නිහඬ විප්ලවය සහ නිහඬවු මා……….

ආදරනීය මිතුරනි.
නිහඬ විප්ලවයක ප්‍රතිපල ආදරයෙන් දකින්නෙමි. විප්ලවයව නිහඬ යැයි කියනා නිසාම, මමද කටහඬ අවදි කරේ බ්ලොග් තුල නොව, එංගලන්තයේ සිට දුරකතනයෙනි. මම බොහෝ දේ කතා කලෙමි. මම සතුටුවන්නේ මා රට වෙනුවෙන් දැක්වූ දායකත්වයටය. කිසිදු පෞදගලික බලාපොරොත්තු මා සතු නොවීය. ඒ කාගේවත් පිට පැට නොවීම මා සතුය. ඉදිරිය තීරනාත්මකය!!! නමුත් මා නිදහස් මිනිසෙක් බව හැඟේ.

අට ඉවරය! හෙට අප වෙනුවෙන්ය!! හෙට අප වෙනුවෙන් කියන්නේ, මේ අට වෙනිදා නිදහස් කල අහිංසක රට වැසියා ගැනය. තව දුරටත් ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන්නේ කෙසේද කියා, පෙරදා ලෙසින්ම බලා සිටින්නෙමි. අවස්තාවාදි මඩ ගොහොරුව තුල දඟලන මඩකරියන්ද, වැලි අස්සේ සැඟවෙන වැලි ගොව්වන්ගෙන්ද, ඔළුවේ ගූ ඇති ඉස්සන්ගේද බේරී සිටීම හැර, නිදහස් මතකයකින් හැසිරීම ලෙහෙසි පහසු නොවන බව මම වටහා ගත්තේ , නිදහස් යැයි කියනා බ්ලොග් ලෝකය තුලින්මය. ඒ මගේ ඇති පටු ආකල්පය නිසා යැයි කිසිවෙකු කිව හැක. නමුත් එය නිවැරදි නොවන නිසා මම නිහඬ වුනෙමි. මම බ්ලොග් ලෝකයට වඩා වෙනස් ආකරයකින් ඒ වෙනුවෙන් දායක වුනෙමි. මේ නිහඬ විප්ලවයට, ඉතා නිහඬව දායක වීමට ලැබීම මගේ පරම්පරාවේ මෙහෙවර ලෙස මම දකිමි.

මෙවන් ගමනකට ඉඩ පාදාදුන් සමස්ථ ජනතාවට මම සුබ පතන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ කෲර ඒකාධිපතියට විරුද්ධව හඬ නැගීම වෙනුවෙන්ම පමනි!!!නැවතත් මගේ ප්‍රණාමය!!

රාජකාරී කටයුතු නිසාවෙන් දැනට නිහඬ වෙනුමුත්, අදහස් තුලින් කිවයුතු වන්නේ, රට මොකාට ගියමුත්, ජනතා බලය, එක එකාගේ අතට පැවරීමට, අප සුදානම් නොවිය යුතුය බවය. මේ මෑතකදි පටන්ගත් හුටස්පර අළුත් රස්සාවෙන් පොඩි නිදහසක් ලැබුනු දවසක, මම අවුල් නොවී ඔබ හමුවන්නෙමි!!!!!

අවස්තාවාදයට තිත තබමු…..හැබෑ මිනිසා හඳුණාගමු…ඒ වෙනුවෙන් මඩකරි හිස් සහ බඩපිරි කුස් සහිත, නිවටයින්ගෙන් තොර ලෝකයක් සහ නිර්ව්‍යාජ බ්ලොග් ලෝකයකට සුභාසිරි!!!!!!!!!!

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

34 Responses to නිහඬ විප්ලවය සහ නිහඬවු මා……….

  1. katussaa says:

    නැවත පැමිනීමට ජය වේවා…..
    අවුල් නොවුන මතකයන් වෙනුවෙන් අපි බලා ඉන්නවා.

  2. හෙහ් හෙහ් පෙර්ලුනා කියලා හිතුවට තාම හරියටම පෙරලිලා නෑ වගේ..ඔය උඩ එන්න දගලන්නේ..

  3. අප්පට සිරි අරු අයියා ..දැකීමත් සතුටක්

  4. Anonymous says:

    චෝදනාව දරුණුයි… මෙහෙම ලිව්වාම ඔක්කෝම එක ගොඩට වැටෙනවා.. ඒත් බ්ලොග් වලිනුත් යම් කිසි මෙහෙයක් උනා කියලා පත් වූ රජයත් පිලිගන්නවා. කිසිම තැනක එක මතයක් පමණක් රජයන්න නරකයි. අපි හුරු වෙලා තියෙන්නේ ඒකට. අරූ එංගලන්තයේ ඉඳලත් එවන් මානසිකත්වයක සිටීම ගැන බොහොම කනගාටුයි.

  5. madhumadhavi says:

    ඔබ දැකුමෙන් අප පින්කල බව දැනිනි. එන්න අනේ තියෙන දෙයක් කාලා ඉමු.

  6. අරූ අය්ය සතුටක් දැකීමත්…. හුටප්පර රස්සා අස්සෙ හුට්ටප්පර ලිවීමටත් කාලයක් හදාගත්ත නං හොදයි කියල හිතෙන්නෙ නැද්ද… ඒත් ඔය වයසට මාන්සි වෙන්නත් බැරිව ඇති නේහ්… හිහි……………

  7. sanjeewa mendis says:

    අපි බලාගෙන ඉන්නවා අලුත් දෙයක් ලියනකන්..
    එල ද බ්‍රා

  8. Pra Jay says:

    Nice to see u again !

  9. Anonimus says:

    දෙවියන්ට ස්තුති වේවා
    මම හිතුවෙ කූරිය ගහල කියල

  10. කුරුටු ගෑ ගී පවුර says:

    අරූ……………………….

    කොහේ ගියාද කියලා අපේ කුරුට්ටෝ හැමදාම අහනවා… ඔබ නැති බ්ලොග් අවකාශය හිස් බවක් දනවනවා…. ඔබේ අදහස් අපි හැමෝම නිතර දිරිගන්වනවා…. හැකි හැම තත්පරයක් ම බ්ලොග් වෙනුවෙන් දෙන්න… ඔබට ජය……

  11. මෙන්න මේ අවුල් නොවී මේක ලියහන් අරූයියේ.සන්තෝෂ වෙන්න පුළුවන් විටෙක උඹ නිකං කණගාටුවෙන් මොකද ?

  12. බෙරෙන්නම බැරිතැන “මට උන” කියන වචන දෙකෙන් ඔබ වටිනා කතාවක් පවසන බව කාටත්වගෙ තේරුම් ගියා. රටේ බොහොම දෙනෙකුත් නිහඬව කතා කළා. ඔබ කාරය බුහුල වෙන්න ඇති. ඒත් අවුල්වන්නට පෙර ලිපි පෙළ තව දිගටම ලියවෙනවා නම් ඉතාම වටිනවා.

  13. අඩේ අප්පේ මෙන්න අරූ අයියා ඇවිත්.. නිකන් නෙවෙයි බ්ලොග් කාරයින්ටත් බැනගෙනම.. හැක් හැක්..

    මොකෝ අරූ අයියේ කේස් එක අවුල් වගේද? ඔය නැතුව අපි නම් ෆුල්ම අවුලෙන් උන්නේ. ඕව ගනන් ගන්න එපා අවුල් වෙන්න කලින් අවුල ගොඩ දාමු. ඔය හුටප්පර ඉවර වෙලා ඉක්මණට එන්න වාසනාව ලැබේවා! ජය ශ්‍රී!

  14. thushani says:

    වෙලකම් අරූ මාමා … කාලෙකින්. අපි මේ බල බල හිටියේ කෝ කියලා.

  15. අරූ යලි එනතුරු බලා සිටිමි .

  16. මේ පොස්ටුවනම් කොමෙන්ටුවක් ලියන්න තරම් වටින්නේ නෑ ගොයියෝ

  17. පැමිණීම සටහන් කලා…!

  18. Ajith Dharma says:

    ඔය නිර්ව්‍යාජ බ්ලොග් ලෝකය ? ඒ මොකක්ද? නිවටයින්ගෙන් තොර ලෝකයක්? මොකද බන් සිංහල චිත්‍රපටයක රඟ පාන්න හිතුනද? 🙂

  19. Anonymous says:

    මොනාද මේ කතා අරූ? බ්ලොග් කාරයො නොහිටින්න මහින්ද තාම ජනාධිපති.

    නැවත දැකීම සතුටක්.

    මම සෙන්නා.
    (උඹ නොලියපු හින්දා මට වර්ඩ්ප්‍රෙස් පාස්වර්ඩ් එකත් අමතක වෙලා. )

  20. wicharaka says:

    අප්පොච්චියේ…………………බ්ලොග වැහුවා කියමුකෝ…………… මං අහන්නේ පෝං එකත් වහලානේ. අම්මප මොකෑ ඒ.

    හරි හරි වැඩ තිබුනට කමක් නෑ. ඔන්න ඔහේ පටන්ගම්මු ආපහු අර ජීවිත කතාව කොටන්ඩ.

  21. deshakaya says:

    අව්‍යාජ බ්ලොග් ලෝකයක් ලැබෙන්න කියල හිතන්නේ මොකක්ද?? ප්‍රැක්ටිකල් නෑ නේ බං.. අපි වගේ මඩ කරියෝ ජහමයෝ ඉදිද්දි කොහේද අව්‍යාජ බවක්.. කෝම උනත් ටියුන් කරගනිං.. උඹ නැතිව හම්බ පාලුයි..

  22. sudeeka says:

    මොනවද මේ කතා. ආපහු නතර කල තැනින් පටන් ගනින් අයියේ. දේශපාලනය බ්ලොග් එක තුල නොලිය යුතුයි කියලා හිතාගෙන ඉඳලා, උඹට එහෙම නොකර එෆ්.බී. එකෙන් කරපං කියපු මටත් දේශපාලන පොස්ට් ලියන්න හිතුණා. අපි කරන්නේ අපේ හිතට හරියි කියලා හිතෙන දේ. දැන් අටවෙනිදා පහු වෙලා. අපි කවුරුත් හිටපු තැන් වලට ඇවිත් දැන් ආපහු. උඹත් එන්න ඕනේ. මේකේ පටු වාද භේද තියෙන්න බෑ.

  23. වෙල්කම් බැක් වේවා! අපි කොච්චර පාලුවෙන්ද හිටියේ!

    නිර්ව්‍යාජ බ්ලොග්??? වර්චුවල් චරිත කියන්නේ නෙලුම් මලෙන් උපන් ජාතියක් යෑ. මෙතන ඉන්නෙත් රියල් ලෝකෙන් අහඹු ලෙස එක්කහු වෙච්ච කොටසක්. ආයෙ ආරේ ගති නෑරේ කියනවනෙ.

    වෙලාව තියෙන විදියට දිගටම ලියමු!
    මාත් බරපතල ලෙස ලියන්න කම්මැලි වීමේ චෝදනාවට ලක්වෙලා ඉන්නෙ.

  24. වෙල්කම් බැක් වේවා! අපි කොච්චර පාලුවෙන්ද හිටියේ! x 2 😀

  25. Anonymous says:

    test

  26. Anonymous says:

    මටත් උඹේ කාලෙකින් නෑහුණ කටහඩ අහන්න ආසයි.මමත් බ්ලොග් සැරීමෙන් දුරස්වෙලා උන්නා පහුගිය කාලෙ.තවමත් වැඩ ඉවර නැහැ.වෙනසක් වුණාද කියලා බලා ඉම්මු.සැළකිය යුතු මට්ටමෙන් මිනිස්සු කල්පනා කරලා වෙනස්වීමක් මේ පාර දකින්න ලැබීම සතුටක්.ඒත් මේ කල්පනාව නැති වෙන්න දෙන්න බැහැ.පක්ෂ නායකයො නෙමෙයි මිනිස්සුන්ට තමන් ආරක්සා වෙන්න මොනවද කළ යුතු කියන එක කල්පනාවට ගන්න උගන්නන්න ඕනි.(මිල උඩු කරපු පාන් කෑල්ලක් කමින්)

    • Anonymous says:

      මම නිශ්මං මචං ලිව්වට වර්ල්ඩ් ප්‍රෙස් යන්න අමාරුයි.උඩ ටික මගේ නම දාගෙන කියවපං අරූ…

  27. අරූ අයියේ උඹ තාම ඉන්නව නේද මයේ අම්මා , කොරන්ඩ තියන දෙයක් කොරල ඉක්මනට ආයෙත් මේක ලියහං සත්තලනේ

  28. DPK says:

    අවුල් වන්නට පෙර සීරීස් එක නවත්තපු තැනින් පටන් ගන්නේ කවද්ද?

  29. RanVan says:

    පෝස්ට් ටික නම් කියවල ඉවර කළා… ඒත් කෝ මේ අරු??? අසනීපයෙන් නම් ඉක්මන් සුවයත් අවිවේකයෙන් නම් විවේකී සුවයත් පතනව 🙂

  30. අවස්තාවාදයට තිත තබමු…..හැබෑ මිනිසා හඳුණාගමු…ඒ වෙනුවෙන් මඩකරි හිස් සහ බඩපිරි කුස් සහිත, නිවටයින්ගෙන් තොර ලෝකයක් සහ නිර්ව්‍යාජ බ්ලොග් ලෝකයකට සුභාසිරි!!!!!!!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s