මම චූන් වුනා..

ඇත්තටම මට ආපහු ලියන්න හිතුනා. ඒ ඇයිද කියලා හිතුනොත් “මට හිතෙන හැටි” බ්ලොග් එකේ ආදරය පිස්සුවක් හෝ විහිළුවක් කියා හිතෙන බව ලියා ඇති නිසාමය. මම ආදරය කිරීමට පටන් ගත්තේ මම අවසන්වරට ලියූ අවුල්වූ “අරූලා සහ අමරෙලා” කතාවේ මැද භාගයේ සිටය. මගේ ආදර කතා බොහෝය. ඒවා සුජීව ප්‍රසන්න ආරච්චිගේලාගේ කතා තරම් අරුමෝසම් නැත. මම සැබෑ ප්‍රේමවන්තයෙක් තරමටම, සැබෑ විනෝදකාමියෙක්ද විය. මා අතපත ගෑ සහ, මාව අතපත ගෑ ස්ත්‍රී ශරීර බොහොමයක් අතරින්, මා හදවත අතපත ගෑ බොහෝ අය විය. මේ සියළු දේ පිලිබඳ මගේ චූටි කිරිල්ලිය හොඳින් දණී. ඒ නිසා සැඟවීමට කිසිත් නොමැත.

ප්‍රේම කතා සියල්ල අතරේ මගේ ජීවිතයේ ඉතා සුන්දර මෙන්ම බිහිසුනු, අප්‍රසන්න අත්දැකීම්ද අති විශාලවේ. ඒවා යම් තාක් දුරට සමාජ විශ්ලේෂනාත්මක අරුතින් සහ ඕනෑම අයුරකින් කතා කිරීමට වැඩිහිටියෙක් සේ මම කැමැත්තෙමි. එදා කීව සේ අදත් කියන්නේ මේ මගේම කතාව ලෙස නොව, එදා සමාජයේ කතාවක පැතිකඩක් ලෙස කියවා වටහාගන්න ලෙසය. මෙය අතිශය විවෘත සංවාදයකි.

මේ අවුල දිග හැර දමන්න යැයි මට බොහෝ ඉල්ලීම් විය. මම මහා අලසයෙක්මි. නමුත් මා අවදිකල බොහෝ අය අතරට “මට හිතෙන හැටි ” බ්ලොගය කික් එකක් විය. ඒ වෙනම් අරුතකිනි.

මේ සියල්ල අතරේ, බ්ලොග් සහෘද්ධයන් රාශියක් විය. ඒ ඔවුන් සියල්ලන්ගේ කිතිකැවීම් තුල මමද කිචි කවා ගත්තෙමි. මම ලියන්නෙමි. ඔබ කියවන්න. මගේ අකුරු හකුරු වගේ බව ඔබ මෙන්ම මමද දනිමි. මට සමා වෙන්න. මට මාතලන් වරක කියා දුන් පරිදි සුබස ලොන්ඩරියේ දමා ඒවා ශුද්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙමි.
අතහැර දැමු නවාතැනක් මම හෙමින් හෙමින් අස්පස් කරගැනීමට සිතා ගන්නෙමි.

ඇනෝ ආකාරයෙන් පැමින “මයුරවිළ” නමින් සටහන් තැබු එක් කමෙන්ට් කරුවෙක් තැබු සටහනක් තුලින් මට නැවත ලියන්නට සිතුනු බවත් දැනට ලියා තබමි. මම ඔහුවත්, ඔහු මම වත් නොදන්නා බව කියා සිටිමි. මට ලියන්නට සිතුනේ මේ කමෙන්ට් එක නිසාම නොවේ. මෙයත් එක් උත්තේජනයක් විය. මේ අජිත් පැරකුම් ජයසිංහගේ බ්ලොගයේ ඔහු තැබු සටහනක්ය. මෙයින් මම උද්දාමයට පත් නොවුනත්, මට මා ගැන හිතන්නට බලපෑවේය. හෙමින් ලියන්නෙමි. හදවතින් කතා කරමු.

මේ පීකොක් ලේක්ගේ කමෙන්ටුවයි. මයුරයා එය ලියන්නට ඇත්තේ කින්ඩියට විය හැක. නමුත් ඒ කින්ඩිය මට චූන් එකක් විය.

Thanks Aruna,

I will try. But my dear friend in bolg, at first you must complete your “අවුල්වන්නට පෙර”. Otherwise it is a crime.

Truly it is a kind of “thera gathaa” (ථේර ගාථා). I saw some of the comments you made on Raj’s blog and I was really astonished the fact that how can this Aruna fellow reveals his very personal inward notions and experiences, like turning a pillowcase outward.

Once Tilan Athur perceived you to be one of the best men he ever met in sinhalese blogs. Once again I repeat the same without any hesitation.

Aruna we are from the same college and this is not a mutual attempt to scratch each other’s back. We both learnt of “books and men” but not the way to scratching backs.

– peacock lake

මචං මයුරවිල ගැන නොහිතා අමරදේවගේ මේ සින්දුව අහපන්.

https://www.youtube.com/watch?v=kqEFWEeL4-Y  ////

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

74 Responses to මම චූන් වුනා..

  1. ඔය චූටි කිරිල්ලී අවුරුදු කීයකින් බාලද අරූ…………..

    • අපි චූටි නැහැ බං කුරුටු ළමයි. මම අවුරුදු පනස් හතරක්. චූටි කිරිල්ළි අවුරුදු පනස් දෙකක්.
      සැළලිහිනියෝ නුඹ දන්නේ නැහැ…අපි ආදරෙන් ඉන්නවා…සින්දුව අහලා තියෙනවද..

      • ගායනය – අමරා රණතුංග
        ගී පද – අජන්තා රණසිංහ
        සංගීතය – දයාරත්න රණතුංග

        මේ ගීතය පිලිබඳව ලියවුනු අපූරු සටහනක් තියෙනවා. ඕනනම් දාන්නම්. මම නෙමේ ලිව්වේ.

      • ////සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ
        පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
        සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
        උඹ කූඩුවී ඉන්නෙ නෑ
        වෙන කාටවත් හේම නොකියන් හොඳේ
        මං උඹට රහසක් කියන්නම්//
        මං ආදරේ කියන මට ආදරේ කරන
        කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.
        වෙන කාටවත් හේම නොකියන් හොඳේ
        මං උඹට රහසක් කියන්නම්//
        අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
        දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා.
        ගායනය – අමරා රණතුංග
        ගී පද – අජන්තා රණසිංහ
        සංගීතය – දයාරත්න රණතුංග
        අපි උදාන ගී අසා ඇත්තෙමු. සම්භාව්‍ය සාහිත්‍යයේ ද උදාන ගී විරල නැත. අමරා රණතුංග ගයන ” සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ ” සිංහල ගීත සාහිත්‍යයේ එන සුන්දර උදාන ගීයකි. පෙම්වතියකගේ උදාන ගීයකි.
        පෙම්වතිය තමාට පෙම්වතෙකු සිටින බව පවසන්නේ සැළලිහිණියාටය. අප පිලිබඳ සතුටුදායක ආරංචියක් තවත් කෙනෙකුට පැවසීමේ නොතිත් ආශාවෙන් අපි සැවොම නොපෙලෙන්නෝ නොවෙමු ද? පෙම්වතිය සැළලිහිණියා හා සංවාදයෙන් සපුරා ගන්නේ ඒ සාමාජයීය අවශ්‍යතාවයි.එපමණක් නොව, සැළලිහිණියාට නොමැති යමක් තමන්ට ඇති බවද කියා උදම් අනයි.
        පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
        සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
        උඹ කූඩුවී ඉන්නෙ නෑ
        කිරිල්ලියකට කූඩුවෙන් මිදී යන්නට ආදරය මූලික කරුණක් වන බව ගීත චකයා පවසන්නේ කෙතරම් සරලවද ? මේ පවසන්නේ මානව වර්ගයාගේ පැවැත්ම පිණිස ඇවැසිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ඇරඹුම නොවේද?
        වෙන කාටවත් හේම නොකියන් හොඳේ
        මං උඹට රහසක් කියන්නම්//
        මං ආදරේ කියන මට ආදරේ කරන
        කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.

        ” මේ ඔයා දන්නවද මට එක්කෙනෙක් ඉන්නවනේ. අනේ හැබැයි කාටවත් කියන්න එපා. මං ඔයාට විතරමයි කිව්වේ” තම හොඳ ම යෙහෙලියගේ උරහිසේ එල්ලී, විලියෙන් මුහුණ රතු කරගෙන, පෙම්වත් කෝල හිනාවකින් මේ ආරංචිය කියනා තරුණියකගේ චිත්ත රූපයක් අප හමුවේ මැවෙයි.
        තරුණිය සැළලිහිනියාට ඊළඟට පවසන්නේ ඊටත් වඩා රහසකි.
        අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
        දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා
        මේ ඉඟි කරන්නේ දෙදෙනා ආදරයේ ඵල නෙලන බව නොවේ ද? ප්‍රේමයෙන් බැඳී ” කූඩු” නම් සීමාවලින් මිදී ආදරයේ සුව විඳිනා පෙම්වතුනට වඩා සුන්දරත්වයක් ලොව වෙන කොහේද ඇත්තේ?
        අමරා රණතුංගගේ සරල ගැමි හඬ හැර වෙනත් හඬක් මේ ගීයට ගැලැපේදැයි සැක සහිතය. දයාරත්න රණතුංගගේ සංගීතයද වදන් පෙලට ඉටු කර ඇත්තේ එවන්ම වූ සාධාරණයකි. එස්.එම්.එස්, වයිබර් සහ මුහුණුපොත හරහා බැඳෙන පෙම් සබඳතා ඇති යුගයක පවා මෙවන් ගීත යලි යලිත් අප හදෙහි නින්නාද නංවන්නේ වදන් පෙල, සංගීතය සහ ගායනය සුභාවිත වූ සඳ ගීයක් සදාතනික බව තහවුරු කරමිනි.
        – පහන්/////////////////////

        මෙය උපුටා ගත්තේ තරුරසීලාගේ තීර්ථය ෆේස් බුක් පිටුවෙන්. ස්තූතියි තීර්ථය!!!!!!!

  2. අපි අවුල් වෙන්න යන නිසා ආයෙමත් ලියාගෙන ලියාගන යන්ඩෝ

  3. ඈස්චර්‍යයකි, අරූ ලියනවා කී විට , මම බස්-තියං පයින්ම ආවෙමි.

    You say I took the name in vain
    I don’t even know the name
    But if I did, well really, what’s it to you?
    There’s a blaze of light In every word
    It doesn’t matter which you heard The holy or the broken Hallelujah

    <a href"https://www.youtube.com/watch?v=ttEMYvpoR-k"<Hallelujah !

    – Leonard Cohen – Hallelujah-

    • අනේ බස්සෝ මේ මනුස්සයා මියගියානේ. ලෙනාඩ් කෝඅන් කියන්නේ චරිතයක්. රූපය වුනත් හරි පවර්ෆුල්.

      බස්තියං නෙමේ බං ..ගොඩක් අයට ආසන තියෙන බස් එකක්. මම උඹේ බ්ලොග් එකට කැමතියි. නිදහසේ සීට් එකෙක වාඩිවෙලා යන්න පුලුවන්. අල්ලපු සීට් එකේ කෙනාට කතා කරන්න පුලුවන්.

      • හුටා! අපොයි මං කැමතිම කටහඬක්. මේ ගීතයම වෙන අයත් කියනවා උනාට, මට නං ලෙනාඩ්ගෙ ගැඹුරු කටහඬට ගහන්න වෙන එකක් නෑ.

        මොනව උනත් අර මොණරපාලට අපි ස්තූති කරන්න ඕනෙ, අරූව ආයෙම ගෙනාවට

  4. ///රන් සිකිපිල් විදා ඔකඳ සඳයි නටන්නේ//////

    මේ ගීතය ගැන පොඩි විවරනයක් දෙන්න කෙනෙක් ඉන්නවද…

  5. බ්ලොගර් එකට ලියුවානං හෙනද

    • හදලා දීපු පැල……හදාගත්තු පැල…

      බ්ලොගර් හරි රස්තියාදුකාරයි : D මට මෙතන හොඳයි. මම වයසක මිනිහනේ බං. හීනියට කවියක් කියාගෙන ඉන්න පුලුවන්.

  6. Hattor says:

    අහා,

    තවත් 62 මොඩල් එකක්!
    ජය වේවා

    • හැට්ටරුත් 62 කොල්ලෙක්ද 😀 ශුවර් එකට ඇට්ටරයෙක් වෙන්න ඕන.

      • හැට්ටර් says:

        මොනවාද කියන්නේ. .
        මම නම් ඉතින් හරී…ම අහිංසකයි. හැබැයි ඉතින් තදවෙලා ඉස්කෝලේ ප්‍රින්සිපල් උන්නැහේටත් නෙලන්ඩ ගිය කාලෙකුත් තිබුනා ඉස්සර.
        ඒවා ඉතින් 62 මොඩල් ඉයර් එකේ ෆැක්ටරි ඩිෆෙක්ට් නේ මචෝ.

  7. kanchana123 says:

    ආපහු ලියන එක සතුටක්….

  8. maathalan says:

    ලොකු දෙයක්. මම හිතන්නේ මම කියවපු රහම් අතීතාවර්ජනය. ඒ රහ කොහේවත් නෑ.

  9. කවිඳු says:

    අහන්න සතුටුයි .ජයවේවා !!

  10. ආයෙත් ලියන්න පටන් ගත්තු එක නම් නියමයි. පරණ ප්‍රේම කතා ලියන්න පටන් ගන්න හොඳම වයස 50න් පස්සේ නේද? හෙහ් හෙහ්

    • හරියට හරි පැතුම්….පනහෙන් පස්සේ අලුත් ප්‍රේම හොයන් යන්න බැරි නිසා, පරණ ප්‍රේම තමයි ලියන්න වෙන්නේ.

  11. Anonymous says:

    හුරේ ,,,ජයවේවා අරූ අයියේ ,,,ආයෙත් බ්ලොග් කියවන්න පුළුවන් වෙයි ….

  12. සිරිබිරිස් says:

    අරූ,ජය!
    ලියමු දිගටම

  13. නියමයි අරූ අයියේ …ජයවේවා !!!!
    ආයෙත් එහෙන්ම බ්ලොග් කියවන්න පටන් ගන්න වෙයි …

    • උඹත් එකෙක් තමයි මට ආපහු ලියන්න කියලා නිතර කියපු. ලියලා බලන්නම්. මොනවා වෙයිද දන්නෑ.

  14. හම්මේ, ලොකු දෙයක්…
    ආපහු නම් කලින් වතාවේ වගේ පොලු තියන්න ඔට්ටු නැහැ, හරිය…

    • ලොකු පුතේ උඹත් තව එකෙක් තමයි මට වද දුන්න 😀
      අඩෝ පොලු තියන්න මම දේශපාලකයෙක් කියලා හිතුවද..

  15. හැක්… බ්ලොග් එක වැඩිහිටියන්ට පමණයි වෙන්නද කොහේද හදන්නේ… අවුලක් නෑ ඉතින්.මටත් දැන් 18ට වැඩියි.

    • කටුස්සෝ….ප්‍රේම කතා කොහොමද බං ඇඩම්ස් ඔන්ලි වෙන්නේ. මගේ පෙම් පුවත්වල වල්කම් ඇත්තේම නැත. මල්කම් තියෙන්නේ. මම මලක්…

  16. Anonymous says:

    හුකා

  17. අවුරුදු තිස් හයකට පස්සේ වුනත් ඉස්කෝලෙන් කික් එකක් ලැබුන දැන ගැනීම මෙන්ම ලිවීම නැවත ඇරඹීම ගැන ද සතුටුයි

    • බොහොම ස්තූතියි රසික. ලියලා බලන්නම් මොකද වෙන්නේ කියලා. ///learnt of “books and men”////

  18. Anonymous says:

    ආයෙ ලියන එක ගැන බොහොම සතුටුයි. අවුල් වෙන්න කලින් 26ට එනකං මුල ඉඳන් කියවගෙන ආව.තව සති දෙකකින් විතර වර්තමානෙට එන්න පුලුවන් වෙයි 🙂

    • අම්මේ ඇනෝ මගේ පල්හෑලි කියවලා ඉවරකරන එක ලේසි නැහැ. කියවනකොට කමෙන්ට්ස් එක්කම කියවන්න. ඒ තුලත් බොහෝ රස මුසු තොරතුරු තියෙනවා.

  19. Anonymous says:

    අරූයියාගේ චුන් එකට අපේ මෙව්වා එක.

  20. Anonymous says:

    අරූගෙ කමෙන්ට්ස් හිංදම මං සමහර ටෙලි බලන්න ගත්තා . ආදර අවනඩුව ගැන මොකද හිතන්නෙ මං හිතනව ඒකත් බලනව ඇති කියල 🙂

    • ආපහු හරි හමන් ටෙලියක් යන්නේ නැහැ නේද…කාලෙකට එනවා..කලෙකට මුකුත් නැහැ. මගේ ආදර අවනඩුව මම කොටස් කිහිපයක් බැලුවා. එක දිගටම බලන්න ඉතිරිකර ගත්තා. බැද්දේ කුලවමිය බලන්න. ලක්මිණ අමරදේව අලුත් ටෙලියක් කරන බව ආරංචියි. කවදා හරි විකාශය වෙයි. ලක්මිණගේ ඒ ලෙවල් ඉවරයි, විභාග ෆේල් එහෙම බැලුවද…

      • Anonymous says:

        ඒ ලෙවල් ඉවරයි, විභාග ෆේල් බැලුවා . අමුතු මිනිස්සු බැලුවෙ ගොඩකාලෙකට කලිං කොහෙ හරි තැනක අරූ දාල තිබුණු කමෙන්ට් එකකින් දැනගෙන . බැද්දෙ කුලවමිය ලිස්ට් එකට දාගන්න ඕන පස්සෙ බලන්න.දැන් ඔක්කොටම කලින් මේ බ්ලොග් එක කියවල ඉවර කරන්න ඕන. උඩ මුල ඉඳල කියවගෙන එනව කිව්වෙ මමම තමයි.කමෙන්ට්ස් එක්කම තමයි කියවන්නෙ අපි නොදන්න අතීතය මේ විදිහට අකුරු කරනවට ගොඩක් ස්තූතිය (Y)

  21. Anonymous says:

    නියමයි …. මටත් චූන්..

    . හර්ෂ

  22. රාජ් says:

    ලියපං. සපෝට් එකට මාත් ලියනව උඹ ලියනව නං….

    • ලියපං ලියපං රාජ්. මාත් තටමල තටමලා මොකක් හරි සතියකට සැරයක්වත් දාන්නං.

  23. sudeeka says:

    අරූගේ අඩවිය මම ආසාවෙන්ම කියවන බ්ලොග් එකක්. මේ ලියන ශෛලියට, සමාන්තර රැකියා අත්දැකීම් නිසා මට මේක බොහොම සමීපයි. මමත් බ්ලොග් වලින් බොහොම ඈත් වෙලා ඉන්න යුගයක, ආපහු මෙතනට ඇදලා දාන්න මේක ඉවහල් වෙයි. එක දිගට දුවන්නේ නැතිව, හති ඇර-ඇර දුවන එකෙත් පොඩි ගතියක් එකක් තියෙනවා.

    ගමන නොනිමෙයි ලෝකයේ – පුරුදු ජීවන මං තලේ කියලා නාරද දිසාසේකර උන්නැහේ කියන්නේ නිකන්ද ?

    • සුදීකත් බොහොම බොහෝම අඩුවෙන් ලියන්නේ කියලා මමත් දැක්කා. ආපහු හෙමින් හෙමින් පටන්ගන්න. සුදීකගේ පරණ රැකියා ක්ෂේත්‍රය වෙච්ච හෝටල් ගැන ලියපුවා මමත් ආසාවෙන් කියෙව්වා.

      ගායනය – නාරද දිසාසේකර
      සංගීතය – ආර්. මුත්තුසාමි
      ගී පද – චන්ද්‍රරත්න මානවසිංහ

  24. ravi says:

    “චූන් වුනෙමි මම අවිහිංසක ඇය කෝළ බැලුම් හෙලුවා…”

    හරි එහෙනං නැවතුනු තැන සිට ඉදිරියට….

    ඔබගේ කැමැත්ත පරිදි කටයුතු කරනු මැන සබඳ…කිසියම් ප්‍රබල හේතුවක් කරන කොට ගෙන ඔබ ඒ අපූර්ව ජීවිත සැමරුම් සටහන් ලිවීම නවතා දැමුවෙහිය.ඔබගේ කැමැත්තට ගරුකරමින් මම කිසිදිනෙක ඔබට නැවත ලියන ලෙස බලපෑම් නොකළෙමි.එළෙසම ඔබ නැවත ඔබගේම කැමැත්තෙන් එම විචිත්‍ර සටහන් මාලාව යලි ලියන්නේ නම් මට වඩා ඒ පිළිබඳව චිත්තප්‍රීතියට පත්වන්නෙක් තවත් නැත.

    Ok Boss..let’s do it…:)

    • //////“චූන් වුනෙමි මම අවිහිංසක ඇය කෝළ බැලුම් හෙලුවා…”//////// හා…හා. නියමයි බං.

      මම අවුල දිගහරින කාලේ උඹේ කමෙන්ට්ස් මගේ කතාවට තව ඉසව් හොයලා දුන්නා. අපි ඒ ඉසව් දිගේ කොච්චර දේවල් කමෙන්ට්ස් ඇතුලේ කතා කලාද..ඒක හරි රසවත් මතකයක්. ආපහු ලියන්න ඕන කියලා මටම හිතුනා අවසානේ. තෑන්ක්ස් රවී.

  25. Anonymous says:

    එහෙනං ඉදිරියම යං…

    ජ යවේව ා!!!

  26. Pra Jay says:

    Hallelujah ! The second coming of Aru.
    Second coming ගැන කතාවක් තියනවා. දෙවනි වචනයේ ස්පෙලින් වෙනසක් සහිතව.

    Welcome back Boss.

    • ///////Second coming ගැන කතාවක් තියනවා. දෙවනි වචනයේ ස්පෙලින් වෙනසක් සහිතව.//////
      ප්‍රා බොස්…..උඹ කියන සෙකන්ඩ් කමින්ග් එක නම් මරේ මරු. ඒත් කතාව නම් දන්නේ නැහැ. සෙකන්ඩ් කමින්ග් තියා ෆස්ට් කමින්ග් එකත් බොහොම ශාන්ත දාන්තව වෙන්නේ :D:

      තෑන්ක්ස් ප්‍රා!!

      • Pra Jay says:

        මං දන්න කාන්තාවකට ඇයගේ පාට්නර් කතාකලේ JC කියලා, ඒ ඇයගේ දෙවන ආගමනය පලමු එකට වඩා හොඳ නිසා.

        (Thousand apologies if I have hurt anyone’s religious sensibilities)

      • second coming of ………. 😀

  27. Anonymous says:

    ආයිෂ් අරූ අයියා ලියන්ඩ ඇරං .. ජයවේවා ලොක්කා ජයෙන් ජයම වේවා ..

  28. Anonymous says:

    Welcome back 🙂

    • RanVan says:

      මේක කිව්වෙ මම

      • තැන්ක් යු රන්වන්…..රන්වන් එෆ් එම් එකේ පාරදිගේ…මතක පද වගේ ප්‍රෝග්‍රෑම්ස් අහනවද…යු ටියුබ් එකේ නම් තියෙනවා.

  29. Damith says:

    Welcome aru brother

  30. මද්ද says:

    අම්මේ ඉතින් මේ ඉන්නෙ.‍

    blogger එකටත් දාමුකෝ

  31. Anonymous says:

    හප්පේ ඇති යාංතම්. අරූ අයිය ලියනව කියන්නෙ ඉතිං වෙන සතුටක් නෑ. මට හිතෙන හැටි කියන බ්ලොගත් මේ දවස්ටිකේම අතාරින්නෙ නැතුවම බැලුව. එල එල. ඔහොම යං අරූ අයියෙ.

    • Anonymous says:

      මේක දැම්මෙ අර අහසෙන් එන්න බ්ලොග් එක ලියන කසුන් කියන එකා.

  32. හම්මේ දැනෙන සතුට.. පෝස්ට් තුන කියෙව්වේ රිවර්ස් ඕඩර් එකට.. දන් කොමෙන්ට් දාගෙන යන්න ඕනේ ආපහු . ජයවේවා අරූ අයියා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s