකේ ස්පීකර් එක පිරෙන්න වදිනවා.

        ඒ වගේම රාජ් කපූර් කියන්නේ ලෝකයක් වටින නළුවෙක්. අරුගේ අත්දැකීම් කියවනකොට මට මතක්වෙන්නේ රාජ් කපූර්ගේ චිත්‍රපටි. හොඳයි නේද මගේ උපකල්පනය.

      • අමරෙ අයියගේ සහ සුනිලා අබේසේකරගේ පහුගිය කාලේ කටහඬ තියෙනවා කේමදාස මාස්ටර්ගේ ගොළු හදවතින් තුන්වෙනියාමයට,Killer වගේ කැසට් වල. ඒ දෙන්නා හොඳ යාළුවෝ.
        විචා…..අපේ තාත්තා තරුණ කාලේ ෆොටෝ එකක් තියෙනවා ඒ ගිනිකූරු කට් රැවුල එක්ක. නියම රාජ් කපූර්.

  5. Ravi says:

    Aru…..මචං උඹේ කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා…පොතක්නම් ගහන්නම වෙනවා බං..ගහන්නම වෙනවා..

    විචාරක හරි..මේ අමරබන්දු රූපසිංහ තමයි මටත් මතක විදිහට…තව හිටිය සිරිල් රාජපක්ෂ, ඩී.එස්. දයාරත්න, බර්ටි ගලහිටියාව, ශ්‍රීමා අධිකාරි, රත්නා ලංකා අබේවික්‍රම, සුමනා නෙල්ලම්පිටිය…

    දොළහයි හතලිස් පහට යනව ප්‍රවෘත්ති තේමා වාදනය.” තන තත්ත..තන තත්ත තන තත්ත තානා..බඩ පැත්ත සුදු වෙන්ට කිරි මැට්ට ගෑවා..කූක්..කූක්..කූක්…කූඌඌක්…මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවයයි..මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්…මුලින්ම සිරස්තල…”

    • Pra Jay says:

      //පොතක්නම් ගහන්නම වෙනවා බං..ගහන්නම වෙනවා.//
      @Aru & Ravi, It applies to both of you.

      • http://manogeloka.blogspot.com/ says:

        යැස්,අරූයියේ,උඹ අපිට පොත පෙරළන්නේ නැතුව පොතක් ගහපංකෝ.

      • @ප්‍රා ජේ…….බොහෝම ස්තූතියි හැමදාමත් කරන දිරි ගැන්වීමට. රවීට කිසි උවමනාවක් නැහැනේ 😀

      • @ මනෝ………මේ දේවල් ඔක්කොම උඹ අරන් උඹේ නමින් පොතක් ගහපන්. මාත් එකක් සල්ලි දීලා හරි ගන්නම්.

    • /////ගහන්නම වෙනවා බං..ගහන්නම වෙනවා../////
      @රවී……ඇත්ත …ඇත්ත….මේවා දකින කොට ගහන්නම හිතෙනවා. යන්නට ඕනෑ කඩ මංඩිය වෙත…..

      රවී ඒ යුගය තමයි ගුවන් විදුලියේ රත්තරන්ම යුගය. ඒ බොහොමයක් ජීවතුන් අතර නැහැ. බන්ඩාර ඇහැලියගොඩ ලියපු මේ ලිපිය උඹ කියෙව්වාද ………එවන් යුගයක් කිසි දිනෙක බිහි නොවන වගනම් ෂුවර් මේ යන විදිහට. කාටහරි හිතෙන්න පුළුවන් අතීතකාමය කරේ තියන් කියලා. නැහැ එහෙම නොවෙයි. මේ තමයි ඇත්ත.
      ================================
      බල්ලන්ගේ නම් කියන කලා කරුවන්ගේ නම් අමතක එෆ්.එම් නාලිකා
      කුඩා කාලයේ අප විසූ ගම්වල ගුවන්විදුලි යන්ත්‍ර තිබුණේ කිහිපයක් පමණි. ඒවාද වැඩි වශයෙන් කඩවල්වලය. ආප්ප ඉඳිආප්ප කමින් හකුරු කහට බොමින් ඊට සවන් දීමට ගැමියෝ කඩ පිලට එක් රැස් වූහ. එකම එක නාලිකාව බවට පත්ව තිබූ ගුවන්විදුලි සේවය ලංකාවටම බෙදුවේ එකම හැන්දකින්ය. ප්‍රවෘත්ති ප්‍රචාරයේදී ගැඹුරු හඩින් කියන සියල්ලම සත්‍ය බව ඔවුන්ගේ විශ්වාසය වීය.
      මුවන්පැලැස්ස, ගුවන් විදුලි රඟමඬල විනෝද සමය සේම අමරදේව, සුනිල් ශාන්ත, සී.ටී., බෙග්, ජෝතිපාල, මිල්ටන්ලා, සමෝසමේ ගයන ගීත අපට ගෙන දුන්නේ මහත් රසයකි. වින්දනයකි. කරු අයියලා ලලිත් එස්. මෛත්‍රිපාලලා, පීරිස්ලා ඉදිරිපත් කළ පිබිදෙන ගායක පරපුර ගුවන් තොටිල්ල ආධුනිකයින්ට අත්වැලක්ම වීය.
      අපට විෂය නොවූවද ශාස්ත්‍රීය ගායන වාදන සේම බණ සහ සෙත් පිරිත් අසන්නට රුචි අයගේ මනදොල පුරවාලීය. ඒ ඒ කාල වකවානු තුළදී පවතින ආණ්ඩුවල පුරාජේරු කතා හෝ නිවේදක නන්දෙඩවිලි විරල වූ හෙයින් ගුවන් විදුලිය රජයේ වුවද පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම නාලිකාව බවට පත්ව තිබිණ.
      කරදඬු උස්මහත්ව උසස් අධ්‍යාපනය හදාරන කාලය තුළ අපට නිවසේදීම සියල්ල ශ්‍රවණය කිරීමේ වාසනාව උදාවිය. ප්‍රවත්ති කියන අමරබන්ධු රූපසිංහ, ඩී.එස්. දයාරත්න, සිරිල් රාජපක්ෂ අශෝක තිලකරත්න, සුමනා නෙල්ලම්පිටිය වැන්නෝ අපට ආගන්තුක නොවූහ. කේ.ඩී.කේලා, ලූෂන්ලා, ප්‍රේමකීර්තිලා, දයා ද අල්විස්ලා, කුසුම් පීරිස්ලා අපට වඩාත් සමීප වූහ.
      වරකාගොඩ, මිගෙල් රත්නාවලී, නෙතලි,ගැමුණු, කුසුම් වැඩිපුරම ගැවසුණේ මුවන්පැලැස්සේ නොව අප නිවෙස්වලය. සුගතපාල ද සිල්වා, කරුණාරත්න අමරසිංහ, ජේ.එච්.ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍රලාගේ සිට කපිල කුමාර කාලිංග, චූලාභය ශාන්ත කුමාර දක්වා බොහෝ දෙනෙක් ගුවන් විදුලි රඟමඬ‍ලේ සිට අපට හමුවූහ.
      සඳුදා සවස 5ට ඇරඹෙන මධුමාධවී කවි සඟරාව, රාත්‍රියේ ඇසෙන රේඩියෝ සඟරාව, සැරිසර, රවිලාල්, විමලධර්මගේ ගී අමධාරා, අපට තවමත් ඇසෙන්නාසේය. එමතුද නොව ලැම්බට් පෙම්මාවඩු සහ සුමනා ජයතිලක ඉදිරිපත් කළ හඳමාමා, සිරි අයියලා කරු අයියලා, මහින්ද අල්ගමලා රස ගැන්වූ සරස්වතී මණ්ඩපය මියෙන තුරු අපගේ මතකයෙන් බැහැර නොවනු ඇත.
      නව ගී උත්පාදනය කළ සරල ගී මධුවන්ති නව පදමාලා පුබුදුව ගී, මියැසිය නවක ගීත රචකයනට තෝතැන්නක් විය. මේ සියල්ල එවකට විකාශය වූ වැඩසටහන්වල අසම්පූර්ණ සටහනකි. සැමුවෙල්, ඇනස්ලි, බර්ටි, ඇල්ප්‍රඩ් විජේදාස, ධර්ම ශ්‍රී, ගැමුණු සහ මර්සි එක් පසෙකත් අමරසෝම සමරක්කොඩි, ඩික්මන් වනසේකර දොන් ස්ටීවන් උඩවත්ත, දොන් සිරිසේන,වැනි අය පසුකාලීනව තවත් පසෙකත් සිට අපව සැබෑ ලෙසම සිනාගැන්වූහ.
      කොළඹට සීමා නොවූ ගුවන් විදුලිය රජරටට, රුහුණට, මහනුවරට මෙන්ම මහවැලි කලාපයටද අතුඉති විහිදාලීය. ස්වර්ණා ශ්‍රී, කපුගේ, තිලක සුධර්මන්, නිව්ටන් ගුණසේකර, ප්‍රේමකීර්ති දුෂ්කර මාරු ඉවසා දරා ගනිමින් නව පරපුරකට ජීවය දුන්හ.
      ඉනික්බිතිව ලක්හඬ උපත ලැබිය. රජයේ අනුග්‍රහය ලැබුණද ගුවන් විදුලියක යථා ස්වරූපය දැන උගත් නිව්ටන් ගුණරත්නලා ජන සමාජයේ හදගැස්ම හඳුනාගැනීමට සමත්වූහ.
      අනතුරුව ගුවන් විදුලිය රජයේ හොරණෑ බවට පත්වන්නේද ඒවා නිර්මාණකරුවන්ගේ පාරාදීස නොව දේශපාලන අනුගාමිකයන්ගේ අනාථාගාර බවට පත්වන්නේද අපේ අවාසනාවටය, එෆ්.එම්. සංස්කෘතියේ පළමු බිජය අප ‍පොළෝතලය මත රෝපණය කරන්නේ මේ අල්ලපනල්‍ලේය. මේ විද්‍යුත් නාලිකා ගුවන්විදුලි සදාචාරය උඩු යටිකුරු කළේ අකාරුණික අයුරිනි. එතෙක් ගීතයක පාර්ශ්වකරුවන්ගේ නම් නිර්ලෝභීව ප්‍රචාරය කළ ගුවන් විදුලි සම්ප්‍රදාය ඔවුන් තඹ සත පහකට මායිම් කළේ නැත.
      එතෙක් මෙරට ගෞරවනීය සන්නිවේදකයින් අසුන් ගෙන සිටි එල්ලා වැටෙන මයික්‍රෆෝන ඉදිරිපිට ආසනවල ගිරා‍පෝතක නංගිලා සහ මල්ලිලා වාඩි කරවූහ. දුරකථන දොරටු විවර කර පල්හෑලි කියවන්නටත් තොදාල් වන්නටත් ඉඩහසර ලබාදුන්හ. රාත්‍රි කාලයේ වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කතාබහටද අවකාශ ලැබුණි.
      ඉන් පසුව ගුවන් විදුලි විකාශන ආරම්භ කිරීමට පාලක පැලැන්තිය ලබාදුන් සීමා රහිත අවසරය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් විය. වැරදි පූර්වාදර්ශ සැපයූ ඉහත සඳහන් ගුරුවරු හිටගෙන කළ දේ පසුකාලීන එෆ්.එම්.ගෝලබාලයෝ දුව දුව කරන්නට වූහ.
      අප රටට කිසිසේත් ඔරොත්තු නොදෙන පරිදි ගුවන් විදුලි නාලිකා පනහකට ආසන්න ප්‍රමාණයක් දැන් ක්‍රියාත්මක වේ.
      මේවාට අරක්ගෙන සිටින්නේ සැබෑ දක්ෂ නිර්මාණශීලී සන්නිවේදකයන් නොවේ. වැඩි ප්‍රමාණයක්ම කටහැකර වාචාලයින්ය. ඒ අතර තම වගකීම මැනවින් හඳුනාගත් සීමිත නාලිකා ප්‍රමාණයක් සහ සීමාසහිත සන්නිවේදකයින් පිරිසක් සිටින බව ඔවුනට ගෞරව පිණිස සටහන් කළ යුතුය.
      එදා ජන සමාජය ප්‍රතික්‍ෂේප කළ කටහැකරකම අද ආශීර්වාදයක් ලෙස සලකන්නේ මේ අයා‍ලේ යන නිවේදක බුරුතු සහ දේශපාලකයන් පමණි.
      “ඔබ කටහැකරයෙක් නම් එන්න අපේ නාලිකාවට” යැයි ආරාධනා කරන වෙළෙඳ දැන්වීම් අපට ඇසෙන්නේ මේ ගෝතකරුමය නිසාය.
      එදා ගුවන් විදුලිය ගීත රචකයන් වූ අපේ නම් නිර්ලෝභීව ප්‍රචාරය කළ හෙයින් අපට ගමනක් නිර්මාණය වී තිබිණ. ඇස්-කන්-නාඩි සහිත නිමල් ලක්ෂපතිආරච්චි හමුවී එවකට මේ අවනඩුව ඉදිරිපත් කළ විට ඔහු පැවසුවේ නව ෙශෙලියට එය නොගැළපෙන බවයි. ගෙදර මහඑකාගේ පටන් සියලු ඥාති මිත්‍රාදීන්ගේද සුරතල් සතුන්ගේද නම් කියමින් කා දමන කාලය තුළ නිර්මාණකරුවාට සාධාරණය ඉටු කිරීමට නොහැකි බව පැවැසීම මට නම් අදත් ප්‍රශ්නයකි.
      මේ උඬඟු පිළිවෙත ඔහුගේ ගෝලබාලයෝ සුරැකිව පවත්වාගෙන යති.
      මා ඉහත සඳහන් කළ නව ගී උත්පාදන වැඩසටහන් ගුවන් විදුලි මාධ්‍යයෙන් දැන් අතුගෑවී ගොස් හමාරය. අද තැන ඇත්තේ බාල බොළඳ සන්සුන් වදන්, තේරුමක් නැති සංගීත හරඹ සහ නුපුහුණු ගායනා වලින් යුත් ගීත යයි කියන මොනවාදෝ දේකටය. මේවා ‘හිට්’ කරන්නට පැකේජ් ගානට ලක්ෂ ගණන් අය කර දවසට තුන් හතර වතාවක් ප්‍රචාරය කරන ගුවන්විදුලි නාලිකා තිබේ.
      අවුරුදු ගණන් වෙහෙස විඳ නිර්මාණ එකතුකර එළි දක්වන සංයුක්ත තැටිවලට අද තැනක් නැත. විශාරද නන්දා මාලනීගේ අඬහැරයෙන් පටන් ගත් විට සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ,දීපිකා ප්‍රියදර්ශනී, රොහාන් ශාන්ත බු‍ලේගොඩ, හර්ෂණ දිසානායක, අමරසිරි පීරිස්, ඩබ්.ඩී. ආරියසිංහ බණ්ඩාර අතාවුද ඇතුළු ප්‍රවීණ ශිල්පීන් විශාල ප්‍රමාණයකගේ අවසන් සංයුක්ත තැටියේ අඩංගු ගීත කීයක් ප්‍රචාරය කරන්නේ දැයි විමසා බැලීම වටී. මමද පසුගිය කාලය පුරා සංයුක්ත තැටි තුනක් එළි දැක්වූයෙමි. පැරණි ගී කිහිපය හැරුණු විට එකද ගීයක් හෝ ප්‍රචාරය කරන්නට ඔවුහු පෙළඹෙන්නේ නැත. අත්වැරදීමකින් හෝ ‘හන්තානට පායන හඳ’ මේ තරම් සියුමැලිද කළුගල් “දුවේ නුඹ මගෙ ප්‍රාණයයි’ “මමයි නුඹේ වියපත් බඹරා’වැනි ගීත සුළු ප්‍රමාණයක් විකාශය කිරීම පිළිබඳව ස්තූතිය පළ කළ යුතුය.
      අල්ප වූ නාලිකා ප්‍රමාණයක් හැර සෙසු සියලු නාලිකා අද වෙසතුරු වෙස්ගෙන දොර දන් දීමට පටන් ගෙන ඇත. පෙර අපට බෙදා දුන් දැනුම, අවබෝධය අධ්‍යාපනය වින්දනය සහ තොරතුරු සන්නිවේදනය වෙනුවට අද බෙදන්නේ මුදල්ය.
      දයාව, කරුණාව, ආදරය, ලෙන්ගතුකම වෙනුවට ඊර්ෂ්‍යාව ලෝභකම සහ ආශාව වපුරන්නට පටන්ගෙන ඇත.
      මේ වෙස්සන්තරලා වතුරබිල්,විදුලිබිල්, දුරකථන බිල් ඕසෙට ගෙවා දමති. එක දුරකථන ඇමතුමකින් පනස් දාහක් දෙයි. බඩු මලු යතුරුපැදි,ත්‍රීවීල්, ගෙවල් දොරවල් දීගෙන දීගෙන යයි. කළ යුත්තේ “අපි අහන්නේ අහවල් එක” කියා බෙරිහන් දීම පමණි.
      මේ තරම් මුදල් කන්දරාවක් දීමට නම් වෙළෙඳ දැන්වීම් වැඩියෙන් ප්‍රචාරය කළ යුතුය. නොඑසේ නම් පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය කිරීම සඳහා
      ලක්ෂ ගණන් මුදල් අයකර ගත යුතුය.
      බුද්ධිමය දේපළ පනත අනුව නිර්මාණකරුවා සතු අයිතිය දෙවැදෑරුම්ය. ගීතයක් විකාශය කිරීමේදී නම සඳහන් කිරීම සදාචාරාත්මක අයිතිය ලෙසත්, ඒ වෙනුවෙන් කර්තෘභාග ලබාදීම ආර්ථික අයිතිය ලෙසත් අරුත්ගැන්වේ. එහෙත් අප රට විද්‍යුත් නාලිකා මේ අයිතීන් දෙකම කප්පාදු කර ඇත.
      ගුවන් විදුලි සංස්ථාව කෙටි කලක් කර්තෘභාග ගෙවා, තමන්ගේ නැතිබැරිකම කියා එය මඟහැර සිටී. එහෙත් අද දක්වාම කිසියම් වැඩසටහනකට සහභාගි වූවකුට ශිල්පීය ගෙවීමක් කිරීමට අමතක නොකරයි. ඇතැම් නාලිකා නිර්මාණකරුවාගේ නම සඳහන් කරන බවද සඳහන් කළ යුතුය.
      වෙනත් කිසිදු ගුවන් විදුලි නාලිකාවක් ආරාධිත ශිල්පියෙකුට කිසිදු ගෙවීමක් නොකිරීමට වගබලා ගනී. පැයක දෙකක ගුවන් කාලය සපුරාලීමට වෙහෙසෙන ආරාධිතයා හිස් අතින් එවන නමුත් ඒ කාලය තුළ වෙළෙඳ දැන්වීම් මගින් කෙතරම් මුදලක් උපයන්නට ඇතිදැයි නොසිතයි.
      ඉස්සර අපි ප්‍රවෘත්ති ඇසුවෙමු. ඉන්පසුව මරණ දැන්වීම්වලට සවන් දුන්නෙමු. අද මරණ දැන්වීම් ප්‍රවෘත්තිවලින්ම ප්‍රචාරය කරන නිසා එකවර දෙකම කරගත හැකිය.
      ගුවන්විදුලිය අපට විනෝදය ලබා දුන්නේ සතියට වරකි. ඒ විනෝද සමය තුළිනි. නිවේදකයා සහ විකට ශිල්පියා දෙපැත්තක සිට තම කාරිය ඉටු කළහ. අද පෙරවරු හතේ සිට පස්වරු හය දක්වා විකටයන් වී සිටින්නේ නිවේදකයින්මය. ඒ විහිලුවලට හිනා නොයන බව සහසුද්දයෙන්ම දන්නා නිසා හිනාව පටිගත කර වදන් අතරට මුදා හරියි.
      මෙවැනි බාළ බොළඳ වැඩ නොකරන නාලිකාවලට සහ සුළුතරයක් වූ පිරිසට ආශීර්වාද වේවා එවැනි දේම කරන බහුතරයට ප්‍රඥාව පහල වේවා
      මන්ද මානසිකත්වයෙන් තොර සැබෑ සන්නිවේදකයන් සමග අපි බොහෝ කාලයක් මේ රටේ ජිවත්වූවෙමු. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ?
      බණ්ඩාර ඇහැළියගොඩ
      ==============================================================================================================================================

      • Anonymous says:

        //මේ දේවල් ඔක්කොම උඹ අරන් උඹේ නමින් පොතක් ගහපන්. මාත් එකක් සල්ලි දීලා හරි ගන්නම්.//

        උඹට මෙහෙම කියන්න තිබ්බ හය්ය මම අගය කරනව එකෙම්ම මචෝ!

      • ඉන්දික උපශාන්ත says:

        මොකෑ බන් මේ ඇනෝ වෙලා මාව!

      • ඔහොම ඇනෝ වෙනවා බං හිටපු ගමන්. ගණන් ගන්න එපා.

  6. kathandarakaraya says:

    සිරිමා ගේ ඒ කාලේ කටහඬ සෑහෙන්න අපි දන්න කාලේ චන්ද්‍රිකා ගේ කටහඬ වාගේ!

    • ඒ වගේම තමයි රසික. මට නම් වෙනසක් තේරෙන්නේ නැහැ. එකම කටහඬ.තාත්තයි, ලොකු දුවයි එක කටහඬ වගේ. තොරතුරු ගබඩාවට ප්‍රයෝජනවත් නිසා මෙතනින් ගෙනත් තියෙනවා.

  7. kathandarakaraya says:

    මේ නිවේදකයා වෙන්න ඕනෑ, ලොකු මාස්ටර් කියා සමන් අතාවුදහෙට්ටි ගේ කතාවේ කිව්වේ!

    • මේ ඉන්නේ මැද මාස්ටර්. ලොකු මාස්ටර් කිව්වේ තිලක් සුධර්මන් සිල්වා. එයා ලියපු ගීතයක් තමයි අයිවෝ ඩෙනිස්ගේ පළවෙනි ගීතය කුරුළු පරාදීසයේ. සංගීතය සුනිල් ශාන්තගේ.

  8. කතාව හරිම රසවත් අරූ. එක දිගට බලාගෙන යන්ට ඇත්නම් කියලා හිතෙනවා.

    • තෑන්ක්ස් පොඩ්ඩි දිගටම ලියාගෙන යන්න වෙලාවයි, කම්මැලිකමයි හරස් වෙනවා.

  9. maathalan says:

    කටහඬ පුරුදු උනාට කාගෙද කියලා නිච්චියක් නෑ. ඒ කාළේ සෝ පටන් ගන්න කලින් ජාතික කොඩිය එහෙම දාලා, මේ වගේ ආන්ඩුවේ පම්පෝරිය පෙන්නනවා. ඒවයේ පුදුම බරක් තිබුනේ. කටහඬේ විතරක් නෙමෙයි. කැමරාකරණයේ පවා. බොහෝම ආසාවෙන් ඒවා නැරඹුවේ. පස්සෙ කාලෙක ට්‍රාන්ස්ටෙල් එකේ ජර්මන් සෝ වගයක් පෙන්නුවා. ඒවයේ කොච්චර රහක් තිබුනද.. ඒ වගේම තමයි මේ පෝස්ට් එකත්.. අපිත් එක්ක එකට හිටපු පොඩි කාළයක් ආශ්‍රය කරපු උන් පවා මතක් වෙනවා මේ ලිවිල්ල නිසා.

    උඹේ එක රහ… බයිලා නැති නිසා. අමු හෙළුවෙන් තියෙන නිසා.. සම හරක්ගේ ඒවල ඉන්නේ නයි.. කියවන්න බයයි.. කයි කියලා…

    • //////ඒ කාළේ සෝ පටන් ගන්න කලින් ජාතික කොඩිය එහෙම දාලා, මේ වගේ ආන්ඩුවේ පම්පෝරිය පෙන්නනවා. ඒවයේ පුදුම බරක් තිබු////////////
      මාතා…ඔය කටහඬ නම් අමරබන්ධු රූපසිංහගේ. එයා ගැනයි අපි කොල්ලෝ සෙට් එකයි ගැනයි ලියන්න ඉන්නේ. ඉස්සර මචං ෆිල්ම් හෝල් වලත් ඕවා ෆිල්ම් එකට ඉස්සෙල්ලා පෙන්නුවා. ගම්වල, නගරවල, පොළවල්වල වගේ ඉඩ තියෙන තැන්වල ඇවිත් පෙන්නුවා සුදු තිරයක් දාලා. ඒක කරේ රජයේ චිත්‍රපට අංශයෙන් (Government Film Unit). ඔය දාලා තියෙන ක්ලිප් එකෙත් බලපන් GFU කියලා ගහලා තියෙනවා.

      ////උඹේ එක රහ… බයිලා නැති නිසා. අමු හෙළුවෙන් තියෙන නිසා//////

      අපි ඉතින් දන්න කාලේ ඉඳන් හෙළුවෙන් බයිලා කියන එවුන්නේ. ඒ නිසා බය නැතිව කියවපන් :

  10. Sanjeewa Mendis says:

    අදුරගන්න අමාරැයි අයියන්ඩි..කතා පෙල ආසාවෙන් කියවනවා..
    එල ද බ්‍රා.

    • බ්‍රා නම් බ්‍රා….එයත් අරූ කෙනෙක්. හැබැයි මේ අරූ වගේ ගොබ්බයෙක් නෙමේ.

  11. අදුනන්න තියා අහල වත් නෑ නෙව මං වගේ ඇටිකිච්චකේ කෝම අහන්නද මට වඩා වැඩිමල් මාතෙ ට වත් මතක නැති කොට…
    බලං ගියාම අරූ අය්ය ඇයිදින කෝච්චියක් වගේ එක තැනක නෑ හැම තැනම ඉන්නව. ඇත්තට අරූ අය්යට තිබ්බෙ ලංකාවෙ දේසපාලන විස්ලෝසකයෙක් ‍්වෙන්ට එහෙම වුණා නං පාඩුවෙ දේසපාලනෙත් විචාරය කරගෙන ගිනි ගින්දරට ඉන්න තිබ්බ… අ
    අපිටත් රස්තියාදුව අරක මේක ගැන ටියුසං ගන්වන තිබ්බ ඕ යේස්…

    • //////අපිටත් රස්තියාදුව අරක මේක ගැන ටියුසං ගන්වන තිබ්බ ඕ යේස්…//////
      අම්මෝ මහේෂ් උඹලා මගෙන් ඒ කාලේ රස්තියාදු ගැන ටියුෂන් ගත්තානම්…නවතින්නේ එක්කො ඉස්පිරිතාලෙක, හිර ගෙදරක නැත්නම් අඩි හයක් යට 😀

      දේශපාලන විශ්ලේෂකයෙන් වෙන්න හොඳ ජාතික, ජාත්‍යන්තර දැණුමක් සහ සමාජ චලනයන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. ජනතාවගේ හද ගැස්ම හඳුනගන්න ඕන. එහෙම නැතුව සීතල කාමරේක ඉඳලා නින්දෙන් ඇහැරිලා තමන්ට හිතෙන දේ ලියනවාට වඩා හොඳයි මං වගේ වේටර කොලුවෙක් වෙලා පැත්තකට වෙලා ඉන්න ඕන. නැද්ද මං කියන්නේ.

  12. මටනම් කටහඬ කොහෙත්ම අඳුනගන්න බෑ අරූ අයියේ. කොහොම උනත් කතාවනම් එන්න එන්නම රසවත් වෙනවා.

    • මනෝෂ්…..අමරබන්ධු රූපසිංහ ලියපු ගීතත් තියෙනවා. මාලණි/එච්.එම් සංයෝජනයක්. මම ඊලඟ එකට දාන්නම්. උඹ ඒ ගැන පෝස්ට් එකක් දාපන්.

  13. ජීවන says:

    අපි දන්නා කාලෙක කටහඬක් නෙවෙයි.
    අරූ පුදුම ජීවිත අත්දැකීම් තොගයක් කැටිකරගත් පුද්ගලයෙක්නේ.

    • දන්නේ නැද්ද ජීවන ඉතිං…මම ඉස්කෝලෙන් අස්වෙලා සමාජයට ගියා මිසක් යුනිවසිටි ගියේ නැහැනේ. මේ අමරෙ අයියාත් එක්කත් මට පුදුම අත්දැකීම් රාශියක් තියෙනවා. ඒවා ඇත්තටම කොටස් කිහිපයකට ලියන්න වෙනවා.

  14. Hashitha says:

    එගොඩවත්ත විජේරාම හන්දියේ සිට රත්තණපිටිය පාරේ හැතැක්ම එක හමාරක් ගියපසු හමුවන නොතාරිස් හන්දියෙන් දකුණට වන්නට පිහිටි ගම්මැද්දයි. එගොඩවත්ත අපූරු ගමකි. 1980 ගණන් වල අග භාගයෙහි ද එහි අමුඩ ගැසු ගැමියනුත්, පාර පුරා ඇවිදයන කාල වර්ණ මී ගව රංචුත් දකින්නට ලැබිණි. ලංසි පවුල් කිහිපයකුත්, මැලේ පවුලකුත්, ගල්හේන පරම්පරාවේ බහුතරයකුත් විසූ එ ගම, රබර වත්තකුත්, ගඳපාන, දං, කොහුකිරිල්ල පිරුණු ලඳුත් මිශ්‍රව පැවතුණි.

    මම එ ගමට පිටගම්කාරයෙක් වීමි.
    http://rasawathiya.blogspot.com/2010/03/blog-post_11.html

    • Hashitha.. I just tasted ‘rasawathiya’.. what a fabulous writing that was.. why are you silent recently.. that is unfair for us.. come onn.. 😀

    • හෂිත……..මම ඔබේ රසවතියගෙන් රසවත් වුනා 😀
      මම 1987-88 වෙනකම් වගේ ඉරිදාපොළ ගාව තමයි හිටියේ. නමුත් ඒ කඩින් කඩ. මට එක තැනක ඉන්න බැහැ. කොළඹ වටේම ගියා. විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය කියන්නේ උපන් බිම. දැන් නම් බොහොම ටික දෙනයි පරණ උදවිය ඉන්නේ. ආපහු තිස්ස අබේසේකරයන්ගේ පොත හොයාගෙන කියවන්න හිතුනා.

      මාමා කිව්වේ දයා අල්විස් මහත්මයා වෙන්න ඇති කියා හිතනවා. අමරෙ අයියා මාව ඉස්සර ඔය ගොඩක් වැඩ කටයුතුවලට යනකොට වරෙන් යන්න කියලා එක්කන් යනවා. මට දයා අල්විස් මුණ ගැහිලා තියෙනවා ඒ විදිහට. හරිම රසවතෙක්. ලොකු උදවිය සෙට් වෙලා යන සංවාද පුදුම රසවත්. මාත් අයිනකට වෙලා වාඩිවෙනවා. මාත් අඩියක් ගහගෙන, සිගරට් එකක් බිබී ලොක්කා වගේ අහගෙන ඉන්නවා. සාකච්ඡාවට යන්න මුකුත් දන්නේ නැහැනේ. ඒ වගේ බොහෝ අය හමුවුනා. රස ගුලාවක්. පස්සෙ ලියන්නම්.

      ජී.ආර්.පෙරේරා ශිල්පියා හිටියෙත් එගොඩවත්තේ. දවසක් ‘එකමත් එක කාලෙක’ කියන වැඩ සටහනකට ඇවිත් ඔය පැත්ත ගැන රසකතා ගොන්නක් කිව්වා.

      ආපහු ලියන්න. මම වගේ නෙමේ හෂිතටලාට යමක් ලියන්න දැණුමක් තියනවානේ.

    • Chandanadana says:

      ඒක නියම බ්ලොග් එකක් නේ.

      • Anonymous says:

        මොකද හෂිත බ්ලොග් එක නවත්තල. ඒක මටත් අහු උනේ අද. පට්ට කියන්නෙ උපරිම!

  15. sudeeka says:

    මගෙත් මතකයට එක පාරටම ආවේ අමරබන්දු රූපසිංහ කියන නම. නමුත් කටහඬට හොඳින් සවන් දුන් පසු එය එඩ්වින් ආරියදාස මහතාගේ හඬ බව පැහැදිලි විය. නමුත් ඔහුගේ නම සිහියට නගා ගන්නට මා දැරූ වෙහෙස දන්නේ මා පමණි. සිය වතාවක් පමණ ගූගල් කර ඔහුගේ නම සොයා ගතිමි. ඇත්ත වශයෙන්ම මේ කතා මාලාව මා ප්‍රිය කරනම එකකි. පහුගිය සටහනට මා කමෙන්ට් කළාදැයි මතක නැත. ඒ මා කියවන විට තිබූ සියළු කමෙන්ට් කියවන්නට ගොස් අතරමං වූ නිසාය. මේ කියන ප්‍රදේශයේ විස්තර අනුව අරු ධම්මික කොඩිකාර නම් වූ මගේ කාර්යාල මිතුරා නොහඳුනනවා විය නොහැක.

    • සුදීක……මේක ඇතුලට ආපුවහම ඔළුව කරකවලා අතහැරියා වගේ වෙනවා තමයි :
      සුදීකට ඇයි එඩ්වින් ආරියදාසයන්ව පැටළුනේ. සුදීක ස්පෝට්ස් ලවර් හින්දා කියන්නේ. අමරබන්ධු ක්‍රිකට් සිංහල කමෙන්ට්‍රීස් පටන් ගත්ත කාලේ පාලිත පෙරේරාට උදව් කරපු කෙනෙක්. පාලිත පෙරේරා ඔහුගේ ‘පාලිත පෙරේරා සමග සජීව ලෙසින්’ කියන පොතෙත් සඳහන් කරනවා. මේ දෙදෙනාත් හොඳ හිතවතුන් බවත් මම දන්නවා.

      සුදීක…..මට ධම්මිකව මතක් වෙන්නේ නැහැ. හැබැයි අලහේන්ද්‍ර, තෙබුවන කොඩිකාර, එදිරිසිංහ, කැකුලාවල, අම්බලන්දූව, රණවක වගේ පවුල් තමයි ඉස්සර හිටියේ.

      පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් එක මම දැක්කා.

      • sudeeka says:

        ඔහු මේ සියළු දෙනා හඳුනනවා. ඔබ සිටින්නට ඇත්තේ පාරෙන් අනෙක් පස බවත් පැවසූවා.

      • සුදීක…..ධම්මිකට කියන්න අපි හිටියේ ලී මඩුවට මෙහා පැත්තේ ගෙදර කියලා. අපිට අයිතිව තිබූ මහ ගෙදර තමයි චන්ද්‍රා මෝටර්ස් දාලා තිබුනේ. ඒත් එක්කම ගෙදර තමයි රත්නසිරි හිටියේ. සුදීක….. රත්නසිරි ගැන ලියන්නකෝ. ආසාවෙන් බලන් ඉන්නවා.

  16. Anonymous says:

    ලොකු මාස්ටර් කියන්නෙ තිලක සුධර්මන් ද සිල්වා නේද?

    හර්ෂ

    • ඔව් හර්ෂ ඒ ලොකු මාස්ටර් තමයි. මේ අය නිසා ගුවන් විදුලිය බැබළුනා. අද……..ඒක බුබුලක්,,කොයි වෙලාවක හරි පුපුරා යන.

      • maathalan says:

        එහෙම කියන්න එපා තවත් අපූරූ කට හඬක් උදෑසනම ඇහෙනවා.. මළබද්දයට නියම බේත. ඔහු හඩ්සන් සමරසිංහ නම් වන්නේය.

      • මාතා….හඩ්සන් එක්තරා යුගයක නම් තරුවක්. දැන් නම් පතුල හිල්වෙච්ච ඔරුවක්.

  17. මේ ලිපි පෙළ එන්න එන්නම රසවත්..

  18. katussaa says:

    මම මේක කියෙවුවෙ නෑ තාම.මම තාම ඉන්නෙ 18 කොටසෙ.තාම බෙල්ලෙන්විල පාරෙ.මේ දවස්වල වැඩ වැඩියි.ඒත් ඉක්මනටම විජේරාමෙටත් එනව.
    මේකෙන් අද වෙනකොට නැවතිල තිබුනත්,පට්ට බ්ලොගක් හම්බුනා.ඒකත් සේවු කරගත්ත.”රසවතිය”

    • katussaa says:

      මොක නැති වුනත් ඉක්මනට මේක blogger site එකක්කරගන්න පුලුවන්නම් ලොකු පිණක්.

      • අනේ බං කටුස්සෝ….සමාවෙයන් මට ඔය පිංකමට හවුල්වෙන්න විදිහක් නැහැ 😀

    • කටුස්සෙකුට බෙල්ලන්විල ඉඳන් විජේරාමේට එන්න ලේසි නැහැ. 119 බස් එකේ නැගලා බොරලැස්ගමුවේ පිරිවෙන හංදියෙන් බැහැලා එගොඩවත්තේ පාරෙන් කැම්පස් එක හරහා පයින් වරෙන්. අපි ඉස්සර පොඩිකාලේ සරුංගල් අරින්න ඔහේ තමයි යන්නේ.

      රසවතිය රස ගුලාවක්!!!

      • katussaa says:

        මගුලක් කියනව….
        කටුස්සො කවද්ද බස් වල ගියේ,අලියෙක්ගෙ පිටක මිස….

      • එහෙනම් ඉතින් පාරට වෙලා බලන් හිටපන්. ඊලඟ අවුරුද්දේ පෙරහැරට තමයි අලියෙක් පිට එන්න වෙන්නේ. උඹ හිතුවද ත්‍රීවීල් වගේ අලි එහෙට නෙහෙට යනවා කියලා බෙල්ලන්විල.

  19. උඹේ ජීවිත කතාව අහන්න අහන්න ආස හිතෙනවා අරූ… ඔහොම යමු, පස්සේ හිමීට පොතක් විදිහට එළි දක්වමු. අපි විතරක් නෙමේ අරූ, මේව රටේ අනිත් උනුත් කියවන්න ඕනේ දේවල්. මේ වගේ විස්තර සහිත ලියවිල්ලක් ලේසියෙන් කියවන්න ලැබෙන එකක් නැහැ ඕනෙම කෙනෙකුට.

    මේ කටහඬේ හුරු ගතියක් තියෙනවා, සමහර විට පස්සේ කාලෙක හරි බලපු මොනවයේදී හරි කටහඬ අහන්න ඇති…

    මම තාම ඉන්නේ 20 කොටසේ, හිමීට හිමීට බලලා ඉතුරු ටිකත් ගොඩ දා ගන්න ඕනේ…
    ජය…!

    • ලොකු පුතේ……මේ බ්ලොග් එක මම හිතන්නේ සැහෙන පිරිසක් කියවනවා. මගේ අත්දැකීම් හා බැඳුනු සමාජ වටපිටාවත්, ඒ ඒ මිනිස්සුත් හින්දා තමයි උඹට එහෙම දැණෙන්නේ. කිව්වා වගේ ඔහොම යං.

      මේ කියන අමරේ අයියාව 77න් පස්සේ ගුවන්විදුලියේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒවා ඉතින් දේශපාලකයින්ගේ වැරදි. ඒත් අමරෙ අයියා කේමදාස මාස්ටර් එක්ක කරපු වැඩ තාමත් අහන්න පුලුවන්. ඒ දේවල් තවම මිනිසුන් අතර තියෙනවා.

      ////මම තාම ඉන්නේ 20 කොටසේ, හිමීට හිමීට බලලා ඉතුරු ටිකත් ගොඩ දා ගන්න ඕනේ…//////
      උඹටත් ලොකු පුතේ ලේසි වෙන්නේ නැහැ. හයිවේ එකේ වරෙන් 😀

      • ඔව් බන් අරූ,
        තව පොඩ්ඩෙන් හයිවේ එකේ ගමේ යනවා. ඒ ගියාට උඹේ බොග බලන්න වෙන්නේ නැහැ.
        අද දවසෙමත් මුකුත් බලන්න බැරි උනා. ඒ මදිවට ආපහු බ්ලොග් බලන්න වෙන්න ලබන අඟහරුවාදා.
        ගමේදී එව්වා බැහැ… ගමකට වැඩ… හැක්…හැක්…

      • ගමේ උදවියත් එක්ක විනෝදවෙලා එන්න. ඒක ගොඩක් අය මිස් කරගන්නවා.

  20. Kandyan says:

    මම හිතන්නෙ අමරබන්දු රූපසිංහ කියලයි.
    මෙතනට ගියාම අහන්ට පුළුවන් ඒකාලේ ගුවන් විදුලියේ වැඩකාරයොන්ගෙ කට හඬවල්.
    http://voicearchive.hpage.co.in/radio_13023151.html

    • කැන්ඩියන්…….උඹ හරි. මේ එයා තමයි.
      මචං මම ඔය සයිට් එක සහ එහි නිර්මාතෘ ගැන යම් සඳහනක් කරන්න හිතාගෙන ඉන්නවා ඊලඟ පෝස්ට් එකේ. ඒ මහත්මයා තමයි දැනට අපිට ඉන්න ජ්‍යේෂ්ඨතම,ප්‍රවීන සහ නිහතමානී ගුවන්විදුලි මාධ්‍යවේදියා. අමරේ අයියලාගේ සමකාලීකයෙක්.

    • Kandyan has posted what I hadn’t.. Now your time out is officially over Mr. Aru.

  21. http://manogeloka.blogspot.com/ says:

    මමත් දන්නා කටහඬක් නෙමේ අරූයියේ ඕක.අපි ඉතින් පුංචි කොල්ලෝ නොවැ.
    ඇයි බං අරූයියේ අර ගේ වහලා තිබ්බේ.උඹලා එහේ යනකම්ම.උඹලාගේ ගෙදර අයට එකේ පදිංචි වෙන්න තිබ්බේ නැතිද මාමලාගේ අවසරය අරගෙන.අර ගෙදර ඉඩත් මදි එකේ.

    • @ Mano….හිඟන්නන්ට කොහෙන්ද බං උණු බත්. අපි කුඩා මිනිසුන් නිසා එහෙම නොදෙන්න ඇති. ඒ ඒ බනිස්නේ. අපිට අර ඉන්න විදිහ හොඳයි කියලා අම්මා හිතන්න ඇති. ඒ වුනාට ජානකගෙයි, අපෙයි සම්බන්ධකම් එහෙම හොඳට තිබුනා. අපේ අම්මා කාටත් එකයිනේ.

  22. Kandyan says:

    මං හිතන්නෙ අමරබන්දු රූපසිංහ.
    මෙතනින් අහන්ට පුළුවන් ගුවන් විදුලියේ රජ වැඩකාරයොන්ගෙ කටහඬවල්.
    http://voicearchive.hpage.co.in/radio_13023151.html

  23. Aru “Awulwennata pera” kathamalawa pothak lesin palakaloth hondai kiyala hithanawa.eya apurupothk wewi. mata kiyawanakota maga arunada manda, ekale niwedaka/geetharachakayan athara Bandara k.wijethunga ge nama dekkene.den ewargaye ayagen ithuruwela inne Saman Athawudahetti witharai kiyala mata hithenne.

    • ස්තූතියි රන්ජන්!! මම ඊලඟ පෝස්ට් එකෙන් තමයි ඔය ගැන සවිස්තරාත්මකව ලියනවා යැයි කියා හිතුවේ. බන්ඩාර කේ විජේතුංග නම කොහොම අමතක කරන්නද….අමරේ අයියා නිසා හඳුනාගන්න ලැබුණු බන්ඩාර මට බොහෝ විට හමුවෙනවා ඉස්සර නුගේගොඩ හන්දියෙදි. ඔහුත් කාලයක් විජේරාමේ, අටේ කණුව ප්‍රදේශයේ හිටියා. මම විස්තර ලියන්නම්. සමන් හැර අමරබන්ධුගේ කාලේ අශෝක තිලකරත්න ඉන්නවා. මම ලියන්නම්.

      පොතකට ලියන්න දේවල් නම් තියෙනවා රන්ජන්. ලියලා ඉවරවෙලා බලමු. රන්ජන් ජර්මනියේ නේද. ඊයේ පෙරේදා බුඩාපෙස්ට් වල ඉඳන් න්‍යුරම්බර්ග් වලට ඩැන්‍යුබ් ගඟ දිගේ ආවා. මම නෙමේ මගේ වයිෆ්. ඒ රාජකාරි වැඩක් නිසා. දවස් අටයි. රාජකාරී නිසා හොඳයි. නැත්නම් කොහෙන්ද ඕවට සල්ලි.

  24. Kenji ogawa says:

    තැන් මාරු කරනව වගේම අපූරු චරිත හමු වීමෙනුත් අඩුවක් නැහැ නේද මචෝ උඹට…….
    ඉස්සර ඔය AA එකේ සිල්වර් කලර් තහඩුවෙ පිටිපස කහපාටින් තිබෙන ලාංජනය වාහන වල ගහල තිබ්බ මතකයි…..

    • මොනවා කියනවාද කෙන්ජි මාර පොරවල් තමයි සෙට්වෙලා තියෙන්නේ.

      මචං ඔයAA බැජ් එක ගහගෙන ඉන්නේ හරි ආඩම්බරෙන්. ටික දෙනයි ඕකේ මෙම්බර්ස්ලා වෙලා හිටියේ. උඹ කියන විදිහම තමයි ඒ බැජ් එක. ඒ AA CLUB එකත් මරු හොලිඩේ ඉන් එක එහා පැත්තේ තිබුනේ.

      • ඉන්දික උපශාන්ත says:

        ඉස්සර වාහන අයිතිකරුවන්ගෙ සමාජෙට ගත්තෙ “පොරවල්”. ඒත් දැන් උන් ඇඩ් දානව ඇවිත් බැඳෙන්න කියල. තාම ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් ලයිසන් එකක් ඕනනම්, ඔතනින් තමා ගන්න ඕන.

      • ඉන්දික….උඹ දන්නවද ඉස්සර ඔය AA එකේ වැඩකරපු කට්ටිය (මෝටර් සයිකල් දීලා තිබුනේ ) හොඳට ඉංග්‍රීසි කතා කරපු අය. මොකද ඔය මෙම්බර්ස්ලා බොහෝ දෙනෙක් බ්‍රේක් ඩවුන් එකක් වුනාම ඒ ලඟම තියෙන ඔටෝමොබයිල් බූත් එකට කතා කරනවා. පොරවල් ඉංග්‍රීසියෙන් තමයි කෝල් කරන්නේ. මම ඒක දන්නවා. මම හම්බන්තොට බූත් එකේ මගේ යාළුවා එක්ක ඔහේ ලගා ගහගෙන ඉන්නවා.

    • sudeeka says:

      මට AA එකේ මෙම්බර් කෙනෙක් හමු වුණා ගිනිගත්හෙනේදී. මිනිහාගේ AA අත්දැකීම් ගොඩක් අපි එක්ක කිව්වා. මට එයා ගැන හරි විස්තරයක් මතක නෑ. කියපු දේවල් යම් තරමකට මතකයි. පොස්ට් එකක් නොදැම්මේ ඒ නිසයි.

    • sudeeka says:

      මා දන්නාතරමින් AA එකේ ස්ටිර සේවකයෝ නෑ. නමුත් ඔවුන් සමග එකතු වී වැඩ කරන සාමාජිකයෝ ඉන්නවා.

      • ඉස්සර හිටියා සුදීක. දැන් කොහොමද මන්දා. මම දන්න බොහෝ දෙනෙක් හිටියා. මම හම්බන්තොට හිටියෙත් එහේ හිටිය AA officer එක්ක. රෙක්ස් කොඩිප්පිලිගේ ගෙදරට එහා පැත්තෙත් හිටියා AA senior officer කෙනෙක්. මගේ හම්බන්තොට යාලුවගේ මස්සිනා ලාල් අයියාත් senior officer කෙනෙක්. ඒ අය රිටයර් වුනෙත් AA ඒකෙන්මයි.මගේ යාළුවාට AA ජොබ් එක ලැබුනෙත් ඔය ලාල් අයියා නිසා. දැන් ඒවා වෙනස්වෙලාද දන්නේ නැහැ. අපි ගෝල්ෆේස් එකේ AA CLUB බොන්න යන්නෙත් ඔය ස්ටාෆ් මෙම්බර්ස්ලා නිසා. ඉස්සර නම් හෙණ පොශ් ක්ලබ් එක.

  25. අරූ ගේ කතාවේ රසවත් කම ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕනේ නෑනේ … මට සමහර වෙලාවට හිතෙනවා ඔය අරූට තිබුන වගේ ජිප්සී ජිවිතයක් ගෙවන්න තිබුනානම් කියල (මම ජිප්සී කියල අදහස් කලේ එක තැනක නැති විවිධ මිනිසුන් හමබවෙන කියන අදහසින් ) මොකද මගේ ජීවිතය වැඩි හරියක් කියන්නේ 99% විතරම ගෙදර ගෙවුණු නිසා වෙන්න ඇති .. කසාද බැන්දට පස්සේ තමයි ඔන්න වෙනම ජිවත් වුණේ … ජිව්තෙට බෝඩිමක ඉඳල නෑ … හැබැයි අර මට තියෙන my life is so much more interesting in my head ගතිය නිසා ගෙදර ජිවිතේ එපා වුනේ නෑ ..මිනිසුන් එක්ක මිට වැඩිය ගැටෙන්න පුළුවන් උනා නම් කියල ගොඩක් වෙලාවට හිතෙනවා … මේවා කියවද්දී පොඩි ඉරිසියාවක් එන්නේ ඒ නිසා වෙන්න ඇති .. 🙂

    • ////////අරූට තිබුන වගේ ජිප්සී ජිවිතයක් ගෙවන්න තිබුනානම් කියල///////
      මේක ඔය කියන තරම් සුන්දරත් නැහැ. හොඳ සෙට් එකක් හිටියානම් හරි. ඒ වගේම ගුණදායකත් නැහැ. මට බෝඩිං ජීවිතේ පොඩිකාලේ ඉඳලාම හුරුවෙලා තිබුනු නිසා හොඳට ඔරොත්තු දෙනවා ඕනම වටපිටාවක්. එහෙම නැතුව එක පාරටම සමාජෙට වැටුණු තරුණයෝ හිටියා මේ නිදහස දරාගන්න බැරිවුන. ඒ වගේ සමහරක් අය ගොඩ එන්න බැරි වලවල් වලට වැටුනා. මාත් වැටුනා මම ගොඩ ආවා.

      //////මගේ ජීවිතය වැඩි හරියක් කියන්නේ 99% විතරම ගෙදර ගෙවුණු නිසා වෙන්න ඇති .. ///////
      පැතුම්ගේ ලේටස්ට් පෝස්ට් එක කියවනකොට මට එක පාරටම ඔළුවට ආවේ “මේ යකා කොහොම ගෙවල් ඇතුලට වෙලා හිටියද” කියලා. මං වගේ රස්තියෙකුට එහෙම හිතෙන එක සාධාරනයිනේ 😀

      /////මේවා කියවද්දී පොඩි ඉරිසියාවක් එන්නේ ඒ නිසා වෙන්න ඇති .. :)/////
      මටත් ඔහොමම හිතෙනවා, උඹලා සහ සමහර උදවියගේ ඇකඩමික් අදහස් සහ ලියවිලි කියවනකොට අනේ මාත් ඉගෙනගත්තා නම් කියලා. ඒත් මෙහෙම හොඳයි.

  26. Chandanadana says:

    වීඩියෝවෙ ඉන්න කෙනා හඳුනා ගත්තා කමෙන්ට් වලින් 🙂

    ඇත්තටම ඔය කට්ටිය කියනව වගෙ පොතක් ගහන්නකො. මේවා මාර රසවත්. ඒ කාලය ගැන, නොයෙක් නොයෙක් මිනිසුන් ගැන.. කොයි තරම් දේවල් තියනව ද මේව අස්සෙ. පොලවේ පය ගසා සිටි මිනිසකු ගේ සටහන්.

    • /////කෙනා හඳුනා ගත්තා කමෙන්ට් වලින්///////
      දැන් හැමෝම දන්නවනේ එයා කවුද කියලා. මම ඊලඟට ලියන්නම් එයා ගැන තොරතුරු සහ මිනිස්සුන්ට කලින් කලට වෙන කරදර සහ අපහසුතා. සල්ලි අතේ නැතිවුනාම බල්ලෝ ගානට වැටෙනවා චන්දන. ඒ විදිහට තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ. පිටරටවලදි ඊටත් වඩා හපන්.

      පොතක් ලියන්න නම් තව බොහෝ කරුණු තියෙනවා ලියන්න. ඔය මොනවද දැනට ලියලා තියෙන්නේ බලන් ගියාම.

  27. ඉන්දික උපශාන්ත says:

    මචෝ, අමරෙගෙ හඬ රේඩ්යෝඑවෙන් අහල පුරුදු නැති උනත් ය්මක කමක් අහල තිබ්බ වෙන වෙන තැන් වලින්. අද මේ හරි කෙටියට ලියල මොකද කියල මම ඇලුවෙ?

  28. අමරෙ අයියාගේ හඬ කේමදාස මාස්ටර්ගේ වැඩවලට භාවිතා කරා. husky voice එකක් තිබුනේ.
    /////හරි කෙටියට ලියල මොකද ///
    අමරබන්දු සහ මම..කියන සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න පොඩි ගලක් ගහලා බැලුවා 😀 ඒකයි ඒ.

  29. තිස්ස says:

    අරු අයියා මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක කියවලා තියෙනව ද?

    රේඩියෝ . . රේඩියෝ . . !!!

  30. ලිපියයි කොමෙන්ටුයි සියල්ලම රසවත්

  31. Ajith Dharma says:

    මාරයි අරූ , ගෝර්කි වගේ ජීවිතය නමැති විශ්ව විද්‍යාලයෙන් උගත් මිඔනිසෙක්. යු ටියුබ් විදියෝවත් අගන එකක්. මේ අ.රූ නේද ඒ දවස්වල පිබිදෙන ගීත දැම්මේ . අර “සොඳුර මට අත දෙන්න ” වගේ ඒවා.

    • අජියා……70 මුල් කාලයේ ප්‍රබුද්ධ ගී. උදා වරුන, ඒවාද මේවාද කියලා ගොඩක් දේ තිබුන බව මතකයි. වගා සංග්‍රාමය මූලික කරගෙන ගොඩක් වැඩ සටහන් කරලා තියෙනවා ඒ කාලේ. අමරේ අයියාත් ඒවාට විශාල ලෙස දායක වෙලා තියෙනවා. ඔය ‘සොඳුර මට සමුදෙන්න’ ගීතය ඩීඩී ගුණසේන…පද: සමන් චන්ද්‍රනාත් වීරසිංහ..සංගීතය: කේමදාස මාස්ටර්. 70 ගණන්වල ඔය වගා සංග්‍රාමය අළලා අමරෙ අයියාත් ඔවැනි ගීත ලියා තිබෙන බව අසා තිබෙනවා. මෙයා කවදාවත් එයා ගැන කිව්වේ නැහැ. මේ වෙන කවුරුත් කියන කොට ඒකාලේ අහන් හිටපුවා.

      මගේ ජීවිතයම සමාජය තුල ගොඩ නැගුණේ අජිත්. විවිධ තලවල. ඉස්සරහට කියවන්නකෝ.

  32. සිරා says:

    එතකොට අරූ අයියා මැද මාස්ටර්ද කරත්තෙ බඩු පටවගෙන කාමරේ හොයාගෙන ඇවිල්ලා තිබුනෙ…හොදම ප්‍රවෘත්ති නිවේදකයා එතුමා බව සමන් අතාවුද හෙට්ටි මහතා බොහෝ තැන් වල කියා තිබෙනවා මම දැක තිබෙනවා…ඒ හඩේ තියෙනවා අමුතුම අලංකාරයක් ඒ වගේම වචන උච්චාරණය නිවැරදියි සහ පැහැදිලියි.

    කුමන ක්ෂේත්‍රයක වුවත් අතීතය මේ තරම් සුන්දර ඇයි කියලා හිතෙනවා…බලන්න අර වීඩියෝව…එදා සිරිමාවෝ මැතිණිය මීගමු මාර්ගය කාපට් කලා කියන්නෙත් ඔය සමුළුව වෙනුවෙන් නොවැ. ලංකාවට විදේශ රටවල පිළිගැනීම කොච්චරදද කියනවා නම් මේ සමුළුවට එදා සහභාගි වෙනවා කිව්ව හැම නායකයම ඇවිල්ලා තියෙනවා. ලංකා විදේශ සේවයේ අද වගේ දේශපාලන හෙංචයියන් වෙනුවට දැන උගත් පුද්ගලියන් සේවය කිරීමත් එයට හේතුවක්.

    ඔය කියන කාලයෙදි ලංකාවෙ පුද්ගලයෙක්ට ලෝකයේ ඕනෑම රටකට වීසා ගැනීම ඉතාම පහසුවෙන් කරගන්නට ලැබෙන්න ඇති. ඊයෙ පෙරේදා දවසක හොං කොං වලට වීසා ගන්න මාර කට්ටක් කන්න උනා කියලා යාලුවෙක් කිව්වා.

    මගේ ලිපියක් පල වූ සැනින් දැනගන්න හැකිද කියලා ඔබේ කමෙන්ටුවක තිබුනා…එය ඉතාම සරළයි…මගේ කාමරේ දකුණු පැත්තෙ තීරුවේ තිබෙනවා අලුත් ඒවා ලගටම ගෙන්න ගන්න මෙතැන කොටන්න කියලා තැනක්…එතැන ඔබේ ඊ ලිපිය ඇතුල් කල පසු ඊමේල් පණිවිඩයක් විදියට අලුත් ලිපිය ලගටම ඒවි අරූ අයියා….ජය !

  33. සිරා………මැද මාස්ටර් තමයි ඒ මට පාරෙදි හම්බවුනේ. ඒත් මම දැණගෙන හිටියේ නැහැ. දවස් දෙක තුනකට පස්සේ තමයි දැණගත්තේ. සමන් සහ මැද මාස්ටර් ලඟින් ඇසුරුකරා. අද ඔය ඉතිහාසය ගැන දන්නා අයගෙන් සමන් ආතාවුදහෙට්ටි මහතාත් ජ්‍යේෂ්ඨයෙක්.

    එදා ලංකාවේ විදේශ සේවය ගැන කවුරුත් ප්‍රශංසාවෙන් කතා කරා. අද හරිහමන් විදේශ ප්‍රතිපත්තියකුත් නැහැ. ඒ සඳහා සුදුසු නිලධාරීත් නැහැ.

    මම එහෙම කරන්නම් සිරා. මොකද සිරාගේ කාමරේ මට නිතරම අතහැරෙනවා.

    • සිරා says:

      සමන් අතාවුදහෙට්ටි මහතා මට මෙහෙදි හමුවුනා ඔහුගේ පොතක දොරට වැඩීමේ අවස්ථාවකදි…ඒ ඇති කරගත්ත සබඳතාව හරහා අදටත් මම ඔහු සමග වරින් වර ඇතැම් දේ කථා කරනවා…මූණු පොතෙන්…

      • අමරේ අයියා ගැන ඔහු හොඳින් දන්නවා. සමන් අපේ පාසලේ. ඔහු මට වඩා වැඩිමහල් සහ මට වඩා බුද්ධිමත්. සිරාට පුලුවන්නම් සමන්ට අවම වශයෙන් අවුල් 51, 52. කියවන්න සලස්වන්න. 53, 54 තුලත් මේ ගැන බොහෝ දේ කතාකරන්න මා බලාපොරොත්තු වෙනවා.

  34. //ඔහු එම ප්‍රදේශයේ රියැදුරු පාසැලක්ද පවත්වා ගෙන ගිය ජනප්‍රිය මිනිසෙකි. ඒ කාලය ගැන පසුව ලිවිය යුතුය.//

    තෝව කොටියම කන්ඩ ඔන අරු අයියේ

  35. //ඊට දින කිහිපයකට පසු ජානකට තවත් නවාතැන් කරුවෙක් මුණගැසී තිබුණි. ඔහුද ජානක හා සමවයසේ කෙනෙක් විය. එවකටත් ඔහු සතුව යමහා වර්ගයේ කුඩා යතුරු පැදියක් විය. ඔහු අද පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉතා කිට්ටු ඥාතියෙක්ය. මේ දෙදෙනාත්, ඉතිරි කාමරයට පැමිනි තුන්වැන්නා පිලිබඳවත් මම සවිස්තරාත්මකව පසුව ලියන්නෙමි.//

    නෙදකිං තෝ ආයෙත් ඒකම කියල ….මේවා නොලියා ඉන්න උඹ ….. අර මට උබ ආදරේට කියන වචන තරහට හරවලයි කියන්නේ ….ලැජ්ජානං මකපං …උඹ මහ කැරියෙක් හුත්තෝ …..නොලියා හංගාගන ඉන්න ලස්සන හරවත් …සර්වකාලීන ඇත්ත කතා ටික ලියපං හුත්තෝ……..

  36. බන්‍ධුල කුදලාගම says:

    අරුණ පෙරේරාණෙනි,

    මඳක් ගිලන් වූයෙමි. වියුණු ලොව සරන්නට නොහැකි විණ. සුව ලබමින් යළි ලියන්නට ඇරඹූයේ අද ය. පෙර දිනෙක පළ කරන්නට තිබූ ලිපිය මෙන්න.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    1/4

    වියුණු ලොව මගේ (තරුණ) මිතුරකු ද රසිකයකු ද වන “අරූගේ අඩවිය” වියුණුවේ හිමිකාර අරුණ පෙරේරාණෝ මගේ පරම්පරාවේ පැරණි කතා ඇසීමට බොහෝ ලොල් ය. අරුණ පෙරේරාණන්ගේ මැදිහත් වීමෙන් පසු ගිය දිනෙක “සුරතල් නංගියේ අපේ අම්මා” ලෙස ඇරඹෙන ගීතය පිළිබඳ කතාබහක් ඇති විණ. “සුරතල් නංගියේ අපේ අම්මා” ගීතය ලංකා ගුවන්විදුලියේ “ළමා පිටියට” මුල් වර ගැයුවෝ ට්‍රිලීෂියා අබේකෝන් සහ ඩබ්ලිව්. ඒ. විජේපාල යන දෙදනා ය. මෙම ගීතයේ අවසානයට “අම්මා හොඳයි කීවත් වැරදී – තාත්තා හොඳයි කීවත් වැරදී – එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි – දෙන්න ම හොඳයි කියා” යන පද ගයමින් ට්‍රිලීෂියා සහ විජේපාල සමඟ එක් වූයේ මෙම ගීතයේ පද රචකයා වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ය. ලංකා ගුවන්විදුලියේ පුරෝගාමි‍යකු වූ යූ. ඒ. එස්. පෙරේරාණන් පිළිබඳ අප්‍රකට කරුණු කීපයක් ද එතුමන්‍ පිළිබඳ කතාබහට අදාළ වෙනත් වැදගත් කරුණු කීපයක් ද අලළා මතු සටහන මා විසින් ලියවෙන්නේ අරුණ පෙරේරාණන්ගේ සහෘද ඉල්ලීම සලකා ය.

    ධනවත් දැව ව්‍යාපාරිකයකු වූ උස්වත්ත ආරච්චිගේ සයිමන් පෙරේරාගේත් පතිරගේ ඇලිස් පෙරේරාගේත් පුතණුවන් ලෙස එක්දහස් නවසිය දහය වර්ෂයේ දී කොළඹට නුදුරු මීතොටමුල්ලේ දී මෙළොව එළිය දුටු උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා දෙමටගොඩ සාන්ත මතෙව් විද්‍යාලයෙන් ද නාලන්දා විද්‍යාලයෙන් ද පාසල් අධ්‍යාපනය ලැබුවේ ය. ආදි නාලන්දියකු ලෙස සැලකෙන මුත් යූ. ඒ. එස්. පෙරේරා ආනන්දයෙන් නාලන්දාවට මාරු වූ මුල් කාලීන ශිෂ්‍ය පරම්පරාවට අයත් ය. ඉනික්බිති ව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ හෙතෙම පාලි, සංස්කෘත, සිංහල ආදී භාෂාවන් හදාළේ ය.

    එවකට ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන භාෂාධ්‍යයනාංශයේ ආචාර්ය ව වැඩ සිටි පෙරදිග භාෂා විශාරද වූ ද වන්නම් කීම ජන්මදායාද වූ ද රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ විශිෂ්ට ආචාර්යවරයාණ කෙනෙක් වූහ. සිංහල භාෂාවේ සම්භවය පිළිබඳ එක් න්‍යායයක කර්තෘවරයා වූ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ “උදේ පටන් රෑ වන තුරු – රෑ තිස්සෙත් එළි වන තුරු – අතන මෙතන වැටී නිදන -කිරා බුදිද බං – කිරා බුදිද බං” යන සුප්‍රකට පදමුසුවේ රචකයා ද බව ඇතැමෙක් නො දනිති. තම විශිෂ්ට ගුරුවරයා වූ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් අපවත් වූ කල යූ. ඒ. එස්. පෙරේරාණන් විසින් ගුරු ගුණ සමරමින් ලියූ කව අවසන් කළේ “මින් පසු අපේ සාහිතයට කපුටෝ කොටයි” ලෙස ය. එම කාව්‍ය බන්ධනය යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ බව ද ඇතැමෙක් නො දනිති.

    ලංකා විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ආචාර්ය ව සිටි ගුණපාල පියසේන මලලසේකරයෝ ද යූ. ඒ. එස්. පෙරේරාණන්ගේ තවත් විශිෂ්ට ආචාර්යවරයාණ කෙනෙක් වූහ. යූ. ඒ. එස්. පෙරේරා ශ්‍රී නාමය දනන් තුඩ තුඩ රැඳෙනා තත්ත්වයට පත් කරවන්නට මලලසේකරයන් දැක් වූ සාදර අනුග්‍රහය ද අගය කළ මනා ය. එදවස ලංකා ගුවන්විදුලියේ සිංහල සේවයේ ගරු උපදේශකයාණ කෙ‍නකු වූ මලලසේකරයෝ යූ. ඒ. එස්. පෙරේරාණන් ගුවන්විදුලිය වෙත යොමු කළහ. ලංකා ගුවන්විදුලියේ ළමා වැඩසටහන් අතර සිළුමිණ බවට ඵෙතිහාසික ව පත් වූ “ළමා පිටියේ” අභිමානවත් පුරාවෘත්තයේ සුනිශ්චිත එක් පරිච්ඡේදයක් නො ව පරිච්ඡේද කීපයක් ම යූ. ඒ. එස්. පෙරේරාණන් හෙවත් සිරි අයියා සමඟ සබැඳි ය.

    ලංකා ගුවන්විදුලියේ ඉංගිරිසි සේවයේ විකාශනය වූ ළමා වැඩසටහන්වලට අනුරූප ව සිංහල සේවයේ ද පසු කාලීන ව ළමා වැඩසටහන් ආරම්භ විණ. එම සිංහල භාෂා ළමා වැඩසටහන් වර්ණවත් කරන්නට සුදුස්සෝ පරිපාලනය විසින් ඒ කාලයේ දී සොයන ලදහ. පැට්‍රික් ද සේරම් කුලරත්න, ලොකුසතු හේවගේ මෙත්තානන්ද, ගුණපාල පියසේන මලලසේකර වැනි මහා බෞද්ධ ක්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙන් ඇරඹි නාලන්දාවේ ශ්‍රාස්ත්‍රෝදග්‍රහණය කළ උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා ඒ කාලය වන විට නාලාන්දාවේ ම ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටියේ ය. ලංකා ගුවන්විදුලියේ සිංහල සේවයේ එවකට විකාශනය වූ ළමා වැඩසටහනට නව මුහුණුවරක් දීමට අභිලාෂී වූ මලලසේකරයෝ තම ශිෂ්‍යරත්නය වූ යූ. ඒ. ස්. පෙරේරාණන් ලංකා ගුවන්විදුලියේ ළමා වැඩසටහන සඳහා යොමු කළහ. එවකට එකී ළමා වැඩසටහන මෙහෙයවමින් සිටියේ චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා ය. ඇය විසින් මෙහෙයවුණු ළමා පිටියට කාව්‍ය ගායනය සඳහා එක් වූ යූ. ඒ. එස්. පෙරේරාට පසු කාලීන ව එම වැඩසටහන ‍ඇය සමඟ මෙහෙයවන්නට ද වරම් ලැබිණ.

    Cont …

  37. බන්‍ධුල කුදලාගම says:

    2/4

    ලංකා ගුවන්විදුලියේ ඉංගිරිසි සේවයේ ළමා වැඩටහන් මෙහෙය වූ ආන්ටි ‍ෙජ්න්, අන්කල් නික් ආදීනට අනුරූප ව සිංහල සේවයේ ද සිරියලතා නැන්දා, අරියරත්න මාමා ආදීහු මතු වූහ. චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා සමඟ ළමා පිටිය මෙහෙයවන්නට වූ යූ. ඒ. එස්. පෙරේරාගේ නම ද වෙනස් වූයේ ය. දමයන්ති අක්කා සමඟ ළමා පිටිය මෙහෙය වූ සිරි පෙරේරා පළමු ව සිරිමල් අයියා වී පසු ව සිරි අයියා බවට පත් වූයේ ය. සිරිමල් අයියා සිරි අයියා බවට පත් වූයේ ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ අද්විතීය ප්‍රව්‍රජ්‍ය පඬිරුවනක් වූ ද බම්බලපිටියේ වජිරාරාමයේ නිර්මාතෘ වූ ද ගුවන්විදුලියෙන් ධර්ම දේශනා කිරිමේ පුරෝගාමියා වූ ද පැළෑනේ ශ්‍රී වජිරඥාන නා හිමියන් නිසා ය.

    දමයන්ති අක්කා සහ සිරි අයියා විසින් මෙහෙයවන ලද ළමා පිටිය නේක දනන් හදමන බැඳ ගන්නා උච්ච සමයක දී දමයන්ති අක්කා ළමා පිටියෙන් සමු ගත්තා ය. එසේ වූයේ ඇය සරණ බන්ධනයට එළඹීම නිසා ය. චන්ද්‍රා රන්හොටි හෙවත් දමයන්ති අක්කා විවාහ වූයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද ලංකා විශ්වවිද්‍යාලයේ ද උගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයනාංශය ප්‍රභාමත් කළා වූ ද කලක් අස්තංගත ව පැවති කුමාරදාසයන්ගේ ජානකීහරණ සංස්කෘත මහා කාව්‍යය මතු කර ගෙන සංස්කරණය කළා වූ ද ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ ආචාර්ය චාර්ල්ස් එඩ්මන්ඩ් ගොඩකුඹුරයන් සමඟ ය.

    දමයන්ති අක්කා ළමා පිටියෙන් සමු ගත් පසු සිරි අයියා එහි ප්‍රමුඛ මෙහෙයවන්නා බවට පත් වූයේ ය. “පොඩි අයට පැණි දී – මට සනසන්න අණ දී – සතියකට උඩ දී – අක්‌ක ගමනක්‌ ගියා පැහැ දී” යන කවි පද සමඟ ළමා පිටියේ ප්‍රමුඛ මෙහෙයවන්නා ලෙස වැඩ කටයුතු ඇරඹූ සිරි අයියාගේ සහයට නො බෝ කලකින් ම එක් වූ චරිතය වූයේ සොමි අක්කා ය. සමාරම්භක සොමි අක්කා වන්නී ඊවා ද සිල්වා ය. ඇය ද මඳ කලකට පසු ළමා පිටියෙන් සමු ගන්නී ඊවා ජයසේකර බවට පත් වන්නී ය. ඊවා ද සිල්වා විවාහ වූයේ ප්‍රාචීන භාෂා සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ශ්‍රාස්ත්‍රවන්තයකු වූ ද පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨාධිපති වූ ද ආචාර්ය යූ. ඩී. ජයසේකරයන් සමඟ ය.

    සමාරම්භක සොමි අක්කා වූ ඊවා ද සිල්වාට පසු ව සොමි අක්කා චරිතයට කීප දෙනක් ම පණ පෙවූහ. සිරි අයියාගේ ගම් පියසින් ම පැමිණි ශෝභමාන ‍යෞවනියක් ද පසු කලෙක සොමි අක්කා වූවා ය. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට පිවිසි ඕ සරච්චන්ද්‍රයන්ගේ මනමේ අභිරංගයේ මනමේ කුමාර බෙන් සිරිමාන්නගේ මනමේ කුමාරිය වී ඉංගිරිසි භාෂාවත් දර්ශනයත් සිනමාවත් තම අතවැසි කර ගත් ආචාර්ය ආරියසේන ජයසේකර ගුණවර්ධනයන්ගේ පාදපරිචාරිකාව බවට පත් වූවා ය. මෙම ලිපිය ලියවෙන්නට නිමිත්ත වූ “සුරතල් නංගියේ අපේ අම්මා” ගීතය ලංකා ගුවන්විදුලියේ “ළමා පිටියට” මුල් වර ඩබ්ලිව්. ඒ. විජේපාල සහ සිරි අයියා සමඟ ගැයූ ට්‍රිලීෂියා අබේකෝන් දැරිය ට්‍රිලීෂියා ගුණවර්ධන සිරිමතිය බවට පත් වූයේ එසේ ය. ලංකා ගුවන්විදුලියේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල් වූ බිරිතානි ජාතික ජෝන් ලැම්සන් සමඟ සිරි අයියා මතභේදාත්මක වීමෙන් කලක් ළමා පිටිය අත්හිටුවනු ලැබිණ. ජෝන් ලැම්සන් සේවා කාලය නිමවා සිය රට බලා පිටත් ව ගිය පසු ලංකා ගුවන්විදුලියේ පළමු වැනි ලාංකීය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස එම්. ජේ. පෙරේරාණෝ පත් කරනු ලැබූහ. එසඳ සිරි අයියා යළි ක්‍රියාකාරී කරවා ළමා පිටිය පුනරාරම්භනය කරවන්නට ද ට්‍රිලීෂියා බොහෝ වෙහෙස වී කටයුතු කළා ය.

    උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා නම් ප්‍රකට කවියා බවට පත් වූ ආකාරය පිළිබඳ ද යම් සටහනක් තබනු නිසි ය. එක්දහස් නවසිය තිස් ගණන්වල මැද දී ඇරඹුණු අගනුවර තරුණ කවි සමාජය හෙවත් අ.ත.ක.ස. එදවස ලංකාවේ කාව්‍යප්‍රබෝධයේ උත්ප්‍රේරකය විණ. කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා, බටුවන්තුඩාවේ විල්සන් හෑගොඩ, බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා, කුරුඳුවත්තේ ආතර් එම්. ද අල්විස්, කඩවැද්දුවේ පීටර් පෙරේරා ඈ අගනුවර තරුණ කවි සමාජයේ දිදුල කාව්‍ය තාරකා නාම අතරට මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා නාමය ද එක් විණ. හෙතෙම පසු කලෙක අගනුවර තරුණ කවි සමාජයේ සභාපති ධුරය ද දැරුවේ ය. එකල කවිය පොදුජනයා අතර ප්‍රකට වීමට සංවාදාකාර හිටිවන කවි මඩු ද දායක විණ. එකල බොහෝ කවි මඩුවල සුප්‍රකට කවියකු වූයේ ද මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ය. කවි මෙන් ම විරිදු ද එදවස ජනප්‍රිය ව තිබිණ. සිරි අයියා විරිදු ගැයුමට ද හපනෙක් වූයේ ය. දෙවැන ලෝක සංග්‍රාම කාලයේ දී විදේශයන්හි යුද සේවයේ යෙදුණු ලාංකික සෙබළුන්ගේ රස විඳුම සඳහා විරුදු ගායන කීපයක් එච්. එම්. වී. ලේබලය යටතේ තැටිගත කරන්නට ද සිරි අයියා දායක වූයේ ය. “දොම්පෙට යන පාර කොයිබ‍ දෝ?”, “බොහො ම ඈත ගම්මානෙක මිනිහෙක් හිටියා” වැනි විරිදු සිරි අයියා විසින් ගායනා කරන ලදී.

    Cont …

  38. බන්‍ධුල කුදලාගම says:

    3/4

    මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා කවි ලිවීමට සේ ම කවි ගැයීමට ද ගී ලිවීමට ‍සේ ම ගී ගැයීමට දක්ෂ වූයේ ය. එලෙස ම නාට්‍ය ලිවීමට සේ ම නාට්‍ය රංගනයට ද සිරි අයියා දක්ෂ වූයේ ය. “හර්ශ්චන්ද්‍ර” නාට්‍යය රචනා කළ සිරි අයියා එහි විශ්වමිත්‍රගේ චරිතය රඟපෑවේ ය. එම නාට්‍යයේ රෝහිත කුමරාගේ චරිතය රඟපෑවේ එවකට නාලන්දාවේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් සිටි ශිෂ්‍යයෙකි. පසු කලෙක ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සහ සම්භාවනීය නාට්‍යකරුවකු බවට පත් වූ හෙන්රි ජයසේන එම ශිෂ්‍යයා ය.

    දෙවැනි ලෝක සංග්‍රාමයේ බලපෑම නිසා සිරි අයියාගේ විරිදු එච්. එම්. වී. තැටිවල සටහන් වූ බව පෙර සඳහන් කෙරිණි. දෙවැනි ලෝක සංග්‍රාමය සිරි අයියාගේ ගුරුදිවියට ද බලපෑවේ ය. එම ලෝක සංග්‍රාම සමයේ දී සෙබළුන්ගේ නවාතැන් බවට පත් වූයේ අගනගරයේ ප්‍රධාන පාඨශාලා ය. නාලන්දාව ද ඒ අකාරයෙන් සෙබළ මුළු රුඳුණු නවාතැනක් බවට පත් විණි. එනිසා නාලන්දාවෙන් කොටසක් මාළිඟාකන්දේ ද තවත් කොටසක් අගනගරයෙන් පිටත මිනුවන්ගොඩ ද තාවකාලික ව පිහිටුවන ලදී. සිරි අයියා මාළිගාකන්දේ දී ද නාලන්දා ශිෂ්‍යයනට ඉගැන් වූ බව එතුමන්ගේ ශිෂ්‍ය බී. බී. පෙරේරාණෝ පවසති. දීර්ඝ සහ ආශ්චර්යවත් ශාස්ත්‍රීය ජීවිතයක සන්ධ්‍යා යාමය කරා එළඹ සිටින සුන්නද මහේන්ද්‍ර ද මැල් ලෝක සංග්‍රාම සමයේ දී ගම්පහ බැන්ඩියමුල්ලේත් සීදූවේත් ගත කළ තම අතීතය ආවර්ජනය කරමින් තම අයියා (ආනන්ද මෛත්‍රීපාල) ද මාමා ද සිරි අයියාගෙන් මිනුවන්ගොඩ දී ශිල්ප උගත් බව පවසන්නේ පෙර කී මිනුවන්ගොඩ පිහිටු වූ නාලන්දාවේ අනුඛණ්ඩය අලළා විය යුතු ය.

    ගුරු වෘත්තියේ සිටි යූ. ඒ. එස්. පෙරේරාණෝ එක්දහස් නවසිය තිස් ගණන්වල දී නීතීඥ වෘත්තියට එළඹුණහ. ලංකා ගුවන්විදුලි ක්ෂේත්‍රයේ සිරි අයියා නමින් ද ලංකා කාව්‍ය ‍ක්ෂේත්‍රයේ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා නමින් ද නමක් තැබූ හෙතෙම ලංකා නීති ක්ෂේත්‍රයේ රාජනීතීඥ සිරි පෙරේරා ලෙස නොමැකෙන නමක් තැබුවේ ය. අපරාධ නීති ක්ෂේත්‍රයේ රාජනීතිඥ සිරි පෙරේරා පෑ සුරුවිරුකම් ජනප්‍රවාදගත ය.

    මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා එක්දහස් නවසිය හැට ගණන්වල ඉන්දියාවේ ලංකා මහකොමසාරිස් ලෙස නවදිල්ලියේ සේවය කළේ ය. අරුණ පෙරේරාණන්ගේ ප්‍රිය භාර්යාවගේ පියාණන් ද එකල ඉන්දියාවේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කර ඇත. ඔහු සිරි අයියාගේ සමකාලීන මිත්‍රයකු ව සිටියේ ය. ඉන්දියාවේ ගත කළ තුන් අවුරුද්දක පමණ කාලයේ දී සිරි අයියා එරට බොහෝ බෞද්ධ සංස්කෘතිකස්ථාන ඇසුරු කළ බව පැවසේ.

    සිරිල් ද සොයිසාගේ තරුණ බෞද්ධ සංගමයට තුරුණු වියේ දී ම එක් වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පසු කාලීන ව එම සංගමයේ සභාපති ධුරය ද දැරුවේ ය. සාර්ථක නීතිඥ වෘත්තියෙන් දුරස්ථ ව බෞද්ධ කටයුතුවලට ම යොමු වන්නට සිරි අයියා මෙහෙයවනු ලැබූ එක් හේතුවක් වන්නට ඇත්තේ ද එතුමා තුළ තිබූ බෞද්ධාගමික නැඹුරුව ය.

    යූ. ඒ. එස්. පෙරේරා පිළිබඳ ලියවෙන මෙම සටහනට එතුමන්ගේ දේශපාලන සබඳතා පිළිබඳ ද රසවත් කරුණු කීපයක් එක් කළ මනා ය. කොළඹ යුගයේ ප්‍රභාවත් කවියන්ගෙන් දේශපාලනයට සම්බන්ධ වූ ප්‍රකට ම කවියා වූයේ කලල්ඇල්ලේ ආනන්ද සාගර (කේ. ඒ. එස්.) හෙවත් කේයස් (කේ. ඒ. එස්. > කේයස්) ය. කලල්ඇල්ලේ ආනන්ද සාගර උපැවිදි ව සාගර පලන්සූරිය ව වමෙන් දේශපාලනයට පැමිණ බණ්ඩාරනායක සිරිමතුන්ගේ මහජන එක්සත් පෙරමුණ ඔස්සේ පාර්ලිමේන්තුවට ද ගියේ ය. මීතොටමුල්ලේ යූ. ඒ. එස් ද එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි බව පැවසේ. මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා නම් කවියාට හා ගුවන්විදුලි කලාකරුවාට බොහෝ මිනිසුන් බොහෝ සේ ඇලුම් කරමින් මනාප ව සිටිය ද දේශපාලන මනාපයක් (ඡන්දයක්) නම් නොතිබුණු බව නිගමනය කළ හැකි ය. සිරි අයියා ඡන්දයකින් ජය ලැබූ බවක් නම් කිසිවෙක් නො දනිති. සිරි අයියාගේ ඡන්ද කෙරුම කෙසේ වුව ද එතුමා දේශපාලන කවි වාදවල නම් එදවස පැටළුණු බව ප්‍රකට ය. එක්සත් ජාතික පක්ෂයට ඇඟෑලුම්කම් පෑ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරාණන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟෑලුම්කම් පෑ කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරාණන් අතර වූ දේශපාලන කවි වාද එදවස රසාකර විණ.

    අසිරිමත් දිවි ගමනක සන්ධ්‍යා යාමය කරා එළඹි මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා පරම්පරා කීපයක ආදර ගෞරව ලබමින් කොළොන්නාවේ මීතොටමුල්ල පාරේ තම නිවසට වී ජීවිතයේ අවසන් කාලය ගත කළේ ය. එදවස කුඩා දරුවකු ව සිටි මල්ලේ පොල් වියුණුවේ හිමිකාර මා සන් මිත්‍ර සරසතුමන් සිරි අයියා පිළිබඳ තම මතකය අවදි කරමින් පවසන්නේ සිරි අයියා කොළොන්නාවේ තෙල් පිරිපහදුව ඉදිරියෙන් ඇති පාරේ ගෙයක එතුමාගේ සේවකයන් දෙදෙනකු ද සමඟ ජීවත් වනු තමා එදවස දුටු බව ය. පසු කලෙක එම නිවසේ හෝ එයට ආසන්න නිවසෙක හෝ විද්‍යා ශිල්ප ආයතනය ඇරඹුණු බව ද විද්වත් සරසතුමෝ පවසති.

    Cont …

  39. බන්‍ධුල කුදලාගම says:

    4/4

    එක්දහස් නවසිය දහයේ දී ජන්මභාවය ලද උස්වත්ත ආරච්චිගේ සිරි පෙරේරා පසු ව ගුවන්විදුලියේත් කාව්‍යකරණයේත් නීතියේත් නොමැකෙන සටහන් තැබූ පුරෝගාමී සුධීමතකු වූ මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා වී අවසන එක්දහස් නවසිය අනූපහේ දී දශක අටහාමාරක තම අසිරිමත් දිවි සැරිය නිම කරමින් කීර්තිශේෂභාවෝපගත වූයේ ය. එතුමන් අප හැර ගොස් දශක දෙකකට වැඩි කලක් ගෙවී ගොස් තිබුණ ද අදට ද එතුමෝ අප හද තුළ ජීවමාන ව වසති. එතුමන් පිළිබඳ මතකය සදා නොමැකෙන්නට තරම් වන මාහැඟි ශිෂ්‍යශිෂ්‍යා පරපුරක් ද එතුමෝ බිහි කළහ. එම ශිෂ්‍යශිෂ්‍යා පරපුර ද ඔවුන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ද සිරි අයියා පිළිබඳ බැතියෙන් සිහි කරති.

    මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා ශ්‍රී නාමය යුග යුග පුරා නෙක නෙක දනන් තුඩ තුඩ නිති නිති රැව් පිළිරැව් දේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    • පළමුවෙන්ම ඔබට ඉක්මන් නිරෝගී සුවය පතමි. දෙවනුව මේ ඉතා දීර්ඝ සහ හරවත්, රසවත් පැහැදිලි කිරීමට ස්තූතිවන්ත වෙමි. ඉදිරියටත් ඔබට මෙවන් ලිපි මගින් අප දැනුවත් කිරීමට ධෛර්‍ය්ය ශක්තිය ලැබේවා යැයි පතන්නෙමි. මා බිරිඳගේ පියානන්ගේ තවත් පාසල් සමයේ සිටම මිත්‍රයෙක්වූ හෙන් රි ජයසේනයන්ද අද අප අතර නොසිටීම සංවේගයකි. එක් යුගයක් අවසන් වෙමින් පවති. මා බිරිඳගේ පවුලේ ලඟ ඥාතියෙක්වූ ටයිටස් තොටවත්තයන්ද ජීවතුන් අතර නැත. ඔහු ප්‍රිය බිරිඳද අප අතහැර ගියාය. එදා ඒ හමුවීම් ඉතා රසවත් විය.

      නැවතත් ඔබට නිදුක්, නිරෝගී සුවය පතමි.

      • බ්ලොග්වලින් ඈත්ව සිටි මා නැවත් මෙහි ගෙන්වා ගත්තේ බන්ධුල මහත්මයාගේ සිරි අයියා සම්බන්ධ දීර්ඝ කමෙන්ටුවයි. ඔබතුමාට ඉක්මන් සුවය පතනවා.
        සිරි අයියා මගේ සීයාගේ (මවගේ පියා) ඥාති සහෝදරයෙක්.ඔබතුමාගේ විස්තරය දුටුවිට ඥාතිවරයෙකු හමුවූවාක් බඳු හැඟීමක් ඇතිවූ නිසා ලියා තබන්නට සිතුණා. (මගේ අතීතකාමය ඉතා බලවත් බැවින් සමාවන්න )
        අවාසනාවකට වගේ සීයා මීට අවුරුදු 3කට පමණ කලින් අප අතරින් වියෝ වුණා. ඔහු අද සිටියානම් බොහෝ රසවත් තවත් විස්තර අසාගන්නට තිබුණාය යන කණගාටුව සහ පසුතැවීම දැරිය නොහැකියි. මගේ සීයාත් නාලන්දයේ ආදි ශිෂ්‍යයෙක්. නමින් බස්නායකගේ බන්ධුලසේන පෙරේරා (නමුත් බොහෝ අය ඔහුව දැන සිටියේ බී බී පෙරේරා යන නමින්). සිරි අයියා සමග අවසන් මොහොත තෙක්ම ඔහුගේ සහෝදර බැඳීම එලෙසින්ම තිබුණා. රාජකාරි කටයුතු නිසා නිතර කොළඹ නොගැවසුණු කාලවලත් ඔහු බලන්නට යනවා මට මතකයි. එවකට කුඩා දරුවෙක් වූ මට මීට වඩා යමක් ඔහු ගැන ලියන්නට අද සීයා අවශ්‍යම මොහොතක නැහැ. ට්‍රිලිෂීයා අබේකෝන් (පසුව ගුණවර්ධන ) මහත්මියත් මීතොටමුල්ලේ නිසාවෙන් ඔහු සමඟ සමීපව සිටියා. නාලන්දාවේදි ‘හරිශ්චන්ද්‍ර’ වේදිකා නාට්‍යයේ කුඩා රජ කුමාරයාට රඟපා තිබුණේ හෙන්රි ජයසේනයන්. එහි ඔහුගේ පියා (හරිස්චන්ද්‍ර රජු ) ලෙස රඟපා ඇත්තේ මගේ සීයා. නාට්‍යය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මලලසේකර මහත්මයා හෙන්රි ජයසේනයන්ව ඉතා ඉහළින් වර්ණනා කොට ඔහු යම් දිනෙක විශිෂ්ට නලුවෙකු වන බව පැවසුවායැයි මගේ සීයා නිතරම කීවා. පසුකලෙක මගේ මතකයේ හැටියට මානෙල් ජයසේන මහත්මියගේ අභාවයෙන් පසුව හෙන්රි ජයසේන මහත්මයා ඉරිදා ඔබ්සවර් පත්‍රයට ලියන්නට ගත් ලිපි පෙළෙත් ඔය සම්බන්ධව පළ වුණා. සීයා සමඟත් ඔහු දුරකථනයෙන් කථා බහ කළා මට මතකයි.

        මට වඩා හොඳින් මේ විස්තර දන්නවා ඇත්තේ මගේ මව්තුමියයි. ඒ වුණත් මෙවැනි පැරණි රසාංගයන් නිතරම පහන් එළියට කදෝ පැණියකු වාගේ මා ආකර්ෂණය කරවාගන්නවා. ඒ අතීත මතක ගෙනා නිසා ඔබ දෙදෙනා බොහොම සමීප බවක් හැඟුණු නිසා මේ කතාව මැදට පැන්නා.

      • මේ අදහස් මෙහෙම එක තැනකට ගෙන ඒම පිලිබඳව තනි තරුවට ඩබල් සැලියුට්!!!!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s