අවුල්වන්නට පෙර (54)..හෙඩිමක් නැති කතාවක්.

මින් වසර දෙකකට අධික කාලයකට පෙර මගේ කතාව ලිවීම අමතක කර දැමුවෙමි. නමුත් මේ අවුල දැන්වත් ලිහාදැමිය යුතුවේ. මම නැවතුණේ විජේරාමේ හන්දියේ නිවසට අමරබන්දුගේ ආගමනය සිදුවූ අවධියෙන්ය. අමරේ අයියා බලාසිටින්නේ මම වැඩ නිමවී ගෙදර එනතෙක්ය. එකක් කොහේ හෝ යන තැනකට මාවත් කැටුව යාමටය.ඔහු අත මුදල් හදල් නොගැවසුන බැවින් අතරමග වියදම් දැරීමට මට සිදුවේ. එය ඔහු කෙළින්ම කියයි. මේ ගමන්බිමන් මගේ ජීවිතයේ බොහෝ වෙනස් කම් ඇතිකෙරූ ඉතා රසවත් දිනයන්ම විය. නිසා මට වියදමෙන් සිදුවු ලාභ මිස පාඩු නැත. ලාභ පාඩු බලමින් විනෝද වීමට නොහැකි බව මම හොඳින් දන්නෙමි. අමරේ අයියාට යන්නට මුදල් නොතිබුණාට ගමන් අවසන්වී නැවත පැමිණෙන විට නම් ඔහුගේ මිතුරන් ගෙන් යම්කිසි මුදලක් ලැබේ. බීම සහ කෑමත් ඔවුන්ගෙන්ම ලැබෙන මුත්, කවුරුන්වත් වියදම් කරන තෙක් නොසිට අමරේ අයියා නම් මේ සොඳුරුමිනිසාගේතැනරැකගැනීමට මම ස්වෙච්ඡාවෙන් බිල් ගෙවීමේ කොටස් කරුවෙක් වූවෙමි. මම එය මගේයුතුකමක් සේ සැලකුවෙමි.

මොහු මා කැටිව යන්නේ නාට්‍යය පෙර පුහුණුවක් සිදුවෙන තැනකට , නාට්‍යය ශාලාවකට හෝ ඔහුගේ මිතුරන් අඩියකට පුඩියකට සෙට්වෙන අමුතුම රස ගුලාවන් තුළටය. මෙහිදී හමුවන්නේ එකල ක්ෂේත්‍රයේ පතාකයන් බඳු මිනිසුන්ය. රංජිත් ධර්මකීර්ති, සුගතපාල සිල්වා, ආර්.ආර්.සමරකෝන්, රංජිත් යායින්න, ජේ.එච්.ජයවර්ධන,නිශ්ශංක දිද්දෙනිය වැනි ප්‍රබල නාට්‍යකරුවෝ වැනි උදවියත්, කරුණරත්න අමරසිංහ,බණ්ඩාර කේ විජේතුංග,ප්‍රේමකීර්ති අල්විස්, ගුණදාස කපුගේ වැනි ගුවන් විදුලියේ විශිෂ්ටයන්ද, අජිත් සමරනායක, දයාසේන ගුණසිංහ,සුනිල් මාධව, කිත්සිරි නිමල් ශාන්ත වැනි අතිදක්ෂ මාධ්‍ය කරුවෝද මේ ලැයිස්තුවේ සිටී. ප්‍රේමසිරි කේමදාසයන්ගේ රාජගිරියේ නිවසද අමරේ අයියාගේ එක් සොඳුරු නැවතුම් පොළකි. ජයලත් මනෝරත්නයන් මොවුන්ට වඩා කණිෂ්ඨයෙක් විය. ජැක්සන්ලා, මහේන්ද්‍රලා, ශ්‍රියන්තලා කාලයේ මා වැනිම තරුණයින්ය. ඔවුන් වේදිකාවේ යම්ස්ථාවරයක් සදා ගනිමින් සිටි කාලයයි. දිනක් හොදින් පදම්වූ අමරේ අයියා විජේරාමේ නවාතැනට පැමිණියේ කපුගේ සමගය. එය වෙනම ලිවිය යුතුවේ.

 

මේ මොන වැඩකට ඔහු පසුපසින් ගියත් වැඩේ අවසන් වෙන්නේ නුගේගොඩ පැත්තේ බාර් එකකින්ය. මොවුන් වාඩිලාගත් හැම විටකම බොහෝ සුන්දර මෙන්ම වැදගත් දේ කතිකාවේ. එකෙකුට එකෙක් නොදෙවෙනි වේ. මේවා අසා සිටිනවා මිසක් ඔවුන්ගේ කථාවන්ට අලගු තබන්නටවත් හැකියාවක් හෝ දැනුමක් මට නොවීය. නමුත් ඒ සොඳුරු මිනිසුන් මා නොසලකා හැරියේ නැතිය. මේ කතා බහ තුළින් මමත් හොඳ නාට්‍යයක්, චිත්‍රපටයක්, ගීතයක්,පොතක් රස විඳින්නට ඉගෙන ගත්තෙමි. මේ අමරෙ අයියා පමණටත් වඩා මත්පැන් බිව් කාලයක් දැයි මට සිතේ.ඔහු බොහෝ සේ විඩාවට පත්වූ පුද්ගලයෙක්ව සිටි බව මට සිහිවේ. මහ රෑ එන ගමනේ බස් එකේ මහා හයියෙන් කවි කියයි. ඉක්මනින් කෝපයට පත්වෙයි. මොන කෙහෙම්මලක් වූවත් මම අමරේ අයියාට කරදරයක් වෙන්නටනොදී නැවත නවාතැනට වත්තං කරන් එන්නෙමි. ගුවන් විදුලියේ සේවය කරන යුගයේ ඉංග්‍රීසි පිටපත බලාගෙන සිංහලෙන් ප්‍රවෘත්ති කියවූ මේ මහා මිනිසා පිළිබඳ මට දුකක් ඇතිවේ. මේ ප්‍රවෘත්ති කතාව මෑතකදි ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්නයන් පුවත් පතකටත් පවසා තිබෙනු මම දුටිමි. මෛත්‍රීපාල ජනාධිපති තුමාද අමරේඅයියා බීමතින් සිරිමාවෝ අගමැතිනියගේ සාරියට වමනය දාපු කතාවක් කියනවා මම අසා ඇත්තෙමි. අමරේ අයියා නම් මරු පොරකි. ඔහු පිළිබඳ මා සතු මතකයන් ලියා නිම කල නොහැක.

 

රංජිත් ධර්මකීර්ති යනු ලේඛකයෙක්, නාට්‍යකරුවෙක් පමණක් නොව ගුවන් විදුලියටත් සම්බන්ධව සිටි කෙනෙකි.ඔහු දක්ෂ පරිපාලකයෙක් බවත් මම අසා ඇත්තෙමි. ඔහු බොහොම සෙමින් කතාකරනා චාම් ගති පැවතුම් ඇත්තෙකි. මමත්, ඔහුත්, අමරෙ අයියාත් වරෙක නුගේගොඩ තිබු අප්සරා අවන්හලේ මධුවිත තොලගාමින් බොහෝ දේ කතාකළා මට මතකය. එදා මම අමරේ අයියා ගෙදර එක්කන් ආවේ කරෙන්ය. වරෙක අමරේ අයියා මා කැටුව කැලණි පාලම නාට්‍ය නැරඹීමට ගියා මතකය. විවේකය වේලාවේ ජේ.එච්.ජයවර්ධනයන් අමරෙට අතින් සංඥා කොට වේදිකාව පිටුපසට කැඳවිය. මැම්බර් සූට් එක පිටින්ම සිගරට් එකක් දල්වාගෙන හරිම දාඩියැයි කියමින් බඩ පෙනෙන්නට කමිසය ඔසවාගෙන විහිළු තහළු කරමින් කාලය ගෙව් හැටි තවමත් මතක්වේ. ජේ.එච්.කතාබහ කරන්නේත් නාට්ටියක රඟපානා අයුරින්මය. ඔහු බොහෝ සුන්දර මිනිසෙකි. මා දුටු විගස ඔහු අසන්නේ කොල්ලෝ උඹ අද ජේවීපි මීටිම බලන්න ගියේ නැද්ද අසමින් මටත් හොරා අමරේ අයියාට ඇසක් ගසමිනි. උඹලට ඉතින් හැම රැස්වීමකටම ඉන්නේ එකම ක්‍රවුඩ් එකනේ කියා බඩ උඩ දමමින් හිනාවෙයි. එද මට තිබු දේශපාලන උණ ගැන ඔවුන් බයිට් කළේ එසේයදයා අල්විස්, චින්තන ජයසේන අමරේ අයියාගේ මිතුරු සමාජයේ සාමාජිකයෝ වූහ. චින්තනට ඒ කාලේ තඩි මෝටර් රථයක් තිබුනි. ඔහු අමරේ අයියා හමුවීමට නවාතැනට පැමිනෙයි. මොහුත් අමරේ අයියාත් ඒ කාලයේ පත්තරයකටත් සම්බන්දව සිටි බව මතකය. චින්තන ජයසේනයන්ද නොම්බර එකේ පොරකි. ලඟ ඉන්නවා නම් රස කතා රාශියකි. උපහාස කතා මරුවෙකි. ඒවා මතකයේ නොමැති වුවත් බොහෝ රසවත් බව නම් මතකය.

 

මේ කී නොකී බොහෝ දෙනා අතර වු සිරුරෙන් කුඩාවූද, මහා විශාල හදවතක් සතු අහිංසක මිනිසා ප්‍රේම්කීර්ති අල්විස් බව කිව යුතුම වේ. ප්‍රේම් සහ අමරේ අයියා මේ කාලයේදි අතිශය පෞද්ගලික කාරණයක් නිසා එතරම්සුහද ඇසුරක් නොවීය. නමුත් දුටු ඕනෑම අවස්ථාවකදි දොඩමළු වේ. ප්‍රේම්කීර්ති පිළිබඳවත් මට බොහෝ මතකයන්ඇත. ඔහුද කාලයේ තම පවුලෙන් ඈත්ව මහා හිස් ජීවිතයක් ගෙව්වේ දෙල්කඳ හංදියෙ මහල් ගොඩනැගිල්ලකඋඩ තට්ටුවේය. ඉතාමත් තදින් මීවිතට පෙම් කල යුගයක් බව මම දැක ඇත්තෙමි. දිනෙක අපසෙට්වූ නුගේගොඩඅවටආර්ට් සර්කල්නම් අවන්හලේදී අමරෙ අයියාත්, ප්‍රේමුත් හොඳ පදම්ය. දෙල්කඳ හංදියෙන් බසයෙන් බැස මේදෙදෙනාම වත්තං කරගනිමින් ප්‍රේම්ගේ නවාතැනට පැමිණියෙමු. පඩි පෙළ නැග කාමරයට යාගන්නට බැරි නිසාමම ඔහු ඔසවාගෙන මහා පඩි පෙළ තරණය කෙරුවෙමි. ඉන් පසු අමරෙ අයියාවද අතින් අල්ලන් විජේරාමේට බඩගෑ හැටි දැනුත් මතකය. ඊට පසුදින දෙල්කඳ හංදියේ රිය අනතුරකින් බයිසිකල් කරුවෙක් මිය ගියේය. උදෑසනවැඩට යමින් සිටි අහිංසකයෙකි. ඔහුගේ බත් මුල සී සීකඩ විසිර ගොසින්ය. සම්බෝලයක් සහ පරිප්පුවක් සමගබත්මුල පාර අයිනේය. මම මේ සිද්ධිය දෑසින් දුටුවෙමි. පසුදා දිනපතා පුවත්පතක ප්‍රේම්ගේ නමින් කුඩා කවියක්පළවී තිබුණි. එහි මහා ශෝක රසයක් විය. එහි ගැබ්ව තිබුණේ මේ පුවතය. මට එය දැන් අමතකය. ප්‍රේමකීර්තිටඑතරම් නිර්මාණශීලිත්වයක් තිබු මිනිසෙක් විය. බණ්ඩාර කේ විජේතුංගයන්ද එවන් මිනිසෙකි. ඔහුද කාලයක්විජේරාම අවට පදිංචිව සිටියේය. බණ්ඩාරයන් මධුවිතෙන් මිදී ටික කලකට පසුව මිය ගියේය. ප්‍රේම්කීර්ති අල්විශ්ව ඝාතනය කළේය. අමරබන්දු රූපසිංහයන් මියගියේ හෘදයාබාධයකින් විය යුතුය. මේ තිදෙනා හොඳමිතුරන් විය. මොවුන් තිදෙනාම වැඩි කාලයක් අප අතරේ ජීවත් නොසිට ලොවෙන් සමුගත්තෝය.

මගේ ජීවිතයේ තවත් රසවත් නවාතැනක්වූ බ්ලොම් එක නම්වූ වෛද්‍ය සිසු නේවාසිකාගාරය පිළිබඳවත් ලියාතැබිය යුතු මුත්..ඊට පෙර ලියන්නටත් බොහෝ දේ තිබේ.

බණ්ඩාරයන් ලියු කුඩා කවි දෙකකින් අදට නවතමි.

මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීල්ල උඩ..
බණ්ඩාර කේ. විජයතුංග

චිත්‍රානි
පෙරුම්පුරා බස් නැවතුමට
ආ සඳ
‘එකසිය දොළහ’ ඔබ ගිලගෙන.
බණ්ඩාර කේ. විජයතුංග

ජේ.එච්.ජයවර්ධනයන්ගේ අවසාන කාලය පිලිබඳ මේ වීඩියෝව නරඹන්න. ඒ ප්‍රතාපවත් චරිතය වයසත් සමගම දිරාපත්ව මියගිය බව මතක්වෙන විට, මගේ හදවත තුල බොහෝ දේ කැකෑරෙමින් එලියට එන්නට දඟලයි. මම කඳුළකින් එය වසා ගන්නෙමි.http://www.sirilakanews.com/wp-content/uploads/2015/06/J.H.Jayawardana3476.jpg

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

76 Responses to අවුල්වන්නට පෙර (54)..හෙඩිමක් නැති කතාවක්.

  1. ravi says:

    අපොයි බං ජේ. එච්. දැක්කම පපුව පත්තුවෙලා යනව..කොහොමට හිටි මනුස්සයෙක්ද? අර ඉඳිආප්ප කතාවෙ කමල් අද්දර ආරච්චිගෙ මහප්පට හිටිය මතකද? මිනිස්සු ඔහොම දුක් විඳිනවට වඩා දාහෙන් සම්පතයි බං කලින්ම මැරිල යන එක. එක අතකට ප්‍රේම්, බණ්ඩාර එහෙම වාසනා වන්තයි.

    උඹ ආයෙ ලියන එක නම් කියල වැඩක් නෑ බං. මේ වගෙ දවැන්ත චරිත, මහා පුරුෂයො එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට ලැබෙනව කියන්නෙ පුදුම වාසනාවක් බං. අනික එහෙම අවස්ථාව ලැබෙන බොහෝ දෙනෙකුට ඒ අත්දැකීම හරි හැටි පෙළගස්වල ලියාගන්ට බෑ. උඹට ඒ දෙකම තියනව.

    මගෙ ඔය වගෙ අත්දැකීම් නම් නැත්තෙම තරම්. එකම අත්දැකීම අනුරාධපුරේ ඉන්න කාලෙ කපුගේ එක්ක අහම්බෙන් සෙට් වුනා.ඒ කතාව පස්සෙ දවසක ලියන්නංකො.

    එහෙනං නමස්තේ…ලොක්කා… 🙂

    • මචං රවී…. ඔය වීඩියෝ ක්ලිප් එක බොහෝ දේ කියාදෙනවා. මේ මිනිස්සු මුදල එකම පරමාර්තය කර ගත්ත අය නෙමේනේ. මේවගෙන් පාඩම් ඉගෙනගෙන වෙන්න ඇති අද අය මුදලට වැඩි වටිනාකමක් දෙන්නේ. ඒ ගැන මුකුත් කියන්නත් බැහැ. ඔය ක්ලිප් එකේ අවසාන හරියේ කියලා ජේ.එච්. කාටද swan..swan කියලා කතාකරලා අහනවා නේද, මේ මහත්තුරුන්ට සංග්‍රහයක් කරාද කියලා. ඒ ඇයගේ බිරිඳ ස්වර්ණාට. මම අහලා තියෙනවා ආදරේට කිව්වේ swan කියලලු. ඇය මේ මිනිසා මිය යන තෙක් රැකවරනය දුන් දිරිය බිරිඳක්. දෑස් නොපෙනෙන කෙනෙක් බලා ගැනීම මහා රාජකාරියක්. මට අත්දැකීම් තියෙනවා.
      /////මේ වගෙ දවැන්ත චරිත, මහා පුරුෂයො එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන්ට ලැබෙනව කියන්නෙ පුදුම වාසනාවක් //////////////
      කිට්ටුවෙන් ආශ්‍රයට වඩා රවී, කිට්ටුවෙන් හිඳීම තමයි වුනේ. මේ මහා යෝධයන් ඉස්සරහ මම ඒ කාලේ පොඩි තරුනයෙක්. මට වාසනාව තිබුනා එහෙමවත් ඉන්න. ඒ අමරේ අයියා නිසා. තව චරිත බොහෝ හිටියා මචං. ඒවා ලියන්න ඕන. හෙමිහිට ලියවෙයි. කේමදාස මාස්ටර්ව බොහෝ විට හමුවී තියෙනවා. අමරේ අයියා ඔහු සමග ලඟින් වැඩ කරා.

  2. අමරෙ අයියලා වගේ අය දැනුත් හොයාගන්න පුළුවන් වුනත් දැන් අර සොදුරු මිනිසුන් ගෙන් හිස්වුනු රටක් වෙලා අරූ

  3. ආයෙත් ඒ සොඳුරු ආවර්ජනා වෙත එන්න සැලැස්සුවාට දෙයියන්නෙ ගමේ ඇත්තා පින් දෙනෝ

    • ගුණේ මහත්තයෝ……ඔය ලියවෙන්නේ මා අත්දුටු දේ. මටත් හිතෙනවා අපිට සොඳුරු මිනිසුන් අඩුවෙලා අඩුවෙලා දැන් ඉන්නේ අඳුරු කාල පරිච්ඡේදයක කියලා. ඒ ගැප් එක පුරවන්න අමාරු වෙයි. දක්ශයෝ ඉන්නවා සහ ඉදිරියටත් බිහිවෙයි. නමුත් ඒ සොඳුරු බව නම් අමුතුවෙන් හදන්න බැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ අතීතකාමය තලු මරනවා වගේ චූටි ආතල් එකක් නෙමේ. ගුණේ මහත්තයා මට වඩා ඒ ගැන දන්නවා ඇති.

  4. ජීවිතේ හැටි තමා කියලා හිතුණා අරූ……………… ජීවිතේ එක එක යුග අපිට අත්දැකීම් දෙනවා…. ඒවායේ වටිනාකම අපිට තේරෙන්නේ පස්සේ…… ඒ නිසා හැම වෙලාවෙම ජීවිතය ධනාත්මකව දකින්න හැකිනං වටිනවා නේද?????

    • ජීවිතය දකින්නම ඕන ධනාත්මකව. ඒ තමයි මම හිතන විදිහ. මහා ලොකු ලබ්බක් නැහැ බං කල්පනා කර කර චින්තන ප්‍රොඩියුස් කරන්න.. මේවා හිතන්න යොමුවෙන්නේ පහුකරන වයසත් එක්ක. එහමවත් හිතන්න බැරි නම් හෝ හිතෙන්නේ නැත්නම්,මොකද කරන්නේ. ඒවාට බෙහෙත් නැහැ 😀

  5. maathalan says:

    සමහර චරිත කොටුවේ බාර් වල දැකලා තියෙනවා කිට්ටු වෙන්නත් බයයි. ඒත් ජේ එච් ජයවර්ධන මම සින්දු කියනවා අහන්න ආසයි. ඒ කාලේ මම අපි සෙට් උන් බාර් එකේ සුනිල් අයියගේ සින්දු, ධර්මදාස වල්පොලගේ සින්දු කියනවා. ඒවට බාර්මනුත් ආසයි. ඒ නිසා ජේ එච් අපිත් එක්ක සෙට් වෙලත් තියෙනවා.. ආතල් එකේ හොඳම මිනිස්සු.

    උඹ ඔය කරලා තියෙන පින් බොහෝම කළාතුරකින් ලැබෙන පිනක්. මම දන්න විදියට උඹට ලන්ඩන් වලත් හොඳ සෙට් එකක් ඉන්නවා. අවසාන හරියෙදි ඒවත් එයි නේ.

    බුකියෙත් පේරාදෙනියේ ලැච්චර් බුවෙක්ද කොහෙද ඉන්නවා උඹ කියපු සෙට් එක පැරණි රසාංග ලියන. මම අද ඌට යැව්වා බොගක් දාන හැටි ගැන. බලමු ඌ ආවොත් නැගලම යයි.

    • මාතා…මේ මිනිස්සු ඇත්තටම යමක් කරපු ආතල් මිනිස්සු. මමත් ආතල් මිනිහෙක්. ඒත් යමක් කරලා නැහැ. කරපු දේවල් දන්නේ බොහොම ටික දෙනයි. ඒවාගෙන් සමාජයට මහා සේවයක් වෙලා නැහැ.ඊට ඉස්සෙල්ලා සමාජයට කරන්න ගිහිල්ලා අනාත වෙච්ච තැනක් ගොඩ දාගන්න වුනා. ඒ පිලිබඳ සතුටක් තියෙනවා. ඒ තුල ගොඩ නැගුනු පරපුරක් ඉන්නවා. ඒ අහිංසක සතුටක්. ඒකට රිටර්න් අවශ්‍ය නැහැ..

      මාතෝ ලන්ඩන්වලට වලට වඩා මම මස්කට් ජීවිතේ හරියට විනෝද වුනා. ඒවා පසුවට ලියන්නම්.
      අර පේරාදෙනි බුවා බ්ලොගක් ලිව්වොත් මගේ කතා ගැන පොර තක්සේරුවකට එයි. මම ෆේස්බුක් නැහැනේ බං.

      ජේඑච් ගැන නොදන්න අය වෙනුවෙන් මම මේ පොඩි ක්ලිප් එක දාන්නම්. කැළණි පාලමේ නීල් අලසුත් මම දන්න බුවෙක්. හොඳ මිනිස්සු බං.

  6. Anonymous says:

    ඔන්න මචං ආයෙම අවුල් කර ගන්න නං එපා. ඊළඟට කපුගේ එක්ක ආපු කතාව ලියපං.

    • Anonymous says:

      හුටා නම වදින්නෙ නෑනෙ.මම හැලපයා.

      • හැලපෙ….ඒ ගැන ලියන්නම්. මහා ලොකු කතාවක් නැහැ. හැබැයි කපුගේ කියන්නේ මහා ලොකු මිනිහෙක්. මිනිස්සු හිතයි මුන් මධුලෝලියෝ කියලා. ඒත් ඒ මිනිහා මට හරි ලොකුයි. කපුගේ කියන නම අකුරු තුනක් වුනාට, ඇල්ෆබට් එකක් තරම් විශාල චරිතයක්.

        උඹට ජීටී වික්‍රමසිංහ පිලිබඳ මතකයක් තියෙනවාද..

      • කපුගේ කියන නම අකුරු තුනක් වුනාට, ඇල්ෆබට් එකක් තරම් විශාල චරිතයක්.
        +++++++++++++++++++++++++++++++++++++++++++
        අනිවාර්යෙන් අරූ අයියා …කපුගේ කියන්නේ යුගයක් .

  7. Anonymous says:

    වෙල්කම් බැක් අරූ මචෝ. සතර අගතිය අඩු, රහක් තියන බ්ලොග් එකක් ආයේ කියවන්න හම්බ වෙන එක ලොකු සතුටක්.

    බීල නැති වෙනවා කියන එකත් හදා ගත්තු සංස්කෘතියක් මගේ හිතේ. නැත්නම් ඒ කාලේ කළා කාරයෝ ඔක්කොම මෙහෙම උන් වෙන්න විදියක් නැහැ නේ. බිව්වට නම් කිසිම අවුලක් නැහැ, හොඳට ඉන්න පුළුවන් එකේ පවුල් ජීවිත නැති වෙන ලෙවල් එකට බොන එකයි දුක.

    සුනිල් මාධව ගේ එහෙම ලිපි කියවන කොට හිතෙනවා අතේ සතේ නැතුව ණය වෙලා හරි කරටි කැඩෙන්න බොන එක ලොකු virtue එකක් වගේ පොර හිතන් හිටියද කියලත්. පොරගේ එක ලිපියක් මට මතකයි දිවයිනේ ගියපු, අම්ම පණිවිඩයක් එව්වා හරි මොකක් හරි, බලන්න යන්න අතේ සතේ නැහැ කියල අඬනවා, අන්තිමට ඉවර වෙන්නේ බීල.

    • ප්‍රොෆානෝ……උඹ දැකීමත් සතුටක්!!! සතර අගතිය කිව්වේ මේකද බං. මමත් දන්නේ නැහැ. ඒ වුනාට හොයාගත්තා.
      /////ජන්දය – යමෙකුට හෝ යමකට ඇති කැමැත්තෙන් අගතියට යෑම.
      දෝස – යමෙක් හෝ යමක් සමග ඇති කරගන්නා ද්වේෂයෙන් අගතියට යෑම.
      භය – යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම.
      මෝහ – මෝඩකමෙන් අගතියට යෑම./////////

      ////බීල නැති වෙනවා කියන එකත් හදා ගත්තු සංස්කෘතියක් මගේ හිතේ. නැත්නම් ඒ කාලේ කළා කාරයෝ ඔක්කොම මෙහෙම උන් වෙන්න විදියක් නැහැ නේ. බිව්වට නම් කිසිම අවුලක් නැහැ, හොඳට ඉන්න පුළුවන් එකේ පවුල් ජීවිත නැති වෙන ලෙවල් එකට බොන එකයි දුක.////////
      හරියටම හරි. මේකත් එක්තරා කල්ට් එකක් වගේ තමයි ඒ කාලෙදි. ඇයි එහෙම වුනේ කියන එක කියන්න තරම් මට සමාජ විද්‍යාත්මක හැදෑරීමක් නැහැ. සමහර විට විනෝදාස්වාදය සඳහා තිබුනු අවකාශයේ සහ පහසුකම්වල සීමාවන් වෙන්නත් පුලුවන්. මේ බොහෝ අය මේ සියලු ආතල් ගත්තේ ගෙදරින් පිටදී මිතුරන් එක්ක. ගෙදර ගියේ බමන මතින්. මේක එක්තරා දුරකට විමසිලිමත් විය කාරනයක්. මේ වගේ යුගයන් යුරෝපයේ, ඇමරිකාවේ කළාකරුවන් අතරත් 60-70-80 යුගයේ තිබුනු වගක් ඒ කාලයෙ ලෙජන්ඩ්ස්ලා ගැන කල්පනා කරන කොට පේන්න තියෙනවා.

      ////අතේ සතේ නැතුව ණය වෙලා හරි කරටි කැඩෙන්න බොන එක ලොකු virtue එකක් වගේ////////
      මේක වර්චු එකක්ද නම් මම දන්නේ නැහැ මචං. හැබැයි ඇලොකොහොලිස්ම් කියන එක නම් පිලිගන්න වෙනවා. මොනවා වුනත් සුනිල් මාධව අහිංසක සුන්දරයෙක්.

  8. හදිස්සියේ ලියපු ගතියක් හරි මොකක් හරි වෙනත් වෙනසක් හරි හිතට දැනුනා අරූ…
    මොක උනත් කමක් නැහැ ආපහු අවුල් වෙන්නට පෙර කියවන්න ලැබිච්ච එකම මදෑ…
    අරූ ඇසුරු කරලා තියෙන මිනිස්සු එක්ක බැලුවම අරූගේ සමාජ විශ්ව විද්‍යාලය කොයි තරම් වපසරියක පැතිරිලා තිබිලද කියල හිතා ගන්න පුළුවන්…

    • //////හදිස්සියේ ලියපු ගතියක් හරි මොකක් හරි වෙනත් වෙනසක්//////
      ලොකු පුතේ…….චූන් වෙච්ච තරමට තාම ටියුන් වෙලා නැහැ. චූන් වෙච්ච තරමටම ටියුන් කරගන්න බැහැ. ටිකක් වෙලා යනවා 😀

      මා එදා දුටු සමාජය සහ දැන් අත්විඳින සමාජය අහසට පොලව වගේ වෙනස්. මම තාමත් ඒ අතීත රස්තියාදුකාර සමාජයට හරිම ආසයි. ඒ වගේ තැන්වලට තාමත් බහිනවා. ඒ කොල්ලෝ එක්ක ඉන්න කොට මාත් මෙහෙම හිටියා නේද කියලා හිතෙනවා. ඒත් එදා තිබුනු මොකක්දෝ එකක් කොහේ හරි මිසින්ග්. මට හිතෙන්නේ ඒ මිස් වෙන්නේ අද තරුනයා සමාජ අවබෝධය අත හැර දුවන ගමනක් නිසා කියලා. අන්ත රස්තියාදු ජීවිතයක් මට තිබුනේ. ඇත්තමයි.

  9. Pra Jay says:

    ජේ එච් ජයවර්ධන කියන කතා ගැන චෙෆ් ආර්කි ලඟත් කතාවක් තියනවා. ලියයිද දන්නෙ නෑ

    • කොහෙද බං ශෙෆා දැන් ලියන්නේ අමුතු ඒවානේ. මිඩ් ලයිෆ් ක්‍රයිසස් 😀

      • පක…ඒක ඉවරවෙලා හෙනකල් ඕයි…
        ඇත්තම කියනවනං අරූට වගේ මට දින වකවානු නං ගං මතක නහී..සෝ තෝට් ඔෆ් කීප් මයි සයිලන්ස් ඉන් දිස් කේස්..පීස්…
        මට හයිය…”

    • ශෙෆා….දින අමතකවුනාට සිද්ධිය මතකනම් ලියපන් බං.

  10. මද්ද says:

    ලියපන් මේ පාරවත් ඉවර වෙනකන්.

    පට්ට.

    • ///////ලියපන් මේ පාරවත් ඉවර වෙනකන්.////////
      ඊට ඉස්සෙල්ලා මම ඉවරවුනොත්, ඉතුරු ටික උඹ ලියපන්.

  11. Anonymous says:

    MATA THIYENAW GATAKUWA E MINUSUNGEN SAMAJAYATA DEYAK UNADA KIYANA EKAYI… OYA GODAK AYA YAHAPATH SWAMIYEKA , DAYABARA PIYEK PIYEK …WELA NA NEDA

    • මේක හොඳ අදහසක් ඇනෝ.

      මම හිතන්නේ ඔවුන් සමාජයට යමක් ඉතිරි කරා කියලා. ඒක භෞතිකව අත් විඳින්න පුලුවන් දෙයක් නෙමේ. ඒක අපි උඹලට පරිහරනය කරන්න පුලුවන් අධ්‍යාත්මික ස්වරූපයෙන් විතරයි කියලා මට හිතෙන්නේ. ඒකනේ අපි තාමත් ඒවා ගැන කතාවෙන්නේ.
      /////OYA GODAK AYA YAHAPATH SWAMIYEKA , DAYABARA PIYEK PIYEK …WELA NA NEDA///////
      මෙන්න මේ කොටසේ ඇත්තක් තියෙනවා. ඒක අතිශය පෞද්ගලික කාරනාවක්. ඒ බව දන්නේ ඒ බිරිඳ හෝ දරුවන් පමනයි. ඒ සමහරක් දරුවන් හෝ බිරින්දෑවරුන් තවමත් ඔවුන්ගේ නාමයෙන් තම කීර්තිය පවත්වා ගෙන යනවා. කිසිම විවේචනයක් නැහැ ඒ පිලිබඳව. මේ අය ගත කරපු ජීවිත පිලිබඳ විවේචන, දෝෂාරෝපන ගෙන එන්න අපිට අයිතියක් තියෙනවද කියලා මට හිතෙනවා. පවතින තත්වය මත තමයි බං සියල්ල සිද්ධ වෙන්නේ. මම වැරදි ඇති. ඒත් මම එහෙමයි හිතන්නේ.

      • හෝව් පොඩ්ඩක් මම තාමත් හිතනවා ඇයි අපේ අම්මා එදා කොච්චර දුක් වින්දත් තවමත් අපේ තාත්තට ඔච්චර ආදරේ කියලා. අපි කවුරුත් නොදන්න ආදරයක් ඒ ඒ අය තුල ඇති. නැද්ද මම අහන්නේ.

  12. බොහොම මෑතකදි විජේරාමේ අවුරුදු හතරක් පහක් හිටපු එකෙක් විදිහට මටත් බොහොම ආසාවක් තියෙනව ඒ පැත්ත ගැන. ඒ කාලේ ගැන නුගේගොඩ පරිසරය ගැන කියවෙන, ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත කතා ගැන කියවන්න පුලුවන් හොඳම තැනක් මේ. බොහොම ආසාවෙන් කියවනව. ආයේ මේව ලියවෙන එක කොයිතරම් හොඳ ද? (ඔබට නෙවෙයි අපිට.)

    • කසුන්…….ඔය අවට පරිසරය ගැන සහ ඒ මිනිසුන් ගැන මම ලියපු අවුලේ මුල් කොටස් කියවලා බලපන්. මහ ලොකු විස්තරයක් නැහැ. උඹට ආසනම් කියවපන්.

      • කසුන් says:

        කියෙව්වා කියෙව්වා. ඒ කතාවල බොහොමයක් එකසිය ගනන් කොමෙන්ට් එක්කම කියෙව්වා.

  13. Manoj says:

    අරූයියා කියන මේ එක චරිතයක් ගැන හෝ අත්දැකීමක් අපිට නැත.ඒ අය ගැන අපි දැන ගන්නේ මෙවැනි සටහන් තුලිනි.තම විෂය තුල පතාක යෝධයින් වැනි වූ ඔවුන් ඇසුරේ ඔබේ අත්දැකිම් අපිට වැදගත් වන්නේ එහෙයිනි.

    • ///////තම විෂය තුල පතාක යෝධයින් වැනි වූ ඔවුන් ඇසුරේ ඔබේ අත්දැකිම් අපිට වැදගත් වන්නේ එහෙයිනි.////////////////

      මනෝ……ඔතන ඔය කියන ඇසුරේ කතාව කොහොම වුනත්, මටත් පොඩි චාන්ස් එකක් හම්බවුනා ඒ ඒ තැන්වල ගැවසෙන්න. ඒකයි ඇත්ත කතාව. ආශ්‍රය කරන්න හම්බවුනේ අමරෙ අයියා විතරයි. අනිත් අය ඒ හරහා මා දුටු චරිත කිව්වොත් තමයි කතාව නිවැරදි.

  14. වෙල්කම් බැක් බොස්….!
    ලැපක් ගාව වාඩිවෙලාම කමෙන්ට් කරන්නං..!
    ජයවේවා..!

    • ////////ලැපක් ගාව වාඩිවෙලාම කමෙන්ට් කරන්නං..!/////////////

      ලැපක් ගාව සැපක් අරගෙනම කමෙන්ට් කරපන්. සැපක් කිව්වේ සැපක් මිසක් වෙන වල් අදහසකින් නෙමේ.

      වරෙන්…ජොයින්ට් වෙයන්.

  15. රාජ් says:

    නියමයි. අවසානය නං කණගාටුදායකයි.
    කොහොම උනත් උඹට ආශ්‍රය කරන්න ලැබුන සෙට් එක ගැන කියල වැඩක් නෑ. අද එහෙව් කලාකරුවන් බිහි නොවෙන්නෙ මට හිතෙන විදියට ආර්ථිකය හොඳ වීමත් එක්ක බොහිමියන් ලයිෆ් එකක් ගෙවන්න වෙලාවක් නෑ කාටවත්. අද හැම දේම තියනව. ඒත් මොකද්දෝ අඩුවක් තියනව.
    -රාජ්

    • රාජ්…….උඹට මචං කියන්නත් මොකක්ද මොකක්ද වගේ. ගානක් නැහැ..මට උඹලගේ වයසේ අය කතාකරන්නේ “මචං අන්කල්” කියලා. දැන් ඒක රෙජිස්ටර්ඩ්.

      මචං…අවසානය බොහොම කණගාටුදායක වෙච්ච චරිත බොහෝම තියෙනවා. දැන් පරම්පරාවේ එහෙම නොවෙන එක ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඒක හොඳයි. ආරම්භය දුකක් වෙලා අවසානයත් දුකක් නොවෙන තැනට පත්කර ගන්න එක අපි කවුරුත් හිතට ගන්න ඕන. එහෙම කරගෙන නහයෙන් අඬලා වැඩක් නැහැ.

      බොහිමියන් ලයිෆ් එකක් ගෙවන්න නම් අපි වගකීම්වලින් ඉවත් වෙන්න ඕන. එහෙම සමාජ තත්වයක් ප්‍රායෝගික නැහැ. ඒක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බං. අපිට ඔක්කොම ඕන මිනිස්සුනේ. නිදහසයි, වගකීමුයි, තන්හාවයි, මහන්තත්ත කමයි, ශෘකානු ගති පැවතුමෞයි කියන එකී මෙකී සියලුදේම පටලවගෙන තියෙන්නේ. උඹ කියනවා වගේ ලොකු අඩුවක් මටත් දැනෙනවා…. මට හරි පාලුයි ලමයෝ 😀

      • මචං අංකල් කියන එක නම් හොඳ අදහසක්.. මම අර අපේ සරත් ලංකාප්‍රිය උන්නැහේට කතා කරන්නේ සරත් අයියා මහතා කියල.. අයියා වුනාට ගරු කරන්න ඕනේ නේ හෙහ් හෙහ්..

  16. Anonymous says:

    අරුණ….
    ඒ කාලෙ ජී.ටී.වික්‍රමසි‍ංහගෙ ලිපි කියවන්න මං හරි ආසයි. ලංකාවෙ පැරණි තොරතුරු ගොඩක් ලිවුව… මම කොහොමත් ඉතිහාසෙට කැමති මිනිහ..
    ජී.ටී.වික්‍රමසි‍ංහ ලංකාදීපෙ කාලයක් වැඩකරල තියෙනව මම හිතන්නෙ.. හැලපෙ දන්නව ඇති..

    හර්ෂ

    • කොහෙද බං මේ හැලපයා පාටි දදා ඉන්නවා මිසක්, මම වගේ අඛන්ඩව ලියන්නේ නැහැනේ.
      අර මයුරවිළ සහෘදයත් කමෙන්ට් එකකින්ම ලියලා තිබුනා මේ ගැන යමක් ලියන්න කියලා. ඕකා මේ වගේ පරණ මිනිස්සු ගැන හොඳට දන්නවා.

  17. wicharaka says:

    විසිල් හැටයි. බල්ටි සීයයි. උම්මා උම්මා උම්ම්මා……………..

    ආයේ එහෙම ලියන එක නැවත්තුවොත් අන්තර් මාහාද්වීපික මිසයිල් එකක් එවනවා තොගේ ඔඩොක්කුවට. හැබැයි ඒකේ එවන්නෙත් උම්මා විතරයි.

    මෙන්න ඉන්නවා චින්තන ජයසේන.

    http://www.radiogagana.com/2016/08/03/chinthana-jayasena-no-more/

    මේ කතා මෙහෙම නැවත ලියවෙනකොට ඒ කාලේ අපේ අත්දැකීම් වෙත ආපහු යැවෙනවා.

    බොහොම ස්තුතියි අරු ආයෙත් පටන් ගත්තට.

    • විචා…..හාදු වැස්සකටකට වඩා එක් උනුසුම් හාදුවක් හරිම රහයි. ඒක ලෝකයක් ලැබුනා වගේ 😀

      මේ ලින්ක් එකට තෑන්ක්ස්! මම නොදන්න දෙයක් දැනගත්තා. ඒ තමයි ///තවත් බොහෝ නාමකරණයන්ට මූලික වූ ඔහු, ශ්‍රී ලංකාවට කොන්ඩම් හඳුන්වා දීමේදී ඊට ‘ප්‍රීතී’ ලෙස නම් තැබුවේ ය.////////

      චින්තන ජයසේන කියන්නේ සීතලට උනුසුම් කෝපි එකක්( With some brandy)

    • Anonymous says:

      විචාරක මහතා,

      //ඔහුගේ සොයුරු කිත්සිරි මෙවන් ජයසේන… // මේ “කිත්සිරි මෙවන් ජයසේන” යනු, ටය් මහතාගේ “හඳයා” චිත්‍රපටියේ “සුප්පුවා” චරිතයට පෙනී සිටි පුද්ගලයාද?

      • විචාරක මහතාට ඉස්සෙල්ලා මම ජම්පින්ග් ආන්සර් එකක් දෙනවා.

        ඔව් පොර තමයි. කිත්සිරි මෙවනුත් දක්ෂයෙක් වගේම පෙම්බර මධු කෙනෙක් බව මමත් ගොඩවදින බාර් වලදි දැකලා තියෙනවා.

      • ඒ ඉස්සර. දැන් කොහොමද මන්දා…අගෞරවයක් කරා එහෙම නෙමේ.

      • Anonymous says:

        ස්තුතිය් අරූ!

        සමාවෙන්න, මට ඉස්සෙල්ලා අරු නැවත ලියන්න ගත්ත එක ගැන ස්තුතිය ප්‍රකාශ කරන්න අතපසු උනා.
        ආය මගදී නවත්තනවා එහෙම නෙවේ …. 🙂

      • ඉස්තූතියට විස්කෝතුයි ප්ලේන්ටියි. ,: D මම ලියන්නන් වාලේ ලියනවා මිසක් ඕවා ඒතරම් ගනන් ගතයුතු දේවල් නොවේ. මොනවා වුනත් ඔබත් බ්ලොග් ලියන්නෙක්ද…මාත් ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවද මන්දා.. මේ වර්ඩ්ප්‍රෙස් කතන්දරේ නිසා ගොඩක් අයගේ කමෙන්ට්ස් ඇනෝ එන්නේ. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා.

      • Anonymous says:

        ඉස්තූතියට විස්කෝතුයි ප්ලේන්ටියි. ,: D

        මරේ – මරු !! ඔන්න මන් ගානේ සිගරට් “ඩම්” එකක්. (ඒ කාලේ කට්ටියත් එක්ක සිගරට් එකක් පත්තු කරන්, සිගරට් එක රවුමේ යනකොට; ” මචෝ කහ මදේට කිට්ටු වෙනකොට මටත් “ඩම්” ඕනෑ” කියලා කියපු හැටි මතක් උනා. :D)

        කාලෙකට ඉස්සර් බ්ලොග් එකක් වගේ එකක් ලියන්ට පොඩි ට්‍රයක් දුන්නා. ඒක එහෙමම අත ඇරුනා… අරූ 🙂

      • wicharaka says:

        ඇත්තටම මේ කිත්සිරිමෙවන් ජයසේන තරමක් මතකයෙන් ඈත්වෙලා තියෙන්නේ. ආයේ මතක් කල එක හොඳයි.

  18. Anonymous says:

    නුගේගොඩඅවට “ආර්ට් සර්කල්” නම් අවන්හලේදී

  19. Anonymous says:

    නුගේගොඩඅවට “ආර්ට් සර්කල්” නම් අවන්හලේදී ….චාලිගේ මාළු කඩේ ගාවින් කඩල, වඩෙයි අරගෙන ලයන් හවුස් එක පහු කරලා ගිහිල්ලා වමතට වන්න වත්ත ඇතුලට තිබුණු තැන නේද මේ 81/ 85 කාලේ අපි සෙට්වුනෙත් එතනටම් තමයි තවම එක තියනවද

    • ඇනෝ මචං….81/84 වගේ කාලය තමයි මේ මම කියන්නේ. ඇත්තටම මටත් මගේ මතකය ටෙස්ට් කරගන්න කමෙන්ට් එකක්. මට චාලිගේ පොඩි මාළු ලෑල්ල මතකයි අර එල්ලෙන භූමිතෙල් පන්දම් ලාප්පුවත් එක්ක. ලයන් හවුස් කතාවක් මතකයට එන්නේ නැහැ. පොඩි වත්තක් ඇතුලට වෙන්න තිබුනු..හොඳට හදපු ගෙයක්. ආර්ට් සර්කල් කියලා ගහලා එහෙම තිබුනේ නැහැ. ලෑලි මේස කිහිපයක් සහ පුටු තිබුනා. ප්‍රේම්ලා, බණ්ඩාරලා වගේ අය නිතර සෙට් වුන තැනක්. මට එතන හිටිය පොරගේ නම මතක් වෙන්නේ නැහැ. කන්දවත්ත පැත්තේ තිබුනේ කියලා අවුල් මතකයක් තියෙනවා. මාව නිරවුල් කරපන්.

      මම පෝස්ට් එකේ ලියලා තියෙන අප්සරා එකනම් තිබුනේ, නුගේගොඩ ඉඳන් කොහුවලට යනකොට දකුනු අත පැත්තේ මීටර් සීයක් විතර යනකොට. ඒකත් හොඳ ගෙයක්. අප්සරා කියලා ඉංග්‍රීසියෙන් ලියපු බෝඩ් එකක් තිබුනා. ඒකට පිටිපස්සෙන් දොස්තරයෙකුගේ පොඩි ක්ලිනික් එකක් තිබුනා. ලිමිටඩ් පිරිසක් තමයි අප්සරා එකට ආවේ. පුබුදු එක වගේ මහා කලබලයක් නැහැ.

      උඹට පුබුදු එක ගාව කඩල කරත්ත බුවා මතකද? පුබුදු එකේ හොඳ බ්‍රැන්ඩ්ස් ගහන්න තිබුනු වෙනම සෙක්ශන් එක මතකද. නෙලු ස්ටුඩියෝ එක මතකද.. මට උදේට බණ්ඩාර ලොක්කව පුබුදු එක ගාවදි හම්බ වෙනවා, ඒවා පස්සෙ ලියන්නම්. මගේ අවුල් නිරවුල් කරපන් ප්ලීස්.

      //// තවම එක තියනවද////////
      අනේ මන්දා…දැන් නම් නටඹුන්වත් නැතුව ඇති කියලා හිතෙනවා.

      • Anonymous says:

        lලයන් හවුස් නැතිනම් ඔය හා සමාන තැනක් තිබ්බේ ඔතන නිතරම වික්ටර් රත්නායක /මිල්ටන් මල්ලවාරච්චි එහෙම දවල්ට / හවසට බැහැලා ඉන්නවා ආට් සර්කල් ගෙදරගැන දන්නෝ දනිති බෝඩ් කිසිවක් තිබුනේ නෑ හැමදාම හවසට හැම කාමරයකම කට්ටි කට්ටි සෙට්වෙනවා ඒකාලේ පලු දෙකට හදලා තිබුණු ගොන්ද ගෙයක් අයිති කරු හිටියේ ඊට ඉස්සරහා ගෙදර මට ඔහුගේ නමත් මතක් නෑ කොහොමහරි පොරට ටැක්සි එහෙම තිබුනා

        කන්දවත්තේ තිබුනේ නෑ ඕක තිබුනේ රේල්වේ අවෙනිව් එකේ ම්ටර් 50 විතර දුරින්. කන්දවත්තට යන්න පුළුවන් ඉස්සරහට ගිහිල්ලා රේල්පාර පැනලා අපේ සෙට් එක ඕකට ගියේ ඔතනට අපේ දෙමව්පියන් දන්නා හඳුනා කවුරුත් එන්නේ නැති නිසා ඔතන මුල සමුපකාර සතොසක් තිබුනා
        බුමිතෙල් රෙදි බෙදුවේ එතනින්

        ඔව් අප්සරා එක තිබුනේ එතන තමයි . ආට් සර්කල් එකයි අප්සාරා ගෙදර අයිතිකරුයි නෑදයෝද දන්නේ නෑ කලින් ඔය ගෙදර හිටපු ගෑනු ලමයකුයි තව ආට්සාර්කල් ගෙදර ඉසාරහා ගෙදර හිටපු කොල්ලෝ දෙන්න්කුයි, අලුත් සරසවි බිල්ඩිම ගාව හිටපු ඩේවිඩ් වික්‍රමරත්න ලොරි අයිති කරුගේ දුවයි එකම ටැක්සියකින් අපි ගිය කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ කෙලවරේ කනත්ත ගාව තිබුන ගෙදරක් සයන්ස් ටියුෂන් පන්තියට ආවා 1978 දී ඇන්ඩර්සන් පාර දිගේ අපි නම් පයින්ම තමයි ඇද්දේ

        අප්සරා එක තිබුන ගෙදර ,දැන් එතන ලොකු මෙඩිකල් සෙන්ටර් එකක් තියනවා මෙමෙරියට ගන්න ට්‍රයි

        පුබුදු එක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ ඉතින් ඔව් එ කඩල බුවාගේ කඩල වල පුදුම ආතල් සැරක් තිබුනේ කොහොමත්ෆුල් සයිස් පොඩි එවුන් නාවන බේසම් 2 ඉවරවෙනවා තව එතන විදුරු කඩල කරත්තයකුත්තිබුනා. මතකයි හයි ෆියි සෙක්ෂන් එක ඒකේ බඩු අපේ බජට්පේ එකට සෙට්වෙන්නේ නෑ මට මතක හැටියට ඒකාලේ ඇති විශේෂ බෝතලයක් 36 හෝ 56 විතර ඇති අපේ සෙට් එක පුබුදු එකට වැඩිය යන්නේ නෑ මාමලා බාප්පලා සෙටෙකම එතනට බහින නිසා නෙලූ ස්ටුඩියෝ එක ගැනනම් මතකය අවුල් සමරකොන් එක තමයි මතක තව ලිට්ල් ලයන් කියලා එකකුත් තිබුනා මතකයි

        89 90 වෙනකම් ඔය හැම එකකටම සහ දෙහිවල පර්ලින් එකටත් නිතර අවාගියා අනිවාර්යෙන්ම උඹවත් මචං දැකලා ඇති මන් පිටකෝට්ටේ ගල් අම්බලම ගාව එකෙක් 86/87 උඩහමුල්ලේ ඩිපෝවේ වැඩත් කළා

      • නෙලු ස්ටුඩියෝ එක තිබුනේ බර්නාඩ් සොයිසා එක හරියේ. බන්ඩාර කේ විජෙතුංග නිතර හිටිය තැනක්. බොහොමයක් රෙකෝඩිංග්ස් වුනේ ඔතන. දෙහිවල පර්ලින් එකෙත් ජීවිතේට අමතක නොවන සිදුවීමක් තියෙනවා. අපි ඒ කාලේ ඔය තැන්වල හම්බවෙලත් ඇති එහෙනම්. අසූහය මම දෙල්කඳ. අසූහත මම රටෙන් ගියා රස්සාවකට. උඩහමුල්ල ඩිපෝව සරුංගල් අරින කාලේ ඉඳන් ගැවසුන තැනක්.

  20. අල වගේද ගෝවා?. නියමයි ලොකු පුතේ, ඔහොම යං. මේකට බරසාර කමෙන්ට් එකක් දාන්නම ඕනෙ. මේ දැන් ආව විතරයි.පස්සෙ ආයෙ එඤ්ඤං

    ජේ. එච් ජයවර්ධනගෙ වීඩියෝ එක නොදැම්ම නං හොඳයි කියලා හිතුනා අරූ. මං කැමතිම, ප්‍රතාපවත් චරිතයක් වෙච්ච ඔහුව, මේ විදිහට දකින්න වෙච්ච එක හිතට මහ වදයක්.

    • බස්සෝ….ඔය ලොකු පුතේ කියන ආමන්ත්‍රනයට මම හරිම ආසයි. මට අම්මා කතාකරන්නේ එහෙම. නැත්නම් ලොක්කෝ කියලා. තාත්තා නම් කියන්නේ තමුසේ කියලා. ඒ ආදරේට වෙන්නැති. මමත් මල්ලිලා සෙට් එකට කතා කරන්නේ තමුසෙ කියලා. ඒත් ආදරේට වෙන්න ඇති.
      /////ජේ. එච් ජයවර්ධනගෙ වීඩියෝ එක නොදැම්ම නං හොඳයි කියලා හිතුනා අරූ. //////
      මචං..ඕකනේ ඇත්ත. අපි ඒකට ෆේස් කරන්න එපැයි. ඒ නිසා උඹ ඕව ගනන් ගන්න එපා : D ඒක නෙමේ උඹ දන්නවද මේ වීඩියෝ ක්ලිප් එක දාලා තියෙන කෙනා. ඒ තමයි ලක්ෂ්මන් මෙන්ඩිස්. ඔහු අප අතර ඉන්න දක් දක්ෂ රංගන වේදියෙක්. අති දක්ශයෙක්. නමුත් කරුමෙට මෙයාගෙන් අපේ එවුන් වැඩක් ගන්නේ නැහැ. ඒක අපිට කරන අසාධාරනයක්. මට නම් කේන්තියි.

      ලක්ෂ්මන්ගේ මෑත කාලීන සුපර් ඇක්ටින්ග් බලන්න ඕන නම් සුමිත් රත්නායකගේ මද්දහන ටෙලිය බලපන්. ඒක අවසන් කරපු විදිහ ගැන නම් මට විවේචනයක් තියෙනවා. සුමිත්ගේ ඩිරෙක්ටින්ග් විතරක් නෙමේ හැමෝම බොක්කෙන් රඟපානවා. ඒක බලපන්.

      අනිත් එක මේ ලක්ෂ්මනගේ තාත්තා තමයි සමසමාජ පක්ශේ දැවන්තයෙක්වූ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්. තනියෙන් ඉගෙන්ගත්ත මිනිහෙක් හිතන්නත් අමාරුයි. මේවා ගැන කියවන්න හොයාගන්න එක හරිම අමාරුයි. ඒ නිසාම තමයි මම මෙහෙමවත් ලියලා තියන්නේ.

      ඩබ්ලිව් ජයසිරි එක්ක ලක්ෂ්මන් මෙන්ඩිස් කරපු මේ සංවාදය අහපන්. මම දිගටම අහන රේඩියෝ වැඩ සටහනක්.

      • හෝව්…හෝව්… මට කියන්න අමතකවුනා..මම බස්සාගේ බරසාර කමෙන්ට්ටුව බලාපොරොත්තු වෙනවා. ඒ කමෙන්ට්ස් ගොඩගසා ගැනීමේ ලාභ චේතනාවෙන් එහෙම නොවේ කියලත් මේ සමගම ලියා තබනවා. මද්දහන ශාන්ති දිසානායකගේ නවකතාවක්.

      • මේ දෙන්නටම මං බොහොම කැමතියි. විශේෂයෙන්ම ඩබ්. ජයසිරිට. ඔහු මගේ ප්‍රියතම ටෙලි නාට්‍ය කීපයක අමතක නොවෙන චරිත රඟ පෑවා. මොන එකක්ද මන්දා, මට අලුත් ටෙලි, මං කැමති පරණ ටෙලි නාට්‍ය වගේ රස විඳින්න බෑ. ඇල්ල ලඟ වලව්ව, කඩුල්ල, දඬුබස්නා මානය, වෙද හාමිනේ වගේ එව්වා. හුණු වටයේ කතාව, අත්, මකරාක්ෂයා වගේ කැළනි පාලම යුගයේ වේදිකා නාට්‍ය, ආන්න මං බලන්න.

        බොහොම ස්තූතියි, “පාරදිගේ” ඔත්තුවට, මෙහෙම වැඩ සටහනක් තියනවා කියලවත් දැණගෙන උන්නෙ නෑ. මාත් පිටකො‍ටු ගියාවගේ දැණුනා.

  21. නැවත ලියන්න පටන් ගැනීම ගැන සතුටුයි.

  22. බරසාර කොමෙන්‍ටුව 🙂

    සමාජයේ ස්ථර ගණනාවක් එක්ක සම්බන්ධකම් පවත්වන්න – නැහ්නම් අපේ බාසාවෙන් ‘වල බහින්න” , හැමෝටම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ ලැබුණත්, ඒ ගැන තේරුම්ගන්න, දන්න දේ අනිත් අයටත් තේරෙන විදිහට ලියන්න හැමෝටමත් බැහැ. අපේ සමාජය විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි. අරූ කතාවක් ලියනවා, ඒක සරලයි, ඒ වගේම ගැඹුරුයි, හැබැයි ඉස්සො වඩේ එකක් වගේ රහයි.

    අපේ සමාජ විද්‍යාඥයො , මාධ්‍යවේදියො අතින් ගිලිහෙන මේ හිඩස පුරවන්න දිගටම ලියාපං ලොකු පුතේ. මාතෘකා, මහප්ප්‍රාණ නැතුවට කාරියක් නෑ. අපි ගැලරියෙ ඉඳලා විසිල් එකක් ගහඤ්ඤං

    හැන්දෑවේ කලුවරට‍
    බෑං ගා අඬ‍ාගෙන
    හෝන්දු මාන්දුව
    බිත්තියට වාරු වෙන කල
    දොරපලුව,
    කලු සුරුට්ටු ගඳ පළමුව
    පිපිරුනු කලු නියපොතු ඇති
    නාකි නහර පය දෙවනුව
    ගෙට අරගෙන………
    කොරවක්කෙක් මෙන් වකුටුව
    එළිපත පැන එයි ඇතුළට…..
    නාට්ටාමි සැම්සනයා
    හෙවත් අපේ තාත්තා.

    නාස් දෙපුට්ටෙන් හොටු රැල්
    කබල් කමීසෙට උර උර
    හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව
    පුරුද්දකට ඔහේ අඳින
    බොත්තම් නැති කොට කලිසම
    අතින් අල්ලගෙන හැලි හැලි
    සිලි බෑගේ මක්කාදැයි
    උනන්දුවෙන් එබී බලයි
    වේස දයාගේ කොලුවා
    හෙවත් අක්කගේ දරුවා.

    කෝටු කකුල් දෙක පෙනි පෙනි
    රතු කොට කලිසම ඇඳගෙන
    ඉර අව්වේ දවල් දවසෙ
    අත් වැඩ දී හෙම්බත් වී
    කොල්ලන් රැල වට කරගෙන
    හොක් හොක් ගා හිනාවෙවී
    බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි…
    මදාවි ආනන්දපාල
    හෙවත් අපේ පැටි අයියා.

    ඉස්කෝලේ ගිහින් එද්දි
    බුලත් බංකුවේ ඇසිඩගෙ
    හෙවත් අපේ අම්මාගේ
    සොහොන ළඟදි
    කණස්සල්ලට පිපිරිලා
    ඇස්බෝල තාම ඇඬුවත්…
    කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
    විද්දියාව පොත කියවයි
    පස්ස පේලියේ රමණී……
    හෙවත් මම හෙවත් හිච්චී….

    – ගයාත්‍රි කුමාරි ගරුසිංහ –

    • බස්සෝ…..මට මේ ගයාත්‍රිගේ කවිය ලොකු උත්තේජනයක් දෙනවා. ඒක මොන විදිහිටද කියලා මට හිතාගන්න බැහැ. පළමුව මම ඇයට ගෞරව කරන්නෙමි.

      මේ උඹේ කමෙන්ට් එකට මට ලියන්න ඕන දේ මම හෙට ලියන්නම්. ඒකට කල් දීපන්.

      දැනට මේ ටික…..මාගම් තෙන්නකෝන් ගැන අසා තියෙනවද.. ඔහු පිලිබඳ ඔහුගේ පුත් විසින් මාගම් දිවයිනට ලියූ “දිවි සයුරෙන් දිය දෝතක්” නම් ලිපි පෙළ පොතක් ලෙස එලි දැක්වූවා ගොඩාක් කාලයකට පෙර. ඒය බොහෝ රසවත් සැබෑ කතාවක්. මේ වගේම ඉතා නිර්ව්‍යාජ මිනිහෙක් හිටියා තිස්ස ගුණතිලක කියලා. ඔහු ආදී කාලේ ජනතා පත්තරේ කතුවරයාද වේ සිටියා. මට ඔහුව වාද්දුවේ නිවසේදි හමුවී තියෙනවා. ඒවා පස්සේ ලියන්නම්. දැනට මාගම් පිලිබඳ මේ ලිපිය කියවපන්. අපි හොයන්න ඕන අපි කවුරුද කියලා. ඒකයි වායෝගේ අපි කවුරුද ගීතයට මම කැමති. ඒ ගීතයේ නිර්මාතෘ සේනක බටගොඩ නම්වූ නිහඬ මිනිසාට මගේ ගෞරවය ද පුදමි.

      මෙන්න මා කියන ඒ ලිපිය.

      http://www.divaina.com/2010/10/14/sarasavi%202.html

      • Anonymous says:

        අරුණ කියවලා තියෙනවද ඇන්.ටී.කරුණාතිලකගෙ ”දිගු ගමනක පිය සටහන්'”‘

        හර්ෂ

      • හර්ශ……මම මේ පොත කියවපු බවට මතකයක් නැහැ. ඇන්.ටී.කරුණාතිලක පිලිබඳව මම කියවලා තියෙනවා. දැන් නම් මම මුකුත් කියවන්නෙම නැති තරම්. මේ බ්ලොග් පෝස්ට් එක කියවලා බලන්න.
        http://rasawathiya.blogspot.co.uk/2010/06/blog-post_25.html

  23. ආයේ ලියන්න පටන් ගත්ත එක හොදයි. මේ වගේම චරිතයක් තමා අපේ තාත්තා. එයාගේ යාලුවො ..ආශ්‍රය කරපු අය, දේශපාලන මිත්‍රයෝ මේ වගේම සුන්දර ඇති. දිනේෂ් ගුනවර්ධන හම්බවෙලා දවසක් තේ එකකුත් හදලා දීලා මම ඇහුවා තාත්තා ගැන. දිනේෂ් පුටුවෙන් නැගිට්ටා.. කෝ දැන් ඔය මනුස්සයා..කියල විස්තර ඇහුවා. අලෙවිගේ මරණෙ දවසෙත් කතා වුනා කියලා කිව්වා. ඒත් තාත්තා කවදාවත් මේ මිනිස්සු ගැන ඕන්වට වඩා කියලා නෑ.බැනල නන් තියනවා කුනුහරුපෙන් දෙල්කද හන්දියේ ඉදන් ගේ ගාවට එනකන්. මේ වගේ එයත් ලිව්වා නන් ….එ නිසා දිගටම ලියන්න. වයින් බෝතලේ ටිකක් ඈතින් තියාගන්න. සිගරට් බොන එක ම්මනන් නැවත්තුවා. ඉදල හිටලා ත්‍රයිලෝක විජයපත්‍රයක් ගත්තට කමක් නෑ…ඒක බෙහෙතක් ඕං…

    • සමාවෙන්න මගේ පොඩි ප්‍රොජෙක්ට් එකක නමෙන් ආවේ.
      https://matahithenahatiblogger.blogspot.com

      • @ මට හිකෙන හැටි 😀

        ඇත්ත හලෝ. තාත්තා කවදාවත් ඔය දැන හැඳුනුම්කම් කියන්න යන්නේ නැහැ. කොච්චර වැටිලා හිටියත් ඔය එකෙක් ගාවවත් බඩ ගාන්න ගියෙත් නැහැ. ඒ ඒයාගේ හැටි. අම්මා එහෙම එයාට පලයන් කියලා කිව්වෙත් නැහැ. අම්මට පුලුවන් විදිහට ඒයාවයි, අපිවයි ගොඩගත්තා. දිනේශ්ලා පුටුවෙන් නැගිටිනවනම්, වාසුලා පුටු යටට යන්න ඕන තාත්තා ගැන කිව්වොත්.B.A.D. බෑඩ් පෙරේරා ගැන ලියන්න ඕන. ලියන්න හිතන මගේ කතාවේ ඊලඟ කොටස බෑඩ් කරගත යුතුයි කියලා හිතුනා.
        ////වයින් බෝතලේ ටිකක් ඈතින් තියාගන්න. සිගරට් බොන එක ම්මනන් නැවත්තුවා. ඉදල හිටලා ත්‍රයිලෝක විජයපත්‍රයක් ගත්තට කමක් නෑ…ඒක බෙහෙතක් ඕං…///////
        මේවා ඉතින් නවත්තගන්න පුලුවන් නම් හොඳයි. මීට වඩා දේවල් මම නවත්තලා තියෙනවා. ඒත් මේවත් ඉතින් ජීවිතේ ගමන් සගයෝ. බලමු, කවදා හරි තාත්තා වගේ ඔය ඔක්කොම අතහරියි. සියල්ල තීරනය වෙන්නේ තමන් සහ ඒ පවතින තත්වයන් අනුවයිනේ. මට හිකෙන හැටි කියලා ලිව්වේ ජොලියට.

  24. චින්තන ජයසේන නේද එම්බියස් කියන නමෙන් ලිව්වේ?

    පොර ලියූ සිනමා විචාර මාරයි.

    එකකින් මට මතක කොටසක් මෙන්න. “ටිකිරා චිත්‍රපටය නැරඹීමත්, රන් කුකුලා ලකුණ දරණ කේක් ගෙඩියක් කෑමත් දෙකම එකයි සිතේ. නමුත් ඇත්තටම කේක් ගෙඩිය කෑම වඩා හොඳය!”

    • රසික……මට එම්බියස් කියන ආරුඪ නමක් ඔලුවට එන්නේ නැහැ. චින්තනගේ සිනමා විචාර නම් ඉතින් ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ.
      රසික ඔය රන් කුකුලා කතාව දන්නවා ඇති. රන් කුකුලා නමින් කේක් හැදුවේ කෝට්ටේ පැත්තේ බැප්ටිස්ට් බේකරියෙන්. ඉස්සර ප්‍රසිද්ද බේකරියක් සහ ප්‍රසිද්ධ රේඩියෝ ඇඩ් එකක්. ටිකිරා හැදුවේ සහ ටිකිරට රඟ පෑවේ බැප්ටිස්ට් ප්‍රනාන්දු. මෙන්න බැප්ටිස්ට් ගැන ලිපියක්. ඒ බැප්ටිසුයි. බේකරි බැප්ටිසුයි දෙන්නෙක්. චින්තන දෙක නියමෙට ගැලපුවා ලිවීමෙන්.

      http://www.divaina.com/2016/01/01/cineart02.html

  25. deshakaya says:

    අරූ උඹව අවුල් වේචිචි එකෙක් විදියට ආයෙම දැක්කම ශුක්‍ර සතුටක් දැනෙන්නේ බං.. වල්කම් බෝ වේවා.. චියර්ස්. ඒත් චියර්ස් කියන්න පුලුවන්ද බං ජේ එච් ල දැක්කම..

  26. සමාවෙන්න…..පිටකෝට්ටේ ඇනෝ මචංටත්, දේශකයා නොහොත් ලැච්චරයාටත්, බස්සාටත්, ඇන්ටී මතක් කරදුන් හර්ශටත් මම හෙමින් රිප්ලයි දාන්නෙමි. මට අපේ තාත්තා ගැන ලියන්න උවමනා යැයි බොක්කටම වැදී ඇත. මම එය ලියන්නට හිතාගතිමි.

    • ////////ඒත් චියර්ස් කියන්න පුලුවන්ද බං ජේ එච් ල දැක්කම..///////////
      මොනවා කරන්නද බං…..ලෙඩ දුක්, වයසට යෑම අල්ලලා නවත්වන්න බැහැනේ.

  27. එදා ලින්ක් එක දාන්න කිව්වට අද තමයි නිවාඩුවක් ලැබුනේ…පොස්ට් දෙක තුනක් රහට කියවගෙන ආව.නමුත් දින බැලුවේ නැහැ…පස්සේ කමෙන්ට් බලද්දී තමයි දැක්කේ අරුණ අයිමත් ලියන බව…හරිම සතුටුයි….මේ වගේ අත්දැකීම් තියෙන්නේ කලාතුරකින් කෙනෙක්ට….ඒවා බෙදා ගන්න අයිමත් වතාවක් තීරණය කල එක ගැන නම් හරිම සතුටුයි….

    • හෙමින් හෙමින් ලියන්නම් පොකුරු. මූඩ් එකක් එන්නත් එපැයි ලියන්න. අපි ඉතින් විනෝදෙට ලියන උදවියනේ.

  28. අරුණ අයියා හට රස විඳින්නට සහ ඇසුර ලබන්නට හැකිවූ අටෝරාසියක් තරම් ප්‍රාඥයන් සහ කලාකරුවන් ගැන මට නම් හොඳටෝම ජෙලස්ය. ඒ සමහර විට අප කිසිවෙක් අරුණ අයියා තරම් තරුණ කාලයේ පිස්සු කෙලපු නැති නිසා වන්නට පිළිවන.

    එතෙක් මෙතක් තුර අරුණ අයියා මතකය දිග ඇරිය චරිත අතරින් මට හමු වී ඇති එකම පුද්ගලයා වන නිශ්ශංක දිද්දෙණිය සමග අහම්බයෙන් හිනහ වී කතා බහ කරන්නට ලැබුණේ මේ කතාව මුල් වරට මා කියවූ පසුගිය ඉරිදා වීම විශේෂයකි.

    ඒ අහම්බයද අරූගේ අඩවියේදීම සිදුවූයේ මා සමගම ඉගෙන ගත් සහෝදර පරිප්පුවකු වන ඔහුගේ පුත්‍ර රත්නයට පින් සිදු වන්නට මිස මාගේ ඇති කලාවට ඇති අමුතු ලැදි කමක් නිසා නොවේ 😀

    මා පරිප්පුවකු වූ අලුත මා ඔහු දකිනා විට ඔහු බොහෝ තරුණ ඕනෑම කෙනෙකුට ඉතා අව්‍යාජ හිනාවකින් සංග්‍රහ කරන ප්‍රියමනාප අයකු බව මට මතකය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s