මඤ්ඤං සමාජවාදය

ලියන්නට තියා අදහසක්වත් දමන්නේ නැති යැයි හිතන මොහොතක, නිහඬව සිටීම වරදක් යැයි සිතු නිසා මේ සටහන ලියමි. පැහැදිලිවම මේ ඇතිවී තිබින්නේ ද්වන්ධ සටනකි. මේ සටන 1948 සිට මේ දක්වා පැවතුනු බව රහසක් නොවේ. මේ මැතිවරන ක්‍රියාකලාපය තුල (1948 සිට ) පෙනෙන්නට ඇත්තේ පක්ෂය සහ පක්ෂ නායකයා මූලික කරගත් මැතිවරන ව්‍යාපාර බව, මැතිවරන ඉතිහාසය දන්නෝ දණී.

වාමාංශික මූල බීජයන් සහිත පරිසරයක හැදි වැඩුණු මා වැන්නන්, වඩාත් ලිබරල් මානසික සිතුවිලි තුල යම් යම් අදහස් පලකරන්නේ, කන්නාඩි දෑසින් නොවන බවවත් හිතා ගත හැකිනම්, අප සියල්ලටම , නිවැරදි සංවාදයකට ගොඩ විය හැක. කන්නාඩි වෙනුවට, ඈත බලන උපකරන වඩාත් වැදගත් බව මම පෞද්ගලිකව හිතමි.

සමාජවාදය මඤ්ඤං යැයි හිතන්නට වැඩ සැලසුවේ කවුරුන්ද…..මෙය නිරන්තරයෙන් හිතට වද දෙන ගැටලුවකි. එදා යුරෝපයේ අධ්‍යාපනය ලත් උගත්, බුද්ධිමත් ලාංකික වාමංශික නායකයින් , ‘උපාධියත්’ සමග කොළඹට රැගෙන ආවේ, ලන්ඩනයේ එදා වඩාත් පහසුවෙන් ශිෂ්‍ය ප්‍රජාව වැලඳගත් මාක්ස්වාදි අදහස් සහිත චින්තනයන්ය. ඒ ඒදා තිබු පරිසරය සහ දේශපාලන වටපිටාවය. එය වැරදියයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් 1948න් පසු ඒ හා බැඳුනු සමාජවාදි චින්තනයන්ගේ, අතුරුපල , 2015 බැලට් පේපර් එක දිහා බැලූවිට , සමාජවාදය ගොඩ නගන්නට, බොක්කෙන් සහ බොක්කට යටින් ඇති අරමුදල් ගැන හිතන ,මඤ්ඤං වාමංශිකයන්ගේ කෙරුවාවල් දෙස නිරීක්ෂනය කෙරුවීට පැහැදිලිවේ. මම සමාජවාදය පිලුකුල් කරන්නෙක් නොවේ. නමත් සමාජවාදය ගැන ලියන්නට පෙර, ඒකාධිපතිත්වය එක් පොරෝ පහරඉන් කපා දැමිය යුතු යැයි සිතන කුඩා මිනිසෙකි.

මේ වනවිට එක්සත් සමාජවාදි පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරියත්, පෙරටුගාමින් වෙනුවෙන් දුමින්ද නාගමුවත්, නව සමසමාජ පක්ෂය වෙනුවෙන් සුන්දරම් මහේන්ද්‍රනුත්, සමාජවාදි සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධනත් නාමයෝජනා බාරදි අවසන්ය. තවත් නාමික සමාජවාදින් ඔය තුල ඇති යැයි සිතමි. මේ දියාරු සමාජවාදය තවදුරටත් පවත්වාගත හැක්කේ කෙලෙසෙද? නොයෙකුත් න්‍යායික මත ගැටුම් තුලින් පොදු වමක් ගොඩ නගා ගැනීමට බැරි මෙවන් මිනිසුන්, හුදු පොතේ ගුරු අවස්ථාවාදි ප්‍රචාරක සටන් ගෙනයමින් පවති. එකෙක් පොදු වමේ අපේක්ෂකයා යැයි කියනාවිට, තවකෙක් තව න්‍යායික කාරනයක් මත ඔහු පොදු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි. රටක හෝ සමාජයක පොදු යැයි කිවහැක්කේ, එක් නිශ්චිත කාරනයකට ගොනු වීම තුල පමනි. මා දකිනා ‘පොදු’ අරමුන වන්නේ, ඒකාධිපතිත්වය සහ රජ මානසිකත්වය පැරදවීම යන අරමුණ මිස අන් කිසිවක් නොවේ. පරාජය කල යුත්තේ සහ බිය නොවිය යුත්තේ ඒ අරමුන වෙනුවෙනි.

ලියන්නට සහ කියන්නට බොහෝ දේ ඇත. අද දවසේ ප්‍රවෘත්ති තුලින්, හෙට දවසේ බ්ලොග් ලියනවානම්, එය වාර්තාකරනයක් මිස, බ්ලොග් ලිවීමක් යැයි මම නොසිතමි. මගේ අදහස වැරදි විය හැක. නමුත් බ්ලොග්කරුවා, වාර්තාකරුවකු නොවිය යුතු බව, මගේ අදහසයි. අප මතු කරග යුතු වන්නේ, තම තමන්ගේ මතයන්, නිවැරදි ස්ථානයන් තුලට ගොනු කර , එකතුකර, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඉඩ සලසා ගැනීම හැර, මා නිවැරදියි, නුඹ වැරදියි යන පටු චේතනාවන්හී කොටස් කාරයන් වීම නොවන බව, ආධුනික බ්ලොග් කරුවෙක් ලෙස මම හිතන්නෙමි. ආධුනිකවූ පමනින් , මගේ මතය ඉදිරිපත් කිරීමට මම කිසිවිටෙක පසුබට නොවන්නෙමි.

පටන් ගත් ලෙසම අවසන් කල යුතු නිසා, නැවතත් කිවයුතුව ඇත්තේ, මූලික අවශ්‍යතාවය පිලිබඳවය. ඒ නම් නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදයක, මූලික අවශ්‍යතාවයවූ නිදහසේ හුස්ම ගැනීමය. ඒ හුස්ම යනු, යුද්ධය අවසන් කිරීම පමනක් නොවේ. හුස්ම ගැනීම පමනක්, ජීවිතය යැයි සලකන්නේ,වායු ගෝලයේ ඉතිරිව ඇත්තේ ඔක්සිජන් පමනක් ඉතුරුව ඇතැයි හිතන අවස්ථාවාදි මිනිසුන් පමනය. කාබන්ඩයොක්සයිඩ් යනු හුස්ම ගන්නා මිනිසුන් නැවතත් පිට කරනා ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් වායුවක් බව මතක තබා ගත යුතුවේ. ලියන්නට ගත්තේ මඤ්ඤං සමාජවාදය ගැනය. අවසන් කරන්නේ මඤ්ඤං ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. ඒකාධිපතිත්වය තුල දිවිහිමියෙන් හෝ පලමුව ගොඩා නගා ගත හැක්කේ , ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අගයන් මිස, සමාජවාදයේ උස් අරමුනු නොවන බව මගේ ලපටි මතයයි. මේ වියරු පාලකයින්ගේ අඥාන මානසිකත්වයට අභියෝග කරමු. ඒ අන් කිසිවක් නිසා නොව, මඤ්ඤං නොවන මහජනයාගේ අයිතිය එය නිසා බැවින්ය.

අකුරු දෝෂ බොහොමයි. ගණන් ගන්න එපා. හකුරු වගේ තමයි, රස වැඩි අපි වගේ අකුරු නොදත් උදවිය, පොකුරු පිටින් ලියන්න එකතු වෙනකොට. අකුරුත් හකුරු වෙනවා. ඒ තමයි පුරවැසියා අකුරු ලියන දවස!!!!

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

43 Responses to මඤ්ඤං සමාජවාදය

  1. මයේ අම්මේ අරූ අයිය දැක්ක කල්.. අපි කීප දෙනෙක්ම කතා කරා උන වැඩි වෙලා සන්නිපාතෙටවත් ඇවිල්ලද කියල.. ඔය ඉන්නෙ බැබැලි බැබැලි.. පෝස්ට් එක කියෝල ආයෙ කොමෙන්ටුවක් දාන්නම්..

    • කරුණු තුනක් ගැන ලෙසටම එකඟයි…
      \\\අද දවසේ ප්‍රවෘත්ති තුලින්, හෙට දවසේ බ්ලොග් ලියනවානම්, එය වාර්තාකරනයක් මිස, බ්ලොග් ලිවීමක් යැයි මම නොසිතමි\\\
      \\\කන්නාඩි වෙනුවට, ඈත බලන උපකරන වඩාත් වැදගත් බව\\\
      \\\සමාජවාදය ගොඩ නගන්නට, බොක්කෙන් සහ බොක්කට යටින් ඇති අරමුදල් ගැන හිතන ,මඤ්ඤං වාමංශිකයන්ගේ කෙරුවාවල්\\\
      වම දකුණ මාරුවෙලා මඥ්ඥං වෙලා ඉන්න වෙලාවේ මේ පෝස්ට් එක නිකං ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ

      • කමියෝ……හෙමින් සැරේ උත්තර දෙන්න වෙච්ච එක ගැන සමාවෙයන්. මතුකරලා තියෙන්නේ උඹ එකඟ තැන් නිසා, වැඩිපුර පැහැදිලි කිරීමක් අවශ්‍ය දැයි මම නොදනිමි. හැබැයි මචෝ, අද පවතින තත්වය මත මම කතාකරන්නේ වම හෝ දකුණ ගැන නොවේ. මම පැරාගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් මෙතනට ගෙනත් අලවන්නම්.

        /////December 15, 2014 at 3:18 AM
        මගේ අදහස් පෞද්ගලිකව ඇඟට ගන්න එපා. මේ තියෙන්නේ කුස්සිය සහ කක්කුස්සිය අතර ප්‍රශ්නයක්වත්, සමාජවාදය සහ ධනවාදය අතර ගැටුමක්වත් නොවේ. සැබැවින්ම ඇත්තේ මේ නාස්තිකාර, ඒකාධිපති රජ මානසිකත්වයට තිත තබා, වෙනස් ගමනක් සඳහාවූ ප්‍රශ්නයයි. ජන මනස යොමු කල යුත්තේ ඒ දෙසට මිස, කුස්සියටවත්, සමාජවාදයටවත් නොවේ. මොකා දිනුවත්, පළමුවෙන් ඉල්ලා සිටිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තයි. බඩට පෙර බුද්ධිය ඉල්ලන්නේ සමාජයයි. බඩගින්නේ මැරෙන එවුන් නැහැ කියන්නෙත් පාලකයින්මයි.////////////////

  2. kathandarakaraya says:

    කුඩා සමාජවාදී කණ්ඩායම් ඉදිරිපත් වී ඇත්තේ දිනන්නට නොව තම මතවාදය පැතිරවීම සඳහා නේද?

    එහි වරදක් මට නම් නොපෙනේ.

    සමාජ සමානතා (ඉස්සර විකොස) පක්ෂයෙන් USA චන්දෙටත් ඉල්ලනවා හැම වාරෙකම.

    • කකා…මගේ පැහැදිලි කිරීම යටින් දැම්මා. අවශ්‍යනම් අපි සාකච්ඡා කරමු. විකොසෙ හිටපු කීර්ති බාලසූරිය වගේ මියගිය හොඳ සුන්දරයන් ගැනත් කතාකරමු. න්‍යාය ගැන නොවේ. ඔවුන්ගේ කැපවීම ගැන.

  3. kathandarakaraya says:

    /* අද දවසේ ප්‍රවෘත්ති තුලින්, හෙට දවසේ බ්ලොග් ලියනවානම්, එය වාර්තාකරනයක් මිස, බ්ලොග් ලිවීමක් යැයි මම නොසිතමි */

    එකඟ විය නොහැක. එය වාර්තාකරණය නොව පුවත් විමර්ෂණයයි.

    • maathalan says:

      +++++++++++++++++++++++++++++

      • මමත් එකඟයි කකා එකක. ප්‍රවෘත්තියම වාර්තා නොකර එය නිමිත්ත කරගෙන ඒ ප්‍රවෘත්ති ගැන තමන්ගේ මතය ප්‍රකාශ කිරීම වරදක් කියා මට හැගෙන්නේත් නැහැ අරූයියේ.මොකද පස්සේ ඒ මතය තුලින් පුළුවන් අපිට අවශ්‍ය නම් සංවාදයක් ගොඩ නගන්න.නමුත් ප්‍රවෘත්තියක් තුලින් විතරක් අපිට ඒ වගේ සංවාදයක් ගොඩ නගන්න බැහැ නේද ?

      • මම කතාකරන්නේ වාර්ථාකරනය ගැන මිස කකා කියන ‘විමර්ශනය’ ගැන නොවේ. වාර්තාකරනය සහ විමර්ශනය දෙකක් බව කුඩාවුන් පවා දණී. මහින්ද අබේසුන්දරලා අපිට දුන්නේ පුකෙන් බත් කන විමර්ශන බව දන්නෝ හොඳින් දණි. හඩ්සන් සමරසිංහ උදේට දෙසන්නෙත් ඒ බව දන්නා නිසා, ඒ අදහස වැටහේ යැයි සිතමි. වටහා ගත යුත්තේ යතාර්ථය මිස, මං පොර වීම නොවේ. මම මේ කියන්නේ කාවවත් චූන් කිරීමටවත්, කාවවත් කෙටවීමට නොවේ. මේක තමයි සිංහලෙන් රියැලටි කියන්නේ. කවුරුත් තරහ ගන්න එපා. ඇත්ත තිත්තයි!!!!

  4. දැන් වම පාවිච්චි වෙන්නේ වැසිකිලි ගිහින් හෝදන්න විතරයි ,
    ඉතිහාසය පුරාවටම බොහොමයක් වමේ , සමාජවාදී නායකයෝ ප්‍රායෝගික තලයේදී අසාර්ථකයි නේද ?

    • /////ඉතිහාසය පුරාවටම බොහොමයක් වමේ , සමාජවාදී නායකයෝ ප්‍රායෝගික තලයේදී අසාර්ථකයි නේද ?/////
      ඉවාන්….කාලෙකට පස්සේ දැක්කේ. සනීපෙන් ඉන්න බව තේරෙනවා අඩුම ගානේ වම් අතින් පුක හෝදන බවවත් ලියලා තියෙන නිසා 😀

      ///දැන් වම පාවිච්චි වෙන්නේ වැසිකිලි ගිහින් හෝදන්න විතරයි////
      මම ඒ තරමටම යටට වැටෙන්න කැමති නැහැ. සත්තයි…ලාංකීය වාම ඉතිහාසය ඉතා ප්‍රභලයි සහ බුද්ධිමත්. ඔබ ඇන්. ඇම්. පෙරේරා , වික්‍රමසිංහ වැනි චරිත කියවිය යුතු යැයි මම යෝජනා කරනවා. මා ලියා තබන්නේ පවතින වාමාංශික උසුළු, විසිළු ගැන මිස, සමාජවාදි හර පද්ධිතයින් හා වෛරයෙන් නොවේ. ඉවාන්, මගේ ලිපියේ යටි ඇරුත වටහා ගන්නා කෙනෙක්, අදහසක් එකතු කරාවි. පවතින ඒකාධිපතිත්වයේ අවසානය තියෙන්නේ,වාමවාදි න්‍යායික ගොන් පොර වල නොව, ප්‍රායෝගික සටන් බිම්වල බව, රත හිතට ගත්, හිතේ රත නැති, පොතේ ගුරුන්ලා වටහා ගත යුතුය. මගේ වම, උඹ කියන, පුක හෝදන වම නොවන බවත් කියන්නේ තරහෙන් නොව ආදරයෙනි. මේක රතේ වරදක් නොව, හිතේ වැරද්දකි.

      • Ajith Dharma says:

        මේ කතාවම වැරදි මහා ගොන් කතාවක් අරු . වම කියන්නේ සමාජවාදය නම් එකට න්‍යාය සහ ප්‍රයෝගික භාවිතය දෙකම ඕනේ. න්‍යාය නැතුව, කටපාඩම් වචන ටිකක ගත් පිරිසක් එක්ක ගිහින් තමා ජවිපෙ 1971, 1989-90 දරුණු විධිහට ඇන ගත්තේ. ප්‍රායෝගික සටන් බිම්වලට යා යුත්තේ න්‍යාය කින් සන්නද්ධවයි .

      • මටත් තියෙන ප්‍රශ්නයක් අජිත් අයියා ඇදලා ගත්තේ , ඇත්තටම වම සහ සමාජවාදය යනුවෙන් අදහස් වෙන්නේ එකක්ද දෙකක්ද?

  5. maathalan says:

    “I decided it is better to scream. Silence is the real crime against humanity.”
    ― Nadezhda Mandelstam, Hope Against Hope

    • ඔව් මාතා…මචං උඹ හරි මේ උපුටා දක්වන දේට මම කැමතියි. මේ ගැහැණිය මෙසේත් කියනවා. මේක කියවපන්.

      “When a bull is being lead to the slaughter, it still hopes to break loose and trample its butchers. Other bulls have not been able to pass on the knowledge that this never happens and that from the slaughterhouse there is no way back to the herd. But in human society there is a continuous exchange of experience. I have never heard of a man who broke away and fled while being led to his execution. It is even thought to be a special form of courage if a man about to be executed refuses to be blindfolded and dies with his eyes open. But I would rather have the bull with his blind rage, the stubborn beast who doesn’t weigh his chances of survival with the prudent dull-wittedness of man, and doesn’t know the despicable feeling of despair.”
      ― Nadezhda Mandelstam

  6. madhumadhavi says:

    ඉවාන් කියපු එක තමා වම ගැන කියන්න තියෙන්නෙ. හැමදාම විෂම ඛන්ඩනය නොනැවතී.

  7. කුරුටු ගෑ ගී පවුර says:

    ප්‍රජාතන්ත්‍රවාදය යනු යුද්ධය අවසන් කිරීම පමණක් නොව…………….. අැත්ත කතාව… යුද්ධය ඉවර කරලා ඒත් මිනිස්සු මැරෙන්න තරම් බයේ ඉන්නවා නම් අැයි යුද්ධය අවසන් කරේ………………….. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්ණයක්………………….. ඔබ හරි……………..

  8. raigam says:

    අරූ, දැන් මේ කියන සමාජවාදීන්ට බනින වෙලාවට කියන්නේ “ත්‍රී වීල් පක්ෂ” කියලනේ. ඉතින් එහෙම නම්, ඔවුන් ගැන වධ වෙන්නේ ඇයි? ජවිපෙටත් බනින වෙලාවට ඕකුන්ට තියෙන්නේ 5% යි කියනවා. නමුත්, හවුල් කරුවන් වෙන්න ආවේ නැති වුනහමත්, බණිනවා. දැන් “යාපාලන” අවශ්‍යතාවය ඉතිරි 95% න් (අර අනික් සමාජවාදීන්ට 0% යයි උපකල්පනය කෙරුවොත්) 50% කට තියනවා නම්, පාලන වෙනසක් කරන්න පුළුවන්. මොකද අර 5% ගෙදරනේ ඉන්නේ. එතකොට චන්දය දමන ගොඩට ඔවුන් නැහැ.

  9. එන්.එම්, කොල්වින්, දොස්තර වික්‍රමසිංහ, හිටිය වම වගේ එකක් ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඉන්න ජෝකරයෝ ටික හොඳයි ගොයං කපපු කාලෙක කමතකට ගෙනිහින් නටවන්න.

    ජනාධිපතිවරණය තමන්ගේ මූණ පුම්බා ගැනීමට පාවිච්චි කරන, චන්ද දහයක් වත් නොලැබෙන එවුන්ට, අර ජෝන් කොතලාවලගේ දඬුවම දිය යුතුයි.

  10. මෙහි පළවී ඇති සියළුම අදහස් එකට කැටිකොට එක් පිලිතුරු අදහසක් දැනට සටහන් කරන්නම්. කාලය පිලිබඳ ගැටළුවක් සහ තවත් වැඩ කටයුතු නිසා මෙසේ අදහස් දැක්වීම ගැන සමාවන්න.

    //////කුඩා සමාජවාදී කණ්ඩායම් ඉදිරිපත් වී ඇත්තේ දිනන්නට නොව තම මතවාදය පැතිරවීම සඳහා නේද? එහි වරදක් මට නම් නොපෙනේ./////////////////

    කතන්දරගේ ඉහත අදහස ගැන මා දරන මතය……

    ඕනෑම පක්ෂයකට හෝ සුදුසුකම් ඇති පුද්ගලයෙකුට මැතිවරනයක් සඳහා ඉදිරිපත්වීමේ ඇති අයිතිය ප්‍රශ්න කරන්න කිසිවෙකුටත් අයිතියක් නැති බැව් සැබෑවය. අද පවතින්නේ රටේ අනාගතය තීරනය කෙරෙන තීරනාත්මක මැතිවරනයකි. එහිදි කුඩා කුඩා කංඩායම්, ජනාධිපතිවරනය තුලින් තම මතයන් ජනතාවට ගෙන යෑම සඳහා විසිළුකාර ස්වභාවයෙන්, මේ තරඟයට ඇතුලුවීම තුල ඇත්තේ සැබෑ උවමනාවක්ද යන්න පැහැදිලි කරගත යුතුවේ. තම මතය ජනතාව තුලට ගෙන යාම සඳහා, කුඩා කංඩායමකට වඩාත්ම සුදුසු වන්නේ ප්‍රාදේශීය සභා මැතිවරනයක් වැනි ග්‍රාමීය හෝ නාගරික ජනයා වෙත කෙලින්ම ඇමතීමේ අවස්තාවක් තුල යැයි මම හිතමි. එවැනි මැතිවරනයකදි කුඩා පක්ෂයකට තම නියෝජනයක් ලබා ගැනීමේ අවස්තාව පවා හිමි විය හැක. නමුත් මේ සියළුම කංඩායම් හිටිවනම මතුවන්නේ, ජනාධිපතිවරනයක බැලට් පේපර් එක තුලින් වීම අරුමයකි. මහ මැතිවරනයක, කෙසේ වෙතත් පලාත් සභා මැතිවරනයකදීවත් මොවුන්ගේ කටහඬ අවදිවන්නේ නැත. සමහර කුඩා කංඩායම් යම් යම් පලාත් හෝ දිස්ත්‍රික්කයන් තුල දකින්නට ලැබේ. මැතිවරන කොමසාරිස්ට අනුව පිලිගත් පක්ෂ 64ක් පවති. තීරනාත්මක මැතිවරනයකදි තම මතය ප්‍රකාශ කිරීම සඳහා, මේ සියළු පක්ෂ ඉදිරිපත් වුවහොත්, එහිදී ඇතිවන ස්වභාවය, ජනාධිපති තනතුර පවා විහිලුවක් වෙන තැනට පත්වේ යැයි හිතමි. අඩු වැඩි වශයෙන් එය සිදුවෙන අයුරු පහතින් බලන්න.

    මෙසේ ඉදිරිපත් වෙන කංඩායම් අපේක්ෂයන් ලබාගන්නා වාසිය නිවැරදිවම කීමට නොදනිමි. ආර්ථික වාසි සිට පිටරටක දේශපාලන රැකවරන ලබා ගැනීම දක්වා මේ දිවයන බව අසා තිබේ. බොහොමයක් මෙවැනි මාක්ස්වාදි කුඩා කංඩායම්වලට අනුබද්ධිත පක්ෂ මව් සංවිධානයන්ගේ ප්‍රධාන මෙහෙයුම් පිටරටවල් හී පවත්වා ගෙන යන බවත් අසා ඇත්තෙමි. මේ මැතිවරනවලට ඉදිරිපත්වීම තුලින්, අපි යමක් කරනවා යන පනිවිඩය ලබාදි, පක්ෂ නඩත්තුවට මුදල් ලබාගන්නටත් හැකි අවස්තා තිබේ.

    මේ කුඩා කුඩා කංඩායම් ජනාධිපතිවරනයට ඉදිරිපත්වීමේ ප්‍රවනතාවය දකින්නට ඇත්තේ 1999 ජනාධිපතිවරනයෙන් පසුවය. 1982දී ඉදිරිපත්වී ඇත්තේ අපේක්ෂයින් 6කි. 1988- 3කි. 1994-6කි. 1999-13කි. 2005-12කි. 2010-22කි. 2015-19කි. මොවුන්ගෙන් ප්‍රධාන අපේක්ශයන් හැර අන් සියල්ලම ඇපද රාජසන්තක කරගනී.

    මාක්ස්වාදි කංඩායම් ගැන කතාකලේ, පහරගැසීමේ අරමුණෙන් නොව ඒ ගැන ලියා තැබිය යුතු නිසාය. මේ කංඩායම් සතු ඡන්ද පදනම් ගැන ලියන්නට පෙර, මේ කංඩායම් ක්‍රියා කරන අයුරු විමසීම වටී. නව සම සමාජ පක්ෂය සුන්දරම් මහේන් ද්‍රන් නමින් අපෙක්ෂකයෙක් ඉදිරිපත් කර තිබේ. නමුත් නසසප නායක වික්‍රමබාහු, මෛත්‍රී වේදිකාවේය. නසසප තව කොටසක්, පෙරටුගාමීන් සමගය. තම මතය ජනතාව තුලට ගෙන යන්නේ යැයි කියන තර්කයට මින් ලැබෙන පිලිතුර කුමක්ද? පෙරටුගාමින් මින් පෙර ඡන්දවලට ඉදිරිපත් නොවුනේ, ඔවුන් ඒ වෙනකොට සංවිධානයවී නොතිබුනු නිසා යැයි හිතමු. ඒ නිවැරදි යැයිද සිතමු. ඌව පලාත් සභා ඡන්දයේදි, සංවිදානය නොවී තිබු ඔවුන්, ජනාධිපතිවරනයට මේ ඉක්මනින් සංවිධානය වූයේ කෙලෙසෙද? තවත් අපේක්ෂකයෙක්වූ සමාජවාදි සමානතා පක්ෂයේ මහතා කියන්නේ, පෙරටුගාමින්, සමාජවාදය හැර අන් සියල්ලක් ගැනම ලියූ අත්පත්‍රිකාවක් මුද්‍රනය කර ඇති බවකි. තවත් අපේක්ෂකයෙක්වූ සිරිතුංග ජයසූරිය කියන්නේ, පෙරටුගාමින් “වමේ පොදු අපේක්ෂකයා” ලෙස හඳුන්වා ගැනීම නිවැරදි නොවන බවය. මෙවැනි න්‍යායාත්මක වෙනස් කම් මත ඔවුන් කංඩායම් කිහිපයක් ලෙස ඉදිරිපත්වේ.

    2005 ජනාධිපතිවරනයට ඉදිරිපත්වූ සිරිතුංග ජයසූරිය මහතා ඡන්ද 35426ක් ලබාගනී. 2010 දී 8352 ක් ලබාගනි. 1994දී නව වාම පෙරමුණ ලෙස පැමින ඡන්ද 23668ක් ලබාගන්නා අය, 2010දී බාහු ජන්දයට පැමින 7056ක් ලබාගනී. 2005දී සමාජවාදි සමානතා පක්ෂය ඡන්ද 3501 ගෙන, 2010දි එය 4196 දක්වා රැගෙන එයි. 2015 ගැන පසුව විමසා බැලිය හැක.

    තවත් කරුණු ලියා තැබීමට කාලය හරස්වේ. තම මතය ජනතාව තුලට ගෙන යෑමට කුඩා මාක්ස්වාදි කංඩායම සමත් වී තිබේද? මතය ජනතාවට ගෙනයාම සඳහා, මීට වඩා සුදුසු ක්‍රමවේදයන් නොවේද? අවසන් වශයෙන්….1982 ජනාධිපතිවරනයේ සිට 2015 දක්වා ස්වාධීනව නිරීක්ෂනය කර බැලුවහොත්, වාම ප්‍රවනතාවයක් ඇති පක්ෂ කංඩායම්, වසරින් වසර කුඩා කුඩා කංඩායම්වලට බිඳීයම නොපෙනේද? සමසමාජය, කොමියුනිස්ට් පක්ෂය මේ ඡන්දය නිසා නැවත කොටස් කැඩී වෙන්වී ඇත. ඒ කැඩුනු කොටස් වෙනමම තම මතය ඉදිරිපත්කරන්න ගියානම් බැලට් පේපර් එක අඩි දෙකක්වත් දිග්වෙනු ෂුවර්ය.

    මගේ අදහස නම් තම මතයන් ජනතාව තුලට ගෙනයාම සඳහා මීට වඩා දියුණු ක්‍රමවේදයන් භාවිතා කලයුතු බවයි. මාක්ස්වාදි කංඩායම්වලට නම් කතාකරන්න මතයක් හෝ ඇති බව දණිමි. එසේ නොවන අනිකුත් කංඩායම්නම් විකාරයක් මිස අන් කවරක්ද යැයි කියා සිතේ. සාධනීය අදහස් පලකරන උදවිය්ද ඔය බැලට් පේපර් එක තුල සිටින්නට හැකිය. මේ අවස්තාවේ පොදු ජනයා ඔය කිසිවෙකුටත් සවන් දෙනවාද යන්න නම් ප්‍රශනයකි. නාළිකා තුල දේශපාලනික සංවාදයන් මේ වනවිට, ඒක පාක්ෂික හෝ ද්වි පාක්ෂික වී හමාරය. ජනතාව ඇහුම්කන් දෙන්නේ ඒ පොරය ගැන පමනක් නිසා එසේ වෙනවාදයි දන්නේ චැනල් කාරයෝ පමණි.

    • Ajith Dharma says:

      මචන් මෙතැනදී සමහර පක්ෂවල ක්‍රියාකාරිත්වයන් මම තරමවත් උඹ නොදන්නා බව පේනවා. ම පලෙනියට එකක් කියන්නම්. ඔය පෙරටුගමින් කියන එක ලියන්න එපා. මන් එක මුලිනුත් කිව්වා. එම්බා දන්නවා මට අමුතු අමාරුවක් නැහැ ඒ අය ගැන. නමුත් අපි දේශපාලන වාමාංශික කුහකත්වයෙන් තොර විය යුතුයි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය කියන්නේ ඔය දීප්ති කුමාර ගුණරත්න නායකයා වෙලා ඉන්න එක. මම පෙරටුගාමීන් කියන්නේ ඔවුන්ට.
      ඊළඟට දුමින්ද නාගමුව ඉල්ලන එක පෙරටුගාමී සමාජවාදී පක්ෂය .එකට මම ලින්නේ පෙසපේ කියල. එහෙම පොඩි රූල් එකක් දා ගමුද.
      //නමුත් මේ සියළුම කංඩායම් හිටිවනම මතුවන්නේ, ජනාධිපතිවරනයක බැලට් පේපර් එක තුලින් වීම අරුමයකි// මෙන්න මේක සාධාරණයි සිරිතුංගගේ එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානත් පක්ෂය ගත්තම., නමුත් දීප්තිගේ පෙරටුගාමී පක්ෂය ලංකාවේ හේගල් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්තුවා. කියවන කට්ටියට හොඳ පොත් වගයක් පල කලා. සමබිම සම්මන්ත්‍රණ කලා.
      එතකොට පෙරටුගාමී සමාජවාදීන් පෙසපේ , උද්ඝෝෂණ හුඟක හිටිය. රතුපස්වල, විශ්ව විද්‍යාල උද්ඝෝෂණ, ධිවර උද්ඝෝෂණ, මුස්ලිම් අයට ගහනවට විරුද්ධව මේ වගේ. ඒ නිසා උන් සම්බන්ධයෙනුත් උඹේ ඔය කතාව සාධාරණ නැහැ.
      මගේ ප්‍රශ්නය තියෙන්නේ මේ වමේ උන් බෙදිලා තියෙන්නේ අර උඹ කියනවා වගේම පිටරටවල උන්ට සල්ලි දෙන එවුන්ගේ බලපෑම නිසා හා (සමහර ඒවා සිරිතුංග විජේ ඩයස් වගේ) එහෙම නැත්නම් ස්වයන් නිර්නන අයිතිය ඉස්සරහට දාල. තමන්ට එකතු වෙන්න බැරි රැලක් මිනිස්සු එකතු කරන්නේ කොහොමද?

      • අජිත්,
        මම හිතන්නෙ අරූ කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන මිසක් පෙරටුගාමී පක්ෂය ගැන නෙවේ. පෙරටුගාමීන් හැමදාමත් යම් කතිකාවක හිටිය බව ඇත්ත. ඔවුන් මෙදා ඡන්දෙට නෑ.
        නමුත් පෙරටුගාමී සමාජවාදීන් නං කිසිම ප්ලෑනක් නැතුව ගහපු ගේමක් කියල කියන්න පුළුවන්. කුමාර් ගුණරත්න ඕස්ට්‍රේලියාවට යාමත් එක්ක ඒකෙ ඉඳපු කාඩර්වරුන් විසිරුවා හැරිය. දැන් මේ මැතිවරණයට ඔවුන් එන්නෙ පක්ෂය ප්‍රතිසන්ධානයකින් තොරව. අරූ කිව්ව කතාව ඇත්ත කියල හිතෙන්නෙ මේ ගැන අපිත් ටිකක් දන්න නිසා.

        අරූ,
        දැන් හුස්ම ගන්නයි ඕන. එකෙන්ම එකඟයි.

      • Ajith Dharma says:

        රාජ් මන් දන්නවා අරූ කා ගැනද අදහස් කලේ කියල. මම සාමාන්‍යයෙන් ඒක හරියට ලියන්න කියල තමා ඉල්ලුවේ. නැත්නම් සමජවාදී පක්ෂය කිව්වම එක්සත් සමාජවාදිද , පෙරටුගාමී සමාජවාදිද කියල දන්නෙත් නැහැනේ. පෙසපේ පක්ෂ ප්‍රතිසන්ධනයක් කලා කියල මම හිතුවේ, වරුනල හෙම ගියේ ඒ නිසා නොවෙයිද ?

  11. Ajith Dharma says:

    අරූ මම නම් හිතන්නේ මෙතැන කොමෙන්ටු දාපු අපේ බ්ලොග් යහළුවන් හා ඔබත් සමාජවාදය යන්න ගැන සිතන්නේ බොහොම සෘණ විධිහට කියල. මචන් උමබ කොහොමත් දන්නා මට සමාජවාදයක් අවශ්‍ය නැති බවත් මට මේ ඉන්න විධිහට හොඳින් ජිවත් විය හැකි බවත්. නමුත් මම නම් සමාජවාදය ගැන කතා කරන්නේ කලකිරීමකින් නොව ධනවාදී සමාජයක දියුණුවේ කෙළවර කොමියුනිස්ට් වැඩි සමාජයකැයි මම සිතන නිසා. එම අදහස ආවේ ම ඉගෙනගත් හා සු දුටු දේ අනුවයි. ඔබල සමාජවාදය නිර්ණය කරන්න යන්නේ ලංකාවේ අත්දැකීම අනුවයි. ප්‍රශ්නය ඇත්තේ එතනය.
    අනිත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ ත්‍රීවිල් පක්ෂය කියන සමජවාදී පක්ෂ අතර හොඳ කීපයක් තිබෙන බව මම සිතමි. මගේ එකම ප්‍රශ්නය එකක න්‍යාය හූන්ද වන විට අනිකේ න්‍යාය හා අධ්‍යාපනය වලපල්ලේ තිබීමත්, එකක් ප්‍රයෝගික වන විට තව එකක් අතිශයින් පොතේ ගුරු වාදීන් වීමත්ය. මේ දෙක හරි ගන්නට සංකලනය කර ගෙන යන්නට හරි හමන් නායකත්වයක් වමේ පක්ෂ තුල නැති වීම කණගාටුවට කරුණකි.
    ඒකාධිපතිවාදය අවසන් කිරීම හොඳ යයි මත සිතමි.

  12. jp says:

    දේශපාලන මතවාද ගැන තර්ක ඉදිරිපත් කිරීමට මට දැනුමක් නොමැත. එහෙත් සමාජවාදය දර්ශනයක් හැටියට ප්‍රජාන්ත්‍රවාදයට වැඩියෙන් ප්‍රියකරමි. ඒ එහි දවටනයේ ආකර්ශනය නිසාද නැතිනම් මදයේ රස නිසාද කියා මට නියත වශයෙන්ම කිව නොහැක.
    මාගේ පෞද්ගලික අදහස නම් ලාංකීය සමාජය (අඩු වැඩි වශයෙන්) තවම ඉන්නේ රාජණ්ඩු ක්‍රමයක් ප්‍රියකරන තත්වයේ බවයි. සමාජයන් පරිණාමය වෙද්දි විවිධ දේශපාලන ක්‍රම වලට, විවිධ මට්ටම් වලදි ආකර්ශනය වේ යයි මම සිතමි.ලාංකීය සමාජය බලෙන් පරිණාමය කල නිසාදෝ, පරණ ලෙඩ වලට හරියට ප්‍රතිශක්තිකරණය වී නැත.
    මේ සටහනේ මා කැමතිම කොටස ඔබ වාතය ගැන කල කතාබහයි. ආශ්වාසයට අවැසි වාතයේ සංයුතිය ප්‍රාශ්වාසයේම ඵලයක් බව අපට බොහො විට අමතක වේ

  13. sanjeewa says:

    ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි.

  14. දේශපාලන කතා නම් කම්මැලියි .. හැබැයි දැන් දැන් මේ සිද්ද වෙන දේවල් වල පොඩි ආතල් එකක් තියෙන නිසා උනන්දු වෙලා බලනවා .. හෙහ් හෙහ් මම දකින විදියට සැමට එක සේ සලකන සමාජවාදයක් ඇත්තටම ඇති වන්නේ මිනිස්සු ආර්තික්වයි , මානසිකවයි දෙකෙන් ම දියුණු වුනාම … මානසිකව දියුණු වෙන්න ඒ කියන්නේ , අනිත් පුද්ගලයා ගැන අනුකම්පාවෙන් බලන්න කලින් තමන් ස්ථාවර තැනක ඉන්න ඕනේ .. තමන් අමාරුවෙන් ගැට ගගහා අනුන් ගැන කතා කරන ගොඩක් මිනිස්සු අන්තිමට තමුන්ගේ කාලෙත් කාලා අනිත් මිනිහවත් වලට දානවා කියලයි මට හිතෙන්නේ .. නමුත් තමන් ධනවාදෙන් දියුණු වෙලා පස්සේ සමාජය ගැන හිතල සමාජය වෙනුවෙන් බොහෝ දේ කරන මිනිස්සු ඉන්නවා .. ඒ මිනිස්සුන් ගේ චින්තනය ධනවාදී වෙන්න පුළුවන් හැබැයි ක්‍රියාව සමාජ වාදියි (මම සමාජවාදේ කියන්නේ මොකක් ද කියලවත් දන්නේ නෑ .. හැබැයි මම හිතන්නේ මෙහෙම ).. මම කිව්වේ මහ රජා වගේ දියුණු වෙන අය ගැන නෙවෙයි .. ආකල්ප වලින් ධනවාදී ලෙස හිතල සාධාරණව දියුණු වෙන මිනිසුන් ගැන ..

    රටේ සිස්ටම් එක ගැන නම් කියන්න ඒ හැටි තේරුමක් නෑ .. නමුත් අජිත් ගේ කොමෙන්ටුවේ මෙන්න මේ ටික තමයි මගෙත් අදහස [ධනවාදී සමාජයක දියුණුවේ කෙළවර කොමියුනිස්ට් වැඩි සමාජයකැයි මම සිතන නිසා]

    • Ajith Dharma says:

      එතන කොමියුනිස්ට්වාදී සමාජයක් යනුවෙන් නිවැරදි විය යුතුයි.

      • Ajith Dharma says:

        මමත් ඔබට එකඟයි පැතුම. මම කොමියුනිස්ට්වාදී සමාජයක් කියන්නේ භාණ්ඩ වලින් විතරක් නෙමේ. හැම දෙයක්ම නැති වුනත් ආකල්ප අතින්, අනික් මිනිස්සු ගැන හිතන විධිහ මිට වඩා වෙනස් , compassion එක තියෙන මිනිස් සමාජයක්. මේ තිබෙන ධනවාදී ක්‍රමයෙන්ම ඒක හැදෙන්න පුළුවන්. මාක්ස් නුත් එහෙමනේ කිව්වේ. බුදු හාමුදුරුවෝ , යේසුස් වගේ ආගමික ශාස්තෘන් නුත් ඔකමනේ කිව්වේ.

  15. වික්‍රමබාහු හැර වෙන වාමන්ශිකයෝ දැන් ලංකවේ නැහැ අරූයියේ.

  16. වයලීනෝ says:

    හනේ මන්දා අරූ අන්කල් මාමා මොනවා කියනවද කියලා . මටනම් දේශපාලනය අරහං . ඒ නිසා ඔය වාද ගැන එච්චර අයිඩියා එකක් නෑ . දන්නේ නියුටෝනියානු වාදය ක්වොන්ටම් වාදය පානදුරා වාදය වගේ වාද තමා . හොඳ දේශපාලනය කියලා හිතේ මැවෙන රූපයේ තියෙන්නේ ඉස්සර තිබ්බ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන එක තිබ්බ කාලේ තිබූන දේශපාලනය ගැන තමා . ඒක අයිති මොන වාදයටද කියලා කියන්න බලන්න දන්නවනම් 🙂 🙂

  17. Pra Jay says:

    සමාජවාදය / මාක්ස්වාදය වැඩිදියුණුවී ව්යාප්තවීමට හේතුවන්නේ එකල ලන්ඩනයේ තිබූ ලිබරල් හා දාර්ශනික වාදී පරිසරය හා සාර් රුසියාව අසාර්ථක රාජ්යයක්වීම නේද?
    එක් අදිරාජ්යවාදී ධනේශ්වර රට තිබූ හොඳ සහ වෙනත් එවැනි රටක තිබූ නරක නිසා 🙂

  18. katussaa says:

    සමාජවාදේ ගැන මගේ දැනුම ගොඩක් අඩු මට්ටමක එකක්.ඒත් මේ රටේ මිනිස්සුන්ට සමාජවාදේ එපා කෙරෙවුවේ ඔබ ඔය කියන ලන්ඩන් උගත් ලාන්කීය සමාජවාදීන්මයි නේද?මට තේරෙන විදිහට ඔවුන් කරපු ලොකුම මෝඩ වැඩේනම් අඳ ගොවියන් සදහා ගෙනා පනතයි.(මේකෙ නම මතක නෑ මට.ගෙනාපු කෙනා ඒ කාලේ කෘෂිකර්ම ඇමති.හිතන විදිහට රොබර්ට් ගුණවර්ධන වෙන්න ඕන ).ඒකෙන් උනේ ලන්කාවේ ධනවතුන් සමාජවාදය ගැන කළකිරවපු එක විතරයි.ඒ වගේම මිනිස්සු පෝළිම්වල දුක්විඳිද්දි ආණ්ඩුව ඇතුලේ උන්ට ඔය කියන සමාජවාදේ බලනොපාපු එක.මේකෙන් උනේ මිනිස්සු සමාජවාදී දර්ශනයෙන් තවත් ඈත් වුන එක.කොටින්ම කියනවනම් ලන්කාවේ සමාජවාදීයෝ මුල වරද්ද ගත්තා.උන් සමාජවාදී දර්ශනය ,ලන්කාවේ සිස්ටම් එකට අනුගත කරන්නේ නැතුව ඉගනගත්තු,අත්විඳපු දේවල් ගෙඩිපිටින් මිනිස්සුන්ගේ ඔළුවට අතෑරියා.ඒත් ඒක ඒකාලේ සරළ ජීවිත ගතකරපු ලාන්කීය සමාජයට ඔරොත්තු දුන්නේ නෑ. බුදුදහම වගේ සමානාත්මතාව වපුරන ආගමක් හිස්මුදුනෙන් පිළිගන්න මිනිස්සුන්ට ,සමාජවාදේ මාර්කට් කරන්න බැරිවුන එකට වගකියන්න ඕනෙත් ,අරූ අයිය ඔය කියන ලන්ඩන් පණ්ඩිතයොම තමයි.
    හැමෝටම එකවගේ සලකන ,හැම පුරවැසියෙක්ම එකයි කියන සිස්ටම් එකක් ගැන මම වගේම තව ගොඩක් දෙනා තාමත් හීන දකිනව.ඒත් පවතින කුමන හෝ ආණ්ඩුවකට හේත්තුවෙලා තමන්ගේ ගොඩ වැඩිකරගන්න හෙළුවෙන් උනත් යන්න ලෑස්ති අන්කල්ලා ටිකකගේ නායකත්වයක් ගැන විශ්වාසයක් තියාගන ඔය වැඩේට කරගහන්න අපිට පුළුවන්ද?

    කොහොම වුනත් තාම අවුල්වෙලා නෑ කියලපෙන්නන්න හරි මෙහෙම හරි පෝස්ට් එකක් අතාරින එක ලොකු දෙයක්……

  19. සිරා says:

    දැන් ඔය වමේ අපේක්ෂකයන්ට නෝනගෙ ඡන්දයවත් ලැබෙයිද….

  20. හොඳටම අවුල් වී ඇති සෙයකි…
    සමාජවාදයේ භාවිතය යහපත් පාලනයක් ගොඩ නැගීමනම් (ඔවුන් කියන අයුරු) ඔවුන්ටවත් එක මතයක් දරන්න බැරිකම මට ටිකක් ඇඟට දැනෙනවා…
    සමාජවාදයේ එක් එක් පැතිකඩවල් තියෙනවද… එහෙම නැත්නම් සමාජවාදයත් දැන් කඩමාළු වෙලා කියන එක නෙමෙයිද අපි මේ දකින්නේ…

  21. අම්මපා තේරෙන්නේ නෑ අයියේ…සමා වෙන්න.
    අපි ඉතිං පොඩි කොල්ලොනේ නැද්ද..ඒක නිසා වෙන්න ඇති…
    හික් හික්…..

  22. //මූලික අවශ්‍යතාවයවූ නිදහසේ හුස්ම ගැනීමය.//

    ඔව්, හුස්ම ගැනීම යනු ඔක්ෂිජන් අරන් කාබන්ඩයෝක්සයිට් පිට කිරීම නොවේ. අධෝමුඛයෙන් සල්පර් ඩයෝක්සයිට් පිටකරන (ඒකාධිපතියන්) උන්ව එළවා දැමීමත් කළ යුතුය.

  23. අරූ,
    කරදරයක්ද? ‍බ්ලොග් එපාවෙලාද?

  24. සිරා says:

    මම හිතන්නෙ මේ තරම් උද්වේගකර ජනාධිපතිවරණයක් මින් පෙර ලංකාවෙ තිබිලා නෑ…

  25. අරූ අයියට සුබ නව වසරක් වේවා

  26. අපේ අරූට සනීප වෙලා ! අපිටත් උන හැදිලා තිබුණෙ අරූට තවම සනීප වෙලා නෑ නේදැයි සිතමින් හරි දුකෙන් හිටියේ .

  27. හොරාගේ සිතුවිළි says:

    කියවල අපිත් මඤ්ඤං උනා මාරු අදහසක් 🙂

Leave a reply to kathandarakaraya Cancel reply