අවුල් වන්නට පෙර (56) ගලන ගඟකි ජීවිතේ…

කුමන හේතුවක් මත වුණත්, මට හිතෙන්නේම ජීවිතය යනු ගලායන දිය පහරක් ලෙසය. එය කාණුවක්, ඇළක් හෝ ගඟක් නොවේ නම් මොන බඩකඩුත්තුවක් හෝ විය හැක. නමුත් එය දිය දහරාවකි. මේ තුළ නොයෙකුත් පන්නයේ ජීවීන් හමුවේ. සාරි ගප්පි,බුලත්හපයෝ,දණ්ඩි වැනි ලස්සන අහිංසකයෝද, ලූලෝ, මගුරෝ වැනි කැමට රස එව්වෝද, හුංගෝ, මගුරෝ වැනි නපුරෝද, ලිස්සා යන ආඳෝද බොහෝ වේ. දිය කූඩැල්ලන්ද, දිය බෙල්ලන්ද, දැක්කාම අප්පිරිය හිතෙන ජීවින්ද වේ. ශාකද අපමණය.

මේ ගලායන දිය දහර තුළ ඔරු පදින්නන්, වැලි ගොඩදමන්නන්, මැණික් හාරන්නන්ද වේ. බීමට ජලයත්, නෑමට වතුරත්,පුක හේදීමට වෝටර් දෙන්නෙත් මේ ගඟමය. විටෙක ගඟ ,වැසි මද හෙයින් ඔහේ ගලා යයි. වරක වියලී යයි. තරහෙන් මෙන් පිටාර ගලා ගොස් මහා අනතුරු ඇති කරයි. මට හිතෙන්නේම ජීවිතය ගඟක් කියාය. කොහෙන් ගලා ආවත්, කොහෙන් බෙදී ගියත්, අවසානයේ එක් තැනකදී, මගේ කොටස අවසන් යැයි කියා මහා සාගරයට මේ සියල්ල මුදවා හරී. මේ ජීවිත සත්‍යය අප වටහා ගත යුතුය. එපමණක් නොව අප එය රස විඳිය යුතුය.

මේ ලියනා මේ මොහොතේ මා සිටින්නේ කැමර්ටන් නම් ඉතාම කුඩා ග්‍රාමයක ගඟක් ආශ්‍රිත පෙදෙසක,නිවසක එළිපත්තේය. පට්ට සීතලය. දැන් මට එය මිහිරකි. අපි මේ සිටින්නේ අපේ දුවගේ නිවසේය. අපේ ගෙවල්වල මෙන්ම මේ ගෙදරත්, ආගන්තුක සංග්‍රහ සහ විවෘතභාවය ඉතා පුළුල්ය. මටත්, මගේ සුදු හාමිනේටත් මාර ෆිට්ය. මේ මිනිසුන් ගැනත් වෙලාවක ලියමි.

මීට බොහෝ කාලයකට පෙර අප ජීවත්වු ඉහළ තල්දූව නම්වූ අතිශය ග්‍රාමීය පරිසරය මට කිචිකවයි. කැමර්ටන් එවැනි පරිසරයකි. මට ඉහළ තල්දූවේ, සීතාවක ගඟේ බල්ටි ගැසු අපේ තාත්තා මතක්වේ. (මැක්කා වගේ මාත් එතනටමයි යන්නේ : D) අද නිකං අමුතුම විදිහකට ලියවෙන්නේ වයින් වීදුරුවයි, තෙලොවට අධිපතියි දෙකම එක තැන හින්දද මන්දා. මොනවා වුනත් මම හිනාවෙලා ඉන්න ආසයි.

Advertisements

About aruge adaviya

ෂේප් එකයි,පාරයි---ටෝච් එකයි,පොල්ලයි
This entry was posted in Uncategorized. Bookmark the permalink.

60 Responses to අවුල් වන්නට පෙර (56) ගලන ගඟකි ජීවිතේ…

  1. අදත් කෙලවුනා. මට සේව් එකයි පබ්ලිස් එකයි පැටලෙනවා. මීට පස්සේ ඒ වැරද්ද කරන්නේ නැහැ. මම මේ කොටස ලියලා ඉවර නැහැ. සමාවෙන්න. මගේ කොම්පියුටර් දැනුම හරි ලිමිටඩ්.

    • හෙහ්, හෙහ් මම හිතුව. 🙂

      මම මේ පු‍ටුවෙ හොඳට හරි, බරි ගැගිලා දෙයියනේ කියල කියවන්න ගත්තා. පටන් ගැන්ම බොහොම හොඳා , ඔහොම කියෝගෙන යනකොට එකපාරටම පොල්ලෙන් ගැහැව්වා ගැහුවෙ නැතෑ බ්‍රේක්. ඉතිං මොකේදෑ දං වළඳන්නෙ? 🙂

    • රාජ් says:

      මං හිතන්නෙ වයින්වල අවුලක්.

  2. Anonymous says:

    ගනන් ගන්න එපා ඉතුරු හරියත් ලියල දාපං.මම හැලපයා.

  3. Anonymous says:

    අම්මටම හැමිනියන් කිව්වලු, මූ ඉන්න ආතල් එක ඊරිසියාවෙ බෑ.

    • ඇත්තමයි ඇනෝ ෆුල්ම ආතල් එකේ හිටියේ බං. අපි හරිම නිදහසෙන් හිටියේ. දැන් ඉතින් ආපහු ගමනේ යා….

  4. හි හි ..හිමිහිට ඉතුරු ටික දාමු

  5. wicharaka says:

    ඉහල තල්දූව ගැන උඹ මුලින්ම ලියපු කාලේ තමා, මට උඹ ගැන උනන්දුවක් ඇතිවුණේ. ඊට පස්සේ අපි කොච්චර දේවල් කතාකලාද? ඔය කියන සීතල පරිසරය, මගේ හිතේ මවන්නේ, පැරණි ඉංග්‍රීසි කතාවල ඇඳ තිබෙන එංගලන්තයේ පිටිසර ගම්මාන වල චිත්‍ර. උඹත් ඒ චිත්‍රයක ඇඳ තිබෙන චරිතයක්ද?

    • විචා…..මම මේ රටේ නොයෙකුත් පලාත්වල වාසය කරලා තියෙනවා, නැත්නම් වැඩ කරලා තියෙනවා. ස්කොට්ලන්ඩ් පැත්ත තමයි මම ගොඩක් ප්‍රිය කරේ. නමුත් මේ කුඩා ග්‍රාමය සහ පරිසරය වෙනස්ම අත්දැකීමක්. චිත්‍රයක්ම තමයි. ගමේ පාරේ ඇවිදගෙන යන කොට හිතෙන්නේ මම ඒ චිත්‍රයේ ඇතුලේ බුරුසු පහරවල් කිහිපයක් වෙන්න ඇති කියලා.මට මුලින් හිතුනා ඇයි මේ වගේ තැනක් ස්ථිර පදිංචියට තෝරාගත්තේ කියලා. නමුත් දුවගේ සහ ඔහුගේ ඒ තේරීම හරියටම හරි.

  6. Sa rasa says:

    // (මැක්කා වගේ මාත් එතනටමයි යන්නේ : D) //

    😀

    • අපි ඔක්කොම මොන යම් හෝ විශයක මැක්කෝ තමයි සරසයෝ. කුක්කෝ නොවී මැක්කෝ වෙන එකත් නරකම නැහැ. මැක්කා යනු තාල වර්ගයේ ගසකි. ගස තල්ද, පොල්ද වැඩක් නැහැ. නමුත් අපි ගසට වඩා මැක්කන්ට පෙම් කරන්නෝ වෙමු.

      /////////සැවුල් අසුන් පවත්-11[සංස්කරණය කරන්න]
      101. පෙළ:- නිකසළ නැණිනි විපුල් තාළ සත දැනැ ළකල් නද පසඟ තුරු වැයුමෙහි හසළ නිමල් එ පන්සිළු තුල්, නැබළ නළ රැඳි මඟුල් විදියෙන් කෙළැ කෙළ යාගන්නැ.

      (පිරිසුදු නුවණින් මහත් වූ තාළ ශාස්ත්ර ය දැනැගෙනැ සිත් ඇදැගන්නා තදින් යුතු පස් අයුරු තූර්ය භාණ්ඩ වැයීම පුරුදු වූ, දොසක් නැති, පසිදු පන්සිළුවා බඳු මහත් නළු පිරිස් වසන්නා වූ මඟුල් විදිය ඔස්සේ සෙල්ලමින් යාගන්නැ)./////////
      https://si.wikibooks.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A_%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-11….
      ගත්තේ ඔතැනින්….මට හිතුනා මේක මෙතනට දාන්න. කමක් නැහැනේ සරසයෝ.

  7. Anonymous says:

    අරූ …. දැන් ඉන්න තැන, පහළ ලින්ක් “මැපට්” එකට කිට්ටුද ?? 😀

    https://www.google.ca/maps/place/Camerton,+Bath,+UK/@51.3153693,-2.5571588,10z/data=!4m5!3m4!1s0x4871878a2d9ab8ff:0x8279760efd046dd9!8m2!3d51.315778!4d-2.455255

    • ඔව්….ලඟපාත නම් සෙට් වෙමු. ඒත් අපි අද රෑ විතරයි ඉන්නේ.

      • Anonymous says:

        බොහෝම ස්තුතියි අරූ.

        සමාවෙන්න අරූ. මම ඉන්නේ කැනඩාවේ. 😦

      • කවදා හරි දවසක, කොහේ හරි තැනක අප හමුවෙයි. එදාට අපි කතා කරයි. ඒ වෙනකොට මාත් අපේ අම්මා වගේ ශබ්දයෙන් නොව, හැඟීමෙන් අදහස් ප්‍රකාශ කරන්නෙක් වෙයි. එහෙමත් නැත්නම් තාත්තා වගේ, සියල්ල ඔහු තුලම සඟවා තබාගන්නා මිනිසෙක් සේ නිහඬතාවය රකියි. මේ සියල්ල සිදුවන්නේ මිනිසුන්ටයි. ජීවිතය රස විඳින්න. ජීවිතය ඔබ හමුවන්නේ ඔබට උවමනා අයුරින් නොවේ. පසු තැවිලි නොවන්න. ධනය, බලය සහ අන් සියල්ලට වඩා හැකි පමනින් ජීවිතයට රසයක් එකතු කරන්න. ඒ ලැබෙන්නේ එක් වරක් පමනි.

        නොදන්නා උඹට මෙවන් තාල වර්ගයේ අදහසක් දුන්නේ පොරක් වෙන්න හිතාගෙන නෙමේ බවත් සලකන්න.

  8. අරූ,
    ගලන ගඟකි ජීවිතේ සින්දුවේ වචන අඩුයි කියලා හිතිලා නැද්ද? නන්දායි, නාරදයි ඒ අඩුව ආ, ආ කියා වහ ගන්නවා.

    • රසික කියන එකේ එහෙම ගතියකුත් තේරෙනවා. මම ඒ ආ ආ ආ කොටස ගඟ ගලනවා කියලා හිතාගෙන රස විඳිනවා. මානවසිංහයන්ට ඔය පද ටික පුරවගන්න බැරි පද රචකයෙක් නොවේ. අමරදේවයන් එතැන පුරවන්න බැරි සංගීතඥයෙකුත් නොවේ. මම මගේ විදිහට ගීතය රස ව්ඳිනවා. රසික ඕකට වචන පුරවන්න නිකං ඉන්න වෙලාවක. මම කින්ඩියට කියනවා නෙමේ. මොකද කිසි දෙයක් කියන්න බැහැ, කස්ටිය වචන අල්ලගෙන ගහගන්නවනේ. ට්‍රයි කරන්න. මේ ගීතය ආපහු අපි අහමු.
      පද රචනය – මානවසිංහ.
      සංගීතය – .අමරදේව

  9. මේ දවස් වල පාදඩයෙක් වෙලා එක තැනක නොරැඳුනත් ඉතිරි කොටස එන මග දිහාව බලාගන ඉන්නවා

    • අපි ඉස්සර පාදඩයෝ කිව්වේ. පයින් ඇවිත් දඩ දාන එවුන්ට 😀
      අපි ඉස්සර බිග් මැච් එකේදි පයින් ගිහිල්ලම තමයි තොප්පි පෙන්නලා දඩ දාන්නේ 😀
      ගුණේ මහත්තයා….අපි ඔන්න ඕහේ සිංදුවක් අහමු.

      ඉරි තැලුනු වලා
      ඉරි තැලුනු වලා
      උඩු වියන් යටින්
      මුදු තාර ඇතිරිල්ලේ
      යමු යමු යමු අපි
      ඇවිද යමු ප්‍රේමියේ
      සිව් දෙසින් හඹා එන
      මොටෝ රථ රඟ
      සෙනග රවටමිනේ

      වටපිටේ සීරුවට
      විදුලි ඇස් සිනාසේවී
      නොරැවටී යන්න යමු
      කහ ඉරෙන් එතර වීලා//

      ගායනය – අමරසිරි පීරිස්
      පද රචනය – සමන් අතාවුදහෙට්ටි
      තනුව – තිස්සසිරි පෙරේරා

      • සමන් අතාවුදගෙ පදපේලියට අමරසිරි තිස්සසිරි අතර සංයෝගය මරු. මම මේ ඒක සවන්දේමින්ම ප්‍රති පිළිතුර ලියමින් ගීය නිමවුනාට පස්සෙ කාන්තාහඬකිනුත් ඒ ගීය ඇහෙනවා
        ඔන්න ලින්ක් එක https://www.youtube.com/watch?v=0rrkxL96uN8

      • ගුණේ මහත්තයෝ….ඔතන ඒ ගීතය ගයන්නේ උපේඛා නිර්මාණි කියන නව පරපුරේ බොහොම දක්ෂ තරුනියක්. ජොලි සීයා නමින් ගී ගයන අයගේ දුව. හොඳ ටැලන්ටඩ් ලමයෙක්. මම මේ ලඟදී සිහිනයකි රෑ කියන වැඩ සටහනෙත් ඇයගේ දස්කම් රස වින්දා.

  10. ravi says:

    /අදත් කෙලවුනා. මට සේව් එකයි පබ්ලිස් එකයි පැටලෙනවා/

    ඕක වෙන්නෙ බං බොලාගෙ ඇඟිලි මහත වැඩියි. හරියට ආනමාලු ගෙඩි වගේ නෙව. ඉතිං වෙන්නෙ සේව් බටං එක ඔබනකොට එබෙන්නෙ ඊට එහායිං තියෙන පබිලිස් බටං එක.

    මම කියන්ටද ඕකට වැඩක්? මීට පස්සෙ බටං ඔබන්ට පැන්සලක් නැත්නම් බෝල්පොයින්ට් පෑනක් වගෙ මොකක් හරි පාවිච්චි කරහං… හාද?

    • පබිලිස් අයියා කියලා මරු පොරක් හිටියා ගල්කිස්සේ හන්දියේ . අපේ හිතවතා. අපේ හොර ස්පොට් එකේ මුදලාලි. ටොප් පොර රවියෝ. පොරට හෙන ලබ්බක් තිබුනා. අපි ආදරේට ලබ්බට අත තියනවා. පල කැරියෝ කියලා හිනාවෙවී බනිනවා. මට පබිලිස් බටන් එක එබෙන්නේ අපේ පබිලිස් අයියා මතක්වෙලාද මන්දා…

    • sudeeka says:

      මැච් එකක තර්ඩ් අමපයර් වෙන්න තිබ්බේ. අම්මපා එහෙනම් කනවා කෑමක් …. එහෙම වුණා අවස්ථාවක් තියෙනවා මගේ හිතේ. කලබලයට එහෙම වෙනවා. යු.පී.එස්. වල ඔන්/ඕෆ් වලට ස්විච් දෙකක් තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

      • /////මැච් එකක තර්ඩ් අමපයර් වෙන්න තිබ්බේ. අම්මපා එහෙනම් කනවා කෑමක් …. /////

        එහෙනම් තාම වලඳනවා….

  11. වයින් කෙසේ වෙතත් ඔර්මජිනල් ත්‍රයිලෝක පත්‍ර ටිකක් හම්බ උනා, වැඩ කරන තැන එකෙකුටත් ටිකක් දීල ගිය ඉරිදා මම පොඩ්ඩක් සුවය වින්දා, තව දවස් ගානකට බඩු තියෙනවා…
    ආපහු හෙට දිහාට ඉර හඳ තරු පොඩ්ඩක් බලල එන්න ඕනේ…

    • සියල්ල සෙමින් ලොකු පුතේ…

      උඹ දන්නවද මට එහෙම කිව්වේ කවුද කියලා. ඒ අපේ අම්මා. මම හැම නරක වැඩක්ම හයියෙන් කරා. මම පස්සේ ඒක ඊට වඩා වෙනස් විදිහකට කරා. අම්මා මගේ ජීවිතේ මහා වස්තුවක්. මම වස්තු තන්හාවෙන් ඉවත් මිනිහෙක්. හැබැයි මට මේ වස්තුව අතහරින්න බැහැ. ඒත් මමත්, අම්මාත් කතාකරගෙන තියෙනවා අපේ වෙන්වීම් තුල අපි හඬා නොසිට ඉමු කියලා. මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!

  12. maathalan says:

    අර දිය පහරේ ඉන්න එක මාළු දෙන්නෙක් තුන් දෙනෙක් අමතක වෙලා… “පොල් කාවයියා”, “ගල් ආඳා” වගේ උන්…

    • මචෝ…ඊට වඩා තව මරු මාලුවෝ ඉන්නවා….මඩකරියෝ. වැලිගොව්වෝ. චිත්‍රය ගොඩාක් ලොකුයි බං. මාතා, මම මේ කැමති සින්දුවක්.
      ලිව්වේ දර්ශන මේදිස්…ගායනය සහ මියුසික් කපුගේ මහත්තයා.


      ලිව්වේ දර්ශන මේදිස්…ගායනය සහ මියුසික් කපුගේ මහත්තයා.

  13. Anonymous says:

    අරූ ආයිමත් ලියන්න පටන් ගත්ත එකයි වටින්නේ. ඒ කියන්නේ තල්දුවේ නැත්නම් කැමර්ටන්වලදී හරි ගඟ ගලනවාමයි- තිලක

    • ඔව් තිලකේ….ගලාගෙන යනවා නම් එච්චරයි. කුණු කානුවක් වුනත් කොහෙට හරි ගලාගෙන යනවනම් එක තැන පල්නොවී.

  14. Jaliya says:

    අරූ …. රස්තියාදුවේ ගිය ඉලන්දාරියෙක් වගෙය .. තැන තැන දැක්කට , අපේ දිහා ඇවිත් ගියාට , තමන්ගේ අඩවියේ දකින්නටම නැත 🙂

    • තාමත් රස්තියාදුකාර කම අතහැරිලා නැහැ :
      කට්ටිය ඉන්න කොට මුකුත් කරන්න බැහැ ජාලිය. මම තාම බිසි. කම්පියුටර් එක ගාවට ආපු ගමන් ප්‍රශ්න වැලයි. කන්නේ නැද්ද…කඩේ යන්ද…අර ලියුම කෝ…හෙට වැඩට අඳින්නේ මොකක්ද….අර බිල…මේ බිල. ඉතින් ලියන්න හිතෙන ඒවා මේ ප්‍රශ්න වැලෙන් වැහෙනවා. මේ පින්ච්පොයින්ට් නේද…..

      • //////තැන තැන දැක්කට , අපේ දිහා ඇවිත් ගියාට , තමන්ගේ අඩවියේ දකින්නටම නැත🙂////////
        පිට කොටුවල ඉන්න කවුද ආස නැත්තේ බං 😀

    • Jaliya says:

      ඔව් මේ ජේපි ම වෙමි.

  15. Sa rasa says:

    ඔහෙට තල්දූවේ කනපති පිල්ලේ ඉස්ටෝස් එක මතකෙයි?

    • සරස ඒ පැත්තෙද….මට කනපතිපිල්ලේ එක මතකයි. ලොරිත් තිබුනද කොහෙද ඒ කාලේ. ඒ වගේම කඩයක් තමයි පහත්ගම තම්බි කඩේ. නැති දෙයක් නැත. තල්දූවේ මරක්කළ වෙදමහත්තයා, දෙමළ කඩ, සිංහල අවුරුදු උත්සව, බර්ගර් ප්‍රජාව මට යාන්තමින් මතකයි. අලි රේස්, තිරික්කල රේස්…….

  16. ටිකක් වැදිලා කියලා තේරෙනවා අරූ ලියැවිල්ලෙන් ම ……………. මේ දවස් වල අපිත් පට්ට සීතලේ කල් ගෙවනවා……. අරූ කිව්වා වගේ ම අපිත් ඒකට පට්ට ආසයි……

    • සීතල කාලෙට ඒකට ආසයි. රස්නෙ කාලෙට රස්නෙට ආසයි. වෙන මොනවා කරන්නද කුරුට්ටෝ… ගේ ඉස්සරහ පොඩි පොන්ඩ් එකක් තියෙනවා. උදේට උඩම වතුර තට්ටුව අයිස් පතුරක් වගේ. මට මාළුවෝ ගැන දුක හිතෙනවා 😀

  17. කසුන් says:

    හපොයි අදත් කෙලවෙලානේන්නං. අර රවී කියන වැඩේවත් කරල බලමු.

  18. Pra Jay says:

    ඒ දවස්වල තල්දූව නිතරම ගංවතුර නේද?

    • අපොයි ඔව්…ගඟ එහා පැත්තේ නිසා ගංවතුරෙන් අඩුවක් නැහැ. හරිම සුන්දර පලාතක්. පොඩි කාලේ මම ඔය අස්සවල්, මුල්ලවල් ගානේ ඇවිදිනවා.

  19. Manoj says:

    ඔය ජිවිතේ ගලාගෙන යන හින්දා තමයි අර “ගලන ගඟකි ජිවිතේ” කියලා සින්දුව සින්දුවක් එහෙමත් තියෙන්නේ.”ගලා යන ජීවිතය”කියලා බ්ලොග් එකකුත් තිබ්බා මතකයි.

    • මනෝජ් කියපු නිසා මම “ගලායන ජීවිතය” කියලා සර්ච් කරපුවාම “සහස්පත් විල” කියලා බ්ලොග් එකක් ඇරුනා. මේ බලපන්කෝ මනෝ…මට වඩා කොච්චර හොඳින් ගඟයි, ජීවිතයයි ලියලා තියෙන ලස්සන.

      http://sahaspathwila.blogspot.co.uk/2015/10/blog-post.html

  20. ඔන්න ඔහොම ආතල් තැනකට වෙලා අතීතාවර්ජ්නය කරමින් ඉන්න එක කොච්චර ආතල් ජනක වැඩක් ද … මට සමහර වෙලාවට ඉක්මනට නාකි වෙන්න හිතෙනවා මේ කෙහෙල්මල් වැඩ ටික ඉවර වෙන්න.. හෙහ් හෙහ්..

    • පුදුම නිදහසක් පැතුම්. මම කොහොමත් නගරයෙන් පිටව ජීවත්වෙන්න කැමති කෙනෙක්. ඒ මගේ තරුන ජීවිතයම නගරයේම කරක් ගහපු කෙනෙක් නිසා වෙන්න ඇති. ඉක්මනට නාකිවෙලා වැඩක් නැහැ. :Dඉක්මනට වගකීම් ඉෂ්ඨකරලා, ඒ නිදහස ලබාගත්ත නම් හරි . ඒකනේ බං මම විසිපහ වෙනකොට කසාදයක් කරගත්තේ. දැන් ඒකේ ප්‍රතිපල විඳිනවා.

  21. හා, හා ඉන්ටවල් ඉවරයි. ඊළඟ, ඊළඟ 🙂

    • ඉන්ටවල් ඉවරවුනාට, නළුවෝ තාම බාර් එකේ. තිරේ අරින එකා බයිට් හදනවා : D කමින් සූන් බෝඩ් එක දාගෙන ඩිරැක්ටර් වීදුරු හෝදනවා 😀

  22. Anonymous says:

    කෝ..ඔයි ඉතුරුටික
    මට හිතෙන හැටි

  23. sudeeka says:

    මේකේ මාතෘකාවම ඇති. ඉතිරි ටික අපිට පුරවා ගන්න පුළුවන්. මේ කථාවට මමත් එකඟයි. මම එක වෙලාවක අපේ සංස්කෘතියත් ගංගාවකට සමාන කරලා පත්තරේකට ලිව්වා. එඩිටර් ඒ කෑල්ල කැපුවා. එහෙම ලියන්න මම ආසා නෑ. බ්ලොග් එකක තියෙන නිදහස පත්තරවල නෑ මහත්තයෝ කියන්නේ ඔන්න ඕකයි.

    • එඩිටර් නම්වූ සර්වබලධාරියාගෙන් බේරෙන්න ලේසි නැහැ නේද. ලිපි කොහොම කපනවා ඇතිද,,කමෙන්ට් එකක් දැම්මත් කපලා හදනවා සමහර ඔන්ලයින් පත්තර. ජීවිතය කියන්නේ ගඟක්ම තමයි සුදීක.

  24. යාන්තං පහුගිය දවස් වල සුද්දගේ කන්ට්‍රි සයිඩ් එකේ ගත්තු ආතල් අමතක කරල, පිච්චෙන අව්වට හිත හදාගෙන වැඩක් කරන්න හැදුව විතරයි!

    ඒත් කොහෙද, ආපහු එතනටම එනව 😦

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s