ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

ඌව පළාත් සභාව නැවත රැස්වීම ලබන ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. ඒ සීතල කාලය එළඹෙන නිසා යැයිද කියයි. ඒ අස්සෙන් ඇහෙන්නේ උතුරුමැද පළාත් සභාවද නැවත රැස්වීම කල් දැමීමට ඇති සුදානමක්ය. එසේ වෙනවා නම් වෙන්නේ ඒ පැත්තට ගිරිස්මය නිසාදැයි නොදනිමි. බස්නාහිර කල් දැම්මත් පුදුම විය යුතු නැත. එහෙම නම් කොළඹට උණ යැයි කියනු ඇත. කොළඹට උණ නම්, දකුණට මී උණ හැදෙයිද කියා ෂුවර් නැත. සබරගමුවට ගංවතුර ගලයි කියා කිව්වත් පුදුම නොවෙමි. සීතලට, රස්නෙට පළාත් පරිපාලන ආයතන වසා දමා රෙදි පොරවගෙන නිදාගන්නා පාලකයින් ඉන්නේ අපේ රටේ පමණක් දැයි නොදනිමි. පළාත් සභා රූකඩයින්ට කවදාවත් නටන්න වුණේ නටවන එකාගේ පදයටය. වයඹ දයාසිරිලාත් කවදාවත් නැති මෛත්‍රී පාලනයක් ගැන දොඩවයි. නැගෙනහිර තව දුරටත් ඔහොම තියෙන එක හොඳය. නැත්නම් මේ වාචාල දේශපාලුවෝ සහ ජඩ මාධ්‍යද රාජපක්ෂ රෙජීමයට, ග්ලෝබල් ටැමිල් ෆෝරම් වෙළෙන්දෝ මෙන් ලෙවකන්නට ලොලිපොප්ස් සපයනු නොඅනුමානය.

මේ නාය යෑම වළක්වන්නට වැටි බඳින්නට තිබුණේ මීට කලකට පෙරදී මිස දැන් නොවේ. මේ ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණේම නැත. නමුත් රාජපක්ෂට කොන්දක් ඇතැයි කියනා කොටසක් තවමත් ඉන්නා බව කිව යුතු නොවේ. මෛත්‍රී ජම්ප් එකෙන් පසු, ඒ කොන්ද, පෙන්දක් වී ඇති බව පෙනෙන්නේ පසුගිය සිදුවීම් හරහාය. මේ පළාත් සභා කල්දැමීමත් කොන්දේ අඩුවක් මිස අන් කවරක්ද? කල් දම දමා පල් වෙනවාට වඩා, සත්‍යයට මුහුණ දිය යුතුව තිබේ. අතීසාරයට අමුඩ හදාගන්න අලුතෙන් ෆැක්ටරි අරින්න වෙන එකනම් බොරු නොවේ. හිරුනිකාලා, ජීවන්ලා හරහා මතුවෙන්නේ රෝග ලක්ෂණ උත්සන්න වීමය.තැපැල් උප ඇමති සනත් ජයසූරිය කියන්නේ, මාතර පෝස්ට් ඔෆිස් එකට අවශය බඩු ලැයිස්තුව ලිඛිතව දුන්නත් අවුරුද්දකට පසුත් ලැබී නැති බවක්ය. තැපැල් කන්තෝරුවකට අවශ්‍ය බඩු ලිස්ට් එකක් පාස් කරගන්න බැරි තැපැල් උප ඇමතිලා අවුරුද්දක් ලියුම් බෙදුවාද කියා අහන්න වෙන්නේ වෛරයට නොව ලැජ්ජවටය. මේ ගහන්නේ තැපැල් ඇමති ජීවන්ටද කියා නොදනිමි. නමුත් වදිනේ රාජපක්ෂටය. එන්නේ කවුද, ඉන්නේ කවුද යන්නට වඩා වැදගත් වන්නේ, ඉදිරියට යෑමය. එය හෙමින් වුවත් ස්ථිර වශයෙන්ම සිදුවිය යුත්තකි. බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ පියා රෙජී ලොක්කා ජීවත්ව සිටියා නම් ප්‍රසන්නලා, නිශාන්තලා ගෙට වද්දගන්නේ නැති බව කියන්නේ, මිනුවන්ගොඩ පරණ රණතුංගලා ගැන දන්නා උදවියය. රෙජීලා ශ්‍රීලංකා එක වෙනුවෙන් සියල්ල නැති කරගත් මිනිසුන්ය. යුඇන්පි මර්දනය රසට වළඳපු මිනිසුන්ය. ඒ අතීතයයි. ප්‍රසන්නලා අද රසයි කියා හපන්නේ රාජපක්ෂ මස් කටු වීම දුකකි. ඊටත් වඩා ලැජ්ජාවකි. රෙජීලා ශ්‍රීලනිපය වෙනුවෙන් නැතිකරගත්තේ තම දේපලය. ප්‍රසන්නලා රෙජීමය වෙනුවෙන් නැති කරගන්නේ තම අධ්‍යාත්මය වීම මියගිය රෙජීට ඔරොත්තු නොදෙනු ඇත.

මොකා රජ වුවත් මේ සියලු ආබාධයන්ට විසඳුම් නොලැබේ. නමුත් අවිචාරවත් වාචාල සමාජයකට වඩා, විචාරාත්මක සමාජයකට යම්තරකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය විවර විය යුතුවේ. ඒ වගකීම ඇත්තේ ජනතාව අතය. නිවැරදි තීරණය ගත යුත්තේ මහජනතාවය. එහාට මෙහාට වෙන මස්කඳන් තුළින් චූන් වීම හෝ හඬා වැටීම අපට අදාළ නැත.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

52 Responses to ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

  1. Ajith Dharma says:

    ඕක මචන් හැමෝටම තේරෙනවත් ඇති. ගන්න ක්‍රියාදාමය තමයි වෙනස්.

    • ඔව් බං…..ඔය ක්‍රියාදාමයන් එක මාවතකට ගන්න එක දේශපාලකයින්ගේ වැඩක්. ඒක කරන්න පුලුවන් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න අයට මිසක් අපි වගේ නිරීක්ෂකයින් හෝ ප්‍රේක්ශකයින්ට නොවේ.

      • Aruna Pradeep says:

        Machan Aru, Regie lokka has not been lost any on behalf of people. He earned all those things in wrong way like nisantha & others. B’cos people has seen what were in house when fire was set. All are kamba horu… I know all well as my farther is classmate of Regie… We are also in-born SLFP’s. But this time I encourage all our people to change this system… One of your Fan… Thanks.

      • තවත් Aru කෙනෙක් : D මචං ඇත්තටම උඹ මට වඩා රෙජි ලොක්කලා ගැන දන්නවා ඇති. මම දන්නේ ඇහෙන දේවල්. ඇත්තටම මචං ඒ කාලයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මේ සෙට් එක තරම් මහජන දේපලවලට විද්ද සෙට් එකක් ඉන්නවද දන්නේ නැහැ කොහෙවත්. අපේ දන්න කාලෙක දේශපාලන ඉතිහාසය පුරාවටම හොරකම් නොකරපු, බලය අයථා ලෙස පාවිච්චි නොකරපු උදවිය ඇත්තේ අතලොස්සයි. මේවා වෙනස් කරන්න කවදා පුළුවන් වෙයිද මන්දා. හැබැයි කෝකටත් මේ වෙනස වුනේ නැත්නම්, අනිත් කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අනිකුත් වෙනස් කම් පවා, දෙනකම් බලන් ඉන්නේ නැතුව, බලකරලා හරි ගන්න තමයි අවශ්‍යය,

  2. Ajith Dharma says:

    උඹ කිව කතාව හරි ජීවන් හා සනත් ගැන. එකට හිටියට පස්සේ එක එකාට බන ගන්න එකත් උද බලාගෙන මුනට කෙල ගහ ගන්නවා වගේ.

    • මචං….. මේ මෛත්‍රී ජම්ප් එකෙන් පස්සේ මම දැක්ක විශාල වෙනසක් තමයි, මේ ආණ්ඩුව සමග ඉන්නවා යැයි කියන දේශපාලකයින්ගේ කතාබස් වල තියෙන නොගැලපෙන සහ අසංවිධාත්මක බව. ඒ තුලින් මට වැටහුනේ සෙන්ට්‍රල් කමාන්ඩ් එක කොහෙන් හරි ගිලිහිලා ගිහින් කියන එක. 71/89 වගේ සිද්ධීන්වලදීත් ඔහොම හැසිරීමක් තිබුනා ජේවිපි එකෙත්.

      ශ්‍රීලනිපයට හිතැති රාජපක්ෂ ප්‍රේමී සාමන්‍ය මිනිසුන් පවා ඉන්නේ වැට උඩ තියරි එකක.

  3. පළාත් සභාව සීතලට කල් තැබුව කියන පුවත් උදේ අහපු ගමන් මගෙ ඇඟේ මාළු නැටුවා. ඊළඟට මුන්ගෙ තරම කල්පනාකරනකොට හිනා ගියා. මේ රටේ ගොවියට පුලුවන් මොන හීතල තිබුනත් වැහි වලට තෙමි තෙමි හාන්න, නියර බඳින්න, වපුරන්න, ධීවරයට පුලුවන් අනෝරා වැස්සෙ මූදු යන්න. කම්කරුවට පුලුවන් බදාම අනන්න. ගාමන්ට් කොල්ලො කෙල්ලන්ට පුලුවන් පාන්දර තුන හමාරෙ ඉඳල ඇහරගෙන වැස්සෙ වැඩට ඇවිත් ආපහු කළුවරේ ගෙදර යන්න. අනිත් රටවල වගේ නෙවෙයි මොන සෘතුවට උනත් මේ රටේ අනෙක් හැම තැනම වැඩ. ඒත් මේ කාලකණ්නි දේසපාලුවන්ට බෑ උන්ගෙ වැඩේ කරන්න. සැප වාහනේ නැඟල ඇවිත් පින්නක්වත් ඇඟේ නොවැදි අස්සට ගිහින් තියන දෙයක් කතාකරල ආයෙ ඇවිත් සැපවාහනේට නැඟල ගෙදර යන්න බෑ මේ කාලකණ්නින්ට, සීතලේ!!!

    • මනෝෂ්…..ඔය සීතලට තියන්නේ වෙන අරුතක්. අර අපි බයවුනාම, කතාවට කියන්නේ ඇඟ සීතල වෙලා ගියා කියලා. සීතල වැඩිවුනාම වෙව්ලනවා. අපි බලන් ඉම්මු. මේවා කල් දම දමා වහගෙන ඉන්න බැහැ. හරි මිනිස්සු හරි තැනකට එක් වෙන්න ඕන, රටට හොඳක් වෙන්න ඕන නම්.

  4. madhumadhavi says:

    //ඒ වගකීම ඇත්තේ ජනතාව අතය.// ඔතනනෙ ලොකුම කොස්ස!
    මේ නරි වාදං අහගෙන හිනාවෙලා පහුවදාට මොලේ ගෙදර තියලා මනාපෙ අරගෙන යනවා ඡන්දපොලට.

    • ඒකනේ මාධවී….අපි ඡන්දෙ දවසට පොඩි ලීෆ්ලට් එකක් ගහලා ගෙයින් ගෙට බෙදමු….”ඡන්ද පොළට යනවිට මතක ඇතිව අයිඩෙන්ටිය සමග ඔබේ මොලයත් රැගෙන යන්න” කියලා.

  5. maathalan says:

    උඹ දන්නවද දුරුත්තේ සීතලට පිස්සන්ට පිස්සු තද වෙනවා කියලා. ආන්ඩුව හොල්මන්. ඇඟිල්ලෙන් ඇන්නත් වැටෙනවා. ඒත් මුන් ගහන්න ඕන තැනට ගහන්නේ නෑ. වැල් බයිලා ගහනවා. උඹ හොඳ වෙලාවට ඊයේ බලය වැඩ සටහන බලලා නෑ. බැලුවනම් මල පැනලා මැරෙනවා. බලපන් හර්ෂලා කරන ගොන් වැඩ. මේ සැරේ තනිකර ගේම ගෙනියන්නේ ඒකෙන්.

    • හ්ම්.. මං බැලුවා. වීරවංසයා කට වහගෙන හිටියේ මහින්දගේ ගැහිලි ගැන කියනකොට විතරයි. ගහන්න ඕනි පොයින්ට් වලට ගහන්න අනිත් උන් දෙන්න දන්නෙ නෑ.

      • maathalan says:

        හරියට හරි.. ඕන් ජෙප්පෝ ඕන වෙන තැන. ඒකයි මම කිව්වේ. මේවට යවන උන් හිටන් එක තැනකින් නීර්ණය වෙන්න ඕන. අපේ සර් දැකලා මට මාර දුකක් ඇති උනා. අනේ මේ සෑර් නේද අපිට කිව්වේ රටේ නායකයා වෙනවා කියලා. දැන් ජනාධිපති තුමාගේ බුල් ඩෝග් වෙලානේ කියලා.

      • මාතා & මනෝෂ්……මම ටිකක් බැලුවා. බන්දුල සෑර් නම් එකම තැටිය ගහගෙන යනවා. විමල්ට අන්දොස්. ඩයස්ෆෝරා තැටිය එක තැන කැරකෙනවා. කොච්චර දක්ෂ කථිකයෝ උනත් වැඩක් නැහැ බං, වැරදි පුටුවල වාඩිවුනාම. විමල්ට දැන් තර්කයක් ගොඩ නගාගන්න බැරි තරමට මඩේ එරිලා. බන්දුල කියනවා වගේ මොකක්ද උඩ මල පෙරේතයෝ බ්‍රේක් ඩාන්ස් දානවා වගේ තමයි. ඒ කතාව දැන් හරියටම හරියන්නේ බන්දුල සෑර්ටම තමයි.

    • maatha…..මෛත්‍රීලාට දේශපාලන කථිකයෝ සෙට් වුනේ නැහැ තාම. ඕක බලපායි මැතිවරන කැම්පේන් එකේදී. අනුරලා, ලාල්ලා, සුනිල්ලා, චම්පකලා, රතනලා එක්ක කැම්පේන් ලින්ක් එක හදන්නේ කොහොමද දන්නේ නැහැ. හැබැයි ඒ දෙගොල්ලොම කොයි තරම් පිටින් ඉඳන් සහයෝගය දුන්නත්, කොයි වෙලාවක හරි එක තැනකට ගොඩවෙන්න වෙනවා. ඒක ඉදිරියෙදි වෙයි කියලා මට හිතෙනවා. කොයි දිසාවෙන් ආවත් එක තැනකදි හමුවෙන්න වෙනවා. කවුරුත් තාම ඉන්නේ ජෙනරල් ඉලෙක්ෂන් එකක තම කුට්ටිය ගැන ගනන් හදමින්. ඒක පැත්තකට තියන්න වෙනවා සිවිල් සංවිධාන සහ බලපෑම් කංඩායම් කැම්පේන් එකට ඇතුල්වුනාම. නැත්නම් වැඩ චොර වෙයි.

  6. Sanjeewa Mendis says:

    ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි

    • උඹ ලොකු වුනාම කියපන්….අපි උඹව කාමරයකට දාලා, සුදු රෙද්දකින් වහලා, තැම්බුං හොදි පොව පොව ඉන්නම්..තව පොඩ්ඩක් පොඩි වෙන්න පුලුවන් එතකොට 😀

  7. බයවෙච්ච තරම පැහැදිලියි. ඇයි ඉතිං ශක්තිමත් නං ඔච්චර බය කියලයි අපිට අහන්න තියෙන්නෙ. දකුණෙ නං අවුලක් වෙන එකක් නෑ. විශේෂයෙන්ම හම්බන්තොට ජනතා නියෝජිතයන්ගෙ ‍ඔලුවට පිස්තෝලෙ එල්ල කරල තියෙන්නෙ. නැත්තං ඔය කෑගහන මහින්ද අමරවීරලා පැනල ගොඩක් කල්.

    • හැම තැනම ඔය බිය වැද්දීම තමයි රාජ් තියෙන්නේ. ඕක හැමදාටම හරියන සූත්තරයක් නෙමෙයිනේ. පප්පා ඉන්න කාලේ දින රහිත අස්වීමේ ලිපිය සාක්කුවෙන් අරන් පෙන්නලා ආපහු සාක්කුවට දාගත්තා. දැන් සාක්කුවෙ තියෙන ෆයිල් එක එලියට අරන් පෙන්නලා, ආපහු සාක්කුවට දාගන්නවා. ප්‍රාදේශීයව ඉන්න පොඩි බච්චා ගම්සභා, පලාත් සභා මන්ත්‍රීලාට නම් සාක්කුවෙන් කෙලින්ම කටපුංචා අරන් පෙන්නනවා ඇති කියලා හිතන්න පුලුවන්. දැක්කනේ කළුතර රතිඤ්ඤා කරලට උත්තරය පිස්තෝලයෙන්. මුන් මේක යුද්ධයක් කරනවා.

  8. Sarath says:

    Mathalan has come to form , 2 , 3 weeks ago he said no body can drive MR, now he realize the truth and saying this Govt is going to topple by a small push. It doesn’t matter you have right to say anything but don’t demoralize the progressive front

    • සරත්…….කවුරු හරි හිතනවා නම් මේක පොඩි තල්ලුවකින් වට්ටන්න පුලුවන් කියලා ඒක වැරදීමක්. මේක වැටෙන්න නොදී සල්ලි, රාජ්‍ය බලය, ආයුධ එකී නොකී ලොකු පවුරක් මුල ඉඳන්ම ගහගෙන ඉන්නේ. ඒ නිසා මේකට ලොකු තල්ලුවක් ඕන. ඒ නිසා තමයි විපක්ෂය මීට වඩා සංවිධානාත්මක විය යුතුවන්නේ. ඒ තල්ලුව දකුණෙන් දෙන්න ඕන ජවිපෙ සහ හෙළ උරුමය මීට වඩා ඩබල් එකේ. බලන් ඉමු ඉස්සරහට.

      • maathalan says:

        මම කවදාවත් නොකියපු කතාවවක් තමයි සරත් මහත්තයා මුලින්ම දාලා තියෙන්නේ. එයත් අරූ වගේම එයාගේ කන්නාඩි දාලා මගේ ළිපි කියවන කෙනෙක් වගේ. මට ඔය මොකත් එකයි. තව අවුරුදු 3-4 ක් යනකොට මෛත්‍රිය කුණුහබ්බෙන් බනින්නෙත් මේ සරත්ලා වගේ මහත්වරු තමයි.

      • මාතා…..ඔන්න බලපන් ඉතින් උඹ සරත් මහත්තයට ඉස්සෙල්ලා මට කන්නාඩි දෙකක් පැලැන්දුවනේ : D මම දන්නේ නැහැ සරත් බලන්නේ මොන කන්නාඩි වලින්ද කියලා.. මම බලන්නේ Binoculars එකක් බෙල්ලේ එල්ල ගෙන 😀

  9. deshakaya says:

    මට නං හිතෙන්නේ බං ජෙව්පි එකෙන් කොපි රයිට්ස් අරගෙන, ජයන්ට් ස්ක්‍රීන් එකක් අරන් ගිහින් හන්දියක් හන්දියක් ගානේ අනුර කුමාරගේ කතා දැම්ම නං මිනිස්සුන්ගේ මොල හේදෙවි..

  10. Rasikologist says:

    කැන්බරා පාර්ලිමේන්තුවත් මේ සතියේ වහනවා සමර් එකට. ආයේ පටන් ගන්නේ ලබන අවුරුද්දේ!

    • අපි හිතුවා ලංකාවේ අය ප්ලේන් වලින් වීසා අරගෙනයි, බෝට්ටුවලින් වීසා නැතිවයි ඕට්ටේලියාවට පනිනකොට ඔය විදියට අපිව කොපි කරයි කියලා…
      වෙලාවට බෝලෙන් ඔලුවට ගැහුවෙ ඕට්ටේලියා ටීම් එකේම එකෙක් වෙච්ච එක..අපි අතින් එහෙම උනානම්…(පිලිප් හියුස්ට R.I.P)

      • ෂෙෆාකි……ඔය ගොඩක් රටවල අපේ කලාපයේ දෙන ගේම්ස් ටික ටික කොපි කරනවා 😀

        ෆිලිප් හියුස් නැතිවෙච්ච එක නම් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු පාඩුවක්. එක වරක් මාධ්‍ය කිව්වේ Australia opener Phil Hughes has been forced to defend comparisons to Sir Donald Bradman.

        He’s not Don, but the similarities are there: he’s small, he consistently makes Test hundreds for Australia and his technique is highly unusual.

    • රසික…..මෙහෙ පාර්ලිමේන්තුව නම් summer recess එකට ජුලි 22 ඉඳන් සැප්තැම්බර් 1 වෙනකම් වැහුවා. ඒවා ඉතින් අවුරුද්දකට කලින් ගන්න තීන්දුනේ.
      කැන්බරා වහන නිසා රසිකටත් නිවාඩුද 😀

  11. පින්න වදිනවා ඇතිනේ. පව්.

    • maathalan says:

      ලියපංකෝ බස්සියෝ ඒ ගැන අර වගේම මොළේ හෙල්ලෙන් එකක්..

    • මුන්ට…පින්න කන …ඒකනේ නාලා කටන්නේ 😀

      ඒක නෙමේ බස්C….ඕන ටොෆියක් පනම් අටයි කියලා ,අපි සමිතගේ පීන්න පිපෙන අහමු මේ බීට් එකේ උණ බහින්නත් එක්ක.

  12. මම කියන්න ආවෙත් මහින්ද මාමගේ කොන්ද ගැන.එත් ඉතින් අරූයියා එක ලියලානේ.

    • මාමාගේ කොන්ද ගැන ලියන්න ගිහිල්ලා, අපේ කොඳු කඩාගන්න වෙයිද දන්නේ නැහැ බං 😀 කොන්දක් තියෙන්න එපැයි කඩන්න 😀

  13. උතුරු මැද රස්නේ වැඩියි කියමු, බස්නාහිරට වැස්ස වැඩියි, දකුණට හුළං වැඩියි (බොක බොක ගාලා හුළං හමන්නේ) අම්මපා මුන් මේ හදන්නේ, තමන්ගේ ගඳ ගහන විශාල දේශපාලන හෙළුව, මේ වගේ බොළඳ කතා නමැති පුංචි අත් දෙකෙන් වහගන්නද?

    මිනිස්සුනේ ඇස් කන් ඇරලා මේ රට දිහා බලපල්ලා, ඇහුම්කන් දියල්ලා. ඊටපස්සේ ටිකක් හිතලා ඡන්දෙ දීපල්ලා.

    • /////////මිනිස්සුනේ ඇස් කන් ඇරලා මේ රට දිහා බලපල්ලා, ඇහුම්කන් දියල්ලා. ඊටපස්සේ ටිකක් හිතලා ඡන්දෙ දීපල්ලා.//////////

      විචා…….ඉතාම කෙටියෙන් කියනවා නම් අද දවසේ ඡන්දදායකයාට යවන්න තියෙන සහ ඡ්න්ද දායකයාට හිතන්න තියෙන කෙටිම පනිවිඩය ඕකයි!!

  14. Podu Apekshakaya namkala dawase indanma karana kiyana dewalin penenne MR ge Athma wiswasaya gilihila/gilihemin pawathinawa kiyanaekai.oken wenne SLFP chandama thamai Awdanamata yanne.

    • රන්ජන්………තමන්ගේ යටි හිත කැළඹිලා තමන්ට කතාකරන්න පටන් ගන්න කොට, තමයි ඒවා මුහුණෙන්, හැසිරීමෙන් පේන්න පටන් ගන්නේ. ඒක අපි කාටත් පොදුයි. කිසි දෙයක් බලෙන් නවත්තගන්න බැහැ. පුළුවන්…ඒත් ටික කාලයක් පමණයි. ඒවා අපේ පෞද්ගලික ජීවිතයටත් පොදුයිනේ.

  15. katussaa says:

    මේ තරම් 2.50 පැහැදිලිකිරීමක් මම ඇහුවමයි.ඒත් අවුල තියෙන්නේ මේ කතා පිළිගන්න කට්ටියක් තාමත් සමාජයේ ජීවත් වෙන එකයි.මේ ලඟදි මැදවච්චියේ කඩේක නතරකලා තේකක් බොන්න.මුදලාලිය රේඩියෝ එකට කන තියාගන ‘හඩ්ඩගේ වැඩසටහන අහනවා.ඉතින් මේවගේ මිනිස්සු ඉන්න සමාජයක්, මේවගේ පැහැදිලිකිරීම් ගැන ප්‍රශ්න කරයිද?
    තාමත් හීනි බලාපොරොත්තුවක් හිතේ තියනව,සිවිල් සමාජ සන්විදාන හා විකල්ප බලවේග ගැන.ඒත් මේ පාරත් මරා දින්නොත් ,මේ ඔක්කොම දමල ගහලා වෙන රටකට යනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නෑ.

    • Jean Guwan Comney says:

      සට්ටඹියො දෙන්නෙක් ඉවරයි. කසුරියයි මහින්ද අබේසුන්දරයයි. හඩ්ඩත් ළඟදීම යයි.

      • JGC……මේ සමහරුන්ට නම් කාලයක සමාජ පිලිගැනීමක් තිබුනා. වැරදි තැන්වල වාඩිවෙන, ජනතාවගෙන ඈත්වෙලා ආණ්ඩුවලට ලංවෙන බොහොමයක් මාධ්‍යවේදීන්ට සහ කළාකරුවන්ට අත්වෙන ඉරණම ඕක තමයි. මරණය අපි කාටත් පොදුයි. හැබැයි අපි පුස්සෝ ලෙස මියයෑම නම් අභාග්‍යයක්.

    • කටුස්…….මේ රටට වෙනසක් අවශ්‍යයි. රටට විතරක් නෙමේ බං අපි අපි වුනත් වෙනස් වෙන්න ඕන යම් යම් හිතන පතන ආකාරවලින්. හැබැයි කටුස්සෝ වගේ නෙමේ 😀 මේ දේවල් එක පැයෙන්, ඒකෙක් වෙනුවට තව කෙනෙක් ආදේශ කිරීමෙන් පමණක් වෙන්නේ නැහැ. ඒ නිසි වෙනස ලබාගැනීමට පුරවැසි බලපෑම තදින්ම රජයට එල්ල කරන්න ඕන. බලය කියන්නේ තමන්ගේ ආවරනය කියන සිතුවිල්ලෙන් වෙනස් වෙන්න ඕන.

  16. Thawath ekak mun hamadama mokakhari chandayak thiyannema tourist Season eka maddemai.(Mage adahasa nam anthimata hodama tourist season eka thibune 1983)

    • ඔව් රන්ජන්…….දැන් බලාගෙන ගියාම හැම සීසන් එකටම ඡන්ද. මතක ඇති කාලෙක අපේ රටේ ඡන්ද නොතිබුණු සීසන් එකක් මතක නැහැ. මම 1980 මුල් කාලයේ ටුවරිස්ම් ගැන කලින් පෝස්ට් එකක දෙකක ලිව්වා. මගේ අත්දැකීම් මම තව ඉස්සරහට ලියන්නම් ඔය සබ්ජෙක්ට් එක ගැන.

  17. මුන්ගේ කටේ හැමවෙලේම තියෙන්නේ බුද්ධිමත් ජනතාව බුද්ධිමත් ජනතාව කියන එක. ඒ වුනාට උන් දන්නවා මේ රටේ ඉන්නේ ගොන් රැලක් කියල. ඒක නිසා හරි හමක් බොරුවක් හදාගන්නවත් වෙලාව නාස්ති කරන්නේ නෑ. කට්ට එන ඕන එකක් කියල කෝචොක් එකක් දානවා.

    • දසයෙකුත් බැහැලා මේ පැත්තේ 😀 පාර්ලිමන්ට් ජෝක්ස්ම තමයි. ඒ මදිවට පලාබබා ජෝක්ස් බලන්නත් වෙලා. රටම ජෝකර්ස්ලාට ගිහිල්ලා තියෙන්නේ. බලපන් ඔය මීඩියා ජෝකර්ස්ලා…ඒ මදිවට ඒවාට ඇවිත් පොරකන පොලිටිකල් ජෝකර්ස්ලා. එහෙමත් එකෙක් කියන දේකින් තමයි බලන් ඉන්න අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ජනතාව ගොබ්බයෝ වෙන තරමට මුන් කැමතියි. ජනතාව ගොබ්බයෝ කිරීමේ කන්ට්‍රෑක්ට් එක තමයි මීඩියා එක කරන්නේ. “මුන්ව අහන, බලන අපිට බඩුම තමයි”.

  18. Ravi says:

    Future generations are not going to ask us what political party were you in. They are going to ask what did you do about it, when you knew the glaciers were melting. – Martin Sheen

    මතු පරපුර ඔබ කුමන දේශපාලන පක්ෂයකට අයත් වූයේ දැයි විමසනු නැත. ඔවුන්ගේ පැනය වනුයේ මෙවන් තීරණාත්මක අවස්ථාවක ඔබ කුමක් කලේද යන්න පමණි – මාටින් ෂීන්

    • jp says:

      අපි එතකොට පුරුදු විදියට ” එකනේ කවුරුත් මොකුත් කලේ නෑනේ ” කියා කියාවී

      • //////////එකනේ කවුරුත් මොකුත් කලේ නෑනේ////////////
        JP….මේක තමයි ශ්‍රීලාංකිකයාගේ තේමා පාඨය 😀

    • රවී………මේක නම් හොඳ කියමනක්!! අද තමයි දන්නේ මාටින් ෂීන් මේ වගේ හොඳ කියමන් රාශියක් කියා ඇතිබව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s