යටත් බ්ලොග්කරණය…නව යටත් බ්ලොග්කරණය නොහොත් වරෙව් මහතුනේ කුණු කය වලඳන්න!!!

යටත් විජිතකරණය සහ නව යටත් විජිතකරණය යනු කුමක්දැයි බොහෝ දෙනා දන්නා කරුණක් බව මම සිතමි. මේ ලිපිය සමහරුන්ගේ සිත රිදීමකට භාජනය විය හැකි මුත් මම එය මෙසේම ලියා තබන්නේයයි සිතා ගතිමි. පළමුව මේ ගීතයට සවන් දෙන්න.

පද රචනය…පූර්ණ ජයශ්‍රී
ගායනය…..ප්‍රදීපා ධර්මදාස
සංගීතය….රෝහණ වීරසිංහ

කණට කොහොඹ මිරිකුවත් මම ඇත්ත ලියන්නට පසුබට නොවෙ

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

58 Responses to යටත් බ්ලොග්කරණය…නව යටත් බ්ලොග්කරණය නොහොත් වරෙව් මහතුනේ කුණු කය වලඳන්න!!!

  1. rasikologist says:

    වට්ස් අප් බොස්?

    • අනේ රසික බොස්, මම මාර උනන්දුවෙන් සහ උවමනාවෙන් ලියපු පෝස්ට් එකක්. අත් වැරදීමකින් ඩිලීට් වෙලානේ . මෙච්චරයි ඉතිරිවෙලා තියෙන්නේ. රසිකගෙ කමෙන්ට් එක නිසා ඒක දැක්කේත්. දැන් කොහොමද ආපහු ලියන්නේ. මම ඩ්‍රාෆ්ට් සේව් කරගෙන ලියන්නේ නැහැ සාමන්‍යයෙන් (අවුල හැර ). මාර දුකයි සහ අප්සට්. ආපහු ඒ විදිහටම ලියවෙයිද දන්නේ නැහැ තියෙන වෙලාව කචල් නිසා. සමාවෙන්න.

      • Anonimus says:

        වයිෆ්ගෙන් අහල බලන්න හැන්ගුවද දන්නෙ නෑ

      • ඉන්දික උපශාන්ත says:

        හෙහ් හෙහ්…ඔවට කියන්නෙ අරූ, සොභාවික වරණය කියල..

      • ////වයිෆ්ගෙන් අහල බලන්න හැන්ගුවද දන්නෙ නෑ/////////

        මචං ඇනෝ…..ගෙදර ගෑණි හංගන්නේ පෝස්ට්ස් නෙමේ…උඹට කියන්න ඕන නැහැනේ ගෑණු හංගගන්න කැමති එක ගැන : D

      • @ඉන්දික…..ස්වභාවික වාරණය කියන්නේ හීනෙන් යන එකටද බං? ඒකත් එක්තරා ස්වභාවික ආතල් එකක් 😀

  2. DGM බස්සා says:

    හුටා!

    • බස්සෝ….හුටා නෙමේ හුටෙන් හුටා!!!! බස්සන්ට හුටා නම් , දවල් හුටපු මට හුටේ හුටා 😀

  3. චැඃ………….හොඳ ආවේගයකින් ලියන්න ඇති කියලා හිතෙනවා මාතෘකාවෙන්ම. කොහොමහරි ටිකක් මතක් කරලා ආපහු ලියමුකො බලන්ඩ.

    • මචං විචා….ආවේගයකින් නෙමේ ලිව්වේ…සත්තකින්ම බුදු ෆිට් එකේ අජාසත්තලා ගැන. අජාසත්තලා රහත් වෙන්න් ඉස්සෙල්ලා දීපු ටෝක් උඹ අහලා ඇතිනේ. බලන් හිටපන් බ්ලොග් සසර ගැණ. මේක අහපන්! ලිව්වේ කවුද, සංගීතය කවුද කියලා මතකයක් නැහැ. හැබැයි ගායකයා නම් එඩ්වඩ් ජයකොඩි බව අපි කවුරුත් දන්නවා.

  4. Anonymous says:

    මොනා කරන්නද ආයෙම ලියපං
    හැලපයා

    • හැලපේ…..පහුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස් වලටත් උත්තර දීගන්න වෙලාවක් නැතිවුනා විතරක් නෙමේ, උඹලාව කියවගන්නත් බැරිවුනා.
      ////මොනා කරන්නද ආයෙම ලියපං
      හැලපයා///
      අහක ගිය දේ ගැන නැවත නොසිතන්න කියා අපේ අම්මා කියා තියෙනවා. ඒ පෝස්ට් එකත් එහෙමම තමයි! අපේ ඩඩා බෝයිනම් කිව්වේ අහක ගියා කියලා හිතන්නවත් එපා කියලා. ඒ නිසාම තමයි අපේ තාත්තා සරළ සුන්දරකාමියෙක් වෙලා තිබුනේ.ඕවා ඔහොම තමයි හැලපේ!!

  5. Ajith Dharma says:

    මට හිතා ගත්ත හැකි ඩිලීට් වෙච්ච හරිය. හික් හික්
    -මීට අරුගේ යටත් විජිතවාදී වයිස්රෝයි

    • //////මීට අරුගේ යටත් විජිතවාදී වයිස්රෝයි//////
      අජියෝ උඹත් එක්ක රංඩු වෙන්න මම හරි කැමතියි. උඹ දන්නවා මම රංඩු වෙන තැන්. උඹ හොඳ සුන්දරයෙක් බව මම දන්නවා. උඹේ ඉළක්කයත් මම දන්නවා. ඒ විප්ලවීය ටාගට් එකත් මම දන්නවා. හැබැයි මචෝ…මම එතන නැහැ යම් කිසි හේතු නිසා. හම්බුවෙලා කියයුතු දේ මෙතන ලිවීම සදාචාරාත්මක නොවන නිසා මේ ගීය අහමු!!

      උඹට තේරෙන තැනදි, උඹ පරක්කු වැඩිවුනොත්, මාව මතක් කරපන්. එතකන් මේක අහපන් 😀

      • Rasikologist says:

        ඒක බැලුවට කිසි ගතියක් නෑ, පරණ එකක්නේ.
        ඒක නොවෙයි මෙන්න මේක බලන්න!

      • ඔව් රසික ඒකත් හරි. පුක දීමේ නව්‍යතාවය..පුක දීමේ ලාලිත්‍යවය. හරි. හැම දේකම ලල් එකක් තියෙන්න එපැයි. එදාට වඩා පුක දීමේ කලාව ප්‍රගුණකිරීම. දියුණුවීමේ සලකුණු…පුක පළල් වීමේ මාර්ග…. මගේ වචන අප්සට්ද…..බ්ලොග්ස්වල මෙසේ ලිවීම අවර ගතියක්ද? මගේ බ්ලොග කුණු වලක්ය. අයියලා නැතිව මල්ලිලා බ්ලොග් යනු කුමක්දැයි හඳුණාගැණීම වුවත් මට සෑහේ. ඉස්සර නම් කකාලා අපට පුක හඳුන්වාදුන්නේ වෙන අරුතකින්ය. පුකට අයිතිය කකා සතුවිය. බ්ලොගට පුක දුන් කකා අද රසිකයකි. අද සිඩ්නි ටෝක් දෙන්නේ, එදා නවක බ්ලොග් කරුවන්ට පුක දුන් කකා අද රසිකයෙක් වීම දුකකි. නැත්නම් පුකකි. මේ ලියන මා ගැන වරදවා වටහා ගත යුතු නොවේ. මේ ලියන්නේ මට හැඟෙන දේමය.

      • Ajith Dharma says:

        මචන් මේක ලීවේ අවුල් වුනාට පස්සෙද ? කලින්ද? මොකක්ද බං මගේ අහවල් විප්ලවීය ටාගට් එක? මගේ විප්ලවයිය ටාගට් එක මම කසාද බදින්න කලින්ම සාක්ෂාත් කර ගත්ත. ඉඳපන් කෝ මගේ උපන් දින සාජ්ජේ ඉවර වෙනකම්. දෙන්නකෝ කුරුම්බස්ටි හැලෙන්න. කලින් කිවොත් උඹ එන්නැති වෙයි.චෙෆා නැතුව මම අනාථයි .

      • supirikrida says:

        මෙතනින් මාරුවෙනු ඊඑම්ඩී උපාලිගේ නාට්‍යයක්

  6. maathalan says:

    හුකෑස්…..

    • මාතා….හුකැස් නෙමේ බං නුහුකෑස් 😀 මේ යෝණිය ඩිලීට් නොවුනානම්, අද හෙට වෙනකොට අපි උඹලාට මගේ පෝස්ට් පෝස්ට් ekea බ්ලොග් බයිට් එකක් වෙන්න තිබුනා. මම ලිව්වෙත් කාගේ කාගෙත් සීතාම්ඹර සළු පේන විදිහ, ඇඳුම් ඇඳගෙන උදවියට පේන්න. අවාසනවකට මේක ඩිලීට් වුන. ආපහු ලියන එක තේරුමක් නැහැ. හැබැයි මම කමෙන්ට්ස් ඇතුලේ ලොකු උත්සාහයක් ගන්නවා, මගේ මතය නෙමේ ,අදහස ලෝකයට දෙන්න. ඒකයි මාතා, උඹේ අකුරු තුනේ හුකෑස් එකට මේ වගේ උත්තරයක් ලිව්වේ. කට තියෙන්නේ කන්න විතරක් නෙවේ, අදහස් ප්‍රකාශ් කරන්නත් කියලා මම හිතන නිසා

  7. මැලේ රාල says:

    ෂා……. ලියාගෙන ආපු කොමෙන්ටුවත් ඩිලීට් උනාද මන්දා

    • මැලේ රාල says:

      මොනවා උනත් මමත් ජාතික ගිය වගේ සලකන සින්දුවක්

  8. විදානේ says:

    නියම පොස්ට් එකක් අයියා.. හරිම රසවත්..
    ඇත්තටම මම ආසම ගීයක්..

    ජ ය වේ වා !!!!

  9. වයලීනෝ says:

    ඒ සින්දුවනම් මරු . පෝස්ට් ඒකත් මරු වෙන්නැති :p

  10. [im]https://www.google.co.il/search?q=DAUGHTER+GIVE+KISS+TO+FATHER&biw=1511&bih=705&site=webhp&source=lnms&tbm=isch&sa=X&ei=ctkrVdGREpPhaPS6gNgI&ved=0CAYQ_AUoAQ&dpr=0.9#tbm=isch&q=it+was+a+mistake+gif&imgrc=utipVS9Pxmr7qM%253A%3BJmLZKhS0ttdcKM%3Bhttp%253A%252F%252Fcdn2.crushable.com%252Fwp-content%252Fuploads%252F2013%252F12%252FHugh-Laurie-House-Oops.gif%3Bhttp%253A%252F%252Fwww.crushable.com%252F2014%252F01%252F20%252Fentertainment%252Factors-who-turned-down-big-roles-regret%252F%3B500%3B282[/im]

  11. හැමදේම වෙන්නෙ හොඳට කියනවනේ මචං……ගියදේ ගියාවේ…නැට්ට පිටින් අලි…..ම්හු ඕනේ නෑ…

  12. ලියපු ටික නැති උනාට ඒ හැටිම අවුලක් නෑ.. හෙඩිමයි සින්දුවෙයි කියන්න ඕනි වැඩි හරියක්ම තියෙනවා.. කකා ගෙ කොමෙන්ටෙක කියවනකම් මං ඇත්තටම හිතා උන්නේ සින්දුවයි මාතෘකාවයි විතරයි මුලු පෝස්ට් එකම කියල.. ගිය දේ ගියා.. අරූ අයිය ඊලඟ එක ලියමු දැන්..

  13. මචං, උඹට හරි අකරතැබ්බයක්නෙ වෙලා තියෙන්නේ. මම දන්නවා උඹ ටෙක්නිකල් දේවල් වලට එච්චර කැමති නැති බව. ඒත් නැතිවෙච්ච ලිපිය ආපහු ගන්න පුලුවන්. උඹ කැමති නම් මේටීක කරපං.

    මුලින්ම MS Text Document එකක් ඇරගනින්.
    ඊට පස්සෙ උඹේ බ්ලොග් පෝස්ට් එකේ යටින් තියෙන එඩිට් බටන් එක ඔබලා එඩිට් පි‍ටුවට පලයං.
    ඉන් පස්සෙ ඒ පි‍ටුවේ යටට scroll කරපං.
    උඹට දකින්න පුලුවන් ඒ ලිපිය වරින් වර auto save වෙලා තියෙනවා විනාඩි කීපයකට සැරයක්.
    ඒවායින් එකක් ක්ලික් කරපං.
    එතකොට උඹට දකින්න පුලුවන් උඹ ලියපු ලිපිය.
    ඒකෙ ඉස්සරහට පස්සට යන්න පුලුවන් බොත්තම් පේලියකුත් ඇති.
    ඒකෙන් ගිහින් ‍තෝරා ගනින් උඹට ඕනේ කරන වර්ෂන් එක.
    එතනින්ම පුලුවන් උඹට ඔන්නම් පබ්ලිෂ් කරන්න හරි වර්ෂන් එක.
    නමුත් ඊට වැඩිය හොඳයි, ඒක කොපි කරලා අර මුලින් ඇරපු ටෙක්ස්ට් ඩොක් එකේ අලවලා අලුත් පෝස්ට් එකක් හැටියට දාන එක.
    ඕනෙ පුකක්.
    සුබ අලුත් අවුරුද්දක්.

  14. sudeeka says:

    තේරුම් ගන්න අමාරුයි. සම්පූර්ණ එක වැටුණු වෙලාවක අදහස් දක්වන්නම්.

  15. Anonymous says:

    කා එක්කද මල පැනලා ඉන්නෙ ?

    සෙන්නා

  16. Kandyn says:

    ගිය හකුරට නාඬන්නේ කියල අලුත් එකක් ලියපං කළින් ලියපු එවයේ මතක තියන එවත් දාලා…

  17. Pra Jay says:

    ……………….සහ ……………………………………………හෝ …………………………….. !!

    සුබ අලුත් අවුරුද්දක්, අරූ

  18. බුරු says:

    මට මෙලෝ දෙයක් නොතේරේ…. ඒ තේරෙන්නේ නැතිකමම හොඳයයිද සිතේ…

  19. supirikrida says:

    ආයෙ සැරයක් ලියන්න බලපං.පහ්චාත්බාගයෙන් ලියන එවා නෙමෙයිනෙ.පපු කැනැත්තෙ ගුලි වෙලා තියන දේවල් නෙ උඹෙත් කැකැරිලා එළියට පනින්නෙ.එලියට දාලා හැඩ බලන්න දාන එවත් නොවන නිසා ඕක උඹේ බොක්කෙම හැංගිලා ඇති ඇලපිලි පා පිලි වචන දෙක තුනක් එහෙ මෙහෙ වෙයි ඒත් අරුත එමමනෙ බං අනුකම්පා කරල ලියපං අපි ගැන

  20. අනේ බං අරූයියේ ඕක මටත් වෙලා තියෙනවා.ඔක්කොම ලියලා පබ්ලිෂ් කරන්න විතරක් තියෙන එව්වා වෂ්ප වෙලා යනවා උන්හිටි ගමන්.:(

  21. අර හෙන්රි ගොයියා කියපු වැඩේ වත් කරලා පෝස්ට් එක ආපහු ගොඩ ගන්න බලමු…

  22. deshakaya says:

    උම දැන්මම අවුල් වෙන්න අරන් යකෝ. කාලය නාස්ති නොකර වැඩේ අහවර කරහං.. බර බර නොගා

  23. කාලයක් නැවතිලා……… යහ පාලනයෙන් නැවත බ්ලොග් ලියන්න ඇවිත්.

  24. කෝ අයියේ ඔයා මාත් කාලෙකින් අවේ පෝස්ට් එකක් කියෝලා හිනාවෙලා යන්න 😦

  25. කාලෙකින් අරූ ලිව්වෙ නැත්ද ?මෙක පස්සෙ බලන්නම් …

  26. හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ. අරු හොයහොයා සැරිසරන්න වෙලා අපේබ්ලොග්වල ඉන්නව අහම්බෙන් දැක්කෙ. වෙනද ලිපියක දැම්මාම මේල් එකක් වත් එනව.

  27. Dan says:

    අවුල් වන්නට පෙර සීරීස් එක ආයේ ලියන්නේ නැද්ද? අපි කියවන්න ආසාවෙන් බලා ඉන්නවා

  28. සික්. අපරාදේ………. ලියන්න ඉතිං ආයෙ…….
    http://hudekalasithuwili.blogspot.com/

  29. අරූ……………. ලිවීම නැවැත්තුවේ ඇයි…..????? අපි හැමදාම වගේ මතක් කරනවා….. අපිට මුල සිටම සහය වූ අයනේ….. ආයෙම ලියමුද???????

  30. තිස්ස දොඩන්ගොඩ says:

    අවුරුද්දක් වෙන්න එනව නොලියන්න පටන් අරන්…
    එහෙම කාල එනව තමා…
    ඒත් ලියවිල්ලක් කියවන්න තිබ්බනම් හොඳා…
    බලාපොරොත්තුවට අපට තියේ…

  31. මද්ද says:

    අයියෝ සල්ලි කෝ කතාව ඉතිරි ටික????????????????

  32. බන්‍ධුල කුදලාගම says:

    1/2

    නළුනිළි කැලගේ මඩ, කුණු, රොඩු ඈ නිසරු දෑ නො දොඩා, පෙරා පිරිපහදු කැරැ අරුත්බර, රසබර සරු දෑ පිළිසඳරට ගනී නම් එය සැබෑ “පෝටාවේ ඉසක්කළුවකි”.
    ==========================================================================================

    වියුණු ලොවැ හෙළ හවුලෙන් බස් පැනයෙක් විමසනු රිසි අරුණ පෙරේරාණෝ “පෝටාවේ ඉසක්කළුව” යනු කිමෙක් දැ යි පහදන්නට අපට ඇරයුම් කරති. හුදු හෙළයෙන් නො වැ “තේරෙණ” බසින් එනම්, පෙළ හා සකු දෙබසින් තත්සම හා තත්භව පද මුසු බසින් එවදන් යුග පහදන්නැ යි ද පෙරේරාණෝ ඉල්ලා සිටිති. අරුණ පෙරේරාණන්ගේ ඉල්ලීම අපි මෙලෙස ඉටු කරන්නෙමු. එසඳහා මෙම සටහන හෙළ, පෙළ හා සකු මුසු බසකින් මැ ලියැ වේ.

    “පෝටාවේ ඉසක්කළුව” යන වදන් මුසුව සුලබ වහරක් නො වේ. පෙරපර දෙදිග බස් වෙසරද මා සන් මිතු මයුරවිලයෝ ද එ බැව් පවසති. “පෝටාව” යන වදන නම් සම්මත වහරකි. “ඉසක්” හා “කළුව” යන්න ද එසේ මැ යැ. මෙහි එන ”ඉසක්” හා “කළුව” අදාළ පද බැඳියැ අරුත් බිණුම සමඟ නො පෑහෙන බැව් හැඟේ. “පෝටාවේ ඉසක්කළුවට” අරුත් බිණුමට පෙරැ වාපි තක්ෂණයැ වැව්කමැ සිප්යුරු වදන් කීපයක අදහස් විමසනු නිසි බැව් හැඟේ.

    අප ඉපැරැණි වාපි ශිෂ්ටාචාරයේ සුවිසෙස් පදනම වැව සමඟ බැඳී තිබිණි. ලොවැ පළමු වැව් තැනුවෝ හෙළයෝ යැ. පඬු අබා රජ කලැ තැනුණු අබය වැවට ද පෙරැ හෙළයන් විසින් වැව් බැඳි බව පුරාවිදු පිරිසුමින් තහවුරු වේ. “ගම යි, පන්සල යි – වැව යි, දා ගැබ යි” යනු ගැමි සංස්කෘතියැ සන් ලකුණෙකි. එයින් ද වැව යනු ගැමි දිවියැ පණනල යැ. එදවසැ පැරැණි වැව් තැනුවෝ තම සුරුවිරුකමින් මෙදවසැ මැවිසුරුවන ද මවිත කළෝ යැ.

    අප වැව් සිරි නරඹනු වස් බෝ විට රැඳෙනුයේ වැව් බැම්මැ මත යැ. ඒ වූ කලී වැව කැණ ලද පස ලා ගොඩනැඟි බැම්මෙකි. වැව් දිය රඳවා තබනු වැව් බැම්මෙන් සිදු වේ. වැව් දිය අවැසි පමණ පිටතට ගනුයේ වැව් බැම්ම ඔස්සේ සොරොව්වෙනි. වැව් බැම්මට මැ වැව් කන්ද, වෑ කන්ද, වෑ කණ්ඩිය ලෙස ද පැවැසේ. සකු/පෙළ වාපි බිඳැ එන වෑ යනු වැවට මාහැඟි හෙළ වදන යැ. වෑ කන්ද සවිමත් යැ. බිඳුණු කලැ විපත් යැ. අප තුරුණු කලැ කන්තලයැ වෑ කන්ද බිඳී වූ විපත ඉමහත් යැ.

    වැව් සිරි බැලුමට නිසි මැ අයුර නම් වෑ කන්දැ සිට බැලු කලැ දුර ඈතින් පෙනෙන අනෙක් පස සිට වැව දෙස බැලීම යැ. වැ‍වට දිය සපයන වැව් ඉහත්තාව පිහිටියේ එපසැ යැ. තුරු හිසින් සොබන වැව් ඉහත්තාව මැ වැව් ඉස්මත්ත සහ වෑ බඳ ලෙස ද හැඳින් වේ. ඉහත්තාවැ සිට වැව දෙසට මැ වන පෙදෙස වැව් තාවුල්ල යැ. ඉහත්තාවැ සිය වැවට ගලනා දිය වැවට ඇතුලු වන්නේ වැව් තාවුල්ල හෙවත් තාවල්ල ඔස්සේ යැ. වැව් දිය රැඳෙන සීමාවට හෙවත් ගිල්මට නුදුරු මැ පෙදෙස වැව් තාවුල්ල යැ.

    බෝ දුර අතීතයැ මා තුරුණු කලැ මම රජයේ සේව‍යට වන්නෙම් වැව් බැඳි රට රජරටැ විසුවෙමි. එකලැ මම බෝ වැව්හි තාවුල්ලට ද ඉහත්තාවට ද යනු පුරුදු වැ සිටියෙම් මනරම් වැව් සිරි වැව් තාවුල්ලැ සිට බැලියෙමි. මෙකලැ නම් වැව් තාවුල්ලට ද ඉහත්තාවට ද යනු තහනම් කැරැ වැට බඳිනු ලැබ ඇත. එය නිසි යැ. වැව් පෝෂක පෙදෙස් වන ඉහත්තාව ද තාවුල්ල ද සුරැකිය යුතු මැ යැ.

    අරුණ පෙරේරාණෙනි, මතු දැක්වෙන අස (කොටස) ඔබට ඉතා වැදගත් යැ. සිහි එළඹ කියවා සිහි රඳවනු මනා යැ. අපගේ විමසුමට අදාළ වැව් සැකැසුම මෙසේ සලකුණු කරමු:

    වැව් කන්ද ——————- වැව් දිය ——————- වැව් තාවුල්ල —– පෝටාව —– වැව් ඉහත්තාව

    සුවිසල් වැව්හි වැව් ඉහත්තාව සහ වැව් තාවුල්ල අතර සුවිසෙස් පෙදෙසකි. ඉහත්තා‍වැ සිට තාවුල්ල ඔස්සේ වැවට ගලන දියැ මුසු රොන් මඩ, රොඩුබොඩු ඈ නො නිසි දෑ ඉවත ලා එම දිය පෙරහන් කැරැ පිරිසිඳු කරන පෙනැහැරේ හෙවත් පෙනේරය වන්නේ මෙකී සුවිසෙස් පෙදෙස යැ. එ පෙදෙස “පෝටා වැටිය” හෙවත් “පෝටාව” නමි. පෝටා වැටිය වැල් පඳුරු පරඬැල් එක් වැ බැඳි පෙරහන් පවුරෙක් සේ යැ. එසේ නම් පෝටාව යනු වැවට ගලනා දිය පෙරා පිරිපහදු කරනා පෙදෙස යැ. පෝටාව බෝ විට කඳු බෑවුම් අසල බැඳි වැව්හි දැක ගත හැකි යැ. බදුලු දිසාහි ඉපැරණි පරඬවල් පෝටාව ඒ නම් ලදුයේ පෙර කී අරුතින් විය යුතු යැ. එබව මනා වැ දන්නා පුඟුලෝ දෙදෙනෙකි. ඔහුහු පෝටාවට නුදුරු පසල් දනව්වෙක ඉපිද වැඩුණහ. එකෙකු ළබැඳි උපුල් සාන්ත සන්නස්ගලයෝ යැ. අනෙකා නම මා නො ලියනුයේ එම නම දුටු සැණ පැරකුමුවන කුලප්පු වැ තප්පුලන බැවින් යැ.

    සබැඳි යි …

  33. බන්‍ධුල කුදලාගම says:

    2/2

    වැවට ගලන දිය පෙරා පිරිසිඳු කරන පෝටාව මැ පෝටා වැටි සේ මැ ඉස් බැමි හා ඉස් වැටි ලෙස ද හැඳින් වේ. ඒ වැව් ඉස හෙවත් වැව් හිස බැඳි බැමි ඈ අරුතිනි. අරුණ පෙරේරාණෙනි, “පෝටාවේ ඉසක්කළුව” නම් ඔබ හද බැඳි තෙලදසුන් කිරියපෙළට පෝටාව සබැඳෙන්නේ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙස” යන අරුතින් බව මා හැඟුම යැ. පෙරා පිරාපහදු කරනු ලබන්නේ කවරෙක් ද? ඒ එම කිරියපෙළට පැමි‍ණෙන නළුනිළි කැලැ අතීත මතක යැ; අදහස් උදහස් යැ; සිතුම් පැතුම් යැ; ආ ගිය තොරතුරු යැ .

    දැන් ගැටලුව ඉසක්කළුව යැ. ඉසක් යන වදන පැරුණි සාහිතයැ හිසක් යන අරුතින් යෙදේ. පූජාවලිකාර මයුරපාදයෝ “දැන් නුඹ මෙසේ වූ පරදාරාදි උදාර වූ පවු කොට නරකාදි වූ දුකින් මිදී කවර ක‍ෙලක නම් ඉසක් නඟන (හිස ඔසවන) සේක් දැ” ලෙස ද රතනාවලිකාර ධම්මසේනයෝ “ඒ යකා මකු කම් ඉවසා ගත නො හී කිපී ගොසින් භය නැති බුදුන්ට භයක් ඇති කෙරෙමී සිතා තමාගේ අත් වැබ් භයානක කොට මවන්නේ පර්වතයක් සා ඉසක් (වැනි හිසක්) ඇති …” ලෙස ද පවසති. ඉසක් යන්නට වහර අරුත් ලෙස මුදුන, ශිර්ෂය ද බිණිය හැකි යැ. ඉසක් යන්නැ ඉස ද අක් ද ලෙස විසඳ කළ කළ මතු වන අක් යන්නට අග (අක් මුල්), ඉවත/පිටත (අක් වෙරළ) ඈ අරුත් ද පවතී. එනයින් පෝටාවේ ඉසක්කළුව” යන තැනැ ඉසක් යන්නට නිසි අරුත “හිසින් ඉවතට” යන්න බව හැඟේ. එ සඳ “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ හිසින් ඉවතට” යන අරුත ඇති බව මා මතය යැ .

    අවසන් ගැටලුව කළුව යැ. කළුව යන්නට සුලබ අරුත අඳුර (වැහි කළුව ඈ) යන්න යැ. එනමුත් කළුව යන්නට වෙනත් අරුත් ද ඇත. කළුව යන්න වැව් බැඳි රටැ දන වහරැ හබල, පත්ත ඈ අරුතින් ද යෙදේ. එ ලෙස මැ කළුව යන්න හබල් ගෑම, පෙරට යෑම, ඉදිරියට යෑම යන අරුත් ද දේ. එනයින් “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ කළුව යන්නට නිසි අරුත “පෙරට/ඉදිරියට යෑම” යන්න බව හැඟේ. එ සඳ “පෝටාවේ ඉසක්කළුව” යන තැනැ “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ (පෙදෙසේ) හිසින් (මුදුනින්) ඉවතට ඉදිරියට යෑම” යන අරුත ඇති බව මා මතය යැ .

    පෝටාවෙන් ඉවතට, ඉදිරියට යන කලැ හමුවන්නේ පෙරා පිරිසිදු කළ වෑ දිය නිල්ල යැ. හෙළ බිමැ කෙත් වතු සරුසාර වැ වැඩුණේ ඒ සුනිල දියෙනි. පෝටාවෙන් ඉවතට, ඉදිරියට යන කලැ කුණු රොඩු, මඩ රොඩු, වැලි රොඩු ඈ නො නිසි දෑ නම් හමු නො වේ. අරුණ පෙරේරාණන්ගේ හද බැඳි තෙලදසුන් කිරියපෙළට “පෝටාවේ ඉසක්කළුව” යන්න වහරනු ලැබීම නිසි යැයි පැවැසිය යුත්තේ එම කිරියපෙළැ දී එහි පැමිණෙන නළුනිළි කැලගේ මඩ කුණු රොඩු ඈ නිසරු දෑ නො දොඩා, පෙරා පිරිපහදු කැරැ අරුත්බර, රසබර සරු දෑ පිළිසඳරට ගනී නම් පමණි. ඒ එසේ වන්නේ දැයි තෙලදසුන නො බලන මම නම් නො දනිමි.

    අරුණ පෙරේරාණන් විමසන “‍පෝටාවේ ඉසක්කළුව” යන වදන් මුසුවැ අරුත “වැවට ගලන දිය පෙරා පිරිපහදු කරන පෙදෙසැ (පෙදෙසේ) හිසින් (මුදුනින්) ඉවතට, ඉදිරියට යෑම” බව දැන් පැහැදිලි විය යුතු යැ .

    පැනසර පැනයෙක් විමසූ අරුණ පෙරේරා සුධීමතුනට සරස, මයුරවිල, කීරාළ ඈ නයුවනගේ වියුණු හෙළ හවුලේ තුති පුදනු රිසි යැ.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    • කුදලාගම මහතුනි…..මේ පහදාදීම මට ඉතා වටින්නේය. මේ වෙනුවෙන් ඔබේ වටිනා කාලය වෙන්කිරීම ගැන මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරමි, ස්තූතියි නැවතත්.

      • බන්‍ධුල කුදලාගම says:

        අරුණ පෙරේරාණෙනි,

        මා කුදු වෑයමින් ඔබ සත් පිපාසාව මඳකුදු සංසිඳිණි නම් එය මැ මා මන තුට යැ. සත් මඟැ සේ මැ දිවි මඟැ ද අගට දින දින කඩිනම් වැ ළඟා වන සත්-දිවි ගමනැ සැඳෑ සමයැ වන අපට සැනසුම නම් අප දසක සතකට මඳකඩු කලක් උගත් දෑ මතු පරපුරට බෙදා දීම යැ. සිප් වත්කම් වැඩුමට ඔබට දිරි බල ලැබේවා!

        සෝදුව:

        යතුරු ලියනය කැරැ අකුරු අමුණන කලැ වූ සුළු වරදක් මෙසේ නිවරද කරමු:

        “ඉසක් යන්නැ ඉස ද අක් ද ලෙස විසඳ කළ කළ මතු වන අක් යන්නට අග (අක් මුල්), ඉවත/පිටත (අක් වෙරළ) ඈ අරුත් ද පවතී.” යන වැකියැ පළමු වැ ඇති කිරීම හඟවන “කළ” නිවැරැදි යැ; දෙවනු වැ ඇති “කළ” අත් වැරැදීමක් යැ. එම දෙවැනි “කළ”, විට ‍(කාලය) හඟවන “කල” විය යුතු යැ. එවිට නිවැරැදි වැකිය මෙසේ යැ:

        “ඉසක් යන්නැ ඉස ද අක් ද ලෙස විසඳ කළ කලැ මතු වන අක් යන්නට අග (අක් මුල්), ඉවත/පිටත (අක් වෙරළ) ඈ අරුත් ද පවතී. ”

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

  34. ////// සත්-දිවි ගමනැ සැඳෑ සමයැ වන අපට ///
    මචං ..මගේ මේ උපුටා දක්වන දේට ඉස්සෙල්ලා පොඩි උත්තරයක් දියං. දැන් මම උඹ වැඩිහිටියෙක් කියලා හිතලා උඹට එක එක ගෞරවනීය ඇමතීම් දෙන්න හදනවා. මචං ලෙවල් එකේම යන්න බැරිද….

    බන්ධුල ….උඹ ගෙදර කතාකරන්නෙත් මෙහෙමද…මචං සමහර හෙළු *ත්තවල් මට තේරෙන්නේ නැහැ. උඹ අමනාප නොවී මට මේක පහදපන්. මේ උඹේ වයසද…මට බයයි යකෝ ආලෝචනයක් දාන්න…තොපි මට හෙළුවෙන් වනලා, මම නොදන්න හෙලුවේ මාත් අමු හෙළුවෙක්ද කියලා. ලයන්න සහ ළයන්න නිවැරදිව ලිව්වා යයි සිතමි.

    මචං…උඹ ජිගි ජිගිය වෙලාවෙත් ඔහොමද කතා කරන්නේ. අඩෝ ඒ දෙබස් ටීකක් ලියපන්. මචං වරදවා හිතන්න එපා ෆුල් ෆිට් එකේ ලියන්නේ. මචං මගේ රික්වෙස්ට් එක ඉටු කරපං.

    • “ඒ දෙබස්” කිව්වේ ඔය හොඳ සිංහලෙන්…මරු බං වෙන මුකුත් නිසා නොවේ…ඒක නාට්‍යමය ස්වරූපයෙන් රස විඳින්න. හෙළයෝ හෙලුවෙන් ජිගි ජිගියේ භාවිතා කල වචන ගැන දැනගන්න. මේ පෞද්ගලිකව උඹ ගැන නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s