කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

කොස්සෝ යැයි අපි ඒ කාලේ කිව්වේ පොලිසියේ මහත්තුරුන්ටය. ඉන් පසු කොච්චියෝ කියාද කීවෙමු. පිච්චියක් නැති එවුන් කොච්චියෙක්වූ පසු කක්කුස්සි පෝච්චියක් සහ කවිච්චියක් සහිත නිවසක හිමිකාරයෙක් වූයේ ඒ කාලයේය. දැන් කාලයේ නම් පිච්චීයක් නැති හිච්චි කොච්චියෝ නිච්චියක් නැතිව බොග දාන්නෙත් හිච්චි ටොයිලට් පෝච්චීයේම බව හිච්චි කොච්චියෙකුගේ, කොච්චි කටක් ඇති බච්චි දුවෙක් මට දුරකතනයෙන් පැවසීය. මහ කොච්චියෝ නම් රෙන්නේ මහ වස්සෝ සෙට් එක පිස්සෝ වෙලා රෙද්ද අස්සෙන් පස්ස උස්සන වෙලාවට,වස්සෝ රැලක් වූ ජහමනයාගේ මැස්ස උඩය. මැස්ස උඩ රිව්වත්, වැස්ස ඇවිත් සෙස්ස කරයි කියා ලිස්ස යන්නේ පිස්සෝම පමණය. අපි කොස්සෝ වෙමුද? පිස්සෝ වෙමුද…..

පිස්සෝ යන වචනය මගේ භාවිත වචන තුළ නැතිවුණත්, මහ වස්සෝ ගැන ලියනවිට පිස්සෝ වචනයෙන් ලිස්සා යෑමට සිත් පිත් ඇති නොවේ. පිස්සා යයි සාමන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන්නේ, මානසික අසමතුලිත තාවයක් ඇති මිනිසුන්ටය. මමද ඒ කොටසට අයිති වෙන්නේ , හැබෑ මිනිසුන් සියල්ලෝම යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන බව, දන්නා අය කියන නිසාවෙනි. ඒ අපි නොදන්නා සේ සඟවා ගත් සත්‍යයක්ය. මම බ්ලොග් ලියන්නේත්, ඔබ මා කියවන්නේත් ඒ සත්‍යය නිසාමය. දැන් රට පාලනය කරන්නේ පිස්සෝ රැළක් බව, මා වැනි පිස්සෙකුටත් වැටහේ නම්, අප කල යුත්තේ බිස්ස වනසන පිස්සා ගෙන් මිදීම යැයි මම හිතමි. කිරි මිදෙන්නේ හම්බන්තොට විතරක් නොවන බව පිස්සෙක් වන මම සෙස්සන්ට කියමි. කිරි , කැකිරි වෙන බව +රි කන රිලවුද වහ වහා වටහා ගත යුතුවේ.

ඉස්සෝ පුදුම සත්ව කොටසකි. කන්න කැමති වුණත්, ඕකා රෙන්නේ ඔළුවේ බව , කන්න දන්න එවුනුත් දැණගන්නේ ඔළුව කාපු දවසටය. ඉස්සාත් තවත් පිස්සෙක් මෙන්ම කොස්සෙක්ද වේ. කොස්සා ඕක දැනගන්නේ පැන්ෂන් ගිහින් යුනිෆෝම් ගැලවී සෙස්සන්ගේ බයිට් එක වෙන දවසටය. ඉස්සන් වැවේ මුහුදේ මෙන්ම, කන්නට දුන්නොත් ෆාම් එකෙත් ජනනය කර ගත හැකි බව පිස්සන් වන අපි දන්නෙමු. ඉස්සා ඔළුවේ බොග තියාගෙන සෙස්සන්ට ප්‍රණීත බයිට් එකක් වෙන්නේ, උයන්න දන්න එකා ඔළුව ඩස්ට් බින් එකට දමා, කඳ සමග නැට්ටද ගිලින්නට දෙන නිසා බව, ඉස්සාත් නොදණි.. අපි සියල්ලෝම ඉස්සෝ යැයි ලියා තැබිය යුතුය. පිස්සෙක් වෙනවාට වඩා ඉස්සෙක් වීම තුළ ඇති රසය දන්නේ පිස්සන් සේ ඉස්සන් බුදින අපි අපමය.

ඔළුව නැතිදාට හෙළුව පෙන්නන්නෙත් අප වැනි පිස්සන් මිස කටට වඩින ඉස්සන් නොවන බව ලියා තබන්නෙමි!!

බස්සන්, වස්සන් සහ සුදුස්සන් ගැන පසුව ලියමි!

සෙස්ස පස්සට…..!!!ඔය වචන දෙක භාවිතයට යෙදුවේ චින්තන මහින්ද නොව ප්‍රවීණ මාධ්‍යවේදියෙක්වූ චින්තන ජයසේනයන් බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තබමි.

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

52 Responses to කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

  1. අරූගේ නං උන බැස්සා වගේ නේද

    • ගුණේ මහත්තයෝ ……නැහැ බන් මහත්තයෝ දැන් සන්නිපාතය…හෙණ බිබිලක් වෙලා තියෙන්නේ. කැසුවොත් බිබිල කැඩෙනවා. මං ආසයි බිබිලි කඩන්න. වෙනසක තියෙන්නෙම බිබිලි කඩන ආතල් එකක්. වෙනසක් නැති බිබිලක තියෙන්නෙම සැරව පිරෙන ආසාධිත තත්වයක්. බිබිල කඩන්නේ දෙහි කටුවෙන්ද, සර්ජිකල් නයිෆ් එකෙන්ද කියන කතාව වෙනම ප්‍රශ්ණයක්. හැබැයි දැන් නම් තියෙන්නේ බිබිලක් නම් නෙමේ. ඔඩු දුවපු වනයක්. මට ගුණේ මහත්තයෝ .න’ යනු සහ ‘ණ’යනු අවුලක් තියෙනවා. කොයි ‘ඥ’ යන්නද හරි මන්දා :

      • නණළල පැටලිල්ල මටත් තියනවා. බැලුවාම මේ අකුරු කාටත් තිබෙන අවුලක්. “නණලළ බේදයක් ඕන නෑ”. කියල එක් අවදියකදි ලොකු විවාදයක් පවා තිබුණෙත් ඒ කාලෙත් අප වගේ අය හිටිය නිසා වෙන්න ඇති.

      • ගුණේ මහත්තයා….. භාශාව හරියට නොදන්නා මා වැනි මිනිසුන් ලියන තරමටම තමයි, දන්නා මිනිසුන් මා වැනි බිලිඳුන්ට කියලා දෙන්නේ. එතකොට තමයි බිලිඳුන් තරුනයින් වෙන්නේ. නැද්ද මං කියන්නේ….මන්කි යන්නේ ගස් උඩ කියලා..ඉස්සර අපේ අම්මා කියනවා. අපි සරල වෙමු. නැද්ද මං කියන්නේ ගුණේ මහත්තයා 😀

        අජිත් තිලකසේන වගේ න ණ ල ළ හොඳට දන්න මහත්වරු පවා මේ ගැන නොයෙකුත් දේ කියා තිබෙනවා. මම නම් දන්න දේට වඩා නොදන්න දේ බොහොමයි කියලා ඉගෙනගන්නවා.

    • Pra Jay says:

      මට නම් තිත්තයි – Sour grapes 😀

      • ප්‍රා&ගුණේ…..ඔය sour grapes ගැන පොඩ්ඩක් කියන්නම්. මගේ වයිෆ්ගේ එක යාළු සුද්දියෙක් ඉන්නවා. එයාගේ ගාර්ඩ්න් එකේ මිදි වැලක් තියෙනවා. හොඳ වෙලාවට උඹලා වගේ සයන්ටිස්ට්ලාට අහුවෙලා නැහැ 😀 පොකුරු පිටින් කඩලා බින් එකට දානවා ඇඹුල් නිසා. මට දවසක් එයින් පොකුරක් අත ගැසුනා. මම ඒක බීෆ් හෝ පෝක් කරියකට ඇඹුල් හැටියට පාවිච්චි කලා, තක්කලි හෝ ගොරක වෙනුවට. ඉඳහිට හෝ ගොරකයෙක් නොවී ඉන්න එපැයි :. 😀 බඩු සෙට් ඇත්තටම. අපිට තියෙන්නෙම ස්වීට් ග්‍රේප්ස් නිසා, අපි ඇඹුල් ග්‍රේප්ස් වලට බයයි. නරි කියයි මිදි ඇඹුල් කියලා. හැබැයි මචෝ…අපි නරි නෙමෙයිනේ 😀

        ඒ ග්‍රේප්ස්වල ඇට මස් එක්ක බැදිලා එන කොට හරි රසයි. ග්‍රේප්සීඩ් ඔයිල් උඹලා දන්නවානේ. හැම ඇඹුලකම පොඩි සොම් එකක් තියෙනවා. අහක දාන්න එපා 😀 නෙල්ලි තිත්ත වුනත් කුකිං වල වැඩ ගන්න පුළුවන්.

  2. atampahura says:

    අයියා අද ටිකකි වැඩිපුර බිව්වද

    • අටමෝ…කොහෙද යකෝ උඹ ඉන්නේ. උඹ ගමනේ යන මිනිහෙක් බව මම දන්නවා. මාත් කාලයක ඔය ගමනේම හිටියා… ඇත්තටම කියන්න අටමෝ…මම නිදහස් වෙලාවක, නිදහස් තැනක මට ඕන විදිහට මම මත් වෙනවා. මත්වීම හොඳ දෙයක් නොවේ. ඒත් මම හොඳම දේ කරන එකෙක් නොවේ :

      උඹත් දෙන්නේ හෙණ සංසර්ඝ ටෝක් නේ බං!!! 😀

  3. Anonymous says:

    මගෙ බස්සට එහෙම මොනවත් කියනව නෙවෙයි පිස්ස
    – මීට බස්සි

    • බස්සෙක් වෙන්න ලේසියෙන් බැහැ. මොකද අනිත් සියල්ලෝම දවල් වරුවේ කරන හැම දෙයක්ම බස්සෝ, බස්සියෝ තමයි රෑ එලිවෙනකම් ඇහැරගෙන ඉඳන් , නින්දට වැටුණු ලෝකය දෙස අවදියෙන් බලන්නේ. වවුලෙක් වෙන එක ලේසියි. හැබැයි බස්සෙක් වෙන එක අමාරුයි. වවුලන් සහ බස්සන්ගේ වෙනස රෑට ඇස් අරින එක විතරක් නෙමේ. එල්ලිලා ඉන්න වවුලෙකුට වඩා බස්සෝ ලෝකය දකිනවා. අඳුරේ ඇස් අරින එකා, ආලෝකයේ ඇස් අරින අයට වඩා විචක්ශනෂීලියි. බලාගෙන ඉන්න. කළුවරේ දකින එවුන් සාපේක්ෂව එලිය දකිනවුන්ට වඩා හොඳයි.

  4. maathalan says:

    මංදා පොළොන්නරුවේ කිරි අරූ කාලා තියෙනවද කියලා. හැබයි ඒවා රුහුණේ ෆේමස් කිරි වලට වඩා රහයි. ගුණේ ගැන නම් කියන්න දන්නේ නෑ.

    • වැඩේ කියන්නෙ එහෙන් මෙහෙන් ටිකක් වෙනස් උනාට ඔය කොයි කිරිත් ඇඹුලයි.

      • Pra Jay says:

        best before date තියනවනේ??

      • මනෝෂ්……දිය කිරි, මුදවපු කිරි කරන්න නම් ඇඹුල් වෙන්නම ඕන 😀 කිරි කමුද…කිරි බොමුද..බලන් ඉමු!!

      • ප්‍රා…..///////best before date තියනවනේ??///////
        .උඹේ හියුමර් එකෙන් එලියට ඒන වචන, බ්ලොග්ස් ලියන අයට ලොකු ආශ්වාදයක් සහ ආශිර්වාදයක්!!!!!!!!!!!

    • අනේ ඔව් මාතා….මම ඔය පොලොන්නරුවේ කැලෑවක හිටියා. කොළඹ ජීවිතයේ නන්නත්තාර වෙලා හිටිය කාලෙක. කිරි නම් කෑවා එහෙදි. හැබැයි රස මිසක් ගුණ දන්නේ නැහැ. මොකද කරන්නේ මාතා ….රහට කමුද…ගුණට කමුද?

      අපේ මිනිස්සු රහට කෑවා මිසක් ගුණට කාපු එවුන් නෙමේනේ බං. රස තුල ගුණ බලමු මේ පාරවත් 😀

    • sudeeka says:

      මම කාපු හොඳම කිරි තණමල්විල පැටි අයියාගේ කඩෙන් ගත්තුවා. ට්‍රින්කෝ කිරිත් මාර රසයි.

  5. madhumadhavi says:

    මාඤ්ඤමිකයි අරූ. ලිවල්ල නෙමේ. මේ දවස්වල වෙන දේවල්.
    පිස්සුව සනීපවෙයිද? පිස්සු ඩබල් වෙයිද?
    ඔලුවත් එක්කම ඉස්සව බලෙන් කවයිද?
    කවුද දන්නෙ?

    • ඒක හරි මාධවි, ඉස්සෝ රහයි ඔළුව එක්ක. හැබැයිGoo නැත්නම්. ඉස්සාව පිස්සු නොකර ඉන්නවා නම් චෝයි. මතක තියාගන්න කලපුවේ විතරක් නෙමේ වෙල් අයින්වලත් ඉස්සෝ හැදෙනවා. හැබැයි ඔය කොයි ඉස්සගෙත් හිසේ Goo. උයන එකා තමයි කක්කා ඉවත් කර ගන්න ඕන. අපි හෙමින් බලමු.

  6. එක කොඩිවිනයක්නම් සෙට්ට පොච්චි වෙලාම ගියා. දැන්වත් කනක් ඇහිල ඉන්න පුලුවන් වෙයිද මංදා ස්වාධීනෙ විමසුමෙන්.

  7. Sanjeewa Mendis says:

    අනේ මට නම කිසි දෙයක් තේරැනේ නෑ

    • මෙන්ඩෝ…….තේ රෙන්නෙ නැත්නම්, බේ රෙන්න බලපන් 😀 වැඩිය හිතන්න එපා. තේ රෙන්න ඉස්සෙල්ලා මේ අවස්තාවෙන් බේ රෙන්න බලපන්. තේ රෙන හැටි තියෙන්නේ බේ රුනාට පස්සේ.

  8. සෙස්ස පස්සට නෙවෙයි රීලා හෝදන්නේ නැතුව පස්ස උලන්න හිතෙනවා අරකගේ කටේ. ලැජ්ජා නැතුව කියනවා විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න පුළුවන් ඔය මෙහෙන් ඉවත්වෙලා ගිය අයට නෙවෙයි බලයේ ඉන්න මට විතරයිලු. අනේ මේකා මේ මරුවිකල්ලෙන් නේද දොඩවන්නේ. කිහිල්ලට හිරකරගෙන හොම්බට හැටක් අනින්න පුදුම ආසාවක් තියෙන්නේ.

    අන්න හොර චන්ද මැසිමක් ගෙනල්ලා නාවික කඳවුරක හයිකරනවලු. නේවි කොල්ලා තමයි ඒක බලාගන්නේ. මේ සැරේ නම් සෑහෙන ගානක් මැරෙනවා ෂුවර්.

    • Anonymous says:

      කාම් ඩවුන් විචා කාම් ඩවුන්

    • විචා……ජනවාරි 8 වැනිදායින් පස්සෙත් එයාලු ජනාධිපති. මේ තරමටම බලය රැකගන්න සහ ඒ වෙනුවෙන් තලු මැරීම කොයිතරම් සදාචාර සම්පන්නද කියලා හිතලා බලන්න ඕන. මේ ඡන්ද ව්‍යාපාරය තුල වාර්තාගත වෙන තරමට ජීවිත හානිවෙයි කියලා මට හිතෙනවා. ඒ තත්වයට යන ගානට ආවේස වෙලා ඉන්නේ. මේ ජීවිත හානි කිරීමේ අපරාධයට හවුල් නොවී ඉන්න අනිත් පාර්ශව වග බලා ගත යුතුයි.

      ලැජ්ජයි විචා……මම ඉන්න රටෙන් ට්‍රැවල් ඇඩ්වයිස් එකක් දීලා තියෙනවා ඡන්ද කාලේ ඇති බිහිසුනුකම ගැන. මෙන්න සංචාරකයින්ට දෙන පණිවිඩය. කීදෙනෙක් ගමන් අවලංගු කරගෙනද දන්නේ නැහැ.

  9. කුරුටු ගෑ ගී පවුර says:

    මචං අරූ………………… කතාව අැත්ත කියන්නේ උපරිම අැත්ත………………..

  10. deshakaya says:

    උඹ බැරිවෙලාවත් අටපට්ටම බැලුවද?

    • කාලෙකින් බැලුවේ නැහැ දේශා. ඇයි උඹ එහෙම ඇහුවේ. මේක ලියන්න ඉස්සෙල්ලා හරීන්ද්‍ර ජයලාල්ගේ ‘රයිමින් නිව්ස්’ බැලුවා :

  11. pissu hedena post eka.ela.(Den Ruhune kiriwala, issara thibba qualitty ekane.Hariyata Ruhune Rajapassala wage).polonnaru kirith kalama balanna wenawa.

    • රන්ජන්….අපි 48 ඉඳන් කිරි කාපු රිලව් වගේ බලන් ඉන්නවානේ ඡන්දෙන් පස්සේ. මේ පාර පොලොන්නරු කිරි කාලා බලමු…මෙදා පාර නම් වෙනස් වුනොත්….ඊට පස්සෙත් වෙනස් කරගන්න බොහෝ දේ තියෙනවා ( අඩුම ගානේ අට පාස් එවුන් ටිකක්වත්, පාර්ලිමේන්තුවට යවන්නවගේ වැඩ.)

  12. සුමානෙකට පස්සේ බ්ලොග් කියවන්න ආවේ .. පිස්සු වගේ නිකන් .. 🙂

    • ///////පිස්සු වගේ නිකන්////////////
      ගණන් ගන්න එපා පැතුම්….මට නම් පිස්සු ඩබල් වගේ නිකන් 😀

  13. සිරා says:

    අන්න සුමනදාස ගොයියා කිව්වලු මෙදා පාරත් මහින්ද දිනනවා කියලා

    • අපි සිරාව දිනවමු… සුමනදාස ගොයියා කිව්වත් නැතත් මහින්දලා දිණුම් කියලා අර ආපදා මහින්දත් කිව්වේ. දැන් කන්න ඉතිරිවෙලා තියෙන්නේ වටලප්පම් විතරයිලු.

      ලොක්කන්ට වටලප්පම් කනු පිනිස මහින්දව දිණවමු!!!!

      මේ පාර තියෙන්නේ වටලප්පම්-කොලොප්පම්….

  14. Ajith Dharma says:

    මචාන් , අර උඹ බෝතලේ ඉතුරු ටිකත් බෑග් එකේ පේන්න ගෙන කෝච්චියට පැටලී පැටලී නගිත්දී මම හිතුව මෙහම පිස්සුවක් තමා ලියවෙන්නේ කියල. හරියට හරි. හික් හික්

    • අජියා……තාම කෝච්චියේ බං…එහෙට යනවා, මෙහෙට යනවා. අද තමයි හරි ස්ටේෂමෙන් බැස්සේ 😀

      • apdharma says:

        හික් හික් ආයිත් පාරක් සෙට් වෙමු බන් මටත් ලියවෙන්නේ එතකොට.

  15. අපේ මහරාජාට දැන් වියරු වැටිලා තියෙන්නේ.උඹටත් එහෙමද අරූයියේ?

    • මනෝ…..උඹ දන්නවනේ… රජ තුමාට වියරු වැටුනාම, යටත් වැසියෝ පියරු බබාලා වගේ බලන් ඉන්න ඕන කියලා. එහෙම තමයි රජ වැඩ. ඔහුගේ වියරුව…ඇගේ වෛරය..මේ දවස්වල ඇහෙන දෙබස්.

  16. sudeeka says:

    මමත් කාලෙකිං පාත් වුණේ. කෝ බං අර අවුල් වන්නට පෙර ? මේ මඩගොහොරුවට බ්ලොග් එක නොදා ෆේස්බුක් ෆ්රෝෆයිල් එකක් අටෝ ගනිං. එතකොට මේක යෙහෙන් පවත්වාගෙන අතන කෙස් පලන්න පුළුවන්.

    • අපෝ බං ෆේස් බුක් එකේ කෙස් පලන්න ගිය එවුන් කියන්නේ එතනට ගියොත් පලාගන්න වෙන්නේ වෙන එකක් කියලා 😀

      අවුලේ තව කොටසක් දෙකක් ලියලා තියෙන්නේ….දාන්න හිතෙන්නේ නැහැ…මේ දවස්වල තියෙන ඡන්ද සොමියට කවුරුත් යොමුවෙලා නිසා.

  17. \\\අවුලේ තව කොටසක් දෙකක් ලියලා තියෙන්නේ….දාන්න හිතෙන්නේ නැහැ…මේ දවස්වල තියෙන ඡන්ද සොමියට කවුරුත් යොමුවෙලා නිසා.\\\ සෙද්ද තමයි.. මගුලක් කතා කරන්නැතුව ඒක දාපං අරූ අයියා.. මේව බලල අවුල් උනොත් ඒකෙනුත් වැඩක් නැති වෙනවා.. දෙතුන් පාරක්ම ඇවිත් කෑලි කෑලි බලල ගියා.. පොඩි පොඩි අවුල් නිසා මේ ටිකේ පොඩ්ඩක් අවුල් වගේ..

  18. මිනිස්සුන්ගෙන් 80% විතර කිසියම් මානසික අසහනයකින් පීඩා විදිනවා කියලා කියනවා නේද?

  19. Senna says:

    උඹ ඉතින් ඔය තටමන්නෙ මොකක් කියන්නද ? ජහමනයා වන අපිට ඔය ප්‍රෙහෙලිකා ‍තෝර ‍තෝරා ඉන්නට කාලයක් නැත. කියන්න තියන දේ පැහැදිලිව පැවසීම යෙහෙකි…

    “සෙස්ස අස්සට” කියලා එක බ්ලොග් කාරයෙක් යොදලා තියනවා….

Leave a reply to කල්‍යාණ මිත්‍ර Cancel reply