අවුල් වන්නට පෙර (55)…බෑඩ් නම්වු අපේ තාත්තා

සැබැවින්ම මම මේ ලියන්නේ ලියන්නට සිතා සිටි සටහනක් නොවේ. නමුත් මේ මිනිසා ගැන මා දන්නා, කවුරුත්නොදන්නා යම්යම් දේ මා මියදෙන්නට පෙර ලියා තැබිය යුතුවේ. බව මට හිතුණේ අපේ මල්ලීගේ සටහන් නිසාබැව් ඇත්තය. එසේ නොකළහොත් අපේ තාත්තා මියගිය දිනෙක ඔහු කවුදයැයි නිවැරදිව හඳුනාගන්නට අපේමුනුබුරු, මිනිබිරියන්ටවත් සාක්කි නොමැතිවේ.

අපේ තාත්තා බියගම ආචාරිගේ දයාරත්න පෙරේරා නම්වු මහා දඩබ්බරයාය. එනම් B.A.D. පෙරේරාය. තාත්තා දැන්වියපත් මිනිසෙකි. ඔහුගේ ජීවිත කතාව ඉතා රසවත්ය. මේ කවදාවත් ඔහු මට කියා දුන් දේ නොව, ඔහුගේ දෙවැනිමව වූ ලිලි ආච්චි මට කියා දුන් විස්තරය. ලිලි ආච්චි තාත්තාට කුඩම්මා වෙන්නේ, රෝසි ආච්චි නම් ඔහුගේ මව ,තාත්තා ඉපදී සති කිහිපයකින් ඇය මියගිය නිසා බව කවුරුත් දනී. මරණයට හේතුවහැන්දෑවේ නාන්නට ගොස්යකා ගැසීමය“. මේ මා ඇසු කථාය.

රෝසි ආච්චි ඉතාමත් රූමත් කාන්තාවක් බව මම අසා ඇත්තෙමි. සීයාද රෙද්ද බැනියම හැඳි මහා කඩවසම්පිරිමියෙක් විය. අපේ තාත්තාද මේ දෙදෙනාගේ මිශ්‍රණයක් බව මට රාජ් කපූර්ලා දැකීමෙන් සිහිපත්වේ. ඇය සතුමහා දේපලක් වැල්ලවත්තේ තිබූ බවත් අසා ඇත්තෙමි. සියල්ල අපේ බෑඩ් තාත්තා පසුකාලයක කුඩුකර දමාඇත. මමත් දන්නා හෝ දැක ඇති අවසාන භෞතික දේපලය නම් වැල්ලවත්තේ සරෝජිනි පෙදෙසේ තිබු දෙමහල්ගොඩනැගිල්ලකි. විතරක් නොව නුගේගොඩ දෙල්කඳ අපේ අම්මාගේ මහ ගෙදරත් විකිණීමේ කතාවට අයත්වේ. මම මහා ගෙදර ඇති දැඩි වූවෙක්මි. මේ සියල්ල ඔහු අන්සතු කරේ, ඔහුගේ දේශපාලන ජීවිතයත්, මිතුරුඇසුරත්, සමාජ ක්‍රියා කාරීත්වයේ තිබූ දුර දක්නා නුවන අඩුවේ තිබු අඩුපාඩු නිසා විය යුතුවේ. ඔහු සැබෑදඩබ්බරයෙක් බැව් මම සිතන්නෙමි. නමුත් ඔහු කිසි දිනක දඩයම්කරුවෙක් නොවූ බව මට ඉතා ප්‍රත්‍යක්ෂය.

මට අපේ තාත්තා ගැන සොඳුරු මතකයන් මෙන්ම, මහා අප්‍රසන්න මතකයන්ද රාශියකි. ඒ සියළු දේ අප මෙන්ම ඔහුද මතක් කරමින් හෝ අමතක කරමින් ඒ ජීවිතය ගත කරනු ලැබේ. මේවා මැජික් නොවේ. තාත්තලා යනු මැජික් කාරයන් නොවේ. ඔවුනුත් අප, නුඹලා මෙන්ම කෑමට, බීමට, ලෑමට සිත් තිබු සාමාන්‍ය මිනිසුන්ය. අපේ තාත්තා බීමට ලොල් වූවාට, කිසි දින පිටස්තර ලෑමට ලොල්වූ සෙවලයෙක් නොවන බව මම මගේ අත්දැකීම් තුල සිතමි. ඒ බව මම මෙලස සිතන්නේ අම්මා ඔහු වෙනුවෙන් අදටත් ඇති ආදරය නිසාවෙනි. මම දික්කසාද වෙනවා දයාරත්න කියා අම්මා කේන්තියෙන් කිව්වොත් තාත්තා කිව්වේ එදාට මම මැරෙනවා කියාය. නැත්නම් කිව්වේ, “නඩු දාපන්..මම නඩු කාරයා ලඟ දනින් වැටි , එහෙම කරොත් මම උසාවියේ සිය දිවි නසා ගන්නා” බවය. මේ දෙන්නා උත්තම ගනයේ ප්‍රේමවන්තයෝය. අපේ පවුලේ දරුවෝ හත්දෙනෙක් ඉන්නේ ඒ නිසාමය. තාත්තා බීලා වැඩිවී කාණු පල්ලක නිදා සිටියා යැයි කිසිවෙකු කීවිට අම්මා එය පිලිගත්තත්, ඔහු තව ගැහැණියකගෙ බඩ උඩ නිදාගත් බව කවුරුන් හෝ කීවත්, අපේ දයාරත්න එහෙම කෙනෙක් නොවන බව අම්මා කියන්නේ සිනහ සෙමිනි. මේ සහතික ඇත්තය. අපේ තාත්තා බඩු කාරයෙක් නොවී, බේබද්දෙක් වීම පිලිබඳ මට ඇත්තේ අප්‍රමාන සතුටකි. මේ ලියන තාත්තාගේ ලොකු පුතාත්, තමන්ගේ බිරිඳට අතිශයෙන්ම පෙම් කරනා මිනිසෙකි. මට මගේ තාත්තා මහ ලොකු මිනිසෙකි. අපේ දුවට ඇයගේ සීයා “ලූනු සීයාමය”.  එදා ඇයට සීයා හදා දුන් වෙසක් කූඩු වෙනුවට ඇය කීවේ වෙසක් ලූනු කියාය. විසිහත් හැවිරිදි ඇය තවමත් ඔහු අමතන්නේ ලූනි සීයා කියා බව  මතක් වෙන විටත් මේ ලියනා මගේ දෑස තෙත්වීම වලකනු නොහැකිය. අපි මිනිසුන්ගේ ඇති මහා වැරදි උලුප්පනවාට වඩා, ඒ මිනිසුන්ගේ කුඩා සුන්දරකම් කතා කිරීම වඩා යහපත් බව මම සිතන්නෙමි. මේ සෝමා හෙට්ටිආරච්චිගෙන් මා උගත් හොඳම පාඩමය. ඇය කවුදැයි අපි පසුව කතා කරමු. මේ ඡේදය ලියවුනේ සංවේදිවය. ඉතිරි ටික රියැලිටියමය. (මේ මොහොත වෙන විට සුබස වැඩ නොකරන නිසා…මගේ අකුරු හකුරු විය හැක.)

 

ඒ කෙසේ වෙතත් අපේ තාත්තා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කළු අග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහලේය. ඒ ඔවුන් හංවැල්ල, පහත්ගම නම් සොඳුරු ගම්මානයේ මිනිසුන් නිසා විය යුතුය. තාත්තා පසුව බොහෝ කාලයක් මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ඉගෙනුම ලබා ඇත. ඔහු ඉගෙනගෙන ඇත්තේ ඉංග්‍රීසී භාශාවෙනි. කවදාවත් ගෙදර කා සමගවත් ඒ භාශාවෙන් කතා කරනවා කිසි දිනෙක අසා නැත. අපේ අම්මාටද යම තරමකට සුද්දාගේ භාශාවේ හැකියාවක් තිබුනි. අද ඇය කිසිම භාශාවක් කතා නොකරයි. මම පමනක් නොව අප  පවුලේ සියල්ලෝම මේ සොඳුරු ගැහැනිය පිලිබඳව මහත් ආඩම්බරයෙන් කතා කරයි. ඒත් අදටත් මේ අමුතු මිනිසා ගැන මතකය අලුත් කරන්නේ මා පමනක්දැයි මට විමතියක් තිබේ. තාත්තාගේ පිස්සු ගැන සීයා නම් කිව්වේ, ඔය පකිරෙන්තුවා ජීවිතේට හැදෙන එකෙක් නොවෙයි කියාය. තාත්තාගේ කුඩම්මා ලිලි ආච්චිත්, ලිලි ආච්චිගේ අම්මා බබා ආච්චි  තාත්තාට කතා කරේ “අපේ දයාරත්න නැත්නම්..අපෙ කොලුවා” කියාය. මම මේ සියල්ල දැක ඇත්තෙමි. සීයා ,මෙහෙ වරෙන් දයාරත්න කියා තාත්තාට පතබාන්නේ, මේ හාදයා මහ රාත්‍රිය වෙනකම් ගමේ යාළුවන් සමග නොනවතින “වල බැහීමේ” කප්පිත්තෙක් නිසා මිස අන් කවරකටවත් නොවේ. මේ තාත්තාගේ ලොකු පුතා මම මේ සියල්ල ඇසින් දුටුවෙක්මි. මේ මගේ තාත්තා, සීයගෙන් බේරාගන්නේ ලිලි ආච්චීය.  අපෙ තාත්තාගෙත් ආච්චිවූ බබා ආච්චි ,අපේ සීයට බනින්නේ, ආපහු අත තිබ්බොත් විලියොං උඹේ අත කඩනවා කියමිනි. කුඩම්මා කෙනෙක් සහ කුඩච්චි කෙනෙක් මෙතරම් ආදරය කෙරූ කෙනෙක් ඔබ අසා ඇද්ද? අපේ තාත්තා ලිලිආච්චිට පන මෙන් ආදරය කරේය. හැමදාම කිව්වේ ඒ මගේ අම්මා කියාය. අපේ අම්මාගේ අම්මා හෙවත් අපේ ආච්චි, ඩෝරාච්චිට අපේ තාත්තා මේ සියල්ලටම වඩා ආදරය කරේය. අවසන් කාලයේත් ඩෝරාච්චිව නෑව්වේ, සුද්ධ පවිත්‍ර කෙරූ අය අතර ඔය බෑඩ් ප්‍රමුඛයෙක් විය. මගේ බිරිඳත් ඒ අතර සිටි තවත් මූලිකයෙකි. මගේ තාත්තා වෙන අයට තාත්තා වෙන්න පෙර මට තාත්තා විය. මම ඔහුගේ බීමත් කමට හැර අන් සියල්ලටම ගරු කරමි. මම තාත්තා ගැන ලියන්නට පටන් ගත්තා පමනි. තව ලිවිය යුතු දේ බොහෝය. මොකා මොනවා කීවත් බෑඩ් මගේ තාත්තය. ඒ දඩබ්බරයාට මම ආදරේය. මම විතරක් නෙමේ අපේ අම්මාත් මේ හාදයාට පන මෙන් ආදරේය. මම ඊළඟ කොටසත් තාත්තා ගැන ලියන්නම්. මට සමාවෙන්න. ලිව්වේ මහා අමුතු මිනිහෙක් ගැන අමුතු වේදනාවකින්. සත්තයි ලිව්වා නෙමේ ලියවුනා. අම්මෙක්ගේ අගය ඔහුගේ කුඩම්මා ලිලිආච්චි තාත්තාට  පෙන්නු බව සැබෑය. තාත්තෙක්ගේ අගය පෙන්නන කුඩප්පලා ඉන්න බවත් මම බ්ලොග් කතා තුල දකින්නෙමි. ඒ කුඩප්පලා සහ මහප්පලාටත් මගේ අතිශය ගෞරවය!! මම අපේ බේබදු තාත්තා ගැණ ලියා ඉවර නැත. තාත්තේ ඔබ තවත් ජීවත් වෙන්න.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

82 Responses to අවුල් වන්නට පෙර (55)…බෑඩ් නම්වු අපේ තාත්තා

  1. හුටා….සේව් කරන්න ගිහිල්ලා පබ්ලිශ් වුනා.. සමාවෙන්න කතාව ඉවර නැහැ. ටවුමට ගිහින් ඇවිත් මේක හරිගස්සනම්. මා දැන් යා යුතුමයි.

  2. ලිපිය චෙකොව්ගෙ කෙටිකතාවක් වගේ හදිසියේ නැවතුනේ ඇයි කියල සිතද්දිම කාරණේ තේරුනාද නැත්නම් ඇත්තටම චෙකොව් වගේ ලිව්වද හිතාගන්න බෑ. කොහොම උනත් මෙතෙක් ලිව්ව ටික බොහොම රසවත් අරූ

    • chami says:

      හිමින් ලියමු ලොක්කා

      • ////////ඇත්තටම චෙකොව් වගේ ලිව්වද////////
        චෙකොෆ් වගේ ලියන්න තරම් මට දැණුමක් නැහැ ගුණේ මහත්තයෝ. මම ඔහේ ලියන්නෙක්. මාව අගේ කරාට ස්තූතියි!!!

      • “You must trust and believe in people or life becomes impossible.” Anton Chekhov

    • චෙකොෆ් කියලා ලාබ වොඩ්කා එකක් තියෙනවා මෙහෙ. ඒක ගැහුවම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ.

  3. chami says:

    හිමින් ලියමු ලොක්කා

    • අනේ වධ දෙන්නේ නැතුව ඔහේ හිමින් කියව ගන්නවද…
      අරූ කලින් වගේ එක පාර මිස් උනොත්, තියෙන මගුලත් නැහැ…

      • chami….හෙමින් තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් හෙමින් චූන් වෙන වයසේ උදවියනේ 😀

  4. තාත්තා ගැන දිගටම ලියන්න. මට තාත්තා හම්බවෙන්නට අවුරුදු 10 මාසයකුත් දවස් විසිපහකට ඉස්සෙල්ලා ඔයාට තාත්තා හම්බවෙනවා. මගේ තාත්තා ගැන මට තියෙන කියවීම නිවැරදි කරගන්නටත් නොදන්නා තාත්තා කෙනෙකු ගැන දැනගන්නටත් ඔයාගේ ලියවීම වැදගත් වනු ඇති. තාත්තා ගැන ලියවිල්ල ඔයාගේ අතින් සාර්ථක වේ යැයි මම සිතනවා.

    • අපි දෙන්නම මෙහෙම ලියාගෙන යමු. මට යාලුවෙක් කිව්වා එකම චරිතය පිලිබඳ දෙවිදිහක සිතුවිලි කියවීම හරිම අලුත් අත්දැකීමක් කියලා. ඒක මටත් අලුත්. තාත්තා කෙනෙක් ගැන පුතුන් දෙදෙනෙකුගේ අත්දැකීම්.

  5. වෙන එකක් එපා මේකටම ලියන්ඩෝ

    • ආ දානකං බලා හිටියේ , ඔන්න යනවා බුදියන්ඩ

      • ///// ඔන්න යනවා බුදියන්ඩ///////
        තෝ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ 😀

        ගායනය – චන්දන ලියනාරච්චි
        ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
        සංගිතය – රෝහණ වීරසිංහ

  6. wicharaka says:

    හ්ම්……….මහදිග කතාවක ආරම්භයක්. හොඳයි, ඉතුරුටිකත් ලියන්නකෝ.

    • ලියන්නම්….උඹලා කියවපං. හිත හීලෑ නැහැ හරිම මුරණ්ඩුයි 😀

      පද රචනය – සුනිල් ආරියරත්න
      සංගීතය – රෝහණ වීරසිංහ
      ගායනය – බන්දුල විජේවීර

  7. යක්ෂයෝ මග නවත්තන්නේ නැතුව ලියහං…

  8. Anonymous says:

    can u pls clarify below!
    I’m not trying to get your personal things but I missed my mother very badly & she left me when I was far away from me.
    “අද ඇය කිසිම භාශාවක් කතා නොකරයි

    Tks
    Rohan

    • රොහාන්…..මම බොහෝම ඉමෝශනල් වෙච්ච වෙලාවක් මේ පෝස්ට් එක ලිව්වේ. ඇයි මන්දා එහෙම වුනේ කියලා.

      අපේ අම්මාට ස්නායු ආබාධයක් නිසා, කතා කිරීමේ හැකියාව නැතිවෙලා යනවා. ඒක හරිම වේදනාවක් මානසිකව. දරු හුරතල් කිය කිය අපි හත් දෙනෙක් නලවපු, අපේ ලමයින්වත් නලවපු, මේ සියලු කරදර දුක්ඛ දෝමනස්සයන්ගෙන් අපිව බේරගෙන මහමග වෙනුවට යහමග පෙන්නපු ඇය හිටි ගමන් වචන පිටකරන්නට බැරි රෝගි තතවයකට පත්වුනා. මොනවා කරන්නද. උපතින්ම කතා කරන්න බැරි අයත් ඉන්න ලෝකෙක, ඉතාමත් වයසක කෙනෙකුට එහෙම වුනාම, අපි ඉතින් මොකද කරන්නේ. ඇයට ඒ වෙනුවෙන් සියලු සත්කාර අපි කරනවා. සන්තෝසයි කියන්න ඇය හොඳ සිහියෙන් ඉන්නවා, කනවා, බොනවා. හැබැයි කතා කරගන්න බැරි වේදනාව, ඒ සියලු හැඟීම් අතර එලිය එනවා. වයසත් එක්කනේ දැන්.

      මට තේරෙනවා රොහාන්ගේ ෆීලින්ග් එක. අපි කවුරුත් කිසියම් වෙලාවක මේ සියල්ල අතහැර යා යුතුයි කියන එක වටහා ගෙන ජීවත් වෙන්න ඕන. ඒ සිම්ප්ල් රියැලිටි එකට යර්ස් කියමු.

  9. ravi says:

    ඔයා මාරයි විජේ!!!

    තාත්තල අම්මල මොනවකලත් බං අපිට ඉන්නෙ එක අම්මයි එක තාත්තයිනෙ…ඒ හින්ද දෙමව්පියො කරන ඕනම දේකට අපිට සමාව දෙන්ට වෙනව…

    මෙහෙම පපුවටම වදින්ට ලියන්ට පුලුවන් මචං උඹටම විතරයි!

    • විජේ සහ අජේ…..එහෙම පිචැර් එකක් මතක්ද…

      /////අපිට ඉන්නෙ එක අම්මයි එක තාත්තයිනෙ…///////
      ඒ විතරක් නෙමේ මචං, ඒ ගොල්ලන්ට ඉන්නෙත් අපි විතරයි. ඒක තමයි ඇත්ත. මගේ හදවතට සමීපම දේවල් අපේ මල්ලි ලියනවා වගේ මටත් ලියවෙනවා. ඒ එයා දුටු ඇත්ත. මේ මම දුටු ඇත්ත. ඇත්ත තමයි හරි. අපේ මල්ලි වගේම මම ලියන්නෙත්ත ඇත්ත. ඒක හරි ශෝක්.
      ////පපුවටම වදින්ට ලියන්ට පුලුවන්////////
      මගේ ලියවිල්ල මචෝ සිතුවිලි අකුරු කරනවා හැර වෙන මුකුත් නෙමේ.

  10. Transylvania says:

    good u have started writing again

  11. //අපි මිනිසුන්ගේ ඇති මහා වැරදි උලුප්පනවාට වඩා, ඒ මිනිසුන්ගේ කුඩා සුන්දරකම් කතා කිරීම වඩා යහපත් බව මම සිතන්නෙමි.// +++++

    • මේ සමග මාත් ඉන්නවා

    • රාජ් says:

      මාත් මේක තමයි ක්ලිප් බෝඩ් එකට දාගෙන ආවෙ.

    • //අපි මිනිසුන්ගේ ඇති මහා වැරදි උලුප්පනවාට වඩා, ඒ මිනිසුන්ගේ කුඩා සුන්දරකම් කතා කිරීම වඩා යහපත් බව මම සිතන්නෙමි.// +++++////////

      • //අපි මිනිසුන්ගේ ඇති මහා වැරදි උලුප්පනවාට වඩා, ඒ මිනිසුන්ගේ කුඩා සුන්දරකම් කතා කිරීම වඩා යහපත් බව මම සිතන්නෙමි.// +++++////////

        එහෙම නොහිතුවොත් අපි හැමදාම එකිනෙකාට වෛර කරමින් සහ පුපුරමින් ජීවිත්වෙයි. ඒකෙන් වෛරයට පාත්‍ර වෙන්නාටවත්, වෛර කරන්නටාත් වෙන සෙතක් හෝ මොන මගුලක්වත් නැහැ. නමුත් මම දේශපාලනය ගැන හිතන කොට මේ ආදර්ශය අදාල කරගන්නේ නැහැ. ඒක වෙනම තත්වයක්.

  12. maathalan says:

    කොහොමද හුත්තෝ මෙහෙම ලියන්නේ…

    • අනේ මන්දා ලියනවා නෙමේ බං. අර සුනිල් එදිරිසිංහගේ සින්දුවක තියෙන්නේ “නටනවා නෙමේ තාලෙට කකුල් සෙලවෙනා කියලා” කතාවක්. හොඳ සින්දුවක්. මතක් වෙන්නෙම නැහැ.

      • ravi says:

        උඹ සින්දු ආයම ලියනව. තාලෙට කකුල් කතාවක් ඒකෙ නෑ උලමො.

        නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
        තන තන තාන තම්දෙනා තන තන තාන තම්දෙනා..

        අනික කෙහෙල්මල් සුනිලෙක් නෙවෙයි ඒක කියන්නෙ..ජානක වික්‍රමසිංහ…:)

        මේ පෝස්ට් එකේ දොළොස්වෙනි සිංදුව ඒක…..

      • මචං රවී…..ඔව්..ඔව්…ජානක වික්‍රමසිංහ තමයි. මට වැරදුනා. හරි කලබලයි බං මේ ටිකේ. අපි දෙන්නා පොඩි නිවාඩුවක.
        ///////තාලෙට කකුල් කතාවක් ඒකෙ නෑ උලමො////////////
        කකුල් මොකද…දෙපා මොකද බං..ඔය ඕනම මගුලක් නටන්නේ ඔයදෙක උඩනේ 😀

    • upeksha says:

      මාතලන් බොද්ධ කොඩියක් හෝදලා වතුර බීලා සිල්වත් වෙයම්කෝ ලොල්.. කෝම වුණත් හොදට ලියලා තියෙනවා..ජය

  13. අරූ ඉමෝෂනල් වෙලා, අපි මොනිටර් දිහා බලාගෙන කඳුළු හංගනවා අනිත් උන්ට නොපෙනෙන්න…
    තාත්තා සහ අම්මා දෙදෙනාම තව දිගු කලත් ජීවත් වේවා…

    මටත් අපේ තාත්ත පොරක්, අඩු වයසෙන් අපි අතරින් සමු ගත්තත් එයාල ජිවිතේ කරපු වැඩ වලින් අරික්කාලක්වත් අපිට කරන්න බැහැ…
    අපේ අම්මගෙයි තාත්තගෙයි කතාව ලියන්න මම හැමදාම හිතාගෙන ඉන්නවා, එත් ඒක තාම බැරි උනා…
    මේසන් වැඩ වඩු වැඩ වලින් පටන් අරගෙන, මිනිස්සු වැඩ අරගෙන සල්ලි නොදී මග අරින නිසා ඒ රස්සා අත ඇරලා දාල ඊට පස්සේ හකුරු පෙට්ටියක් ඔළුව උඩ තියාගෙන කිලෝමීටර් විස්ස තිහ පයින් ඇවිදලා, දවසක් ඒ පෙට්ටියත් එක්ක වැටිලා අත පය ලෙලි ගහගෙන ඇවිත් ඊටත් පස්සේ කාගෙන්ද මන්ද ඉල්ලා ගත්තු බයිසිකලයක හකුරු පෙට්ටිය බැඳගෙන කිලෝමීටර 35 ක් දුරින් තියෙන වැද්දගලටම ගිහින් හකුරු විකුණලා ඊටත් පස්සේ ප්‍රසිද්ධ බන්ටි ටොෆි මාකට් එකට එන්න සෑහෙන කලින් ඉඳල ගෙදරම හදපු මැෂින් වලින් ගෙදර වැඩපලක් දාල ටොෆි හදපු, ටොෆි කොලත් ගෙදරම ප්‍රින්ට් කරපු, අන්තිමේදී කරපු බිස්නස් වලින් දියුණු වෙලා අපිටත් හොඳට උගන්නලා, ගෙවල් දොරවල් හොඳට හදලා, යාන වාහන එහෙමත් අරගත්තු ඒ දිරිය මනුස්සයගේ කතාව තාමත් ලියන්න බැරි උනා…

    • ඔය ලොකු පුතාලගේ තාත්තාට වඩා මේ ලොකු පුතාගේ තාත්තා එහෙම්පිටින්ම වෙනස්. එයා තිබුනු දේවල් සියල්ල නැතිකරගත්ත කෙනෙක්. ඒවායින් ගෙදර අයට හරි කරදර වුනා. ඒත් දැන් හිතෙනවා ඒක එයාගේ විදිහනේ කියලා. ඒක හරි ආත්මාර්තකාමි ජීවන රටාවක්. ඒත් අපේ තාත්තා ආත්මාර්තකාමි බව ප්‍රැක්ටිස් කරේ ඔන්න ඔය විශයෙ විතරයි. ඒක තමයි පුදුමේ. කමින් ඉන්න වෙලාවක ගෙදරට හිඟන්නෙක් ආවොත්, බත් පිඟාන අර මිනිහට දීලා, වතුර වීදුරුවක් බීලා තාත්තා ශේප් වෙයි. ඒ තරං හිත හොඳ මිනිහෙක්. එයාගේ බොන්න සල්ලි තියෙන්නේ කාලක් ගහන්න විතරක් නම්, ඒත් ඒක තව බොන්න බලාගෙන ඉන්න එකෙක් එක්ක බෙදාගනියි.

    • sudeeka says:

      මේ ලියපු පොඩ්ඩත් ඇති මචං. උඹේ දිරිය පියා ඉදිරියේ පියවරුන් වශයෙන් අපි අඟුටුමිට්ටෝ.

  14. Anonymous says:

    “නඩු දාපන්..මම නඩු කාරයා ලඟ දනින් වැටි , එහෙම කරොත් මම උසාවියේ සිය දිවි නසා ගන්නා”
    මම සදුට දෙන උත්තරේ

    • උඹ හොඳ ප්‍රේමවන්තයෙක් වගේ. දික්කසාද නම් වෙන්න දෙන්න එපා. හොඳ ගෑනියෙක් හොයා ගන්න හරි අමාරුයි, “අපි වගේ හොඳ මිනිස්සුන්ට” පෙම්කරන්න කෙනෙක් නැතුවුනාම ජීවිතේ මාර අවුල් බං මෙන්ඩෝ.. මට නම් හෙන මඤ්ඤං එතකොට.

  15. Anonymous says:

    අර උඩ කෙමෙන්ට් එක මගේ
    එල ද බ්‍රා

  16. Mendis says:

    බීලා වැඩිවී කාණු පල්ලක නිදා සිටියා යැයි කිසිවෙකු කීවිට සදු එය පිලිගත්තත්, මම තව ගැහැණියකගෙ බඩ උඩ නිදාගත් බව කවුරුන් හෝ කීවත් සදු පිළිගන්නේ නැත

    • සෙන්නා says:

      සමහරු විශ්වාසය හම්බු කරලා ඒක වියදම් කරණවා…විශ්වාසය කවදාවත් වියදම් නොකරන්න පරිස්සම් වෙයන් මෙන්ඩෝ…
      උඹලෑ කුරුලු කූඩුවට ජය !

      • Mendis says:

        උබ දන්නවද සෙන්නා ..එකේ වටිනාකම වැඩි වෙන්නේ මම වැඩ කරන්නේ කෙල්ලෝ 1216ක් එක්ක …ඉතින් සමහර වෙලාවට මගේ කෙල්ලොන්ගෙන් කෝල් ආවහම උන්ගේ ඒ කතා කරන උන් අහන ඒවාට මම දෙන උත්තර අහගෙන වෙන ගැනියෙක් නම් ඒක දවසක් ඉන්නේ නැහැ ..
        ඉන්දියාවේ ඉදලා නම්රතා කියලා කෙල්ලෙක් ඇවිත් මාත් එක්ක සති 3ක් වැඩ කරා යන්න ඉස්සර ඒකිට ඇදුම් ගන්න ඕනේ කියලා මම එක්කරගෙන ගියා එකී ඇදුම් ඇදලා පිටෝන් රුම් එකෙන් එලියට ඇවිත් මගෙන් අහනවා ලස්සනයිද කියලා ..ඕක ගෙදරට කියලා තිබුණා ඒ කඩේ හිටපු සදු අදුරන කෙනෙක් ..අපේ ගැනී කිව්වේ
        “ඔයාට නම්රතා එක්ක ජංගි තෝරන්න යන්න පුලුවන් මාත් එක්ක කරෝල කැල්ලක් ගන්න පොලට යන්න එන්න තමයි බැරි කියලා
        එල ද බ්‍රා මෙන්ඩා

      • මම නං මෙන්ඩියෝ වෙන ගෑනුන්ට ජංගි නෙමේ මට ජොකෙක් ගන්නවත් ශොපිං යන්නේ නැහැ.

  17. සෙන්නා says:

    බඩු කාරයෙක් නොවී බේබද්දෙක් වෙන එක ලක්ෂවාරයක් හොඳයි… බෑඩ් ටත් ඔහුගේ ප්‍රිය බිරිඳටත් දීර්ගායුෂ පතනවා !
    සෑබෑම ලස්සන ලිවිල්ලක් අරූ.. උඹ ලස්සනට වචන එක්ක සෙල්ලම කරණවා….

    • මොනවා කියන්නද මම දන්නෑ සෙන්නා. මම අකුරු එක්ක සෙල්ලං කරනවා නෙමේ. අකුරු මාත් එක්ක සෙල්ලං කරනවා 😀

    • sudeeka says:

      බොහොමයක් අය තමන්ගේ දෙමව්පියන් එහෙම වුණ එක, එහෙම වෙණ එක ගැන පාරම් බානවා. නමුත් තමන්ගේ දරුවන්ට එහෙම ගුණ ගයන්න දෙයක් ඉතිරි කරන්නේ නෑ. එහෙම හිතෙන්නේ නැතිව ඇති.

  18. wicharaka says:

    අම්මලා තේරුම් ගත්තත්, තාත්තලා තේරුම් ගැනීම තරමක් අමාරුය. අපේ තාත්තා සාම්ප්‍රදායික විදුහල්පති වරයෙකි. සුද්දාගේ පරිපාලනයේ ඇලුණු ගැලුණු කෙනෙකි. අපි එක්කත් කතාකලේ නිල මට්ටමෙන් වගේය. නමුත් මේ තාත්තා, අපේ ලොකු අක්කා විවාහවී යන දවසේ, සියල්ලන්ට හොරෙන්, හොඳටම හැඬු බව මම දනිමි.

    • විචා….මට මෙහෙමත් හිතෙනවා. තාත්තලා කරන වැරදි හරි ඉක්මනට පේනවා. ඒ තාත්තලා වැරදි කරන නිසා. අම්මලාගෙ වැරදි නැතිනිසා ඒවා පේන්නේ නැහැ. අම්මලා කියන්නේ මහා පූජණීය වස්තුන්. අපේ තාත්තලාටත් , අපිටත් පිනක් තිබිලා තියෙනවා එහෙම ගෑණු හම්බවෙන්න. නැත්නම් අපි උඹලට කතා කරන්න කිසිවක් ඉතුරුවන්නේ නැහැ. දෙමව්පියන් නොදැකපු දරුවන් පිලිබඳ මට තියෙන්නේ හදවතට ඉඳිකටු අනිනවා වගේ වේදනාවක්. අපි කියලා මොනවා කරන්නද…

  19. //සැබැවින්ම මම මේ ලියන්නේ ලියන්නට සිතා සිටි සටහනක් නොවේ. නමුත් මේ මිනිසා ගැන මා දන්නා, කවුරුත්නොදන්නා යම්යම් දේ මා මියදෙන්නට පෙර ලියා තැබිය යුතුවේ. ඒ බව මට හිතුණේ අපේ මල්ලීගේ සටහන් නිසාබැව් ඇත්තය. එසේ නොකළහොත් අපේ තාත්තා මියගිය දිනෙක ඔහු කවුදයැයි නිවැරදිව හඳුනාගන්නට අපේමුනුබුරු, මිනිබිරියන්ටවත් සාක්කි නොමැතිවේ.//

    මේ ලිපිය පටන් ගෙන තිබෙන්නේ මා ගැන සදහනකිනි. ”මට හිතෙන හැටි” මා ලියූවේ අවංක සටහනක් තැබීමේ චේතනාවෙනි.එය ඔබේ හැගීම් ඇවිස්සෙන සුළු වූවා නම් මා ඊට සමාව ඉල්ලමි. එහෙත් මා ලියා තැබුවේ මා දුටු මා කියවූ මට කියවන්නට ඉතුරුකල තාත්තා කෙනෙක් ගැනය. මට ඔබේ හැගීම තේරුම් ගත හැක. එහෙත් මා මේ ලියා තැබුයේ ඔබ විසින් කියවන ලද තාත්තා ගැන නොවන නිසා අප අතර පරස්පරය වැඩි දියුණු වී ඇත. මාගේ තාත්තා පිළිබද කියවීම ඔබේ මේ ලිපි පෙළ අවසන ලියන්නට මා තීරණය කලා. එතෙක් මා නිහඩව සිටීම සුදුසුයි.

    //අපේ තාත්තා බීමට ලොල් වූවාට, කිසි දින පිටස්තර ලෑමට ලොල්වූ සෙවලයෙක් නොවන බව//
    //අපේ තාත්තා බඩු කාරයෙක් නොවී, බේබද්දෙක් වීම පිලිබඳ මට ඇත්තේ අප්‍රමාන සතුටකි. //
    අපේ තාත්තා ඇත්තෙන්ම බඩුකාරයෙකු හෝ සෙවලයෙකු නොවේ. එහෙත් බඩුකාරයන් හා සෙවලයන් පිළිබද මේ සටහන සමග මම එකග නෑ.. එහි අරුත මා මේ ‘බඩුකාරකම, සෙවලකම’ අනුමත කරනවා යන්න නොවෙයි. එයටද ඔබ නැවැතෙන තැන්හි උත්තරයක් දෙන්නට මා සූදානම්.
    ජයම වේවා. නොනැවතී ලියන්න..
    ප.ලි
    මට දැන් වයස අවුරුදු හතලිස් තුනකි. ඔබ ඒ ගැන දැන්වත් සිතුවොත් හොදය. මා තවදුරටත් කොණ්ඩය පීරන්නේ නැති, දවසේ වැඩිම වෙලාවක් කොට කලිසමෙන් දිවි ගෙවන, නාවර පෙරාගත්, කෑමට ගිජු ”පොඩි එකා” නොවන වග ඔබට දැනෙන බව සිතන්නට කැමැත්තෙමි.

    • මම මේවගේ කමෙන්ට්වලට එකට හරි ආසයි. මට යමක් ලියන්න ඕන. ඒත් දුව කියනවා ඒ ගොල්ලන්ගේ ගෙදර ආවා නම් එයාලා එක්ක කතා කර කර ඉන්නලු. ඇත්තනේ. මම පස්සේ මට හිතන හැටි ලියන්නම්.

      • ////////////එතෙක් මා නිහඩව සිටීම සුදුසුයි.////////////
        මම නම් හිතන්නේ මෙය එසේ නොවිය යුතු බවයි. ඔබ ලිවිය යුතුදේ ලිවිය යුතුවේ. මගේ කියවීම ඊට බාධාවක් කරගත යුතු නොවේ. දෙදෙනෙකුට දෙවිදිහකට පෙනීම හෝ සිතීම සහ අදහස් දැක්වීම බාධාවක් කරගත යුතු නැත.

        //////බඩුකාරයන් හා සෙවලයන් පිළිබද මේ සටහන සමග මම එකග නෑ./////////

        මේ වචන දෙකම යොදාගැනීමට සිදුවන්නේ ඒ අරුත උලුප්පා ගැනීමේ උවමනාවෙන් මිස අපහාසයකට නොවේ. ඕනෑම කෙනෙකුට තම කැමතෙතෙන් ඕනෑම කාරයෙක් වීමේ පුද්ගලික අයිතියක් ඇත. ඒ තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස්වේ. ඒත් මේ අවස්තාවේ බඩුකාරයා සහ සෙවලයා යන්න හුදෙක් අදහසක් ඉස්මතු කර ගැනීමේ චේතනාවෙන් සිදුවු දෙයක් පමනකි. මා ජීවත්වන්නෙත් නිදහස් මත, නිදහසේ ගලායන ලෝකයක නිසා ඔය කිසිම කාරයෙක් පිලිබඳ මගේ කිසිම අමනාපයක් හෝ විචිකිච්චාවක් නොවේ. ඒ සියල්ලෝම මගේ සිතීමට අනුව මා මෙන්ම තවත් මිනිසුන් පමනි.

        ///////”පොඩි එකා” නොවන වග ඔබට දැනෙන බව සිතන්නට කැමැත්තෙමි.//////////
        පවුල නම් කුඩා සංස්ථාව තුල ඇති බැඳීම් ප්‍රබල නිසා, මිනිසුන් හෝ ගැහැනුන් තුල මේ සංවේදි සිතුවිල්ල ඉවතයන්නේ ඉතාමත් සෙමින්ය. දෙමව්පියන් තම දරුවන් විවාහවී, දරුවන් ලැබුවාට පසුවත් ඔවුන්ට පෙනෙන්නෙ තම දරුවන් එදා සිටී කුඩාවුන් ලෙසමය. ඒ ඒ අයගේ ජීවිතවලට අත නොපොවනා තෙක්, වැඩිහිටියන්ගේ ඒ අහිංසක සිතුවිල්ල අනතුරුදායක නොවේ. ඒ මිනිස් බැඳීම්වල ඇති ස්වභාවයයි. මට නම් අප පවුලේ සියල්ලම තවමත් මට මගේ කුඩා මල්ලිලාය, නංගිලාය. අප මිය යන තෙක් ඒ සිතුවිලි එසේම පවති. මට මහා “ගෞරවයක්” නංගිලා, මල්ලිලා අතර තවමත් තියෙන්නේ ඔන්න ඔය මම කියනා සිතුවිල්ල උඩය. ඒවා සොඳුරු මානුශික බැඳීම මිස, ඒ තුල පොත් පෙරලා, පිටු අතගා සොයා බැලියා යුතු සමාජ විද්‍යාත්මක සිද්ධාන්තයන් හෝ න්‍යායන් නොවේ.

  20. Transylvania says:

    අපි මිනිසුන්ගේ ඇති මහා වැරදි උලුප්පනවාට වඩා, ඒ මිනිසුන්ගේ කුඩා සුන්දරකම් කතා කිරීම වඩා යහපත් බව මම සිතන්නෙමි. ++++++++

  21. Mendis says:

    අය්යින්ඩ් කෝ කෙමෙන්ට් වලට උත්තර

    • මෙන්ඩෝ මම පොඩි පෞද්ගලික නිවාඩුවක් ගතකරනවා මේ සතිය දෙක. ඒ ලැබෙන පොඩි ඉඩෙන් තමයි මෙහෙමවත් උත්තරයක් දාන්නේ. බ්ලොග්ස් කියවන්නවත් ලැබුනේ නැහැ.

  22. Manoj says:

    //තාත්තේ ඔබ තවත් ජීවත් වෙන්න//

    අරුයියා මගෙත් ආදරණිය පැතුමක් තමයි එක.

  23. Nadil says:

    දරුවන්ගේ අනාගතය ගැන නොහිතන තාත්තෙක් …
    අනේ මන්දා බන්.. මට නම් මොන දේ කරනන්ත් ගියත් පොඩි එවුන් තමා මතක් වෙන්නේ …

    • නදිල්……අපි ඔක්කොම එකිනෙකාට වෙනස්. අපි දරුවන් වෙනුවෙන් කොපමන දේවල් කරනවද. නමුත් අපේ තාත්තා වගේ ජීවිතය වරද්ද ගත්ත අයත් තව ඕන තරම් ඇති. ඒවා තුලින් අපි පාඩම් ඉගෙනගත යුතුයි මිසක් ඒවායෙ සහ දරු සෙනෙහසේ දිග පළල මැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි මේ දේවල් සාකච්ඡා කිරීම නම් ඉතා වැදගත්.

  24. මල්madahasa says:

    එල එල machang uncle ohoma yan….

    • මේ කමෙන්ට් එක නම් මාව දන්න කෙනෙක්ගේ විය යුතුයි. මල් මදහස් ඉන්නේ මම ඉන්න රටේමද..ඔය මචං අන්කල් කෑල්ල එන්නේ මේ පලාතෙන් 😀

  25. තාත්තා ගැන මතක ලිවිම හරිම සුන්දර දෙයක් අරූ.. ලස්සනට ලියල තියෙනවා. ඇත්තටම තාත්තා ගැන සටහනක් ලියා තැබීම හරි වටිනවා. ඒවගේම අපේ යුතුකමක්. හැම තාත්තම එකයි කියල හිතෙනවා. අපේ තාත්තත් තියෙන දේවල් වලින් ගොඩ නැගු කෙනෙකුට වඩා තිබිච්ච හැමදේම අනුන්ට දීලා සන්තෝසෙන් මැරිලා ගිය කෙනෙක්. බීම සහ ගෑනු ගැනත් කතාව ඔය කතාවම තමයි.

    අද මම යම් තැනක ඉන්නවනම් ඒ අපේ තාත්තාගෙන් උරුම වෙච්ච සහජ දක්ෂතා නිසා සහ අම්මගෙන් ආපු තැන්පත් නිහඩ කම නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි. ජාන වලින් එන හාස්කම් ඒවා.. ඉතිරි කොටසත් ලියන්න.

    • ඒකනේ පැතුම් හැමෝම එක වගේ නැහැනේ නේද…සමහරු දේවල් ගොඩනගනවා, සමහරුන් දේවල් නැතිකර ගන්නවා. නැත්නම් මේක බැලන්ස් වෙන්නේ නැහැනේ. මේ විවිධත්වය නිසාම තමයි අපිට ලියන්න, කියවන්න, කතාකරන්න, නිර්මාණ කරන්න මාතෘකා තියෙන්නේ.

      පැතුම්ලගේ තාත්තාත් ස්වභාවිකව ගලාගෙන ගිය ගඟක් වගේ වෙන්න ඇති. සමහර දිය පහරවල් හරවගන්න පුලුවන් තව කෙනෙක් කැමති දිසාවකට. ඒත් සමහරක් ඒවා බැහැ. හරවා ගත්තත් ඒ තරම් පලදායිත්වයක් නැහැ. අනේ මන්දා මට එහෙමයි හිතෙන්නේ.

  26. Pra Jay says:

    //යකා ගැසීමය//
    ඒකාලෙ ස්ට්‍රෝක් එකකින් මැරුණාමත් එහෙම කිව්වලු

    • ඔව් ප්‍රා. ඒ කාලේ වෙදෙකුට, ඩොකෙකුට හොයාගන්න බැරි හැම මරණයක්ම යකෙක් ගැහීමක් තමයිලු. මේ මරණයත් එහෙම එකක් වෙන්න ඇති.

  27. Anonymous says:

    මේ ඊයෙ පෙරේදා මංජුලත් තව කීප දෙනෙකුත් එක්ක රසවත් සැන්දෑවක් ගතකලා. අවසන් උනේ එලිය වැටෙද්දී. උඹවත් නොයෙක් වෙලාවේදී මතක් කලා.

  28. kawindu says:

    ape thaththala wage kennel sinaloa wikunaa dama semana sewaya , nadayinta udw kirima ehema thamyi ape ekkena kare

  29. Sarath says:

    I red your blog after a long time Aru, welcome back to blog space, I became a fan of blog-sphere after reading your blogs.your articles are very familiar and close to my life.That may be one reason why I like your articles much. Few of your live characters in your blogs are my friends in real world. Even though i like your articles so much ,I never put any positive comments or critique about them because in borne lazy character living within me. However, I am very happy about your come back. After reading this particular article, I feel i am a one son who couldn’t recognize his farther’s feelings and expectations for some extent.That guilty feeling some time hurts me lot.

    • //////Few of your live characters in your blogs are my friends in real world. ////////
      ඇත්තද මේ සරත්.

      අපේ අතින් අතපසුවෙන දේවල් අනන්තවත් ඇති. හැබැයි ඒ මොනවාදැයි කියා හඳුනාගැනීමත් බොහොම වටිනවා. උවමනාවෙන් අතපසු කරනවා නම් තමයි ලෙඩේ.

  30. හැමෝටම තමන්ගේ තාත්තා වීරයෙකි … අපේ මුල් ගුරුවරයා සේම පිරිමි දරුවන් වශයෙන් අපේ මූලාදර්ශකයාද පියාය !

    කතාවේ ඉදිරි කොටස් එලියට ඇදෙන තෙක් අසාවෙන් බලා ඉන්නවා …

    අපේ හාමිනේගේ පරම්පරාවේ උදවියත් මොරටුව හොල්ලාගෙන හිටපු හැටිත් … බීම, ගැහැණු සහ දේශපාලනය පසු පස ගොස් සියල්ල නැති භංගස්ථාන කර ගත් අකාරයත් ගැන රස කතා මම ඒමට අසා ඇත 🙂

    • //////හැමෝටම තමන්ගේ තාත්තා වීරයෙකි///////
      කණ්ඩෝ……මම ඒක එහෙම හිතන්නේ නැහැ. අපේ ගෙදර එහෙම තාත්තා වීරයෙක් වුනේ නැහැ. තාත්තා අපිව ලොකු මහත් කරන්න කරපු දෙයක් උලූප්පලා කියන්න නැති තරම්. ඒත් ඒ මිනිස් පරානය ඇතුලේ..වෙනස්ම ආකාරයේ මිනිහෙක් හිටියා. එදා මට එහෙම පෙනුනේ නැහැ. මම පසුව එය තේරුම් ගත්තා. මම කොහොමත් “මොඩ්ල් වීරයින්ට” කැමතිත් නැහැ. හැම වීරයෙක්ම සුන්දරත් නැහැ. හැම සුන්දරයෙක් වීරත් නැහැ. මම වීරයින්ට වඩා සුන්දරයින්ට කැමතියි.

      රස කතා ලියන්න!! කන්ඩාගේ බ්ලොග් එකට මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියලා මට හිතෙනවා. ඒක ටෙක්නිකල්ද, වෙන මොකක් හරිද කියලා මට තේරෙන්නේ නැහැ.

      • මොඩ්ල් වීරයෝ ඉන්නේ හුඟ වෙලාවට කාටුන් පොත් වල නැත්නම් අපේ හිත්වල කියන එක නම් හැබෑව !

        මම තවම හිතල කිරල මනාල ලියන තත්වයක නැහැ … හිතට එන දේ වෙලාව තියන විදිහට ලියනවා … කාලය අඩුකම හන්දා තැනින් තැන නවත්ත නවත්ත පටන් ගන්නකොට මුලක් මැදක් අගක් නැති වෙන්න ඉඩ කඩ වැඩියි 🙂

        ටෙක්නිකල් වෙනසක් කිව්වේ රචනා විලාසය ගැනද බ්ලොග් එකේ සැකසීම ගැනද ? හැමදේම හරිය කියනා උදවියට වඩා විවේචන මම අගය කරනවා 🙂

      • තමන්ගේ රචනා ශෛලිය කියන්නේ, ඒ බ්ලොග් එකේ ආත්මය. ඒවා එහෙම කාටවත් ඕන විදිහට වෙනස් කරන්න එපා. මම කියන්නේ කන්ඩාගේ බ්ලොග් එක හරි හුදකලා ලුක් එකක් දෙන්නේ. මම වැරදි වෙන්න ඇති. නමුත් ඒ ෆොමැට් එක ටිකක් පාළු ස්වරූපයක්. අනිත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්ස් පොඩ්ඩක් හොයා බලන්න.

  31. sudeeka says:

    හැම කෙනෙකුටම තමන්ගේ තාත්තා වීරයෙක්. එහෙම නොවුණා නම් ඔහු මහා අසුභාවාදියෙක්. අඩුම ගානේ පොඩි කාලේවත් වීරයෙක්. මගේ තාත්තාත් එහෙමයි. අඩුපාඩු එමටයි. මට නම් එයා මගේ දරුවෙක් වගේ. බොහොම සැහැල්ලු පොරක්. මහා පොරක් නොවී එහෙම වුණ එක ගැන සතුටුයි. මේ ලිවිල්ලට කවදත් වගේ මම ආසයි.

    • අඩුපාඩු නැත්තේ කාගෙද නේද සුදීක. සමහරු ඒවා හදාගන්නවා. සමහරු ජීවිතේට හදාගන්නේ නැහැ. තෑන්ක්ස් සුදීක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s